Author: Editor[A]

  • පෝය දවසේ කොලොන්නාවේ ප්‍රදේශ ගණනාවකට කුණු වතුර.. අවධානයට…

    පෝය දවසේ කොලොන්නාවේ ප්‍රදේශ ගණනාවකට කුණු වතුර.. අවධානයට…

    ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් පෝය දිනයේ කොලොන්නාවේ ප්‍රදේශ ගණනාවකට මඩ පැහැති ජලය ලබාදී ඇති බවට අද උදෑසන සිටම අපට පැමිණිලි ලැබී ඇත.. අද උදෑසන 6 සිට ජල කරාම තුලින් පැමිණි ජලයේ වර්ණය පිලිබදව විමසිලීමත් වූ ප්‍රදේශවාසින් මේ පිලිබදව ජලසම්පාදන මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

     

  • නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි….

    නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි….

    නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (31) යෙදී තිබෙනවා.

    ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙසටයි නවම් පොහොය සැලකෙන්නේ.

    බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේලා වෙනුවෙන් ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කළේ අදවන් පොහොය දිනකයි.

    සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුර පිරිනැමුවේ ද අදවන් නවම් පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

    බුදුරජාණන් වහන්සේ භික්ෂු සමූහයා එක්රැස් කොට පළමු වරට සංඝ සම්මේලනයක් පැවැත්වීම ද අදට යෙදෙන පොහොය දිනයේ සිදුවූ තවත් වැදගත් සිද්ධියක්.

    බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියේ ද අදවන් පොහොය දිනකයි.

  • වෙළද ගැටවලට රැවටෙන්න එපා.. අලුතින් හමුවූ ශ්‍රී පාදයේ ශිව පාදය පට්ටපල් බොරුවක්..

    වෙළද ගැටවලට රැවටෙන්න එපා.. අලුතින් හමුවූ ශ්‍රී පාදයේ ශිව පාදය පට්ටපල් බොරුවක්..

    ශ්‍රී පාද රක්ෂිතයේ ඇති තවත් අප්‍රකට පා සටහනක් පිළිබඳ පුවතක් මේ වසර ආරම්භයත් සමඟම මාධ්‍ය මගින් දසත පැතිර යන්නට විය. ශ්‍රී පාද රක්ෂිතය නොදුරේ ඇති කලු ගල් තලාවක එබී ගිය මිනිස් පා සටහන් දෙකක සලකුණු බොහෝ දෙනෙ‍කුගේ අවධානයට ලක් වූ අතර එය දැක ගැනීම පිණිස දස දහස් ගණන් එහි ඇදී එන්නට වූහ.

    සිරිපා සලකුණ වශයෙන් සැලකෙනුයේ එක් පා සටහනක් වුව මෙහි මිනිස් පා සටහන් දෙකක්ම එක සමීපයේ දක්නට ලැබීම විශේෂත්වයකි. එමෙන්ම මෙය ප්‍රමාණයෙන් අඩි එකහමාර බැගින් වුවද සාමාන්‍ය මිනිසෙකුගේ පා සටහනකට සමානය. මෙය කලු ගලක එරීයාම නිසා මෙය කිසියම් ගුප්ත අද්භූත බවක් ඇතැයි යන්න බොහෝ දෙනාගේ විශ්වාසය විය. එහෙත් මේ පා සටහන් පිළිබඳ සැඟවුණු ඇත්ත කතාවක් තිබේ. රසවත් බවින් ද අනූන එයට මුල පිරෙන්නේ මෙලෙසිනි.මෙම පා සටහන පිහිටා ඇත්තේ මස්කෙළිය – සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ග්ලැනුජි මංසන්දියෙන් හැරී ගාඩ්මෝර් මාර්ගයේ යනවිට හමුවන ගාඩ්මෝර් කඩමණ්ඩියෙන් කිලෝමීටර් 06 ඔබ්බෙහි පිහිටි තේ වතු යායක් මැද්දෙහිය. ෆෝක්මෝර් වතුයායේ නව ෆෝක්මෝර් කොටසට අයත්‍ මෙය ශ්‍රී පාද රක්ෂිතය මායිමේම පිහිටි ගල්පොත්තක් මත පිහිටා තිබේ. මෙම ගල්පොත්ත බෑවුම් ස්වබාවයකින් යුතුය.

    ග්ලැනුජි මංසන්ධියේ සිට ගාඩ්මෝර් දක්වා සාමාන්‍ය වාහනයකින් යා හැකි වුවද එතැන් සිට ෆෝක්මෝර් දක්වා ඇති කිලෝමීටර් 06 වාහනයකින් යාම තරමක් දුෂ්කරය.මෙම අද්භූත පා සටහනේ කථාව ඇරඹෙනුයේ එහි වතු සේවකයෙකු වන පරමනාදන් හෙවක් කාමරාජ් ජනවාරි 01 වෙනිදා මධ්‍යම රාත්‍රියේ දකින සිහිනයකිනි. ඔහු පවසන පරිදි එම මධ්‍යම රාත්‍රියේ දී සුදු තලප්පාවක් බැදගත් සැරයටියක් අතැති තාපසයෙකු වැනි පුද්ගලයෙකු පැමිණ අසවල් ස්ථානයේ ‘රාම දෙවිදුන්ගේ’ පා සටහනක් ඇති බවත් එයට නිසි පුද පූජා වත්පිළිවෙත් පවත්වා ආරක්ෂා කරන ලෙසත් පවසා තිබේ. ඉන්පසුව එම තාපසයා සැනෙකින් අතුරුදන් වූ බව පරමනාදන් කියයි. ඉන්පසු තම සිරුරම දහඩියෙන් තෙත්වී නින්දෙන් පිබිදුණු බවත් ඉන්පසු පසදා පහන්වනතුරුම තමන්ට නින්ද නොගිය බවත් පරමනාදන් කියා සිටී.

    ඉන්පසුව පසුදා අලුයමින් තමන් එම ප්‍රදේශයේ කෝවිලක පූසාරි කෙනෙකු හමුවී එම පුවත සැලකොට ඔහුද සමගින් එම ස්ථානය පරික්ෂා කිරීමේ දී මෙම පා සටහන් දැකගත හැකි වූ බවත් ඉන් පසු එමගින් ලැබුණු ප්‍රසිද්ධිය මත බොහෝ දෙනෙකු පැමිණ එය රාම දෙවිදුන්ගේ පා සටහනක් වශයෙන් සලකා වැඳුම් පිදුම් කරන්නට පටන් ගත් බවත් පරමනාදන් පවසයි.

    කෙසේ හෝ මෙම පා සටහනේ කිසියම් පුරාවිද්‍යාත්මක අගයක් තිබේ දැයි විමසා බැලීම පිණිස මධ්‍යම පළාතේ පුරාවිද්‍යා නිලධාරීන් එහි ගොස් ඇති අතර ඒ වන විටත් ‍එම සලකුණු සුවඳපැනින් නාවා  මල් සුවඳ දුම් ආදිය ඊට පුදා ඇති බව නිරීක්ෂණය විය. එහෙත් ඒ පිළිබඳව වැඩිදුරටත් විමසීමේ දී ඔවුනට වැටහී ගියේ එය එම ගලෙහි ඇති ස්වභාවික පිහිටීමක් පසුව කෘත්‍රිමව පාදයක් සේ සකස් කොට එහි ඇඟිලි සලකුණු පවා කෘත්‍රිමය නිර්මාණය කොට ඇති බවකි.එමෙන්ම අක්කරයක් පමණ වන මෙම පර්වතය ‘කුඩු ගල්’ පාෂාණයක් වන අතර නියනකින් හෝ උල්කටුවකින් එම පාෂාණයෙහි යම් යම් වෙනස්කම් කළ හැකි බව අඹගමුව ප්‍රාදේශීය ලේකම් ආර්.පී.ජී. සුමනසේකර මහතා කළ නිරීක්ෂණයකින් තහවුරු විය. ඒ අනුව මෙය කිනම් හෝ අරමුණක් මුල්කොට පසුගිය කාලයේ කෘත්‍රිමව සකස් කරන ලද පා සලකුණු දෙකක් බව පුරාවිද්‍යා නිලධාරීන්ගේ නිගමනය වී ඇත. මෙහි දකුණු පා සටහන ලෙසින් දැක්වෙන පිහිටීමෙහි ඇඟිලි වශයෙන් සැලකිය යුතු කොටස ඉතා පැහැදිළි ලෙස කෘත්‍රිමව නිර්මානය කොට තිබූ අතර වම් පාදය ලෙසින් සැලකෙන කොටසද පාදයක් බව ඒත්තු යාම සඳහා අවශ්‍ය හැඩතලය කෘත්‍රිමව සකස්කොට තිබුණි.
    මේ සම්බන්ධයෙන් එම පාසලකුණු පිහිටි මෝකා වසමේ ග්‍රාම නිලධාරිනී ආර්.එම්.සිසිකුමාරි මහත්මිය පවසන්නේ මෙම සියළු මතයන් සම්පිණ්ඩනය කළ විට මෙහි කිසිදු පුරාවිද්‍යාත්මක වටිනාකමක් හෝ අද්භූත ස්වභාවයක් නැති බව මනාව තහවුරු වී ඇති බවය.

    එමෙන්ම බුදුන්ගේ සිරිපා සලකුණට පහලින් ශ්‍රී පාද රක්ෂිතයට යාබදව රාම දෙවිදුන්ගේ ද පා සටහනක් ඇතැයි යන පුවත රට පුරා ප්‍රචාරය වීමත් සමඟ ගාඩ්මෝර් කඩමණ්ඩියේ වෙළඳ ව්‍යාපාර වලට වැඩිපුර වාසි සැලසෙන්නට වූ අතර එම කඩමණ්ඩියේ සිට ෆෝක්මෝර් වතුයාය දක්වා වූ කිලෝ මීටර් 06 ක දුර සඳහා ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 1000/- දක්වා වැඩිකොට ඇති අතර මල් සුවඳ දුම් ආදී පූජා භාණ්ඩ සහිත තාවකාලික වෙළඳසැල් කිහිපයක් ද ඒ අවට ඉදිව ඇත. එහෙත් මෙහි සත්‍යතාව තහවුරුවීමෙන් පසුවද තවමත් මෙය රාම දෙවිදුන්ගේ පාද සටහනක් සේ සලකා එයට වැඳුම් පිඳුම් කරන්නවුන් දක්නට ලැබීම අප රටේ ජනතාවගේ අන්ධ මානසිකත්වය මැනවින් හුවාදක්වන්නකි.



    ගාමිණී බණ්ඩාර ඉලංගන් තිලක

    YOU MAY ALSO LIKE

  • හිටපු එජාප සංවිධායක ශ්‍රීලනිප සංවිධායක වෙයි

    හිටපු එජාප සංවිධායක ශ්‍රීලනිප සංවිධායක වෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වශයෙන් නීතිඥ සම්පත් සුජීව රුවන්පුර පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (30) පෙරවරුවේ ලබාගත්තා.

    2015 වසරේදී රත්ගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කළ සම්පත් සුජීව රුවන්පුර, 2000 වසරේ සිට මේ දක්වා රත්ගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ නීති ලේකම්වරයා ලෙස කටයුතු කරනවා. 

    ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් සනත් හේමචන්ද්‍ර විතානාච්චි පත්කර තිඛෙන අතර, ඔහුද  අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.

     

  • ජනපතිට ජයක්.. අගමැති අවසානයේ එකඟවෙයි; මැතිවරණයට පෙර බැඳුම්කර විවාදය තීන්දුයි

    ජනපතිට ජයක්.. අගමැති අවසානයේ එකඟවෙයි; මැතිවරණයට පෙර බැඳුම්කර විවාදය තීන්දුයි

    බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 6 දින පෙ.ව.10ට පැවත්වීමට තීරණය කර තිබේ.

    පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයා විශේෂ පක්ෂ නායක රැස්වීමක් 30 කැඳවා තිබුණි.

    ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තුව කැඳවීම හා බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා විවාදය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයකින් තොරව පක්ෂනායක රැස්වීම අවසන් වුණි.

    ඒ සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකුද සම්බන්ධ වී සිටි අතර එහිදී මැතිවරණයට ආසන්න දිනයක් වන පෙබරවාරි 08 දින පාර්ලිමේන්තු විවාදයක් පැවැත්මේ ප්‍රායෝගිකත්වය හා නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කර තිබේ.

    ඒ අනුව බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පෙබරවාරි මස 8 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය ඊට පෙර එනම් 5 හෝ 6 දින කැඳවීමට හැකිද යන්න පක්ෂ නායකයින් විසින් කථානායකවරයාගෙන් විමසා තිබුණි.

    ඒ අවස්ථාවේදී ඒ මහතා කියා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කථානායකවරයා හා අගමැතිවරයා සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළබඳව අවසන් තීරණයක් දැනුම් දෙන බවයි.

    ඒ අනුව බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 6 දින පෙ.ව.10ට පැවත්වීමට තීරණය කර තිබේ.

  • මෙගොඩ කොලොන්නාවේ අපේක්ෂක එජාප මන්ත්‍රී හර්බට්ගේ මුළු පවුලම ශ්‍රීලනිපයට…..

    මෙගොඩ කොලොන්නාවේ අපේක්ෂක එජාප මන්ත්‍රී හර්බට්ගේ මුළු පවුලම ශ්‍රීලනිපයට…..

    මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වදින හර්බට් හෙට්ටිආරච්චිගේ සොහොයුරා ඇතුළු පවුලේ සාමාජිකයන් විශාල පිරිසක් පසුගිය දිනෙක මෙගොඩ කොලොන්නාවේ පැවතී එජනිස ජන හමුවේදී ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී ඔහුට සහය පළකරමින් ශ්‍රීලනිපයට එක්විය…

    දිනෙන් දින මරික්කාර් නිසා වලපල්ලට යන එජාපය මෙවර කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේදී පෙර නොවූ විරු අන්ත පරාජයක් ලබන බව මේ වන විට සියලුම පාක්ෂිකයන් වටහාගෙන ඇති අතර ඔවුන්ගෙන් බහුතරය මේ වනවිටත් ශ්‍රීලනිපය සමගින් එක්වෙමින් සිටින බව එම ප්‍රදේශවල සංචාරය කල අපට දැනගන්නට ලැබිණි…

  • පිටරැටියන්ට මවුබිම සින්නක්කරව විකුනපු මහින්දට ජනපති මෛත්‍රිගෙන් දරුණු ප්‍රහාරයක්…

    පිටරැටියන්ට මවුබිම සින්නක්කරව විකුනපු මහින්දට ජනපති මෛත්‍රිගෙන් දරුණු ප්‍රහාරයක්…

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එල්ල කළ චෝදනාවක් සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මැතිවරණ ප‍්‍රචාරක රැළියකදී ප‍්‍රතිචාර දැක්වුවා.

    ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ ප‍්‍රදේශයේ සංවිධාන කළ ජනහමුවකදීයි.

    එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ “මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ පෙරේදා රැස්වීමකදී කිව්වා..’මේ ජනාධිපතිට බෑනේ මේ රටේ කුණු ගොඩවල් ටිකවත් ඉවත් කරගන්න..’ ජනාධිපති ඉන්නේ කුණු ගොඩවල් අයින් කරන්න නෙමෙයි අපේ හාමුදුරුවනේ..හැබැයි මට කලින් හිටපු ලොකු මහත්තයා.. කුණු ගොඩවල්වලටත් අත තියපු බව මම දන්නවා..අපිට කියනවා රට විකුණනවාලු..ඔබෙත් මගෙත් මාතෘ භූමියේ රජකම් කළ කිසි රජෙක් ජනාධිපතිකම් කළ කිසි ජනාධිපතිවරයෙක් මේ රටේ බිම් අඟලක් ලෝකයේ තවත් රටකට විකුණලා නෑ.. රාජපක්ෂ මහත්තයා තමයි සින්නක්කර දුන්නේ කියන එක මම විවෘතව කියනවා.” යනුවෙනි.

  • ගල්කිස්සේ පොහොට්ටු පුප්පන්න ආපු පාතාල කල්ලි නායකයා අත්අඩංගුවට….

    ගල්කිස්සේ පොහොට්ටු පුප්පන්න ආපු පාතාල කල්ලි නායකයා අත්අඩංගුවට….

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියකදී එහි සිටි පාතාල කල්ලියක සාමාජිකයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. 

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නවීර කල්ලිය නමින් හඳුන්වන පාතාල කල්ලියේ සාමාජිකයෙකු බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

    ගල්කිස්ස ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන රැළියකදී මෙම පාතාල සාමාජිකයා සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව පරීක්ෂා කිරීමේදී සැක කටයුතු හැඳුන්ම්පතක්ද තිබී සොයා ගැනුණා.  

  • “සුපර් බ්ලූ බ්ලඩ් මූන් ” හෙට චන්ද්‍රගහණය හරිම වෙලාවේ පියවි ඇසින් බලාගන්නේ මෙහෙමයි .!

    “සුපර් බ්ලූ බ්ලඩ් මූන් ” හෙට චන්ද්‍රගහණය හරිම වෙලාවේ පියවි ඇසින් බලාගන්නේ මෙහෙමයි .!

    නවම්පුර පසළොස්වක පොහොය යෙදෙන්නේ හෙට (31) දිනටයි. හෙට දිනයේ සිදුවන විරල චන්ද්‍රග්‍රහණයක් පිළිබද වාර්තා වෙනවා. පුර පසළොස්වක පොහොය දින චන්ද්‍රග්‍රහණයක් සිදුවීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ. එම නිසා පොහොය දින සිදුවන මෙම විරල චන්ද්‍රග්‍රහණයක් සමඟ පායන සඳ, සුවිශේෂිතා කිහිපයක් හේතුවෙන් සුපර් බ්ලූ බ්ලඩ් මූන් ලෙස නම්කර ඇතැයි ආතර්. සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

    පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් ගන්නා චන්ද්‍රයා ඇතැම් කාලවලදී පෘථිවියට ආසන්නව ගමන් කරන අතර ඇතැම් කාලවලදී පෘථිවියට තරමක් දුරින් ගමන් කරයි. හෙට (31දා) දිනයේදී චන්ද්‍රයා පෘථිවියට ඉතා ආසන්නව ගමන් කරන අතර පෘථිවියත් චන්ද්‍රයාත් අතර දුර අඩුම අවස්ථාව නිසා දිස්වන සඳ සුපර් මූන් ලෙස හැඳින්වේ.

    එසේම හෙටට යෙදෙන නවම් පුර පසළොස්වක පොහොය එකම මසක දෙවැනි පසළොස්වක පොහොය වේ. එකම මසක දෙවැනි පසළොස්වක දින දිස්වන චන්ද්‍රයා නිල් සඳ ලෙස හැඳින්වේ. මේ චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයාගේ අඳුරු වන කොටස (සෙවණැල්ල) පෘථිවියට වැටෙද්දී රතු පැහැයක් ගන්නා අතර එය “රුහිරු සඳ” ලෙස හඳුන්වයි. මේ සුවිශේෂීතා හේතුවෙන් එම සඳ සුපර් බ්ලූ බ්ලඩ් මූන් ලෙස හඳුන්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

    ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ හෙට (31දා) චන්ද්‍රයාගෙන් නිකුත් වන ආලෝකය වෙනත් පසළොස්වක දිනවලට සාපේක්ෂව 14%කින් පමණ දීප්තියෙන් වැඩි බවයි.හෙටට (31දා) යෙදෙන විරල චන්ද්‍රග්‍රහණය මෙරට නැඟෙනහිර ක්ෂිතිජයට ආසන්නව දැකගත හැකි බවත් ප.ව. 6.21 සිට රාත්‍රි 7.37 දක්වා පියවි ඇසින් දැකගත හැකි මේ චන්ද්‍රග්‍රහණයේ උච්චතම අවස්ථාව ප.ව. 6.59ට දිස්වන බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසනවා.

  • ලෙස්ලි අයියා වෙනුවෙන් මගේ සහයත් ශ්‍රීලනිපයට..  එජාපයේ රත්නමාලි සෝලංග හමුවී කියයි…

    ලෙස්ලි අයියා වෙනුවෙන් මගේ සහයත් ශ්‍රීලනිපයට.. එජාපයේ රත්නමාලි සෝලංග හමුවී කියයි…

    කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන්  මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන් රැසක්ම මේ වනවිට කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී සහය පළකිරීම මේ වනවිට සමාජයේ කතාබහට ලක්ව ඇත.. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂිකා රත්නමාලි නුපෙආරච්චි සොයුරියද පසුගිය දිනෙක එජනිස ජන රැළියක් අතරතුර ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී තම සහය ලබාදී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත. 

    එජනිස ජන හමුවක් අවසාන සෝලංග හමුවී ඇය පවසා ඇත්තේ

    ලෙස්ලි අයියා කරපු දේ හරි.(ලෙස්ලි යනු අසීරු කාලසමයක පක්ෂය රැකගනිමින් එජාපයේ සිටි හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා වන අතර මරික්කාර්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් ඔහු පසුගිය දිනෙක ශ්‍රීලනිපයට එක්විය). මාත් හදවතින් ඉන්නේ ලෙස්ලි අයියා එක්ක.. ලෙස්ලි කියන්නේ අවුරුදු ගණනාවක් අපේ පැත්තේ අලියා රජකරවපු මනුස්සයා.. ඒ මනුස්සයා ආවට ගියාට පක්ෂය දාලා යන්නේ නෑ කියලා අපි දන්නවා.. අපි එජාපයේ උනාට මේ පාර ඡන්දෙදි සහය දෙන්නේ ලෙස්ලි අයියා සහය දෙන බුලත් කොලේට.. මුලදී මරික්කාර් හොදට හිටියට දැන් එයා කරන දේවල් වලින් කොලොන්නාව විනාශ වෙනවා.. 

    එම අවස්ථාවේ ඡයාරු කිහිපයක් අපට ලැබී ඇත…

  • මරික්කාර් එපා කියමින් එජාප අපේක්ෂිකා ඉනෝකා සෝලංග හමුවී ශ්‍රීලනිපයට සහය පළකරයි…

    මරික්කාර් එපා කියමින් එජාප අපේක්ෂිකා ඉනෝකා සෝලංග හමුවී ශ්‍රීලනිපයට සහය පළකරයි…

    මෙවර පළාත් පාලන මැතිවරණය මේ වන විට පුවත් මවන මැතිවරණයක් බවට පත්වී ඇත.. කොලොන්නාව ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව තුල නියත ජයග්‍රහණයක් ලබාගන්නා බවට මේ වනවිට තහවුරු වී ඇත..

    හිබුටාන කොට්ටාශය නියෝජනය කරමින් එජාපයෙන් තරගවදින අපේක්ෂිකාව වන ඉනෝකා ගමගේ මරික්කාර් හැර දමා ශ්‍රීලනිපයට එක්වීමට වල්පොල ශ්‍රීලනිප කාර්යාලයට පැමිණි අතර ඇය සෝලංග වෙත පවසා ඇත්තේ

    සෝලංග මල්ලි මම මේකට කැමැත්තෙන් ආවේ නෑ.. මරික්කාර් අපේ ගෙදරටම ඇවිත් මට ඉල්ලන්න කිවුවා.. බැරිම තැන මම එකග වුනා.. මට එයා කිවුවේ ඔක්කොම පෝස්ටර් ගහලා දෙන්නම් අක්කා ගෙයින් ගෙට විතරක් යන්න කියලා.. එත් මාව දැම්මේ මගේ කොට්ටාශෙන් නෙමෙයි.. මල්ලි කියනවානම් මම හෙට උනත් ඔයාලා එක්ක එකතුවෙන්න ලෑස්තියි යනුවෙනි..

    මෙහිදී ආධුනික කැමරාකරුවෙක් විසින් ලබාගත් ඡයාරූ කිහිපයක් අප වෙත ලැබී ඇත…

  • රටට වඩා ඉන්දියාව ලොකුකරගත් මාලිංග අයි.පි.එල් තරගාවලියෙන් දොට්ට..

    රටට වඩා ඉන්දියාව ලොකුකරගත් මාලිංග අයි.පි.එල් තරගාවලියෙන් දොට්ට..

    ක්‍රිකට් ක්‍රීඩාව වාණිජකරණය වීමත් සමග මූල්‍ය ලාභ මත පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි අතිශය ජනප්‍රියත්වයට පත්වූවා. ක්‍රිකට් ක්‍රීඩාවක් ආගමක් ලෙස සැලකෙන ඉන්දියාවේ ඇරඹෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ලොව වැඩියෙන්ම මුදල් හුවමාරු වන ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙනවා.

    ක්‍රීඩකයන්ට වැඩිම මුදලක් ගෙවනා තරගාවලිය මෙන්ම කණ්ඩායම් හිමිකරුවන් විශාලතම ලාභයක් හිමි කර ගන්නා තරගාවලිය වන්නේද ඉන්දියානු ප්‍රිමීයර් ලීග් තරගාවලියයි. එම නිසාම බොහො විදෙස් ක්‍රීඩකයන් සිය මවුබිමට ක්‍රීඩා කරන තරග අතපසු කරමින් ඉන්දියානු ප්‍රිමීයර් ලීගයට ක්‍රීඩා කරන අයුරු පවා පසුගිය කාලයේ දැකගත හැකිවුනා. මේ අතර 2018 වසරට අදාල ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රීඩක වෙන්දේසීය පසුගිය දින දෙකෙහි (27, 28) පැවැත්වුනා.

    මෙවර තරගාවලි වෙන්දේසියේ අතිශය කැපි පෙනෙන සිදුවීමක් වූයේ ඉන්දීය ප්‍රිමීයර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම , ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලිය ආරම්භයේ පටන් අඛණ්ඩව එකම කණ්ඩායමක් නියෝජනය කළ එකම විදෙස් ක්‍රීඩකයාද වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා ලසිත් මාලිංග කිසිදු කණ්ඩායමක් විසින් ලබා නොගැනීමයි. ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භයේ පටන්ම ක්‍රීඩා කළ , ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ප්‍රධානම වෙළද සන්නාමයක් වූ ලසිත් මාලිංග මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇත.

    ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා පමණක් නොව සාර්ථකම ක්‍රීඩකයා ලෙසද විචාරකයන් විසින් හදුන්වන්නේ ලසිත් මාලිංගයි. මෙලෙසින් ලසිත් මාලිංග අලෙවි නොවෙද්දි අයි.පී.එල් වෙන්දේසියකදී අලෙවි වූ පළමු නේපාල ක්‍රීඩකයා ලෙස දකුණත් පාදඟ පන්දු යවන සන්දීප් ලැමිච්චේන්ගේ නම සටහන් වන අතර රෂිඩ් කාන්, මුජිබ් සද්රාන් හා මොහොමඩ් නාබි යන ඇෆ්ගන්ස්තාන් ක්‍රීඩකයෝ තිදෙනෙක්ම අලෙවි වීමද විශේෂත්වයකි.

    ලසිත් මාලිංගගේ අයි.පී.එල් වියෝව පිළිබදව සමාජජාලා වෙබ් අඩවි වලද කතාබහට ලක්වූ අතර එහිදි ඇතැමෙක් ප්‍රකාශ කර තිබුනේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෞරවනීය සමුගැනීමක් ලැබෙන්නේ මවුබිම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේදී පමණක් බවය.

  • අඩුම තරමේ මට ක්‍රිකට් උපදේශකයෙක් වෙන්නවත් අවස්තාවක් ලබාදෙන්න – ලසිත් මාලිංග

    අඩුම තරමේ මට ක්‍රිකට් උපදේශකයෙක් වෙන්නවත් අවස්තාවක් ලබාදෙන්න – ලසිත් මාලිංග

    ක්‍රීඩකයෙකු ලෙස නොහැකි නම් පුහුණුකරුවෙක් ලෙස හෝ උපදේශකයෙකු ලෙස ලෝක කුසලානයට එක්වීමට තමා සූදානම් බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.තමාගේ දැනුම අනෙකුත් ක්‍රීඩකයන් සමග බෙදා ගැනීමට තමා මහත් කැමැත්තෙන් පසුවන බවද මාලිංග මෙහිදී සඳහන් කරයි.

    අයි පී එල් තරඟ ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභායා මෙන්ම වටිනාම ක්‍රීඩකයා ලෙසද වරෙක හැඳින්වූ මාලිංගව 2018 අයි.පී.එල්. වෙන්දේසියේදී කිසිදු කන්ඩායමක් විසින් මිලට ගැනීමට ඉිදිරිපත් නොවිණි.එසේම පසුගිය සමයේ ශ්‍රීලංකාව ක්‍රීඩා කළ එක්දින හා විස්සයි 20 තරඟ ගණනාවටම මාලිංග ඇතුළත් නොවිණි.

    “.ක්‍රීඩකයෙක් ලෙස මගේ සේවය දිගු කාලීනව අවශ්‍ය නොවේ නම් යන්න කාලය ඇවිල්ලා. මම දන්නවා මගේ ජීවිතයේ තවත් ක්‍රිකට් තියෙනවා. මම උපදේශකයෙක් ලෙස ලෝක කුසලානයට එක්වීමට ලෑස්තියි.

    කවුරුහරි මට කතාකරලා කිව්වොත් ‘බලන්න ලෝක කුසලානය තරගාවලියට අපිට ඔබගේ අපගේ පුහුණුකරු කණ්ඩායමට අවශ්‍යයි’ කියලා මම ඒක බාරගන්න කැමතියි. ඒ වෙන මොකක් නිසාවත් නෙමෙයි මට මගේ දැනුම අනෙක් අය සමග පුළුවන් වෙලාවක බෙදාගන්න කැමතියි.

    මට පිටියට ගිහින් යෝකර් පන්දුවක් දාන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්. මට ක්‍රීඩකයෙක් ලෙස බැරිනම් මේ විදියට හරි ලෝක කුසලානයට යන්න කැමතියි. ඔව් මට සිම්බාබ්වේ කණ්ඩායමට හා ඉන්දීය කණ්ඩායමට එරෙහිව නරක තරගාවලියක් තිබුණා තමයි. එයින් කියනවද මගේ කාර්යය දැන් අවසන් කියලා.

    ගොඩක් මිනිස්සු කියනවා මම මුදල්වලට ක්‍රීඩා කරනවා කියලා. ඔව් මම කරනවා. මේක මගේ රැකියාව. නමුත් මම මේ වසර කිහිපයේදී මම මහන්සියෙන් කරන වැඩ ඒ අය කතා කරන්නේ නෑ. මම පැය ගණන් යොකර් පන්දු යවන්න පුහුණු වෙනවා. කවුරුත් මම මගේ රට වෙනුවෙන් දිනවපු තරග ගැන කතා කරන්නේ නෑ. නමුත් මම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග දැක්වූ දක්ෂතා ගැන කතා කරනවා. මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම තමයි මගේ ජීවිතයේ සිදුවූ ශ්‍රේෂ්ඨතම දෙය.”

    මට මං ගැනම කණගාටුයි.මට එක්දින කඩුලු 301 තිබෙනවා ටෙස්ට් කඩුලු 101 තිබෙනවා විස්සයි 20 කඩුලු 90 තිබෙනවා.මම ඒවා ලබාගත්තේ මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරලයි.සිම්බාබ්වේ තරඟාවලිය හා ඉන්දියානු තරඟාවලිය අසාර්ථක වුණා කියලා මං පිලිගන්නවා නමුත් එයින් කියවෙන්නේ මගේ සේවය අවසන් කියලද?

    මට අවස්ථාවක් නොදී මගේ දක්ෂතා ගැන කියන්නේ කොහොමද?2017 සැප්තැමබර් මාසයෙන් පසු මං එක්දින තරඟයක් ක්‍රීඩා කරලා නෑමම තේරීම් කමිටු කිහිපයක් යටතේ ක්‍රීඩා කරලා තියෙනවා.නමුත් ප්‍රශ්ණය තමයි ඔවුන් කිසිවෙකුට දිගු කාලින සැළසුමක් තිබුණේ නැහැ.2014 ලෝක කුසලානය බැලුවොත් අපට හොඳ පළපුරුදු කණ්ඩායමක් හිටියා.නවක ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කළාට කිසිම ප්‍රහ්ණයක් නැමැ.නමුත් එය දිගු කාලින සැළසුමකට අනුව විය යුතුයි.ඇයි මට විස්සයි 20 තරඟයක අවස්තාවක් දෙන්න බැරි.මම අසාර්ථක වුනොත් ඔවුන්ට පැහැදිලි වේවි මම අසාර්ථකයි කියලා නමුත් අවස්ථාවක් නොදී එය ඔප්පු කරන්නේ කොහොමද?

  • ජනාධිපතිතුමාව ආරක්ෂා කරන්න අවශ්‍ය උනොත් ‘ශ්‍රීලනිප’ ය ඇමතිධූර අත්හරින බව කියයි

    ජනාධිපතිතුමාව ආරක්ෂා කරන්න අවශ්‍ය උනොත් ‘ශ්‍රීලනිප’ ය ඇමතිධූර අත්හරින බව කියයි

    ආණ්ඩුවක් පිහිටුවීමක් පිළිබඳ ජනාධිපතිවරයා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා.

    රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ සන්ධානයේ සියලුදෙනා එක්වන්නේ නම් ඇමති ධුර අත්හැරීමට ආණ්ඩුවට සම්බන්ධ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස සූදානම් බවයි.

    ඔහු මෙම අදහස් පළ කළේ මාතර පැවති ජන හමුවකට එක්වෙමින්. 

    “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ මන්ත්‍රිවරු සියලු දෙනා එකතු වෙලා එකට කියනවා නම්…එකට වාඩි වෙනවා නම්..අපිට හෙට උදේ ආණ්ඩුවක් හදන්න පුළුවන්. එහෙම තත්ත්වය ඇති වුණොත් අපි හෙට මේ ඇමතිධූරවලින් අයින් වෙලා ඇමති මණ්ඩලය සංශෝධනය කරන්න කියනවා ජනාධිපතිතුමාට අවශ්‍ය විදිහට. දැන් ඒගොල්ලෝ ලෑස්ති වෙන්න ඕනේ ඒ ආණ්ඩුව හදනවා නම් ඒකට එකතු වෙන්න. අපි මේ ආණ්ඩුවේ ඉන්නේ ජනාධිපතිතුමා ආරක්ෂා කරන්නයි.” යනුවෙන් එහිදී සඳහන් කෙරුණා.

  • වසර 151න් පසුව උදාවන හදේ වෙනසක් බලන්න විරල අවස්ථාවක් 31 වනදාට..!

    වසර 151න් පසුව උදාවන හදේ වෙනසක් බලන්න විරල අවස්ථාවක් 31 වනදාට..!

    වසර 151 කට පසු සුපිරි නීල චන්ද්‍රයා සහ පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් දැක ගැනීමේ විරල අවස්ථාවක් ලෝක වාසීන්ට හිමි වී තිබෙනවා.

    ඒ මෙම මස 31 වනදාට බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අංශයේ හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න පවසනවා.

    අවසන් වරට මෙවැනි සුපිරි නීල සඳක් සහ පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් ලෝක වාසීන්ට දැක ගැනීමට හැකි වුයේ වසර 1866 දී බවයි කොළඹ විශ්ව විද්‍යාලය පවසන්නේ.

    සුපිරි නීල චන්ද්‍රයා මෙම මස 31 වනදාට යෙදී ඇති පොහොය දිනයේ රාත්‍රී කාලයේ දී ඉතාමත් දීප්තිමත් ලෙස නිරක්ෂණය කළ හැකි බවත් ඔහු කියා සිටියා.

    මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැන ගැනීමට පහත නිවේදනය කියවන්න.

  • කුප්‍රකට විමල්ට එරෙහි වංචා නඩුවක් ගැන අධිකරණයෙන් නීතිපතිට සිහි කැඳවීමක්

    කුප්‍රකට විමල්ට එරෙහි වංචා නඩුවක් ගැන අධිකරණයෙන් නීතිපතිට සිහි කැඳවීමක්

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් නීතිමය උපදෙස් කඩිනමින් අධිකරණයට දන්වා එවන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නීතිපතිවරයාට අද (29) සිහි කැඳවීමක් කළා.

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කරමින් රුපියල් මිලියන 91ක් සාපරාධී සාවද්‍ය පරිහරණය සිදු කළ  බවටයි විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට එරෙහිව  මෙම නඩුව පවරා ඇත්තේ.

    අදාළ චෝදනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් කර ඇතැයිද ඒවායේ උදෘත නීතිපතිවරයා වෙත යවා ඇතැයිද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැවසුවා.

    කෙසේ වෙතත් ගත යුතු ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපති උපදෙස් තවමත් ලැබී නොමැති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.