අගමැති වැය ශීර්ෂය අත්හිටුවන ලෙසට එක්සත් ජාතික පෙරමුණ කථානායකවරයාට ඉදිරිපත් කර ඇති යෝජනාවට බාධා නොකොට ඡුන්ද විමසීමක් පවත්වා හැකිනම් පාර්ලිමේන්තුවේ බහුතර ඡුන්දයෙන් එය පරාජයට පත් කරන ලෙස අභියෝග කරන බව හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (21 ) පැවැසීය.
පවතින දේශපාලන තත්ත්වය හා ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධව දැනුවත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් හමුවෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
විරුද්ධ පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතරය ඇතිනම් ඡන්දය ප්‍රකාශ කොට යෝජනාව පරාජයට පත් කළ හැකි බවත් එසේ නොකොට ඊට බාධා කිරීමට උත්සාහ කළොත් පෙනී යන්නේ ඔවුනට බහුතර බලය නොමැති වීම බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී කීය.
පාර්ලිමේන්තුවට ගෙන එන ලද විශ්වාසභංගය සම්මත වී ඇති බැවින් මේ වන විට ආණ්‌ඩුවක් හෝ කැබිනට් මණ්‌ඩලයක් නොමැති බැවින් අගමැතිවරයාට මුදල් වෙන් කිරීමටද කිසිදු නෛතික බලයක් නැතැයිද හිටපු අගමැතිවරයා පැවැසීය.
එබැවින් විශ්වාසභංග යෝජනාවට අමතරව ගෙන එන මෙම යෝජනාව ජයග්‍රහණය කළහොත් වත්මන් අගමැතිවරයාට රජයේ මුදල් ප්‍රතිපාදන නොලැබෙන බවත් එබැවින් හැකිනම් මෙය පරාජයට පත් කිරීමට ක්‍රියා කරන ලෙස අභියෝග කරන බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් එක්‌සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව ජයග්‍රහණය කරවීමට ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවද රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.






අවසානයේ රන්ජන් රාමනායක අරලියගහ මැඳුරේ තිබී රන් ආලේපිත කඩුවක් සොයා ගත්තේය. පසුව සොයා බැලීමේදී එය සිහිවටනයක් ලෙස අරලියගහ මන්දිරයට ලැබුණු කඩුවකි. එහෙත් රන්ජන් එය රත‍්‍රන් කඩුවක් යැයි පවසා නාමල්ට චෝදනා එල්ල කළහ.
ඉන්ධන පිරවුම් හලක් අසල රත‍්‍රන් පාට වර්ණයෙන් යුතු මෝටර් රථයක් ඉන්ධන ගසන අයුරුත්” ඉන් පසු එම මෝටර් රථය ඉන් පිටව යන අයුරුත් දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ වෙබ් අඩවි ජාලාවල හුවමාරු වෙමින් තිබිණි. ඒ පින්තූර තුළට නාමල් රාජපක්‍ෂගේ පින්තූරයක් ද එකතු කර තිබිණි. එයට අමතරව එහි සඳහන් වි තිබුණේ තාත්තා අගමැති වීමත් සමග නාමල් රාජපක්‍ෂ යළි රත‍්‍රන් කාර් පැදීමට පටන් ගෙන ඇති බවයි.
මං ඕකට කතාවක් කියන්නම්. ඔය දෙමළ ඇමැතිවරු කතා කරනවා අයිතිය” වෙච්ච දේවල් ගැන” ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන. මං ඔය දේශපාලනය වැඩිය දන්නේ නෑ. ඇත්තටම කිළිනොච්චියේ වෙච්ච දෙයක් මේක සති දෙකකට කලින්. අවුරුදු 9 ක කෙල්ලෙක් සියදිවි නසාගත්තා. හේතුව මොකද දන්නවද? නිළ ඇඳුම් ප‍්‍රශ්නේ. ඒ පවුලේ ළමයි 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ට 12යි. අනිත් එක්කෙනාට 7යි. අනිත් කෙනාට 9යි. තාත්තගේ දවසේ පඩිය දෙසීයයි. අම්මා තමයි ළමයි බලාගන්නේ. බොහොම අමාරුවෙන් එක වේලක් කන්නේ. ඉස්කෝලෙට යවනවා තුන් දෙනාවම. ඒ ඇඳුම් සවුත්තු වෙලා හරි මොකක් හරි වෙලා දෙතුන් පාරක් ටීචර් කිව්වා අලූත් එකක් ගන්න. දැන් කූපන් එකක්නේ දෙන්නේ. අරගෙන මහගන්න ඕන. ඉතින් ඕක ගත්තට පස්සෙ මහගන්න රුපියල් 200ක් 250ක් යනවලූ. ඒ සල්ලි නෑ. බැලූවා බැලූවා අන්තිමට මේ ළමයා සියදිවි නසාගත්තා. ඒක බලන්න එක්කෙනෙක්වත් එක ඇමැතියෙක්වත් නෑ. කවුරුත් දන්නෙත් නෑ. අපේ තියෙනවා දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න පදනමක්. එයාලට මේක ආරංචි වුණා. මේක දුන්නට කියනවා නෙමේ මං 25000ක් දුන්නා. අනිත් ළමයි දෙන්න වෙනුවෙන් හැම මාසෙම රුපියල් 10000 ගානේ දෙනවා. අඩුම ගානේ මේ වගේ තව එක දෙයක් වත් සිද්ධ නොවෙන්න. එක මන්ත‍්‍රී කෙනෙක් නෑ. එක ඇමැතියෙක් නෑ. ඒ අම්මා අඬනවා.







