Category: සුපිරි Cases

  • සමාජ ජාල ඔස්සේ සංහිඳියාව බිඳ දමන අසත්‍ය ප්‍රකාශ සිදුකරන්නන්ට දැඩි දඬුවම්

    සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතීන් හා ආගම් අතර සංහිඳියාව බිඳ දමන අසත්‍ය, වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඒ සඳහා  විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බවය.

    පසුගියදා නාරම්මල ප්‍රදේශයේ හෝටලයක ලබාදෙන ආහාර පාර්සල්වල වන්ද්‍යාකරන බෙහෙත් අඩංගුව තිබූ බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුවත් පළ වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශන වලදී එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට අනාවරණය වී තිබේ.

    ඒ අනුව එම අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

    මේ ආකාරයේ අසත්‍ය  ප්‍රකාශ සමාජජාල වෙබ් අඩවිවල පළ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරන අතර 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සුරැකීමේ පනත යටතේ එවැනි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් මේ වන විටත් දිවයිනේ සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්වේ.

    එමෙන්ම තම පොලිස් බල ප්‍රදේශය තුළ ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමේ යම් ගැටුම්කාරී හෝ අනර්ථකාරී සිද්ධියක් ඇතිවුවහොත් එහි පූර්ණ වගකීම සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් දැරිය යුතු බව ද පොලිස්පතිවරයා දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

    එම තත්ත්වයන් වළක්වාගැනීම සඳහා සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්, සහකාර පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීවරුන් මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැඩි කැපවීමෙන් කටයුතු කළ යුතු බවට සියළුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

    [rns_reactions]

  • මාතර රාහුල විදුහලේ පිහිටි අවතැන් කඳවුරේ භාණ්ඩ හා උපකරණ රාජ්‍ය නිලධාරීන් සොරකම් කරලා…

    මාතර රාහුල විදුහලේ පිහිටුවා තිබෙන අවතැන් කඳවුර වෙත ලැබෙන විවිධ භාන්ඩ හා උපකරණ එම කඳවුර භාරව සිටි රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක්ව දින කිහිපයක් පුරා රාත්‍රී කාලයේදී සොරා ගැනීම පිළිබඳව එහි සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිට ඊයේ (03) රාත්‍රී බඩුත් සමග සොරු අල්ලා පොලිසියට බාර දී තිබේ.  

    මෙහි අවතැන්වූවන් 1800 පමණ රැඳී සිටිති. ඊයේ රාත්‍රී 12 න් පසුව කඳවුර අසල පිටතින් රැකසිට කඳවුරට පරිත්‍යාග කළ භාන්ඩ සොරකම් කරගෙන යද්දී අල්ලා ගෙන බැලූ කල ඔවුන් කඳවුර භාර රාජයේ නිළධාරීන් තිදෙනෙකි. තිදෙනාම අල්ලා කාමරයකට දමා ඇති පිරිස  හදිසි පොලිස් ඇමතුම හරහා මාතර පොලිසිය වෙත බඩුත් සමග සොරකමේ ගිය නිළධාරීන් තිදෙනා භාර දී තිබේ. එහිදී කඳවුරේ සිටින පිරිස මාතර පොලීසිය වෙත ලිඛිත පැමිණිල්ලක්ද කර ඇත.

    පසුව අද(04) උදෑසන  මාතර පොලීසිය, ප්‍රාදේශීය ලේකම්, සහ සමාජසේවා නිළධාරීන් එක්ව එම අවතැන්වූවන්ගේ කඳවුරට ගොස්, බෙදා දීමට තිබු ආධාර ගබඩා කර තිබූ එක්  කාමරයක ඉබි යතුරු කඩා ඇතුලු වී  එහි තිබූ පානිය ජල බෝතල්, පැදුරු, තුවා, මෙට්ට ඇතුලු පරිත්‍යාග ආධාර සියල්ල එම මොහොතේම ජනතාව වෙත බෙදා දීමට කටයුතු කරණ ලදී.

    රැඳී සිටි පිරිස් පැවසුවේ, කඳවුර වෙත ලැබෙන ආධාර නිසියාකාරව තමන් වෙත නොලැබෙන බවයි. කඳවුර තුල රාත්‍රී 8 න් පසුව එහා මෙහා යෑම තහනම් කර ඇති බවත්, පන්ති කාමර තුල රැඳී සිටිය යුතු බවට එම නිළධාරීන් විසින් තමන්ට නියෝගයක් පනවා ඇත්තේ ඔවුන් මෙලෙස රාත්‍රීයේ සිදුකරණ සොරකම වසන් කර ගැනීමට බවයි.

    මේ වනවිට මාතර පොලීසිය, මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමාජසේවා නිළධාරීන් හා එක්ව අදාල සිද්ධිය හා රාජ්‍ය නිළධාරීන් තිදෙනා පිළිබද විශේෂ පරීක්ෂනයක් ආරම්භ කර තිබේ. 

    ඊයේ රාත්‍රී සොරුන් අල්ලා ගන්නා ලද මොහොතේ සහ පසු සිද්ධියේ වීඩියෝ වාර්තාවක් පහතින් දැක්වේ

    [rns_reactions]

  • බේබි නාමල් තම හොරකම් හෙලිකල පොලිසියෙන් රුපියල් මිලියන 200 ඉල්ලයි!

    පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් දෙදෙනෙකුගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගොනු කළ නඩුවක් විභාගයට ගැනිමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා. ඒ, මෙම නඩුවට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ මූලක විරෝධතාවක් ද ප‍්‍රතික්ෂේප කරමින්. ඒ අනුව කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක නියෝග කළේ ජූලි මස 12 වනදා මෙම නඩුව විභාගයට ගැනීමටයි.

    දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ගොනු කළ පදනම් විරහිත පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් තමන් අත්අඩංගුවටගත් බව නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙම නඩුවෙන් පෙන්වා දී තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් සිය කීර්තිනාමයට හානි සිදු වී ඇති බවත් ඊට වන්දි ලෙස රුපියල් මිලියන 200ක මුදලක් ගෙවන ලෙසත් එමගින් ඉල්ලා තිබෙනවා.

    [rns_reactions]

     

  • මහින්ද‍ගේ අණින් සිදුවු වැලිකඩ බන්ධනාගාර ගැටුම – පෙත්සම විභාගයට අවසර

    2012 වසරේ වැලිකඩ බන්ධනාගාර ඇති වූ ගැටුමින් පුද්ගලයින් 22 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට අවසර ලැබී තිබේ.

    ඒ අනුව ජුලි මස 07 වනදා අදාළ පෙත්සම විභාගයට ගැනිමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහිණි වල්ගම  සහ එස්. තුරෙයිරාසා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
    එදිනට කරුණු දක්වන ලෙස නීතිපතිවරයාට නොතීසි නිකුත් කරන ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
    ගැටුම සිදුවන අවස්ථාවේ බන්ධනාගාරයේ රැදී සිටි පුද්ගලයෙකු වන සුදේශ් චන්දිමාල් නැමැත්තා පෙත්සම ඉදිරිපත් කර ඇති අතර පොලිස්පතිවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ නිතිපතිරයා ඇතුලු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
    [rns_reactions]
  • මහින්දගේ කොන්‍ත්‍රාත් ඉටුකළ ඝාතන සැකකාර සේනානායකට ඇප…

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(2) නියෝග කළේය.

    ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරිණි. එක් ශරීර ඇපයක් සඳහා ළඟම ඥාතියකු ඉදිරිපත් විය යුතු බවට ඇප කොන්දේසිවල ඇතුළත් කෙරුණු අතර සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද ඔහුට නියම කෙරිණි.

    ඊට අමතරව අනුර සේනානායක මහතාට විදෙස් ගමන් තහනම් කෙරුණු අතර ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැබීමටත් නියෝග කෙරිණි. සාක්කිකරුවන්ට බලපෑම් කිරීම ද තහනම් කෙරුණු අතර දැඩි කොන්දේසි මත ඔහුට ඇප ලබාදීමට නීතිපතිවරයාගේ විරුද්ධත්වයක් නැති බව ප්‍රකාශ කෙරිණි.

    [rns_reactions]

  • මානසික රෝගයට බෙහෙත් ගන්න මහින්ද ජපානයට….

    ජනවාරි 08 සහ අගෝස්තු 17 පරාජය නිසාවෙන් දැඩි මානසික ආතතියකින් පිඩාවිදින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය මද්දුම පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක්  ජපානය බලා දින 10 ක සංචාරයකට පිටත්ව යයි.
    ජපානයේදී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් විවේක සුවය විඳින අතර විහාරස්ථාන කිහිපයක ආගමික උත්සව වලට සහභාගීවන්නට විශ්‍රාමික ජනපති මහින්ද රාජපක්ෂ කටයුතු කරනු ඇති බව දන්වා ඇත.
    ඔහුගේ හිතවත් ව්‍යාපාරික ‘ජපන් සමන්‘ගේ ආරාධනයෙන් පසුගිය වසරේදීද හිටපු ජනපතිවරයා ජපානයේ සංචාරය කළේය.

    මහින්ද රාජපක්ෂ මහතා මෙම ගමන තනිවම යාමට අදහස් කලද යම් යම් හේතු කාරණා නිසා අනිවාර්යයෙන්ම යෝෂිතව රැගෙන යා යුතු බවට ශිරන්තී රාජපක්ෂ මහත්මිය විසින් තරයේ ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.  යෝෂිත රාජපක්ෂට අදාළ නඩුවක් නිසා විදෙස්ගතවීම තහනම් කර තිබුණ නමුත් ජපානයට සිය පියා සමග යායුතු බවට දන්වා සිටීම නිසා පසුගිය සතියේ ඔහුට ඒ සඳහා අධිකරණ අවසරය ලැබුණි.

    [rns_reactions]

  • උකස් බඩු කඩේ සුද්ද කල තරුණියන් පස් දෙනා මාට්ටු….

    සාරධර්ම පිරිහෙමින් පවතින වර්තමාන සමාජයේ බොහෝ මිනිසුන් හැසිරෙන්නේ තිරිසනුන් ලෙසින්ය. ඈත අතීතයේ සිටම සමාජයට ආදර්ශයක්‌ වෙමින් ජීවත්වූ කාන්තාවන් පවා දැන් සම්පූර්ණයෙන්ම වෙනස්‌ වී තිබේ. වර්තමානය වන විට සමහර ස්‌ත්‍රීහු කිසිදු හිරිකිතයකින් තොරව සමාජ විරෝධී ක්‍රියාවල නියෑළෙති. මෙම කතාව එයට කදිම තවත් එක්‌ උදාහරණයකි.

    පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගෙන පවත්වාගෙන යන මෙම මූල්‍ය සමාගම ආරම්භ කළේ දැනට දශක තුනකට පමණ ඉහතදීය. මහනුවර සහ තදාසන්න නගර කිහිපයක මෙම මූල්‍ය සමාගමට අයත් ශාඛා අටක්‌ පිහිටා තිබෙන අතර සේවක සේවිකාවෝ පනහක්‌ පමණ එහි සේවය කරති.

    මෙම කතාවට අදාළ සිදුවීම සිදුවන්නේ ඉහත සඳහන් කළ මූල්‍ය ආයතනයේ මහනුවර රජ වීදිය සහ මහනුවර කොටුගොඩැල්ල ශාඛා දෙක අතරයි. මෙම ශාඛා දෙක අතර පරතරය මීටර් තුන්සියයක්‌ පමණි. තරුණියෝ හය දෙනකු සමඟ පිරිමි කිහිප දෙනකු ඒවායේ සේවය කරති.

    රජ වීදියේ පිහිටා ඇති ශාඛාවේ කළමනාකාරිය වශයෙන් කටයුතු කරන්නේ තමරා කුමාරි හේරත්ය. ඇය වැලිගල්ල, උඩ අලදෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙයට අමතරව නිලුකා ප්‍රියදර්ශනී, ශානිකා මධුෂානි, අචිනි ඉරේෂා සහ ලක්‌මිණි උමේෂා යන තරුණියෝ එම ශාඛාවල සේවය කරති.

    මහනුවර කෙන්ගල්ල, ඇස්‌වලපිටිය ප්‍රදේශයේ පදිංචි සෙල්වරාස්‌ රමේෂ් දෙමළ ජාතිකයෙකි. සුළුවෙන් රන් ආභරණ විකිණීමේ ව්‍යාපාරයක නිරත වී සිටින ඔහු වසර ගණනක සිට ඉහත සඳහන් කළ මූල්‍ය ආයතනයේ ගනුදෙනුකරුවෙකි. මුදල් අවශ්‍යතාවක්‌ පැන නැගුණු සෑම මොහොතකම ඔහු රජ වීදිය සහ කොටුගොඩැල්ල ශාඛා දෙකෙන් එකකට ගොස්‌ රන් ආභරණ උකස්‌ තියා මුදල් ලබා ගත්තේය.

    එලෙස කලක සිට රමේෂ් එම මූල්‍ය ආයතනයේ ගනුදෙනු කරන හෙයින් තමරා ඇතුළු අනික්‌ තරුණියන් ඔහු සමඟ ඉතා සමීප මිත්‍රත්වයක්‌ ඇති කරගත්හ. රමේෂ් කලක්‌ යද්දි ඔහුගේ පෞද්ගලික ප්‍රශ්න පවා එම තරුණියන්ට පැවසුවේය. ඒ ආකාරයෙන් එන්න එන්නම ඔවුනොවුන් අතර ලොකු මිත්‍රත්වයක්‌ ඇති වූහ.

    දිසානායක නමැති කාන්තාව මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියකි. කතාවෙන් අනෙක්‌ මිනිසුන් රැවටීමට ඇය තරම් දක්‍ෂ කෙනෙක්‌ මහනුවර පළාතේ නොසිටියේය. කා සමඟත් සුහදව කතා බස්‌ කරන ඇය ලොවට පෙන්වූයේ ඉතාමත් අවිහිංසක චරිතයකි. එහෙත් ඇයගේ ඇතුළාන්තය ඊට හාත්පසින්ම වෙනස්‌ වූවකි. ඇය අනුගමනය කළේ උඩින් මිතුරු යටින් හතුරු තියරියයි.

    මැදි වයස ඉක්‌මවූ එම කාන්තාව වසර ගණනක සිට ඉහත සඳහන් කළ මූල්‍ය ආයතනයේ ගනුදෙනුකාරියකි. කලක්‌ ගතවෙද්දී ඇය රමේෂ් මෙන්ම එම ආයතනයේ තරුණියන් සමඟ දැඩි කුළුපග බවක්‌ ඇති කර ගත්තාය. එය කොතරම් දුරදිග ගියාද කියතහොත් අවසානයේ එම තරුණියන් ඇයට ආමන්ත්‍රණය කළේ අම්මා යන නමිනි.

    විවේක ලද සෑම අවස්‌ථාවකම දිසානායක නමැති කාන්තාවත්, රමේෂ් නමැති දෙමළ තරුණයාත් එම මූල්‍ය ආයතන දෙක වෙත පැමිණ තමරා ඇතුළු පිරිස සමඟ අල්ලාප සල්ලාපයේ නිරත වූහ.

    තමරා, නිලුකා, ශානිකා, අචිනි සහ ලක්‌මිණී අන් අයට වඩා ඉහත සඳහන් කළ මූල්‍ය ආයතන දෙකේ හොඳම යහළුවෝ වූහ. තමන්ට ඇති ආර්ථික අපහසුකම් ආදී සියලු තොරතුරු ඔවුනොවුන් අතර නිතර කතා බස්‌ කෙරුණි.

    “හැමදාම මෙහෙම ඉඳලා බැහැ. අපිත් ඉක්‌මනට ගොඩයන්න කීයක්‌ හරි හොයා ගන්න ඕනා” තමරා දිනක්‌ ශානිකා ඇතුළු පිරිසට පැවසුවේය.

    “ඒකනම් ඇත්ත. අපේ වෙඩින්වලටත් ලොකු ගාණක්‌ යනවනේ. ගෙවල්වලට බරක්‌ වෙන්නත් බැහැ.” ලක්‌මිණී පැවසුවාය.

    මෙම තරුණියෝ ඒ වන විට විවාහ වී නොසිටියහ. එමනිසා දිනපතාම ඔවුහු තම විවාහ උත්සවය ගන්නා අයුරු ඒ සඳහා යන වියදම් ආදිය ගැන කතා බස්‌ කළහ. සල්ලි නැතිනම් ජීවිතය වැඩක්‌ නැහැ. කොහොම හරි ඉක්‌මණට සල්ලි ටිකක්‌ හොයා ගන්න ඕනා. ඔවුහු එලෙස සිතුවෝය.

    අවස්‌ථා කිහිපයකදීම එම තරුණියෝ රහසිගතව හමුවී ඉක්‌මනින් සල්ලි ඉපැයීමේ මාර්ගයක්‌ කල්පනා කළහ. එහෙත් එය හොඳින් කළ නොහැකි බව ඔවුන්ට වැටහුණි. එමනිසා තමන් සේවය කරන මූල්‍ය ආයතනයෙන් මුදල් වංචා කිරීමට ඔවුහු තීරණය කළහ.

    තරුණියෝ පස්‌දෙනා එම අදහස රමේෂ්ට සහ දිසානායක නමැති කාන්තාවට පැවසූහ. ඔවුන් දෙදෙනාද එය හොඳ අදහසක්‌ බවත්, පුළුවන් අයුරින් එයට උදව් කරන බවටත් පොරොන්දු වූහ. ඒ අනුව ඔවුන් සියලු දෙනා එකතු වී එම මූල්‍ය ආයතනයේ මහනුවර ශාඛා දෙකෙන් මුදල් වංචා කිරීමට සැලසුම් කළහ.

    තරුණියන්ගේ සැලසුම වී තිබුණේ ගනුදෙනු කරුවන්ගෙන් රන් භාණ්‌ඩ උකස්‌ ගත් බවට බොරු ලියකියවිලි මූල්‍ය ආයතනයට ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමයි. ඒ අනුව මහනුවර රජ වීදියේ සහ මහනුවර කොටුගොඩැල්ල වීදියේ ශාඛා දෙකෙන් බොරු ලියකියවිලි ඉදිරිපත් කර එම තරුණියෝ මුදල් වංචා කිරීම ආරම්භ කළහ. ඒ සඳහා රමේෂ්ගේ සහ දිසානායක නමැති කාන්තාවගේ පූර්ණ සහයෝගය ලැබුණි.

    මාස හයක්‌ පමණ ඇතුළත එම තරුණියෝ කෝටියකට අධික මුදලක්‌ එලෙස වංචා කළහ. ඒ අතර කාලය තුළ එම තරුණියෝ තමන්ගේ පෞද්ගලික ජිවිතයේ සිහින රැසක්‌ ඉටුකර ගත්හ. ඒ සඳහා මූල්‍ය ආයතනයෙන් වංචා කළ මුදල්ද යොදා ගත්තේය.

    රමේෂ්ගේ ඥති හිතවතුන්ගේ නම්වලට පවා එම තරුණියෝ බොරු ලියකියවිලි ඉදිරිපත් කර රන් ආභරණ උකස්‌ කළ ලෙස පෙන්වා මුදල් ලබාගත්හ. දිසානායක නමැති කාන්තාවද එයට නොමඳ සහායක්‌ ලබා දුන්නාය.

    දිනක්‌ එම මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය, මහනුවර රජ වීදියේ සහ කොටුගොඩැල්ල ශාඛා දෙකේ ගිණුම් සහ උකස්‌පත්, රන් ආභරණ ආදිය පරීක්‍ෂා කරන බව දැන්නුවේය. රජ වීදියේ කළමනාකාරිය ලෙස සේවය කළ තමරා කුමාරි එක්‌වරම එයට අකමැති වූවාය. ඇය පැවසුවේ තම ශාඛාවේ සේවය කරන අය අසනීප වී ඇති බැවින් පසු දිනක පැමිණෙන ලෙසයි.

    එම මූල්‍ය ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂිකාව වන ප්‍රියදර්ශනී දැඩිගමට තමරාගේ එම කියමන පිළිබඳ විශාල ගැටලුවක්‌ ඇතිවිය. එම ශාඛාවේ කුමන හෝ ගැටලුවක්‌ ඇති බව ඇයට ඉවෙන් මෙන් අවබෝධ වූවාය. ඒ අනුව ඇය ප්‍රධාන කාර්යාලයේ කළමනාකාරියක වන ප්‍රතිශාට එම ශාඛාවේ සීසීටීවී කැමරා පරීක්‍ෂා කරන ලෙස පැවසුවාය. කළමනාකාර අධ්‍යක්‍ෂිකාවගේ නියෝගයට අනුව ප්‍රතිශා එම ශාඛාවේ පසුගිය සති කිහිපයක සීසීටීවී රූප රාමු පරීක්‍ෂා කළාය. එහිදී දැකගන්නට ලැබුණේ අවස්‌ථා කිහිපයකදී එම තරුණියන් පපුව තුළ සඟවාගෙන එන යම් දෙයක්‌ හොර රහසේ ආරක්‌ෂක සේප්පුව තුළ දමන බවයි. ප්‍රතිශා ඒ බව එම මූල්‍ය ආයතනයේ කළමනාකාරිත්වයට දැන්නුවාය.

    ඒ අනුව ක්‍රියාත්මක වූ එම මූල්‍ය සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂතුමිය අතුළු ඉහළ නිලධාරීහු පිරිසක්‌ රජ වීදියේ එම ශාඛාව පරීක්‍ෂාවට ලක්‌ කළහ. එහිදී රන් ආභරණ නොමැතිව උකස්‌ පත්‍රිකාව පමණක්‌ තිබෙන ලියකියවිලි රැසක්‌ ඔවුනට හමුවූහ. ඒ පිළිබඳව තමරා නමැති තරුණියගෙන් විමසීමේදී ඇය නොයෙක්‌ බොරු පැවසීමට තැත් කළාය.

    එම ශාඛාවේ සියලු දෙනා රැගෙන විත් ප්‍රශ්න කිරීමේදී මෙතෙක්‌ කල් සිදුකළ නීති විරෝධී ක්‍රියාව පිළිබඳ අකුරක්‌ නෑර ඔවුහු පැවසූහ.

    ඒ අනුව එම තරුණියෝ පස්‌දෙනා රමේෂ් සහ දිසානායක නමැති කාන්තාවගේ සහයෝගයෙන් එම මූල්‍ය වංචාවන් සිදුකර තිබුණේ මෙලෙසින්ය.

    එම මූල්‍ය සමාගමේ මහනුවර රජ වීදියේ සහ කොටුගොඩැල්ල ශාඛා එක ළඟ පිහිටා තිබුණි. මෙම සැකකාර තරුණියෝ එම ශාඛා දෙකේම සේවය කළ අතර ප්‍රධාන ශාඛාවෙන් විගණනය සඳහා පැමිණෙන විට එක්‌ ශාඛාවකින් අනෙක්‌ ශාඛාවට හොර ලියකියවිලිවල සඳහන් ආකාරයට රන් ආභරණ ගෙනත් පෙන්වති. අනෙක්‌ ශාඛාව විගණනය කරන විටදී එලෙසම සිදු කරති.

    එලෙස එම තරුණියෝ මාස ගණනක්‌ ඇතුළත රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ වංචා කළේ කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිවයි. මූල්‍ය සමාගමේ ප්‍රධාන කාර්යාලයෙන් එම ශාඛා දෙකම එකම දිනයක විගණනය කිරීමට සූදානම් වූ නිසා කලක සිට ඉතා සූක්‍ෂම අයුරින් සිදු කරගෙන ගිය මෙම මූල්‍ය වංචාව හසුකර ගැනීමට හැකිවිය.

    පසුව එම මූල්‍ය සමාගමේ කළමනාකාරිත්වය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව පැමිණිලි කළහ. ඒ අනුව සැකකාර තරුණියන් පස්‌දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ අනුව මහෙස්‌ත්‍රාත්වරයා ඔවුන්ව රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

    මුදල්වලට කෑදරකමින්, දුරදිග කල්පනා නොකර නීති විරෝධී අයුරින් සල්ලි ඉපැයීමට ගිය එම තරුණියෝ පස්‌දෙනාට අවසානයේ සිදු වූයේ එලෙස රක්‌ෂිත බන්ධනාගාරගත වන්නටය.

    [rns_reactions]

  • ඇඟ හිරිවැටෙන රිය අනතුරක් (CCTV)

    මෙම අනතුර සිදුවුයේ ඊයේ  උදැසන පන්නපිටිය බෝ ගහ අසල බස් නවතුමේදියි අනතුරින් තුවාල ලැබූ තරුණිය මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා

    [rns_reactions]
  • හොරු රකින්නේ කවුද? – සරත් විජේසූරියගෙන් පුවත්පතකට හෙළිදරව්වක්

    ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපති වරණයෙන් පරාද වුණ මහින්ද රාජපක්ෂ මහතා මැදමූලනට ගියේ තමන්ට, තමන්ගේ පවුලේ සාමාජිකයන්ට, සහෝදර යන්ට සහ තමන්ට සේවය කළ සමීපතමයන්ට නීතියෙන් අවශ්‍ය රැකවරණය ලබා දෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ප්‍රතිඥාවක් ලබා ගෙනය යන්න ප්‍රචලිත වූ ප්‍රවෘත්තියකි. ජනාධිපති වරණයෙන් අනතුරුව බලය අත් නොහරින්නට රජ ගෙදර තුළ කුමන්ත්‍රණයක් සිදු වුණ බව ද කරුණු කාරණ සහිතව වාර්තා විය. මේ කුමන්ත්‍රණය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමි ණිල්ලක් කළේ මංගල සමරවීර මහතාය. අද වන විටත් සිදු කෙරුණ පරීක්ෂණයක් නැත. එවැනි පැමිණිල්ලක් සිදු කළ බවට පුවතක් හෝ අසන්නට නැත. ඒ පරීක්ෂණය නොකරන්නැයි අදාළ අංශවලට උපදෙස් දුන්නේ කවුරුන් ද?
    රාජපක්ෂවරුන්ට අනීතිකව සේවය කළ පුද්ගලයන් ජනාධිපති වරණයෙන් අනතුරුව තමන්ට කුමන ඉරණමක් අත්වේවිදැයි භීතිකාවකින් පෙළුණ බව නොරහසකි. එහෙත් වැඩි කාලයක් ගත වෙන්නට මත්තෙන් දූෂණ වංචා සහ අපරාදවලට සම්බන්ධ පුද්ගලයන්ගෙන් සැලකිය යුතු පිරිසක් අලුත් ආණ්ඩුවේ රැකවරණය ලබා ගැනීමට සමත් වන්නේය. තවත් පිරිසක් තමන්ට කිසිවක් සිදු වන්නේ නැත යන විශ්වාසයෙන් පෙර පරිදිම විරාජමානව සිටිනු පෙනේ. තවත් පිරිසක් වත්මන් ආණ්ඩුව දූෂිත බව පවසමින් ආණ්ඩුව පෙරළා දමන බවට අභියෝග කරන තත්වයක් ද විiමාන වේ. මේ තත්වය ඇති කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ අගමැතිවරයා බව පැවසීමට කරුණු කාරණා අණාවරණය වෙමින් තිබේ.

    අගමැතිවරයාගේ දේශපාලනය
    රාජපක්ෂ පාලනය වෙනස් කිරීමට සැබවින්ම උවමනාවක් තිබුණේ මේ රටේ නීති ගරුක පුරවැසියන්ටය. විපක්ෂයට ඒ වෙනුවෙන් වැඩ පිළිවෙළක් තිබුණේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා බලා සිටියේ අධික ණය බරට යටවී රාජ්‍ය පාලනය තව දුරටත් කරගෙන යාමට නොහැකි වූ තැන දී තමන්ගේ අවස්ථාව ලබා ගැනීමටය. රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමේ සටනක වික්‍රමසිංහ මහතා නොසිටියේය. සටනකින් තොර බලය ලබා ගැනීම ඔහුගේ කැමැත්ත විය. සටන් කර බලය ලබා ගැනීම තමන්ට අනභිමත බව රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නට පුළුවන. වරක් සරත් ෆොන්සේකාටත්, දෙවනුව මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ජනාධිපති වරණයේ දී තරඟ කිරීමට ඉඩ දෙන්නේ වික්‍රමසිංහ මහතා සටන්කාමී නායකයෙකු නොවන නිසාය. එහෙත් ඔහු රාජ්‍ය පාලනය අපේක්ෂා කළේය. ඒ ආශාව අත් නොහළේය. මහින්ද රාජපක්ෂ සමඟ කළු කෝපි බොමින් තමන්ගේ පැවැත්මට අවශ්‍ය උදවු උපකාර ලබමින්, ඔහුට අවශ්‍ය උපකාර ද කරමින්, කිසි බරක් හිස මතට නොගෙන කිසිවෙකුට රට පාලනය කර ගත නොහැකි තත්වයක් තුළ දී ජනාධිපතිවීම ඔහුගේ සැලසුම වී තිබුණ බව පැහැදිලිය.
    වික්‍රමසිංහ මහතා දේශපාලනයට අවතීර්ණ වන්නේ ජනතා බලවේග සමඟ වැඩ කිරීමෙන් නොවේ. ඔහු දීර්ඝ කාලයක් දේශපාලනයේ රැඳී සිටින්නේ පරම්පරාවෙන් උරුම වුණ ඉඩකඩම් බලා හදාගෙන සිටින ඉඩම් හිමි වැවිලිකරුවෙකු ලෙසිනි. පරම්පරාවෙන් උරුම වුණ ඉඩ කඩම් දියුණු කිරීමට කල්පනා නොකරන, ලැබෙන ආදායමෙන් යැපෙන, ආදායමක් නැති වුණ විට දේපළ ටික ටික විකුණා දමා ජීවත්වන, අහිමි වන කිසිවක්ම ගැන කම්පා නොවන හා වගකීමක් නැති, ධනපතියන්ගේ දරුවන් ගැන අපේ සමාජ ඉතිහාසයේ හොඳින් ලියවී ඇත. වික්‍රමසිංහ මහතා ද එබඳු පුද්ගලයෙකු බවය ඔහුගේ දේශපාලන භූමිකාවේ අවසාන කාලය තුළ විදහා පාන්නේ.

    අගමැතිවරයාගේ න්‍යාය පත්‍රය
    තිරු නඬේසන් සමඟ ජනවාරි 08 පාන්දර මහින්ද රාජපක්ෂ මුණ ගැසීමට ගිය වික්‍රමසිංහ මහතා මේ වන විට රාජපක්ෂවරුන්ගේ ගජ මිතුරන් සමඟ පවත්වන සම්බන්ධතා තහවුරු කරන්නේ ඔවුන් සම්බන්ධ දූෂණ වංචා පිළිබඳ සියලු පරීක්ෂණ නිල නොවන අන්දමින් නිමාවට පත් කර තිබෙන බව ද? ශිරන්ති රාජපක්ෂගෙන් කට උත්තරයක් ගැනීමට අදාළ පරීක්ෂණ අංශවලට සිදු වන්නේ කථානායක නිල නිවසට යන්නටය. ඇයට එවැනි වරප්‍රසාදයක් ලබා දීමට හේතුව කුමක් දැයි අගමැතිවරයාගෙන් විමසූ විට පැවසුවේ, හිටපු ජනාධිපතිගේ ඉල්ලීම මත ඒ දේ සිදු කළ බවය. අමාත්‍යවරුන්ට අලුතින් වාහන නොගෙන්වා චෝගම් උළෙලට ගෙනා අධිසුඛෝපභෝගී බෙන්ස් රථ ලබා දිය නොහැකි ද යන්න අගමැතිවරයාගෙන් විමසූ විට ඒ වාහන මහින්ද රාජපක්ෂ අරන් යන්න ඇති කියා කීවේ සිනා රසය දනවමිනි. ඒ වාහන ආපසු ගත යුතු නොවේදැයි විමසූ විට දුන් පිළිතුර කා තුළත් විස්මයකි ඇති කළේ. ඒ පිළිතුර මෙසේය. “අපිට ජනාධිපතිකම දීලා ගියානේ ඒ ඇති”
    රාජපක්ෂවරුන්ගේ දූෂණ චෝදනා සහ අපරාද සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා සූදානම් නැති බව පෙනේ. මෙතෙක් කල් සිදු කළේ ඔවුන් සම්බන්ධ දූෂණ චෝදනා සහ අපරාද කසල ගොඩක් සේ අවුස්සමින් ජනවාරි 08 වෙනසට කැපවුණ පුද්ගලයන්ට බයිස්කෝප් පෙන්වීමකි. ඒ බයිස්කෝප් පෙන්වීම ද නතර කරන තැනට අගමැතිවරයා පත්ව සිටින බවය පෙනෙන්නේ. එෆ්සීඅයිඩී එක දැනටමත් දිය කර හමාරය. රහස් පොලීසිය අධෛර්යට පත් කරන කටයුතු අපමණය. අගමැතිවරයා සිය අගසව් සේ සලකා කටයුතු කරන සාගල රත්නායක එළිපිටම රාජපක්ෂවරුන්ට හිතෛශීව කටයුතු කරන බවට තොරතුරු කීප වතාවක්ම අනාවරණය වී ඇත.

    අගමැතිවරයාගේ කැබිනට්ටුව
    දූෂණ වංචා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම, නැවත දූෂණ වංචාවලින් තොරව රාජ්‍ය පාලනයට අවශ්‍ය පියවර ගැනීම ජනාධිපති වරයාගේත් අගමැති වරයාගේත් පරම වගකීමකි. මෙහි වැදගත්කම හා අවශ්‍යතාව ජනාධිපති වරයාට සිවිල් සංවිධාන වසරකට වැඩි කාලයක් තිස්සේ පෙන්වා දී ඇත. සිවිල් සංවිධාන නඟන හඬට ඇහුම් කන් දෙමින්, ඔවුන් පෙන්වා දෙන කරුණු කාරණ සලකා බලා ජනාධිපතිවරයා පොරොන්දු වූයේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට පියවර ගන්නා බවයි. කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා කිහිප වතාවක්ම උත්සාහ ගත්ත ද අගමැතිවරයා ඒ සඳහා නිසි සහයෝගයක් නොදක්වමින් කල් මරන අන්දම කනගාටුදායකය. අගමැතිවරයා කැබිනට් සංශෝධනයකට අකමැත්ත පළ කිරීමට හේතු ගණනාවක් පවතින බව පෙනේ. ඒ හේතු අතර ප්‍රධානතම හේතුව වන්නේ රාජපක්ෂ පවුලට රැකවරණය ලබා දීම බව පෙනී යයි. ඵලදායක අන්දමේ කැබිනට් සංශෝධනයක් සිදු වනවා නම් එහිදී නීතිය හා සාමය භාර අමාත්‍යාංශය තීරණාත්මකය. කවර අමාත්‍ය පදවියක් වෙනස් කළත් සාගල රත්නායකගේ අමාත්‍ය පදවිය වෙනස් කිරීමට අගමැතිවරයා එකඟ වන්නේ නැත. ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ අනුමැතිය අගමැතිවරයාට ලැබෙන්නේ ද නැත.

    අගමැතිවරයාගේ සිහිනය
    රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ කාලීන අත්දැකීම් තිබෙන දේශපාලනඥයෙකි. ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගැනීමට තිබෙන හැකියාව ගැන ද ප්‍රකටය. එතුමා අගමැති පදවිය දැරූ කෙටි කාලය තුළ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කිසියම් කීර්තියකට හිමිකම් කියන්නේය. යුද්ධය නිමා කිරීමට අදාළව ගෙන ගිය සූක්ෂ්ම වැඩ පිළිවෙළ ද සුළු කොට තැකිය නොහැකිය. රාජ්‍ය පාලනයට කෘතහස්ත අවබෝධයක් තිබේ යයි පොදුවේ විශ්වාසයක් ද රටේ පැවතිණ. කඩා වැටුණ ආර්ථිකය ගොඩ නැඟීිමට එතුමා සමත් වනු ඇත යන අපේක්ෂාවක් ද පොදුවේ පුරවැසියන් තුළ තිබුණි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාට එක් වතාවක් හෝ රටේ ජනාධිපති පදවිය දැරීමට අවස්ථාවක් නොලැබිණි. එතුමාට පසුව කරළියට පැමිණි තිදෙනෙක් ජනාධිපති පදවිය දැරීමට වරම් ලැබූහ. මධ්‍යස්ථව කරුණු සලකා බලන විට වික්‍රමසිංහ මහතාට මේ සම්බන්ධයෙන් දැඩි මානසික පීඩනයක් තිබෙනවා යයි සිතිමට පුළුවන. එබැවින්ම ලබන වතාවේ දී කෙසේ හෝ මම රටේ ජනාධිපති වෙමි යන සිහිනය වික්‍රමසිංහ මහතාට තිබෙනවා විය හැකිය. ඒ සිහිනය සාක්ෂාත් කර ගැනීම පිණිස මහින්ද රාජපක්ෂ සිය සහයෝගය ලබා දීමට කැමති වී තිබෙනවා ද විය හැකිය. තමන්ට යළි රට පාලනය කිරීමට මොනම විදිහකින් හෝ වරමක් නොලැබෙන බව කාටත් වඩා හොඳින් දන්නේ මහින්ද රාජපක්ෂය. ඔහු මේ අවස්ථාවේ අගමැතිවරයා වෙනුවෙන් කළ හැකි හැම මෙහෙවරක්ම කරමින් තමන්ගේ, තම භාර්යාවගේ, තම දරුවන්ගේ ඉරණම විසඳා ගැනීම, එකම අරමුණ බවට පත් කරගෙන සිටිනවාට සැකයක් නැත.
    ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක අගමැති වීම වික්‍රමසිංහ මහතා දකින එක් සිහිනයකි. අනෙක් සිහිනය වන්නේ ශ්‍රීලනිපය දෙකඩ කර ජනාධිපති පදවිය ලැබීමේ සිහිනයයි. වික්‍රමසිංහ මහතා වැඩි කැමැත්තක් දක්වන්නේ දෙවනුව සඳහන් කළ සිහිනය දැකීමටය. ඒ සිහිනය පහසුවෙන් සුව නින්දක් තුළ දී දැකිය හැකිය යන්න අගමැතිවරයාගේ තේරුම් ගැනීම වන්නට පුළුවන. මේ සිහිනය වෙනුවෙන් අගමැතිවරයා උපදෙස් ගැනීම සඳහා මහින්ද ඳී බැසිල් පරිහරණය කළ පොත තෝරා ගෙන ඇති බව පෙනේ. එය නම් ජයග්‍රහණය වෙනුවෙන් අසීමිතව ධනය වැය කිරීමය. බැඳුම්කර වංචාව රටට රහසක් නොවනවා මෙන්ම අර්ජුන අලෝසියස්ගේ මාධ්‍ය ජාලය හා අරක්කු කොම්පැණිය ද මේ වන විට රටට රහසක් නොවේ. කනගාටුවෙන් වුව කිව යුතු වන්නේ මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට ධන බලයෙන් 2015 දී දිනන්නට බැරි වුණ බව අගමැතිවරයාට අමතක වී තිබෙන බවයි. ඒ කාරණාව අගමැතිවරයා තේරුම් ගත යුතුය. එසේ නම් වෙනත් ප්‍රබල සැලසුමක් අවශ්‍ය වන්නේය. ඒ කුමක් ද? එබඳූ සැලසුමක් ගැන ද අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇති බව පෙනේ.

    අගමැතිවරයාගේ ප්‍රතිවාදියා
    ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට හැකි වුවහොත් විධායක ජනාධිපති පදවිය අහෝසි වන්නේය. ඉක්බිතිව රාජ්‍ය පාලනය සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමය සිදු වන්නේ. ව්‍යවස්ථාව වෙනස් කළහොත් එහි ගෞරවය හිම වන්නේ ජනාධිපතිවරයාටය. රටේ සියලු ප්‍රගතිශීලී බලවේග එකතු වන්නේ ජනාධිපතිවරයා සමඟය. පාර්ලිමේන්තු මැතිවරණ යකින් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයග්‍රහණය නිසැකවම හිමි වන්නේය. වික්‍රමසිංහ මහතාගේ ගජමිතුරු කැළ මැතිවරණයක දී එතුමා දැනටමත් පරාද කොට අවසන්ය.
    ඊළඟ මැතිවරණයකට තරඟ කිරීමට මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ කැඳවා ගැනීම අගමැතිවරයාගේ සැලැස්මේ ලියවී ඇතුවාට සැකයක් නැත. මහින්ද රාජපක්ෂ කරළියට එන්නේ අගමැතිවීමට නොව, මෛත්‍රීපාල සිරිසේන මහතා පරදවා වික්‍රමසිංහ මහතාට සිය යුතුකම ඉටු කිරීමටය. එහිදී මහින්ද රාජපක්ෂ එක ගලෙන් ද්විත්ව ඵල නෙළා ගැනීමට කල්පනා කරනු ඇත. එකක් මෛත්‍රීගෙන් පළිගැනීමය. අනෙක රනිල්ට කෘතගුණ දැක්වීමය. කිසියම් හේතුවක් නිසා, විස්මය ජනක ප්‍රාතිහාර්යකින් හෝ මහින්ද රාජපක්ෂගේ දරුවන් සහ බිරිඳ අධිකරණයෙන් දඬුවම් ලැබීම ඉරණම බවට පත්වුවහොත් මහින්ද රාජපක්ෂට තව දුරටත් දේශපාලනය කළ හැකි තත්වයක් ඉතිරි වන්නේ නැත. අගමැතිවරයා රාජපක්ෂ පවුලට රැකවරණය ලබා දීමේ අවකාශය දුර්වල වුවහොත් මේ තත්වය ඇතිවීම අනිවාර්ය වේ. එවිටත් පාර්ලිමේන්තු මැති වරණයකට හෝ ජනාධිපති වරණයට ප්‍රතිවාදියා මෛත්‍රී විය හැකිය. මෛත්‍රී පරාද කිරීමට උපක්‍රමයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ කැඳවීම වික්‍රමසිංහ මහතාට තිබෙන අවසන් තුරුම්පුව වන්නේය. රට පාලනය කිරීමට නීති ගරුක පුරවැසියන් ගෝඨාභයට වරමක් ලබා දෙන්නේ නැත. ඒ බව වික්‍රමසිංහ මහතාම හොඳින් තේරුම් ගෙන තිබෙනවා විය යුතුය. එහෙත් ශ්‍රීලනිපයේ සිංහල බෞද්ධ ඡන්දවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂට ලබා ගැනීමට හැකි වනු ඇත. විධායක අගමැතිවීම හෝ විධායක ජනාධිපතිවීම යන දෙකෙන් එකකට වික්‍රමසිංහ මහතාට ගෝඨාභය අධිකරණ ක්‍රියා මාර්ගවලින් ඉවත් කොට රැක ගැනීමේ උවමනාව එය වන්නට පුළුවන.

    අගමැතිවරයාගේ ඉරණම
    අගමැතිවරයා කිසියම් ක්‍රමවේද ඔස්සේ රටේ ආර්ථිකය යම් අන්දමකට ඉහළට ඔසවා ණය බර අඩු කළහොත් එය ඊළඟ මැතිවරණයක දී වැදගත් වන්නේය. එහෙත් මේ වන විට අගමැතිවරයා ජනතාවගේ විශ්වාසය පළුදු කරගෙන තිබෙන අන්දම ශෝචනීය වේ. අගමැතිවරයා සිවිල් සංවිධාන දිගින් දිගටම රවටමින් දූෂිතයන් හා අපරාදකාරයන්ට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් පවතින පිළිකුළ තව තවත් මෝරනු නියතය.

    ගත වුණ වසර දෙක තුළ එජාපයේ ඡන්ද පදනම දෙදරා තිබෙන අන්දම ගැන නිසි අවබෝධයක් අගමැතිවරයාට නැත. පසු පෙළ මන්ත්‍රීවරුන් සමඟ යහපත් සන්නිවේදනයක් නැතිකම හේතුවෙන් එජාපයේ ඡන්ද පදනම මැතිවරණයක දී හොඳටම දුර්වල වීමට තිබෙන ඉඩකඩ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වැඩිවෙනු ඇත. අගමැතිවරයාට තම ඉරණම වෙනස් කර ගැනීමට තවමත් කාලය හොඳටම ඉතිරිව තිබේ. කිව යුතු වන්නේ ප්‍රමාදය හා කල්මැරීම මෙන්ම නූල් සූත්තර වැඩ, අගමැතිවරයාගේ ඉරණම තීරණාත්මක අවස්ථාවක් කරා ළඟා කරමින් තිබෙන බවය.
    රාජ්‍ය පාලනයට වරමක් ලැබුණ කවර පාලකයෙකු හෝ කළ යුත්තේ රාජ්‍ය පාලනයයි. ලබන වතාවේ බලය ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීම භාර දිය යුතු වන්නේ මහ ජනතාවටය. අගමැතිවරයා ජනවාරි 08 ප්‍රතිඥාවලට පිටු පාමින් 2020 දී ජනාධිපති වීම ගැන හෝ අගමැති වීම ගැන සිතනවාට වඩා වැදගත් වන්නේ නීතිය මත රට පාලනය සඳහා අවශ්‍ය සම්ප්‍රදායන් ප්‍රතිෂ්ඨාපනය උදෙසා කැපවීමටය. 2020 දී බලය ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය සමඟ පොර බදන කවරෙකු වුව තමන්ගේ ජීවිතය අනිත්‍ය බව ද තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත්ය.■

    මහාචාර්ය සරත් විජේසූරිය (උපුටාගැනීම රාවය)

  • සියදිවි නසාගත් කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවිය මියයන්න කලින් වෙච්ච දේවල් හෙළිවෙයි

    පසුගිය 15 වනදා තම නිවසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන මිය ගිය කොළඹ විදුහලක 15 හැවිරිදි සිසුවියගේ මරණය ගැන සාක්ෂි විභාගයේ දී කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

    එම සාක්‍ෂි විභාගය පැවැත්වුණේ කළුබෝවිල රෝහල් උසාවියේදීයි.

    දිවිනසාගෙන ඇත්තේ කොළඹ 05, විජය කුමාරතුංග මාවතේ පදිංචිව සිටි සචින්තනා නමැති 15 හැවිරිදි සිසුවියක්.

    හදිසි මරණ පරීක්‍ෂකවරයා හමුවේ පැවැති සාක්‍ෂි විභාගයේ දී මියගිය දැරියගේ මව- තනුජා තුෂාරී කාරියවසම් එදා සිදු වූ දේ පවසා තිබෙනවා.

    “කොළඹ විදුහලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු දුවට වෙනත් අසනීපයක්‌ තිබුණේ නැහැ. ඇගේ පසුපස පිරිමි ළමයකු එන බව මට දැනගන්න ලැබුණා. මම ඇයට අවවාද කළා. දවසක්‌ මගේ ෆෝන් එකටත් කෝල් එක්‌ක ආවා.”

    “අනතුරුව මා ඇයගේ ක්‌ලාස්‌ එක ළඟටත් නිතර ගියා. පසුගිය දිනක මගේ ෆෝන් එකට SMS එකක්‌ ආවා. එහි තිබුණේ “හාද” කියලයි.”

    “මට සද්දයක්‌ ආ නිසයි බැලුවේ. ඊට පෙර SMSවලට ඇය පිළිතුරු යවා ඒවා ඩිලීට්‌ කරන්න ඇති කියලා හිතනවා. මම ඇයට අවවාද කර කීවා මීට පස්‌සේ මගේ ෆෝන් එක ගන්න එපා කියලා.”

    ‘ඊට පහුවදා දවස පුරාම දුව කාමරයට වෙලා හිටියා. ඇය කතා කළේ ම නැහැ. මම හවස ආයේ ඇයගෙන් ඇහුවා කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. ඒත් ඇය කතා කළේ නැහැ. මට එයාගේ හැසිරීමට කේන්ති ගියා. මා පාරවල් දෙකක්‌ ඇයට ගැහුවා. ඊට පසුව ඇය කාමරයේ දොර වසා ගත්තා.”

    “මීට පෙර ඇය තම අත පිහියකින් සූරාගෙන තිබුණා. මම එවෙලෙත් ඇහුවාම කිව්වා කේන්තියට මම කපාගත්තා කියලා. කාමරයේ දොර වහගත්තාට පසු මමයි, අනෙක්‌ දුවයි දෙන්නම උත්සාහ කළා දොර ඇරගන්න. ඒත් ඇය දොර ඇරියේ නැහැ. ලොකු දුව කණ්‌නාඩියක්‌ දොර අස්‌සෙන් දාලා බැලුවා. ඇගේ කකුල් දෙක පමණයි දුටුවේ.”

    ” අපිට බය හිතුණා. පසුව උඩ ඉන්න ගේ අයිති අයියලාට අපි කතා කළා. අනතුරුව ඔහු පැමිණ කාමරයේ දොර කඩා බැලුවා. එහිදී මම දැක්‌කා දුව කාමරයේ එල්ලී සිටිනවා. පසුව ගෙවල් ළඟ අයයි මමයි එකතු වෙලා දුව කළුබෝවිල රෝහලට රැගෙන ආවා. රෝහලේදී දැනගත්තා දුව මියගොස්‌ ඇති බව. ඇය විසින්ම මේ දේ කරගත් බව මට විශ්වාසයි.”

    මෙම මරණය සිත් තැවුලක්‌ හේතුවෙන් දිවි නසා ගැනීමක්‌ බව කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තීරණය කළේ ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙනයි.

    මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළේ ද කළුබෝවිල රෝහලේදී.

    [rns_reactions]

  • සැවොම හඩවමින් පිලියන්දලදී වෙඩි වැදුණු සිසුවිය අවසන් ගමන් යයි.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට පිලියන්දල  මොරටුව පාරේදී ඉකුත් 9 වැනි දා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කොළඹ රත්නාවලී බාලිකාවේ 12 හැවිරිදි සිසුවිය අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ දී මිය ගියාය.

    මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් බවට සැකකරන පිරිසක් එල්ල කළ එම වෙඩි ප්‍රහාරයේ දී සිය පියාගේ ව්‍යාපාරික ස්ථානයේ දී මෙම සිසුවිය ඇගේ වැඩිමහල් සහෝදරයා සහ බාල සහෝදරිය තුවාල ලැබුවාය. වැඩිමහල් සහෝදරයා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබයි.

    [rns_reactions]

  • රන් බිස්කට් සමග පොට්ට නවුෆර්ගේ බිරිඳ අත්අඩංගුවට…

    පොට්ට නවුෆර් හෙවත් මොහොමඩ් නියාස් නවුෆර් නමැත්තාගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ පොලිසිය අද අලුයම සිදු කළ හදිසි වැටලීමකින් අනතුරුවයි.

    ඇය අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ ලක්ෂ 50ක් වටිනා රත්තරන් බ්ස්කට් 06ක් සන්තකයේ තිබූ බවයි වාර්තා වෙන්නේ.

    විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයට වැරැදිකරු වී මරණ දණ්ඩනයට නියමව මේ වනවිට බදුල්ල බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පොට්ට නවුෆර් වකුගඩු රෝගී තත්ත්වයකින් ද පෙළෙයි.

    [rns_reactions]

  • මිතුරන් සමග සැලසුම් සාදා පෙම්වතිය බිය ගැන්වීමට වස පානය කල තරුණයාට වෙච්ච දේ…

    මේ ලෝකේ විවිධ පුද්ගලයින් එක එක විදියට ආදරය හොයාගෙන යනවා. ඒ ආදරේ නිසා ජීවිතේ ජයගන්න මිනිස්සු වගේම ජීවිතේ නැතිකරගන්න අයත් ඉන්නවා.

    තරුණ කාලයේදී මේ ආදරේ ගැන ප්‍රශ්න ගොඩ දෙනෙකුට තියෙනවා. ඒ නිසාම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් ගන්න සමහර හිතුවක්කාර තීරණ නිසා ජීවිත කාලේම දුක් විඳින්නේ ඔවුන් විතරක් නෙවෙයි. තමන්ගේ දෙමාපියන් වගේම ඔහුට ආදරේ කරපු හැමෝම මේ හින්දා පසු තැවෙනවා.

    ඒ විදියට තමන් ආදරේ කරපු පෙම්වතිය බය කරන්න හිතාගෙන වස පානය කරපු තරුණයෙන් අවාසනාවන්ත විදියට මියගිය පුවතක් ගැන අපිට අහන්න ලැබුණා. ගෙදර හිටපු එකම පුතා තමයි ඔහු. අම්මා තාත්තගේ ආදරේ එක්ක හැදුණේ ඉගෙනීමටත් උපන් හපන්කම් දක්වමින්.

    අපොස සාපෙල වගේම උසස්පෙලත් ඉහළින්ම සමත්වෙලා තිබුණු මේ තරුණයා පහුගිය දවසක තමන්ගේ පෙම්වතිය බය කරන්න හිතලා ඒ ගැන යාලුවොත් එක්ක සැලැස්මක් හැදුවා. හැබැයි මේ වැඩේ කලේ විහිළුවකට නෙවෙයි, පෙම්වතිය එක්ක තිබුණු ප්‍රශ්නයක් හින්දා ඒක විසඳගන්න හිතාගෙන කියලා තමයි ඔහුගේ ළඟම මිතුරෙක් අපිට කීවේ.

    ඒ විදියට වැඩේ සැලසුම් කරලා වහ ටිකක් කටට දාගත්තේ මැරෙන්න හිතාගෙන නෙවෙයි, හැබැයි ඔහු දන්නෙම නැතිව ඒක ඔහුට විෂ වුණා.

    “ඉක්මනට යමන් ඉශාරයෝ මට ටිකක් අමාරුයි කියලා” ඔහු මිතුරෙකුට කීවේ තමන් රෝහලට අරන් යන වෙලාවේ. කොණ්ඩෙත් හද හද එහෙම ගියපු තරුණයා අන්තිමේදී පෙම්වතියට බය කරන්න බීම වස නිසා මේ ලෝකේ දාලා ගියා.

    කොහොම හරි අන්තිමේදී තමන්ව උස් මහත් කරලා අමාරුවෙන් හදපු අම්මා තාත්තට මේ තරුණයා නිසා හිමිවුනේ කඳුලු විතරයි. ආදරේ කියලා මේ වගේ හිතුවක්කාර තීරණ ගන්න කලින් දෙපාරක් හිතුවානම් අර අහිසංක අම්මා තාත්තා අදටත් හිනාවෙලා ඉන්නවා.

    [rns_reactions]

  • සිසුන් නිති කැඩුවොත් ගහන්න – අධිකරණයෙන් පොලිසියට උපදෙස්..

    දැන් පැවැත්වෙන සයිටම් විරෝධී පාගමන වළක්වන ලෙස පෑලියගොඩ පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශානිමා විජේබණ්ඩාර මහත්මිය එම සිසුන් නීති විරෝධීව හැසිරෙන්නේ නම් පොලිස් බලතල පාවිච්චි කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නාය.

    [rns_reactions]

  • විහාර මහා දේවී උද්‍යානයටත් කඳුළු ගෑස් ප්‍රහාර..

    කොළඹ කොටුවේ සිට පැමිණි සයිටම් විරෝධීන් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පිරිස පුරහල දෙසට පැමිණීමත් සමගින් පුරහල ඉදිරිපිට මාර්ගය මාර්ග බාධක යොදා වසා දමන ලදි. 

    පුරහල ඉදිරිපිට පොලිස් කැරලි මර්දන රථ නවතා ඇති අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා විරෝධතාකරුවන්ට උසාවි නියෝගයක් පෙන්වූවේය.

    එක් මංතීරුවක කැරලි මර්දන රථ නවතා තිබූ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෙන්වූ උසාවි නියෝගය නොසලකා කැරලි මර්දන රථ මගහරිමින් පුරහල දෙසට ගමන් කිරීමට විරෝධතා කරුවෝ උත්සාහ ගත්හ.

    ඉන්පසු පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර විරෝධතාකරුවෝ විහාර මහා දේවී උද්‍යානය තුළට පැනගත්හ.

    පොලිසිය මේ වන විට විහාර මහා දේවි උද්‍යානය තුළටද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටී. උද්‍යානයේ සිටි සාමාන්‍ය ජනතාවද කඳුළු ගෑස් වැදීමෙන් අපහසුතාවට පත්ව සිටිති. 

    [rns_reactions]

  • අසභ්‍ය වීඩියෝ දර්ශන අනුගමනය කරමින් පවුල් කෑමට අකමැතිවූ තරුණ බිරිදට තම ස්වාමියා කරන්න ගිය දේ…

    අන්තර්ජාලයේ තිබෙන අසභ්‍ය වීඩියෝ දර්ශන අනුගමනය කරමින් පවුල් කෑමට අකමැතිවූ තරුණ බිරිද වෙඩිතබා මරා දැමිමට ගෙනා බවට සැකකරන පතුරම් තුවක්කුව සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල යුද හමුදා සෙබළෙකු මේ මස (25) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු  (15) නියෝග කලේය.

    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ මීඇල්ලෑව ලැඹුණෝරුව හා දඹගොල්ලාව මීමින්නාවල කහටගස්දිගිලිය යන ලිපිනයන්හී පදිංචි පුදුකුඩුඉරුප්පු මුලතිව්හි පිහිටි තුන්වන ජාතික ආරක්ෂක බළමුළු සේනාංකයේ සේවයේ නිරතවන පී.ඩී.ප්‍රේමසිරි යන 35 හැවරදි යුද හමුදා සෙබළායි.

    සැකකරු මිට මාස තුනකට පමණ ඉහතදී විවාහවි තිබෙන බවත් බිරිද සමග පවතින පවුල් ආරවුල හේතුවෙන් මීට පෙර අවස්ථාවකදීත් ඇයව මරා දැමීමට මෙරට නිෂ්පාදිත කැප් තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කල බව කහටගස්දිගිලිය පොලිසිය අධිකරණයට දැන්වීය.

    සැකකරු නිවාඩු ලබා නිවසට පැමිණෙද්දී බිරියට වෙඩි තැබීම සදහා තුවක්කුවක් ගෙනවිත් සගවාගෙන සිටින බවට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවටගෙන සිදුකල ප්‍රශ්න කිරීම්වලදී නිවාඩු පැමිණෙනවිට රැගෙනවිත් දඹගොල්ල කැලෑවේ සගවා තිබූ බෝර දොළහ වර්ගයේ පතුරම් තුවක්කුවක් හා ඊට යොදන ජීව උණ්ඩ හතරක් පොලිස් බාරයට ගෙන තිබෙන බව පොලිසිය අධිකරණයට කීවේය.

    සැකකරුට තුවක්කුව ලැබුණු ආකාරය අනාවරණය කර ගැනීමට පරික්ෂණ සිදුකරන බවත් සැකකරු අන්තර්ජාලයේ සැරිසරා එහි ඇති අසභ්‍ය වීඩියෝ දර්ශන ජංගම දුරකථනයේ ගබඩා කර බිරිඳට එම දර්ශන අනුගමනය කරන ලෙස බලකිරීමට විරෝධය පෑම නිසා පවුල් ආරවුල නිර්මාණය වී තිබෙන බව පොලිසිය අනාවරණය කර ගත්තේ යැයි වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය කීවේය.

    රක්ෂිත බන්ධනාගාර ගතකල සැකකරු මානසික රෝගයකින් පෙලෙන්නේද යන්න අනාවරණය කර ගැනීම සදහා ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කර වාර්ථාවක් ලබාගෙන ඉදිරි දිනයේදී එය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර බන්ධනාගාර අධිකාරීයට විනිසුරුවරයා නියෝග කලේය.

    [rns_reactions]