Author: Editor

  • ජීවිතය වෙනස් කරන සබඳතාවය දැන් ඓතිහාසික අනුරාධපුරයටත්..

    ජීවිතය වෙනස් කරන සබඳතාවය දැන් ඓතිහාසික අනුරාධපුරයටත්..

    අන්තර්ජාල වෙළඳ දැන්වීම් ප්‍රචාරණ සහ ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරයට නවමු අත්දැකීමක් එක්කරමින් පුරා වසර 5කට අධික කාලයක් පාරිභෝගිකයින් 50,000කට අධික පිරිසක් සමඟින් ගනුදෙනු කරමින් විශ්වාසය දිනා ගත් ICAN Holdings සමාගම යටතේ ඇති ICAN Advertising සමාගමේ වෙළඳ සන්නාමය වන “Bannercuts” අද(20) සිය තුන්වන ශාඛ්‍යාව ඓතිහාසික අනුරාධපුර නගරයේදී උත්සවශ්‍රීයෙන් විවෘත කරන ලදී.

    මේ යටතේ අද සිට අනුරාධපුර ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට කුඩා පරිමාණයේ ස්වයං රැකියාවක නියුතු ව්‍යාපාරිකයාටත්, යම් භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරන පුද්ගලයාටත් තම ව්‍යාපාරය සම්බන්ධයෙන් ඉතා පුළුල් ප්‍රචාරයක් ඉතා සුළු මුදලකින් ලබාගැනීමේ හැකියාව ඔවුන්ට හිමිවේ. ඊට අමතරව ප්‍රචාරණය වන දැන්වීම් නරඹා එම වටිනා කාලයට නොදැවෙනි අමතර ආදායමක්ද ඉපයීම් අවස්ථාව “bannercuts.com” සමඟ සම්බන්ධ වන ගනුදෙනුකරුවන්ට හිමිවේ. ඒ අනුව අනුරාධපුර “Banner cuts” ශාඛ්‍යාව මඟින්
    වෙළද දැන්වීම් ලබා දීම, ආයතනය හා ලියාපදිංචි වීම, තාක්ෂණික සහය ලබා ගැනීමට ඇති හැකියාව මෙන්ම සියළුම පාරිභෝගික සේවා සැපයීම සිදු කෙරේ.

    “බැනර්කට්ස්” අනුරාධපුර ශාඛ්‍යාව විවෘත කිරීමේ මෙම අවස්ථාවට ICAN හෝල්ඩින්ස් සමාගමේ සභාපති සෝමලාල් ජයසිංහ මහතා ඇතුළු එම සමාගමේ විධායක නිලධාරීන් සමඟ නව ගනුදෙනුකාර භවතුන් විශාල ප්‍රමාණයක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • අරලිය ගහ මන්දිරයට කැඳවූ සජිත් යළි රනිල් ඉදිරියේ දණ ගසමින් පරාජය භාර ගනී.. ටොමී, බනානා සුජී ඇතුළු කඩේ ගිය උන් බිලිපූජාවට භාරදෙයි

    අරලිය ගහ මන්දිරයට කැඳවූ සජිත් යළි රනිල් ඉදිරියේ දණ ගසමින් පරාජය භාර ගනී.. ටොමී, බනානා සුජී ඇතුළු කඩේ ගිය උන් බිලිපූජාවට භාරදෙයි

    මිලඟ ජනාධිපති තමා බවත්, ජනාධිපති ආර්යාව තමා බවත් පවසමින් ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිංමට්ටමින් තම්මැට්ටන් ගසමින් ගිය සජිත් ප්‍රේමදාස සහ සජිත්ගේ වෙන්ට ආර්යාව තමා වෙනුවෙන් කඩේ ගිය උන් බිලිදෙමින් එජාප නායක රනිල් ඉදිරියේ දණගසා සමාව ගෙන ඇති බවට එජාපයේ සජිත්ගේම අභ්‍යන්තර තොරතුරු සේවා වාර්තා කරයි.

    මේ වන විට හන්දි, බෝක්කු ගානේ සජිත් පවත්වන රැස්වීම් විශාල ලෙස අවලංගු කරමින් සිටින අතර “තමා මීලඟ ජනාධිපති අපේක්ෂකයා යැයි” කටමැත දොඩවමින් ගිය ප්‍රකාශයද ඉවත් කරගෙන ඇත.

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා අරලියගහ මන්දිරයට පෙරේදා පස්වරුවේ කැඳවා තිබිණි.

    එදින පස්වරුවේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඇබිලිපිටිය ප‍්‍රදේශයේ උත්සවයක සිටියදී අරලියගහ මැදුරට ඔහු වහාම කැඳවන්නට අගමැතිවරයා කටයුතු කරන ලදී.

    මෙම අවස්ථාවට ඇමති රාජිත සේනානායක මහතාද එක්ව සිට ඇත. එලියේ රණ්ඩු කරන එක නවතා පක්ෂය ඇතුළේ ප්‍රශ්නය විසඳාගන්නැයි අගමැති විසින් ඇමැති සජිත් ප්‍රේමදාසට එහිදී දැනුම් දී තිබේ.

    රණ්ඩු වෙලා අපේක්ෂකයා වුවද ජයගත නොහැකි බවත් එවිට එක් කොටසක් කකුලෙන් අදින බවත් එහිදී ඇමති රාජිත සඳහන් කර ඇත. තමන් කකුලින් නොඅදින බවත් මන්ත්‍රී කණ්ඩායම එකට තබා ගැනීම සඳහා තමන්ට ඔවුන් සමග සිටින්නට වන බවත් ඇමති සජිත් පේ‍්‍රමදාස ඊට පිලිතුරු ලෙස පවසා තිබේ.

    එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ මැතිවරණය ගැසට් කලාට පසු නාමයෝජනා කමිටු කැඳවා එමගින් බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත. වැඩිදුර ප්‍රශ්න ඇතොත් ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා කරන ලෙස පවසා අගමැතිවරයා සාකච්ඡාවක් අවසන් කර තිබේ.

    ආශ්‍රිත පුවත්: තම කල්ලියටත් හොරෙන් සජිත් තම වෙන්ට ආර්යාව සමඟ කරු හමුවෙන්න මහ රෑට රෑට යති

  • රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දී, රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානී අර්ජුන කළ කුප්ප වැඩේ (වීඩියෝ)

    රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දී, රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානී අර්ජුන කළ කුප්ප වැඩේ (වීඩියෝ)

    පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීතිය දීර්ඝ කිරීම සහ පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ විවාදයේදී මෙරට කුප්‍රකට ක්‍රිකට් දේශපාලඥයෙකු සහ රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානියා වූ අර්ජුන රණතුංග විසින් කිසිදු අවස්ථා සම්බන්ධයක් නොමැතිව අදාළ මාතෘකාවෙන් පිටපනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් සම්බන්ධයෙන් ආඩිපාලි කියමින් ඉතා නිර්ලැජ්ජිත අයුරු හැසිරුණු අතර ඊට එසැනින් පිළිතුරු දීමට තිලංග සුමතිපාල මහතා කටයුතු කළේය. එහෙත් ඔහු රණතුංගලාගේ ඡන්මයෙන් එන සල්ලාල, බයිබෝස් ක්‍රමයට හාත්පසින්ම වෙනස් අයුරුකින් මීට පිළිතුරු දුන් ආකාරය පාර්ලිමේන්තු සිටි සියල්ලන්ගේ ගෞරවයට පාත්‍රවීම සුවිශේෂී සිදුවීමක් විය.

    ක්‍රිකට් සහ දේශපාලනය මතින් දුවන රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානී අර්ජුන රණතුංග නැඟූ චෝදනාවලට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සහ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

    “වර්තමානයේ අපේ අප්‍රියෙල් 21 වෙනිදා පාස්කු ඉරුදින වෙච්ච සිද්ධියෙන් පස්සේ ලංකාවට ආව ප්‍රධානම අවස්ථාව තමයි මේ බංගලිදේශ ශ්‍රී ලංකා තරඟාවලිය 21වෙනිදායින් පස්සේ ආණ්ඩුවක් හැටියට ඒ වගේම අගමැති තුමාත් ජනපතිතුමාත් කටයුතු කිරීම පිළිබඳව මේ රටේ හැමෝම මං හිතන්නේ අපි කටයුතු කරන දේ දිහා බැලුවම ගිය පණිවුඩය නම් සුභවාදී නෑ. මොකද 9/11 එකේ ඇමරිකාවට ගහපු වෙලාවේ මුළු රටේ සියළු දෙනා ඒ වෙලාවේ හිටියේ බුෂ් ජනාධිපති තුමාත් එක්ක එකතුවෙලා ක්‍රියාත්මක කලා.

    නමුත් අපි කලේ හතර වෙනිදා ආපු ලියුම මොකද පස් වෙනිදා ආපු ලියුම මොකද මොකද්ද කරේ කියලා අතීතයට ගිහිල්ලා වෙච්ච ඒවා සොය සොය ඒවට වැරද්ද ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට, පොලිස්පතිතුමාට යන නිලධාරි වටා ගිහිල්ලා අපි විශ්වාසය පළුදු වෙන ආකාරයට ක්‍රියාත්මක වුනා. මේ හදිසි නීතිය මේ මාසය තුල පමනක් නෙවෙයි තව මාස දෙකක් වත් තුනක් වත් තියාගන්න සුදුසු නම් ඒ වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට අපි සම්පූර්ණ සහයෝගය දෙන්න ඕන.

    අද මේ මාර්තෘකාව වෙලාවෙත් කිසිම සම්බන්ධයක් නැති ක්‍රිකට් ක්‍රීඩාව ගැන කථාකරලා අර්ජුන රණතුංග මහතා මඩ ව්‍යාපාරයක්, මඩ ප්‍රහාරයක් එල්ල කරමින් මේකත් පාවිච්චි කලා ඔහුගේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණ තුනක් ඔහු සභාපතිවරණෙට ඉල්ලලා පැරදුණා, උප සභාපතිට ඉල්ලා දෙපාරක් පැරදුනා. ඔහුගේ මල්ලිත් එක්ක ඉල්ලලා පැරදුනා. ඒ නිසා එහි සාමාජිකයින් කිසිසේත් විශ්වාස කරන්නේ නෑ. ඔහු තරඟ පාවා දෙන්න ඩොලර් 15000 ක් අරගත්ත කියන ඉතිහාසයේ තියන ඔහු චූදිතයෙක් වෙලා සිටිය නිසා, ඔහු පරිපාලනය කරපු කාලයේදි නොයෙකුත් දේවල් කරලා වැරදි කරපු නිසා විශ්වාසයක් නෑ .

    ඒකට මට කරන්න දෙයකුත් නෑ. ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලි සාමාජිකයින්ට කරන්න දෙයක් නෑ. ඔහු පරිපාලකයෙක් හැටිය විශ්වාස කරන්නෙත් නෑ කැමතිත් නෑ. ඒ වගේම මම කියන්න ඕන අර්ජුන රණතුංග මහත්මයත් ප්‍රමෝද වික්‍රමසිංහ මහත්මයත් තමයි මේ ඇන්ජලෝ මැතිව්ස් මහත්මය අපේ කැප්ටන් මැච් ෆික්සිං කරනවා කියලා කොම්ප්ලේන් කරේ. ඒ කරාට පස්සේ FCID දාලා පොලිසියෙන් ගිහිල්ලා හොයලා පරීක්ෂණ කරලා ඇන්ජලෝ මැතිව්ස් ව සම්පූර්ණයෙන් විනාශ කලා.

    ඔහු කැප්ටන්සියෙන් ඉවත් කලා. ඊට පස්සේ ඔහුට මානසික තත්වයක් තිබුණෙ නෑ ක්‍රීඩා කරන්න. අපි ඕස්ට්‍රේලියාවට 3-0 ගහලා තිබිච්ච කණ්ඩායම නැවත සම්පූර්නයෙන්ම අපේ කණ්ඩායම ඒ ප්‍රමෝදය සහ අර්ජුන තමයි ආරම්භ කලේ විනාශ කරන්න. ඊට පස්සේ අපිට තේරුම් කමිටුවට ඇඟිල්ල දැම්මා ඒට පස්සේ ක්‍රිකට් වැටෙන්න පටන් ගත්තා.

    ඒ නිසා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ දෙන් අපි බොහොම අමාරුවෙන් පෙබරවාරි 21 න් පස්සේ චන්දෙන් තමයි අපි තෝරා පත් වුනේ. කණ්ඩායමට අවශ්‍ය පසුබිම හදමින්, පුහුණු කරුවෝ හදමින් අවශ්‍ය නායකත්වය හදාගෙන යනව. ඉතින් මේවට දේශපාලන ඇඟිලි ගහලා හැමතිස්සෙම පෞද්ගලික තමන්ගේ අවශ්‍යතාවය මත ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ඇඟිලි ගැහුවම වෙන්නේ පරිපාලනයට තියෙන තරහ මත ක්‍රීඩාවෙන් පලිගන්න එක. ඒ නිසා අපිට නිදහසේ පාලක මණ්ඩලයේ අවශ්‍ය කටයුතු කරගෙන යන්න දුන්නා නම්, තමන්ගේ ඒ පෞද්ගලික දේවල් පාර්ලිමේන්තුව පාවිච්චි කරලා මේක විනාශ කරන්න දෙන්නේ නැතුව මෙතන අපිට පුළුවන් ඒ තත්වයට මුහුණ දෙන්න. ක්‍රීඩා ඇමති වරයෙක් ඉන්නවා.

    එතුමා එක්ක අපි සාකච්ඡා කරනවා. එතුමාට අපි අවශ්‍ය තොරතුරු ලබා දීලා තියනවා. දැන්පාර්ලිමේන්තුව පාවිච්චි කරමින් හදනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රිති වෙනස් කරන්න. ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීති වෙනස් කරන්න පාර්ලිමේන්තුවට පුළුවන් කමක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. පාර්ලිමේන්තුවට පුළුවන් ක්‍රීඩා නීති වෙනස් කරන්න.

    ක්‍රිකට් නීතී වෙනස් කරන්න පුළුවන් අයි සී සී එකට. ඒ නිසා මේ අයි සී සී එකේ රාජකාරි, ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රිති වෙනස් කිරීමේ හැකියාවක් ක්‍රිකට් නීති වෙනස් කරන්න කියලා පාර්ලිමේන්තුවට පුළුවන් කියලා මං හිතන්නේ නෑ.හැබැයි ක්‍රීඩා නීති වෙනස් කරන්න පුළුවන්. ඒකට අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙන්න කැමතියි.

    ඒ වගේම පාලක මණ්ඩලයේ ව්‍යවස්ථානුකූලව සියළු දේවල් කරලා තියෙනවා. කටයුතු කරලා තියෙනවා. ඒවගේම ගිය අවුරුද්ද ඇතුලත මාස 10 ක්ම ඉන්ටරිං කොමිටියක් එහෙම නැත්නම් ක්‍රීඩා ඇමතිතුමායි පාලනය කලේ. ඒ පාලනය කරපු කාලේ මේක කඩාගෙන වැටුනා. නායකයෝ වෙනස් කලා. කණ්ඩායම වෙනස් කලා. පුහුණු කටයුතු වෙනස් කලා. ඉතින් අපි මේක දැන් සන්සුන් කරගෙන හදාගෙන යනවා. බොහොම උවමනාවෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුව පාවිච්චි කරලා මේ කණ්ඩායම කඩා වට්ටන්න එපා කියලා”.

  • පූජ්‍ය ඥානසාර හිමි නිදහස් කරගැනීමේ Game Plan එක සහ NGO මිෂන් එක

    පූජ්‍ය ඥානසාර හිමි නිදහස් කරගැනීමේ Game Plan එක සහ NGO මිෂන් එක

    බොදු බල සේනා සංවිධානයේ මහලේකම් අතිපූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම මීට් මාස කිහිපයකට පෙර ආරම්භ වී ඉතා සූක්ෂම සිදු වූ සැලසුම් සහගත සැලැස්මක් බව මේ වන විට අනාවරණය වේ.ජනාධිපතිවරයාගේද අනුදැනුම මත සිදු වූ සැලසුම් සහගත ක්‍රියාදාමයක් වන අතර අවසාන මොහොතේ එය අවුල් කොට කඩාකප්පල් කිරීමට විවිධ උත්සහයන් ගත්බවද අනාවරණය විය.

    නියෝගය අභිබවා ගිය කොන්ත්‍රාත්තුව

    පෙරේදා(22) දිනයේ ජනාධිපතිවරයා ජනාධිපති සමාව යටතේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසට වූ නියෝගයට අත්සන් තැබීමත් සමඟම මෙරට විදේශ මුදල් යටතේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් පැය කිහිපයක් ඇතුලත එක්ව සක්‍රීය ක්‍රියාන්විතයක් දියත්කොට ඇත. මෙම රාජ්‍ය නොවන සංවිධානවලට ඥානසාර හිමියන් සිරගත කිරීමේ සිට උන්වහන්සේ නිදහස් කරගැනීම වෙනුවෙන් දියත් වන කිසියම් ක්‍රියාන්විතයක් වේද එම ක්‍රියාන්විතයන්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා මෙම ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධාන දෙකට මිලියන 10ක් සහ මිලියන 80ක් වශයෙන් විදේශාධාර ලැබී ඇත.

    වලේ වැටුණු විට අතහැර දැමූ හැටි

    වසර 06කට සිරගත කරන ලද ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා උන්වහන්සේ නායකත්වය දුන් බොදුබල සේනා සංවිධානයවත් මේ මහපොලොවේ සක්‍රීය මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු දක්නට නොලැබුනු අතර විටින් විට මාධ්‍ය සාකච්ඡා පමණක් පැවැත්වෙමින් තිබිණ.

    එහෙත් ඥානසාර හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් සක්‍රීය ක්‍රියාදාමයක් නොවූ අතර බොහෝ බෞද්ධ සංවිධානවල ප්‍රධාන ස්වාමීන්වහන්සේලා ගැලවිජ්ජාවට කටයුතු කළ බව කැපීපෙනුනි. නමුත් ඥානසාර හිමියන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් සංවිධානය වුණු තරුණ ස්වාමීන්වහන්සේලා පිරිසක් පසුගිය 2018 වසරේ නොවැම්බර් මාසයේ දිනෙක “ඥානසාර ස්වාමින්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලා” ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කොට සංදේශයක් භාරදීමට පැමිණි අතර ජනාධිපති කාර්යාලයේ ආරක්ෂාව භාර ව සිටි ආරක්ෂක අංශ කළේ එම ස්ථානයෙන් ඉවත් නොවූ භික්ෂූන් වහන්සේලාට අධි පීඩක ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කිරීමයි. භික්ෂූන් වහන්සේට එල්ල කළ එම නින්දිත ප්‍රහාරය එදින මාධ්‍ය වාර්තා කොට තිබුණේ මෙසේය.

    තිරය පිටුපස සිටි දැවැන්තයා

    මෙම සිදුවීම ජනාධිපතිවරයාට සැලවීමත් සමඟම ඔහු සමඟ ඒ මොහොතේ සිටි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාව එය සම්බන්ධීකරණය සඳහා යෙදවීය. එතැන් පටන් ඥානසාර හිමියන්ව “ජනාධිපති සමාව” යටතේ නිදහස් කරනවාද? නැද්ද? යන්න පිළිබඳව අධ්‍යයනයත්, අදාළ කටයුතු මෙහෙයවීමත් සිදුකරන ලද්දේ තිලංග විසිනි.

    මෙහිදී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ඥානසාර හිමියන් බොදු බල සේනා සංවිධානය මෙහෙවමින් හැසිරුනු ආකාරය සහ උන්වහන්සේගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙනි. එහෙදී අවස්ථා කිහිපයකදී තිලංග සුමතිපාල ඥානසාර හිමියන්ව පෞද්ගලික හමු වී සාකච්ඡා කර ඇති අතර උන්වහන්සේ සතු ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් වූ තොරතුරුද මෙහිදී ලබා දී ඇත. එම තොරතුරු වල සත්‍ය අසත්‍යතාවයන් සෙවීමට ජනාධිපතිවරයා විසින් බුද්ධි අංශ වෙත කරුණු කාරණා යොමු කොට ඇත. ඥානසාර හිමියන් ලබා දී තිබූ එම තොරතුරු වල පසුගිය වසර 10ක පමණ කාලයක සිට ඉස්ලාමීය අන්තවාදය සහ එම අන්තවාදී සංවිධානවල ව්‍යාප්තියත් ඒවායේ අන්තවාදී සාමාජිකයින්ගේ අතිශය රහසිගත තොරතුරු රාශියකුත් අන්තර්ගත වී ඇති අතර පසුගිය පාස්කු 21 වනදා තව්ජීද් ඡමාත් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ එම තොරතුරුවල සඳහන් වූ කරුණු සත්‍ය බව වඩ වඩාත් තහවුරු වී ඇත. තවද ඥානසාර හිමියන් ලබාදුන් තොරතුරු අනුව තව්ජිද් ජමාත් ත්‍රස්තවාදී නායක සහරාන් පිළිබඳවත්, එම ත්‍රස්ත ජාලය පුහුණු වීම් සිදුකළ ස්ථාන පිළිබඳවත් ආරක්ෂක අංශවලට අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.

    ඇස් පනා පිට හෙළි වු සත්‍යය

    එම තොරතුරු වල සත්‍ය අසත්‍යතාවයන් සෙවීමට ජනාධිපතිවරයා විසින් බුද්ධි අංශ වෙත කරුණු කාරණා යොමු කොට ඇත. ඥානසාර හිමියන් ලබා දී තිබූ එම තොරතුරු වල පසුගිය වසර 10ක පමණ කාලයක සිට ඉස්ලාමීය අන්තවාදය සහ එම අන්තවාදී සංවිධානවල ව්‍යාප්තියත් ඒවායේ අන්තවාදී සාමාජිකයින්ගේ අතිශය රහසිගත තොරතුරු රාශියකුත් අන්තර්ගත වී ඇති අතර පසුගිය පාස්කු 21 වනදා තව්ජීද් ඡමාත් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ එම තොරතුරුවල සඳහන් වූ කරුණු සත්‍ය බව වඩ වඩාත් තහවුරු වී ඇත.

    ඒත් සමඟම ඉස්ලාම් අන්තවාදයට එරෙහිව රටේ දස දෙසින් නැඟුනු විරෝධයත් ඥානසාර හිමියන් එදා කියූ දෙය අද ඇස් පනා පිට සිදුව තිබෙන වාතාවරණයත් තුල එදා සිට අද දක්වා ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හඬ නැඟූ ඥානසාර හිමියන් නිදහස් කළ යුතු බවට දේශපාලනයින් ඇතුළු සිවිල් සංවිධානවලින්ද ඉල්ලීම් ඉදිරිපත් වීමට පටන් ගත්හ. ඒ වන විටත් තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ඥානසාර හිමියන්ට “ජනාධිපති සමාව” ලබාදී නිදහස් කරගැනීමට අදාළ කටයුත්තේ සෑහෙන වැඩ කොටසක් අවසන් කර තිබී ඇත.

    කෙසේ වෙතත් අවසාන වශයෙන් පසුගිය වෙසක් පොහෝ දින ඉතිහාසයේ වැඩිම සිරකරුවන් ප්‍රමාණයක් නිදහස් කිරීම වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ පැවති උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ඥානසාර හිමියන්ව බන්ධනාගාර රෝහලේදී හමුවී විනාඩි 30කට ආසන්න කාලයක් සාකච්ඡා කොට ඇති බවටද වාර්තාවේ.

    අවසන් හෝරා කිහිපයේ කුමන්ත්‍රණය

    අවසානයේ එහි ප්‍රථිපලයක් ලෙස “විශේෂ ජනාධිපති සමාව” යටතේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස ලැබූවද, එය ප්‍රමාද කිරීම සඳහා අවසන් මොහොත දක්වා ඉතා සූක්ෂම මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට තිබුණි. පැකිලීමකින් තොරව ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කළ යුතු වුවද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අධිකරණ සහ බන්ධනාගාර කටයුතු ඇමතිනි තලතා අතුකෝරල ලිපි ලේඛන වටේ ගස්වමින් විශාල කාලය කා දැමීමක නිතර වුණු බවක් පෙනෙන්ට තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ පාර්වශයෙන් ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ධනාත්මක ස්ථාවරක සිට ඊට සහය දැක්වීමට ඉදිරිපත් වූයේ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පමණි.

    ඒ වන විට අප ඉහත සඳහන් කළ රාජ්‍ය නොවන සංවිධාන මඟින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියව භාවිතා කරමින් අධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරමින් “ජනාධිපති සමාව”ට එරෙහිව අතුරුතහනම් නියෝගයක් ගැනීමට සැලසුම් කොට තිබූ බවට තොරතුරු වාර්තා විය. එසේම රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයෙකු වන කුප්‍රකට නීතීඥයෙකුද අද සමාජජාල මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඥානසාර හිමියන් නිදහස් කිරීම දෝෂදර්ශනයට ලක්කොට තිබිණ.

    අධිකරණයට අපහාස කිරීම, අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත් වීම, වින්දිත පාර්ශවයකට තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අධිකරණය විසින් වරදකරුවකු කර වසර 19ක බරපතල වැඩ සහිත සිරදඬුවම් වසර 6කින් ගෙවී යන පරිදි ලබාදී තිබූ දඬුවම මාස 9ක් ගෙවී යද්දී තමා සතු විධායක බලතල යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කළේය.

  • මෝදිට ඓතිහාසික ජයක්!

    මෝදිට ඓතිහාසික ජයක්!

    ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ජයග‍්‍රහණය කර ඇත. ඉන්දීය මහා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට ආසන 347 ක් හිමි වෙද්දී කොංග‍්‍රස් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 90 ක් පමණි.

    මෙම ජයග‍්‍රහණය මගින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන ජනප‍්‍රිය භාවය නැවත වරක් තහවුරු වී ඇත. භාරතීය ජනතා පක්ෂයට 2014 දී ලැබූ ජයග‍්‍රහණයට වඩා විශිෂ්ට ජයග‍්‍රහණයක් මෙවර හිමි වී ඇත.

    ඉන්දියාව පුරාම මෝදී රැල්ල වඩා හොඳින් පැතිර ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

    ඉන්දියානු පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 272 ක් අවශ්‍ය වන අතර භාරතීය ජනතා පක්ෂය එම ප‍්‍රමාණය දැනටමත් සපුරා ඇත. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයෝ අටදහසක් පාර්ලිමේන්තු ආසන 543ක් වෙනුවෙන් තරග කළහ.

    උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ආසන 80 න් 55 ක්ම භාරතීය ජනතා පක්ෂය විසින් ජයග‍්‍රහණය කර ඇත.

  • වීදි නාම පුවරුවලින් අරාබි භාෂාව ඉවතට

    වීදි නාම පුවරුවලින් අරාබි භාෂාව ඉවතට

    දිවයින පුරා ඇති සියලුම වීථි නාම පුවරු සිංහල, දෙමළ‍ සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් සමන්විත විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (22) අභ්‍යන්තර කටයුතු හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙත උපදෙස් දී තිබේ.

    සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා හැර වෙනත් භාෂාවලින් කිසිදු වීථි නාම පුවරුවක් නම් නොකළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා අභ්‍යන්තර කටයුතු හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත දැනුවක් කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

  • කිරිඇල්ල සහ සහචරයෝ ජනපතිට මඩ පත්තර ගසා අතටම හසුවෙති (මෙන්න සාක්ෂි)

    කිරිඇල්ල සහ සහචරයෝ ජනපතිට මඩ පත්තර ගසා අතටම හසුවෙති (මෙන්න සාක්ෂි)

    ජනපතිට විරුද්දව රටපුරා පන්සල්වලට රාජ්‍ය විරෝධී කැලෑ පත්තර තැපැල් කරමින් සිටියදී ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල නිළධාරින් අත් අඩංගුවට පත්ව තිබේ.

    පසුගිය පාස්කු ඉරිදා දිනයේ රට පුරා ස්ථාන කිහිපයකට බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලද ජාතික දවුහිද් ජම්මාද් සංවිධානයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීප ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු සම්බන්ධ යයි සදහන් ලිපි දහසක පමණ ප‍්‍රමාණයක් රට පුරා ප‍්‍රධාන විහාරස්තාන වෙත තැපැල් කිරීමට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී තැපැල් කිරීමට සූදානම් වූ අවස්ථාවේ අත්අඩංගුවට ඇති පුද්ගලයන් දෙදෙනෙකු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ කටයුතු කරන්නන් වෙයි.

    ඉන් දෙදෙනෙක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ සහ අනෙක් සැකකරු මාර්ග සංවර්ධන අධිකාරියේ මාද්‍ය ඒකකයේ වෙයි.රාජ්‍ය විරෝධී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස මෙසේය.

    සම්පත් කුමාර – මාර්ග සංවර්ධන අධිකාරිය
    ඩබ්.එම්.ඩී.පී. බණ්ඩාර – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
    පටබැදිගේ කවිදු තක්ෂිල වීරසේකර – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය

    (අදාල ලිපියද අප සතුව ඇතත් රාජ්‍ය විරෝධී ලේඛණයක් ලෙස සැලකෙන බැවින් එය ප‍්‍රසිද්ධ නොකරමු.)

  • ඇමතිවරු තම පවුල්වලටත් ආරක්ෂාව ඉල්ලති

    ඇමතිවරු තම පවුල්වලටත් ආරක්ෂාව ඉල්ලති

    පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂ මැති මන්ත්‍රීවරුන් විශාල පිරිසක් අමතර ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

    මෙසේ ආරක්‍ෂාව ඉල්ලා ඇති මන්ත‍්‍රීවරුන් පිරිස 100 කට වඩා වැඩි බව සදහන්ය.

    පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මෙම පිරිස වැඩි ආරක්‍ෂාවක් ඉල්ලා ඇත්තේ තමනට ජීවිත තර්ජන ඇති බව කියමිනි.

    බොහෝ දෙනෙකු තම පවුල්වල සාමාජිකයන්ටද ආරක්ෂාව දෙන්නැයි ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.

  • සරසවි අරින්න උපකුලපතිවරු කල් ඉල්ලති

    සරසවි අරින්න උපකුලපතිවරු කල් ඉල්ලති

    පාසල් ලබන 6 වැනිදා ආරම්භ කළද විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම දින කිහිපයක් කල් දමන ලෙස උපකුලපතිවරුන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ. 

     තත්ත්වය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය අතට පත්වන තෙක් විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සුදුසු නොවන බවද උපකුලපතිවරු පෙන්වා දී ඇත. 

     කෙසේ වුවද විශ්වවිද්‍යාලවල හා නේවාසිකාගාරවල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.