Category: සුපිරි World
-

Macquarie Group හි ප්‍රධාන විධායක ධූරය පළමු වරට ලාංකික කතකට
ඔස්ට්‍රේලියාවේ (Macquarie Group) මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පළමු වතාවට ශ්‍රි ලංකාවේ කාන්තාවක් පත් කර තිබේ.ඒ ෂිමාරා වික්‍රමණායක මහත්මියයි.එම මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ධුරයට පළමුවර කාන්තා නියෝජනය මෙය විමද විශේෂත්වයකි.(Macquarie Group) මුල්‍ය සමාගමේ සේවකයික් 14 000කට වැඩි සංඛාවක් සේවය කරන අතර රටවල් 25ක ශාකා පිහිටා ඇත. -

ලොවක් කම්පා කරමින් මරා දැමු මහ මුහුදේ දැවැන්තයා (PHOTOS)
තල්මසුන් දඩයමේ යෙදී සිටි අයිස්ලන්ත ධිවරයින් පිරිසක් විසින් වසර 50 කට පසුව මුල්වරට “නිල තල්මසෙක්” දඩයම් කර ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.ඉතා හොදින් වැඩුණු නිල් තල්මසෙක් වන මෙම සත්වයා දිගින් අඩි 102 ක් පමණ වුවා. සාගර විශ්ලේෂකයින් පවසන්නේ හොදින් වැඩුණු නිල් තල්මසෙක් දිගින් අඩි 108 ක් පමණ වන බවයි.Hvalur 8 නම් අයිස්ලන්ත ධිවර නෞකාවක් විසින් මෙම නිල් තල්මසා දඩයම් කර තිබු අතර එය කොටස් කිරීමෙන් අනතුරුව ජපානයේ මත්ස්‍ය වෙළදපලට යවන බවයි ඔවුන් සදහන් කරන්නේ.වඳ වේගන යන සත්ව කොට්ඨාෂයක් ලෙස නම්කර තිබෙන නිල් තල්මසුන් ගෙන් දැනට සාගරයේ ඉතිරිව සිටින්නේ 10000-25000 කට ආසන්න පිරිසක් බවයි සාගර විශ්ලේෂකයින් සදහන් කරන්නේ.තල්මසුන් දඩයම නීතිවිරෝධී ක්‍රියාවක් වුවත් ජපානය, අයිස්ලන්ත ධිවරයින් මේ දක්වාම වාර්ෂිකව තල්මසුන් දඩයමේ නිරතවනවා.



-

ගණිකා සේවයේ යෙදුනාට ප්‍රසිද්ධියේ ලැබූ දඬුවම (PHOTOS)
ගණිකා සේවයේ යෙදුනු කාන්තාවන් දෙදෙනෙකුට සහ ගණිකාවන් ඇසුරු කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකුට ඉන්දුනිසියාවේ, අචේ ප්‍රාන්තයේදී ෂරියා නිතිය යටතේ වේවැල් පහර එල්ල කළ අයුරුයි මේ.විදෙස් පුවත් වාර්තා කරන්නේ ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වන ෂරියා නිතිය යටතේ මෙවැනි චෝදනා එල්ල වී වැරදිකරුවන් වන පුද්ගලයින්ට තරාතිරම නොබලා ප්‍රසිද්ධියේ දඬුවම් කරනු ලබන බවයි.ඉන්දුනීසියාවේ, අචේ ප්‍රාන්තයේදී මෙම දඬුවම ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කරනු ලැබූ බව සඳහන්.



-

මනාලියට වයස 11 යි , මනාලයට 41 යි – අරුම පුදුම විවාහයක තතු මැලේසියාවෙන් කරලියට….
එකොලොස් හැවිරිදි දැරියක හතලිස් එක් හැවිරිදි පුරුෂයෙකුට විවාහ කරදීම සම්බන්ධයෙන් මැලේසියාවේ ප්‍රබල ආන්දෝලනයක් මතුවෙමින් පවතී.
විවාහ විය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා සංශෝධනය කරන ලෙස ඒ සමග ඉල්ලීම් ඉදිරිපත් වේ.
16 වෙනි විය සම්පූර්ණ වන තෙක් දැරියට සිය නිවසේ රැඳී සිටිය හැකි බවට එකඟතාව මත ඉහත කී පුද්ගලයාගේ තෙවන බිරිඳ ලෙස විවාහපත් වීමට අවසර දුන් බව දැරියගේ තායි ජාතික දෙමව්පියෝ පවසති.
තායිලන්තයේ සිදු වූ විවාහය සම්බන්ධයෙන් තමන් සතුව වාර්තා නොමැති බව පවසන මැලේසියානු ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව සඳහන් කරයි.
ඉහත කී විවාහය “කම්පනය දනවන සුළු සහ පිළිගත නොහැකි” බව ළමුන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය පවසයි.
“ළමයා කැමතිම දේ එය නොවෙයි,” යනුවෙන් යුනිසෙෆ් ආයතනයේ මැලේසියානු නියෝජිතවරිය මැරියන් ක්ලාර්ක් හැටින්ග් පැවසුවාය.
විවාහය පිළිබඳ දන්නා කරුණු මොනවාද?
විවාහ උත්සවයෙන් පසු වැඩිහිටි මනාලයා දැරියගේ අත අල්ලා සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රකාශයට පත්ව තිබිණි.
ඔහු තවත් කාන්තාවන් දෙදෙනෙක් සමග දැනටමත් විවාහ වී සිටින අතර ඔහුට අවුරුදු 5 සිට 18 දක්වා වයසේ පසුවන දරුවන් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
දැරියගේ දෙමව්පියන් මැලේසියාවේ ඊසාන දිග පිහිටි කෙලන්ටන් ප්‍රාන්තයේ රබර් කිරි කැපීමේ නිරත යුවලක් බවත් වාර්තා වේ.
දැරියගේ දෙමව්පියන් දුගී ජීවිතයක් ගෙවන අතරතුර මනාලයා සමෘධිමත් වෙළෙන්දෙකු බව මැලේසියාවේ ක්‍රියාකාරීහු පවසති.
මැලේසියාවේ පවතින නීතිය කුමක්ද?
මැලේසියාව තුළ නීත්‍යානුකූලව විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 18 ය. අවුරුදු 16 ට අඩු දැරියන්ගේ මුස්ලිම් විවාහ සඳහා ඉස්ලාමීය ෂරියා අධිකරණවලට අනුමැතිය ලබා දිය හැක.කෙසේ නමුත් ඉහත කී විවාහය සම්බන්ධයෙන් පළාතේ ආගමික අධිකාරිය සතුව වාර්තා කිසිවක් නොමැති බව මැලේසියානු ආණ්ඩුව පවසයි.
ආගමික අධිකරණයක අනුමැතිය නොමැති නම් ඉහත කී විවාහය නීත්‍යානුකූල නොවන අතර මනාලයාට මාස හයක් දක්වා වූ සිර දඬුවමක් නියම කළ හැකි බව කාන්තා, පවුල් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය පැවසීය.
“අවුරුදු එකොළහක ගෑනු ළමයෙක් බඳිනවා කියන්නේ බාල වයස් අපරාධකරුවෙකුගේ වගේ හැසිරීමක්,” යනුවෙන් ක්‍රියාකාරිනියක වන සයිඩ් අස්මි අල්හබ්ෂි ඒඑෆ්පී පුවත් සේවයට අදහස් දක්වමින් සඳහන් කළාය.
වයස අවුරුදු 15 ට අඩු දැරියන් 16,000 දැනටමත් විවාහපත් වී සිටින බව ක්‍රියාකාරීන් පෙන්වා දෙන බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කරයි.
මැලේසියාව පසුගිය වසරේදී ළමුන්ට එරෙහිව ලිංගික අපරාධ සම්බන්ධයෙන් නව නීතියක් සම්මත කළ නමුත් ළමා විවාහ අපරාධයක් ලෙස ඊට ඇතුළත් කර නොමැත.
ළමා විවාහ පිටුදැකීම තේමා කර ගනිමින් “දැරියන් මනමාලියන් නොවේ” යන මැයෙන් ක්වාලාලම්පුර් අගනුවර පසුගිය සතියේදී සමුළුවක් පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහ
සෑම වසරකම, ශ්‍රී ලංකාවේ සිය ගණනක් බාල වියේ මුස්ලිම් දැරියෝ සිය දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබති.
විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ළමා විවාහ වසරක් ඇතුළත 14% සිට 22% දක්වා ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටීගල් බීබීසී සිංහල සේවය ඒ සම්බන්ධයෙන් කළ ගවේෂණයකදී හෙළි කළාය.
මුස්ලිම් විවාහ සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නීතියේ විවාහයට එළඹෙන කාන්තාවන්ගේ වයස් සීමාව පිළිබඳව සඳහන්වී නැති බව කාන්තා සමාජ ක්‍රියාකාරිනියක වන නීතිඥ හසා නසේහු ඉසදීන් මීට ඉහතදී පැවසුවාය.
‘ක්වාසි’ නමින් හැඳින්වෙන නීතියට අනුව විශේෂ ආගමික විනිසුරන්ගේ අවසරය මත වයස 12 කට අඩු ගැහැණු දරුවකු වුවද විවාහ කර දිය හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
15 හැවිරිදි වියේදී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ශ්‍රී ලාංකික මුස්ලිම් දැරියක් තමාට මුහුණ දීමට සිදු වූ වේදනාබර සිදුවීම් පිළිබඳ ඉහත කී ගවේෂණයේදී කරුණු හෙළි කළාය.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව වයස අවුරුදු දහඅටට අඩුවෙන් ළමුන් විවාහ වීම නීතිවිරෝධී වන නමුත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව මුස්ලිම් ප්‍රජාවට එම නීතිය බලනොපැවැත්වේ.
ඉහත කී නීතිය හේතුවෙන් මුස්ලිම් දැරියෝ සහ කාන්තාවෝ දශක ගණනාවක් මුළුල්ලේ රහසේ කඳුළු වැගිරූ බව ක්‍රියාකාරීහු පවසති.
තවදුරටත් ඉවසා සිටිය යුතු නැතැයි තීරණය කළ ඔවුහු එයට මඟ පාදන අදාළ නීතිය සංශෝධනය කරන මෙන් ඉල්ලා උද්ඝෝෂණයක් ද දියත් කළහ.
රටේ සාමාන්‍ය නීතිය ප්‍රකාර මුස්ලිම් දැරියන් ද විවාහ කර දීමේ අවම වයස අවුරුදු 18 බවට පත් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලීමය.
මේ අතර මීට පෙරාතුව නිර්දේශ කරන ලද පරිදි විවාහවීම සඳහා අවම වයස් සීමාවක් නියම කරමින් මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගනු ලැබ තිබෙන පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව මේ වසර මුලදී ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.
මුස්ලිම් පුද්ගල නීතිය යටතේ විවාහ වූ වයස අවුරුදු 16ට දැරියන් “ව්‍යවස්ථාපිත දූෂණයට ලක්වීම” සම්බන්ධයෙන් රටේ නීතිය බලපවත්වන්නේ කෙලෙස ද යන්න එක්සත් ජාතීන් එහිදී මතු කළ තවත් ප්‍රශ්නයකි.
-

ට්‍රම්ප් මානව හිමිකම් පසෙකලා වෙළෙඳාමට අත ගසයි
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මෙතෙක් ඇමරිකානු ක්‍රමවේදය වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන ක්‍රියාකිරීමේ පිළිවෙත අහෝසි කර ඇත.
මේ පිළිවෙත ලබන අගෝස්‌තු මස සිට නතර වන අතර මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන සෙවීම වෙනුවට වෙළෙඳ කටයුතු නැංවීම තම අරමුණ බව ඔහු ප්‍රකාශ කර ඇත.
මේ නිසා මානව හිමිකම් උල්ලංඝනය වීම් මුවාවෙන් මෙරට ද්‍රවිඩ දේශපාලනඥයන්ට සහ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ට ලැබි තිබූ වරප්‍රසාද සහ ඇමරිකානු සංචාරද නතර වේ.පසුගිය කාලයේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් දෙදෙනකු ඇමරිකානු අරමුදල් ලබා ගනිමින් ඇමරිකාවේ සංචාර රැසකට සහභාගී වී තිබේ. යහපාලනය, වගවීමේ ක්‍රියාවලිය යන කරුණුවලට මුවාවී මොවුන් ඇමරිකානු වරප්‍රසාද ලබාගෙන තිබිණි. -

ලෝකෙම දන්න නිල් චිත්‍රපට නිළි නිවුන් සොහොයුරියන් දෙදෙනාට මාස 06ක සිර දඬුවම්…! හේතුව මෙන්න….
නිල් චිත්‍රපට රංගනයෙන් ලොව පුරා ජනප්‍රිය වුනු බ්‍රිතාන්‍යය ජාතික නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු වුනු අලීනා පාකර් සහ ශාෂා පාර්කර් හට මාස හයක සිරදඬුවමක් නියමකිරීමට ඩුබායි අධිකරණයක් විසින් කටයුතු කර තිබෙනවා. එසේම මෙම සිර දඬුවම නියම වූ වහාම ඔවුන් දෙදෙනා රටින් පිටුවහල් කරන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා
බීමතින් පොලිස් නිලධාරිනියකට පහරදීමක් සම්බන්ධයෙන් වරදකාරියන් කරමිනුයි ඔවුන් දෙදෙනාට මෙම දඬුවම නියම කර තිබෙන්නේ. බෙලරුස් ජාතිකයන් වන මේ සහෝදරියන් දෙදෙනා බ්‍රිතාන්‍යයට පැමිණ එහි පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ නීති උපාධිය ලබාගැනීම සදහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.



-

සැර කතාවකින් පසු අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා. ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ මානව හිමිකම් කවුන්සිලය පක්ෂග‍්‍රාහීව කටයුතු කරන බවයි.
කුහක සහ ආත්මාර්තකාමීව කටයුතු කිරීම හේතුවෙන් අද වනවිට මානව හිමිකම් විහිළුවකට ලක්ව ඇති බවයි අමෙරිකාව චෝදනා කළේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකී හේලී සිය රටේ තීරණය නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව 47ක්.
-

ජැක්ලින් රිය අනතුරකට ලක්වේ
ජැකලින් ෆර්නැන්ඩස් රංගනයෙන් දායක වන රේස් තෙවැන්න මෙම මස 15 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති අතර මෙම චිත්‍රපටය හේතුවෙන් පැවැත්වූ සාදය අවසානයේදී ජැකලින් තමන්ගේ රියදුරු සමග තම මෝටර් රථයේ නිවස බලා පිටත්ව යාමේදී මාර්ගයේ ගමන් කළ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.මෙම අනතුරු අලුයම 2.45 පමණ සිදුවී ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණ නීතිමය කටයුතු සිදුකර තිබූ අතර, එම ත්‍රීරෝද රථ රියදුරු බීමත්ව සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. -

නම කියල කතා කරා කියල ජනපතිට මල පනී
තමාට ජනාධිපති ලෙස ආමන්ත‍්‍රණය නොකිරීම නිසා කෝපයට පත් ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් එරට ශිෂ්‍යයෙකු හට දොස් නගන වීඩියෝ පටයක් විදෙස් මාධ්‍ය නිකුත් කර ඇත.
ප‍්‍රංශයේ පාසලක පැවැති කී‍්‍රඩා උලෙලකට ජනාධිපති මැක්රන් සහභාගී වී ඇති අතර එම අවස්ථාවේදී ශීෂ්‍යයෙකු විසින් ජනාධිපතිවරයා හට ‘‘මානු’’ කියා ආමන්ත‍්‍රණය කිරීමෙන් ඔහු කෝපයට පත්වන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවෙන අතර අවස්ථාව තෙරුම් ගෙන කතා බහ කරන ලෙසත්, විප්ලවකරුවෙකු ලෙස නොව ශිෂ්‍යයෙකු ලෙස කටයුතු කරන ලෙසත් එහිදී ජනාධිපති මැක්රන් අදාළ සිසුවාට පවසා ඇත.
-

රජීව් ගාන්ධි ඝාතකයින් ඉල්ලූ ජනපති සමාවට ලැබුණු ප්‍රතිචාරය
හිටපු ඉන්දීය අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී සිටින සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ‘‘ද හින්දු’’ පුවත්පත පවසයි.
එම පුවත්පතට අනුව අදාළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මධ්‍යම රජයට එවැනි තීරණයකට එළඹිය නොහැකි බවයි. මෙවැනි සංකීර්ණ සිද්ධීන් වලදී අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් ලබා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවන බවද ජනාධිපති රාම් නාද් කෝවින්ද් පවසා ඇතැයි ‘‘ද හින්දු’’ පුවත්පත පවසන අතර එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ මානුෂීය කරුණු සලකා බලා හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ ඝාතනයේ වරදකරුවන් හට සමාව දී නිදහස් කරන ලෙසට තමිල්නාඩු රජය ඉකුත් වසර 04 තුළදි දෙවරක් රජයට ලිපි මගින් ඉල්ලීම් කර ඇති බවයි.
-

ලෝකෙම හොය හොයා බලන අසිරිමත් පාපන්දු ලෝක කුසලානයේ නිල ගීතය මෙන්න…. (VIDEO)
ජූලි මස 15 වැනිදා තරගාවලියේ අවසන් මහා තරගය සහ සමාප්ති උළෙල මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර ඉකුත්දා එළිදැක්වු මෙවර පාපන්දු තරගාවලියේ තේමා ගීතය වන live it up ගීතය සජීවිව ඉදිරිපත් කිරීමට ඊට දායකත්වය දුන් ගායක ගායිකාවෝ සූදානම්වී සිටින අතර සුප්‍රකට අමෙරිකානු රංගන ශිල්පි විල් ස්මිත්, ඇල්බීනියානු සුරූපි ගායිකා එරා ඉස්ට්‍රෙෆී, අමෙරිකානු ගායක නිකී ජෑම් සහ අමෙරිකානු ඩී.ජේ. ඩිප්ලෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල ගීතය සජීවිව ඉදිරිපත් කිරීමට නියමිතයි.
නිල ගීතයේ වීඩියෝ පටයට පෙනී සිටි බ්‍රසීලයේ හිටපු විශිෂ්ට ක්‍රීඩක රොනල්ඩීනෝ ද මේ අවස්ථාවට එක්වීමට නියමිතයි.
ලිව් ඉට් අප් ගීතය වසර 2010 දකුණු අප්‍රිකාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කළ සුපිරි ගායිකා ශකීරා ගැයූ ‘වකා වකා‘ ගීතයට වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී තිබෙනවා.
නිල සුරතලාගේ රංගනයක්
සමාරම්භක උළෙලේදී මෙවර තරගාවලියට නිර්මාණය කළ නිල සුරතලාගේ අපූරු රංගනයක් ද එක්වී තිබෙනවා. රුසියාවට ආවේනික වෘක විශේෂයක් වන සබිවකා පවුලේ වෘකයකු තරගාවලියේ නිල සුරතලා වශයෙන් තෝරාගත්තේ පසුගිය වසරේ නොවැම්බරයේදීයි. නිල්, සුදු හා දුඹුරු වර්ණය සංකලනය වූ ඇඳුමකින් සැරසී සිටින නිල සුරතලාගේ ලාංඡනය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ 21 හැවිරිදි රුසියානු තරුණියක වන එකටෙරිනා බොචරෝවාටයි. ඒ සඳහා පැවැති නිර්මාණ තරගයෙන් ජයගත්තේ මේ තරුණිය නිර්මාණය කළ සබිවකා වෘකයාගේ රුවයි. එය තෝරාගැනීම සඳහා අන්තර්ජාලය මගින් ඡන්ද විමසීමක් ද සිදුකර තිබුණා.
-

සුපිරි ඉන්දීය නිලි ප්‍රියංකා රඟපාන අමෙරිකානු නාට්‍යයක් නිසා ඉන්දියාව ගිනි ගනියි
සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රාට එරෙහිව ඉන්දියාවේ මේවන විට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ මේ දිනවල අමෙරිකාව ඇතුළු යුරෝපයේ ප්‍රචාරය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක් වන “Quantico” කතාංග මාලාවේ සිදුවීමක් අරඹයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මෙම කතා මාලාවේ ප්‍රධාන චරිතය රඟ දක්වන ප්‍රියංකා චොප්රා එෆ්බිඅයි නිලධාරිනියක් ලෙස කතා මාලාවේ සිය භූමිකාව රඟ දක්වනවා. ජුනි මස 01 වනදා විකාශය වූ කතා මාලාවේදී කාශ්මීරයේ සිදුවන ත්‍රස්ත ප්‍රහාරයක් වැළැක්වීමේ ජවනිකාවක් සම්බන්ධයෙන් විකාශනය වී ඇති අතර ඒ හරහා සිය මවු රටට අපකීර්තියක් ගෙන දුන් බව කියමිනුයි ඉන්දීය වැසියන් ඇයට එරෙහිව විරෝධතා මාලාවක් දියත් කර ඇත.කෙසේ නමුත් තමන් නියම ඉන්දියානුවෙක් බවත් පසුගිය කතා මාලාවේ විකාශනය වූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් ඉන්දීය ජනතාවගේ හැඟීම් සහ සිතුවිලි වලට ඇතිවූ වේදනාව ගැන තමා කනගාටුවට සහ වේදනවාට පත්වන බවත් එය හිතාමතා කළ දෙයක් නොවන බව දන්වමින් ඇය ට්ව්ටර් පණිවිඩයක් පළකර ඇති අතර මේ වන විට බහුතර ඉන්දීය ප්‍රේක්ෂකයින් අන්තර්ජාලය ඔස්සේද ඇයට සිය අප්‍රසාධය පළකර ඇති බවයි වාර්තා වන්නේ.මේ අතර මෙම කතා මාලාව විකාශනය කරනු ලබන සහ නිෂ්පාදනය කරනු ලබන අමෙරිකාවේ ABC නාලිකාවද ඉන්දීය ජනතාවගෙන් සමාව අයැද ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එහි වැඩි දුරටත් සඳහන් වන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියංකා චොප්රාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් අඩුම වශයෙන් මෙම කතාවේ තිර පිටපත ඇය නොලියු බව සහතික කර ඇත.ඉන්දියාව සහ පාකිස්ථානය 1947 වසරේදී දෙකඩ වීමෙන් අනතුරුව කාශ්මීරයේ යුද්දයන් දෙකක් පැවතුනා. මේ දක්වාද කාශ්මීරයේ අයිතිය තමන් සතු බව කියමින් දෙපාර්ශයම තම අයිතිය තහවුරු කර ගැනීමට ප්‍රයත්න දරමින් සිටී. -

වෙරළට ගොඩගැසූ තල්මසාගේ අමාශය තුළ ප්ලාස්‌ටික් කිලෝ අටක්
කිලෝ අටක් වූ ප්ලාස්‌ටික් බෑග් අනුභව කිරීම නිසා විශාල තල්මසෙක් මරුමුවට පත්වී ඇත. මේ තල්මසා තායිලන්තයේ කෝලන් කැනඩා මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී තිබේ.
රාත්තල් 500 ක් බරැති මෙම තල්මසා තුළ ප්ලාස්‌ටික් බෑග් 80 ක් තිබී හමුවිය.මේ බව හෙළිවූයේ ජලජීවී විමර්ශකයන් විසින් තල්මසාගේ බඩ පලා සිදුකළ විමර්ශනයේදීයි.
දින පහක් තිස්‌සේ තල්මසා මුහුදට යෑවීමට සත්ව අවිහිංසාවාදීන් සිදුකළ උත්සාහයද ව්‍යාර්ථ විය.තල්මසා මුහුදු වෙරළට ගොඩගසා ඇත්තේ බඩ තුළ තිබූ ප්ලාස්‌ටික් දිරවා ගත නොහැකිව බව වාර්තා වේ. -

දරුවා පල්ලියේ දමා පලා යෑමට පෙර මතුවුන පිය සෙනෙහස…CCTV කැමරා විඩියෝව මෙන්න..
දින 5ක් වයසැති බිළිදෙකු කිතුනු දේවස්ථානයක දමා ගිය යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීම සිදුව තිබෙන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචි ප්‍රදේශයේදීයි.
අදාළ මව්පිය යුවළට දාව මෙම දරුවා ඔවුන්ගේ සිව්වැනි දරුවා ද වනවා.
රජයේ රෝහලක දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරුව මෙම යුවළ කිතුනු දේවස්ථානයක දරුවා තබා යෑමට යනවා.
දරුවා දේවස්ථානයේ බිම තැබීමට පෙර පියා දරුවාගේ නළල සිප ගෙන තිබෙනවා.
මෙම සියලු සිදුවීම් CCTV කැමරාවේ සටහන් වී තිබෙනවා.
පසුගිය 02වනදා රාත්‍රී 8.30ට පමණ මෙය දුටු දේවස්ථානයේ සාමාජිකයින් පොලීසියට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම තොරතුරු අනුව මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

ලොවම කම්පා කල දුෂණයට ලක්ව මියගිය ඕස්ට්‍රේලියාවේ පාමර් දැරියගේ ඝාතකයා මෙන්න..
ඔස්ට්‍රේලියාවේ දරුවන් හදාවඩා ගැනීමට ලබාදීමේ නීති වෙනස්විය යුතු බවට ඇස් ඇරවූ කුඩා පාසල් ශිෂ්‍යාවගේ මරණය එරට තුළ දැඩි කතාබහක් ඇති කර තිබෙනවා.
ටියාලෙයිහ් පාමර් තමන් හදාවඩා ගැනීමට භාරගත් පියා අතින් මියයන විට ඇගේ වයස අවුරුදු 12ක් වූ අතර, පාසලේ නර්තන පන්තිය අවසන් වී ගෙදර පැමිණි ඇයගේ නිසල සිරුර යළි හමුවූයේ මාස කිහිපයකට පසුව අසල වූ ජලාශයකින්.

රික් තොර්බර්න් නමැති මෙම ඝාතකයා පුතුන් දෙදෙනෙකුගේ පියෙකු වනවා. ඒ අනුව, ඔහුගේ වැඩිමහලු පුත්‍රයා වන එවකට නව යොවුන් වියේ පසුවූ ට්‍රෙන්ට් අතින් මෙම දැරිය දූෂණයට ලක්වීමෙන් පසු ඇය ගැබ් ගැනීමෙන් තම පුත්‍රයාට වන හානිය වැළැක්වීමට ඔහු මෙම මරණය සිදුකර ඇති බව අධිකරණයේදී හෙළි කෙරුණා.
එහිදී, ඔවුන් සැලසුම් කර මෙම මරණය සිදුකර ඇති බවත්, මෙම මරණය සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට අමතරව, පවුලේ සියලු දෙනා සිරභාරයට ගැනුණා. ඔවුන්ට එල්ල වූ චෝදනා වූයේ මරණය වසන් කිරීමයි.
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ මහත් කතාබහක් ඇති කළ මෙම මරණයෙන් පසුව දරුවන් වෙනත් අයට හදාවඩා ගැනීමට දීමේදී මීට වඩා විමසිලිමත් විය යුතු බවත්, එහිදී පාසල් පද්ධතිය පවා ඔවුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, නීති පද්ධතියේ වෙනසක් අවශ්‍ය බවත් අවධාරණය කෙරුණා.





-

ගාසා තීරයේ ගැටුම්…. ලෝක යුද්ධයක අතිතය මතක් කරමින් ඩ්‍රෝන යාත්‍රාවලිනුත් කඳුලු ගෑස්…!
විශාල මිනිස් සංහාරයක් සිදු කරමින් ඇති වුනු ගාසා තීරයේ ගැටුම් තව දුරටත් එලෙසින්ම පවතිනවා. එහිදී ඊශ්‍රායල් හමුදාව විසින් එල්ල කල ප්‍රහාර හමුවේ පුද්ගලයින් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 2700 කට අධික පිරිසක් තුවාල ලබා තිබුනා. මෙම ගැටුම් හටගත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයක් ජෙරුසලමේ පිහිටුවීමට යන බවට කල ප්‍රකාශයත් සමඟයි.
ඒ අනුව මේ සඳහා විරෝධය පලකරමින් සිටි පලස්තීනුවන්ට ඩ්‍රෝනා යත්‍රා මගින් කඳුලු ගෑස් එල්ල කිරීමටද කටයුතු කර තිබුනා. දෙවන ලෝක යුද්ධය සිහිපත් කරමින් ඇතිවුනු මෙම දරුණු තත්වයේ වීඩියෝ සහ ඡායාරූප මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරමින් පවතිනවා.


























