Category: සුපිරි Cases

  • තම පුත්‍රයා පාලම් ගැට්ටේ ගසා ඝාතනය කර කැළණි ගඟට දාලා…

    පවුල්  ආරවුල් මත සිත් තැවුලට පත්වී තම හය හැවිරිදි පුත්‍රයා කඩුවෙල කැළණි පාලම් ගැට්ටේ ගසා ඝාතනය කර කැළණි ගඟට දමා තමන්ද ගඟට පැන සියදිවි හානිකර ගැනීමට තැත්කල කාන්තාව බියගම පොලිසිය විසින් පසුගිය දින (29) අත්අඩංගුවට ගෙන තිබුණා.

    මෙසේ අත්අඩංගුවට පත්වුයේ වැලිවේරිය ඇඔරාලුව දකුණ අංක 19/31 පදිංචිකාරියක් වන සුමුදු ප්‍රියමාලා බෝධි බැඳිගේ නැමැති 39 හැවරිදි තිදරු මවක්.

    අවට සිටි පිරිසක් මෙම කාන්තාව බේරාගෙන  ඇති අතර ඉහත ලිපිනයේ පදිංචිව සිටි එදිරිමුණි ලක්ෂාන් චානක සොයිසා නැමැති (6) හැවිරිදි සිසුවා ජලකඳ තුල අතුරුදන් වී ඇතිබව පොලිසිය පැවසුවේ.

    තමන් ජීවත්වීමට කිසිම ආශාවක් නොමැති බැවින් පුතා සමඟ මෙලෙස දිවි හානි කර ගැනීමට උත්සාහ කළ බව එම කාන්තාවගේ  විවාහක සැමියා ඇයත් සමඟ මේ වනවිට නොමැති අරත 23 වියැති පුතෙක් සහ තවත් ප්‍රත්‍රයෙකු නැදෑ සහෝදරියකට හදාවඩා ගැනීමට ලබාදී ඇති බවට පවසා තිබිණා.

    මියගිය දරුවාගේ දේහය ඊයේ 30 දින අඵයම නාවික හමුදාවේ කිමිදුම් ඒකකයේ නිලධාරින් සහ බියගම පොලිසිය එක්වී කැළණි ගංඟා පතුලේ කිමිදී සොයාගෙන තිබු අතර මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

    අත්අඩංගුවට පත් කාන්තාව මහර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇයව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට නියමිත බවයි  පොලිසිය පැවසුවේ.

    [rns_reactions]

  • බැසිල් තවත් බිලියන 9ක් ගිලලා….

    ෂෙරටන් නමැති හෝටල් ව්‍යාපෘතියකට මුදල් ආයෝජනය කිරීම සම්බන්ධව විමර්ශන කටයුත්තක් සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයකු වන තිරුකුමාර් නඬේසන් මහතා ඉකුත් අප්‍රේල් 27 දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇත.

    අදාළ සමාගමේ මුදල් ආයෝජනය කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයකු බව එහි දී අනාවරණය වී ඇත. හෝටල් ව්‍යාපාරයක් සඳහා අයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන නවයකි. තිරුකුමාර් නඬේසන් මහතාගේ ද හිතවතකු වන ව්‍යාපාරිකයා රජයේ ඉහළ පෙළේ තනතුරක් දැරූවෙකි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි.ව්‍යාපාරිකයාට මේ මුදල් ලැබුණේ කෙසේද යන්න පිළිබඳව කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ  එම මුදල් ඩුබායි, සයිප්‍රස්, මුරුසි ආදී රටවලින් ගිණුම්ගත වී ඇති බවයි. මුදල් ගිණුම්ගත කර ඇති ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ සමාගමේ කොටස්වලින් 1% ක් තිරුකුමාර් නඬේසන් මහතාට අයත්ව තිබූ බව ද හෙළි වී තිබේ.

    [rns_reactions]

  • හිරේ ඉදන් වොයිස් කට් එකක් අතර්ජාලයට එක්කල SF ලොකුගේ ආන්දෝලනාත්මක වීඩියෝව මෙන්න.

    වාහනයක් කොල්ලකෑමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගතකළ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා විසින් සිරමදිරියක් තුළදී ජංගම දුරකථනයකින් පටිගත කරන ලද දර්ශන පෙළක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
    අනුරාධපුර සමාජශාලා හිමිකරුවෙකු වූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා මැයි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

    [rns_reactions]

  • හෝකන්දර නිවසේ තරුණයා නිදාසිටි මෙට්ටය නැවත විමල්ට භාරදෙයි….

    පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කරමින් හෝකන්දර මංගල මාවතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේදී ව්‍යාඝ්‍රා අධිමාත්‍රාවක් ලබාගැනීම නිසා මියගිය ළහිරු ජනිත් දිසානායක තරුණයා ඒ ආකාරයට මියයන අවස්ථාවේ නිදා සිටි මෙට්ටය මේ දක්වා අධිකරණයේ නඩු භාණ්ඩයක් වශයෙන් පැවති අතර අද 26 ඒ සම්බන්ධයෙන් නඩු විභාගය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වූ අවස්ථාවේ තවදුරටත් එම මෙට්ටය පරීක්ෂණ සඳහා උවමනා නැති බව විනිසුරු තීරණය කර එය නැවත හිමිකරුවන්ට භාර දුණි.

    කඩුවෙල මහේස්ත්‍රාත් දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ මේ නඩුව විමසූ අවස්ථාවේ මෙම තරුණයාගේ මරණය සම්බන්ධ වෛද්‍ය වාර්තා තවමත් පමා බව අනාවරණය විය.

    පමාවට හේතු විමසීමේදී සිරුරේ කොටස් පිළිබඳ රස පරීක්ෂණ වාර්තාවෙන් පසුව තවත් විශේෂ පරීක්ෂණයක් සඳහා එම කොටස් යොමු කර ඇති බවත් ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල පමාවී ඇති බවත් හෙළි විය.

    තවදුරටත් තරුණයා නිදාසිටි මෙට්ටය අධිකරණයේ තැබීම අවශ්‍ය නැති බව දන්වා සිටි විනිසුරු ඒවා අයිතිකාර විමල් වීරවංශට රැගෙන යන ලෙස දන්වා සිටි අතර එම මෙට්ටය තමා ලබාගෙන අයිතිකරුවන් වෙත යොමු කරන බව වීරවංශ පාර්ශ්වයේ නීතීඥ ප්‍රේමනාත් දොළවත්ත දන්වා සිටියේය.

    ලබන ජුනි 28 දක්වා නඩුව කල් ගියේය.

    [rns_reactions]

  • ජාතිය ගොඩනගන්න ආ SF ලොකු පොලිසියට කොටු කරගත්තේ මෙහෙමයි.

    කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා සුඛෝපභෝගී අවුට් ලෑන්ඩර් රථයක් …පැහැර ගැනීමේ සිද්ධියකට සම්බන්ධව විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (26දා) අත්අඩංගුවට ගෙන තිබේ.
    ටියුෂන් ගුරුවරයකු භාවිත කළ සුඛෝපභෝගී අවුට් ලෑන්ඩර් රථයක් කල්බදු නොගෙවීම නිසා අත්පත් කර ගැනීමේ නිලධාරීන් විසින් අත්පත් කරගෙන කොළඹ ප්‍රදේශයට රැගෙන යමින් තිබියදී රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත එය පැහැරගෙන අයිතිකරුට භාරදී පොලිස් අත්අඩංගුවට පත්වේ යැයි බියෙන් දින පහක් තිස්සේ කට්ටි පනිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකාර එස්.එෆ්. ලොක්කා ඔහුට අයත් පැති වීදුරු අඳුරු කරන ලද සුදු පැහැති වෑන් රථයෙන් දහයියාගම දෙස සිට ජයන්ති මාවත දෙසට ගමන් කරන බවට ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. කුමාරසේන යන මහත්වරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ වෑන් රථය පසුපස හඹාගොස් මඟ අහුරා අනුරාධපුර දහයියාගම හන්දියේ පිහිටි ආරක්ෂිත දුම්රිය ගේට්ටුව අසලදී අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබූහ.

    සැකකාර එස්.එෆ්. ලොක්කා පලා යෑමට උත්සාහ කළ හැකි නිසා ඒ අවස්ථාවේම ඔහුගේ දෙඅතට විලංගු දැමීමට පොලිසිය කටයුතු කළ අතර අත්අඩංගුවට ගත් වෑන් රථය දැඩි සෝදිසියට ලක් කළ අවස්ථාවේ යුද හමුදාව හා ත්‍රස්තවාදීන් යුද සමයේදී භාවිත කළ විදේශීය ජීව අත්බෝම්බයක් සූක්ෂ්මව රථයේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

    මොහු යුද හමුදා විශේෂ කාර්ය බළකා සෙබළකු බව පැවැසුවත් ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බළමුළුවේ සේවය කරමින් සිටියදී සේවයෙන් පලා විත් සිටින්නකු බව පොලිසිය පැවැසූ අතර මූල්‍ය සමාගම රැගෙන ගිය අවුට් ලෑන්ඩර් රථය පැහැර ගැනීමට සම්බන්ධ වී පොලිසියට බියෙන් තවත් සැකකරුවන් තිදෙනකු සැඟවී සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පැවැසුවේය.

    පසුගියදා (21දා) එස්.එෆ්. ලොක්කා ඇතුළු පිරිස අනුරාධපුර මල්අතු පටුමඟ ප්‍රදේශයේදී අත්පත් කර ගැනීමේ නිලධාරීන් අත්පත් කරගෙන කොළඹට ගෙනයමින් තිබූ ජීප් රථය පැහැර ගෙන එහි හිමිකරු වන ටියුෂන් ගුරුවරයාට භාරදී තිබූ අතර ගුරුවරයා ජීප් රථය කුරුන්දන්කුලම ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී පොලිසිය අත්අඩංගුවට ගත්තේය. සැකකාර එස්.එෆ්. ලොක්කා වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීම හා ඔහුගේ රාත්‍රි සමාජ ශාලාවට පහරදී අලාභ කිරීම සම්බන්ධයෙන් හා සමාජ ශාලාවට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම යන චෝදනාවන්ට මහාධිකරණයේ දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින්නෙකි.
    සමාජ ජාල වෙබ් අඩවි වන ෆේස්බුක්, යූ ටියුබ් හරහා මොහු සිංහලයා වෙනුවෙන් පෙනී සිටින බවට හඟවමින් සමාජයේ ධාර්මික මුහුණුවරක් ගැනීමට කටයුතු කරමින් සිටින බවද පොලිසිය පවසයි.
    එහෙත් මොහු කප්පම් ගැනීම්, පුද්ගලයන්ට පහරදීම්, මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ තැනැත්තකු බවද පොලිසිය සඳහන් කරයි.

    [rns_reactions]

  • "වාහනය මගේ පුලුවන් දෙයක් කරනවා, ආණමඩුවට එනවාකෝ බලා ගමු" ඇමති පුතාගේ රථ ගාය…

    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරිමේන් පසුව කුරුණැගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

    ඊයේ (24) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ කිලෝ මිටරයකට ආසන්න දුරකින් වු ඉගිනිමිටිය පලුගොල්ල මාර්ගයේ දි මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් එකම පවුලේ මව, පියා සහ හත් හැවිරිදි දියණීය, සිව් හැවිරිදි පුත්‍රයා බරපතල ලෙස තුවාල ලබාසිටිති.

    අනතුරින් තුවාල ලැබූ පිරිසේ කාන්තාව සිව් මස් ගැබිනියක් බවද පැවසේ. අනතුරින් සිවි දෙනාගේම පාද වල අස්ථි බිදි ගොස් දරුණු ලෙස තුවාල ලබා ඇති බව රෝහල ආරංචිමාර්ග සඳහන් කරයි.

    මෙම අනතුර සිදුවන අවස්ථාවේ තුවාල ලැබු සිව් දෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිනි කැබ් රථය එකවර යතුරු පැදියේ හැපි ඇති අතර ඉන් පසුව යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට විසිවී ගොස් වැටී ඇති බව කියයි.

    සිද්දිය පිළිබදව අදහස් දැක්වු අනතුරින් බරපතල ලෙස ලබා ඇති අනුර සෙනරත් මහතාගේ සොහොයුරා වන එච්.එම්. හේරත් මහතා පවසා සිටියේ.

    “අනතුර එක්කම මම එතැන්ට ආවා එතකොට රංගේ බංඩාර මහත්තයගේ පුතා (යසෝධ රංගේ බංඩාර) ලගට ගිහින් මම ඇහුවා ඔයා කවුද මහත්තයාට ඇයි මේ විදිහට අනතුරක් කලේ කියලා .එතකොට එයා හොදටම බිලා හිටියේ වාහනේ හිටිය අනිත් අයත් හොදටම බිලා තව අරක්කු බෝතල් වගයක් ප්ලාස්ටික් කප් තිබුනා. රංගේ බංඩාර මහත්තයාගේ පුතා මගේ ඇගට කඩා පැනලා කියුවා ඇයි තමුසේ අහන්නේ වාහනය මගේ පුලුවන් දෙයක් කරන්න කියලා. මම කිවුවා මහත්තයා කථා කරන්න ඉගෙන ගන්න කියලා එවිට ආයේ කියුවා පුලුවන් දෙයක් කරලා පෙන්වනවා ආණමඩුවට එනවාකෝ බලා ගමු කියලත් කියුවා. මම කියුවා මහත්තයා මට කොහෙත් එකයි කියලා මේ මිනිස්සු අනතුරත් කරලා අර අහිංසකයින්ව යටකරලත් අපිට ගනන් පාට් දාන්න එනවා දැයි මම විමසුවා” යැයි ඔහු පැවසිය.

    අනතුර සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයකු වන අනුෂ්ක ප්‍රියදර්ශන නැමති අයෙකු පොලිසියට භාර වි ඇති අතර එසේම අනතුරට සම්බන්ධ කැබ් රථය රාජ්‍ය ඇමති රංගේ බංඩාර මහතාගේ අමාත්‍යංශකට අයත් කැබ් රථයක් බව පොලිසිය පවසයි.

    එසේම මීට පෙරද කුප්‍රකට පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා විසින් මෙවැනිම රිය අනතුරක් කොට බේරීමට සමත් විය.

    unnamed (2)unnamed (3)unnamed (4)unnamed (5)unnamed (6)unnamed (7)unnamed (8)unnamed (9)unnamed (10)

    [rns_reactions]
  • නඩත්තු නොගෙවා කට්ටි පැණපු ඩිල්ෂාන් අවසානයේ අධිකරණයට බාර වෙයි

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඊයේ වරෙන්තු ලැබූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මෝසමක් ඉදිරිපත් කරමින් අද (25දා) අධිකරණයට බාර විය.

    නීතිඥවරයෙකු හරහා ඩිල්ෂාන් අධිකරණයට බාර වී ඇති අතර ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් ඊයේ (24) වරෙන්තු නිකුත් කළේය.

    කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩත්තු නඩුවකට පෙනි නොසිටිම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා මෙසේ වගඋත්තරකාර ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න ඩිල්ෂාන් මහතාට වරෙන්තු නිකුත් කළේය.

    නඩත්තු නඩුව කැඳවු අවස්ථාවේ දි වගඋත්තරුකරු අධිකරණය හමුවේ පෙනි නොසිටි අතර ඔහු වෙනුවෙන් ඇපකරු හෝ පෙනි නොසිටි අතර අදාල නඩත්තු මුදල් ගෙවිම් ද පැහැර හැර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

    වගඋත්තරකාර තිලකරත්න ඩිල්ෂාන්ට වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා ඇපකරුට නොතිසි නිකුත් කරමින් නඩුව යළි කැඳවීම මැයි මස 24 වන දිනට කල් තැබිණ.

    [rns_reactions]

  • වැරැද්ද මදිවට චණ්ඩිකමත්- පියමග යන පුතු – රංගේ බණ්ඩාර පුතුගේ රිය අනතුරේ කතාව මෙන්න..

    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා තිබේ.

    සිද්ධිය වී තිබුණේ ඊයේ පස්වරුවේය.

    සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් ආණමඩුව දිසා රෝහලට ඇතුලත් කිරිමේන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර තිබේ.

    අනතුරින් සිවි දෙනාගේම පාද වල අස්ථි බිදි ගොස් දරුණු ලෙස තුවාල ලබා තිබෙන බවත්,ඒ අතර සිව් මස් ගැබිනියකද සිටින බව වාර්තාවෙයි.

    ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ කිලෝ මිටරයකට ආසන්න දුරකින් වු ඉගිනිමිටිය පලුගොල්ල මාර්ගයේ දි මෙම අනතුර සිදුව තිබු අතර අනතුරින් එකම පවුලේ මව ඩබ්ලියු .එම් . නන්දා මාලනි, පියා වන එච් .එම් .අනුර සෙනරත් සහ හත් හැවිරිදි දියණීය වන හිරුණී සත්සරණිකා , සහ සිව් හැවිරිදි ගයන්ත ඉදුනිල් , යන අය බරපතල ලෙස තුවාල ලබා කුරුණැගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබු බව ආණමඩුව පොලිසිය පවසයි.

    මෙම අනතුර සිදුවන අවස්ථාවේ තුවාල ලැබු සිව් දෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බව කියයි. අධික වේගයෙන් පැමිනි කැබ් රථය එකවර යතුරු පැදියේ හැපි ඇති අතර ඉන් පසුව යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන ඇති බව කියයි.

    සිද්දිය පිළිබදව අදහස් දැක්වු අනතුරින් බරපතල ලෙස ලබා ඇති පුද්ගලයෙකුගේ සොහොයුරෙක් මෙසේ පැවසීය.

    “ අනතුර එක්කම මම එතැන්ට ආවා එතකොට රංගේ බංඩාර මහත්තයගේ පුතා ( යසෝධ රංගේ බංඩාර) ලගට ගිහින් මම ඇහුවා ඔයා කවුද මහත්තයා ට ඇයි මේ විදිහට අනතුරක් කලේ කියලා .එතකොට එයා හොදටම බිලා හිටියේ වාහනේ හිටිය අනිත් අයත් හොදටම බිලා තව අරක්කු බෝතල් වගයක් ප්ලාස්ටික් කප් තිබුනා .රංගේ බංඩාර මහත්තයාගේ පුතා මගේ ඇගට කඩා පැනලා කියුවා ඇයි තමුසේ අහන්නේ වාහනය මගේ පුලුවන් දෙයක් කරන්න කියලා .මම කිවුවා මහත්තයා කථා කරන්න ඉගෙන ගන්න කියලා එවිට ආයේ කියුවා පුලුවන් දෙයක් කරලා පෙන්වනවා ආණමඩුවට එනවාකෝ බලා ගමු කියලත් කියුවා . මම කියුවා මහත්තයා මට කොහෙත් එකයි කියලා මේ මිනිස්සු අනතුරත් කරලා අර අහිංසකයින්ව යටකරලත් අපිට ගනන් පාට් දාන්න එනවා යැයි ඔහු පැවසිය.

    අනතුර සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයකු වන අනුෂ්ක ප්‍රියදර්ශන නැමති අයෙකු පොලිසියට භාර වි තිබුනී .

    එසේම අනතුරට සම්බන්ධ කැබ් රථය රාජ්‍ය ඇමති රංගේ බංඩාර මහතාගේ අමාත්‍යංශකට අයත් කැබ් රථයක් බව පොලිසිය පවසයි.

    [rns_reactions]

  • පුවත් මවන වන් ෂොට්ගේ පක‍්ෂ කාර්යාලයට මැරයෙකුගෙන් පහරදීමක්….

    සමාජ සුභසාධන හා සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේ මරදගහමුල පිහිටි පක්ෂ කාර්යාලයට ඊයේ 24 පස්වරු 4.00 ට පමණ කඩා වැදුනු ප‍්‍රාදේශිය දේශපාලඥයකු කළ පහරදීමකින් එහි දේපල රැසකට හානි සිදුවී ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.

    පිරිසක් පක්ෂ කාර්යාලයේ රැදී සිටියදී කඩා වැදුනු මෙම ප‍්‍රබල පාක්ෂිකයා එිහි සිටියවුනට පහරදී ඇතැයිද ප‍්‍රහාරයට ලක්වූ කිහිප දෙනෙකු බේරි පලාගොස් ඇතැයිද පිරිස පලා යද්දී සිදුකළ ප‍්‍රහාරයෙන් පරිගණක දෙකක්, විදුලි පංකා දෙකක්, පුටු තුනක් ඇතුලූ දේපල රැුසකට හානි සිදුව ඇතැයි මේ සම්බන්ධව දිවුලපිටිය පොලිසියට කළ පැමිනිල්ලේ සදහන්ය.

    පහරකෑමට ලක්වූ එක් පුද්ගලයකු දිවුලපිටිය දිසා රෝහලට ඇතුලත් කර ඇත. නියෝජ්‍ය ඇමතිවරයා මරදගහමුල මෙම කාර්යාල ආරම්භ කරනු ලද්දේ දින කිහිපයකට පෙරදීය.

    ඊට පෙර කාර්යාලය පවත්වාගෙන ගියේ දූනගහ නගරයේ වන අතර එහිදී පිරිසක් පාක්ෂිකයකුට පහරදීමේ සිද්ධියකින් පසු ඇතිවූ තත්ත්වය මත කාර්යාලය දූනගහ නගරයෙන් ඉවත් කරනු ලැබීය.

    ඊයේ 24 පහරදීමට පැමිණ ඇති දේශපාලනඥයා කලක් තිස්සේ ප‍්‍රාදේශීය සභාව නියෝජනය කල මන්තී‍්‍රවරයකු හා විපක්ෂ නායකවරයකු ලෙස කටයුතු කර ඇති බව මූලික පොලිස් පරීක්ෂනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සදහන් කරයි.

    සිද්ධිය වන අවස්ථාිවේ නියෝජ්‍ය ඇමතිවරයා කාර්යාලයේ සිට නැති අතර සිදුවූ දේපල හානිය ගනනය කර නොමැත.

    අයුතු ඇතුල්වීම, අනර්ථය සිදු කිරීම හා පහරදීම යන චෝදනා යටතේ හිටපු මන්ති‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.

    දිවුලපිටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් පේ‍්‍රමකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

    [rns_reactions]

  • පුවත් මවන ටි.එම් දිල්ෂාන්ට වරෙන්තු – හේතුව මෙන්න

    නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

    ඩිල්ෂාන් සම්බන්ධ නඩත්තු නඩුව ඊයේ (24) විභාගයට ගැනුනද ඩිල්ෂාන් හෝ ඔහුගේ ඇපකරු අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

    එමනිසා මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු කෙරුණා. නඩුව ලබන මැයි මස 24 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

    [rns_reactions]

     

  • අදටත් හෙළි නොවූ විසිහතර වසරක් පිරුණු ලලිත් ඝාතනය…

    ඒ මීට වසර 24 කට පෙර දිනයකි. හරියටම කිවහොත් 1993 අප්‍රේල් 21 වැනිදාය. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක ලලිත් විලියම් ඇතුලත්මුදලි විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේ තමන්ටත් තම පක්ෂයටත් එරෙහිව ඇති මරණ තර්ජන ගැන දැනුවත් කිරීමටය. ඊළඟ ප්‍රවෘත්ති සාකච්ඡාව! අප්‍රේල් 27 වැනිදා පැවැත්වෙන බව ලලිත් තම දිනපොත දහ පහළොස් වතාවක් පෙරළා වේලාවක් වෙන් කළේ මහත් අපහසුවෙනි.

    “මොකද කරන්නේ. වෙන දවසකුත් නැහැ. දිගටම වැඩ. එහෙම නම් 27 දා 9.30 හොඳයි නේද?” ලලිත් අසන්නට විය.

    “සර් අපිට උදේ තේ දෙනවා නේද?”
    ඔව්. ඔව්. අපි තේ දෙනවා. තමුන්නාන්සේලාට අදත් තේ දෙනවා. තව මුකුත් අහන්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න මුකුත් නැත්නම් අපි දැන් තේ බොන්නට යමු. එහෙම නම් හරි නේද? අපි නැවත හමුවන්නේ 27 දා 9.30 ටයි.

    ගත වූයේ දින දෙකකි. ලලිත්ගේ ෆලවර් ටෙරස් ගෙදරට සවස 4.00 ට නිර්නාමික දුරකථන ඇමැතුමක් ලැබුණි. ඇමතුම ගත්තේ ගෙදර මෙහෙකාරිය වූ ලෙච්චමීය.

    “ඒයි ලෙච්චමී, ශ්‍රීමතී නෝනට කියන්න හොඳට සබන් ගාලා නාගන්න කියලා. හවසට ඇතුළත්මුදලි මහත්තයගේ අවමඟුලට සහභාගි වෙන්න තියෙනවානේ.”

    රැස්වීම් කීපයක් අවිවේකීව අමතා ලලිත් එදින ආවේ මැදියම් රැයේය. දුරකථන ඇමතුම ගැන ලලිත්ගේ ප්‍රිය බිරිඳ ශ්‍රීමනී ලලිත්ට
    දැන්වූයේ චකිතයෙන් යුතුවය.

    “පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු වෙලාවේ මම සුසානයේ දොරටුවට ගිහින් ආපු කෙනෙක්. මරණයට මම බය නැහැ. මම ආරක්ෂක ඇමැති කාලේ යාපනයට යන්න හෙලිකොප්ටරයට නගින හැම වෙලේම කිව්වේ “මම යන්නේ මරණයටයි” කියලා. ලලිත් කීවේ තමන්ට ඇති මරණ තර්ජන ගැන තුට්ටුවකට නොතකාය.

    පසුදින එළඹුණේ දේශපාලන ඉතිහාසය වෙනස් කළ ඒ ඓතිහාසික දිනයයි. පොළවට එළිය වැටෙන්නටත් පෙර ලලිත් තම දියණිය වූ “සරලා”ට සමුදුන්නේ හලාවත මුන්නේස්වරම් දේවාලයට යන්නටයි. එහිදී උදෑසනින්ම සංවිධානය කර තිබූ
    පූජාවකට සහභාගි වීම ලලිත්ගේ අරමුණ විය. එය සංවිධානය කොට තිබුණේ ලලිත්ගේ දෙමළ මිතුරෙකු විසිනි.

    ලලිත්ගේ දිනපොතේ පැයෙන් පැය කතා පැවැත්විය යුතු ස්ථාන එකින් එක කැපෙන්නට වූයේ හවස් යාමය වනවිටය. අන්තිමට ඉතුරුවුණේ අලුත්කඬේ මිරානියා වීදියේ රැස්වීම සහ අවසන් රැස්වීම වූ කිරුළපන රැලියත් පමණි.

    ලලිත් ඇතුලත්මුදලි මහතා අලුත්කඬේ මංසන්දියේ මිරානියා හන්දියට එන්නේ රාත්‍රී 7.30 ට පමණය. ලලිත් එනතුරු දසදහසකට අධික පිරිසක් පොදිකකා බලා සිටියහ. ලලිත් එම රැස්වීම විනාඩි 30 කට වඩා වැඩි කාලයක් ඇමතුවේය.

    “ලලිත් ඇතුළත්මුදලි මැතිතුමනි, ඔබ ඇති තැන නැත බිය සැක“ බැනර්” අල්ලාගත් පාක්ෂිකයන්ට තම හස්ත
    මුද්‍රාවෙන් උපහාරය දැක්වූ ලලිත් තම රථයට ගොඩවූයේ කිසිදු විශේෂත්වයක් නැතිවය.

    වේලාව රාත්‍රී 8.45 බවට ඔරලෝසුවේ සටහන් වෙන්නට විය. ස්ථානය කොළඹ කිරුළපන පොදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙමින් පැවැති ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමකි. සියල්ලන් බලා සිටියේ තම සදාදරණීය නායක “ලලිත්” එනතුරුය. වේදිකාව අමතමින් සිටි පළාත් සභා අපේක්ෂක උපුල් ධම්මික මහතා තම කතාව හමාර කළේ තම නායක ලලිත් ඇතුළත්මුදලි මහතා එන බව දුටු නිසාය.

    ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කතා වාරය එළැඹිනි. ලලිත්ගේ කතාව ආරම්භයත් සමග පළාතම දෙවනත් කරමින් ඇහෙන්නට වූයේ රතිඤ්ඤා හඬකි. රතිඤ්ඤා පිපිරවීම නවත්වන්නැයි සංවිධායකයින් යකඩ කටින් ඉල්ලා සිටින්නට විය.

    ලලිත්ගේ කතාවත් සමඟම ඇතිවූයේ විශාල වැස්සකි. වැස්සෙන් බේරීමට පාක්ෂිකයන් එකා දෙන්නා වේදිකාව යටට පැමිණෙන්නට විය. ලලිත්ගේ කතාව ඇරඹිනි. විනාඩි 10 ක් පමණ යන විට තොප්පියක් දමාගත් අවුරුදු 30 ක පමණ පුද්ගලයකුද වැස්සෙන් බේරීමට වේදිකාව අසලට සේන්දු විය. තොප්පියක් හිසේ දමාගත් ඔහුගේ කොණ්ඩය
    කොටටම කපා තිබුණි. ඔහු ලා කොළපාට ෂර්ට් එකක් සහ නිල්පාට ඩෙනිම් කලිසමක් ඇඳ සිටියේය. රැස්වීමට ලවුඞ්ස්කීපර් ඇදීමේ කොන්තරාත්තුව බාරගෙන තිබුණේ විදුලි කාර්මිකයකු වූ රජගල්ගොඩ විමල් කවින්ද්‍රය. මහේස්ත්‍රාත් පරික්ෂණයේදී ඔහුදී ඇත්තේ මෙවැනි සාක්ෂියකි.

    “වැස්සට ආවරණය වීමට මිනිස්සු වේදිකාව යටට ආවා. එක් පුද්ගලයෙකු පැමිණ මා සිටි පුටුවේ ඇන්දේ වාඩිවුණා. මිනිහා ඇම්ප්ලිෆයර් එක දිහා බලල සෙට් එක තෙමෙනවා නේද” කියල සිංහලෙන් ඇහුවා. වැස්ස පෑව්වම මිනිහා වේදිකාව දකුණු පැත්තට ගියා. එතකොට ලලිත් මහත්තය කතාව පටන් අරන් විනාඩි 10 ක් විතර ඇති. එකපාරටම සාක්කුවෙන් පිස්තෝලයක් අරන් වෙඩි තියන්න ගත්තා. පැනල යන මිනිහ ලලිත් මහත්තයාගේ ආරක්ෂකයින්ටත් වෙඩි තිබ්බා. ආරක්ෂකයෝ මිනිහට වෙඩි තිබ්බම ඇදන් වැටුණා. ඒත් මිනිහා හඹා යනකොට විදුලි වේගයෙන් පැන ගියා.”

    වෙඩි වැදුන ලලිත් ඇතුළත්මුදලි මහතා අන්තිම වචන කීපය කතා කළේ තම ආරක්ෂක නිලධාරි ශාලිල මුණසිංහ මහතා සමගය. මීට විසි හතර වසරකට පෙර ලංකාදීපයට ඔහු මේ ගැන විස්තර කර ඇත්තේ මෙසේය.

    “ඉස්පිරිතාලෙට ගෙනියද්දි මහත්තය බොහොම වේදනාවෙන් කෙඳිරි ගෑවා. එක වරක් ඇස් ඇරල බලල “ටේක් මී සූන්” කියා කිව්වා. ඒ මහත්තය කතා කළ අන්තිම වචන ටිකයි. ඉන්පස්සේ කතා කරන්න තරම් ශක්තියක් මහත්තයට තිබුණේ නැහැ. ඒත් මේ වගේ දෙයක් අපේ මහත්තයට වෙයි කියා දෙයියනේ අපි හීනෙකින්වත් හිතුවෙ නැහැ.”

    මහත්තයට වෙඩි වැදුණු ගමන් අපි එකතුවෙලා ඉක්මනින් මහත්තයා කාර් එකට දාගත්තා. මුතුබණ්ඩා මහත්තයයි, සුබසිංහ මහත්තයයි උස්සාගෙන කාර් එකේ පිටිපස්සෙන් වාඩි වුණා. මහත්තයාගේ ඔළුව තිබුණේ මගෙ ඔඩොක්කුවේ. කාර් එක වේගයෙන් කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයට ධාවනය වුණා. රීඞ් මාවත හරියේදී කාර් එකේ එක පැත්තක් පේමන්ට් එකට පැන්නා. එතකොට මහත්තයගෙ ලේ මගෙ අත පුරා බේරෙන්න ගත්තා. එච්චර ලේ යන බව මං දනගත්තෙ එතකොටයි කියූ ඔහු
    වේදනාවෙන් දෙනෙත බිමට බර කළේය.

    “මහත්තයට අමාරු විත්තිය අපට තේරුණා. ඒත් දෙයියනේ මේ වගේ දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නැහැ.” යි ඔහු දිගු සුසුමක් හෙළමින් පැවසීය.

    කාර් එක විනාඩි අටෙන් ඉස්පිරිතාලෙට ගියා. ඒ යන අතරමගදී මහත්තයා “ටේක් මී සූන්” කියා කිව්වා. ඒ අන්තිම වචන ටිකයි. ඊට පස්සේ කතා කරන්න ශක්තියක් මහත්තයාට තිබුණේ නෑ. බොහොම වේදනාවෙන් කෙඳිරි ගෑවා. අපේ ඇස්වල කඳුළු පාර්ලිමේන්තු බෝම්බ සිද්ධියෙන් පස්සෙ මහත්තයා කිව්වේ “දැන් මගේ ජීවිතය අයිති මට නොවේ. මහජනතාවට කියාය. ඒ වෙලාවේ මහජනතාව පවත්වපු බෝධි පූජා ඇතුළු නොයෙකුත් ආගමික වතාවත් තමන් සුව වීමට බලපෑ බවට මහත්තයා තුළ ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා එතැන ඉඳන් ජීවිතය තමන්ට අයිති දෙයක් නොවේ කියායි එතුමා හිතුවේ.

    ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කිට්ටු හිතවතකු වූයේ කුමාරවේල් මහතාය. එදා ඔහු මේ සිදුවීම විස්තර කොට ඇත්තේ මෙසේය.
    “බිම වැටෙන කොටම මම ලලිත් මහත්තයව අල්ල ගත්තා. ආරක්ෂක අංශයේ තිලක් ශාන්තටත් වෙඩි වැදුණා. විනාඩි දහයක් යනකොට අපි හදිසි අනතුරු අංශයට ආවා.” දැඩි සත්කාරයට ඇතුළු කරල විනාඩි දහයකින් විතර ශල්‍ය වෛද්‍යවරයකු තියටර් එකෙන් එළියට ඇවිල්ල ශ්‍රීමනි මැතිනියගේ සොහොයුරියට කිව්වා අන්න ඔයාට ලලිත් මහත්තයා කතා කරනවා කියලා. කාටත් පුදුමයි.”

    ඉන්පසු සිදුවූ දේ පුදුම සහගතය. ශ්‍රීමනිගේ සොහොයුරිය දැඩිසත්කාර ඒකකයට යද්දී ලලිත්ගේ ආරක්ෂකයකු උස්හඬින් කෑගසන්නට විය.

    “මොකටද බොරු
    කියන්නේ” ලලිත් මහත්තයා මැරිලා දැන් පැයකටත් වැඩියි. අපි ඇත්ත කතා කරන්න ඕනෑ. ඒකයි ලලිත් මහත්තයා කිව්වේ.” ඔහුගේ කතාවත් සමඟම රෝහල දෙවනත් විය. ජනතාව පොලිස් අණ නොතකා රෝහල කරා ඇදී එන්නට විය. රෝහල ලලිත්ගේ මරණය ප්‍රකාශයට පත් නොකළේ වියරු වූ ජනතාව රෝහලට අලාභහානි කරනු ඇතැයි සිතාය. නමුත් ඒ වන විටත් දෙස් විදෙස්
    ජනසංනිවේදන මාධ්‍ය “ලලිත්ගේ” මරණය වාර්තා කොට හමාරය.

    ලලිත්ගේ මරණය ගැන බොහෝ දෙනා ඇඟිල්ල දිගු කළේ එවකට ජනපති රණසිංහ ප්‍රේමදාසටය. රජයේ පුවත්පතක් පසුදිනම ජනපතිතුමා කම්පා වෙයි යනුවෙන් ප්‍රවෘත්තියක් පළකොට ඇත.

    ඇතුලත්මුදලි මහතාගේ මරණය ගැන අසා තමන් ඉමහත් කම්පනයට හා ශෝකයට පත්වූ බව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඊයේ රාත්‍රී ශෝක ප්‍රකාශ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    එම පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේය.

    කිරුළපනේ රැස්වීමට සහභාගි වෙමින් සිටියදී ලලිත් ඇතුලත්මුදලි මහතාට වෙඩි තබා ඇති බව දැනගන්නට ලැබීමෙනුත් වෙඩි තැබීමෙන් ලත් තුවාල වලින් ඔහු මරුමුවට පත්වූ බව දැනගන්නට ලැබීමෙනුත් මම ඉමහත් කම්පාවටත්, ශෝකයටත් පත්වීමි.
    මේ ඝාතනය සාධාරණව සිතන හැම කෙනෙකු විසින්ම හෙළා දැකිය යුතු බියගුලු බිහිසුණු ක්‍රියාවකි. මේ ඝාතනය සිදුවූ ආකාරය ගැන පූර්ණ පරික්ෂණයක් පවත්වන ලෙස මම අදාළ අංශවලට නියෝග කළෙමි. ඝාතකයන් අල්ලා ගන්නට රජය තමන් සතු සියලු බලතල උපයෝගී කරගනු ඇත.

    ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමය ආරක්ෂා කරන අතර සාමය හා විනය යළි ස්ථාපනය කිරීම පසුගිය වසර හතර තුළදී රජයේ පරිශ්‍රමය විය. අපේ රට මෙවැනි අමිහිරි අත්දැකීම් නොමඳව විඳ දරා ඇත.

    මෙවැනි නිවට හා නීච ක්‍රියා මුලිනුපුටා දැමීමට සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්වීමට දැන් කාලයයි. ඇතුළත්මුදලි මහත්මියටත් ශෝකයට පත් පවුලේ සියලු දෙනාටත් හේමා ප්‍රේමදාස ආර්යාවත් මමත් අපගේ සාතිශය සංවේගය පළකර සිටිමු.
    එයින් නොනැවතුණු එවක රජය 25 වැනි ඉරිදා රජයේ පුවත්පතක ශීර්ෂ පාඨයෙන් ලලිත් ඝාතනය ඛඔඔ ගිණුමට බැර කළේ මෙසේය.

    “ඝාතකයා යාපනේ සිට ආ අප්පායි බාලක්‍රිෂ්ණන්. ලලිත්ට මරු කැඳවූ ඝාතකයා හඳුනා ගනී. මිනීමරුවා කොටි
    වෙඩික්කරුවෙක්” යනුවෙන් එහි සඳහන්ය.

    රජයේ මේ ප්‍රකාශය රට තුළ මහත් කලබැගෑනියක් ඇතිකරන්නට සමත් විය. මේ ප්‍රකාශය ගැන මුලින්ම තම විරෝධතාව පළකොට ඇත්තේ ගාමිණී දිසානායක මහතාය. එදා එම සිද්ධිය පුවත්පත් වාර්තා කළේ මෙසේය.

    “ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය අවසන් වීමට පෙරම මුගලන් පාරේ හමුවූ මළසිරුර හිමි පුද්ගලයා ඝාතකයා යැයි ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් නම්කර ඇත.

    ඒ මහතාට එසේ කළ හැක්කේ සිද්ධිය පිළිබඳ අභ්‍යන්තර තොරතුරු ඒ මහතා දන්නේ නම් පමණි. නැත්නම් පොලිසිය දන්නා තොරතුරුවලට වඩා වැඩි තොරතුරු ඒ මහතා දන්නේ නම් පමණි. යනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ගාමිණී දිසානායක මහතා නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

    එම නිවේදනය මෙසේය.

    “ඔවුනට ඝාතකයා සොයා ගැනීමට උනන්දුවක් තිබුණේ නම් අපරාධය සිදුවූ වහාම ඔවුන් ප්‍රදේශය පරික්ෂා කර බැලිය යුතුව තිබිණි. එසේ කළා නම් සිද්ධිය සිදුවූ ස්ථානයට නුදුරු ස්ථානයක වැටී සිටි තරුණ ඝාතකයාගේ මළසිරුර ඉක්මනින්ම සොයාගත හැකිව තිබිණි.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවට අප්‍රේල් 27 වැනිදා ඬේලිනිව්ස් පත්‍රය වාර්තාකොට ඇත.

    මහේස්ත්‍රාත් පරික්ෂණය තවදුරටත් පැවැත්වෙමින් තිබියදී වෛද්‍ය සාක්ෂි තවමත් ඉදිරිපත් කොට නැතිව තිබියදී මිනීමරුවා සොයාගත් බවට නිගමනය කිරීමට ජනාධිපති ප්‍රේමදාස මහතා ඉක්මන් වී ඇත.

    මෙම ඝාතනය ගැන ජනාධිපතිවරයා මෙසේ කරුණු දැක්වීම කනගාටුදායකය. මෙසේ කළ හැක්කේ ජනාධිපතිවරයා ඝාතනය ගැන අභ්‍යන්තර තොරතුරු දන්නේ නම් පමණී. නැතහොත් පොලිසිය දන්නා තොරතුරුවලට වඩා තොරතුරු ඒ මහතා දන්නේ නම් පමණි.
    මිනීමැරුමක් සිදුවූ විට සාමාන්‍ය පුද්ගලයන් අපරාධය සිදුවූ ස්ථානයෙන් ඈත්වී සිටිය යුතුය යන්න මූලික සිද්ධාන්තයකි. එසේ කිරීම සාපරාධි ක්‍රියාවකි. මෙම අපරාධය සිදුවූ ස්ථානයට (පොලිස්පති, නියොජ්‍ය පොලිස්පති වැනි) කිසිදු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැමිණියේද නැත.

    ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය නිසා ඔහුට ජාත්‍යන්තරව කොච්චර පිළිගැනීමක් ඇත්දැයි පෙන්වන කරුණක්ද එදා පුවත්පත් වාර්තාකොට ඇත. ලලිත් ඝාතනය රජයේ වැඩක් නම් ඇමෙරිකන් ආධාර නවත්වන තරමට ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකා රජයට තරවටුවක්ද කෙරුණි. ඒ නිවේදනයේ මෙසේ ඇතුළත්ය.

    ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනයට රජය වගකිව යුතු යැයි සොයාගනු ලැබුවොත් එවැනි හැසිරීමක් මත අපගේ විදේශ ආධාර ඩොලර් ශ්‍රී ලංකාවට ප්‍රදානය නොකරන බවට එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පණිවුඩයක් යැවිය යුතු යැයි ඇමෙරිකානු කොංග්‍රස් සභික රොබට් ජී. ටෝර් රිසෙලි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    ලලිත් ඇතුලත්මුදලි මහතාගේ මරණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාක්ෂික සම්බන්ධතා පිළිබඳවද ප්‍රශ්න මතුවනු ඇත. රජය මෙම ඝාතනයට වගකිවයුතු යැයි අනාවරණය වූවොත් එවැනි හැසිරීමක් මත අපගේ විදේශ ආධාර ඩොලර් ශ්‍රී ලංකාවට ප්‍රදානය නොකරන බවත් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පණිවුඩයක් යැවිය යුතුය” යනුවෙනි.
    අවසානයේ සිදුවුණේ ජනපති ප්‍රේමදාසගේ නියෝගයෙන් ස්කොට්ලන්ඞ් පොලිසිය ගෙන්වීමයි.

    ලලිත්ගේ අවමඟුලට පැමිණීමට ආ ප්‍රේමදාස මහතාගේ හිතවාදීන්ට එල්ලවූයේ දැඩි විරෝධයකි. ජනපති ප්‍රේමදාස ලලිත්ගේ අවමඟුලට සහභාගි වීමට අවසර පැතූ පුවතක් ගැන අවසානයේ ප්‍රවෘත්ති ප්‍රකාශයක් නිකුත් කරන්නට පවා සිදුවී ඇත්තේ මෙසේය.
    ජනාධිපති ප්‍රේමදාස මහතා අභාවප්‍රාප්ත ඇතුලත්මුදලි මහතාගේ නිවසට යාමට කිසිවකු විසින් ඇතුලත්මුදලි මහතාගේ පවුලේ අයගෙන් කිසිම ඉල්ලීමක් නොකළ බව ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

    පසුගිය 27 දා ඔබ්සර්වර් පත්‍රයේ පළවූ පුවතක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.

    ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ ප්‍රකාශය මෙසේය.

    1991 දී ජනාධිපති ප්‍රේමදාස මහතා දෝෂාභියෝගයකට ලක් කිරීමේ අසාර්ථක ප්‍රයන්තයකට නායකත්වය දුන් අභාවප්‍රාප්ත ඇතුත්මුදලි මහතාට අවසන් ගෞරවය දැක්වීමට පැමිණීමට අවසරය පතා ප්‍රේමදාස මහතා විසින් කරන ලද ඉල්ලීමක් ඇතුළත්මුදලි මහතාගේ පවුලේ සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    තමාට ප්‍රේමදාස මහතා එක්කොට ගෙන පැමිණිය හැකිදැයි ඇතුලත්මුදලි මහතාගේ නෑයකු වන හිටපු ජනාධිපති ජූනියස් ජයවර්ධන මහතා විසින විමසන ලද නමුත් එය අතුලත්මුදලි මහතාගේ දේශපාලන හිතවතුන්ගෙන් කෝපාවිෂ්ට ප්‍රතික්‍රියාවක් ඇතිවීමටම හේතු වේ යැයි බියෙන් එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කරන ලදයි පවුලේ සාමාජිකයෙක් කීය.” යනුවෙන් එම වාර්තාවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා හා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සම්බන්ධයෙන් කර ඇති ඉහත සඳහන් ප්‍රකාශ ගොතා පළකරන ලද සම්පූර්ණයන්ම අසත්‍ය ප්‍රකාශයන්ය. අභාවප්‍රාප්ත ඇතුලත්මුදලි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට එම නිවසට යෑමට අවසර පතා ජනාධිපති ප්‍රේමදාස මහතා හෝ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හෝ ඔවුන් වෙනුවෙන් වෙනත් පුද්ගලයකු විසින් හෝ ඇතුලත්මුදලි මහතාගේ පවුලේ අයට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට කිසිවකුට හෝ කිසිත් අවස්ථාවක ඉල්ලීමක් නොකරන ලද බව ස්ථීරවම ප්‍රකාශ කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය කැමැත්තේය.

    තවද ඒ.එෆ්.පී. ප්‍රවෘත්ති උපුටා දැක්වූ “ඔබ්සවර්” ප්‍රවෘත්ති වාර්තාව සම්පූර්ණ අසත්‍යයක් බවද ජයවර්ධන මහතා විසින් ද ප්‍රකාශ කරන ලදී.

    කෙසේ වුවද ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය ගැන ඇසු වහාම ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එම බියගුලු ක්‍රියාව හෙළා දකිමින් හා ඇතුලත්මුදලි මහතාගේ පවුලේ සාමාජිකයන්ට තමාගේ හා ප්‍රේමදාස මහත්මියගේ බලවත් ශෝකය පළකරමින් ප්‍රකාශයක්ද නිකුත් කළේය.

    කෙසේ නමුත් ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කොට දැන් කාලයක් ගතවී තිබේ. එය කාගේ ගිණුමට බැර කළ යුතු දැයි ස්කොට්ලන්ඞ්යාඞ් වාර්තාවත් නැත. ලලිත් මියගිය මොහොතේ ඔහුගේ චරිතාපදානය කළා වූ රංජිත් අමරකීර්ති ලලිත් ගැන තබා ඇත්තේ මෙවැනි සටහනකි.

    මං මැරුණ දවසක මගේ සොහොනේ මේ දේ ලියවුණොත් මට එයම ඇති.

    “මෙහි නිදන මිනිසා මිනිසුනට අසීමිත ලෙස ආදරය කළේය. මිනිස්සු ඔහුට බෙහෙවින් ආදරය කළහ.”

    ඔහුගේ ස්මාරකයේ මේ වදන් කොටා ඇත්තේ ඔහුට ආදරය කළ මිනිසුන් ඔහුගේ ඝාතන අභිරහස එළිකරගනු ඇතැයි සිතා විය යුතුය.

    මගේ උපදෙස් පිළිපැද්දනම් එතුමා අදත් අප අතර

    ලලිත්ගේ ලේකම්වරිය
    ෂර්මිලා පෙරේරා කියන කතාව

    මම අවුරුදු 18ක් ලලිත් ඇතුලත්මුදලි මහතා සමග වැඩ කළා. එතුමා රාජකීය විද්‍යාලයේ ඉගෙන ගෙන ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයට ගියා. එතැනින් හාවඞ් විශ්වවිද්‍යාලයට. ශිෂ්‍ය සංගමේ සභාපති වෙච්ච ප්‍රථම ආසියාතිකයා එතුමා තමයි. ආපහු ලංකාවට ආවේ 1968. ඩඞ්ලි සේනානායක මැතිතුමා අවසන් වශයෙන් පත්කළ සංවිධායකවරයා තමයි ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා. පත්වීම දෙන්න කලින් ඩඞ්ලි මළා. ඊට පස්සේ නායකයා වුණේ ජේ.ආර්. ජයවර්ධන.

    සංවිධායක ධුරය ජේ.ආර්. අතින් ගන්න යනකොට නැකතක් එහෙම බලන්නැත්ද කියල හැමෝම ඇහුවා. සමහරු කිව්වා නැකැත් විශ්වාස නැතත් රාහු කාලය පන්නන්න කියලා. එතුමා ජ්‍යොතිෂය එච්චර විශ්වාස කළේ නෑ. හැබැයි රංජන් විජේරත්න රාහු කාලය, ජ්‍යොතිෂය විශ්වාස කළා. රන්ජන් මළා කියල ආරංචි වුණාම එකපාරටම කිව්වා ඔච්චර රාහු කාල පන්නලත් රංජන්ට වෙච්ච දේ කියලා.

    දුව උපන්න වෙලාවේ “සරලා” කියා නම තිබ්බෙ ක්‍ය්රකි ක්‍්රඑැර ෘසජඑදබැරහය බලල. ඝන බැලුවේ නැහැ. එතුමා වෙලාවට වැඩ කළේ. මගුලකට අත්සන් කරන්න කිව්වොත් ඔයාගේ නැකත මගේ වෙලාව වෙන්න ඕනැ කියනවා. අත්සන් කරන්න තියෙන්නේ උදේ 8.31ට නම් හරියට 8.30 එතැන ඇති.

    එතුමා වෙළෙඳ ඇමැති කාලේ උදේ 6ට කාර්යාලයට එනවා. දුක් ගැනවිලි කියන්න එන පාක්ෂිකයින්ට වෙන වෙනම කැටගරි තියෙනවා. රැකියා, ගෙවල්, පාසල්, ස්ථානමාරු වගේ. ගෙයක් ගන්න නම් අනිවාර්යයෙන් 3 වතාවක් එන්න ඕනෑ. එතුමා රත්මලානේ රැකියා බැංකුවක් හැදුවා. මුළු රත්මලානටම රැකියා දුන්නා.

    සමාගම් පනත, වෙළෙඳ සලකුණ, බුද්ධිමය දේපළ පනත් ගෙනාවේ එතුමා. වෙළෙඳ හා නාවුක ඇමැති විදිහට පනත් 18ක් ගෙනාවා. අපනයන ගම්මාන සංකල්පයේ නිර්මාතෘවරයා එතුමා. අලුත් අමාත්‍ය ධුරයක් කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඊට අදාළ ඔක්කොම අණ පනත් අරගෙන ගිරිඋල්ල වත්තට යනවා. දවස් දෙකක් ඔක්කොම කියවනවා.

    හැත්තෑහත ඡන්දයට පෙර නායකත්වයේ දෙවෙනි පෙළ බලන්න රහස් ඡන්දයක් තිබ්බා. එක ප්‍රේමදාස, දෙක ගාමිණි, තුන ලලිත් හා හතර ඊ.එල්. සේනානායක. ඔය කියන කාලේ ලලිත් ප්‍රේමදාස විරසකයක් නම් තිබුණේ නැහැ.

    මහපොළ ආරම්භ කරනකොට කිව්වා මේකේ ඉඳිකට්ටේ ඉඳන් ට්‍රැක්ටරයක් දක්වා පාරිභෝගිකයින්ට අවශ්‍ය දේවල් තියෙන්න ඕනෑ කියලා. එතුමා මත්පැන් නැතිව කානිවල් එකක් කරන හැටි පෙන්නුවා.

    හැමෝම හිතන් ඉන්නේ 89 මැතිවරණේ අංක එක ගන්න වාසගම වෙනස් කළා කියලා. ඒක අමූලික බොරු. එතුමා ඉංග්‍රීසියෙන් නම ලියන්නේ එහෙම තමයි. එතුමා ආරක්ෂක ඇමැති වෙනකොට හිටපු 14000ක භට පිරිස 74,000 දක්වා වැඩිකළා.

    ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට රහස් ඡන්දයක් තියනකොට ගාමිණිත් ඉල්ලන්න සූදානම් වුණා. එතකොට රංජන් විජේරත්න කිව්වා මාත් ඉල්ලනවා කියලා. නමුත් අන්තිමට ලලිත්-ගාමිණි එකතුවෙලා ප්‍රේමදාස මහත්තයගේ නම යෝජනා කරල ස්ථිර කළා. ඔය මොනවා කිව්වත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයට ලලිත්-ගාමිණි බැහැලා වැඩ කළේ. සමහර රැස්වීම් තියෙන තැන්වල මිනිස්සු මරල එල්ලල තිබ්බා බය කරන්න.

    රැස්වීම්වල සිටියේ පොලිසියෙන් විතරයි. අපි ලේක්හවුස් පත්තර හෙලිකොප්ටර්වලින් ගිහින් බෙදුවේ.

    ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉල්ලනකොට මුල්ම පෝස්ටරය ගහල දුන්නේ ලලිත් සතොස ප්‍රින්ටර්ස් එකේ. මරණ බයට ප්‍රෙස්කාරයෝ හැංඟුණා.

    මහ මැතිවරණයේදි වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ඡන්ද 250,000/=ක් ගත් බව ජනපති ප්‍රේමදාසට දුරකථනයෙන් දන්වනකොට මාත් හිටියා.

    ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇහුවේ ඇත්තද? කියල විතරයි. එතුමාට හම්බවුණේ කෘෂිකර්ම, ආහාර හා සමුපකාර ඇමැතිකම. එතුමා කෘෂිකර්මයට පුදුම ආදරයක් තිබුණේ. ගිරිඋල්ල වත්තේ මිශ්‍ර වගාවන් කළා. කවුරුත් දන්නැතුව ඇති ලලිත් ඇතුලත්මුදලි කියන්නේ හොඳ ගොවියෙක්.

    ප්‍රේමදාස ජනාධිපතිතුමාට වැඩිම ඡන්ද උඩරටින් අරන් දුන්නේ ගාමිණි දිසානායක. පළමු කැබිනට් සංශෝධනයෙන් ගාමිණි දොට්ට දැම්මා. ලලිත් මේ කෙනෙහිලිකමට විරුද්ධ වුණා.

    මේ කලකිරීම නිසාම ලලිත්-ගාමිණී හිතවත්කමක් ඇතිවුණා. මේ අවස්ථාවේ එම්.එච්. මොහොමඞ් මහත්මයාම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “දෝෂාභියෝගය” ගැන පෙන්නුවේ. දෝෂාභියෝගයට මන්ත්‍රීවරු 47ක් අත්සන් කළා. අන්තිමට ඉතුරු වුණේ 10යි.
    මුලින්ම ගත්තේ මොහොමඞ්ව, ලලිත් ගාමිණී පක්ෂයෙන් නෙරපා හැරියා. නඩුමගට බැස්සම ප්‍රේමදාස ජනපති අධිකරණයටත් බලපෑම් කළා. නඩුව අහන්න හිටපු නඩුකාරයත් ගෙදර යැව්වා. ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ බිහිවෙන්න හේතු පාදක වුණේ මේ කරුණු තමයි.

    පක්ෂ ලාංඡනේ රාජාලියා තේරුවේ ප්‍රේමචන්ද්‍ර, පක්ෂයට නම තිබ්බේ සමරවීර වීරවන්නි. 1991 සැප්තැබ්මර් ඉඳන් 1993 අප්‍රේල් 23 වෙනකම් රැස්වීම් 1640ක ලලිත් කතා කළා. අයහපත් සෞඛ්‍ය තත්ත්වය වත් සැලකුවේ නැහැ. එතුමා පත්තරවල අයත් එක්ක පුදුම මිතුරුකමක් තිබුණේ. එතුමට උදේ 5ට වුණත් කතා කරන්න පත්‍ර කලාවේදීන්ට අවසර දීල තිබුණා. වෙඩි වැදුන දවසෙ උදේ 3ට ගෙදරින් ගියේ. මුන්නේස්වරම් ගිහිල්ල ගිරිඋල්ල වත්තේදී උදේ ආහාර ගත්තා. කුරුණෑගල උසාවියේ සංවිධායකයකු අත්අඩංගුවට ගත් නඩුවකට එදා පෙනී සිටියා. දවල් ආහාර ගත්තේ කුරුණෑගල රෙස්ට්හවුස් එකේ. ඊට පස්සේ හලාවත රැස්වීම් 2ක කතා කළා. අලුත්කඬේ රැස්වීම අමතන්න තිබුණේ රාත්‍රී 7.30ට.

    මම එතකොට ෆ්ලවර් ටෙරස් ගෙදර. අපිට පොලිස් ආරක්ෂාවක් වත් ගිනි අවිවත් දුන්නේ නැහැ. ලලිත්ගේ ආරක්ෂාව භාරව හිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුතු බණ්ඩා. හැම අතින්ම මරණ තර්ජන. එදා ශ්‍රීමනී හම්බවෙන්න අමුත්තෙක් ආවා. ශ්‍රීමනී නැති නිසා මට කතා කළා. එතකොට හවස හතරට විතර ඇති. ආපු අමුත්තා කිව්වා අලුත්කඬේදී ලලිත්ට වෙඩි තියන්න නියමිතව ඉන්නවා ආරක්ෂා කරගන්න කියලා. මම එවෙලේම ආරක්ෂකයෝ එක්ක අලුත්කඬේ මිරානියා වීදියේ රැස්වීමට ගියා. වහල උඩ ඉඳන් සෙනඟ එතුමට පුදුම පිළිගැනීමක් තිබුණේ. 7.30ට ලලිත් කතා කරන්න පටන් ගත්තේ. මරණ තර්ජන ගැන එතුමා දැන සිටියා. ඒත් ඝාතකයා සුක්ෂම විදියට තර්ජනය වෙන පැත්තකට යොමු කළා.

    එතුමා ආරක්ෂාව ගැන හිතුව නම් අදත් අප අතර ජීවත්වෙනවා. පිටරට හිටපු යාලුවෝ තුන් දෙනෙක් වෙඩි නොවදින ජැකට් එවල තිබුණා. කිරුළපන රැස්වීමේ කතා කරන්න වාහනෙන් බහිනකොට ඒක ගලවල වාහනෙන් තියල බැස්සේ. ඒක සෙරමික් ගාඞ් එකක්. ටිකක් බරයි. ඒක ඇඳන් හිටිය නම් වෙඩි වදින්නේ නැහැ. හදවත ගාවට ගිය උණ්ඩය එහෙනම් වදින්නේ නැහැ.

    අපි ඔය රැස්වීම තියන්න ඉල්ලුවේ කිරුළපන මාර්කට් එක ළඟ. ඒක දුන්නේ නෑ. ඉල්ලපු පොලිස් ආරක්ෂාව දුන්නේ නැහැ. ලලිත් කතා කරන්න විනාඩි 5 කට කලින් ලයිට් කැපුවා. අපේ රැස්වීම ඒ ග්‍රවුන්ඞ් එකේ තියපු මුල්ම හා එකම රැස්වීම. එතුමා අභියෝගවලට බයවුණේ නැහැ. ඊට කලින් දෙහිවල රැස්වීමේ ස්පීකර් පර්මිට් නැවත්තුවාම මෙගා ෆෝන් එකක් අරන් වේදිකාවේ කතා කළා.
    ලලිත් මැරුවේ කියල අදටත් තීන්දුවක් නැහැ. නඩුවක් පවරපු කෙනෙකුත් නැහැ. මාව මැරුවොත් ප්‍රේමදාස තමයි කියල නිතරම කිව්වා. මේ හින්දම තමයි ලලිත් ඝාතනයෙන් පස්සේ ප්‍රේමදාස මහත්තයා කිරුළපන රැස්වීමේදී කිව්වේ මාව මරා දැම්මත් මගේ චරිතය ඝාතනය කරන්න එපා කියලා.

    1993 සිංහල අවුරුද්ද දවසේ ලලිත් ශ්‍රීමනියි සරලයි එක්ක ගෙදර හිටියේ. කොහේවත් ගියේ නැහැ. ඒක තමයි සමරපු අන්තිම අලුත් අවුරුද්ද. අප්‍රේල් 16 වැනිදා මහරගම රැස්වීමක් තිබ්බා. මම එදා එතුමට කිව්වා ආරක්ෂාව ගැන හිතන්න. හවස හයෙන් හතෙන් පස්සේ අඳුර වැටුනම රැස්වීම්වල කතා කරන්න එපා කියලා. මම ෆල්වර් ටෙරස් ගෙදරට එන ගමන් රණ්ඩු වුණා. රෑට රැස්වීම්වල කතා කරන්න එපා කියල. අපේ පක්ෂය පිබිදීගෙන ආවේ. පළාත් සභා ඡන්දෙ අපි මුහුණදීපු ප්‍රථම ඡන්දේ. ඒකෙදි අපිට මන්ත්‍රී ධුර 54ක් ලැබුණා. ලලිත් එක්ක ඊළඟ මහ මැතිවරණයට ගියා නම් ශ්‍රී ලංකා එකත් එක්ක එකතුවෙලා අනිවාර්යයෙන් හවුල් ආණ්ඩුවක් හදන්න තිබුණා.

    එතුමා මිය ගිහින් ලබන 23 වැනිදාට අවුරුදු 24ක්. අපි අවුරුදු 24ක් නොකඩවා අප්‍රේල් 23 එතුමා ඝාතනය කළ දිනේත් නොවැම්බර් 26 වැනිදා එතුමාගේ උපන් දිනයදිත් ලේ දන්දීමක් සංවිධානය කරල සාංඝික දානයක් දෙනවා. එතුමා නැති අඩුව එදාට වැඩිය දැනෙන්නේ අද. එතුමා ආරක්ෂාව ගැන කියනකොට හිතුවේ රටේ ආරක්ෂාව. එතුමා තමන්ගේ ආරක්ෂාව ගැන හිතුවා නම් අද මේ රටේ ගමන් මග මීට වැඩිය වෙනස් මඟකට ගිහින් ලංකාව ජාත්‍යන්තරව උසස්ම තැනකට ගෙන එන්නට එතුමාට හැකියාව තිබුණ බව ඒකාන්ත සත්‍යයක් බව මගේ මතයයි.

    [rns_reactions]

  • ලංකාවේ පොලිස් ඇදුමත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වෙනස්වන ලකුණු…

    ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇදුම ඉදිරියේදී තද නිල් පැහැයට වෙනස් කරන බව බදුල්ලේදී පැවැති උත්සවයකට එක්වෙමින්  පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ප්‍රකාශ කළා.
    ශ්‍රී ලංකා පොලිසියේ මෙන්ම ජාත්‍යන්තර පොලිසියේ වර්ණ සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි පොලිස්පතිවරයා කියා සිටියේ.

    [rns_reactions]

  • මාතර වෙරළ තීරයේ සැකකටයුතු මළසිරුරක් හමුවෙයි…

    පොලීසිය සඳහන් කළේ, 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර සොයාගත් බවයි.

    මිය ගොස් ඇත්තේ 59 හැවිරිදි කෝට්ටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

  • දරුවා උපන් විගසම ගේ පිටුපස වළලලා..(video)

    අනියම් සම්බන්දයක් නිසා ඇතිවූ දරුවා උපන් විගසම නිවාස පිටුපස වල දැමු පුවතක් හසලක මහ ඇස්වැද්දුම පතෝලකොටුව ගම්මානයෙන් වාර්තා වෙයි.

    37 හැවිරිදි කාන්තාව  හසලක  පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාළ සිරුර මහියංගනය මහේස්ත්‍රාත් ඉදිරියේ මෙලෙස ගොඩ ගත්තේය.

    [rns_reactions]

  • මිනිමරපු එස්.එෆ් ලොක්කා කරන අලුත්ම විගඩම මෙන්න…..

    ලෝකශූර කරාතේ ක්‍රීඩක වසන්ත සොයිසා ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ මහාධිකරණයේ ඇපමත සිටින එස්.එෆ් ලොක්කා නොහොත් ආර්.ඒ.ඉරෝන් රණසිංහ අළෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භකර තිබෙනවා.

    අනුරාධපුර හා පිටස්තර ප්‍රදේශවල සිට පැමිණෙන පාරිභෝගික ජනතාවට විශිෂ්ඨ සේවාවක් සපයන බව පවසමින් අනුරාධපුර නගරයේ පිහිටි මහා පරිමාණ ව්‍යාපාරික ආයතනයකට සහයෝගය දක්වමින් ඔහු අළෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

    එම ආයතයේ අඩු මිලට තත්ත්වයෙන් උසස් භාණ්ඩ තිබෙන බව පාරිභෝගිකයන්ට පවසමින් එස්.එෆ් ලොක්කා ප්‍රවර්ධන කටයුතු සිදුකර තිබෙනවා.

    අවු කණ්නාඩි පැලඳ රිදියෙන් තැනූ මුද මාල පෙන්ඩන් ශරිරය පුරා පළඳා ගෙන අනුරාධපුර නව නගරයට පැමිණ එස්.එෆ්.ලොක්කා පසුගිය මාස කිහිපයේම මෙම කටයුතු වල නිරතවූ බව වාර්තා වුණා.

    අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයක හිමිනමක් සමගින් කිට්ටු ඇසුරක් පවත්වන ඔහු උන්වහන්සේ සමග විවිධ සමාජ සේවා කටයුතු වලටද සහභාගීවී ඇති අතර උන්වහන්සේ සමග ජයශ්‍රී මහ බෝධිය වැදපුදා ගැනීමට ගොස් තිබෙන  බවද පැවසෙනවා.

    එස්.එෆ්.ලොක්කා අධිකරණයේ ඇපමත බන්ධනාගාරයෙන් නිදහස්වී පැමිණි පසුව වෙළද ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම නිසා සිය වෙළදාම් කටයුතු වලට තර්ජනයක් එල්ලවී ඇති බව ව්‍යාපාරිකයන් පිරිසක් පැවසු අතර ඔහුගේ නඩු කටයුතු වලට මුදලින් සහයෝගය දක්වන්නන්ගේ වෙළද ආයතන ප්‍රවර්ධනයට ඔහු කටයුතු කරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

    [rns_reactions]

  • සුපිරි ගේම් දුන්න හෙර සොයා පොලිස් පරීක්ෂණ…

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ සැකකර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.
    මෙම කාන්තාව විවිධ වෙළෙඳ ආයතනවලින් ජංගම දුරකථන තොග වශයෙන් චෙක්පත් මගින් මිලදී ගෙන එම චෙක්පත් අගරුවීමට ඉඩහැර රුපියල් තිස්දෙලක්ෂ හැටහතරදහස් හත්සීය හතළිහක මුදලක් වංචා කිරීමේ සිදුවීමට මිනුවන්ගොඩ අධිකරණයේ මෙම නඩුව විභාග වෙමින් පවති.
    ඒ අනුව මෙම සැකකාරිය පිළිබඳ තොරතුරු වෙතොත් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    විශේෂ විමර්ශන අංශය – 077 3 890 959
    077 3 890 959

    සැකකාරිය පිළිබඳ විස්තරය පහතින් දැක්වේ.

    නම – මුහුදු ගමගේ මාරඹගේ ලක්මාලී ප්‍රියදර්ශනී
    ජා.හැ.අ. – 915502717V
    උපන් දිනය – 1991.02.19
    විදේශ ගමන් බලපත් අංකය – N. 5627745
    ලිපිනය – (01) අංක 141 බණ්ඩාරනායකපුර,
    මල්කඩුවාව, කුරුණෑගල.

    (02) 2/ ඒ 12, බිල්සිටි, පිල්වත්ත,
    යටියන.

    [rns_reactions]