Author: Editor[A]

  • යහපාලනය තහවුරු කරමින් ජනපති නියෝගයෙන් ඌවේ මහ ඇමතිට පරීක්ෂණයක්…

    යහපාලනය තහවුරු කරමින් ජනපති නියෝගයෙන් ඌවේ මහ ඇමතිට පරීක්ෂණයක්…

    ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසානායක විසින් විදුහල්පතිනියක දණගැස්සවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

    එම අපක්ෂපාතී පරීක්ෂණ වාර්තාවේ සඳහන් කෙරෙන ඕනෑම නීතිමය ක‍්‍රියාමාර්ගයක් කඩිනමින් ගන්නා ලෙසයි ජනාධිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

    එමෙන්ම අදාළ පරීක්ෂණ අපක්ෂපාතීව සිදු කිරීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු පළාත් ආණ්ඩුකාරවරයා යටතට පත්කර ගන්නා ලෙසද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබෙනවා.

  • වික්‍ටර්ට නැවතත් පිය වරම් – හෂිනි රත්නායක ගැබ් ගනියි ?

    වික්‍ටර්ට නැවතත් පිය වරම් – හෂිනි රත්නායක ගැබ් ගනියි ?

    වික්ටර් රත්නායක ප්‍රවීණ ගායන ශිල්පියා පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වූයේ වික්ටර් රත්නායකගේ දෙවන විවාහය නිසයි. වික්ටර් රත්නායක තමන්ට වඩා වයසින් ඉතා ලබාල හෂිනි අමේන්ද්‍රාගේ අත ගැනීම සමාජයේ පුවත් මවන සිදුවීමක් බවට පත්වුණා.

    කෙසේ වෙතත් නැවතත් වික්ටර් – හෂිනි යුවළ පිළිබදව කතාබහක් ඇති වූයේ , තංගල්ල ප්‍රදේශයේ රජයේ බැංකුවක සිදුවූ ස්වර්ණාභරණ හොරකමක් සම්බන්ධයෙන් හෂිනි රත්නායක පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගයි. සිදුවීම සම්බන්ධයෙන් හෂිනි රත්නායක අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර , ඇය තවමත් පසු වන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.

    මේ අතර හෂිනි – වික්ටර් යුවළ පිළිබදව තවත් අපූරු කතා පුවතක් පැතිර යනවා. එනම් වික්ටර් රත්නායකට නැවතත් පිය වරම් ලබා දෙමින් හෂිනි රත්නායක ගැබ් ගෙන තිබෙන බවටයි. මින්පෙර හෂිනි රත්නායක පවසා තිබුණේ තමන් සහ සිය සැමියාට දරුවෙකු පිළිබද බලාපොරොත්තු තිබෙන බවයි.

    මෙම නිසාම හෂිනි රත්නායක ගැබ් ගෙන තිබෙන බවට පැතිරෙන කතා පුවත සත්‍ය විය හැකි බවට සමාජජාලා වලද අදහස් පළව තිබුණා, හෂිනි රත්නායක අධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යන අවස්තාවේ ඡායාරූප වලින් මේ බව පැහැදිලි වන බවත් සමාජජාලා වල අදහස් පළව තිබුණා. 

    කෙසේ වෙතත් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය තවමත් තහවුරුව නැහැ. හෂිනි රත්නායක බන්ධනාගාරයට රැගෙන යන අවස්තාවේ ඡායාරූප පහතින් ,




  • ඉල්ලුම්කරුවන් 3000 දැනටමත් ඔන්ලයින් මගින් ද්විත්ව පුරවැසිබව ඉල්ලලා….

    ඉල්ලුම්කරුවන් 3000 දැනටමත් ඔන්ලයින් මගින් ද්විත්ව පුරවැසිබව ඉල්ලලා….

    ද්විත්ව පුරවැසි භාවය ලබාගැනීම සඳහා මේ වසරේ අයදුම්පත් 3000 ක් පමණ ලැබි ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

    ඔවුන්ට ද්විත්ව පුරවැසි භාවය ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි පාලන අංශය කියා සිටියේ.

    මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි නියෝජ්‍ය පාලක ඒ.එල්.වී.අයි ලියනරත්න කියා සිටියේ ද්විත්ව පුරවැසි භාවය ලබාදීමේ කටයුතු කලක් අත්හිටුවා තිබුණ ද එය 2015 වසරෙන් පසු අඛණ්ඩව සිදු කරන බවයි.

    වයස අවුරුදු 16 සිට 60 දක්වා වූ පුද්ගලයන් ගුවන් බලපත්‍ර ලබාගැනීමේ දී සහ ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනිමේ දී ඇඟිලි සලකුණු සටහන් කර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

    එමෙන්ම විදේශ රටක සිටින ශ්‍රී ලාංකීකයන්ට මෙරට පුරවැසි අයදුම්පත් අන්තර්ජාලය මගින් ඉදිරිපත් කළ හැකි අතර විදේශ ගමන් බලපත්‍රය සඳහා ද අන්තර්ජාලය මගින් අයදුම්කළ හැකි බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ.

  • බැඳුම්කර වාර්තාව ගැන තීරණාත්මක තීරණ රැසක්….

    බැඳුම්කර වාර්තාව ගැන තීරණාත්මක තීරණ රැසක්….

    බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා සහ දූෂණ චෝදනා විමර්ශන වාර්තා 34 හෙට (23) දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පක්ෂ නායකයින්ගේ එකඟතාව පළ කර තිබෙනවා.

    ඒ, කථානායකවරයාගේ ප‍්‍රධාන්තවයෙන් අද (22) පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.

    බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් පෙබරවාරී 10 වැනිදාට පෙර විවාදයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීම පිළිබඳ තීරණයක් ගැනීමට හෙට පස්වරුවේ පක්ෂ නායකයින් රැස්වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

  • තැපැල් ඡන්දේ අද සිට… තැපැල් ඡන්ද දාන්න පොලිසිය පෝළිමේ

    තැපැල් ඡන්දේ අද සිට… තැපැල් ඡන්ද දාන්න පොලිසිය පෝළිමේ

    පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද විමසීම අද (22) පෙරවරු 9.00 ට ආරම්භ වුණා.

    ඒ ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල නිලධාරීන් සඳහායි.

    මැතිවරණ නිරීක්ෂකයින්ගේ අධීක්‍ෂණය යටතේ හැටන් පොලිසියේ නිළධාරින් තැපැල් ජන්දය භාවිතා කරන අයුරු පහතින් දැක්වෙයි.

  • බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අගමැති රනිල් වරදකරුවකු වන හැටි මෙන්න (සාක්ෂි සහිතව සරල සිංහලෙන්)

    බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අගමැති රනිල් වරදකරුවකු වන හැටි මෙන්න (සාක්ෂි සහිතව සරල සිංහලෙන්)

    හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි, අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර කොල්ලයට තමන්ගේ කිසිම සම්බන්ධයත් නැති බවත් තමන් සුද්ධවන්තයෙක් බවත් කීමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරතවන නමුත් එම වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ 26වන පරිච්ඡේදය පරීශීලනය කිරීමේදී, මෙම දූෂිත කොල්ලකාරී ගණුදෙනුව පිටුපස ඇති අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධතාවය මැනවින් හෙළිදරව් වේ.

    බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාව මඟින් ඉතාම පැහැදිලිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවක මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාව පත්කිරීමේ සිට කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයන් සිදුකර ගැනීම දක්වා පෙර සැලසුම් කර, සිදුකරන ලද්දක් බවට සුපැහැදිලිව අනාවරණය වේ.

    බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාව මඟින් ඉතාම පැහැදිලිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවක මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාව පත්කිරීමේ සිට කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයන් සිදුකර ගැනීම දක්වා පෙර සැලසුම් කර, සිදුකරන ලද්දක් බවට සුපැහැදිලිව අනාවරණය වේ.

    මෙය බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ 26 වැනි පරිච්ජේදයේ පිටු අංක 848 සිට 855 දක්වා විශ්ලේෂණය කිරීමෙන් අවබෝධ කර ගත හැක.

    1. මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීම;

    කොමිසමේ සොයාගැනීම්: අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවය මත එතුමන් විසින් ජනාධිපතිවරයාට අර්ජුන මහේන්ද්‍රන් පත්කරලීමට නිර්දේශ කිරීම.

    2. අර්ජුන මහේන්ද්‍රන්ගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුව

    කොමිසමේ සොයාගැනීම්: එවැනි විදේශීය පුරවැසිභාවයක් සහිත පුද්ගලයකු නිර්දේශ කරන ලද පුද්ගලයාගේ ප්‍රමුඛත්වයන්ට හෝ හොඳ නරක පිළිබඳ දැක්මට අනුව තීරණය වන්නක්.

    3. මහ බැංකු අධිපතිවරයා ලන්සු තැබීමේ ක්‍රමවේදය වෙනස් කරලීම පිළිබඳ ගැටලුව

    කොමිසමේ සොයාගැනීම් : අග්‍රාමාත්‍යවරයා උපදෙස් පමණක් ලබා දෙන ලදී. නමුත් මහ බැංකු අධිපතිවරයා එම ක්‍රමවේදය ඒකපාර්ශ්වීය ලෙස වෙනස් කරන ලදී.

    4. අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන ඇලෝසියස් අතර පවතින ඥාති සම්බන්ධය හේතුවෙන් ඇතිවන අභිලාෂයන්හි ගැටුම

    කොමිසමේ සොයාගැනීම්: අග්‍රාමාත්‍යවරයා විසින් මහ බැංකු අධිපතිවරයා මත තබන ලද විශ්වාසය වැරදි වීම.

    අග්‍රාමාත්‍යවරයා විසින් ඔහු මහ බැංකු අධිපතිවරයා වෙත තබන ලද විශ්වාසයේ ගෞරවය ආරක්ෂා කරනවාදැයි විමසා බැලීමට සක්‍රිය ලෙස දායක නොවීම පිළිබඳ කොමිසම කනගාටුව ප්‍රකාශ කරන ලදී.

    5. පිටිපන කමිටුව පිළිබඳ ගැටලුව

    කොමිසමේ සොයාගැනීම්: පිටිපන කමිටුව මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳ ගනුදෙනු කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුමෙන් තොරවීම. ආරම්භයේදීම අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමින් සන්නද්ධ කමිටුවක් පත් කළ යුතුව තිබුණි.

    6. අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්: ‘‘මහේන්ද්‍රන් වෙන්දේසි ක්‍රියාවලියට මැදිහත්වීමක් නොවූ බව”

    කොමිසමේ සොයාගැනීම්: සාක්ෂි ඊට විරුද්ධ කරුණක් ඔප්පු කර පෙන්වා තිබීම. අග්‍රාමාත්‍යතුමා විසින් මෙම ප්‍රකාශය වඩා හොඳ උපදෙස් ලබාගෙන කළ යුතුව තිබුණි. අර්ජුන මහේන්ද්‍රන් හා නියෝජ්‍ය අධිපතිවරයා වන සමරසිරි අග්‍රාමාත්‍යවරයාව නොමඟ යැවීම. මෙවැනි ප්‍රකාශයක් සිදු කර ලීමට පෙර මහ බැංකුව තුළ කුමක් සිදු වුනි දැයි ස්වාධීනව විමර්ශනය කළ යුතුව තිබුණි.

    7. දූෂණ චෝදනාවක් පළමු වරට එල්ල වූවාට පසු ද අර්ජුන මහේන්ද්‍රන්ට තම ධුරයේ කටයුතු කිරීමට ඉඩ සැලසීම.

    කොමිසමේ සොයාගැනීම්: මෙම කාලවකවානුව තුළ අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දක්ෂ, සුදුසු සහ දැනුවත්භාවයකින් යුක්ත කමිටුවක් පත් කළේ නම් තත්ත්වය මීට වෙනස් වනු ඇත. අර්ජුන මහේන්ද්‍රන් වැරදි කිසිවක් සොයා ගැනීමට නොහැකි වූයෙන් ඔහු මහ බැංකු අධිපති ධුරයෙන් ඉත් කරන තෙක් එහි සේවය කරන ලදී.

    අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳ අවසන් නිර්දේශය:
    අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳ නිර්දේශයක් නොමැත.

    මෙහි සංක්ෂිප්තය 26 වන පරිච්ඡේදයේ අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳ දීර්ඝ වශයෙන් කවරක් සාකච්ඡා වූවේදැයි ප්‍රකාශ නොකරයි.

    1. විශ්ලේෂණය
    අර්ජුන මහේන්ද්‍රන් ආණ්ඩුකාරවරයකු ලෙසින් සිතාමතාම තම පුද්ගලික වාසිය තකා හෝ තව පුද්ගලයෙකුගේ වාසිය තකා මහජන අරමුදල් හෝ ඔහුගේ භාරකාරත්වය යටතේ වූ අරමුදල් තම ධුරය භාවිතා කරමින් අවභාවිතයට ලක් කර ඇති බවට සාක්ෂි ඇති බව සනාථ වී ඇත.

    2. නිර්දේශය 17: අප කල්පනා කරන පරිදි 2015/2/27 දින පැවති බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සිද්ධියේ දී අර්ජුන මහේන්ද්‍රන්ගේ මැදිහත් වීම එනම්, පර්පචුවල් ට්‍රෙෂරීස් සහ ටෙන්ඩර් මණ්ඩලය වෙත වෙන්දේසියේ මිලියන දහයක් පිළිගත යුතු බවට දුන් උපදෙස් හේතුවෙන් ඔහු මෙම පාඩුව සඳහා වගකිව යුතු බව අප විසින් නිශ්චය කරන ලදී.

    3. නිර්දේශය 20 : 2016 මාර්තු 29 දින වූ බැඳුම්කර වෙන්දේසියේ දී නිත්‍ය භාරකරුවන් විසින් තොරතුරු ලබාගැනීම සහ භාවිතා කිරීම.

    4. නිර්දේශය 21: නිත්‍ය භාරකරුවන් ඇතුළාන්තයේ තොරතුරු භාවිතා කරමින් ද්විතීය වෙළෙඳපොළෙහි වෙළෙඳාම හැසිරවීම හරහා නිත්‍ය භාරකරුවන් විශාල වශයෙන් ලාභ අත්පත් කොටගෙන ඇත.

    5. නිර්දේශය 19 : ඉහත සඳහන් කරන ලද හැසිරීම් රටාවන් දූෂ්‍ය ක්‍රියාදාමයන් සඳහා හේතු සහගත වන්නේද යන වග පරීක්ෂණයකට බඳුන් කිරීමට බැඳුම්කර කොමිසමට නිර්දේශ කිරීම.

    6. දූෂණයට එරෙහි වූ එක්සත් ජාතීන්ගේ සමුළුවෙහි ක්‍රියාපටිපාටීන් උල්ලංඝනය කිරීමේ නිර්වචනයට අනුව අග්‍රාමාත්‍යවරයාගේ වගකීම් කාර්යශූරව ඉටු කිරීමේ නොහැකියාව සිතාමතාම ඇති කිරීම. එනම්, මහබැංකු අධිපතිවරයාගේ ක්‍රියාපටිපාටීන් සහ නිලයෙහි බලය හෝ අනෙකුත් ශක්‍යතාවයන් පවතින නීතිවලට පරයා හැසිරවීම. එනම්, තමා වෙත හෝ තව පුද්ගල කොටසකට වාසි ලබාගැනීම පිණිස කටයුතු කිරීම.

    7. කොමිසම දක්වන පරිදි අග්‍රාමාත්‍යවරයා විසින් එක් වරක් නොව අවස්ථා ද්විත්වයකදීම හිටපු මහ බැංකු අධිපතිවරයාගේ නීති විරෝධී ක්‍රියාකලාපය තම නිරීක්ෂණයෙන් බැහැර කොට ඇත.
    හිටපු මහ බැංකු අධිපතිවරයා පත්කිරීම අගමැති එකඟත්වය මත සිදුවූවකි. පාර්ලිමේන්තුවේදී එක් අවස්ථාවකදී පමණක් නොව, අවස්ථා ත්‍රිත්වයකදීම අග්‍රාමාත්‍යවරයා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීම. (ප්‍රථමයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම, කෝප් වාර්තාව 1 සහ කෝප් වාර්තාව 2) එලෙසම ගැටලුව යට ගැසීම සඳහා අනු කමිටුවක් පත් කිරීමට සිදු විය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයාට සිය අශෝභන ක්‍රියාවේ නිරත වන්නට හැකි පරිදි පාර්ලිමේන්තුවත්, මහජනතාවත්, නොමඟ යැවීමට කටයුතු සිදු කොට ඇත.

    8. එලෙසින්ම අග්‍රාමාත්‍යවරයා විසින් ජනපති නියමය වූ හිටපු මහ බැංකු අධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ තීරණයට ද විරෝධය ප්‍රකාශ කළේය.

    9. මේ අනුව විචක්ෂණ පුද්ගලයෙකුගේ මතය වනුයේ ද අග්‍රාමාත්‍යවරයා විසින් ස්වකීය නිලය සතු රාජකාරි මඟහරිමින්, තම හෝ අන්‍ය පුද්ගල ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටත් අමාත්‍යවරයා ලෙස තම රාජකාරිය සිදු කිරීමට අපොහොසත් හෝ මඟහැරීම කර ඇති බවයි.

    10. ශ්‍රී ලංකා නීතියට අනුව නෛතික වරදක් සිදු නොවී තිබුණ ද ජාත්‍යන්තර අල්ලස් හෝ දූෂණ විරෝධී සම්මුතිය යටතේ නීතිය කඩවීමක් සිදුවී ඇත.

    11. එසේ නමුදු, මෙම ක්‍රියා කලාපය නිසාවෙන් අග්‍රාමාත්‍යවරයා හා මහජනතාව අතර පැවති සමාජ සම්මුතිය පලුදු වී ඇති අතරම මෙම යහපාලන සංකල්පයන් වන විනිවිදභාවය, වගකීම සහ වගවීම හා කාර්යක්ෂමතාව පලුදු කිරීමකි.

    12. මේ සියල්ල හැරුණුකොට අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව නොමඟ යවා ඇත.

    ——————–මෙය 26 වැනි පරිච්ඡේදයේ අන්තර්ගතයි.———————-
    රනිල් වික්‍රමසිංහ අගමැති සහ මහෙන්ද්‍රන් පවුල අතර ඇති දැඩි සම්බන්ධය ද, අගමැති විසින්, මහේන්ද්‍රන් එම තනතුරට පත් කිරීම ද, වැරදි පෙනි පෙනී ඔහු නිර්දෝශී බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීම ද, දැනුමක් හෝ හැකියාවක් නැති කමිටු පත් කරමින්, කරුණු වසං කිරීමට තැත් කිරීම ද සැලකූ විට, අගමැතිතුමා, තමා නිර්දෝෂී සහ සිදු වූ ගනුදෙනුව ගැන කිසිත් නොදන්නා බව ප්‍රකාශ කිරීම අසත්‍ය බව පෙනී යයි.
    —————————————————————————————————————

    සම්පුර්ණ “බැඳුම්කර ජනාධිපති කොමිසමේ” වාර්තාව පරිශීලනය සඳහා පිවිසීමට මේ මත ඔබන්න.

  • හිටපු අමාත්‍ය රවී කරුණානායක අත්අඩංගුවට! (Exclusive)

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අත්අඩංගුවට! (Exclusive)

    කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ “බැඳුම්කර ජනාධිපති කොමිසම” මඟින් වරදකරුවකු කොට ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතාව අත් අඩංගුවට ගැනීමට නියමිත බවට විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

    බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ බොරු සාක්ෂි ලබාදීමේ වරද මත මෙසේ අත් අඩංගුවට ගැනීමට නියමිත බවට වැඩිදුරටත් වාර්තාවේ. පූර්ණ අධිකරණ බලතල සහ බලය ඇති ජනාධිපති කොමිසමක් හමුවේ බොරු සාක්ෂි ලබාදීම බරපතළ වරදක් වන අතර එය දෙවැනි වන්නේ මරණයක් සිදුකිරීමට පමණක් බවත් සඳහන්. එසේම එය අවමය මාස 03 ක් වත් ඉක්මවන තුරු ඇප ලබා නොදිය හැකි තරමේ වරදවල් ගණයට වැටෙන බවද සඳහන්.

    අධිකරණයක් හමුවේ බොරු සාක්ෂි ලබාදෙමින් අධිකරණය නොමඟ යැවීම යන මෙම බරපතළ චෝදනාව යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාව නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තාකරයි. රවී කරුණානායක මහතාට බැඳුම්කර කොල්ලයේ චෝදනා එල්ල වීමත් සමඟම ඔහු සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය.

    එසේම මෙම අත් අඩංගුවට ගැනීමට පෙර හෝ පසු ඊට ප්‍රචාර දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ සහ ප්‍රබල ඇමතිවරයෙකු පරණ නඩු හුටපට කිහිපයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සැලසුම් කොට තිබෙන බවටද විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

  • හොරු ගෙදර ඇර, තක්කඩි හිරේ දමා මිසෙක මම මේ පුටුවෙන් යන්නේ නැහැ – ජනපති

    හොරු ගෙදර ඇර, තක්කඩි හිරේ දමා මිසෙක මම මේ පුටුවෙන් යන්නේ නැහැ – ජනපති

    දේශපාලනඥයින් අතර සිටිනා දූෂිතයින් වංචාකාරයින් හොරුන් සියලූ දෙනා අවීචි මහා නරකාදියට ගියදාට පසුවදා මම ගෙදර යනවා.’ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  (18) කොස්ගමදී පැවසීය.

    ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සීතාවකපුර නගරසභාවේ හා ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනරැලියක් අමතමිනි.

    තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය’

    ‘‘සමහරු මගෙන් අහනවා මේ පුටුවෙන් බැහැලා මම ගෙදර යන්නේ කවද්ද කියලා මෙම මේකේ හැමදාම ඉන්න ආවේ නැහැ නමුත් ගෙදර යන්නේ දේශපාලඥයින් අතර සිටින හොරුන්, දූෂිතයන්, වංචාකරුවන් සියලූ දෙනා හිරගෙදරට යැව්වට පස්සේ ඔවුන් සියලූ දෙනා පොළොව පළාගෙන අවීචි මහා නරකාදියට ගියදාට පහුවදා මම ගෙදර යනවා.

    පෙබරවාරි දහ වැනිදායින් පසුව දූෂණයට වංචාවට එරෙහිව මම පාරට බහිනවා. පක්ෂ පාට භේදයකින් තොරව මේ රටට ආදරය කරන් දූෂණයට වංචාවට එරෙහි සියලූ දෙනා එකතු කරගෙන දූෂණයට වංචාවට එරෙහි ජනතා ව්‍යාපාරයක් ගොඩනගනවා. ඒ වෙනුවෙන් මාත් සමග එකතු වන ලෙස රටට ආදරය කරන සියලූ දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.‘‘

  • රනිල් බැඳුම්කර කොල්ලයේ වගකීම සාක්ෂි සමඟින් නිලවශයෙන් පිළිගනී!

    රනිල් බැඳුම්කර කොල්ලයේ වගකීම සාක්ෂි සමඟින් නිලවශයෙන් පිළිගනී!

    අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින සිදුකරන ලද ඓතිහාසික විශේෂ ප්‍රකාශයත් සමඟ ඔහු නිලවශයෙන් අද(18) මහ බැංකු බැඳුම්කර කොල්ලයේ වගකීම ජාතිය හමුවේ පිළිගත්තේය.

    මහ බැංකුව තමාගේ විෂයපථය යටතේ වන අමාත්‍යංශයකින් ක්‍රියාත්මක වූ බවත්, මෙම හොරකම තමා විවිධ ක්‍රමවලින් පාපිස්ස යට ගැසීමට උත්සහ කළද ජනාධිපතිවරයාගේ බලපෑම නිසා මෙය යට ගැසීමට නොහැකි වූ බවත් අග්‍රාමාත්‍යවරයා අද ජාතිය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

    අප අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අද විශේෂ ප්‍රකාශය සහ ඒ පිළිබඳව වන විග්‍රහයට යොමුවෙමු.

  • නිමල් ලංසාගේ මැතිවරණ කාර්යාලය රජයේ ගොඩනැගිල්ලක – ඇත්ත මෙන්න..

    නිමල් ලංසාගේ මැතිවරණ කාර්යාලය රජයේ ගොඩනැගිල්ලක – ඇත්ත මෙන්න..

    මීගමුව පෝරුතොට ප්‍රදේශයේ රජයේ දේපලක් මේ වන විට නිමල් ලංසා පදනම නමින් කාර්ලයාලයක් පවත්වාගෙන යාමට යොදාගෙන ඇතැයි යන  බරපතල චෝදනාවක් එල්ලවි ඇත.

    මීට වසර ගණනාවකට පෙර ඒ ප්‍රදෙශය නියෝජනය කළ ඇල්බට් නම් වු නාගරික මන්ත්‍රිවරයා විසින් නගර සභා ප්‍රතිපාදන යටතේ මේ ගොඩනැගිල්ල ඉදිකරන ලද අතර ග්‍රාම නිලධාරි කාර්යාලයත් සමෘද්ධි කාර්යාලයත් මේ ස්ථානයේ සිට ක්‍රියාත්මක විය.


    ඉන්පසු නිමල් ලංසා පළාත් සභා ඇමතිවරයෙකුව සිටි සමයේ රජයේ ප්‍රතිපාදන වැය කරමින් යම් යම්  ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබුණි.


    සමෘද්ධි නිළධාරි කාර්යාලය මේ වන විට ඒ වෙනුවෙන් ඉදිකරනු ලැබ තිබෙන ස්ථානයකට ගෙන ගොස් ඇති අතර ග්‍රාම නිළධාරි කාර්යාලය තවමත් මෙහි ක්‍රියාත්මකය.


    තතු මෙසේව තිබියදි නිමල් ලංසා සිය මැතිවරණ කාර්යාලය බවට දැන් පත්කරගෙන ඇත්තේ මේ රජයේ ගොඩනැගිල්ලය.මෙය බරතල නීතිවිරෝධි ක්‍රියාවකි.


    මේ ගොඩනැගිල්ල රජයට අයත් එකක් නොවුනේ නම් සමෘද්ධි කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා මෙය කාගෙන් හෝ කුලියක් ගෙවා ගත යුතුව තිබුණි.එහෙත් එය එසේ සිදුව නොමැත.


    ඉන් කියැවෙන්නේ මේ ගොඩනැගිල්ලට හිමිකම් කියන කිසිදු පුද්ගලික හිමිකරුවෙකු නොවන බවය.
    එනම් මෙය රජයේ ගොඩනැගිල්ලකි.


    එසේ නම් නිමල් ලංසා සිය දේශපාලන කාර්යාලය බවට මෙය පත්කරගනිමින් නිමල් ලංසා පදනම මෙහි පවත්වාගෙන යනු ලබන්නේ කෙසේද ?


    මෙය පමණක් නොව මේ අකාරයෙන තවත් ඉඩම් රාශියක් නිමල් ලංසා සහ ඔහුගේ ගෝලයන් විසින් මේ වන විට බලෙන් අත්පත්කරගෙන සිටිති.මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට මීගමුවේ රජයේ නිළධාරින් තවමත් අපොහොසත්ව විම ඇත්තටම කණගාටුවකි.

  • මුදල් වංචා කල රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග…..

    මුදල් වංචා කල රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග…..

    ජනප‍්‍රිය ගායක රජිව් සෙබස්තියන් පිළිබඳව අද බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. ඒ මාරවිල මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනසුරු කේමින්ද පෙරේරා මහතා විසින්  රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට පසුගියදා නියෝග කිරීමත් සමඟයි.

    සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප‍්‍රසංගය නොපවත්වා මුදල් වංචාවක් සිදුකළ බවට වෙන්නප්පුව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් දිසා විනසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබුණා.

    පසුගිය වසරේ අගෝස්තු 04 වැනිදා වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක ”සරඹ” නමින් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම සඳහා සුනිල් පෙරේරා, ඇනස්ලි මාලේවන හා ඩෙස්මන් සිල්වා යන ප්‍රවීන ගායන ශීල්පීන් සහභාගී කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 03 ක  මුදලක් ලබාගෙන  ප්‍රසංගය පැහැර හැරිය බවට ප්‍රසංගයේ සංවිධායකවරයෙකු වන ක‍්‍රිස්ටි රත්නප‍්‍රිය විසින් වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබුණා.

    එසේම මුදල ආපසු ගෙවීම සඳහා රජිව් සෙබස්තියන් විසින්  රුපියල් ලක්ෂ තුනක චෙක්පතක් සංවිධායකවරයාට ලබා දී තිබුණද එය අගරු වූ චෙක්පතක් බවයි සඳහන් වන්නේ.

     ‍ෙඒ  අනුව මුදල් වංචාව, සාපරාධී විශ්වාසය කඩ කිරීම  සහ සාපරාධී සාවද්‍ය මුදල් පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ණය අයකිරීමේ පනතේ 25 x 1 වගන්තිය යටතේ ඔහුට  එරෙහිව පැමිණිල්ලක් ගොණු කල බවයි වෙන්නප්පුව පොලිසිය සඳහන් කරන්නේ.

  • පැවති නීති වෙනස් කරමින් රට වැනසූ බැදුම්කර හොරුන්ට නඩු පැවරෙන අයුරු…

    පැවති නීති වෙනස් කරමින් රට වැනසූ බැදුම්කර හොරුන්ට නඩු පැවරෙන අයුරු…

    බැඳුම්කර කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

    ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව, මහ බැංකුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම කටයුතු සිදු කරනු ඇති. ඒ, අවසන් වාර්තාවේ යෝජනා කි‍්‍රයාත්මක කිරීම, නීතිමය තත්ත්වයන් සහ බාහිර කටයුතු සොයා බලමින්.

    බැඳුම්කර කොමිසමේ නිර්දේශ ප‍්‍රධාන වශයෙන් කොටස් 4කට අයත්. වැඩිදුර විමර්ශනය, නීතිය කි‍්‍රයාත්මක කිරීම, නීති සංශෝධනය මෙන්ම නව නීති සකස් කිරීම සහ අනාගතයේදී මෙවැනි අක‍්‍රමිකතා, දූෂණ හෝ අපරාධ සිදු වීම වළක්වා ගැනීමට ගතයුතු වෙනත් කි‍්‍රයාමාර්ග එම කොටස් 4යි.

    ඒ අනුව සිදු කර ඇති අපරාධවලට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම සිදු වනු ඇති. රජයට සහ සේවක අර්ථසාධක අරමුදලට සිදුව ඇති අලාභය පියවා ගැනීම හා නීතිවිරෝධී කටයුතුවල යෙදුනු අයට සිවිල් නඩු පැවරීමද සිදු කිරීමට නියමිතයි.

    සිවිල් නඩු සඳහා දිගු කාලයක් ගතවන බැවින් සිවිල් නඩු විධිවිධාන පටිපාටිය සංශෝධනය කිරීමටද නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාලය පැවසුවා. අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කරනු ඇති. 

    බැඳුම්කර කොමිසම හමුවේ ඉදිරිපත් කර ඇති සාක්ෂි සහ සිදු කළ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු වලින් හෙලිවන වැරදි සිදු කළ පුද්ගලයින්ට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමටද නිර්දේශ කර තිබෙනවා. ඒ සඳහා නීතිපති උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කරනු ඇති. 

    ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් විමර්ශනාත්මක ද්‍රව්‍ය හා සාක්ෂි ඍජුව සලකා බැලීමට හැකි වන පරිදි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමටද නිර්දේශ වී තිබෙනවා. සමාගම්වල සිදුව ඇති අපරාධ පිළිබඳ නෛතික වගකිම සලකා බැලීම ද නිර්දේශ වී ඇති තවත් කරුණක්. 

    දැනට පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සහ ඊට අනුබද්ධ සමාගම්වල මෙන්ම වෙනත් පුද්ගලයින් බැඳුම්කර ගනුදෙනුව හරහා නීතිවිරෝධීව එකතු කළ දේපළ කඩිනමින් තහනම් කිරීමටද නීතිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. රජයට සහ අර්ථසාධක අරමුදලට අයවිය යුතු මුදල් පියවා ගැනීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය නොවන පරිදි පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමට ද කොමිසම නිර්දේශ කළ තවත් කරුණක්.  ඒ, නඩු කි‍්‍රයාමාර්ගවලදී සිදුවන ප‍්‍රමාදය සැලකිල්ලට ගනිමින්.

    සේවක අර්ථසාධක අරමුදලේ ස්වාධිනත්වය ද තහවුරු කළ යුතුයි. එමගින් එහි දායක ප‍්‍රජාවගේ උපරිම සුභසිද්ධිය සඳහාම පමණක් එම අරමුදල පවත්වාගෙන යා යුතු වනවා. ඊට එහි ඉහළ කළමනාකාරීත්වය හා මහ බැංකුව අතර ඇති සම්බන්ධය ප‍්‍රතිව්‍යූවගත කිරීමටද කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. 

    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් භාවිත කර 2008/2014 කාලසීමාවේදී සිදුවූ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණනයක් පැවැත්විමද කොමිෂමේ තවත් නිර්දේශයක්. 

    කෝප් කමිටුවේ සාමාජිකත්වය දරණ ඇතැම් මන්තී‍්‍රවරුන් බැඳුම්කර විමර්ශනය සිදු කරන කාලයේදී එම සමාගමේ ප‍්‍රධානී අර්ජුන් ඇලෝසියස් සමග සන්නිවේදනය කර ඇති බව ද හෙළිවී තිබෙනවා. එම විෂමාචාර හැසිරිම් සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීමට කථානායකවරයාගේ අවධානය යොමු කර ඇති බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

    එම කමිටුවේ මන්තී‍්‍රවරුන්ට විශේෂ ආචාර ධර්ම පද්ධතියක් පැනවීම කෙරෙහි කථානායකවරයාගේ අවධානය යොමු කිරීමට ද බැඳුම්කර කොමිෂමෙන් නිර්දේශ කර තිබෙනවා. 

  • අපිට බොන්න දෙන්න – සිංහල සංස්කෘතියට එරෙහිව සමනලී ෆොන්සේකා අධිකරණයට…

    අපිට බොන්න දෙන්න – සිංහල සංස්කෘතියට එරෙහිව සමනලී ෆොන්සේකා අධිකරණයට…

    කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට අවසරය ලබා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදන අවලංගු කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධීකරණයට අද මූළික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ඒ, ජනපි‍්‍රය නිළි සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් 11දෙනෙකු විසින්. එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ ගැසට් නිවේදන, කාන්තාවන්ට සමාන ලෙස සැලකීමට ගත් පියවරක් බවයි. ඒ තුළින් නිසි වයස සම්පූර්ණ කළ කාන්තාවන්ටද නිදහසේ තම වෘත්තීය සිදු කර ගැනීමේ අයිතිවාසිකම හිමිවන බවද පෙත්සමේ සඳහන්.

    කැබිනට් මණ්ඩලය ගත් බව කියන තීරණයකට අනුව එම ගැසට් නිවේදන අවලංගු කළ හොත් එමගින් කාන්තාවන් වශයෙන් සමානව සැලකීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝණය වන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ. අදාළ පෙත්සම මගින් මුදල් අමාත්‍යවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

  • ටයිකෝට් හොරුන්ව රටට හෙලිකල බැඳුම්කර වාර්තාව මෙන්න! මෙතනින් බලන්න

    ටයිකෝට් හොරුන්ව රටට හෙලිකල බැඳුම්කර වාර්තාව මෙන්න! මෙතනින් බලන්න

    මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව මහජනතාව වෙත අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර තිබෙනවා. 

    ජනාධිපති ලේකම් කාර්යාලයේ www.presidentsoffice.gov.lk නිල වෙබ් අඩවියේ එය පලකොට තිබෙනවා. 

    අදාල වාර්තාව මෙතනින් බලන්න

  • ගිහින් වැදලා සමාව ගනින් –  ජනපති මෛත්‍රීට අපහාස කල මරික්කාර්ට රනිල් කියයි..

    ගිහින් වැදලා සමාව ගනින් – ජනපති මෛත්‍රීට අපහාස කල මරික්කාර්ට රනිල් කියයි..

    පසුගියදා බැදුම්කර පරීක්ෂණ නිසා කෝපයට පත්ව ජනපති මෛත්‍රීට අපහාස වන අයුරින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ට ජනපති දෙපා නැමද  ජනාධිපතිවරයාගෙන් සමාව අයැදින මෙන් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.16 කැබිනට් රැස්වීම අතරතුර ජනපති මෛත්‍රීගේ වාග් ප්‍රහාරය හමුවේ භීතියට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය  (17) රැස්වූ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා  ඉතා අවධාරණයෙන්ඒ යුතුව ඒ  බව ප්‍රකාශ කර ඇත..  මරික්කාර්ට තනිවම යා නොහැකි නම් තමා විසින් මරික්කාර් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත කැඳවාගෙන ගොස් දෙපා නැමද සමාව ගැනීමට සලස්වන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

  • දිනෙන් දින වැඩිවන මැතිවරණ උණුසුම අතරතුර ඩෙංගු මදුරුවා මන්ත්‍රී දියණියක් බිලිගනී..

    දිනෙන් දින වැඩිවන මැතිවරණ උණුසුම අතරතුර ඩෙංගු මදුරුවා මන්ත්‍රී දියණියක් බිලිගනී..

    පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ වැඩිමහල් දියණිය වන රංජලා ගම්ලත් ඉලේපෙරුම  (16) අළුයම හදිසියේ මියගොස්  තිබෙනවා.

    ඩෙංගු රෝගය වැළඳීමෙන් පසු   කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගය උත්සන්න වී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මියයන විට 35 වැනි වියේ පසුවූ ඇය දෙදරු මවක් වන අතර  දේහය කොළඹ සිට  (16) පස්‌වරුවේ  පොළොන්නරුවට රැගෙන ගොස් තිබෙනවා.