මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වහබ්වාදී සංවිධාන 50කට අධික ප්‍රමාණයක් මෙරට ක්‍රියාත්මක බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ජූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසති.
එම අන්තවාදී සංවිධාන මඟින් පසුගිය වසර 05 තුළ සිංහල ඇතුළු අනෙකුත් ජාතීන් සහ ආගම්වල ගැහැණු දරුවන් 7000කට වැඩි පිරිසක් සූක්ෂම මාර්ග ඔස්සේ මුස්ලිම් කර ඇතැයි හෙළිදරව් කර සිටියේය.
Category: සුපිරි Walks
-

ඥානසාර හිමිගෙන් ඇඟේ මයිල් කෙළින් කරවන අනාවරණයක්! ගැහැණු ළමුන් 7000කට වැඩි පිරිසක් මුස්ලිම් කරලා.. (Video)
-

නොහොඳ නෝක්කාඩු අවසන් කර ගමනක් යන ජනපතිගෙන් අගමැතිට ආරාධනයක්..!
නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇතිකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පසුගිය ආරෝවන්, තරහ මරහ අමතක කර ආණ්ඩුව අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසිද්ධ, විවෘත ආරාධනාවක් කළේය. ඊට අග්‍රාමාත්‍යවරයාගෙන් සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු දක්නට ලැබිණ.
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ එම කථාව ඔහුගේම වචනවලින් මෙසේය.
‘‘ගරු අග‍්‍රාමාත්‍යතුමනි, මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වසරක් සමරනවා වගේම අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතරහමාරක් ගතවෙනවා. මැතිවරණයකට යන්න තියෙන්නේ තව මාස හතරක පහක කාලයක් පමණයි. ඒ නිසා මේ අවුරුදු හතරහමාරක කාළ සීමාව තුළ ආණ්ඩුවක් විදියට අපි හරියට කරාද වැරදුනාද කියලා සොයා බැලිය යුතුයි. මේ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ආපසු හැරී බැලීමක් දැන් තියන්න වෙලාව ඇවිත් තියෙනවා.
මේ කාළය තුළ ආණ්ඩුව නරක් විමට ප‍්‍රධානතම හේතුව තමයි 19 වැනි සංශෝධනය. 19 වැනි සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් විමට ඉඩ තිබුණා. මේ රටේ ජනතාව අතර විශාල චෝදනාවක් තියෙනවා අගමැතිතුමයි මමයි දෙපැත්තට අදිනවා කියලා. මේ දෙපැත්තට අදින තත්වය ඇති වුණෙත් 19 වන සංශෝධනය නිසයි. 18 වන සංශෝධනය තනිකරම ආඥාදායක ඒකාධිපති ක‍්‍රමයක් ඒක ඉතාම නුසුදුසුයි. 18 වන සංශෝධනය අහෝසි කිරීමට තමයි අපි ආණ්ඩුවක් හැදුවේ.
ඒත් 19 වන සංශෝධනයෙන් මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතිව ගියා. මේ සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක‍්‍රමයක් ඇති වුනා. ඒකෙන් රටටත් ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා.
18 වන සංශෝධනය ඒකාධිපතියි, 19 වන සංශෝධනයෙන් රට අස්ථාවර වෙනවා. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ මේ 19 වැනි සංශෝධනයෙන් ඇතිවූ තත්වය නිසයි. 19 වන සංශෝධනය ඇති නොවුණා නම් මේ අවුරුදු හතරහමාරක කාලය මිට වඩා විශිෂ්ඨට ජයග‍්‍රාහී සිව්වසරක් වීමට ඉඩ තිබුණා” යැයිද ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා එහිදී පැවැසීය.
-

යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය (වීඩියෝ)
කිරින්ද – යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය
-

වඳ කරලා විතරක් නොවෙයි දස වධත් දීලා… වෛද්‍ය සාෆිගේ ජනසංහාරය ගැන තවත් හෙළිදරව්වක්..!!!
අම්මාවරුන්ගේ අනුහස නොදකින අමනයෙකුගේ ක‍්‍රියා පටිපාටිය පිළිබඳව, මනුෂ්‍යත්වයේ නාමයෙන් සිතන බහුතර රටවැසියන් අතරේ සාෆි වෙනුවෙන් තවමත් කඬේ යන හොරිකඩයන් නැත්තේ නොවේ.
වර්ග සංහාරය ගැන ආණ්ඩුව නිහඬයි
සිංහල ජාතියට එරෙහිව සංවිධානාත්මකව දියත් කරන ලද මෙම වර්ග සංහාරය පිළිබඳව රජයට තවම වගේ වගක් නැත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ප‍්‍රශ්නයක් ඇදගෙන කැබිනට් මණ්ඩලය රැස් නොකරන, පළාත් සීමා මායිම් පිළිබඳව සහ මැතිවරණ ක‍්‍රමය පිළිබඳව ප‍්‍රශ්නයක් මතු කරගෙන ඡුන්ද කල්දමන රටක, සාෆි ගැන සෙවීමට ආණ්ඩුවක් කරට ගනීවි යැයි සිතන්නට තරම් අපි බොළද නොවෙමු. පාස්කු ඉරිදා දිනයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළ, කෘර ඝාතකයන්, අපේ උගත් දරුවන් යැයි සඳහන් කරමින්, සිය සිංහල විරෝධය ත‍්‍රස්තවාදියා ශුද්ධ කරන තැන දක්වා දුරගෙන ගිය, කලාකරුවන් සිටින රටක, සාෆි කියන්නේ අපේ දොස්තර කෙනෙක්… සිංහල නාරි හා ප‍්‍රසව වෛද්‍යවරු කුසිත නිසා සාෆි මෙතරම් කැපකිරීමෙන් වැඩ කළ නිසා එතුමාට ගරහන එක හරිදැයි” ඒ ‘ජනතා’ කලාකරුවෝ අපෙන් ඇසුවොත් අපි පුදුම නොවෙමු. එක් කාලයකදී දෙමළ ත‍්‍රස්තාවාදයේ කඳුළු, මිනිසත්කමට හරවා එන්. ජී. ඕ. ව්‍යාපාර කරගෙන ගිය මේ පිරිසට, කුරුණෑගල මව්වරුන්ගේ කඳුළු සඳහා කිසිදු අදහසක් තවම පහළ වී නැතත්, සාෆිගේ නිරවද්‍යතාව පිළිබඳව ඇති තරමට ගොන් කතා කීමට හැකියාව ලැබී තිබේ.
වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ දහසකට ආසන්න මවුවරුන් අතරින් 200 කට ආසන්න මවුවරුන් පිරිසක් ස්ථිර වඳභාවයට පත්ව ඇති බවට සැක පහළ වී තිබේ. ඒ මවුවරු සියලූ දෙනා වෛද්‍ය ෂාෆි විසින් සිසේරියන් සැත්කම්වලට භාජනය කළ අය වෙති.
එම මවුවරු 200 දෙනා ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු විවිධ සංකූලතාවන්ට සහ අතුරු ආබාධවලට ලක්ව සිටිති.
වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන් අතරින් 400 කට වැඩි පිරිසක් තවමත් සිටින්නේ තමන් වඳභාවයට පත්වූවේද යන්න සැකහැර ගැනීමේ පරීක්‍ෂණයකට සහභාගි වීම සඳහාය. ඔවුන් ෂාෆි විසින් සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු පළමු දරුවා බිහිකර වසර 2-3 ක් අතර කාලයක් ගතකළ අයය.
කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මවුවරුන් 400 කට වැඩි පිරිස ද ස්ථිර වශයෙන් දරුවන් අහිමි මවුවරුන් 200 දෙනා මේ වන විට විවිධ සංකූලතාවන්ට සහ රෝගාබාධයන්ට ලක්ව සිටිනා බවය. ඒ ආබාධවලින් ඔවුහු දැඩි පීඩාවන්ට ලක්ව සිටිති.
දිවයිනට දිගටම මඩ
මේ මහා අපරාධය හෙළිදරව් කළ ‘දිවයින’ට විවිධ සමාජජාලා වෙබ් අඩවි ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දැවැන්ත මඩ ප‍්‍රහාරයන් එල්ල කරමින් සිටියි. කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත දිනෙන් දින ලැබෙන පැමිණිලි දෙස බලද්දී එහි කිසියම් රහසිගත සිදුවීමක් වී ඇති බව බැහැර කළ නොහැක.
එවැනි තත්ත්වයක් යටතේත් සාෆි වෙනුවෙන් පෙනී සිටින සනුහරය සිය කාර්යය නවතා නැත.
කුරුණෑගල රෝහලේ දී කාලයක් තිස්සේ සිදුවූ මේ අපරාධය පිළිබඳව නිවැරැදිව සොයා ගැනීම ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීඹ රජයේ මෙන්ම අදාල බලධාරීන්ගේ ද වගකීමක් වන්නේය.
එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට සහාය වනවා වෙනුවට අප කළ හෙළිදරව්ව පන්න පන්නා පහරදීම ඉතාම නින්දිත කි‍්‍රයාවකි.
‘දිවයින’ සිදුකළේ කුරුණෑගල රෝහලේ දීර්ඝ කාලයක් තිස්සේ බුර බුරා නැගෙමින් තිබූ ගිනි කන්ද පුපුරුවා හැරීමකි.
එය අප සිදුකළේ අපගේ පෞද්ගලික වාසියකට හෝ පෞද්ගලික වරප‍්‍රසාද ගැනීමේ පටු අරමුණකින් නොවන බව අවධාරණය කළ යුතුය.
කුරුණෑගල, දඹුල්ල මෙන්ම ගලේවෙල රෝහල්වලට සිසේරියන් සැත්කම් සඳහා පැමිණි මවුවරුන්ගෙන් බහුතරයක් අන්ත දිලිඳු අහිංසක හරිහමන් අධ්‍යාපනයක් නොලැබූ අය වෙති. ඔවුන්ගෙන් බහුතරයකට රෝහලෙන් ලබා දෙන වෛද්‍ය වාර්තා කියවා තේරුම් ගැනීමට හැකියාවක් නැත.
රෝහල් බලධාරීන් පවසන්නේ ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන්ට වඩා පැමිණිලි නොකළ මවුවරුන් ගණන ඉතා ඉහළ අගයක් ගන්නා බවයි.
මේ හේතුව නිසාම රෝහල් බලධාරීන් ෂාෆි සිදුකළ සියලූ සිසේරියන් සැත්කම් පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙයි.
එවිට ෂාෆිගේ කෙරුවාව හෙළිකර ගත හැකිවනු ඇත.
මව්වරුන් එන්නේ මුදලටද?
කුරුණෑගල, දඹුල්ල රෝහල් සඳහා මව්වරු දහසකට ආසන්න ප‍්‍රමාණයක් පෝලිම් ගැසී පැමිණෙද්දී එක්තරා පුද්ගලයෙකු සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබුණේ, සංවිධානාත්මක ආකාරයෙන් මුදල් ලබා දෙමින් මෙසේ මව්වරුන් ගෙන්වා ගන්නා බවය. ඒ සඳහා කිසිදු පදනමක් නොමැතිව මෙසේ කතා ගොතනා ඔහුම, සාෆි පිළිබඳව වූ අනුකම්පාවෙන් ළය රිදුම් දෙමින්, ‘දිවයින’ට චෝදනා කරන්නේ, සාෆිට දිවයින චෝදනා එල්ල කරන ලද්දේ, කුමන පදනමින්ද යන්න අසමිනි.
හේමන්ත රන්දුනු මෙම ආනාවරණය සඳහා කරුණු රැස් කරගත් ආකාරය මීට දෙසතියකට පෙර දිවයින ඉරිදා සංග‍්‍රහයෙන් අපි හෙළිකෙරුවෙමු.
සාෆිගේ දේශපාලන හයිය
සාෆිගේ වර්ගවාදය පිළිබඳව පළමු සැක සංකා මතු කරන ලද්දේ ඔහු සමග එකට සේවය කරන වෛද්‍යවරුන් සහ හෙද සේවක පිරිස් මිස දිවයින විසින් නොවේ. හේමන්ත රන්දුනු විසින් සිදු කරන ලද්දේ, ඒ පිළිබඳව මාධ්‍ය ආචාර ධර්ම මත පිහිටා ගවේෂණය කිරීමය. දිවයින හෙළිදරව්වට වසර කිහිපයකට පෙර, සාෆි විසින් සිංහල මව්වරු බලහත්කාරයෙන් වන්ධ්‍යාකරනයට ලක්කරන බව රෝහල් පරිපාලනය වෙත දන්වන ලද්දේ ඔහු සමග ප‍්‍රසූතාගාරයේ එකට සේවය කරන වෛද්‍යවරියකි. දේශපාලන ගැම්මෙන් ඔද්දල් වී සිටි සාෆි, එම වෛද්‍යවරිය වෙත කිහිප වතාවක්ම චෝදනා එල්ල කළේය. සාෆි විසින් කරන ලද තර්ජන හමුවේ එම වෛද්‍යවරිය වෙනත් රෝහලක් සඳහා මාරුවීමක් ලබා ගත්තාය.
සාෆිගේ මෙම ක‍්‍රියාව පිළිබඳව දිවයින අනාවරණයට සති කිහිපයකට පෙර, ඔහු සමග එකට ප‍්‍රසූතාගාරයේ සේවය කරන හෙද නිලධාරිනියක් රෝහල් පරිපාලනයෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ සාෆි වෛද්‍යවරයා විසින් ඉතාම සැක කටයුතු ආකාරයෙන් සිංහල මව්වරු උදෙසා කටයුතු කරන ආකාරය පිළිබඳව සොයා බලන ලෙසය.
වේගයෙන් විජ්ජාවට
එසේ සාෆි පිළිබඳව ප‍්‍රසූතාගාරයේ සිටම චෝදනා එල්ල වෙද්දී, සමහරු අපෙන් තවමත් අසන්නේ, අන් කිසිවෙකුට නොදැනෙන්නට සාෆිට මෙවැනි හරඹයක් කළ හැක්කේ කෙසේද යන්නය. සාෆි සිය විජ්ජාව සිදු කිරීම සඳහා භාවිතා කරන න්‍යායය වනුයේ අසාමාන්‍ය වේගය සහ අසාමාන්‍ය කලබලයය. සිංහල මව්වරු සඳහා ඔහු ශල්‍යකර්මයක් කිරීමට විනාඩි පහළොවක් වැනි කෙටි කාලයක් සහ මුස්ලිම් මව්වරුන්ට විනාඩි තිහකට ආසන්න කාලයක් එම ශල්‍යකර්මය සඳහා භාවිතා කරනු ලබයි. මේ වේගයේ තේරුම අංශ දෙකකින් ගත හැකිය. ‘‘සිංහල එකාට මොන පරිසමක්ද…? සිංහල දරුවෝ වදන බඩට කෙලවෙලා පලයන්..,’’ යන අදහසින් යුක්තව හැසිරෙන සාෆි, මුස්ලිම් උදරය අතිශය පරිස්සම් සහගත ආකාරයට ශල්‍යකර්මයට ලක් කරයි.
අත නොතබන පැලෝපීය නාලය
ඔහුගේ මෙම අසාමාන්‍ය වේගය හේතුවෙන් සෙසු කාර්ය මණ්ඩලය ද ඒ මොහොතේ සිටිනුයේ අවසිහියෙන් මෙනි. ඒ අතරවාරයේ සිංහල මවකගේ බඩ අස්සට අත දමා, පැලෝපීය නාලය විනාඩි කිහිපයක් මිරිකාගෙන සිටීම සාෆිට ඉතා පහසුය. වෛද්‍යවරුන් වෙත ශල්‍යකර්ම සඳහා පුහුණුව ලබා දෙන විට පවසන්නේ, පැලෝපීය නාලය අතිශය සංවේදී නිසා, එයට කිසිවිට අත නොතැබිය යුතු බවය. එවැනි සංවේදීතාවක් සහිත කලාපයක්, කලබලකාරී තත්ත්වයක් මවමින් මිරිකාගෙන සිටීම සඳහා සාෆි වෙත සංවිධානාත්මක අන්තවාදය විසින් පුහුණුවක් හෝ උපදෙසක් ලබාදී ඇද්දැයි රජය විසින් මෙම පරීක්ෂණයේදී සොයා බැලිය යුතුය.
සාෆි, රාජ්‍ය මුදල් අවභාවිතයේ
සිසේරියන් සැත්කමක් සඳහා මවක් යොමු කිරීමට සාධක ගණනාවක් බලපානු ලබයි. එම සාධක නොමැතිව සිසේරියන් සැත්කම් සිදු කිරීම සෑම අතින්ම අපරාධයකි. සාමාන්‍ය ආකාරයට දරුවෙකු ලැබෙනවාට වඩා සිසේරියන් සැත්කමක් සිදු කිරීම, එම මවගේ ජීවිත අවදානම අතින් ඉහළය. අනිත් පැත්තෙන් බැලූ විට වියදම අතින්ද එසේය. සාමාන්‍ය ශල්‍යකර්මයක් සඳහා රුපියල් විසිපන්දාහක පමණ වියදමක් රෝහලක් තුළදී රජය දරනා අතර සිසේරියන් සැත්කමක් සඳහා එය රුපියල් ලක්ෂයකට අධික මුදලක් බවට පත්වේ. සාෆිගේ ප‍්‍රියතම විෂයය වනුයේ සිසේරියන්ය. සාමාන්‍ය ආකාරයෙන් දරු ප‍්‍රසූතියක් සඳහා සූදානම් මවක් සිසේරියන් සැත්කමක් සඳහා යොමු කිරීමට අවශ්‍ය කිසිදු සාධකයක් නොමැති තත්ත්වයක් තුළදී, සාෆි විසින් සිසේරියන් සැත්කම් සිදු කරන ලද බවට සාක්ෂි රාශියක් මේ වන විට හමුවී තිබේ. සාෆි වෛද්‍යවරයාගේ මෙම ක‍්‍රියා කලාපය මුළුමනින්ම වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමකි. හිපොක්‍රොටිස් දිවුරුම ලබා දී පැමිණි අයෙකු මෙසේ රෝගියෙකු අනවශ්‍ය ආකාරයේ ක‍්‍රියා පිළිවෙතක් සඳහා බලහත්කාරයෙන් යොමු කිරීම, ඔහු හෝ ඇය වෙද නලාව පැත්තක දමා වෛද්‍ය වෘත්තියෙන් ඉවත් කළ යුතු තත්ත්වයකි. එසේම රාජ්‍ය මුදල් අවභාවිතවේ යෙදවීම සම්බන්ධයෙන් ද සාෆිට එරෙහිව මෙතැනදී පියවරක් ගත යුතුය. සාමාන්‍ය ආකාරයෙන් සිදු කරන ශල්‍යකර්මයකට වියදම් වන මුදල මෙන් හතර ගුණයක් පමණ අනවශ්‍ය ආකාරයෙන් සහ ආචාර ධර්ම පද්ධතියන්ට එරෙහිව යෙදවීම සම්බන්ධයෙන් සාෆි වෛද්‍යවරයාට එරෙහිව තවත් පරීක්ෂණ සිදු කළ යුතුය.
සිංහල හා මුස්ලිම් මැහුම්
සිසේරියන් සැත්කමක් නිමවා එම මව් කුස වැසීමේදී ස්ථර දෙකකදී මැහුම් දැමිය යුතු වුවත් සිංහල ජාතිය වඳ කිරීම සඳහා වන චේතනාවෙන් කටයුතු කරන සාෆි නියමිත පරිදි ස්ථර දෙක සඳහා මැහුම් යොදන්නේ, මුස්ලිම් අම්මලා වෙත පමණි. සිංහල මව්වරු වෙත ඔහු විසින් එක ස්ථරයක් සඳහා පමණක් මැහුම් යොදන්නේ, වර්ගවාදයෙන් ඔද්දල් වූ හිසින් යුක්තවය. එවැනි ආකාරයෙන් එක් ස්ථරයක් පමණක් මසා දැමූ මව්වරුන් හට පසු කාලීනව නොව ඒ මොහොතේ පටන් විවිධ ආබාධ හට ගැනීම සිදුවේ. මෙවැනි සිද්ධියක් අරාබිකරයේදී සිංහල වෛද්‍යවරයෙකු අතින් සිදු වූවා නම් ඔහුට අත්වන ඉරණම කවුරුත් දනිති. වන්ද්‍යකරණය පැත්තකට දමා මෙසේ වර්ගවාදී ලෙස මව් කුහර මසන්නේ නම්, ඒ සඳහා සාෆිට දිය යුතු දඬුවම සුළු පටු නැත.
පසුගිය සතියේ එක් මවක් කුරුණෑගල රෝහල වෙත පැමිණියේ, සාෆි හපන්කමක් පිළිබඳව තවත් තොරතුරක් රැගෙනය. සාෆි විසින් කරන ලද සිසේරියන් සැත්කමෙන් පසු ඇයට තව වතාවක් දරු පල අහිමි වී තිබුණි. ඊට අමතරව තවත් අසාධාරණයක් සඳහා ඇය ලක්ව තිබුණි.
මහ රෑ තනියම වැඩ
පළමු දරු ප‍්‍රසූතිය සඳහා මෙම මව කුරුණෑගල රෝහල වෙත ඇතුල් වන්නීය. වෛද්‍යවරුන් විසින් ඇය යොමු කර තිබුණේ, සාමාන්‍ය දරු ප‍්‍රසූතියක් සඳහාය. එදින මධ්‍යම රාත‍්‍රියේ ඇයව බලෙන් ප‍්‍රසූතාගාරය වෙත රැගෙන ගිය සාෆි, සිසේරියන් සැත්කමක් සඳහා ඇය භාජන කරනු ලැබුවේ තනිවමය. සාෆි වෛද්‍යවරයා තමාව බලෙන් තල්ලූ කරගෙන ගොස් තනිවම අනවශ්‍ය ආකාරයෙන් සිසේරියන් සැත්කමක් සඳහා යොමු කරන ලද බවට ඇය පවසන චෝදනාව, රෝහලේ සාෆි පිළිබඳව විමර්ශනය කරන නිලාධාරීන් පවා එක්වර පිළිගත්තේ නැත. මෙවැනි චෝදනාවක් අසත්‍ය ආකාරයෙන් ඉදිරිපත් කළහොත් ඒ සඳහා දඬුවම් ලැබෙනු ඇතැයි රෝහලෙන් පවසද්දීත්, එම මව තමන්ට වූ අසාධාරණය සත්‍යම බව පවසා සිටියාය. ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා රෝහලේ ඇති අදාළ මවගේ, වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ ඒ සඳහා අන් කිසිදු වෛද්‍යවරයෙකු හෝ රෝහල් කාර්ය මණ්ඩලයේ අයෙකු අත්සන් තබා නොමැති බවය. ඒ වැනි අවස්ථාවකදී වෛද්‍යවරු සහ රෝහල් කාර්යය මණ්ඩලයේ පිරිස් ඒ ඒ කාර්යය සඳහා අත්සන් තැබිය යුතු වුවත්, එම සියලූ තැන් හිස්ව තබා සාෆි පමණක් එක් ස්ථානයක අත්සන් තබා තිබුණි. මෙවැනි සිද්ධි ගණනාවක් සාෆි පිළිබඳව අනාවරණය වී ඇත්තේ, ඔහුට ඇති වන්ධ්‍යාකරණ චෝදනාවට අමතරවය.
දොස්තර සාෆි පූජකයෙක් වීම
මුස්ලිම් මවක් දරු ප‍්‍රසූතියකින් දරුවෙකු බිහි කරනා අවස්ථාවේදී සාෆි එහි සිටී නම්, එම වාට්ටුව වෛද්‍ය ස්ථානයක් නොව ආගමික ස්ථානයක් සේ දිස්වෙන බවට රෝහලේදී ඔහු සමග එකට කටයුතු කරන පිරිස් චෝදනා කරනු ලබයි. මුස්ලිම් දරුවා බිහිවන විට, ආගමික පාඨ හඬගා කියමින් සාෆි හැසිරෙන්නේ, වෛද්‍යවරයෙකු ලෙස නොව ඉස්ලාම් පූජකයෙකු සේය. බෞද්ධ දරුවෙකු බිහිවන විට, බෞද්ධ වෛද්‍යවරයෙක් තබා දරුවා බිහිකරන අම්මා හෝ වෙනත් නෑදෑයෙකු ප‍්‍රසූතාගාරය තුළ පිරිත් කියාගෙන රඟ දෙන්නේ නැත. මේ සිංහල බෞද්ධ රටේ, බෞද්ධයන් ද එසේ නොකරන විට සාෆිගේ මෙම උමතුව කියා පාන්නේ ඔහුගේ වර්ගවාදී හැසිරීමය. කුරුණෑගල මහ රෝහලේ ප‍්‍රසූතාගාර තුනක් තිබේ. සාෆි සාමාන්‍යයෙන් සේවයේ යෙදෙන්නේ ‘සී’ නම් ප‍්‍රසූතාගාරයේය. අනිත් ප‍්‍රසූතාගාර දෙකේ, මුස්ලිම් මවක් දරුවෙකු බිහි කරන්නේ නම්, සිය යාතිකාව පවත්වා, අදාළ කටයුතු කිරීමට සාෆි එම වාට්ටු සඳහා බලෙන් පැමිණීම සිරිතය. එපමණක් නොව, කුරුණෑගල රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන, ඕනෑම මුස්ලිම් රෝගියෙකු සාෆිගේ නෑයෙකි. නැතහොත් හිතවතෙකි. සාෆි එම රෝගීන්ගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කරමින් තමන්ගේ පුද්ගලික අවධානය ඒ පිරිස් වෙත යොමු කිරීම සිරිතය. මෙවැනි අවස්ථාවකදී එක් මහලූ මුස්ලිම් මවකගෙන් රෝහල් සේවකයෙකු විමසා ඇත්තේ ‘‘ඩොක්ටර් සාෆි, ඔයාගේ නෑදෑයෙක්ද…’’ යනුවෙනි. සාෆියෙක් පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව පැවසූ මුස්ලිම් අම්මා පවසා ඇත්තේ, තමන් පිළිබඳව සොයා බලන ලෙස අදාළ පල්ලියෙන් සාෆි වෙත දැනුම් දෙන්නට ඇති බවය. අන්තවාදයේ ඒ තරම්ම සැලසුම් සහගතය.
තුන්වෙනි දරු උපතට සූදානම් වන මව්වරු වෙත වන්ධ්‍යාකරණ සැත්කම් පිළිබඳව දැනුම්දීම වෛද්‍යවරයෙකුගේ සාමාන්‍ය සිරිතය. එම මව්වරුන්ගේ අනුමැතිය ඇතිව නෛතික ආකාරයෙන් වන්ධ්‍යකරණය සඳහා මවක් ලක් කරන්නේ අනතුරුවය. සාෆි විසින් ඒ වැනි අවස්ථාවලදී, හැකි තාක් මුස්ලිම් මව්වරු එම වන්ධ්‍යා සැත්කමෙන් ඉවත් කිරීම සිදු කරනු ලබයි.
සාෆි පිළිබඳව අලූත්ම කතාවක් රැගෙන තවත් කාන්තාවක් පසුගිය සතියේ කුරුණෑගල රෝහලට පැමිණියාය. උදරයේ අමාරුවක් සෑදී රෝහල්ගත කර තිබූ ඇයගේ ගර්භාෂය සාෆි විසින් ඉවත් කර දමා තිබුණේ ඇයට කිසිදු දැනුම්දීමක් නොකරය. කකුලේ අමාරුවට ඇසක් ඉවත් කළා සේ සාෆි විසින් නොසන්ඩාල ආකාරයෙන් සිංහල දරුවෙකු ඉපදීම වැළැක්වීම සඳහා කරන ලද මෙම සැත්කම් හේතුවෙන් ඇය අද වන විට බරපතළ රෝගී තත්ත්වයන් ගණනාවකට මුහුණ දී තිබේ. මෙවැනි විශාල ශල්‍ය කර්මයකදී අදාළ විෂය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ එම ශල්‍යකර්මය සිදු විය යුතු වුවත් අනවශ්‍ය ආකාරයෙන් බලයක් ආරෝපණය කරගෙන සිටින සාෆි, සඳහා ඒ කිසිවක් වැදගත් නොවීය.
සාෆිට අයත්ව තිබූ රස කැවිලි ව්‍යාපාරයක් පිළිබඳව ද මේ වන විට හාහෝවක් මතුව තිබේ. කුරුණෑගල ප‍්‍රදේශයේ පාසල් ආපන ශාලා සඳහා බූන්දි වැනි පැණි රස ආහාර සපයන ලද්දේ සාෆි බවට කට කතා පැතිර යමින් තිබේ. ඒ අතර සාෆිගේ දියණියන් දෙදෙනා විසින් තමන් ඉගෙන ගත් පාසලේ දැරියන් වෙත, සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදාදීමක් සිදුකිරීම පිළිබඳව ද එම පාසලේ දෙමව්පියන් අතර සැකයකට තුඩු දී තිබේ.
මෙවැනි චෝදනා මධ්‍යයේ සාෆි සේවය කරන ලද ‘සී’ ප‍්‍රසූතාගාරයේ නොව වෙනත් ප‍්‍රසූතාගාරයක තවම මුස්ලිම් වෛද්‍යවරුන් දෙදෙනකු සේවයේ යෙදී සිටීම හේතුවෙන් කුරුණෑගල ප‍්‍රදේශයේ රෝගීහු නොසන්සුන් බවට පත්ව සිටිති. එම වෛද්‍යවරු සාෆි වැන්නන් නොවන්නට ඇතත් ඇතිවී තිබෙන තත්ත්වය මත රෝගීන්ගේ පාර්ශ්වයෙන් මෙන්ම අදාළ වෛද්‍යවරු දෙදෙනා පිළිබඳව ද සිතා තාවකාලිකව හෝ ඔවුන් එම සේවයෙන් වියුක්ත කොට තැබීම යුක්ති යුක්තය.
සාෆිගේ වර්ගවාදී නාඩගම තවම අවසන්ව නැත. ඔහුට එරෙහිව තවම දියත් වන්නේ පොලිස් පරීක්ෂණ පමණය. මෙවැනි චෝදනාවක් මීට පෙර සමස්ත ලෝකයෙන්ම වාර්තා වී තිබුණේ නැත. නාසිවාදීන් වත් යුදෙව්වන්ට මේ ආකාරයේ අපරාධයක් සිදු කර නොතිබුණි. වෛද්‍ය විද්‍යාත්මක සහ අතිශය සංකීර්ණ මෙන්ම සංවේදී මෙම ප‍්‍රශ්නය පොලිස් පරීක්ෂණයකට ලඝු කර තැබිය නොහැකිය. ඒ සඳහා ජනාධිපති කොමිසමක් අවශ්‍ය බව සියලූ පාර්ශ්වයන් අවධානය කර තිබේ. සාෆි වෙතද එවැනි අවස්ථාවකින් තමා පිළිබඳව කරුණු සඳහන් කළ හැකි වනු ඇත. සුනාමි ආපදාව, ත‍්‍රස්තවාදය මෙන් භායනක ‘සාෆි සාපය’ පිළිබඳව විධිමත් කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිතුමාට අපි බල කරන්නේ, මෙවැනි ජාතික මාතෘකා තවදුරටත් අඳුරේ අත්පත ගානා තත්ත්වයක නොතැබිය යුතු නිසාය.
-දිවයින-
-

ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් ලබන්න අඩුම ගානේ O/Lවත් තිබිය යුතුයි! රවී මේ කියන්නේ සජිත්ටද..?
වැඩිකල් යන්නට මත්තෙන් මේ රටේ ජනාධිපතිවරණයක් පවත්වනවා. ඒ තුළින් මේ රටේ ඉදිරි අනාගතය කුමන ආකාරයෙන්ද වෙනස් වන්නේ කියන එක තීරණය වනවා. අපි අදුරේ අතපත ගාන්නේ නැතිව, දක්ෂයට සුදුසු තැන දීලා, හැකියාවට තැන දීලා, මේ රට දියුණුවේ මාවතට ගෙනයන්න අවස්ථාවක් උදාකරගත යුතුයි. අප රට ගැන ඉදිරියට හිතනවානම්, රට ඉදිරියට ගෙනයනවානම්, ආයතනයක් තුළ වගේම රටේ දේශපාලනය තුළ, දේශපාලන පක්ෂ තුළ විනයක් ඇති කල යුතුයි. ලංවිම තුළ අවම මට්ටමේ රැකියා අවස්ථාවක් ලබාගන්නත් අ.පො.ස. සාමාන්‍ය පෙළ අවශ්‍යයි. නමුත් අපේ රටේ දේශපාලන ව්‍යුහය තුල දේශපාලඥයෙකුට කිසිම සුදුසුකමක් නැතිවත් ජනාධිපති වෙන්න අවස්ථාවක් තියෙනවා. ආයතනයක් පවත්වාගෙන යන්න අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යනම්, රටක් පාලනය කරන්න අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැද්ද.
මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සා/පෙලවත් තිබිය යුතුයි කියලා මම යෝජනා කරනවා. මේ තුළින් ඉදිරියට යද්දි, මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක් වගේම ජනාධිපතිරයෙක් බවටත් පත්වෙන්න අවස්ථාව ලබාදිය යුතුයි. නමුත් මේ එක් එක් පියවර වෙනුවෙන් වෙනවෙනම අධ්‍යාපන සුදුසුකම් සලකා බැලිය යුතුයි. මේ තත්ත්වය ඇතිකල යුතුයි. ඒ ආකාරයෙන් නැති එකේ ප්‍රථිවිපාක තමයි අද පේන්න තිබෙන්නේ. ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණයට සෑම පකෂයකින්ම අපේක්ෂකයින් ඉදිරිපත් කරයි. අධ්‍යාපන සුදුසුකම් සමග දක්ෂතාව ඉස්මතු කරන්න පුළුවන්, පරිනත දේශපාලඥයෙක් තමයි අපි ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්නේ. අපට අවශ්‍ය වන්නේ දක්ෂ නායකත්වයක්. ඒ නිසා රෑ වැටුණ වලේ දවල් වැටෙන්න ඕන නැහැ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලයේ නව පත්වීම්ලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. බන්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පැවති මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනාධිකාරියේ විශාල පිරිසක් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසකුත් සහභාගි වූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කරුණානායක මහතා,
ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ සාමාන්‍ය සේවා ස්ථානයක් පමණක් නෙමෙයි. මේ ආයතනය මුළු රටටම බද්ධ වෙලා, රටේම අවශ්‍යතාවක් බවට පත්වෙලා තිබෙන සංකීර්ණ ආයතනයක්. ලක්ෂ 68 ක් පමණ පිරිසකට සේවා සපයන එකම ආයතනය බවට අද මේක පත්වෙලා. මේ නිසා තමයි නව ආණ්ඩුවක් ගොඩනගන්න අත දුන්න මන්ත්‍රීවරු සියළු දෙනාගේම ප්‍රදේශයන් වලට මෙම ආයතනයේ රැකියා අවස්ථාවන් බෙදීයන ආකාරයෙන්, හැකියාව සහ දක්ෂතාව මත ලබාදෙන්න තීරණය කළේ. මිට ඉහතදි ලංවිම රැකියා අවස්ථාවන් එක ප්‍රදේශයක පිරිසකට පමණක් සීමා වෙලා තිබුණා. මගේ රාජ්‍ය අමාත්‍යවරයාට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වියයුතුයි මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන් සිදුකිරීමට මට අදහස් සහ සහාය ලබාදුන්නට.
ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂත්වය තමයි, මෙහි රැකියාවක් ලබාගන්න බැහැ අධ්‍යාපන සුදුසුකම් නොමැතිව. සහජ හැකියාවන් සහිත, බුද්ධිමත්, රට වැඩක් කලහැකි පිරිසකට තමයි ලංවීම ආයතනික ව්‍යුහය තුළින්ම රැකියාවක් සදහා අවස්ථාව සැලසෙන්නේ. සුදුසුකම් නොමැති දේශපාලන හෙන්චයියන්ට මෙම ආයතනයේ රැකියා ලැබෙන්නේ නැහැ. ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරයෙක්ට, මන්ත්‍රීවරයෙක්ට වගේම මේ රටේ බහුතරයකට නොලැබෙන ආකාරයේ වැටුපක් තමයි ලංවිම සේවකයෙක්ට හිමිවන්නේ. වැටුප නෙමෙයි වැදගත් වෙන්නෙ. ඒ වැටුපට සරිලන සේවයක් සැපයීමයි. ලංකා විදුලිබල මණ්ඩලය දැවැන්ත ආයතනයක් වුවත්, අද මෙවැනි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ නිවැරදි නායකත්වයක් නොලැබීම නිසයි. මම ලංවිම ට අභියෝගයක් ඉදිරිපත් කරලා තිබෙනවා. තමාගේ දක්ෂතාවය තුළින් ලංකාව පමණක් නෙමෙයි, අසල්වැසි රටවල් ආක්‍රමණය කරන්න කියලා. ඒ තුළින් ජාත්‍යන්තර තලයේ ආයතනයක් බවට පත් කරන්න කියලා. අපි ජනනාවට සහන සැලසිය යුතුයි. නමුත් එයින් ආයතනයට ලැබෙන පාඩුව දරාගත හැකි මට්ටමක පැවතිය යුතුයි. ගැටළුව තමයි, අවම මිලකට විදුලිය නිපදවන්න පුළුවන්කම තිබියදී, වැඩි මිලකට ජනනය කිරීම. ඒ තතත්වය අපි නිවැරදි කළ යුතුයි. ඒ සදහා යම් කාලයක් යයි. නමුත් ආයතනයේ සියලු පිරිස් වල අදහස් අරගෙන ආයතනය තුළ සැබෑ වෙනසක් ඇතිකරගෙන යනවා “යැයි පැවසීය.
-

චාපා නම් දෙරණේ පොර ටෝක් දෙන බොරු දේශප්‍රේමීයාගේ රෙදි ගැලවෙයි! ලෝකේ වටේ ගෑනු රවටා සල්ලි හිඟා කකා වංචා කරලා (සාක්ෂි සහිතයි)
පාලකයන් සහ ජනතාව අතර නිරන්තර කතිකාව පැවැත්වෙන්නේ ජනමාධ්‍ය නමැති වේදිකාව උඩය. පාලකයන්ගේ හැසිරීම සහ රට තොට ඇත්ත ඇති සැටියෙන් වාර්තා කිරීමේ වගකීම පැවරෙන්නේ මාධ්‍යකරුවන්ටය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අමතරව ජනමාධය පරමාධිපත්‍යයේ හතරවන බල කනුව ලෙස ගැනෙන්නේ එහෙයිනි. වාර්තාකරණය වෘත්තිය ප‍්‍රමිති මත ප‍්‍රශස්තව ඉටු කිරීමට නම් මාධ්‍ය ස්වාධීන වීම සහ මාධ්‍යකරුවන්ගේ විනය අත්‍යවශ්‍ය කොන්දේසියකි. එකී කොන්දේසිය සපුරාලීමට ලංකාවේ ජනමාධ්‍ය පොදුවේ අසමත්ය.
මාධ්‍යයෙන් හදාගන්නා ප්‍රතිරූපය කාම දාහය නිවා ගැනීමට යොදා ගැනීම..
ලංකාවේ ඇත්තේ මුදලාලී මාධ්‍ය කලාවකි. මාධ්‍ය කරුවන් දෙන දේ කා සීමාවේ පිහිනන ‘ගෝල්ඩ් ෆිෂ්’ මාළුවන් මෙනි. සරළව කිවහොත් විද්‍යුත් මාධ්‍යවල කථා පවත්වන පුද්ගලයන් ‘ගෝල්ඩ් ෆිෂ්’ වැනි චරිත බවට පත් වන්නේය . ප්‍රවෘත්තියක් ජනතාව වෙත සමීප කිරීමේ රූපාන්තරය තුල ගොඩනැගෙන මෙකී ප්‍රතිරූපය යම් මාධ්‍ය කරුවෙකු තම කාම දාහය නිවා ගැනීමට යොදවන්නේ නම් එය කොතරම් අවාසනාවක්ද? ජඩ ක්‍රියාවක්ද?

දෙරණේ චාපා බන්ඩාර නීලකාස හොරෙකි, සමාජ පිළිලයකි..
දෙරණ 360 වැඩ සටහනේ එන චාපා බන්ඩාර තමන් හඳුන්වා ගන්නේ නිදහස් මාධ්‍ය වේදියෙකු ලෙසය. ප්‍රවීන සමාජ විශ්ලේෂකයෙකු ලෙසය. දූෂණයට එරෙහි සටනේ පෙරගමන් කරුවෙකු ලෙසය. ජාතියේ දුවා දරුවන් බල ගැන්වීමේ නියමුවෙකු ලෙසය. දේශීයත්වය අගේ කරන බටහිර විරෝධියෙකු ලෙසය. හඬක් නැති මිනිසුන්ට හඬක් වූ මානව හිතවාදියෙකු ලෙසිනි . නමුත් චාපා බන්ඩාර යනු ඔය කියන ආකාරයේ කිසිම ”කොලිටියක්”ඇති එකෙකු නොවේ. චාපා බන්ඩාර නීලකාස හොරෙකි, සමාජ පිළිලයකි. කෙසේ වුවද මෙම ලිපියේ අරමුණ චාපා බන්ඩාර නිරුවත් කිරීමට වඩා චාපා බන්ඩාර නැමති පාපතරයාගෙන් රටේ අහිංසකයන් බේරා ගැනීමය.
චාපා බන්ඩාර, නමත් බොරු නමක්, වසරකට වැඩිය සිරබත් කෑ එකෙක්…
චාපා බණ්ඩාරගේ උපන් වසර 1964 ය. ඔහුගේ නියම නම කිරිකන්කානන්ගේ සුනිල් කුමාර සේනාතිලක බණ්ඩාරය. ‘චාපා බන්ඩාර’ යනු ආරූඪ නාමයකි. පාසැල් අධ්‍යාපනය නිමා කල ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සාමාන්‍ය සෙබලෙකු ලෙසය. චාපා බන්ඩාර විනය විරෝධී ක්‍රියාවකට මුලින්ම හසු වන්නේ යුධ හමුදා සේවයේ නියුතුව සිටියදීය. පොදු හා වෙනත් නියෝග උල්ලංඝනය කිරීමේ වරදට චෝදනා ලබන මොහු යුද්ධාධිකරනය හමුවේ වැරදි කරුවෙකු බවට පත්වූයේය. යුද්ධාධිකරනයෙන් දඬුවම් ලබන මොහු වසරකට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාර ගත ව සිරබත් කෑවේ ය.
චාපාගේ අවලම්කම නිසා සුන්බුන් ගොඩක් වූ පළමු විවාහය..
චාපා බන්ඩාර හමුදාවේ පුහුණුව අවසන් කළ විගස සිය බහු විවාහ දිවියේ පලමු ඉනිම පටන් ගත්තේය. ඔහුගේ පළමු බිරිඳ වූයේ අවු 16 ක පාසැල් ශිෂ්‍යාවකි. බාල අපචාරයකි. එම විවාහයෙන් ඔහු දියණියක් ලබන අතර ඇගේ දැන් වයස අවු 30 කි. එකල චාපා බන්ඩාරගේ නිවසට අල්ලපු වැටේ ප්‍රේමයේ නපුරු කම කෙතරම්දැයි දුටු ප්‍රවීන ගායකයෙකු පදිංචිව සිටියේය. එකී ප්‍රවීනයාගේ ලා බාල දියණිය සමග චාපා ඇති කරගත් පෙම් පලහිලව්වක් නිසා චාපාගේ විවාහ ජීවිතය ක්‍රියාදාම චිත්‍රපටියක ස්වරූපය ගත්තේය. එම සිද්ධියද ඇතුලු චාපාගේ අවලම් ක්‍රියා හේතුවෙන් අවසානයේ පළමු විවාහය සුන් බුන් ගොඩක් බවට පත් විය.
පළමු කටුගා දැමීමටත් පෙර ආරම්භ කළ දෙවන ඉනිම..
පළමු විවාහය කටුගා දැමීමටත් පෙර චාපා බන්ඩාර තවත් තරුණියක් හා පෙමින් වෙළුනේය. සම්බන්ධය දුර දිග යාම නිසා චාපා බන්ඩාරට ඇය සමග දෙවණ ඉනිම ආරම්භ කිරීමට සිදුවිය. එම විවාහයෙන් චාපාට තවත් දරුවෙකු ලැබුනේය. දෙවන විවාහයේ දරුවාගේ වයස අවු 26කි. චාපා දෙවැනිවරට විවාහ වූ කාන්තාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් කාන්තාවකි. දරුවාගේ හෙට දවස ගැන සිතා චාපගේ තිරිසන් ගති පැවතුම් සියල්ල ඈ ඉවසා සිටියාය. එපමනක් නොව චාපා යනු වෘත්තියක් ලෙස කාන්තාවන් රවටා මුදල් ගසා කන අයෙකි . චාපාගේ දැලට හසුවූ අහිසංක කාන්තාවන් බොහොමයක් ඇඟ බේරා ගත්තේ බිරිඳගේ සෘජු මැදිහත් වීම, අවස්ථානෝචිත ප්‍රඥාව, ඉවසීම සහ කාරුණික උපදේශ නිසාය.

රාවයෙන් අස්කිරීම සහ මැක්සීස් ආයතන සමග සම්බන්ධ වීම..
චාපා බන්ඩාර රාවය ආයතනයෙන් අස්වූවා නොව වික්ටර් අයිවන් අස්වීම යෝජනා කෙළේය. ඊට හේතුවද ඔහුගේ අවකල් ක්‍රියාවන්ය . චාපා බන්ඩාරට මැක්සීස් ආයතනය හා සම්බන්ධ වීමට ලැබීම ජීවිතයේ අළුත් පිටුවක් වූයේය. මොහුගේ සම්‍යප්‍රයෝග වලට හසුවුන මැක්සීස් ආයතනයේ සභාපති මැක්සි පෙරේරා, චාපා Advisor to chairman ලෙස බඳවා ගත්තේය. මැක්සීස් ආයතනයෙන් චාපාට ඉහල වැටුපක් සහ වාහනයක් ලැබුනේය . මෙහි ඇති ගැටලුව ‘වෙජිටේරියන්’ චාපා කුකුල් ෆාම් එකක වැඩ කිරීම නොවේ. සිය සුපුරුදු ගෝනි සෙල්ලම පටන් ගැනීමය. චාපා මැක්සීස් ආයතනයේ සේවිකාවන් දෙදෙනෙකු දැලේ දා ගනිමින් ඔවුන්ගේ ජීවිත අඳුරු කෙළේය. හතර වටේට ‘මල් කැඩූ’ චාපා රු 50000/- කට අධික දුරකථන බිලක් කොම්පැනිය හරහා මාසිකව පියවා ගත්තේය.
මැක්සීස් ආයතනයෙන් පහරදී පන්නා දැමීම සහ ජවිපෙ සමහ වෛර බැඳීම..
මැක්සීස් ආයතනයේ චාපාගේ ගෝනි සෙල්ලම් දිනෙන් දින ඉහල ගියේය . අවසානයේ අයතනයේ සේවය කල ජ.වි.පෙ පාක්ෂිකයන් පිරිසක් මැක්සීස් ආයතනය චාපාගෙන් බේරා ගැනීමේ අරමුනින් වෘත්තීය සමිතියක් පිහිටුවූහ . ඔවුන් කන්ඩායමක් ලෙස ගොස් මැක්සි පෙරේරාගේ බිරිඳ හමුවී සිදුවීමට යන විනාශය පැහැදිලි කළෝය. කරුණු වටහාගත් ඇය, චාපා බන්ඩාර ආයතනයෙන් පන්නා දැමීමට අනුමැතිය දුන්නාය. අවසානයේ අතට අසුවූ දෙයින් පහරදුන් වෘත්තීය සමිති සාමාජිකයෝ චාපා බන්ඩාර මැක්සීස් ආයතනයෙන් එළවා දැමූහ . චාපාට ජවිපෙ වහ කදුරුවීමට ප්‍රධාන හේතුව මෙම පහරදීම ය. නමුත් ජ.වි.පෙ මැදිහත්වීම නොවන්නට මැක්සීස් ආයතනය මේ වන විට වැසී ගොස් හමාරය.
වෘත්තියක් ලෙස කාන්තාවන් රැවටූ චාපා දෙරණට..
මැක්සීස් ආයතනයෙන් පන්නා දැමූ චාපා ගංජා දිලිත්ගේ දෙරණේ නිවේදකයෙකු ලෙස එක් වූයේය. වෘත්තියක් ලෙස කාන්තාවන් රවටන චාපාට රූපවාහිනියක් හා සම්බන්ධ වීම පරණ පිනක් පෑදුනාක් මෙන් විය. චාපා එතෙක් දේශීව පවත්වාගෙන ගිය කාන්තාවන් රවටා මුදල් ගසාකෑමේ ව්‍යාපාරය ජාත්‍යන්තරයට ව්‍යාප්ත කළේය. දෙරණ නිවේදන කටයුතු අරඹා කෙටි කාලයක් තුල විදේශ ගත ලාංකික කාන්තාවන් දුසිමකට වඩා වැඩි පිරිසක් දැලේ දාගත්තේය. යුරෝපීය රටවල කාන්තාවන් පමනක් නොව මැදපෙරදිග දුක් විඳින ලාංකික කාන්තාවන් ද ඒ අතර වූහ. චාපා සාහසික ලෙස රැවටූ විදේශ ගත කාන්තාවන් 6 දෙනෙකු පිලිබඳ සියලු විස්තර අප සතුය, ඔවුහු ස්විස්ටර්ලන්තය, සයිප්‍රස්, ඔස්ට්‍රේලියාව,ජොර්දානය, ඩුබායි, ඉතාලිය යන රටවල සේවය කරති.
විදෙස් රටවල කාන්තාවන් රවටා කළ මුදල් වංචා..
අප මෙහි ඉදිරිපත් කරන ඉන් එක් කථා නායිකාවක ස්විස්ටර්ලන්තයේ වෙසෙන ලාංකික කතකි. චාපා අන්තර් ජාලය හරහා අඳුනා ගන්නා මැය සාහසික ලෙස මුලා කර තිබේ. එපමනක් නොව කඩින් කඩ විශාල මුදලක් ඇයගෙන් ලබා ලබාගෙන ඇත. ඉන් රු ලක්ෂ 16 කට ආසන්න මුදලක් චාපාගේ කොමර්ෂල් බැංකු ගිණුමට බැරකල රිසිට් පත්වල පිටපත් මේ සමග දක්වා ඇත. පසුගිය ගිය වසරේ අගභාගයෙදී කොන්දේ ඇතිවූ ආබාධයකට චාපා රෝහල් ගත විය. රෝහල් බිල රු 80000/- ක් පමණ විය. රෝහලේ බිල ගෙවීමට කියා චාපා මැක්සි පෙරේරාගෙන් රු 80000/- ක් ලබා ගත්තේය. මැක්සි පෙරේරාට හොරෙන් ඉහත කී ස්විස්ටර්ලන්ත කාන්තාවගෙන්ද රු 80000/- ක් ලබා ගත්තේය.
කාන්තාවන් ටෙලර් යන්ත්‍ර සේ භාවිතා කළ චාපා..

ස්විස්ටර්ලන්ත කාන්තාව පසුගිය වසරේ 6 වරක් ලංකාවට පැමිනියා ය. චාපාගේ නිවස වෙත ගිය ඇයට චාපාගෙන් අසන්නට ලැබුනේ ආර්ථික අගහිඟකම් ගැන සුපුරුදු කන්පින්දම් කීමය. ස්විස්ටර්ලන්ත කාන්තාව කියන පරිදි ඇයගෙන් ලබා ගත් ලබා ගත් මුදල් චාපා දේශීය පෙම්වතියන් සමග රවුම් ගසා ඉවර කොට ඇත. චාපා භාවිතා කරන යාරිස් මෝටර් රථයේ වටිනාකමෙන් සැලකිය යුතු කොටසක් ගෙවා ඇත්තේද ස්විස්ටර්ලන්ත කාන්තාවය. ඔහු භාවිතා කරන ලැප් ටොප්, දුරකථන ඇතුළු ඩිජිටල් සන්නිවේදන උපකරණ වලින් බොහොමයක් විදේශ ගත පෙම්වතියන්ගෙන් කඩා වඩා ගත් ඒවාය.
ඕනෑම තක්කඩියෙකුගේ අවසාන නැවතුම දේශප්‍රේමයයි..
චාපා ස්විස්ටර්ලන්ත කන්තාව ටෙලර් යන්ත්‍රයක් මෙන් භාවිතා කළ ද ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් කාර්ය භාරයක් ඉටු කරන තැනැත්තියකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ජිනීවා යන ශ්‍රී ලංකික වියතුන් යයි කියා ගන්නා කන්ඩායමේ බර පැන දරන්නේ මෙකී ස්විස්ටර්ලන්ත කාන්තාව ඇතුළු ශ්‍රී ලාංකිකයන් පිරිසකි. තමන්ගේ වියදමින් ජිනීවා යනවා කියන ඊනියා දේශප්‍රේමීන්ගේ හෙළුවද චාපා බන්ඩාර කථා වස්තුව හරහා එළියට පැමින ඇත. සැබැවින්ම කළ යුත්තේ රට ජාතිය වෙනුවෙන් නිහඬව සේවය කරන රට විරුවන් අගය කිරීමය. ලාංකිකයන් එක්සේසත් වන්නේ එවිටය. නමුත් චාපලා එහි කනපිටය. සැබෑ දේශප්‍රේමීන් දවසේ ආදායම සොයා ගැනීමට අවභාවිතා කොට තමන් දේශප්‍රේමීන් ලෙස පෙනී සිටිමට උත්සාහ කරන්නේය . ඕනෑම තක්කඩියෙකුගේ අවසාන නැවතුම දේශප්‍රේමය යයි කියූ කථාවේ සත්‍යතාව නම් මොනවට පැහැදිලිය.
චාපා නැමති පාපතරයා සමග එක මේසයේ වාඩි වීම..
චාපා බන්ඩාරගේ සාහසිකත්වය මෙම ලිපිය මගින් සාක්ෂි සහිතව හෙළිදරව් කළ පසු දෙරණේ ගංජා දිල්ත්ගෙන් චාපාට උසස් වීමක් ලැබුනහොත් පුදුම විය යුතු නැත. ගංජා ආතල්, සිද්ධාර්ථ ආතල් ගැන ප්‍රසිද්ධියේ කියන දිලිත්ට එවැන්නක් නොකිරීමටද ලජ්ජාවක් තිබිය තිබිය නොහැක. රාජපක්ෂලාගේ සිත් පිත් නැති කළු මුදල් සුදු කළ දිලිත් ජයවීරගෙන් ඊට වැඩි යමක් බලා පොරොත්තු විය ද නොහැක. ගුරා හිට ගෙන මූත්‍රා කරන විට ගෝලයෝ දුවමින් මූත්‍රා කිරීමෙහි අරුමයක් නැත. නමුත් වෘත්තියක් ලෙස අහිංසක කාන්තාවන් රවටමින් මුදල් ගසා කන , ඔවුන්ගේ ජීවිත අඳුරු කරන චාපා නැමති පාපතරයා සමග එක මේසයේ වාඩි වෙනවාද නැද්ද යන්න කාන්තාවන් වන දිල්කලා, වරුණි අමුණුගමලා දෙවරක් සිතා බැලිය යුතුය.
(පසු සටහන – ඔහුගේ දුරකථනයේ සියලු දත්ත මේ වන විට පිටපත් කොට අප සතුව ඇති අතර, සුදුසු පරිදි ඒවා මතු භාවිතාවේ යෙදැවෙනු ඇත)
කීර්ති රත්නායක විසිනි
හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරීඋපුටා ගැනීම: -ලංකා ඊ නිව්ස්-
-

වතිකානුවේ සිට කාදිනල් හිමියන්ගෙන් ආණ්ඩුවට චෝදනා..
පාස්‌කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රජය වසන් කරන බව මැල්කම් රංජිත් කාදිනල්තුමා විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
වතිකානුවට ගොස් ශුද්ධෝත්තම පාප්වහන්සේ හමුවීමට පෙර කාදිනල්තුමා මේ බව දන්වා ඇත.
රජයට මේ ගැන බරපතළ වගකීමක් තිබෙනවා. දැන් රජය කමිටු හා කොමිසම් පත්කර තිබෙන අතර ඔවුන් පැත්තෙන් පැත්තට චෝදනා කර ගන්නවා. එහෙත් මම දන්නවා කවුද වගකියන්න ඕන කියලා යෑයි මැල්කම් රංජිත් කාදිනල්තුමා කීවේය.
ඉන්දියාවෙන් ලබාදුන් තොරතුරු තමන්ට දුන්නා නම් සෑම පල්ලියක්‌ම වසන බව පැවසූ කාදිනල්තුමා හැමෝම එකිනෙකාට බැනගන්නා බවත් සත්‍ය වසන් කරන බවත් කීවේය.
මේ සිද්ධිය ගැන ජනාධිපතිගේ කටයුතු ද ගැටලුවක් බවද කාදිනල්තුමා කීවේය. -

කලා ක්ෂේත්‍රය වෙනුවෙන් වසර 24 ක් සම්මාන දහස් ගණනක් ලබාදෙමින් කලා ලොව දිරිගැන්වූ තිලංගට ජ්‍යේෂ්ඨයින්ගෙන් සුවිශේෂී සම්මානයක්!
මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් පුරා දශක තුනකට ආසන්න කාලයක් අඛණ්ඩව කලා ක්ෂේත්‍රයේ දැවැන්තම ටෙලි-සිනෙමා සම්මාන උළෙල වන “සුමති ටෙලි සම්මාන උළෙල” පවත්වාගෙන යමින් වසර 24 ක් තුල 1400 කට වඩා වැඩි කලා කරුවන් ප්‍රමාණයකට සම්මාන පුදකරමින් මෙරට කලා කෙත අස්වද්දන්නට කැපවීමෙන් සුවිශේෂී සේවයක් සිදුකළ හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා වෙත සුවිශේෂී සම්මානයක් ප්‍රදානය කිරීම ඊයේ(20) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවති ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 25 වන අභිමානවත් සංවත්සර උළෙලේදී සිදුවිය.
වසර 25ක ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය මෙරට කලා ක්ෂේත්‍රය ඉතා ප්‍රවීනම කලාකරුවන්ගෙන් සහ නිර්මාණකරුවන්ගෙන් සමන්විත එකම සහ දැවැන්තම කලා සංසදය වන අතර සුමිත්‍රා පීරිස්, ආචාර්ය එඩ්වින් ආරියදාස, අයිරාංගනී සේරසිංහ, ආචාර්ය මාලිනී ෆොන්සේකා, ආචාර්ය රෝහණ වීරසිංහ, නාලන් මෙන්ඩිස්, ඩග්ලස් සිරිවර්ධන වැනි කලා ක්ෂේත්‍රයේ ප්‍රවීන මෙන්ම දැවැන්තම චරිතයන්ගෙන් සමන්විත කලාකරුවන්ගේ සංවිධානයවේ.

මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් වසර 24ක් අඛණ්ඩව සම්මාන සහ අවශ්‍ය සහය ලබාදෙමින්, කලාකරුවන් නිබඳව දිරි ගන්වමින් සිදුකළ සේවාව වෙනුවෙන් මෙම ඇගයීමට පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාත්‍රවිය.
මෙම අනපේක්ෂිත අවස්ථාවේ සංවේදීව අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා,
“අප මෙතෙක් කලක් සම්මානයට පාත්‍රවෙච්ච අය ඇගයීමට ලක් කරන්න ලැබුණා. සම්මාන 1400කට අධික ප්‍රමාණයක් අපි මේ අවුරුදු 24ට ලබාදී තිබෙනවා. මේ පළවෙනි වතාවට සම්මානයක් දීමට සම්මානයක් ලැබුණේ. මම එහෙම දෙයක් අපේක්ෂා කළේ නැහැ. ඒ කෙසේ වෙතත් ඩග්ලස් මහතා සමඟ එකතු වෙලා අපි අපේ ප්‍රමිතියෙන් උසස් තලයකට ගෙන යෑම සඳහා අදහස් ගත්තේ, යෝජනා ගත්තේ මේ කාමරයේ සිටින ඔබ තමුන්නාසේලා සමඟ එකට සිටි සහෝදර සහෝදරියන්ගෙන්. ඒ නිසාම වෙන්න ඇති අපිට අවුරුදු 24ක්ම සුමති සම්මාන උළෙල කරගෙන යන්න පුළුවන් වෙන්න ඇත්තේ. ඒ නිසා ක්ෂේත්‍රය විසින්, ක්ෂේත්‍රය උදෙසා, ක්ෂේත්‍රය වෙත කරපු ඒ සම්මාන උළෙලට ඉදිරියට කරගෙන යන්නත් අවස්ථාව ලැබෙන්නේ මෙවැනි ක්ෂේත්‍රයට ආදරය කරන ඔබ සියලු දෙනා නිසා. ඒ නිසා මෙය අප හදවතේ ඉතා ගැඹුරුම තැනක පරිස්සම් කරලා තියලා එය අපට ශක්තියක් කර ගන්නවා ඉදිරියට ඔබ තමුන්නාසේලාගේම සහෝදර සහෝදරියන් ඇඟයීමට ලක්කිරීමට. බොහොමත්ම ස්තුතියි!”
-

තේරීම් කාරක සභාවේදී ඇමති රවීගේ ප්‍රශ්න කිරීම් හමුවේ අබ්දුල් රාසික් හිරවෙයි..! බොරු ගොතයි..(වීඩියෝ)
වහබ්වාදය පදනම් කරගත් අන්තවාදී ඉස්ලාම් සංවිධානයක් වන තවුහිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් නැමැත්තා ඊයේ(20) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අබ්දුල් රාසික්ගේ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිරාවරණය කරගැනීමට හැකිවිණ.
මෙහිදී අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ, බුදුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි 2013 වසරේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලද ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් ඊයේ දිනයේ එම ප‍්‍රකාශය යළිත් සංශෝධනය කළේය.
පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ තමන් අතින් එදා වූයේ වැරදක් බවයි.
2013 වසරේ දී ඇතැම් සිංහල අන්තවාදී සංවිධාන විසින් මුස්ලිම් ජන සමාජයට සහ ඉස්ලාම් ආගමට විරුද්ධව එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු දෙන අවස්ථාවක දී තමන් අතින් එවන් දෙයක් කියවුන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී පෙරළා ප්‍රශ්න කළ අමාත්‍ය රවී කරුණානායක මහතා අසා සිටියේ, මෙවැනි සිංහල බෞද්ධ රටක ඔවැනි ද්වේශ සහගත ප්‍රකාශ කිරීම වලංගු යැයි සිතනවාද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් අබ්දුල් රාසික් ප්‍රකාශ කළේ, තමන් තිබූ ඉක්මනින්ම නිවැරදි කළ බවත් තමන් ප‍්‍රසිද්ධියේ තමන් සමාව අයැද සිටි බවය.
තමා එදින ප්‍රකාශ කරන ලද්දේ උපාසිකාවගේ කලවා මාංශය ගිලන් වූ භික්ෂූන් වහන්සේ නමක් විසින් අනුභව කිරීමක් බුදුන් වහන්සේ කිරීමක් සේ වැරදි ආකාරයෙන් තේරුම් ගත් නිසා බවත් මහ ලේකම්වරයා කීය.
කෙසේ වෙතත් එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ බුදුරජාණන් වහන්සේ අතන මෙතන ගොස් නොදැනුවත්ව හෝ ගොන් වැඩ නොකරන උත්තමයෙකු බවයි.
ඒ නිසා මෙවන් ප්‍රකාශ කිරීමට පෙර තමන් තවදුරටත් අධ්‍යනය කර විශ්වාසයක් ඇතිව සිදු කරන ලෙසත් සේ විශ්වාසනීයත්වය ඇති වන තෙක් දේශනා කිරීම නවත්වන ලෙසත් ඔහු කියා සිටියේය.
-

දුම්රිය වැඩ වරයි! මගීන් අසීරුවේ..
වැටුප් සහ ශ්‍රේණි ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද(21) උදෑසන සිට ක්‍රියාත්මකවේ.
වර්ජනය සම්බන්ධයෙන් ඊයේ(20) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත් විය. එම සාකච්ඡාවලදී රජය පාර්ශවය ප්රේකාශ කර ඇත්තේ මාස එකහමාරකින් පමණ සේවක ගැටළුවලට විසදුම් ලබා දිය හැකි බවයි.
නමුත් සේවකයින් ඊට කැමැත්ත පළ කර නැහැ. ඊයේ පැවති සාක්ච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරි වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා මේ බව පැවසීය.
මේ අතර වර්ජනය ආරම්භ වීමට පෙර සිටම දුම්රිය රියදුරන් දුම්රිය ධාවනයට ඉදිරිපත් නොවීමෙන් කොටුව දුම්රිය ස්ථානයේ මඟින් පිරිසක් විරෝධතාවයේ නිරත විය. ඊයේ රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබු සියලු තැපැල් දුම්රිය අවලංගු කෙරුණු බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් දුම්රිය ධාවනය අඬාල වීමෙන් සිකුරාදා දිනයේ ගම්බිම් බලා පිටත්ව යන මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද වාර්තා වෙයි.
-

විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින්නේ..
“විපක්ෂය නිරන්තරයෙන් විපක්ෂය හැටියටම ක්‍රියාත්මක වෙනවා. නමුත් විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින්නේ. රටක් ඉදිරියට ගෙනියන්න තිබෙන මේ වගේ අවස්ථාවක, මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ජනතාව සමග අත්වැල් බැදගෙන රට ඉදිරියට ගෙනියන්න එකමුතුවෙන්න කියලා. කිසිමදාක වෛරයෙන් රටක් හදන්න බැහැ”යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පොසොන් පොහොය නිමිති කරගෙන මට්ටක්කුලිය මහවත්ත ප්‍රදේශයේ සංවිධානය කරතිබූ පොසොන් බැති ගී ප්‍රසංගයකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
“අද අපි මේ පොසොන් පොහොය නිමිත්තෙන් මේ ප්‍රදේශයේ ජීවත්වන සියලුම ආගමිකයන්, සියලු ජාතීන් එකතුවෙලා, පන්සල මුල්කරගෙන පවත්වන බැති ගී තුළින් අපේ එකමුතුභාවය තමයි පෙන්වන්නේ. කැබිනට් මණ්ඩලය රැස්වුණා. මෙහිදි අපි රජයේ ඉදිරි වැඩකටයුතු පිළිබදව සාකච්ඡා කළා. පසුගිය සමයේ මාධ්‍ය විසින් ජනතාව අතර මතයක් ඇතිකරලා තිබුණා කැබිනට් මණ්ඩලය තුල යම් යම් අසමගිතාවන් ඇතිවී තිබෙනවා කියලා. නමුත් අද අපි ඒ සියලු මත බිද දමලා, අපේ එකමුතු භාවය පෙන්නුම් කළා.
ආර්ථිකය සම්බන්ධයෙන් ලෝකයේ අනෙක් රටවල වගේම අපේ රටෙත් ප්‍රශ්න ඇතිවෙලා තිබෙනවා. අනෙක් රටවල ප්‍රශ්න වලට අපේ රටත් ග්‍රහණයට ලක් වෙලා. දක්ෂයො, වැඩකරන්න පුළුවන් අය සමග එකමුතු වෙලා ඒ ප්‍රශ්ණ විසදගෙන, මේ රටේ ආර්ථිකය යහපත් ආකාරයෙන් සකසා ගතයුතුයි. යම්යම් ප්‍රශ්න තිබෙනවා. නමුත් අපි එකමුතුවෙලා, අපේ රටේ අහිංසක ජනතවට අදට වඩා හොද හෙට දවසක් ඇතිකරනවා “යැයි පැවසිය.
-

42% මුස්ලිම් ළමා ජනගහණ වර්ධනය ගැන කියන කථා බොරු! මෙන්න ඇත්ත.. (රජයේ සංඛ්‍යාලේඛන සාක්ෂි සහිත විශේෂ අනාවරණයක්)
රටේ සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී සියලු ජනවර්ග අභිබවා මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සියලු සාක්ෂි සාධක සහිතව ඊයේ(19) පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකදී ගෙන හැර දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා,
මුස්ලිම් ළමා ජනගහනය පිළිබඳ විවිධ කටකතා යනවා. සමහරු කියනවා ළමා ජනගහනයේ මුස්ලිම් ප්‍රතිශතය 42%යි කියලා. නමුත් මේ කතා කියන්නේ මූලාශ්‍ර පදනම් කරගෙන නොවේ. මුස්ලිම් ජනගහනයේ සීඝ්‍ර වර්ධනය තිබෙන බවත් ඇත්තක්. නමුත් ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුව ළමා ජනගහනය ජනර්වග අනුව වාරතා කරන්නේ නැති නිසා මේ පිළිබඳ විශ්වාසනීය තොරතුරු සමාජයේ නෑ. මේ නිසා 2012 ජන සංගණනයේ තොරතුරු පදනම් කරගෙන ළමා ජනගහනයේ ජනවාරගික සංයුතිය සකසා දෙන්න කියා මම ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්දු බණ්ඩාර මහත්මියගෙන් ඉල්ලීමක් කළා. මගේ ඉල්ලීමට අනුව එතුමියගේ ප්‍රතිචාරය දක්වා තිබෙනවා. එම ලිපි දෙකම මා ඔබ හමුවේ තබනවා.
2012 දී සමස්ත ජනගහනයෙන් 75%ක් සිංහල, 11%ක් ලංකා දෙමළ, 4%ක් ඉන්දියානු දෙමළ සහ 9%ක් මුස්ලිම්. ඒ වසරේ දීම ළමා ජනගහනයෙන් 71%ක් සිංහල, 12%ක් ලංකා දෙමළ, 5%ක් ඉන්දියානු දෙමළ සහ 12%ක් මුස්ලිම්. සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගිහින්. නමුත් සිංහල පමණක් 75% සිට 71% දක්වා 4%කින් අඩු වෙලා. වැඩිම ර්වධන වේගයක් පෙන්වන්නේ මුස්ලිම්. මුස්ලිම් ජනගහනය 9% සිට 12% දක්වා වැඩි වෙලා. 9 සහ 12 කුඩා ඉලක්කම් ලෙස පෙනුනත් එය බරපතල වර් ධණයක්. 33% වඩා වැඩි වර්ධණයක්.
අවුරුදු 5 සිට 9 දක්වා වයස් කාණ්ඩයට සාපේක්ෂව අවුරුදු 0 සිට 4 දක්වා වයස් කාණ්ඩය තුල සිංහල ජනගහනය වැඩි වී ඇත්තේ 0.5%කින්. නමුත් මුස්ලිම් ජනගහනය 1.4%කින් නැතිනම් තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා. මෙය අද තත්වය නෙමෙයි. 2012 තත්වයයි. වත්මන් තත්වය දැනගන්න වෙන්නේ 2021 පවත්වන ජන සංඝනනයෙන් පසුවයි. මෑත කාලයේ මුස්ලිම් ජනගහනයේ සීඝ්‍ර ර්වධනය දශක ගණනාවක් පුරා දකින්න ලැබෙන දෙයක්. 1953 දී 6%ක් වූ මුස්ලිම් ජනගහනය අවුරුදු 28කට පස්සේ 1981 දී ර්වධනය වී තිබුණේ 7% දක්වා පමණයි. නමුත් එයින් අවුරුදු 30කට පස්සේ 9% දක්වා ර්වධනය වෙලා. ළමා ජනගහනයේ ප්‍රවණතා සලකා බලන විට ඉදිරි වසර දහය තුල මුස්ලිම් ජනගහනය 12% ඉක්මවා යනවා.
ඒ වගේම නිදහසින් පසු ප්‍රථම වතාවට 2012 දී ළමා ජනගහනය තුල සිංහල ප්‍රතිශතය අඩුවීමක් පෙන්නුම් කරනවා. ලංකාවට ආවේණික වූ සිංහල ජාතිය වඳවීම ආරම්භ වී ඇති බවයි මෙයින් පෙන්නුම් කරන්නේ. අපි මේ දත්ත ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුවෙන් අරගෙන විද්‍යත්මකව විග්‍රහ කරලා ප්‍රථම වතාවට හෙළි කරණවා 2012 ජන සංඝණන වාර්තාව අනුව සිංහල ජාතිය වද වෙමින් පවතින ජාතියක් බව මේ වන විට නිල වශයෙන් තහවුරු වී ඇති බව.
අපි එයට බය වෙන්නේ ඇයි. ඇෆ්ගනිස්ථානයේ බහුතරය බවට මුස්ලිම් ජනතාව පත්වූවාට පසු කණිෂ්ක රජතුමන් මින් වසර 1600 කට පෙර ඉදි කල බාමියන් බුදු පිළිම කුඩු පට්ටම් කර දැම්මා. බාමියන් බුදු පිලිමවලට අත් වූ ඉරනම අපේ රටේ අවුකණ බුදු පිළිමයටද අත්වෙනවාට අප බියෙන් පසු වන නිසයි අප මේ ගැන ජාතියේ අවධාන යොමු කිරීමට තීරණය කලේ.



-

ඉල්ලන්න ගිය සිරිසේනට ජපානය මදි නොකියන්නම දෙයි..
2018 මාර්තු මාසයේදී ජනාධිපති මෛත්රිපාල සිරිසේන ජපානයේ සිදුකළ සංචාරයේදී කළ ඉල්ලීමකට අනුව ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ මහතා විසින් ශ්‍රී ලංකාවට ජපානයේ රැකියා අවස්ථා 10,000කට අධික ප්‍රමාණයක් ලබාදීමට එකඟත්වය පළ කරමින් ඊට අදාළ ගිවිසුම ජනාධිපතිවරයා වෙත එවා ඇත.
මෙම ගිවිසුම වසර 10ක කාලයක් ක්‍රියාත්මක වන අතර, එම කාලය තුලදී අසීමිත රැකියා ප්‍රමාණයක් ශ්‍රි ලාංකිකයින්ට හිමි වේ.මෙම ගිවිසුම අනුව සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්ත, ධිවර හා ජලජීවි වගාව, ආහාර පාන නිෂ්පාදනය, ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා ලැබීමට නියමිතය.
ජපානයෙන් මෙම රැකියා අවස්ථා ලොව රටවල් 9ක් සදහා ලබාදෙන අතර ඉන් 7 වන ස්ථානය ශ්‍රි ලංකාවට හිමිවීම විශේෂත්වයකි.
-

පස්දෙනෙකුට මරු කැඳවමින් 12කට බරපතළ තුවාල සිදුකරමින් සිදු වූ මාරක රිය අනතුර (වීඩියෝ)
මඩකළපුව-පොලොන්නරුව මාර්ගලයේ , වැලිකන්ද ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.
අද (19) අළුයම 01.45ට පමණ අනතුර සිදුව ඇති බව සදහන්.
මරදන්කඩවල – තිරික්කොන්ඩියාඩිමඩු මාර්ගයේ කොළකනවාඩිය ප්‍රදේශයේදී අනතුර සිදුව තිබේ. වැලිකන්ද දෙසට ගමන් කරමින් තිබූ අත්ට්‍රැක්ටරයක එම දිශාවටම ගමන් කළ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සදහන්.
අනතුරින් අත්ට්‍රැක්ටරයේ ගමන් ගත් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.තවත් 12 දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
මියගිය පිරිස අතර කාන්තාවන් සිව් දෙනෙකු වන බව පොලිසිය පැවසුවේය. මියගිය පිරිස වැලිකන්ද- බෝවත්ත ප්‍රදේශයේ පදංචිකරුවන් බව පොලිසිය පවසයි.
-

නානලා මොකෝ මේ කාටත් හොරෙන් හොර පාරෙන්ම (වීඩියෝ)
පසුගිය දිනෙක මාධ්‍ය හමු සංදර්ශන පවත්වමින් දෙස් විදෙස් රටවලට පවා අණබෙර ගසමින් සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස් වූ වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් එකා දෙදෙනා යළි හොර රහසේම සිය අමාත්‍යධුර ලබාගනිමින් දිවුරුම් දීමට පටන් ගෙන ඇත.
මෙලෙස සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වු මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අද(19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍යධූරවල දිවුරුම් දෙනු ලැබීය.
එලෙස දිවුරුම් දෙනු ලැබුවේ, කබීර් හෂීම් හා එම්.එච්.ඒ.හලීම් යන මහත්වරුන්.
කබීර් හෂීම් මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මීට පෙර කටයුතු කළේය.
එම්.එච්.ඒ.හලීම් මහතා තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මීට පෙර කටයුතු තළේය.
-

අලුත්ම CEB Care Appඑක
CEB Care ජංගම දුරකථන මෘදුකාංගය (app) හඳුන්වාදීම බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (17) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විණි.
එම මෘදුකාංගය හරහා විදුලි ගිණුම් ඇතුළත් කිරීම , විදුලිය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම , එම පැමිණිලි ක්‍රියාත්මක වන ආකාරය , විදුලි බිඳ වැටීම් දින දර්ශන , විදුලිය සම්බන්ධ කෙටි දැනුම් දීම් , අන්තර්ජාල ගෙවීම් පහසුකම් , බිල්පත් ගණනය කරන ආකාරය වැනි ක්‍රියාවන් රැසක් සිදු කර ගැනීමට අවස්ථාව උදා වේ.
මෙම දුරකථන මෘදුකාංගය ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට අයත් ඉංජිනේරුවරු 9 දෙනෙක් විසින් නිර්මාණය කර ඇත. ඒ සඳහා දායකත්වය දැක්වූ එම නිර්මාණකරුවන් ඇගයීම සහ සහතික පත් ප්‍රදානය ද අමාත්‍යවරයා අතින් සිදු විණි.