Category: සුපිරි Walks

  • තහනම් ප්‍රශ්න පත්තරයක උත්තර හොයමින් එදා සිල් බිදගත්ත නදීෂා කරපු අළුත්ම වැඩේ මෙන්න…

    තහනම් ප්‍රශ්න පත්තරයක උත්තර හොයමින් එදා සිල් බිදගත්ත නදීෂා කරපු අළුත්ම වැඩේ මෙන්න…

    නදීෂා හේමමාලිගේ විවාහයෙන් පසුව වැඩිය ඇය ගැන කතා බහ කරන්න ලැබුණේ නැහැ. නමුත් දැන් නැවතත් ඇය ගැන බොහෝ දෙනා කතා වන්නේ සංකල්ප දසනායකගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වී මේ දිනවල තිරගත කෙරෙන යම රජ සිරි චිත්‍රපටය නිසයි. එහි ධනවත් පවුලක එකම දියණිය ලෙස ඇය චරිතයකට දායකව සිටින්නීය.
    මේ කාලයකට පසුව එලෙසින් අප හමුවට එන නදීෂා කතාබහකට ලක් වූ අයුරුයි.

    නදීෂා පෙනෙන්නට නැහැ. ඒත් කාර්යබහුලයි වගේ ?
    ඔව්. ජූලියා චිත්‍රපටයෙන් පසුව තමයි යම රජ සිරි චිත්‍රපටය සමග එක් වුණේ. එහි ප්‍රවර්ධන කටයුතුවලට දායක වෙනවා. පසුගිය වසර කීපයකට පසුව එක් වූ ප්‍රථම ප්‍රහසන චිත්‍රපටය මෙයයි.

    ජූලියාගෙන් පසුව චිත්‍රපටයකට රගපෑවේ නැද්ද ?
    ඉන්දීය තෙළිගු චිත්‍රපටයක රගපෑවා. එය ඉන්දියාවේ දී තිරගත වුණා.

    එය ලංකාවේ තිරගත වුණේ නැද්ද ?
    මෙහි තිරගත කරවීමට මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉදිරියේදී අපි ඒ ගැන බලමු.

    කොහොම ද යම රජ සිරිට ලැබෙන ප්‍රතිචාර ?
    හොද ප්‍රතිචාර ලැබෙන්නේ. දැනට බොහෝ දෙනා එය නරඹා රස විද ඇති බව පෙනෙනවා. පවුල් පිටින් ගිහින් ආදරයෙන් රස විදින බව පෙනෙනවා. බන්දු ටෙනී විකට රජුන් දෙදෙනා සෑහෙන කාලයකට පසුවයි මෙලෙසින් චිත්‍රපටයකට එකට එක්ව සිටින්නේ.

    ඔබට පුද්ගලිකව ලැබෙන ප්‍රතිචාර මොන වගේ ද ?
    මගේ ප්‍රථම ප්‍රහසන චිත්‍රපට අත්දැකීමයි. ප්‍රහසන චිත‍්‍රපටයක් වුණත්, මගේ චරිතය එහි වෙනස්. ධනවත් පවුලක එකම ගැහැනු දරුවා ලෙස තමයි මම රගපාන්නේ. එකම දේ ටෙනිසන් බන්දු නමැති වත්මන් සිනමාවේ විකට රජුන් දෙදෙනා එක්ක එකට රගපාන්න ලැබීමම. හරි අපූරු අත්දැකීමක් වුණා. සමහර අවස්ථාවලදී හිනාව නවත්වා ගන්න බැරිව මම හරි අපහසුතාවට පත් වුණා. බන්දු ටෙනීගේ සටන් ජවනිකා එහෙම දැකලා බට පැළෙන තරමට හිනා.

    ටේක් එකේදි යම රජ සිරි නිල්නයනි චරිතය සහ සැබෑ ජීවිතයේ ඔබ අතර වෙනස ගැන කතා කළොත් ?
    එයා ධනවත් පවුලක තරුණියක ලෙස හැමෝටම උදව් කරනවා. පවුලේ එකම දරුවා. සැබෑ ජීවිතයේ මගේ චරිතය හා ඒ චරිතය වෙනස්. මම වෘත්තීය රංගන ශිල්පිනියක්. සැබෑ ජීවිතයයි ඒ චරිතයයි අතර තියෙන්නේ ලොකු වෙනසක්. චිත්‍රපට ක්‍ෂේත්‍රයේදී මේ විදියට විවිධ රසාස්වාදය ඇති චිත‍්‍රපට වගේම චරිත රගපෑමටත් ඉතින් චරිතය කුමක් වේවිද කියලා කියන්න බැහැ. හැබැයි රංගනයේදී එදා ඉදලාම මට අවශ්‍ය වුණේ චරිතාංග රංගන ශිල්පිනියක ලෙස කටයුතු කිරීමටයි.

    ටෙලිනාට්‍යවලදීත් ප්‍රහසන චරිතවලට ආරාධනා ලැබුණා ද ?
    විවිධ චරිතවලට ආරාධනා ලැබුණා. නමුත් මට තියෙන ලොකුම ප්‍රශ්නය වුණේ දුර බැහැර ප්‍රදේශවලට ගිහින් දීර්ඝ කාලයක් රුදී සිටීමේ මැලිකමයි. අදටත් ඒ මැලිකම මට තියෙනවා. නමුත් චිත්‍රපටයකදී එය වෙනස්. එය නවත්වා ගන්නේ බොහෝම අසීරුවෙන්. ඇත්තටම ඒ ප්‍රහසනය සියැසින් රූගත කිරීම්වලදී දැකලා මුලින්ම හිනා වුණේ මම. ඉතින් ප්‍රේක්ෂකයන්ට මෙය රස සාගරයක් කියලයි මට හිතෙන්නේ. මේ විනෝදාස්වාද චිත්‍රපටයේ සුරාජ් මාපා ගරු රගපෑමක් කරනවා. ඒ ගැනත් සිහිපත් කරන්න ඕනෑ.

    නදීෂා මේ ප්‍රබෝධයත් එක්ක දිගටම ප්‍රහසනවල රගපාවි ද ?
    මගේ වෘත්තීය රංගනයයි. මම හරි ආසයි. නියමාකාර ස්වයංපෝෂිත සිනමාවක් බිහි වන්නේ එවිටයි.

    නදීෂාගේ ගෙවී යන ජීවිතේ කොහොමද ?
    හොදයි, සුන්දරයි ජීවිතයේ ගෙවෙන සෑම තත්ත්පරයකදීම එය අර්ථවත් කර ගැනීමට පුළුවන් නම්. ජීවිතය අපට දැනේවි. එකාතකට ජීවිතය කියන්නේ හරිම අමුතු ප්‍රශ්න පත්තරයක්. නමුත් අදහන ආගම දහමට අනුව ජීන්‍ත් වුණොත් ජීවිතය මොකක්ද කියලා වටහා ගන්න පුළුවන් වේවි. ජීවිතය මොකක්ද කියලා වටහා ගන්න පුළුවන් එකම දේ තමයි ආගම දහම වටහා ගැනීම.




      

  • දෙව්මි-අවන්ත ආදර අන්දරය නැගලා යද්දී දෙවෙනි ඉනිමේ තවත් පෙරලියක්…ආනන්දත් ඉවතට..?

    දෙව්මි-අවන්ත ආදර අන්දරය නැගලා යද්දී දෙවෙනි ඉනිමේ තවත් පෙරලියක්…ආනන්දත් ඉවතට..?

    “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයේ රවී ප්‍රනාන්දුගේ හදිසි මරණය රට තුළ ලොකු කතා බහක් ඇති කළා. එම චරිතය රගපෑ බිමල් ජයකොඩි දෙවෙනි ඉනිමෙන් ඉවත්වීම නිසා ඔහු රගපෑ චරිතය මරා දැමූ බවත්, බිමල්ගේ ඉවත්වීමත් ගැනත් බොහෝ අය බොහෝ දේ පැවැසුවා.

    එය අතරේ එහි ආනන්දගේ චරිතය රගපාන “ධර්මප්‍රිය ඩයස්” දෙවෙනි ඉනිමෙන් ඉවත්ව යන්නට සැරසෙන බවට තවත් ආරංචියක් පැතිර යමින් පවතිනවා. අපි ධර්මප්‍රිය ඩයස්ට කතා කළේ ඒ ආරංචියේ ඇත්ත නැත්ත හරි හැටි දැන ගන්නයි.

    ඔබ “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයෙන් ඉවත් වන්නට යන බවට ආරංචියක් මේ දවස්වල පැතිර යනවා. මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත ?
    ඇත්තම කියනවා නම් මගෙනුත් හුග දෙනෙක් ඔය ගැන අහනවා. ‘කවුද ඕක කිව්වේ’ කියලා මම ඒ අයගෙන් ඇහුවාම “ඔය වෙබ් සයිට්වල තියෙන්නේ” කියනවා. කවුරු මේ කතා හදනවද කියලා නම් මම දන්නේ නැහැ.

    ඒ කියන්නේ මේ ආරංචිය බොරුවක් ?
    ඔව්. බොරුවක් මම ඔය විදියේ කිසිම තීරණයක් අරගෙන නැහැ.

    රවීගේ මරණය හා බිමල්ගේ ඉවත්වීම ගැන මොකද කියන්න තියෙන්නේ ?
    (හිනැහී) බිමල්ගේ ඉවත්වීම නිෂ්පාදන අංශයෙන් හා බිමල්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. ඒක මට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඉතින් දෙවෙනි ඉනිම නරඹන ප්‍රේක්ෂකයෙක් වශයෙන් නම් රවිගේ මරණය මට කම්පනයක් ඇති කළා. රවී දිගටම දෙවෙනි ඉනිම තුළ හිටියා නම් කියලත් හිතුණා. එහෙම හිතුනේ නාට්‍යයට සම්බන්ධ ශිල්පියෙක් විදියට නෙවෙයි. නාට්‍ය නරඹන රසිකයෙක් විදියටයි.

    දෙවෙනි ඉනිම කොටස් 1000කට පමණ දික් කරන්නට යන බව එහි අධ්‍යක්ෂකවරයා පවසනවා ?
    සාර්ථකත්වය මත මෙගා නාට්‍ය දික්වන අවස්ථාත් තියෙනවා. අසාර්ථක වුණාම නතර කර දමන අවස්ථාත් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.

    ‘දෙවෙනි ඉනිම’ කොටස් 1000කට දික් කිරීමෙන් එය සාර්ථක වෙයිද ? එක තැන පල්වෙන නාට්‍යයක් වෙයිද ?
    ඒක ඉතින් රචකයාගේ හා අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවය මත තීරණය වන දෙයක්.

    නාට්‍යයක් හිතා මතා දිග් කරන්න ගියාම ප්‍රේක්ෂකයන්ට එපා වෙන බවයි බහුතරයකගේ අදහස ?
    මම පුංචි උදාහරණයක් කියන්නම්. “ඉතින් ඊට පස්සේ” මුලදී ගොඩක් ප්‍රේක්ෂක අවධානය දිනාගත් නාට්‍යයක් නෙවෙයි. ඒත් මැදදී එයට ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වුණා. ඒ හින්දම නාට්‍ය දිග් කළා. අවසානය දක්වා විශාල ප්‍රේක්ෂක අවධානයක් ඊට තිබුණා. නිල්වලා අධිපති උපුල් ජයසිංහ මහතා එක්තරා සාදයකදී පැවැසුවා. “ඉතින් ඊට පස්සේ” දික් කළේ සාර්ථක හින්දා ඒකට මගේ චරිතයත් ගොඩාක් බලපෑවා කියලා. ඒ හින්දා නාට්‍යයක් දික්වීම අසාර්ථකත්වයට හේතු වනවාමයි කියන්න බැහැ.

    හරි ඔය විදියට බැලුවොත් ඔබ කිසිම දිනක “දෙවෙනි ඉනිම” හැර යන්නේ නැහැ එහෙමද ?
    මෙහෙමයි. ඔය කාරණය තව ටිකක් පැහැදිලි කළ යුතුයි. දැනට වුණත් ටෙලි නාට්‍යයේ කිසිම දෙයක් නැති නිකම්ම නිකම් දෙබස් ටිකක් විතරක් තියෙන දර්ශන වලදී මම අධ්‍යක්ෂවරයා එක්ක කතා කරලා එය වෙනස් කර ගන්නවා. ඒ මගේ අයිතිය. මම නළුවෙක්. මගේ රාජකාරිය රගපෑමයි. කොටස් 300ද 500ද 1000ද කියන එක මට අදාළ නැහැ. හැබැයි තේරුමක් නැතුව එක තැන නාට්‍ය පල්වනවා නම් අධ්‍යක්ෂකවරයා එක්ක කතා කරලා පිටපත වෙනස් කිරීමට හෝ එහෙම නැත්නම් ඉන් ඉවත්වීමට හෝ අයිතියකුත් මට තියෙනවා.

     

  • බිරිද නිසා දහස් වාරයක් සිතෙන් දුක්විදින සුධාර සිත්තාරාගේ ඔබ නොදන්නා කතාව මෙන්න….

    බිරිද නිසා දහස් වාරයක් සිතෙන් දුක්විදින සුධාර සිත්තාරාගේ ඔබ නොදන්නා කතාව මෙන්න….

    සිතුම් සුධාර චිත්‍ර ශිල්පියෙකි. රටම පිළිගත් අති දක්‍ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහු මෙරට ජනප්‍රිය කලාකරුවන්, ක්‍රිකට්‌ ක්‍රීඩකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක්‌ සිතුවම් කර තිබිණි. ඔහුගේ නිර්මාණ දෙස වරක්‌ දෙවරක්‌ නොව දස දහස්‌ වාරයක්‌ වුවද බලා සිටිය හැකිය. ඔහුගේ ඕනෑම සිතුවමක්‌ සජීවී දසුනක්‌ ලෙස දැකිය හැකිය. එය ඔහුගේ සහජ දක්‍ෂතාවයයි.

    වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම චිත්‍ර ශිල්පියා යෞවන වයසේ පසුවන්නෙකි. වයස අවුරුදු විසි හතරක්‌ වුවත් ඔහු අතින් නිමවූ සිතුවම් ප්‍රමාණය කෙතෙක්‌දැයි කිව නොහැකිය. ඒ තරමටම ඔහුගේ දෑත සිතුවම් ඇඳීම සඳහා භාවිතා කර තිබිණි.

    කලාකාමී හදවතක්‌ තිබූ මොහුට සමාජයේද හොඳ පිළිගැනීමක්‌ තිබිණි. කිසිවකුටත් කරදරයක්‌ නොවන අයුරින් ජීවත් වූ මොහු නිතරම සිටියේ අහිංසක සිනහවකින් මුව සරසාගෙනය. වයස්‌ කුල, ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනා සමඟ මොහු සුහදව ඇසුරු කළහ.

    උසට සරිලන මහතකින් යුතු කුමුදු, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි සුන්දර යුවතියකි. නිරන්තරයෙන්ම මුහුණෙහි රැඳි සිනහව සහ දිගු වරලස ඇයගේ රුව ඔප් නැංවීමට දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගයක්‌ බඳුය. දුටුවන් වශී කරවන සුළු රූපයකට හිමිකම් කියූ ඇයගේ ආදරය පතා බොහෝ තරුණයෝ පැමිණියහ. එහෙත් ඒ කිසිවකුටත් ඇයගේ සිත දිනා ගැනීමට නොහැකි වූහ.

    චිත්‍ර ශිල්පී සිතුම් සුධාර, කුමුදුට මුණ ගැසෙන්නේ දැනට වසර කිහිපයකට ඉහත එක්‌තරා උත්සවයකදීය. දුටු මුල් දිනයේදීම සුධාරට, කුමුදු ගැන ආදරයක්‌ පහළ වූවේය. එදින රාත්‍රිය පුරා ඔහු නොනිදා ඇය ගැන කල්පනා කළේය. පසුදිනම ඔහු ඇයගේ රුව සිතින් මවාගෙන සිතුවම් කළේය. කෙලෙස හෝ ඇය තම පෙම්වතිය කරගත යුතු යෑයි ඔහු තීරණය කළේය. ඒ අනුව ඔහු ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලබාගෙන මෙලෙස පැවසුවේය.

    “හෙලෝ නංගි මාව මතකද මම සුධාර”

    “ආ… ඔව් අයියා මතකයි. චිත්‍ර අඳින අයියනේ…”

    “හරියට හරි නංගි. ඉතින් මම කතා කළේ ඔයාට තෑග්ගක්‌ දෙන්න!!!!”

    “මට මොන තෑගිද අයියේ… අපි අඳුරගත්තෙත් එදානේ…”

    “අයියෝ බය වෙන්න එපා. මේක විශේෂ තෑග්ගක්‌”

    “මොකක්‌ද ඔය විශේෂ තෑග්ග. කාගෙවත් තෑගි එපා”

    “බයවෙන්න එපා. ඔයාගේ මූණ මතක විදියට චිත්‍රයකට ඇන්දා. ඒක දෙන්න කතා කළේ…”

    “අනේ එහෙමද… මම බයවුණා වෙන මොකක්‌ හරි කියලා… ඇයි අනේ මගේ මුහුණ ඇන්දේ… ඔයාට වෙන අඳින්න මුහුණක්‌ තිබුණෙම නැද්ද…”

    “ඔයාගේ මුහුණ ගොඩක්‌ ලස්‌සනයි. ඒකයි මම ඇන්දේ…”

    “නිකන් බොරු කියන්නෙ නැතිව ඉන්න අයියේ…”

    “බොරු නොවෙයි ඇත්ත. නංගිට කොහොමද මම මේක දෙන්නෙ…”

    “අයියා පෝස්‌ට්‌ එකට දාන්න. මම ඇඩ්‍රස්‌ එක දෙන්නම්…”

    “හරි නංගි”

    එලෙස පටන්ගත් මිතුරුකම සති කිහිපයක්‌ යන්නට මත්තෙන් ආදරයක්‌ බවට පෙරළුණේය. දැන් කුමුදුගේ මුළු ලෝකයම වූයේ සුධාරයි. ඇය ඔහුගේ හදවතට මෙන්ම නිර්මාණවලටද ආදරය කළාය. සුධාරද එලෙසය. ඔහුද තම පණ දෙවැනිකොට තම පෙම්වතියට ආදරය කළේය. කුමුදු සුධාරට වඩා අවුරුදු තුනක්‌ පමණ වැඩිමහල් වූවාය. එහෙත් ඔවුන්ගේ ආදරයට එය බාධාවක්‌ නොවුණි.

    සුධාරගේ පියාද ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි රන්ජිත්ප්‍රියය. ඔවුන්ගේ නිවස ගම්වැසියන් හැඳින්වූයේ “බතික්‌ නිවස” ලෙසින්ය. වැඩිකල් නොගොස්‌ සුධාර තම දෙමාපියන්ට කුමුදු ගැන පැවසුවේය. ඉන්පසු කුමුදු ද ඇයගේ දෙමාපියන්ට සුධාර ගැන පැවසුවේය. එහෙත් කුමුදුගේ නිවැසියෝ මෙම සම්බන්ධතාවට පළමුව අකමැති වූහ. පසුව කුමුදුගේ දැඩි පෙරැත්තය මත ඔවුහු එයට කැමැති වූහ.

    සුධාර ජනවාරි මාසයේ එක්‌ දිනකදී තම පෙම්වතිය නීත්‍යනුකූලව විවාහ කරගෙන “බතික්‌ නිවසට” එක්‌ කරගෙන ආවේය. මාස දෙක තුනක්‌ ඔවුහු සතුටින් කාලය ගත කළහ. එහෙත් කුමුදු නොසිතූ අයුරින් සුධාර වෙනස්‌ වන්නට පටන් ගත්තේය. මාස දෙක තුනක්‌ ඇතුළත සිදුවූ ඔහුගේ වෙනස්‌වීම ගැන ඇයට කිසිවක්‌ සිතා ගැනීමට නොහැකි වූවාය.

    එන්න එන්නම සුධාර වෙනස්‌ වූවේය. අවසානයේ ඔහු සුළු දෙයකට පවා කුමුදු එක්‌ක රණ්‌ඩු සරුවල් කර ගත්තේය. ඇය මාස ගණනක්‌ සුධීරගෙන් බැණුම් අසමින් ගුටිබැට කමින් සිටියේ ඔහුට තිබුණ ආදරය නිසාය. කුමුදුටද ඉවසීමේ සීමාවක්‌ තිබුණි. අවසානයේ බැරිම තැන ඇය තම දෙමාපියන් ළඟට ගියේ ඇඬූ කඳුළින් යුතුවය.

    “අනේ අම්මේ… සුධීර එක්‌ක මට තවත් ජීවත් වෙන්න බැහැ. මුලින් හිටිය මනුස්‌සයා නොවෙයි එයා දැන්. තිරිසනෙක්‌ වගේ හැසිරෙන්නෙ. නිතරම මට ගහනවා. බණිනවා. එයාගෙ දෙමාපියනුත් ඒ වගේ. කොයි වෙලාවෙත් එයාගේ පැත්තයි ගන්නේ. මට ජීවිතෙත් එක්‌ක එපා වෙලා තියෙන්නේ දැන්…”

    ” අපි කිව්වා දුවේ ඔය කසාදය කරගන්න එපා කියලා. ඒත් ඔයා ඒක ඇහුවේ නැහැනේ… දැන් ඉතින් කරන්න දෙයක්‌ නැහැ. උඹව අපිට වැඩි නැහැ. අපි ජීවත් වෙලා ඉන්නකම් උඹව බලා ගන්නවා”

    කුමුදුගේ දෙමාපියෝ එලෙස පැවසූහ. එයින් ඇයගේ සිතට සුළු සහනයක්‌ ලැබුණත් තම අනාගතය සහ ස්‌වාමි පුරුෂයා ගැන කල්පනා කරමින් ඇය දුක්‌ වූවාය. එලෙසම තවත් ප්‍රශ්න රාශියකට මුහුණ දීමට ඇයට සිදු වූවාය. සමාජයට, යහළු යෙහෙළියන්ට මුහුණ දෙන්නේ කෙසේද කියා සිතමින් ඇය තව තවත් දුක්‌ වූවාය.

    මාසයක්‌ පමණ ගිය පසු සුධාරට තම බිරිඳ ගැන යළි ආදරයක්‌ ඇති වූවේය. පරණ තරහ මරහ ඔහු අතහැර දැමුවේය. යළිත් තම බිරිඳ දෙස ආදරයෙන් යුතුව බැලුවේය.

    “මාගෙන් වුණ සෑම වරදකටම මට සමාවෙන්න. මට ඔයා නැතිව ඉන්න බැහැ. මම ඔයාට ඇත්තටම ආදරෙයි රත්තරං. මට දැන් ඔයා නැති අඩුව හොඳට දැනෙනව. තවත් මට ඔයා නැතිව ඉන්න බැහැ.”

    “මම දන්නවානෙ ඔයාගෙ හැටි. මට සලකපු විදිහ. ආයි මම කැමැති නැහැ ඔයත් එක්‌ක ඇවිත් රණ්‌ඩු වෙන්න. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න සුධාර…”

    “ඔයා එහෙම කියන්න එපා. මම වරද පිළිගත්තනෙ… ඔයාට පුළුවන්ද මාව අනාථ කරලා ඉන්න…”

    “ඔයාව මට අමතක කරන්න බැහැ. ඒත් මම කැමැති නැහැ ආයි ඒ වගේ ජීවිතයකට. මම මැරෙනකම් මෙහෙම ඉන්නම්”

    “එපා රත්තරං. මට ඔයාව ඕනා. මාව අමතක කරන්න එපා. ආයි මම ඔයාගේ හිත රිදෙන වචනයක්‌වත් කියන්නෙ නැහැ සත්තයි.”

    “මටත් ඔයා නැතිව ජීවත් වෙන්න බැහැ. ඒත් මට බයයි පහුගිය දේවල් මතක්‌ වෙනකොට”

    “ආයි කිසි දවසක එහෙම වෙන්නෙ නැහැ. මම පොරොන්දු වෙනවා රෝස මලක්‌ වගේ ඔයාව බලා ගන්නවා කියලා…”

    “ඔය ඇත්තමද?”

    “ඔව් රත්තරං සත්තයි. මාව විශ්වාස කරන්න”

    “එහෙනම් ඉක්‌මනට ඇවිත් මාව එක්‌කන් යන්න ආපහු”

    ඒ අනුව සුධාර කුමුදුගේ නිවසට ගොස්‌ නැවත කිසි දිනක රණ්‌ඩු නොවන පොරොන්දුව මත ඇයව “බතික්‌ නිවස” වෙත රැගෙන ආවේය. සති කිහිපයක්‌ දෙදෙනා සතුටින් ජීවත් වූහ.

    යළිත් නොසිතූ ලෙස සුධාර වෙනස්‌ වන්නට පටන් ගත්තේය. පුරුදු පරිදි දෙදෙනා අතර රණ්‌ඩු සරුවල් ඇතිවිය. ඒ අතර සුධාරගේ දෙමාපියෝද ඔවුන්ගේ රණ්‌ඩු සරුවල් අතරට මැදිවූහ. කවුරු කෙලෙස කීවත් දෙදෙනා අතර ඇතිවන රණ්‌ඩු සරුවල් නවතා දැමීමට කිසිවෙකුටත් නොහැකි විය.

    දිනය පසුගිය 02 වැනිදාය. එදිනද සුපුරුදු පරිදි උදෑසන සිට දෙදෙනා අතර පෞද්ගලික ප්‍රශ්නයක්‌ මත වචන හුවමාරුවක්‌ ඇති විය. දහවල් කාලය වන විට එය තව තවත් උග්‍ර විය. ඒ අනුව දෙදෙනා වෙනදාට වඩා එදින රණ්‌ඩු සරුවල් කර ගත්හ. නිතරම ඇතිවන මොවුන්ගේ අඬදබර අසල්වැසියන්ටද විශේෂයක්‌ නොවීය.

    වේලාව රාත්‍රී හත පසුවී තිබිණි. සුධාර සහ කුමුදු අතර ඇතිවූ ආරවුල තව තවත් වැඩිවිය. දෙදෙනා ඉතාමත් අශෝබන ලෙස පරුෂ වචන පවා කියමින් රණ්‌ඩු වූහ. ඔවුන්ගේ එම කෑගැසීම අවට නිවැසියන්ටද කරදරයක්‌ විය. එදින සුධාර හැසිරුණේ තිරිසනෙකු මෙන්ය.

    “අද දෙකෙන් එකක්‌ කරනවා මම. උඹත් එක්‌ක ජීවත් වුණා ඇති. උඹ මහ යක්‍ෂණියක්‌”

    “දැන්ද තේරුණේ… මම යක්‍ෂණියක්‌ කියලා. මම තමුසෙගෙ කටට දැන් බය නැහැ. පුළුවන් දෙයක්‌ කරනවා…”

    “මම හොඳින් කියන්නේ… ඔය හැකර කට වහ ගනින්. නැත්නම් දත් ඇන්ද ගැළවෙන්න ගහනවා…”

    “පුළුවන්නම් ගහනවා මම බයවෙයි කියල හිතුවද…”

    එලෙස බැණගත් දෙදෙනා අවසානයේ ගුටිබැට පවා හුවමාරු කරගත්හ. ඒ මොහොතේ සුධාර හැසිරුණේ තිරිසන් සතෙකුටත් වඩා අන්ත ලෙසින්ය. කේන්තිය පාලනය කරගත නොහැකි තැන ඔහු කායවර්ධන උපකරණයක්‌ ලෙස භාවිතා කරන ඩම්බෙල් එකක්‌ රැගෙන කුමුදුගේ හිසට වැරෙන් පහරක්‌ එල්ල කළේය. ඒ සමඟම ඇය බිම වැටුණි.

    ඇයගේ මුවින් මොනවාදො වචන වගයක්‌ පිටවිය. එහෙත් ඒවා පැහැදිලි නැත. ලේ විලක්‌ මැද ඇය ජීවිතයත් මරණයත් අතර සටනක නියෑළුණාය. ඒ සමඟම අසල්වැසියෝ පැමිණ වහාම ඇයව වතුපිටිවල රෝහල වෙත රැගෙන යැමට කටයුතු කළහ.

    සිදුකළ අපරාධයේ බරපතළකම චිත්‍ර ශිල්පියාට දැනුණේ විනාඩි කිහිපයකට පසුවය. දැන් නම් ජීවත් වීමෙන් පලක්‌ නොවන බව ඔහුට වැටහුණි. ඔහුද සියදිවි නසා ගැනීමට තීරණය කළේය. ඒ අනුව නිවස අසල තිබූ ළිඳට පැන්නේ සියදිවි නසා ගැනීමටය. එහෙත් අවට සිටි අසල්වැසියෝ එය දුටුහ. වහාම ඔවුහු පැමිණ ළිඳට පැන්න සුධාරව බේරා ගත්හ. ඉන්පසු පොලිස්‌ නිලධාරීහු ඔහුව අත්අඩංගුවට ගත්හ.

    රෝහල් ගතකළත් කුමුදුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. අවසානයේ සියල්ල අතහැර දමා ඇය මෙලොවින් සමු ගත්තාය. අධික කේන්තිය පාලනය කර ගැනීමට නොහැකිව තම බිරිඳව මරා දැමූ සුධාර තමා කළ වරදේ බරපතළකම ගැන සිතා දැන් අනිවාර්යයෙන්ම සිතින් දුක්‌ විඳිනවා ඇත.

  • මාව කොන්වෙලා..! මිතුරන්ගේ විහිලු දරාගන්න බැරිව ජිවිතයෙන් සමුගත් සිසුවා ලියූ සංවේදි ලිපිය මෙන්න .!

    මාව කොන්වෙලා..! මිතුරන්ගේ විහිලු දරාගන්න බැරිව ජිවිතයෙන් සමුගත් සිසුවා ලියූ සංවේදි ලිපිය මෙන්න .!

    සිය මිතුරන්ගෙන් පාසලේදී සිදුවන අඩතේට්ටම් දරා ගත නොහැකිව සියදිවි හානි කරගත් පාසල් සිසුවෙකු  පිළිබද අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා.
    ගම්පහ අරමංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ලසිත දිල්ශාන් නිශ්ශංක දහ අට හැවිරිදි පාසල් සිසුවෙකි. ඔහු ගම්පහ බණ්‌ඩාරනායක විදුහලේ 12 ශ්‍රේණිය ජීව විද්‍යා අංශයේ අධ්‍යාපනය හදාරමින් සිට ඇත.

    ස්වභාවයෙන්ම අහිංසක දරුවෙකු වූ ලසිතගෙන් සැමටම උදවු උපකාර විනා හිරිහැරයක් සිදුව නැත. ලසිතගේ පියා විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයෙකු වන අතර මව ගෘහණියකි. ලසිතට වැඩිමහල් සොහොයුරියක් සිටින අතර ඇය රුහුණු විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබයි.

    දිනය පසුගිය 09 වැනිදාය. ලසිත දිල්ශාන්ගේ මව්පිය දෙපළ රාගම රෝහල වෙත යැම පිණිස නිවසින් පිටත්ව ගොස් තිබේ. නිවසෙහි සිට ඇත්තේ ලසිත දිල්ශාන් සහ ඔහුගේ ආච්චි අම්මා පමණක්‌ය. උදෑසන ආහාරය සූදානම් කර තිබූ බැවින් ලසිත දිල්ශාන්ගේ ආච්චි අම්මා ලසිතගේ කාමරය වෙත පියනඟන්නේ ඒ බව ලසිත වෙත පැවසීම පිණිසය. ලසිත එවෙලෙහි තම කාමරය තුළ යමක්‌ සටහන් කරමින් සිටින අයුරු දකින ආච්චි අම්මා ඔහුට කරදරයක්‌ නොවන අයුරින් ආපසු හැරී යන්නීය. 
     
    පැය භාගයක පමණ කාලයකින් පසු නැවතත් සිය මුණුබුරාට උදෑසන ආහරය ගැනීමට යැයි පැවසීමට ලසිතගේ මිත්තණිය ඔහුගේ කාමරය වෙත ගොස් තිබේ. එවර ඇයට දකින්නට ලැබී ඇත්තේ බියකරු දසුනකි. එනම් එයට ස්වල්ප මොහොතකට පෙර තම පොත්පත් තබා ඇති මේසය මත යමක්‌ සටහන් කරමින් සිටි තම මුණුපුරා වන ලසිත දිල්ශාන් ගෙල වැලලාගෙන සිටින අයුරුය. ඇඳ ඇතිරිල්ලක ආධාරයෙන් ගෙල වැලලා ගෙන සිටින සිය මුණුපුරා දකින ඇයට කළ හැකි වන්නේ පළාතම දෙවනත් වන අයුරින් විලාප තැබීම පමණය. ඇය නඟන විලාපය ඇසී නිවසට රැස්‌වන අසල්වැසියන්ට දකින්නට ලැබෙන්නේ අහිංසක ලසිත දිල්ශාන් තම දිවිමඟ නිමාකර ගැනීමට දැරූ මාරාන්තික වෑයමක හද කම්පා කරවන දසුනය. ඉන් අනතුරුව හැකි ඉක්‌මනින් ලසිත දිල්ශාන්ව රෝහල කරා රැගෙන ගොස්‌ ඇති අතර ඒ වනවිටත් 18 හැවිරිදි ලසිත තම දිවි ගමන වේලාසනම නිමාකොට මරු හා නික්‌ම ගොස්‌ අවසන්ව තිබී ඇත.

    දිනක වෛද්‍යවරයකු වීමේ සිහිනයෙන් අධ්‍යාපන කටයුතුවල නිරතව ඇති ලසිත එහි සුබ නිමිති පළ කරමින් අ.පො.ස. සාමාන්‍ය පෙළ A සාමාර්ථ නවයක්‌ සහිතව සමත් වන අතර ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ අධ්‍යයන කටයුතු සිදු කිරීමට තීරණය කොට ඇත්තේ එබැවින්ය.

    ගෙල වැලලා ගනිමින් මියයැමට ටික වේලාවකට පෙර ලසිත විසින් දිනපොතක තබා ඇති සටහන් කීපයක්‌ පසුව සොයාගත් අතර ලසිතගේ මරණය ගැන යම් හඳුනා ගැනීමකට එම සටහන් ඉවහල් වනු ඇත. එම සටහන් කීපය අතරින් එක්‌ සටහනක ලසිත විසින් මෙවැන්නක්‌ ලියා ඇත.
     
    “පංතියේ කවුරුවත් මට මොනවත් කියන්නෙ නෑ. ළමයෙක්‌ එක්‌ක කතා කළා කියල මොනව වෙනවද? මම බලෙන් කතා කළේ නෑ. දසුන්ලා තමා කේළම් කිය කිය මාව චාටර් කරන්නෙ. මම කිසිම වැරැද්දක්‌ කරල නෑ. දෙයියම්පල්ලා… පාඩම් කරන්න හිතෙන්නෙත් නෑ. මාව චාටර් කරලා. අනේ මං මොනවත් කළේ නැහැ. අම්ම, තාත්ත, අක්‌ක මට සමාවෙන්න…”
     
    ඉහත සඳහන් කරන ලද්දේ මියයැමට පෙර ලසිත විසින් සටහන් තබන ලද්දක්‌ය. එතැනින් නතර නොවන ලසිත දිනපොතේ වෙනත් තැනක මෙවැනි සටහන්කද තබා ඇත. 
     
    “මගේ ෆෝන් එක අක්‌කට දෙන්න. මගේ Bio Free Card එක යෙනුර ප්‍රදීප්ට (12-H) දෙන්න”
     
    තවත් තැනක ලසිත විසින් තබන්නේ මෙවැනි සටහනක්‌ය.
     
    “ඔච්චර නරකයි කියල දන්නව නම් මං උදව් කරන්නෙ නෑ. ඒත් අපි කාටවත් වරදක්‌ කරන්නෙ නෑ. අම්මයි තාත්තයි තමයි මේ ලෝකෙ ඉන්න හොඳම අම්මයි තාත්තයි. හොඳම අක්‌කා තමා මගේ අක්‌ක.. ඊළඟ ආත්මෙ ඔය තුන්දෙනා මගේම වෙලා ඉපදේවා. මට සමාවෙන්න මං කැමැති නෑ චාටර් වෙන්න…”
     
    ලසිත එලෙස විවිධ අදහස්‌ තම සටහන් පොතට එක්‌කර ඇත්තේ ජීවිතයෙන් නික්‌ම යැමට පෙරය. ඉන් පෙර ලසිත විසින් තබන ලද සටහනක මෙවැනි සටහනක්‌ද විය.

    “මගේ හෘද සාක්‍ෂිය දන්නව මං වැරැදි කළේ නැහැ කියල. මරණයට හේතුව – නොකළ වැරැදිවලට කේළම් කීම සහ පන්තිය ඉදිරියේ අපහාස කිරීම.”

    දැන් සියල්ල සිදුවී හමාරය. අවසානයේ මවුපියන්ට වසර දහ අටක් පුරා ඇති දැඩි කළ දරුවෙක් අහිමි විය. රටේ අනාගතය භාර ගැනීමට සිටි තවත් තරුණයෙක් රටට අහිමි විය. මෙවන් අවාසනාවන්ත සිදුවීම් නැවතත් සිදුවීම වලක්වා ගැනීමට පාසල් මට්ටමින්, ජාතික මට්ටමින් ක්‍රියා මාර්ග ගත යුතුය.

    ලසිත දිනපොතෙහි තැබූ සටහන් පහතින්,

  • ගංගා මෑණියන්ගේ දේවාලෙට කවුදෝ ගිනිතියලා! දුර දකින මහා බලැති මෑණියෝ පොලිසියට ඇවිත්..

    ගංගා මෑණියන්ගේ දේවාලෙට කවුදෝ ගිනිතියලා! දුර දකින මහා බලැති මෑණියෝ පොලිසියට ඇවිත්..

    රජරට පළාතෙ ඉන්න රටේ හුඟක් ප්‍රසිද්ධ අනාවැකි කියන්නියක ලෙස නමක් දිනාගත් මෑණි කෙනකුගේ දේවාලය ගිනිතබා විනාශ කල බව දේශය පුවත්පත වාර්තා කොට තිබුනා…

    නම් ගම නොකීවත් මේ කවුරුත් දන්නා ගංගා මෑණියන්ගේ දේවාලේ කියලා තමා තවදුරටත් වාර්තා පලවෙන්නේ..

    ආණ්ඩුවෙ වගේම විපක්ෂයෙ ලොකු ලොක්කො නිතර ගැවසෙන මෙම දේවාලයෙ දහස් ගණන් ජනයාට උදේ සිට සවස් වනතුරුම අනාවැකි කියනවා… එයිනුත් දේශපාලන අනාවැකි සෑහෙන තරම් ප්‍රසිද්ධයි.

    ඉතින් මේ අනාවැකි කියන්නිය රටේ දේශපාලන අනාගතේ ගැනත් පහුගියදා විවිධ අනාවැකි පළකර තිබුණා.  හිටපු ලොකු තැන වගේ අයත් මෙතන නිතර ගැවසුණා…

     

    ඒ වගේම ගංගා මෑණියෝ ගැන වැඩි දෙනෙක් දැනගත්තේ එයා ක්‍රිකට් ගැන කියපු අනාවැකි එක්ක ඒ අනාවැකි පට්ට පල බොරු බවට පත් වෙද්දී දෙවියන්ට හෝ ගංගාට බැරි උන වැඩේ ටිකක් හරි ගොඩ දාලා දුන්නේ චන්දික හතුරුසිංහ පුහුණු කරු විදියට ඇවිල්ල කියන එක තමයි ඇත්තම කාරණාව මෙහෙම බැලුවම ගංගා මෑණියන්ගේ දෙයියෝන්ට වඩා අපේ හතුරුසිංහ දෙවි කෙනෙක් කියන්නත් පුළුවන් ඉතින්…

       

    එයාගෙ මේ අනාවැකිවලින් පසුව මෑණියන්ට අඳුනන නාඳුනන පිරිස් වෙතින් නොයෙක් ආඩපාලි කීම් වගේම තර්ජන ගර්ජනත් තිබුණලු… රජරට පළාතෙම ලොකු පට්ටම්ධාරී දේශපාලන ලොක්කකුත් විරසකෙන්ලු හිටියෙ. එහෙම තියෙද්දි තමයි මේ දේවාල ගින්න හටගත්තෙ…

    දේවාල ගින්නෙන් පස්සෙ ඒ ගැන රාජකාරි කරන්න තවත් නොයෙක් දේ කරන්න බොහොම ලොකු ලොක්කො ඉදිරිපත් වුණාලු…

    ඒත් මෑණියො තමන්ගෙ අවනඩුව නීතියට වඩා දෙවියන් ලවාම විසඳගන්නලු තීන්දු කරලා තියෙන්නෙ.

    ඒත් ඉතින් ඇත්තම කාරණේ තමන්ගේ දේවාලේ ගිනිතියන්න එනකොට ඒක බේරගන්න බැරි දෙවිවරු කොහොමද තව මිනිස්සුන්ට වෙන දේ සහ වෙන්න තියෙන දේ කලින් කියන්නේ සහ ඒවා කරවලා දෙන්නේ කියලා මිත්‍යා දෘෂ්ඨික හා නමට බෞද්ධ අපේ ඇත්තොන්ට තේරුම් ගන්නනම් මේ වෙච්ච දේ හොඳ සිදුවීමක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ…

  • ඔයාලත් බැන්නද?දැකලා නැත්නම් බලාගන්න මේක තමයි ලංකාවේ ලස්සනම රණවිරු ස්මාරකය…

    ඔයාලත් බැන්නද?දැකලා නැත්නම් බලාගන්න මේක තමයි ලංකාවේ ලස්සනම රණවිරු ස්මාරකය…

    මිට වසර 2කට පමණ ඉහතදී කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීම නිසා රණවිරු ස්මාරකයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාලා තුල දැඩි විරෝධයක් එල්ල විය.බොහෝ දෙනා වත්මන් රජයට මේ පිලිබදව චෝදනා එල්ල විය.නමුත් සිදුවී තිබෙන්නේ වෙනත් දෙයකි.මේ ඒ පිළිබද පුවතයි.

    කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී තාවකාලිකව ඉවත්කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව රණවිරු ස්මාරකය ඉදිකර තිබෙන අතර වයඹ පළාත් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් පෙර ස්මාරකය පැවති කුරුණෑගල, මාළිගා පිටිය කි‍්‍රඩාංගණය අසළම ඉදිකර තිබෙන මෙහි සියලූ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් සිදු කර තිබේ.කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී තාවකාලිකව ඉවත්කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව රණවිරු ස්මාරකය ඉදිකර තිබෙන අතර වයඹ පළාත් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් පෙර ස්මාරකය පැවති කුරුණෑගල, මාළිගා පිටිය කි‍්‍රඩාංගණය අසළම ඉදිකර තිබෙන මෙහි සියලූ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් සිදු කර තිබේ.

    රණවිරු අභිමානය සුරැකෙන පරිදි පෙර පැවැති ස්මාරකයට වඩා අභිමානවත් සහ වයඹ පළාතේ දිවිදුන් සියලූ රණවිරුවන්ගේ තොරතුරු ඇතුළත් වන පූර්ණ ස්මාරකයක් ලෙස මෙය ඉදිකර තිබෙන අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 27 කි. ඉතා පැහැදිලි ලෙසම මාර්ග සංවර්ධන කටයුතු සදහා ඉඩ ලබාගැනීමේ ප‍්‍රමුඛ අවශ්‍යතාවය මත මෙම රණවිරු ස්මාරකය තාවකාලිකව ඉවත් කිරීම සිදුවුව ද රජය විසින් රණවිරුවන් අමතක කර දමා ඔවුන්ගේ ස්මාරක බිද හෙළන්නට පටන්ගෙන ඇති බව සදහන් කරමින් එයට දේශපාලනික මුහුණුවරක් ලබාදෙන්නට යම් පිරිසක් උත්සාහ කළ අයුරු පසුගිය සමයේ දක්නට ලැබුණි. එමෙන්ම මීට විරෝධය පළ කරමින් එම ස්ථානයේ උද්ඝෝෂණ කිහිපයක් පවා පැවැත්වුණු අතර 2016 වසරේ අගෝස්තු 31 වන දින උත්සවයක් සදහා සහභාගීවීමට කුරුණෑගලට පැමිණි ජනාධිපතිතුමා මාර්ග ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ වහාම වඩාත් නිර්මාණශීලි රණවිරු ස්මාරකයක් එම ස්ථානයේ ඉදිකරන බවට ලබාදුන් පොරොන්දුව මත මෙම රණවිරු ස්මාරකය ඉදිකිරීම සදහා 2016 නොවැම්බර් 30 වනදා මුල්ගල් තැබිණි.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රණවිරුවන්ට ජාතියේ උපහාර පුද කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීමට කටයුතු කරනවා මිස කිසිදු අවස්ථාවක රණවිරුවන් අවතක්සේරුවට ලක් කිරීමට වත්මන් රජය කටයුතු නොකළ බවයි.එබැවින් රණවිරුවන් පිළිබද රජයට තිබෙන සියලූ චෝදනා දැඩිව ප‍්‍රතික්ෂේප කරන බව අවධාරණය කළ ජනාධිපතිතුමා එම සියලූ චෝදනා කුමන්ත‍්‍රණකාරී ලෙස රජය අපහසුතාවයට පත් කිරීමට සිදුකරන ප‍්‍රකාශ බව ද කියා සිටියේය.රණවිරු දඩයමක් පිළිබද ඇතැමුන් රජයට චෝදනා කළද සැබෑ ලෙසම රණවිරු දඩයම සිදුකළේ පසුගිය රජය විසින් බවත්, වත්මන් රජය විසින් අන්තර්ජාතික සහයෝගීතාවය තුළ රණවිරුවන්ගේ අභිමානය සුරැකීමට උපරිමයෙන් කටයුතු කළ බවත් සදහන් කළ ජනාධිපතිතුමා එදා දේශපාලන වේදිකාවේ කථා කළ විදුලි පුටුවෙන් මෙන්ම, අපගේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව නඩු ඇසීමට විදේශීය විනිසුරුවරුන් ගෙන ඒම නවතා දැමුවේ වත්මන් රජය බව අමතක නොකළ යුතු බවද කියා සිටියේය. හමුදාවේ සිටි ඇතැමුන් වෙනත් යම් යම් සිදුවීම පිළිබද පරික්ෂණ පැවැත්වීම සදහා අත්අඩංගුවට ගැනීමට සිදුවුවද එය රණවිරු දඩයමක් නොවන අතර, රට ජාතිය වෙනුවෙන් යුද වැදුනු කිසිදු රණවිරුවෙකුට කිසිදු හානියක් සිදුකර නොමැති බවත්, ඔවුන්ට ලබාදිය හැකි ඉහළම ගෞරවය ලබාදීමට වත්මන් රජය කටයුතු කළ බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේය.

    වයඹ පළාත් සමූපකාරිකයින් විසින් රණවිරු සුබසාධන අරමුදල හරහා ස්මාරකයේ ඉදිකිරීම් වෙනුවෙන් පිරනමන ලද මුල්‍ය ප‍්‍රදානයට අදාළ චෙක්පත  පළාත් සමූපකාර අමාත්‍ය පියසිරි රාමනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.  ජනාධිපතිතුමා  එම චෙක්පත වයඹ පළාත්  ප‍්‍රධාන ලේකම් පී.බී.එම්. සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.

  • රණවිරුවන්ගේ කරමතින් පක්ෂ දේශපාලනය කරන්න එපා – ජනපති මෛත්‍රිගෙන් ප්‍රකාශයක්…

    රණවිරුවන්ගේ කරමතින් පක්ෂ දේශපාලනය කරන්න එපා – ජනපති මෛත්‍රිගෙන් ප්‍රකාශයක්…

    කිසියම් දේශපාලන පක්ෂයක් සිය දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා රණවිරුවන් භාවිත කිරීම සදාචාරාත්මක නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා කියා සිටියේ රණවිරුවන්ට ජාතියේ උපහාර පුද කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීමට කටයුතු කරනවා මිස කිසිදු අවස්ථාවක ඔවුන් අවතක්සේරුවට ලක් කිරීමට වත්මන් රජය කටයුතු නොකළ බවයි.

    ‘‘ වයඹ රණ අභිමන්’’ රණවිරු ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේ දී තාවකාලිකව ඉවත් කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව රණවිරු ස්මාරකය ඉදිකර තිබෙනවා. ඒ, කුරුණෑගල මාලිගාපිටිය ක‍්‍රීඩාංගණය අසලයි. මාර්ගය සැකසීමේ දී මීට පෙර පැවති රණවිරු ස්මාරකය ඉවත් කිරීමට එරෙහිව බොහෝ පිරිස් විරෝධතාවල ද නිරත වුණා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රණවිරු දඩයමක් පිළිබඳ ඇතැමුන් රජයට චෝදනා කළද සැබෑ ලෙසම රණවිරු දඩයම සිදු කළේ පසුගිය රජය බවයි. වත්මන් රජය අන්තර්ජාතික සහයෝගීතාව තුළ රණවිරුවන්ගේ අභිමානය සුරැකීමට උපරිම අයුරින් කටයුතු කළ බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

     

  • දසුන් ශලනිට කාටත් හොරා කරපු දේ හා දසුන්ගේ මරණය ගැන ශලනි දැන් කියන කතාව මෙන්න…

    දසුන් ශලනිට කාටත් හොරා කරපු දේ හා දසුන්ගේ මරණය ගැන ශලනි දැන් කියන කතාව මෙන්න…

    පසුගිය දිනවල කතාබහට ලක්වූ රංගන ශිල්පිනි ශලනි තාරකා පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් කලා කටයුතු මෙන්ම පෞද්ගලික තොරතුරු රැසක් හෙළිකර තිබුනා. 
    එම සංවාදය පහතින්,

    ශලනි.. අලුත් නිර්මාණයකට දායක වෙලා.. දැන් ශලනි කියන්නද.. මිතූ කියලා කියන්නද..?

    ම්. ශලනි කියමු නේද.? හැබැයි දැන් මම මිතූ කියන නමටත් ආසයි. මේ දවස්වල මම වැඩිපුරම ඉන්නේ මිතූ කියන චරිතයෙන්ම තමයි. මිතූ ප්‍රතාපසිංහ කියන්නේ දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ එකම දියණියයි. මිතූ ඉතා සැපවත් කෙළිලොල් ජීවිතයක් ගතකරන හරිම සැහැල්ලුවෙන් ජීවිතේ ගතකරන තරුණියක්. හැබැයි ඒ සැහැල්ලුකම දෙදෙරා යන්නේ මියුරු මුණගැහුණාට පස්සෙයි. ශාන්ත අයියා අධ්‍යක්ෂණය කරපු නාට්‍යයකට මම දායක වෙන පළවෙනි වතාව තමයි මේ. ලොකු කාලයකට පස්සේ තමයි මම මේ වගේ කොටස් දිගු නාට්‍යයකට සම්බන්ධ වුණේ. ඒකට ප්‍රධානම හේතුව වුණේ මේක මහේෂ් අයියාගේ වැඩක් නිසාමයි.

    පසුගිය කාලයේදී ශලනි ටිකක් නිහඬව කාලය ගතකළානේ. ඔය කාලය ඇතුළත නිර්මාණ කිහිපයකටත් ආරාධනා ලැබෙන්නත් ඇති…?

    ඔව්… නිර්මාණ කිහිපයකටම ආරාධනානම් ලැබුණා. ඒ අතරින් කිහිපයක්ම මම ප්‍රතික්ෂේප කළා. දීර්ඝ ටෙලිනාට්‍ය බාරගන්න ටිකක් අකමැතියි. මගේ ප්‍රථම සහ අවසාන රඟපාපු දීර්ඝ නාට්‍යය තමයි වස්සාන ප්‍රේමය. ඒක අතිශයින්ම ජනප්‍රිය වෙච්චි නාට්‍යයක්. ඊට පස්සේ මම දීර්ඝ ටෙලිනාට්‍යයකට සහභාගී වුණේ නැහැ. කාලයක් ටිකක් නිහඬව ඉඳලා ලැබුණු අපූරු නිර්මාණය මට කරන්න බාර වුණා.

    නිර්මාණ බාරනොගත්තට පසුගිය දිනවල ශලනි ටිකක් කාර්යයබහුල වුණා…? හැබැයි ඒ රංගනයෙන් නෙමෙයි නිවේදනයෙන්…?

    ඔව්… පසුගිය දවස්වල ෂූටිංවලින් කාර්යබහුල වෙලා හිටියේ නැහැ. හැබැයි අර කිව්වා වගේම එක්තරා වැඩසටහනක් නිසා මම කාර්යබහුල වුණා. ඒකේ අවසන් මහා තරගයට දැන් සූදානම් වෙනවා. ඇත්තටම ඒ වැඩසටහනටත් මම සහභාගී වුණේ හරිම ආසාවෙන්. ඉතින් ඒකේ වැඩකටයුතුත් එක්ක දවස ගෙවුණා. කාර්යබහුල වුණා. කොහොමටත් මේ මිතූ ටෙලිනාට්‍යයෙන් පස්සේ තවත් ටෙලිනාට්‍යය තුනක්ම මම බාරගත්තා. ඉතින් ඉදිරියේ දී රංගනය පැත්තෙනුත් ටිකක් කාර්යබහුල වේවි.

    කොහොමද දිනක්ෂි, අසේකා, කියන යාළුවෝ දෙන්නත් එක්ක ගතකරන ජීවිතේ… ඒ යාළුකම හරි අපූරුයි නේද…?

    ඇත්තටම ඔව්… ඒ යාළුකම හරි අපූරුයි… මූනිච්චාවට ඉන්න යාළුවෝ නෙමෙයි ඒ දෙන්නා. ජීවිතේ සැපේදීත්, දුකේදීත් හිත ළඟින්ම ඉන්න අපූරු බැඳීමක් තමයි ඒ… දිනක්ෂිව මම අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් දන්නවා. ඒක අපි දෙන්නා ටෙලිනාට්‍යවල හම්බවෙලා ඇතිවුණු යාළුකමක් නම් නෙමෙයි. අවුරුදු ගාණක් දිනක්ෂිගෙයි මගෙයි යාළුකම තිබුණට අපි දෙන්නා මුලින්ම එක නිර්මාණයකට දායක වුණේ “බටහිර අහස ටෙලිනාට්‍යයෙන්. හැබැයි ඒකේදී අපි දෙන්නට දෙබසක්වත් නැහැ. ඊට කලින් අපි දෙන්නා එක ටෙලිනාට්‍යයක රඟපෑවා. හැබැයි ඒකේදීත් අපි දෙන්නා මුණගැහෙන්නෙවත් නැහැ. “ඒක දිග කතාවක්. කියලා ටෙලිනාට්‍යයක් ළඟදී විකාශනය වෙන්න තියෙනවා. ඒ ටෙලිනාට්‍යයේ අපි දෙන්නා ප්‍රධාන චරිත දෙකක් කරනවා. හැබැයි අපි දෙන්නට එකට රඟපාන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා දිනක්ෂිගෙත් මගෙත් යාළුකම නිර්මාණවලට සීමා වෙන්නේ නැහැ.

    කොහොමද අසේකාව මුණගැහෙන්නේ…?

    මුලින්ම මට “රිදී රුයක් පුහුණුවීම්වලදී තමයි අසේකාව මුණගැහෙන්නේ. ඒ මුල් කාලේදීත් අපි තුන්දෙනා එහෙම හම්බවෙලා ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. පසු කාලයේදී අපිට කොහේද, කින්ද, මන්ද කියලා මතකයක් නැතත් අපි තුන්දෙනා ගොඩාක් කිට්ටු වුණා. ඇත්තටම අද වෙද්දී අපේ ඒ යාළුකම හරි අපූරුයි.

    ඔය තුන්කට්ටුවට ශනුද්‍රිවත් එකතුවුණා නේද…?

    මෙහෙමනේ… ශනු අපිට වඩා ගොඩාක් පොඩියිනේ… ඉතින්… ශනු ගොඩාක්ම හිතවත් අසේකා එක්ක තමයි. දිනක්ෂි ඉතින් අක්කනේ… හැබැයි ශනු අපිට තාම ගොඩාක් පොඩි ළමයෙක්. ඒ වුණාට ඒ ගෙදර ගියාම ශනුත් අපිත් එක්කම තමයි. අපි කට්ටියම එකතු වෙන්නේ දිනක්ෂිලාගේ ගෙදර. අසේකාටයි, මටයි, දෙන්නටම වැඩක් නැත්නම් දිනක්ෂි ගෙදර ඉන්නවානම් අපි එහේ යනවා. ඉතින් වැඩියෙන්ම ඉන්නේ දිනක්ෂිගේ කාමරේ. ශනුයි, ශේෂාද්‍රියි දෙන්නත් ඒකට එනවා. ඉතින් ඊට පස්සේ අපි ෆිල්ම් බලනවා. දිනක්ෂිටයි, ශනුටයි හරි රසට උයන්න පුළුවන්. ඉතින් අපේ වැඩේම එයාලා හදන කෑම රස කර කර කන එක තමයි. සමහරදාට දන්නෙම නැතිව නින්දත් යනවා. නිවාඩු තිබුණම අපි එහේ මෙහේ යනවා එනවා.

    ශලනිට හරි ලස්සනට ගීත රචනා කරන්නත් පුළුවන්. ඔයාගේ දෙවැනි ගීතය මේ වෙනකොට නිර්මාණය කරලා ඉවරයි…?

    මගේ පළමු ගීතයට හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. “යළි හමුවෙමු කියලා තමයි එය හැඳින්වූයේ. ඒ ගීතය චැනල්වල ගී එකතුවල සති ගණන් අංක එකට තේරිලා තිබුණා. ප්‍රේක්ෂකයින්ගෙන් තාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නිරෝෂා අක්කා ඒක හරි අපූරුවට ගායනා කළා. ඇත්තටම මගේ පළමු නිර්මාණයෙන් මම ඒ තරම් ප්‍රතිචාරනම් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ තරමටම ඒක මට හීනයක් වුණා. ඉතින් දැන් දෙවැනි ගීතයත් කරලා අවසාන වුණා. “මා ඔබ හමුවන දිනේ කියලා තමයි ඒක ලිව්වේ. පසන් ලියනගේ තමයි ඒ ගීතය සංගීතවත් කළේ. ඒකත් අපි ඉතාම ඉක්මනින් මගේ ආදරණීය රසික රසිකාවන්ට අහන්න දෙනවා. පසන්ගේ මියුසික්වලට මම හරි කැමතියි. ඉතින් පසන් සින්දුවක් කරමු කියලා කිව්වා. ඊට පස්සේ තමයි සින්දුව ලිව්වේ. මුල්ම ගීතය විරහව කැටිවුණු ගීතයක්. ඉතින් මේක ආදරය ගැන කියන සුන්දර ගීතයක්. බලමු… මම මේ ගීතයත් හිට් වෙන්න ඕනෙම කියලා හිතල කරපු දෙයෙක් නෙමේ. ඒත්… මිනිස්සු ඒ ගීතයත් ආදරයෙන් වැළඳගනීවි කියලා විශ්වාසයක් තියෙනවා.

    රංගනය, නර්තනය, නිවේදනය, පද රචනය, මේ හැමදෙයක්ම කරන ශලනි ගායිකාවක් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද…?

    අම්මෝ නැහැ… මට ගායනය පිළිබඳ හැකියාවක් නැහැ කියලා මම දන්නවා. සින්දු කියන්න පුළුවන් අය ඕනෑතරම් ලංකාවේ ඉන්නවා. ඒ නිසා මම මට පුළුවන් දේවල් ටික කරගෙන ඉන්නවා. සින්දු කියන්නනම් යන්නේ නැහැ.

    ඔය නිර්මාණවලින් ඈත් වුණු, නිහඬවෙලා හිටපු කාලේ මොනවද කළේ…?

    හොඳට නිදාගත්තා… ඒ වගේම මගේ යාළුවන් එක්ක මගේ ගෙදර අය එක්ක කාලය ගතකරන්න ඉඩ ලැබුණා. විශේෂයෙන් ඒ කාලේ මම වැඩිපුරම හිටියේ දිනක්ෂිලා ගෙදර. ඉතින්… ඒ කාලේ ඒ විදිහට ගෙවුණා. 

    පසුගිය කාලේදී ශලනිට ගෑනු ළමයෙක්ට දරාගන්න බැරි සිදුවීම්, හිත් රිදීම් වගේම ඇතැමුන්ගේ චෝදනාවලටත් මූණදෙන්න සිද්ධ වුණා…?

    මෙහෙමයි… මිනිස්සු දෙයක් දිහා බලන්නේ එක රාමුවකින්. ඒ රාමුවෙන් එළියට ගිහින් මිනිස්සු ඇත්ත දකින්න කැමති නැහැ. මේ දෙයින් ඇත්ත දන්න කොටසකුත් ඉන්නවා. ඇත්ත දන්නෙ නැති කොටසකුත් ඉන්නවා. ඇත්ත නොදැන මිනිස්සු චෝදනා කරන එක හරි වැරදියි. ඒ දේවල් ආයේ ආයේ අවුස්සන්න… ඒ දේවල් ගැන කතා කරන්න මම කැමති නැහැ. හැබැයි ඇත්ත ඔය කතාවෙන මිනිස්සු දන්න දේ නෙමෙයි. මිනිස්සු ඔය දන්නේ හතරෙන් එකයි. හතරෙන් තුනක් මිනිස්සු දන්නේ නැහැ. ඒ තුනෙන් දෙන්නෙක් ජීවත් වෙනවා. එක්කෙනෙක් ජීවතුන් අතරේ නැහැ. ඒ දෙන්නා කැමතිත් නැහැ මේ ඇත්ත කියන්න. ඒනිසා මේ කතාව කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක අසම්පූර්ණ කතාවක්. හැබැයි මිනිස්සු දකින දේ ඇත්ත නෙමෙයි. ඇත්ත දන්නේ නැති මිනිස්සු මේක ලොකුවට ප්‍රශ්නයක් කරගත්තා.

    මිනිස්සු මෙහෙම චෝදනා කරද්දී ඔය හිත හදාගත්තේ කොහොමද…?

    මම ඔය සිද්ධිය වෙන්න කලින් මගේ හිත හදාගෙන ඔය ප්‍රශ්නෙන් අයින් වුණු කෙනෙක්. ඒක දන්නේ බොහෝම ටික දෙනයි. ඒක හොඳටම දන්න කෙනා අද ජීවතුන් අතරේ නැහැ. කොහොමෙන් කොහොම හරි මට මේ සම්බන්ධව බොහෝ දෙනා විවිධ චෝදනා කළා. බොහෝ මඩ ගැහුවා. සමහරු මම නිහඬව ඉන්න එකෙන්ම මාව වැරදිකාරිය කළා. ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ ළංවුණු සමීපතම කෙනෙක් අයින් වුණාම අපිට ඒ වේදනාව දැනෙනවා. ඒක නැහැයි කියන්න බැහැ. පිටින් ඉන්න කෙනෙක්ට ඒක දැනෙද්දී ළඟින්ම හිටපු කෙනෙක්ට ඒක කොච්චර දැනෙනවාද කියලා හිතන්න පුළුවන්නේ. හැබැයි එහෙම හිතන්නේවත් නැතිව මිනිස්සු ඇඟිල්ල දික්කළා. මම අද කාටවත් වැරදි කියන්නේ නැහැ. හැබැයි ඒ අය ඒ දේවල් දවසක ගෙනියාවි. 

    ඔය ප්‍රශ්නයට බොහෝ දෙනා මට විවිධ චෝදනා කරද්දී මාව නොමරා මරද්දී මගේ ක්ෂේත්‍රයේ මාව දන්න බොහෝ දෙනා මාව ආරක්ෂා කළා. මට හයියක් වුණා. මිනිස්සු මාව නොමරා වළලද්දී, මට චෝදනා කරද්දී ඒ හැමෝම මට හයියට හිටියා. ඒ වෙලාවේ මම මොනවා කිව්වත් ඒ දේවල් පිළිනොගත්තා. මටම ඇඟිල්ල දික්කරන්න බලාගෙන හිටපු පිරිසක් හිටියා. ඒ වෙනුවෙන් මම දන්න මගේ ක්ෂේත්‍රයේ අය මාව පරිස්සම් කළා. ඒ කාලේ මම වැඩිපුරම හිටියේ දිනක්ෂිලාගේ ගෙදර. දමිතා අක්කා, අසේකා, චන්න අයියා, හේමාල්, සාරංග අයියා, කවීෂා වගේ බොහෝ දෙනෙක් ඒ කාලය පුරාවට මට හයියක් වුණා. හැමවෙලේම මාව ඇවිත් බලලා ගියා. කාලෙත් එක්ක මගේ හිත හදාගන්න බොහෝ දෙනා මට උදව් කළා. මිනිස්සුන්ගේ කතන්දර, මිනිස්සු ගහපු මඩ මාව ශක්තිමත් කළා. ඒ මඩ ගොඩෙන්ම මම නැගිට්ටා. ඒ හැමවෙලේම හිතපු දෙයක් තමයි “මම වැරැද්දක් නොකර ඇයි මම වැටෙන්නේ. කියලා. මගේ හෘද සාක්ෂියට අනුව මම වැරැද්දක් නොකළා කියලා මම දන්නවා. කාට බොරු කලත් හෘද සාක්ෂියට බොරු කරන්න බැහැ.

    මොනවද ශලනි ඉදිරියේදී තියෙන නිර්මාණ…?

    ඉදිරියේදී චන්න පෙරේරාගේ “භාවාත්මා කියන ටෙලිනාට්‍යයක් ළඟදීම විකාශනය වේවි. ඒ වගේම සුපුන් රත්නායකගේ “ඒක දිග කතාවක් කියන ටෙලිනාට්‍යයක් ළඟදීම විකාශනය වේවි. ඊට අමතරව තව ටෙලිනාට්‍ය දෙකක විතර රඟපාලා තියෙනවා. චිත්‍රපට දෙකක් තිරගත වෙන්නත් තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලත් තියෙනවා. ඉතින්… බලමු… මගේ අලුත් ගීතය තමයි මේ දවස්වල මගේ තියෙනව ලොකුම බලාපොරොත්තුව වෙන්නේ.


    සංවාදය : දිශානි/ දේශය

  • එවෙලේ ගත්ත ශුක්‍රාණු අයියලා අපිට තේ එක්ක පෙවුවා – සරසවි ශිෂ්‍යාවක් කියන කතාව මෙන්න…

    එවෙලේ ගත්ත ශුක්‍රාණු අයියලා අපිට තේ එක්ක පෙවුවා – සරසවි ශිෂ්‍යාවක් කියන කතාව මෙන්න…

    විශ්ව විද්‍යාල වල පවතින නවක වදය සම්බන්ධව විවිධ පුද්ගලයින් දරන්නේ විවිධ අදහස්ය. විශ්ව විද්‍යාලයෙන් පිටස්තර පුද්ගලයින් බොහෝ අවස්ථාවල නවක වදයට විරුද්ධව අදහස් දක්වන අතර විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලැබු හා ලබන ඇතැමුන්ද නවක වදයට දැඩි සේ විරුද්ධ වෙයි. නමුත් නවක වදයට මුහුණ දුන් සේම නවකවදයට මුහුණ දෙන ඇතැම් විශ්ව විද්‍යාල සිසුන් නවක වදයට පක්ෂව කතා කරන අතර ඔවුන් ඒ සම්බන්ධව විවිද අදහස් දක්වයි. කෙසේ වෙතත් මේ ලංකාවේ විශ්ව විද්‍යාල තුල නවකවදය නාමයෙන් සිදු උනු අමානුෂික ක්‍රියා පිලිබදව ඒවාට මුහුණ දුන් හා එහි අත්දැකීම් සහිත පුද්ගලයින් හෙලි කල තොරතුරුයි.

    මේ නවක වදය ගැන සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූපසිංහ මහතා වරක් පවසා තිබු අදහස්,
    විවිධ මානසික රෝග තියෙන ළමයි විශ්වවිද්‍යාල වලට එනවා. ඒ අය තමන්ගේ මානසික ආශාවන් විවිධ ආකාරයට ප්‍රකාශ කරනවා. මේ නිසා අලුතින් විශ්වවිද්‍යාල වලට එන දරුවන්ට මේවාට මුහුණ දෙන්නට සිදු වෙනවා. සමහර සිසුන්ගේ ගෙවල්වල තියෙන ප්‍රශ්න පිටකරන්නේ ළමයින්ගේ පිටින්.

    මානසික අතින් පහළ මට්ටමක සිටින මේ අය මේවා කිරීමෙන් උපරීම තෘප්තියක් ලබනවා. ඔවුන් අලුත් ශිෂ්‍යයන් අතර වීරයන් වෙන්නට උත්සාහ කරනවා. විදේශීය විශ්වවිද්‍යාල වල මේ වගේ දේ දකින්නට නැහැ. අඩුම තරමේ පෝස්ටරයක් වත් දකින්නට නැහැ. විශ්වවිද්‍යාල දරුවන්ට අද වියදම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා හැම දේම නොමිලයේ රජයෙන් ලැබෙනවා.

    මේ නිසා දරුවන්ට අධ්‍යාපනයේ වටිනාකමක් ලැබෙන්නේ නැහැ. දරුවෝ මේ නිසයි තමන්ගේ වටිනා කාලය අනවශ්‍ය දේට යොමු කරන්නේ. මේ දේවල් නිසා සමහර අයට විශ්වවිද්‍යාල පවා හැර යන තත්ත්වයක් මතු වෙනවා. එම නිසා මේ නවක වද පීඩා තිබේනම් වහාම නතර කළ යුතුයි.

    අපි විශ්වවිද්‍යාල තුළ මේ වගේ දරුණු නවක වදයට තදින්ම විරුද්ධයි. මේවාට දඬුවම් දිය යුතුයි. වැරැද්දේ බරපතල කම අනුව දඬුවම් දිය යුතුයි. මේ අය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තබා ගැනීම පවා සුදුසු නැහැ. මේ අයට විරුද්ධව නඩු පැවරිය යුතුයි.

    ඇමරිකාවේ විස්කොන්සින් හි විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධිය හදාරන ලංකික සිසුවියක් නවක වදය සම්බන්දව පවසා තිබුනේ මෙවැන්නක්,
    ” මම ඉගෙන ගත්තේ කොළඹ බාලිකා විදුහලකය. උසස්පෙළ සමත් වී මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබුණු දරුණු නවකවද නිසා මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව ගොස් ඇමරිකාවේ අධ්‍යාපනය ලැබීමට තීරණය කලෙමි.

    ඇමරිකාවේ විශ්ව විද්‍යාල ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ වෙනස් ද යන්න මට වැටහුනේ ඇමරිකානු විශ්ව විද්‍යාලයකට පය ගැසූ දිනයේ සිටමය. කිසිවෙකු මට අසභ්‍ය වචන කියන්නට බලෙන් වියායාම කරවීමට , බලෙන් කුණුහර්ප සින්දු කියවීමට පැමිණියේ නැත.

    ජේෂ්ඨ කනිෂ්ඨ බේධයකින් තොරව සිසුන් එකිනෙකාට ගෞරව කළහ. කිසිවෙකු කිසිවෙකුගේ ගරුත්වය කෙලසුවේ නැත. ලංකාවේ විශ්ව විද්‍යාල වල සිසුන් එකිනෙකාට ගරු කරන්නේ නැත. ඔවුන්ට විරුද්ධ මත ඉවසිය නොහැක. සිසුන් අතර විශාල හීනමානයක් ඉර්ශියාවක් වයිරයක් තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි වරක් පැවසු අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ.

    මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්යවරයා පවසයි. ඔහුගේ කතාවේ යම් සත්‍යයක් තිබේ. ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ.

    උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී.

    කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත විය.

    කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මොවුන් අපරාධකරුවන් බවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය හේතු කාරනා නොවිද? යන්නත් බොහෝ අය ප්‍රශ්න කරයි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු ලෙස එකල සිටි තරුණයකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා එකල සිටි ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය.

    එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි.

    එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය.

    ඇමරිකානු විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම් , ඔවුන්ගේ ආකල්ප, සිසුන් එකිනෙකා කෙරෙහි දක්වන ගරුත්වය, ඔවුන් තුල ඇති මිනිස් වටිනාකම් ගැන සලකන විට තමන් මුලික උපාධිය නිමා කල කොළඹ විශ්වවිද්‍යාලය කොතරම් ප්‍රාථමික ස්ථානයක්ද යන්න කියා දැන් තමන්ට වැටහෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි. තමා ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ බව කීමට පවා ලැජ්ජා වන බව ඔහු පවසයි.

  • ජනපති නියමයෙන් සයිටම් සිසුන්ගේ ගැටළුව විසදන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට….

    ජනපති නියමයෙන් සයිටම් සිසුන්ගේ ගැටළුව විසදන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට….

    සුදුසුකම් සලකා බලා සයිටම් වෛද්‍ය සිසුන් 980ක් කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

    ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදියි.

     

  • රුපියල අව ප්‍රමාණ වීමෙන් රුපියල් ‍කෝටි 1690 ක ශුද්ධ වාසියක් – මහ බැංකුවෙන් ප්‍රකාශයක්…

    රුපියල අව ප්‍රමාණ වීමෙන් රුපියල් ‍කෝටි 1690 ක ශුද්ධ වාසියක් – මහ බැංකුවෙන් ප්‍රකාශයක්…

    රුපියල අව ප්‍රමාණ වීම නිසා ඉකුත් කාලය තුළ රජයට රුපියල් කෝටි 1690 ක ශුද්ධ වාසියක් අත්වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

    රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් සිදුවන වාසි අවාසි ගණනය කළ විට අවසන් ප්‍රතිඵලය ලෙස ශූද්ද වාසියක් අත්පත් වී ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    කෙසේ වෙතත් රැපියල දිගින් දිගටම අව ප්‍රමාණයවීම වැලක්වීමේ පියවරක් ලෙස ඩොලර් මිලියන 136.65 ක් වෙළඳපොළට නිකුත් කිරීමට මහ බැංකුව පියවර ගත් අතර ඩොලර් මිලියන 100 ක් වියදම් කළ බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා කීය.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු පොලී අනුපාත තවදුරටත් නොවන්නට පවත්වාගෙන යාමට තීරණයක් ගත් බවද ඔහු කීවේය.

  • මහින්දව ගෙදර යැව්වේ කොහොමද? අගමැති මහතීර් 2016 ජනපති මෛත්‍රීගෙන් අහපු දේ මෙන්න..!

    මහින්දව ගෙදර යැව්වේ කොහොමද? අගමැති මහතීර් 2016 ජනපති මෛත්‍රීගෙන් අහපු දේ මෙන්න..!

    මැලේසියා මහ මැතිවරණයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.එරට මැතිවරණ කොමිසම සඳහන් කළේ, විපක්ෂ සන්ධානය පාර්ලිමේන්තු ආසන 220න් 115ක් ජයග්‍රහණය කර ඇති බව ය. රජයක් පිහිටුවීමට පක්ෂයක් ජය ගත යුතු ආසන සංඛ්‍යාව වන්නේ ආසන 112ක් පමණි.

    මේවන විට 92 වැනි වියේ පසුවන මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂ සන්ධානය එලෙස ජයග්‍රහණය කළේ, වසර 60කට අධික කාලයක් පාලක පක්ෂය ලෙස ක්‍රියා කළ බරිසාන් ජාතික සන්ධානය පරදවමිනි.

    මහතිර් මොහොමඩ් අද දින සිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

    කෙසේ නමුත් 2016 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මැලේසියාවේ සංචාරයක නිරත විය.එම කාලයේදී මැලේසියාවවේ අගමැතිධුරය දැරුවේ නජීබ් රසාක්ය.එම සංචාරයේදී මහතිර් මොහොමඩ් හැට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව හමුවීමට අවශ්‍යව තිබු අතර ඒ සදහා ඉල්ලීමක්ද කර තිබුණි.නමුත් එවකට මැලේසියානු රජය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහතිර් මොහොමඩ් හමුවෙනවාට දැඩි අකමැත්තක් දැක්වුවේය.

    කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහතීර් මොහොමඩ් හමුව පැවැත්වීමට නියමිතව තිබුනේ 2016 දෙසැම්බර් මස 17 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවතී සිටි InterContinental හෝටලයේදීය.නමුත් එම දින උදෑසන සිට මැලේසියානු බුද්ධි අංශ   නිලධාරින් සහ ආරක්ෂක අංශ එම හෝටලය වටකර තිබුණි.කිසිදු අවසර නොලත් පුද්ගලයෙකුට එම හෝටලයට පැමිණීම එරට ආරක්ෂක අංශ ඉඩ ලබා දුන්නේ නැත.ඒ තරමටම මැලේසියාවේ ඊයේ දින දක්වා පැවති රජය මහතීර් මොහොමඩ් හට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවීමට ඉඩ ලබා නොදීමට ක්‍රියා කළේය.

    එවකට එම කතාව එතනින් අවසන් වුයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ මහතීර් මොහොමඩ් හමුව එදින සිදුවන්නට නොමැති බවට සිතමිනි.මැලේසියාවේ පැවති රජය පවා සිතුවේ එම හමුව සිදු නොවන්නට ඇතැයි කියාය.නමුත් ඊයේ දින මහතීර් මොහොමඩ් මැලේසියාවේ අගමැතිවරයා වශයෙන් පත්විය.අද උදෑසන ලෝක මාධ්‍ය වාර්තා කර තිබුනේ පුදුමාකාර පුවතකි.ඒ 2014 දෙසැම්බර් මස 17 වනදා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ නව මැලේසියානු අග්‍රමාත්‍ය මහතීර් මොහොමඩ් හමුව එදින සිදුව ඇති බවය.

    එම මාධ්‍ය වාර්තා කර තිබුනේ එදින හොර රහසේම මහතීර් මොහොමඩ් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාමරයට ගෙන ඒමට මහතීර් මොහොමඩ්ගේ ආරක්ෂක අංශ නිලධාරින් සමත්ව තිබු බවය.

    එම හමුවේදී සකාච්ජා වූ කරුණු වශයෙන් එරට මාධ්‍ය වාර්තා කර තිබුනේ ශ්‍රී ලංකාවේ පැවති රජය පරාජය කිරීමේ මෙහෙයුම සිදු කලේ කෙසේද යන්න මහතීර් මොහොමඩ් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අසා තිබෙන බවය.

    තවද මෙම සාකච්ජාවේදී මහතීර් මොහොමඩ් විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටද උපදෙස් දෙකක් ලබාදුන් බවත් එම මාධ්‍ය වාර්තා සදහන් කර තිබුණි.ඔහු ලබා දුන් පළමු උපදෙස වී ඇත්තේ එවකට මැලේසියාවට 1970 වර්ෂයේදී සහන වශයෙන් සංවර්ධිත රටවල් මුදල් ලබා දුන් බවය.පසුව දීර්ඝ කාලින සහන ණය වශයෙන් මැලේසියාවට සංවර්ධනය වූ රටවල් ණය මුදල් ලබා දුන් බවත් එම ණය මුදල් ලබා දුන්නේ වසර 30 කින් පසුව ගෙවීමටත් බවය.පසුව වාණිජ ණය වශයෙන්ද සංවර්ධිත රටවල් ණය ලබා දුන් බවත් එම ණය මුදල් අවුරුදු 5ක් තුල ගෙවා නිම කලයුතු බවත්ය.ඊට පසුව පැමිණි චීන ණය , එම ණය මුදල් ඔවුන් ලබා දුන්නේ ණය මුදලත් ලබා දී ඒ සදහා අවශ්‍ය භාණ්ඩද ලබා දී චීනයෙන් මිනිස් ශ්‍රමයද ලබා දෙන බවය.කිසිම දිනෙක අවසානයට කියූ ණය නොගන්නා ලෙසත් එලෙස එම ණය ගතහොත් කිසිම දිනෙක එම මුදල ගෙවා ඉවර කල නොහැකි බවත් දැනටමත් ශ්‍රී ලංකාවට සිදු වී ඇත්තේ ඒ දෙය බවත් ඔහු පවසා තිබෙනවා.අධිවේගී මාර්ග,මත්තල ගුවන් තොටුපල , හම්බන්තොට වරාය උදාහරණ ලෙස මහතීර් මොහොමඩ් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පවසා ඇත.

    අනෙක් උපදෙස වී ඇත්තේ රටේ මිනිසුන් තුල ඇති ජාති ආලය ආර්ථික ආලයක් ලෙස හරවාගත යුතු බවය.මැලේසියාව දියුණු වූ ප්‍රධානම හේතුව වුයේ මිනිසුන් තුල ඇතිවූ ආර්ථික ආලය නිසාවෙන් බව ඔහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පවසා ඇත.

    ඉන් පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් මහතීර් මොහොමඩ් මහතාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයට දේශනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.නමුත් එවකට සිටි විදේශ අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා ඊට විරුද්ධ වූ නිසා මහතීර් මොහොමඩ් මහතා මෙරටට ගෙන්වීමට නොහැකි වූ බව අපට මතකය.

  • රට හරිමගට ගන්න පක්ෂ පාට අදාලම නෑ.. ජනපති නියෝගයෙන් සැකකාර පොල්ගම්පලත් දොට්ට…

    රට හරිමගට ගන්න පක්ෂ පාට අදාලම නෑ.. ජනපති නියෝගයෙන් සැකකාර පොල්ගම්පලත් දොට්ට…

    රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) අත්හිටවනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    අනුරුද්ධ පොල්ගම්පොළ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ ඉකුත් 4 වැනි දාය.

    රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පී දිසානායක මහතා රුපියල් කෝටි දෙකක අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පත්කරනු ලැබීය.

    පොල්ගම්පොළ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කිරිමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ඔහුගේ පත්වීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා 2015 ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීය.

    අනතුරුව ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

    අජන්ත කුමාර අගලකඩ

  • අලි නාවන්න අරගෙන යද්දි මරු දැක්ක තරුණයා තිස් වසරකට පසු පෙර භවය සොයා ගිය ගමන…!

    අලි නාවන්න අරගෙන යද්දි මරු දැක්ක තරුණයා තිස් වසරකට පසු පෙර භවය සොයා ගිය ගමන…!

    පෙර භවයේ දී අලි ඇසුර හෙළි කළ දරුවන් අතරින් අලි භාෂාව කතා කළ කනිෂ්ක නම් දරුවකු පිළිබඳව පුවතක් පුවත් පතක් වාර්තා කර තිබෙනවා. කුඩා කල සිටම පෙර බවය පිළිබඳව කතා කල ඔහු මේ වන විට විවාහක තරුණයෙක්. කෙසේ වෙතත් ඔහුගේ පොර භවයේ තොරතුරු පිළිබඳ පරීක්ෂණ කර මේ වන විට සියළු තොරතුරු සනාථ කරගෙන තිබෙනවා.

    මේ ඔහු පිළිපබඳව ලියවනු පුවත්පත් වාර්තාවක්.

    1979 වසරේදී කොළඹ පෞද්ගලික රෝහලකදී උපත ලද කණිෂ්ක පෙර භවය හෙළි කිරීම ආරම්භ කළේ වයස අවුරුදු තුනේ සිටය. ඉතා කුඩා අවදියේ සිට ඔහු ජලයට අධික බියක් දක්වන බැව් මවට දක්නට ලැබිණි. ස්නානය කරවීම සඳහා සිරුරට ජලය දමන විට ඔහු දැඩි ලෙස බිය පත්ව කෑගැසීම සිරිත විය. 

    මේ අතර ඉතා කුඩා අවදියේ සිට ඔහු අලි ඇතුන්ගේ රූප දුටු විට ඒවා ලබා දෙන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව කණිෂ්කගේ ප්‍රියතම සෙල්ලම් භාණ්ඩ වූයේ අලි ඇතුන්ගේ රූප සහ විවිධ අයුරින් නිර්මාණය කළ අලි ඇතුන්ය. එසේ එකතු කර ගත් ඇලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ඔහු සතුව තිබිණි. සෙල්ලම් අලින් නෑවීම සහ උන්ට ආහාර දීමට ද පුංචි කණිෂ්ක හැම විටම උත්සාහ කළේය. 

    තම පුංචි පුතුගේ මෙම හැසිරීම් රටාව දරුවන්ගේ සාමාන්‍ය සිරිත ලෙස දෙමාපියෝ සිතූහ. මේ අතර ඔහු තුළින් මතු වූ තවත් ක්‍රියාවක් විය. එනම් මහ මඟදී හෝ දක්නට ලැබෙන අලි ඇතුන් අසලට ගෙන යන ලෙස ඉල්ලා සිටීමය. 

    කිසිදු බියක් නොමැතිව ඇලි ඇතුන් අසලට යෑමට ඔහු උනන්දු විය. එය නතර කර වීමට දෙමාපියෝ කොතරම් උත්සාහ ගත් නමුත් අලින්ට ඔහු දැක් වූ දැඩි ආදරය වැළැක්වීම අසීරු විය. තම පුත්‍රයා අලි ඇතුන්ට දක්වන මෙම විශේෂත්වය පෙර භවයක් හා සම්බන්ධ වන බවක් දෙමාපියෝ නොසිතූහ. 

    හොඳින් කතා කිරීමට හැකි වීමත් සමග ඔහු දිනක් මව ඇමතීය. 

    මට අලි දෙන්නෙක් හිටියා යැයි පැවසීය. එම වදන පිළිබඳව මව එතරම් අවධානයක් යොමු නොකළාය. නැවත නැවත එය ප්‍රකාශ කළ දරුවා ඔහු සිටි ප්‍රදේශය මහගම යනුවෙන් හැඳින්වූ බැව් ද කීවේය. ඒ සමගම අලින් පාලනය කිරීම සඳහා භාවිත කරනු ලබන වදන් කීපයක් ද හෙළි කළේය. 

    දහ අලියා, දිරි අලියා යනුවෙන් ඔහු පැවසීය. තම පුත්‍රයාට කිසි දිනෙක අසන්නට නොලැබුණ මෙම වදන් ඔහු ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න දෙමාපියෝ මවිතයට පත්ව සිටියහ. 

    කනිෂ්ක පෙර භවයක තොරතුරු හෙළි කිරීමක් සිදු කරන්නේ ද යන්න මවට සැක සිතුණි. එහෙත් ඒ පිළිබඳව කිසිදු විමසීමක් කිරීමට පියා තදින්ම විරුද්ධ විය. දරුවාගේ එම ප්‍රකාශ අමතක කරවීමට උත්සාහ ගන්නා ලෙස පියා කණිෂ්කගේ මවට උපදෙස් දුන්නේය. පුත්‍රයාගෙන් එම තොරතුරු විමසීමෙන් ඔහුට කිසියම් මානසික බලපෑමක් ඇති විය හැකි යයි පියා සිතුවේය. 

    එහෙත් පෙර භවය පිළිබඳව ඉතා හොඳ මතකයකින් සිටි කනිෂ්ක අලියකු නෑවීමට ගිය බවත් එහිදී ජලයට වැටී මරණයට පත් වූ බවත් කීවේය. පෙර භවයේදී අලි දෙදෙනෙකු සිටි බවත් ඔහු ප්‍රකාශ කළේය. 

    එහෙදී අලි දෙන්නෙක් හිටියා. අපි උන්ට කිතුල් දෙනවා. ඒ වත්තෙත් කිතුල් තිබුණා. නාවන්න යන කොට උන්ගෙ කුකුලට යකඩ දම්වැලක් දානවා යැයි ද ඔහු නිතර නිතර පැවසුවේය. පෙර සිටි ගම් ප්‍රදේශය මහගම බවත් එළගොඩ වත්ත යනුවෙන් නමක් ද ඔහු මතකයෙන් හෙළි කළේය. පෙර භවයේ පුද්ගල නමක් ලෙස ජයතිලක යනුවෙන් හැඳින් වූ බවක් ද ඔහුට මතක තිබිණි. 

    දිනක් අලියෙකු නෑවීම සඳහා යන විට ජලයට වැටුණ බැව් ඔහු පැවසුවේ එදා අලියව නාවන්න අපි අරගෙන ගියා. එතකොට මාව විසිවී වතුරට වැටුණා. ඉතින් මට නින්ද ගියා යනුවෙනි. 

    මට එහිදී කියන්නේ ලොකු අයියා කියලා යැයි ද කනිෂ්ක සිය පෙරභව මතකයෙන් අනාවරණය කළේය. ඇතැම් විට හඬනගා කෑ ගසන ඔහු අලි කුංචනා ද කරනවා යැයි ද මව සමග පැවසුවේ මව පුදුමයට පත් කරවමිණි. මෙම දරුවා හෙළි කළ තොරතුරු පිළිබඳව ප්‍රථම වරට විමර්ශනයක් කිරීමට අපට අවස්ථාව ලැබුණේ 1982 වසරේදීය. එහිදී කණිෂ්ක අනාවරණය කළ තොරතුරු පර්යේෂණ වාර්තාවකට ඇතුළත් කර තිබේ. එහි සඳහන් වූ ප්‍රධාන කරුණු මෙසේය. 

    මම එහෙදී අලි නෑව්වා. අපිට අලි දෙන්නෙක් හිටියා. මට ලොකු අයියා කියලා කතා කළා. නම ජයතිලක, අලින්ට කිතුල් කන්න දෙනවා. වත්තෙ කිතුල් තිබුණා. අලින්ව ගෙන යන විට කකුලට දම්වැලක් දානවා. 
     අලින්ව ගෙන යන්න ​ෙහණ්ඩුවක් ඕනෑ. මහගම හිටියා. එළගොඩ වත්තේ හිටියා. 

    අලියව නාවන්න යනකොට විසිවී වතුරට වැටුණා. 

    මට නින්ද ගියා. 

    මේ අයුරින් කණිෂ්ක හෙළි කළ පෙරභව තොරතුරු පිළිබඳව පර්යේෂණයක් පැවැත්වීමට මහාචාර්ය ස්ටීවන්සන් ද ඒ  දිනවල ශ්‍රී ලංකාවට පැමිණියේය. එහිදී අවධානය යොමු කළ ප්‍රධානතම කරුණ ලෙස ගනු ලැබුවේ අලින් සිටි ජයතිලක නම් අයෙකු මිය ගිය නිවසක් සෙවීමය. ඒ අනුව එදා කණිෂ්කගේ පෙර භවය සෙවීම දුෂ්කර විය. පර්යේෂණ මට්ටමේ පවතින පුනර්භව සාධකයක් ලෙස මේ වන තුරු එය වාර්තා ගත වී තිබිණි. ඔහු හෙළි කළ තොරතුරු පසුගිය ලිපියකින් නැවත අනාවරණය වීමෙන් පසු කණිෂ්ක අප ඇමතුවේය. ඔහු විසින් තම පෙර භවය සොයා ගත් බැව් අප වෙත දැන්වීය. 

    විවාහයෙන් පසු කනිෂ්කගේ බිරිය ඒ පිළිබඳව උනන්දුවක් ගත් බවත් පෙරභව තොරතුරු විමර්ශනය සඳහා මහත් වෙහෙසක් ගත් බවත් කනිෂ්ක පවසයි. ඔහු පෙර භවය සොයාගත් අන්දම කනිෂ්ක අප සමග හෙළි කළේ මෙසේය. 

    මම පුංචි කාලේ කරපු ප්‍රකාශ මව විසින් මගේ බිරිඳටත් පැවසුවා. ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට අැය දැඩි උත්සාහයක් ගත්තා. මතුගම ප්‍රදේශයේ අලි ඇතුන් සිටි නිවසක තරුණයෙකු මිය ගිය අලින් සිටි නිවසක් අපි සොයා බැලුවා. මහගමට නුදුරු දීයකඩුව ප්‍රදේශයේ අලියෙකු පහර දී මරණයට පත් වූ තරුණයකු පිළිබඳව අපට ආරංචි වුණා. ඒ පිළිබඳව කරුණු සෙවීමට මහින්ද විජේතිලක මහතාත් අපට උදව් කළා. 

    ඒ අනුව අලියෙකු පහර දී ජලයට වැටී මිය ගිය තරුණයෙකුගේ තොරතුරු සොයා ගත හැකි වුණා. එම තරුණයා මිය ගොස් තිබුණේ අලි දෙදෙනෙකු සිටි නිවසක එක් අලියෙකු පහරදීම නිසයි. එම තොරතුරු සොයා බැලීමේදී මා කුඩා කල හෙළි කර තිබූ කරුණු එම තරුණයාගේ ජීවිත තොරතුරුවලට සමාන වුණා යැයි කනිෂ්ක පැවසීය. 

    කනිෂ්ක පැවසූ පරිදි ඔහුගේ පෙරභවය ලෙස සනාථ වූ කරුණු විමර්ශනය කිරීමට පසු ගිය දිනෙක කණිෂ්කගේ පෙර භව ඥාතීන් ද හමු වුණෙමු. 

    රණවක ආරච්චිගේ දිමිතියෙස් මහතා සහ ඔහුගේ බිරිය බේබි නෝනා පදිංචිව සිටියේ මතුගම දීයකඩුව ප්‍රදේශයේය. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩි මහල් දරුවා වූයේ ඊබට්ය. 1951 පෙබරවාරි 4 වැනිදා උපත ලැබූ ඊබට් අධ්‍යාපනය ලැබුවේ දීයකඩුව කනිෂ්ඨ විදුහලෙනි. ඊබට්ගේ දෙමාපියන්ගේ ජීවිකාව වූයේ ගොවිතැන සහ තේ වගාවෙන් ලද ආර්ථිකයෙනි. 

    අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොදැක්වූ ඊබට් අධ්‍යාපනය ලැබුවේ පස් වැනි ශ්‍රේණිය දක්වා පමණි. 

    අනතුරුව ඔහු පියාගේ ගොවිතැන් වැඩවලට සහාය වන්නට විය. ඔවුන් පදිංචි නිවසට ආසන්න නිවසක අලින් දෙදෙනෙකු ඇතිදැඩි කෙරිණ. එම අලින් බලා ගැනීමට ඇත් ගොව්වෙක් සිටියේය. අලි ඇතුන්ට ඉමහත් ආදරයක් දැක් වූ ඊබට් කුඩා කල සිටම එම නිවසට ගොස් අලින් දෙදෙනාටම ආහාර දීමටත් උන් නෑවීම සඳහා ගෙනයන විට දී ඇත් ගොව්වාට සහය වීමත් සිරිත විය. අලින් නෑවීමට ගෙනයන විටදී ඇත්ගොව්වා සමග  ඒ පිටුපසින් යෑමට ඊබට් මහත් ආශාවක් දැක්වීය. 

    එදා 1968 ජුනි 05 වැනිදාය. ඒ වන විට ඊබට් වයස අවුරදු 18 ක තරුණයකුව සිටියේය. එදින නිව​ෙස්​ සිටි ඔහුට අසල නිවසේ අලියෙකු නෑවීමට ඇත්ගොව්වා විසින් ගෙන යනු දක්නට ලැබිණි. වහා එහි ගිය ඊබට් අත්ගොව්වාට එකතු වී අලියා පසු පසින් ගමන් කළේය. 

    එදින ධාරානිපාත වර්ෂාව පැවති දිනයකි. අවට ප්‍රදේශය ජලයෙන් යට වී තිබිණි. ඊබට් අලියා අසලින්ම ගමන් කළේය. හදිසියේම ඊබට් දෙසට හැරුණු අලියා ඔහු හොඬවැ​ෙලන් අල්ලා ඉවතට විසි කළේය. ජලය පිරුණු ළඳු කැලෑවට ඊබට් වැටුණි. ඇත් ගොව්වා විසින් වහා අලියා මෙල්ල කරගනු ලැබීය. කෑ ගසන හඬ ඇසී එහි පැමිණි පිරිසට ඊබට් සොයා ගොඩගෙන රෝහල් ගත කළ නමුත් ඔහු අවසන් හුස්ම හෙළීය. 

    මෙම සිදුවීම පිළිබඳව ඉතා හොඳ මතකයක් ඇති ඊබට්ගේ මිතුරෙකු වූ තිලකරත්න එම සිදුවීම අප සමග හෙළි කළේ මෙසේය. 

    “අපේ ගෙදර තිබුණෙත් ඊබට්ලගේ ගෙවල් ළඟමයි. එදා එයා අලියා පිටුපසින් යනවා මමත් දැක්කා. ටික වේලාවකින් මිනිසුන් කෑ ගසන හඬ ඇසී මමත් එතනට දුවගෙන ගියා. ඊබට්ව වතුරට වැටී සිටියා. අපි එයාව ඉස්පිරිතාලෙට අරන් ගියා. ඒ වන විටත් එයා මරණයට පත්ව සිටියා” යැයි ඔහු කීය. 

    ඊබට්ගේ මව වූ බේබි නෝනා දැන් අසූපස් වන වියේ පසුවන්නීය. ඊබට් පුතා ගැන ඇයට තවමත් ඉතා හොඳින් මතකය. ඊබට් පිළිබඳව ඇය අප සමග අනාවරණය කළේ මෙසේය. 

    “ඊබට් පුතා ඉගෙන ගන්න ඒ තරම් උනන්දුවක් තිබුණේ නෑ. එයා තාත්තත් එක්ක ගොවිතැන් වැඩ කළා. අපේ ගේ ළඟ ගෙදරක අලින් දෙදෙනකු සිටියා. උන්ව බලා ගන්න ඇත් ගොව්වෙක් සිටියා. ඊබට් පුතා පුංචි කාලෙ ඉඳලම ඒ අලි දෙන්නා සිටි ගෙදරට යනවා. එයා අලින්ට හරිම ආදරෙයි. උන්ව නාවන්න අරගෙන යනකොට එයත් උන් පස්සෙන් යනවා. එදා හොඳටම වැස්ස තිබුණා. 

    අලියෙකුව නාවන්න යන විටදී එයත් එදා පස්සෙන් ගියා. ඇත්ගොව්වත් එක්ක යනකොට හදිසියේම පුතාව අලියා හොඬවැලෙන් අරන් විසි කරලා තිබුණා. එයාව වැටිලා තිබුණේ වතුර පිරුණු තැනකට. මිනිස්සු එකතු වෙලා එයාව ගොඩ අරගෙන ඉස්පිරිතාලෙ අරන් යනකොටම මැරිලා යයි බේබි නෝනා සිය මතකය අවදි කළාය. 

    කණිෂ්ක කුඩා කල හෙළිකළ පෙරභව තොරතුරුවල ඇතුළත් කරුණු රැසක් ඊබට්ගේ ජීවිත තොරතුරුවලට සමාන වී තිබේ. ඒ අතරින් ප්‍රධාන කරුණ වන්නේ කණිෂ්ක පැවසුවේ පෙර භවයේදී ඔහුට ඇමතුවේ ලොකු අයියා යනුවෙන් බවකි. ඊබට් පවුලේ වැඩිමහල් දරුවා නිසා ඔහුට බාල සොහොයුරියන් සහ සොහොයුරා ඔහු අමතා ඇත්තේ ලොකු අයියා යනුවෙනි. 

    ඔහු එහි අලින් දෙදෙනකු සිටි බැවි හෙළි කළේය. ඊබට් මරණයට පත් වූ පහරදීම සිදු කළ අලියා සමග තවත් අලියෙක් සිටි පුවත ද සනාථ විය. කණිෂ්ක පැවසුවේ අලියා නාවන්න යන විටදී වතුරකට වැටුණ බවකි. එදා ඊබට් නොදැනුවත්වම එක්වරම ක්ෂණිකව අලියා ඔහු ජලයට විසි කර තිබේ. 

    අලියාට එම ගෙවත්තේ දී කිතුල් කෑමට දුන් බව කනිෂ්ක පැවසීය. ඊබට් නිතරම අලින් දෙදෙනාට කෑම දීමට ඉදිරිපත් වී තිබේ. අලි ඇතුන්ට ඊබට් දැක් වූ ඉමහත් ආදරය කණිෂ්ක තුළින් ද දක්නට ලැබී ඇත්තේ ඉතා කුඩා අවදියේ සිටය. කනිෂ්ක හෙළි කළ ජයතිලක සහ පුද්ගල නාමයන් එළගොඩවත්ත නම් නමක් පිළිබඳව ද විමර්ශනයක් කළෙමු. එහිදී තහවුරු වූයේ ඊබට් එම අලින් දෙදෙනා ඇසුරු කරන සමයේදී ඇත්ගොව්වාට සහාය වීමට ජයතිලක නම් අයෙක් එහි නිතර පැමිණෙන බවකි. එළගොඩවත්ත යනුවෙන් කණිෂ්ක ප්‍රකාශ කර තිබූ ප්‍රදේශයක් පිළිබඳව අප විමර්ශනය කළ විටදී ඊබට්ගේ සොහොයුරියක් ප්‍රකාශ කළේ ඔහු ජීවත්ව සිටියදී ගිය ප්‍රදේශ අතර එම ප්‍රදේශයේ තිබූ ලෙඩහේන වත්ත යනුවෙන් ප්‍රදේශයක් ගැන නිතර භාවිත වූ බවකි. කණිෂ්ක හෙළි කළ අනෙකුක් තොරතුරු අනුව ඊබට්ගේ යළි ඉපදීම කණිෂ්ක ලෙස සිදු වී ඇති බව ඊබට්ගේ මව සහ සොහොයුරියන් විසින් මුළුමනින්ම පිළිගැනීමට ලක්වී තිබේ. 

    ඊබට්ගේ නිවසේ අයත් කනිෂ්කගේ පවුලේ ඥාතීන් ද මෙම පුනර්භව සාධකය නිසා ඥාතීන් බවට පත් වී තිබේ. 1968 ජුනි 05 වැනිදා උපන් ඊබට්ගේ මරණය සිදුවී ඇත්තේ 1979 අප්‍රේල් 17 වැනිදාය. තිස් වසරකට පමණ පසු පෙර භවය සොයාගත් සිදුවීමක් ලෙස කණිෂ්කගේ පුනර්භව සාධකය පර්යේෂණ අතරට එක් විය. 

  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට….

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට….

    අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ඊයේ රැස්වූ කැබ්නට් මණ්ඩලයේදී තීරණය කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරනවා.

     ඒ අනුව පෙට්ට්‍රල් ලීටරයක මිල රු. 20 කින්ද, භූමිතෙල් ලීටරයක මිල රු. 40 කින්ද සහ ඩිසල් ලීටරයක මිල රු. 9/= කින්ද ඉහළ දැමෙනු ඇති බව පැවසෙනවා

    මේ අනුව නවතම ඉන්ධන මිල වන්නේ පෙට්ට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රු. 137/-, පෙට්ට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රු. 148/-, ඔටෝ ඩිසල් ලීටරයක් රු. 109/-, සුපර් ඩිසල් ලිටරයක් රු. 119/- සහ භූමිතෙල් ලීටරයක් රු. 101/- වනු ඇති.

    මිට අමතරව ඉකුත් සති දෙක තුලදී කිලෝග්‍රෑම් 12.5 ක් බරැති ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 245 කින්ද, කිරිපිටි කිලෝවක මිල රු. 50 කින්ද ඉහළ දැමීමට තීරණය වුනා.

  • අධ්‍යාපණ අයිතිය ඉල්ලා සයිටම් සිසුන් පාරවල් වසාගෙන පෙලපාලියකින් ජනපති මන්දිරයට….

    අධ්‍යාපණ අයිතිය ඉල්ලා සයිටම් සිසුන් පාරවල් වසාගෙන පෙලපාලියකින් ජනපති මන්දිරයට….

    සයිටම් පක්ෂපාති පාගමනක් හේතුවෙන් ලෝටස් වට රවුමේ සිට ගාලු මුවදොර දක්වා මාර්ගය වසා දමා තිබෙනවා. විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය ඉල්ලා සිටිනවා.

    https://www.facebook.com/FFE.SriLanka/videos/1699861483385125/

    https://www.facebook.com/FFE.SriLanka/videos/1699865976718009/

    https://www.facebook.com/FFE.SriLanka/videos/1699861483385125/

    https://www.facebook.com/FFE.SriLanka/posts/1699856923385581

    https://www.facebook.com/FFE.SriLanka/videos/1699849610052979/

    https://www.facebook.com/FFE.SriLanka/posts/1699848266719780

    https://www.facebook.com/FFE.SriLanka/posts/1699872506717356