Category: සුපිරි World

  • උතුරු කොරියාවේ නිරුවත කැමරා ශිල්පියෙක් හෙළිකරයි (Exclusive)

    උතුරු කොරියාව පිළිබඳ බාහිර ලෝකයේ සිටින බොහෝ දෙනා දැනගන්නේ එරට නිල පුවත් ඒජන්සිය වන කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය හෝ වෙනත් රාජ්‍ය මාධ්‍යයක් හෝ පළ කරනු ලබන ඡායාරූප මගින් පමණයි. උතුරු කොරියාව ඉතා සීමා සහිත සංචාරකයින් ප්‍රමාණයකට එරටට පැමිණෙන්න ඉඩ දුන්නත් එ්වා ඉතාම දැඩි කොන්දේසි සහිතව කෙරෙන ගමන් වාර වනවා. තනි තනිව සංචාරකයන්ට උතුරු කොරියාවේ ගමන් කරන්නට අවසර නැහැ. එමෙන්ම එරටින් ඡායාරූප පිටතට ගෙන ඒමත් ඉතා අපහසුයි.

    2016 දී මේ අපහසු කටයුත්ත සිදු කිරීමට ඡායාරූප ශිල්පී මයිකල් හුනිවිට්ස් සමත් වුණා. මෙම ඡායාරූප උතුරු කොරියානු ජන ජීවිතය පිළිබඳ මනා පැතිකඩක් ලබා දෙනවා. ඔහුගේ ඡායාරූප එකතුවෙන් ඡායාරූප කිහිපයක් පිළිබඳ ඔබට විස්තර කිරීමට අප කල්පනා කළා.

    උතුරු කොරියාවට චීනය දෙසින් ඇතුලු වන මුරපොළේදී ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක්. මෙහිදී රට තුළට ගෙන යාමට තහනම් ද්‍රව්‍ය අැත්දැයි බැලීමට සෝදිසියක් කරනු ලබනවා. ලැප් ටොප් පරිගණක ද සෝදිසි කෙරෙන අතර උතුරු කොරියාවේදී තහනම් චිත්‍රපට සඳහා ද පරීක්ෂා සිදු කරනවා.

    සංචාරකයන් ඇතුලු වන ඩන්ඩොං දුම්රියපොළෙහි වූයේ කිහිප දෙනෙකු පමණි.

    මයිකල් ගමන් ගත් දුම්රිය යන තුරු බලා සිටින ගැමියන් කිහිප දෙනෙක්.

    පැරණි ට්‍රක් රථයක නැගුණු සොල්දාදුවන් කිහිප දෙනෙක්.

    සැතපුම් ගණනක් ඈතට දිවෙන කුඹුරු යායවල්.

    කුඩා නගරයක පැරණි නිවාස.

    ප්‍යොංග්යෑංග් අගනුවර දුම්රිය ස්ථානය . මයිකල් පවසන්නේ හොඳින් ඇඳ පැළඳගත් මෙම උතුරු කොරියානුවන් අරමුණක් නැතිව ඔබ මොබ යන්නේ සංචාරකයන්ට පෙනෙන ලෙසින් පමණක් බව පැහැදිලිව පෙනුණ බවයි.

    ප්‍යොංග්යෑංග් නගරයේ “ජනාකීර්ණ” දසුනක්.

    රථවාහන පොලිස් නිලධාරිනියක් රාජකාරියේ නියැලෙමින්. ප්‍යොංග්යෑංග් හි පුළුල් වීථි තිබුණ ද ඒවායේ රථ වාහන ඇත්තේ අතලොස්සකි.

    හෝටලයේ විමසීම් කවුන්ටරය අසළ රූපවාහිනී තිරයේ ද දිස් වන්නේ ප්‍රචාරක පටයකි.

    ප්‍යොංග්යෑංග් නගරය.

    උතුරු කොරියානු නායක කිම් ජොංග් – අන්ගේ සීයා වූ උතුරු කොරියාවේ “සදාතනික නායක ” කිම් ඉල් – සුංග් සහ කිම් ජොංග් – අන්ගේ පියා වූ කිම් ජොංග් – ඉල්ගේ විශාල ප්‍රමාණයේ ප්‍රතිමා.

    ස්මාරක භූමියක් පිරිසිදු කරන තරුණියන් පිරිසක්.

    ප්‍යොංග්යෑංග් හි සාප්පු සංකීර්ණවල රාක්ක බොහොමයක් හිස් ය .

    තට්ටු නිවාස සංකීර්ණ.

    බස් රථයක්.

    හිස් ආසනවලින් “පිරුණ” අවන්හලක වේටර්වරියක්.

    [rns_reactions]

  • පොලිස් කාන්තාව පොලිසිය ඇතුලේම ගෙල වැලලාගෙන

    ඉන්දියාවේ ජෝදාන් හි පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරියකගේ මළ සිරුරක් හමුවුණා.

    පොලිස් ස්ථානය තුළම ගෙල වැලලාගෙන මියගොස් තිබුණේ වයස අවුරුදු 24 ක පොලිස් කොස්තාපල්වරියක්.

    ඇගේ මුල්ම රස්සාව තමයි මේ.

    තමන්ට රැකියා ස්ථානයේ පීඩනය දරාගන්න බැරි බවත්, තමන්ව විහිලුවකට අරන් හිරිහැර කරන්න රැකියා ස්ථානයේ අය පෙළඹිලා තිබෙන බවත්, මැරෙන්න කළින් ලියුමක් ලියල ඇය කියල තියෙනවා.

    මේ මරණයට තමන්ගේ රැකියා ස්ථානයේ ඉන්න පොලිස් නිලධාරියෝ වගකියන්න ඕන කියලත් ඇය ලියල තියෙනවා.

    තමන්ගේ දුව, රැකියාවට ගිය දා ඉඳන් ගෙදර ඇවිත් හිතේ අමාරුවෙන් උන් බවත් ඇගේ මව කියල තියෙනවා.

    මේ වෙද්දී මේ මරණය ගැන පරීක්ෂණ වෙන පොලිසියක් භාරයට ගන්න කියලත් පවුලේ අය ඉල්ලීමක් කරලා.

    [rns_reactions]
  • ලංකාවට කැපිල්ල දාපු සචින් කිච වේ…

    මේ වෙනකොට සචින් තෙන්ඩුල්කාර් ගැන ඉන්දියාවේ වෙබ් අඩවි ටිකක් වැඩිපුර කතා කරන්න පටන් අරගෙන.

    ඒකට හේතුව සචින් ICC වෙබ් අඩවියේ සම්මුඛ සාකච්ජාවකදී පකිස්තානය අවසන් පුර්ව වටයට එන බව කළ ප්‍රකාශයයි.

    ICC ශුරයන්ගේ කුසලානය ආරම්භ වීමට පෙර අවසන් පුර්ව වටයට එන්න පුළුවන් කණ්ඩායම් හතරක් සචින් නම් කළා. ඒ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ පකිස්තානය.

    ඉතින් මේ ගැන ඉන්දියාවේ ගොසිප් වෙබ් අඩවි සචින්ව විවේචනය කළා. දන්නවනේ ඉන්දියා පකිස්තාන් වෛරය ගැන. ඒ රටෙත් ගොසිප් කට්ටිය බලන්නේ මොකක් හරි අවුස්සලා හිට් එක ගන්න. එකෙන් වුණේ සචින් අවුල් ගිය එකයි.

    අපි එහෙම කියන්නේ ICC වෙබ් අඩවිය විසින් ශුරයන්ගේ කුසලානය පටන් ගත් පසු සචින් සමඟ කළ සාකච්ජාවකදී අවසන් පුර්වවටයට පකිස්තානය හෝ ලංකාව තේරීපත් විය හැකි ලෙස පිළිතුරක් ලබා දීමයි.

    ඒ කියන්නේ මුලින් පකිස්තානය කිව්වට එල්ල වෙච්ච චෝදනා සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නැවත නැගිටීම නිසා සචින් උත්තරේ වෙනස් කළා කියන එකයි.

    කොහොමහරි ඉතින් සචින් අපිට තමා කැපිල්ල දාලා තියෙන්නේ

    [rns_reactions]

  • චීනය දැවන්තයකු කළ විනය හා නීතිය….

    ජනගහනය කෝටි 140ට ආසන්න චීනය පෘථිවිය තුළ ඇති දැවන්ත ලෝකයකි. මේ චීන ලෝකයට අයත් චෙන්දු (CHENGDU)නිරිතදිග චීනයේ සිචුන් (SICHUEN) ප්‍රාන්තයේ අගනගරය වේ. චෙන්දු නගරයේ ජනගහනය මිලියන 15ට ආසන්න වන නමුත් කලබල ගතිය අඩු, මනස්කාන්ත නගරයක් ලෙස මෙය ප්‍රකටය. එය අපට අත්දකින්නට ද හැකි විණි. එහි ජනගහනයට සාපේක්ෂව වාහන ධාවනය හෝ ගමනාගමනය හෝ එදිනෙදා ජනජීවිතය හෝ මොනතරම් නම් කලබලකාරී වටපිටාවක් නිර්මාණය කරනු ඇතිද යනුවෙන් නොදුටු නගරය ගැන සිතෙනු ඇත. නගරයේ සිට දසතට, කිලෝමීටර් සිය ගණන් දුරට අධිවේගී මාර්ග ජාලයක් ඇදී ගියත්, දිවා රෑ වෙනසක් නැතිව ඒවායේ වාහන පිරී ගියත්, කඩි රැළක් මෙන් වීදි සිසාරා මිනිසුන් ඹබ මොබ ඇදුනත්, කොළඹ නගරයේ දී දනවන වෙහෙස නම් එහි ගිය ගමන්වලදී අපට නොදැනුණි. මහල් 20, 30, 40, ඊටත් ඉහළට නැඟුණු ගොඩනැඟිලි හා කොන්ක්‍රීට් මාර්ග පද්ධති අතරින් ඉඩ ඇති සෑම තැනකින්ම ආවේණික ගස් නැගී සිටීමත් මේ මනස්කාන්ත නගරයට ආභරණයකි. ඊටත් වඩා එහි සන්සුන් බව ගෙන එන්නේ ඒ මිනිසුන් වෙතින් ප්‍රකට වෙන විනයානුකූල ගතිය බව අපගේ වැටහීමයි. චීන කොමියුනිස්ට් ක්‍රමය ගැන කටපාඩම් කළ මෙරට දේශපාලනඥයන් අපට පුරුදු කළේ කොයි දේට වුවද විරුද්ධ වෙන විරෝධාකල්පය ප්‍රගුණ කිරීම නමුත් චීන ජනතාව එයින් ඉගෙන ගත්තේ විනය ගරුක සමාජයක වටිනාකම බව වෙන්දු සංචාරයේදී හැම විටෙකම අපට කල්පනා විණි. නගරයෙන් දුර ඈතට වන්නට කලාතුරකින් තනි තනිව නිවාස දැක ගත හැකි නමුදු නගරබදව වෙසෙන චීන ජනතාවගේ වාසය මහල් නිවාසවල බව ද මෙහිදී සිහිපත් කළ යුතුයි. නීතිගරුක, විනය ගරුක සමාජයකට අවශ්‍යම සමාජයේ සාමූහික බව එමඟින් ද ශක්තිමත් කරනු ලැබේ. වෙන්දු නගරයට ආවේනික නෙත සිත පිනන සාමාකාමී ස්වභාවය ගොඩ නැඟි ඇත්තේ මිනිසුන්ගේ සිතිවිලි මතිනි.

    අපගේ සංචාරක වැඩසටහනේ එක් අංගයක් වූයේ ලෙෂාන් ගියන්ට් (Lesshan Giant) බුද්ධ ප්‍රතිමාව දැක බලා ගැනීමයි. ගලක නෙළන ලද වාඩිවී සිටින ලොව උසම බුදු පිළිමය ලෙස මෙය සැලකේ. නූතන යුගයට පෙර එනම් ක්‍රි. ව. 713 – 803 අතර කාලයේ දී මෙය ඉදි කර ඇත.

    වෙන්දු නගරයේ සිට කිලෝ මීටර් 150 ක් පමණ දුරින් පිහිටි ලෙෂාන් නගරයයට බටහිරින්, ගංගා තුනක සන්ධීස්ථානයක මෙය පිහිටයි. ආසියාවේ දිගම ගංගාව සේ සැලැකෙන යැන්ෂි (Yangtze) ගංගාව පිහිටන්නේ ද සෙචුන් ප්‍රාන්තයේ ය.
    එදා ලෙෂාන් ගියන්ට් බුදු පිළිමය ඉදිකරන්නට මුල් වූ බව කියන භික්ෂුන් වහන්සේගේ එක් අධිෂ්ඨානයක් වී ඇත්තේ පිළිමය ඉදිරියෙන් ගලන ගඟේ ගමන් ගන්නා ඔරු පාරු කිසිවකට අනතුරක් නොවී නිරුපද්‍රිතව ගමනාන්තයට යන්නට මේ පිළිමය නිමවූ පසු හැකි විය යුතු බවයි. ඇතැම් විටෙක මෙම දැවන්ත ගඟ එහි ගමන් ගත් ජනයා පීඩාවට පත් කරන්නට ඇති නිසා එවැනි අධිෂ්ඨානයකට හේතු වන්නට ඇත.


    අනෙක් අතට චීනයේ ගංගා, විශේෂයෙන් ම නගරාශ්‍රිතව ගලන ගංගා ගමනා ගමනය සඳහා යොදා ගත්තේ වර්තමානයේ පමණක් නොවන බව භික්ෂුන් වහන්සේගේ එකී අධිෂ්ඨානයෙන් පෙනී යයි. අදත් වෙන්දු හෝ බෙයිජිං හෝ චීනයේ සෑම ජනාකීර්ණ නගරයක් ආසන්යෙන් ගඟක් ගලා යා නම් දුම්රිය බස්රිය ගමන් කරන මාර්ග ඊට සමාන්තරව ඉදි වී ඇත. මේ ගංගා නවීන බෝට්ටු භාවිතා කරන ගමන් මාර්ග වී තිබීම ඊට හේතුවයි.

    එදිනෙදා ගමන් බිමන් සඳහා මෙන්ම විනෝද සංචාර සඳහා ද ගොඩ බිම මෙන්ම ජලමාර්ග ද චීන ජනයා භාවිතයට ගනී. ගොඩබිම මාර්ග හා ජල මාර්ග අතර සහයෝගී ගමන් රටාවක් පවත්වා ගන්නට චීන ගමනා ගමන සැලැසුම් විනයානුකූල වී ඇත. එයම නගරයට, අවට වටපිටාවට අලංකාරයක් ගෙන දෙයි. ඇතැම් විටෙක මේ නගරයද, මේ ගමද කියා වෙන් කර ගත නොහැකි තරමට වටපිටාව සැකසී ඇත.

    ජනාකීර්ණ බව හා වාහන තදබදය අඩු පළාතක සාමකාමී බව නගරය වෙතද කැන්දා ගැනීමට චීන නගර සැලැසුම් විශාල උත්ස­ාහයක් ගෙන ඇති බව දක්නට හැකිය. අප එවැනි චිත්‍රයක් දකින්නේ ජනගහනය උතුරා පිටාර ගලන භූමියක, රටක වීම බව කල්පනා කරන විට එවැනි නගර සැලැසුම්වල වටිනාකම තව තවත් කැපී පෙනෙයි.

    ලෙෂාන් ගියන්ට් බුදුපිළිමය වෙත අප ගමන් ගත් වෙන්දු නගරයෙන් ඈත ගමන පේන තෙක් මානයට විහිදෙන ගොවි බිම් අතරින් යෙදී තිබිණි. වී, ඉරිඟු, දොඩම්, මිදි පමණක් නොව නගරයෙන් ඈතට යන විට තේ වගාවද එහි විණි.

    කෘෂිකාර්මික සශ්‍රීකත්වයට නිදසුනක් සේ චීනය විසින් ඔසවා තබනු ලබන වෙන්දු ‘කිරි පැණි මිටියාවත‘ නමින් අන්වර්ථ නාමයකින්ද හැඳින්වෙයි. ඊට හේතුව ලංකාවේ දකුණ කිරි – පැණි සඳහා ප්‍රසිද්ධ මෙන් වෙන්දු කිරි පැණියෙන් පිරී ඇති නිසා නොවේ.

    කෘෂිකාර්මික සංවර්ධනයේ සාමාකාමී බව හා එහි සරුසාර ගතිය දනවන්නට එවැනි අන්වර්ත නාමයක් යොදා ගත් බව පැහැදිලියි. කෘෂිකාර්මික භෝග අතරින් වෙන්දු වඩාත් ජනප්‍රියව ඇත්තේ තේ සඳහාය. නගරයෙන් ඈත කුඩා කඳු ගැටවල මෙන්ම මිටියාවතේ ද තේ වැවී ඇති අයුරු දක්නට ලැබිණි.

    ශ්‍රී ලංකාවේ තේ වගාවට වෙනස් එහි තේ වගාවේ එක් ලක්ෂණයක් ලෙස, ගස් අතර පරතරය වැඩිවීම දක්නට හැකි විණි. ඒ පරතරය වැඩි, තේ ගස් අඩු ඉඩක සරුවට වැඩී ඇති ගෝවා හෝ ප්‍රදේශයට ආවේණික වෙනත් භෝගයක් හෝ සරුවට වැඩී තිබීම සශ්‍රීක බව මෙන්ම අලංකාරයද දනවයි.


    කෘෂිකාර්මික සරු බවක් ඇති වීම කෙරෙහි හේතු වූයේ චීනය සතුව ඉඩම් තිබීම පමණක්ම නොවන බව කිව යුතුයි. කඩිසර ගති සහිත චීන ජනතාවගේ වුවමනාව මෙන්ම නගරයෙන් ඈත ගමටම අධිවේගී මාර්ග පද්ධති ඉදිකිරීම වැනි යටිතල පහසුකම් සලසා රජය විසින් නිෂ්පාදන ආර්ථිකයකට දොරටු විවර කරදීමටද ඊට හේතු වී තිබේ.

    චීන කොමියුනිස්ට් ක්‍රමය හේතු වූයේ නොසන්සුන් සමාජයකට මඟ පෑදීමට නොව හැකිතරම් හිතට සාමය ගෙන ඒමට බව සිතන්නට හැකිය. චීනයට ගොඩබට විට ඉක්මනින් දැනෙන සාමකාමී බව කෙරෙහි එවැනි රාජ්‍ය පාලන සැලැසුමක් ද හේතු වූවා නිසැකයි.

    නූතන චීනය ගොඩ නඟන විප්ලවය ඇරැඹෙන්නේ ඉඩම්හිමි ප්‍රභූ පංතියට එරෙහිව නිර්දන පන්තියේ ජනයා දියත් කරන නිදහස් අරගලයෙනි. ඊට නායකත්වය දෙන්නේ මා ඹ් සේතුං නම් ලෝපතළ ප්‍රබල නායකයා ය. මෙතෙක් ලොව සිදුවූ දීර්ඝතම පාද යාත්‍රාව ලෙස සැලැකෙන චීන මහා පාගමන (1934 – 1935) මා ඹ් සේතුං නම් මහා මිනිසාගේ නායකත්වයෙන් දියත් කෙරුණු විප්ලවයේ ප්‍රධාන ක්‍රියාන්විතය යි. වසර එකහමාරක් එක දිගට, චීනයේ දස දෙසින් අතු ගංගා සේ ඇදී ආ මහා මිනිස් පවුර අවසානයේ බෙයිජිං අගනගරය මහ ගඟක් සේ එක්ව, මහජන චීනයේ නිදහස ප්‍රකාශ කෙරිණි. සඳ මත පා තැබූ මිනිසා පෘථිවි ග්‍රහයා මත පිහිටි යම් සලකුණක් දුටුවා නම් ඒ අන්කිසිවක් නොව චීන මහා ප්‍රාකාරයයි. එහි දැවන්ත බව කීමට තවත් අමුතු හැඳින්වීම් අවශ්‍ය නොවේ.

    චීන මහා ප්‍රාකාරයට නොදෙවැනි දැවන්ත මිනිස් පවුරක් දීර්ඝ පා ගමන වෙනුවෙන් එක් රැස් වූ බව පැවසේ. රටේ දසතින් ගමන් අරැඹමින් තැන තැන කඳවුරු බැඳ, ඉඩම් හිමි පන්තියේ බළ ඇණි සමඟ සටන් වැද, පොදු ජන නිදහස තහවුරු කර ගත් බව කියැවෙන ස්මාරක අදටත් චීනයේ සෑම පළාතකම වාගේ වෙයි. වෙන්දු නගරයෙන් කි. මී. සියයකට එහා පිහිටි රතු සෙබළ ස්මාරකය, එදා මේ පාගමන සඳහා කඳවුරු බැඳගත් එවැනි ප්‍රධාන ස්ථාන කිහිපයෙන් එකකි. මේ ප්‍ර‍ෙද්ශය ජීවත්වීමට ප්‍රිය උපදවන ගම්මාන සිරිය නොඅඩු වුවද ගමනාගමනය, සන්නිවේදනය, වැනි යටිතල පහසුකම් ගෝලීයකරණයටම යා වී ඇත. එහෙත් ඒ විවෘත බව චීනයේ අනන්‍යතාව රැකෙන ලෙසිනි. ලෝකයට මුහුණ දීම පිණීස අවශ්‍ය කරන ඒ ශක්තිය සාම්ප්‍රදායික චීන සංස්කෘතියෙන් ගලා එන්නක් වුව ද සාමූහික බව හා විනය ගරුක සමාජය තව දුරටත් ශක්තිමත් කළේ තවමත් දශක අටක් පමණ වයස, දීර්ඝ පා ගමන මතින් නැඟුණු රතු හමුදාවේ විප්ලවයයි.


    වෙන්දු සංචාරයේ දී නගරයේ මෙන්ම ඈත පිටිසර දී ද චීනයට ආවේණික රසවත් ආහාර පානවලින් සංග්‍රහ ලැබිණි.
    අපට හුරු කන්කුං වැනි දෑ, මස් වර්ග, මාළු වර්ග, අපට නුහුරු විවිධ සුප් වර්ග, එමෙන්ම චීන වයින් වැනි දෑ, චීනයේ ජාතික ආහාරපාන දක්වාම, තරු පහේ හෝටල්වල මෙනු පත දක්වාම පැමිණියේ දීර්ඝ පාගමනේදී චීන ජනයා විඳි දුෂ්කර ජීවිත ඔස්සේයැයි ඔවුන් තම නිදහස වෙනුවෙන් විඳි අනන්ත දුෂ්කරතා අතර කුස ගින්න වෙනුවෙන් මාරාන්තික සටනක යෙදුණු බව කියැවෙයි.

    තම නිදහස දිනා ගැනීම වෙනුවෙන් පා ගමනේ නිරතවන අතර, කුසගින්න ඉවසිය නොහැකි තැන, කෑමට කිසිම දෙයක් නැති විට, තම ඉණ පටිය තම්බා සුප් සාදා බීවාලු. කංකුං වැනි පලා වර්ග ආහාරයට ගන්නට පුරුදු වී ඉතිරි වූ බත් පල්වෙන්නට තබා අවශ්‍ය මධ්‍යසාර පෙරා ගත්තාලු.


    අද අන්තර්ජාතික තලයේ ඉල්ලුමක් ඇති චීන වයින් වැඩි දියුණු වී ඇත්තේ ඒ ඔස්සේය. අපට නුහුරු සර්පයින් අනුභවය වැනි පුරුදු චීන සමාජයට ඇති වූයේ ද පා ගමනේ දී අත්විඳින්නට වූ ආහාර හිඟයට පිළියමක් ලෙස කැලයේ දී හමු වන හැකි සෑම දෙයක්ම ආහාරයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. සටන් මඟ දී තමන්ගේ ජීවිත රකින්ට මුල් වූ ඒ සෑම ආහාර පානයක් ම අද චීන ජනයාගේ ජාතික ආහාර පාන පමණක් නොව චීනයට ඇදී එන සංචාරකයාගේ විශාල ඉල්ලුමක් සහිත ආහාර පාන බවට ද පත්ව ඇත. එපමණක් නොව පාගමනේ දී විඩාවට පත් ජනයා දිරි ගැන්වීමට යොදා ගත් ගැමි සංගීතය හෝ ඔපෙරො හෝ නූතන චීනයේ විඩාව නිවන සංගීත සම්ප්‍රදායන් බවට පති විණි. එය වෙනමම සාකච්ඡාවට ගත යුතු සංස්කෘතික කතාවකි.

    [rns_reactions]

  • ගැටළු නිමාකරමින් නේපාලයට නව අගමැතිවරයෙක්…

    නේපාලයේ කොංග්‍රස් පක්ෂයේ නායක ශර් බහදූර් දෙව්බා, එරට නව අගමැතිවරයා වශයෙන් තේරී පත්ව සිටි.

    ඔහු මීට පෙර අවස්ථා තුනකදී ද නේපාලයේ අගමැතිවරයා ලෙස ක්‍රියා කර තිබුණි.

    පුෂ්ප කමල් දහල්, බලය බෙදා ගැනීමේ වැඩපිළිවෙළක් යටතේ ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවයි, මේ ඡන්ද විමසුම පැවැත්වුණි.

    70 හැවිරිදි බහදූර්, ආසන 593කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 388ක් ලබාගැනීමට සමත් විය.

    නේපාලයේ දස වැනි ආණ්ඩුවට නායකත්වය ලබාදීමේ වගකීම දෙව්බා වෙත පැවරී තිබේ.

    [rns_reactions]

  • කටාර් හුදෙකලා කළේ මගේ සංචාරය නිසායි – ට්‍රම්ප්

    ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    මෑතදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැකගන්නට ලැබෙමින් පවතින බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන ජනාධිපතිවරයා, මැද පෙරදිග මතු වී තිබෙන වාතාවරණය “ත්‍රස්තවාදයේ බියකරු බව නිමාකිරීමේ ආරම්භය” සනිටුහන් කිරීමට ඉඩ තිබෙන බවත් සඳහන් කර ඇත.

    ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන අසල්වැසි අරාබි රටවල් කටාරය සමග පැවති තානාපති සබඳතා පසුගියදා අත්හිටුවනු ලැබීය.

    [rns_reactions]
     
     
  • ලොව සුපතල ඩුබායි නගරය විවෘත කලාගාරයක්….

    ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ්ගේ සැළැස්මකට අනුව ඩුබායි නගරය විවෘත කලාගාරයක් බවට පරිවර්තනය කිරිමේ අරමුණින් ප්‍රධාන පෙළේ ආයතනයක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

    එම ව්‍යාපෘතියේ පළමු අදියර දැනටමත් ක්‍රියාත්මක වී ඇති අතර නගරය තුල ඉදිකර ඇති ගුවන්පාලම් වල අයත් කුළුණු ශාක කඳන් සහ අතු විහිදී යන ආකාරයෙන් කලාත්මකව නිර්මාණය කර ඇත.

    “මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ වෙන්නේ මිනිස්සුන්ගේ නව නිර්මාණාත්මක ආකල්ප වර්ධනය කිරීමටත්, යම්කිසි දෙයක් නව නිර්මානාත්මක විදිහට දැකීමට ධෛර්යමත් කිරීමටයි’’ ව්‍යාපෘති කලමණාකරු, සයිමා අල් සුවයිදි ප්‍රකාශ කළේය.

    ඩුබායි නගරය සංස්තික සහ කලාත්මක නගරයක් බවට පත්කිරීම සඳහා Brand Dubai ආයතනය රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන් සමග මෙන්ම ව්‍යාපෘතියේ කලාකරුවන් සමඟද වැඩ කිරීමට උනන්දුවක් දක්වන බවව්‍යාපෘති කලමණාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    [rns_reactions]

  • 120 ක් රැගෙන අතුරුදන් වූ යානයේ යැයි සැක කෙරෙන කොටස් මුහුදේ දී නිරීක්ෂණය වෙයි

    මියන්මාරයට අයත් අතුරුදන් වූ බව කියූ ගුවන් යානයේ කොටස් යැයි සැක කළ හැකි උපාංග මුහුදු ප්‍රදේශයකදී නිරීක්ෂනය වී ඇති බව එරට වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා.

    අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු තීරයේදී මෙම කොටස් නිරීක්ෂණය වී තිබෙනවා.

    මේත් සමගම එම මුහුදු ප්‍රදේශයේ නිරීක්ෂණ මෙහෙයුම් දැඩි කර ඇති බවද සඳහන්.

    120 දෙනෙකු රැගත් මෙම ගුවන් යානය අද (07) අතුරුදන් වූ බවට පැවසුවේ ජාත්‍යන්තර වේලාවෙන් රාත්‍රි 7.05ට පමණයි.

    එම ගුවන් යානය එරට හමුදාවට අයත් එකක් බවයි වාර්තා වෙන්නේ.

    යැංගොං (රැන්ගුන්) සිට දකුණුදිග ප්‍රදේශයක් දක්වා මෙම ගුවන් යානය පියාසර කරමින් තිබියදී මෙම අතුරුදන් වීම සිදුවුණා.

    යානය ගුවන් ගත වි සුළු මොහොතකින් යානය සමග තිබූ සියලු සබඳතා බිඳ වැටුණු බවයි එරට ගුවන් හමුදාව වැඩි දුරටත් පවසා තිබුණේ.

    [rns_reactions]

  • පැත්ත පළාතේ එන්න එපා – ලන්ඩන් නගරාධිපති ට්‍රම්ප්ට අනතුරු අගවයි !

    නුදුරේදීම සිදුවීමට නියමිත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ එංගලන්ත සංචාරය වහාම අවලංගු කල යුතු බව ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් ජනාධිපතිධූරයට පත්වූ දා සිටම ලන්ඩන් නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීම එයට හේතුවී තිබේ.

    පසුගිය සමයේදී ලන්ඩන් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව මැඩ පැවැත්වීමට නොහැකිවූ හේතුව මුස්ලිම් ජාතිකයෙකු එම නගරයේ නගරාධිපතිධූරය දැරීම බව ට්‍රම්ප්ගේ මතය වී තිබේ. මෙවන් ප්‍රහාර නැවත ඇති නොවීමට අයි එස් ත්‍රස්තයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද ඇමරිකානු ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.

    එංගලන්තය විසින් ගොඩනගාගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතීන්ට ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි හානි ගෙන දෙන බව ලන්ඩන් නගරාධිපතිවරයාගේ මතයයි.

    කෙසේ වුවද සිය රටට පැමිණෙන ඇමරිකානු ජනාධිපතිවරයා පිළිගැනීමට එංගලන්ත අග්‍රාමාත්‍ය කාර්යයාලය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විශේෂ වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ.

    [rns_reactions]

  • ISIS ත්‍රස්ථ සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ නිසා කටාර් රාජ්‍යට වෙන දේ…

    ලොවටම පිළිලයක් වී ඇති ISIS ත්‍රස්ථ සංවිධානය සමඟින් සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා ඉල්ලවීම නිසාවෙන් කටාර් රාජ්‍යය සමග දේශසීමා වසා දමමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට හා ගුවන් ගමන් අත්හිටුවීමටද මැදපෙරදිග රටවල් හයක්‌ ඊයේ (05) තීරණ කර තිබෙනවා.
    ඒ අනුව සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන්, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව යන රටවල් මෙලෙස කටාර් රාජ්‍ය සමඟින් පැවති සබඳතා නවත්වා ඇති අතර කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් එක්‌ලක්‌ෂ විසිපන් දහසක්‌ පමණ රැකියාවල නිරතවී සිටිනවා.
    එමෙන්ම කටාර් රාජ්‍යයට විරෝධය පළ කරමින් සබඳතා අත්හළ සියලු මැදපෙරදිග රටවල් ඇමරිකාවට පක්‍ෂපාතී රටවල් වන බවත් දැනගන්නට ලැබෙනවා. ඔවුන් සවුදි අරාබියා ගොඩබිම, මුහුද, ගුවන් සීමාව යන අංශ තුනෙන්ම සිය දේශ සීමා වසා දමා ඇති අතර ෆ්ලයි ඩුබායි, එමිරේට්‌ස්‌ සහ එයාර් ඇරෙබියා යන ගුවන් සමාගම් ද කටාර් දක්‌වා ගමන් කළ සිය ගුවන් ගමන් නතර කිරීමට කටයුතු කර තිබෙනවා.
    එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය හා ඊජිප්තුව පැය 48 ක්‌ තුළ තම රටින් ඉවත්ව යන ලෙස කටාර් රාජ්‍යයේ තනාපති නිලධාරීන් වෙත දන්වා තිබේ. එසේම එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය තුළ වාසය කරන සියලුම කටාර් වැසියන්ට දින 14 ක්‌ තුළ එරටින් පිටව යන ලෙසද දන්වා ඇත.
    තම රටවල සිටින සියලුම කටාර් වැසියන් හා නේවාසිකයන්ද සති තුනක්‌ ඇතුළත දී පිටව යා යුතු බව සවුදි අරාබිය හා බහරේනය දැනටමත් නිවේදනය කර තිබේ.
    මේ අතර රටවල් හයක්‌ තම රට සමඟ පවතින සබඳතා අත්හැරීම පිළිබඳව කරුණු දක්‌වා ඇති කටාර් රාජ්‍යය මෙම තීරණය අයුක්‌තිසහගත හා කිසිදු පදනමක්‌ නොමැති තීරණයක්‌ බව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් කටාර්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙයින් කිසිදු බලපෑමක් නැතියි විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා සිටිනවා.

    [rns_reactions]

  • ලන්ඩන් ප‍්‍රහාරයේ වගකීම අයි. එස්. භාරගනී

    07 දෙනෙකුට මරු කැඳවමින් ලන්ඩන් නුවරට ඉකුත්දා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය භාරගෙන තිබෙනවා. 
    විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය වෙබ් අඩවියක් මඟින් අයි එස් සංවිධානය ඒ පිළිබඳ ප‍්‍රකාශයට පත්කර ඇති බවයි. 

    ලන්ඩන් නුවරට එල්ල වූ මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලැබුවා. 

    ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තවාදීන් 03 දෙනෙකු ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා. 

    [rns_reactions]

  • ගුවන් යානයේ බෝම්බ බිය ඇති කළ ලාංකිකයා බියෙන්……

    මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක බෝම්බ බියක් ඇති කළ මනෝද් මාක්ස් නැමැත්තා අනාරක්ෂිත බවක් දැනී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනි නොසිටින‍ බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දන්වා තිබේ.

    ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා ගමන් ඇරඹූ යානය බෝම්බ බියක් නිසා හදිසියේම නැවත මෙල්බන් නුවරට ගොඩබැස්වීය.

    මනෝද් මාක්ස් නැමැති එම ශ්‍රී ලාංකිකයා තමා සන්තකයේ බෝම්බයක් ඇතැයි පවසමින් නියමු කුටිය වෙත පිවිසීමට උත්සාහ කර ඇති අතර යානයේ වූ මගීන් පිරිසක් එය වළක්වාලූහ.

    පොදු රාජ්‍ය මණ්ඩලයේ ගුවන් ගමන් අණ පනත්වලට අනුව තර්ජන සිදුකිරීම, අසත්‍ය හිමිකම් ප්‍රකාශ කිරීම සහ ගුවන් යානයක ආරක්ෂාව අනතුරු හෙළීමේ චෝදනා යටතේ මනෝද් මාක්ස් නැමැත්තාට චෝදනා එල්ල විය. මෙම චෝදනාවලට වැරැදිකරුවුවහොත් ඔහුට වසර 10ක සිර දඬුවමක් විඳීමට සිදුවනු ඇතැයි පැවසේ.

    මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි බව පැවසෙන මනෝද් මාක්ස් නැමැත්තා මෙල්බන් නුවර අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    තමන් අනාරක්ෂිත යැයි ඔහු පවසා තිබේ. එම නිසා ඔහුට අධිකරණයට ඉදිරිපත් විය නොහැකි යැයි ඔහුගේ නීතිඥයා දන්වා ඇත.
    “ඔහු බියෙන් සිටින්නේ. ඔහුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි” යැයි මනෝද් මාක්ස්ගේ නීතිඥයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
    ශිෂ්‍ය වීසා මත මනෝද් මාක්ස් නැමැත්තා ඕස්ට්‍රේලියාවේ රැඳී සිට තිබේ.

    වයස, පෙනුම ආදී හේතු කිහිපයක් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු මතු කරමින් තමාට මානසික සෞඛ්‍ය වෛද්‍යවරයකු හමුවීමට අවශ්‍ය බව මනෝද් මාක්ස් නැමැත්තා ඔහුගේ නීතිඥයා මාර්ගයෙන් අධිකරණයට දන්වා තිබේ.

    මනෝද් මාක්ස් නැමැත්තා සන්තකයේ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් තිබී නොමැති අතර ඔහු ළඟ තිබී ඇත්තේ කුඩා ශබ්ද විකාශන යන්ත්‍රයකට සමාන උපකරණයක් යැයි ද පැවසේ.

    25 හැවිරිදි මනෝද් මාක්ස් නැමැත්ති පුහුණු කෝකියකු ලෙස කටයුතු කරමින් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඩැන්ඩෙනොන්ග් හී ජීවත් වී තිබේ.

    මොහු ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් වෛද්‍ය මධ්‍යස්ථානයේ මනෝචිකිත්සක අංශයේ ප්‍රතිකාර ලබමින් සිට සිදුවීම වූ දිනයේදීම ඉන් පිටව ගොස් ඇති අතර ගුවන් යානය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇත්තේ ද එදිනමය.

    මේ අතර මනෝද් මොණරාගල මාක්ස් නැමැත්තා ලබන අගෝස්තු මාසයේ දිනක් දක්වා රිමාන්ඞ් බන්ධානාගාර ගත කිරීමට මෙල්බන් අධිකරණයක් කටයුතු කළ බවත් ඔහු ඇප අයදුම් කර නැති බවත් ඕස්ට්‍රේලියානු පුවත් සේවා කිහිපයක් වාර්තා කර තිබිණි

    [rns_reactions]

  • විදේශිකයෙක් සෞදිය ගැන ලෝකයට බොරු කිවුවොත් වසර 20ක් හිරේට….

    සෞදියේ රැකියා සඳහා ගිය ශ්‍රී ලංකික ශ්‍රමිකයෙක් සෞදි රජයට හෝ සෞදි ජනතාවට විරුද්ධව අසත්‍ය තොරතුරු පතුරුවා හැරියහොත්, එය අපරාධ වරදක් සේ සලකා වසර 05 සිට 20 දක්වා වන සිරදඬුවමකට හෝ සෞදි රියාල් මිලියනයක් දක්වා දඩ මුදලකට යටත් කරන්නට සිදුවන බව එහි ආරක්ෂක අංශ විසින් එහි සිටින ශ්‍රී ලංකා තානාපති අංශ වෙත දැනුම් දී තිබේ.

    මේ බව තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතන දැනුම්වත් කරන ලෙසටද ඔවුන් අදාළ තානාපති නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    සෞදි අරාබියේ රැකියාවකට ගොස් සිටියදී තමන් සේවය කළ නිවසේ හාම්පුතා වකුගඩුවක් ඉල්ලා බලහත්කාරයෙන් සිරකරගෙන සිටි බව කියූ කාන්තාව හා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශනවලින් අනතුරුව එරට ‍පොලීසිය විසින් මෙම දැනුම් දීම කර තිබේ.

    අංක 28, නිවාස ඉදිරිපිට, 2 කණුව, කණ්ඩලම පාර, දඹුල්ල යන ලිපිනයේ පදිංචි ඩබ්.ඩබ්. ඉන්ද්‍රාකාන්ති නමැති මෙම කාන්තාව සේවය කරන නිවසේ හාම්පුතා විසින් ඇගේ වකුගඩුවක් ඉල්ලා බලෙන් රඳවාගෙන සිටින බවත් සඳහන් කරමින් පළ වූ වාර්තා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය විසින් ඇයව කඩිනමින් මුදාගන්නා ලෙස අදාළ තානාපති කාර්යාල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
    ඒ අනුව රියාද් හි පිහිටි තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි ඇය ඊයේ (31) ම්උ776 දරන ගුවන් යානයෙන් පෙ.ව. 10.00ට දිවයිනට පැමිණි අතර ඇයට හිමි මාසයක වැටුප සහ දිවයිනට පැමිණීමට ගුවන් ටිකට්පත් සඳහා මුදල් ද හාම්පුතා විසින් ලබාදී තිබේ.

    මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීමට සෞදි තානාපති කාර්යාල නිලධාරීන් රියාද් සිට කි.මී. 475 දුර ගෙවා ඇය සේවය කරන නිවස පිහිටා තිබෙන දාරිහා ‍පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කිරීමෙන් අනතුරුව එහිදී කඩිනමින් ක්‍රියාත්මක වූ ‍පොලිස් නිලධාරීන් හාම්පුතා සමග අදාළ කාන්තාව ‍පොලීසියට ගෙන්වා ගෙන තිබේ.

    මේ පිළිබඳව විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම සේවිකාව අසත්‍ය චෝදනා එල්ල කර ඇති බව යැයිද කාර්යංශය පවසයි. ඉන් අනතුරුව මෙම ගෘහසේවිකාව ‍පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබෙන අතර තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව ඇය වෙනුවෙන් සමාව අයදීමෙන් අනතුරුව අදාළ කාන්තාව නිදහස් කර ඇත.

    තවද ‍පොලිස් නිලධාරීන් තානාපති කාර්යාල නිලධාරීන්ට දන්වා ඇත්තේ මින් ඉදිරියට ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් විසින් සෞදි රජයට හෝ සෞදි ජනතාවට විරුද්ධව අසත්‍ය තොරතුරු පතුරුවා හැරියහොත් වසර 5 සිට 20 දක්වා අපරාධ වරදක් සම්බන්ධයෙන් සිරදඬුවමකට හෝ සෞදි ජනතාවට විරුද්ධව අසත්‍ය තොරතුරු පතුරුවා හැරියහොත් වසර 5 සිට 20 දක්වා අපරාධ වරදක් සම්බන්ධයෙන් සිරදඬුවමකට හෝ සෞදි රියාල් මිලියනයක් දක්වා දඩ මුදලකට යටත් වන්නට සිදුවන බවයි. මේ බව තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතන දැනුවත් කරන ලෙසද වැඩිදුරටත් දන්වා සිටී.

    [rns_reactions]

  • ශ්‍රී දේවිය ගේ 300 වැනි සිනමාපටය – දේවතාවක වන මවකට දූර්ගා, කාලි වීමට අපහසු නොවේ…

    බොලිවුඩ් පුරවරයේ පළමු සුපිරි තාරකාව ශ්‍රී දේවිය ජූලි හත් වැනි දිනට සමරන්නේ සිනමා දිවියේ පනස් වැනි අවුරුද්දයි. එදින ශ්‍රී දේවියට සුවිශේෂී වන්නේ ඇයට වගේ ම ප්‍රේක්ෂකයන්ට ද ඉංග්ලිෂ් විංග්ලිෂ් නොපරදින තවත් සිනමා පටයක් තිළිණ වෙන නිසාය. මම් (MOM) නම් වන මෙම චිත්‍රපටය ශ්‍රී දේවිය රඟන තුන්සිය වැනි සිනමා පටයයි.

    යූ ටියුබයේ මේ සිනමා පටයේ පූර්ව දැන්වීම පළමු දිනයේදී පමණක් නැරඹූ රසිකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.2 කි. හින්දි, දමිළ, තෙළගු, මලයාලම් භාෂා හතරින් සිනමා පටය තිරගත කරන්නේ එපමණට ම ඉල්ලුමක් සිනමා පටයට ඇති නිසාය. එයට භාරතයේ මෙන් ම පකිස්ථානයෙන් ද ලැබී ඇති ඉල්ලුම එක සමානය.

    ශ්‍රී දේවිය ප්‍රේක්ෂකයන් තිරයෙන් දකින්නේ ඉංග්ලිෂ් විංග්ලිෂ් තිරගතවී පස් වසරක ඇවෑමෙනි.

    “මවකගේ සෙනෙහස කාලයත් සමඟ වෙනස් නොවේ. දරුවන් ඇය සුපිපි පුෂ්පයකි. එහෙත් සතුරන්ට ඇය තියණු මුවහතක් ඇති කඩුවකට නොදෙවැනිය. තවත් අයුරකින් පැවසුවොත් ඇය ලොවට පවසන්නේ දරුවන් ඉදිරියේදී ගැහැනියකට ලක්ෂ්මී, සරස්වතී දේවතාවන් විය හැකිසේ ම දරුවන්ට එරෙහි එදිරිවාදිකම් ඉදිරියේ දුර්ගා, කාලි වීම අපහසු නොවන බවය.
    කාන්තාව කේන්ද්‍ර කරගත් ‘මම්’ සිනමා පටයේ වර්තමාන සමාජ ප්‍රවාහයේ දියණියන් දෙදෙනකු හා ගුරු වෘත්තියේ යෙදෙන මවකගේ අරගලය විවරණය කෙරේ. ශ්‍රී දේවියට අමතරව සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අක්ෂේ ඛන්නා, අභිමන්යුසිං, සජාල් අලි සහ නවසුදින් සිද්දික්ය. කහානි (2012), ගෑන්ග්ස් ඔෆ් වාසිපුර් (2012), තලාෂ් (2012) වැනි සිනමා පටවල අති විශිෂ්ට චරිත නිරූපණයක යෙදුණු සම්මානනීය නළු නවසුදීන් සිද්දික් ශ්‍රී දේවිය සමඟ රඟපෑමට ලැබීම ජීවිතයේ ලද මහඟු භාග්‍යයක් ලෙස සලකයි. ශ්‍රී දේවියගේ දියණියකගේ චරිතය නිරූපණය කරන සජාල් අලි ජනප්‍රිය පකිස්තාන තාරකාවකි. එහි වැදගත් චරිතයක් රඟන අද්හන් සිද්දික් ද පකිස්තාන නළුවෙකි.

    අක්ෂේ ඛන්නා මෙහි රඟන්නේ සුදු චරිතයක් නොවේ. ඔහු ද අසමසම තාරකාව ශ්‍රී ‍ෙද්විය හා නවසුදීන් සිද්දික් සමඟ රැඟීමේ සතුට භුක්ති විඳින්නේය.

    ශ්‍රී දේවිය ප්‍රධාන චරිතය නිරූපණය කරන සිනමා පටයක ඉඟිය රසිකයන්ට ලැබුණේ 2016 වසරේ මුලදීය. පුවත සැබෑ කරමින් ඇයගේ සැමියා බොනි කපූර්, සුනිල් මන්චන්ද, නරේෂ් අගර්වල්, මුකේෂ් තල්රේජා, ගෞතම් ජෛන් නිෂ්පාදනයෙන් රවි උද්‍යවාර්ගේ අධ්‍යක්ෂණයෙන් රූගත කිරීම් ඇරැඹිණි. නවදිල්ලියේ ශ්‍රී රාම් වාණිජ කොලිජියේ ඇරැඹුණු රූගත කිරීම් අවසන් වූයේ ජොර්ජියාවේ මෙස්ටියාවලිනි.

    අමෙරිකාවේ ජොර්ජියාවේදී දෙමාසයක් පුරා සිනමා කණ්ඩායම රූගත කිරීම්වල යෙදුණේ අංශක හතට උෂ්ණත්වය බැස තිබියදීය. දේශගුණය කටුක වුවත් රූගත කිරීම් සාර්ථකව සිදු කෙරිණි. 2017 මාර්තුවේදී අවසාන රූගත කිරීම සිදුකෙරුණේ බැංකොක් නුවරදීය.

    ‘මම්’ සිනමා පටයේ පෝස්ටරය ප්‍රථම වරට එළි දැක්වුණේ 2017 සී සිනේ සම්මාන උලෙළේදීය. එහිදී ශ්‍රී දේවිය, සල්මන් ඛාන් විසින් හඳුන්වා දෙනු ලැබුවේ අමීර් ඛාන්, සල්මන් ඛාන්, ෂාරුක් ඛාන් යන ඛාන් ත්‍රිත්වයටම වඩා ප්‍රබල තාරකාව ශ්‍රී ‍දේවිය බවය. “මං වගේ ම අමීර්, ෂාරුක්, අක්ෂේ බොහෝ සිනමා පටවල රඟපා තිබෙනවා. අමීර් පනහක් විතර, ෂාරුක් සීයකට වඩා රඟපා ඇති. ඒත් අපි හතරදෙනාම රඟපෑ සිනමාපට ගණනේ එකතුව 250 – 275 කට වඩා නෑ. ඒත් ශ්‍රී දේවිය පුරාවෘත්තයක් බඳුයි. ඇය තුන්සිය වැනි සිනමා පටයත් සම්පූර්ණ කරනවා. වයස අවුරුදු හතරේදී තුනෙයිවන් දමිළ සිනමා පටයේ මුරුගා දෙවියන්ගේ කුඩා විය නිරූපණය කරමින් ශ්‍රී දේවිය රංගනයට අත්පොත තැබුවේ 1967 ජූලි 7 වැනිදාය. ඇය බොලිවුඩයට පිය මැන්නේ ජූලි (1975) සිනමා පටයෙනි.
    ඉහළ ම පුරවැසි සම්මානයක් වන පද්ම ශ්‍රී, ෆිල්ම්ෆෙයාර් ඇතුළු සම්මාන ගණනාවකින් ම පිදුම්ලද ශ්‍රී දේවිය අමිතාබ් බච්චන් සමඟ රඟපෑම පවා ප්‍රතික්ෂේප කළ අවස්ථා ද තිබේ. එසේ කළ එකම තාරකාව ඇය ම වන්නීය වාගේම අනූව දශකයේ රුපියල් කෝටියකට ආසන්න මුදලක් රංගනයට අය කළ එකම නිළිය ද ඇයයි.

    ‘මම්’ දෙස ලොවම දෑස් දල්වා බලා සිටීමේ රහස ශ්‍රී දේවිය වන්නීය. ශ්‍රී දේවියගේ ‘මම්’ සමඟ රන්බීර් කපූර්ගේ ජග්ගා ජසූස්, සායිෆ් අලි ඛාන්ගේ ‘චෙෆ්’, ශ්‍රද්ධා කපූර්ගේ හසීනා සිනමාපටවලට උග්‍ර සටහනක් දීමට සිදුවනු ඇත.

    [rns_reactions]

  • ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් GOOGLE වෙනස් වුණ හැටි (PHOTOS)

    ඔන්න අද ආරම්භ වෙන ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් GOOGLEත් වෙනස් වෙලා.

    මේවට අපි කියන්නේ GOOGLE DOODLE කියලා. සත්තු වගයක් ක්‍රිකට් සෙල්ලම් කරන ගේම් එකක් තමයි මේ විදියට එයාලා දාලා තියෙන්නේ .

    GOOGLE හෝම් පේජ් එකට ගිහිල්ලා ඔයාලටත් මේක ක්‍රීඩා කරන්න පුලුවන්!

     

    [rns_reactions]

  • එකසිය එකේ සීයා පැන්න අමුතු පිම්ම මෙන්න..

    ආස දේවල් කරන්න වයස බාධාවක් නෑ.

    මේ ඒ බව කියන කතාවක්.

    ගුවන් කිමිදුම් (skydiving) වටයක් සාර්ථකව නිම කළ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා පොතට එක් වීමට එකසිය එක් හැවිරිදි පුද්ගලයෙකු සමත් වුණා.

    ඔහුගේ නම බ්‍රයිසන් විලියම් වර්ඩන් හෙයිස් .

    ඔහු එංගලන්තයේ ඩෙවෝන් ගුවනේ කිමිදුණේ පරම්පරා හතරකට අයත් සිය පවුලේ සාමාජිකයන් දස දෙනෙකු එක්කයි.

    දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ ඔහු දැන් විශ්‍රාමික  හමුදා සෙබළෙක්.

    [rns_reactions]