Category: සුපිරි Walks

  • ත්‍රස්තවාදයට විරුද්ධ මුස්ලිම් ජනතාව නිහඬ වුණොත් සටන ගෙනියන්නේ කොහොමද?

    ත්‍රස්තවාදයට විරුද්ධ මුස්ලිම් ජනතාව නිහඬ වුණොත් සටන ගෙනියන්නේ කොහොමද?

    ජාතිවාදී කෝලාහල හරහා ප්‍රචණ්ඩත්වය වැපිරවීමට උත්සහ කරන්නන් සිදුකරන්නේ ත්‍රස්තවාදයට රුකුල් දීම බවත්, එම නිසා ඔවුන්ටද දඩුවම් දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    යාපනයේ පැවැති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    යාපනයේ අඩු ආදායම්ලාභී 23,011 දෙනෙකුට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවය යාපනය නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මීට අමතරව උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි නිවාස 10,000ක් ඉදිකිරිමේ වැඩසටහනෙහි මුල් පියවර යටතේ ඉදිකෙරුණු නිවාස ජනතාව වෙත පිරිනැමිමේ උත්සවයටද අග්‍රාමාත්‍යවරයා සහභාගි වුණි.

    එම අවස්ථාව සංකේතවත් කරමින් නිවාසලාභීන් 5දෙනෙකු වෙත නිවාස පිරිනැමිම යාපනයේ නැදුන්කර්නි ප්‍රදේශයේදි සිදුකෙරුණි.

    “පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමෙන් පසු ආගමික නායකයින් මෙය ත්‍රස්තවාදයක් බව ජනතාවට කිව්වා.ජාතිවාදී කෝලාහල ඇති නොකරන ලෙස ඔවුන් කිව්වා.තමන්ට තිබුණු විශ්වාසය නිසා මුස්ලිම් ජනතාව තොරතුරු ලබාදුන්නා. ඒවා අල්ලගත්තේ නැත්නම් ලංකාව වටේ තොරතුරු පැතිරෙනවා. තොරතුරු වැඩියෙන්ම එන්නේ මුස්ලිම් ජනයාගෙන්. IS ත්‍රස්තවාදීන්ට කිසිම අනුකම්පාවක් පෙන්වන්නේ නෑ.

    සහරාන්ගේ NTJ එකත් නැති කරලා තියෙන්නේ. මෙයට යළිත් හිස ඔසවන්න දෙන්න බැහැ. සතියකින් සාමාන්‍ය තත්වයට ඇවිත් පාසල් විවෘත කරන්න සූදානමින් සිටිද්දී ප්‍රදේශ කිහිපයක ජාතිවාදය ඇති කළා. මිනුවන්ගොඩ තමන්ට විරුද්ධව වෙළදාම් කරන සිංහල කඩ 4කටත් ගැහුවා. එය සංවිධානය වී කළ දෙයක්. එහිදී බැලුවේ ජාතිවාදය ඇති කරන්න. අවුලක් ඇතිවුනොත් ජයගන්නේ ISIS ත්‍රස්තවාදය.

    ජූලි කලබලයේදී ද්‍රවිඩ ජනතාව තරහ කරගත්තා වගේ අද ISIS වාදයට විරුද්ධ මුස්ලිම් ජනතාව නිහඩ වුනොත් සටන ගෙනියන්නේ කොහොමද? බුද්ධි අංශ වලින් කියනවා එහෙම තත්ත්වයක් ඇතිවුණොත් අපිට තොරතුරු ගන්න බැරිවෙනවා. ප්‍රචණ්ඩත්වය ඇති කරන අය කරන්නේ ත්‍රස්තවාදයට රුකුල් දීම. ඔවුනුත් ත්‍රස්තවාදීන් ලෙස සලකන්න ඕනේ. ඔවුන්ට උදව් කරන අයටත් සමාව නොදිය යුතුයි.” අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

  • රතන හිමිට අසාධ්‍යයි! තව්ජිද් ජමාත් ත්‍රස්තයින්ට එරෙහි සටනට පණපොවන්න ඥානසාර හිමි වඩිති!(Video)

    රතන හිමිට අසාධ්‍යයි! තව්ජිද් ජමාත් ත්‍රස්තයින්ට එරෙහි සටනට පණපොවන්න ඥානසාර හිමි වඩිති!(Video)

    මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ උපවාසයක නිරතවී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ශරීර තත්ත්වය දුර්වල වෙමින් ඇති බව කියා සිටිති.

    දැනට දින දෙකක් තිස්සේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටින උන් වහන්සේගේ ශරීරය මේ වනවිට විජලන තත්ත්වයකට පත්වෙමින් ඇතැයිද වෛද්‍යවරු පවසති.

    තවත් දින කිහිපයක් ඉදිරියට මෙයාකාරයෙන් ගත කලහොත් උන් වහන්සේගේ ජීවිතය අතිශය අවදානම්කාරී තත්ත්වයකට පත්වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

    දින කිහිපයක සිට දළදා මාලිගාව ඉදිරියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහයෝගය පල කිරීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ස්ථානයට අද(02) වැඩම කලේය.

    හෙට දහවල් 12 වීමට පෙර බදියුදීන්, හිස්බුල්ලා, අසාද් සාලි යන තිදෙනා දරන තනතුරුවලින් ඉවත් කිරීම සදහා කාලය දෙන බව එහිදී හිමියන් කියා සිටියහ. එම කාලය තුල අදාල කටයුත්ත නොකලහොක් රට පුරා සියළු සංඝයා වහන්සේලා එකතුව අරගලයක් ආරම්භ කරන බවද උන් වහන්සේ කියා සිටියහ.

    තව්ජිද් ජමාත් ඇතුළු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට එරෙහිව අරගල කරන ඕනෑම පාර්ශවයකට කොන්දේසි විරහිතව සහාය දෙන බවද උන් වහන්සේ කීහ.

  • පාස්කු ඉරිදා ඉරිදා ප්‍රහාරයට පසු දින හිස්බුල්ලා අරාබි මුස්ලිම් පිරිසක් සමග සුපිරි හෝටලයේ (CCTV video)

    පාස්කු ඉරිදා ඉරිදා ප්‍රහාරයට පසු දින හිස්බුල්ලා අරාබි මුස්ලිම් පිරිසක් සමග සුපිරි හෝටලයේ (CCTV video)

    පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දින එනම් අප්‍රේල් මස 22 දින ‍රාත්‍රී පාසිකුඩා හී සුපිරි හෝටලයකට පැමිණි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුලා එහි සිටි පිරිසක් හමුවී සාකච්ඡාවක් සිදුකරනවා.

    නෙත් එෆ් එම් බැලුම්ගල ගවේෂණයේදී අනාවරණ වුනේ එම පිරිස සෞදි ජාතිකයන් බවයි. ඔවුන් අප්‍රේල් මස 18 වනදින ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා හා සෞදි ජාතිකයන් පිරිස අදාළ හෝටලයේ සහ ඉන් පිටත රැඳී සිටින අයුරු දැක්වෙන සී සී ටී වී දර්ශන ඇතුලත් වීඩියෝවයි මේ.

  • විජේදාසට මිලියන 500ක ලොතරැයියක්..!

    විජේදාසට මිලියන 500ක ලොතරැයියක්..!

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් වන්දි වශයෙන් ගෙවන මෙන් කොළඹ දිසා අධිකරණය විසින් ලේක්හවුස් ආයතනයට එරෙහිව දුන් තීන්දුව ස්ථිර කර තිබේ.

    ඒ ඊයේ (30) බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය විසිනි.

    ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල පල කරන ලද ප්‍රවෘත්තියකින් සිය කීර්තියට හානි සිදු වූ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් විජයදාස රාජපක්ෂ මහතා විසින් 2010 වසරේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

    ඒක පාක්ෂිකව පැවති මෙම නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ දිසා අධිකරණය අදාළ ප්‍රවෘත්තිය තුළින් විජේදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට හානියක් සිදුවී ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන ලෙසත් ලේක්හවුස් ආයතනයට නියම කර තිබුණි.

    එම තීන්දුවට එරෙහිව ලේක්හවුස් ආයතනය විසින් එම අභියාචනය ඉදිරිපත් කර තිබුණු අතර එය විභාග කල බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය මඟින් දුන් තීන්දුව ස්ථිර කරනු ලැබීය.

  • තව්ජීද් ජමාත් ත්‍රස්තයින්ගේ දුරකතන අංක 1800ක් ගැන විමර්ශන

    තව්ජීද් ජමාත් ත්‍රස්තයින්ගේ දුරකතන අංක 1800ක් ගැන විමර්ශන

    පාස්කු දා  ප‍්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් 9 දෙනා  භාවිත කළ ජංගම දුරකතන අංක සහ ඔවුන් වෙත ලැබී තිබූ ඇමතුම් අංක ඇතුළු දුරකතන අංක 1,800ට අධික ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්ලේෂණය කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට  කළ විමර්ශනයේ දී අංක 1,800ක ප‍්‍රමාණයක් හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

    මෙම බෝම්බකරුවන්  සමඟ  සබඳතා පැවැත් වූ  පුද්ගලයන් සහ  ඔවුන්ට ඇමතුම් ලබාදුන් පුද්ගලයන්  සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගත හැකි බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

    එම අංක අනුව මේ වනවිටත්  කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර ඔවුන්  මෙම ත‍්‍රස්තවාදීන්  සමඟ  පැවැත් වූ සබඳතා  හෙළි කරගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

  • කාටහරි පුළුවන්නම් මීට වඩා අවම මිලකට විදුලිය ලබාගන්න, ඒක අපට පෙන්නලා දෙන්න..

    කාටහරි පුළුවන්නම් මීට වඩා අවම මිලකට විදුලිය ලබාගන්න, ඒක අපට පෙන්නලා දෙන්න..

    “අපට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිෂ්පානය කරලා, ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය යහපත් තත්ත්වය පත් කරන්නයි. මේකට තාවකාලික, මධ්‍යම හා දීර්ඝකාලීන වශයෙන් විසදුම් තිබෙනවා. මේ සදහා වන මුල්ම පියවර තමයි අපි මේ කරලා තියෙන්නේ, තුර්කියේ මේ බාජ් එක තුළින්. සමහරු අහනවා මීට වඩා අඩු මිලකට නැද්ද කියලා. මම කියන්න කැමතියි කාටහරි පුළුවන්නම් මීට වඩා අවම මිලකට විදුලිය ලබාගන්න, ඒක අපට පෙන්නලා දෙන්න” යැයි  විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍යවේදින් විසින් නැගූ පැනයකට පිළිතුරු සපයමින් අමාත්‍ය කරුණානායක මහතා මෙසේ පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “අපි උත්සාහ කළේ හදිසි විදුලය මිලදී ගැනීමක් සිදු නොකර ඉන්න. නමුත් ඇති වූ විදුලි ඌනතාව හේතුවෙන් එය නොකර බැරි වුණා. දැනට තිබෙන බලාගාරවල නිෂ්පාදන වියදම රු. 30.00 ට වැඩියි. නමුත් හදිසි විදුලිය මිලදී ගන්න ටෙන්ඩර් කැදවීමෙදි මිල නියම වෙලා තිබුණේ රු. 28.00 , රු. 30.00 වගේ. වසරකට ටෙන්ටර් කැදවුවොත් මිල වැඩිවන නිසා අපි මාස 06 කට ගන්න තීරණය කළා.

    මෙම හදිසි විදුලිය මිලදී ගැනිම පිළිබදව ජනතාව අතර  නොයෙක් ආකාරයේ මත ඇති වුණා. මේ තුළින් විශාල මුදල් නාස්තියක් සිදුවන බවට මත පළවුණා. ඒ නිසා මෙම මිලදී ගැනීම් අතරතුරදීම, මෙම තත්ත්වය වෙනස් කරන්න හැකි ආකාරයේ විකල්ප මාර්ග ඉදිරිපත් කරන්න කියලා අපි ජනතාව දැනුවත් කළා. ඒ අවස්ථාවේ තුර්කි රජයෙන් යෝජනාවක් ඉදිරිපත්  කළා. රු. 24.98 ක් තමයි ඔවුන්ගේ මිල වුනේ. සියළු බදුත් සමග මෙහි මිල වන්නේ රු. 26.20 ක් පමණයි. ඒ අනුව අපි මේ පිළිබදව කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා, දැනට අපේ බලාගාර වලට වඩා අවම මිලක් සහිත නිසා කැබිනට් අනුමැතිය ලැබුණා.

    හදිසි විදුලිය මිලදී ගැනිමක් අවශ්‍යයි කියලා තීරණය කළේ අපි නොවෙයි. ලංකා විදුලිබල මණ්ඩලයේ අදාල  නිලධාරීන් තමයි කිව්වේ මෙගාවොට් 470 ක හිගයක් පවතිනවා, එය වහාම සපයා දෙන්න කියලා.  ඒ නිසයි හදිසි විදුලිය මිලදි ගැනීමකට යාමට සිදුවුණේ. සමහර පිරිස් අකමැතියි විදුලි ගැටළුව විසදලා, විදුලි කප්පාදුව නැති කරනවාට. ලංවිම  නිපදවන විදුලි ඒකකයකට වඩා පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම වඩා වාසි දායකයි. නමුත් අපි මේ වනවිට ගිවිසුම් අත්සන් කරලා තිබෙන නිසා දැන් ඒවා වෙනස් කරන්න බැහැ.

    කුමන ආකාරයකින් මේ දේවල් සිද්ධ වුණත්,  කිසිසේත්ම ගෘහ විදුලි ඒකකයක මිල වැඩිවන්න දෙන්නේ නැහැ. ඒ පදනම අපි ආරක්ෂා කරනවා. ඒ වගේම කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවකට යන්නෙත් නැහැ. ඒ වෙනුවෙන් අපි විදුලිය නිෂ්පාදනය කල යුතුයි. වාර්ෂිකව විදුලි ඉල්ලුම 6%, 7% ක් වගේ ප්‍රමාණයකින් වර්ධනය වෙනවා. ඒ කියන්නේ මෙගාවොට් 350 ක් පමණ. 2012 වර්ෂයේ සිට පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 400ක් පමණ එකතුවුණා මිසක්, අළුතින් එකම ඒකකයක්වත් ජාතික පද්ධතියට එකතු වෙලා නැහැ. අපට දෛනික අවශ්‍යවන විදුලි ඒකක ප්‍රමාණය ජල විදුලියෙන් සපුරා ගන්න පුළුවන් නම් කිසිදු ගැටළුවක් මතු වන්නේ නැහැ. නමුත් මේ වනවිට ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා ජල මූලාශ්‍රයන්ගේ තිබෙන හිගතාවය නිසා. ඒ නිසා අපිට විකල්ප මාර්ග අවශ්‍ය වනවා. විදුලිබල මණ්ඩලයෙන් නිෂ්පාදනය කරනවාද නැතිනම් පිටින් තාවකාලිකව අරගෙන අඩු වියදමකින් ජනනය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවාද කියා අප තීරණය කල යුතුයි. ඉතිහාසයේ පළමු වතාවට තමයි අපි මේ වගේ අවම මිලක් යටතේ හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකරලා තියෙන්නේ.  අපි ලබන සුමානෙ ටෙන්ඩර් කැදවන්න සූදානම් වෙනවා, මීට වඩා අඩුවෙන් වසර දෙකක් සදහා මිලදී ගැනීමක් සිදුකරන්න.

    තුර්කියෙන් ගෙනෙන මේ නැව, ජාතික පද්ධතියට ගැටළුවක් නොමැතිව සම්බන්ධ කරන්න පුළුවන් කොහෙන්ද කියලා අපි සොයා බැලුවා. ඒ අනුව ගාල්ල, කොළඹ , හම්බන්තොට යන වරායන්ගෙන් තමයි අවම දුරක් සහිතව සම්බන්ධ කළ හැකිවන්නේ. ඒ තුලිනුත් ගාල්ල, හම්බන්තොටට සාපේක්ෂව කෙරවලපිටියෙන් තමයි පහසුවෙන්ම සවිකළ හැකි වන්නේ. ඒ සදහා මාසයක් පමණයි යන්නේ සවි කරන්න. නමුත් කෙරවලපිටියෙන් අපට මෙගාවොට් 200 එක් කරන්න අපහසුතාවක් තිබෙනවා. නමුත් අපි කෙරවලපිටියේ 200න් 100 කට තමයි අපි ගෙවන්නේ. අපි ගිවිසුම් ගතවෙලා තිබෙන්නේ ඒ ආකාරයට 50% ක් ගෙවන්නයි. ගාල්ලෙන් අපි තවත් 65% ක් ලබා ගන්නවා. ඒ කියන්නේ මෙගාවොට් 400 නෞකාවෙන් අපි ගන්නේ 115 ක් පමණයි. අපට අවශ්‍ය ප්‍රමාණයට ගන්න තුර්කි සමාගමේ නැව් නැහැ. ඒ නිසයි මේ 400 නැව ගෙනත් එයින් 50% ක් ගන්නේ.  මේ නැව් දෙක නොගත්තොත්, ලංවිමට බිලියන 94 ක් වැය වෙනවා මේ මාස 06 වෙනුවෙන්. නැව් දෙක ගත්තොත් වැය වන්නේ බිලියන 93 ක් පමණයි. ඒ අනුව මේ නැව් දෙක ගැනීම තුළින් ලංවිමට බිලියන් 01 ක ලාභයක් ලැබෙනවා. මේ ගනනය කිරීම් කරලා තිබෙන්නේ වියලි කාලගුණික තත්ත්වයන් හමුවේ. වැසි තත්ත්වයක් ඇතිවුවහොත් මේ ගනන් තවත් අඩු වෙනවා.

    ඉදිරියේදී අපි චීනෙන් මෙගාවොට් 300, ජපානෙන් මෙගාවොට් 300, ඉන්දියාවෙන් මෙගාවොට් 300 ආදි වශයෙන් බලාගාර 03 ක් ගන්නයි හදන්නේ අපි. මේ බලාගාර සියල්ලක්ම එන්නේ 2022 න් පස්සේ. ඒ වෙනකල් අපිට විදුලි හිගයක් එනවා.  විදුලිබල පනතට අනුව 43 -4 – C 11යටතේ පුළුවන් අපට හදිසි මිලදී ගැනීමක මිල, ටෙන්ඩර් මිලට වඩා සෑහීමකට පත් වෙනවානම්, එම හදිසි මිලදී ගැනම සිදුකළ හැකියි. ඒ ක්‍රියාපටිපාටිය යටතේ තමයි අපි මේ මිලදී ගැනීම සිදු කළේ යැයි පැවසීය.

  • ජනපතිගෙන් හිස්බුල්ලාට නව තනතුරක්

    ජනපතිගෙන් හිස්බුල්ලාට නව තනතුරක්

    ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර  යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ.

    නැගෙනහිර පළාතේ සිදුකරෙන සංවර්ධනය ගැන සොයා බලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන්  මෙම පත්වීම ලබාදී තිබේ.

    නව පත්කිරීමත් සමඟ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටුවේ නව රැස්විම  ලබන ජුනි 10 දා ත්‍රිකුණාමල දිසාපති කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස වරාය හා නාවික  කටයුතු  නියෝජ්‍ය ඇමැති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රී  ආර්.සම්බන්ධන් යන මහත්වරු දැනට කටයුතු කරති.

  • තන පටවල තිබූ ජෙල් විෂ රසායන හෝ වඳ බෙහෙත් නොවන බව රස පරීක්‍ෂක තහවුරු කරයි

    තන පටවල තිබූ ජෙල් විෂ රසායන හෝ වඳ බෙහෙත් නොවන බව රස පරීක්‍ෂක තහවුරු කරයි

    දර්ගා නගරයේ ව්‍යාපාරිකයකු  අලෙවිය සඳහා ගෙනවිත් තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා (23) පොලීසිය භාරයට ගත් තනපට තොගයේ ඇතුලත තිබූ ජෙල් වර්ගය මිනිස් සිරුරට හානි කර නොවන බවට රස පරීක්ෂක විසින් තහවුරු කර ඇත.

    සැක සහිත ද්‍රව්‍යයක් ආලේපිත කර තිබූ තිසරපට 243 ක් එහි හිමිකරු සමග අත්අඩංගුවට ගනු ලැබූයේ දර්ගා නගරයේ ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුමේදීය. පොලිසිය එම ජෙල් වර්ගය අඩංගු තිසරපට තොගය වැඩිදුර පරීක්ෂා කර වර්තාවක් ලබා ගැනීම සඳහා රස පරීක්ෂක වෙත යොමු කළේය.

    රස පරීක්ෂකවරයා අදාළ තිසරපට තොගය සම්බන්ධයෙන් ලබා දුන් වාර්තාවට අනුව එම තිසරපටවල අඩංගු ජෙල් වර්ගය මිනිස් සිරුරට අහිතකර නොවන බවට තහවුරු කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

  • ඇමති රාජිත ගැබිණි මව්වරුන්ට බාල ඖෂධ ගෙන්වා ඇති බවට විගණන වාර්තාවෙන් හෙළිවෙයි!

    ඇමති රාජිත ගැබිණි මව්වරුන්ට බාල ඖෂධ ගෙන්වා ඇති බවට විගණන වාර්තාවෙන් හෙළිවෙයි!

    සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරටට ගෙන්වූ ගැබිනි මව්වරුන්ට ලබාදෙන පෝලික් අම්ලය ඖෂධයේ සිට ඖෂධ වැඩි ප‍්‍රමාණයක් බාල ඖෂධ බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    රජයේ සමස්ත වියදමෙන් සියයට 1.4ක් හෙවත් රුපියල් මිලියන 27,527ක් වැය කර ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ මිලදී ගැනීමට බවද ඊයේ (27) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අලූත්ගේ මහතා මෙසේද කීය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය විසින් සිදු කරනු ලබන වෛද්‍ය සැපයීම් මිලදී ගැනීම් හා සැපයීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් මෑතකදී එලි දක්වන ලදී. 

    එම වාර්තාවට අනුව පසුගිය වසර ගණනාව තුල රජයේ සමස්ථ වියදමෙන් 1.4% වැය කර ඇත්තේ වෛද්‍ය සැපයීම් සදහාය. එනම් වාර්ෂිකව රුපියල් මිලියන 27,527ක් වැනි දැවැන්ත මුදලක් වෛද්‍ය සැපයීම් සඳහා වෙන් කර ඇත. ඒ අනුව මහජන මුදල් මෙතරම් විශාල ප්‍රමාණයක් අක්‍රමිකතාවන්ගෙන් තොරව නිසි ලෙස කලමණාකරනය වීම ඉතා වැදගත් බව පැහැදිලිය. 
    කෙසේ නමුත් විගණන වාර්තාව පෙන්වා දෙන්නේ සිදුව ඇති මහා පරිමාණ අක්‍රමිකතාවයන් ගණනාවකි. 

    ඒ අනුව,

    1. ඖෂධ මිලදී ගැනීම සඳහා සකස් කර ඇති ක්‍රියාකාරි සැලැස්මට පටහැනිව අත්තනෝමතික ලෙස ඖෂධ මිලදී ගෙන තිබුණි.

    2. අලුතින් ඖෂධ ලියාපදිංචි කිරීම අසාමාන්‍ය ලෙස පසුගිය වසර කිහිපය තුල ඉහල ගොස් තිබුණි. එක් වසරක් තුල අලුත් ඖෂධ 3000 කට ආසන්න ගණනක් අලුත් සමාගම් හරහා ලියාපදිංචි කර තිබුණි. අනවශ්‍ය ලෙස මෙලෙසින් ලියාපදිංචිය ලබාදීම හරහා අක්‍රමිකතාවයන්ට හා වංචනික ගනුදෙනු වලට ඉඩ විවර වන බව පැහැදිලිය.

    3. ඖෂධ නිසි පරිදි ඇස්තමේන්තු ගත නොකර තරගකාරිත්වයෙන් බැහැරව මිල ගණන් නොකැදවා අධික මිලකට දේශීයව මිලදී ගැනීම් අවස්ථා ගණනාවක් විගණන වාර්තාව පෙන්වා දෙයි. (උදා- අවස්ථා 243 කදී රු. මිලියන 168 ක් වැය කර තිබුණි).

    4. ඖෂධ හිගයක් නිර්මාණය වීම සඳහා පරිසරය සකස් කර හදිසි මිලදී ගැනීම් ලෙස එම ඖෂධ තරගකාරිත්වයෙන් තොරව මිලදී ගෙන තිබුණි. 
    2015 වර්ෂයේ රුපියල් මිලියන 4310/- (සමස්ථ මිලදී ගැනීම් වලින් 13.6%)
    2016 වර්ෂයේ රුපියල් මිලියන 4065/- (සමස්ථ මිලදිි ගැනීම් වලින් 10.6%)

    5. කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකිරීම සඳහා නිර්දේශ කර තිබූ සමාගම් වලින්ම එම නිර්දේශ නොතකා හදිසි මිලදී ගැනීම් වලට මුවා වෙමින් මිලදී ගැනීම් සිදු කර තිබුණි. (උදා. රබර් අත්වැසුම්)

    6. ඖෂධ මිලදී ගැනීම් පාලනයේ දුර්වලතා ගණනාවක් හෙලිදරව් වී ඇත. ඒ හරහා තත්ත්වය පිළිබඳ තහවුරුවක්් නොමැති ඖෂධ ගණනාවක් වාර්ෂිකව රට තුලට පැමිණ තිබුණි. විගණන වාර්තාව පෙන්වා දෙන්නේ ඒ හරහා රෝගීන්ට වු හානිය මැනිය නොහැකි බවයි.

    7. තත්ත්වයෙන් බාල බව තහවුරු වූ ඖෂධ තොග භාවිිතයෙන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගන්නා මොහොත වන විට එම මුලු තොගයම හෝ ඉන් 80% – 90% ක් පමණ රෝගින් විසින් භාවිතා කර තිබුණ අවස්ථාද තිබුණි. ඒ අතරට ප්‍රතිජීවක ඖෂධ, දියවැඩියා ඖෂධ, අපස්මාර රෝගින්ට ලබාදෙන ඖෂධ, පැපොල රෝගින්ට ලබාදෙන ඖෂධ, ගර්භනි මාතාවන්ට ලබාදෙන ඖෂධ ඇතුලත් විය.

    8. මිලදී ගන්නා ඖෂධ තත්ත්ව පරික්ෂා කිරීම සඳහා නිසි රසායනාගාර පහසුකම් නොමැති බව විගණන වාර්තාවේ විශේෂයෙන් පෙන්වා දෙයි. 

    රාජිත සේනාරත්න ඇමතිවරයා වසර ගණනාවක සිට ප්‍රකාශ කල මීට අදාල කිසිවක් ඉටු නොවී ඇති බව විගණන වාර්තාවෙන් හෙලි වෙයි. 

    2015 වර්ෂයේ ඉවත් කල ඖෂධ වල වටිනාකම රු. මිලියන 234/-
    2016 වර්ෂයේ ඉවත් කල ඖෂධ වල වටිනාකම රු. මිලියන 602/-
    2015 ට සාපේක්ෂව 2016 එම අගය 158% කින් ඉහල ගොස් ඇත.

    9. තත්ත්වයෙන් බාල ඖෂධ සැපයුම්කරුවන් තහනම් කල යුතු වූවත් එසේ නොකර නැවතත් එම සැපයුම්කරුවන්ට එකම ඖෂධය සඳහා ඇණවුම් ප්‍රදානය කර තිබුණි.

    10. ඇස් වැනි සියුම් ඉන්ද්‍රියන්ට යොදන ඖෂධ, වකුගඩු රෝග, සිසේරියන් සැත්කම් සඳහා ගන්නා වූ ඖෂධ ගණනාවන් නිසි උෂ්ණත්වයට ගබඩා කර නොතිබිණි. (ඖෂධ වර්ග 23 ක් – වටිනාකම රු. මිලියන 104/- ක් ).

    11. වෛද්‍ය සැපයුම් බහාලුම් වල රාජ්‍ය ලාංජනය මුද්‍රණය කර තිබීම ඇණවුම් කොන්දේසියක් වූවත් එලෙස මුද්‍රණය කර නොතිබූ රුපියල් මිලියන 97.6 ක් වටිනා ඖෂධ හදුනා ගන්නා ලදී. ඖෂධ අවභාවිතය කරිීම සඳහා මෙයින් ඉඩ කඩ විවර වෙයි.

    12. කිසිදු ඖෂධයක ආරක්ෂිත තොග පවත්වා ගැනීම සිදුකර නොතිබුණි. මේ හරහා හිතාමතාම හදිසි ඖෂධ මිලදී ගැනීම් වලට දොරටු විවර කර තිබුණි. 
    2015 සිට 2017 දක්වා දක්වා කාලය තුල කල් ඉකුත්වීම නිසා භාවිතයෙන් ඉවත් කල ඖෂධ වල වටිනාකම රුපියල් මිලියන 1122 කි. වෛද්‍ය සැපයුම් කල් ඉකුත්වීමට ආසන්නව තිබියදී මිලට ගැනීම මේ සඳහා ප්‍රධාන හේතුවක් විය.

    13. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගිණුම් හා ඖෂධ සංස්ථාවේ ගිණුම් අතර බරපතල නොගැලපීම් විගණන වාර්ථාව හදුනාගෙන ඇත. (වෙනස රුපියල් මිලියන 159 කට අධිකය). එනම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඖෂධ සංස්ථාවට ගෙවීමට නියමිත බවට සටහන් වූ මුදලට වඩා වැඩි මුදලක් තමන්ට ලැබිය යුතු බව ඖෂධ සංස්ථාව සටහන් කර ඇත. 

    එම විගණන වාර්තාව මගින් තත්ත්වය නිවැරදි කිරීම සඳහා වූ නිර්දේශ 47 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත. එමෙන්ම ප්‍රධාන නිගමන 6 ක් එම වාර්තාවේ ඉදිරිපත් කර ඇත. 
    මේ වන විටත් විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාව තුලද රාජිත සේනාරත්න මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත ගනු දෙනු පිළිබඳ විශේෂ විමර්ෂණ ගණනාවක් ආරම්භ වී ඇත. 

    රාජිත ඇමතිවරයා විසින් රෝගින් වෙනුවෙන් කිඹුල් කදුලු හෙලමින් සිදු කර ඇති ප්‍රකාශ වල සැගවුණු කතාව ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාව තුල මෙන්ම විගණකාධිවරයාගේ වාර්තාව හරහාද එලියට පැමිණ ඇත. 

    ඒ අනුව විගණන වාර්තාවට අනුව ක්‍රියාත්මක වීමද, ඇමතිවරයා ප්‍රමුඛ වගකිවයුත්තන්ට නිසි දඩුවම් ලබා දීමද අත්‍යාවශ්‍ය කරුණකි. 

    මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරවීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් කටයුතු කෙරෙනු ඇත.


  • වෛද්‍ය සාෆිට එරෙහිව අදට පැමිණිලි 51ක්

    වෛද්‍ය සාෆිට එරෙහිව අදට පැමිණිලි 51ක්

    මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාගෙන් සීසේරියන් සැත්කම් සිදු කරගැනීමෙන් පසු තමන් ගැබ් නොගැනීම පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටින බව පවසමින් මව්වරුන් 51 දෙනකු මේ වන විට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

    ඒ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සහ හෙද නිලධාරී සංගම් පවසන්නේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි රෝහල් විමර්ශනවලට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බවයි.

  • 2020 පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

    2020 පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

    2020 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක්‍ර ලේඛය සහ අයඳුම් පත්‍රය අද(27) නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    ඊට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියේ පල කිරීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.

    මීට අමතරව පුවත් පත් දැන්වීම් හරහාද අදාළ චක්‍රලේඛය සහ අයඳුම්පත්‍රය පළ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

  • පූජ්‍ය ඥානසාර හිමි නිදහස් කරගැනීමේ Game Plan එක සහ NGO මිෂන් එක

    පූජ්‍ය ඥානසාර හිමි නිදහස් කරගැනීමේ Game Plan එක සහ NGO මිෂන් එක

    බොදු බල සේනා සංවිධානයේ මහලේකම් අතිපූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම මීට් මාස කිහිපයකට පෙර ආරම්භ වී ඉතා සූක්ෂම සිදු වූ සැලසුම් සහගත සැලැස්මක් බව මේ වන විට අනාවරණය වේ.ජනාධිපතිවරයාගේද අනුදැනුම මත සිදු වූ සැලසුම් සහගත ක්‍රියාදාමයක් වන අතර අවසාන මොහොතේ එය අවුල් කොට කඩාකප්පල් කිරීමට විවිධ උත්සහයන් ගත්බවද අනාවරණය විය.

    නියෝගය අභිබවා ගිය කොන්ත්‍රාත්තුව

    පෙරේදා(22) දිනයේ ජනාධිපතිවරයා ජනාධිපති සමාව යටතේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසට වූ නියෝගයට අත්සන් තැබීමත් සමඟම මෙරට විදේශ මුදල් යටතේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් පැය කිහිපයක් ඇතුලත එක්ව සක්‍රීය ක්‍රියාන්විතයක් දියත්කොට ඇත. මෙම රාජ්‍ය නොවන සංවිධානවලට ඥානසාර හිමියන් සිරගත කිරීමේ සිට උන්වහන්සේ නිදහස් කරගැනීම වෙනුවෙන් දියත් වන කිසියම් ක්‍රියාන්විතයක් වේද එම ක්‍රියාන්විතයන්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා මෙම ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධාන දෙකට මිලියන 10ක් සහ මිලියන 80ක් වශයෙන් විදේශාධාර ලැබී ඇත.

    වලේ වැටුණු විට අතහැර දැමූ හැටි

    වසර 06කට සිරගත කරන ලද ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා උන්වහන්සේ නායකත්වය දුන් බොදුබල සේනා සංවිධානයවත් මේ මහපොලොවේ සක්‍රීය මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු දක්නට නොලැබුනු අතර විටින් විට මාධ්‍ය සාකච්ඡා පමණක් පැවැත්වෙමින් තිබිණ.

    එහෙත් ඥානසාර හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් සක්‍රීය ක්‍රියාදාමයක් නොවූ අතර බොහෝ බෞද්ධ සංවිධානවල ප්‍රධාන ස්වාමීන්වහන්සේලා ගැලවිජ්ජාවට කටයුතු කළ බව කැපීපෙනුනි. නමුත් ඥානසාර හිමියන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් සංවිධානය වුණු තරුණ ස්වාමීන්වහන්සේලා පිරිසක් පසුගිය 2018 වසරේ නොවැම්බර් මාසයේ දිනෙක “ඥානසාර ස්වාමින්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලා” ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කොට සංදේශයක් භාරදීමට පැමිණි අතර ජනාධිපති කාර්යාලයේ ආරක්ෂාව භාර ව සිටි ආරක්ෂක අංශ කළේ එම ස්ථානයෙන් ඉවත් නොවූ භික්ෂූන් වහන්සේලාට අධි පීඩක ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කිරීමයි. භික්ෂූන් වහන්සේට එල්ල කළ එම නින්දිත ප්‍රහාරය එදින මාධ්‍ය වාර්තා කොට තිබුණේ මෙසේය.

    තිරය පිටුපස සිටි දැවැන්තයා

    මෙම සිදුවීම ජනාධිපතිවරයාට සැලවීමත් සමඟම ඔහු සමඟ ඒ මොහොතේ සිටි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාව එය සම්බන්ධීකරණය සඳහා යෙදවීය. එතැන් පටන් ඥානසාර හිමියන්ව “ජනාධිපති සමාව” යටතේ නිදහස් කරනවාද? නැද්ද? යන්න පිළිබඳව අධ්‍යයනයත්, අදාළ කටයුතු මෙහෙයවීමත් සිදුකරන ලද්දේ තිලංග විසිනි.

    මෙහිදී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ඥානසාර හිමියන් බොදු බල සේනා සංවිධානය මෙහෙවමින් හැසිරුනු ආකාරය සහ උන්වහන්සේගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙනි. එහෙදී අවස්ථා කිහිපයකදී තිලංග සුමතිපාල ඥානසාර හිමියන්ව පෞද්ගලික හමු වී සාකච්ඡා කර ඇති අතර උන්වහන්සේ සතු ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් වූ තොරතුරුද මෙහිදී ලබා දී ඇත. එම තොරතුරු වල සත්‍ය අසත්‍යතාවයන් සෙවීමට ජනාධිපතිවරයා විසින් බුද්ධි අංශ වෙත කරුණු කාරණා යොමු කොට ඇත. ඥානසාර හිමියන් ලබා දී තිබූ එම තොරතුරු වල පසුගිය වසර 10ක පමණ කාලයක සිට ඉස්ලාමීය අන්තවාදය සහ එම අන්තවාදී සංවිධානවල ව්‍යාප්තියත් ඒවායේ අන්තවාදී සාමාජිකයින්ගේ අතිශය රහසිගත තොරතුරු රාශියකුත් අන්තර්ගත වී ඇති අතර පසුගිය පාස්කු 21 වනදා තව්ජීද් ඡමාත් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ එම තොරතුරුවල සඳහන් වූ කරුණු සත්‍ය බව වඩ වඩාත් තහවුරු වී ඇත. තවද ඥානසාර හිමියන් ලබාදුන් තොරතුරු අනුව තව්ජිද් ජමාත් ත්‍රස්තවාදී නායක සහරාන් පිළිබඳවත්, එම ත්‍රස්ත ජාලය පුහුණු වීම් සිදුකළ ස්ථාන පිළිබඳවත් ආරක්ෂක අංශවලට අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.

    ඇස් පනා පිට හෙළි වු සත්‍යය

    එම තොරතුරු වල සත්‍ය අසත්‍යතාවයන් සෙවීමට ජනාධිපතිවරයා විසින් බුද්ධි අංශ වෙත කරුණු කාරණා යොමු කොට ඇත. ඥානසාර හිමියන් ලබා දී තිබූ එම තොරතුරු වල පසුගිය වසර 10ක පමණ කාලයක සිට ඉස්ලාමීය අන්තවාදය සහ එම අන්තවාදී සංවිධානවල ව්‍යාප්තියත් ඒවායේ අන්තවාදී සාමාජිකයින්ගේ අතිශය රහසිගත තොරතුරු රාශියකුත් අන්තර්ගත වී ඇති අතර පසුගිය පාස්කු 21 වනදා තව්ජීද් ඡමාත් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ එම තොරතුරුවල සඳහන් වූ කරුණු සත්‍ය බව වඩ වඩාත් තහවුරු වී ඇත.

    ඒත් සමඟම ඉස්ලාම් අන්තවාදයට එරෙහිව රටේ දස දෙසින් නැඟුනු විරෝධයත් ඥානසාර හිමියන් එදා කියූ දෙය අද ඇස් පනා පිට සිදුව තිබෙන වාතාවරණයත් තුල එදා සිට අද දක්වා ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හඬ නැඟූ ඥානසාර හිමියන් නිදහස් කළ යුතු බවට දේශපාලනයින් ඇතුළු සිවිල් සංවිධානවලින්ද ඉල්ලීම් ඉදිරිපත් වීමට පටන් ගත්හ. ඒ වන විටත් තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ඥානසාර හිමියන්ට “ජනාධිපති සමාව” ලබාදී නිදහස් කරගැනීමට අදාළ කටයුත්තේ සෑහෙන වැඩ කොටසක් අවසන් කර තිබී ඇත.

    කෙසේ වෙතත් අවසාන වශයෙන් පසුගිය වෙසක් පොහෝ දින ඉතිහාසයේ වැඩිම සිරකරුවන් ප්‍රමාණයක් නිදහස් කිරීම වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ පැවති උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ඥානසාර හිමියන්ව බන්ධනාගාර රෝහලේදී හමුවී විනාඩි 30කට ආසන්න කාලයක් සාකච්ඡා කොට ඇති බවටද වාර්තාවේ.

    අවසන් හෝරා කිහිපයේ කුමන්ත්‍රණය

    අවසානයේ එහි ප්‍රථිපලයක් ලෙස “විශේෂ ජනාධිපති සමාව” යටතේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස ලැබූවද, එය ප්‍රමාද කිරීම සඳහා අවසන් මොහොත දක්වා ඉතා සූක්ෂම මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට තිබුණි. පැකිලීමකින් තොරව ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කළ යුතු වුවද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අධිකරණ සහ බන්ධනාගාර කටයුතු ඇමතිනි තලතා අතුකෝරල ලිපි ලේඛන වටේ ගස්වමින් විශාල කාලය කා දැමීමක නිතර වුණු බවක් පෙනෙන්ට තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ පාර්වශයෙන් ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ධනාත්මක ස්ථාවරක සිට ඊට සහය දැක්වීමට ඉදිරිපත් වූයේ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පමණි.

    ඒ වන විට අප ඉහත සඳහන් කළ රාජ්‍ය නොවන සංවිධාන මඟින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියව භාවිතා කරමින් අධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරමින් “ජනාධිපති සමාව”ට එරෙහිව අතුරුතහනම් නියෝගයක් ගැනීමට සැලසුම් කොට තිබූ බවට තොරතුරු වාර්තා විය. එසේම රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයෙකු වන කුප්‍රකට නීතීඥයෙකුද අද සමාජජාල මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඥානසාර හිමියන් නිදහස් කිරීම දෝෂදර්ශනයට ලක්කොට තිබිණ.

    අධිකරණයට අපහාස කිරීම, අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත් වීම, වින්දිත පාර්ශවයකට තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අධිකරණය විසින් වරදකරුවකු කර වසර 19ක බරපතල වැඩ සහිත සිරදඬුවම් වසර 6කින් ගෙවී යන පරිදි ලබාදී තිබූ දඬුවම මාස 9ක් ගෙවී යද්දී තමා සතු විධායක බලතල යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කළේය.

  • සජිත්ගේ හරි අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?

    සජිත්ගේ හරි අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?

    පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා වල දැඩි සේ කතාබහට ලක්කෙරුණු කාරණයක් වූයේ සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුකම් පිළිබඳවයි.එම කරුණු වල සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් අයතා ලෙස හුවා දක්වා ඇති බව බොහෝ වෙබ් අඩවි සහ ෆේස්බුක් පේජයන් විසින් දක්වා තිබූ බව ඔබට මතක ඇතිවා නොඅනුමානය.

    ඒ කෙසේ වුවද ඒ පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා හෝ ඔහු නියෝජනය කරන කිසිවකු මේ වනතුරුත් කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැත.රටේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයකු වීමට සිහින දකින සජිත් මේ පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු අතර නිවාස සංවර්ධන අධිකාරියේම සිටි ඉහල නිළධාරියෙක් අසරණ මිනිසුන්ට නිවාස ලබාදීමේදී සජිත් විසින් සිදුකලා යැයි වූ ප්‍රෝඩාවන් ගැන හෙළිකරන ලදී………..

  • වැඩ කරපු කඩෙන් දවසට 25,000 ගානේ මිලියන 8.5 ක් හොරකම් කරපු හැටි (Video)

    වැඩ කරපු කඩෙන් දවසට 25,000 ගානේ මිලියන 8.5 ක් හොරකම් කරපු හැටි (Video)

    හඟුරන්කෙත-රිකිල්ලගගස්කඩ නගරයෙ සුපිරි වෙළඳසැලක සේවයකරමින් දිනකට රුපියල් 25000ක් බැගින් සොරකම් කළ එහි සේවයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා හඟුරන්කෙත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    මෙම සේවයින් දෙදෙනා 2018 මැයි මාසෙයේ සිට 2019 මැයි 05දා දක්වා මෙසේ මුදල් දිනපතා සොකරම් කර ඇති බව වාර්තා වෙයි.

    මෙම වෙළඳසැලේ එදිනයේ ගණුදෙනු අවසානයේ වෙළසැලේ හිමිකරුවාට මුදල් භාරදීමට යාමේදී 5000 නොට්ටු 05 බැඟින් මෙම පුද්ගලයින් දෙදෙනා මෙසේ සොරකම් කර දෙදෙනා අතර බේදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. එලෙස සොරකම් කරන ලද මුදල් වලින් අදාළ සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථ දෙකක්ද මිට ගෙන ඇති බව වාර්තා වෙයි.

    අදාළ සැකකරුවන් විසින් 2018 මැයි මසෙයේ සිට 2019 මැයි 05 වෙනි දා දක්වා සොරකම් කර ඇති මුළු මුදල මිලියන 8.5කට අසන්න අගයක් බව වෙළඳසැල් හිමිකරු පවසයි. අදාළ සොරකම සිදුව ආකාරය වෙළඳසැලේ ආකරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුණි.

    අදාළ සැකරුවන් දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    -අද දෙරණ-

  • මඩකලපුවේ ෂරියා විද්‍යාලය වහාම රජයට පවරා ගත යුතුයි – විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂත් කියයි

    මඩකලපුවේ ෂරියා විද්‍යාලය වහාම රජයට පවරා ගත යුතුයි – විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂත් කියයි

    රටේ අද මහත් ආන්දෝලනයට ලක් වී තිබෙන මඩකලපුව පුනානි පිහිටා ඇති ෂරියා විද්‍යාලය රජයට පවරා ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මෙම ගොඩනැඟිල්ල සඳහා දේශීය සහ විදේශීය අයුරින් කෝටි ගණන් මුදල් වැය කළ උදවිය පිළිබඳව සොයා ගත යුතු බව ද මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

    මීට අදාළ ගොඩනැඟිල්ල රජයට පවරා ගතහොත් මෙරට විශ්ව විද්‍යාලීය සිසුන්ට මහත් සෙතක් උදාවන බව ද ඉන් අති විශාල මුදල් ප‍්‍රමාණයක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වන බව ද හෙතෙම සඳහන් කළේය.

    මෙම ෂරියා විද්‍යාලය රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතු බවට මුල්ම යෝජනාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද්දේ හිටපු නියෝජ්‍ය කථානායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසිනි. එසේම මේ වන විට එය රජයට පවරාගෙන රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරන ලෙස ඉල්ලා අත්සන් දශ ලක්ෂයක් එකතු කිරීමේ අන්තර්ජාල පෙත්සමක් https://www.thinduwa.com/ වෙබ් අඩවිය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතී. මේ මත ක්ලික් කිරීමෙන් එයට පිවිසීමට හැකියාව පවතී.

    මෙම ඉස්ලාම් අන්තවාදී ෂරියා විද්‍යාලය ගොඩනැගීමට මූල්‍යමය ආධාර ලැබුණු ආකාරය පිලිබඳවත් ඒ පිටුපස ක්‍රියාත්මක වූ දේශපාලඥයින්ට අදාළ අන්තවාදී, ජාවාරම්කාර සංවිධාන පිළිබඳවත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

    ආශ්‍රිත පුවත්: ෂරියා විද්‍යාලය වහාම රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරනු! දශලක්ෂයක අත්සනින් යුතු අන්තර්ජාල පෙත්සමක්!

    ආශ්‍රිත පුවත්: ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතුයි

  • රනිල්ගේ ප්‍රධානත්වයෙන් අරලිය මන්දිරයේ ශාන්තිකර්මයක් (Video)

    රනිල්ගේ ප්‍රධානත්වයෙන් අරලිය මන්දිරයේ ශාන්තිකර්මයක් (Video)

    වෙසක් උත්සවයට සමගාමීව අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් ශාන්ති පැමිණවීමේ බෝධි පූජා පිංකමක් ඊයේ (19) පැවැත් විය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූණු මෙම පිංකමට මහජන නියෝජීතයින් රැසක්ද එක්ව සිටියේය.

    මහා සංඝරත්නයේ ආශීර්වාද මැද පැමිණි සිටි පිරිස ආගමික වතාවත් වල නිරත වීමෙන් පසුවයි බෝධිපූජා පිංකම ආරම්භ විය.