Category: සුපිරි World

  • ගංවතුර – සුළිකුණාටු ආසියාව වනසයි

    ගංවතුර – සුළිකුණාටු ආසියාව වනසයි

    ඉන්දියාවේ සහ චීනයේ ගංවතුරෙන් හා සුළි කුණාටුවලින් විශාල පිරිසක් මියගොස් තිබේ.

    දකුණු හා බටහිර ඉන්දියාවට බලපා ඇති ගංවතුරෙන් මේ වනවිට 140 දෙනකු මියගොස් තිබේ. මෙයින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ කේරළයේය. ජල ගැලීම්වලින් තවත් ලක්‍ෂ ගණනක පිරිසක් අවතැන්ව සිටිති.

    මේ අතර චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුව හා ගංවතුර හේතුවෙන් තිස් දෙදෙනකු මියගොස් තවත් දහසය දෙනකු අතුරුදන්ව සිටිති.

    චීනයේ ෂෙජියාං පළාතේ ලක්‍ෂ දහයක ජනතාවක් අවතැන්ව සිටිති. නිවාස තිස් හතර දහසක් විනාශ වී ඇති අතර යුආන් බිලියන පහළොවක පමණ අලාභයක් සිදුව තිබේ.

  • Face App මෘදුකාංගය ගැන අමෙරිකාව විමර්ශනයක් ඉල්ලයි

    Face App මෘදුකාංගය ගැන අමෙරිකාව විමර්ශනයක් ඉල්ලයි

    ෆේස්ඇප් මෘදුකාංගය ගැන විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පරිශීලකයන් තමන් වයසට ගිය කල කෙසේදැයි පෙන්වන මෙම මාදූකාංගය මේ දිනවල අතිශය ජනප්‍රිය වී ඇති බවයි.

    සමාජ මාධ්‍යවල මේ දිනවල වේගයෙන් ප්‍රචලිත වී තිබෙන ෆේස්ඇප් මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක චක් ෂූමර් අවධාරණය කර ඉල්ලා සිටියේය.

    පරිශීලකයන් තමන් වයසට ගිය කල කෙසේදැයි පෙන්වන රුසියාවේ නිෂ්පාදිත මෙම මාදූකාංගය මේ දිනවල වඩාත් ජනප්‍රියයි. ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය අවදානමක යන කරුණු සලකා බලමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය ආරම්භ කළ යුතු යැයි ඔහු ඉල්ලා සිටියේය.

    පරිශීලකයන්ගේ ඡායාරූප වෙනස් කරමින් ඔවුන් තවත් වසර කිහිපයකින් පෙනෙන්නේ කෙසේදැයි පෙන්වීම මෙම මෘදුකාංගයේ කාර්යයක්. ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය භාවිත කරන අතර එහිදි පරිශීලකයන්ගේ මුහුණුවලට රැළි වයසක පෙනුමක් ලැබෙන පරිදි ඔවුන්ගේ ඡායාරූප සංස්කරණයක් සිදුකරයි.

    රුසියාවේ නිෂ්පාදනය කර තිබෙන මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි සෙනට් සභික චක් ෂූමර් ඇමෙරිකා එක්සත් ජනපදයේ පාරිභෝගික ආරක්ෂණ ආයතනයෙන් ද ඉල්ලා සිටියේය. මෙම මෘදුකාංගය ඔස්සේ විදෙස් රාජ්‍ය ද ඇතුළුව  ඇමෙරිකානු පුරවැසියන්ගේ දත්ත තෙවැනි පාර්ශවවලට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී මතුවන බව එෆ්.බී.අයි වෙත ලිපියක් යොමු කරමින් සෙනට් සභික චක් ෂූමර් සඳහන් කර තිබෙනවා.

    අමෙරිකාවට එරෙහිව සයිබර් අවකාශය තුළ ක්‍රියාකාරී ලෙස කටයුතු කරන විදෙස් බලවතෙකුට ඇමෙරිකානු පුරවැසියන්ගේ දත්ත ලබාදීම ඉතා සංකීර්ණ හා ගැටලුකාරී තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළේය.

    ෆේස්ඇප් මෘදුකාංගය භාවිතයට පැමිණියේ මීට වසර දෙකකට පෙරයි. මේ වනවිට ‘ගූගල් ප්ලේ’ සේවාව තුළ වැඩිම වතාවක් බාගත කරන ලද මෘදුකාංගය බවට පත්ව ඇත්තේ ද ෆේස්ඇප් මෘදුකාංගය වන අතර  එහි පරිශීලිකයන් මේ වනවිට මිලියන 100 ඉක්මවා ගොස් තිබේ.

  • ෆේස්බුක් සමාගමෙන් ලංකාවට අලුත් නීතියක්!

    ෆේස්බුක් සමාගමෙන් ලංකාවට අලුත් නීතියක්!

    ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පරිශීලකයන්ට නව රෙගුලාසි කිහිපයක් පනවා තිබේ.

    නව රෙගුලාසි අනුව මෙරට පුද්ගලයෙකුට මැසෙන්ජර් මගින් එකම පණිවුඩය එකරන යැවිය හැක්කේ පස් දෙනෙකුට පමණි.

    තම ආචාර ධ්රම කඩ කරන පුද්ගලයන්ගේ තොරතුරු ව්‍යාප්ත වීම සීමා කිරීමට නව රෙගුලාසි පැනවූ බවද සමාගම කියයි.

  • මෝදිට ඓතිහාසික ජයක්!

    මෝදිට ඓතිහාසික ජයක්!

    ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ජයග‍්‍රහණය කර ඇත. ඉන්දීය මහා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට ආසන 347 ක් හිමි වෙද්දී කොංග‍්‍රස් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 90 ක් පමණි.

    මෙම ජයග‍්‍රහණය මගින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන ජනප‍්‍රිය භාවය නැවත වරක් තහවුරු වී ඇත. භාරතීය ජනතා පක්ෂයට 2014 දී ලැබූ ජයග‍්‍රහණයට වඩා විශිෂ්ට ජයග‍්‍රහණයක් මෙවර හිමි වී ඇත.

    ඉන්දියාව පුරාම මෝදී රැල්ල වඩා හොඳින් පැතිර ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

    ඉන්දියානු පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 272 ක් අවශ්‍ය වන අතර භාරතීය ජනතා පක්ෂය එම ප‍්‍රමාණය දැනටමත් සපුරා ඇත. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයෝ අටදහසක් පාර්ලිමේන්තු ආසන 543ක් වෙනුවෙන් තරග කළහ.

    උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ආසන 80 න් 55 ක්ම භාරතීය ජනතා පක්ෂය විසින් ජයග‍්‍රහණය කර ඇත.

  • දේව මෙහෙයක් අතරතුර වෙඩි ප්‍රහාරයක්..

    දේව මෙහෙයක් අතරතුර වෙඩි ප්‍රහාරයක්..

    බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයට එල්ලවූ සන්නද්ධ වෙඩි ප්‍රහාරයකින් එහි පියතුමා ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    කෙසේ වෙතත් එම ප්‍රහාරය එල්ල කළ ජිහාඩ් ත්‍රස්තවාදීන් සඳහන් කළේ, ඉන් පුද්ගලයන් 20 ත් 30 ත් අතර පිරිසක් මියගිය අතර පසුව තමන් එම දේවස්ථානයට ගිනිතැබූ බවයි.

    දේව මෙහෙයක් පැවැත්වෙන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ලවී තිබිණ.

  • Facebook වලින් තහනමක්

    Facebook වලින් තහනමක්

    ‘සුදු ජාතික වාදය’ සහ ‘බෙඳුම්වාදය’ සඳහා අනුබල දෙන ප්‍රශංසා, සහයෝගය ලබාදීම්, සිදු කිරීම සම්පූර්ණයෙන්ම වළක්වන බව, ෆේස්බුක් සමාගම නිවේදනය කරයි. 

    ලබන සතියේ සිට මෙය ක්‍රියාත්මක කරන බව එම සමාගම පසුගිය අගහරුවාදා සදහන් කර ඇත. මේ අනූව ත්‍රස්තවාදය හා අන්තවාදය දිරි ගන්වන කිසිඳු ආකාරයක ප්‍රකාශයක් ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කරනු ඇත.  

    ෆෙස්බුක් සමාගම තවදුරටත් කියා සිටින්නේ, ත්‍රස්තවාදී කණ්ඩායම් සිදු කරන ප්‍රචාරණයන් සහ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඒවා මුළුමනින්ම වැළැක්වීමට ක්‍රියා කරන බවයි. එම සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගියදා සිදුවූ නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයේ දී එම ප්‍රහාරකයා සජීවී ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ එය විකාශය කිරීමට කටයුතු කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින්ය. එම සිද්ධියෙන් 50දෙනෙකුට දිවි අහිමි විය. 

  • අමෙරිකානු රෝහලකට සුවිශේෂ සම්මාන දෙකක් හිමිකර දුන් ශ්‍රී ලාංකික වෛද්‍යවරිය

    අමෙරිකානු රෝහලකට සුවිශේෂ සම්මාන දෙකක් හිමිකර දුන් ශ්‍රී ලාංකික වෛද්‍යවරිය

    2019 වසරේ එක්සත් ජනපදය පුරා පවතින රෝහල් අතරින් සායනික ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ ඉහළම ජයග්‍රහණය ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් අධ්‍යක්ෂධූරය දරණ රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල අත්කරගෙන තිබෙනවා. ඊට අමතරව වසරේ ජනප්‍රියතම අධ්‍යක්ෂකවරියට හිමි සම්මානයද මෙම ශ්‍රී ලාංකික වෛද්‍යවරිය විසින් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

    පසුගියදා අමෙරිකාවේ බර්මින්හැම් හිදී පැවති වෛද්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ වාර්ෂික සමුළුවේදී මෙම සම්මාන දෙකම පිරිනමා තිබෙනවා. අමෙරිකාවේ ප්‍රාන්ත 52ක් නියෝජනය වන පරිදි තෝරා ගෙන තිබු රෝහල් 149ක් අතරින් මෙම සුවිශේෂී සම්මාන දෙක හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරිය අධ්‍යක්ෂ ධුරය දරණ රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල සමත්වුණා.

    අමෙරිකා එක්සත් ජනපදයේදී මෙම සාර්ථකත්වය ලබාගැනීම සඳහා රෝහලක් විවිධ කාණ්ඩවලින් සාර්ථකත්වයට පත් විය යුතුයි. රෝගී තෘප්තිය එහි ප්‍රධානම අංගයක්. ඔවුන්ට ලබා දෙන රැකවරණය, වෛද්‍යවරුන් සමඟ සහසම්බන්ධතාවය හා විසර්ජන සැලැස්ම පිළිබඳව ඔවුන්ගෙන් මෙම සමීක්ෂණයේදී විමසීමක් සිදු කරනු ලබනවා.

    රොක් හිල්හි සෞඛ්‍ය සේවය ලබාගත් රෝගීන් 90% කට වඩා වැඩි පිරිසකගේ ප්‍රතිචාර මෙම ඇගයීමට හේතු කොට ගැනුණා. මෙහි තවත් සැලකිය යුතු ගුණාංගයක් වන්නේ සෞඛ්‍ය සංරක්ෂණය කිරීමයි.

    මෙම රෝහල රෝගියාගේ ආරක්ෂාව සඳහා කැපවුණ අතර, රෝගීන්ට ඉහළම මට්ටමේ රැකවරණය ලබා දී සාමාන්‍ය ජීවිතය ගතකිරීමට නැවත යාමට ඉඩ සලසා දීම සහතික කිරීම විශේෂත්වයක්. රෝගීන්ට තම ඉලක්ක වෙත ළඟා වීම සහ ඔවුන්ගේ පවුල් වෙත යළි යෑමට උපකාර කිරීම රෝහලේ අවසාන අරමුණයි.

    ශ්‍රී ලාංකික වෛද්‍යවරියක වන ශිරානි මාලිකා ජයසූරියගේ මෙහෙයවීම සහ උපදෙස් යටතේ සෞඛ්‍ය සම්පන්න රෝහලක් බවට රොක් හිල් නාමය පත්කොට රෝගීන්ගේ ඉහළ මට්ටමේ ප්‍රතිචාර මත ජයග්‍රහණය ලබා ගැනීම මෙහි විශේෂත්වයයි. ඇය පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් බිහිවූ වෛද්‍යවරියකි. කොළඹ ජාතික රෝහලේ සහ මහනුවර මහ රෝහලේ වෛද්‍යවරියක ලෙසද ඇය සේවය කොට තිබෙනවා. 

    මීට පෙරද එනම් 2018 වසරේදීද එක්සත් ජනපදය පුරා රෝහල් අතර සායනික ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ ඉහළම ජයග්‍රහණය වෛද්‍ය ශිරානි මාලිකා ජයසූරියගේ අධ්‍යක්ෂධූරය යටතේ රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල අත්කරගෙන තිබෙනවා.

    තවද පසුගිය වසරේදී ද අමෙරිකා එක්සත් ජනපදය පුරා රෝහල් අතර සිදුකෙරෙන තරගාවලියකදී තෙවන වරටත් සෑම අංශයෙන්ම හොඳම රෝහල බවට මෙම රෝහල තේරී පත්ව තිබුණා.

    ඊට අමතරව 2018 වසරේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සුවකර පිටකර යවා ඇති රෝහල බවට තේරී පත්ව ඇත්තේද මෙම රෝහල වීම විශේෂත්වයක්. 

  • පාකිස්ථානයේ පිහිටට චීන-සවුදි ඒකාබද්ධ ආර්ථික මෙහෙයුමක්

    පාකිස්ථානයේ පිහිටට චීන-සවුදි ඒකාබද්ධ ආර්ථික මෙහෙයුමක්

    අමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වටිනා ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සවුදි අරාබිය කැමැත්ත පළ කර ඇති බව පාකිස්ථාන බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම ඉන්ධන පිරිපහදුව පාකිස්ථානයේ ග්වාඩාර් වරාය ආශ්‍රීතව ඉදිකිරීමට නියමිත බව වාර්තා වේ.

    පාකිස්ථානය මුහුණපා සිටින ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා දීර්ඝ කාලින ආයෝජනයන් සඳහා සවුදි අරාබිය සමග මෙවැනි ගිවිසුමකට යොමුවී ඇත. ඉකුත් වසරේදී සවුදි රජය විසින් අමෙරිකානු ඩොලර් බිලියන 06ක් වටිනා ඉන්ධන ලබා ගැනීමේ සහන පැකේජයක් ද පාකිස්ථානයට ලබා දෙනු ලැබීය.

    චීන-පාකිස්ථාන සහයෝගිතාවය තුල මෙම ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානය ඉදිකිරීමෙන් පාකිස්ථානයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සවුදි රජය බලාපොරොත්තු වන බව සවුදි බලශක්ති අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින ලදී.

    මෙම ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානය ඉදිකිරිම සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් තැබීම සඳහා සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ලබන පෙබරවාරි මාසයේදී පාකිස්ථානයට පැමිණීමට බලාපොරොත්තුවන බව සවුදි බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කල අතර ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයට අමතරව පාකිස්ථානයේ වෙනත් අංශ ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී සිය ආයෝජනයන් සිදු කිරීමට නියමිත බව සවුදි රජය මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

    මිට අමතරව චීනය විසින් පාකිස්ථානයේ විදුලි බලාගාර, අධිවේගී මාර්ග පද්ධති, නව හා වැඩිදියුණු කරන දුම්රිය මාර්ග සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් වරායන් ඉදිකිරිම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 60ක් වටිනා නව ගිවිසුමකටද පාකිස්ථානය සමග එළැඹ ඇත..

    ඉකුත් වසරේදී බලයට පත්වූ පාකිස්ථානයේ නව අගමැති ඉම්රාන් ඛාන් රටේ ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා සවුදි අරාබිය සහ චීනයෙන් ආර්ථික පැකේජ ලබා ගැනීම සිදුකරනු ඇති බව සඳහන් වේ

  • ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ ඔත්තුකරුවෙක්දැයි සොයා FBI විමර්ශනයක් ඇරඹේ

    ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ ඔත්තුකරුවෙක්දැයි සොයා FBI විමර්ශනයක් ඇරඹේ

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් රුසියාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් ද යන්න සම්බන්ධයෙන් එරට ෆෙඩරල් ඔත්තු සේවය (FBI) විමර්ශනයක් ආරම්භ කර ඇති බවට නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත වාර්තා කර සිටි.

    ඉකුත් 2017 වසරේ මැයි මාසයේදී FBI ඔත්තු සේවයේ අධ්‍යක්ෂක ජේම්ස් කොමේ ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගැනිමත් සමග එරට බලධාරීන් ජනාධිපතිවරයා ගේ හැසිරීම පිලිබදව දැඩි අවධානයක් යොමු කර ඇති බවයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ.

    ජනාධිපති ට්‍රම්ප් ගේ ක්‍රියා කළාපය අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තරජනයක්ද යන්න පිලිබදව මෙම විමර්ශනයේදී ෆෙඩරල් ඔත්තු සේවයේ විමර්ශකයින් සොයා බලමින් සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටි.

    2016 දී පැවති ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් හට රුසියාවෙන් සහය ලැබුණු බවට FBI ඔත්තු සේවය සැකපළ කර සිටියා. ඒ සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු සිදුකෙරෙමින් තිබියදී FBI අධ්‍යක්ෂක ජේම්ස් කොමේ ධුරයෙන් ඉවත් කිරීමත් සමග මේ පිලිබදව වන සැකය දැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

    නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පලවී ඇති ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ධවල මන්දිරය දැඩි කණගාටුව පළකර සිටින බවයි BBC පුවත් සේවය පෙන්වා දෙන්නේ. 

    ඇත්ත වශයෙන්ම FBI ඔත්තු සේවයේ අධ්‍යක්ෂක ජේම්ස් කොමේ ඔහුගේ ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ ඔහු අනවසරයෙන් සිදුකළ දත්ත පරීක්ෂාවක් හේතුවෙන්, ඒ පිලිබදව එහි නියෝජ්‍ය ප්‍රධානියා පවා දැන සිටියා. ඔබාමා පාලන සමයේදී රුසියාව ඇතුළු විදෙස් රටවල් අමෙරිකාවට එරෙහිව කඳවුරු බදින විට මෙන් නොව ජනාධිපති ට්‍රම්ප් ඔවුන්ට එරෙහිව දැඩිව නැගී සිටියා. මෙම පුවත සම්පුර්ණයෙන් සත්‍ය තත්ත්වය විකෘත්ති කිරීමක් යැයි ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් ප්‍රකාශ කර සිටියා.

  • හිටපු ජනපති වසර 15කට හිරේ

    හිටපු ජනපති වසර 15කට හිරේ

    දූෂණ චෝදනා ලැබූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ලී මුන් බැක්‌ වසර පහළොවකට සිරගත කර තිබේ.
     
     එසේම ඔහුට බොන් බිලියන දහතුනක දඩයක්‌ද අධිකරණය නියම කර තිබේ. 
     
     හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ඔහුට එරෙහි චෝදනා දේශපාලන වශයෙන් නිර්මාණය කළ ඒවා බවයි.
     
     සිරදඬුවම් ලැබූ හතරවැනි දකුණු කොරියානු නායකයා ඔහුය. 
     
     ඔහුට පසු එරට ජනාධිපතිනිය වූ පාක්‌ හෙන්හේ පසුගිය අප්‍රේල් මාසයේ දී 33 වසරකට සිර දඬුවම් ලැබුවාය.

  • ඕස්ට්‍රේලියාවේ ISIS ත්‍රස්ථ ප්‍රහාරයක් සැලසුම් කළ ලාංකිකයෙක් අත්අඩංගුවට

    ඕස්ට්‍රේලියාවේ ISIS ත්‍රස්ථ ප්‍රහාරයක් සැලසුම් කළ ලාංකිකයෙක් අත්අඩංගුවට

    ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන මොහමඩ් නිසාම්දීන් නමැති 25 හැවිරිදි පුද්ගලයකු ඹ්ස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු අධ්‍යාපන වීසා මත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
    සිඩ්නිහි ස්ථාන කිහිපයකට ත්‍රස්තප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කළ ලේඛනයක් මොහු සතුව තිබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඔහු තම සටහන් පොතක ප්‍රහාර සඳහා ඉලක්කගත ස්ථාන සටහන් කොට තිබී ඇත. මොහු ISIS සංවිධානය හා සබඳකම් ඇත්තෙකු බවත් එරට ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
    මොහු වෙවර්ලි ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම නඩුව ඔක්තෝබර් 24 වනදා තෙක් කල් තබා තිබෙනවා. මොහු අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේය.
  • ලෝක ජනගහනයෙන් 1/4ක නායකත්වය ජනපති මෛතී‍්‍රට

    ලෝක ජනගහනයෙන් 1/4ක නායකත්වය ජනපති මෛතී‍්‍රට

    ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් නියෝජනය කරන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය අද (31) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට පිරිනැමෙනවා. ඒ, නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 04වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සමාප්තිය සටහන් කරමින්.
    රටවල් 07ක් බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කරනවා. ශී‍්‍ර ලංකාව හැරුණු විට එහි සෙසු සාමාජික රටවල් වන්නේ ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, මියන්මාරය, භූතානය සහ නේපාලයයි. මෙම රටවල් ලෝක ආර්ථිකයට සපයන දායකත්වය වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 750ක් පමණ වනවා.
  • ජපානය ගතවූ මාස 3 ට තල්මසුන් 177 ක්‌ දඩයම් කරයි

    ජපානය ගතවූ මාස 3 ට තල්මසුන් 177 ක්‌ දඩයම් කරයි

    ජපානය ගතවූ මාස 3 තුළ තල්මසුන් 177 ක්‌ දඩයම් කර ඇත.
     
     මාස තුනක්‌ තිස්‌සේ ශාන්තිකර සාගරයේ වයඹදිග මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කළ නැව් දෙකක්‌ මෙම තල්මසුන් අල්ලාගෙන තිබේ.
     
     ජපානය විද්‍යාත්මක පර්යේෂණ මුවාවෙන් ගතවූ වසර කීපය තුළ තල්මසුන් විශාල සංඛ්‍යාවක්‌ අල්ලාගෙන ඇත. මෙම තල්මසුන්ගේ මස්‌ ජපානයේ අවන්හල් තුළ අලෙවි කෙරේ. ජපානයේ මේ ක්‍රියාව සත්ව අවිහිංසාවාදීන්ගේ දැඩි විරෝධයට ලක්‌ වී ඇත.
     
     මෙයට පෙර ගැබිනි තල්මසුන් රැසක්‌ මරා දැමූ බවට ජපානයට චෝදනා එල්ල විය. මේ අතර ජාත්‍යන්තර තල්මසුන් පිළිබඳ කොමිසම පැවසුවේ ජපානය නිශ්චිත ලෙස තල්මසුන් කොපමණ සංඛ්‍යාවක්‌ අල්ලා ගත්තේ ද යන්න ගැන විමර්ශනයක්‌ කරන බවයි.

  • ඇෆ්ගන් ජනාධිපති මන්දිරයට මෝටාර් ප්‍රහාරයක්

    ඇෆ්ගන් ජනාධිපති මන්දිරයට මෝටාර් ප්‍රහාරයක්

    මඳ වේලාවකට පෙරාතුව  යම්  අන්තවාදී ත‍්‍රස්ත සාමාජික කණ්ඩායමක් විසින් ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මැදුර ඉලක්ක කර  මෝටාර් ප‍්‍රහාර කිහිපයක්  එල්ල කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

    ඒ ජනාධිපති අෂ්රෆ් ඝානි  හෙට දිනට නියමිත ‘ඊද් අල් හදා‘ හෙවත් ‘හජ්ජි උත්සවය‘ වෙනුවෙන් සිය ‘ඊද් පණිවුඩය‘ සජීවීව රූපවාහිනී මාධ්‍ය මඟින් නිකුත් කරමින් සිටිය දී ය.

    තවමත් සිදුවූ හානි හා මරණ පිළිබඳ වාර්තාවක් නිකුත් වී නැත. මෙම ප‍්‍රහාරයට වග කිව යුතු පාර්ශවය තලෙයිබාන් ත‍්‍රස්තයින් ද නැද්ද යන්න  ද තවමත් සොයා ගෙන නැත. කෙසේවෙතත් මෙම ප‍්‍රහාරය එල්ල වූවා යැයි සැලකෙන කාබුල්හි ඊද් ගා පල්ලියට පිටුපස ගොඩනැඟිල්ලේ සැඟව සිටින ත‍්‍රස්තයින් සමඟ ආරක්ෂක අංශ සටන් වදිමින් සිටියි.

  • පාකිස්ථාන් නව අගමැති ලෙස ඉම්රාන් ඛාන් දිව්රුම් දෙයි

    පාකිස්ථාන් නව අගමැති ලෙස ඉම්රාන් ඛාන් දිව්රුම් දෙයි

    පාකිස්තානයේ නව අගමැතිවරයා වශයෙන් එරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් අද (18) පෙරවරුවේ ඉස්ලාමාබාද් නුවරදී දිවුරුම් දුන්නේය.

    දකුණු ආසියාවේ රටවල් අතුරින් න්‍යෂ්ඨික අවි වලින් බලසම්පන්න රටක් වන පාකිස්තානය මේ වන විට දිනෙන් දින පිරිහෙන අර්ථිකයකට මුහුණ දෙමින් මහත් වියවුල් සහගත තත්ත්වයකට පත්ව සිටින රටක් වශයෙන් අන්තර්ජාතික විචාරකයන්ගේ වර්ගීකරණයට පාත්‍රවී තිබේ. 

    එවන් රටක අභිමානය ගොඩනැංවීම ඉම්රාන් ඛාන්ගේ අභියෝගය වී තිබේ. 

    උග්‍ර ජාතිකවාදියකු වශයෙන් හැඳින්වෙන ඉම්රාන් ඛාන්, පසුගිය මාසයේදී පැවැති මැතිවරණයෙන් පහසු ජයක් ලබාගත්තේය. මිලියන 208 ක ජනගහනයකින් යුත් පාකිස්තානයේ නව නායකයා වශයෙන් අබිසෙස් ලබද්දී ඉම්රාන් ඛාන් ඇඳ සිටියේ සිය වීරයා වූත් පාකිස්තානය ස්ථාපිත කිරීමේ පුරෝගමියා වූත් මොහොමඞ් අලි ජින්නා නිතරම ඇඳි කළු පැහැති ෂර්වානියයි. 

    “මම සත්‍ය වශයෙන්ම පාකිස්තානය වෙනුවෙන් බැඳී සිටිමි” යයිද පාකිස්තානු ව්‍යවස්ථාව ආරක්‍ෂා කරමින් ඊට ගෞරව කරන බවද දිවුරුම් දීමේ ප්‍රකාශය කියවමින් ඉම්රාන් ඛාන් කියා සිටියේය. ඉම්රාන් ඛාන් දිවුරුම් දෙන අවස්ථාවේදී පාකිස්තානු ජනාධිපති මමූන් හුසේන් මහතා ඔහු අසළින් සිටියේය. පසුව පාකිස්තානු අගමැතිවරයාගේ නිල නිවසේ තණපිටියේදී ඔහුට හමුදා උත්තමාචාර පිරිනැමිණ. 

    ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීමේ උත්සවයට ඉන්දීය පිලේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම මේ වන විට ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කැබිනට් ඇමතිවරයකුද වන වන නව්ජෝත් සිං සිද්ධුද සහභාගි වී සිටියේය. සිද්ධු මහතා ඉස්ලාමාබාද් නුවරට ගියේ උතුරු පන්ජාබයෙන් ඉන්දු – පාකිස්තානු දේශ සීමාව හරහා යාමෙනි. 

    වසර 71  ක ඉතිහාසයක් ඇති පාකිස්තානයේ ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීම සැලකෙන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදීව තවත් අගමැතිවරයකුට බලය හිමිවූ දෙවැනි අවස්ථාව වශයෙනි. බොහෝ අවස්ථාවලදී සිදුවූයේ හමුදා කුමන්ත්‍රණ වලින් බලය ලබාගැනීමයි. යම් හෙයකින් ඉදිරි වසර පහක කාලය පුරා සිය බලය රැකගැනීමට ඉම්රන් ඛාන්ට හැකිවුවහොත් සිය ධූර කාලය නියමාකාරයෙන් සම්පූර්ණ කරන පළමුවැනි පාකිස්තානු නායකයා වශයෙන් ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක්වනු ඇත. 

  • හිටපු ඉන්දීය අගමැති වජ්පායී මහතාගේ අවසන් කටයුතු අද

    හිටපු ඉන්දීය අගමැති වජ්පායී මහතාගේ අවසන් කටයුතු අද

    ජුනි 11 වන දා සිට දිල්ලියේ AIMS රෝහලේ වෛද්‍ය ප‍්‍රතිකාර ගනිමින් සිටි අතල් බිහාරී වජ්පායි මහතා ඊයේ (16) සවස 5 ට පමණ හටගත් වකුගඩු හා හෘදය අකර්මන්‍ය වීමෙන් මිය ගොස් ඇත.

    අද දින පැවැත්වීමට නියමිත ‘අවමංගල්‍ය උපහාර’ එතුමන්ගේ රාජකාරී ස්ථානය වූ ක‍්‍රිෂ්ණ මෙනන් හි සහ භාරතීය ජනතා පක්ෂ මූලස්ථානයේත් දැක්වීමට නියමිත ය. ඉන් අනතුරුව  සවස 1 ට පක්ෂ මූලස්ථානයෙන් පිටත් වන අවමංගල්‍ය රථ පෙරහැර අවසන් වත් පිළිවෙත් රාෂ්ටී‍්‍රය ස්මෘති ස්ථාල් හි කටයුතු සම්පාදනය කර ඇත.

    මේ වන විටත් මුළු ඉන්දියාවේ ම සතියක ශෝක කාලයක් ප‍්‍රකාශ කර ඇත. බොහෝ ජන නායකයින් සිය ශෝකය ප්‍රකාශ කර ඇත.

    නිදහස් ඉන්දියාවේ තෙවරක්  අගමැති ධූරය හෙබවූ ඒ මහතා භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමට සහය දැක්වූ  පුරෝගාමියෙකු ද වෙයි. මෙතුමාගේ පාලන සමය තුළ ප‍්‍රථම වරට ඉන්දියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලීය. දක්ෂ කථිකයෙකු මෙන් ම කාව්‍ය රචකයෙකු වූ මෙතුමා මිය යන විට 93 වැනි වියේ පසු විය.