Category: සුපිරි Walks

  • මින් පෙර ගෝඨාභිගමනය කළ ගෝඨා මෙවර කාටත් හොරා පැන ගිය හැටි (වීඩියෝ)

    මින් පෙර ගෝඨාභිගමනය කළ ගෝඨා මෙවර කාටත් හොරා පැන ගිය හැටි (වීඩියෝ)

    මින් පෙර ඇමෙරිකාවේ සිට උත්සවශ්‍රීයෙන් “ගෝඨාභිගමනය” කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර සිංගප්පුරුවේ සිට මහ රාත්‍රීයේ පැමිණ මාධ්‍යයටවත් පෙනී නොසිට හොර රහසේ පැනගොස් ඇත.

    සිංගප්පුරුවේදී හදවත් සැත්කමට භාජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී 11.45ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බව සදහන්ය.

    මේ වන විට අයහපත් සෞඛ්‍යය තත්වයෙන් පසුවන ගෝඨාභය රාජපක්ෂ මහතාට මාස 06ක් වත් අඩුම තරමින් අනිවාර්යෙන්ම විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අතර එසේ නොවුවහොත් ජීවිතය දැඩි අවදානම් තත්වයකට පත්විය හැකිබවටද අනතුරු අඟවා ඇත. මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපතිවරණයට කැඳවීමට දඟලමින් සිටින කොල්ලො කුරුට්ටන් රැලකගේ බලාපොරොත්තු සුන් වී ඇතැයිද වාර්තාවේ.

    මේ අසනීප තත්වයෙන් පසුවන ගෝඨාභය මහතාගේ සුවදුක් බැලීමට දින දෙක තුනකට පෙර සිංගප්පුරුවට ගිය ඔහුගේ සමීපතමයෙකු වන ජෙනරාල් වීරාද සොයිසා මහතා සමඟ සිටින ජායාරූපයක් වන අතර මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඳී වැහැරී ගොස් සිටින අයුරු මෙයින් පෙනෙයි.


  • ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා මම කියලා නෑ-මහින්ද (Video)

    ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා මම කියලා නෑ-මහින්ද (Video)

    මීළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව තමන් කිසිදු විටෙක පවසා නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය.

    පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුව ඊයේ දිනයට මාස 3ක කාලයක් ගත වී ඇති බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා එයට තම කණගාටුව පළ කරන බව ද කියා සිටියේය.

    තුවාල ලැබූ අය අදටත් රෝහල්වල මිය ඇදෙන බව පැවසු රාජපක්ෂ මහතා, ඔවුන් කෙරෙහි රජයේ නිසි සැලකිල්ලක් නොමැති බව ද පැවසීය.

    රටේ ආරක්ෂාව තහවුරු වී ඇතැයි එක් කෙනෙක් පවසන විට තව කෙනෙක් ආරක්ෂාවක් නොමැති බව පවසන බවත් සඳහන් කර සිටි රාජපක්ෂ මහතා, සරත් ෆොන්සේකා මහතා ඉතා පැහැදිලි ලෙස තවමත් ත්‍රස්තවාදය තුරන් වී නොමැති බව පවසන බවද කියා සිටියේය.

  • සජිත්ට තව කල් තියෙනවා, කරූට අවස්ථාව දිය යුතුයි – විද්වතුන් එක හඬින් කියති(වීඩියෝ)

    සජිත්ට තව කල් තියෙනවා, කරූට අවස්ථාව දිය යුතුයි – විද්වතුන් එක හඬින් කියති(වීඩියෝ)

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි.

    සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් මෙම ඉල්ලීම සිදුකළේය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ, නිහඬ චරිතයක් ලෙස කථානායකවරයා හැඳින්විය හැකි බවයි. දේශාපලනයෙන් ඔබ්බට ගොස් ඔහුගෙන් සිදුවු සේවය ගැන ඇගයීමක් සිදු කල යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන දැනට සිටින කාලීනම දේශපාලනඥයා කරූ ජයසූරිය බවයි.

    කැළණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ආරියවංශ දිසානායක මහතා කියා සිටියේ, කරූ ජයසූරිය මහතා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අභීතව කටයුතු කළ අයෙක් බවයි. සජීත් ප්‍රේමදාස මහතාට තව කාලය ඇති බවත් දැන් අවස්ථාව කරූ ජයසූරිය මහතාට ලබා දීමට පක්ෂයේ කෘතියාධිකාරි මණ්ඩලය තීරණය කළ යුතු බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.


  • නියෝමාල් රංගජීවට සහ එමිල් රංජන්ට අධිචෝදනා

    නියෝමාල් රංගජීවට සහ එමිල් රංජන්ට අධිචෝදනා

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා යන විත්තිකරුවන්ට ඊයේ (18) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

    ඒ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරණයට පත් කිරීමේ සිද්ධියේ චෝදනාවලට අදාළවයි.

    මෙම නඩුව අද ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

    විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම අවස්ථාවේදී සැකකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති වුවත් නඩු විභාගය ආරම්භ වීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්න ලෙස ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බවයි.

    විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කිරීමට යන ඉල්ලීම පිළිබඳව සුදුසු අවස්ථාවේදී විරෝධතා දැක්වීමට තමන් අපේක්ෂා කරන බවයි.

    ඒ අනුව එක් එක් විත්තිකරුවෙකු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියම කළේය. විත්තිකරුවන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේ නම් ඒවා අධිකරණය වෙත භාරදිය යුතු බවත් විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වන ඇපකරුවන් මෙම අධිකරණ බල සීමාව තුළ පදිංචිකරුවන් විය යුතු බවටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝගයේ සඳහන් වුණි.

    රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින ඉමදුව ගේ ඉන්දික සම්පත් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශයකට පලා ගොස් ඇති බවත් ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීම සඳහා ඉදිරියේ දී ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බවත් දන්වා සිටියේය. අනතුරුව නඩුව නැවත අගෝස්තු මස 01 වනදා කැඳවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

    2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුවේ විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව නඩු පවරා තිබෙයි. මෙම සිද්ධියේදී මරණයට පත් වූ රැඳවියන් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අය බව ද නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා වල සඳහන් වේ.

    දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි මතභේදයට තුඩු දුන් මෙම නඩු කටයුත්ත ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සුදුසු බැවින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අගවිනිසුරුවරයා විසින් පත්කොට ඇත.

  • ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ගැලවූ ෆේස්බුක් ආයතනය මෙවර ඉරාජ්ගේ කලිසමත් ගලවයි

    ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ගැලවූ ෆේස්බුක් ආයතනය මෙවර ඉරාජ්ගේ කලිසමත් ගලවයි

    ඉරාජ් වීරරත්න විසින් නිරතුරුව සිදුකළ සමාජ විරෝධී ක්‍රියා හේතුවෙන් මීට පෙර ඔහුගේ ෆේස්බුක් පිටුව ගැලවූ ෆේස්බුක් ආයතන මෙවර ඔහුගේ කලිසමද ගලවා ඇති බව ඔහු විසින් අටවා ගත් අලුත් පිටුවේ සඳහන් කර තිබුණේ මෙසේය.

    තමාගේ ෆේස්බුක් පිටුව ගැලවූ පසු ඉරාජ් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ, රජය විසින් මෙය සිදුකළ බවය. එහෙත් ඊට ඇති සාක්ෂි විමසූ අවස්ථාවේ ඉරාජ් විසින් පැවසූයේ වැල් බයිලාය.

    ආණ්ඩුව විසින් ඉරාජ්ගේ පිටුව ගැලවූ බවට ඉරාජ් විසින් සිදුකරන ලද්දේ බොරු රංගනයක් බවත්, ආණ්ඩු විරෝධී ෆේස්බුක් පිටු විශාල සංඛ්‍යාවක් ආණ්ඩුව විසින් ඉවත් කර ඇති බවටත්, විවිධ වැල් බයිලා ගසමින් ඉරාජ් ආණ්ඩුවට එරෙහිව නැඟු චෝදනා කිසිඳු විද්‍යාත්මක පදනමක් හෝ අවම තරමේ තාර්කික කරුණක්වත් නොමැති මනස්ගාත ගොන්නක් බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය සහ ශ්‍රී ලංකා තොරතුරු සංගමය නිවේදනය නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

    එවැනි පසුබිමක් තුළ ඉරාජ් විසින් තම ජීවිකාව කරගෙන යෑමට ආරම්භ කළ අලුත්ම ෆේස්බුක් පිටුවත් තම වෘත්තීය කොන්ත්‍රාත් දේශපාලනය වෙනුවෙන් ආණ්ඩුව ඇතුළු විවිධ පුද්ගලයින්ට මඩ ගැසීමට යොදාගැනීමත් සමඟම ෆේස්බුක් ආයතනය ඉරාජ්ට රතු නිවේදන එවා ඇත. මේ අනුව තවදුරටත් ඉරාජ් විසින් ෆේස්බුක් ආයතනයේ ආචාරධර්ම උල්ලංඝනය කරමින් තම දේශපාලන කොන්ත්‍රාත් සිදුකිරීමට යෑමෙන් මෙම පිටුවත් අහිමි වී යෑමේ අවදානමක් පවතී.

    එය ෆේස්බුක් ආයතනය සමාජ විරෝධී කටයුතු සිදුකළ ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ගැලවීමෙන් නොනැවතී දෙවන පිටුවෙන් ඔහුගේ කලිසමද ගලවා, ඉතුරු වූ ජංගි කැබැල්ලද ඔලුවෙන් ගැලෙව්වාක් මෙන් වනු ඇත.

  • ගණන් බැරි මංගල නිසා රටට වෙන වින්නැහියක්  (වීඩියෝ)

    ගණන් බැරි මංගල නිසා රටට වෙන වින්නැහියක් (වීඩියෝ)

    “කතරගම ප්‍රදේශයේ වරින්වර විදුලිය විසන්ධි වෙනවා කියලා චෝදනා තිබෙනවා. කතරගම පමණක් නොවෙයි රටේ නොයෙක් තැන්වල මේ තත්ත්වය මෙහෙම සිද්ධ වෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි නිසි ජනන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම. දැන් අපි නිසි ජනන සැලැස්මක් ඇති කිරීමට ක්‍රියාකරමින් සිටිනවා. තව මාස 06 ක් 07 ක් යනකොට ස්ථිර ජනන සැලැස්මක් තුළින් මේ ආකාරයේ වරින් වර විදුලිය බිදවැටීම් සම්පූර්ණයෙන් නවත්වන්න හැකිවේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ සේවක පිරිස් සමග කතා කරලා, එකම තීන්දුවකට ඇවිත් තිබෙන්නේ ස්ථාවර විදුලි ජනන සැලැස්මක් සහිත විදුලි පද්ධතියකට ගමන් කරන්න” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අම්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    කතරගම කිරිවෙහෙර සහ දේවාල පරිශ්‍රයේ පැවති විදුලි ආලෝක පූජාව ඇතුළු පුදපූජා රාශියකට සහභාගි වීමෙන් අනතුරුව, මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍ය කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

    විෂයභාර අමාත්‍යවරයා වශයෙන් කරුණානායක මහතා කතරගම පුදබිමේ, පිවිසුම් මාර්ගයන්හි පැවති විදුලි අඩුපාඩු සම්පූර්ණ කරදීම සහ කතරගම පූජා භූමියට විදුලි ජනක යන්ත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් කතරගම අභිනවාරාමාධිපති ස්වාමීන් වහන්සේ, කතරගම බස්නායක නිළමේ මෙන්ම මොණරාගල දිස්ත්‍රික් ලේකම්තුමියද අමාත්‍යවරයාට විශේෂ ස්තුතියක් පුදකරන ලදී.

    වැඩිදුරටත් මාධ්‍ය හමුවේ සිය අදහස් දැක්වූ කරුණානායක මහතා,

    “ඛනිජ තෙල් සංස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයෙන් කෝටි 6900 ක් ගෙවන්න තිබෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රු. කෝටි 8100 ක් ලැබෙන්න තිබෙනවා. මුදල් අමාත්‍යාංශය කියන්නේ අපට අරමුදල් ලබාදිය යුතු ස්ථානයක්. නමුත් මුදල් අමාත්‍යාංශය මේ අවස්ථාවේ දෙන එකම විසදුම තමයි ණයක් ගන්න කියන එක. ණයක් ගත්තම විදුලිබල මණ්ඩලයත් ඛනිජ තෙල් සංස්ථාවත් යන දෙකටම ණය බරක් ඇති වෙනවා. මේ වගේ කිසිම ඉදිරි දැක්මක් නැතිව වැඩ කිරීම තුළින් නිකරුණේ ආණ්ඩුවේ වියදම් වැඩිවන එක පමණයි වෙන්නේ. පොලී ප්‍රමාණය වැඩිවන විට බැංකු පොහොසත් වීමක් විතරයි වෙන්නේ. අපි මොනදේ වුනත් ගෘහස්ත පාරිභෝගික විදුලිබිල කිසිසේත් වැඩි කරන්න දෙන්නේ නැහැ. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ගැටළුවලට අතදාන්න බලාගෙන ඉන්නේ. මුදල් අමාත්‍යාංශයෙන් ලබාදිය යුතු මුදල් අපට ලබාදෙනවානම්, මේ ගැටළු මේ ආකාරයෙන් ඇතිවන්නේ නැහැ “යැයි පැවසීය.

  • සමාජ මාධ්‍යවල නවතම FaceApp රැල්ල නිසා පරිශීලකයන්ගේ දත්ත අනතුරේ!

    සමාජ මාධ්‍යවල නවතම FaceApp රැල්ල නිසා පරිශීලකයන්ගේ දත්ත අනතුරේ!

    මෑතකදී සමාජ මාධ්‍ය අඩවි වල #AgeChallenge (#FaceAppChallenge) ලැව්ගින්නක් සේ පැතිර යන අතර, සෑම කෙනෙකුම එය රැල්ලකට සිදුකරමින් සිටියි. මෙම යෙදුම හට ජනප්‍රියතාවය හදිසියේ වැඩිවීමත් සමඟ එම යෙදුම භාවිතා කරන පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කරමින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය රැකගැනීමට යෙදුම නිර්මාණය කරන ලද පිරිස් කටයුතු කරන්නේද යන්න පිළිබඳ නව ප්‍රශ්න මතු වී ඇත.

    විශේෂයෙන්ම ඔබගේ ජංගම දුරකතනයේ ඇති සියලුම ඡායාරූප එම යෙදුම නිර්මාණය කල පුද්ගලයන් වෙත උඩුගත කරන්නේද යන්න පිලිබදව විශාල ගැටලුවක් පැනනැගී ඇත. මෙම යෙදුම පිලිබදව ප්‍රශ්න සියල්ලම ආරම්භ වී ඇත්තේ මෙම යෙදුම නිර්මාණය කිරීමට කටයුතු කල පුද්ගලයෙක් මෙම යෙදුම භාවිතා නොකරන ලෙස ට්විටර් පණිවිඩයක් හරහා ට්විටර් පරිශීලකයින්ට අවවාද කළේය අවස්ථාවේදී වේ.

    මෙම යෙදුම නිර්මාණය කල පිරිස් පෞද්ගලික ප්‍රතිපත්ති මාලාවන් හිදී එම යෙදුම භාවිතා කරන පරිශීලකයන් විසින් ඔවුන්වෙත උඩුගත කරන ලද ඡායාරූප කොපමණ කාලයක් රඳවාගෙන සිටිනවාද යන්න පිලිබදව සටහන් කිරීමට අපොහොසත් වී ඇත. තවද මෙම යෙදුම ස්ථාපනය කර ඇති ජංගම දුරකනයේ පවතින ඡායාරූප වලට පරිශිකයාගේ අනුදැනුමකින් තොරව පිවිසීමට හැකියාවක් ඇතැයි නවතම සොයාගැනීම් වලින් හෙළිවී ඇත. මේ නිසා ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට මෙවැනි යෙදුම් රැල්ලට භාචිතා නොකරන මෙන් අප තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  
    සභාපති                         
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

  • සහරාන්ගේ බෝම්බය වගේ නොවෙයි රංජන්ගේ පරමාණු බෝම්බය, මාගල්කන්දේ සුදත්ත හිමි භීතියෙන් (වීඩියෝ)

    සහරාන්ගේ බෝම්බය වගේ නොවෙයි රංජන්ගේ පරමාණු බෝම්බය, මාගල්කන්දේ සුදත්ත හිමි භීතියෙන් (වීඩියෝ)

    රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා රාජ්‍ය අමාත්‍යධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ යුතු බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.

    රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් රාවණා බලය සංවිධානයේ හිමිවරුන් පිරිසක් අද(17) පොලිස් මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

    රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් බෞද්ධ සාසනය අතුගාදැමීමේ උත්සහයක නිරත වන බව මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දෙයි.

    ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ පසුගිය දා එල්ල කරනූ ලැබුවේ මරාගෙන මැරෙන බොම්බයක් බවත් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් එල්ල කරනු ලැබුවේ පරමාණු බෝම්බයක් බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් වැඩිදුරටත් පැවසීය.

  • වසර 49 කින් කිසිවෙකුත් නවීකරණයට නොකළ කිරිවෙහෙරේ ආලෝකකරණය ඇමති රවී අලුත්වැඩියා කරයි! මහා සංඝරත්නය ඇතුළු නිළමේවරු රවීට පින් දෙති (වීඩියෝ)

    වසර 49 කින් කිසිවෙකුත් නවීකරණයට නොකළ කිරිවෙහෙරේ ආලෝකකරණය ඇමති රවී අලුත්වැඩියා කරයි! මහා සංඝරත්නය ඇතුළු නිළමේවරු රවීට පින් දෙති (වීඩියෝ)

    කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ මෙතෙක් නොවිසදී පවතින විදුලිය සම්බන්ධ ගැටළු සදහා කඩිනම් විසදුම් ලබාදිමටත්, විහාරස්ථානයේ ඉදිරි විදුලි සංවර්ධන කටයුතු සිදුකිරීමටත් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ දැනුවත් කර තිබේ.

    ඓතිහාසික රුහුණූ කතරගම මහා දේවාලයේ ඇසල මහා පෙරහැරට සමගාමීව, පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිති කරගනිමින් සංවිධානය කර තිබූ කිරිවෙහෙර වහන්සේ විෂයෙහි පැවැති කප්රුක් පූජාව ඇතුළු කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පැවති පිංකම් මාලාවකට සහභාගීවු අමාත්‍ය රවී කරුණානායක මහතා එම විහාරස්ථානයට අදාළ පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, එම විහාරස්ථානයට අදාළ විදුලි සංවර්ධන කටයුතු ඉටුකිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී තිබිම විශේෂත්වයක් වේ.

    1970 වසරේ ස්ථාපිත කර ඇති කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ආලෝකකරණ පද්ධතිය, මේ වනවිට වසර ගණනාවක් පුරාවට නවීකරණයකට භාජනය කර නොමැත. ඒ අනුව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා, අදාළ විදුලිය නවීකරණ කටයුතු සිදු කිරීමටත්, කිරිවෙහෙර පරිශ්‍රය පුරාවටම නව විදුලි ආලෝකකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමටටත් තමා අවශ්‍ය පියවර ගන්නා බව, කිරිවෙහෙර විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැදැකීම පිණිස පැමිණි අවස්ථාවේ උන්වහන්සේට පොරොන්දු වී තිබේ.

    සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා දේශපාලඥයෙක් විසින් ස්වේච්ඡාවෙන් මෙවැනි උතුම් කර්තව්‍යයක් සිදුකිරිමට ඉදිරිපත්වීම විශිෂ්ට ක්‍රියාවක් බවත්, තමන් රජයෙන් මෙතෙක් මෙවැනි කටයුත්තක් සිදුකර දෙන ලෙසට ඉල්ලීමක් පවා සිදු කර නොමැති බවත්, පොදු මහජනතාව වෙනුවෙන් සිදුකරන මෙම උතුම් කටයුත්ත වෙනුවෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන විෂයභාර අමත්‍යවරයාට තමා ස්තුතිවන්ත වන බවත්, කිරිවෙහෙර විහාරාධිපති ස්වාමීන් වහන්සේ පැවසූහ.

  • බොරු රඟපෑම් සංදර්ශන නැතිව මරණ දඬුවම සරලව සුමටව ඉවත් කළ හැකි එකම ක්‍රමය මෙන්න (වීඩියෝ)

    බොරු රඟපෑම් සංදර්ශන නැතිව මරණ දඬුවම සරලව සුමටව ඉවත් කළ හැකි එකම ක්‍රමය මෙන්න (වීඩියෝ)

    ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවන ලැබූවද එය කොයි මොහොතක හෝ ක්‍රියාත්මක වේයැ’යි අනියත බියක් එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනඟා ඇත.

    කෙසේ වෙතත් මේ සඳහා විවිධ කණ්ඩායම් විසින් සමාජයේ විවිධ විගඩම් ඉදිරිපත් කරමින් තිබුණද වත්මන් අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බව දැනට ප්‍රකාශ කර ඇති හෙයින් මරණ දඬුවම ඉතා පහසුවෙන් ඉවත් කළ හැකි එකම ක්‍රමය හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කර සිටියේය.

    මෙහිදී එය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියේ, රටක නීතිය ක්‍රියාත්මක වන්නේ උසාවියෙන් බවත්, එම නීති සම්පාදනය වන්නේ පාර්ලිමේන්තුවෙන් බවත් එසේ සම්පාදනය වී අද පවතින නීතිප්‍රකාරව අනුමත වුණු මරණ දඬුවමට අනුව අධිකරණය විසින් මේ වන විට 218 දෙනෙකු එල්ලා මරණ ලෙසට නියෝග කර ඇති බවත්, රටේ ජනතාවගේ ඉල්ලීමට සවන් දෙමින් මේ මොහොතේ ජනාධිපතිවරයා සිදුකර ඇත්තේ අධිකරණය ලබාදුන් එම නියෝගය ක්‍රියාත්මක කිරීම බවත්, ජනාධිපතිවරයා එය නොකර සිටීම තුල ජනතාවගේ ඉල්ලීම නොකර සිටියා යන චෝදනාත්මක ප්‍රශ්නයක් ජනාධිපතිවරයාට එල්ල වන බවත්, එම නිසා මෙයට ඇති එකම විකල්පය පවතින නීතිය වෙනස් කිරීම බවත්, ඒ සඳහා එල්ලා මරණ නීතිය ඉවත් කිරීම සඳහා රජයට යෝජනා කළ හැකි බවද, විපක්ෂ නායකතුමාට එතුමා පවසන “ඔබ්, තමාද මෙයට අකමැති බව” පවසමින් අත උස්සා එය සම්මත කරගත හැකි බවත් ඒ තුළින් මරණ දඬුවමේ එල්ලා මැරීම වෙනුවට එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත්කළ හැකි බවද විග්‍රහ කර සිටියේය.

    ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු දරුණුම ඝනයේ අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන මරණ දඬුවම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි ඉතා පහසුවෙන් ඉවත් කරගත හැකිබව කොළඹ දිස්ත්‍රික් ශ්‍රීලනිප නායක තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.

  • පොර ටෝක් දීලා ගෙදර ගිය මුස්ලිම් ඇමතිලා යළි ඇමතිකම් ඉල්ලමින් සිඟමනේ..

    පොර ටෝක් දීලා ගෙදර ගිය මුස්ලිම් ඇමතිලා යළි ඇමතිකම් ඉල්ලමින් සිඟමනේ..

    ආණ්ඩුවේ සිටි වංචා දූෂණ චෝදනා එල්ල වූ කුප්‍රකට මුස්ලිම් ඇමතිලා තිදෙනෙකුට එම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසට කළ බලකිරීම හමුවේ ඊට ප්‍රතිචාර වශයෙන් රජයේ සියලුම මුස්ලිම් මැති ඇමතිවරුන් තම මුස්ලිම් ජාතිය සහ ආගම වෙනුවෙන් මහා සංදර්ශනයක් සිදුකොට ඒවායින් ඉවත් වූ අතර දැන් යළි මොවුන් එම මැති ඇමතිකම් ලබාදෙන ලෙසට ඉල්ලා සිඟමනේ පැමිණෙමින් තිබේ.

    ඒ අනුව අමාත්‍යධූරවලින් ඉවත් වූ සෙසු මුස්ලිම් මන්ත්‍රිවරුන් 7 දෙනා යළිත් පෙර දැරූ අමාත්‍ය ධූර භාරගැනීමට තීරණය කර තිබේ.

    ඊයේ(11) පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදි මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහත්වරුන්, ජුනි 19 වැනිදා පෙර දැරූ අමාත්‍ය ධුරවල යළි දිවුරුම් දුන්නා.

  • එජාපයේ සෙට් එකක් සජිත්ව ජනාධිපති කරන්න හීන දැක්කත්, සජිත් යන්නේ සිරිසේන සමඟ බවට සජිත්ම කියූ කථාව මෙන්න (වීඩියෝ)

    එජාපයේ සෙට් එකක් සජිත්ව ජනාධිපති කරන්න හීන දැක්කත්, සජිත් යන්නේ සිරිසේන සමඟ බවට සජිත්ම කියූ කථාව මෙන්න (වීඩියෝ)

    බන්ධනාගාර ගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයේ කිසිදු වරදක් නැති බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ ඊයේ දින කැස්බෑව කහපොල ප්‍රදේශයේ විහාරස්ථානයක දහම්පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

    ජීවිත සහමුලින්ම වනසන මත් ජාවාරම්කරුවන් ගෙන් මෙරට ලක්ෂ හතළිස් හතරක් පමණ වන පාසැල් දරු පරපුර බේරා ගන්නේ කෙසේදැයි මරණ දඬුවමට විරුද්ධ පිරිසගෙන් තමන් ප්‍රශ්න කරන බව ද ඔහු පැවසීය.

    කෙසේ වෙතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව සමස්ත එක්සත් ජාතික පක්ෂයම පක්ෂයක් ලෙස විරුද්ධ බව ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත.

    එවන් තත්ත්වයකදී එජාපයේ ජනාධිපති අපේක්ෂකයා යැයි තමන් විසින්ම පවසා ගන්නා නියෝජ්‍ය නායකවරයා මරණ දඬුවමට පක්‍ෂ වීමත් ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උපදේශීකාවක් වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ඇගේ දේශපාලන මෙහෙයුම් කරුවකු ලෙස කුප්‍රකට මංගල සමරවීරගේ සහය සජිත් ප්‍රේමදාසට ලැබීමද විශේෂත්වයකි.

  • මංගලගේ ආර්ථික සංවර්ධනයේ තරම මහ බැංකු අධිපති හෙළිකරයි

    මංගලගේ ආර්ථික සංවර්ධනයේ තරම මහ බැංකු අධිපති හෙළිකරයි

    “ගම්පෙරළිය”, “එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා” වැනි මංගලගේ ගෝලයින්ට දැන්වීම්කරණයෙන් සහ විවිධ අංශවලින් කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් ගසා කෑමේ ඊනියා ව්‍යාපෘති එළිදක්වමින් මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැසූ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ආර්ථික සංවර්ධනයේ තරම මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊයේ(12) සිදුකළ අනාවරණයෙන් හෙළිදරව් විය.

    2019 වර්ෂය සඳහා මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් බවට පුරෝකථනය කරනු ලබන බවට ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේ, වසර ආරම්භයේ දී ඇස්තමේන්තු කරනු ලැබූ 4% මට්ටමේ සිට 3% ක් දක්වා ආර්ථික වර්ධන වේගය යළි පුරෝකථනය කර ඇති බවයි.

    “ඇත්තවශයෙන්ම 2019 වර්ෂයේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව අපට සෑහීමකට පත්වන්නට බැහැ. වසර ආරම්භයේ දී 4% ක වර්ධනයක් අපේක්ෂා කළත් එය 3% ක් දක්වා සංශෝධනය කර තිබෙනවා“, යැයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයේ පසු ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

    “ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත තාවකාලික අස්තමේන්තු අනුව, 2018 වසරේ සිව්වන කාර්තුවෙහි වාර්තා කරන ලද වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 1.8ක වර්ධනය හා සැසඳීමේ දී, ශ්‍රී ලංකා ආර්ථිකය 2019 වසරේ පළමු කාර්තුව තුළ දී සියයට 3.7%කින් හිතකර ලෙස වර්ධනය විය. පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව සංචාරක හා ඒ ආශ්‍රිත සේවාවන්ගේ වර්ධනය වසර මුල දී අපේක්ෂිත මට්ටමට වඩා දුර්වල වීම තුළින් කෙටි කාලයේ දී ආර්ථික වර්ධනයට බලපෑම් ඇති කළ හැකි අතර, මන්දගාමී වූ ගෝලීය වර්ධනය ආර්ථිකයේ මැදිකාලීන වර්ධන අපේක්ෂා සඳහා බලපෑම් ඇති කරනු ඇත. කෙසේ වෙතත්, සමස්ත රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මෙන්ම අදාළ අධිකාරීන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල සහයෝගයත් සමඟ සංචාරක අංශය යථා තත්ත්වයට පත්වෙමින් පැවතීම මෙන්ම, අපනයන අංශයේ වර්තමාන ක්‍රියාකාරීත්වය තුළින් ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වීම පිළිබඳ විශ්වසනීයත්වයක් ඇති කර ඇත“, යි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

  • බලෙන්ම තේරීම් කාරක සභාවට කැඳවා ගත් දයාසිරිගෙන් ෆීල්ඩ් මාෂල් ඉල්ලන් කයි (වීඩියෝ)

    බලෙන්ම තේරීම් කාරක සභාවට කැඳවා ගත් දයාසිරිගෙන් ෆීල්ඩ් මාෂල් ඉල්ලන් කයි (වීඩියෝ)

    පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් වන තේරීම් කාරක සභාවට දැඩි බලකිරීමක් සිදුකොට කැඳවා ගත් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රශ්නවලට අදාළව දයාසිරි මන්ත්‍රීවරයා ඔහුගෙන් සිදුකළ පෙරළා ප්‍රශ්න කිරීම් වලදී ෆීල්ඩ්මාෂල්වරයාගේ තරු ගැලවී කූජීතව යනු පෙනිණ.

    ෆීල්ඩ්මාෂල්වරයාගේ ඉල්ලන් කෑම හමුවේ යන එනමන් නැති වූ තේරීම් කාරක සභාවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ පිළිගෙන අවසානයේ පාස්කු දින ප‍්‍රහාරය සිදු වූ දා සහ ඊට පෙරදින රැයේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ කාමරවල සිටි අය සහ ආහාර ගැනීමට පැමිණ සිටි අය කවුරුන්ද යන්න පිළිබඳ විශේෂ කාරක සභාවට වාර්තාවක් කැදවීමට ඊයේ (10) තීරණය කෙරිණි.

    කමිටුවේ සභාපති ආනන්ද කුමාරසිරි මහතා මෙම තීරණයට එළැඹියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා විශේෂ කාරක සභාව හමුවේ සාක්කි දෙමින් කළ ඉල්ලීමකට අනුවය.

    අපේ‍්‍රල් 21 දා ටාජ් සමුද්‍ර හෝටලය පිපිරවීමට පැමිණි මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියා බෝම්බය පුපුරුවන්නේ නැතිව යළි හැරී ගොස් දෙහිවලදී එම බෝම්බය පුපුරුවා හැරීම සැක සහිත බවත්, ඒ පිළිබඳ සොයා බැලිය යුතු බවත් දයාසිරි ජයසේකර මහතා සාක්කි දෙමින් කීවේය. ටාජ් හෝටලයේ එදින යම් ප‍්‍රභූවරුන් සිටින බවට මත පළවෙන බව කී ජයසේකර මහතා බෝම්බකරු එහි බෝම්බය පුපුරුවන්නේ නැතිව ආපසු ගොස් දෙහිවලදී පුපුරුවා ගැනීම සැක සහිත බවද කීය. එනිසා අපේ‍්‍රල් 21 සහ ඊට පෙරදා එම හෝටලයේ සිටි සහ ආහාර ගත් අය කවුරුන්ද කියා සොයා බැලිය යුතු බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.

  • දරුවනේ, දැන්වත් තොපි පක්ෂ පාට පස්සේ නොයා රට ජාතිය ගැන සිතපල්ලා – දැය එක රොදකට නඟන මඟ ඥානසාර හිමි කියති (වීඩියෝ)

    දරුවනේ, දැන්වත් තොපි පක්ෂ පාට පස්සේ නොයා රට ජාතිය ගැන සිතපල්ලා – දැය එක රොදකට නඟන මඟ ඥානසාර හිමි කියති (වීඩියෝ)

    සිංහල ජාතිය වැනසී යෑමට පෙර සිංහල පාර්ලිමේන්තුවක් ඇති කිරීම අපගේ එකම අපේක්ෂාව බවත්, ඒ තුළින් රටත් ජාතියක් ගොඩනැඟීම අපගේ සැලැස්ම බවත් මහනුවර බෝගම්බරදී ඊයේ (07) පැවැත්වුණු මුළු දැයම එක රොදට සමුළුවේදී බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

    තවදුරටත් අදහස් දක්වමින් ජූජ්‍ය ගලඩොඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ පැවසූහ.

    ශ‍්‍රී ලංකාවේ පන්සල් දස දහසක් තිබෙනවා. ඉන් පන්සල් හත් දහසකින් ඡන්ද දායකයන් පන්දහස බැගින් සංවිධානය කරගත හොත් සිංහල පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීම දුෂ්කර කාර්යයක් නොවේ යැයි ඥානසාර හිමියෝ පැවසූහ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මහගෙදර මේ රටේ පාර්ලිමේන්තුවයි. මේ රට සිංහලයන්ගේ රටයි.

    දෙදහස් පන්සිය අවුරුද්දක් මේ රටේ සිංහල සංස්කෘතියක් පැවතුණා. සිංහලයන්ට තිබෙන්නේ මේ රට පමණයි. දහහතර ලක්ෂයක් සුළු ජාතිකයන්ගේ ඡුන්ද දෙස බලාගෙන කටයුතු නොකරන ලෙස මේ රටේ නායකයන්ට අපි කියනවා. දෙසිය විසිපහක් මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටිනවා. දෙසීය විසිපස් දෙනාගෙන් චෝදනාවක් නැති එක මන්ත‍්‍රීවරයෙක් ඉන්නවාද ? මහජන නියෝජිතයන් අවංක විය යුතුයි. අන්තවාදීන්ට කිසිවෙක් ඉඩදිය යුතු නැහැ. මුස්ලිම් අන්තවාදය වහබ්වාදය සම්පූර්ණයෙන් විනාශ කළ යුතුයි. මුස්ලිම්වරුන් අන්තවාදයට හරවන මුස්ලිම්වරු මුළාකරවන උලමාවරුන් සහ උලමාවරුන්ගේ සංවිධාන සමග කිසිම සාකච්ඡුාවක් දැනුම්දීමක් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. උලමා සංවිධානය තවත් විදේශ සංවිධාන ගණනාවක් සමග සම්බන්ධකම් පවත්වාගෙන යනවා. මේ රටේ සම්ප‍්‍රදායික මුස්ලිම්වරු සමග පමණක් සම්බන්ධතා පැවැත්වූවාට කිසි වරදක් නැහැ.

    සිංහල පාර්ලිමේන්තුවක් පිහිටුවාලීමට නම්, සිංහල ජනතාවට එක පෙරමුණකට ගත යුතුයි. බේද දුරුකර එක්සත් වී කටයුතු කළ යුතුයි. මුලදී මුස්ලිම්වරුන්ට තිබුණේ එක කුරාණයයි. දැන් කුරාණ හතළිහක් පමණ තිබෙනවා. සිංහල නිවැරදි කුරාණයක්ද තිබෙනවා. එය එක්දහස් නවසිය පනහේදී වික‍්‍රමසිංහ නැමැති මහතකු පරිවර්තනය කළ කුරාණය පමණයි. බොදු බල සේනා සංවිධානය කිසිදු නායකයකු හෝ වෙනත් පුද්ගලයකු පසුපස යන්නේ නැහැ. කිසිදු දේශපාලන නායකයකුගේ ගෝලයන්ද නොවේ. අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගෝලයන් පමණයි. ඒ නිසා අපේම කියා පාර්ලිමේන්තුවක් අපට තිබිය යුතුයි.

    එක්දහස් අටසිය පහළොවේ සිට මේ ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයට නතුව තිබුණා. ඒක්දහස් නවසිය හතළිස් අටේ නාමිකව නිදහස ලැබුණ මුත් සිංහල ජාතියට නිදහසක් ලැබුණේ නැහැ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. සිංහල ජාතිය සමගි කිරීම සදහා මහා සංඝරත්නයට විශේෂ කාර්යයභාරයක් තිබෙනවා. ඒ නිසා මහානායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය පෙරමුණ ගතයුතුයි. රටේ ප‍්‍රශ්නයක් ගැන සාකච්ඡුා කිරීමට අගමැතිවරයා බොහෝවිට යන්නේ මල්වතු මහනායක ස්වාමීන්වහන්සේ හමුවීමට පමණයි. තවත් මහ විහාර දෙකක් තිබෙනවා. අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ අමතක කරන්න බැහැ. ආගමික නායකයන් කීවාම මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයටම යා යුතුයි.

    මුස්ලිම් අන්තවාදීන්ට තිබුණේ දීර්ඝකාලීන සැලසුම්. අපේ සිංහල ජාතිය වදකරන්න සැලසුම් අපේ නායකයෝ අදටවත් ගණන් ගන්නේ නැහැ. මේවාට නිසි පරීක්ෂණයක් පැවැත්වෙන තුරු ජනතාව බලා ඉන්නවා.

    දේශපාලන කුලල් කා ගැනීම් නවතා ජාතියක් ලෙස එකම තැනකට පත්විය යුතුයි. සිංහල ජනතාව බෞද්ධ බලවේග එක තැනකට ඒකරාශී වුවහොත් ස්වාධීන ලෙස නැගීසිටිය හැකියි. අතිපූජනීය මහානායක ස්වාමීන් වහන්සේ විවේචනය කරන සහ උන්වහන්සේලා ප‍්‍රකාශකරන ප‍්‍රකාශවලට විරුද්ධ වීමක් දැන් සිදුවනවා. අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේ කළ ප‍්‍රකාශයක් විවේචනයට ලක්කළා. අස්ගිරිය සහ මල්වත්ත අමරපුර සහ රාමඥ්ඥ වෙන් වෙන්ව කටයුතු නොකොට එක්සත්ව ජාතියට සහ සාසනයට එල්ලවන දුෂ්ඨ බලපෑම් පිටුදැකීමට කටයුතු කළ යුතු අවස්ථාවක් එලඹ තිබෙනවා.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මන්ත‍්‍රීවරයා මා හිරෙන් නිදහස් කරගැනීමට විශේෂ උනන්දුවක් ගත් බව මම අදටත් සිහි කරනවා. සුමතිපාල මහතා ජනාධිපතිතුමා ඇතුළු නිලධාරීන් හිරගෙදරින් මා නිදහස්කර ගැනීමට කටයුතු කිරීම මා කෘතවේදීව සදහන් කරනවා.

    බෝගම්බර ප‍්‍රකාශය නමැති සන්නස දළදා වහන්සේට පූජාකොට බෝගම්බර ක‍්‍රීඩාංගනයේදී ප‍්‍රකාශයට පත් කෙරිණි.

    මෙහිදී යෝජනා රැසක් සම්බන්ධයෙන් තීරණ ගත්හ. ඌරුවරිගේ වන්නිල ඇත්තෝ, මහාචාර්ය එච්. එම්. ඞී. ආර්. හේරත්, නීතිඥ ශාන්ත සකලසූරිය කීර්ති වික‍්‍රමරත්න වෛද්‍ය ඒ. කේ. වික‍්‍රමරත්න යන මහත්වරු මෙම සමුළුවේදී අදහස් දැක්වීය. යටවත්තේ ධම්මානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය ද ගිහි පැවිදි විශාල පිරිසක් ද සහභාගිවී සිටියහ.

  • විදුලි බල මණ්ඩලයේ බිඳ වැටීමක්-විදුලි සැපයීම සීමා වෙයි

    විදුලි බල මණ්ඩලයේ බිඳ වැටීමක්-විදුලි සැපයීම සීමා වෙයි

    ඊයේ (08) දිනයේ දිවයිනේ ස්ථාන කිහිපයකට විදුලි සැපයීම සීමා කිරීමක් සිදු වී ඇත.

    ඇතැම් ප්‍රදේශවලට මේ වන විටත් විදුලිය සැපයීමේ සීමා කිරීම පවතින බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රචාරක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

    විදුලි බල මණ්ඩලයට අවශ්‍ය විදුලියෙන් සියයට අසූ පහක් පමණම ලබා ගැනීමට සිදුව ඇත්තේ තාප විදුලි බලාගාරයෙන් වීම මීට හේතු වී ඇති බව ඔහු පවසයි.

    අද දිනයේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ලබා දීමට තිබු රුපියල් බිලියන 80ක පමණ මුදල පමණ මුදල ගෙවීමට ප්‍රමාද වීම මත තෙල් සැපයීමේ සීමා කිරීමක් සිදුව ඇති බවත් ඒ හේතුව මත මෙගා වොට් 150ක පමණ ධාරිතාවයක් පද්ධතියෙන් ඉවත් වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමණාකරණය කර ගැනීමට විදුලි සැපයුම සීමා කිරීමට වු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට එකඟතාවයකට එළඹී ඉතා ඉක්මනින් විදුලිය සීමා කිරීම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.