Category: සුපිරි World

  • කුල ප්‍රශ්නයක් නිසා සැමියා අහිමි වූ අයුක්‌තියට එරෙහිව පියා පෝරකයට යැවූ දියණියකගේ සංවේදී කතාව

    කුල ප්‍රශ්නයක් නිසා සැමියා අහිමි වූ අයුක්‌තියට එරෙහිව පියා පෝරකයට යැවූ දියණියකගේ සංවේදී කතාව

    22 හැවිරිදි ශංකර් නම් තරුණ සැමියා දරුණු කැපුම් තුවාල 34 ක්‌ සහිතව රෝහලට ගෙන යන අතරතුරදී මියගිය අතර 19 හැවිරිදි ඔහුගේ බිරිඳ කැපුම් 32 ක්‌ හා අස්‌ථි බිඳීම් ගණනාවක්‌ සහිතව මාසයකට ආසන්න කාලයක්‌ රෝහල්ගතව සිට ජීවත් වන්නට වාසනාව ලැබුවාය.

    කෞෂල්‍යා නම් වූ ඇය පැවසුවේ තමා එසේ නොමැරී සිටින්නට වාසනාව ලැබුවේ මේ දරුණු අපරාධය කළ අමනුෂ්‍යයන්ට දඬුවම් ලබා දෙන්නට හා කුලවාදයට එරෙහිව සටන් වදින්නට බවය. ඇගේ සාක්‌ෂි අනුව මේ අපරාධයට වගකිවයුත්තන් ලෙස ඇගේ පියා වූ චින්නසාමි හා මව වූ අන්නලක්‍ෂ්මි ඇතුළු නව දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය. තමිල්නාඩු තිරුපූර් අධිකරණයේ විභාගයට ගත් මෙම නඩුවට විත්තිකරුවන්ට විරුද්ධව සාක්‌ෂිකරුවන් 120 දෙනෙක්‌ සාක්‌ෂි දුන්හ.

    නඩු වාර 58 කදී ම කෞෂල්‍යා තම දෙමාපියන්ට ඇප ලබා දීමට දැඩි සේ විරුද්ධ වූවාය. “මගේ අම්මා, අප දෙදෙනා මරා දමන බවට පුන පුනා ප්‍රකාශ කළා. නීච කුලයක එකකු කසාද බැඳලා ඉන්නවාට වඩා මැරෙන එක හොඳයි කියලා ඇය පැවසුවා”. යි කෞෂල්‍යා අලමේලු නටරාජ් ප්‍රධාන දිසා විනිසුරුවරයා ඉදිරියේ කියා සිටියාය.

    අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් වූ අතර කෞෂල්‍යාගේ පියා වූ චින්නසාමි ඇතුළු සය දෙනකු පෝරකයට නියම විය. එහෙත් ඉන් සෑහීමකට පත් නොවූ කෞෂල්‍යා සිය මව ඇතුළු දෙදෙනෙක්‌ චෝදනාවලින් නිදහස්‌ වීමට එරෙහිව අභියාචනාධිකරණය වෙත පැමිණිලි කිරීමට සූදානම් වෙයි. ඇය කියන්නේ සිය මවත් මෙම අපරාධයට වගකිව යුතු බවයි. ඇය ඇතුළු අනෙක්‌ දෙදෙනාටත් මරණ දඬුවම හිමි වියයුතු බවයි. “මම තීන්දුව එනතුරු මාස 21 ක්‌ බලා සිටියා. ඉතිරි තිදෙනාටත් පෝරකය හිමි විය යුතුයි.

    ඒ සඳහා මම මහාධිකරණයේ පිහිට පතනවා. මගේ දෙමවුපියන් මේ තීන්දුවට එරෙහිව ඇපිල් කළහොත් මම ඊට විරුද්ධවත් නීතියෙන් කටයුතු කරනවා. මේ නඩුව ඉන්දියාවේ කුල පීඩනයට එරෙහි උදාහරණයක්‌ බවට පත් වෙයි”. කෞෂල්‍යා පවසන්නීය.

    “අපව කපා කොටා දමනු මුළු ලෝකයම CCTV ඔස්‌සේ බලා සිටියා. ශංකර් මියගියා. මගේ දරුණු තුවාලවලට ප්‍රතිකාර ලැබීමෙන් පසු මම ඇවිදින මළමිනියක්‌ සේ සිටිමි. මා සිතන්නේ මගේ දෙමවුපියන් ආදරය කර ඇත්තේ මට නොව මගේ කුලයට බවයි. තමන්ගේ එකම දුව සහ ඇගේ ස්‌වාමියා ඝාතනය කිරීමට මිනීමරුවන් කුලියට ගත හැක්‌කේ මොන දෙමවුපියන්ටද? ඔවුන් දෙමවුපියන්ද? ශංකර් ඔවුන්ගේ කුල පරම්පරාවේ ප්‍රථම ඉංජිනේරුවාය.

    අපේ කුල පරම්පරාව ඔහුව ඔවුන්ගෙන් පැහැරගෙන තිබේ. මට යුක්‌තිය ලැබෙනු ඇත. එහෙත් කුලය කවදා අවසන් වේද”? ඇය අසන්නීය. ශංකර් මරා දැමූ පසු කෞෂල්‍යාගේ ලෝකය සහමුලින්ම බිඳවැටුණේය. නමුත් ඇය ක්‍රමයෙන් ශක්‌තිමත් වූ අතර කුලය නිසා සිදුවන අපරාධවලට එරෙහිව සංවිධානාත්මකව නැඟී සිටින්නීය. ඇය ගමින් ගමට ගොස්‌ කුල භේදයට එරෙහිව හඬ නඟන්නීය. කුලය නිසා පීඩා විඳින විශාල පිරිසක්‌ ඇය වටා ඒකරාශී වෙමින් සිsටිති. මේ නිසා ඇයට මරණ තර්ජන වලින් ද හිඟයක්‌ නැත. එබැවින් ඇයට පොලිස්‌ ආරක්‌ෂාව ද ලබාදී තිබේ.

    ඇයට සිදු වූ අසාධාරණයට තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් ලැබුණු වන්දි මුදලෙන් ඇය ශංකර්ගේ පවුලේ අයට නිවසක්‌ තනා දී ශංකර්ගේ සිහිනය සැබෑ කිරීමට සමත් වී තිබේ. ගමේ දිළිඳු දරුවන්ට අමතර පන්ති පවත්වන මධ්‍යස්‌ථානයක්‌ ද ඇය විසින් ආරම්භ කොට තිබේ. දැන් ඇගේ ජීවිතයේ එකම අරමුණ කුල බේදය පොළොවෙන් තුරන් කිරීම බව ඇය පවසන්නීය.

  • පෙති පානය කර තරුණියක් සමග ලිංගික එක්වෙන්න යහන්ගතවූ තිදරු පියාට වෙච්ච දේ මෙන්න

    පෙති පානය කර තරුණියක් සමග ලිංගික එක්වෙන්න යහන්ගතවූ තිදරු පියාට වෙච්ච දේ මෙන්න

    සමහර බෙහෙත් වර්ග තියෙනවා ඒවා ගන්න ඕනේ වෙද මහත්මයෙකුගේ උපදෙස් මත වන අතර අපිට අවශ්‍ය  ආකාරයකට ඒවා පාවිච්චි කරන්න ගියහම නැති ලෙඩ හැදෙන්න පුලුවන් වගේම විවිධ සංකූලතා විතරක් නෙමෙයි ජීවිතයෙන් වුනත් වන්දිගෙවන්න සිදුවෙන්න පුලුවන්.
    ඒ වගේම තමයි තමාගේ එදිනෙදා ජීවිතයේ තමන් සිදුකරන දෑත් යම් රෝගවලට බලපාන්න පුලුවන්
    තමාගේ වයස සහ ශරීර ශක්තිය එක්ක තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ.
    මේ කියන්නෙත් ඒ වගේ ආවාසනාවන්ත සිදුවීමක් ගැනයි
    ලිංගික උත්තේජක පානය කර කාන්තාවක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙක් මියගිය පුවතක් නයිජීරියාවෙන් වාර්තාවී තිබෙනවා.
    මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි තිදරු පියෙකු බවටයි වාර්තා වන්නේ
    මෙම ලිංගික උත්තේජක පෙති මිලට ගෙන ඇති අතර එවා පානය කිරීමෙන් අනතුරුවයි ඔහු කාන්තාවක් සමඟ යහන්ගත වී ඇත්තේ. පසුව දිගු වෙලාවක් ඔහු එම කාන්තාව සමඟ ලිංගිකව එක්වීම හේතුවෙන් ඇතිවූ සංකූලතාවක් හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවයි සැක පළකෙරෙන්නේ.
  • ඉරාන මගී ගුවන් යානාවක් හදිසි අනතුරකට ලක්වේ

    ඉරාන මගී ගුවන් යානාවක් හදිසි අනතුරකට ලක්වේ

    ඉරානයට අයත් මගී ගුවන් යානාවක් හදිසියේ අනතුරට ලක්වී ඇති අතර එම යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 60 කට අධික පිරිසක් එහි පියාසර කළ බව විදෙස් ආරංචි මාර්ග වල සඳහන් වේ.
  • ටොංගා පාර්ලිමේන්තුව කුඩු පට්ටම් කල ගීටා

    ටොංගා පාර්ලිමේන්තුව කුඩු පට්ටම් කල ගීටා

    දූපත් 170ක එකතුවක් ලෙස සැකසුණු ටොංගා රාජ්‍යය පැසිෆික් මුහුදේ ෆීජි දූපත්වලට නැගෙනහිරින් සහ නවසීලන්තයට උතුරු දෙසින් පිහිටා ඇත.

    සිවුවැනි ප්‍රභේදයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ටොංගා රාජ්‍යට ඇතුළු වූ ගීටා නම් සුළි කුණාටුව පෙරේදා රාත්‍රිය පුරා දූපත් රාජ්‍ය වෙත දැඩි බලපෑමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.දශක 06කට පසුව පැසිෆික් කලාපයේ ටොංගා රාජ්‍ය වෙත බලපෑ මෙම ප්‍රබල සුළි කුණාටුව එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.වසර 100කට වඩා පැරණි ටොංගා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මෙසේ විනාශ වීම හේතුවෙන්, එය පිළිසකර කරන තුරු එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රැස්වීම සඳහා ස්ථානයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව කියැවේ.

    දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බොහෝ පළාත්වල විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම් වර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් විදුලිය ඇණහිට තිබුණි. එමෙන්ම, නිවාස රැසක වහළ සුළඟේ ගසාගෙන ගොස් ඇති බවද සඳහන් වේ.කෙසේ වෙතත්, මෙම සුළි කුණාටුව රට තුළට ඇතුළු වීමට පෙර ටොංගා රජය විසින් රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් දහස් ගණන් ජනතාවට රාත්‍රිය ගත කිරීම සඳහා රැඳවුම් මධ්‍යස්ථාන ඇති කර තිබූ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

     

     

  • චීන ජනපති ෂී ජින්පින් මහතාගෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

    චීන ජනපති ෂී ජින්පින් මහතාගෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

    චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මෙරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් පළ  කර ඇති බව චීන මාධ්‍ය වාර්ථා කර ඇත.
    ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට පූර්ණ සහය ලබාදීමට චීන රජය ගෙන ඇති තීන්දුව පිළිබඳව සඳහන් තීරණයන් ඉදිරියේදී කිසිදු වෙහෙසකින් තොරව ක්‍රියාත්මක වනු ඇති බවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට ඔසවා තැබිමට චීන රජය පූර්ණ දායකත්වය ඉදිරියටද ලබාදෙන බවත් චීනය හා ශ්‍රී ලංකාව අතර සබඳතාවන් මේ වනවිට වඩාත් ශක්තිමත් මට්ටමක පවතින නිසා දෙරටෙහිම ජනතාවට මෙම සබඳතා හරහා ප්‍රතිලාභ ලබාදීම චීන රජයේ අපේක්ෂාව වන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත  යොමු කරන ලද ලිපියේ වැඩි දුරටත් දැක්වෙන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
     
  • දෙවන ලෝක යුද්දෙ කාල දැමූ කිලෝ 450ක බෝම්බයක් හොංකොන් වලින් හමුවෙයි

    දෙවන ලෝක යුද්දෙ කාල දැමූ කිලෝ 450ක බෝම්බයක් හොංකොන් වලින් හමුවෙයි

    චීනයේ හොංකොං නගර මධ්‍යයේ තිබී හමුවූ දෙවන ලෝක යුධ සමයට අයත් යැයි සැලකෙන බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කළ බව හොංකොං පොලිසිය පවසයි. 

    ඉදිකිරීම් වැඩබිමක තිබී හමුවූ මෙම බෝම්බය කිලෝග්‍රෑම් 450ක් පමණ බරින් යුක්ත බව වාර්තා වී ඇත. බෝම්බය නිශ්ක්‍රීය කිරීමට පෙර ඒ ආසන්නයේ නවාතැන්පොලවල් හා හෝටල් වල සිටි 1500ක පමණ පිරිසක් ඉවත් කර ඇති අතර පාරවල් කිහිපයක් වසා දැමීමට පොලිසියට සිදුවී ඇත.
     
    මෙය ඇමරිකාවේ නිශ්පාදිත බෝම්බයක් බවත් 1941 – 1945 අතර කාලයේ හෙළනලද බෝම්බයක් බවත් හොංකොං පොලිසිය පවසයි. පසුගිය ඉරිදා ද මෙවැනිම බෝම්බයක් ආසන්න ස්ථානයක තිබී හමුවී නිශ්ක්‍රීය කල බව මාධ්‍ය වාර්තා කර ඇත.

  • 76 හැවිරිදි රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ මූල්‍ය සභාපති ලිංගික ඡෝදනාවක් නිසා ඉල්ලා අස්වේ

    76 හැවිරිදි රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ මූල්‍ය සභාපති ලිංගික ඡෝදනාවක් නිසා ඉල්ලා අස්වේ

     

    76 වැනි වියෙහි පසුවන රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ මූල්‍ය සභාපති  ස්ටීව් වයින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත.ස්ටීව් වයින් ඇමෙරිකානු කැසිනෝ ව්‍යාපාරයේද ප්‍රබල චරිතයක් වන අතර ප්‍රකොටිපති ව්‍යාපාරිකයෙකි.

    වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත හෙළි කරන ආකාරයට මෙම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සම්බාහන යුවතියකට යැවූ කෙටි පණිවුඩ මෙන්ම, සිය කාර්ය මණ්ඩල සේවිකාවකට තමන් සමග එක්වන ලෙස බල කිරීම යන චෝදනා අනාවරණය වී ඇති අතර රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ සභාපති ධුරය දරන රෝනා මැක්ඩැනියෙල් ඇමෙරිකානු මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන්, ඔහුගේ ඉල්ලා අස්වීම භාරගත් බවයි.

  • FBI ප්‍රශ්න කිරීම් වලට මං බය නෑ… – ට්‍රම්ප්

    FBI ප්‍රශ්න කිරීම් වලට මං බය නෑ… – ට්‍රම්ප්

    පසුගිය ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට වාසි ගෙනදෙන අයුරින් රුසියානු අතපෙවීමක් සිදුව ඇති බවට කෙරෙන චෝදනාව මැතිවරණය අවස්ථාවේදී පවා පැවතුණු අතර  ඩිමොක්‍රටික් පක්ෂයෙන් එම චෝදනාව දැඩිව නැගුණි.එම ඡෝදනා වලට පිළිතුරු වශයෙන් හා වත්මන් තත්වයන් හේතුවෙන් 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේ සිදුවූයේ යැයි කියන රුසියානු අතපෙවීම සම්බන්ධයෙන් FBI ආයතනය සිදුකරන පරීක්ෂණයේදී තමන් ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලට මුහුණදීමට සූදානමින් සිටින බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

     

  • වැරදි කරපු බූරුවන් හිරේ දායි…

    වැරදි කරපු බූරුවන් හිරේ දායි…

    මිනිසුන් පෘථිවි තලය වනසද්දී 2017 වසරේ නොවැම්බරයේ ඉන්දියාවේ බූරුවන් රංචුවක් උත්තර ප්‍රදේශයේ සිර කඳවුර අසල තිබූ ඉතා වටිනා පැළෑටි රිසිසේ කා දැමීමේ වරදට සිරගත කෙරිණි. උන් කෑ පැළවල වටිනාකම ඉන්දියානු රුපියල් 60,000කි. උන් සිව් දිනක් ඔරායි සිරගෙදර සිරගතකර තිබූ අතර අවසානයේ අයිතිකරු කමලේෂ්ට ගොවිපොළ සත්ත්වයන් ලැබිණි. ඒ භාරතීය ජනතා පක්ෂ‍යේ දේශපාලනඥයෙක් උන්ගේ දඩය ගෙවාදැමීම නිසාය . කමලේෂ් තම සතුන් නිදහස් කර දෙන මෙන් කොතෙක් ඉල්ලා සිටියත් කිසිවකු ඊට සවන් දී නැත. දේශපාලන මැදිහත්වීම සිදුවූයේ ඉන් අනතුරුවය.සිරගෙදර අධිකාරි කියා සිටියේ මෙය අතිසංකීර්ණ ගැටලුවක් බවය.

    “බූරුවෙක් හිරේ දමන්නනීතියක් නැහැ. ඒත් අයිතිකරුට පාඩමක් උගන්නනයි මෙහෙම කළේ. කීපවතාවක්ම අවවවාද කළත් ගණන් ගත්තේ නෑ. අධිකාරිවරයා පැවසුවේය. පැළෑටි කෑ බූරුවන්ට සිව් දිනක සිර දඬුවමක් ලැබිණි.

  • ට්‍රම්ප්ගේ හිස ගිනිගත් “ගින්දර සහ කෝපය”

    ට්‍රම්ප්ගේ හිස ගිනිගත් “ගින්දර සහ කෝපය”

     ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ලෙස දිවුරුම්දී අදට හරියටම වසරකි. ජනපති ධුරයේ වැඩ භාරගත් දින සිට විවිධ ආන්දෝලනයන්ට මැදිවූ ට්‍රම්ප්ගේ ධුරකාලයට වසරක් සපිරුණද ඔහු ගැන කතා කිරීමට ඇති දේවල අඩුවක් වී නැත. ජනපති පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණයට සමගාමීව ඇමරිකානු ජාතික මාධ්‍යවේදියකු වන මයිකල් වුල්ෆ් ලියා පළකළ කෘතියක් නිසා ට්‍රම්ප් මේ දිනවල සිටින්නේ ගිනිගොඩක ය. ‘ෆයර් ඇන්ඩ් ෆියුරි – ඉන්සයිඩ් ද ට්‍රම්ප් වයිට් හවුස්‘ නමැති මෙම ආන්දෝලනාත්මක කෘතිය ට්‍රම්ප් හා ඔහුගේ සමීපතමයන් ඇඳාගනිමින් ධවල මන්දිරයේ බිත්තිවලින් මෙතෙක් කල් පිටතට නොගියාවූ රහස් රාශියක් ප්‍රසිද්ධියට පත්කරන්නකි. ෆයර් ඇන්ඩ් ෆියුරිහි අන්තර්ගතය සැබවින්ම ‘වහා ගිනිගන්නාසුලුය’. ට්‍රම්ප් සම්බන්ධයෙන් සතුටු වීමට හැකි ස්වල්ප වූ හෝ යහපත් දෙයක් ඉතිරිව තිබුණා නම්, එයද දවා හළු කිරීමට මෙම පොත සමර්ථ ය. ධවල මන්දිරය ඒ ගැන කෙතරම් කබලවූවාද යත් පොත ප්‍රකාශයට පත් කිරීම අත්සිටුවන ලෙස බලකරමින් ට්‍රම්ප්ගේ නීතිඥයා එහි ප්‍රකාශකයා වන ‘හෙන්රි හෝල්ට්‘ සමාගමට එරෙහිව නීතිමය පියවර ද ගත්තේය. නමුත් එකම ප්‍රතිඵලය වූයේ නියමිත දිනයටත් පෙරම පොත ප්‍රකාශයට පත්කිරීමට ප්‍රකාශකයා කටයුතු කිරීමය. හෙන්රි හෝල්ට් සමාගම මෙම පොත හඳුන්වා දුන්නේ ‘ඇමරිකාවේ ජාතික තත්වයට අසමසම දායකත්වයක් ලබාදුන් නිර්මාණයක්‘ ලෙසය. ට්‍රම්ප් ඇතුළු ඔහුගේ ධවල මන්දිර නීතිඥයින් විසින් මෙම පොත තොටිල්ලේදීම මරා දැමීමට උත්සාහ ගත්තේ ජාතික ආරක්ෂාව පදනම්කරගෙන නොවීමද කැපී පෙනෙන්නෙකි. ෆයර් ඇන්ඩ් ෆියුරි කෘතියට එරෙහිව ට්‍රම්ප් පරිපාලනයෙන් ගෙනයන මර්දනකාරී පිලිවෙත ට්‍රම්ප්ගේ ආත්ම අභිමානය හා ප්‍රතිරූපය පළුදු වනු ඇතිය යන බිය පදනම් කරගත්තකි.

    ෆයර් ඇන්ඩ් ෆියුරි ප්‍රකාශයට පත්වීම නිසාවෙන් ට්‍රම්ප් හැරුණු කොට බරපතළම ප්‍රතිවිපාක ලැබුවේ ට්‍රම්ප්ගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයා වන ‘ස්ටීව් බැනන්ය‘. ඒ මයිකල් වුල්ෆ්ගේ ගින්දර මෙන් දවන සුලු හෙළිකිරීම් රාශියකටම පදනම් වී ඇත්තේ බැනන්ගේ ප්‍රකාශ නිසාය. ‘ෆයර් ඇන්ඩ් ෆියුරිහි‘ කොඳු නාරටිය සකස්ව තිබෙන්නේ ට්‍රම්ප් සම්බන්ධයෙන් බැනන් විසින් කළ ගිනි පුපුරු වන්වූ ආන්දෝලනාත්මක ප්‍රකාශවලිනි. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ අදටත් උණුසුම පහව ගොස් නැති 2016 වසරේදී ට්‍රම්ප් ටවර්හිදී රුසියානු නියෝජිතයින් සමඟ කළ සාකච්ඡා ය. ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතු සමඟ බෑණනුවන් ජෙරාඩ් කුෂ්නර්ද සහභාගී වූ මෙම හමුව, ට්‍රම්ප් ජනපති ධූරයට පත්කිරීමට රුසියාව මැදිහත්වූ බවට චෝදනා එල්ලවීමට මුල් විය. ෆයර් ඇන්ඩ් ෆියුරි හි බැනන් විසින් මෙම හමුව හඳුන්වා දෙන්නේ ‘ජාති මාමක නොවූ දේශ ද්‍රෝහී කුණුහරුපයක්‘ ලෙසය. කලකදී ට්‍රම්ප් ගිනි සිලුවේ භාරකරු වූ බැනන් පසුගිය සතිය වන විට ඇමරිකානු දේශපාලන කරළිය තුළ සිය තත්ත්වය රැක ගැනීම සඳහා පණ අදිමින් සිටියේ ‘දේශපාලනික දිවි සුරැකුම් යන්ත්‍රයක‘ පිහිට ලබමිනි. බැනන් සමඟ වූ සියලුම සබඳතා කපා හැරියා පමණක් නොව, ‘හෙළි නොකරන ලද එකඟතාවයක්‘ උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් සියලු සේවා අත්හිටුවීමේ ලිපියක්ද ට්‍රම්ප් පරිපාලනයෙන් ඔහුට යවා තිබේ. ඒ අනුව ෆයර් ඇන්ඩ් ෆියුරි නිසා ට්‍රම්ප් පමණක් නොව බැනන්ද සිටින්නේ ගිනි ගොඩක ය.

    සියලු විප්‍රයෝගවල නිර්මාතෘ වන මයිකල් වුල්ෆ් සියල්ලේ අවසන් ගෞරවයද තමාටම පිරිනමා ගනිමින් බැනන් හා ට්‍රම්ප් අතර වන සමානකම හුවා දක්වා තිබුණේ මෙලෙස ය. “ ජනපතිවරයකුට සුදුස ලෙස කතා කිරීමට ට්‍රම්ප් නොදන්නවා නම්, බැනන් උපදේශකයා ලෙස ට්‍රම්ප්ටම ගැලපෙනවා. ජනපති උපදේශකයකුට ඔබින ලෙස කතා කිරීමට ඔහුද නොදත් නිසාය.“ට්‍රම්ප්ගේ යුදෙව් ආගමික බෑණනුවන් වන කුෂ්නර් හා බැනන් අතර පැවති යුදෙව් හා යුදෙව් නොවන්නන් මුල්කර ගත් ආකල්පමය ගැටුමක්ද ෆයර් ඇන්ඩ් ෆියුරි ඔස්සේ හෙළි වේ. දැනට මරිකාව වෙළාගෙන තිබෙන වාර්ගික හා ආගමික ගැටුම් ධවල මන්දිරයටද ව්‍යාප්තව ඇති බව හෙළි කිරීමට වෙනත් නිදසුන් අවශ්‍ය නැත. ට්‍රම්ප්ගේ සමීපතමයින් හා විවිධ ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකයින් ට්‍රම්ප්ගේ අදක්ෂකම හුවා දක්වමින් අපහාසාත්මක යෙදුම්වලින් ඔහුව හඳුන්වා ඇති ආකාරද ෆයර් ඇන්ඩ් ෆියුරි හී දැක්වේ. සැකෙවින් ගතහොත් මේ දක්වා ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ ඇතුළත වසන් කරමින් ඇද තිබූ තිරය ෆයර් ඇන්ඩ් ෆියුරි විසින් ඔසවා තිබෙන්නේ ට්‍රම්ප් හොඳින්ම හඳුනන පුද්ගලයන්ට ඔහු ගැන කතා කිරීමට ඉඩ හැරීමෙනි. තමා කිසිදිනක වුල්ෆ්ට කතා කර නැති බව කියන ට්‍රම්ප්, එහි ඇතුළත් සියල්ල ‘පට්ටපල් බොරු හා වැරදි අර්ථකථන‘ ලෙස පවසමින් සාවඥ ලෙස බැහැර කොට තිබේ. එබඳු මත ගැටුම් හා ආන්දෝලනාත්මක සිදුවීම් පාඨකයින් පොත මිලදී ගැනීමට උනන්දු කිරීමට මිස අධෛර්යවත් කිරීමට හේතුව නැත. පොත උණු කැවුම් මෙන් අලෙවි වන්නට වූයේ හෙන්රි හෝල්ට් ප්‍රකාශන සමාගමේ වසර එකසිය පනස් එකක ඉතිහාසයේ වැඩිම වේගයකින් අලෙවි වූ ‘ප්‍රබන්ධ නොවන‘ පොත ලෙස වාර්තාවක්ද පිහිටුවමිනි. ධවල මන්දිරය එලෙස ගිනි ගනිද්දී සිනහ උපදවන සිදුවීමක්ද වාර්තාව තිබිණි. ඒ ට්‍රම්ප්ගේ රහස් හෙළි කරන පොත මිලදී ගැනීමට පාඨකයින් අතර හටගත් උමතුවක් බඳු උද්වේගයේ ද එනමින්ම යුතු වෙනත් පොතක් වැරදීමකින් මිලදී ගැනීමට බොහෝදෙනකු පෙළඹවයි. ට්‍රම්ප්ගේ අපවාදයෙන් එලෙස වාසි ලැබුවේ කැනේඩියානු ජාතික ලේඛකයකු මෙන්ම ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂවරයකුද වන ‘රැන්ඩල් හැන්සන්ය.‘ 2009දී ප්‍රකාශයට පත්වූ ඔහුගේ ‘ෆයර් ඇන්ඩ් ෆියුරි‘ කෘතිය දෙවන ලෝක යුද සමයේදී ජර්මනියට බෝම්බ හෙළීම පාදක කර ගත්තකි. සිදුවු පටලැවිල්ල නිසා රැන්ඩල්ගේ පොත එක් රැයකින් ‘බෙස්ට්සෙලර්’ ලැයිස්තු තුනකම අංක එකට පත්ව තිබිණි. පොත් දෙක පටලවා ගත්තවුන් රැන්ඩල්ගේ පොත කියවා පුදුමය පළ කර තිබුණේ ඒ ගැන ධවල මන්දිරය මෙතරම් කලබලව සිටින්නේ මන්දැයි සිතාගත නොහැකි වූ නිසාය. ඒ අතර ට්‍රම්ප්ව ප්‍රිය කරන ඇතැම් පාඨකයින් කියා තිබුණේ ඔවුන් ඕනෑකමින්ම රැන්ඩල්ගේ පොත මිලදී ගත්තේ වුල්ෆ්ගෙන් පළිගැනීමට බවයි. ෆයර් ඇන්ඩ් ෆියුරි අලකලංචියෙන් වැඩිම වාසි ලැබූ රැන්ඩල් පටලැවිල්ල ගැනත්, ට්‍රම්ප් අපවාද ගැනත් චෝදනා නඟන්නේ නැත.

    ෆයර් ඇන්ඩ් ෆියුරි කරන හෙළිකිරීම් අතරින් වඩාත්ම කතා බහට ලක්ව ඇත්තේ ට්‍රම්ප්ගේ තෙවැනි හා වත්මන් බිරිය මෙලානියා සම්බන්ධ සිදුවීමකි. මයිකල් වුල්ෆ්ට අනුව ඇය සිය සැමියා ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ බව දැනගත් විට හඬා තිබේ. ඒ සතුටට නොව ශෝකයටය. ට්‍රම්ප් ජනපතිවූ විට තමාටද ජනපති ආර්යාව ලෙස ධවල මන්දිරයේ ඔහු සමඟ විසීමට සිදුවීම ගැන හටගත් ශෝකය ඇයට ඒ මොහොතේ ප්‍රබලව දැනුණු බවට වුල්ෆ් කරන ප්‍රකාශය විවාදාත්මකය. කොහොමටත් ජනපති ට්‍රම්ප් හා මෙලානියා අතර වන සම්බන්ධය සමීප වූවක් නොවන බව රහසක් නොවේ. ජෝන්. එෆ්. කෙනඩිගෙන් පසු සිය බිරියගෙන් වෙන්ව නිදන කාමරයක නිදන්නට පටන්ගත් ජනපතිවරයා ට්‍රම්ප් ය. ඔහු සිය කාමරයට අගුලක් මෙන්ම අමතර රූපවාහිනී යන්ත්‍ර දෙකක්ද ඔහු ලබාගෙන තිබීමද අසාමාන්‍ය වූවකි. වුල්ෆ් කරන අනාවරණවලට අනුව සිය පෞද්ගලික බඩු බාහිරාදිය ඇල්ලීමට ට්‍රම්ප් කිසිවකුට ඉඩ දෙන්නේ නැත. ඔහු මෙම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නෙ සිය දත් බුරුසුව සම්බන්ධයෙනි. පෞද්ගලික බඩු ස්පර්ශ කිරීමට එරෙහිව දැඩි නීති පැනවීමට ට්‍රම්ප් පෙළඹී ඇත්තේ තමාට වස දෙනු ඇත යන සිටින අනියත බිය නිසාය. ඔහු මැක්ඩොනල්ඩ් අවන්හලෙන් පමණක් ආහාර ගන්නේද එම බිය නිසාම ය. එසේ මයිකල් වුල්ෆ්ට අනුව ට්‍රම්ප් පිරිමින්ට වඩා කාන්තාවන් කෙරෙහි විශ්වාසය තබන්නෙකි. හොඳම නිදසුන ඔහුගේ සමීපතම සහායකයින් දෙදෙනා දියණිය ඉවැන්කා හා කෙලී ඈන් කොන්වේ ය. ට්‍රම්ප්ගේ, එම තෝරා ගැනීමට හේතුව පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වඩාත් පක්ෂපාතී හා විශ්වාසනීය බවට ඔහු තුළ වන පිළිගැනීමයි.

    ජෙරාඩ් කුෂ්නර් හා ඉවැන්කා ට්‍රම්ප් හිටපු එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ජේම්ස් කෝමි ධුරයෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් පෙළඹවු බව තවත් ආන්දෝලනාත්මක චෝදනාවකි. ෆයර් ඇන්ඩ් ෆියුරි කෘතියට අනුව රුසියාවේ මැදිහත්වීම් ගැන එෆ්.බී. අයි ආයතනය විසින් සිදුකළ විමර්ශනවල අවසානය කෙබඳු වනු ඇත්ද කියා ඉවැන්කා හා කුෂ්නර් සිට ඇත්තේ දැඩි බියකිනි. පවුලේ ආදායම්ද විමර්ශනයට ලක්වනු ඇතැයි බියවු කුෂ්නර් කළ පෙළඹවීම් හමුවේ ට්‍රම්ප් කෝමි ඉවත් කිරීමට තීරණය කොට ඇත්තේ කිසිවකුගේ අදහස් විමසීමකින් තොරවය. දේශපාලන විචාරකයින්ට අනුව කෝමි එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීම වූකලී ජනපති ධුර ඉතිහාසයේ තනි කැමැත්තට ගත් වැදගත්ම ක්‍රියාමාර්ගයකි.

    ෆයර් ඇන්ඩ් ෆියුරි ඔස්සේ සාකච්ඡාවට ලක්කරන තවත් විවාදාත්මක සිදුවීමක් වන්නේ සෞදි අරාබියේ මෑතභාගයේදී සිදුවූ බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයයි. ඊට මුල්වුයේ ට්‍රම්ප් හා කුෂ්නර් බවට වුල්ෆ් චෝදනා කරන්නේ ට්‍රම්ප් කළැයි කියන ප්‍රකාශයක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමිනි. ජනපති ධුරයට පත්ව කළ පළමු විදේශ සංචාරයේදී සෞදි අරාබිය බලා ගිය ට්‍රම්ප්, ඇමරිකාව වෙනුවෙන් ඩොලර් බිලියන එකසිය දහයක අවි ගිවිසුමකට අත්සන් කර තිබේ. එකල සෞදියේ ආරක්ෂක ඇමැති ‘මොහොමඩ් බින් සල්මාන්‘ කුමරු සෞදියේ ඔටුන්න හිමි කුමරු බවට පත්වීමට ආධාර කර ගත්තේ ට්‍රම්ප් පවුල සමඟ ගොඩනඟාගත් එම මිත්‍රත්වයයි. හිටපු ඔටුන්න හිමි කුමරු වන ‘මොහොමඩ් බින් නායෙෆ්‘ අත්අඩංගුවට ගනිමින් බලය අල්ලා ගැනීමට කළ මෙම කුමන්ත්‍රණය පිටුපසින් ක්‍රියාත්මක වූයේ ට්‍රම්ප්ගේ අදිසි හස්තය බවට වුල්ෆ් කරන හෙළිදරව්ව, සෞදිඅරාබියේ දේශපාලනික කුණාටුවක් ඇති කිරීමට හේතුවී තිබේ. මිට අමතරව ට්‍රම්ප්ගේ සමීපතමයින් හා ඔහුගේ කාර්ය මණ්ඩල නිලධාරීන් ට්‍රම්ප් යනු,‘මෝඩයෙක්‘, ‘පිස්සෙක්‘,‘වැඩකට නැති අඥානයෙක්‘ලෙස හඳුන්වනු ලැබූ අවස්ථා ලැයිස්තුවක්ද මෙහි ඇතුලත්ය.

    ෆයර් ඇන්ඩ් ෆියුරි ( ගින්දර හා කෝපය ) යන්නට වඩා හොඳ නමක් ඊට දිය නොහැක. ෆයර් ඇන්ඩ් ෆියුරි නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් සිටින්නේ ගිනි පුපුරුවලට මැදිවය.

    රුක්ලන්ති පෙරේරා

  • ලිංගික වද හිංසා වලට  විරෝධය පෑමට නළු නිළියෝ සම්මාන උළෙලට කළු අඳියි

    ලිංගික වද හිංසා වලට විරෝධය පෑමට නළු නිළියෝ සම්මාන උළෙලට කළු අඳියි

    පසුගිය මාස කිහිපයක කාලයේදී හොලිවුඞ් සිනමා කර්මාන්තය  තුළ ලිංගික අඩත්තේට්ටම්වලට වැඩි අවධානයක් යොමු විය. ලිංගික හිරිහැරවලට ලක්වූ නිළියන් ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීමට ඊට ප්‍රධාන වශයෙන් හේතුවිය. හොලිවඩුයේ ජනප්‍රිය නළුවන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට එහිදි චෝදනා එල්ල විය. 

    එම සිදුවීම්වලින් පසු හොලිවුඞ් සිනමාවේ පැවැති ප්‍රධානතම සම්මාන උළෙල වූයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලයි. ලිංගික පීඩා, හිංසා ආදියට පත්වූ නිළියන්ට හා කාන්තාවන්ට ගෞරව කිරීමක් එම කාන්තාවන්ට සිදු වන ලිංගි හිරිහැරවලට විරෝධය පෑමක් ලෙස රාත්‍රියේ පැවැති සම්මාන උළෙලට සහභාගී වූ නිළියන්ගෙන් බහුතරයකට වැඩි දෙනකු කළු පැහැති ඇඳුම්වලින් සැරැසී සහභාගී වූ බව ද ඒ.එෆ්.පී සහ රොයිටර් ඇතුළු විදෙස් මාධ්‍ය සියල්ලම පාහේ වාර්තා කර තිබිණි. 

     ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ හොලිවුඞ් විදෙස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයි. මෙම සම්මාන උළෙල ඔස්කාර් සම්මාන උළලේදී සම්මාන හිමි කරගනු ඇතැයි අපේක්ෂිත චිත්‍රපට සම්බන්ධයෙන් ඉඟියක් ලබා දෙන්නක් මෙන්ම ඔස්කාර් සම්මාන උළෙලට එක් නිර්නායකයක් ලෙසින් ද සැලකෙයි. ඔස්කාර් එසේත් නැතිනම් ඇකඩමි සම්මාන උළෙල ලබන මාර්තු 4 වැනිදා පැවැත්වීමට නියමිතය. 
    ලොව පුරා අසාධාරණයට, වදහිංසා හා පීඩාවලට මෙන්ම ලිංගික අඩත්තේට්ටම්වලට ලක්වන කාන්තාවන් රැකගැනීම සහ එවැනි ක්‍රියාවලට විරෝධය පළ කිරීම ඉලක්ක කරගනිමින් වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා සම්මාන උළෙල අවස්ථාවක් කරගැනීමට ද හොලිවුඞ් නිළියෝ කටයුතු කළහ. ඊට නළුවන්ගේ ද සහාය හිමිව තිබිණි.කාලය අවසන් ‘ටයිම්ස් අප්’ සහ මමත් ‘මී ටූ’ යනු එම වැඩසටහන් දෙකකි. ඒ වෙනුවෙන් පළඳනයක් තිබූ අතර නිළියන් මෙන්ම නළුවන් ද එම පළඳනය ඔවුන්ගේ ඇඳුම්වල රඳවාගෙන තිබූ අයුරු දක්නට ලැබිණි.

    හොලිවුඞ් විකට නළුවකු සහ දේශපාලන විචාරකයකු වන සෙත් මේයර්ස් සම්මාන උළෙල ආරම්භ කළේද “නෝනාවරුන්ගෙන් සහ ඉතිරි මහත්වරුන්ගෙන් අවසරයි” යනුවෙන් ඉංග්‍රිසි බසින් ප්‍රකාශ කරමිනි. සම්මාන ලැබූ නිළියෝ සියලු දෙනාම ප්‍රචණ්ඩත්වය, ලිංගික හිරිහැර යනාදියට විරෝධය පළ කළහ. 

  • දකුණු අප්‍රිකාවේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නාන්න වතුර දෙන්නෙ විනාඩි 2යි…

    දකුණු අප්‍රිකාවේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නාන්න වතුර දෙන්නෙ විනාඩි 2යි…

    දකුණු අපි‍්‍රකාවේ තරග සංචාරයක නිරත ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට ජල භාවිතය සීමා කර තිබෙනවා. කේප්ටවුන් නුවර පවතින උග‍්‍ර ජල හිගය හේතුවෙන්  එහි ජනතාවටද ජල භාවිතය සීමා කර ඇතිි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

    මේ දිනවල කේප්ටවුන් නුවර උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 27ක් ලෙයසි. ඉන්දීය කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු ටෙස්ට් තරගය ද පැවැත්වෙන්නේ කේප්ටවුන් නුවරයි. එම ප‍්‍රදේශයට පවතින ජල හිගය හේතුවෙන් එක් නිවසක් සඳහා මාසයකට සැපයෙන්නේ ජල ලීටර් දස දහස් පන්සියයක් පමණයි. එ් අනුව කේප්ටවුන් නුවර එක් පුද්ගලයෙකුගේ දිනක පරිභෝජනය සඳහා ජලය ලීටර් 87ක ප‍්‍රමාණයක් හිමිවන බවයි වාර්තා වන්නේ. මෙම තත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ලබා දෙන ජල ප‍්‍රමාණය තවත් සීමා කිරීමට සිදුවනු ඇති බව කේප්ටවුන් නුවර නගරාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා.

     

  • පෙර භවයේ ලංකාවේ සිටි බව කියන භූතාන් රජ පවුලේ සාමනේර හිමි….

    පෙර භවයේ ලංකාවේ සිටි බව කියන භූතාන් රජ පවුලේ සාමනේර හිමි….

    බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පවසමින් නිරන්තරයෙන් ඇවිටිලි කළ වයස අවුරුදු දෙකේදී පැවිදි බිමටපත් භූතානයේ රැජිනගේ මුණුපුරු සාමනේර හිමියන් ඇතුළු දූතපිරිසක් නිලනොවන සංචාරයකට පැමිණ පසුගිය දා මිහින්තලය රජමහා විහාරය වැදපුදා ගත්හ.

    සිව්වන වියේ පසුවන රැජිනියගේ මුණුපුරා වන සාමනේර හිමියන් වයස අවුරුදු දෙකේදී පැවිදි වී තිබෙන බවත් සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය පිළිබඳ ඇති දැනීම සම්බන්ධයෙන් මහ රැජිණිය මෙන්ම තමන් වහන්සේද මවිතයට පත්වූ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියයෝ පැවසූහ.

    සාමනේර හිමියන්, භූතාන රැජිනිය සමඟ ඇගේ දියණිය වන සාමනේර හිමියන්ගේ මව සහ පැවිදි වී සිටින මුණුපුරා ගේ විහාරයේ නායක හිමිපාණන්,  හා සාමනේර හිමියන්ගේ සහෝදරයා මෙන්ම ශ්‍රී ලංකාවේ භූතාන තානාපතිවරයා ඇතුළු දූත පිරිස පෙරේදා (31) මිහින්තලය පූජා භූමිය වැදපුදා ගැනීමට පැමිණ සිටියහ.

    දැනට සිව්වන වියේ පසුවන සාමනේර හිමියන් වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවට පැමිණිය යුතුබවට ඇවිටිලිකරමින් හඬා වැටීම නිසා නිලනොවන අන්දමින් ශ්‍රී ලංකාවට පැමිණි බව රැජිනිය විහාරාධිපති ධම්මරතන හිමියන්ට පැවසුවාය.

    සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසනික ඉතිහාස සම්බන්ධයෙන් ඇති දැනීම පිළිබඳව මවිතයට පත්වූ විහාරාධිපති හිමියෝ මෙසේ කීය.

    සාමනේර හිමියන් ලංකාවේ සෑම බෞද්ධ සිද්ධස්තානයක් පිළිබඳවම හොඳින් දන්නවා. කැලණිය විහාරයට වැඩම කළ අවස්ථාවේ එම විහාරයට බුදුන් වැඩිය බවත් පවසා තිබුණා. අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ වැදපුදා ගැනීමට ගිය අවස්ථාවෙත් ශ්‍රී මහ බෝධින්වහන්සේ බුදුන්ට බුදුවීමට පිටදුන් බෝධියේ ශාඛාවක් බව පවසා තිබුණා. රැජිනය හා ඇගේ දියණියත් සාමනේර හිමියන්ගේ මේ ප්‍රකාශයන්ට මවිතවී සිටියා.

    උන්වහන්සේ මීටපෙර ලංකාවට වැඩමකර නෑ. උන්වහන්සේට  මෙම දැනුම ලැබුණු ආකාරය පිළිබඳව මටත් හිතා ගන්න බැරුව හිටියේ. මිහින්තලයට වැඩම කිරීමෙන් පසුව මේ විහාරය මිහිඳු මාහිමිපාණන් ලංකාවට බුද්ධාගම රැගෙනා ආ ස්ථානය යනුවෙන් උන්වහන්සේ හඳුනාගත්තා. මිහින්තලා මහා සෑයේ බුදුන්වහන්සේගේ ඌරණ රෝම ධාතුව  තැන්පත්කර තිබෙන බවත් පැවසුවා.

    ඉන්පසුව ධාතුන් වහන්සේලා නැරඹීමට අවශ්‍ය බව පවසා ඒ පිළිබඳව විස්තර පැවසුවා.

    මිහිදු හිමියන් ආදාහනය කිරීමට යොදාගත් දැවයන්හි අඟුරු පෙන්වූ අවස්ථාවේ ඒවා සඳුන් දැව බව උන්වහන්සේ පැවසුවා. ධාතු මන්දිරයට ගොස් සියළුම ගාථා හොඳින් සජ්ජායනා කරමින් වැදුම් පිදුම් කළා.

    රැජිනිය ඇතුළු සියළුම දෙනා මවිතයට පත්වී සිටියේ. මාත් මවිතයට පත්වුණා; සාමනේර හිමියන්ගේ දැනුම පිළිබදව. රැජිනිය පවසනවා සාමනේර හිමියන් පෙර භවයන් වල ශ්‍රී ලංකාවේ හරි ඉන්දියාවේ හරි ඉපදිලා උසස් ආධ්‍යාත්මික ජීවිතයක් ගතකරන්න ඇති කියලා. බුදු දහම සම්බන්ධයෙන්ද සාමනේර හිමියන් බොහෝ දේවල් දන්නවා. උන්වහන්සේ ලංකාවට වැඩම කළ පසුව පෙර භවයන් මතකයට එන්න ඇති කියලා මාත් විශ්වාස කරනවා යනුවෙන් නායක හිමිපාණන් පැවසූහ.




    බුද්ධික මහේෂ් විජේසූරිය

  • සමාජ ජාලා මාධ්‍ය ගැන ඔබාමාගෙන් අනතුරු හැඟවීමක්….

    සමාජ ජාලා මාධ්‍ය ගැන ඔබාමාගෙන් අනතුරු හැඟවීමක්….

    පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපතිධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ” වගකීම් විරහිත ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම අනතුරුදායක බවත් එමගින් වැරැදි තොරතුරු ජනතාව අතරට යන බවත් සංකීර්ණ කරුණු කාරණා තේරුම් ගැනීමට ජනාතවට තිබෙන හැකියාව දුර්වල වී යන බවත්”  ප්‍රකාශ කර තිබේ. බී.බී.සී පුවත් සේවය සමඟ මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ පස්වැනියට කිරුළට උරුමකම් කියන හැරි කුමරුය. 
     

     “ඇතැම් කරුණු සම්බන්ධයෙන් ජනතාවට වෙනස්ම දෙයක් අවබෝධ වීමේ හැකියාව අන්තර්ජාලයේ තිබෙන බියකරුම දෙයක්. අන්තර්ජාලයේදී එකිනෙකාට තිබෙන පක්ෂපාතීත්වය අනුව තොරතුරු නිර්මාණය විය හැකි” යැයි ඔබාමා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇති අතර ඇමරිකාවේ වත්මන් ජනාධිපති ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය හැසුරුවීම ගැනද ට්‍රම්ප් යන නම නොපවසා ඉඟියෙන් දක්වා ඇත. 

  • සංගීත වීඩියෝවේ අසභ්‍ය ලෙස පෙනී සිටි ගායිකාවයි අධ්‍යක්ෂකයි දෙන්නම හිරේ ….

    අසභ්‍ය ලෙස ගීත වීඩියෝ පටයකට පෙනී සිටි ඊජිප්තු ජාතික පොප් ගායිකාවක වන  ශයීමා අහමඩ්ට එර⁣ට අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර ඇත.ඇය යට ඇඳුම් වලින් සැරසී අදාළ වීඩියෝ පටයේ පෙනී සිට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.රටේ ජනතාව තුළ කෝපය ඇති කරවමින් අසභ්‍ය වීඩියෝ පටයක් මාධ්‍යට මුදාහැරීමේ චෝදනාව යටතේ ඇය පසුගිය මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ දිනයේ අධිකරණය හමුවේ ඇය වරදකරු කර තිබේ.කෙසේවෙතත් 21 හැවිරිදි ෂායිමා අහ්මඩ් නැමැති ඇය අත්අඩංගුවට ගැනීමට පෙර ඇයගේ ෆේස්බුක්  පිටුවෙහි සටහනක් තබමින් රටේ ජනතාවගෙන් සමාව ගෙන ඇති අතර වැඩි ආකර්ශනයක් දිනාගැනීම සඳහා අදාළ වීඩියෝ පටය නිර්මාණය කළ බව එහිදී ඇය පවසා ඇත.අදාළ වීඩියෝ පටය අධ්‍යක්ෂණය කළ පුද්ගලයා ද වසර දෙකක සිර දඬුවම් ලබා ඇති බව සඳහන්ය.

  • එක්සත් ජාතීන්ගේ සාම නියෝජිතයින් 14ක් කොංගෝවේදී මරුට… 53කට තුවාලයි

    කොංගෝ සමූහාණ්ඩුවේ උතුරුදිග කිවූ පළාතේ කැරළි කණ්ඩායම් සිදුකළ ප්‍රහාරයකදී එක්සත් ජාතින්ගේ සාම නියෝජිතයන් 14දෙනකු මියගොස් 53දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.ප්‍රහාරයෙන් කොංගෝ හමුදා සාමාජිකයන් පස් දෙනකුද මියගොස් ඇත. 

    මෑත ඉතිහාසයේ දී තම නියෝජිතයන්ට සිදුවූ බරපතලම ප්‍රහාරය මෙය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ මෙය යුධ අපරාධයක් බවයි.