Category: සුපිරි Walks

  • සංචාරක හෝටලයට මහ රෑ පැමිණි 15 පෙම්වතිය ගෙන ගොස් පෙම්සුව විඳි තරුණයා කරපු අපරාධය ම‌ෙන්න…..!

    සංචාරක හෝටලයට මහ රෑ පැමිණි 15 පෙම්වතිය ගෙන ගොස් පෙම්සුව විඳි තරුණයා කරපු අපරාධය ම‌ෙන්න…..!

    බාලවයස්කාර දැරියක් රැගෙන ගොස් ඇයගේ පියාගෙන් කප්පම් ඉල්ලූ තරුණයෙක් පිළිබද පුවතක් වාර්තා වෙනවා. ඒ මීගමුව ප්‍රදේශයෙන්.

    සිදුවීම වාර්තා වන අන්දමට 15 හැවිරිදි මෙම දැරිය කෝටිපති ව්‍යාපාරික‍යෙකුගේ එකම දියණියයි. ඇය විසිපස් හැවිරිදි ක්‍රීඩා උපදේශකයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබේ.

    විමර්ශන වලින් අනාවරණය වූ කරුණු අනුව පැහැර ගැනීමට ලක්‌වූ බාලවයස්‌කාර පෙම්වතිය මීගමුව මහවීදිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඇය දෙමාපියන්ට රහසේ සැකකරු සමග ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ඇති අතර කලින් සැලසුම් කළ පරිදි මෙම සිසුවිය සහ තරුණයා 28දා දහවල් මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලකට ගොස් නැවතී ඇත. එහි සිට සිසුවියගේ දුරකථනයෙන් ඇගේ මවට ඇමතුමක් ලබාගෙන තමා පැහැරගෙනගොස් ඇති බවත් නිදහස් කිරීමට නම් කෝටියක කප්පම් මුදලක් ඉල්ලන බවත් දැනුම්දී ඇත. මේ අනුව මවුපියන් මේ පිළිබඳව මීගමුව මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

    ඉන් අනතුරුව සැකකාර පෙම්වතා පෙම්වතියගේ ජංගම දුරකථනයෙන් ඇගේ පියා අමතා දියණිය නිදහස්‌ කිරීමට නම් රුපියල් කෝටියක කප්පමක්‌ ඉල්ලා ඇත. එහෙත් එම තැත ව්‍යර්ථ වූ අවස්‌ථාවේ එම කප්පම් මුදල රුපියල් ලක්‌ෂ 10 දක්‌වා අඩුකර ඇත.

    පසුව කෝටියක කප්පම් මුදල දසලක්ෂය දක්වා අඩු කිරීමට කප්පම්කරු එකඟ වී ඇති බවත් ඇය මවට පවසා ඇත. එහෙත් එම ඉල්ලීමටද පියාගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණු බැවින් සැකකරු සිය පෙම්වතිය කටාන බටපත්තල ප්‍රදේශයට කැඳවාගෙන විත් ඇය එහි අතරමං කර දමා පලාගොස්‌ ඇත. පසුව පෙම්වතිය එම මාර්ගයේ ගමන් ගත් ලොරියක ආධාරයෙන් මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක හමුවට පැමිණ භාරවී ඇත. 

    කෙසේ වෙතත් තරුණිය පොලීසියට පවසා තිබුනේ උදෑසන 10ට පමණ පැමිණි කාන්තාවක් ඇතුළු හතර දෙනෙක් නිවෙසක ලිපිනයක් විමසූ බවත් ඒ ගැන කීමට නිවෙසින් පිටතට පැමිණි තමන්ට යම් දියරයක් මුහුණට අල්ලා සිහි නැති කර වෑන් රථයක දමාගෙන පලා ගිය බවත් ය. නමුත් විමර්ෂණ වලින් සිදුවීම අනාවරණය කර ගැනීමට පොලිස් නිළධාරීන් සමත්ව තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වූයේ මීගමුව කාමච්චෝඩය හි පදිංචි ජිෆ්‍රී මොහොමඩ් අශ්රොෆ් නමැත්තෙකි. 

  • හැගීම් වලට වහල්වී තමන්ම ගත් නිරුවත් ඡායාරූප නිසා සුප්‍රසිද්ධ නීතිඥවරියට වෙච්ච අලකලංචිය ‌මෙන්න…

    හැගීම් වලට වහල්වී තමන්ම ගත් නිරුවත් ඡායාරූප නිසා සුප්‍රසිද්ධ නීතිඥවරියට වෙච්ච අලකලංචිය ‌මෙන්න…

    නිමල්කා කුමාරි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියකි. එම ප්‍රදේශයේම රියදුරු පුහුණු පාසලක ඇය සේවය කළාය. තරුණ වයසේ සිටි ඇය තවමත් අවිවාහකය.
    පාසල් යන වයසේ සිටම ඇය ප්‍රේම සම්බන්ධතා කිහිපයක්‌ පවත්වා ගෙන ගියාය. එහෙත් එම ප්‍රේම සම්බන්ධතා එකක්‌වත් ස්‌ථිර ඒවා නොවීය. එය එසේ වීමට හේතු වූයේ නිමල්කාගේ සමහර ගති පැවතුම්ය. බොහෝ අවස්‌ථාවල ඇය හැසිරුණේ තරුණියකට උචිත අයුරින් නොව තරුණයකුට උචිත අයුරින්ය. මොන දේ වුණත් ඇය ජීවිතය සතුටින් ගත කළාය.
    අනූෂා නීතිඥවරියකි. පදිංචිය වැල්ලවත්ත ප්‍රදේශයේ නිමල්කාගේ නිවස ආසන්නයේය. ඇය විවාහක කාන්තාවකි. එම විවාහයෙන් ඇයට පුතකු සිටී. දැනට වසර කිහිපයකට ඉහතදී ඇය තම සැමියාගෙන් දික්‌කසාද වූවාය. ඒ පෞද්ගලික ආරවුලක්‌ දුරදිග යැම හේතුවෙනි. ඉන්පසු ඇය වැල්ලවත්ත එම නිවසේ තම පුතා සමඟ ජීවත් වූවාය. 
    අසල්වැසියන් නිසා නිමල්කා සහ අනූෂා අතර දැඩි මිත්‍රත්වයක්‌ ගොඩනැඟුණි. හැකි සෑම මොහොතකම නිමල්කා අනූෂාගේ නිවස වෙත යැමට පුරුදු වී සිටියාය. එලෙස යන ඇය පැය ගණන් අනූෂා සමඟ පෞද්ගලික තොරතුරු මෙන්ම සමාජීය තොරතුරුද කතාබහ කළාය. නීතිඥවරියක්‌ වුවත් අසල්වාසින් ගැන විවිධ තොරතුරු දැන ගැනීමට අනුෂා දැඩි කැමැත්තක්‌ දැක්‌වූවාය.
    දිනක්‌ නිමල්කා සුපුරුදු පරිදි අනූෂාගේ නිවස වෙත පැමිණියාය. ඉදිරියට පැමිණියේ අනූෂාගේ පුතා වන යොහාන්ය. ඔහුගෙන් නිමල්කා මෙලෙස විමසුවාය.
    “කෝ පුතා අම්මා”
    “අම්මා බාත්රූම් එකේ. ඉන්න මම කියන්නම් ඇන්ටි ආවා කියලා”
    එලෙස පැවසූ ඔහු නාන කාමරය දෙසට ගියේ තම මවට නිමල්කාගේ පැමිණීම පැවසීම සඳහාය. එලෙස නිමල්කාගේ පැමිණීම තම මවට පැවසූ ඔහු යළි නිමල්කා දෙසට පැමිණියේය. පැමිණ මෙලෙස පැවසුවේය.
    “අම්මා ඉක්‌මනට එන්නම් කීවා. එනකන් ඇන්ටිට වාඩිවෙලා ඉන්න කීවා”
    “හරි පුතා මම වාඩිවෙලා ඉන්නම්” 
    එලෙස පැවසූ ඇය සාලයේ තිබූ සුවපහසු පුටුවක වාඩිවූවාය. යොහාන්ද ඇය ඉදිරියේ වාඩිවී තම මවගේ ජංගම දුරකථනයෙන් “වීඩියෝ ගේම්” එකක්‌ සෙල්ලම් කරමින් සිටියේය.
    “පුතා කාගෙද ඔය ෆෝන් එක” ඇය විමසුවාය. 
    “මේක අම්මාගේ ෆෝන් එක. මම මේ ගේම් එකක්‌ ගහනවා. බොහොම අමාරුවෙන් අම්මගෙන් ඉල්ල ගත්තෙත්”
    “ආ ඇත්තද…? මොකක්‌ද ඔය ගහන ගේම් එක. මටත් දෙන්නකො පොඩ්ඩක්‌ බලන්න. මමත් ආසයි ගේම් ගහන්න”
    “ඇන්ටිට මේව ගහන්න තේරෙන්නේ නැහැ”
    “තේරෙනවද නැද්ද කියලා බලන්න මට ෆෝන් එක දෙන්නකෝ…”
    නිමල්කාට ඇත්ත වශයෙන්ම වුවමනා වූයේ වීඩියෝ ගේම් එක ගැන තොරතුරු දැන ගැනීම නොව අනුෂාගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කර බැලීමටයි. ඒ ඇයගේ ස්‌වභාවයයි. අනුන්ගේ දේවල් සොයා බැලීම සඳහා ඇයට තිබුණේ පුදුමාකාර ආශාවකි. උනන්දුවකි. ඇය යළි යළිත් යොහාන්ගෙන් ජංගම දුරකථනය ඉල්ලා සිටියාය. 
    “මොකද ඇන්ටි කරදර කරන්නේ… ඔන්න බලන්න එහෙනම්. හැබැයි ආපහු ඉක්‌මනට ඕන ෆෝන් එක”
    “හරි පුතා මම මේ ගේම් එක විතරයි බලන්නේ. ඉක්‌මනට දෙන්නම්” 
    එලෙස පැවසූ ඇය යොහාන්ගෙන් ජංගම දුරකථනය ගෙන එය පරීක්‍ෂා කර බැලුවාය. එහිදී ඇයට ජංගම දුරකථනයේ තිබුණ අනූෂාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ කිහිපයක්‌ දැක ගැනීමට හැකිවිය. නැවත නැවතත් එදෙස බැලූ ඇය ක්‍ෂණිකව එම පිංතූර සහ වීඩියෝ තමාගේ ජංගම දුරකථනයට දමා ගත යුතු යෑයි තීරණය කළාය. ඒ අනුව යොහාන්ටත් නොදැනෙන ලෙස ඉතා සූක්‍ෂම අයුරින් එම පිංතූර සහ වීඩියෝ සියල්ල තම ජංගම දුරකථනයට කොපිකර ගත්තාය. එලෙස කොපි කරගෙන ආපසු යොහාන්ට ජංගම දුරකථනය දුන්නේ “පුතා කිව්වා හරි මට මේ ගේම් ගහන්න තේරෙන්නෙ නැහැ” යි පවසමින්ය. ඒ අතර කාලය තුළ අනූෂාද පැමිණියාය. පැය ගණනක්‌ ඔවුහු සතුටු සාමීචියේ යෙදුණාහ.
    නුවන් අසංක ගණේමුල්ල, කොස්‌සින්න ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. හරි හමන් රැකියාවක්‌ නොමැති ඔහු ජීවත්වීම සඳහා විවිධාකාරයේ නීති විරෝධී ක්‍රියාවන්වල නිරත විය. එයට අමතරව ෆේස්‌ බුක්‌ හරහා තරුණියන් සමඟ මිත්‍රවී පසුව ඔවුන් රවටා මුදල් වංචා කිරීමටද මොහු උපන් හපනෙකි.
    නිමල්කා කුමාරි දිනක්‌ ෆේස්‌ බුක්‌ හරහා නුවන් අසංකව හඳුනා ගත්තාය. එම හඳුනා ගැනීම වැඩිකල් නොගොස්‌ ආදර සම්බන්ධතාවක්‌ බවට පෙරළුණේය. ඉන්පසු නිමල්කාගේ එකම ලෝකය වූයේ අසංකයි. අන් කාටවත් වඩා ඇය හදවතින්ම ඔහුට ආදරය කළාය. දවසේ පැය විසිහතර පුරාම පාහේ ඔහු ගැන ඉතා විමසිල්ලෙන් සොයා බැලුවාය. දිනක්‌ නිමල්කා තම පෙම්වතා වන අසංකට මෙසේ පැවසුවාය. 
    “අයියේ මම කාලයක ඉඳන් ඔයාට දෙයක්‌ කියන්න හිටියේ. හැබැයි වරදවා හිතන්න එපා”
    “ඔයා මොනවා කීවත් මම එහෙම හිතන්නේ නැහැ නංගී. දන්නවනේ මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා…”
    “එක්‌කෝ ලැඡ්ජයි අයියේ මට ඒක ඔයාට කියන්න”
    “ඇයි අනේ ඔයා මං ළඟ ලැඡ්ජා වෙන්නේ… කියන්න නංගි බය නැතිව ඕන දෙයක්‌ මට. මම ඔයාගෙනේ…”
    “ඔයාට මම කියලා තියෙන්නේ අනූෂා කියලා මගේ යාළුවෙක්‌ ගැන”
    “ඔව් මට මතකයි. ඔයාලගේ ගෙවල් ළඟ ඉන්න දික්‌කසාද වෙච්ච නීතිඥ නෝනනේ…”
    “මෙයාට ඒවනම් මතකයි හොඳට”
    “නැහැ නැහැ එහෙම මතකයක්‌ නැහැ මට. ඔයානේ නිතරම එයා ගැන කියන්නේ… ඒකෙන් වැඩක්‌ නැහැ කියන්නකො කතාව”
    “ඒ මගේ යාළුවා අනූෂාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ වගයක්‌ මගේ ළඟ තියනවා”
    නුවන් අසංක එක්‌වරම පුදුමයට පත්වූවේය. එලෙස පුදුමයට පත්වෙමින් මෙලෙස විමසුවේය.
    “ඔයාට කොහෙන්ද එයාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ”
    නිමල් කුමාරි අනූෂාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ ලබාගත් ආකාරය ගැන අකුරක්‌ නෑර ඔහුට පැවසුවාය. නුවන් අසංක එම මොහොතේම සිතුවේ මෙම නිරුවත් පිංතූර සහ වීඩියෝ භාවිත කරමින් කීයක්‌ හරි උපයා ගැනීමටය. එම නිසා ඔහු නිමල්කාට පැවසුවේ එම නිරුවත් පිංතූර සහ වීඩියෝ තමාගේ ජංගම දුරකථනයට එවන ලෙසයි. නිමල්කාද දෙපාරක්‌ නොසිතා එම පිංතූර සහ වීඩියෝ සියල්ල අසංකගේ ජංගම දුරකතනයට යෑව්වාය. 
    අසංක රෑ නිදි වරමින් එම නිරුවත් පිංතූර සහ වීඩියෝ පටවලින් කුමක්‌ කළ හැකිදැයි කල්පනා කළේය. අවසානයේ ඔහු තීරණය කළේ එම නිරුවත් පිංතූර සහ වීඩියෝ පට අදාළ නීතිඥවරියටම පෙන්වා ඇයව බියගන්වමින් කප්පම් මුදලක්‌ ලබා ගැනීමටයි. පසුදිනම ඔහු එම අදහස තම පෙම්වතිය වූ නිමල්කාට පැවසුවේය. තම හොඳම යෙහෙළිය ගැන පොඩි අනුකම්පාවක්‌වත් නොදැක්‌වූ ඇය එක පයින්ම අසංකගේ එම යෝජනාවට කැමැති වූවාය. ඇයටද වුවමනා වූයේ හොඳින් හෝ නරකින් මුදල් උපයා ගැනීමටයි. 
    අසංකගේ සැලසුම වූයේ නීතිඥවරිය බිය ගන්වා ඇයගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ තමා ළඟ තියෙන බව පෙන්වා රුපියල් ලක්‍ෂ 30 ක කප්පම් මුදලක්‌ ලබා ගැනීමයි. සැලසුමට අනුව ඇය නීතිඥවරියට දුරකථන ඇමතුමක්‌ ලබා දුන්නේය. ලබාදී මෙලෙස පැවසුවේය.
    “හෙලෝ… අනූෂා මිස්‌ද?
    “ඔව්. කතා කරනවා… කවුද ඔයා”
    “මගේ නම මිස්‌ට අදාළම නැහැ. හැබැයි මට මිස්‌ එක්‌ක ටිකක්‌ වෙලා කතා කරන්න ඕනා”
    “දන්නැති අය එක්‌ක කතා කරලා තේරුමක්‌ නැහැ. මට ඔහේලාට වගේ වේලාවකුත් නැහැ නිකන් කතා කර කර ඉන්න. ඒක නිසා කරුණාකරලා ෆෝන් එක තියන්න”
    “නීතිඥ මිස්‌ කලබල වෙන්න එපා. මේක මිස්‌ගෙ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්‌. ඒක නිසා ටිකක්‌ වෙලා මගෙත් එක්‌ක කතා කරන්න”
    “මොකක්‌ද මිනිහෝ කියන්නෙ. කියන මඟුලක්‌ තේරෙන්න කියනවා”
    “මිස්‌ගෙ නිරුවත් පිංතූර සහ වීඩියෝ වගයක්‌ මගේ ළඟ තියෙනවා”
    “මොකක්‌. තමුසෙට අමු කැවිලද මිනිහෝ…”
    “උසාවියේ වගේ සද්ද දාන්න එපා. අපි මේක ගොඩින් බේරගමු”
    “ගොඩින් බේර ගන්න දෙයක්‌ නැහැ. තමුන් යනවා මානසික රෝහලකට.”
    “මානසික රෝහලකට යන්න වෙන්නේ මට නොවෙයි මිස්‌ට. අපි මේක ගොඩින් බේරගමු. මට ලක්‍ෂ 30 ක්‌ දෙන්න. පිංතූරයි වීඩියෝ ටිකයි මිස්‌ට දෙන්නම් ආපහු”
    “තමුන්ට කොහෙන්ද මගේ නිරුවත් පිංතූර. නිකන් බොරු කියලා මිනිසුන්ව බය කරලා සල්ලි ගන්න හදන්න එපා. මම පොලිසියෙ පැමිණිල්ලක්‌ දානවා..”
    “කී පාරක්‌ කීවද බොරු නොවෙයි කියන්නේ. මිස්‌ එහෙනම් හොඳට අහගන්න. මම කියන්නම් ඒ නිරුවත් පිංතූරවල විස්‌තර අකුරක්‌ නෑරම…”
    අසංක එම නීතිඥවරියගේ නිරුවත් පිංතූර සහ වීඩියෝවල විස්‌තර එකින් එක ඇයට පැවසුවේය. එය ඇසීමත් සමඟ ඇයගේ ඉහමොළ රත්විය. තම ජංගම දුරකථනයේ තිබුණ එම නිරුවත් පිංතූර සහ වීඩියෝ එලෙස ඔහු ළඟට ගියේ කෙලෙස දැයි ඇයට සිතා ගැනීමටවත් නොහැකි වූවාය. ඇය පිස්‌සුවෙන් මෙන් දස අතේ කල්පනා කළාය. ඒ අතර අසංක සැරින් සැරේ දුරකථන ඇමතුම් ලබාදී ඇය බිය වද්දවා ලක්‍ෂ 30 ක කප්පම් මුදලක්‌ ඉල්ලා සිටියේය.
    ඇය කරන්නට කිසිම දෙයක්‌ නොමැතිව අන්ත අසරණ වූවාය. අවසානයේ ඇය නීතියේ පිහිට පැතීමට තීරණය කළාය. ඒ අනුව ඇය කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස්‌ මේ පිළිබඳව පැමිණිල්ලක්‌ දැමුවාය. වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරීහු මේ ගැන පරීක්‍ෂණ පැවැත්වූහ. 
    අසංක දිනපතා කෙටි පණිවුඩ එවමින් ඇයගෙන් කප්පම් මුදල් ඉල්ලා සිටියේය. ඒ අතර එහි පළමු අදියර ලෙස දිනයක්‌ පවසා එදිනට ලක්‌ෂ 3 ක මුදලක්‌ ඉල්ලා සිටියේය. මෙම සියලු විස්‌තර පොලිස්‌ නිලධාරීන්ටද ඇය ලබා දුන්නාය. ඒ අනුව පොලිස්‌ නිලධාරීහු ඔහුගේ දුරකථන අංකය හරහා බොහෝ විස්‌තර සොයා ගෙන තිබිණි.
    අදාළ දිනය එළැඹිණි. අසංක අනුෂාට ඇමතුමක්‌ ලබාදී පැවසුවේ සවස හයට පමණ එම මුදලත් රැගෙන කිරුළපනට පැමිණෙන ලෙසයි. ඒ වන විටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්‌ වෙස්‌වලාගෙන එම ප්‍රදේශය අවට ස්‌ථානගත වී සිටියහ. නීතිඥවරිය මුදලුත් රැගෙන කිරුළපනට පැමිණියාය. ඉන් පසු ඇයට පාමංකඩට පැමිණෙන ලෙස අසංක පැවසුවේය. ඇය සහ වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීහු එම ස්‌ථානයටද ගියහ. එහෙත් අසංක කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පැමිණියේ නැත. යළි ඔහු දුරකථන ඇමතුමක්‌ ලබාදී පැවසුවේ කුරුඳුවත්ත ප්‍රදේශයට පැමිණෙන ලෙසයි. එලෙස පැය කිහිපයක්‌ නීතිඥවරියව කප්පම්කරු රස්‌තියාදු කරවා තිබිණි. අවසානයේ ඔහු නීතිඥවරියට පවසා ඇත්තේ දැන් නිවසට යන ලෙසත්, පසුදින මුදල් ලබා ගැනීමට පැමිණෙන බවත්ය. 
    පසුදින උදාවිය. රාත්‍රී 8 ට පමණ නීතිඥවරියට යළි ඇමතුමක්‌ ලැබිණි. ඒ කප්පම් මුදල රැගෙන මරදාන ප්‍රදේශයට පැමිණෙන ලෙසයි. ඒ බව ඇය පොලිස්‌ නිලධාරීන්ටද දැනුම් දුන්නාය. ඒ යන අතරමඟ කප්පම්කරු විසින් විටින් විට ඇයට දුරකථන ඇමතුම් ලබාදී වෙනත් තැන් තැන්වලට පැමිණෙන ලෙස පැවසුවේය. අවසානයේ රාත්‍රී 10.30 ට පමණ පාමංකඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයකට පැමිණෙන ලෙස කප්පම්කරු දැනුම් දුන්නේය. වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ද කිසිවකුටත් නොදැනෙන අයුරින් නීතිඥවරිය පිටුපසින් අදාළ ස්‌ථානයට පැමිණියහ.
    නීතිඥවරිය සල්ලි දීමට සැරසෙද්දීම එම පොලිස්‌ නිලධාරීහු සැකකරුව අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සිදුවූ සියල්ල අකුරක්‌ නෑර සැකකරු පවසා තිබිණි. ඒ අනුව නීතිඥවරියගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ සැකකරුට ලබාදුන් කාන්තාව සහ ඒවා සියල්ල සී.ඩී. තැටියක පිටපත් කළ තවත් සැකකරුවක්‌ද එම නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.
    2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 7, 8 යන වගන්ති හා 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධන) පනතේ 2 (අ) වගන්ති අනුකූලව වැරැදි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් මෙම සැකකරුවන් දෙදෙනා සහ සැකකාර තරුණියව කොළඹ අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී මහෙස්‌ත්‍රාත්වරයා ඔවුන්ව රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය. 
    ප්‍රවේශම් වන්න. තම ජංගම දුරකථනයේ අතිශය පෞද්ගලික තොරතුරු ගබඩා කරගෙන සිටීම ඉතා අනතුරුදායකය.
  • සාම්ප්‍රදායක පුවත්පත් නව මගකට රැගෙන ගිය මාධ්‍යවේදී චාමර ලක්ෂාන් අභාවප්‍රාප්ත වෙයි…..

    සාම්ප්‍රදායක පුවත්පත් නව මගකට රැගෙන ගිය මාධ්‍යවේදී චාමර ලක්ෂාන් අභාවප්‍රාප්ත වෙයි…..

    සිළුමිණ සහ රැස පුවත්පතේ කර්තෘ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

    මිය යනවිට ඒ මහතා 39 වන වියේ පසුවිය.

    චාමර ලක්ෂාන් මහතා ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වලද කලක් සේවය කළේය.

  • 2020 සිහිනය වෙනුවෙන් රාජපක්ෂලා අමු අමුවේ රණවිරුවෝ පාවාදෙති (මෙන්න වාචික සහ ලිඛිත සාක්ෂි )

    2020 සිහිනය වෙනුවෙන් රාජපක්ෂලා අමු අමුවේ රණවිරුවෝ පාවාදෙති (මෙන්න වාචික සහ ලිඛිත සාක්ෂි )

    2020 ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය අමු අමුවේ රණවිරුවන් පාවාදුන් හොඳම වාචික සහ ලිඛිත සාක්ෂිය ඊයේ (29)පළ වූ අද පුවත්පතෙන් හමුවෙයි.

    අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් අදහස් දක්වමින් පවසා ඇත්තේ, “මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා.” ය. කිසිදාක රණවිරුවන් පාවා නොදෙන බවට බෙරිහන් දෙන මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමයේ මුල්‍ය සහ දේශපාලන මෙහෙයුම් අංශ ප්‍රධානියා “මුන්” ලෙස හඳුන්වා දී ඇත්තේ “සතුන් සිවුපාවුන්” නොව එදා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට දිවිහිමියෙන් කටයුතු කළ ඔබෙත් අපෙත් “රණවිරුවන්”ය. එපමණක් නොව හමුදාව “යුද අපරාධ” සිදුකළ බවට තවත් සාක්ෂියක් මෙයින් රාජපක්ෂවරයා විසින් ජාත්‍යන්තරයට ලබා දී ඇත. එය මහා පාවාදීමකි. මෙමඟින් හමුදාව උතුරේ මිනිසුන් කොහොම මරන්න ඇද්ද යන වක්‍රාකාර සැකයක් එවක රජයේ ප්‍රබලතම අමාත්‍යවරයෙකු මෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු විසින් මෙලෙස ගෙනහැර දක්වා ඇත. සැබැවින්ම මෙය හමුදාවන්ට එරෙහිව සිදුකළ සුළුපටු පාවාදීමක් නොවේ.

    මෙහිදී ඇති අනෙක් සුවිශේෂීම කරුණ නම් දුන් අණට අනුව ක්‍රියාත්මක වෙනුවෙන් හමුදාව අමු අමුවේ පාවාදෙද්දී රතුපස්වල සිදුවීමෙන් බැසිල් රාජපක්ෂ තම අතිජාත සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ බේරාගෙන ඇති ආකාරයයි.

    මේ තුලින් රණවිරුවන් සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගේ වන තක්සේරුව පැහැදිලිය. උනුන්ට ඕනෑ වේලාවට වීරයින් වීමට රණවිරුවන් කඩේ යවයි. උනුන්ට ඕනෑ විටෙක රණවිරුවන්ව දං ගෙඩියට යවයි. එදා මෙදා තුර රාජපක්ෂවරුන්ගේ කොන්ඩම් න්‍යාය රණවිරුවන්ටත් පොදු බව මෙයින් පැහැදිලිය.

    යම් මොහොතක ඇමරිකානු පුරවැසිභාවය හිමි ගෝඨාභයගේ 2020 ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් තිස් අවුරුදු යුද්ධයෙන් මාතෲ භූමිය බේරාගත් රණවිරුවන් පාවාදීමට සිදුවුවහොත් එය ඔවුන්ට ඉතා සරල පහසු කටයුත්තක් මෙන්ම එය සිදුකරන බවට මීට වඩා කුමන තවත් සාක්ෂි අවශ්‍ය නොවනු ඇත.

    මේ බැසිල් රාජපක්ෂ සිය සම්මුඛ සාකච්ඡාවේදී රණවිරුවන් සහ ශ්‍රී ලංකා හමුදාවන් පාවාදෙමින් සිදුකළ ප්‍රකාශයයි.

    “රතුපස්වල මේ පාර ජන්ද 3500 කින් දිනූම්. මම ගමට ගිහින් සමාව ඉල්ලුවා. වෙඩි තියලා තිබුණු විදියට පල්ලිය බිත්ති ඉවරයි. ඉස්කෝලේ යන ළමයි නේ වෙඩි වැදිලා මිය ගියේ. අපේ ශාඛා සමිති වල සාමාජිකයන්ගේ කකුල් විසිඑකක් වෙඩි වැදිලා කැඩිලා තිබුනා. එතකොට මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා. ඒක මහා අමානුෂික දෙයක්. ඒ වගේ දෙයක් අපේ මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කරන්න බැහැ. මම දන්න ගෝඨාභය සහ ඒකට කිසිම සම්බන්ධයක් නැහැ. මගේ ප්‍රදේශය නිසා හරිනම් මම නේ සම්බන්ධ වෙන්න ඕන. අදත් ප්‍රශ්නයක් කවුද හමුදාව එව්වේ කියලා.

    කටුනායක සිද්ධියට ගෝඨාභය සේ කොහොමටවත් සම්බන්ධ නැහැ. එක රනිල්ල දැන් ඉන්න වික්‍රමරත්න මෙතනට ඇවිල්ල වෙඩි තිබ්බේ. මම කියන්නේ ඒවා ඉස්සරහට වෙන්න බැහැ. ගස් බැඳපු එක ස්ටේජ් ගිනි තියපු එක ඒවා ආපහු වෙන්න බැහැ. ඒව තමයි පසුගිය ජනාධිපතිවරණය අපි පරාද වීමට බලපෑවේ. අපි එක්කෙනෙක් දිනවනවා. මම පාර්ලිමේන්තු ඉල්ලන්නේ නෑ ආණ්ඩු කරන්නේ නෑ. මහින්ද ජනාධිපතිතුමා නම් කිරීම පිළිබඳ තීන්දුවක් අරන් ඇති. නමුත් ගෝඨාභය රාජපක්ෂ සහ මම කතාකරලා තීන්දුවක් අරන් තිබෙනවා කවුද ඉදිරිපත් විය යුත්තේ කියලා. අපි දෙන්නගෙන් එක්කෙනෙක් නම් කරයිද කියල අපිට කියන්න බැහැ. කිසිම ආකාරයකින් අපි දෙන්න අතර ගැටුමක් ඇති වෙන්නේ නෑ.

    ඒ වගේ දෙයක් බලාපොරොත්තු වන අයට දෙයියන්ගෙම පිහිටයි. මහින්ද ජනාධිපතිතුමා ගේ මතයක් තියෙනවා ගෙස් කරන තරමට හොඳයි කියලා. එක හරිද නැද්ද කියල මම දන්නේ නෑ. කවුද අපේක්ෂකයා සහ ඔහු නම් කරන වේලාව එතුමාට තීරණය කරන්න පුළුවන්. අපට ඒ වෙලාව කියන්න බැහැ.”

  • ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

    ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

    ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… කාටත් අමතක වු තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

    2008 වසරේදි රාජපක්ෂලා විසින් වසර 20කට  සිරගත කර පසුව 2010 වසරේදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත නිදහස් කල දමිළ මාධ්‍යවේදීයෙකු වන ජෙ.එස් තිස්සනායගම් (J. S. Tissainayagam)මේ වනවිට ඇමරිකාවෙ ජිවත් වන අතර ඔහු සම්බන්ධයෙන් හාන්කවිසියක් රාජපක්ෂලාට මෙන්ම සියල්ලන්ටම අමතක වි තිබිණී.

    ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති විමේ සිහිනය බිද වැටිම පසුපස කාටත් අමතක වු කරුණක් මේ වනවිට අනවරණය කර ගැනිමට ලංකා ලීක්ස් ජාත්‍යන්තර දේශපාලන වාර්තාකරු සමත්ව තිබේ.

    ගෝඨාභය රාජපක්ෂගේ හැසිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ විමසිල්ලෙන් පසුවු අතර ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට ගෙන ඒමේ සැළස්ම 2016දි ආරම්භ වු අතර එම සැළැස්මේ ලොකුම භූමිකාව රඟ දක්වන්නේ දෙරණ හිමිකරු දිලිත් ජයවීර ය. 2016 වන විට රනිල් වික්‍රමසිංහ සමඟ සමීප ඇසුරක් පැවැත්වූ දිලිත් ජයවීර මේ සැළස්ස්මට අත තබන්නේම රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම මතය.

    පැහැදිළිව ශ්‍රිලංනීපය දෙකට බෙදන බව දැන සිටි රනිල්ට එවන් අවස්ථාවේදි මෙම කොටස් විසින් ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා අර්බුදයට ලක් කිරීමේ අවශ්‍ය විය. මන්දයත් 2016 වසරේදීම කිසිවිටක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිබව අහෝසි නොකරන බව අමෙරිකාව විසින් රනිල්ට දැනුම් දී තිබුණි.

    ගෝඨාභය භීතියට පත්කල තිස්සනායගම්

    2008 වසරේදි රාජපක්ෂලා විසින් වසර 20කට  සිරගත කර පසුව 2010 වසරේදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත නිදහස් කල දමිළ මාධ්‍යවේදීයෙකු වන ජෙ.එස් තිස්සනායගම් (J. S. Tissainayagam)මේ වනවිට ඇමරිකාවෙ ජිවත් වන අතර ඔහු සම්බන්ධයෙන් හාන්කවිසියක් රාජපක්ෂලාට මෙන්ම සියල්ලන්ටම අමතක වි තිබිණී.

    තිස්සනායගම් මේ වන විට අමෙරිකාවේ සිටින අතර ඔහු ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරනු ලැබු නඩුවක් මේ වනවිට විභාග වෙමින් පවතින අතර එම නිසා එම නඩුව අවසන් වන තෙක් ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසි බව අහෝසි නොකර සිටිමට අමෙරිකාව තීරණයකර තිබේ.

    තිස්සනායගම් භාවිතා කරමින් ගෝඨාභයට එරෙහිව පවුරක් බැදිමේ මෙහෙයුම පසුපස විශාල කාර්යභාරයක් කරලු ලැබුවේ ලංකාවේ හිටපු තානාපති රොබෝට් ඕ බ්ලෙක් විසින් වන අතර නමුත් හිලරි ක්ලින්ටන් පරාජයට පත්විමත් සමග රනිල් බියට පත්ව සිටි අතර ඊට ප්‍රධානතම හේතුව වුයේ ගෝඨාභයගේ නඩුව වෙනස් විය හැකි බැවිනි.

    රනිල්ගේ මේ බයට හේතුව වූයේ ට්‍රම්ප් පවුල සමඟ ඉතාම හිතවත් සම්බන්ධතාවයක් ලංකාවේ ධනවත් සූරූපී මෙන්ම කලාකරුවෙකුගේ භාර්‍යාවකද වන කාන්තාවක් විසින් ඇති කර ගෙන තිබිම වන අතර එම කාන්තාව පසුගිය රාජපක්ෂ යුගයේදි නිවාස සංකීර්ණ සකස් කිරීමට ගණුදෙණුවක් ඇති කර ගනීමේදි නාමල් රාජපක්ෂ සමඟ ගැටුම් කිහිපයක් පවා ඇති කර ගත් තැනැත්තියකි. එහිදි ගැටුමට හේතුව වූයේ ගෝඨාභය රාජපක්ෂට ලැබිය යුතු මුදල සම්බන්ධයෙන් වන අතර නාලක් ගොඩගේ වැනි අය සම්බන්ධවත් එම ගැටුම ඇති වි තිබුනි.

    කෙසේවෙතත් පුරවැසිබව සම්බන්ධයෙන් අමෙරිකාවේ ස්ථාවරය වෙනස් නොවුනද එය වෙනස් කරවා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ විවිධ උත්සහ කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලැබෙන උපදෙස් පිට ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට ගොස් ඩොලර් 2500ක් ගෙවා පුරවැසි බව ඉවත් කර ගැනීමේ අයදුම්පත් අත්සන් කල බවත් එය ප්‍රතිකේෂ්ප වු ආකාරය පිළිබඳවවත් අප මීට පෙර අනාවරණය කලා.

    කෙසේවෙතත් ජනාධිපති අපේක්ෂක ඇම 2017 වසරේ සිට ගෝඨාභය විසින් ගිල ගෙන ඇද ගෙන යනු ලබන අතර 2017 වසරෙන් පස්සෙ සිදු කරන වැඩ වලට තෑග්ග ලෙස දිලිත් ජයවීරට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක වැඩසටහන ලැබෙන්නේ. මහින්දගේ කීම ද නොආසා වෙනම ගමනක් ගිය ගෝඨාභය දැන් වන විට ඇනගෙන අවසන් බව තහවුරුය.

    පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇණ ගෙන රනිල් වෙතට සේන්දු වූ විමල් වීරවංශට, උදය ගම්මන්පිලට ගෝඨා සමඟ එකතු වී වැඩ කරන ලෙස රනිල් ගෙන් උපදෙස් ලැබුණි.

    මේ හේතුන් නිසා දැන් ඒකාබද්ධය පැහැදිළිව දෙදෙරා අවසාන ය. හෙට අනිද්ද වන විට ඒකාබද්ධයේ පිරිසක්ම එළියට බැසීමට නියමිත ය. ඒකාබද්ධයේ ඉන්න මන්ත්‍රිවරු බොහෝමයක් මේ වන විට විමල් වීරවංශ සමඟ සාකච්ඡා ආරම්භ කොට අවසන් වේ.

    මේ බල අරගලය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද පවුලේ ද අභ්‍යන්තරයේ අර්බුද මතු වී කල්ලිවලට කැඩී යාමත් සමග එම දේශපාලන බලවේග මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයෙන් ගිළිහී යමින් තිබීම මේ තත්ත්වයට හේතු වී තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමේ එස් බී දිසානායක සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බැසිල් රාජපක්ෂ මහතාට දේශපාලනකිව ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනු දැනුම මත වන බවට මේ වන විට කරුණු හෙළිදරව් වී තිබෙන අතර එම සිද්ධිය මගින් ඔහුගේ මේ දේශපාලන උපක්‍රමය මානව තහවුරු වී තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකයින් කිහිප දෙනකු සමග කර ඇති දේශපාලන සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙන්නේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ එම පක්ෂයෙන් එල්ල කරන දේශපාලන ප්‍රහාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමත් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයත් ඉලක්ක කර එල්ල කිරීම වැදගත් බවය.

    එහිදි ප්‍රධාන වන්නේ බැසිල් විරෝධය වේ. ඊලඟට මැතිවරණයට මාස කිහිපයකට පෙර විමල් ඇතුළු පිරිස ඒකාබද්ධයෙන් ගැලවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

  • කටමැත දොඩන කමල් ගුණරත්නගේ මිලිටරි හෙලුව පෙන්වූ ඔඩ්ඩුසුඩාන් නාටකය…

    කටමැත දොඩන කමල් ගුණරත්නගේ මිලිටරි හෙලුව පෙන්වූ ඔඩ්ඩුසුඩාන් නාටකය…

    නමුත් ඉන්දියාවේ ද හින්දු පුවත්පත සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් වාර්තා කර සිටින්නේ තලේමන්නාරම දෙමල ජාතිකයා අත් අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරොදී ගන්ජා ප්‍රවාහනය  හේතුවෙන් බවය. තලේමන්නාරම පදිකරුවාගේ නම බැස්ටියන් නොහොත් කන්දීපන් ලෙස හදුනාගෙන ඇත .

    2014 දී පෙන්වූ එල්.ටී.ටි.ඊ නව නායක ගොපිගේ නාටකය

    කේන්දර කාරයන්ගේ උපදෙස් අනුව ගිය මහින්ද 2014 අවසාන බාගයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට තීන්දු කලේය. රාජපක්ෂ පවුල් සමාගම විසින් මෙම තීන්දුව ගන්නා ලද්දේ 2014 අප්‍රියෙල් මුල් සතිය තුලදීය. මේ අතර 2014 සිංහල අලුත් අවුරුද්දට ඔන්න මෙන්න තියා පුලියන්කුලම ප්‍රදේශයේ හමුදා කදවුරු කිහිපයක නිවාඩු අවලංගු කරමින් විශේෂ මෙහෙයුමකට සූදානම් විය . 2014 අප්‍රියෙල් මස 10 දින හිමිදිරියේ හමුදා භඨයින් 2500 ක්, නිලධාරීන් 35ක් වාහන 28 ක් යොදාගනිමින් පුලියන්කුලම පොලිස් බලප්‍රදේශයට අයත් මරත්තෝඩෙයි විඩත්තල්තීවු කැලෑ ප්‍රදේශ හමුදාව විසින් වට කලේය. කොටි සාමාජිකයන් පිරිසක් මෙම කැලය තුල යලි ප්‍රතිසංවිධානය වන බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් අත්ඩංගුවට ගැනීම හෝ මරා දැමීම මෙහෙයුමේ පරමාර්ථය බව භටකන්ඩායමට දැනුම් දී තිබුනි

    මැතිවරණ ව්‍යපෘතිය වෙනුවෙන් හමුදා ඔත්තුකරුවන් බිල්ලට දීම

    2014 අප්‍රියෙල් මස 11 දින දිනමින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස පලවූයේ මෙවැන්නකි ‘‘එල්.ටී.ටී.ඊ.යේ නව නායක ගෝපී වෙඩි කා නසී, ගෝපිගේ සගයන් වන තේවියන් හා අප්පනුත් මරුට, වෙඩි හුවමාරුවේදී කෝප්‍රල්වරයෙකුත් දිවි දෙයි’’. දිනමිණ එසේ කීවද සත්‍ය කථාව අනෙකකි. කොටින්ගේ නව නායකයින් ලෙස ලේබලය ඇලවූ ගෝබි සහ ඔහුගේ සගයින් පුලියන්කුලම කඳවුරේ හමුදා ඔත්තුකරුවන් ලෙස කටයුතු කල හමුදාවෙන් වැ‍ටුප් ලැබූ පුද්ගලයන්ය. මොවුන් තිදෙනාහමුදා බුද්ධි අංශයේ කෝප්‍රල් සෙල්වරාජා කමලරාජා (776927) යටතේ සේවය කල අයවලුන් විය.

    පදවිය රෝහලට ලැබුනු මල සිරුර කාගේද?

    2014 අප්‍රියෙල්11දින අළුයම හමුදා භටයෙකුගේ මළසිරුරක් පදවිය රෝහලට බාරදී තිබුනි. මළසිරුරෙහි වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල තිබුනේය. මිය ගිය හමුදා සාමාජිකයා සම්බන්ධව හමුදාව විසින් පදවිය පොලීසියට දුන් ප්‍රකාෂ එකිනෙකට පරස්පර විය. එසේනම් ඇත්තටම සිදු වූයේ කුමක්ද ? ඇත්තටම සිදු වූයේ විඩත්තල්තීවු කැලෑ ප්‍රදේශයේ හමුදා සොදිසි මෙහෙයුම යන අතර වාරයේ හමුදා බුද්ධි අංශයේ පිරිසක් විසින් හමුදා ඔත්තුකරුවන් වූ ගෝපි,තේවියන් හා අප්පන් මරා දැමීමය. උපක්‍රමික නාටකය පිළිබඳ සත්‍යය අනාවරණය වීම වැලැක්වීමට සදහා සේවා අංක 776927 කමලරාජා ද ඝාතනය කලේය. පසුදින දිනමිණ පුවත් පත විසින් නව කොටි නායකයා ලෙස ලේබලය ඇලවූයේ මෙහි සිටි ගෝපිටය, දිවිදුන් හමුදා කෝප්‍රල්වරයා වූයේ හමුදාව විසින්ම ඝාතනය කරන ලද කමලරාජාය.මෙම නාටකයේ අරමුන කොටි භීතියක් මවාපා 2014 මැතිවරනයේදී වාසියක් ලැබීමය

    ඔඩ්ඩුසුඩාන් නාටකය

    පසුගිය දිනෙක ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී අල්ලා ගන්නා ලද බෝම්බ ත්‍රීවිලයද මෙවැනිම නාටකයකි. බෝම්බ ත්‍රීවීලය අල්ලා ගත් දිනයේම අප වාර්තා කර සිටියේ මෙය ගෝටාබයගේ තවත් ගෝනි සෙල්ලම්ක් බවය. බෝම්බ ත්‍රීවීලය සමග අල්ලගත් එක් අයෙකු හමුදාවෙන් වැ‍ටුප් ලබන බව පොලීසිය විසින් තහවුරු කර ඇත. අද දින පුවත්පත් සකච්චාවක් පැවැත්වූ කමල් ගුනරත්න සහ සරත් වීරසේකරද අත් අඩංගුවට පත්වූ අයෙක් හමුදාවෙන් වැ‍ටුප් ලබන බව පිලිගෙන ඇත . යලිත් මේ සැරසෙන්නේ කොටි භීතියක් මවාපා වැලේ වැල් නැතිව සිටින ගෝටාබයට නැගීමට පොටක් පාදා ගැනීමටය. මෙවන් ගෝනි සෙල්ලම් හිරිකිතයකින් තොරව පෙන්වන කමල් ගුනරත්නලාගේ සහ සරත් වීරසේකරලාගේ පැටිකිරිය පිලිබද ව ජනතාව විමසා බැලිය යුතුව ඇත. ජයග්‍රාහී මිලිටරි ක්‍රියාන්විතය සාජන්වරුන්ගේ සහ කෝප්‍රල්වරුන්ගේ යුද්ධයක් මිස මොවුන් කල දෙයක් නොනැති බව පෙනී යන්නේ මෙවන් තකතීරු කලකිරියාවන් නිසාවෙනි.

    කමල් ගුනරත්නට පුපුරන ද්‍රව්‍ය සමග ගන්ජා පැටලීම

    අද දින කමල් ගුනරත්න සහ සරත් වීරසේකර පැවැත්වූ එම පුවත්පත් සාකච්ඡාවේදී තවත් ආන්දෝලනාත්මක පුවතක් හෙලි කලේය. එහිදී කමල් ගුනරත්න කියා සිටියේ ඉන්දියාවේ රාමනාදන්පුරම්හිදී පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් සමග තලේමන්නාරම පදිචි දෙමල ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවය. නමුත් ඉන්දියාවේ ද හින්දු පුවත්පත සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් වාර්තා කර සිටින්නේ තලේමන්නාරම දෙමල ජාතිකයා අත් අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරොදී ගන්ජා ප්‍රවාහනය හේතුවෙන් බවය. තලේමන්නාරම පදිකරුවාගේ නම බැස්ටියන් නොහොත් කන්දීපන් ලෙස හදුනාගෙන ඇත . බැස්ටියන්ගෙන් ලද තොරතුරු අනුව උචිපුලී පොලීසිය විසින් ගන්ජා ජාවාරමට අදාල ඉන්දියන් ජාතිකයන් 4දෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇත.

    මැතිවරණ ව්‍යපෘතිය වෙනුවෙන් සංහිදියාව බිල්ලට දීම

    බැස්ටියන් ගැන දැනගැනීමට ඉන්දිය පොලිස් වාර්තා එන තුරු සිටිය යුතු නැත, මොහු ලංකාවේ නම ගිය ගන්ජා ජාවාරම් කරුවෙකි. ගන්ජා ප්‍රවාහය පිලිබදව මොහුගෙ නම කල්පිටිය පොලීසියේ කිහිප වරක් ලියවී ඇති අතර, ඒ සම්බන්දව පැවරූ නඩුවක්ද ඇත. කමල් ගුනරත්න මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පුපුරන දව්‍ය සමග ත්‍රස්තවාදී ලේබලය ඇලවූයේ නම ගිය ගන්ජා කාරයෙකුටය. මහජන මුදලින් රු ලක්ෂයක පමන විශ්‍රාම වැ‍ටුපක් ලබන මෙවන් නිලධාරීන් මේ ආකාරයේ වගකීම් රහිත ප්‍රකාෂ නිකුත් කිරීම අවාසනාවන්ත තත්වයකි. ගෝටාබයහේ 2020 කූට මැතිවරණ ව්‍යපෘතිය වෙනුවෙන් ජාතීන් අතර සංහිදියාව බිල්ලට දීම ශෝකාන්තයකි . මෙහි ප්‍රතිවිපාක ගෙවීමට සිදුවනුයේ ජාතියේ හෙටදින උපදින දුවා දරුවන්ටය

    ගන්ජා කාරයා පිලිබ්දව නිවරදිව වාර්තා කල ඉන්දියන් මාධය

    Sri Lankan Tamil arrested; two others run away

    Sri Lankan lands on Indian shore by illegal ferry, arrested

    ලියුම්කරු කීර්ති රත්නායක

  • හම්බන්තොටින් සොයාගත් මිලියන 219ක කොළඹ සරසවියේ නේවාසිකාගාරය – රාජපක්ෂලාගේ ගැහිලි මෙන්න..

    හම්බන්තොටින් සොයාගත් මිලියන 219ක කොළඹ සරසවියේ නේවාසිකාගාරය – රාජපක්ෂලාගේ ගැහිලි මෙන්න..

    කොළඹ විශ්ව විදයාලයට අයත් කාමර 100කින් යුක්ත නේවාසිකාගාරයක් හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයෙන් හමුව තිබේ.

    මේ බව හෙළිව ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවෙනි.

    මෙම වැලිගත්ත ප්‍රදේශයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ පීඨය ගොඩනැගීමට යෝජිතව තිබුණද එම පීඨය ගොඩනැගීමට පෙර රුපියල් මිලියන 219ක් වැය කරමින් මෙම නේවාසිකාගාරය ඉදිකිරීම ඉදිකර ඇති බවද පැවසේ.

    කාමර 100කින් යුත් මේ නේවාසිකාගාරයේ ඉදිකිරීම් 2013 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පසුව මෙහි ස්ථාපිත කිරීමට යෝජිත කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජෛව තාක්ෂණ පීඨය ස්ථාපිත නොකිරිමට තීරණය කිරීමත් සමඟ මෙම නේවාසිකාගාරය ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගත නොහැකි සුදු අලියෙක් බවට පත්වී ඇත.

    ජෛව තාක්ෂණ පිඨයක් ස්ථාපිත කිරීමට පෙර නේවාසිකාගාරයක් ඉදිකිරීම බරපතල ගැටළුවක් බව රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාවේ නිර්දේශවල සටහන්ව තිබේ.

    මේ ඉදිකිරීම පිටුපස එවකට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිනිය වු ෂණිකා හිරුකුඹුරේගම මහත්මිය හා ඇගේ සැමියා වු කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති කුමාර් හිරුකුඹුරේගම මහතා ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

    ඔවුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටුවෙන් කටයුතු කළ අය වෙති

  • ආයුධ පෙන්නන්න ගිහින් පොලිස් වෙඩි පහරින් මියගිය චාමරගේ අවසන් කටයුතු කෙරුණු හැටි (වීඩියෝ)

    ආයුධ පෙන්නන්න ගිහින් පොලිස් වෙඩි පහරින් මියගිය චාමරගේ අවසන් කටයුතු කෙරුණු හැටි (වීඩියෝ)

    මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා පසුගියදා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වුණා.
    ඒ ඔහු විසින් පොලීසිය වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළ අවස්ථාවේ පොලීසිය සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන්.
    මෙලෙස ජීවිතක්ෂයට පත් චාමර ඉන්ද්‍රජිත් සහ දැනට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන කොස්ගොඩ තාරක නමැත්තා පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් ඝාතන රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි පුද්ගලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
    මාතර ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් අතර එම අලෙවිසල ඉදිරිපිට මහාමාර්ගයේ වෙඩිහුවමාරුවක් සිදු වූ අතර එම සිදුවීමට අදාළව ආරක්ෂිත කැමරාවල සටහන් වූ තවත් දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා.
    මේ අතර මෙම කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වන වේයන්ගොඩ පදිංචි තලුක්කුවේ කම්කානම්ගේ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා සිදුවීමෙන් පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනුණේ හුණුකොටුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීය.
    ඔහුගේ අවසන් කටයුතු මේ අයුරින් සිදුකර තිබුණා.

  • කුපාම මහින්ද රාජපක්ෂ හොංක‍ොං රජයටත් කෝටි 10ක් වංචා කරලා…. ඇත්ත කතාව ම‍ෙන්න….

    කුපාම මහින්ද රාජපක්ෂ හොංක‍ොං රජයටත් කෝටි 10ක් වංචා කරලා…. ඇත්ත කතාව ම‍ෙන්න….

    ප්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූරයෙක්ගේ මාර්ගයෙන් ශ්‍රි ලංකාවේ හොංකොං මහකොමසාරිස් කාර්යාලයක් ආරම්භ කිරිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කළ බව නොරහසක් නොවේ.

    මෙම කාර්ය්‍ය එම ධාවන ශූරයාට ලබා දීමට මහින්ද උත්සාහ කර තිබෙන්නේ චීනය සමග ඇති තම සුහදතාවය පලුදු වේ යැයි බියෙන් බව වාර්තා වේ.ජාත්‍යන්තර දේශපාලනය තුළ හොංකොං රාජ්‍ය්‍ය සහ චීනය එදිරිවාදින් ලෙස කටයුතු කරයි.

    මෙම ගනුදෙනුවට අදාල කෝටි 10ක මුදල 2010 ජනාධිපතිවරණයට ඡන්ද අල්ලසක් වශයෙන් මහින්ද රාජපක්ෂ ලබා ගත් අතර එම මුදලින් කෝටි 02ක් පමණ අදාල ධාවන ශුරයාට ලබා දීමට රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි.

  • ජනපති මෛත්‍රි නියමයෙන් අලි මිනිස් ගැටුමට කඩිනම් විසදුම්….. අලිවැට කඩිනම් කිරිමේ තින්දුවක්

    ජනපති මෛත්‍රි නියමයෙන් අලි මිනිස් ගැටුමට කඩිනම් විසදුම්….. අලිවැට කඩිනම් කිරිමේ තින්දුවක්

    පවතින අලි වැට වලට අමතරව දිවයින පුරා අලූතින් ඉදිකළයුතු කි.මි 2500 ක් වන අලි වැට ඉදිකිරීම් ක‍්‍රමවත් වැඩපිළිවෙළක් ඔස්සේ කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ අලි වැට නඩත්තු කටයුතු පිළිබඳ ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාකදී.

    අලි මිනිස් ගැටුම වළක්වා ගැනීමේදී අලි වැට නිසි පරිදි නඩත්තු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා අඩුපාඩු සහිත සහ අකි‍්‍රය වී ඇති විදුලිවැට කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළේය.

    අලි වැට නඩත්තු කටයුතු වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 1860 ක් මේ වන විට යොදවා තිබෙන අතර, දිවයින පුරා පවතින අලි වැට කි.මි හාරදහසක් පමණ වන ප‍්‍රමාණය වෙනුවෙන් එම පිරිස ප‍්‍රමාණවත් නොවන බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.

    ඒ අනුව ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේ එම පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙසයි.
    එම සේවාවේ යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් වෙනුවෙන් ආහාර වියදම් සඳහා දිනකට ලබාදෙන දීමනාව අඛණ්ඩව ඉදිරියට ලබාදීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා, ඔවුන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නා.

    තිරසර සංවර්ධන, වනජීවි සහ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා, තිරසර සංවර්ධන වනජීවි සහ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ඇතු`ථ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම හමුවට එක්ව සිටියා.

  • සුදු රෙදි කෑල්ලක් උඩ රතු පාට ලේ ටිකක් නිසා අහිමි වු තනිකඩ ප්‍රේමවන්‍තයෙක්ගේ ආදර අවනඩුව…

    සුදු රෙදි කෑල්ලක් උඩ රතු පාට ලේ ටිකක් නිසා අහිමි වු තනිකඩ ප්‍රේමවන්‍තයෙක්ගේ ආදර අවනඩුව…

    තනිකඩ ප්‍රේමවන්‍තයෙක්ගේ ආදර අවනඩුව
    ( කෙටිකතාවකි)

    කළුවර පාට දිග කොණ්ඩ කිරිල්ලියක් ,ඒ මදිවට කකුල් දෙක ලගට ගෑවෙන තරම් දිගක් , ඒ වගේ කොණ්ඩ අයිතිකාරියකට නිල්පාට ඇස් දෙකක් ඒ ඇස් වල බැල්ම පරදින ශ්වේත සුන්දරත්වයක්… 

    මේවගේ කෙල්ලො සුජීව ප්‍රසන්න ආරච්චිගෙ සුරංගනා කතාපොත් වලයි සිහින ආදර කතාවලයි විතරයි තියෙන්නෙ.. ඒ මම හිතන් හිටපු විදිහයි

    හැබැයි එයාව හම්බෙනකම් විතරයි …

    # එක්ස්කියුස්මී ටයිම් ප්ලීස්
    ( කරැණාකරල වෙලාව කියන්න පුළුවන්ද )

    # ෆෝ ෆිෆ්ටීන්

    ගෝල්ෆේස් බංකුව උඩ ඉදපු මගෙ කල්පනාව බින්ද තරහ නිසා මම මූණවත් නොබල කියල දැම්ම…

    # තැන්ක්ස් මිස්ටර් …..

    අහ් පට්ට වෙයිස් එකක්… ඒ නිසාම මගෙ ඇස් කන්ට්‍රෝල් නැති උන දේ අහන්නත් දෙයක්ද…

    වාව්…. පිස්සු හැදෙනවා……..

    # කවුරැත් නැත්තම් මම මෙතනින් වාඩි වෙන්නද..

    එයා අහද්දි මටම ළැජ්ජ හිතුන ඇඹලය වගේ බලන් ඉදිය නිසා… මට වටපිට බැලුනෙ නිකමට… අපි ලගම ඕන තරම් බංකු තියනව කවුරැත් නැති….

    # ම්ම්ම්ම්ම්ම් ඒකට කමක් නෑ මිස් බට් ඕන තරම් බෙන්ච් තියනව කවුරැත් නැති….

    # මෙච්චර සෙනඟ ගොඩක් ලග මට තනි වෙන්න ඕන්නෑ මිස්ටර්

    එයා එහම කියාන වාඩි වෙද්දි මට ඒ වචන වලට එහා බලන්න දේවල් තිබ්බ නිසා වචන ටික අමතක කරා…

    එකපාරට සිය පාරක්ම මම ඒ සුන්දරත්වය ඇස් වලින් විදගත්තා…. දහස් වතාවක් මුහුදු හුලග එක්ක ඔට්ටු උනා ඒ සුවද ලුණු රහින් වෙන් කරගන්න…

    # තැන්ක්ස් මිස්ටර් ….

    ගෝල්ෆේස් පිට්ටනියෙ විදුලි බුබුළු දැල් වෙන මොහොතක එයා කීවා

    # ෆෝ වට්

    මම පුදුමයෙන් ඇහුව

    # තනි කරපු නැති නිසා….

    එයා එහම කියද්දි අහේතුක කිතියක් හදවත පුරාවට දිව්වා…

    # මිස්ටත් තැන්ක්ස්

    මම එහම කියද්දි ඒ ඇස් අමුතු උනා

    # ඒ මොකටද …………….

    # ඒවා රහසක්… ආපහු හම්බුනොත් කියන්නම්කෝ… පරිස්සමෙන් යන්න බුදුසරණයි ….

    ජීවිතේ පලවෙනි පාරට හිතට එකග නොවී මම නැගිට්ටා.. හිත නම් කීවෙ දාල යන්න එපා කියපු ඒ ඇස් දෙක මග හැරල මම යන්න ගියා….

    බස් එකේදි පාරෙදි ඒ වගේම හැම තැනදිම එයාව හොයන එක පුරැද්දක් උනේ මට නොදැනීමයි.. සිය දහස් පාරක් මම මටම ශාප කරගත්තා .. එදා හවස එයාව මගහැරැණ නිසා…
    නෑ මගහැර ගත්ත නිසා….

    # හායි

    ජීවිතේ එපාවෙලා තිබුන දවසක හිතුවෙත් නැති විදිහට fb එකේ මැසේජ් එකක් සටහන් වෙලා තිබුනා…

    # හායි… ඩූ යූ නෝ මී ( ඔයා මාව දන්නවද )

    ආගන්තුකකාරිට රිප්ලයි කරන ගමන් මම ප්‍රොෆයිල් එක චෙක් කරේ අයිඩියා එකක් ගන්න… ඒත් ඒක ෆේක් එකවුන්ට් එකක්…

    # මම ඔයාව දන්නෙ නෑ ඒත් මං ඔයාව දන්නව….

    ටික වෙලාවකින් රිප්ලයි එකක් ආවත් ඒක ප්‍රෙහෙලිකාවක් උනා….

    ඔහොම පටන් ගත්තු ආගන්තුකකාරිට මම දවසින් දවස ආදරේ කරන්න පටන් අරන් තිබුනේ මටත් නොදැනීමයි…

    # මම ඔයාට ආදරෙයි මැණික

    ඉවස ගන්න බැරි උන දාක මම එහම කීවා….

    ජීවිතේ කිසිදාක දැකල නැති අදුරන් නැති කෙල්ලෙක්ට මම ජීවිතේ පලවෙනි පාරට කීවා

    # මට සමාවෙන්න මම ඔයාට එහම බලාපොරොත්තු වෙන විදිහට හැසිරැනාද අයියෙ….

    එයා අහද්දි මට පුදුම හිතුනා… පුදුමයටත් වඩා ලැජ්ජා හිතුනා… මම එහම දෙයක් ඇහුවෙ ඇයි කියල…

    ඒත් දවසින් දවස එයා මාව මගහරිද්දි මටම දැනුනා මාව ටිකෙන් ටික මැරිල යන හැටි….

    # මැණික ……

    # ම්ම්ම්ම්ම්ම්ම්ම්

    # ඔයා මට පොඩ්ඩක්වත් ආදරේ නැද්ද මැණික

    # මම ඔයාට ආදරෙයි අයියේ…..

    # එහනම් ඔයා මාව මගහරින්නෙ ඇයි???

    # මගෙ ආදරේ වෙනස් දෙයියනේ.. තේරැම් ගන්න… මම ඔයාට ආදරේ අප්පච්චි කෙනෙකුට දුවෙක් ආදරේ කරනව වගේ… අයිය කෙනෙකුට නංගි කෙනෙක් ආදරේ කරනව වගේ

    # ඒත් මට ඕනේ ඔයාව එහම නෙමෙයි සුදු මැණික

    # අපරාදේ අයියෙ මම ඔයාට මැසේජ් කරේ… එහම කරානම් මෙහම වෙන්නෙ නෑනේ….

    එයා එහම කියද්දි මගෙ පපුව වෙනදට වඩා රිදුන…..මොකද මම ආදරේ කරපු නිසා… ඔය විදිහට ගෙවුන දවස් ගාණකට පස්සෙ එක දවසක්

    # සුදු මැණික උම්ම එකක් දෙන්නකො……

    මම ඉල්ලුවේ හම්බෙයි කියන බලාපොරොත්තුවෙන් නෙමෙයි හිත රවට්ට ගන්න ඕනෙ නිසයි…

    # උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාමාමා….

    ජීවිතේ හිතපු නැති දවසක එයාගෙ පලවෙනි උම්ම එක මට හම්බුනා…. ඒක මට මහ මෙරක් වගේ උනා…

    # මට ඔයාව ඕනේ සුදු මැණික … හැමදාටම

    හිත ඇතුලෙ දහසක් බලාපොරොත්තු තියන් මම කීවා..

    # මට ඒක කරන්න බෑ දෙයියනේ…

    # ඒ ඇයි සුදු මැණික

    # මම වෙන කෙනෙක්ගෙ වෙලා ඉවරයි අයියේ…

    # කමක් නෑ නංගී ඒ පරණ ජීවිතේ අමතක කරමු අපි

    # ඔයාට තේරෙන්නෑ දෙයියනේ.. මම පිරිසිදු කෙල්ලෙක් නෙමෙයි

    # ඒ කීවෙ

    # මගෙ වර්ජින් එක නෑ අයියේ

    ජීවිතේ මම කවදාවත් එහම වචන ටිකක් එයාගෙන් අහන්න හිතුවෙ නෑ… මටත් හොරාට ඇස් වලින් කදුළු කඩන් වැටුන…

    # කමක් නෑ නංගියේ මට ඕනේ ඔයා විතරයි …

    # ඒත් මම කොහොමද දෙයියනේ එයා ගැන හිත හිතා ඔයාගෙ වෙන්නෙ…

    # මාව දාල යන්න එපා සුදු මැණික මම මැරෙයි …

    පලවෙනි පාරට මටම මම අසරණයි කියල තේරැනා…

    # ඔයාට මාව තේරෙන්නෑ. මම ඔයාගෙ ජීවිතේට එන්නෙ නෑ.. මම යනව … මට සමාවෙන්න අප්පච්චි ….

    එහම කියපු එයා යන්න ගියා… මාව තනිකරල යන්න ගියා… එයා අන්තිමට ෆොටෝ එකක් එවල තිබුනා … ඒ තමයි මගෙ ෆේස්බුක් ප්‍රේමවන්තිව මම දකින පලවෙනි දවස…

    ඒ වෙන කවුරැත් නෙමෙයි ජිවිතේ හැම තප්පරේම මම හොයපු ඒ ඇස් දෙක තමා ඒ… ඒ එයාමයි… ඒත් එයාට මගෙ නම කොහෙන්ද… ලොකු ප්‍රශ්නයක් ඉතුරැ කරල එයා යන්න ගියා….

    කන්න ගත්තු බත් කට කාගන්න බැරිව බල්ලට දාන තරමට මම දුර්වලයෙක් උනා…

    රෑ පුරාවට ඇහරිලා එයා ඔන්ලයින් එයිදො බලන තරමට මම පිස්සෙක් උනා…

    ජීවිතේ හැම තප්පරේම ෆෝන් එක අතේ තියන් එයාව හොයපු හිරකාරයෙක් උනා…

    වරැ ගනන් මහ රෑට ලෝකෙටම හොරෙන් අඩන බොලඳ ප්‍රේමවන්‍තයෙක් උනා…

    අන්තිමට ඒ පිස්සුව කොච්චරක්ද කියනවනම් කාටවත් කියාගන්න බැරිව දුක හිතේ තියන් බෙහෙත් බොන මානසික ලෙඩෙක් උනා මම

    මම අදටත් මගේ කතාව කාටවත් කියාගන්න බැරිව අඩනවා … කටක් ඇරල කාට කොහොම කියන්නද දෙයියනේ මේක…

    සුදු රෙදි කෑල්ලක් උඩ රතු පාට ලේ ටිකක් හොයන අවුරුදු 2500 ක සංස්කෘතියට මම අදත් සාප කරනව

    කාමරයක් ඇතුලෙ මගෙ කෙල්ලව ගෑණියෙක් කරල දාල ගියපු ඒ නරැමයට මම අදටත් සාප කරනව

    තමන්ගෙ හැගීම් වලට වහල් උන කෙල්ලට මම අදටත් වෛර කරනවා…

    දෙයියනේ ඇයි ආදරේ කරපු වරදට මට මෙච්චර දඩුවමක් දුන්නෙ… ඇයි එයාට තේරැම් ගන්න බැරි උනේ මගෙ හිත.. ඇයි එයාට බැරි උනේ මගෙ වෙන්න… ඇයි එයා හිතුවෙ රතු ලේ ටිකකින් මම සැනහෙන එකෙක් කියල…

    නෑ සුදු මැණික …

    ලේ ටිකක් ඉල්ලන එකෙක් නෙමෙයි මම.. ඒක ඔයාට තේරැම් ගන්න තිබ්බ..

    ඔය අත් වලින් අල්ලන් ලංකාව වටේ යන්න හිතපු හීන උඹ මරල දැම්ම……..

    ඔය පපුවෙ තුරැල් වෙලා ආදරේ හොයන්න හිටපු ආදරවන්තයාව උඹ මරල දැම්මා….

    ජීවිතේ පුරාවට ඔය ඇස් වලට හිටපු මාව කළුවරක තනිකරා……

    සුදු මැණික මගෙන් මුකුත් අහන් නැතුවම උඹ මාව වැරදි කාරයෙක් කරල ආදරේ කරපු වරදට මාව වැරදි කාරයෙක් කරල මගෙ නින්ද සැනසීම උදුරන් මුකුත් නැති පිස්සෙක් කරා…

    තරහ නෑ සුදු මැණික අද වගෙම හෙටත් ජීවිතේ පුරාවටමත් මම බලාන ඉන්නව… උඹ ඒවි කියල…

    ඒ දවස වෙනකම් මේ පිරිමි ඇස් වල කදුල නොනවතීවි
    😭
    😭
    😭
    😭
    😭
    රෂ්මිත ඩිල්ෂාන්

    ජීවිතේ පලවෙනි පාරට මෙහෙම දෙයක් අකුරැ කරන්න හිතුනේ සමාජ සම්මතයන් නිසා පීඩා විදින්නේ ගැහණුන් පමනක් නොවන බව පෙන්වීමට හා හැමදාම තනි වෙන්නෙ කාන්තාවන් පමණක් නොවන බව පෙන්වීමටයි…

    අහිමි ප්‍රේමයක් නිසා අඩන පිරිමි ජීවිත ඕන තරම් අහන්න දකින්න තියනවා… හැබැයි ඒ කදුලු වලට සමාජයේ වටිනාකමක් නෑ.. තියෙන්නෙ සමච්චලයක් …..

    පුළුවන් නම් ශෙයාර් කර තවත් පිරිමි කඳුළක් නවත්තන්න .. බුදුසරණයි

     — තනිකඩ හිත් දැනෙමින්.

  • ජනපති විශේෂ නියෝගය‌ෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට…..!

    ජනපති විශේෂ නියෝගය‌ෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට…..!

    ජනපති විශේෂ නියෝගය‌ෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 138 කින් පහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක් වන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක කොළඹ දිස්ත්‍රික්කය තුල නව මිල වන්නේ රු. 1538 කි.

    පසුගිය් අප්‍රේල් 27 වනදා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 245 කින් මිල ඉහල ගියා. ඉන් මාස 02 කට පසුවයි අද දිනයේ ගෑස් මිල පහත දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය ගෑස් සමාගම් සඳහා නියෝග කරනු ලැබුවා.

  • සහෝදරයින් දෙදෙනාට දඬුවම් කරන්න එපා…. සං‌‌වේදී  ලිපියක් ලියා යුද හමුදා සෙබලෙකු අවසන් ගමන් යයි!

    සහෝදරයින් දෙදෙනාට දඬුවම් කරන්න එපා…. සං‌‌වේදී ලිපියක් ලියා යුද හමුදා සෙබලෙකු අවසන් ගමන් යයි!

    යාපනය අරාලි ප්‍රදේශයේ පිහිටි 17 වන ගැමුණු හේවා බළකා කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබලෙකු ඊයේ (28දා) රාත්‍රියේ සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි ව කයිට්ස් පොලීසිය පවසයි.

    මෙම යුද හමුදා නිලධාරියා සිය මුර සේවයේ යෙදී අවසන් වූ අවස්ථාවේදී ගසක් මුලට ගොස් විනාඩි 15 කට පමණ පසුව යුද හමුදා සෙබළාගේම ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියිදිවි හානි කොට ගෙන ඇති බව කයිට්ස් පොලීසිය පවසයි.

    මෙසේ සිය දිවි හානි කොට ගෙන ඇත්තේ 24 හැවිරිදි ජේ.එස්.ආර්. උදයකුමාර් වන අතර ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචිවූවෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

    කයිට්ස් පොලිස්  නිලධාරීන් විසින් මිය ගිය යුද හමුදා සෙබලා පරික්ෂා කිරීමේදී සෙබලාගේ නිලඇඳුමේ සාක්කුවක ලිපියක් තිබූ අතර එහි ලියා ඇත්තේ ඔහු සමග රාජකාර සිදු කළ සෙබලුන් දෙදෙනාට දඩුවම් නොකරන ලෙසත් ඔවුන් කිසිවෙක් මෙයට සම්බන්ධ නොමැති බවත්ය.

  • චයිනා හාබර් 2015 මහින්දට දුන්න කෝටි 112 එමීර් රාජ්‍යයේ තැන්පත් කරලා..? රහසිගත තොරතුරක් කරලියට..

    චයිනා හාබර් 2015 මහින්දට දුන්න කෝටි 112 එමීර් රාජ්‍යයේ තැන්පත් කරලා..? රහසිගත තොරතුරක් කරලියට..

    හම්බන්තොට වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට චයිනා හාබර් ආයතනය විසින් මහින්ද රාජපක්‌ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ලබාදී ඇතැයි කියන රුපියල් කෝටි 112 ක මුදල එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ තැන්පත් කර ඇතිදැයි දැනගැනීමට ආණ්‌ඩුව එම රටවලින් විමසීමක්‌ කර ඇත.

    යහපාලන ජාතික රජයේ තීරණයකට අනුව සහ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බව කියන මෙම මුදල් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තිබෙන බවට ලද තොරතුරු මත විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් එම විමසීම කර ඇත. 

    එලෙස මුදල් ලබාදුන් බවට නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත කළ ප්‍රසිද්ධ අනාවරණයකින් පසුව පැවැත්වූ පුළුල් පරීක්‌ෂණයක්‌ අනුව මෙම තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය. 

    රජ්‍ය මට්ටමින් අනාවරණය කරගනු ලැබූ තොරතුරු මත රාජපක්ෂ ආණ්ඩුවේ මැතිවරණ ව්‍යපාරයට මුදල් දීමට මුල් වූ චයිනා හාබර් සමාගමේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකු යළි චිනයට හරවා යැවීමට ද ජාතික ආණ්ඩුව පියවර ගෙන ඇත.

  • මම ඇමති පාලිත ගහපං මට සැලියුට්….. තෙවරප්පෙරුමගේ රෙදි බුකියෙදී ගැලවෙන හැටි ම‌ෙන්න (ඡායාරූප)

    මම ඇමති පාලිත ගහපං මට සැලියුට්….. තෙවරප්පෙරුමගේ රෙදි බුකියෙදී ගැලවෙන හැටි ම‌ෙන්න (ඡායාරූප)

    සූරියවැව ප්‍රදේශයට ගිය වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අතර පසුගිය දා ඇති වූ සිදුවීම පිළිබඳ උණුසුම තවමත් පහව ගොස් නැහැ.

    විශේෂයෙන් සමාජ ජාල අතර නියෝජ්‍ය අමාත්‍යවරයා විවේචනය කරමින් තවමත් විවිධ දෑ පළ වෙමින් පවතිනවා.

    මෙම සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන නිර්මාණ වලින් කිහිපයක් මේ..