Category: සුපිරි Cases
-
බාල වයස්කාර පාසල් සිසුවෙකුට සෙබළ බිරියක් අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවර කරලා…
බාල වයස්කාර පාසල් සිසුවෙකුට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවරක් සිදුකල බවට චෝදනා ලැබූ යුද හමුදා සෙබළ බිරියකට චෝදනා තුනකට වසර හත බැගින්වූ බරපතල වැඩ සහිත සිර දඩුවමක් අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියම කලේය.විත්තිකාරියට නියමකල සිරදඩුවමට අමතරව එක් එක් චෝදනාවන්ට රුපියල් 500 බැගන් දඩ නියමකල විනිසුරුවරයා එම දඩමුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුන බැගින්වූ ලිහිල් වැඩ සහිත සිර දඩුවමක්ද නියම කලේය.විත්තිකාරියට දරුවෙකු ලැබීමට සිටින බැවින් චෝදනා තුනට වෙන් වෙන්ව නියමකල වසර තුනක සිර දඩුවම එකවර ගෙවීයන අයුරින් ක්‍රියාමක කරන බව විනිසුරුවරයා තීන්දුව ලබාදෙමින් විවෘත අධිකරණය හමුවේ පැවසුවේය.මෙසේ සිර දඩුවම් නියමවූයේ 16 කණුව අලිවංගුව පේමඩුව ලිපිනයේ පදිංචිව සිටින රන්පිට දේවයලාගේ ප්‍රියංගිකා සමන් කුමාරී 28 යන විවාහක තරුණ කාන්තාවටයි.විත්තිකාරිය විසින් 2011 මැයි මස 20 වනදා සිට 2012 මැයි මස 18 වනදා දක්වා කාලය අතර තුරදී මහවිලච්චිය පොලිස් වසමේ පදිංචිව සිටින වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර පාසල් දරුවෙකුට බරපතල ලිංගික අතවරයක් සිදුකර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ)2 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් සිදුකර තිබෙන බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.දඩුවම් නියමවූ කාන්තාවගේ සැමියා යුද හමුදාවේ සේවයේ නිරතවීම නිසා මසකකට එක්වරක් පමණක් නිවසට පැමිණ ඇති බවත් විත්තිකාරීය රාත්‍රී කාලයේ නිදා ගැනීමට වින්දිත දරුවාගේ නිවසට ගොස් ඇති බවත් සමහර අවස්ථාවලදී කාන්තාව විසින් වින්දිත බාල වයස්කාර දරුවාව නිවසට කැදවාගෙන පැමිණ දරුවාට බරපතල ලිංගික අතවරයන් සිදුකර තිබෙන බව අධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී කියවුණි.විත්තිකාරිය පොලිසියට හා අධිකරණයට සාක්ෂි දෙමින් පවසා තිබුණේ බාල වයස්කරු විසින් විටින්විට තමන්ට ලිංගික හිරිහැරයන් සිදුකල බවයි.එහෙත් අධිකරණයේ පැවති නඩු විභාගයේදී විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් නගාතිබූ චෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකිරීම සදහා පැමිණිල්ල සමත්වීම හේතුවෙන් විත්තිකාර කාන්තාව චෝදනා තුනටම වරදකරුබව නිගමනය කරන බව විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ පවසමින් ඇයට දඩුවම් නියම කලේය.පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ චතුරු විජේසූරිය මහත්මිය පෙනි සිටියාය.මෙම නඩුවේ මූලික සාක්ෂි විභාගය අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ අතර වැඩිදුර විභාගය සදහා විශේෂ මහාධිකරණය වෙත යොමුකර තිබුණි.(අනුරාධපුර මධ්‍යම විශේෂ)[rns_reactions] -
මෙම සැකරුවන් හදුනන්නේනම් පොලිස්පතිගෙන් ඔබට වටිනා තෑග්ගක්…
පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමට වෙඩි තබන්නට පැමිණි පුද්ගලයන් ආ යතුරුපැදිය වෙඩි ප්‍රහාරයට පැය කිහිපයකට පෙර මිලදී ගැනීමට පැමිණි සැකකරුවන් දෙදෙනකු පිළිබඳව ලද විස්තර අනුව ඔවුන්ගේ හැඩරුව පොලිස් චිත්‍ර ශිල්පීන් විසින් චිත්‍රයට නඟා තිබේ.
සිද්ධිය වූ දිනයේ පස්වරුවේ දෙල්ගොඩ ප්‍රදේශයේ යතුරුපැදි අලෙවිසලකින් මොවුන් දෙදෙනා මෙම යතුරුපැදිය මිලදී ගෙන ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත.
සී.සී.ටී.වී. කැමරා දර්ශන උපයෝගි කර ගනිමින් එම සැකකරුවන් දෙදෙනාගේ රුව මෙලෙස චිත්‍රයට නඟා ඇති අතර ඔවුන් පිළිබඳ තොරතුරු වෙතොත් පහත දැක්වෙන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එසේම එම සැකකරුවන් පිළිබඳ සාර්ථක තොරතුරක් ලබාදෙන පුද්ගලයකුට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් විශේෂ මුදල් ත්‍යාගයක් ලබා දීමටද කටයුතු යොදා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් අධිකාරි නුගේගොඩ කොට්ඨාසය
ජංගම දුරකතනය _071 _ 8591641
ස්ථාවර දුරකතනය _011 _ 2852555අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය (CCD)
ජංගම දුරකතනය _071 _ 8591727ස්ථාවර දුරකතනය 011 _ 2662323
24 Hour Hot Line – 011 _ 2685151
01 වැනි ඡායාරූපය
වයස අවුරුදු 30 _ 35 අතර අඩි 05 අඟල් 03ක් පමණ උස කළු පැහැති කෙට්ටු සිරුරකින් යුත් මුහුණ තරමක් දිගැටි පුද්ගලයෙකි. මෙම පුද්ගලයාගේ එක් පාදයක ආබාධයක් පවතින අතර තරමක් කොර ගසන ආකාරයක් පෙන්නුම් කරයි.
02 වැනි ඡායාරූපය
වයස අවුරුදු 38 _ 42ත් අතර අඩි 5 අඟල් 06ක් පමණ උස සුදු පැහැති සාමාන්‍යයෙන් මහත සිරුරකින් යුත් පුද්ගලයෙකි.[rns_reactions]
-
බිරිදගේ හැසිරීම ගැන සැක සිතී නිවසේ රහසිගත කැමරාවක් සවි කල පසු එහි පටිගතව තිබු දේ…
එක් සැමියෙක් තමන්ගේ බිරිදගේ හැසිරීම ගැන සැක සිතී නිවසේ රහසිගත කැමරාවක් සවි කලා.. එහි පටිගතව තිබු දේ දුටු ඔහු මහත් කම්පාවට පත් උනා
බලන්න එහි සටහන්ව තිබුනේ කුමක් ද කියලාතමන්ගේ ගෙදර තමන්ගේම දරුවන්ට මෙහෙම සලකන මිනිසුන් අප සමාජයේ ඕන තරම් සිටීනවා මෙයත් ඒ අතරම සිටින කෙනෙක් මෙයාගේ මේ වැඩේ එරට මාද්‍ය විසින් මුළු ලොවටම පෙන්නුවා
[rns_reactions]
-
බිල්ලෝ මවන වහල්ලු වෙන්න එපා – සද්ද දැමු ලහිරුට පොලිස් පරීක්ෂකයෙක් කියයි…
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සිවිල් සංවිධාන එක්ව ගම්පහ දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්වීමට ගිය සයිටම් විරෝධී රැළියට පොලිසියෙන් බාධා කිරීම නිසා ගම්පහ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. මහජන පීඩාවක් ඇතිවීම නිසා මෙම රැළිය පැවැත්වීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බව ගම්පහ පොලිසිය කියු අතර එවිට කට ගහගෙන ගිය ලහිරුට පැමිණි පොලිස් පරික්ෂකගෙන් ලැබුනේ ලුණු ඇබුල් සහිත පිළිතුරකි…
පක්ෂවල වහල්ලු වෙලා මෙතන ඇවිත් බිල්ලෝ මවන්න එපා. ඔයාගේ පවුලේ කෙරුවාවත් අපි දන්නවා. මේ ප්‍රකාශයත් සමගින් ලහිරු නිහඩ වූ අතර කෙසේ වෙතත් අවසානයේ රැළිය කරගෙන යාමට අවසරදී පොලිසිය ඉවත් වූවත් කැරළි මර්දන ඒකකය සහ අතිරේක පොලිස් කණ්ඩායම් එහි කැඳවා තිබිණ
[rns_reactions]
-
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ බෝම්බයක්.
අද (13) අලුයම කොළඹ නොරිස් කැනල් පාරේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාල භුමියේ තිබී සජීවී අත් බෝම්බයක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.
මරදාන පොලීසිය සඳහන් කළේ එම අත්බෝම්බය නිශ්ක්‍රීය කිරීම සඳහා මේ වන විට පියවර ගෙන ඇති බවයි.
මෙය කිසිවෙකු විසින් වෛද්‍ය සභා භූමිය වෙත දමන්නට ඇති බවට සැක කරන බව ජෙෂ්‍යෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය පිලිබඳ නියාමනය කෙරෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වන්නේ, මහචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ය.
මෙම ආයතනය ‘සයිටම්’ ආයතනයට එරෙහිව මේවනවිට අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
[rns_reactions]
-
දන්සලක් පැවැත්වූ ව්‍යාපාරිකයාට පිරිසක් පිහි කඩු වලින් කපා දමා ගාතනය කරලා…
වැලිගම පාතේගම බුදු පිළිමයක් අසලදී 11 දින රාත්‍රි දන්සලක් පවත්වා බඩු අස්‌කරමින් සිටි ව්‍යාපාරිකයකු වෙත පැමිණි පිරිසක් විසින් පිහි සහ කඩුවකින් පහර දීම නිසා බරපතළ තුවාල ලැබූ එම ව්‍යාපාරිකයා මියගොස් ඇත.
මෙසේ මරණයට පත්වී ඇත්තේ පාතේගම විඡේසේකර ගමාච්චිගේ සුසන්ත (35) නම් අයෙකි.
මෙම ව්‍යාපාරිකයා වෙසක් පොහොය නිමිත්තෙන් තවත් කීප දෙනකු සමඟ දන්සලක් පවත්වා ඇති අතර සිද්ධිය වූ දින රාත්‍රි දන්සල් බඩු අස්‌කරමින් සිටින අවස්‌ථාවේදී පහරදීම සිදු වී තිබේ.
මේ සම්බන්ධයෙන් මරණකරුගේ පියා විසින් වැලිගම පොලිසියට පැමිණිලි කොට ඇත.
මරණකරු පිහි පහර කා ගෙන දුවද්දී පසු පසින් ගොස් කඩුවකින්ද පහරදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අනතුරුව මෙම ව්‍යාපාරිකයා මාතර රෝහලට වෙත රැගෙන යද්දී මියගොස් තිබේ. අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.
[rns_reactions]
-
නිවසකට බෝම්බ ප්‍රහාරයක්…
මහියංගණය, පූජා නගරයේ දොඩම්ගොල්ල, දොම්වත්ත ප‍්‍රදේශයේ නිවසකට අද අලූයම අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අලූයම 1.15 ට පමණ මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තාකරු පැවසුවේ.
ප‍්‍රහාරයෙන් 64 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි.
[rns_reactions]
-
මවගේ ප්‍රේම කුරුල්ලා නිසා දුවත් අමාරුවේ වැටේ…
වයස අවුරුදු 15 ක් වන බාල වයස්කාර දැරිවියක්ව අවස්ථා කීපයකදී දුෂණය කළ බව කියන ඇයගේ මවගේ අනියම් සැමියාව අත්අඩංගුවට ගෙන ඇති බව නොරචෝලේ පොලීසිය කියයි.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – කරඹ ගාමන්ට් වත්ත පදිංචිකරුවෙකු වන 30 හැවිරිදි අයෙකි.
සැකකරු අතවරයවට පත්ව ඇති දැරිවියගේ මවගේ අනියම් සැමියාය. දැරිවියගේ මව සමග එකට මත්පැන් පානය කර ඇති සැකකරු මව වෙරි මතින් නින්දට ගිය පසුව දැරිවියට අතවර කර ඇති බව පොලීසිය විසින් කරන ලද මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත. පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා පළමු වරට සැකකරු තමන්ට අතවර කළ බවත්,එතැන් සිට නිරන්තර සැකකරු තමන්ට මෙම අපරාධය සිදු කරන බවත් දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.
සැකකරුට ඇති බිය නිසා කිසිවක් හෙලි නොකල නමුත් ඉවසා සිටිය නොහැකි තැන සිද්ධිය පොලීසියට දැණුම් දීමට තීරණය කළ බවද නොරචෝලේ පොලීසියට පැමිණ ඇති දැරිවිය පවසා ඇත.
අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍යය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. නොරචෝලේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
(පුත්තලම – ජුඩ් සමන්ත)
[rns_reactions]
-
සමයං ඝාතනයට ආ තවත් 02ක් අත්අඩංගුවට!
කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ආධාර අනුබල දුන් බව කියන තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.
ඊයේ සවස 5.30 ත් 07.30 අතර කාලයේදී අතුරුගිරිය පොලිස් වසමේ ස්ථාන දෙකකදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වයස අවුරුදු 27 ක් පමණ වන අතර ඔවුන් අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද සදහන්.
කළුතර උතුරු පොලිස් වසමේ එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථ දෙකකට ප්‍රහාරයක් එල්ල වුණේ ඉකුත් පෙබරවාරි 27 වැනිදායි.
එම ප්‍රහාරයෙන් පාතාල ක්‍රියාකාරිකයෙකු වූ සමයං නැමැත්තා ඇතුළු බන්ධනාගාර රැඳවියන් 05 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනයට ලක් විය.
[rns_reactions]
-
මීතොටමුල්ල කුණු කන්ද තුනිකිරීමට සෑම මසකම බැකෝ වලට ගෙවපු මුදල ඇහුවොත් ඔබ පුදුම වේවි
පසුගිය මාර්තු මාසය සදහා මීතොටමුල්ල කුණු කන්ද තුනීකිරීමට කොළඹ නගර සභාව විසින් කුලියට ලබාගත් යන්ත්‍රොපකරණ 14ක් සදහා රුපියල් 26,796,306ක් ගෙවීමට නිර්දේශ කර ඇත.
එක්ස්කැවේටර් යන්ත‍්‍ර සදහා ඒවා සේවයේ යොදවා තිබූ පැය ගණනට අනුව මෙම මුදල් ගෙවීමට නිර්දේශ කර ඇති අතර එක් යන්ත‍්‍රයක් සදහා මසකට ගෙවා ඇති වැඩිම මුදල රුපියල් 3162155කි.
කුණු කන්ද තුනී කිරීමට කුලියට ගන්නා යන්ත්‍රෝපකරණවලට සෑම මසකදීම රුපියල් කෝටි තුනකට අධික මුදලක් ගෙවා ඇති බවද සදහන්ය.
මේ මුදල් කාගේ ගිනුම්වලටද ගියේ…….
[rns_reactions]
-
රාජපක්ෂ ආර්යාව ලක්ෂ 250ක් වියදම්කර වෙසක් සිරි නරඹයි!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ වෙසක් දින සැමරුමට ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු කණ්ඩායම දින තුනකදී රුපියල් ලක්ෂ 250 ක මුදලක් වියදම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.
2014 වසරේ මැයි මස 20 – 24 දක්වා කාලය තුළ ප්‍රංශයේ වෙසක් බැලීමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග ‘ඩේසි ආච්චි’ ද සහභාගි වී ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සමස්ත වියදම යුරෝ 63945.50 (කාමර වියදම පමණයි) බවත්, දවසක කාමර වියදම – යුරෝ -14500 බවත් පැවසු ඇමතිවරයා, ඩේසි ආච්චිගේ වියදම යුරෝ 6924 බවත්, දවසක කාමර වියදම – යුරෝ -1350 බවත් පැවසිය.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ හොටෙල් කාමරයේ මිනි බාර් පාවිචිච්ය සඳහා වියදම යුරෝ 975 ක් ද ඩේසි ආච්චිගේ දුරකථන ගාස්තු සඳහා යුරෝ 1200ක් ද වැයකර ඇතැයි පැවසු ඇමතිවරයා, මේ සමස්ත වියදම දරා ඇත්තේ එදා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බව පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර වෙසක් දිනයක් ලෙස වෙසක් උළෙල සමරන්නට ශ්‍රී ලංකාවට ලැබුණු මෙම අවස්ථාව ඉතා පූජනීය අවස්ථාවක් බවද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.
එය ලබාගන්නට හැකිවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සමයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ උත්සාහයෙන් බව කී ඇමැතිවරයා, වෙසක් පොහෝ දිනයේදී කළු කොඩි එසවීමට බංකොලොත් දේශපාලකයන්ට ඉඩ දෙන්නේ නැතැයි අවධාරණය කර සිටියේය.
[rns_reactions]
-
මුහුණු වසා පැමිණි ගාතකයන් දෙදෙනනා අයෙකු මරා යතුරුපැදියෙන් පැන යයි.
ගාල්ල – ඉමදූවව දික්කුඹුර හන්දිය අසලදී අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි ගම්මන්පිලවත්ත අන්දුගොඩ දික්කුඹුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
තම දරුවා සහ අසල්වැසි දරුවන් දෙදෙනෙකු ත‍්‍රීරෝද රථයකින් පෞද්ගලික පන්තියකට රැගෙන යමින් සිටියදී මුහුණු ආවරණය කර ගෙන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම පුද්ගලයාට වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ. එහි දී තුවාල ලැබූ සැකකරු කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිට ඔහු මිය ගොස් සිටි බවයි වෛද්‍යවරුන් ප‍්‍රකාශකර ඇත්තේ.
දෙපාර්ශවයක් අතර කලක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගාල්ල දිස්ත‍්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
[rns_reactions] -
රංගේ ගිය පාරේ දියණියගේ සැමියාත් – ඇත්ත කියපු මාධ්‍යවේදින්ට මරණ තර්ජන…
ජාතික තරුණ සේවා සභාපතිවරයා විසින් මෙරට ප්‍රධානතම පුවත් වෙබ්අඩවියක් වන Gossip99 වෙබ්අඩවියේ කතුවරයා මරා දමන බවට තර්ජනය කර ඇතැයි වාර්තා වේ.
ඒ, පසුගිය දා පැවති මැයි රැළියක් අතරතුරේ දීයි.
ඊට හේතු වී ඇත්තේ 2015 නොවැම්බර් 29 දින එම වෙබ්අඩවියෙන් හෙළිදරව් කළ 2015 වර්ෂය සඳහා යොවුන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණයේදී සිදු වූ අක්‍රමිකතාවකි.
කෙසේ නමුත් අදාළ කමිටුවේ වාර්තාව මාධ්‍ය වෙත නිකුත් නොවූ අතර එම කමිටුවට සිදුවුයේ කුමක්දැයි තවමත් සභාපතිවරයා විසින් හෙළිදරව් කර නොමැති පසුබිමක සභාපතිවරයා විසින් Gossip99 වෙබ්අඩවියේ කතුවරයාට අදාළ පුවත පිළිබඳව සඳහන් කරමින් මරණ තර්ජනය කිරීම තරමක කුතුහලය දනවන්නකි.
මාධ්‍ය නිදහස සුරකින බවට ප්‍රතිඥා දුන් යහපාලන ආණ්ඩුවේ තරුණ සේවා සභාවේ සභාපතිවරයා විසින් මාධ්‍යවේදීන්ට කරන මෙම අඩන්තේට්ටම් අපි පිළිකුලෙන් යුතුව හෙලාදකින්නෙමු.
සභාපතිවරයා පිළිබඳව Gossip99 හෙළිදරව්වේ සම්පුර්ණ වාර්තාව පහතින්,
- මොහු බැසිලගේ අධෝ මුඛය ලෙව කෑ කොළු ගැයටලු
- සිරිකොත කොතනද තියෙන්න කොතනද අයියෙ
- ජාතික තරැණ සේවා සභාවේ විගණන නිළදාරීනි
- විශයභාර ඇමතිතුමනි වහා හෙලිකරනු
- එ ජා ප යේ කැරැල්ලක් ලගදීම
උප්පැන්න සහතිකයේ ඇති නමේ සිට බොරුව ගෙන යන යහපාලනයට සම්බන්ද වූ මරාවාදී බැසිල්ගේ හෙංචයියන් අගමැතිවරයාද නොමග යවමින් පසුගිය දශකයේ රග දැක්වූ නාටකය නැවතත් රගංනට පටන්ගෙන ඇත. ඒ ජාතික තරැණ සේවාවේ වර්ථමාන සභාපති වරයාය.
ගොසිප්99 අප 2015 නොවැම්බර් 29 දින යම් හෙලිදරවුවක් කරනනට වින. ඒ යහපාලන ආණ්ඩුව විසින් 2015 වර්ෂය සඳහා යොවුන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණයේදී සිදු වූ අක්‍රමික තාවයක් හේතුවෙනි. පසුගිය දින පැවති මැයි රැලියක් අතරතුරදී ඒ පුවත පිළිබදව පවසමින් ගොසිප්99 කතුවරයාට ජනපතිවරයා සහ අගමැතිවරයා මාධ්‍යට පූර්ණ නිදහසක් ලබදී අැති බවට මැයි දිනය දා වේදිකාවල සිට පවසන අතතුරම වෙරි මතින් සිටි පිරිසක් සමග මෙම මරා වාදී සභාපතිවරයා මරන තර්ජනය කොට අැත.
ඒ් ”උඹ මාව පර්සනලි දන්නවද? යූත් පාර්ලිමන් ඒකේ ඒව එළියට දාන්න උබ කවුද? උබ දන් නෑ මම කවුද කියල , මැරැම් නොකා හිටපන් යනුවෙන් පවසා” ඇත. ( අප මේ ගොබිලාගේ අතීතය , වර්ථමානය පිළිබදව පහලින් සදහන් කරන්නෙමු)
මොකද් මේ යූත් පාර්ලිමන් හුටපටේ
මේම පාහර සභාපති වරයාට අමතක වී ඇති මරවාදී හෙංචයියෙකු ව්‍යාජ ග්‍රාමසේවක සහතික සකසමික් යොවුන් පාර්ලිමේන්තුව තුලට තල්ලු කිරීමට ගත් උත්සාය මෙලෙස දිගහැර දක්වන්නෙමු.
2015 වර්ෂය සඳහා යොවුන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණය 2015 නොවැම්බර් 07 වන දින මධ්‍යස්ථාන 334 දී පැවැත්වූ අතර මේ සඳහා දිවයින පුරා අපේක්ෂකයින් 657 ක් ඉදිරිපත් වී තිබුණි.
මෙම මාතෘකාවට හේතු පාදක වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තරඟ වැදුණු මෙම මරාවාදියාගේ හෙංචයියකු වන එක් අපේක්ෂයෙකු ය.. යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂයෙකුට තිබිය යුතු සුදුසුකම් පිළිබඳව ජාතික තරුණ සේවා සභාව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ 1.3 වගන්තිය යටතේ එම අපේක්ෂකයා තමා නියෝජනය කරන මැතිවරණ කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුය.
නමුත් ඔහු යොවුන් පාර්ලිමේනතු මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ රක්වාන මැතිවරණ කොට්ඨාසයෙනි.ඒ සඳහා මොහු රත්නපුර ඕපනායක 244ඊ මල්මීකන්ද වසමේ ග්‍රාම නිළධාරීවරයා හරහා තාවකාලික පදිංචිකරුවෙකු ලෙස ග්‍රාම සේවා සහතිකයක් ඉදිරිපත් කර ඇත. (එම ව්‍යජ ග්‍රාමසේවා සහතිකය පහතින් ඉදිරිපත් කර ඇත)
මේ පිළිබදව මෙම සභාපති වරයාට පැවසීමෙන් තට්ටුවකට මායිම් නොකරන වට පිටාවක් තුල ගොසිප්99 අප වෙත කන වැටීමෙන් අනතුරැව රටට හෙලිකිරීමෙන් අපහසු තාවට පත්වූ මෙම සභාපතිවරයා හෙංචයියන් යොදවා අප වෙත විවිධ යෝජනාද ගෙන එන ලැබූ අතර ඒවාට නොනැමුන අපි අසාධාරණයට පත්වූ අපේක්ෂකයාට සාධාරනය ඉටුවන තුරැ හඩ නගන්නට විය.
කවුද මේ සභාපති?
මොහුගේ අතීතය අමතක වී ඇති මේ පාහර ගොබිලා යහපාලනය මුවාවෙන් මරා වාදී රංගනය නැවත රගන්නට පටන්ගෙන ඇත. පසුගිය වකවානුව තුල බැසිල් රාජපක්ෂගේ අධෝ මුඛය ලෙව කමින් ”විද්වත් එකමුතුව” යනුවෙන් හැදින්වූ වැඩ සටහනේ බැසිල් රාජපක්ෂ ගේ බිරිද සහ මේරි පෙරේරා සමග කතිකයකු ලෙස නීති සිසුවකුවූ අවදියේදී සහභාගී වී ඇත. මොහු ඒ හා සම්බන්ධවන්නේ බැසිල් රාජපක්ෂගේ ලේඛම් වරයකු වන කිත්සිරි ගංගනාතගේ නියොගයෙනි.
පසුව 2015 ජනාධිපතිවරනයේදී පිටකෝටිටේ හන්දියට පැමිණ ”සිරිකොත කොතනද තියෙන්න කොතනද අයියෙ” යනුවෙන් අසා සිරිකොතට පැමිණි අයෙකි ( හාස්‍යට කරැන වන්නේ සිරිකොතෙහි සේවකයකුගෙන්ම එය අසා තිබීමයි) පසුව රබර් සෙරෙප්පු දෙකක දමාගෙන ආ මේ වර්ථමාන කෝටිපතියා එ ජා ප සමාජ ජාලා ක්‍රියාකාරීන්ගේ හමුවක පසුපස පේලියේ කොනකට වී සිට ඇති බවටද සිරිකොත ආරංචිමාර්ග සදහන් කරයි.
මොකද්ද මොහුට තිබෙන දේශපාල තනතුර? මොහු දේශපාලකයෙක් ද?
2015 මැතිවරණය පිළිබදව බිය වූ බැසිල් රාජපක්ෂ ඇතුලු මරාවාදී කල්ලියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කීර්තිනාමයට හානිකිරිමේ කොන්තරාත්තුව භාර වූ මොහු කෙමෙන් කෙමෙන් එ ජා ප ඉහල පෙල සමග සුහදත්ව ගොඩනගා ගනිමින් පක්ෂ නායකයාට දැල එලන්නට වූ බව සිරිකොත නාරටි හෙලි කරයි.
පසුව තනතුරක් ඉල්ලා හඩා වැටුන මොහුට එ ජා ප ජාතික යොවුන් පෙරමුණෙහි නීති ලේඛම් යැයි පට්ටමක් අළුතින් සකසා දුන් අතර නමුත් යොවුන් පෙරමුණු ඉහල පෙල සදහන් කරන්නේ එම සංවිධානයේ ව්‍යයවස්ථාව තුල එවැනි තනතුරක් නොමැති බවයි.
පසු කාලීනව තරැණ සේවා සභාවේ සභාපති පට්ටම හිමි මොහුට අවුරැදු දෙකක් වැනි කාලයක් තුලදී අගමැතිවරයාටද කොකා පෙන්වමින් විශාල දුශන රැසකට හිමිකම් කියනුනෙකු බවට පත්වී ඇති බව තරැණ කටයුතු අමාත්‍යශයේ නිලදාරයෙකුන් විමසීමේදී අනාවරනය විය. ( මෙම ලිපිය දැනමත් දිර්ග බැවින් ඒ සියල්ල කොටස් වශයෙන් සාක්ෂි සහිතව ඉදිරියේදී බලා පොරොත්තු වන්න)
පසුගිය දින මෙම සභාපතිවරයා අමාත්‍යංශයට කැදවා ”එ##ද මේ ඔයා කරන දේවල් වලින් ඇමති තුමටයි අපිටයි තමයි FCID යන්න වෙන්නෙ වහාම මේව නවත්වන්න” යනුවෙන්ද ප්‍රකාශ කොට ඇත
රබර් සෙරෙප්පු දෙකක් සහිතව හොටු හූරමින් පැමිණි මෙම කොලු ගැටයා වසර දෙකක් වැනි කාලයකදී විජේරාම ප්‍රදේශයේ සුකෝපභෝගී නිවසක් සහ සූකොප භෝගී රථ කිහිපයක් භාවිතා කරන බවට අප විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි. තවද සමාජා ජාලා තුල තමන්ගේ ප්‍රතිරෑපය තනා දෙන්නට දහස්ගනනින් මාස්පතා වේතනයක් ලෙස ලබා දෙන බවට විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
තමන් රාජ්‍ය නිළදාරිකු නොදත් මේ ගෙබිබයා දේශපාලකයකු ලෙස රග දක්වමින් සිටී කැස්බෑවේ පිහිටි තම නිවස ඉදිරිපිට කොළ කොඩියක් පාරේ එසවීමට ඉඩ නොදුන් මේ ගොබිලා එ ජා පයෙන් මැතිවරනය ඉදිරිපවීමට කැස්බෑව ජනතාව ගොනාට අන්දමින් මාන බලයි. මෙරට රාජ්‍ය අංශයේ තවත් සභාපතිවරැන් සිටියදී දේශපාලකයකු ලෙස රගදක්වන්නේ මොහු පමනක් බවත් මොහුට එතරම් බලයක් අවේ කෙසේදැයි යහපාලනයට උරදුන් ප්‍රභලයෝ ප්‍රශ්නකරයි
මාරාවාදී කණ්ඩායමෙන් දේශපාලනය පිළිබදව අවබෝධයක් නොගත් මැර කම පමණක් උගත් මොහු මරාවාදීන්ගේ මර උගුල්ක් වන අගමැතිවරයාගේ කීර්තිනාමය විනාශකරමින් පක්ශය තුල අභ්‍යන්ත කැරැල්ලක් ගැසීමට මාරා වාදී කොන්තරක් කරැවා මොහු බවටත් අගමැති වරයාට දැනටමත් මොහු දැල එළා අවසන් බවත් අගමැති වරයා ඉදිරියේ උපාසක බලලෙකු මෙන් හැසිරෙන මොහු පිළිබදව අගමැතිවරයා කිසිදු ලෙස මොහු මෙවැනි පුද්ගලයෙකු යැයි නොසිතනු ඇති බවද අගමැතිට වසරගනනක සිට සිටින සමීපතමයෝ අප සමග ප්‍රකාශ කලහ.
ජනපති තුමනි අගමැතිතුමනි විශය භාර ඇමකි තුමනි විගණන නිලධාරීනි ජනතා බදු මුදලින් මිලියන 450 තරැණ කටයුතු සදහා අය වැය තුලින් වෙන් වූ වකවානුවක් තුල සංදර්ශ පෙන්වු යැයි ඒ සංතොශයට පමණක් සීමා නොවී තරැණ සේවා සභාවතුල සිදුවන්නාවු සියළු මුලළු වාර්ථා මාධ්‍යට විවෘත කල යුතුය
යහපාලනයේ මුවාවෙන් මාරාවාදී කොන්ත්‍රාත්තු කරන යහපාලනය විනාශකිරීමට පැමිණි මෙම සට කපට නිලදාරියා පිළිබදව වහා පියවර ගතයුතුව ඇත. නැත හොත් එ ජා ප තුල මොහුට විරැද්ධව ගොඩ නැගෙන කැරැල්ල වැඩි ඈතක නොවන බව කිව යුතුය.
[rns_reactions]
-
විද්‍යා දැරියගේ ඝාතන නඩුවේ අද තත්වය මෙන්න….
ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දුෂණයකට ලක්කර ඝාතනය කිරිමේ සිද්ධියේ සැකකරුවන් දස දෙනා මේ මස 17 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, එම නඩුව කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද කැදවූ අවස්ථාවේදීයි.
2015 වසරේ මැයි මස 13 වනදා සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ කයිට්ස් පොලීසිය විමර්ශන සිදු කරනවා.
[rns_reactions]
-
මුදල් වංචා කළ නාමල් ඇතුළු 5කට වෙන්න යන දේ මෙන්න….
රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් ආකාරය හෙළිනොකිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු 5 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් සිතාසි නිකුත්කර තිබේ.නීතිපතිවරයා ඉදිරියේ ගොණුකර තිබු නඩුවක් සළකා බලමින් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නාමල් රාජපක්ෂ ලබන 6 වන දින මේ සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු බවට අද නියෝග කර ඇත.එමෙන්ම මුදල් විසුද්ධිකරණ පනත යටතේ නාමල් රාජපක්ෂට මෙලෙස චෝදනා ඉදිරිපත් කර තිබේ.https://www.facebook.com/infosrilankanews/videos/722036147921330/
[rns_reactions]
-
මහින්ද මහත්තයෝ කේක් රසයිද? එහෙනම් මේ ටිකත් දැනගන්න….
මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ කඩාවැටීමට හේතූකාරණා වෙච්ච මැරයෝ අතර කප්පම් සරණ ගුණවර්ධන ප්‍රමුඛ ස්ථානයක් ලබාගන්නවා එදා රාජපක්ෂ පවුල්පාලනයේ අවශ්‍යතා මත අත්තනගල්ල ඇතුළු මිනිමරපු කප්පම් ලබාගත්තු මැරකම් කළ සරණ ගුණවර්ධන තවමත් මහින්ද රාජපක්ෂගේ කාලයේ උරුම කරගත් මැරවැඩ මේවන තෙක් නවත්වා නැත ඒ පසුගියදා ගම්පහ ප්‍රකට
ව්‍යාපාරකයෙකුවු ඔස්මන් ගුණසේකර මහතා ඝාතනය කිරිමට තම ගෝලබාලයින් යොදවා කල උත්සහය ව්‍යාර්ථවීමත් සමගයී. සරණ ගුණවර්ධන දැනට තම ඇගබේරා ගැනිම සදහා නවාතැන්ගෙන සිටින්නේ මහින්ද රාජපක්ෂට අයත් නුගේගොඩ එදිරිසිංහ පාරේ පිහිටි නිවසේය ඒ තමගේ ආරක්ෂාව මහින්ද රාජපක්ෂ හරහා සපයා ගැනිමටත් යම් හෙයිකින් ඔහුව අත්අඩංගුවට පත්වුනොත් එහින් ගැලවීම සදහයී.



මහින්ද ගම්පහ අත්තනගල්ල ප්‍රදේශයට මහත් පිලිකාවක් බවට පත්වෙලා සිටින සරණ ගුණවර්ධන නම් සහසිකයා දැනටත් සිතාගෙන සිටින්නෙ මේ තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවයී එමනිසා තමන්ට හිතුන හිතුන ආකාරයට ගම්පහ අත්තනගල්ල ප්‍රදේශය රජකිරිමට පුළුවන් එබැවින් කිසිවෙකුට තමන්ට එරෙහිව කිසිවක් කල නොහැකීයී යනුවෙන් කොටින්ම පැවසුවොත් මහින්ද රාජපක්ෂගේ දස අවුරුදු දුර්ඝාන්ත පාලනය අවසන් කලේ මෙවැනි මිනිමරුවන්ට නිදැල්ලේ සැරිසරන්නටත් රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු හොර තක්කන්ඩිට නිදැල්ලේ සිටිමට නොවේ ඒත් කාලකණ්නිකම යනු මේ වත්මන් යහපාලන ආණ්ඩුවේ බලධාරින් පෙර ආණ්ඩුවේ කටයුතු කරපු හොර තක්කන්ඩි සමග විවිද දේශපාලන ඩීල් දමමින් මෙවැනි මිනිමරු හොර තක්කඩින් ආරක්ෂා කිරිමයී.
භාරත ලක්ෂ්මන් ඝාතනය කිරිමේ චෝදනාවට කොළඹ දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාව වරදකරු කරමින් දුමින්ද සිල්වාට මරණ දඩුවම පමුණුවා නම් ඇයී මිනිමරු සරණ ගුණවර්ධන නැමති මිලේච්ජ සහසිකයාව අත්ත අඩංගුවටගෙන ඔහුව නීතීය හමුවට කැදවලා ශ්‍රී ලංකා අපරාධ නඩු විදාන සංග්‍රායේ 234 වගන්තියනට අනුව මිනිස් ඝාතනයක් සිදුකිරිමේ වරදට මරණ දඩුවම පමුණුවන්නට නොහැකි ඇයි දැයි අපට ගැටළුවක් ඇත
එදා 2010දි බැසිල් රාජපක්ෂ බලයට ගෙන ඒම සදහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දෑත ශක්තිමත් කිරිමට ඉදිරිපත්වෙච්ච ජපානයේ කලක් සේවයකල තම දුක් මහන්සියෙන් උපයාගත් මුදල් වලින් ජනතාවට උපකාර කල සුරංග පීරිස් නම් නිට්ටමුඹුවේ වෙළද සංගමයේ සභාපති සුරංග පීරිස් නම් තරුණයා එවක මිනිමරු කප්පම් සරණ ගුණවර්ධන විසින් ගම්පහ අත්තනගල්ල ඇතුළු සදාසන්න ප්‍රදේශවල කරගෙනගිය කප්පම් හොරකම් බලුකම් කුපාඩිකම් වලට එරෙහිව අත්තනගල්ල ප්‍රදේශයේ ජනතාව ඒකරාශිකරගෙන සරණට ගුණවර්ධනට එරෙහිව ගම්පහ තුල කැරැල්ලක් දියත් කරද්දි සරණ ගුණවර්ධන විසින් මෑතකදි ඝාතනයට ලක්වු සරණ ගුනවර්ධනගේ සමිපතම කීකරු ගෝලයෙකුවු වේයන්ගොඩ සමරේ ලවා ඝාතනය කලා
මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්‍ය බණිජ තෙල් අමත්‍යවරයා ලෙස කටයුතු කල සමයේ ලොතරැයි මණ්ඩලයේ කෝටී ගණනක් වංචා කල අතර අනතුරුව බණිජ තෙල් අමත්‍යංශයටද කෝටී ගණනක විශාල පාඩුවක් ඇතිකල සරණ ගුණවර්ධන මහින්ද රාජපක්ෂගේ තිබු ආශීර්වාදයෙන් ඇගබේරගත්තේය මහින්ද රාජපක්ෂ බලයේ නොසිටියත් මහින්ද රාජපක්ෂ සාභාගීවන සෑම රැස්වීම් වලට සරණ ගුණවර්ධන සාභාගීවෙති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වුනේ මෙවැනි මිනිමරුවෝ කප්පම්කාරයෝ ස්ත්‍රී දූෂිතයෝ ආරක්ෂා කිරිමට ගොස්ය.
මහින්ද රාජපක්ෂටද කිසිදු විලි ලැජ්ජාවක් නොමැත තමන් පැරදුනේ මෙවන් කාලකණ්නින් නිසා බව දැන දැනත් ඔහුන්ව ආරක්ෂා කිරිමට ඉදිරිපත්වීමයී පෙරේදා ගම්පහා භීෂක සරණ ගුණවර්ධන්ගේ 53 වනි උපන්දිනයට මහින්ද රාජපක්ෂ සාභාගීවිය එහිදි සරණ ගුණවර්ධන විසින් මහින්ද රාජපක්ෂට කේක් පවා කවා තිබුනි. අවසාන වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට කිවයුත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමනි සරණ ගුණවර්ධන වැනි මිනිමරු කප්පම්කාරයෝ නිසා ඔබ තව තවත් දේශපාලනයෙන් අගාතයට පත්වෙනවා හැරෙන්න කිසිදු දේශපාලන මට්ටමින් නැගිසිටිමක් නොමැත.
මදුෂංක ගනේගොඩ
[rns_reactions]