Author: Editor[A]

  • කෙහෙළිය ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව 26වැනිදා විභාගයට…

    කෙහෙළිය ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව 26වැනිදා විභාගයට…

    පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් මුදල් යොදා ගනිමින් ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම මඟින් ගොනුකළ නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දින නියම කළේය.

    ඒ අනුව නඩුව මේ මස 26 වැනිදා විභාගයට ගැනීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කළේය.

    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එම සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අය නම්කර තිබේ.

    පසුගිය ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 9,90,000ක මුදලක් යෙදා ගනිමින් දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත.

  • බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම දින සැමරුම් උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

    බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම දින සැමරුම් උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උළෙල (08) පෙරවරුවේ ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියස දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පළමුව බණ්ඩාරනායක පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීය.

    අනතුරුව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක‍්‍රියාකාරීන් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

    සුනේත‍්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • 2017 අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයින්ට ජනපති අතින් තිළිණ

    2017 අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයින්ට ජනපති අතින් තිළිණ

    2017 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමස්ත ලංකා මට්ටමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ මාතර සුජාතා විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු සිසුවියන් (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.

    එම දරුවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභාශිංසන පිළිගැන්වූ අතර, ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ද සිය ආශිර්වාදය පළකළේය.

    මාතර සුජාතා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනීසිට ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානය දිනූ දිලිනි සඳුනිකා පළිහක්කාර, වාණිජ අංශයෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානය දිනූ එස්. ඒ. දුලානි රසන්තිකා, කලා අංශයෙන් දිවයිනේ සිව්වන ස්ථානය දිනාගත් උචිනි ෂිහාරා සූරියආරච්චි යන සිසුවියන් ද, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට ඉංජිනේරු තාක්ෂණවේද විෂයෙන් දිවයිනේ ප‍්‍රථමස්ථානය ලැබූ පාරමී ප‍්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චි සහ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයෙන් දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථම ස්ථානය දිනූ බී. ඒ. හසිත් පුන්සර යන සිසු සිසුවියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ඔවුන් වෙත තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    එම පාසල් නියෝජනය කරමින් පැමිණි විදුහල්පතිවරුන්ගේ සහ ගුරු බවතුන්ගේ සේවය ද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

    අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ සිසුන්ගේ දෙමව්පියන් ඇතුළු පිිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • ගණේමුල්ල ගුවන් පාලම විවෘත කිරීම හෙට

    ගණේමුල්ල ගුවන් පාලම විවෘත කිරීම හෙට

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ රජයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් වන ගණේමුල්ල නගරයේ දුම්රිය මාර්ගය මතින් ඉදි කරන ලද ගුවන් පාලම මෙම මස 11 දින පෙරවරු 10 ට ජනතා අයිතියට පත් කෙරේ.

    ගණේමුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් ගණේමුල්ල- කඩවත මාර්ගයේ සිට කඳාන මාර්ගය දක්වා මීටර් 275 දිගින් සහ මන්තීරු 2 කින් යුත් මෙම ගුවන් පාලමේ පළමු අදියර මෙසේ ජනතා අයිතියට පත් කෙරෙන අතර මෙහි දෙවන අදියර යටතේ ගණේමුල්ල-ගම්පහ මාර්ගය දක්වා තැනවීමට නියමිතය.

    මෙම පාලම ඉදිකිරීම සඳහා ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ රුපියල් මිලියන 1768 ක මුදලක් වැය කොට ඇති අතර මෙහි තැනීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ස්පාඤ්ඤ සහ මෙරට සමාගම් දෙකක් මගින් සිදුකොට ඇත.

  • ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ මංගල රැලිය අද අනුරපුරේ

    ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ මංගල රැලිය අද අනුරපුරේ

    පෙබරවාරී 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධන කරන මහජන රැලි හා රැස්වීම් මාලාවේ මංගල රැලිය හා රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරු 2 ට අනුරාධපුරයේදී පැවැත්වේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ මහලේකම්, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක, එක්සත් ජනාතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් ඇතුළු පක්ෂ නායකයන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හා රුවන්මැලි සෑ රඳුන්ගේ ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රැස්වීමට සහභාගී වීමට නියමිතය.

    මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළි දැක්වීමට නියමිත අතර සන්ධානයට බලය හිමි වන පළාත් පාලන ආයතන නව තාක්ෂණය හා නව කළමනාකරණ ක්‍රමවේද භාවිත කරමින් ජනතා හිතවාදී හා පිරිසුදු ආයතන ලෙස පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර තිබේ.

    මෙවර මංගල රැලිය සඳහා කොළඹින් සීමිත පිරිසක් එක් වීමට නියමිත අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ම අපේක්ෂකයින් හා පාක්ෂිකයින් මේ අවස්ථාවට සහභාගී වනු ඇති බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

  • බැඳුම්කර වාර්තාව අන්තර්ජාලයට

    බැඳුම්කර වාර්තාව අන්තර්ජාලයට

    ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන් විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව අන්තර්ජාලය ඔස්සේ පළ කිරීමට යන බව වාර්තා වේ.. ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව මෙය සිදුකිරිමට නියමිත බව සදහන්..

  • ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් බෝධි පූජාවක් අද අනුරාධපුරයේදී

    ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් බෝධි පූජාවක් අද අනුරාධපුරයේදී

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තුන්වැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් විසින් සංවිධානය කරනු ලබන බෝධි පූජා පින්කමක් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අබියසදී අද (8දා) දින පැවැත්වීමට නියමිතය.

    එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් මත මෙම කටයුතු සංවිධානය කර ඇත.

    සාමාජිකයන් 1000ගේ සහභාගිත්වයෙන් කතරගම කිරිවෙහෙර අබියසදී පහන් පූජාවක් සහ නෙලුම් මල් පූජාවක්ද මහා දේවාලයේ දේව පූජාවක් සහ රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර නුවර බළකා මූලස්ථානයේ සාමාජික සාමාජිකාවන් 400කගේ සහභාගිත්වයෙන් දළදා මාලිගාව අබියසදී බෝධි පූජාමය පින්කමක් පැවැත්වේ. පොළොන්නරුව බළකා මූලස්ථානය මඟින් සාමාජික සාමාජිකාවන් 1000ගේ සහභාගිත්වයෙන් ගල්විහාරයේදී බෝධි පූජාමය පින්කමක් සහ ලේ දන්දීමේ වැඩසටහනක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

  • පොලිසිය සමගින් කචල් ඇදලා ගුටිකාපු ජවිපෙ මන්ත්‍රි රිමාන්ඩ්..

    පොලිසිය සමගින් කචල් ඇදලා ගුටිකාපු ජවිපෙ මන්ත්‍රි රිමාන්ඩ්..

    සපුගස්කන්ද පොලිස් ස්ථානයට ගොස් එහි වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව රාගම රෝහලේ ප්‍රතිකාර ලබන ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි අශෝක රංවල මන්ත්‍රිවරයා ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත කිරිඇල්ල මහතා නියම කළේය.

    රෝහල තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන මන්ත්‍රිවරයා පොලිස් නිලධාරීන් භාරයට පත්කර තිබිණි. සපුගස්කන්ද පොලිසිය “බී” වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා රාගම රෝහලට ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබන රංවල මන්ත්‍රිවරයා නිරීක්ෂණයට ලක්කර මෙසේ රෝහල තුළම රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. ඊයේ (07දා) වනවිටත් මන්ත්‍රිවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.

  • 2017 ආණ්ඩුව පෙරලනවා කියු ජෝකර්ගෙන් 2018 ආණ්ඩුව පෙරලන බවට පුරාජේරු කතාවක්.

    2017 ආණ්ඩුව පෙරලනවා කියු ජෝකර්ගෙන් 2018 ආණ්ඩුව පෙරලන බවට පුරාජේරු කතාවක්.

    පළාත් පාලන මැතිවරණය ආණ්ඩු පෙරළන මැතිවරණයක් නොවන නමුත් ආණ්ඩුව පෙරළන හැටි පෙන්වීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ආණමඩුවේ පැවති ජන හමුවකට එක්වෙමින්. 

    එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ “දැන් කියනවා මේක ආණ්ඩු පෙරලන ඡන්දයක් නෙමෙයිලු.. ඔව් ඇත්ත..  ඒත් ඉතින් මට ඡන්දෙ දුන්නොත් මේක ආණ්ඩු පෙරලන ඡන්දයක් කියලා මට පෙන්වන්න පුළුවන්..

  • 21වන සියවසේ මහා වාරි විශ්මිතය ජනතාව අතට පත්වෙයි

    21වන සියවසේ මහා වාරි විශ්මිතය ජනතාව අතට පත්වෙයි

    දශක 04කට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත් කිරිමට නියමිතය.

    මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශ ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කිරිමත් සමඟ මීට දශක 04කට පෙර අද වැනි දිනක පොල්ගොල්ලෙන් ඇරඹි මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තිය ද සනිටුහන් කෙරෙයි.

    එහි සමාප්ති උත්සවයේ සැමරුම් උත්සවය “සාලිස් වසරක මහවැලි අසිරිය” ජාතික මහෝත්සවය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල ජලාශය අසලදී පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

    මහවැලි මහ සැලසුමේ අරමුණු සාක්සාත් කර ගැනිමේ ගමන් මගෙහි මුල් ව්‍යාපාරය ලෙස පොල්ගොල්ල බෝවතැන්න හැරවුමේ ඉදිකිරිම් කටයුතු එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1970 වසරේ පෙබවාරි මස 28 වන දින ආරම්භ කළේය.

    ඒ අනුව එය 1976 වසරේ ජනවාරි මස 08 වනදා හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතින් නිල වශයෙන් විවෘත කෙරිණි.

    මෙලෙස ආරම්භ කෙරුණු කඩිනම් මහවැලි ව්‍යාපාරයේ අවසාන ව්‍යපෘතිය මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියයි.

    2007 වසරේ ජනවාරි මස 25 වන දින වැඩ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය විවිධ හේතූන් මත ප්‍රමාද වූ අතර පසුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික උනන්දුව හා කැපවීම මත යලි සංක්‍රිය කෙරුණි.

    අක්කර ලක්ෂ 03ක් අළුතික් අස්වද්දා පුද්ගලයින් ලක්ෂ 15කට සෙත සලසන සහ පුද්ගලයින් ලක්ෂ 03කට පිරිසිදු පානීය ජලය සපයන මොරගහකන්ද කළු ගඟ බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය මෑත යුගයේ ඉදිවූ සුවිශේෂි ව්‍යාපෘතියක් වේ.

    නකලස් කඳු නිම්නයේ සිට අඹන්ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර මොරගහකන්ද යාබදින් ගලා බසින කළු ගඟ හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපුවනු ලබයි.

    ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ 60,000ක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් 06 ගුණයක් බවයි වාර්තා වේ.

    මෙම ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000කට අළුතින් දියවර සැපයෙයි.

    මෙරට දැකිය හැකි ගල් පිරවූ ප්‍රධාන වෙල්ලක්, කොන්ක්‍රිට් කරන ලද වෙල්ලක් මෙන්ම පස්වලින් සෑදු යන වේල්ලක් යන වෙලී තුනකින් යුත් එකම ජලාශය ද මොරගහකන්ද ජලාශයවිම විශේෂත්වයකි.

  • බල තණ්හාවෙන් ගෙදර ගිය  ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති බිහි වී අදට වසර 03 යි..

    බල තණ්හාවෙන් ගෙදර ගිය ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති බිහි වී අදට වසර 03 යි..

    දසවසරකට ආසන්න කාලයක් පුරා පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා බහුතර ජනමතයෙන් පරාජයට පත්කොට ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා වන පර්සි මහින්ද රාජපක්ෂ මහතා බිහිකොට අදට (08) වසර 03 ක් සපිරේ.

    මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වූ කිසිඳු ජනාධිපතිවරයෙකු ජනාධිපතිවරයකින් පරාජය නොවුණු අතර ශ්‍රී ලංකාවේ පළමුවරට ජනාධිපතිවණයකින් පරාජයට පත්ව ගෙදර ගිය ජනාධිපතිවරයා වූයේ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතායි.

    ජනාධිපතිවරයෙකුට ජනාධිපතිවරණයකට තරඟ කළ හැකි ගණන දෙකක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබූ අතර එම සීමාව පර්සි මහින්ද විසින්ම 18 වන සංශෝධනය හරහා අසීමාන්තික කර ගන්නා ලදී. ඒ අනුව තෙවන වරටත් 2015 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේම පක්ෂයේ මහලේකම්වරයා වූත් පොදු අපේක්ෂකයා බවට පත් වු මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පරාජයට පත්විය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා ලෙස ඓතිහාසිකත්වයට පත්වෙමින් මෙරට ඉතිහාසයට එක් විය.

    ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි 08 වනදා ගෙදර ගොස් පැරදීලා පලා ආවේ නැහැ කියමින් ජනේල උළු අහුවේ එල්ලී තම පාක්ෂිකයින් ඇමතූ මොහොතක්

    එහෙත් ඉන් නොනැවතී ලැජ්ජාව පයිසකට මායිම් නොකරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු වී සිටි මහින්ද රාජපක්ෂ මහතා එම 2015 වසරේම පාර්ලිමේන්තු මැතිවරණයේ අගමැතිකමට තරඟකොට ඉන්ද පරාජයට පත්විය.

    ඉන්ද නොනැවතුණු මහින්ද රාජපක්ෂ ලැජ්ජා නැතිකම මැදමූලන මහින්දට වඩා ලොකු නැති බව පෙන්වමින් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේය. එහෙත් මහින්දට බලයෙන් තොර නිවනක් නැත. දිනෙන් දින වියපත් වෙමින් දිරාපත් වන කුණු කය ජිම් යවමින්, සුදු වන කොණ්ඩ, රැවුල් ගස් කළු කරමින් මහින්ද බලය, බලය කියමින් ඔහු මීට වසර 50 කට පෙර තමා දේශපාලනය පටන් ගත් තැනටම වැටී ඇත. දැන් ඔහු ගෙවල්, හන්දි, බෝක්කු, පන්සල්, වේදිකා ගානේ යමින් කතා කියමින් යළි යළිත් බලය ඉල්ලමින් සිටී.

    දැන් ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා බලය ඉල්ලන්නේ, ඔබේ නගර සභාව, ප්‍රාදේශීය සභාව සඳහායි. මෙතෙක් ලොව කිසිඳු රටක ජනාධිපතිවරයෙකු මෙවැනි පහත් මට්ටමකට වැටී නැත. එහෙත් ජනාධිපතිවරයෙකු ප්‍රාදේශීය සභාවක් යන ගමනේ ලෝක වාර්තාව තබන්නේ ඔහුයි. ඒ ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී (ප.ප.වි.ජ.කු.පා.ම.) මහින්ද රාජපක්ෂ මහතාය.

  • ලලිත් ඇතුළත්මුදලි දියණියගේ සහයත් ජනපති මෛත්‍රීට…..

    ලලිත් ඇතුළත්මුදලි දියණියගේ සහයත් ජනපති මෛත්‍රීට…..

    දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සහ ශ්‍රීමණි ඇතුළත්මුදලි මහත්මියගේ දියණිය වන සරලා ඇතුළත්මුදලි  (06) දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා.

    ජනාධිපතිවරයා ගේ  වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවක තම සහය ලබාදීමට සූදානම් බව ඇය එහිදී කියා සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.

    ශ්‍රී ලංකාවේ හිටපු වෙළෙද, ජාතික ආරක්ෂක  කැබිනට් අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා 1977- 88 රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වුණා.

    මුලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඔහු  අනතුරුව  ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරමින් සිටියදී 1993 අප්‍රේල් මාසයේදී  වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත් වුණා.

     

  • නෑනාට යටවූ පොලීසිය මහ සෙනගක් ඉදිරියේ අත් පා බැද  මස්සිනාගේ දත් කඩයි

    නෑනාට යටවූ පොලීසිය මහ සෙනගක් ඉදිරියේ අත් පා බැද මස්සිනාගේ දත් කඩයි

    විමර්ශනයක් සඳහා ගිය මහනුවර – අලවතුගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් නෙත් ගොසිප් අපට වාර්තා වෙනවා. පසුගිය දෙසැම්බර් මස 6 වෙනිදා මෙලෙස පහර කෑමට ලක්ව තිබෙන්නේ මහනුවර අකුරණ තලගහකන්ද ප්‍රදේශයේ පදිංචි චන්දන රූපසිංහ නැමැති තරුණයෙක්.

    සිදුවීම පිළිබදව නෙත් ගොසිප් වෙත අදහස් දක්වන චන්දන රූපසිංහ ප්‍රකාශ කළේ සිය අසල්වාසීන් බලා සිටියදි අලවතුගොඩ පොලිසීයේ නිලධාරීන් තමන්ට අත් පා ගැටගසා අමානුෂික ලෙස පහර දුන් බවයි. සිය සහෝදරයාගේ බිරිද , ඔහු හැරගොස් නිවසින්ජ් බැහැරව ගොස් බවත් , ඉන්පසුව සිය සහෝදරයා වස පානය කොට රෝහල් ගත කර සිටියදි ඇය සිය බඩු බඩුබාහිරාදිය රැගෙන යාමට පොලීසිය සමග පැමිණි අවස්ථාවේ ඊට විරුද්ධ වීම හේතුවෙන් පොලිසිය තමන්ට පහර දුන් බව එම තරුණයා  ප්‍රකාශ කළා

    පෞද්ගලික ආරවුලක් මත නිවසින් බැහැරව සිටි තම සහෝදරයාගේ බිරිඳ පොලීසිය සමග පැමිණ ඇයගේ බඩුබාහිරාදිය රැගෙන යාමට උත්සාහ කළ.පහරකෑමට ලක්වූ තරුණයා සිදුවීම විස්තර කළේ මෙලෙසින්

    ” චන්දන රූපසිංහ දැක් වූ අදහස් – එතන එස් අයි මහත්තයෙක් ආවා. ඒ.එස්.අයි මහත්තයා මට පිස්ටල් එක නළලට තියලා.මට ගැහුවා.එතකොටම පොලීසියේ ඔක්කෝම එතනට ආවා. ඇව්ලා මට දඩ බඩ ගාලා ගහන්න පටන් ගත්තා.ලණු වගයක් තිබ්බා ඒ ලණුවලින්ම අත්දෙකයි කකුල් දෙකයි බැදලා එස් අයි මහත්තයා කකුළෙන් පයින් ගැහුවා. මගේ ඉස්සරහා දත් 4 ක් කැඩුණා.ලණුවක් දාලා බෙල්ල හිර කළා..එතන හිටපු එක රාළහාමි කෙනෙක් පොල්ලක් කඩාගෙන ගැහුවා. ගහපු පාර දත් කැඩිච්චි ඒවා තමයි මේ. මහලා තියෙන්නේ ඉස්පිරිතාලෙන්”

    කෙසේ වෙතත් සිදුවීම පිළිබදව එම තරුණයා විසින් පොලිස්පති සහන මැදිරියට පැමිණිලි කර තිබෙන බවත් සදහන්. මේ පිළිබදව අප අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයතිලකගෙන් විමසූ අතර ඔහු පැවසුවේ සිදුවීම පිළිබදව සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ පරීක්ෂණයක් මෙහෙයවන බවත් , එම විමර්ෂනය හේතුවෙන් තමන්ට කිසිවක් කිව නොහැකි බවයි. කෙසේ වෙතත් මෙම පහර දීම සිදුවන අවස්තාවේ එම ස්ථානයේ සිටි අසල්වාසීන් පවසන්නේ සිදුවීම සිදුවී දින ගණනක් ගතව ඇතත් පොලිස්පතිවරයා හෝ වෙනත් කිසිදු ඉහල නිළධාරියෙකු විසින් තවමත් මෙම පහරදීම සිදුකළ නිළධාරීන්ට ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට හෝ පහරදීමට පොලීසියට කිසිදු බලයක් හෝ අයිතියක් නොමැති අතර එය මූලීක මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි. එම නිසා මෙම පහර දීම සිදු කළ පොලිස් නිළධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ දැයි නෙත් ගොසිප් අප විමසිල්ලෙන්.,

    සිදුවීමේ විඩීයෝව පහතින් ,

     

  • ලෝකයේ ලබාළම ලේඛකයා ලංකාවේ අපේ පුතෙක් , ගිනස් වාර්තා පොතේ නමත් ලියවිලා .!

    ලෝකයේ ලබාළම ලේඛකයා ලංකාවේ අපේ පුතෙක් , ගිනස් වාර්තා පොතේ නමත් ලියවිලා .!

    දස්කම් දක්වන අපූරු හැකියාවන්ගෙන් යුත් දරුවන් අප ශ්‍රී ලංකාවට අඩුවක් නැත. ඉතාමත් අඩු වයසින් එවැනි දස්කමක් කළ , ගිනස් වාර්තා පොතට පොතෙහි පවා සිය නම රැන්දු එවන් දරුවෙකු පිළිබදව වාර්තා වෙනවා. ඒ නම් පොතක් ලියා පළ කළ ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් පොතට එක් වූ තනුවක සේරසිංහ දරුවාය.

    සිය දෙමව්පියන් සමග සීෂෙල්ස් හි පදිංචි මෙම ශ්‍රී ලාංකික දරුවා “Junk Food” නැමති ඉංගී්‍රසි ග්‍රන්ථය රචනා කරන විට ඔහුගේ වයස අවුරුදු 04 යි දින 356 කි.මෙම ග්‍රන්ථය රචනා කිරීමට ඔහුට ගතව ඇත්තේ දින 03 ක කාලයක් වීමද විශේෂත්වයකි.

    තනුවක සේරසිංහ දරුවා සිය මවු පියන් සමග ඊයේ (05) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. දරුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔහුට තිළිණයක් ද පිළිගැන්වූ අතර ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කළේය.

    එම අවස්තාවේ ඡායාරූප පහතින් ,


     

  • ගම හදන මිනිසුන් සමගින් අපි වාර්තාගත ජයක් ලබනවා – ප්‍රසන්න සෝලංගආරච්චිගෙන් ප්‍රකාශයක්….

    ගම හදන මිනිසුන් සමගින් අපි වාර්තාගත ජයක් ලබනවා – ප්‍රසන්න සෝලංගආරච්චිගෙන් ප්‍රකාශයක්….

    මෙවර මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොවන බවත් ගම හදන ගමේ නායකයා තොරාපත්කරගන්නා මැතිවරණයක් පමණක් බවත් තම කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථිර බවත් කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි කොටිකාවත්ත සනස උත්සව ශාලාවේදී පැවතී උත්සවයකදී පැවසිය..

    “මම මේ මැතිවරණය ශ්‍රීලනිපය කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව වාර්තාවක් සමගින් දිනනවා.. මගේ කණ්ඩායමට කිසිදු තරගයක් නෑ.. මට අභියෝග කරන්න කවුද ඉන්නේ? අලුත් මුහුණු පරණ මුහුණු එක්ක හොරකම් මැරකම් නැති සුපිරි කණ්ඩායමක් අපි මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ.. ප්‍රතිවාදීන් කිහිපපොලක්ම මේ වනවිට තමන්ගේ ප්‍රචාරණ නවත්තල ඇති බව අපිට ආරංචියි” යයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය..

    මේ වෙද්දී කොලොන්නාව නගර සභා කොටසේ පොහොට්ටුව සහ අලියා විනාශ වෙමින් යන්නේ. හොදම උදාහරණය ඊයේ වෙද්දී පොහොට්ටුව එක්ක ගියපු ප්‍රබලයෙක් අපේක්ෂිකයෙක් සමගම යලිත් ශ්‍රීලනිපයට ආවා.. ශ්‍රීලනිපය කියන්නේ මහා ගෙදර.. කුලියට ගියාට වැඩක් නෑ ඔය දගලන හැමෝටම ආපහු එන්න වෙනවා.. යයිද එතුමා වැඩිදුරටත් පැවසිය…

    https://www.facebook.com/permalink.php?story_fbid=135667563893668&id=100023512749095

  • ජනපති මෛත්‍රීගේ සයිට්ම් විසදුමට අන්තරේ පුර්ණ සහය… සියලු ගැටළු විසදෙන ලකුණු…

    ජනපති මෛත්‍රීගේ සයිට්ම් විසදුමට අන්තරේ පුර්ණ සහය… සියලු ගැටළු විසදෙන ලකුණු…

    ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකර එහි සිසුන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් ආයතනයට අනුයුක්ත කර ඔවුන්ට වෛද්‍ය අධ්‍යාපන ලැබීමට අවස්ථාව හිමිකර දෙනබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    සයිටම් ගැටළුව සඳහා වන රජයේ යෝජනා නිවේදන්‍ය කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කර ඇති නිවේදනයේ ඒ බව සඳහන් වේ. ස්ලිට් ආයතනය අලුතින් ප්‍රමිතිගත ආයතන දෙකක් ආරම්භ කරන අතර ඉන් එක් ආයතනයක් සයිටම් සිසුන්ගේ වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කෙරෙන අතර සයිටම් අවසාන ශිෂ්‍ය කණ්ඩායම අධ්‍යාපන කටයුතු නිමකළ පසුව එම ආයතනය වසා දැමීමට නියමිත බව සඳහන් ය.

    මීට අමතරව ජනාධිපතිවරයාගේ නිර්දේශ යටතේ 2019 වසරේ සිට වෛද්‍ය සිසුන් බඳවා ගැනීම සඳහා තවත් වෛද්‍ය අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කරන අතර එම ආයතනය වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් වලට අනුකූලව ඉදිකරන බවද එම නිවේදනයේ සඳහන් වේ. 2017 ඔක්තෝම්බර් 29 වන දින ජනාධිපතිවරයා විසින් සයිටම් ගැටළුව විසඳීම සඳහා 09 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළ අතර, රටේ කාලීන සටන් පාඨයක් මෙසේ ස්ථානෝචිත ප්‍රඥාව පෙරදැරිකරගෙන සමතයකට පත් කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොව රටේ ජයග්‍රහණයක් බව ඉඳුරාම ප්‍රකාශකළ යුතුමය.