Category: සුපිරි Walks

  • චිචියා වගේ බොරු පඩ ෂෝ නැතිව.. ඇත්තටම අපේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි අභ්‍යවකාශයට රාවණා-1 ඇරපු හැටි (වීඩියෝ)

    චිචියා වගේ බොරු පඩ ෂෝ නැතිව.. ඇත්තටම අපේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි අභ්‍යවකාශයට රාවණා-1 ඇරපු හැටි (වීඩියෝ)

    අපේ රටේ ජනතාව ගොනාට අන්දවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙගා සිනමා ජවනිකාවක් රඟදක්වමින් 2012 දී රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් කාබාසිනියා කර ඔහුගේ මද්දුම පුත්‍රරත්තය වූ රෝහිත නොහොත් චිචී ලවා චීනයේ රොකට්ටුවක ලංකාවේ මොකක්දෝ එකක් කියා එකක් යවන බවට පෙන්වීය. මොඩලින් ඩයල් එකක් වී පොඩි පොඩි කෙල්ලන් සමඟ ආතල් ගනිමින් සිටි චිචීයා එකවරව ගඟනගාමියෙක් වී ලයිට් එළියයි, තරු එළියයි වෙන්කර අපට කියාදීමට සිටි රටේ මීඩියාවලට එකම විද්‍යාඥයා වූ ආචාර්ය චන්දන ජයරත්නවත් මඤ්ඤං කළේය.

    ඇත්තටම චීචියා වෙනත් ග්‍රහලෝකයයින් ගගනගාමී පොරක් වී මාස කිහිපයකට ෆුල් සීරියස් ආතල් එකක් දුන්නේය. එදා “ටෝක් විත් චතුර” නොතිබූ නිසා චතුර අයියාට චීචීව ඉන්ටවීව් කරන්න රජ මැදුරටම වෝක් කරන්න විය. චතුර අයියා හිටන් අහපු ප්‍රශ්නවලට චිචියා දුන් හුටන් පිළිතුරුවලට පොර වෙන්න හරස් ප්‍රශ්න නොහා ගෙදර එන්න පරිස්සම් වුණේ, එහෙම නැත්තම් අපිට චතුර අයියාගේ මළ ගෙදර යන්න වෙන නිසා වන්නට පුළුවනි.

    මහින්ද මාමායි, ශිරන්ති නැන්දයි, බාප්පලා, මාමාලා රොත්තයි එදා අපිව අපේ සල්ලි වලින් ගොනාට ඇන්දුවේ එසේය. ඒත් අද එහෙම නැත.

    අපේම කොල්ලෙකුයි, කෙල්ලෙකුයි අද ඇත්තටම චන්ද්‍රිකාවක් හදා අභ්‍යවකාශයට යවා අවසන්ය. මේ අපේ කොල්ලන්ගේ අපේම කතාවය.

    ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින් රාවණ- 01 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (17) පස්වරු 3.45ට සාර්ථකව සිදු කෙරිණි.

    රාවණා- 01 චන්ද්‍රිකාව නේපාලය සහ ජපානය යන රටවලින්ද නිර්මාණය කෙරුණු චන්ද්‍රිකා 02 ක් සමඟ කක්ෂ ගත කිරීම එම මොහොතේදී සිදු විණි. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ දී නිර්මාණය කර පසුගිය අප්‍රේල් 19 වන දින ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත මුදා හැරීම සිදු කෙරුණු අතර, එහි සිට මෙම රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව ඊයේ (17) පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීම සිදු විණි.

    ඒ අනුව නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනය ජපානයේ කියුෂු (Kyushu) තාක්ෂණ ආයතනයේ සහයෝගීතාව යටතේ ශ්‍රී ලංකා ධජය රැගත් රාවණ -1 නමින් කුඩා ප්‍රමාණයේ ඝනක චන්ද්‍රිකාව පසුගිය අප්‍රේල් 19 වන දින අලුයම 2.16ට අමෙරිකාවේ නාසා ආයතනයට අයත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත වූ අතර එය පසුදා (20) දින සවස 6.30ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ළඟාවිණි. අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයෙන් අප රට ළඟාකරගත් සුවිශේෂී ජයග්‍රහණය වන මෙරට ප්‍රථම චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය 2014 වර්ෂයේ දී ආරම්භ කළ දිගුකාලීන අභ්‍යාවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ එක් පියවරක් ලෙසිනි.

    මෙම චන්ද්‍රිකාවේ නිර්මාණ කටයුතු ලාංකීක ඉංජිනේරු ශිෂ්‍යයන් වන දුලානි චාමිකා සහ තරිදු දයාරත්න යන අය සිදු කළහ.

    මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 21.5 ක් ශ්‍රී ලංකා රජය පිරිණමා ඇත.

  • ව්‍යාජ ප්‍රචාරවලට රැවටෙන්න එපා.. ! – විදුලිබලයෙන් විශේෂ ඉල්ලීමක්

    ව්‍යාජ ප්‍රචාරවලට රැවටෙන්න එපා.. ! – විදුලිබලයෙන් විශේෂ ඉල්ලීමක්

    සූර්යබල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රචාරක සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි.

    සූර්යබල සංග්‍රාමය සම්පූරණ වැඩසටහන සැලකුවහොත් මෙගාවොටේ 01 බැගින් වන බලාගාර වලින් විදුලිය මිලදී ගැනීම එක් ඒකකයකට රු. 16.00 පමණ වෙනවා. මෙගාවොට් 10 වගේ බලාගාරයන්ගෙන් විදුලිය මිලදී ගන්නේ රු. 11.82 ක පමණ සිට රු 12.50 දක්වා වූ මිලකටයි. විශාල පරිමාණ සූර්ය උද්‍යාන ඉදිකිරීමෙදී මෙම මිලගනන් තවත් අඩුවේවි. මෙම ව්‍යාපෘතියේදී පළමු අදියරේ රු. 22.0ක් එක ඒකකයකට ගෙවීමෙන් රජය බලාපොරොත්තු වුණේ මේ රටේ විදුල පාරිභෝගිකයාට තම පියසි මත සූර්ය විදුලි ජනන පද්ධති සවි කරලා එමගින් ආදායමක් ලබා ගැනීම. ඒ වගේම පරිසර හිතකාමි ජනන ප්‍රභවයන් පද්ධතියට එක් කරගැනීම. පසුගිය දින කිහිපය තුල විද්‍යුත්, මුද්‍රිත මෙන්ම විවධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සෙ සූර්යබල සංග්‍රාමය පිළබද විවිධ අසත්‍ය ප්‍රචාරයන් සමාජගත කිරීමට විවිධ පාර්ශවයන් විසින් උත්සායක් ගන්නවා. විශේෂයෙන් මෙම තත්ත්වය හමුවේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය හැටියට මේ රටේ විදුලි පාරිභෝගිකයන් මෙ සම්බන්ධව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මත තමයි මේ නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කරන්නේ. සූර්යබල සංග්‍රාමය අපි ක්‍රියාත්මක කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින්. එහි යම් වෙනස්කමක් ඇතිකිීමටනම්, නැවත වරක් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබාගත යුතුයි. මේ වනතෙක් මෙම ව්‍යාපෘතියේ කිසිදු වෙනසක් සිදුකර නැහැ. ලංකා විදුලිබල මණ්ඩලය මගින් පත්කරනු ලබූ කමිටුවේ වාර්තාව මේ වනතෙක් ලැබී නැහැ. විවධ පාර්ශවයන් විසින් මේ දිනවල මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාරයන් පතුරුවා හැරීමට කටයුතු කරනවා අපි සූර්යබල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට තීරණය කරලා කියලා. නමුත් මෙය සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක් යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රචාරක සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි.

    සුලක්ෂණ ජයවර්ධන මහතා මෙම අදහස් පලකළේ, මේ සම්බන්ධව විවිධ පාර්ශව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මේ වන විට ගෙනයන අසත්‍ය මතවාද පිළිබදව ජනතාව නිවැරදි ලෙස දැනුවත් කිරිම වෙනුවෙනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයවර්ධන මහතා ..,

    සූර්යබල සංග්‍රාමය වැඩසටහන සම්බන්ධව ගත්තොත් මෙය අදියර 04 කින් සමන්විතයි. ඒ යටතේ රටේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට, විදුලිබල සංවර්ධනයට සූර්ය බලය උපයෝගී කරගැනීමට ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. මෙහි පළමු අදියර යටතේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම නිවාස පියසි මත සූර්යබල විදුලි ජනන පද්ධති සම්බන්ධ කරගෙන විදුලි ජනනයට අවස්ථාව ලබාදී තිබෙනවා. මෙහිදී නෙට් මීටරින්, නෙට් ප්ලස්, නෙට් එකවුන්ටින් යන ක්‍රමවේදයන් වලින් තමා කැමති ක්‍රමවේදකට විදුලිය නිෂ්පාදනය කරලා ජාතික පද්ධතියට ලබාදෙන්න.

    2016 මෙම වැඩසටහන හදුන්වාදීමෙදී අපි සැලසුම් කළේ 2020 වනවිට මෙගාවොට් 200 ක් මෙමගින් ජාතික පද්ධතියට එක් කිරීමටයි. අපි මේ වනවිට ඒ ඉලක්කයට ලගාවෙමින් සිටිනවා. 2025 වනවිට තවත් මෙගාවොට් 800 ක් පද්ධතියට ලබාගනිමින් මෙගාවොට් 1000 දක්වා සූර්යබල සංග්‍රාමය අපි දියත් කරන්න සැලසුම කරලා තිබෙනවා. මේ තත්ත්වය යටතේ රජය විසින් විවධ වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. විශේයෙන් ආසියානු සංවර්ධන බැංකුව යටතේ ණය ආධාර ලබාදීම, සූර්යබල විදුලිය ලබාදෙන ආයතන වල , උපකරණ වල ගුණාත්මක භාවය ආරක්ෂා කරීමට කටයුතු කිරීමට නීති රෙගුලාසි ඇතිකිරීම ආදි විවිධ කාර්යයන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම තත්ත්වයන් යටතේ අපි බලාපොරාත්තු වන්නේ සූර්යබල සංග්‍රාමය පළමු අදියර සාර්ථක කර ගැනීමටයි. දෙවන අදියර යටතේ මෙගාවොට් 01 බැගින් වන ව්‍යාපෘති 300 ක් පද්ධතියට එකතු කිරීම වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිනී සිදුකරලා මේ වනවිට මෙගාවොට් 126 කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් ටෙන්ඩර් පිරිනැමීම සිදු කරලා තිබෙනවා.

    ඒ වගේම තවත් මෙගාවොට 150 ධාරිතාවයක් පද්ධතියට ලබාගැනී සදහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළින් තරගකාරි මිලගනන් කැදවලා අවශ්‍යකරන ක්‍රමවේද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම තුන්වන අදයර යටතේ මෙගාවොට් 10 බැගින් වූ බලාගාර 05 ක් පද්ධතියට එක් කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ඒ වගේම හතරවන අධියර යටතේ විශාල සූර්යබල උද්‍යාන ඉදිකිරීමට පියවර ගන්නවා. මේසදහා පුනරීන්, සියඹලාණ්ඩුව වැනි ප්‍රදේශ පාදක කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම ජලාශ මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිීමත් මේ යටතේ සිදුවෙනවා. මේ සදහා මාදුරුඔය තෝරාගෙන තිබෙනවා.

    සූර්යබල සංග්‍රාමය පළමු අදියර යටතේ නිවාස වහල මත සවිකරන සූර්ය විදුලි පද්ධති වෙනුවෙන් මුල් අවුරුදු 07 තුළ රු. 22.00 වැනි මුදලක් එක් ඒකකයකට ගෙවනු ලබනවා. ඊලග අවුරුදු 8 – 20 දක්වා කාලයට රු. 15.50 ක අගයක් ගෙවම් සිදු කරනවා. අපි මුලින්ම මෙම ව්‍යාපෘති ආරම්භයේදීම සම්මුතියක් ඇති කරගත්තා, මුල් මෙගාවොට් 100 ජාතික පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියේ අඩුපාඩුකම්, ප්‍රගතිය ආදිය පිළබදව සමාලෝචනයක් සිදුකළයුතුයි කියලා. නමුත් මෙගාවොට් 100 ක් එක්කිරීමෙන් අනතරුව මෙම සමාලෝචනය සිදුකළේ නැහැ. මෙගාවොට් 200 ක් පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව මෙය සිදුකිරීමටයි රජය තීරණය කරලා තිබුණේ. ඒ අනුව මේ සමාලෝචන සිදුකිරීමේදී අපට පෙනී යන්නේ, නෙට් මීටරින් යටතේ සූර්ය විදුලිය මිලදී ගැනීමෙදී එක් ඒකකයක් රු.45.00 ක් වැනි අගයක් වෙනවා. අනෙකුත් ක්‍රමවේද දෙකෙන් සූර්ය විදුලිය මිලදී ගැනීමෙදී රු. 22.00 ක් වැනි මුදලක් වනවා. මෙම ක්‍රමවේදයන් අතරවන නොගැලපීම් තත්ත්වයන් පිලිබදව කරුණු විමසා බැලීමට කමිටුවක් පත්කරලා තිබෙනවා. මේ වනවිට ඒ කමිටුව අධ්‍යයනය සිදුකරමින් පවතිනවා යැයි පැවසීය.

    සූර්ය විදුලිබල ක්ෂේත්‍රයේ සිදුකළ යුතු යම් යම් වෙනස්වීම් සම්බන්ධයෙන් පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. එම්. එස්. බටගොඩ, සූර්ය විදුලිබල සැපයුම්කරුවන්ගේ සංගමය, ලංකා විදුලිබල මන්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සමග අමාත්‍යාංශ පරිශ්‍ර යේදී සාකච්ඡාවක් පැවති අතර මිල සංශෝධනයන් පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරෙිනි. අදාළ මිල සංශෝධනයන් වෙනුවෙන් සූර්ය විදුලිබල සැපයුම්කරුවන්ගේ සංගම් වලින්ද කිසිදු විරෝධතාවක් පැනනොනැගුණ අතර එම මිල සංශෝධනයන් වෙනුවෙන් එහිදී එකගතාවයකට පැමිණීමට හැකි විය. කරුණු එසේ වුවද සූර්යබල සංග්‍රාමයේ ප්‍රගතිය මෙන්ම අඩුපාඩු පිළීබදව සොයාබැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් අදාළ ව්‍යාපෘතියේ කිසිදු සංශෝධනයක් සිදුනොකරන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

    මේ පිළිබදව අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පර්යේෂණ සහ සංවර්ධන, රොනල්ඩ් කොමෙස්ටර් මහතා පැවසුවේ, දැනට පවතින වහල මත සවි කරන සූර්ය විදුලි පද්ධති පිලිබදව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත්, තමා එහි සභාපතිවරයා බවත්, ලංකාවේ සූර්ය විදුලි සැපයුම්කරුවන්ගේ සංගමය, විෂයභාර අමාත්‍ය රවී කරුණානායක සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ යන මහතුන් සමග පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල සාකච්ඡාවක් පවත්වා සූර්යබල විදුලි මිලගණන් සංශෝධනයන් සම්බන්ධයෙන් යම් යෝජනාවන් කිහිපයක් ඉදිරිපත් කළ බවත්, අදාළ යෝජනාවන් වෙනුවෙන් තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති අතර සූර්යබල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට කටයුතු කරන බවට පැතිර ඇති ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත්ය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි එම්. ආර්. රත්නායක මහතා,

    අපට වැඩිපුරම අවශ්‍ය වූයේ ගෘහස්ත පාරිභෝගිකයන් මෙම සූර්යබල සංග්‍රාමයට උනන්දු කරවීමයි. අපිට සූර්ය විදුලිය එක් ඒකකයක් වෙනුවෙන් පිරිවැය රු. 20.00 වගේ වුවත් පාරිභෝගිකයන්ගෙන් ලැබෙන්නේ රු. 16.00 ක් වැනි ප්‍රමාණයක්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් සෝලා නිෂ්පාදකයින්ට ලබාදීමට තමයි අපි මෙම යෝජනාවල් කළේ. නමුත් තවමත් එම යෝජනාව ස්ථිරවී හෝ අමාත්‍යාංශ හෝ කැබිනට් අනුමැතියක් ලැබී නැහැ. තවමත් යෝජනා මට්ටමේ තමයි තිබෙන්නේ යැයි පැවසීය.

    රජයේ ප්‍රතිපත්තිය මත, 2016 වර්ෂයේ සිට ආරම්භ කරන ලද සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ මෙරට පාරිභෝගිකයන්ට තම පරිශ්‍රවල වහල මත සවිකරන සූර්ය ජනන පද්ධති මගින් විදුලිය ජනනය කිරීමට අවස්ථාව ලබා දී තිබේ. කෙසේ නමුත් මෙම වැඩසටහන යටතේ මෙ.වො. 100 ධාරිතාවයක් පද්ධතියට එක් වූ පසු මෙම වැඩසටහන පිලිබඳ සමාලෝචනයකට එකඟ වී තිබිණ. විශේෂයෙන්ම වැඩසටහන වඩාත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම, ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්වයට සහ පද්ධතියේ තාක්ෂණික තත්වයට ඇති වන බලපෑම සොයා බැලීමට යෝජනා වී තිබේ. සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ විදුලිය මිලදී ගැනීමේදී සාධාරණ මුදලක් ඒ සඳහා ගෙවිය යුතු වේ. කෙසේ නමුත් මේ සම්බන්ධව සමාලෝචනය කිරීමේදී ලැබී ඇති යෝජනා පිලිබඳව විවිධ පාර්ශව මේ වන විට අසත්‍ය මතවාද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පතුරුවාලීමට කටයුතු කරමින් පවතින අතර මේ තත්වය තුල මෙරට මහජනතාව නොමගයාමක් සිදුවේ. එබැවින් සූර්යබල සංග්‍රාමය යටතේ විදුලි පාරිභෝගිකයන්ට සූර්ය ශක්තිය මගින් විදුලිය ජනනය කිරීමට ඇති පහසුකම ඉවත් කිරීමට කටයුතු කර නොමැති අතර එවැනි පාරිභෝගිකයන් ජනනය කරන සූර්ය බලශක්තිය සාධාරණ ගාස්තුවක් යටතේ මිලදී ගැනීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සවර්ධන අමාත්‍යාංශය මගින් කටයුතු කරනු ඇත.

    සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ සූර්ය විදුලි ජනනයට විදුලි පාරිභෝගිකයන් සම්බන්ධ වීම දිරිගැන්වීම සඳහා රජය, ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇ.ඩො.මිලියන 50ක ණය මුදලක් ලබාගෙන මෙරට විදුලි පාරිභෝගිකයන්ට සහන ණය මුදලක් ලබා දීමට මෙන්ම සූර්ය ජනන පද්ධති සේවා සපයන ආයතන වෙතින් ගුණාත්මක සේවාවක් ලබා දීමට අවශ්‍ය ප්‍රමිති හඳුන්වාදීම ද සිදු කර ඇත. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා තිබෙන විදුලි ජනන අභියෝග හේතුවෙන් පද්ධතියේ ඇතිව තිබෙන හදිසි විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට විදුලිබල නැව් 02ක් ගාල්ල හා කොළඹ ග්‍රිඩ් උපපොලවලට සම්බන්ධ කර පද්ධතියට එක් කිරීමට නියමිත විදුලිය මිලදී ගැනීම් පිළිබඳවද සූර්යබල ජනනය සම්බන්ධ කර අසත්‍ය ප්‍රචාර දිගින් දිගටම ප්‍රචාරණය කිරීම යම් පාර්ශ්වයන් සිදු කරමින් සිටී.

    සූර්යබල සංග්‍රාමය වැඩසටහන ක්‍රියාත්මක වන ක්‍රමවේදය වෙනස් කිරීමට මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන පිරිස්වල එම සාවද්‍ය තොරතුරු සැලකිල්ලට නොගන්නා ලෙස විෂයබාර අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් විදුලි ජනනය සඳහා වන අනාගත ඉලක්ක සපුරාලීම සඳහාත් වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනයෙන් මෙරට විදුලි සැපයුමේ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහාත් රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.


  • සහරාන්ට කඬේ ගිය ටියුෂන් ගුරෙක් අල්ලයි.. ස්වර්ගයේ කන්‍යාවියන් 72ට කලින් සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරලා..

    සහරාන්ට කඬේ ගිය ටියුෂන් ගුරෙක් අල්ලයි.. ස්වර්ගයේ කන්‍යාවියන් 72ට කලින් සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරලා..

    තමන් යටතේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ විෂය දැනුම වර්ධනය කිරීම පසෙක තබා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාද සම්බන්ධයෙන් දේශන පැවැත්වූවේ යැයි කියන කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ගුරුවරයකු ලෙස කටයුතු කළ මුස්ලිම් ජාතිකයකු ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා (13) නියෝග කළේය.

    ඔහු යටතේ ඉගෙනුම ලැබූ තරුණ සිසුවියන්ගේ අඩ නිරුවත් දර්ශන වීඩියෝ ගත කර ඒවා අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ කොල්ලූපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිලිකාර අධ්‍යාපන ආයතනයේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

    වෂීම් අහමඞ් නමැති එම සැකකරු එම ආයතනයේ හිමිකරුගේ දියණිය ඇතුළු තරුණ සිසුවියන් සිය ශාරීරික අවශ්‍යතා සඳහා වැසිකිළියට ගිය අවස්ථාවේදී හා ඇඳුම් මාරුකරන ස්ථානවලට ගිය අවස්ථාවලදී ඉතා සූක්‍ෂම ලෙස ඒවා වීඩියෝ ගතකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ආයතන හිමිකරු කොල්ලූපිටිය පොලිසියට ගිය අවස්ථාවේදී පොලිස්ථානය තුළදී පවා ආයතන හිමිකරුට තර්ජනය කර ඇති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා අධිකරණයට පැවසීය.

    එමෙන්ම ඔහු සිය සිසු සිසුවියන්ට විෂය දැනුම ලබා දීමට පෙර දිනපතා උදෑසන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයාව සිටි සහරාන් හෂීම් නමැත්තා විසින් පවත්වනු ලැබූ දේශන පිළිබඳව සිසුන් දැනුවත් කරමින් දේශන පවත්වා ඇතිබවත් විත්තියේ නීතිඥවරු එහිදී අධිකරණයට කීහ.

    නීතිඥ අරවින්ද ගමගේ, ප‍්‍රගීත් මංගල, දීපාල් වන්නිආරච්චි, අමිල ගමගේ ඇතුළු නීතිඥ මඬුල්ලක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

    -දිවයින-

  • රාජ්‍ය නිලධාරීන්ට තඟ දමමින් බලපෑම් කළ අන්තවාදී සුමන්තිරන් වහා අත්අඩංගුවට ගනු..!!

    රාජ්‍ය නිලධාරීන්ට තඟ දමමින් බලපෑම් කළ අන්තවාදී සුමන්තිරන් වහා අත්අඩංගුවට ගනු..!!

    ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා ඊයේ(13) කැඳවා තිබුණි.

    පාස්කු ප්‍රහාරයෙන් පසුව නිකුත් වූ කාර්යාලීය නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛනය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබුණි.

    එහිදී තේරීම් කාරක සභාවේ මන්ත්‍රීවරුන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සෘජුවම ප්‍රකාශ කර සිටියේ මෙය විෂය භාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ පූර්ණ අනුමැතිය යටතේ නිකුත් කරන ලද චක්‍රලේඛනයක් බවයි.

    මෙම චක්‍රලේඛනය මඟින් මේ වන විට අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ට පමණක් සුවිශේෂීවන ඇඳුම් පැලඳුම් නීතිය අහෝසිවන පරිදි ශ්‍රී ලංකා රජයේ ශ්‍රී ලාංකිකයින්ට පොදු ඇඳුම් නීතියක් රාජ්‍ය සේවයකින්ට හඳුන්වා දී තිබිණ. ‘රජයට අයත් කාර්යාවල ආරක්ෂාව තහවුරු කිරීම’ යන මාතෘකාව යටතේ සියලුම රාජ්‍ය සේවකයන්ට අදාළ වන පරිදි ඇඳුම් සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. මේ එම චක්‍රලේඛනයයි.

    එහෙත් මෙරට සිටින අන්තවාදී, ජාතිවාදියෙකු ලෙස කුප්‍රකට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වන එම්.ඒ.සුමන්තිරන් විසින් ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට දිගින් දිගටම තර්ජන කරමින් තඟ දමමින් බලපෑම් කර සිටියේ මෙම චක්‍රලේඛනය අහෝසි කරන ලෙසයි. එහෙත් ඊට ලේකම්වරයා අනුකූලතාවයක් නොදැක්වූ තැන ඔහු දිගින් දිගටම ඇඟිල්ල දිගුකරමින් තර්ජනය කළේය.

  • බොරු සංදර්ශන වැඩක් නැහැ; රට, ජාතියේ මතු ආරක්ෂාව වෙනුවෙන් ෂරියා විද්‍යාලය මිලදී ගන්න සූදානම් – තිලංග(වීඩියෝ)

    බොරු සංදර්ශන වැඩක් නැහැ; රට, ජාතියේ මතු ආරක්ෂාව වෙනුවෙන් ෂරියා විද්‍යාලය මිලදී ගන්න සූදානම් – තිලංග(වීඩියෝ)

    ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට නැගෙනහිර ඉදිකර ඇති ෂරියා විද්‍යාලය අහෝසි කිරීම සඳහා විදී සටන් හා බොරු මාධ්‍ය සංදර්ශන සිදුකිරීමට තමාට අනවශ්‍ය බවත් සත්‍යවශයෙන්ම මෙහි ආයෝජකයින් ආයෝජනය කර ඇත්නම් එම ආයෝජකයින්ට ගෙවිය යුතු හැම සතයක්ම මුදලින් ගෙවා රටේත්, ජාතියේත්, මතු අනාගත පරපුරේත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් එය මිලදී ගෙන “රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක්” වෙනුවෙන් රජයට පවරා දීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රසිද්ධියේ පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

    නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කොට ප්‍රචාරණය කිරීම සඳහා ඉදිකරන ලද නැගෙනහිර ෂරියා විද්‍යාලය රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතුයැයි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය පසුගිය 2019 මැයි මස 26 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බවත් එය 2019 ජුනි මස 07 වනදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කොට ඇති බවත් 2019 ජුනි මස 18 වනදා එය පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී විවාදයට ගන්නා බවත් පැවසීය.

    එසේම මෙම ෂරියා විද්‍යාලය අහෝසි කිරීම සහ එය රජයට පවරා ගෙන රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමට තමන් රටේ ජනතාවගෙන් අත්සන් දශලක්ෂයක් දින 14ක් තුළ එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ බවත්, එයට දින 14ක් තුළ අත්සන් ලක්ෂ 7කට වඩා එකතු කරගැනීම හැකි වූ බවත් මෙහිදී පැවසීය.

    මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් තිලංග සුමතිපාල මහතා,

    රතන ස්වාමීන්වහන්සේත් මේ සම්බන්ධයෙන් ඊයේ පෙරේදා දිනයකදී කථා කරන්න පටන්ගත් බවත්, උන්වහන්සේත් එසේ තමා පැවසූ දේ සමඟ එකඟ වී කථා කිරීම ගැන සතුටු වන බවත් පැවසූ අතර එය රතන ස්වාමීන්වහන්සේ මීට පටන් ගත් වස-විස නැති ව්‍යාපාරය මෙන් අතරමඟ නතර නොවී මෙම කතිකාව ඉදිරියටද ගෙන යනු ඇතැයිද තමා බලාපොරොත්තු වන බව මෙහිදී සුමතිපාල මහතා පවසා සිටියේය.

  • සියයට 1ක සොච්චම් පොලියට වහාබ්වාදීන්ට මෙරට මුල්‍ය ආයතනවලින් ණය..

    සියයට 1ක සොච්චම් පොලියට වහාබ්වාදීන්ට මෙරට මුල්‍ය ආයතනවලින් ණය..

    මෙරට පිහිටුවා ඇති ඇතැම් මුල්‍ය ආයතන මගින් වහාබ්වාදීන් සදහා 1%ක ඉතාමත් අඩු පොලියට ණය ලබා දෙන බව හේමකුමාර නානායක්කාර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා සදහන් කරයි.

    කොළඹදී සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය පුද්ගලයෙක් ණයක් ගැනීමේදී 14% ක පමණ ඉහල පොලියක් අය කරන බවයි.

    සියයට1ක පොලි අනුපාතයට ණය ලබා දෙන්නේ වහබ්වාදීන් විසින් අනුමත කරන ලද සභාවකින් බවද ඔහු සදහන් කලේය.

    මෙරට බැංකුවල මුස්ලිම් රාජ්‍යන් මුදල් ආයෝජනය කර ඇති බවත් එම මුදල් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට හා වහබ්වාදීන්ට 1%ක පොලියක් යටතේ ලබා දෙන්නේ ආගමික මණ්ඩලයකින් අනුමැතිය යටතේ බවද පැවසීය. 13%ක හිග පොලිය මුස්ලිම් රාජ්‍යවල අරමුදලෙන් පියවන බවත් ඔහු හෙලි කලේය.

  • විදුලි අර්බුදය ජයගැනීමට ඇමති රවී කළ කැපවීමට ප්‍රංශ තානාපතිගෙන් පැසසුම්

    විදුලි අර්බුදය ජයගැනීමට ඇමති රවී කළ කැපවීමට ප්‍රංශ තානාපතිගෙන් පැසසුම්

    “මම නිතරම උත්සාහ කරන්නේ, තානාපති වශයෙන් මා සේවය කරන රටවල් වලින් ශ්‍රී ලංකාවට කිසියම් සේවයක් ලබා ගැනීමටයි. අද මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා මුණගැසුනා. එහිදී මට පැහැදිළි වුනේ එතුමා මේ රට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙන් වඩාත් ඉහල මට්ටමකට ගෙනඒමටත්, ලංකාව විදුලිබලයෙන් ස්වයංපෝශිත කිරීමටත් ඇපකැපවී කටයුතු කරන බවයි.  ඒ වෙනුවෙන් ප්‍රංශ රජයෙන් ලබාගත හැකි උපරිම සහයෝගය ලබාදීමට මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයාට පොරොන්දු වුණා” යැයි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති  බුද්ධි  අතාවුද මහතා පැවසීය.

    තානාපතිවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (11) විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා සමග එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති නිල සාකච්ඡාවකින් අනතුරුවය.

    ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති තත්ත්වය සහ ඒ සදහා ලබාගත යුතු තිරසාර විසදුම් පිළිබදව සාකච්ඡා කළ විෂයභාර අමාත්‍යවරයා සහ ප්‍රංශ තානාපතිවරයා, දෛනිකව වර්ධනය වන ජනගහනය හමුවේ නිරන්තර ඉහළ යන විදුලිබල ඉල්ලුම අඛණ්ඩව සහ ගුණාත්මකව මෙන්ම අවම මිලක් යටතේ සපුරාලිම වෙනුවෙන් විදුලි උත්පාදන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදවද වැඩි දුරටත් සාකච්ඡා පැවැත්වීය.

    මෙහිදී අදහස් දැක්වූ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා අවධාරණය කළේ, විදුලිය සැපයීම අතින් කලාපයේ සෙසු රටවලට වඩා ලංකාව ඉදිරියෙන් තැබීම තමාගේ මූලික අරමුණ බවත්, මෙවැනි සංවර්ධනය වන රටක් ජනතාවගේ යටිතල පහසුකම් පිළිබදව මේ අයුරින් විශේෂ අවධානයක් යොමුකිරීමට හැකිවීම රජයක් වශයෙන් සිදුකරනු ලබන විශිෂ්ට ක්‍රියාවක් බවත්, ඒ තුළින් රටක් වශයෙන් නැගී සිටීමට සහ සංවර්ධනාත්මක මාවතකට අවතීර්ණ වීමට පහසු බවත්ය. එමෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට අනුගමනය කරනු ලබන සූර්ය සහ සුළංබල විදුලි උත්පාදන ක්ෂේත්‍රයන්හි ආයෝජන අවස්ථා පුළුල් කිරිමටත් ඒ වෙනුවෙන් දේශීය සහ විදේශීය සහාය ලබාගැනීමටත් තමා අපේක්ෂා කරන බවත්ය. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද මහතා අදහස් දක්වමින් ශ්‍රී ලංකාව වැනි ස්වභාව සෞන්දර්යය, සශ්‍රීකත්වය අතින් සුවිශේෂී ස්ථානයක පවතින රටක්, විදේශීකයන්ගේ විශේෂ අවධානයට යොමුවන අතර ඒ තුළින් ව්‍යාපාරික අවස්ථා බොහෝමයක් දියත්කළ හැකි බව පැවසූ අතර ශ්‍රී ලංකාව තුළ දියත්කළ හැකි ව්‍යාපාරික අවස්ථාවන් පිළිබදව සොයාබලා, ඒ සම්බන්ධයෙන් තමා සේවය කරන රටවල ආයෝජන අවස්ථා සලසාදීමටත්  තමා කටයුතු කරන බව පැවසීය.

    ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අදහස් පිළිබදව සිය කෘතඥතාවය පළකල අමාත්‍ය කරුණානායක මහතා, තම රටේ ව්‍යාපාරික සහ විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාදාමයට ප්‍රංශයේ සහාය අපේක්ෂා කරන බවත්,  ඒ තුළින් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කලක පටන් පවතින්නාවූ රාජ්‍ය තාන්ත්‍රික සහ මිත්‍ර සබදතා තවතවත් තහවුරුවන බවත් පැවසීය.

  • පාසල් දැරිය තමන් දූෂණය කළ පුද්ගලයා සමග පැන යයි!

    පාසල් දැරිය තමන් දූෂණය කළ පුද්ගලයා සමග පැන යයි!

    ස්‌ත්‍රී දූෂණයට ලක්‌ව පරිවාස භාරයට පත්ව සිට මවට බාරදී තිබූ බාලවයස්‌කාර දැරියක්‌ ඇයව දූෂණයට ලක්‌කළ පුද්ගලයා සමගම පළාගොස්‌ ඇති බවට මාදම්පේ පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී තිබේ.

    එම දැරියගේ මවගේ සහෝදරියගේ සැමියා වන මාදම්පේ ගල්මුරුව කච්චකඩුව පදිංචි අයකු පැමිණිලිකරු වෙයි.

    මෙම දැරිය උඩප්පුව පොලිස්‌ වසමේ පදිංචිව සිටියදී එම ප්‍රදේශයේ අයකු සමග සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර ඔහු අතින් දූෂණයට ලක්‌ව පරිවාස භාරයට පත්කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පුත්තලම අධිකරණයේ නඩුවක්‌ පවතින බවත් පැමිණිල්ලෙන් කියා තිබේ.

    වයස අවුරුදු 15 යි මාස 07 ක්‌ වයසැති දැරියව ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට පරිවාසයෙන් දැරියගේ මවගේ බාරයට පත්කර ඇතැයි ද පසුගිය අප්‍රේල් 05 දින සිට ඇය තම නිවසේ පදිංචිව සිටිමින් පාසල් ගිය බවද පැමිණිල්ලේ දැක්‌වෙයි.

    ජුනි 02 දින රාත්‍රියේ දැරිය නිවසේ නොමැති බව තම බිරිඳ කී බවත් ඉදිරි දොර හැර බලන විට ඇය නිවස ඉදිරිපිට මාර්ගයේ එම පුද්ගලයා සමග යතුරුපැදියක නැග යනවා දුටු බවත් පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

  • අනෙක්වා බහිද්දී මංගලගේ එක විතරක් නඟින රහස කුමක්දැයි මහින්ද අසයි

    අනෙක්වා බහිද්දී මංගලගේ එක විතරක් නඟින රහස කුමක්දැයි මහින්ද අසයි

    ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩු වුවත් මංගල සමරවීර මුදල් ඇමැතිවරයාගේ මිල සූත‍්‍රයෙන් මෙරට ඉන්ධන මිල වැඩිවන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

    මිල සූත‍්‍රයට අනුව මාසයකට වරක් මෙරට ඉන්ධන මිල ඉහළ යෑමේ රහස දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.

    රටේ ජනතාව සෑම අංශයකින්ම පීඩාවට පත්ව සිටින අවස්ථාවක ඉන්ධන මිලත් මාස්පතා මෙලෙස වැඩි කිරීමෙන් ජනතාව තවත් පීඩනයකට පත්වන බවත් මේ තත්ත්වයෙන් ජනතාව මුදා ගත යුතු බවත් මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

    මිල සූත‍්‍රය හඳුන්වා දුන්නේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිලෙහි වෙනස්වීම් අනුව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට වුවත් මිල අඩුවන විට මෙරට මිල ඉහළ යෑම අමුතු සූත‍්‍රයක් බවත් හෙතෙම සඳහන් කළේය.

    මේ වන විට රටේ ග‍්‍රාමීය ආර්ථිකය සහමුලින්ම කඩා වැටී ඇති බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

  • මචං, රතනෙට මංඤ්ඤං ද..?

    මචං, රතනෙට මංඤ්ඤං ද..?

    එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තැනක් ගැනීමට ගියද එතැනින්වත් රතන හිමියන්ව වද්දවා ගත්තේ නැත. අනතුරුව දේශපාලනික නිරුවතින්ම මහින්ද රාජපක්ෂ ලඟට ගිය රතන හිමියන්ව මහින්දවත් ඇතුලත වද්ද ගත්තේ නැත. මහින්ද කීවේ, රතන හදිසි නොවී එළියේ ඉදන් කියන වැඩ ටික කරගෙන යන්න, අවශ්‍ය කරන වෙලාවක් ආවොත් ගන්න බලන්නන් කියාය. රතන හිමියන්ගේ දේශපාලනිකව කූජීතව අවලං කාසියක් වී ඇති තරම ඒ තරම්ය.

    අවසානයේ යන එන මන් තැනක් නොමැතිව රතන හිමියන්ට මහින්දගේ අඟුපිලේ හෝ ලැගීමට අකමැත්තෙන් වුවද සිදුවිය. රතන හිමියන්ට මහින්දගේ පළමු කොන්ත්‍රාත්තුව ලෙස ලැබෙන්නට ඇත්තේ, රතන හිමියන්ටත් අභියෝගයක් වූ , මහින්ද කඳවුරටත් අභියෝගයක් සහ හිසරදයක්ව ඇති ඥානසාර හිමියන්ගේ භූමිකාවට එරෙහි රැල්ලක් ගොඩනැගීමට උත්සහ කිරීමයි. ඒ අනුව හිස්බුල්ලා, අසාද් සාලි, රිෂාඩ් බදුර්දීන් ඉවත් කරන ලෙසට ඉල්ලා රතන හිමියන් මහ නායක හිමිවරුන්ගේවත් අවසරය නොගෙන දළදා මාළිගාවේ මහමලුවේ උපවාස රංගන දින 3ක් රඟ දක්වා අවසානයේ ඉල්ලගෙන කෑවේය. ඒ කෑම රතන හිමියන්ට පමණක් නොව සිංහල-බෞද්ධයින්ට මරු පහරක් විය. රතන හිමියන්ගේ එම අමඥෝනය තීරණයේ හානිය කෙතරම්ද යත් අවසානයේ මහනායක හිමිවරුන්ට යළි ඇමතිධුර ලබාගන්නා ලෙසට මුස්ලිම් ඇමතිවරුන්ගෙන් යළි ඉල්ලීම් කරන්නට පවා සිදුවූහ.

    එහෙත් තම පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් ඕනෑම අටමගලක් කරන රතන හිමිට ඒ ගැන වගේ වගක් නැත.

    අනුන්ගේ දේ තමන්ගේ කරගෙන විකුණන් කෑම

    අනුන්ගේ දෑ තමන්ගේ කරගෙන තම පොරත්වය වෙනුවෙන් රතන හිමියන්ට ඕනෑම තැනක ඕනෑම දෙයක් විකුණන් කෑම අලුත් දෙයක් නොවන බව උන්වහසේගේ පැටිකිරිය දන්නෝ දනිති.

    අදින්නා දානය පවක් වුවත්, රතන හිමිට අනුන්ගේ දෑ තමන්ගේ කරගෙන විකිණීම ගැන ලැජ්ජාවක් නැතිකමට, අය එනමං නැති කරමට කරනවාද යන්න ඇසිය යුතුය.

    “නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලය වහාම රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතුයැ’යි” පළමුවෙන්ම ප්‍රකාශ කළේත්, පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාය. ඒ වෙනුවෙන් ඔහුට පක්ෂ විපක්ෂ සියලු දෙනා දේශපාලන හේදයකින් තොරව ප්‍රසංශා කළහ.

    ඔහු එය කට වචනයකට සීමා නොකර ක්‍රියාවට නැංවීම වෙනුවෙන් දශලක්ෂක අත්සනින් එකතුකිරීමේ මහජන පෙත්සමක් ඇරඹීය. ඒ සඳහා මහාචාර්ය වරුන්, කථිකාචාර්ය වරුන්, විද්වතුන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු සියලු පාර්ශව වල එකමුතුවෙන් ප්‍රසිද්ධියේම සිදුවිය. එයින්ද නොනැවතී තිලංග සුමතිපාල මහතා තම “ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරන ලෙසට” පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ මීට සති තුනකටත් පෙරය.

    සිහිවිකල්ව අවදි වූ රතන හිමි හදිසියේ කෙළි පිස්සුව

    නින්දෙන් සිහිවිකල්ව අවදි වූ පිස්සෙකු මෙන් රතන හිමියන් ඊයේ(10) එකවරම මාධ්‍ය හමුවක් තබමින් “ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගත යුතු බවත්, ඒ සඳහා තමා මූලිකත්වය ගෙන ක්‍රියාකරන බවත්, පාර්ලිමේන්තුවට මන්ත්‍රී යෝජනාවක් ගෙන එන බවත්”ය. එය දුටුවිට ප්‍රශ්න රාශියක් පැන නගින අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රතන හිමියන් අවම තරමේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් යෝජනා හෝ ගනුලබන තීන්දු තීරණ ගැනවත් නොදන්නේ දැයි පළමු ප්‍රශ්නයයි. දෙවැන්න රටේ ජනතාවගෙන් දශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අන්තර්ජාල හරහා අත්සන් කළ පෙත්සමක් ගැනවත් රතන හිමියන් නොදැනුවත්ව කරන මොංගල් දේශපාලනය කුමක්ද යන්නයි. මෙම මහජන පෙත්සමට දින 14ක් තුළ ලැබී ඇති අත්සන් ප්‍රමාණය 910,125 කි.

    “ෂරියා විද්‍යාලය,රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් කරවමු” දින 14ක් තුළ දශලක්ෂයේ අත්සන් ව්‍යාපාරය


    අපට වැටහෙන පරිදි මේ රටේ කිසිවෙකු තඹ දොයිතුවකට ගණන් නොගන්නා රතන හිමියන්ට තමන්ගේ දෙයක් වගාගෙන විකුණගෙන දේශපාලනය කරගත නොහැකිම තත්වයක් තුල දැන් අනුන්ගේ දේ හෝ හොරකම් කර විකුණගෙන ගොඩ ඒමට දරන නිර්ලැජ්ජිත ක්‍රියාවක නිරතවෙමින් සිටී. ඒ අනුව ඉදිරියේදී රතන හිමියන් අනෙක් හිමිවරුන්ගේ සිවුරු පමණක් නොව ගිහියන්ගේ වැලවල් ඇති රෙදි පමණක් නොව වනා ඇති ජංගිද හොරකම් කළ හැක. එම නිසා සියලු දේශපාලඥයින්, දේශපාලන අනාතයෙකුව හිඟමනට වැටුණු රතන හිමියන්ගෙන් තම තමන්ගේ දේවල් ආරක්ෂා කර ගනිමින් තම තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු කාලය එලෙඹ ඇත.


  • 2020 රජයේ සහ බැංකු නිවාඩු මෙන්න

    2020 රජයේ සහ බැංකු නිවාඩු මෙන්න

    අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් 2020 වසර සඳහා වන රජයේ හා බැංකු නිවාඩු දිනයන් පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

    මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව 2020 වර්ෂයට අදාළ රජයේ හා බැංකු නිවාඩු දින 26ක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    එම ගැසට් නිවේදනය පහත පළ වෙනවා.

  • සක්විතිටත් ඇප..! වංචාව කෝටි 162 ක පනී

    සක්විතිටත් ඇප..! වංචාව කෝටි 162 ක පනී

    ගනුදෙනුකරුවන් විසින් සක්විති හවුස් ඇන්ඞ් කන්ස්ට‍්‍රක්ෂන්ස් පුද්ගලික සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩු තුනක ප‍්‍රධාන විත්තිකරු වන අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර නොහොත් සක්විති රණසිංහ නමැත්තා වසර දහයකට පසු ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

    2009 සැප්තැම්බර් මස වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් සක්විති රණසිංහ නමැත්තාට, ඔහුගේ බිරිඳට හා සක්විති සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු තුනක් පවරා තිබිණි.

    විත්තිකාර සක්විති රණසිංහ නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා කළ ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ, ශෂි මහේන්ද්‍රන් හා ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන් රුපියල් ලක්ෂ හයක මුදල් ඇප හා රුපියල් එක්කෝටි දසලක්ෂයක ශරීර ඇපකරුවන් හය දෙනකුගේ ඇප බැඳුම්කර මත විත්තිකරු මුදාහැරීමට නියෝග කළහ.

  • බස් රථයක පාපුවරුව ගැලවී ගොස් ජිවිත දෙකක් එතැනම අහිමි වෙයි (වීඩියෝ)

    බස් රථයක පාපුවරුව ගැලවී ගොස් ජිවිත දෙකක් එතැනම අහිමි වෙයි (වීඩියෝ)

    කොළඹ-මහනුවර මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේදී බස් රථයක පාපුවරුව ගැලවීයාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

    කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව බෝක්කුවක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

    එහිදී බස් රථයේ ඉදිරි පාපුවරුව ගැලවී ගොස් ඇති අතර එහි ගමන් කළ බස්රථයේ කොන්දොස්තරවරයා සහ තවත් මගියෙකු මාර්ගයට වැටී එම බස් රථයටම යටවී මියගොස් තිබේ.

    අනතුරින් මියගොස් ඇත්තේ කෑගල්ල, මොලගොඩ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු හා සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්. අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

  • බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ පාවාදුන් මගේ බලවත් විරෝධය – ජනපති

    බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ පාවාදුන් මගේ බලවත් විරෝධය – ජනපති

    පාස්කු ඉරුදින ත්‍රාස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තෙරිම් කාරක සභාව ඉදිරියෙදීත් බුද්ධි නිලධාරින් ගෙන්වා ප්‍රශ්න කරන්නෙනම් තමන් ඉදිරි කිසිඳු කැබිනට් මණ්ඩල හමුවකට තමන් සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ඊයේ (07) රාත්‍රීයේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්විමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.

    එහිද සාකච්ඡාට බදුන් වී ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රාස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ තෙරිම් කාරක සභාව විසින් බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම සම්බන්ධයෙන්ය.

    එම අවස්ථාවේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේම මහතා මේ බව පවසා තිබේ.

    එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තමන් කිසිසේත් එම ක්‍රියාවලිය අනුමත නොකරන බවයි.

    අප්‍රේල් 21 වන දා සිදුවීමට අදාළ නඩු 05ක් මේ වන විට ශ්‍රේෂ්ඨාකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර, එවන් අවස්ථාවක තේරීම් කාරක සභාවත් පත්කර කටයුතු කිරීම, එම ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත්, ජනාධිපතිවරයා ලෙස තමා එය කථානායකවරයාට ඉදිරිපත් කර නමුත් , කථානායකවරයා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳ තමා කණගාටුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

    ඉන් අනතුරුව ජනාධිපතිවරයා පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා මෙවැනි පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරමින් සිදු කරන ක්‍රියාවන් හෙතුවෙන් තමට අහිතකර බලපෑම් ඇති බව බවයි.

    එම අවස්ථාවේදි ඊට පිලිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අදාල පාර්ලිමේන්තු කාරක සභාවට තමන් කිසිදු සමාජිකයෙකු පත් නොකල බවත් එය පාර්ලිමෙන්තුවේ පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ කැමැත්ත පරිදි සම්මතකර කාරක සභාවක් බවත්ය.

    එහිදි ජනාධිපතිවරයා පවසා ඇත්තේ අංශු මාරසිංහ සහ ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් තමන්ට විරුද්ධව කටයුතු කරන බවයි.

    ඔවුන් කාගේ උවමනාවන් ඉටුකරන පිරිසක්ද යන්න තමන් හොදාකාරව දන්නා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාල පාර්ලිමේන්තු තෙරිම් කාරක සභාව තහනම් කළේ නැතිනම් ඉදිරියෙදි සියලුම රාජ්‍ය උත්සව සහ කිසිදු කැබිනම් මණ්ඩල හමුවකට තමන් සහභාගි නොවන බවයි.

    ඒ සම්බන්දයෙන් පිලිතුරු දෙමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයා ලෙස එවැනි තද තීරණයක් ගැනීමෙන් මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ ප්‍රතිරූපයට අයහපතක් සිදු විය හැකි බවයි.

    කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය ඇතුලත ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ නූල් සුත්‍ර ගැටවලට එරෙහි දුර දිගුවිහිඳුම් ප්‍රහාරයක් සිදුකිරීමට සැලැසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවට අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

  • සූර්යබල සංග්‍රාමය යටතේ ගාස්තු සංශෝධනයක්..

    සූර්යබල සංග්‍රාමය යටතේ ගාස්තු සංශෝධනයක්..

    ලංකා විදුලිබල මණ්ඩලයත්, සූර්ය විදුලිබල සේවා සපයන්නන්ගේ සංගමයත් සමග සාකච්ඡා කරලා, මේ කර්මාන්තය අපි කොහොමද තවදුරටත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා තිබුණ ප්‍රශ්නාර්ථයට විසදුම් ලබා ගත්තා. දෙපාර්ශවයටම යම් ආකාරයක ජයග්‍රහණ හිමිවන ආකාරයෙන් පොදු එකගත්වයකට පැමිණෙන් අද හැකිවුණා. මාධ්‍ය තුළින් යම් වැරදි නිවේදන නිකුත් වූ නිසා දෙපාර්ශවයම සාකච්ඡා කරලා ඒ තුළින් ප්‍රශ්න සියල්ල සමතයකට පත් කරන්න අද අපිට හැකි වුණා යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සූර්යබල සේවා සපයන්නන්ගේ සංගමය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සූර්ය විදුලිබල ක්ෂේත්‍රයේ ගාස්තු ක්‍රමය සංශෝධනය කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකට එක් වෙමිනි. මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

    රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන සූර්ය බල සංග්‍රාමය ගත වූ වසර 02 ක කාලසීමාව තුලදී වඩාත් ප්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති බවත්, මේ වනවිට සූර්යබලය දෙසට යොමූවී ඇති ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම වෙනුවෙන් සූර්යබල විදුලි ක්ෂේත්‍රයේ සංවර්ධනයක් ඇතිකළ යුතු බවත් අමාත්‍යාංශ ලේකම් බටගොඩ මහතා පැවසිය. නිවාස පියසි දසලක්ෂයක සූර්ය විදුලිබල පද්ධති සවි කර 2025 වනවිට මෙගාවොට් දහසක් ජාතික පද්ධතියට එක් කිරීම රජයේ අරමුණ වූ බවත්, 2020 වනවිට මෙගාවොට් 200 ක් ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කල බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය. මේ වනවිටත් එම මෙගාවොට් 200 ලබාගෙන ඇති බවත්, මේ වනවිට සමාගම් 200 ක් පමණ අළුතින් බිහිවී, ඒ තුලින් සෟජු රැකියා අවස්ථා දසදහසක් පමණ නිර්මාණය වී ඇති බවත් පැවසු බටගොඩ මහතා පසුගිය වකවානුවේදි මෙම සූර්යබල සංග්‍රාමය නවත්වන බවට ප්‍රචාරයක් පැවති බවත්, එහි කිසිදු සත්‍යයක් නොමැති බවත් පැවසීය.

    සූර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය නැවත සමාලෝචනය කර ඇත. මේ සම්බන්ධව සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ සේවා සපයන ආයතනවල සහ ලංකා විදුලිබල මණ්ඩලයේ එකගත්වය ඇතිව යෝජනා කිහිපයක් ඉදිරිපත් වී තිබේ. 
    ඒ අනුව මේ වසරේ අගෝස්තු 01 දින සිට Net Plus ක්‍රමවේදය පමණක් ක්‍රියාත්මක කිරීමට ඕනැම විදුලි පාරිභෝගිකයෙකුට ලබාදීම, කි.වො. 50ට අඩු ධාරිතාවයන් සදහා වසර 20ක කාලය තුල විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක ගාස්තුව රු. 19.75 ක්ද, කි.වො. 50 සිට කි.වො. 1000 දක්වා විදුලිය මිලදි ගැනීමේ එක් ඒකකයක ගාස්තුව රු. 18.75 ක් ද, කි.වො. 1000ට වඩා ධාරිතාවයන්ගෙන් විදුලිය මිලදී ගැනීමේදී ලබාදෙන මුදල ඒකකයකට රු. 16.00 ක් වශයෙන්ද සංශෝධනය කර ඇත. මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ඉදිරියේදී කටයතු කරන බව අමාත්‍ය කරුණානායක මහතා පැවසීය.

  • බලශක්ති අර්බුදයට ඇමති රවීගෙන් තිරසාර පිළියම් දෙන සැලැස්මක්

    බලශක්ති අර්බුදයට ඇමති රවීගෙන් තිරසාර පිළියම් දෙන සැලැස්මක්

    ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වනවිට රජයේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව රාජ්‍ය ආයතනයන්හි බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය වෙනුවෙන් නව චක්‍ර ලේඛයක් නිකුත් කර, බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබදව ජාතික වැඩසටහන හදුන්වාදීම තුළින් රාජ්‍ය සේවයකයන් තුළ ඒ පිළිබදව පෙළඹවීමක් මෙන්ම යොමුකරවීමක් සිදු කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ.

    ජනාධිපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සුනිතය බලශක්ති අධිකාරිය එක්ව දියත් කරනු ලබන මෙම ක්‍රියාවලිය සදහා සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහභාගි කරගැනීමට අදහස් කර තිබේ. ඒ අනුව ඉහත සදහන් සෑම ආයතනයක් තුළම බලශක්ති කළමණාකරුවෙක් පත්කර, ඔහුගේ සහාය වෙනුවෙන් බලශක්ති සංරක්ෂණ කමිටු පිහිටුවීමට අදහස් කෙරේ. මෙම කමිටුව මගින් තම ආයතනය තුළ බලශක්තිය පරිහරණය කරන ආකාරය පිළිබදව සොයා බලා, කාර්යක්ෂම භාවිතයක් සහ සංරක්ෂණයක් වෙනුවෙන් තම ආයතනය හැඩගැස්වීම කරනු ලබයි.

    මෙම වැඩසටහන තුළින් වාර්ෂිකව ගිගාවොට් පැය 300 ක බලශක්තියක් ඉතිරි කරගැනීමට අපේක්ෂිත අතර එය ශ්‍රී ලංකාවේ දින දහයක සමස්ත විදුලිබල ඉල්ලුමට සමාන වේ. ඒ අනුව මෙම ජාතික වැඩසටහන යටතේ බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය තුළින් සියලුම රජයේ කාර්යාලවල පෙර වර්ෂයට සාපේක්ෂව 10% කින් විදුලිය සහ ඉන්ධන පරිභෝජනය අඩුකර ගැනීම ඉලක්ක කර තිබේ.

    දෛනිකව වර්ධනය වන ජනගහනය හමුවේ බලශක්තිය සදහා ඇති ඉල්ලුමද නිරන්තරයෙන් වර්ධනය වේ. ඒ අනුව පවතින සීමිත සම්පත් හේතුවෙන් බලශක්ති උත්පාදනයට බාධා එල්ල වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සීමිත සම්පත් සහිත රටකට, ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමේදී ගැටළු කිහිපකයට මුහුණදිමට සිදුවේ. අවම මිලක් සහිත විදුලිබල උත්පාදනය සිදුකළ හැක්කේ ජලයෙන් වුවත්, මේ වනවිට ඒ සදහා යොදා ගතහැකි සියලු ජල පෝෂකයන් අවසන් වී තිබීමෙන්, විදුලි උත්පාදනය වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමට ජාතික අපනයන ආදායමෙන් 25% ක් වැනි මුදලක් වාර්ෂිකව වැය කිරීමට ශ්‍රී ලංකා රජයට සිදුවී තිබේ. එමෙන්ම ජනතාවගේ අකාර්යක්ෂම භාවිතය නිසා 25% අපතේ යන බවද වාර්තා වේ.

    ඒ අනුව බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබදව ජාතික වැඩසටහන හදුන්වාදීමෙන්, විදුලි පාරිභෝගික ජනතාව අපතේ යාමෙන් තොර කාර්යක්ෂම විදුලිබල පරිභෝජන රටාවකට හුරුවීමෙන් සහ බලශක්ති සංරක්ෂණයට යොමුවීමෙන් අනාගතයේදී මුහුණදිය හැකි බලශක්ති අර්බුදයෙන් රට මුදා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.