ලෝකෙම කතාවෙන ලෝක ශුර ස්පාඤ්ඤ පෘතුගාල තරගයේ සුපිරි රොනල්ඩෝ ගත්ත ගෝල ත්‍රිත්වය මෙන්න….
https://www.youtube.com/watch?v=PEk7CGP6V2M
https://www.youtube.com/watch?v=Yn-_KoAL8b8

ලෝකෙම කතාවෙන ලෝක ශුර ස්පාඤ්ඤ පෘතුගාල තරගයේ සුපිරි රොනල්ඩෝ ගත්ත ගෝල ත්‍රිත්වය මෙන්න….
https://www.youtube.com/watch?v=PEk7CGP6V2M
https://www.youtube.com/watch?v=Yn-_KoAL8b8

https://www.facebook.com/supirigossip1/videos/1494402337262034/
පසුගියදා ආන්දෝලනයට ලක්වූ චරිතයක් තමයි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කියන්නේ. ඔහුගේ උපන්දින සාද ඇඳුම් සම්බන්ධයෙන් පළවන කතාබහ අතරේ සායට රෙදි මදිවුණාදැයි කතා අසාගත් ජනප්‍රිය නිළි ශලනි තාරකා ඒ ගැන අදහසක් සතිඅන්ත පුවත්පතකට පළකර තිබෙනවා.
”කට්ටියටම පොදුවේ කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි එකිනෙකා දකින විදිහ වෙනස් කැමැත්තක් වෙනස් කෙනෙක්ට ලස්සන දේ තව කෙනෙක්ට අවලස්සන වෙන්න පුළුවන්. අපි හිතන පතන විදිහ වෙනස්. ජීවත්වන පරිසරය වෙනස්.
ඉතින් මගේ පෞද්ගලික ජීවිතයේ මට කැමති අයුරින් අඳින්න කොටට හෝ දිගට අඳින්න මට අයිතියක් තියෙනවා ඔබට වගේම. ඒ මගේ කැමැත්ත. තිරයේ දී ඒ ඒ චරිතවලට අනුව ඇඳුම් ඇන්දත් සාමාන්‍ය ජීවිතයේ තමන්ට අවශ්‍ය ආකාරයෙන් ඇඳුම් අඳින ඕනෑම අයෙකුට නිදහසක් තියෙනවා.
මගේ රංගනය සහ නිර්මාණ ඇති තරම් විවේචනය කරන්න එයයි විය යුත්තේ. පෞද්ගලික ජීවිතය නෙමේ.
ඇඟ වැහෙන්න ඕන තැන් ටික වහගෙන ඇඳුම කොටවෙලා ඒකට උඩින් නෙට් රෙද්දක් දාලා ඒක ඇතුළෙන් කකුල් දෙක පේනවා දැක්කම නළියන කට්ටියට ඊළඟ දවසේ බුර්කාවක් ඇඳලා පින්තූරයක් දාන්නම්. කරුණාකරලා දූපත් මානසිකත්වයෙන් මිදෙන්න. මේ ඇඳලා ඉන්නේ බිකිනියක් නෙමේ. අනිත් එක theme එක ගැන කතා කරපු අයට දැන ගැනීම පිණිස ඒක Royal and Hollywood. මේක දැම්මේ දැනුවත් කිරීමට මිසක් වාද කිරීමට නොවේ. ඒ නිසා තමන්ගේ කාලය කමින් මේ කමෙන්ටුව යටින් වාද විවාද කරගෙන යන්න වැඩ නැති චූටි නංගිලාට දැන් ඉතින් අවසර. මට නම් ඒවට සහභාගි වීමට කාලය නැති බව දන්වමි.”
ඡායාරූප කිහිපයක් පහතින්….




ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින්
වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන ලබන සැප්තැම්බර් මස මැද භාගයේ දී සහභාගී වීමට නියමිතයි.
ඇය නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව පුහුණුව ලබමින් සිටිනවා. මේ වනවිට ඇය මියුසික් වීඩියෝ කිහිපයකට දායකවී තිබෙනවා.
අනාගතයේ වෛද්‍ය පරිපාලන ක්ෂෙත්‍රයට සම්බන්ධවීමට අදහස් කරමින් සිටින ඇය ඇය බ්‍රයන් කර්කොවන් නමැති විලාසිතා සැලසුම් ශිල්පියා යටතේ පුහුුණුව ලබමින් StarNow Modeling නමැති ඒජන්සිය හරහා මෙම තරගයට ඇය අයදුම් කර තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 97 කට මෙම තරගයට සහභාගී වීමට වරම් ලබාඇති බවයි වාර්තා වන්නේ. තමන්ට ලැබුණු මෙම අවස්ථාව රටට ගෞරවයක් අත්කරදීමට අවස්ථාවක් බවද ඇය පවසනවා.



මැච් එක ලයිව් බලන්න ලින්කුව මෙන්න…..

ජනපති නියෝගයෙන් සද්ධන්තයින් දෙදෙනාට සිංහරාජය නැවතත් හිමිවෙයි
ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ.
යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදුකරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පරිසර අමත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක සහ වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ යන මහත්වරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අද (14) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දී එම නිලධාරින් සමඟ පැවති හමුවකදීය.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ, මෙරට අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එම සතුන් ඔවුන්ට අයත් භූමිය තුළම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසයි.
ලෝක ප‍්‍රජාවගේ අවධානයට යොමුව ඇති ඉතා සුවිශේෂී ජෛව වැදගත්කමකින් යුතු සිංහරාජ වනාන්තරයේ වටිනාකම් ආරක්ෂා කර ගැනීමේ වගකීම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.
මෙම අලි දෙදෙනාගෙන් ප‍්‍රදේශවාසීන්ට සිදුවන බාධා වළක්වා ගැනීම වෙනුවෙන් ඒ ආශි‍්‍රතව අලි වැට ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන ලෙෂ ද ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

ජූලි මස 15 වැනිදා තරගාවලියේ අවසන් මහා තරගය සහ සමාප්ති උළෙල මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර ඉකුත්දා එළිදැක්වු මෙවර පාපන්දු තරගාවලියේ තේමා ගීතය වන live it up ගීතය සජීවිව ඉදිරිපත් කිරීමට ඊට දායකත්වය දුන් ගායක ගායිකාවෝ සූදානම්වී සිටින අතර සුප්‍රකට අමෙරිකානු රංගන ශිල්පි විල් ස්මිත්, ඇල්බීනියානු සුරූපි ගායිකා එරා ඉස්ට්‍රෙෆී, අමෙරිකානු ගායක නිකී ජෑම් සහ අමෙරිකානු ඩී.ජේ. ඩිප්ලෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල ගීතය සජීවිව ඉදිරිපත් කිරීමට නියමිතයි.
නිල ගීතයේ වීඩියෝ පටයට පෙනී සිටි බ්‍රසීලයේ හිටපු විශිෂ්ට ක්‍රීඩක රොනල්ඩීනෝ ද මේ අවස්ථාවට එක්වීමට නියමිතයි.
ලිව් ඉට් අප් ගීතය වසර 2010 දකුණු අප්‍රිකාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කළ සුපිරි ගායිකා ශකීරා ගැයූ ‘වකා වකා‘ ගීතයට වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී තිබෙනවා.
නිල සුරතලාගේ රංගනයක්
සමාරම්භක උළෙලේදී මෙවර තරගාවලියට නිර්මාණය කළ නිල සුරතලාගේ අපූරු රංගනයක් ද එක්වී තිබෙනවා. රුසියාවට ආවේනික වෘක විශේෂයක් වන සබිවකා පවුලේ වෘකයකු තරගාවලියේ නිල සුරතලා වශයෙන් තෝරාගත්තේ පසුගිය වසරේ නොවැම්බරයේදීයි. නිල්, සුදු හා දුඹුරු වර්ණය සංකලනය වූ ඇඳුමකින් සැරසී සිටින නිල සුරතලාගේ ලාංඡනය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ 21 හැවිරිදි රුසියානු තරුණියක වන එකටෙරිනා බොචරෝවාටයි. ඒ සඳහා පැවැති නිර්මාණ තරගයෙන් ජයගත්තේ මේ තරුණිය නිර්මාණය කළ සබිවකා වෘකයාගේ රුවයි. එය තෝරාගැනීම සඳහා අන්තර්ජාලය මගින් ඡන්ද විමසීමක් ද සිදුකර තිබුණා.

යතුරුපැදියෙන් පැමිණ එය ගාල්ල ධර්මපාල උද්‍යානය ඉදිරිපිට නතරකොට තම පෙම්වතිය සමග එම උද්‍යානයේ පෙම්සුව විඳිමින් සිටියදී පෙම්වතාගේ යතුරුපැදිය සොරකම් කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසනවා.
පෙම්වතා මොරටුව ජර්මන් ටෙක් ආයතනයේ පාඨමාලාවක් හදාරමින් සිටින සිසුවෙක්. ඔහු තමාට අයත් යතුරුපැදියෙන් ගාල්ල ධර්මපාල උද්‍යානයේ පළමු ගේට්‌ටුව අසල යතුරුපැදිය නතරකොට එහි හැඬලය ලොග්කොට තම පෙම්වතිය සමග ධර්මපාල උද්‍යානයට ගොස් තිබෙනවා. ධර්මපාල උද්‍යානයේ සිට දහවල් 12.40 ට පමණ ගෙදර යැම සඳහා පැමිණ බලන විට යතුරුපැදිය එහි තිබී නැත.
මෙම යතුරුපැදිය කිසිවකු විසින් සොරකම් කරගෙන ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වනවා. මෙම යතුරුපැදිය 2016 වර්ෂයේදී මිලදීගෙන ඇති බවත් එහි වටිනාකම රුපියල් දෙලක්‍ෂ හැටපන්දහසක් පමණ වන බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වනවා. ගාල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වනවා.

මවුපියන් සමඟ අමනාප වී නාවලපිටියේ සිට කොළඹට පැමිණි රූමත් නිවුන් දැරියන් දෙදෙනා දූෂණය කොට වසරක් පුරා සොයා ගැනීමට නොහැකිව සිටි ප්‍රධාන සැකකරුට ඉමෝ තාක්ෂණයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් ලෙස ආදරය කළ පොලිස් කාන්තාවන් දෙදෙනකු ඔහු පේරාදෙණිය ප්‍රදේශයට ගෙන්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනකු ලෙස පෙනී සිටි පොලිස් කාන්තාවන් වූ නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ.පො. පරීක්ෂිකා ශ්‍යාමලී, කාන්තා පොලිස් කොස්තාපල් සමන්මලී (3660) යන දෙදෙනා ඉමෝ තාක්ෂණය ඔස්සේ මෙම සැකකරුට ආලය පෙන්නා මෙසේ උපායශීලීව පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල ගලහ මංසන්ධියට ගෙන්වා ගෙන තිබෙනවා.
අදාළ උපායට අනුව ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය පළමුව ඔහුට ආදරය කරන තරුණිය සේ පෙනී සිට ඇති අතර ඇගේ විශ්වවිද්‍යාල යෙහෙළිය ලෙස පෙනී සිටි සමන්මලීද සිය යෙහෙළියට හොරා මොහුට ආදරය කරන බවත් දක්වා තිබෙනවා.
කාන්තාවන්ට ලොල්ව මෙම සැකකරු එක ගමනින් ගොදුරු දෙකක් ගැනීමේ අරමුණින් මහනුවරට පැමිණ තිබෙනවා.
නාවලපිටිය වෙරළුගස්හින්න ප්‍රදේශයේ පදිංචිකාරියන් වූ 15 හැවිරිදි වියේ පසු වූ නිවුන් දැරියන් දෙදෙනා නිවෙසේ අය සමඟ අමනාප වී කිසිවකුට නොදන්වා හොර රහසේ කොළඹට පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා පිටකොටුව බස් නැවතුම්පොළේ සිටියදී මෙම සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ මෙම දැරියන් දෙදෙනාට රැකියාවන් දෙන බව පවසා ලියගම ප්‍රදේශයට රැගෙන ගොස් බෝඩිම් කාමරයක තබාගෙන දූෂණයට ලක් කර ඇත.
මේ අතර දැරියන් දෙදෙනා අතුරුදන් බවට නාවලපිටිය පොලිසියට ලැබුණු පැමිණිලි මත පසුව ඔවුන් කොළඹ ප්‍රදේශයේ සිටියදී සොයා ගෙන උසාවි මාර්ගයෙන් පරිවාස ගත කරන ලදී.
මෙම සැකකරු පිළිබඳව දැරියන් නිසි තොරතුරක් නොදන්නා බව හෙළිවීම මත ලැබී තබූ සාමාන්‍ය තොරතුරු අනුව ඔහු සොයා පරීක්ෂණ සිදුකර තිබෙනවා.
ඒ අතර ඉමෝ ඇමැතුම්වල ඔහු සිටින බව දැන මෙසේ ඔහු සමඟ මෙම පොලිස් කාන්තාවන් ආදර වදන් තෙපළා තිබෙනවා.
සැකකරු ලියගම ඇඟලුම් කම්හලක සේවය කරන්නකු බව හෙළි වී ඇත. ඔහු ඊයේ (13දා) දින නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණා.

දේශීය පලතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පලතුරු සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්න බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ තලවිල ග‍්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ අද (13) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.
තලවිල ජනතාව හමුවීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර එම ජනතාව විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත වූ අතර දීර්ඝ කාලයක් පුරා තමන් මුහුණදෙන ගැටලු කිහිපයක් පිළිබඳව එහිදී ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.
ජල හිඟය, විදුලිය පිළිබඳ ගැටලු, ප‍්‍රවේශ මාර්ග පහසුකම්, කෘෂි ආම්පන්න හිඟය සහ තම නිෂ්පාදන අලෙවි කර ගැනීමේදී මතුව තිබෙන ගැටලු ඒ අතර ප‍්‍රමුඛ විය.
මෙහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ප‍්‍රදේශයේ විදුලිබල ගැටලුවලට ස්ථීර විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් කි‍්‍රයාවට නංවන බවයි.
අදාළ සියලු ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලමින් ඒවා කි‍්‍රයාත්මක කිරීමට විදුලිබල අමාත්‍යාංශයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්යාලයේ නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සතියත් තුළ ප‍්‍රදේශය වෙත එවීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
එමෙන්ම තම පලතුරු නිෂ්පාදන සඳහා නිසි මිලක් නොලැබිමේ ගැටලුව පිළිබඳව ද ප‍්‍රදේශයේ පලතුරු ගොවින් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර පලතුරු ආනයනය හේතුවෙන් තම කර්මාන්තයට එල්ලවී ඇති අභියෝගයට විසඳුමක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියහ.
එහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පලතුරු හා කෘෂිකර්ම නිෂ්පාදන ආනයනය පිළිබඳ නිසි පියවරයන් ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව දේශීය පලතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පලතුරු සඳහා බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ප‍්‍රදේශයේ ලූනු ගොවීන් ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කළේ ඉදිරියේදී තම අස්වනු නෙළීම සිදුවන බැවින් ලූනු ආනයනය නිසා මතුව ඇති ගැටලුවලට ද විසඳුමක් ලබාදෙන ලෙසයි. ඒ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.
ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ තලවිල ප‍්‍රදේශයේ ග‍්‍රාමශක්ති ජනතා සමිති සඳහා නිකුත් කරන ප්රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම සංකේවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද තලවිල සූර්ය බල ව්‍යාපෘතිය ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ මොහොට්ටුවාරම නිෂ්පාදන ගම්මානය වෙතයි. මොහොට්ටුවාරම සිංහල මහා විද්‍යාලයේ දී එම ගොවි ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය.
එම ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
එම ගොවි ජනතාව විසින් ද ජනාධිපතිතුමා මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් මොහොට්ටුවාරම ග්රාමශක්ති ජනතා සමිති සඳහා නිකුත් කරන ප්රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම ද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.
කල්පිටිය සහ මොහොට්ටුවාරම අතර ගමන් කරන මොහොට්ටුවාරම සිංහල විද්‍යාලයේ දරුවන්ගේ ප‍්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් බෝට්ටුවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත උපදෙස් දුන්නේය.
පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාගයක් ද සිදු කෙරිණි.
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් අමාත්‍ය සුමල් තිසේරා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර හඳුනානොගත් නිදන්ගත වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන යටතේ පුලිච්චාකුලම ප‍්‍රදේශයේ ඉදිකරන ලද ප‍්‍රති ආශ‍්‍රැත ජල පිරිපහදු යන්ත‍්‍රාගාරය ද අද ජනතා අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතිනි.
මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2.2 කි. අමාත්‍ය රවුෆ් හකීම්, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
අද තලවිල ප‍්‍රදේශයට ගිය ජනාධිපතිතුමා තලවිල ශාන්තා ආනා දේවස්ථානයේ පැවති ආගමික වතාවත් සඳහා ද එක්විය.
මෙම දේවස්ථානයට වසර 250ක් පිරීම නිමිත්තෙන් පළ කරන ලද සමරු ග‍්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
දෙව්සිත වැරන්ස් මෙන්ඩිස් රදගුරුතුමා ප‍්‍රමුඛ හලාවත පදවියේ රදගුරු හිමිපාණන් ඇතුළු පියතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපතිතුමා අද කල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ද නිරික්ෂණ චාරිකාවක නිරත විය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹන්නැයි වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය ශ‍්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.
එම ලිපිය පහතින්.
සභාපති,
ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව,
276, ඇල්විටිගල මාවත,
කොළඹ 08.
2018. 06. 13
මහත්මයාණෙනි,
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹනු !
පසුගිය කාලය පුරාම උතුරු නැගෙනහිර ඇතුලූ රට පුරා ඉතා සංවිධානාත්මකව හා තීව‍්‍ර ලෙස ක‍්‍රියාත්මක වන ලියාපදිංච් නොකල නීතිවිරෝධී කේබල් රූපවාහිනී සේවාවන් පිළිබඳව වෙබ් අඩවි කිහිපයක් විසින් හෙලිදරවු කොට ඇත. එම අනාවරණයන් තුළින් ව්‍යාපාරිකයන්, දේශපාලඥයින් ඇතුලූ කිහිප දෙනෙකු නීති විරෝධි කේබල් සේවාවන් වලට සම්බන්ධ බවත් මෙම වෙබ් අඩවි විසින් අනාවරණය කරනු ලැබීය. ඒ අනුව මේ වන විට අපට ලැබී ඇති තොරතුරු මගින් තහවුරු වන්නේ ජාතික ආරක්ෂාවටත් ජාතීන් අතර සහජීවනයට හා ආගමික සංහිදියාවට මෙම නීති විරෝධි කේබල් සේවාවන් හරහා දැඩි බලපෑම් ඇතිවන බවයි.
මෙවැනි බලපෑම් ඇති වීමට ප‍්‍රධාන හේතුව වන්නේ මෙවැනි නීති විරෝධී නාලිකා විසින් විකාශනය කරන ලබන වැඩසටහන්වල අන්තර්ගතය නියාමනය කිරීමට මාර්ගයක් ඔබගේ කොමිෂන් සභාවට නොහැකි වීම නිසා එම රූපවාහිනී නාලිකා ඔවුනට අවශ්‍ය වැඩසටහන් රිසි සේ විකාශය කිරීමයි.
එසේ තිබියදී වෙබ් අඩවි තහනම් කිරීමට කඩිනම් තීරණ ගන්නා ආණ්ඩුව විසින් මෙම නීති විරෝධී කේබල් සේවාවන් තහනම් කිරීමට නොගැනීම පිළිබඳව බරපතල සැකයක් රට තුළ හටගෙන තිබේ. ඒ අනුව දැනට ලංකාව පුරා ලියාපදිංචි නොකළ අනවසර කේබල් රූපවාහිනි සේවාවන් පවත්වාගෙන යන ආයතන, ඒවායේ ලිපිනයන්, හා දුරකථන අංක ඇතුලත් ලේඛණයක් මේ සමගම ඔබ වෙත ලබා දීමට ද අපි කටයුතු කරමු.
මෙවැනි වතාවරණයක් යටතේ වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය වගකිව යුතු පාර්ශව විසින් ඉල්ලා සිටින්නේ වහාම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධී කේබල් රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි.
ස්තූතියි!
මෙයට,
චතුරංග ද අල්විස්
සභාපති
වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන් පසුගිය 12 වෙනිදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වුනා.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් අනතුරුව සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාර නැමැත්තා මෙයට සම්බන්ධ බව අනාවරණය කරගෙන තිබු අතර තවත් කරුණු විමර්ශණය කරගෙන යාමේදී මෙම සිදුවීම පිටුපස දේශපාලණ හස්තයක්ද ක්‍රියාත්මක වී ඇති බවට අපට තොරතුරු වාර්තා විය..
පසුගිය කාල සමයේ ගෝඨාභය රාජපක්ෂගේ කතරගම මාළිගය පිළිබද කොබවක ධම්මින්ද නාහිමියන් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරවුවත් සමගින් මහත් සේ කිපුණු ජනපති සිහිනය දකිනා මෝරන් සමග කිට්ටු සම්බන්ධතාවයක් පවත්වන රාජපක්ෂවරයෙක් සමග ඒක්ව පසුගිය සිදුවීමක වෛරයක් පිරිමසා ගැනීමට කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාර නැමැත්තා මෙය සිදුකර ඇති බව සදහන්…
ඒ් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (13) පස්වරුවේ සැකකාර කපුවාගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ෂොට්ගන් වර්ගයේ පතුරම් තුවක්කු වලට යොදාගන්නා ජීව පතුරම් 10 ක්, කිනිසි දෙකක් සහ කඩු දෙකක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් සැකකරු තවම අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු මේවන විට ගම් ප්‍රදේශයෙන් පැනගොස් සිටින බවයි සදහන් වන්නේ.
වෙඩි ප්‍රහාරයට ලක් වූ ස්වාමීන් වහන්සේ මේ වනවිට කොළඹ පුද්ගලික රොහලක ප්‍රතිකාර ලබනවා.

මේ දිනවල කතාබහට ලක්ව ඇති චරිතයක් වන සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චිය හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්නප‍්‍රිය බන්දු හට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ නියෝගයකට අනුව යුද හමුදාව සේවා විසින් දිගුවක් ලබාදී තිබෙනවා.
ඒ, තවත් වසරක කාලයක් සඳහායි.
ඔහු ලබන මාසයේදී විශ‍්‍රාම යාමටයි නියමිතව සිටියේ. යුද හමුදා විශේෂ බලකායේ සිටි කර්නල් රත්නප‍්‍රිය බන්දු විනය හේතුවක් මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට මාරුකර තිබුණා.
ඔහු සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චියේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ 2012 වසරේ සිටයි.
ඔහු එම ධුරයට සමුදී අඹේපුස්ස කඳවුර වෙත ස්ථාන මාරුවීම් ලැබ පිටව යන අවස්ථාවේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් දැක්වූ ගෞරවය ඉකුත් දින කිහිපයේදී දැඩි කතාබහක් මතු කළා.
එහිදී කර්නල් රත්නප‍්‍රිය බන්දු කළ සේවාවට ප‍්‍රදේශයේ ජනතාව ඔහුට ආචාරය පුද කළේ කඳුළු පිරි දෙනෙතින් යුතුවයි. ඔහු මේ වනවිට අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කරනවා.
(ඒ පිළිබඳ සැකසූ කෙටි වීඩියෝවක් පහතින් දැක්වෙයි)


කල්පිටිය ආශ‍්‍රිත දූපත් 13 ක සංවර්ධන කටයුතුවලට අදාළ සැලැස්ම කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙයි.
මෙහිදී ජනාධිපතිතුමා පළාත් ප්රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සහ අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්. බී. නාවින්න මහතා වෙත වැඩිදුරටත් උපදෙස් දුන්නේ අදාළ ප‍්‍රදේශවල ජනතාවගේ සංවර්ධන ගැටලු පිළිබඳ නිසි අවධානය යොමු කරමින් ප‍්‍රමුඛතාවයන් හඳුනාගනිමින් එම සැලැස්ම ඉදිරිපත් කරන ලෙසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ (13) පෙරවරුවේ පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ පැවති ග‍්‍රාමශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටුවට එක්වෙමිනි.
ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවති මෙම මෙහෙයුම් කමිටුවේදී ග‍්‍රාමශක්ති ව්‍යාපාරය වයඹ පළාත තුළ කි‍්‍රයාත්මක වන අන්දම සහ එහි ප‍්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට ලක් විය.
ප‍්‍රදේශයේ ගොවි ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීම හේතුවෙන් ගොවීන් මුහුණදී සිටින ගැටලුකාරි තත්ත්වය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරුණු අතර ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ ගොවි ජනතාවට බාධාවකින් තොරව සිය වගා කටයුතු කරගෙන යාමට හැකිවන අන්දමින් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.
ප‍්‍රදේශයේ කිරි නිෂ්පාදනය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර ප‍්‍රදේශයේ කිරි ගොවින්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙමින් කිරි නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කිරීම උදෙසා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම ප‍්‍රදේශයේ පළතුරු ගොවින් මුහුණදී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. පළතුරු මිල පහළ යන අවස්ථාවලදී එම ගොවින්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම වෙනුවෙන් කාගිල්ස් ආයතනය සහ වෙනත් පුද්ගලික සමාගම් සමග සාකච්ඡා කර එම නිෂ්පාදන මිලදී ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම පිළිබඳව ද අවධානය යොමු විය.
එමෙන්ම පළතුරු විජලනය කර කල් තබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ශීතාගාර පහසුකම් සඳහා දැනට තිබෙන බදු සඳහා සහන ලබාදීමට මුදල් අමාත්‍යාංශය සහ රේගුව සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ඉස්සන් සහ ලුනු කර්මාන්තය ආශ‍්‍රිතව මතුවී තිබෙන ගැටලු පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණු අතර එම කර්මාන්ත සිදුකරන ඉඩම්වල බදු අයිතිය ගොවි ජනතාව වෙත ලබාදෙන ලෙස කළ ඉල්ලිම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. ඒ අනුව ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ පළාත් ප්රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒ පිළිබඳ විශේෂ කමිටුවක් පත් කර අදාළ වාර්තාව කඩිනමන් තමා වෙත ලබාදෙන ලෙසයි.
පළාතේ පොල් ඉඩම් කට්ටි කිරිම තහනම් කිරීමට රජය පසුගියදා ගත් තීරණය කි‍්‍රයාත්මක වන අන්දම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසීය.
ග‍්‍රාමශක්ති වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුදෙනා දේශපාලන භේදයකින් තොරව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා සියලුදෙනා වෙත පෙන්වා දුන්නේය.
වයඹ සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරු මෙම කමිටු රැස්වීම සඳහා එක්ව සිටීම විශේෂත්වයක් වූ අතර පොදුජන පෙරමුණු නියෝජනය කරන නියෝජිතයින් පිරිසක් ද ඒ අතර වූහ.
එහිදී ඔවුන් කියා සිටියේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කි‍්‍රයාත්මක වන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථක කර ගැනීම වෙනුවෙන් තම උපරිම සහයෝගය ලබාදෙන බවයි.
මේ අතර පුත්තලම සහ කුරුණෑගල දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට ග‍්‍රාමශක්ති ජනතා සමිති සඳහා ලබාදෙන ප‍්‍රතිපාදනවල පළමු වාරිකය ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
ඒ අනුව කුරුණෑගල දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් මිලියන 45 ක මුදලක් සහ පුත්තලම දිස්ති‍්‍රක්කය වෙනුවෙන් රුපියල් මිලියන 24 ක මුදලක් ලබාදීම සිදුවිය.
මේ අතර සි/ස කොන්කඩවල වට්ටක්කා සහ සෙසු බෝග වගාකරන ග‍්‍රාමශක්ති ජනතා සමිතිය සහ සි/ස කාගිල්ස් සමාගම අතර එම නිෂ්පාදන මිලදී ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද ජනාධිපතිතුමා ඉදිරියේ අත්සන් තැබිණි.
අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, එස්. බී. නාවින්න, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතු`ථ පළාතේ මැති ඇමතිවරු රැසක් සහ රාජ්‍ය නිලධාරින් මේ සඳහා එක්ව සිටියහ.