Category: සුපිරි Cases

  • මාවතගම ඉන්නේ කාන්තාර පළඟැටියා නොවේ ! ඒත් විමසිල්ලෙන් සිටින්න

    මාවතගම ඉන්නේ කාන්තාර පළඟැටියා නොවේ ! ඒත් විමසිල්ලෙන් සිටින්න

    සතුන් පැතිරිලා හිටියේ අක්කර තුනක විතර ප්‍රදේශයක් පුරා. ඒ වගේම අපි දුටු සතුන්ට පියාසර කරන්න බෑ. ඒ කියන්නේ ඔවුන් තවමත් ඉන්නේ ශිශු තත්වයේ. ඉතාම දුර්වල පියාපත් යන්තමට ඇවිත් තියෙනවා. සුහුඹුල් තත්වයට එන්න කලින් මර්දනය කරගැනීම වැදගත්

    පසුගියදා හදිසියේ වාර්තා වූයේ මාවතගම ප්‍රදේශයෙන් මතුවූ පළඟැටි සේනාවක් භවබෝග කා දමමින් සැරිසරන බවයි. මාස කීපයකට පෙරාතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දැනට ඉන්දියාව දක්වා පැමිණ ඇති කාන්තාර පළඟැටියා පිළිබඳව මාධ්‍යය මගින් දැනුවත් කරතිබූ නිසා ප්‍රදේශවාසීන්ට එම පුවත මතක්වී මෙම කෘමි හානිය ගැන වඩාත් උනන්දුවූ බවක් පෙනිණ.

    ප්‍රාදේශීය කෘෂිකර්ම ව්‍යාප්ත නිලධාරීන් විසින් වහාම තත්වය වාර්තා කල බැවින්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම මහාචාර්ය බුද්ධි මාරඹේ, කීට විද්‍යාඥ ආචාර්ය ලයනල් නුගලියද්ද ඇතුළු කණ්ඩායමක් මාවතගම ප්‍රදේශයට ගොස් හානියට පත් ප්‍රදේශ පරීක්ෂා කරන්නට යෙදුණි.

    පළඟැටියා යනු මෙරටට අලුත් සත්වයෙක් නොවේ. විවිධාකාර පළඟැටි විශේෂ අතීතයේ සිට මෙරට ජීවත් වෙන අතර ඔවුන් සියල්ලෝම ශාක භාක්ෂකයෝය. බැලූ බැල්මට ඔවුන්ගෙන් හානියක් සිදුවෙන බව නොපෙනෙන්නේ ඔවුන් පරිසරයත්, අවට වෙසෙනා ස්වභාවික සතුරනුත් සමග තුලිතවී ගහන පාලනයකින් යුතු ජීවිතයක් ගතකරන බැවින්ය.

    එසේ නමුත් හදිසියේ සිදුවෙන දේශගුණික වෙනසක් වැනි පාරිසරික සාධකයක් හමුවේ ඔවුන්ගේ බෝවීමේ සීග්‍රතාවය වැඩිවීම ස්වභාවිකය. ඒ හරහා ආක්‍රමණික තත්වයෙන් සතුන් බෝවේ. විද්වත් කණ්ඩායමට අවබෝධ වී ඇති ආකාරයට වර්තමානයේ සිදුවී ඇත්තේ එවන් අසාමාන්‍ය සතුන් බෝවිමකි.

    අවට ජනතාව පවසා ඇති තොරතුරු වලට අනුව දැනට වසරකට පමණ ඉහතදී මෙම පළඟැටි උවදුර මෙම පළාත ආශ්‍රිතව තිබී ඇත. එහෙත් එය එතරම් ප්‍රබල නොවූ නිසා සමාජ අවධානයෙන් නොදැනුවත්වම ගිලිගී ගොස් ඇති බව පෙනේ. මෙම ලිපිය සම්පාදනය කරන මොහොත වනතුරු සත්වයාගේ විද්‍යාත්මක නම පැවසිය හැකි තරමට හඳුනාගෙන නැත. විදවතුන්ගේ අවධානයට මුල්වරට සත්වයා හසුවූයේ පසුගිය ඉරිදා නිසාය.

    “සතුන් පැතිරිලා හිටියේ අක්කර තුනක විතර ප්‍රදේශයක් පුරා. ඒ වගේම අපි දුටු සතුන්ට පියාසර කරන්න බෑ. ඒ කියන්නේ ඔවුන් තවමත් ඉන්නේ ශිශු තත්වයේ. ඉතාම දුර්වල පියාපත් යන්තමට ඇවිත් තියෙනවා. සුහුඹුල් තත්වයට එන්න කලින් මර්දනය කරගැනීම වැදගත්. “

    එසේ තම අදහස් ප්‍රකාශ කෙරුවේ පසුගියදා නිරීක්ෂණ චාරිකාවට එක්වූ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතායි. බිත්තරයෙන් පිටතට එන පළඟැටි පැටවුන් සුහුඹුලන් බවට පත්වීමට පෙර හැව හැලීම් කීපයක් සිදුකරනු ලබති. නිරීක්ෂණයට අනුව දැනට ඔවුන් සිටින්නේ අතරමැදි අවස්ථාවකය. නිසියාකාරව වැඩුණු පියාපත් දක්නට නොලැබෙන්නේ එබැවිනි.

    මේ නිසාම පළඟැටියාගේ ඉක්මන් ව්‍යාප්තියක් තවම සිදුවන්නේ නැත. මන්දයත් දැනට සත්වයා පියාසර නොකර ශාක මත පැන පැන යමින් පැතිරෙන නිසාය. මේ මොහොතේ මර්දනය පහසුවන්නේද එබැවිනි. පොල් ගසක කඳ දිගේ මෙම ලාබාල සතුන් ඉහළට ඇවිද යන බවත්, ඔවුන් මේරූ පොල්කොළ පවා අනුභව කරනා බවත් තමා නිරීක්ෂණය කලබව මහාචාර්ය මාරඹේ පවසයි.

    තත්වය එසේනම්, අනිවාර්යයෙන්ම පොල්ගසේ ලපටි කොටසට හානිවීම ගැන සැකයක් නැත. පොල් පර්යේෂණායතනයට කරුණු වාර්තා කිරීමෙන් පසු කඩිනම් ක්‍රියාමාර්ග සඳහා ඔවුන්ගේ නියෝජිත කණ්ඩායමක්ද ප්‍රදේශයට පැමිණීමට නියමිත අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ ඉතාමත් සැර අඩු වර්ගයේ කෘමිනාශක ඉසීමට වහාම කටයුතු කර තිබේ.

    එය ස්පර්ශ කෘමිනාෂකයකි. ඒ හා ගැටෙන සතුන් මැරී යන බවද නිරීක්ෂණය කර තිබේ. ගැටලුවකට ඇත්තේ උස ගස්වල රැඳී සිටිනා සතුන් වෙත කෘමිනාශක යෙදිය හැකි ඉසින යන්ත්‍ර යනාදිය විශාල වපසරියකට සරිලන ප්‍රමාණයක් නොමැතිවීමයි. පොල් පර්යේෂණායතනයේ සහාය ලබාගැනීමට අදහස් කර ඇත්තේ එබැවිනි. කෙසේ වෙතත් කෘෂි බලධාරීන් ජනතාවට උපදෙස් දෙන්නේ සතියක් පමණ යනතුරු කෘමිනාශක හා ගැටුණු ශාක කොටස් ආහාරයට ගැනීමෙන් වලකින ලෙසයි.

    බොහෝ දෙනෙකුට ගැටළුවක් වී ඇත්තේ මේ පැමිණ සිටින්නේ කාන්තාර පළඟැටියාද යන්නය. මීට මාස කීපයකට පෙර එවන් අවදානමක් ගැන විදෙස් වාර්තා උපුටා ගනිමින් අප සඳහන් කළෙමු. එහෙත් එම සත්වයා තවමත් සිටින්නේ ඉන්දියාවේය. සුළං ධාරා ඔස්සේ මෙරටට පැමිණෙනවානම් ඒ සඳහා වැඩි ඉඩක් ඇත්තේද නිරිත දිග මෝසම් සුළං සක්‍රිය වන අවස්ථාවේදීය. එම සුළං හමන්නේද ඔක්තෝබරයෙන් පසුවයි.

    එසේ නමුත් අවදානමක් නැත්තේද නැත. පරික්ෂාකාරීව සිටීම අතවශ්‍ය කරුණකි. නාඳුනන ආගන්තුක පළඟැටි විශේෂයක් තම ගෙවත්තෙහි හෝ වෙනත් වගාවක් ආශ්‍රිතව දක්නට ලැබේනම් ඔබගේ යුතුකම වහාම කෘෂි බලධාරීන් දැනුවත් කිරීමයි. පේරාදෙණියේ පැලෑටි සංරක්ෂණ සේවය (0812388316) හෝ ගොවි සහන සේවාව (1920) අමතා දැනුම්දිය හැකිය.

    වර්තමානයේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රටපුරා කඩිනම් ආහාර නිෂ්පාදන වැඩසටහන් ආරම්භවී ඇති අවධියකදී පැමිණි මෙම පළඟැටි ආක්‍රමණය වහාම මර්දනය කිරීමටත්, ඉදිරියේ සිදුවියහැකි ආගන්තුක කෘමි ආක්‍රමණයක් වැලක්වීමටත් අවශ්‍ය සහාය ලබාදීම අතපසු නොකළ යුතු සමාජ වගකීමක් වනු ඇත. 

    සනත් එම්. බණ්ඩාර

    සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය

  • ‘සේනා’ ආයිත් ඇවිත් – කලබල වෙන්න එපා මර්දනය පහසුයි

    ‘සේනා’ ආයිත් ඇවිත් – කලබල වෙන්න එපා මර්දනය පහසුයි

    රටේ ප්‍රධාන ආහාරය වශයෙන් භාවිතා කෙරෙන සහල් හැරුණුවිට ඉදිරි පෙළ සිටිනා බෝග අතරින් බඩඉරිඟු වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. 2018 වසරේදී සාමාන්‍ය අස්වැන්න වශයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.8 ක් ලබමින් හෙක්ටයාර් 70,895 ක් තුළ බඩඉරිඟු වවා අප මෙට්‍රික් ටොන් 270,041 ක අස්වැන්නක් ලබාගෙන තිබුණත්, රටේ අවශ්‍යතාවය කොපමණද යත්, මෙට්‍රික් ටොන් 119,086 ක ප්‍රමාණයක් ආනයනයද කර ඇත. මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි 500 කට අධිකය.

    පිටරටින් එන ප්‍රභේද සමග හරි හරියට තරඟ කරන්නට සමත් දේශීය දෙමුහුම් බඩඉරිඟු ප්‍රභේදයන්ද ලාංකික පර්යේෂකයින් අතින් බිහිවී ඇති නිසාත්, වර්තමාන කොවිඩ් වසංගත තත්වය හමුවේ ඉදිරියේදී පිටින් එන ආහාර බෝගයන්හි නිත්‍ය සැපයුමක් ගැන සැක පහළවී ඇති නිසාත්, රජය මගින් ලහිලහියේ හඳුන්වාදුන් අතිරේක බෝග වර්ග 16ක් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනටද බඩඉරිඟු ඇතුළත්වී තිබේ. වර්තමාන තත්වය මත වාරිජලය ලැබෙන හොඳින් ජලවහනය සිදුවෙන වියලි කලාපීය කුඹුරු ඉඩම් කොටසකත් බඩඉරිඟු වවන්නට රජය විසින් දිරිමත්කිරීම් මුදාහරිමින් සිටී.

    සේනා ද පුරුක් පණුවාද ? සැකහැර දැන ගන්න

    බඩඉරිඟු කියනා විටම අපගේ මතකයට එන්නේ 2018 වසරේ මාස් කන්නයත් සමග වගාව ආක්‍රමණය කළ සේනා දළඹුවාගේ පුවතයි. අද කොවිඩ් වසංගත පුවත් ජනමාධ්‍යය ඔස්සේ විසුරුවා හරින්නේ කෙබඳුද, එදා රූපවාහිණී තිර මතට සේනා දළඹුවා යනු නැතුවම බැරි චරිතයක් බවට පත්වී තිබුණි. එදා මෙදා තුර ගෙවුණු කාලය තුළ නම් ‘සේනා’ ගැන එතරම් කතාබහක් ඇති නොවුණත්, යල වගා කන්නයක් ඇරඹී ඇති මේ මොහොතේ වගාවේ ආරක්ෂාව ගැන යළි සිහිපත් කිරීම ගොවි ජනතාව පැත්තෙන් බලන කල ප්‍රයෝජනවත්ය.

    මහවැලි සී කලාපයට අයත් ගිරාඳුරුකෝට්ටේ, අනුරාධපුර ප්‍රදේශයේ පමණක් නොව බඩඉරිඟු පර්යේෂණයන්හි හදවත ගැහෙනා මහඉලුප්පල්ලම පර්යේෂණ ස්ථානය අසල ගොවිබිම් වලින්ද ‘සේනා’ මතුවෙමින් තිබෙනා බව දැන් ටික දිනෙක සිට වාර්තාවෙමින් පවතී. ඇඳිරිනීතිය බලපැවත්වීම හේතුවෙන් වගා පරීක්ෂාකිරීම් ගොවීන් අතින් අතපසු වූ නිසාද, රාජ්‍ය උපදේශකසේවා සුපුරුදු කාර්යක්‍ෂමතාවයෙන් ක්‍රියාත්මක නොවුණු නිසාද, ‘සේනා’ විසින් තාවකාලික ජයක් අත්කරගත්තා සේය. මතුවී සිටින්නේ ‘සේනා’ ද පුරුක් පණුවාද යන්නත් සැක හැර දැනගන්නා ලෙස කෘෂි නිලධාරීන් ගොවීනට දන්වා සිටී.

    පුරුක් පනුවා සේනා දළඹුවා තරම් ලොකුවට වැඩෙන්නේ නැත. පැහැය බැලුවත් සේනා ට සාපේක්ෂව ලා පැහැතිය. ලපටි ඉරිඟු කරල කඳට සවිවෙන ස්ථානයෙන් සිදුරු කර ඌ කඳ තුළට යන අතර සේනා තරමට පත්‍ර කා දැමීමක් සිදු නොකරයි. මේ කරුණු අනුව පෙනෙන්නේ පළිබෝධකයා නිවැරදිව හඳුනාගැනීම වැදගත් බවයි. ප්‍රතිකාර ක්‍රමයද එකිනෙකට වෙනස්වේ. සිටින්නේ පුරුක් පනුවා නම් ‘ඩයිසිනෝන්‘ වැනි කැට සහිත කෘමිනාශකයක් සති 3-6 ක් වයස බඩඉරිඟු පැළයේ ගොබය තුළට දැමීම සුදුසුය.

    ඇතැම් ගොවීන්ගේ වගාවන්ට දැන් මාස එක හමාරකට වඩා වයස් ගතවී තිබේ. අඩි හතරකට වඩා ඉහළට වගාව වැඩී ඇති මෙවැනි අවස්ථාවක පත්‍ර කීපයක් කාදමා ඇතිබවක් පෙනෙන්නේ නම් ඒ සේනා දළඹුවාගේ හානියයි. දැන් ප්‍රධාන වශයෙන් කලයුත්තේ ශාකයෙන් අලුත බිහිවෙන කරල ආරක්ෂා කරගැනීම වන නිසා, අළු, පස්, හෝ වැලි වැනි දෙයක් ගොබයට දැමීමෙන්, දළඹුවාට ලපටි කරල කරා යාමට ඇති මග ඇහිරිය හැකිවේ. සතුන් විසින් කා දමනලද පත්‍ර කොටස් වියලී ගොස්, ක්‍රමයෙන් ශාකය ප්‍රකෘති තත්වයට පත්වේවි.

    සේනාට කළ යුතු ප්‍රතිකාර

    ඒ නිසා එවන් වගාවක සිටිනා සතුන් රසායනිකව මර්දනය කරන්නට යාම නිෂ්පල ක්‍රියාවක් මෙන්ම අනවශ්‍ය වියදම් දැරීමක්ද වේ. අනෙක් අතට  ඝනව පත්‍ර වැඩී ඇති වගාවට පළිබෝධනාශක දියර ඉසීමද පහසු නැත. ආරක්‍ෂිත ඇඳුම් ඇඳ නැත්නම්, අනවශ්‍ය පරිදි ඉසින පුද්ගලයා දියරයට නිරාවරණය වීමද සිදුවිය හැකිය.

    මීළඟට සලකා බැලිය යුත්තේ තමාගේ දණහිස තරමට උස්වූ සති කීපයක් වයස බඩඉරිඟු වගාවක් පිළිබඳවය. ගොබය තුළට අළු, පස් හෝ වැලි දැමීමෙන් කරල ආරක්ෂා කරගැනීමේ පියවර මෙතනටද වලංගුය. පත්‍ර මත දළඹුවන් දක්නට ලැබේ නම් රසායනික මර්දනයක් වෙතටද යොමුවන්න.

    එයද කල යුත්තේ සම්පුර්ණ වගාවට ඉසීමෙන් නොව හානිය ඇති තැන් තෝරාගෙන දියර ඉසීමයි. දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති පලිබෝධ නාශක පහක් තිබේ. මේ සියල්ල ඉතා අඩු විෂ සහිත සංයෝග වන අතර වැඩි කාලයක් වගාවේ පවතින්නේ නැතිව ඉක්මනින් වියෝජනය වී යයි. තවද මේවා ක්‍රියා කිරීම සඳහා දළඹුවාගේ සිරුරේ ගෑවිය යුතුය. එබැවින් වගාවේ පත්‍ර තෙමෙන පරිද්දෙන් මුළු වගාවම දියරයෙන් නැහැවීම තේරුමක් නැති වැඩකි. හානිය ඇති තැනට, දළඹුවා සිටින තැනට, ඉසිනයේ නොසලය හරවා ප්‍රවේශමෙන් දියරය යෙදිය යුතුවේ.

    දියර ඉසිය යුතු කාලාන්තරය ගැන කියනවානම්, වඩා සුදුසු වන්නේ පළිබෝධකයා සිටින ස්ථානයටම ඉසින ලෙස පැවසීමයි. කාලාන්තරය ගැන නොසිතා පළිබෝධකයා සිටීද, නැතිද යන කරුණ මත තෝරාගත් ස්ථාන වලට පමණක්, කෘමිනාශක ඉසිය යුතු අතර නිතිපතා වගාව පරීක්ෂාකිරීමත් මේ සඳහා අතවශ්‍ය වේ.

    වරක් ඉසිනලද දියරය ඊළඟ වාරයේදී නොයෙදීමටද මතක තබාගන්න. එහි ‘කේතය’ වෙනස් වෙන පරිද්දෙන් සංයෝගය තෝරා ගතහැකිය. එකම කේතය දරන සංයෝගය නොකඩවා නොයෙදිය යුතු බව මින් අදහස් කෙරේ. ‘කේතය’ මගින් නිරූපනය කරන්නේ රසායනය පලිබෝධකයා මත ක්‍රියාත්මක වන ආකාරයයි. මාරුවෙන් මාරුවට වෙනස් ක්‍රියාවක් පෙන්වන ද්‍රව්‍ය යෙදීම නිසා පළිබෝධකයාට ඊට අනුවර්තනය වීමට අපහසු වේ.

    රේඩියන්ට්, සක්සස්, ප්‍රොක්ලේම්, කෝරැජන්, සහ වර්ටැකො දැනට නිර්දේශිත කෘමිනාශක වේ.

    මීට අමතරව පින්න ඇති හිමිදිරියේ වගාවේ පත්‍රවලට අළු ඉසීම වැනි ප්‍රතිකාර හරහා දළඹු හානිය අවම කරගත හැකිවේ.

    අලුත් වගාකරුවන්ට උපදෙස්

    අවසාන වශයෙන් දැන්විය යුතු වන්නේ ඉතා මෑතකදී වගාව ආරම්භ කල ගොවීන් සඳහා වූ උපදෙස්ය. ඔවුන්ගේ වගාව මේ වනවිට අඩියක් පමණ උස විය හැකිය. නැතහොත් බීජ සිටුවා දින 10-14 කාලයක් ගතවූ පත්‍ර දෙකක් පමණ ඇති වගාවක් විය හැකිය. සතියකට දෙවරක්වත් වගාව පරීක්ෂා කරන්න. සලබයා බිත්තර දමන්නේ ලපටි වගාවක පත්‍ර මතුපිට බැවින් බිත්තර කැදලි පියවි ඇසට පවා හසුකරගත හැකිය. ඒවා ඇත්නම් ඉවත්කර විනාශකර දමන්න. මෙම අවධියේදී අළු, කොහොඹ නිස්සාරකය ආදිය භාවිතයද ආරක්ෂක පියවරකි.

    මීට අමතරව කලින් දැක්වූ පරිද්දෙන් හානිය ඇති ස්ථාන සොයමින් රසායනික මර්දනයට යොමුවීම අවශ්‍ය කරුණකි. ලපටි පත්‍ර වල යටිපත්තේ වෙසෙනා කුඩා දළඹුවන් මතුපිට සිවිය ඉතිරිවෙන සේ යටි පැත්තෙන් පත්‍ර සූරා කන බවත්, නූල් වැනි කොටස් සාදා ගෙන පත්‍රවල එල්ලී සිටිමින්, සුළෙඟ් පැද්දී යාබද පත්‍ර කරා ව්‍යාප්ත වන බවත් මේ අවස්ථාවේදී නිරීක්ෂණය කල හැකිය. පින්න ඇති අවස්ථාවේ අළු යෙදීමෙන් පත්‍ර මත සලබයාගේ බිත්තර දැමීමද අවහිර කල හැකි බව මතක තබාගන්න.

    පරිසරයද මේ වනවිට ‘සේනා’ ව හොඳින් හඳුනන්නේය. දළඹුවා ආහාරයට ගන්නා මකුළු වර්ග, සලබයාගේ බිත්තර තුල බිජුලන බිත්තර පරපෝෂිතයින් ආදිය පරිසරයේ බහුලය. ඔවුන් හරහා සාර්ථක මර්දනයක් සිදුවී මේ වනවිට ‘සේනා’ දළඹුවා ස්වභාවික පාලනයකට යටත්වී ඇති බවක් පෙනේ. මේ සමතුලිතභාවය ගොවිතැනට වාසියකි. එය ආරක්ෂා කරගත යුත්තේද ගොවියාමය. එබැවින් අවශ්‍ය තැනට පමණක් පළිබෝධනාශක භාවිතා කරමින්, පරිසරයේ වෙසෙන හිතකර කෘමීන් ආරක්ෂා කරගැනීමටද ඔහු වගබලා ගත යුතුය. එවන් අවධානයක් ඇත්නම්, ඉදිරියට ‘සේනා’ පිළිබඳව එතරම් කලබල වියයුතු නැත.   

  • ගල්කිස්ස වෙරළ ගොඩකළ සල්ලිවලින් කොමිස් ගියේ කාගේ සාක්කුවටද ?

    ගල්කිස්ස වෙරළ ගොඩකළ සල්ලිවලින් කොමිස් ගියේ කාගේ සාක්කුවටද ?

    මේ ව්‍යාපෘතිය සිදුකළේ රට පුරා ඇදිරි නීති දාලා ජනතාව ගෙවල්වලට කොටු වෙලා ඉන්න වෙලාවක. ඒ නිසා ප්‍රදේශයේ ජනතාවටත් මේ ගැන අවබෝධයක් නැහැ. මේ සඳහා යන්ත්‍ර සූත්‍ර ගෙනවිත් තියෙන්නේ රාත්‍රී කාලයේ.

    ඛාදනය වෙමින් යන ගල්කිස්ස වෙරළ තීරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුව විසින් දියත් කළ ව්‍යාපෘතිය අසාර්ථකභාවයට පත්ව තිබේ. විශාල මුදලක් වියදම් කරමින් දියත් කළ එම ව්‍යාපෘතිය ඵලරහිත, ජනතා මුදල් නාස්තිකළ ව්‍යාපෘතියක් බවට පත්වී තිබේ.

    මේ පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ සහෝදරිය තුවාන් අයුබ් මොහොමඞ් සහෝදරයා සහ ජාතික ජන බලවේගයේ මොරටුව ආසන සංවිධායක නීතිඥ හර්ෂණ නානායක්කාර යන අය වෙරළ තීරයේ සංචාරයක නිරත විය.

    “මෙම ව්‍යාපෘතිය සඳහා කිසිදු පරිසර අධ්‍යයන වාර්තාවක් ලබාගෙන නැහැ කියලා වාර්තා වෙනවා. ඒ වගේම මේක දෙහිවල ගල්කිස්ස නගර සභා බල සීමාව තුල කෙරුණු ව්‍යාපෘතියක්. නමුත් නගර සභාව මේ පිළිබඳව කිසිදු දෙයක් දන්නේ නැහැ. නගරාධිපතිවරයාත් කියනවා ඔහු මේ පිළිබඳව දන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ඉල්ලීමක් කළා මේ පිළිබඳව වෙරළ සංරක්ෂණ අධිකාරියට නගර සභාව ලෙස දැනුම්දීමක් කරන්න කියලා. ඒ වගේම මේ ව්‍යාපෘතිය සිදුකළේ රට පුරා ඇදිරි නීති දාලා ජනතාව ගෙවල්වලට කොටු වෙලා ඉන්න වෙලාවක. ඒ නිසා ප්‍රදේශයේ ජනතාවටත් මේ ගැන අවබෝධයක් නැහැ. මේ සඳහා යන්ත්‍ර සූත්‍ර ගෙනවිත් තියෙන්නේ රාත්‍රී කාලයේ.

    ඒ විතරක් නෙවෙයි පරිසරයට විශාල හානියක් සිදුවෙමින් තිබෙනවා. මුහුදු පැලෑටි, මුහුදු ජීවින්ට විශාල බලපෑමක් සිදුවෙලා තිබෙනවා. ඒවා මිල කරන්න බැහැ. විශාල මුදලක් අපතේ යවමින් කරපු මේ ව්‍යාපෘතිය ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි.“

    නාගරික මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ– “අපි දන්නා තරමින් මේකට අවශ්‍ය ආයතනවලින් කිසිදු අනුමැතියක් ලැබී නැහැ. ආණ්ඩුව කියනවානම් ඒ සියල්ල ලබාගෙන කියලා අපි තාවකාලිකව හිතමු එහෙම අනුමැතියක් තියෙනවා කියලා. නමුත් එයින් වෙනත් ගැටලුවක් පැන නගිනවා. මොකක්ද එසේ නම් මේ ව්‍යාපෘතිය නිසා දූෂණයක් වෙලා තිබෙනවා. එක්කෝ පරිසර අධිකාරිය විසින් දේශපාලකයින් විසින් හෝ කොන්ත්‍රාත් කරුවා විසින් හෝ සියලු දෙනා අතින් මේ මුදල් ගසා කෑමක් සිදුවෙලා තිබෙනවා කියලා අපිට සැකයක් තිබෙනවා. ඒ නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි.“

  • ආණ්ඩුව පොදු ජනතාවගේ පමණක් නොව ‘සුව විරුවන්ගේ බඩටත් ගහලා’

    ආණ්ඩුව පොදු ජනතාවගේ පමණක් නොව ‘සුව විරුවන්ගේ බඩටත් ගහලා’

    දරුවෝ ගැන නොතකා , මහන්සිය සහ අන්තරාය නොතකා අපි දිවා රෑ නොබලා කැපවීමෙන් වැඩ කරනවා. ‘සුවවිරුවෝ‘ කියල අපිට ව්‍යාජ නම්ම්බු නාමෙකුත්   දුන්න. හැබයි අපේ මහන්සියට, කැපවීමට ලැබිය යුතු දීමනා නොගෙවීම හරිම අසාධාරණයි.

    දීමනා සහ පහසුකම් අහෝසි කිරීම නිසා  රජයේ රෝහල් සේවකයන් අතර බරපතල විරෝධයක් වර්ධනය වෙමින් ඇත.  අතිකාල, විශේෂ, අමතර සේවා, ප්‍රසිද්ධ නිවාඩු දින  සහ කාර්ය වියුක්ත දින නිවාඩු (පැය 24 ක  සේවයෙන් පසු ලැබෙන නිවාඩු ) වෙනුවෙන් ගෙවිය යුතු  දීමනා නොගෙවීම, සෞඛ්‍ය ආරක්ෂණ උපකරන නිසිලෙස සම්පාදනය නොකිරීම හා ප්‍රවාහන පහසුකම් අහෝසි කිරීම මෙම විරෝධයට හේතුවයි.

     මෙම ප්‍රහාරය, රාජපක්ෂ ආණ්ඩුව මුහුණදී සිටි ආර්ථික අර්බුදය කොරෝනා වසංගතනේ උග්‍ර වී ඇති තතු යටතේ   සමස්ත කම්කරු පන්තියේ   රැකියා, වැටුප් සහ සමාජ සහන කප්පාදු කිරීම සඳහා ගෙනයන පලල් ප්‍රහාරයක  කොටසකි. ධනපති  සමාගම් ක්‍රියාවට දමන  වැටුප් සහ රැකියා කප්පාදුවට එරෙහිව මෑත  සති වල වතු සහ ඇඟලුම් කම්කරුවන්ගේ අරගල පැන නැගුන අතර රජයේ රෝහල් කිහිපයක  කාර්ය මන්ඩල විරෝධතා උද්ඝෝෂන වල යෙදුනි:

    මැයි 11 වතුපිටිවල රෝහලේ  සේවකයෝ දහවල් කෑම විවේකය තුල උද්ඝෝෂනයක නිරත වූහ. මෙම උද්ඝෝෂනය පැවැත් වුනේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමේ කොටසක් ලෙස එම  සේවකයන් සඳහා පවත්වාගෙන ගිය රජයේ ප්‍රවාහන සේවය මැයි 11 වෙනිදා සිට නතර කිරීමට හා අප්‍රේල් මාසයට නියමිත දීමනා ලබා නොදීමට විරෝධය  පෑමක් ලෙස ය.  හෙද සේවකයන් 200 ට වැඩි පිරිසක් එයට සහභාගී වී ඇත. 

    ප්‍රවාහන පහසුකම් සැපයීම නතර කිරීම නිසා  අත්‍යවශ්‍ය සේවයක කැපවීමෙන් සේවය කරන සෞඛ්‍ය සේවකයන් බරපතල අපහසුතාවයකට පත්වන බව උද්ඝෝෂනයට සම්බන්ධ වූ හෙද සේවකයෙකු සඳහන් කලේ ය.

    “අප්‍රේල් මාසයේ අතිකාල සඳහා ගෙවීම් ලැබුනේ නැහැ. මේ වර්ෂයට ලැබිය යුතු වාර්ෂික වැටුප් වැඩිවීම තවමත් දීලා නැහැ. කොරෝනා වසංගතය ව්‍යාප්ත වන තත්වයක් තුල සැපයිය යුතු සෞඛ්‍යාරක්ෂක පහසුකම් නිසි ලෙස සම්පාදනය කෙරෙන්නේ නැහැ. දිනකට මුහුනු ආවරන දෙකයි  දෙන්නේ. ඒවත් ප්‍රමිතියට සහ හෙද  කාර්ය මන්ඩලය අවශ්‍ය තරමට නැහැ. මගේ වාට්ටුවට අවම වශයෙන් හෙද නිලධාරීන් 8 ක් අවශ්‍යයි. ඉන්නේ 6 දෙනයි” ඔහු පැවසීය.

    රට විවෘත කිරීම නිසා වසංගතය පැතිරීම අනිවාර්යෙන් ම වැඩි වෙන බව ද ඔහු සඳහන් කලේ ය. “ආන්ඩුවට උවමනා  කෙසේ හෝ වැඩ පටන් ගන්න. මහජනයාගේ ජීවිත ගැන කිසිම තැකීමක් නැහැ”යි ඔහු පැවසී ය. පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසුව ආන්ඩුව  වැටුප් හා දීමනා තව දුරටත් කප්පාදු කරන බවත්, කම්කරු පන්තියේ අරගල මර්දනය කරන බවත් ඔහු කීවේය. ආන්ඩුවේ ආයතන වලට මිලිටරි නිලධාරීන් පත් කරන්නේ ඒ අරමුන ඇතිව බවත්  හමුදාපතිත් යුද්ධ කාලේ උතුරේ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කල  බවට චෝදනා එල්ල වුන කෙනෙක් බව ද  ඔහු  පැවසීය.

    මැයි 20 වෙනිදා මහනුවර ශික්ෂන රෝහලේ හෙද නිලධාරීන්ගේ උද්ඝෝනයට 300 ක් පමන සහභාගී වී ඇත. සෞඛ්‍ය  ආරක්ෂන ක්‍රමයක්  ලෙස කොටස් වශයෙන් සේවයට කැඳවීමේ දී හෙද සේවකයන් ට පැය  24 ක් එක දිගට වැඩ කිරීමට සිදු වෙයි. පසු දින නිවාඩුවක් ලැබෙයි. හෙද සේවකයෙකුගේ සම්මත සාමාන්‍ය සේවා කාලය පැය 6 කි. ආන්ඩුවෙන් සම්පාදනය කල ප්‍රවාහන  පහසුකම් මැයි 17 වෙනිදා සිට නතර කිරීම  නිසා මහමග රස්තියාදු වීමට සහ පෙර මෙන් තද බද වී බස්වල ගමන් කිරීමට සිදු වී ඇති බව ඔව්හු පැවසූහ.

    සාමාන්‍ය මුහුනු ආවරන  මිස ලෝක සෞඛ්‍ය  සංවිධානය නිර්දේශ කරන  N-95 වගේ ප්‍රමිතියට අනුකුල මුහුනු ආවරන කිසිම රෝහලක නැහැ

    “අනෙක් තැන්වල වගේම අපටත් අවශ්‍ය පහසුකම් ප්‍රමානවත් තරම් ලැබුනෙ නැහැ. සාමාන්‍ය මුහුනු ආවරන  මිස ලෝක සෞඛ්‍ය  සංවිධානය නිර්දේශ කරන  N-95 වගේ ප්‍රමිතියට අනුකුල මුහුනු ආවරන කිසිම රෝහලක නැහැ. අපේ නිල  ඇඳුම නිල්පාට යි. නමුත් හදිසියේම කොලපාටින් මහගන්න කියල නියෝගයක් ලැබුනා. අපේ මුදල් වලින් මහ ගත්තේ. එකකට රුපියල් 1,500 ක් වියදම් වුනා. මුහුනු ආවරන මසා ගත්තෙත් අපේ වියදමින්” හෙද පාලිකාවක් (මේට්‍රන්)  සඳහන් කලා  ය.

    “දරුවෝ ගැන නොතකා , මහන්සිය සහ අන්තරාය නොතකා අපි දිවා රෑ නොබලා කැපවීමෙන් වැඩ කරනවා. ‘සුවවිරුවෝ‘ කියල අපිට ව්‍යාජ නම්ම්බු නාමෙකුත්   දුන්න. හැබයි අපේ මහන්සියට, කැපවීමට ලැබිය යුතු දීමනා නොගෙවීම හරිම අසාධාරණයි.”

    “මගේ මුලික වැටුප රුපියල් 44,000 යි.  අතිකාල සහ අනෙකුත්  දීමනා සහිතව 54,000 ක් පමන ගන්නවා. වැටුපෙන් නයවලට කැපෙන්නේ නැති නිසා මාසේ වියදම යන්තම් පිරිමහ ගන්න පුලුවන්. . නමුත් සියයට 80 පමන  අයගේ පඩියෙන් විශාල මුදලක් නය වලට කැපෙනවා. අතිකාල සහ දීමනා නොලැබුනොත් ඉහල යන ජීවන වියදමත් එක්ක  වියදම පිරි මහ ගන්න බැහැ”  ඇය සඳහන් කලාය.   

    “ලෝකයේ හැම රටකම වසංගතයෙන් විශාල වශයෙන් මිනිස්සු මැරෙනවා. ලංකාවට විශේෂයක් නැහැ.  පාලනය කරලා කිව්වට ආර්ථිකය විවෘත කිරීමත් සමග ආසාදිතයන් සංඛ්‍යාව  ඉහල යන්න පටන් අරගෙන. ඒ නිසා වසංගතයෙන් මැරෙන සංඛ්‍යාව අපි නොහිතන මට්ටමින්  ඉහල යා හැකි” බව ද ඇය පැවසුවාය.

    මැයි 22  දකුනු පලාතේ බලපිටිය සහ වලස්මුල්ල රෝහල්වල කනිෂ්ට  කාර්ය මන්ඩල උද්ඝෝෂනවලට  උපස්ථායක, රියදුරු, දුරකථන ක්‍රියාකරු හා මැහුම් සේවකයන් ඇතුලු අංශ කිහිපයක සේවකයෝ  සම්බන්ධ වුහ. අතිකාල දීමනා, නිල ඇඳුම් දීමනා සහ හිඟ වැටුප් නොගෙවීමට විරුද්ධව පැවති  මෙම උද්ඝෝෂනයන ට  300 ක් පමන සහභාගී  වී ඇත.       

    මැයි 24 වෙනිදා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ පැවති උද්ඝෝෂනයට හෙද, පරිපුරක වෛද්‍ය සේවකයන්, උපස්ථායකයන් හා රියදුරන් ඇතුලු 400 ක් පමන සහභාගි  වී ඇත. බස්නාහිර පලාත් සභාව විසින් අදාල මුදල් නොගෙවීම නිසා ශ්‍රී ලංකා ගමනා ගමන මන්ඩලය විසින් සැපයු විශේෂ ප්‍රවාහන සේවය මැයි 17 වෙනිදායින් පසු නතර කර තිබේ. 

    “අප්‍රේල්  මාසයේ අතිකාල හා නිවාඩු  දීමනා මේ වනතුරු ගෙව්වේ නැහැ. පීආර්සී පරීක්ෂන කෙරෙන්නේ වෛරසය ආසාදනය වූ රෝගීන් ඇසුරු කල බවට සැක කරන සේවකයන් සම්බන්ධයෙන් පමනයි. අපට ලැබිය යුතු දීමනාවන් නොගෙවන ගමන් අපේ පඩියත් පරිත්‍යාග කරන්න කියලා ආන්ඩුව කියනවා. රෝහලේ කිසිම කෙනෙක් පඩිය කපන්න කැමැත්ත  දීලා නැති” බව හෙද සේවකයෙකු සඳහන් කලේ ය.

    මැයි 26 වෙනිදා දඹුල්ල රෝහල ඉදිරිපිට පැවති   පිකට් උද්ඝෝෂනයට හෙද සේවක සේවිකාවන් 100 ට වැඩි පිරිසක් සහභාගී වී ඇත. නියමිත දීමනා නොගෙවීමට විරුද්ධව නිහඬ උද්ඝෝෂනයක යෙදුන හෙද සේවකයෝ, “සුවවිරුව රූපවාහිනියට පමන ද ?”, “රාජකාරිය ගන්නා තෙක් සෞඛ්‍ය සේවය සුවවිරුවෝ” සහ  “ප්‍රවාහන පහසුකම් විධිමත් කරනු!” ආදී සටන් පුවරු අත දරා සිටියහ.

    ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)විසින් මෙහෙයවන සමස්ත ලංකා සුව සේවා සංගමය (සලසුසේස)  විසින් ඉහත  උද්ඝෝෂන සංවිධානය කර තිබූ නමුත් රාජ්‍ය   සේවා එක්සත් හෙද සංගමයේ (රාසේඑහෙස) සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ද  ඒවාට සහභාගී වී තිබිනි. වෘත්තීය සමිති සහ ශ්‍රේනි  භේදයකින් තොරව  උද්ඝෝෂන වලට රෝහල් සේවකයන්ගේ සහභාගිත්වය පෙන්නුම් කරන්නේ  තම අයිතීන් සඳහා එකාවන් ව සටන් කිරීමට ඔවුන්  තුල පවතින දැවෙන උවමනාවයි.  එහෙත්  රෝහල් සේවකයන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට වෘත්තීය සමිති සූදානම් නැත. මෙම හුදකලා උද්ඝෝෂන කැඳවීම තුලින්  සලසුසේස නායකයන් අපේක්ෂා කරන්නේ තම අයිතීන් කප්පාදු කිරීම කෙරෙහි රෝහල් සේවකයන් අතර කැකෑරෙන කෝපය වාෂ්ප කර දැමීමකි.

    දඹුල්ල රෝහලේ හෙද සේවකයන්ගේ උද්ඝෝෂනයෙන් පසුව ඔවුන් ව  ඇමතු එහි සලසුසේස  ශාඛාවේ ලේකම් සමන් විජේරත්න මෙසේ පැවසීය: “සෞඛ්‍ය   ඇමතිනිය හෙද නිලධාරීන්ගේ හෝ සෞඛ්‍ය සේවයේ දීමනා කප්පාදු නොකරන ලෙස  පවසා තිබිය දී ත් පහල නිලධාරීන් එම නියෝග නොතකා කටයුතු කරනවා.”  

    විජේරත්න සිය ප්‍රකාශයෙන් උත්සාහ කර ඇත්තේ සේවක අයිතීන් කප්පාදුව සෞඛ්‍ය  ඇමතිනිය ගේ සහ ආන්ඩුවේ පිලිවෙතක් බව සඟවා හෙද සේවකයන් නොමග යැවීමටය.

    දීමනා ගෙවීම පිලිබඳ ගැටලු පැය 72 ක් ඇතුලත වහාම විසඳීමට පියවර නොගත හොත් “අප්‍රසන්න  තත්වයක්” ඇතිවිය හැකි බව මැයි 23 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යංශයේ   ලේකම් එච්. එස්. මුනසිංහ වෙත යවන ලද ලිපියක රාසේඑහෙස සභාපති මුරුත්තෙට්ටුවේ  ආනන්ද භික්ෂුව සඳහන් කර ඇත. රාජපක්ෂ ආන්ඩුවේ ඍජු පන්දන්කාරයෙක් වන ආනන්ද භික්ෂුවගේ එම ප්‍රකාශයේ තේරුම ආන්ඩුවේ ප්‍රහාරවලට  විරුද්ධව හෙද සේවකයන්ගේ අරගලයක් සංවිධානය කරන බව  නොවේ; අදාල දීමනාවන් නොගෙවීම සම්බන්ධයෙන් හෙද සේවකයන්ගේ බරපතල අරගල පුපුරායාමට ඇති ශක්‍යතාවය පිලිබඳව ආන්ඩුවට  කරන  අනතුරු ඇඟවීමකි.

    රහෙනිස නායක සමන් රත්නප්‍රිය හෙද දිනය වෙනුවෙන් මැයි 12 වෙනිදා පැවති රැස්වීමක දී මෙසේ සඳහන් කර තිබුනි: “උපකරන නෑ, මාස්ක් නෑ, ගොගල්ස් නෑ, ඇඳුමක් නෑ කියල, එහෙම නැත්නම් බූට් එකක් නෑ කියල කිසිම රාජකාරියක් ප්‍රතික්ෂේප කරපු තැනක් අපිට වාර්තා වෙන්නෙ නෑ. අමාරුවෙන් වුනත් මේ සියලු රාජකාරි කරමින් ඉන්නවා”  රෝහල් සේවකයන් දිවි පරදුවට තබා ඉටු කරන සේවය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව තුල ඉමහත් ගෞරවයක් ඇති නමුත් රත්නප්‍රිය  අවධාරනය කරන්නේ  තමන්ගේ අයිතීන් කවර ලෙසකින් කප්පාදු කල ද  රෝහල් සේවකයන් කිසිම සටනක්  නොකල යුතු බවය.

    සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නි ආරච්චි ජාත්‍යන්තර හෙද දින (මැයි 12 වෙනිදා) උත්සවයේදී

    සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නි ආරච්චි ජාත්‍යන්තර හෙද දිනය අරභයා මැයි 12 වෙනිදා නිකුත් කල ප්‍රකාශයක වෛරසය සමාජගත වීම වැලැක්වීමට හා පරීක්ෂන කටයුතු සඳහා හෙද හෙදියන් විසින් “සුවිශේෂී දායකත්වයක්” සැපයීම “අභිමානයෙන් පසක්”කරන බව සඳහන් කර තිබුනි. ඇගේ  එම ප්‍රකාශය කෙතරම් ප්‍රෝඩාකාරී ද යන්න රෝහල් සේවකයන්ගේ අයිතීන් කප්පාදුව තුලින් සනාත වී ඇත.

    ඩබ්ලිව්.ඒ. සුනිල් විසින් wsws.org වෙත මැයි 30 වැනි දින සම්පාදිත ලිපියක සම්පූර්ණ උපුටා ගැනීමකි – ප්‍රධාන සංස්කාරක

  • කොරෝනා වසංගතයට අභියෝග කරමින් ‘රටපුරා ගෙවතු වගාව’ ජයට සිදුවන හැටි !

    කොරෝනා වසංගතයට අභියෝග කරමින් ‘රටපුරා ගෙවතු වගාව’ ජයට සිදුවන හැටි !

    Covid-19  කියු සැනින් ලොකු කුඩා භේදයකින් තොරව අපේ සිතට නැගෙන්නේ මරණීය බියකි. මෙතෙක් අප මුහුණ දුන් ඉතාමත් භයානක වසංගතයක් වු මෙය තනි මරණයකින් කෙළවර නොවී රුක් සටහනක් සේ ව්‍යසනය පැතිරී පොකුරු මරණයකින් ද කෙලවර වේයැයි කිසිවෙකුට තවමත් කිව නොහැකිය. එය ස්වභාව ධර්මයේ තනි තීරණයකි. එම තීරණයට අවනත වූ මිනිස් වර්ගයා අද එයට මුහුණ දෙමින් සිටී.

    Covid-19 වසංගතය සමග ආහාර සැපයුම් ජාල බිද වැටීම, ආනයන – අපනයන සීමා වීම හෝ අත්හිටුවීම, අධික බදු පැනවීම් ආදිය සමග ‘ආහාර හිගයක් ‘ සාගතයක් ‘ගැන ද ගෝලීය වශයෙන් භීතියක් නිර්මාණය වී ඇති අතර ලෝක ආහාර සංවිධානය, එක්සත් ජාතීන් ඇතුළු ආයතන ද මේ ගැන සිය බිය ‘නිල වශයෙන් ‘ පළ කර තිබේ.

    ගෝලීය වශයෙන් පැතිර යන මෙම ‘ආහාර අහේනිය, සාගතය‘ පිළිබද භීතිය සංවර්ධිත එක්සත් ජනපදය – මහා බ්‍රිතාන්‍ය පමණක් නොව නිරන්තරයෙන් ආහාර අහේනියෙන් හා සාගතයෙන් බැටකන අප්‍රිකානු කලාපය පවා භීතියට පත් කිරීමට සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    එක්සත් රාජධානියේ දරුවන් ද ගෙවතු වගාවට යොමුව සිටීන අයුරු

    උදාහරණයක් ලෙස බී.බී.සී ලෝක සේවය වාර්තා කළේ එක්සත් රාජධානියේ කෘෂිකාර්මික බීජ සදහා වන ඉල්ලුම පසුගිය මාර්තු මාසයේ 1100%කින් ඉහළ ගිය බවයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ එම ප්‍රතිශතය සියයට 600%ක් වන අතර බ්‍රිතාන්‍ය ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය වාර්තා කළේ පසුගිය මාසයේදී එරට පවුල් ඒකක වලින් 46%ක් ගෙවතු වගාව ආරම්භ කර ඇති බවයි.http://lankaepress.com/2020/05/25/33496/ සහ http://lankaepress.com/2020/05/08/32252/

    එහෙත් මේ ගැන අවධානය යොමු කරන පර්යේෂකයින් පෙන්වා දෙන්නේ ගෝලීය වසංගත අවධානමක් සමග නිර්මාණය වන ‘සාගතය පිළිබද බිය‘ නිසා මිනිසුන් බෝග වගාවට යොමු වීම හුදු අහඹු සිදුවීමක් නොවන බවයි. එය වසර සිය දහස් ගණක් පුරා මිනිසුන්ගේ ජාන තුළ නිදන්ගතව පැවැති ‘ගොවිකම‘ යළි එළියට පැමිණීමක් ලෙස ඔවුහු සලකති.

    එළවළු උද්‍යාන, නාගරික ගෙවතු උයන්, ගෙවතු වගාව, බදුන් තුළ වගාව, පියැසි මත වගාව‘ ආදි ඒ ඒ රටවලට, පරිසරවලට ආවේනික ආකාරයෙන් ‘තමන්ගේ ආහාර තමන්ම නිපදවා ගැනීම‘ හෙවත් ලංකාවේ අපට වැටහෙන ආකාරයෙන් ‘වවා කියා ගෙන කෑම‘ ලෝකය පුරා වසංගතයක් (මෙය ඍණාත්මක අදහසක් නොවන නිසා රැල්ලක් වශයෙන් නම් කළ හැකිය) ලෙස පැතිර යන්නේ ‘ගොවිකම‘ නැමති ජාන සෑම මිනිසෙකු තුළම නිදන්ගතව පැවතීම නිසා බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

    ඉහත සඳහන් කළා සේ හිතේ ගතේ දැවටී තිබූ ගොවිකම හමස් පෙට්ටියකට දමා අඟුළු ලා මාසේ පඩියට රැකියාවන්ට ගිය මහත්වරුන්ටත් තමන්ගේ ජීවිත‍යෙන් ගොවිකම ඈත් වී නැති බව වටහා දීමට මේ කොරෝනා කාලය සමත් වී ඇත. රැකියා සඳහා යන්නට නොහැකි වු දින ගණණ දිනෙන් දින ඉහළ යත්ම වෙනදාට කඩියන් සේ එහෙ මෙහේ දිව යමින් වැඩ කළ ඒ මහත්වරුන්ගේ නෙත ගැටුනේ උදැල්ල සහ නිවස අවට හිස් භූමියයි. අද ඔවුන්ගේ ගොවිකමේ පිබිදීම අපහට සියැසින් ඉතා අපූර්ව ලෙස දැකබලාගත හැකි වී ඇත්තේ, නිවස අවටත් හිස්ව පැවති සෑම තැනකමත් පුංචි පුංචි මල් පිපිණු ඵල බර වෙන්නට තතනමින් සිනාසෙන ගස් වැල් දකින විටය.

    වසංගතය නිසා ඇති වේ යැයි සැක කළ ආහාර හිඟය හා සටන් කිරීමට වීර සෙබලුන් සේ අද මේ අලුත් ගොවි මහතුන් සන්නද්ධ වී ඇත. ඔවුන් නැවත රැකියාවන්ට ගිය ද මේ පිම්ම, මේ ගැම්ම නැති කර ගන්න නම් මේ මහත්වරුන්ට සිතක් ඇත්තේම නැති බව ඔවුන් හා කෙරුණු සාකච්ඡාවල දී පැහැදිලි විය.

    කොවිඩ්-19 හමුවේ ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය නඟා සිටුවීමට යත්න දරන රජය විසින් ගොවියා සහ ගොවි පවුල හෙවත් කුටුම්භය ආරක්ෂා කරමින් ගම ද ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ සැලසුම් සකස් කරමින් සිටින මොහොතක ගමේ යමක් කමක් තේරෙන මේ මහත්තුරුන්ගේ උනන්දුව ග්‍රාමීය කෘෂිකර්මාන්තයේ උන්නතියට යොදා ගත හැකි නම් කෙතරම් අගනේ ද? 

    චිරාත් කාලයක් තිස්සේ විද්වතුන්ගේ කතා බහට ලක් වන කෘෂි ව්‍යාප්ති සේවයේ අකාර්යක්ෂමතාවයට ආසන්නතම හේතුවක් වන්නේ කෙතරම් දැනුම තාක්ෂණය ලබා දුන්න ද මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමේ සමත් කමක් නොමැති වීම බව පැහැදිලි කිරීමට සාක්ෂි බොහෝ ඇත. නමුත් අද වන විට ඇසට නොපෙනෙන සියුම් වෛසයක් විසින් සක්කරයාටවත් වෙනස් කළ නොහැකි මිනිසුන්ගේ සමහර ආකල්ප ඉතා අපූරුවට යහපත් ලෙස වෙනස් කර ඇති ආකාරය සතුට දනවන කාරණයකි.

    වසංගතයත් සමඟ ඉතා සාධනීය අයුරින් තම කුටුම්භය සම්බන්ධයෙන් පමණක් නොව තම අසල්වාසීන් නෑයින් පිළිබඳව ද සිතන කාෂිකාර්මික ආකල්පයන් සහිත එවැන්නන් හා කෙරුණු සාකච්ඡා පහත පෙළ ගැසේ.

    ජගත් රෝහණ හෙට්ටිආරච්චි මහතා

    ජගත් රෝහණ හෙට්ටිආරච්චි මහතා, උඩුබද්දාව ප්‍රදේශයට අයත් දකුණු දුනකදෙනිය ග්‍රාමයේ වෙසෙන දෙදරු පියෙකි. ආදර්ශමත් පාසල් ගුරුවරයෙකි. ඔහු කොරෝනාවෙන් ලැබූ නිවාඩුව පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කරන්නේ, සංකීර්ණ ජීවන අරගලයන්ට මැදිව හෙම්බත්ව සිටි මිනිසුන්ට මඳක් නිවී සැනහෙන්නට ස්වභාව ධර්මය විසින් පුංචි විරාමයක් ලබා දී ඇති බවයි. ඒ  පුංචි විරාමය ජීවිතයට සමීප කළ දේවල් අතර ඉතා වැදගත්ම දේ විවිධ බෝගවලින් පිරුණු ගෙවත්තක හිමිකරුවෙක් වීම බව සඳහන් කරන්නේ තෘප්තිමත් මුහුනින්ය.

    අසල්වාසීන්ගෙන් හුවමාරු කර ගැනීමෙන්  මෙන්ම කෘෂි බීජ අලෙවි සැල්වලින් ලබාගත් බීජ භාවිතා කරමින් තමන් දන්න තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුව විවිධ එළවළු වර්ග, පළා වර්ග ගණනාවක් මේ වන විට තමාගේ නිවස අවටත් නිවස ආසන්නයේ තිබෙන අමතර ඉඩම් කැබැල්ලේත් වගා කර ඇති බව පෙනෙන්නට තිබිණි. කැලෑවෙන් වැසී තිබූ මෙම භූමිවල පසේ ඇති නැවුම් සාරවත්භාවය නිසා අමතරව පසට පොහොරක් එක් නොකළ ද ග්ලිඩිසීරියා කොළ සහ වෙනත් කාබනික ද්‍රව්‍යවලින් තම වගාවන් පෝෂණය කරන බව ජගත් ඉස්කෝලේ මහත්මයා සඳහන් කරන ලදි.

    ජගත් මහතා සහ බිරිය වගාවන්ට සාත්තු කරමින්

    ගුරුවරියක් වන ඔහුගේ බිරිඳ මේ කාර්යයන් සියල්ල පසුපස හිඳිමින් ඔහුට සහය වන්නේ ඉතාමත් සතුටිනි. ඉදිරියේ දී වස විසෙන් තොර නැවුම් එළවළු වර්ග, පළා වර්ග තමන්ට පමණක් නොව තම නෑ හිතමිතුරන් සමඟත් සුළු වශයෙන් හෝ බෙදා හදා ගැනීමේ අවංක සිතුවිල්ලක් ද ඔහු තුළ පවතික බවට සඳහන් කළ ජගත් මහතා කොරෝනා කාලය අවසන් වුවත් තමන්, බිරිඳ දුව සහ පුතා මේ ගෙවත්ත තනි නොකරන බව  ද මතක් කළේය.

    කමල් රන්දෙනිය මහත්මා පෞද්ගලික ආයතනයක සේවය කරන දකුණු දුනකදෙනිය ග්‍රාමයේ ම වෙසෙන පුතුන් දෙදෙනෙකුගේ දයාබර පියෙකි. ඔහු සඳහන් කරන්නේ, උදෑසනක ගහකට කොළකට වැටෙන ලා හිරු රැසක් දකින්නට හෝ සන්ධ්‍යාවක සියුම් සුළඟක් ඇඟට විඳ ගන්නට හෝ අවකාශයක් නොලැබ කලුවරේම නිවසින් පිටත් වි කලුවරේම නිවසට එන මිනිසුන්ගේ හැල්මේ දිව ගිය ජීවිත එක්වරම මොහොතකින් නතර කළ ඒ කොරෝනාව ආශ්චර්යයක් බවයි.

    කමල් රන්දෙනිය මහතා

    කොරෝනා වසංගතයත් සමඟ ඇතිවිය හැකියැයි අපේක්ෂා කළ ආහාර හිඟයට මුහුණ දීමට තමන් තුළ ඇති වූ ධෛර්යය ඊටත් වඩා ආශ්චර්යයක් බව ඒ මහතා සඳහන් කරයි.  සුපුරුදු දින චර්යාවෙන් මිදී දින සති ගෙවෙන විට සමාජ ජාල ඔස්සේ එහා මෙහා හුවමාරු වන ගෙවතුවල දර්ශන ඒ වගේම රජයේ නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුළ ඉතා වැදගත් අංගයක් වු වස විසෙන් තොර ආහාර බෝග නිෂ්පාදනයේ ඇති වැදගත්කම ආදී තොරතුරු අතරින් ගෙවත්තක් සාදා ගැනීමේ සිතිවිල්ල තමන්ගේ සිතට කාවැදුනු බව කමල් මහතා සඳහන් කළේය. කෘෂිකාර්මික අංශයට අදාළ රැකියාවක නියුතු ඔහුගේ බිරිඳත් පාසල් යන පුතුන් දෙදෙනාත්  මෙම කාර්යයට උපරිම සහයෝගය දූන් බව ඔහු සඳහන් කළේය.

    බීජ සහ රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීමේ දී මහත් වෙහෙසක් දරන්නට සිදු වු බව සඳහන් කළ මොහු දින කිහිපයක් මහන්සි වී ඒවා සපයා ගත් බව සඳහන් කළේය. ඒ තරමටම බීජ සහ රෝපණ ද්‍රව්‍ය සඳහා ඉල්ලුමක් එම දිනවල පැවති බව හේ සඳහන් කළේය. අන්තර්ජාලයේ සැරිසරමින් සම්ප්‍රදායික දැනුම සහ ඥානය පිළිබඳ තොරතුරු රැස් කරමින් ඒවා අත්හදා බැලීමටත් ඔහු උත්සහා දරා ඇති බව ඔහු සඳහන් කළ කරුණුවලින් පැහැදිලි විය.

    කමල් මහතා කරවිල වගාවට සාත්තු කරමින්

    ඔහු විසින් නිවස අවට ඉඩක් ඇති සෑම බිම් අඟලකම ඉන්දවා ඇති විවිධ එළවළු පැළ සාරවත්ව පවත්වා ගැනිම සඳහා සෑම පාත්තියකටම ග්ලිඩිසිරියා කොළ අතුරා ඇත. ඔහු සඳහන් කරන ආකාරයට මෝරන ලද ග්ලිඩිසීරියා කොළවලට වඩා ලපටි කොළ වඩාත් ප්‍රතිඵලදායක වේ. ඊට අමතරව කෘමීන් සහ පළිබෝධකයින්ගෙන් තම වගාවට වන හානිය අවම කර ගැනීමටත් පොටෑසියම්, පොස්ෆරස් වැනි ඛණිජ පසට එක් කිරීම සඳහාත් කැප්පෙටියා කොළ, ගං සූරිය කොළ භාවිතා කරන බවත් සඳහන් කරන ලදි. මිරිස්, වම්බටු, එළබටු වැනි වගාවන්ගේ කොළ කොඩ වීම වැළැක්විම සඳහා රතුලූනු/රට ලූනු සහ සුදු ලුනු පොතු බ්ලෙන්ඩර් කර තනුක කිරීමෙන් අනතුරුව එම දියරය භාවිතා කළ බව ද කමල් මහතා සඳහන් කරන ලදි.

    කොරෝනා බිය පහවෙමින් ගිය ද එයින් තම ජීවිතයට එක් කළ වැවීමේ ආශාව හා උනන්දුව  මෑ, වැටකොළු, පතෝල, වැල් ඒවායෙහි ආධාරක දිගේ ඉහළට යන්නා සේ දළුලමින් වැඩෙන බව ඔහු පවසන්නේ අතිශය ප්‍රීතියකිනි. සියලු බෝගවල ඵල හටගන්නට දැන් සූදානම්ය. කමල් මහතමා සඳහන් කරන පරිදි අද හෝ හෙට ඔහුටත් බිරිඳටත් රැකියාවන් සඳහා යායුතු වන්නේය. නමුත් මේ ව්‍යවසන කාලයේ  දී ලද ශික්ෂණය මියෙන්නට ඉඩ නාරින බව ඔහු තරයේම කියා සිටියේය. නොසිතු වෙලාවක ජීවිතයට ලැබුණු මේ ඉසිඹුව, නිදහස්  සරල ජීවිතයක අරුතත් ස්වභාව ධර්මයට ආදරය කිරීමෙන් ලැබෙන නිරාමිස සුවයත් පහදා දුන් බව  කමල් මහතා නිවුණු මනසින් සඳහන් කළේය.

    ප්යල් අබේවික්‍රම මහතා

    පියල් අබේවික්‍රම මහතා, දකුණු දුනකදෙනිය ග්‍රාමයේ වෙසෙන කලක් ගුවන් හමුදාවේ සේවය කර විශ්‍රාම යාමෙන් අනතුරුව දැනට රජයේ ආයතනයක සේවය කරන තිදරු පියෙකි. ඔහුගේ බිරිඳ පාසල් ගුරුවරියකි. කාලයක පටන් ඉඩ ලැබෙන සෑම මොහොතකම තම ගෙවත්තේ විවිධ බෝග වගා කිරීමට තමා පුරුදු වි සිටින බව සඳහන් කළේය. කොරෝනා වසංගතය  නිසා ලැබුණු දීර්ඝ විරාමය ඔහුගේ මෙම පුරුද්ද වර්ධනය කිරීමට සමත් වු බව මේ මහත්මා විසින් සඳහන් කරන ලදි.

    පියල් මහතාගේ රතුළුෑණු වගාව

    කොරෝනා වසංගතය ආරම්භය සමඟින්ම තම නිවස වටා ඇති භූමියේ ඉඩ පහසුකම් ඇති සෑම ස්ථානයකම එළවළු සහ පළා වර්ග සිටුවීමට පියල් මහතා උත්සහ දරා ඇති බව ගෙවත්තට පිවිසෙන ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන දසුනක් වේ. නිවිති, කංකුං, මුගුනුවැන්න එක් පසෙක ද ඉතා පුංචි ඉඩක රතුලූනු ද ගෙවත්තේ වැට ආධාරකයක් වනසේ සිටුවා ඇති මෑ වර්ග , වැටකොළු සහ පතෝල වැල් ද සාරවත්ව මල් පිදී ඇත.

    නිවසට අවශ්‍ය කෙරෙන බොහෝ එළවළු වර්ග තම ගෙවත්තෙන් නෙළා ගැනීමේ අපේක්ෂාව සිත්හි දරාගෙන එයින් ලැබෙන සතුට පියල් මහතා අප්‍රමාණව භුක්ති විඳින් සිටියි. උදෑසනම නැගිට තමන් සිටුවා ඇති බෝග වර්ගවලට සාත්තු කිරීම දැන් මොහුගේ දින චර්යාවේ ප්‍රධාන අංගයක් වි ඇත. එය තම ශරීර සෞඛ්‍යය වර්ධනයට ඉතාමත් යහපත් බව පියල් මහතාගේ අදහසයි.

    ජීවිතයට පැමිණෙන බොහෝමයක් ව්‍යසන සේම කොරෝනා ව්‍යසනයත් තමාගේ යහපතට හරවා ගැනීම නිසා රටේ නව කාෂිකාර්මික ප්‍රතිපත්තියේ පෙන්වා දී ඇති වස වස නැති ගොවිතැන, කාබනික පොහොර භාවිතය වැනි කාරණා නිරායාසයෙන් මිනිසා අතර ප්‍රචලිත විම ඉතා යහපත් තත්ත්වයක් බව ද පියල් මහතා සඳහන් කරයි.

    පියල් මහතාගේ කංකුන් වගාව

    ඉහත දැක්වුයේ කොරෝනා වයිරසය නිසා ලැබුණු විරාම කාලය අර්ථවත් කරගත් මහත්වරුන්ගේ කථා කිහිපයකි. එම සාකච්ඡා තුළින් පැහැදිලි වන කරුණු කිහිපයකි. එනම්, රජයන් බිහිවන විට නව ප්‍රතිපත්ති ද බිහිවෙයි.

    ප්‍රතිපත්ති කෙතරම් බිහි වුණ ද ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ නවතාවයකට නොඑළැඹුනු පසුබිමක වන විට බොහෝ සැලසුම් මල් ඵල ගැන්වෙන්නේ නැති තරම්ය. නමුත් මේ කොරෝනා සමයේ දී ස්වභාව ධර්මය විසින් සියලු මනුෂ්‍ය වර්ගයා වෙත සියලු දේ සම්බන්ධයෙන් ඉතා උසස් සත්‍යාවබෝධයක් ලබා ගැනීමේ මාර්ගය ලබා දී ඇත. එබැවින් අද වන විට මානව ආකල්ප වඩාත් සුබදායක මට්ටමකට පැමිණ ඇත.

    ගුරුවරයාත්, ලිපිකරුවාත්, විධායක ශ්‍රේණියේ නිලධාරියාත්, පෞද්ගලික අංශයේ නිලධාරියාත් ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරියාගේ සිට කම්කරුවා දක්වා වූ දාමය තුළ මිනිසුන්ගේ සිත් තුළ පවතින අවශ්‍යතාවන්ට මුදල් පමණක් තිබීම ප්‍රමාණවත් නැත යන ආකල්පය ගෙවී ගිය දෙ මස තුළ මිනිස් මනසේ ගැඹුරටම කිඳා බැස ඇත.

    මේ මහ පොළවට සහ අහස් තලයට ස්වභාව ධර්මයෙන් ලද ඒ සොඳුරු ඇමතුම කෙතරම් අගනේ ද? එසේ නම්  කොවිඩ්-19ත් සමඟ අපට උරුම වු ඒ වඩා සංවේදී වූ සහ පිරිසිදු වු මේ සමාජය තුළ නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ  යහපත් මාර්ගයක් ලැබී තිබීම අනාගතය පිළිබඳ සුබ ලකුණක පෙර නිමිති බව පෙනී යයි.

    එම්.ඩී. සුසිලා ලූර්දු, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී, කෘෂි ප්‍රතිපත්ති හා ව්‍යාපෘති ඇගයුම් අංශය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

  • ෂාරුක් ඛාන්ගේ බඩපිස්සාගේ උපන් දිනය සැමරූ සුවිශේෂ දසුන් මෙන්න !

    ෂාරුක් ඛාන්ගේ බඩපිස්සාගේ උපන් දිනය සැමරූ සුවිශේෂ දසුන් මෙන්න !

    ෂාරුක් ඛාන් බොලිවුඩයේ රජු වන අතර ඔහුට සුළු හෝ අභියෝගයක් කිරීමට ආසන්නයේ හෝ කිසිවෙක් නැහැ. ෂාරුක් මේ තරම් රසිකයින් අතර ජනප්‍රිය වුණේ කොහොමද ? ඒ සදහා ප්‍රමුඛ වුණේ ඔහුගේ ආසාමන්‍ය පෞරූෂය හා රංගනය ද? මෙ ගැන බොලිවුඩ් සිනමා විචාරකයෝ පොදුවේ එකග වෙනවා. ඒත් ඔවුන් ෂාරුක් වෙනුවෙන් තවත් සුවිශේෂ යමක් එකතු කිරීමට කැමතියි.

    ‘ඔහු පරිපූර්ණ මිනිසෙක්. ගෞරවනීය පවුල් ජීවිතයක් ගත කරන ආදර්ශමත් සැමියෙක්. පියෙක්. මේ සියල්ල එක් වූ විට ෂාරුක් කියන්නේ බොලිවුඩයේ රජු තමයි‘ බොලිවුඩ් විචාරක තුෂාධර් කියනවා.

    ෂාරුක් විවාහ වුණේ සිය ළමා කාලයේ පෙම්වතිය වන ගෞරි ඛාන් සමඟයි. එයත් බොලිවුඩ් ප්‍රේම වෘතාන්තයක් තරම් සුන්දර කතාවක්. ඒ විවාහයෙන් ෂාරුක් ආර්යන්, සුහානා සහ අබ්රාම් යන දරුවන් තිදෙනාගේ පියා බවට පත් වුණා.

    පවුලේ බාලයා වන අබ්රාම්ගේ 07 වැනි උපන් දිනය යෙදී තිබුණේ ඊයේ (27). ෂාරුක් තම බඩපිස්සා වෙනුවෙන් උපරිම කාලය ගත කළ බවයි බොලිවුඩ් වාර්තා කියන්නේ. ‍ෙ

    මේ වන විට ෂාරුක්ගේ මුම්බායි නිවසේ සිටින්නේ අබ්රාම් පමණයි. සුහනා සහ ආර්යන් යන දෙදෙනාම විදේශයන්හි අධ්‍යාපනය හදාරමින් සිටින නිසා ඔවුන්ගේ ආදරණීය තාත්තා සමඟ වැඩි කාලයක් ගත කිරීමට නොහැකියි.

    ඉතින් අබ්රාම් තම උපන්දියන සුපිරි තරු තාත්තා සමඟ ගත කළ අයුරු අපි පින්තූරවලින් බලමු.

    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර
    උපන් දින පිරිමි ළමයෙකු වන අබ්රාම් ඛාන් ඔහුගේ පියා ෂාරුක් ඛාන් සමඟ පින්තූර

    f‍ilmfare ඇසුරින් සකස් කළේ තුෂාධවි

  • ගෙවතු වගාව ගැන බ්‍රිතාන්‍යයෙන් නව අර්ථකථනයක් – ‘මගේ ගෙවත්ත මට පමණක් නොවෙයි’

    ගෙවතු වගාව ගැන බ්‍රිතාන්‍යයෙන් නව අර්ථකථනයක් – ‘මගේ ගෙවත්ත මට පමණක් නොවෙයි’

    කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ, ගෙවතු වගාවට ද මීට සමාන ආයාචනයක් ඇත: එය අපේ නිවසේ පුද්ගලික ආහාර සුරක්ෂිතතාවයට තිරසාර විසඳුමක් ලබා දෙනවා පමණක් නොව, අපගේ අසල්වැසියන් ද රැකබලා ගැනීමට ඉඩ සලසයි. අවිනිශ්චිතතාවයේ හා ව්‍යාකූලත්වයේ දී, සලාද කොළ බීජයක් සිටුවීමෙන් පවා බලාපොරොත්තුවේ සමානත්වයක් ලබා දිය හැකිය.

    කොවිඩ්-19 වසංගතය ගෝලීය වශයෙන් සහ පුද්ගලිකව කොතරම් දැවැන්ත විනාශයක් ඇති කළත් ඒ තුළින් නිර්මාණය කළ ධනාත්මක දේ ගැනත් දැන් දැන් ලෝකය පුරා කතා වෙනවා. ඒ අතර කෘෂිකර්මාන්තය, විශේෂයෙන් ‘තමන් විසින්ම වවා ගෙන ආහාරයට ගැනීම, එහෙම නැතිනම් ලංකාවේ අපි කියන ‘ගෙවත්ත‘ට ඉහළ වටිනාකමක් මේ වන විට හිමිවෙලා තිබෙනවා.

    බී.බී.සීය ඇතුළු බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය මේ තත්ත්වය වාර්තා කරන්නේ ‘විලාසිතාවක්‘ විදිහටයි. අපි කතා කරන ලංකාවේ ගෙවත්තේ ‘ගෝලීය‘ ප්‍රවණතාව ගැන බී.බී.සී ලෝක සේවය විසින් මැයි 25 (අද) දින ප්‍රකාශයට පත් කළ අලුත්ම අලුත් වාර්තාවක් මේ අතර අපට හමු වුණා. මේ ගෙවත්තට පෙම්බදින ඔබ තුළ උත්තේජනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් එම ලිපියේ සිංහල පරිවර්තනයක්.

    එක්සත් රාජධානියේ අගුලු දැමීම ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ මාර්තු අග ය. ඒ සමගම, මම බීජ පැළ තැටියක් සහ ‘Cut ‘n’ Come Again‘ පළා කොළ පැකට් දෙකක් ඇණවුම් කළෙමි: arugula, rucola, පෙරදිග අබ, පැක් චෝයි සහ බෝර්කෝල් ඒ අතර විය. 

    මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, අගුලු දැමීම තවමත් ඉවත් කර නැත, නමුත් මගේ සලාද කොළ වගාව සාර්ථක වී ඇත. ගෝලීය වශයෙන් කෝවිඩ් -19 වසංගතය ගැඹුරු අවිනිශ්චිතතාවයේ හා එකතැන පල්වීමේ කාලපරිච්ඡේදයක් දක්වා ඇත. නමුත් මගේ එළවළු වගාව තුළ දිනපතා සිදුවන මේ පූරු ප්‍රාතිහාර්යයන් දැකීම සැනසිලිදායකය. එසේ සිතන්නේ මා පමණක් නොවේ‘‘

    කෝවිඩ් -19 වසංගතයේ එක් ප්‍රති result ලයක් වන්නේ බීජ අලෙවිය ඉහළ යාමයි. මන්දයත් මිනිසුන් ආහාර නිෂ්පාදනය තමන් අතට ගෙන ඇති හෙයිනි (ණය: ණය: ලැරිසාල් / ගෙටි රූප)
    කෝවිඩ් -19 වසංගතයේ එක් ප්‍රතිඵලයක් වන්නේ බීජ අලෙවිය ඉහළ යාමයි. මන්දයත් මිනිසුන් ආහාර නිෂ්පාදනය තමන් අතට ගෙන ඇති හෙයිනි

    වසංගතයේ මුල් සතිවල ගෝලීය සැපයුම් දාමය අවුල් ජාලයකට ඇද දැමූ අතර තොග ගබඩා කිරීමේ රැල්ලක් ඇති විය. එක්සත් ජනපදයේ වුවත් අපි දුටු විකල්ප කිරි විකුණුම්, ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙදසැල්වල රාක්ක හිස්වීම, ඉතාලියේ ප්‍රධාන ආහාරය වන පැස්ටා හිගවීම, බ්‍රිතාන්‍යයේ බිත්තර හිගය නාගරික ජනතාව අපේක්ෂාභංගත්වයට පත් කළේය.

    ටයිම් සඟරාවට අනුව බොහෝ රටවල් නැවුම් එළවළු සහ කොළ වර්ග (සලාද) හිගයක් ගැන බිය පළ වී තිබේ. මේ අනුව ඕනෑම අර්බුදයකදී මෙන්, (බීජ අලෙවිය ඉහළ යාමෙන් ඉස්මතු වන පරිදි) කාරණා තම අතට ගැනීමට ජනතාව ඉක්මන් වී ඇත.

    බ්‍රිතාන්‍ය ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය (UK’s Office for National Statistics (ONS) විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවලට අනුව බ්‍රිතාන්‍ය අගුළු දැමීමෙන් පසු බ්‍රිතාන්‍යෙය් ගෘහ ඒකකවලින් 42%ක් ගෙවතු වගාව ආරම්භ කර ඇති අතර මිලියන තුනක් රාජකීය උද්‍යාන සමාජය වෙබ් අඩවියට (Royal Horticultural Society website) පැමිණ විවිධ බෝග වගා පිළිබඳ උපදෙස් සඳහා සොයා ඇත.

    මේ සමග බ්‍රිතාන්‍ය ජනතාව තම ගෙවත්ත තුළ පස් පෙරළමින්, බැල්කනිවල පැළ සිටුවමින්, ජනෙල් මත රැදවිය හැකි වගා පෙට්ටි භාවිත කරමින් ආහාර බෝග වගාව ආරම්භ කර ඇත.

    ‘ හැකි ඉක්මනින් ඔබේ ආහාර ඔබ විසින් වගා කර ගන්න‘ යන මෙම අදහස මීට පෙර සාර්ථකව ක්‍රියාත්මක වූ ‘ජයග්‍රාහී ගෙවතු වගාව Victory gardening ‘ හා සැසඳීමට හේතු වී තිබේ. 

    අත්ලාන්තික් සාගරයේ දෙපස පිහිටි උතුරු ඇමරිකාවේ සිට මහා බ්‍රිතාන්‍යය දක්වාත්, ඕස්ට්‍රේලියාවේ තවත් දුර බැහැර ප්‍රදේශවලත් ‘මුළුතැන්ගෙයි උද්‍යාන Kitchen gardens‘  පළමුවන ලෝක සංග්‍රාමයේ හා දෙවන ලෝක සංග්‍රාමයේ දී ජනප්‍රිය විය. 

    ඊට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩු විසින් යුද ප්‍රයත්නයන්ට සහ රට පෝෂණය කිරීමට පුරවැසියන්ගෙන් සහයෝගය ඉල්ලා සිටින දේශීය ව්‍යාපාර සම්බන්ධීකරණය කරන ලදී. ඒ සමග ‘පස සමග වැඩ කිරීම (වගා කිරීම) දේශප්‍රේමී යුතුකමක් බවට පත්විය.

    පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයේදී මිත්‍ර රටවල සාර්ථකත්වයට “ජයග්‍රාහී උද්‍යාන” ණයගැතිය. (ණය: ණය: CSMimages / ගෙටි රූප)

    පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයේදී මිත්‍ර රටවල සාර්ථකත්වයට “ජයග්‍රාහී උද්‍යාන victory gardens” ණයගැතිය.

    එක්සත් රාජධානියේ, වඩාත් පුළුල් ලෙස සිහිපත් කරනු ලබන්නේ 1939 දී බ්‍රිතාන්‍ය කෘෂිකර්ම අමාත්‍යංශය විසින් දියත් කරන ලද “විජයග්‍රහණය සඳහා වූ ඩිග් Dig for Victory ” ව්‍යාපාරයයි. එය කෙතරම් සාර්ථකද යත්, වසර තුනක් තුළ උද්‍යාන මිලියන 1.7 දක්වා වර්ධනය වූ අතර එළවළු නිෂ්පාදන සහිත පෞද්ගලික උද්‍යාන අංක මිලියන පහක් බිහිවිය.

    එම කාලය තුළම උද්‍යාන විද්‍යාත්මක සඟරාවක් ‘ඉංග්‍රීසි ජාතිකයන් සාප්පු හිමියන්ගේ ජාතියක් English were a nation of shopkeepers‘ යන නැපෝලියන්ගේ ප්‍රකාශය අර්ථ නිරූපණය කළේය. 

    ගෙවතු වගාව පිළිබඳ අපගේ ඇල්ම ජාතික විනෝදය ඉක්මවා යයි. එය මුල් බැස ඇත්තේ බ්‍රිතාන්‍ය මනෝභාවයේ ය. බ්‍රිතාන්‍යයන් සඳහා, අපේම නිෂ්පාදන වැඩීම මගින් ප්‍රදේශවාසීන් එකට එකතු කිරීමේ අමතර වටිනාකමක් ඇත‘ එය වැඩි දුරටත් ලිවීය.

    වික්ටරි උද්‍යාන යනු ආහාර සඳහා එළවළු වැවීම ම පමණක් නොවේ. පලතුරු සහ එළවළු වගා කිරීම මගින් ජනතාව තුළ චිත්ත ධෛර්යය ඉහළ නැංවීය. වඩා හොඳ යහපැවැත්මෙන් යුත් ප්‍රජාවන් සඳහා සහ නිවසේ සිරවී සිටින අයට කොතරම් කුඩා වුවත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකි බව එමගින් පැහැදිලි කර දුන්නේය. 

    වික්ටරි උද්‍යානවල උරුමය අපට අදත් දැනෙන්නට ඇත්තේ මේ නිසා විය හැකිය. එය පුනර්ජීවනය කිරීමට අවශ්‍ය ප්‍රජා හැඟීම පිළිබඳ හැඟීමකි. ජයග්‍රාහී උද්‍යානයක් වචනානුසාරයෙන් පවසන්නේ අප මේ තුළ සිටින බවයි.

    බ්‍රිතාන්‍යයේ වාර්ෂික “යෝධ එළවළු” තරඟ ඉතා ජනප්‍රියයි - සහ ඉහළ තරඟකාරිත්වයක් ඇත (ණය: ණය: ඔලි ස්කාර්ෆ් / ගෙටි ඉමේජස්)
    බ්‍රිතාන්‍යයේ වාර්ෂික “යෝධ එළවළු” තරඟ ඉතා ජනප්‍රිය අතර එය ඉතා තරඟකාරීය

    තම වගාවෙන් ලබා ගන්නා අස්වැන්න නිවසේ පාරිභෝජනයට ගැනීමට අමතරව ඔවුන් තම ඵලදාව අසල්වැසියන් සමඟ නිරන්තරයෙන් බෙදා ගනී. මේ පිළිබදව ඇති සංඛ්‍යා ලේඛන පවසන්නේ ගෙවතු වගාව ආරම්භ කර ඇති 42%ක් වන පිරිසෙන් 10%ක් තම ඵලදාව අසල්වැසියන් සමග බෙදා ගත් බවයි.

    අගුලු දැමීම ආරම්භ වී සති තුනකට පසු අසල්වැසියන් ගෙවතු වගා කිරීම නිසා නිර්මාණය වී ඇති අරුමය මම මුලින්ම දුටුවෙමි.

    මා දන්නා අසල්වැසි කාන්තාවක් මගේ නිවසේ දොරට තට්ටු කළේය. මම පිළිතුරු දුන් විට, ඇය ගේට්ටුව පිටුපසින් “ඇල්පයින් ස්ට්‍රෝබෙරි” කියා කෑගැසුවාය. 

    සතියකට පසු, ගම්මිරිස් බීජ පැල තුනක් දර්ශනය විය. (තවත් තෑග්ගක්).

    ඇයට තෑග්ගක් ලෙස මම මගේ කිකිළිය දැමූ අලුත්ම බිත්තර ඇයට ලබා දුන්නා. ඇය විස්මයට පත් වූ අතර එදින සිට ඇය සහ ඇගේ සැමියා ද මේ තෑගි හුවමාරුවට එක් වුණා.

    මෙවැනි සුහදත්වයක් වර්ධනය කර ගැනීමට අපට අගුළු දැමීම සිදුවන තෙක් බලා සිටීමට සිදු වුණේ ඇයි ?

    ඔවුන්ගේ ගේට්ටුවෙන් පිටත ඔවුන් තමන්ට අවශ්‍ය නොවන නිෂ්පාදනවල අතිරිත්තය එල්ලා තබයි. කැමැති කෙනෙකුට ඒවා රැගෙන යා හැකිය.

    “කවුරුහරි ඔබේ ගෙවත්තේ යමකට කැමති නම්, ඔබට ඔවුන් වෙනුවෙන් කැපීමක් කළ හැකියි” මගේ අසල්වැසි ජෝන් පැවසීය. 

    “එයින් ඔබට කිසිවක් වැය නොවේ.”

    තක්කාලි යනු අඩු ඉඩ ප්‍රමාණයක් ඇති ගෙවතු වගාකරුවන් සඳහා ජනප්‍රිය තේරීමක් වන අතර ඒවා අනුවර්තනය කළ හැකි සහ වැඩීමට පහසුය (ණය: ණය: වයිරාගා / ගෙටි රූප)
    තක්කාලි ඉතා අඩු ඉඩක වගා කළ හැකි නිසා ගෙවතු වගාකරුවන් සඳහා ජනප්‍රිය තේරීමකි

    ගෙවතු වගාව ප්‍රවර්ධනය සදහා බ්‍රිතාන්‍ය රජය සහ ලාබ නොලබන සංවිධාන විසින් ද අනුබල දෙන අතර නොමිලේ බීජ ලබාදීම ද සිදුවේ. ලාභ නොලබන බීජ නිෂ්පාදකයෙකු ඩයෑන් හෝල්නස් පැවසුවේ තමා ගෙවතු හිමියන්ගේ ඉල්ලීම් මහත් සතුටින් ඉටුකළ බවයි.

     “අපි 150 දෙනෙකුට පමණ බීජ යැව්වා. ආහාර මිල ඉහළ යන බව සියලු දෙනා දන්නා බවත්, නැවුම් නිෂ්පාදනවල මිල ගණන ඉතා ඉහළ මට්ටමක පවතින බවත් මම දන්නවා. ඒ නිසා ජනතාව වගා කිරීමට කැමතියි. අපි ලාභය ගැන නොතකා ඒවාට සහාය දැක්විය යුතුයි. මේ බීජවලින් ලාබ උපයන අවස්ථාවක් නොවෙයි” ඩයෑන් පැවසුවාය.

    ගෙවතු වගාකරුවන් වැඩිපුරම ඉල්ලූ බීජ වූයේ තක්කාලිය. ඒවා පහසුවෙන් අනුවර්තනය කළ හැකි අතර වර්ධනය වීමට ද පහසුය. 

    “මම හිතන්නේ ඒවා ඉතා කුඩා අවකාශයට, බැල්කනියට පවා ගැලපෙන එක් බෝගයක්” යැයි ඇය පැවසුවාය.

    නිරෝධායනයට ප්‍රතිචාරයක් ලෙස නිර්මාණය කරන ලද Bridport Grow Your Own ෆේස්බුක් කණ්ඩායම බිස්ට්‍රල් නගරය හරිතකරණය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. 1930 ගණන්වල ඩිග් ෆෝ වික්ටරි පත්‍රිකා වර්ධනය වන තොරතුරු විකාශනය කළා සේම, සබැඳි කණ්ඩායම් නව වගාකරුවන්ට උපකාර කරයි.

    එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයට අනුව, බ්‍රිතාන්‍යයන්ගෙන් 42% ක්ම ගෙවතු වගාව සඳහා අගුලු දමා ඇත (ණය: ණය: බ්ලොක්ෆොටෝ / ගෙටි රූප)

    එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයට අනුව, අගුළු දැමීම සමග බ්‍රිතාන්‍යයන්ගෙන් 42% ක්ම ගෙවතු වගාව සඳහා කටයුතු කර ඇත

    “නගරයක් වශයෙන්, මම හිතන්නේ අපි සියල්ලෝම එහි සිටිමු,” පරිසරවේදී සහ අධ්‍යාපනඥ Kim Squirrel මට පැවසීය. 

    “මිනිසුන් තම උද්‍යානවල වගාකර ඇති අතර එවැනි උද්‍යාන නැති අය තමන්ට හැකි ආකාරයේ විවිධ ආකාරයෙන් වගා කර තිබෙනවා. දැන් ඒවා වැඩෙමින් තිබෙනවා” කිම් පැවසුවාය. 

    ඇය අසල්වැසි රේචල් මිල්සන් ද ඇතුළුව අසල්වැසි කාන්තාවන් සමග ගෙවතු වගාවේ නිරත වෙයි. දෙදෙනාම ඔවුන්ගේ පූර්ණ අවධානය යොමු කර ඇත්තේ සාර්ථක වගාවක් ලබා ගැනිම සඳහා ය. කිම්ගේ පොටෑජර් උද්‍යානයේ බෝංචි සමඟ එළවළු හා කොළ වර්ග රැසක් ඇත. එස්පලියර් ඇපල් ගස් ගිම්හානයේදී පල දරනු ඇති බව ඇය පවසයි.

    මිල්සන්ගේ උද්‍යානය ද ඒ හා සමානවම සිත් ඇදගන්නා සුළු ය: බීට්රූට්, ළූණු සහ ලීක්ස් වැනි භෝග විශාල වශයෙන් වගා කර ඇති අතර තවත් කොටසක.  ඇස්පරගස් වැනි බහු වාර්ෂික එළවළු වල අත්හදා බැලීමකි.

    “ මගේ අරමුණ මුදල් ඉපයීම හෝ මගේ පවුලට අවශ්‍ය දේ වගා කිරීම පමණක් නොවෙයි. මගේ ඇසල් වැසියන් සදහා ද වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම මගේ අපේක්ෂාවයි‘ මිල්සන් පැවසුවාය.

    ඔබට අවශ්‍ය ආහාර ඔබ විසින්ම වගාකර ගැනීම විනෝදයක් පමණක් නොව “සැබෑ, වැදගත් කාර්යයක්” බව ඇය කියයි. එයට වැඩි පිළිගැනීමක් ලැබෙනු ඇතැයි ඇය ප්‍රාර්ථනා කරයි. 

    මිල්සන් දැඩි ලෙස විශ්වාස කරන්නේ තම වගාව මගින් තමාට පෞද්ගලික ප්‍රතිලාභ ඇති අතර ප්‍රජා යහපැවැත්මටද එය ඉවහල් වන බවයි. ආහාර අසමානතාවය සෑම විටම ඉහළ මට්ටමක පවතින බව සිතන ඇය දේශීය ආහාර බැංකුවකට පරිත්‍යාග කිරීමේ මනසින් අතිරේක එළවළු භෝග ද සැලසුම් සහගතව වගා කර තිබේ.

    රේචල් මිල්සන් බ්‍රිඩ්පෝර්ට් අද්දර තවත් නිවාස 10 ක් සමඟ පුද්ගලික වෙන් කිරීමක් බෙදා ගනී (ණය: ණය: ලිලී කොල්ෆොක්ස්)
    රේචල් මිල්සන් මහත්මිය තම වගා බිම තුළ

    ගෙවතු වගාව විනෝදයක් වන්නේ ඔබ මහන්සි වී ලබා ගත් අස්වැන්න අසල්වැසියන් සම මිතුරන් සමග බෙදාගත් විටයි. ඒත් වඩා වැදගත් වන්නේ ඵලදාවෙන් කොටසක් නොව වගා කිරීම සදහා පැළයක් ලබාදීම බව මිල්සන් මහත්මිය පවසයි.

    ‘එය තමයි සුදුසුම දේ. එවිට ඔබේ ශ්‍රමය ප්‍රජාව පුරාම පැතිර යනවා. හරියට නියමිත පරිදි කළ වගාවක් වාගේ ‘

    මාර්තු 23 වන දින එක්සත් රාජධානිය අගුලු දමා යන විට බෘෘනෝ වයිට් Bruno White සොමර්සෙට් හි ඩිචීට් වෙත ගොස් තිබුණි. තම නව අසල්වැසියන්ට තමා හඳුන්වා දී අන්‍යෝන්‍ය ආධාර කණ්ඩායමක් පිහිටුවන ලෙස ඔහු ලිවීය. 

    ඉතා ඉක්මනින් ඔහුට යහපත් ප්‍රතිචාර ලැබුණු අතර එක් මහත්මයෙක් ඔහුගේ (වයිට්ගේ) දොරකඩ පැලෑටි එකතුවක් තබා ගොස් තිබුණි. තවත් ස්වල්ප කාලයකට පසු තවත් ස්තුතිවන්ත අසල්වැසියෙක් ඔහුට ජෛව විද්‍යාත්මක බීජ (Biodynamic seeds) පැකට් තෑගි කළේය.

    වයිට් එතැන් සිට තම වත්ත වගා කළ අතර ඔහු තම අසල්වැසියන් කොතරම් කාරුණිකද යන්න ගැන පුදුමයට පත් වේ. 

    “අපට දැන් පොදු පදනමක් තිබේ. වසංගතය වටා ඇති බිය හැර වෙනත් දෙයක් ද එය විසින් අපට ලබාදී තිබේ” ඔහු පැවසීය.

    නව ප්‍රවණතාවක් වන්නේ ගෙවතු හිමියන් තම අසල්වැසියන් සමඟ නිෂ්පාදන බෙදා ගැනීමයි (ණය: ණය: ලිලී කොල්ෆොක්ස්)
    නව ප්‍රවණතාවක් වන්නේ ගෙවතු හිමියන් තම අසල්වැසියන් සමඟ නිෂ්පාදන බෙදා ගැනීමයි

    කොවිඩ් -19 වසංගතයේ මුල් දිනවල භීතියෙන් පිරී තිබුණද එය අපට අපේ අසල්වැසියන් ගැන මතකය අලුත් කර තිබේ. ඔවුන්ගේ මුහුණු හා හඩ වඩාත් පැහැදිලි කර දී තිබේ. මෙවැනි පහසු සහ විවේකී අවස්ථාවක් කොවිඩ් නොතිබුණා නම් යළි කිසිදා උදා නොවන බව සියලු දෙනාගේ හැගීම වී තිබේ.

    ‘එය අපේ ගමන මොහොතකට නතර කරලා හුස්ම ගන්න අවස්ථාවක් ලබා දුන්නා. තමා ගැන, තම පවුල ගැන, අසල්වැසියන් ගැන පමණක් නොවෙයි ලෝකය ගැනම කල්පනා කරන්න තරම් ප්‍රමාණවත් නිස්කලංක කාලයක් ලබා දුන්නා. වැඩ …වැඩ… ගමන් බිමන්… සාද… උත්සව… සාකච්ඡා නෑ… අනපේක්ෂිත මොහොතක විශ්‍රාම දිවිය ආරම්භ වුණා වාගේ ‘‘ ජොන් පැවසුවේය.

    පළමු වන හා දෙවන ලෝක යුධ සමයේ ක්‍රියාත්මක වූ ජයග්‍රාහී උද්‍යාන ව්‍යාපාරය victory garden movement ප්‍රජාවන් ශක්තිමත් කිරීමට උපකාරී වූවා පමණක් නොව, යුද බිමට නොගිය සිවිල් වැසියන්ට ඉදිරි පෙළේ සටන් කරන සොල්දාදුවන්ට ධෛර්යක් ලබාදීමට ද, මහා යුද්ධය සදහා වෙනත් ආකාරයකින් දායක වීමට අවස්ථාවක් ලබා දුන්නේය. 

    කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ, ගෙවතු වගාවට vegetable garden ද මීට සමාන ආයාචනයක් ඇත: එය අපේ නිවසේ පුද්ගලික ආහාර සුරක්ෂිතතාවයට තිරසාර විසඳුමක් ලබා දෙනවා පමණක් නොව, අපගේ අසල්වැසියන් ද රැකබලා ගැනීමට ඉඩ සලසයි. අවිනිශ්චිතතාවයේ හා ව්‍යාකූලත්වයේ දී, සලාද කොළ බීජයක් සිටුවීමෙන් පවා බලාපොරොත්තුවේ සමානත්වයක් ලබා දිය හැකිය.

    2020 මැයි 25 වැනි දින බී.බී.සී වාර්තාවක් ඇසුරින් කළ සම්පූර්ණ පරිවර්තනයකි – සැකසුම – තුෂාධවි

  • ආහාර පුරුදු සහ මුඛ සෞඛ්‍ය අතර අන්තර් සම්බන්ධය ගැන සුවිශේෂ හෙළිදරව්වක් !

    ආහාර පුරුදු සහ මුඛ සෞඛ්‍ය අතර අන්තර් සම්බන්ධය ගැන සුවිශේෂ හෙළිදරව්වක් !

    විදුරුමස් රෝගය, හෘද රෝග, දියවැඩියාව හා සමහර විට ඇල්සයිමර් සමග  සම්බන්ධ කරන මෑත කාලීන පර්යේෂණ මගින් අපට බොහෝ දේ වටහා ගත හැකිය. නමුත් ඔබේ දත් සහ විදුරුමස් රැකබලා ගැනීම කොතරම් වැදගත්ද ? එය කළ හැකි හොඳම ක්‍රමය කුමක්ද? යන්න ගැන ඔබ නිවැරදිව දැනුවත් විය යුතුය. මන්ද බොහෝ දේ ඔබ පහසුවෙන් නොතකා හරින විදුරුමස් හා සම්බන්ධව පවතින බව දැන් තහවුරු වී ඇති බැවිණි.

    මහා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ වාර්ත වලට අනුව එක්සත් රාජධානියේ වැඩිහිටියන් බහුතරයකට විදුරුමස් රෝග යම් තරමකට හෝ ඇති අතර බොහෝ මිනිසුන් අවම වශයෙන් එක් වරක්වත් එය එය අත්විඳිති. එය සිදුවන්නේ දත් මත බැක්ටීරියා පදිංචිවීම මගිනි. මේවායින් සමහරක් හානිකර නොවන නමුත් සමහරක් පෝර්ෆිරොමොනාස් ඉඟුරු (Porphyromonas gingivalis) වැනි විදුරුමස් වලට හානි කර දැවිල්ල ඇති කරයි.

    අපගේ ආහාර පුරුදු මගින් අපගේ දන්ත සෞඛ්‍යයට වෙනසක් කළ හැකිද යන්න සහ අපේ මුඛය නිරෝගීව තබා ගැනීමට අපට කළ හැක්කේ කුමක්දැයි අපි විශේෂඥයින්ගෙන් විමසමු.

    අත්‍යවශ්‍ය දෛනික සත්කාර

    ඔබේ මූලික මුඛ සෞඛ්‍යාරක්ෂාව නිවැරදිව ලබා ගැනීම යහපත් දන්ත සෞඛ්‍යයක් සඳහා වන පළමු පියවරයි. දිනකට දෙවරක් දත් මැදීම නිර්දේශ කරන බව අපි කවුරුත් දනිමු. නමුත් අතර මැදි කාලය ගැන කුමක් කිව හැකිද? වඩාත් සුදුසු කෑමට පෙර හෝ පසු දත් මදින්නද?

    “සමහරු කෑමට පෙර දත් මදින්න කැමතියි. සමහරු උදේ ආහාරයෙන් පසුව දත් මදින්න කැමතයි. නමුත් ඔබ උදේ ආහාරයෙන් පසු දත් මදින්නේ නම්, විනාඩි 30ක් රැඳී සිටින්නැයි අපි ඔබට කියන්න කැමතියි. මන්ද ඔබ ආම්ලික හෝ සීනි සහිත යමක් අනුභව කළහොත් ඔබේ දත් මත එනමලය මෘදු වනු ඇති අතර දත් මැදීමට පෙර එය නැවත ඛනිජකරණයට ලක් කිරීමට ඉඩ දිය යුතුයි‘‘ දන්ත වෛද්‍ය විශේෂඥ සකීනා සෙයිඩ් Sakina Syed කියයි.

    “අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔබේ දෛනික අවසාන කාර්යය ලෙස රාත්‍රිය‍ේ දත් මදින්න කියායි. රාත්‍රියේදී ඔබේ මුඛයේ ඇති අන්තිම දෙය දන්තාලේප විය යුතයි‘

    සීනි අධික ආහාර දත් සඳහා නරක බව කවුරුත් දන්නා කරුණකි. නමුත් ගැටළු ඇති කළ හැකි වෙනත් ආහාර මොනවාද? ඔබේ දන්ත සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා ඇතැම් විටමින් හා ඛනිජ ලවණ සහිත ආහාර අනුභව කළ යුතුද?

    “වැදගත්ම විටමින් වන්නේ දත් සඳහා විටමින් D සහ විදුරුමස් සෞඛ්‍යයට විටමින් C යි. වැදගත් ඛනිජ වන්නේ කැල්සියම් සහ පොස්පරස්” යනුවෙන් බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍ය සංගමයේ British Dental Association (BDA) ප්‍රකාශක ඇනා ග්‍රූම් (Anna Groom) පැහැදිලි කරයි.

    විටමින් සී කොලජන් සංස්ලේෂණයට සම්බන්ධ වන අතර එම නිසා නිරෝගී පටක පවත්වා ගනී. සුව කිරීම සඳහා එය වැදගත් වන අතර විදුරුමස් වල ලේ ගැලීම සමඟ දැඩි ඌනතාවය සම්බන්ධ වේ.

    අස්ථි හා දත් සෞඛ්‍යයට අවශ්‍ය කැල්සියම් රඳවා ගැනීමට ශරීරයට හැකි වන පරිදි විටමින් ඩී අත්‍යවශ්‍ය වේ. පොස්පරස් දත් සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා කැල්සියම් සමඟ එක්ව ක්‍රියා කරයි”

    විටමින් සී ඌනතාවය දුර්ලභ ය. නමුත් ඔබ ඔබේ ආහාර වේලෙන් ප්‍රමාණවත් නොවේ නම් ඔබේ ප්‍රමාණය වැඩි කිරීම පහසුය. තක්කාලි, ගම්මිරිස්, බ්රොකොලි සහ අර්තාපල් පවා විටමින් සී අඩංගු අමු ද්‍රව්‍ය කිහිපයකි.

    ආහාර වලින් විටමින් ඩී ලබා ගැනීම අපහසය. එය තෙල් සහිත මාළු, බිත්තර, මස් සහ ශක්තිමත් ආහාරවල තිබියදීත්, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය උපදෙස් දෙන්නේ එය හිරු එළියෙන් ලබා ගැනීමට පියවර ගන්නා ලෙසයි.

    හොඳ කැල්සියම් ප්‍රභවයන් අතර කිරි, කිරි ආහාර, බ්රොකොලි සහ පළා වර්ග, දොඩම්, ටෝෆු සහ ද පරළු පාන් ද ඇතුළත් වේ.

    මස්, බිත්තර, ධාන්‍ය වර්ග, කිරි, සම්පූර්ණ ධන්‍ය වර්ග සහ වියළි පලතුරු වල පොස්ෆොරස් අඩංගු වේ.

    පසුගිය අපේ‍්‍රල් මාසයේදී සිදු කළ සාමාන්‍ය අධ්‍යයනකින් හෙළි වූයේ විටමින් සී වලට වඩා පෝෂ්‍ය පදාර්ථ විදුරුමස් සෞඛ්‍යයට බලපාන බවයි. 

    සති අටක අහඹු ලෙස පාලනය කරන ලද අධ්‍යයනය මගින් පුද්ගලයින් 30 දෙනෙකු කණ්ඩායම් දෙකකට බෙදා ඇත. 

    සත්ව ප්‍රෝටීන සහ සැකසූ කාබෝහයිඩ්‍රේට් අඩු කිරීම සහ ඔමේගා -3 මේද අම්ල, විටමින් සී, විටමින් ඩී, ප්‍රතිඔක්සිකාරක, ශාක නයිට්‍රේට් සහ තන්තු වැඩි කිරීම පර්යේෂණාත්මක කණ්ඩායම විසින් අනුගමනය කරන ලදී. 

    පාලක කණ්ඩායමට සාපේක්ෂව විදුරුමස් දැවිල්ල හා ලේ ගැලීම සැලකිය යුතු ලෙස අඩුවීම මෙම කණ්ඩායම පෙන්නුම් කරයි. එය කුඩා අධ්‍යයනයක් වන අතර නිශ්චිත නිගමනවලට එළඹීමට පෙර තවත් පර්යේෂණ කළ යුතුය.

    “ පළා වර්ග, ඇට වර්ග සහ වෙනත් එළවළු ඇතුළු සමබර ආහාර වේලක් සඳහා අපි උපදෙස් දෙමු” යැයි සයිඩ් පවසයි.

    පැණිරස කළ රසවත් බීම සහ පිරිපහදු කළ සීනි අධික ආහාර වලට අමතරව පහත සදහන් දෑ දත් වලට හානි කිරීම සඳහා නරකම (හා සමහර විට පුදුම සහගත) වැරදිකරුවන් වේ:

    • උණු වතුර මිශ්‍රකළ ලෙමන් – දත් එනමල් ඛාදනය කරයි.
    • වියළි පලතුරු – දත් වලට ඇලී ඇති අතර ඉවත් කිරීමට අපහසු වේ.
    • Crisps – දත් වලට ඇලී සිටී.
    • සමහර පළතුරු සහ සීනි අධික තේ – සීනි අධික විය හැකිය.
    • කාබනීකෘත ජලය – කාබනික වායුව මගින් ජලය වඩාත් ආම්ලික කරයි, එබැවින් එය ආහාර වේල සඳහා ඉතිරි කළ යුතුය.
    • Fruity snack bars – දත් වලට ඇලී සිටී.
    • පැසුණු ආහාර – සාමාන්‍යයෙන් ආම්ලික වන අතර එමගින් දත් එනමලය ඛාදනය වේ.

    ඔබ ආහාර වේලාවට අමතරව ඉහත සඳහන් කිසිවක් අනුභව කරන්නේ නම් හෝ පානය කරන්නේ නම් ඊට පසුව ජලය සමග මෙයට පිළියමක් යෙදීය යුතුය.

    සීනි රහිත චුයින්ගම් හැපීමෙන් හෝ (අපගේ ප්‍රියතම ඉඟිය our favourite tip) කුඩා චීස් කැබැල්ලක් අනුභව කිරීමෙන් උදාසීන බලපෑමක් ඇති කරයි.

    කෙටි කෑමවල අනතුර

    ඔබ සීනි සහිත ආහාරයක් හෝ පිෂ්ඨය ආහාර අනුභව කරන සෑම අවස්ථාවකම ඔබේ මුඛයේ PH මට්ටම පහත වැටෙන අතර බැක්ටීරියා සීනි වලින් පෝෂණය වී අම්ලය මුදා හරිනු ඇත. එබැවින් ඔබ සෑම පැය භාගයකට වරක් ආහාරයට ගන්නේ නම්, ඔබේ දත් ආම්ලික පරිසරයෙන් විවේකයක් ලබා නොගන්නා අතර එය දත් දිරායාමට හේතු වේ.

    බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍ය සංගමයේ විද්‍යාත්මක උපදේශක මහාචාර්ය ඩේමියන් වොල්ම්ස්ලි (Professor Damien Walmsley) පවසන්නේ “ඔබ නිරන්තරයෙන් කෙටි ආහාර අනුභව කරන්නේ නම් ඔබේ දත්වල ඉක්මනින් කුහර ඇති වේ‘‘

    අවාසනාවකට මෙන්, මෙම ආහාරවල පලතුරු ද ඇතුළත් වේ. “ඔබ දවස පුරා ස්වාභාවික සීනි අධික පලතුරු ආහාරයට ගන්නවා නම්, එය තවමත් ඔබේ දිරාපත්වීමේ අවදානම වැඩි කරයි” යැයි සෞඛ්‍යාරක්ෂක සයිඩ් පවසයි.

    දිනකට ආහාර වේල් දෙකකට හෝ තුනකට සීමා කිරීම සහ ආහාර වේල සඳහා සීනි හෝ ආම්ලික ආහාර සහ බීම නොගෙන සිටීමට හැකි නම් එය දන්ත සෞඛ්‍යය සදහා වඩාත් සුදුසුය.

    “ආහාර ගන්නා වේලාවේදී, ආහාර හපන විට ක්ෂාරීය වන ලවණ නිෂ්පාදනය වැඩි වන අතර සීනි හෝ ආම්ලික ආහාර හා බීම තනුක කිරීමට බෆරයක් ලෙස ක්‍රියා කරනවා. ආහාර වේලෙහි ලවණ නිෂ්පාදනය උත්තේජනය කිරීමෙන් හානිකර අම්ල හා ආහාර අංශු දත් වලින් ඈත් වෙනවා. එසේම ඒවා අම්ලය උදාසීන කිරීමට උපකාරී වන අතර ඒවා දිරාපත්වීමෙන් ආරක්ෂා වෙනවා”වෝල්ම්ස්ලි පවසයි.

    ඔබේ දත් රැකබලා ගන්නේ කෙසේද

    “දන්ත දෘෂ්ටි කෝණයෙන් බලන විට බැක්ටීරියා පරිසරය දන්ත සෞඛ්‍යයට බලපාන ප්‍රධාන කරුණු වේ. ආහාර වේලෙහි වෙනසක් කිරීම මෙහිදි වැදගත් වේ. දත් මැදීම සහ අන්තර් දන්ත පිරිසිදු කිරීම (such as flossing) එකට එකතු විය යුතුය. එබැවින් ඔබ මේ දෙකම කරන බවට සහතික වන්න. මෙය එම බැක්ටීරියා වෙනස් කිරීමට උපකාරී වනු ඇත, ” සයිඩ් වැඩි දුරටත් සදහන් කරයි.

    මෙම ලිපිය බී.බී.සී හි පසුගිය මැයි 24 වැනි දින පළ වූ ලිපියකි – සකස් කළේ තුෂාධවි

  • ඉන්දීය පාසල් ශිෂ්‍යාවන් මිලියන ගණනක් අලුත් අර්බුදයකට ලක් වෙලා

    ඉන්දීය පාසල් ශිෂ්‍යාවන් මිලියන ගණනක් අලුත් අර්බුදයකට ලක් වෙලා

    සනීපාරක්ෂක තුවා හිඟයකට ඉන්දියාවේ පාසල් ශිෂ්‍යාවන් බරපතළ ලෙස මුහුණ දී සිටින බව වාර්තා වේ.

    මීට හේතුව කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් ඉන්දියාවේ පාසල් වසා තිබීමය. ශිෂ්‍යාවන්ට සනීපාරක්‍ෂක තුවා ප්‍රධාන වශයෙන් සැපයෙන්නේ පාසල් හරහාය.

    මෙම තත්ත්වය හමුවේ ඉන්දියාව පුරා පාසල් ශිෂ්‍යාවන් මිලියන ගණනක් කනස්සල්ලට පත් වී ඇති බව ඉන්දියාවේ බීබීසී වාර්තාකාරිනී ගීතා පාන්ඩේ පවසන්නීය.

    ප්‍රියා 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. ඇය ජීවත් වන්නේ දිල්ලි නුවර වයඹ දිග ප්‍රදේශයේ බඩ්ලි නමින් හැඳින්වෙන පැල්පත් නිවාස සහිත ප්‍රදේශයේය.

    මෙම ප්‍රදේශයේ පැල්පත් වාසී ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා ලැබෙන්නේ පාසලෙනි. පසුගිය වසර කිහිපය පුරා, මසකට සනීපාරක්ෂක තුවා 10 බැගින් ප්‍රියාට ද පාසලෙන් ලැබිණි.

    මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ කාන්තා සනීපාරක්ෂාව නගා සිටුවීම සඳහා ඉන්දීය රජය මගින් දියත් කර ඇති වැඩසටහන හරහාය.

    GETTY IMAGES

    මාසික ඔසප්වීමට මුහුණ දෙන වයසේ සිටින කාන්තාවන් මිලියන 355ක් ඉන්දියාවේ සිටිති. සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන්නේ ඉන් 36%ක් පමණි.

    අනෙක් පිරිස මාසික ඔසප් දිනවලදී රෙදි කැබලි, කුඩා ඇඳුම්, අළු හෝ ඊට සමාන වෙනත් ද්‍රව්‍ය භාවිත කරති.

    ඔසප් දිනවලදී පාසල් යාමෙන් වැළකී සිටින ශිෂ්‍යාවන් පිරිස මිලියන 23කට ආසන්නය.

    කෙසේ නමුත් කොරෝනාවෛරස් වසංගතය හමුවේ පාසල් වසා දැමීම හේතුවෙන් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා සැපයීම ද නතර විය.

    “අවසාන වතාවට මට පැකට් එකක් ලැබුණේ පෙබරවාරි මාසයේදී. ඊට පස්සේ කඩෙන් තමයි ගන්න ඕනේ. තුවා 7ක පැකට් එකක් රුපියල් 30ක් (ඩොලර් ශත 40ක්) වෙනවා.” ප්‍රියා පැවසීය.

    තවමත් සිය දෙමාපියන්ට එය දැරිය හැකි වීම වාසනාවක් ලෙස ප්‍රියා සලකන්නීය. නමුත් රට වසා දැමීම නිසා ඇයගේ අසල්වැසියන් බොහෝ දෙනෙකුට රැකියා අහිමි වීම හේතුවෙන් ආහාර සඳහා පවා මුදල් නොමැති තත්වයක් උදා වී ඇති බව ප්‍රියා පැවැසීය.

    එවැනි පවුල්වල සිටින ගැහැණු ළමුන් ඔසප් දිනවලදී පැරණි රෙදි කැබලි භාවිතා කරන බව ද ඇය ප්‍රකාශ කළාය.

    GETTY IMAGES

    ප්‍රියාගේ නිවසට සැතපුම් කිහිපයක් එපිටින් තවත් පැල්පත් සපිරි ප්‍රදේශයක් පවතී. එහි පැල්පත්වාසී පවුල් 1,900ක් පමණ වෙසෙති.

    මධු බාලා රාවත්, එම ප්‍රදේශයේ ම ජීවත් වෙමින් පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් සේවය කරන්නියකි. තම ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවන්ට ද සනීපාරක්ෂක තුවා නොලැබෙන බව ඇය පැවසුවාය.

    “වසංගතය කාලෙට පීරියඩ්ස් නවතින්නේ නැහැනේ. පෑඩ්ස් කියන්නේ කාන්තාවන්ට අත්‍යවශ්‍ය ම දෙයක්, ආහාර වගේම. ඇයි ආණ්ඩුව අපේ අවශ්‍යතා නොසලකා හරින්නේ?” ඇය ප්‍රශ්න කළාය.

    මධු බාලා ගේ දියණිය 14 හැවිරිදිය. ඇය ඇතුළු අනෙකුත් පවුල්වල ගැහැණු ළමුන් ද සනීපාරක්ෂක තුවා ලබා ගත්තේ පාසලෙනි. මෙම පවුල්වල කිසිවෙකුට ඒ සඳහා මුදල් වය කළ නොහැකි බව ඇය පැවසුවාය.

    සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදා දීම සඳහා ඉදිරිපත් වූ ස්වේච්ඡා සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ම එම කාර්යයෙහි නිරත වෙති.

    එමෙන් ම, ඇතැම් ප්‍රදේශවල පැල්පත් වාසීන්ට සහ සරණාගත කඳවුරුවල වෙසෙන කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා බෙදා දීම සඳහා පොලිසිය ද එක්වී සිටී.

    දිල්ලි නුවර පැල්පත් වාසී ගැහැණු ළමුන් සහ කාන්තාවන් අතර දෙබා දීම සඳහා සනීපාරක්ෂක තුවා හය ලක්‍ෂයක් පොලිසියට ලබා දෙන බව පසුගිය සඳුදා ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය නිවේදනය කළේය.

    නමුත් මෙම ප්‍රශ්නය පවතින්නේ නගරයේ පමණක් නොවේ.

    නගරයෙන් පිටත ප්‍රදේශයන් හි සනීපාරක්ෂක තුවා හිඟ වීමේ ප්‍රශ්නය උග්‍ර වී ඇතැයි පැල්පත්වාසී තරුණියන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව සොයා බැලෙන සංවිධානයක සේවය කරන ශෛල්ජා මෙහ්තා පවසන්නීය.

    “අනෙකුත් ප්‍රාන්තවල අපේ සංවිධානයේ සාමාජිකයන්ගෙන් අප විමසා බැලුව. මේ ලොක්ඩවුන් කාලය තුළ පාසල් ශිෂ්‍යාවන්ගෙන් 15%ක් පමණයි සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන්නේ. පාසල් වසා දැම්මාට පස්සේ ඔවුන්ට ඒවා ලැබෙන්නේ ප්‍රජා සෞඛ්‍ය සේවකයන්ගෙන් විතරයි. ඔවුන් ළඟ තියෙන ප්‍රමාණය ඉතා අල්පයි.” ඔහු ප්‍රකාශ කළේය.

    පසුගිය මාර්තු 25 වැනිදා හදිසියේ ම රට වසා දැමීමත් සමඟ බොහෝ කර්මාන්ත ශාලා ද වසා දැමිණි. එම අවස්ථාවේ දී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවට මෙම සනීපාරක්ෂක තුවා ඇතුළත් වී නොතිබිණ.

    එම නිසා වෙළඳපොළ තුළ සනීපාරක්ෂක තුවා හිඟයක් ඇති විය.

    ඉන්දියාවේ පවතින සංස්කෘතික රටාව තුළ කාන්තාවන් මාස් ශුද්ධිය පිළිබඳව තම පවුලේ සාමාජිකයන් අතර පවා විවෘතව කතාබහ නොකරන තත්වයක් පවතී..

    පවතින තත්වය හමුවේ ග්‍රාමීය පෙදෙස්වල වෙළඳසල් තුළ සනීපාරක්ෂක තුවා නොමැති හෙයින් එය මිලදී ගැනීම සඳහා කිලෝ මීටර 30ක් හෝ 40ක් දුර ගෙවා නගරයට පැමිණිය යුතු වේ.

    ලොක්ඩවුන් නීති යටතේ ගමනාගමන පහසුකම් ද සීමා වී තිබේ.

    මේ සියලු තත්ත්වයන් හමුවේ ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල පාසල් ශිෂ්‍යාවන් මුහුණ දී ඇත්තේ බරපතළ ප්‍රශ්නයකට ය.

    Full text by bbc sandesaya

  • චීන ණය උගුලට හසු වූ රටවල ‘ඉරණම’ කුමක් විය හැකිද ?

    චීන ණය උගුලට හසු වූ රටවල ‘ඉරණම’ කුමක් විය හැකිද ?

    එක්සත් ජාතික පක්ෂය යනු උපන් ගෙයිම ධනපති පංතිය නියෝජනය කළ පක්ෂයකි. එක්සත් ජාතික පක්ෂය හැදූ ආණ්ඩු , හැමදාමත් ඔවුන්ගේ ආර්ථික මූලෝපාය ලෙස තෝරා ගත්තේ , ධනපති පංතියට වැඩි වාසි අත්වෙන ධනවාදී ආර්ථික ක්‍රමයයි.
    ලෝකය තුළ ධනවාදයට විරුද්ධව කොමියුනිස්ට්වාදය පැතිරෙන විට , ඒ ආස්වාදයෙන් පිබිදුණු ලංකාවේ මධ්‍යම පංතියේ පිරිස් වල දරුවන්, විදෙස්ගත ඉගෙනුම නිමා කොට පැමිණියේ කොමියුනිස්ට්වාදය ලංකාව තුළ ක්‍රියාත්මක කිරිරීමේ අදිටන ඇතුවය.
    එක්සත් ජාතික පක්ෂයටත් පෙර ලංකාව තුළ සමසමජ පක්ෂය බිහිවන්නේ ඒ අනුවය.
    සමසමාජ පක්ෂය බිහිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පකෂය ද දේශපාලන භූමියට ප්‍රවිෂ්ට වූවද, ඔවුන් සියල්ල පරයා එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් ලෙස මතුවන්නට හැකි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණි.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරමින් ඊට නායකත්වය ලබා දුන්නේ , එක්සත් ජාතික පක්ෂයේම නායකයෙකුව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායකය.
    බැලූ බැල්මට ධනවාදයට එරෙහිව වාමාංශික මුහුණුවරකින් යුක්ත වූ ශ්‍රී ල. නි. ප. ය, මැද මාවතක ගමනකට ප්‍රවිෂ්ට විය.
    සිරිමාවෝ බණ්ඩාරණායක පාලන සමයේ මුල් අවදිය ඊට මනා නිදසුන් සපයමින්, පුද්ගලික අංශය සතුව තිබූ බොහෝ ව්‍යාපාර ජනසතු කිරීමේ වැඩපිලිවෙළක් දියත් කළ අතර, කොමියුනිස්ට්වාදය බලයට ගෙන ඒමට කැප වූ සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සිරිමාවෝගේ ආණ්ඩුවේ කොටස්කරුවෝ විය.
    ඒ අනුව ධනපති පංතියේ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ ගර්භාෂයෙන් බිහි වූ ශ්‍රී ල. නි. ප. ය , වාමවාදී පකෂයක් බවට ලක් පොළොව තුළ බෞතීස්ම විය.
    1977 දී බලයට පත් එ. ජා. ප. යේ නායක ජේ. ආර්. ජයවර්ධන, ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය ඉතා සෘජු හා දැඩි ලෙස ලංකාව තුළ ක්‍රියාවට නැංවූ අතර, ඔහු ඊට ජාත්‍යන්තර සහාය ලබා ගත්තේ ඇමරිකාව ප්‍රමුඛ බටහිරෙන් ය. එනිසාම ඔහුව හැඳින් වූයේ යැංකි ඩිකී කියා ය.
    1994 චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග බලයට පැමිණෙන තුරු රට පාලනය කළ යූ. ඇන්. පී. යේ ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියට විකල්පයක් චන්ද්‍රිකාට නො තිබිණ. ඒ අනුව ඇයගේ ආර්ථික පාඨය වූයේ ” විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ” යන්නය.
    ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් , ඔවුන්ගේ කොන්දේසි වලට යටත්ව ණය ලබා ගැනීමේ එ. ජා. ප. ප්‍රතිපත්තියට වෙනස්  විකල්පයක් චන්ද්‍රිකා මැතිණියට නොතිබිණ. 
    එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස යුගයේ සිදු වූ,  රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණා දැමීම, රාජ්‍ය ඉඩම් දේශපාලකයන් විසින් කුණු කොල්ලයට ලබා ගැනීම ඇතුළුව සියලු දූෂණ , චන්ද්‍රිකා පාලන සමයේදී ද නතර නොවීය.
    ජේ. ආර්. ගෙන් පටන් ගෙන ප්‍රේමදාස පසු කර ගෙන චන්ද්‍රිකා දක්වා විහිදුණු පාලන කාල පරාසය තුළ , සම්ප්‍රදායික ධනපති පංතිය යටපත් කරමින්, කොල්ලකාරී  සහ ජාවාරම්කාරී  නව ධනපති පංතියක් රට තුළ බිහි විය.
    එවකට පැවති සිවිල් යුද්ධය මේ කොල්ලකාරී ධනපති පංතියට මෙන්ම, ඇතැම් දේශපාලකයන්ට හා ඇතැම් රාජ්‍ය නිළධාරීන්ට ඉසුරින් පිරි නිධානයක් විය.
    මේ සියල්ල අතරේ ජාත්‍යන්තර සබඳකම් හා ණය ගණු දෙනු සිදු කෙරුනේ ඇමරිකාව ප්‍රමුඛ බරටහිර රාජ්‍යයන් සමඟය.
    චන්ද්‍රිකාගේ බලය මහින්ද රාජපක්ෂට මාරු විය. තිස් අවුරුදු යුද්ධයේ අවසාන කොටසේ , අවසානය සනිටුහන් කරන්නට ඒ පාලනයට හැකි විය.  එයින් පිබිදුණු  දකුණේ ජනතාව උද්දාමයට පත් වූවද, එම ජයග්‍රහනය රටේ සැබෑ ආර්ථික  හා සමාජ සංවර්ධනයකට යොදා ගැනීමට නායකයන්ට වැඩ පිළිවෙලක් නොවීය.
    යුද්ධයේ දී සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳවත්, යුද්ධයෙන් පසුව සිදු වූ අති විශාල මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳවත් ජාත්‍යන්තර ප්‍රජාව තුළින් දැඩි විරෝධයක් මතු විය. විවිධ සම්බාධක පැනවීම් හමුවේ රාජපක්ෂ පාලනය යම් ආර්ථික අසීරුතාවයන්ට පත්විය.
    රටේ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය මූලාශ්‍ර ලෙස සැලකූ ,ලෝක බැංකුව ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ණය ලබා දීමේ දී සලකා බලන නිර්ණායකයන් වන, මානව හිමිකම්, කම්කරු නීති, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වැනි කරුණු හමුවේ රාජපක්ෂ ආණ්ඩුවට බොහෝ බාධා පැමිණියේය.
    අතීත එ. ජා. ප. ආණ්ඩු වලටත් වඩා දරුණු අන්දමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු මෙන්ම, මානව හිමිකම් කඩ කිරීම් සිදු කරන රාජ්‍ය පාලනයක් බවට රාජපක්ෂ පාලනය පත්විය.
    ඒ අනුව බණ්ඩාරණායකලාගේ මැද මාවතේ පක්ෂය, ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන පක්ෂයක් බවට පත්වීමේන් නො නැනවතී සීමිත ධනපති ප්‍රජාතන්ත්‍රවාදයවත් ලබා නොදෙන ජුන්ටාවක් බවට පත්වීමේ ලක්ෂණ මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ සිදු විය.
    ලෝක බැංකුව ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බටහිර මූල්‍ය මූලාශ්‍ර වෙනුවට, චීනයෙන් ණය ලබා ගැනීමට රාජපක්ෂ පාලනය ක්‍රියා කරන්නට විය. 
    අධිවේගී මාර්ග සංවර්ධනය, හම්බන්තොට වරාය, සූරිය වැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, නෙලුම් පොකුණ ආදී කී නොකී බොහෝ ව්‍යාපෘති හතු පිපෙන්නා සේ එක විටම මතු වූයේ මේ චීන ණය ව්‍යාපෘතියට අනුවය.
    බටහිර රටවල් සහ මූල්‍ය මූලාශ්‍ර , ණය ලබා දීමේ දී සොයා බලන නිර්ණායක කිසිවක්, එනම් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, කම්කරු නීති ආදී කිසිවක් චීන ණය ලබා ගැනීමේ දී අදාල වන්නේ නැත.
    අනෙක් අතට, බැලූ බැල්මට චීනය , ධනපති ඇමරිකාව මෙන් නොව කොමියුනිස්ට් ය. ඇමරිකාවට අභියෝග කරන තරමේ ලෝක බලවතෙක් ය. 
    ඒ නිසා ලෝක බැංකුවෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය හිඟා කනවාට වඩා චීනයෙන් ණය ලබා ගෙන රට සංවර්ධනය කරන එක කොච්චර හොඳ දැයි රාජපක්ෂවාදීන් විතරක් නොව පොදු ජනතාව ද සිතනවාට සැකයක් නැත.
    බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව, ප්‍රසිද්ධ වේදිකා වල බැණ අඬ ගසන දේශප්‍රේමී දේශපාලකයන්ගේ සැබෑ අධිරාජ‍ය ගැති භාවය සොයා ගැනීමට පොදු ජනතාවට අපහසුය. 
    ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ද්‍රෝහියෙක් සහ යකෙක් බවත්, චීන ජනාධිපති ෂී ජින්පිං වීරයෙක් සහ ශාන්තුවරයෙක් බවත්, ජනතාව ඉදිරියේ පෙන්වා දීමට දේශපාලකයන්ට හැකිය.
    නව කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වූ චීනය, එය තම රටට පමණක් සීමා කිරීමට කටයුතු නො කොට , මුළු ලොව පුරා විහිදුණු වසංගතයක් බවට පත් කිරීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් ලොවටම වන්දි ගෙවිය යුතු බව ඉතා පැහැදිලිය.
    මිලියන ගණනක් මිනිසුන් මරා දමමින්, ලෝක ආර්ථිකය අනපේක්ෂිත ලෙස බිඳ දමමින් සිදු කළ මෙම ක්‍රියාවට එරෙහිව , ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මෙන්ම, වෙනත් කලාපයන්ට අයත් රටවල් ද චීනයට එරෙහිව දැඩි ප්‍රතිචාර දක්වමින් සිටීම සාධාරණය.
    වෛරස් වසංගත සිද්ධියෙන් පසු , චීනයේ සැබෑ මුහුණුවර පිළිබඳව සොයා බලන්නටත්, චීන ඉතිහාසයේ සහ වර්තමානයේ ආර්ථික හා දේශපාලන හැඩතල සොයා බලන්නටත්, බොහෝ පිරිස් නැවතත් උනන්දුවක් දක්වමින් සිටිති.
    සැබැවින්ම චීනය කොමියුනිස්ට්වාදී රටක් ද? ධනවාදී රටක් ද? චීනය අත් විඳ ඇති ඇදහිය නොහැකි ආර්ථික වර්ධනයට හේතුව කුමක් ද? චීන ණය වැඩසටහනින් ණය ලාභී රටවලට සිදුවෙමින් ඇත්තේ කුමක් ද? 
    මේ කාරණා පිළිබඳව යම් හෝ දැනුවත් භාවයක් ශ්‍රී ලාංකික පුරවැසියා තුළ ද තිබිය යුතුය. ඊට හේතුව 2005 සිට 2014 අග දක්වා ශ්‍රී ලංකාව චීන ණය විශාල ප්‍රමාණයක් ලබා ගෙන තිබීමය.
    අනෙක් අතට චීන ණය ලබා ගැනීමට පාලකයන් දැක්වූ උනන්දුව පිටුපස තිබූ , බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි දේශප්‍රෙමීන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට ද  එමඟින් හැකිවනු ඇත.
    චීනයේ මාඕ සේතූං ගේ සිට වත්මන් පාලකයා දක්වා පැමිණි ගමනේ සුවිශේෂී වූ සංධිස්ථාන හඳුනා ගැනීමෙන් තොරව චීනයේ සිදු වී ඇති සමාජ , දේශපාලන හා ආර්ථික විපර්‍යාසය තේරුම් ගැනීමට නොහැක.
    චීනයේ වත්මන් ආර්ථික සංවර්ධනයේ මූලාරම්භකයා ලෙස සැලකෙන , ප්‍රංශයේ අධ්‍යාපනය ලැබූ ඩෙං ෂියාඕපින් පිළිබඳවත්, චීනයේ ගෝලීය යටිතල පහසුකම් හා සම්බන්ධතා වැඩසටහන මගින් ලබා දෙන චීන ණය ක්‍රමය පිළිබඳවත්, එම ණය ක්‍රමයට ගොදුරු වූ රටවල් 68 තුළ මතුව ඇති ගැටළු පිළිබඳවත් විමසා බැලීම වැදගත්ය. 
    එහෙත් එ්වා මෙහි සඳහන් කළ හොත් මේ සටහන දීර්ඝ වනු අැත. එහෙයින් එ්වාද රැගෙන  වෙනත් සටහන් කිහිපයකින් නැවත හමුවීමට බලාපොරොත්තු වෙමි.

    සුනිල් ගාමිණී

  • කෘෂි තාක්ෂණයට ගහරමින්  හණමිටිකාරයෝ ‘රට සාගතයට’ ඇදගෙන යන හැටි මෙන්න !

    කෘෂි තාක්ෂණයට ගහරමින් හණමිටිකාරයෝ ‘රට සාගතයට’ ඇදගෙන යන හැටි මෙන්න !

    1900 ශත වර්ෂයේ රසායනික පොහොර විප්ලවය සිදුවිය. ඉන් වසර 100 කට පසුව 20 වැනි ශත වර්ශයේ දී හරිත විප්ලවය නැත්නම් වැඩි ඵලදායි/ දෙමුහුන් භෝග නිෂ්පාදනය සිදුවිය. මෙම විප්ලව සිදු නොවන්නට අද ලොව අධික ආහාර හිඟයකට භාජනය වීමට ඉඩ තිබුණි.

    ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ

    සති කිහිපයකට පෙර සති අග අරුණ පත්‍තරයක පලවු “දෙමුහුන් බීජ ගෙවතු වගාවට එපා” යන රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම මහාචාර්යවරයෙකු වන අරුණ කුමාර මහතාගේ ලිපිය කියවා අතිශය කනස්සල්ලට පත්වීමී. මාගේ මතකයට නැගුනේ ගසේ අරටුව පසක තබා එලයෙන් ලී බඩු සෑදු වඩුවාය!.

    ගෙවත්ත යනු බොහෝ විට ඉතා කුඩා ඉඩමක් බැවින් එයින් උපරිම ඵලදාවක් ලබා ගැනීමට වැඩි ඵලදායි බීජ මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත කාබනික මෙන්ම රසායනික පොහොර යෙදිය යුතු නොවේද? එමෙන්ම නිර්දේශිත පළිබෝධ නාශක ද හරියාකාරව භාවිතා කිරීම උපරිම ඵලදාවක් ලබා ගැනීමට අවශ්‍යය. පර්යේෂණයන්ගෙන් පැහැදිලි වන්නේ අනවශ්‍යව අධික ප්‍රමාණයන්ගෙන් මෙන්ම අප්‍රවේසම් කෘෂි රසායනික භාවිතය වසවිස ප්‍රශ්නයට හේතුව වන වගයි. ගොවින්ට මෙන්ම ගෙවතු හිමියන් ද නිසි රසායනික භාවිතය ගැන දැනුවත් කිරීම අත්‍යවශ්‍යය.‍

    ඖෂධ විද්‍යාවේ නිර්මාතෘ මහාචාර්ය බොම් බැස්ටස් පැරසෙල් සස්ගේ (1493-1541) ඔවදනක් මාගේ මතකයට නැගේ: “සියළු දේ විසය, විසෙන් තොර කිසිවක් නොමැත., විසක් ද ඹෟෂධයක් ද තීරණය වන්නේ භාවිතා කරන ප්‍රමාණය මතය.”

    කාබනික කෘෂිකර්මය ගැන කොතරම් උදම් ඇනුව ද මෙතෙක් එම ක්‍රමයට ඇත්තේ ගෝලීය කෘෂි ඉඩම් ප්‍රමාණයෙන් 2% පමණි. මෙයින් 66% කාබනික තෘණ බිම් (පොහොසතුන්ට කාබනික බීෆ් ස්ටෙක් කෑමට!)  වන අතර ඉතිරි ප්‍රමාණය ධාන්‍ය වර්ග, පළතුරු හා වෙනත් භෝග සඳහා යෙදවි ඇත

    ඖෂධ විද්‍යාවේ නිර්මාතෘ මහාචාර්ය බොම් බැස්ටස් පැරසෙල් සස්ගේ (1493-1541) ඔවදනක් මාගේ මතකයට නැගේ: “සියළු දේ විසය, විසෙන් තොර කිසිවක් නොමැත., විසක් ද ඹෟෂධයක් ද තීරණය වන්නේ භාවිතා කරන ප්‍රමාණය මතය.”

    ඇත්තෙන්ම ගෙවතුවගාව කෙසේ වෙතත් සම්ප්‍රදායක කෘෂිකර්මයෙන් ඈත්ව ජාතික මෙන්ම ලොව ආහාර අවශ්‍ය තාවයන් නිපදවාගත නොහැක. කාබනික කෘෂිකර්මය ගැන කොතරම් උදම් ඇනුව ද මෙතෙක් එම ක්‍රමයට ඇත්තේ ගෝලීය කෘෂි ඉඩම් ප්‍රමාණයෙන් 2% පමණි. මෙයින් 66% කාබනික තෘණ බිම් (පොහොසතුන්ට කාබනික බීෆ් ස්ටෙක් කෑමට!)  වන අතර ඉතිරි ප්‍රමාණය ධාන්‍ය වර්ග, පළතුරු හා වෙනත් භෝග සඳහා යෙදවි ඇත. තවද කාබනික කෘෂිකර්මය ‘වසවිසෙන්’ තොර නොවේ. එක උදාහරණයක් නම් කාබනික පොහොර පමණක් යෙදෙන වගා බිම් තුළ කැඩ්මියම් හා ආසනික් වැනි බැර ලෝහ ප්‍රමාණයන් රසායනික පොහොර යොදා වාගා කරන බිම් වලට වඩා වැඩි බව පර්යේෂණයන් පෙන්වා දී ඇත. තවද කාබනික කෘෂිකර්මයේ භාවිතා කරන සමහර පළිබෝධ නාශකයන් හා පොහොර වර්ග ද සෞඛ්‍යයට අහිතකරය. එහෙත් කාබනික පොහොර භාවිතය පසෙහි සරු භාවය රඳවා ගැනීමට බෙහෙවින් උපකාරී වේ. කෙසේ වෙතත් සමස්ථයක් වශයෙන් ගත් කල කාබනික නිෂ්පාදනවල අහිතකර රසායනිකයන් සම්ප්‍රදායිකව නිෂ්පාදිත ආහාර වලට වඩා අඩු විය යුතුය. තවද කාබනික නිෂ්පාදනයන්ට වැඩි මිලක් ලබා ගැනීමට හැකි වීම ද ගොවියාට වාසියකි. එබැවින් හැකි පමණින් කාබනික ගොවිතැන ව්‍යාප්ත කළ යුතුය.

    අරුණ කුමාර මහතාගේ එක් ආන්දෝලනයක් නම් ‘රෙඩ් ලේඩි’ වැනි ආනයනික දියුණු දෙමුහුන් පැපොල් නිසා ගමේ පැපොල් වර්ග නැතිවී යන වගයි. එබැවින් ගමේ පැපොල් ගෙවතු වගා හරහා ප්‍රචලිත කිරීම ඔහුගේ එක් යෝජනාවකි. එහෙත් ආවේණික භෝග ජාන සම්පත් රැකගැනීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකීමකි. ඒ සඳහා අංගසම්පුර්ණ ජාන සම්පත් රකින මධ්‍යස්ථානයක් එම ආයතනය තුළ ඇත.

    ආනයනික ‘රෙඩ් ලේඩි’ පැපොල් ගසකින් වසරකට කිලෝ 30–40 ක ඵලදාවක් ලබාගන්නා අතර ආවේණික පැපොල් ගසකින් කිලෝ 10 ක් වත් ලබා ගත හැකිද? පොහොර නොයෙදුව හොත් වර්ග දෙකේම ඵලදාව එකසේ අඩුවිය යුතුය.

    වායව අතු බැඳීම (air layering)

    රෙඩ් ලේඩි ගෙඩි ඇට සිටුවා නැවත එවැනි ඵලදායි ගසක් ලබාගත නොහැකි වීම ඔහු පෙන්වා දේ. එහෙත් ගසේ කඳෙන් වායව අතු බැඳීම (air layering) වැනි වර්ධක ප්‍රචාරණ ක්‍රම මඟින් ගෙවත්තකට අවශ්‍ය පැළ පහසුවෙන් ලබා ගත හැක. තායිලන්තය හා මැලේසියාව වැනි රට වල බොහෝ ගෙවතු හිමියන් මෙන්ම ගොවීන් මෙම ක්‍රම භාවිතා කරනු ලැබේ. තවද රෙඩ් ලේඩි, ‘රෙඩ් ඩයමන්ඩ් හා තායි චුං’ වැනි දියුණු ප්‍රභේද ආවේණික වර්ග මෙන් නොව නොතැලී දිගු කලක් ගබඩා කිරීම හා ප්‍රවාහනය කිරීමට හැකිවීම ඉතා වැදගත් වේ. අවශ්‍ය වන්නේ වැඩි ඵලදායි, රසවත්, කල්තබා ගත හැකි වර්ග නොවේද?.

    හරිත විප්ලවයේ වැදගත්ම දායාදය අමතක වීම

    හරිත විප්ලවය ගැන කරුණු ඉදිරිපත් කරද්දී මහාචාර්යවරයාට එහි වැදගත්ම දායාදය වන ලොවට ආහාර සැපයීම අමතක වීම පුදුමයකි. අප රටට හරිත විප්ලවය දායක වී ඇතිසැටි පළමු වෙනි වගුවෙන් පැහැදිලි වේ. හරිත විප්ලව තාක්ෂණයන් හරහා අප කෘෂිවිද්‍යාඥයින්ගේ මහගු සේවය හා කැපවීම හේතුකොට රට සහලින් ස්වයංපෝෂිත වීමට හැකිවිය. 1940/ 50 දශකයේ දී වගාකරන ලද

    පොඩි වී, මුතු සම්බා, මුරුංගකායන් සහ හී නැටි වැනි දේශීය වී වර්ගවලින් ලබා ගත හැකි වුයේ අක්කරයට වී බුසල් 12 – 15 ( ටොන්/ හෙක් 0.6 – 0.8 ) වැනි ඉතා අඩු ඵලදාවකි. එහෙත් 1960 දශකයේ මුල්භාගයේ H4 වැනි පැරණි දියුණු වර්ග හා පැරණි ආවේණික වර්ග මඟින් ඵලදාව සුළුවෙන් වැඩි කර ගත හැකි විය. ඉන් පසු ඵලදාව ශීඝ්‍රයෙන් වැඩි වීමට සහමුලින්ම පිටරටින් ලබා ගන්නා ලද ජාන සම්පත් දායක විය. එනම් ආවේණික වර්ග ඇත්තෙන්ම 1970 වෙන් පසු හරිත විප්ලවයට දායක නොවී ය.

    ඵලදායිතාවය වැඩි කර ගැනීමට හැකි වුයේ සහමුලින්ම පිටරටින් ලබා ගන්නා ලද ජාන සම්පත් මඟිනි. එනම් ආවේණික වර්ග ඇත්තෙන්ම හරිත විප්ලවයට 1960 න් පසු දායක නොවීය. අප විද්‍යාඥයින් ආවේණික වර්ග අතගගා සිටියේ නම් අපි අද හාමතේය. මේ ඓතිහාසික ජයග්‍රහණය ගැන අරුණ කුමාර මහතා තම ලිපියේ කිසිදු සටහනක් නොකිරීම කනගාටුවට කරුණකි.

    නව දියුණු ඇද නොවැටෙන වී වර්ගයක්
    පැරණි සම්ප්‍රදායික ඇද වැටෙන වී වර්ගයක්

    තවද ආවේණික වර්ග රෝග හා පලිබෝධයනට ඔරෝත්තු දෙන්නේ යැයි කීමද වැරදිය. කොළ පාළු රෝගය, බැක්ටිරීයා කොළ රෝගය මෙන්ම සුදු ගොයම් මැස්සාගේ හානියට ආවේණික වර්ග ගොදුරුවීමේ ප්‍රවනතාවය නව දියුණු වර්ගවලට වඩා ඉතා වැඩිය. එමෙන්ම ගොයම කඩා වැටීම හා පොහොර වලට ප්‍රතිචාර නොදැක්වීම ද ආවේණික වර්ගවල දුර්වලතාවයකි. පැරණි වර්ග රෝග වලට ප්‍රතිරෝධය දක්වන්නේ යැයි ද අරුණ කුමාර මහතාගේ මෙන්ම බොහෝ කරුණු නොදන්නා අයගේ වැරදි මතයක්ය. 

    කෙසේ වෙතත් රතු පැරණි වී වර්ග බොහෝමයක් ගුණාත්මක භාවයෙන් වැඩිය. දෙවැනි වගුවෙන් මෙය පැහැදිලි වේ. නමදු සමහර නව දියුණු රතු වර්ගවලද එම ගතිගුණ ඇත.

    අප විද්‍යාඥයින්ගේ පළමු ඉලක්කය වූයේ ඵලදායිතාවය වැඩි වර්ග අභිජනනය කිරීමයි. නමුත් පසුගිය දශක දෙක තුළ ගුණාත්මක භාවය ද සැළකිල්ලට ගෙන බිහි කරන ලද රතු සහල් වර්ග සමහරක ගුණාත්මක භාවය පැරණි වර්ගවල මෙන් ඇත. (වගුව 2)

    ඇත්තෙන්ම වී, තිරිඟු හා බඩ ඉරිඟු වැනි ධාන්‍ය වර්ගයන්ගෙන් ප්‍රධාන බලාපොරොත්තුව පිෂ්ඨය (ශක්තිය) ය. ප්‍රෝටීන් හා අනෙක් සෞඛ්‍යට හිතකර ගුණාංගයන් ලබා ගත යුත්තේ පරිප්පු, මුං ඇට, සෝයා හා කව්පි වැනි රනිල භෝග මෙන්ම එළවළු පළතුරු හා මස්, මාළුවලින්ය.

    පෝෂණ අවශ්‍යතා පටලවා ගැනීමේ අවුල

    ඇත්තෙන්ම වී, තිරිඟු හා බඩ ඉරිඟු වැනි ධාන්‍ය වර්ගයන්ගෙන් ප්‍රධාන බලාපොරොත්තුව පිෂ්ඨය (ශක්තිය) ය. ප්‍රෝටීන් හා අනෙක් සෞඛ්‍යට හිතකර ගුණාංගයන් ලබා ගත යුත්තේ පරිප්පු, මුං ඇට, සෝයා හා කව්පි වැනි රනිල භෝග මෙන්ම එළවළු පළතුරු හා මස්, මාළුවලින්ය.

    කෘෂි රසායනිකයන් සම්බන්ධවද වැරදි අවබෝධ අරුණ කුමාර මහතාට මෙන්ම බොහෝ ජනයාට ඇති බැවින් යථාර්ථය පැහැදිලි කළ යුතුය.

    දැනට සියවස් දෙකකට පෙර ලොවම භාවිතා වූයේ කාබනික පොහොරය. එහෙත් 19වැනි ශතවර්ෂයේ මැද භාගයේදි ලොව වැඩිවන ජනගහනයන් සමඟම ඉදිරියේදි ආහාර හිගයකට මුහුණ දීමට විය හැකි යැයි යුරෝපීය විද්‍යාඥයින්ගේ මතය විය.  එම වකවානුවේ දී ජුස්ටස් ‍ෆොන් ලී බිග් (1803-1873) නැමැති ජර්මානු විද්‍යාඥයා බෝග වර්ධනයට නයිට්‍රජන් අවශ්‍යතාවය සොයා ගත් අතර ගේබර් – බොෂ් තාක්ෂණය මඟින් නයිට්‍රජන් පොහොර (ඇමෝනියා) වාණිජමය මට්ටමෙන් නිෂ්පාදනය කිරීමට හැකි විය. එමඟින් යූරියා පොහොර නිෂ්පාදනය විය. එවකටම සාන්ද්‍ර පොස්පේට් (සුපර් පොස්පේට් TSP) නිෂ්පාදන තාක්ෂණය ද බ්‍රිතාන්‍ය ජාතික ජෝන් බෙනට් ලොවෙස් (1816-1900) පෙන්වා දුනි. පොටෑසියම් (පොටෑෂ්) අවශ්‍යතාවය එවකටත් දැන සිටියේය. මෙම දැනුම අනුව රසායනික පොහොර වාණිජමය මට්ටිමේ නිපදවීම සිදුවිය. රසායනික පොහොර භාවිතය ඉතිහාසයේ බ්‍රිතාන්‍ය කෘෂි විප්ලවය සේ හැඳින්වෙන නමුදු ඇත්තෙන්ම එය යුරෝපීය කෘෂි විප්ලවය යැයි සඳහන් විය යුත්තේ මෙම තාක්ෂණය භාවිතාවෙන් යුරෝපයේම භෝග ඵලදාව වැඩි වීමයි. එසේ නොවන්නට පළමුවන ලෝක යුද්ධය සමයේ යුරෝපීය ජනයාට විශාල ආහාර හිඟයකට පාදක වීමට තිබුණි.

    පසුකාලයක (1947) ජෝන් රසල් නැමති සුප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික පාංශු විද්‍යාඥයා මෙසේ ප්‍රකාශ කර ඇත. “ගොවිපල කාබනික පොහොර ටොන් ගණනක් වෙනුවට රසායනික පොහොර මළු කීපයකින් පොහොර අවශ්‍යතාවය ඉටුකර ගැනීමට හැකි වීම එදා ගොවීන්ට කොපමණ සතුටකට පත්වී දැයි අද අපට සිතා ගන්නත් නොහැකිය.”  

    කාබනික කෘෂිකර්මය ගැන කොතරම් උදම් ඇනුව ද මෙතෙක් එම ක්‍රමයට ඇත්තේ ගෝලීය කෘෂි ඉඩම් ප්‍රමාණයෙන් 2% පමණි. මෙයින් 66% කාබනික තෘණ බිම් (පොහොසතුන්ට කාබනික බීෆ් ස්ටෙක් කෑමට!)  වන අතර ඉතිරි ප්‍රමාණය ධාන්‍ය වර්ග, පළතුරු හා වෙනත් භෝග සඳහා යෙදවි ඇත

    තවද මැනිටෝබා විශ්වවිද්‍යාලයේ සුප්‍රකට මහාචාර්ය වැක්ලැව් ස්මිල් (1980) නව ශක්තිය හා ශිෂ්ඨාචාරය: ඉතිහාසය (Energy and Civilization: A History) නැමති කෘතියෙහි ගණනය කර පෙන්වා දී ඇත්තේ එවකට ඇමෝනියා (යූරියා) පොහොර නිෂ්පාදනය සිදු නොවන්නට ලොව ජනගහණයෙන් 40%ක් ජීවතුන් අතර නොසිටින වගයි.

    කාබනික ගොවිතැනට ගියොත් සිදුවන විනාශය

    හරිත විප්ලවයෙන් නිර්මාර්තෘ නොබෙල් ත්‍යාගලාභි නෝමන් බෝලොග් (1894-2009) වසර 2000 නොබෙල් සංගමය අමතමින් කියා සිටියේ හරිත විප්ලවය අත හැර, අරුණ කුමාර මහතගේ ආවේණික කෘෂි තාක්ෂණයන් හරහා ලොව ආහාර නිෂ්පාදනයට ආපසු අනුගත වන්නේ නම් ලොව දැනට ඇති ආහාර වගා බිම් ප්‍රමාණය මෙන් සතර ගුණයක් කැළෑ බිම් කෘෂි බිම්වලට හැරවිය යුතු වගයි. එසේ වන්නේ නම් ඇති විය හැකි පාරිසරික ව්‍යසනය සිතා ගත හැකිද?.

    අරුණ කුමාර මහතා දොඩවන හරිත විප්ලවීය පාරිසරික බලපෑම් ඒ අනුව සොච්චමකි. තවද බෝලොග් පවසා සිටියේ හරිත විප්ලවයේ අඩුපාඩු ඇත්නම් ඒවාට පිළියම් සොයා ගෙන ඉදිරියට යා යුතු මිස ආපසු යා නොහැකි බවයි. හරිත විප්ලවයෙන් ඇති වූ ප්‍රධාන ව්‍යසනය නම් අධික අනවශ්‍ය කෘෂි රසායනික භාවිතයයි. එය තාක්ෂණයේ වරදක් නොව අපේම වරදකි. ලෝක ආහාර සංවිධානය (FAO) මඟින් දැනට වසර 40කට පමණ පෙර අධ්‍යනයකින් පෙන්වා දී ඇත්තේ බොහෝ අවස්ථාවන්හී දී භාවිතාවන පළිබෝධනාශක ප්‍රමාණයන්ගෙන් භාගයකින් අවශ්‍ය පළිබෝධ මර්දනය සාර්ථකව කර ගත හැකි වගයි.

    පොහොර භාවිතයද එ‍සේමය. එළවළු ගොවීන්ගේ පොහොර භාවිතය ඉතා අධිකය. විෂේශයෙන්ම උඩරට ගොවීන් නිර්දේශිත රසායනික පොහොර මෙන් 8-10 ගුණයක්, ගොම පොහොරවලට අමතරව ‍යොදනු ලැබේ. මෙම පුරුද්ද මුදල් නාස්තියට අමතරව අධික පාරිසරික දූෂණයට හේතුවකි. විශේෂයෙන්ම පාරාසරික දූෂණය අධික පොස්ෆරස් (P) පොහොර නිසාය. උපරිම භෝග ඵලදාවට අවශ්‍ය පසෙහි (P) ප්‍රමාණය වන්නේ පස් කොටස් මිලියනයකට පොහොර කොටස් 30කි (30 ppm). එහෙත් උඩරට එළවළු වගා බිම් 70% P ප්‍රමාණය ඊට වැඩිය. ඇත්තෙන්ම වගාබිම් 50% ක P ප්‍රමාණය 70ppm වලට වඩා වැඩිය. එම ප්‍රමාණය හඳුන්වනු ලබන්නේ පාරිසරික උපරිම (Critical) P ප්‍රමාණය ලෙසය.

    නුවරඑළියේ පමණක් මෙවැනි ගොවිපලවල් 472 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්ථා කර ඇත. ඉන් සමහරක් P ප්‍රමාණය 400ppm ඉක්මවයි. පසෙහි P ප්‍රමාණය 60ppm ඉක්මවීමෙන් පසු පාංශු ඛාදනයත් සමඟ සෝදා ගොස් ඇළ, දොළ හා ගංඟා හරහා වියළි කලාපයේ වැව්වලට එකතුවීමෙන් ඇල්ගී උඩවන්ඩි බහුලව සෑදීමට උපකාරි වේ. එම සමහර ඇල්ගී අක්මාවට හා වකුගඩුවලට හානිදායක විශකාරක ජලයට මුදාහරි. රජරට වකුගඩු රෝගයට ‍මෙම විශකාරකයන් එක් හෙතුවක් යැයි විද්‍යාඥයන්ගේ මතයයි.

    ඇත්තෙන්ම අප රට දකුණු ආසියාවේ අඩුම වස විස කන රට යැයි ලෝක බැංකුව කරන ලද සමීක්ෂණයකින් පෙනී ගොස් ඇත. ආසියාවේ අප රට මෙන් 20 ගුණයකටත් වැඩිය වස කන රට සිංගප්පූරුව වේ. තවද 2015 වසරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළමුවැනි පංතියේ අධික විෂ සහිත පළිබෝධනාශකයන්ගෙන් 98% භාවිතයෙන් ඉවත් කිරීමත් සමගම ‘වස විස කෑම’ අඩු විය යුතුය

    රසායනික පොහොර නිසි භාවිතය

    කරුණු මෙසේ හෙයින් නිසි කෘෂි රසායනික භවිතය ගොවීන්ට තරයේ ඉගැන්වීම ජාතික අවශ්‍යතාවයකි. කෘෂි ව්‍යාප්ති සේවාව අද ඉතා කණගාටු මට්ටමකට කඩා වැටී ඇත. වස විස ගැන නන් දොඩවනවාට වඩා පාලකයින් කළ යුත්තේ ගොවීන්ට අවශ්‍ය දැනුම ලබා දීමට කටයුතු කිරීමයි. කඩා වැටී ඇති කෘෂි ව්‍යාප්ති සේවාව නැවතත් නංවාලීම රජයේ ප්‍රමුඛ කර්තව්‍යයක් විය යුතුය.

    දැනට සති කීපයකට පෙර කෘෂිකර්ම ඇමතිවරයා නාකියාදෙණියේ ගම්මුන් අමතමින්, ලංකාව ලෝකයේ වැඩියෙන්ම වස විස කන රට යැයි කී බවට මාධ්‍ය වාර්ථා කළේය. ඇත්තෙන්ම අප රට දකුණු ආසියාවේ අඩුම වස විස කන රට යැයි ලෝක බැංකුව කරන ලද සමීක්ෂණයකින් පෙනී ගොස් ඇත. ආසියාවේ අප රට මෙන් 20 ගුණයකටත් වැඩිය වස කන රට සිංගප්පූරුව වේ. තවද 2015 වසරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළමුවැනි පංතියේ අධික විෂ සහිත පළිබෝධනාශකයන්ගෙන් 98% භාවිතයෙන් ඉවත් කිරීමත් සමගම ‘වස විස කෑම’ අඩු විය යුතුය.

    ලොව ජනගහණය වැඩි වීමත් සමඟ අවශ්‍ය ආහාර නිපදවීම තර්ජනයක් වී ඇත. දැනට ලොව කෘෂිකර්මයේ පෙනී යන එක් ප්‍රවනතාවයක් නම් අඩු ඵලදායි සහ අඩු ලාභදායි භෝග වගාවන් අඩු කර වැඩි ඵලදායි සහ වැඩි ලාභදායි භෝග වගාවයි. ඉන්දියාවේ කටු පොල් වගාවේ වර්ධනය මෙයට හොඳ උදාහරණයකි. සෝයා, තල හා මෙනේරි වැනි අඩු ඵලදායි  භෝග වෙනුවට කටු පොල් හෙක්ටයාර් මිලියන 2ක් වගා කිරීමට ඉන්දියාව කටයුතු කරනු ලැබේ. මෙයින් වැඩි කොටසක් වාරි ජලය භාවිතයෙනි.

    1900 ශත වර්ෂයේ රසායනික පොහොර විප්ලවය සිදුවිය. ඉන් වසර 100 කට පසුව 20 වැනි ශත වර්ශයේ දී හරිත විප්ලවය නැත්නම් වැඩි ඵලදායි/ දෙමුහුන් භෝග නිෂ්පාදනය සිදුවිය. මෙම විප්ලව සිදු නොවන්නට අද ලොව අධික ආහාර හිඟයකට භාජනය වීමට ඉඩ තිබුණි.

    මහාචාර්ය අරුණ කුමාරගේ පැරණි වී වර්ග හා ආවේණික කෘෂිකර්මයත් සමඟ ආපසු යා නොහැක. අවශ්‍යවන්නේ ආපසු උසස්ම තාක්ෂණීක ක්‍රමවේද භාවිතයත් සමඟ ඉදිරියට යෑමයි. මීළඟ අදියර වන්නේ ජාන විප්ලවයයි. එය දැනටමත් ආරම්භවී ඇත. දැනටමත් සම්ප්‍රදායික වී අභිජනන ක්‍රම මඟින් ඉදිරියට යෑම සීමිත බව විද්‍යාඥයින්ගේ මතයයි. එබැවින් ජාන තාක්ෂණය හරහා ඉදිරියට යා යුතුවේ. එහි අඩු පාඩු ඇත්නම් ඒවා විසඳා ගෙන ඉදිරියට නොගියහොත් අනාගතයේ ආහාර හිඟයක් ඇතිවනු නියතය.

    පාඨක ඔබට නිවැරදි – සමබර – නිරවුල් – විශ්වාසනීය තොරතුරු ලබාදීම අපගේ වගකීම හෙයින් මෙම ලිපියේ සදහන් වන සති අග අරුණ පත්‍තරයක පලවු “දෙමුහුන් බීජ ගෙවතු වගාවට එපා” යන රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම මහාචාර්යවරයෙකු වන අරුණ කුමාර මහතාගේ ලිපිය හෙට (18) දින පළ කිරීමට අපි පියවර ගන්නෙමු. – ප්‍රධාන සංස්කාරක

  • 1965 සිට අද දක්වා ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් පිට ලේකම්වරුන් පත් කළේ මෙහෙමයි !

    1965 සිට අද දක්වා ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් පිට ලේකම්වරුන් පත් කළේ මෙහෙමයි !

    අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම පිළිබද රට තුල පුළුල් සංවාදයක් මතුව ඇත.  මේ ලිපිය 1965 සිට අද දක්වා ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් පිට ලේකම්වරුන් පත් කිරිම පිළිබද අතීතාවලෝකනයකි

    පරිපාලන සේවයේ අසමාන්තර මතක පොත!අමාත්‍යාංශ ලේකම් තනතුරු සදහා ජනාධිපතිවරයෙකු විසින් පුද්ගලයින් පත් කරනු ලබන්නේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සදහා ය.  ශ්‍රීි ලංකා පරිපාලන සේවයෙන් පිට ලේකම්වරුන් ගණනාවක් කාලයෙන් කාලයට අමාත්‍යාංශ ලේකම් තනතුරු සදහා පත්ව ඇත.  මේ රටේ සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කළ පරිපාලන සේවයේ නොවන ලේකම්වරුන් ගැන සිහි කිරීමකි. 

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොවන (හෝ පරිපාලන සේවයට අන්තර්ග්‍රහණය කළ) විශාල පිරිසක් රටේ සිටී. ලංකාවේ ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, අමාත්‍යාංශ ලේකම්, කැබිනට් ලේකම් ධූර දැරූ මේ අය විටෙක සාර්ථකත්වයේ ද, විටෙක අසාර්ථකත්වයේ ද ප්‍රතිමූර්ති බවට පත් ව ඇත.

    1965 – 70 හත් හවුල් රජයේ (කැබිනට් අමාත්‍යාංශයක් වූ) රාජ්‍ය අමාත්‍යාංශය පැවරුණේ ජේ.ආර්. ජයවර්ධන ටය. ජේ.ආර්. ගේ සිය ස්ථිර ලේකම් ලෙස පත් කර ගත්තේ ආනන්ද තිස්ස ද අල්විස් ය. අද රටට වැඩිම විදේශ විනිමයක් ගෙනෙන ‘සංචාරක පනත‘ 1966 හැදුවේ ආන්ද තිස්ස ද අල්විස් ය. 1977 කථානායක ධූරයට පත් වූ අල්විස්, 1977 සැප්තෑම්බර් මස තමා ස්ථිර ලේකම් ධූරය දැරූ රාජ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ කෝට්ටේ මහජන මන්ත්‍රීවරයා ලෙස ය.

    1977 ජේ.ආර්.ජයවර්ධන කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කළේ වැවිලිකරුවෙකු වූ රංජන් විජේරත්න ය. අක්කර 50 ට වඩා ඉඩම් සන්තකයේ තබා ගත නොහැකි වූ රාජ්‍ය ප්‍රතිපත්තියක සිට ලෝකයේ මුල්ම නිදහස් ආර්ථික ක්‍රමයක් සහිත බවට රටක් බවට පත් වූ ලංකාවේ කෘෂිකර්ම හා ඉඩම් ප්‍රතිපත්තිය සකස් කිරීමේ කාර්ය භාරයට රංජන් උර දුන්නේය. 1989 දී රංජන් විජේරත්න වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ද, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ද, එජාප මහ ලේකම් (1988 – 91) ද, ලෙස පත්විය.

    ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය වික්‍රම වීරසූරිය සිදු කළ බොහෝ දේ ගැන ඉතිහාසයේ ලියවී ඇත. වික්‍රම, තම බලය පාවිච්චි කර, විෂය පථයට ද පිටින්, මහවැලි කාර්යාලයක් නුවරඑළියේ ස්ථාපනය කොට දිවාරත්න නම් නිලධාරියා එහි ස්ථානගත කළේය. නුවරඑළිය නගරයේ අනවසර පදිංචිකරුවන්ගේ ගැටළුව ‘රෙගුයුලයිස්‘ කිරීම කළ යුත්තේ ‘සහකාර ආණ්ඩුවේ ඒජන්තවරයා‘ ය. දිවාරත්න ෆයිල් හැදුවේය. ඉඩම් ආඥා පනතේ වගන්තිවලින් කනින් රිංගා, ආණ්ඩුවේ ඒජන්තට ගත නොහැකි තීරණය වික්‍රම කැබිනට් පත්‍රිකාවකින් ලබාගත්තේ වජිරපුර, රාහුලපුර අනවසර සිංහල පදිංචිකරුවන්ට ඉඩම් ලැබෙන අන්දමිනි. එදා, නුවරඑළිය මන්ත්‍රී ගාමිණී දිසානායක වික්‍රම ගේ මස්සිනාය. මහ නගර සභාවට අදටත් සිංහල නගරාධිපතිවරයෙකු පත්වන්නේ (එය හරිද? වැරදිද? යන්න වෙනම කථාවකි) ගාමිණී දිසානායකගේ නම ගිය, වික්‍රම ලේකම්ගේ මේ වික්‍රමය නිසාය. (මෙවැනි හපන්කම් පරිපාලන සේවයේ නිලධාරීන්ට කර ඇති බව (අම්පාර සම්බන්ධයෙන්) කොළඹ හිටපු දිසාපති සුනිල් කන්නංගර Sunil Kannangara ට පන්හිදේ සටහන් තබනු ඇත.

    1978 මාර්තු මස උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඇරඹන විට එහි ලේකම් වූ මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ නම, උසස් අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ නම්වලට වඩා මිනිසුන්ට සමීපය. 1970 දශකයේ ආචාර්ය බද්දුදීන් මොහොමඩ් අධ්‍යාපන අමාත්‍යවරයා තරමටම ආධ්‍යාපන ලේකම් ආචාර්ය ප්‍රේමදාස උඩගම නාමය ද අද්විතීය වන්නේය. 1984 – 89 මෙරට අධ්‍යාපන කේෂ්ත්‍ර යේ දැවැන්තම පරිවර්තනය සිදුවූ සමයේ අධ්‍යාපන ලේකම් ඊ.එල්.විජේමාන්න අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකි. හමුදා නිලධාරියෙකු වූ කර්නල් වී.එස්.කුඩලිගම ද අධ්‍යපන හා ක්‍රීඩා ලේකම් ලෙස කටයුතු කර ඇත.

    අධ්‍යාපන පරිපාලන සේවයේ තිස්ස හේවාවිතාන යහපාලන අධ්‍යාපන රාජ්‍ය ලේකම් ය. දැන් එම තනතුර දරන රංජිත් චන්ද්‍රෙසේකර ද, අධ්‍යාපන පරිපාලන සේවයේ ය.

    ඩී.ආර්.ඕ. මහත්තයෙකු ලෙස සිට පරිපාලන සේවයට (පැරණි සී.සී.එස් සේවයට) අන්තර්ග්‍රහණය කරන ලද ඩබ්.එම්.පී.බී. මැණික්දිවෙල ලංකාවේ පළමු විධායක ජනාධිපතිගේ ලේකම් විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ලේකම් කේ. බාලපටබැදි ද පරිපාලන සේවයේ නිලධාරියෙකු නොවේ. ඒ නයින් බලන කළ, ආචාර්ය පී.බී.ජයසුන්දර මේ ලැයිස්තුවේ දෙවැන්නා නැතිනම් තුන්වැනියා ය.

    1993 දී බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ + අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලෙස චන්ද්‍රිකා කුමාරතුංග පත් කර ගත්තේ ගණකාධිකාරී සේවයේ වැලිමඩ, එස්.බී. අමරකෝන් ය. චන්ද්‍රිකා ජනාධිපතිනිය ධාරා විජේතිලක (නීති) – විද්‍යා හා තාක්ෂණ ලේකම් ලෙස ද තාරා ද මෙල් – අධ්‍යාපන ලේකම් ලෙස පත් කළේය. 1994 – 2000 සමෘද්ධි, යෞවන හා ක්‍රීඩා ලේකම් වූයේ ක්‍රමසම්පාදන සේවයේ ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක ය. 2000 – 2001 ආණ්ඩුවේ (ඇමති එස්.බී. ගේ) සමෘද්ධි, ග්‍රාම සංවර්ධන, යෞවන, ක්‍රීඩා හා පාර්ලිමේන්තු කටයුතු ලේකම් වූයේ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න Sunil Nawaratne ය. පේරාදෙණියේ මහාචාර්ය ගාමිණී.බී. කීරවැල්ල ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් කළ චන්ද්‍රිකා, පත්තරකාරයෙකු වූ ජනදාස පීරිස් ජනමාධ්‍ය ලේකම් කළේය.

    දින 100 ආණ්ඩුවේ කරුණාරත්න පරණවිතානන Karunarathna Paranawithana ජනමාධ්‍ය ලේකම් විය. මහින්ද ආණ්ඩුවේ අනුර සිරිවර්ධන ද, යහපාලන ආණ්ඩුවේ තවත් විවාදාත්මක චරිතයක් වූ නිමල් බෝපගේ ද ජනමාධ්‍ය ලේකම්වරු වූවේ චන්ද්‍රිකා පූර්වාදර්ශයට අනුව යමිනි. නීතිඥ නිමල් බෝපගේ ගණකාධිකාරිවරයෙකි. විගණන නිලධාරියෙකි. කවි ද ලියන ජනාධිපති උපදේශකවරයෙකි. ලේකම් ධූරයේ සිට කළ වැඩ නිසා බොහෝ කලකට අමතක නොවන්නෙකි. (නිමල් බෝපගේ කලක් පරිපාලන සේවයේ සිට 1996 දී ඉන් ඉවත් විය. ( ලංකා පරිපාලන සේවයෙන් ඉවත් වී ලංකාවේ රැදී සිටින පළමු හා එකම පුද්ගලයා නිමල් විය හැකිය) නිමල් යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය ලේකම් වූයේ පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස නොවේ.

    ඉන්ජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි ජල සම්පාදන හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වූයේ මහින්ද පාලන සමයේ ය. ඔහු යහපාලන රජයේ ආරක්ෂක ලේකම් වූයේය. ජර්මනියේ තානාපති ධූරය ද දැරීය.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන් වූ සේපාල ආටිගල, සිරිල් රණතුංග, තිස්ස වීරතුංග, සී.ඒ.ධර්මපාල, හැමිල්ටන් වනසිංහ, හේමසිරි ප්‍රනාන්දු, ශාන්ත කෝට්ටගොඩ, අසෝක කාන්තිලාල් ජයවර්ධන, ගෝඨාභය රාජපක්ෂ, කමල් ගුණරත්න හමුදාවෙන් පැමිණ ලේකම් පුටුවේ වාඩිවූ අයයි. සිරිල් හේරත් පොලිස්පතිවරයාව සිට පසුව ආරක්ෂක ලේකම් වූවේය. ලේකම් සේපාල ආටිගල ලංකාවේ වැඩිම කලක් (1967-1977) යුධ හමුදාපති ධූරය දැරූ පුද්ගලයා ය. 80 දශකයේ සුවිශේෂ හමුදා තනතුරු රැසක් දැරූ සිරිල් රණතුංග, වයඹ ආණ්ඩුකාර ධූරය ද දැරූ අසෝක ජයවර්ධන තනතුර බැබලවූ ආරක්ෂක ලේකම්වරුන් ය.

    නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ 2010 අප්‍රේල් මස මහා මාර්ග ලේකම් විය.

    වසර 5 කට පසුව රටේ ජනාධිපතිධූරයට පත්වන්නේ, 2005 – 15 ආරක්ෂක ලේකම් ධූරය දැරූ ලෙෆටිනන්ට් කර්නල් ගෝඨාභය රාජපක්ෂ යි.

    කාලයෙන් කාලයට නම් වෙනස් වූ, පොලීසිය බාර අමාත්‍යාංශයට ද එයට වඩා වෙනසක් නැත. 1962 හමුදා කුමන්ත්‍රණයේ සැකකාර සිඩ්නි ද සොයියා අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද ලේකම් ධූරයට පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි වැඩ බලන හමුදාපති ධූරයෙන් පසුව නීතිය හා සාමය, ක්‍රීඩා අමාත්‍යාංශවල ලේකම් විය. බ්‍රිගේඩියර් ඩෙනිස් හපුගල හමුදාවෙන් විශ්‍රාම ලබා අභ්‍යන්තර කටයුතු ලේකම් විය.

    අගමැති රනිල් වික්‍රමසිංහ සිය අතිජාත මිතුරෙකු හා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වූ චරිත රත්වත්තේ 2002 – 2004 දී මුදල් ලේකම් ලෙස පත් කළේය. 2004 දී ආණ්ඩුව බිද වැටීමට චරිත රත්වත්තේ භුමිකාව කොපමණ දායකත්වයක් දැක්වූයේ ද යන්න ගැන පර්යේෂණ නිබන්ධයක් ලිවිය හැකිය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පරිපාලන සේවයේ නොවන පුද්ගලයින් ස්ථිර ලේකම්ධූරවලට පත් කිරීමට පසුබට නොවීය. ඉංජිනේරු සේවයේ ඩී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ – වනජීවි අමාත්‍යාංශය, දකුණු පළාතේ වත්මන් ආණ්ඩුකාර විලී ගමගේ – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරුන් වූයේ ඒ සමයේ ය. ආචාර්ය සුනිල් ජයන්ත (එස්.බී.ගේ) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විය. ව්‍යාපාරිකයෙකු වූ එච්.පී.සී. හේරත් 2010 දී ආචාර්ය මර්වින් සිල්වා ඇමතිවරයාගේ ‘මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍යාංශයේ‘ ලේකම් විය. මර්වින් ද, අමාත්‍යාංශය ද එකවරම නැති විය. කීර්තිමත් ඉංජිනේරු අයිවන් සිල්වා 2010 දී වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ලේකම් ලෙස සුවිශේෂ භුමිකාවක නිරත විය.

    මහින්ද යුගයේම, කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් ප්‍රවාහන ලේකම් ද, පේරාදෙණිය වි.වි. යේ චරිත හේරත් ජනමාධ්‍ය හා පසුව පරිසර ලේකම් ද විය. ඉංජිනේරු ප්‍රේමසිරි – ජල සම්පාදන ලේකම් විය. ඉංජිනේරු ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි මාර්ග සංවර්ධන හා මහා මාර්ග ලේකම් විය.

    කීර්තිමත් වරලත් ගණනාධිකාරිවරයෙකු වූ ගාමිණී වික්‍රමනායක, මෙරට පරිපාලන සේවයේ හදවත බදු වූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මහාචාර්ය රජීව විජේසිංහ යහපාලන රජයේ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ලේකම් වූවේය. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පසුව මහාචාර්ය රජීව් දේශපාලනයේ ද, අමාත්‍යාංශයේ ද කළ කී දෑ රස කථා ගොඩකි.

    පරිපාලන සේවයේ නොවන ලංකාවේ පළමු ලේකම් ආචාර්ය ගාමිණී කොරයා විය යුතුය. (ආනන්ද තිස්ස ද අල්විස් හා ඔහු එක ලග දිනවල පත්වීම් ලබා ඇත. මුල් පත්වීම කාටදැයි තහවුරු කර ගත නොහැකි විය), ගාමිණී කොරයා මිය යන විට කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ පැරණිය සමාජිකයා තමා යැයි ආඩම්බරයෙන් මිතුරු කථාවේ දී කීවේය. ගාමිණි කොරයා ගේ ගොල්ෆ් සගයා ඩඩ්ලි සේනානායක 65 – 70 ආණ්ඩුවේ අගමැතිය. 56-59 යුගයේ අගමැති බණ්ඩාරනායක රජය ජාතික සැලසුම් ගැන විශාල ලෙස උනන්දු වූවේය. කොරයා, ජාතික සැලසුම් ලේකම්කාර්යාලයේ ප්‍රධානීයා විය.

    1965 ඩඩ්ලි ගේ ආණ්ඩුව පිහිටවූ විට ඔහු ගාමිණි කොරයාට මුදල් ඇමති වන්නට ආරාධනා කළේය. ගාමිණී එය පිළිගත්තේ නැත. අගමැති සැලසුම් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය බිහිකර එය තමා යටතේ තබාගෙන ලේකම් ධූරය ගාමිණී කොරයාට දුන්නේ මහ බැංකුවේ 8 වන මහලේ කාමරයේ සිට තමාට සෘජුව වගකියන තත්වය ද සමගය. මුදල් ඇමතිකම එපා කියූ ගාමිණී කොරයා ලංකාවේ පළමු (හෝ දෙවන) පරිපාලන සේවයේ නොවන ලේකම් වූවේය.

    මුදල් ලේකම්වරයෙකු වූ ආචාර්ය ලාල් ජයවර්ධන, හිටපු මහ බැංකු අධිපති එන්.යූ. ජයවර්ධනගේ පුතා ය. ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ස්වාමියා ය. World Institute for Development Economics Research (WIDER) හි පළමු සභාපතිවරයා ය. ටී.බී.ඉලංගරත්න, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක හා එන්.එම්.පෙරේරා මුදල් අමාත්‍යවරුන් සමග මහ බැංකුවේ හා අමාත්‍යාංශවල විවිධ තනතුරු දැරූ, ආචාර්ය ජයන්ත කැලේගම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද පළමු මහාචාර්යවරයා ය. මුදල් ඇමති එන්.එම්. ගේ ගෝලයා යැයි කීවේ කැලේගම ටය. 1970 – 1977 සමගි පෙරමුණු රජයේ, විරුද්ධවාදීන් කියන විදිහට සාගත යුගයේ, කරවල, භුමිතෙල් රෙදි, බීජ, ඇතුළු සියළු දේ පිළිබද තීරණගත් බලවත්ම අමාත්‍යාංශය වූ අභ්‍යන්ත හා ජාත්‍යන්තර ‍වෙළද ලේකම් වූයේ ජයන්ත කැලේගම ය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය වෘත්තිකයින් රැසක් ලේකම් තනතුර දරා තිබේ. සිරිමා බණ්ඩාරනායක මැතිනිය 1970 සෞඛ්‍ය ලේකම් ලෙස පත් කළේ වෛද්‍ය සෝමදාස වීරතුංග ය. වෛද්‍ය නිහාල් ජයතිලක, වෛද්‍ය අතුල කහදගම හා උගුරු කණ නාස විශේඥ වෛද්‍ය රුබේරු යන අය ද පරිපාලන සේවයේ නොවූ සෞඛ්‍ය ලේකම්වරු ය. වෛද්‍ය නිහාල් ජයතිලක ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ද, (පළාත් පාලන ආයතනයන් හි සීමා නිර්ණය කිරීමේ කාලයේ දී) පළාත් සභා අමාත්‍යාංශයේ ද ලේකම් ධූරය දැරුවේය. රේණුකා හේරත් යුගයේ සෞඛ්‍ය හා වනිතා කටයුතු ලේකම් වූයේ (1994) වෛද්‍ය ජෝ ප්‍රනාන්දු ය.

    පාලිත කොහොන (2009) යුද්ධය පැවති, විදේශ බලපෑම් විශාල ලෙස රටට එල්ල වූ සුවිශේෂ කාල පරාසයකට විදේශ ලේකම් වූවේය. එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත ආදී තනතුරු රැසක් ඔහු දරා තිබුණේය. විදේශ ලේකම්කම නිසා ලෝකයට පාලිත කොහොන නැති විය.

    ශිරාල් ලක්තිලක Shiral Lakthilaka මැයි 7 මුහුණුපොතේ මෙසේ ලියා ඇත. ‘‘නිහාල් ජයවික්‍රම 1970 – 77 රජයේ අධිකරණ අමාතයාංශයේ ලේකම්වරයා ය. මගේ පැරණි ගුරු ජී.එල්. ගේ මස්සිනාය. දෙදෙනාම නීති විශාරදයන්ය. හැබැයි අර්බුද අවස්ථාවල දී ජී.එල්., නිහාල් මහතා ගෙන් උපදෙස් ගන්නා හැටි මම දැක තිබේ. මගේ අදහස නීතිය පිළිබද විශ්ලේෂනයේ දී නිහාල් මහතා සැම විටම මගේ ගුරුදේවයන් වු ජී.එල් ට වඩා ඉදිරියෙන් සිටී.‘‘ සුහද ගම්ලත් හා මර්වින් විජේසිංහ පරිපාලන සේවයට පිටින් අධිකරණ ලේකම් වූ තවත් දෙදෙනෙකි.

    පළාත් සභා ක්‍රමය ආරම්භ වූ යුගයේ අද මෙන් නොව පරිපාලන සේවයට පිටතින් පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් පත්විය. මධ්‍යම පළාතේ දෙවන මාර්ග අමාත්‍යාංශ ලේකම් (1990 – 91) කේ.ඒ.ටී. නිකපිටිය මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයෙකි.

    දින 52 ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ලේකම් එස්.අමරසේකර ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය ය. කෘෂිකර්ම හා මහා මාර්ග අමාත්‍යාංශවල ලේකම් තනතුරු දැරූ අමරසේකර, දී.මූ.ජයරත්න අග්‍රාමාත්‍ය ලේකම් ද විය. ඔහු අද කැබිනට් ලේකම් ය. 2010 – 15 කෘෂිකර්ම ලේකම් ඊ.කේ. කරුණාතිලක ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයෙන් ලේකම් තනතුරට පත්වූවෙකි.

    වී.සිවඤාණසෝති යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පැවති ආර්ථික හා ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් විය. චාන්දනී විජේවර්ධන මලික් සමරවික්‍රම ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා ජාත්‍යන්තර වෙළෙදාම අමාත්‍යාංශ ලේකම් විය. මුදල් කොමිෂන් සභාවේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ ටී.ජී.ජයසිංහ, ඩබ්ලිව්.එච්. මුණසිංහ සහ වත්මන් ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් යන සියළු දෙනාම ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීහු වෙති. ආචාර්ය දමිතා ද සොයිසා 2010 – 13 ධීවර අමාත්‍යාංශයේ ද, 2014 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ද ලේකම්වරිය වූවේය. 2002 දී මධ්‍යම ප්‍රදේශ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වූ සී.මාලියද්ද වයස අවු. 80 දී ද අග්‍රාමාත්‍ය (රනිල් වික්‍රමසිංහ) උපදේශක, ආර්ථික කළමනාකරණ කොමිටිය ආදියේ සාමාජික වූ ක්‍රමසම්පාදන සේවයේ අයෙකි. (* ක්‍රමසම්පාදන සේවය ඔසවා තැබීමට මාලියද්ද සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කළේය)

    ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නන්දා වික්‍රමසිංහ 2014 සමයේ දී ජාතික උරුමයන් පිළිබද අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කෙරෙුණි.

    ගෝඨාභය ජනාධිපතිතුමා ගේ සමයේ නාගරික සංවර්ධන හා ජල සම්පාදන ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම ය. මහ බැංකුවේ නිලධාරියෙකු වූ එස්.ආර්. ආටිගල, වත්මන් මුදල් ලේකම් ය. මහාචාර්ය රංජිත් දිසානායක, නාගරික සංවර්ධන රාජ්‍ය ලේකම් ය. මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, තොරතුරු සහ සන්නිවේදන රාජ්‍ය ලේකම් ය. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන සේවයට පිටින් ලේකම් ධූරයක් ලැබූ පළමුවැන්නා විය හැකිය.

    සුනන්ද මද්දුම බණ්ඩාර Sunanda Maddumabandara‍ෙ, 1990 ජනාධිපති ප්‍රේමදාස සමයේ පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ තනතුරක් වන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය (දැන් විශේෂ ශ්‍රෙණියේ තනතුරකි) ද දැරීය. ලේකම්වරු ගැන කථා කරන අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය ගැන කියන්නට තවත් හේතුවක් තිබේ. යහපාලන රජයේ 2019 ඔක්තෝබර් දක්වා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන Sudarshana Gunawardana යි. ඊට පෙර 2016 සිට 2017 අගෝස්තු දක්වා එම තනතුර දරූවේ රංග කලංසූරිය Ranga Kalansooriya යි. ඊට ත් ඉස්සර, යහපාලන මුල්ම අවධියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ද එම තනතුර දැරීය. මට ත්, ඇය සමග වැඩ කළ ආයතනවල බොහෝ දෙනෙකුට මතක නැත.

    මිනිස්සු තනතුරුවලට යති. එති. සමහර පුද්ගලයින්ගේ නම් තනතුරු සමග බොහෝ කල් මතකයේ නොමැකී පවතී.

    ප.ලි. 2020 මැයි 10 දින දැනට ක්‍රියාන්විත සේවයේ සිටින මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, (විකීරණ විශේෂඥ වෛද්‍ය) සෞඛ්‍ය ලේකම් ධූරයට පත් කොට ඇත. ඔහු හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටී.

    රජිත් කීර්ති තෙන්නකෝන්
    හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර

  • නිවාඩු කාලයට දරුවන්ගේ තක්සලාව ‘ගෙවත්තයි’

    නිවාඩු කාලයට දරුවන්ගේ තක්සලාව ‘ගෙවත්තයි’

    කාර්යාලයේ, කඩපිලේ, බස්රියේ, දුම්රියේ හැසිරෙන ජන සමූහයා තුලට කාලයෙන් කාලයට විවිධාකාර වූ සංවාද මාතෘකා රිංගති.

    මැතිවරණයක් ළඟ පාතක තිබේනම් කතාව ඇදී යන්නේ වැඩි වාසි ඇත්තේ කුමන පාටටදැයි විමසන්නටය. පන්දුව හොඳින් පිත්තේ දැවටී නිතරම ලනුව උඩින් යන කාලයක් පැමිණියේ නම්, ජනතාව කතාකරන්නේ, අඳින පළඳින්නේ පමණක් නොව කන්නෙ බොන්නේත් ක්‍රිකට්ය. තවත් විටෙකදී තොරතෝංචියක් නැතිව ඇදහැලෙනා චුරු චුරු වැස්සට සාප කරනා බහුතර සමාජය, වැස්ස පායා සතියක් දෙකක් යනවිට හිරුට දොස් කියන්නේ උපන්දා සිට කාන්තාරයේ පදිංචිවී සිටියවුන් මෙනි.

    කෙසේ වුවත් මෙරට සමාජය පමණක්ම නොව මුළු ලෝකයම එකාවන්ව සියලු පාට පක්ෂ ජාති ආගම් අමතක කරදමා පසුගියදා කතාකරන්නට පටන්ගත්තේ කෝවිඩයා (Covid-19) ගැනයි. සාමාන්‍ය අන්වීක්‍ෂයකින්වත් දැකගන්නට නොහැකි මෙම ක්‍ෂුද්‍රප්‍රාණියාට මිනිසා විසින් අන්දවා තිබූ ඇඳුම් පැළඳුම් පවා ඉතා දැකුම්කලුය, වර්ණවත්ය. කෝවිඩයාගේ සරණ මංගල්ලය දිනයේදීවත්, මෙවන් විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් හෙතෙම සැරසී සිටියාදැයි සැක හිතෙන තරම්ය.

    පසුගිය දිනෙකදී බෙහෙතක් හේතක් ගන්නට රජය විසින් දී තිබූ සුළු සහනය ප්‍රයෝජනයට ගනිමින් මුඛ ආවරණයත් පැළඳ මහමගට පිවිසිකල හමුවූයේ නිතර දෙවේලේ එම ඉසව්වේදී මා හමුවන කාන්තාවකි. වෙනදාට ඇඟේ එල්ලී සිටිනා දරු දෙදෙනානම් එදින ඈ හා සිටියේ නැත. මා හා පෙර දිනෙකදී පවසා තිබූ තොරතුරු වලට අනුව වැඩිමහල් පිරිමි දරුවා මෙවර පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටියි. දෙවැන්නා තවත් වසර දෙකකින් එම කඩඉම පනින්නට නියමිතය.

    සති අන්තය එළඹී හිරු උදාවෙත්ම දරු දෙදෙනාත් ඇදගෙන සිරිතට අනුව ඇය දුවන්නේ අතිරේක පන්තියේ ඉස්සරහ බංකු පේළියක තැනක් අල්ලා ගන්නටය. තුන හා පහ වසර වල ඉගෙන ගන්නා ඒ අහිංසකයින්ටත් පන්ති යනවාට වඩා දෙයක් නැත.

    උදේ සිට රෑ බෝ වෙනතෙක්ම කෝවිඩයා ගැන තොරතුරු අසමින් හා බලමින් මහත් මානසික වෙහෙසකට මාද පත්වී සිටි නිසා, වෙනත් යමක් කතාකලයුතු යයි සිතුනෙන් දරු දෙපල සුවෙන්දැයි ඇයගෙන් විමසුවෙමි. ඇඳිරි නීති වෙලාවේ ෆාමසි යන්නට දුන් සහන කාලයද අවභාවිතා නොකර මහමග කයිවාරුවද හැකි තරමට සීමාකලයුතුය.

    “අන්න දෙන්නම වැඩ. ගෙවත්තක් හදනවා”

    ඇය පැවසුවේ සිදුවෙන්නට බැරි දෙයක් සිදුවුණා වැනි ස්වරයකිනි. මුකවාඩමට මුහුණේ වැඩි හරියක් ආවරණය වී තිබුන නිසා විශ්මයාර්ථයේ තරම එතරම් දුරට නොපෙනුනත්, ඇයගේ දෙබැම නම් බොහොම සරුවට ඉහලට එසවින. නැවත නැවතත් මේ සනාථවන්නේ කෝවිඩයා මිනිස් ජනසමාජය තුල මහත් පෙරලියක් සිදුකරමින් සිටිනා බවයි. ඒ සමගම තහවුරු වන්නේ ජනප්‍රිය කියමනක් වන ඉතිහාසය වරින් වර ප්‍රතිනිර්මාණය වේ යන්නෙහි සත්‍යයයි. මන්දයත් අද මෙයට ගෙවත්තක් කියූවද, ආහාර වේලේ හැකි පමණ කොටසක් අහල පහළින්ම සොයාගැනීමේ වැදගත්කම ජන සමාජය දැන හඳුනාගත්තේ මීට සියවසකටත් වඩා ඈත අතීතයේදී බැවිනි. ‘යුද උයන්’ සහ ‘ජය උයන්’ වශයෙන් බටහිර ලෝකයෙන් බිහිවූ ගෙවතු පද්ධති ගැන අප පසුගිය ලිපියකදී විස්තරාත්මකව කතා කළෙමු.

    ඇඳිරිනීති නිවේදනය ඇසෙත්ම ලහි ලහියේ ගේ ඇතුලට දමාගත් ආහාර කළමනා මල්ල, ටිකෙන් ටික ඉවර වෙනවාට අමතරව, පිටරටින් එන නැව් නතරවීම හමුවේ ඉදිරි ආහාර හිඟයක් ගැන දෙමාපියන් අතර කෙරෙනා කතාබහ කුඩා දරුවන්ට කෙසේ දැනුනාදැයි අපට පැහැදිලි නැතිවුවත්, අහල පහලින් යම් දෙයක් වගා කරගැනීමේ අවශ්‍යතාවයක් ඇතිබව නම් දරුවන් වෙතට සන්නිවේදනය වී තිබේ

    ගෙවත්ත යනු

     ‘ගෙවත්ත’ යන වචනයත් බොහොම පැරණි එකකි. එය විටින් විට ඉස්මතු වන්නේය. අපගේ කරුමයට ස්ථාවරව කලක් පවතින්නේ නැතිව නැවත අතුරුදහන් වන්නේය. 1954 වැනි ඈත අතීතයකදී ගෙවත්ත යනු කුමක්දැයි හැඳින්වීමට එක්තරා ලේඛකයෙකු ලියා තිබූ අර්ථ දැක්වීමක් මගේ මතකයට එයි. “පෞද්ගලික අයිතියක් තිබෙන, බහු වාර්ෂික හා වාර්ෂික වගාවන්ගෙන් සමන්විත, වාසස්ථානය අවට ඇති කුඩා බිම් කොටසක්” වශයෙන් එදා ගෙවත්ත හඳුන්වා දී තිබුණි.

    අද වනවිට නම් මෙය සංස්කරණය කලයුතු අර්ථ දැක්වීමකි. මහල් නිවාසවාසීන් වෙනුවෙන්ද ගෙවත්තක් හඳුන්වාදීමට අද අප උත්සාහ දරමින් සිටින්නෙමු. එය දර්ශීය වගා බිමක් සේ තිරස්ව පැතිරුණ එකක් නොව බොහෝවිට සිරස් අවකාශය අත්කරගන්නා, ආධාරක මත සැලසුම් සහගතව අසුරන ලද බඳුන් පැල වලින් සමන්විත ගෙවත්තකි. කෙසේ වෙතත් කුඩා දරුවන් ගෙවත්තට යොමුවෙනවා යනු මහත් වාසනාවක්මය.

    වැඩිහිටියන් යමක් ඉගෙනීමට යම්කිසි සංවේදක පද්ධතියක සීමිත උපකාරයක් ලබා ගත්තත්, දරුවන් ඉගෙනීම කරන්නේ සියලු සංවේදක අවයවයන්ට දැනෙන හැඟීම් සංකලනයෙන් යයි විද්වතුන් පෙන්වා දී තිබේ. මුළු පවුලම දින නියමයක් නොමැතිව නිවාස අඩස්සියට පත්වූ කල වැඩිහිටියන්ගේ කතාබහ වෙනදාට වඩා දරුවන්ට අසන්නට ලැබීමත්, තමාට තේරෙන තරමින් ඒවාහි දිග පළල මැනීමට දරුවන් පෙළඹීමත් ස්වභාවිකය.

    ඇඳිරිනීති නිවේදනය ඇසෙත්ම ලහි ලහියේ ගේ ඇතුලට දමාගත් ආහාර කළමනා මල්ල, ටිකෙන් ටික ඉවර වෙනවාට අමතරව, පිටරටින් එන නැව් නතරවීම හමුවේ ඉදිරි ආහාර හිඟයක් ගැන දෙමාපියන් අතර කෙරෙනා කතාබහ කුඩා දරුවන්ට කෙසේ දැනුනාදැයි අපට පැහැදිලි නැතිවුවත්, අහල පහලින් යම් දෙයක් වගා කරගැනීමේ අවශ්‍යතාවයක් ඇතිබව නම් දරුවන් වෙතට සන්නිවේදනය වී තිබේ. ඉහත කී කුඩා දරුවන් දෙදෙනා ගෙවත්තක් තනන්නට නිරායාසයෙන්ම ඉදිරිපත් වී ඇත්තේ එබැවිනි. එහි ආස්වාදය ඔවුන් විසින් ආරම්භක මොහොතේ සිටම අත්දකිනවා ඇත.

    පස අවුස්සන විට ඉන් පිටවෙන සුවඳ ඔවුනට අමුතුය. බීජ හා පැලවල විවිධ වර්ණයන්, හැඩයන් හා විශාලත්වයන් මෙතෙක් කාලයක් විවේකයේදී ‘ගේම්’ ගැසූ දෙමාපියන්ගේ ස්මාර්ට් ෆෝනය තුල තිබුණු රූප හා පාට වලට ගැලපෙන්නේත් නැත. තම සුරතල් පූස් පැටවා බලාගන්නා තරමටම ගෙවතු වගාවත් භාරධූර කටයුත්තකි. බීජයක් හෝ පැලයක් පොළොවේ සිටවූ වේලේ පටන්, එය අපගේ ආහාරයක් බවට පත්කරගන්නා තෙක්, පැලෑටියටත් මෘදු ලෙස උපස්ථාන කලයුතු බව ළපැටියාට අත්දැකීමෙන් තේරුම් යන්නට එතරම් කලක් ගත නොවේ.

    ඒ අනුව පෙනෙන්නේ වෙනත් ජීවියෙකු කෙරෙහි සහකම්පනයක් කුඩා සිතක් තුල ජනිත කරවීමට ගෙවතුවගාව හොඳ වේදිකාවක් බවයි. අපේ පැරණි ගොවියා තුල පවා සත්ව කරුණාව ගොඩනැගී තිබුනේ ගොවිතැනෙන් ලද මේ ආභාෂයෙනි. තම වගාව රැකගැනීම උදෙසා බැරිම තැන සතුන් මැරුවා මිස, ඔහු වැඩිපුර කෙරුවේ සතුන් පලවා හැරීමෙන් තම වගාව රැකගැනීමයි. දිය හොල්මන, ටකය, පඹයා, ගොක් රැහැන් ආදී දෑ කිසිදු ජීවියකුට හානි කෙරුවේ නැත. එසේනම් දරුවාව ගෙවත්තට අතහැරීම, හදිස්සියට කන්න යමක් වවාගන්නට ඉගැන්වීමක් පමණක්ම නොවේ. පරිසරයට ආදරය කරන සමාජයක් උදෙසා කරන කළල රෝපනයක්ද වේ.

    පස් අතේ තවරාගැනීම හා බැඳුනු අපූරු කතා පුවතක්ද මා හට කියවන්නට ලැබී තිබේ. නූතන පර්යේෂණ දත්තයන් උපුටා දක්වමින්, විද්‍යා සඟරාවකට ලිපියක් සපයන ඕස්ට්‍රේලියානු ජාතික ලේඛිකාවක් වූ රෝබින් ෆ්‍රැන්සිස් මහත්මිය පවසා සිටින්නේ සෙරොටොනින් සහ ඩෝපැමින් නම්වූ රසායන ද්‍රව්‍යයන් දෙකක්, මිනිස් සිරුර තුලම නිපදවමින් විශාදය නමැති රෝග තත්වය පාලනය කිරීමට පෙරමුණ ගෙන ඇති බවයි. කුමක්ද මේ විශාදය? නූතන සමාජය තුල මෙය පුළුල්ව කතා බහ කෙරෙනා මානසික සෞඛ්‍ය ප්‍රශ්නයකි.

    වසංගතයක් ලෙස මෙම තත්වය ලොව පුරා වේගයෙන් පැතිරී ගියත් කෝවිඩයාගේ ආක්‍රමණය මෙන් මෙය බෝවෙන රෝගයක් නම් නොවේ. කෙළවරක් නොදකින අභියෝගයන් හඹා යාම සඳහා මිනිසා උනන්දුවීම පසුපස එන සංකීර්ණ හා ව්‍යාකූල දිවි පැවැත්ම විශාදය ඇතිවීමට ප්‍රධාන හේතුවකි. බාහිරින් ප්‍රතිකාර කරනවාට වඩා ශරීරය තුලින්ම රෝගයට බෙහෙත් මතුකර ගැන්මට ලොව පුරා පර්යේෂකයින් උනන්දුවීමට පටන්ගෙන තිබෙන අතර, මෙය කල හැකි වන්නේ සතුට ඇතිකරන රසායන ද්‍රව්‍යයන් දේහය තුල නිපදවීම උත්තේජනය කරවීමෙන් බවද පෙනීගොස් ඇත.

    මෑතකදී ප්‍රකාශයට පත්වූ මෙම අපූරු සොයාගැනීමට අනුව මේ සඳහා කල යුත්තේ ඔබ විසින් ගෙවත්තේ වැවූ බෝගයන්හි අස්වැන්න, පස් තවරාගත් අපිරිසිදු දෑතින් යුතුව නෙලා ගැනීමයි.

    පස් අතේ තවරාගැනීම හා බැඳුනු අපූරු කතා පුවතක්ද මා හට කියවන්නට ලැබී තිබේ. නූතන පර්යේෂණ දත්තයන් උපුටා දක්වමින්, විද්‍යා සඟරාවකට ලිපියක් සපයන ඕස්ට්‍රේලියානු ජාතික ලේඛිකාවක් වූ රෝබින් ෆ්‍රැන්සිස් මහත්මිය පවසා සිටින්නේ සෙරොටොනින් සහ ඩෝපැමින් නම්වූ රසායන ද්‍රව්‍යයන් දෙකක්, මිනිස් සිරුර තුලම නිපදවමින් විශාදය නමැති රෝග තත්වය පාලනය කිරීමට පෙරමුණ ගෙන ඇති බවයි. කුමක්ද මේ විශාදය? නූතන සමාජය තුල මෙය පුළුල්ව කතා බහ කෙරෙනා මානසික සෞඛ්‍ය ප්‍රශ්නයකි.

    “ගෙවතු වගාව තුලදී ඔබගේ ඇඟිලිතුඩු පස හා ගැටී අපිරිසිදු වෙන විට මයිකොබැක්ටීරියම් වැක්සේ (Mycobacterium vaccae) නම් පාංශු බැක්ටීරියාව අත්වල තැවරිලා මිනිස් මොලයේ සෙරොටොනින් නම් ද්‍රව්‍ය නිපදවීම උත්තේජනය කරනවා. එය ‘සතුටු රසායනයක්’. ඒ මගින් ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කර විශාදය අඩු කරනවා. රුධිරගත සෙරොටොනින් අඩු තත්වය යටතේ තමයි විශාදය ඉහල යන්නේ”

    ෆ්‍රැන්සිස් මහත්මිය පවසන්නේ එලෙසය. තවත් පර්යේෂණ තොරතුරක් පෙන්වා දෙන්නේ තම වගාවෙන් අස්වැන්න නෙලනා විට මොලයෙන් ශ්‍රාවය කෙරෙනා ඩෝපැමින් නම් සංයෝගය ගැනයි.

    විද්වතුන් විශ්වාසකරනා අන්දමට මෙහි ඉතිහාසය වසර දස දහස් ගණනකට පෙර විසූ ‘දඩයම්කරන හා පලවැල එකතුකරන’ (Hunting and Gathering) මානවයා සමගද බැඳී පවතී. තමා සොයන ආහාරය දුටු පමණින්ම, එහි සුවඳ දැනුනු විගසින්ම, එසේ නැතහොත් පලවැල නෙලනා අතරතුරදීම, මොලයේ සුවිශේෂ ස්ථාන වෙතින් හදිසි ඩෝපැමින් නිදහස් කිරීමක් සිදුවන්නේය. සිතෙහි අහුමුලුවලට අරක්ගෙන තිබූ සියලු කහට දුරලා, මිනිසා තෘප්තිමත් කිරීමට මෙම ක්ෂණික ඩෝපැමින් ප්‍රහාරය සමත්වේ.

    එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක්ද, මීට සමාන ප්‍රතිපල අනාවරණය කරගනිමින් “නියුරොසයන්ස්” නම් සඟරාවේද ලිපියක් පලකොට තිබේ. ඔවුන්ද පවසා සිටින්නේ පසෙහි වෙසෙන හිතකර බැක්ටීරියා වර්ග, ප්‍රතිවිශාද තත්වයන් උදෙසා මොලයට උපකාරී වන බවයි. එසේනම් ගෙවත්තේ වැඩ කරන විට මෙතෙක් පැළඳි අත්වැසුම් යුගලය විවේක ගැන්වීමට දැන් කාලය පැමිණ තිබේ. කලයුත්තේ නග්න ඇඟිලි තුඩු වලින් පස අවුස්සා ගොවිතැන් කිරීමයි. වසවිසෙන් තොර නැවුම් ප්‍රනීත ආහාරයක් සමග මිලකළ නොහැකි මානසික සතුටක්ද, නිධානයක් සේ වත්ත පහළින්ම මතුවී ඇත.

    එසේනම් “මඩ සෝදාගත් කල ගොවියා රජකමට වුවත් සුදුසුය” යන යෙදුමද කාලානුරූපව යන්තමට එහා මෙහා කලයුතු බවක් පෙනේ. මන්දයත්, යහපත් මානසිකත්වයකින් සාර්ථකව රජකම් කලහැක්කේ, මුළුමනින්ම මඩ සෝදාගත් ගොවියෙකුට නොව, රජකම් කරන අතරතුර පස අතපතගාමින් ගොවිතැන්ද කරන මිනිසෙකුට බැවිනි!! මෙවන් වටාපිටාවක් යටතේ කෝවිඩයා ලබාදුන් විශ්‍රාමය හරහා හෝ ඒකාකාරී කෘතිම දිවිපෙවෙතකට හුරුවෙමින් සිටිනා මෙරට බාල පරම්පරාව ගෙවත්තක් හදන මානසිකත්වයකට පුරුදු වෙන්නේ නම් කෙතරම් වාසනාවක්ද? දරුවා ලබන පන්නරය මෙපමණකින් නවතින්නේද නැත.

    ගෙවත්ත විසින් දරුවාට ‘වගකීම’ පුරුදු කරනු ලබයි. සැලසුම් ගතවීමට හුරුකරයි. සුරතල් සතෙකු සාදනවා මෙන් ගෙවත්තේ පැළෑටි වලටත් කලට වෙලාවට පොහොර, ජලය ආදිය ලබාදීමත්, අහිතකර කාලගුණ තත්වයන් පැමිණෙන්නේ නම් තම ගෙවත්තේ බෝග එයින් රැකගත යුතුවීමත් කලයුතු නිසා පුංචි මොලය කුඩා සන්ධියේ සිටම පුරුදු පුහුණු වන්නේ වගකීම් දැරීමටත්, තමා හමුවට එන ගැටළු වලට විසඳුම් දීමටත්ය.

    ගෙවත්ත විසින් දරුවාට ‘වගකීම’ පුරුදු කරයි

    ගෙවත්ත විසින් දරුවාට ‘වගකීම’ පුරුදු කරනු ලබයි. සැලසුම් ගතවීමට හුරුකරයි. සුරතල් සතෙකු සාදනවා මෙන් ගෙවත්තේ පැළෑටි වලටත් කලට වෙලාවට පොහොර, ජලය ආදිය ලබාදීමත්, අහිතකර කාලගුණ තත්වයන් පැමිණෙන්නේ නම් තම ගෙවත්තේ බෝග එයින් රැකගත යුතුවීමත් කලයුතු නිසා පුංචි මොලය කුඩා සන්ධියේ සිටම පුරුදු පුහුණු වන්නේ වගකීම් දැරීමටත්, තමා හමුවට එන ගැටළු වලට විසඳුම් දීමටත්ය.

    මේ සඳහා ඉවසීම සංවර්ධනය කරගැනීමත්, පුරුදු කරගත යුතු අත්‍යවශ්‍යම ගුණාංගයකි. පැලයක් සිටවූ පමණින් හෝ මලක් පරවී ගොස් ගෙඩියක් හටගත් පමණින්, එය අස්වැන්න ලෙස නෙලා ගැනීමට නොහැකිය. ඒ වෙතට දිනපතා පැමිණෙන දරුවා, එහි වර්ධන පියවරයන් ගැන සැලකිලිමත් වෙනවා සේම නිසි කල එළඹෙන තුරු ආසාවෙන් හා ඉවසීමෙන් ඒ දෙස බලා සිටී. මෙවන් ප්‍රායෝගික අභ්‍යාසයක් කිසිදිනෙක පාසැල් කාලපරිච්ඡේද හරහා ඔහු වෙත ලැබෙන්නේ නැත. නිවාඩුකාලයේ තක්සලාව යනුවෙන් අප ගෙවත්ත හැඳින්වීමට එය තවත් හේතුවකි.

    මෙවන් මානසික පරිණතභාවයක් දරන ළමයින්ව පවුලේ කටයතු සඳහා සම්බන්ධ කරගැනීමටද පහසුය. දරුවන් සමග ගෙවත්තට ගිය විටදී, වවන බෝග වර්ගය පිළිබඳවත්, කොතැනක කොපමණ වවනවාද වැනි කරුණු ගැනත් ඔවුන් සමග අදහස් හුවමාරු කරගැනීමටත්, සාධාරණ නම් එම අදහස් වලට එකඟවීමටත් වැඩිහිටියන්ට සිදුවෙනු ඇත. තම අදහස් පවුල තුල ක්‍රියාත්මක වෙනවා දැකීම දරුවාට සුළුපටු ආඩම්බරයක් නොවේ. ඔහු ලබනා මානසික ප්‍රබෝධයද අති මහත්ය. ගෙවත්තක් යනු පවුලේ සහයෝගිත්වය ඔපදමන ස්ථානයක් වන්නේ එබැවිනි. එය ළමා ළපටීන්ගේ අදහස් වලට පණ එන තැනකි.  

    එපමණක්ද නොව, දරුවාගේ නිර්මාණශීලිත්වයේ ප්‍රවර්ධනයටද ගෙවත්ත හොඳ උපකාරකයෙකි. පාත්ති සැකසීම, සුර්යාලෝකය හා සෙවන මිශ්‍රව ලැබෙනසේ බෝග පැල ස්ථානගත කිරීම වැනි ක්‍රියාකාරකම් හරහා ඔවුන්ගේ නිර්මාණශීලිත්වයට ලැබෙන්නේ සුළුපටු සත්කාරයක් නොවේ. මේ ඔස්සේ සංවර්ධනය වන මනස තුලින්, තම ගෙවත්ත මල් හා පල දරනා විට, වැඩිහිටියන් මවිත කරවන සුන්දර සිතුවම් මෙන්ම කලාත්මක ඡායාරූප පවා පොඩිහිටියන් වෙතින් බිහිවීම අරුමයක් නොවේ.

    දරුවන්ට ගැලපෙන ආහාරයක් සකසා තම සිතට සෑහෙන තරමට ඔවුනට එය ගිල්ලවීම උදෙසා අම්මලා අල්ලන අඩවු කස්තිරම් කොපමණදැයි නාගරික හා අර්ධ නාගරික නිවෙස්වාසී නොදන්නා කෙනෙක් නැත. පහසුවට ලාභයට පමණක් නොව, දරුවාගේ පාසැල් සගයින්ගේ කෑම පෙට්ටියේ අන්තර්ගතයන්ටද නොදෙවෙනි වන්නට සිතා, ‘ක්‍ෂණික කෑම’ නමැති දහජරාවක් සමග දරුවා පාසල් යවන බහුතරයක් අම්මලා, ළපැටියන්ගේ දිව හුරුකර ඇත්තේ රසකාරක ඇත්නම් පමණක් කෙල උනන්නටය.

    ඉතින් ගෙදර කෑමපංගුව හමුවේ යුද්ධයක් දියත්වීමේ අරුමයක් නැත. බොහෝවිට ප්‍රතිකර්මය වන්නේ ගෙදර කෑමටත් රසකාරක චුට්ටක් දැමීමේ භයානක සිරිත වෙත ඇදී යාමයි. දරුවා ගෙවත්තට හුරුවීම සිදුවන්නේ නම්, ආහාර රුචිය ඔහුට ඇතිවන්නේ තමාගේ වගාවෙන් අස්වැන්න නෙලද්දීමය. නැවුම් සුවඳ හමන එළවලුවල පවිත්‍රතා සහතිකය ගැන සැකයක් නොමැති බැවින්, ඒවා අනවශ්‍ය තරමට තැම්බීම හෝ පිසීම අවශ්‍ය නොවේ.

    හැකි ඒවා බය නැතිව අමුවෙන්ම අනුභව කල හැකිය. තාපය හමුවේ විනාශවෙන පෝෂ්‍ය පදාර්ථයන්ද මේ නිසා සුරැකිව ශරීර ගතවේ. රසකාරක හමුවේ නැවෙන දිව, නැවුම් එළවලු පලතුරු රසය ප්‍රිය කරන්නට පටන් ගන්නවා ඇත. කෝවිඩයාගේ ආගමනය නිසා යලි පන ගැනුණු ගෙවතු පුරුද්ද දරුවාගේ පෝෂණ අභිවෘද්ධිය සඳහාත්, කෑම කාමරයේ යුද්ධයට විරාමයක් ලබාගැනීම උදෙසාත් භාවිතා කලයුත්තේ එබැවිනි.

    ආහාර සුරක්‍ෂිතතාවයේ යම් ප්‍රමාණයක් ගෙදරදොරේ අහල පහලින් සපුරාගැනීම දිරිගැන්වීමේ ගෞරවය කෝවිඩයා වෙත ලබාදීමට නම් මා සුදානම් නැත. ඇතැමුන් මේ දිනවල එවන් රිදී රේඛාද දකිති. දන්නා කියන ධර්මතාවයන් යලි මතක් කරදෙන්නට ලක්‍ෂ ගණනින් මිනිසුන් බිලිගන්නා බිහිසුණු වසංගත පැමිණිය යුතු නොවේ.

    පණ යන ජීවිත වල හුස්මේ බලයෙන් ලෝකය කෙතරම් වට ගණනක් ආපසු කැරකී ගියද, මානවයාට ඉන් සැලසෙනා ශුද්ධ ප්‍රතිලාභයක්ද නැත. පැරණි සාරධර්ම අමතකකිරීමේ වරද මානවයාටය. වයෝවෘද්ධ දුර්වල මිනිසුන් තෝරාගෙන ඔවුන්ගේ පෙනහළුවල සෙම පිරවීමේ වරද කෝවිඩයාටමය. හරය ලවය දෙකට වැරදි දෙක දමා කැන්සල් කර, උත්තරය බිංදුවයි කියමින් ගෝලීයකරණය හඹායාම යලි අරඹන්නේ නැතිව, මේ මොහොතේ අප කලයුතු හොඳම දෙය වන්නේ, ග්‍රොසරියට දුවන ගමන ටිකකට අඩුකර, දරුවන්ද කැටිව ගෙවත්තට යාමයි.

  • Black & White: ජන දුක විකුණන වෙල්ලස්සේ Local Reporterට නීතිය වලංගු නැද්ද?

    Black & White: ජන දුක විකුණන වෙල්ලස්සේ Local Reporterට නීතිය වලංගු නැද්ද?

    කතාව ඇරඹෙන්නේ දෙරණ රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන සංඛ අමරජිත් ආලවට්ටම් දමා පැවසූ යාං හෑල්ලකට පසු පෙන්වූ මොනරාගල බුත්තල වැසියෙකු කන්නට බොන්නට යමක් නැතිව, දරුවන්ට පොවන්නට කිරිපිටිද නැතිව කුරුම්බා කපා පොවන අන්දම පෙන්වන දසුනකිනි.

    දෙරණ පෙන්වූ මේ ජනකරුමය යාං හෑල්ලක් පමණක් වන්නේ නිලධාරීන්ටද දෝෂාරෝපණය කරන දර්ශන රැගත් එය තමන්ගේ යූටියුබ් චැනලය ඔස්සේද පෙන්වන ප්‍රාදේශීය මාධ්‍යවේදියා තමන් විසින්ම තිර පිටපත ලියූවක් දෙරණට යවා ඇති බව හෙළිකරමින් බුත්තල ප්‍රාදේශීය ලේකම්වරයා රාජකාරි මට්ටමේ ලිපියක් ලිවීම නිසාය. ( මෙම සම්පූර්ණ ලිපිය පහත පළ වේ)

    එහෙත්, දෙරණ ඒ ලිපියට නිසි ගුවන්කාලයක් වෙන්කර ප්‍රචාරයක් නොදෙන අතර එවැනි ලිපියක් නිකුත්ව ඇති වග ජනතාව දැනගන්නේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ෆේස්බුක් පිටුව නිසා ය.

    බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ආර්.එස් තිලකරත්න මහතාගේ අත්සනින් දෙරණ හිමිකරු දිලිත් ජයවීර අමතා  නිකුත් වූ ලිපිය හෙළිකරන්නේ බුත්තල පැලවත්ත වසමේ පදිංචි යූ.ඩී. සිරිසේන නමැති වාණිජ මට්ටමෙන් ගඩොල් කපා විකුණන සමෘද්ධි ආධාර හිමි සහ කොවිඩ් සමයේ රජය පිරිනැමූ රුපියල් 5000 දීමනාවද ලද පුරවැසියා සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රාදේශීය වාර්තාකාර යූ.එස්.පී බණ්ඩාර නමැත්තා එවා ඇති වාර්තාව සාවද්‍ය බවයි.

    ප්‍රාදේශීය ලේකම් තිලකරත්න මහතා පවසන්නේ, බණ්ඩාර නමැති වාර්තාකරුවා විවිධ පාර්ශවවලින් මුදල් ලබා ගැනීමේ අභිප්‍රායයෙන් ගොතන ලද සිද්ධියකට අනුව, තමන්ට දරුවන් සඳහා කිරිපිටි ගන්නට මුදල් නොමැති බැවින් කුරුම්බා පොවා ජීවත් කරවන බව යූ.ඩී. සිරිසේන පවසන බවයි. පසුගිය කාලය පුරාම සිරිසේනගේ පවුලට රජය සපයා ඇති සහන පිළිබඳ විස්තරද එම ලිපියේ දැක්වෙයි.

    දෙරණ සිද්ධිය ප්‍රචාරය කිරීමෙන් අනතුරුව යූ.ඩී සිරිසේනගේ නිවසට ගිය නිලධාරීන්ට ඔහු පවසා ඇත්තේ “තමා මළ පොතේ අකුරක් නොදන්නා අතර මේ වාර්තාකාර මහතා නිවසට පැමිණ ඔහු පවසන අන්දමට කටයුතු කරන්නේ නම්” විවිධ ප්‍රතිලාභ ලබා දෙන බව පැවසූ බවයි.

    බුත්තල ප්‍රාදේශීය ලේකම් තිලකරත්න මහතා අප වෙත මේ සිදුවීම සම්බන්ධයෙන් පවසා සිටියේ “මේක ජාවාරමක් මොනරාගල දුප්පත් මිනිස්සු රවටලා, විදේශවල ඉන්න ලාංකිකයොත් රවටලා තමන්ගෙ ගිණුම්වලට මුදල් ගෙන්වා ගන්න අය ඉන්නවා. එක්කෙනෙක් ඔය බණ්ඩාර. අපි ගියා සිරිසේනලා ගෙදර. යද්දි කිසි හිඟයක් නැතිව කෑම බීම තිබ්බා. එයා වැඩකරලා තියෙන්නෙ මාධ්‍යවේදියාගෙ පිටපතට. වාණිජ වශයෙන් ගඩොල් ව්‍යාපාරය කරන, සමෘද්ධියත් තියෙන, යතුරුපැදියක්, ත්‍රිරෝද රථයක් තියෙන කෙනෙක්. ගේ හදලා නැහැ. ඒ නිසා 2020 දිරිය පියස වැඩසටහනට ඇතුළු කරලා තියෙනවා. මනුස්සයා කියනවා තමන්ට පොල් ගහේ නගින්න බැහැ. ලොකු ළමයා කඩල තිබ්බ කුරුම්බ මාධ්‍ය මහත්තයම අතට දීලා පොඩි දෙන්නට කපලා දෙන්න කිව්වා කියලා”

    දෙරණ  ප්‍රාදේශීය මාධ්‍යවේදී  බණ්ඩාරගේ මේ නාටකයේ ඒ ඇත්ත කතාව බුත්තල රාජ්‍ය නිලධාරීන් සමාජ මාධ්‍යවල වීඩියෝ සහිතව පළ කළ විට මාධ්‍යවේදියා නැවත වරක් එහි ගොස් ඇත. එවර ඔහු සිරිසේන ලවා කියවා ගන්නේ, රාජ්‍ය නිලධාරීන් පැමිණි විට බියට තමන් මොනවා හෝ පැවසූ බවයි. පුදුම වන්නට දෙයක් නැත ඒ සිරිසේනලාගේ හැටිය. මේ සියලු ආටක නාටක බණ්ඩාරගේ ෆේස්බුක් පිටුවේ සහ වෙල්ලස්ස ටී.වී. නමැති යූ ටියුබ් චැනලයේද, බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ෆේස්බුක් පිටුවේද දැකගත හැකිය.

    ප්‍රාදේශීය මාධ්‍යවේදියා සහ බණ්ඩාරලා

    එවක වැල්ලවායේ ගරු කටයුතු මාධ්‍යවේදීහු සිටියහ. දඹේගොඩ ජිනදාස වැනි පැරැණියන් ජීවමාන උදාහරණ ය. පසුව මාධ්‍ය කලාව අරක්ගත්තේ තමන් කරන ඕනෑම නිහීන කාර්යයක් “ජනතාවගේ තොරතුරු අයිතිය වෙනුවෙන් යැයි” කියා ගැලවිය හැකි යැයි සිතන තක්කඩින් පිරිසකි.

    සැබෑ මාධ්‍ය කලාව රැඳී ඇති පුවත්පත්වලට ලිපියක්, විශේෂාංගයක් ලියා ගන්නට නොහැකි කැමරාවක් අල්ලන්නට දත් පමණින් මාධ්‍යවේදීන් බවට රූපාන්තරණය විය හැකි ඔවුන්ට මෙරට රූපවාහිනී නාළිකාවලින්ද කදිම ඉල්ලුමක් නිර්මාණය විය.

    වැල්ලවායේ යූ.එස්.පී බණ්ඩාරද  එම ඉල්ලුමට සැපයුම දෙන්නට තරම් දක්ෂ කෛරාටිකයෙකි. ඔහු සිරස, හිරු, දෙරණ ආදී සියලු නාළිකාවලට වාර්තා සපයමින් අසීරුවෙන් ජීවිකාව සරි කරගත්තෙකි. පසුකලෙක දේශපාලන හිතවත්කම් ඇතිකරගන්නා හෙතෙම වැල්ලවාය බස්නැවතුම අසළ වෙළඳ සංකීර්ණයේ ඉඩක් වෙන්කරගෙන කාර්යාලයක් අටවා ගන්නා අතර යූ ටියුබ් ආශිර්වාදයක් කර ගනිමින් “වෙල්ලස්ස සුපර් ස්ටාර්” නම් තරඟයක් ආරම්භ කළේය.

    එසමයෙහි මොනරාගල හා ඌවේ ජනයාද රූපවාහිනී නාළිකාවල තරු තෝරන තරඟවලින් ඇස් ගිනි කණ වැටී සිටි හෙයින් බණ්ඩාරගේ සුපර් ස්ටාර් වෙන්නට හෝ සිතා දරුවන් ඊට එවූහ. බණ්ඩාර ජයග්‍රාහකයන්ට දෙන්නට යතුරුපැදියක් වැනි තෑග්ගක් සොයා ගන්නට සමත් වූ අතර තමන්ද සිය බිරිඳ හා දරුවන්ද තරු අතර රඳවන්නට අපූරු උපක්‍රමයක් සොයා ගත්තේය.

    එනම් මේ තරඟයේදීද දිනන්නට නම් SMS වැඩිපුර ලැබිය යුතු වූ අතර ඒවා එවිය හැක්කේ බණ්ඩාරට SMS එකකට රුපියල් 10 බැගින් ගෙවා මිලට ගන්නා කූපන් ඇත්නම් පමණි. බණ්ඩාර වෙල්ලස්සේ බිහිකළ සියලු තරු ඇතැම් ඒවා ඔහුට වෙනත් ප්‍රයෝජනද ලබා දීමෙන් පසු නිවී ගිය අතර ඔහුගේ ලෝකයට පමණක් නිවෙස ඉදිවී, වාහනයක් ගන්නට හැකි වී  තරු පායා ආවේය. ඒ හම්බ කළ ලක්ෂ ගණනක කූපන් සල්ලිවලිනි.

    මොනරාගල ලංකාවේ දරිද්‍රතා දර්ශකයේ අංක එකේ දිස්ත්‍රික්කයයි. ක්ෂුදු මූල්‍ය මරඋගුලට පවා මේ ජනයා සිරව සිටින්නේ ඉසිලිය නොහෙන ආර්ථික පීඩනය හා නූගත්කම නිසායි. සානුකම්පිතව බැලිය යුතු විශේෂයෙන්ම සමාජ වගකීම විශ්වාස කරන මාධ්‍යවේදීන්ගේ අවධානයට යොමුවිය යුතු මේ තත්ත්වය ජාවාරමක් බවට පත්කරගත හැකි බව බණ්ඩාර සිය තුන්කල් දක්නා නුවණින් දුටුවේය. එහි ප්‍රථිඵලයක් ලෙස ඔහුගේ මීළඟ ගොදුර බවට පත් වුණේ මොන්ටිසෝරි ටීචර්ලා සහ අහිංසක මල් කැකුළුවල දෙමව්පියන් ය. මොන්ටිසෝරි ගුරුවරියන් පුහුණු කරන වැඩසටහන් සහ ඒවායේ වාර්ෂික උත්සවද, සිය යූ ටියුබ් චැනලය වූ ඊනියා වෙල්ලස්ස ටී.වී උපයෝගී කරගනිමින් පැවැත් වූ ඔහු එහිලා කළ මුදල් ඉපයීමෙන් එහා ගිය කටයුතු ජුගුප්සාජනක බැවින් සහ ඇතැම් වනිතාවන්ට වන අයහපත සළකා හෙළි කළ නොහැක.

    පොලිසියට පෙරුම්කායම් බැදීම

    වැල්ලවායේ බණ්ඩාර මන්ත්‍රී

    ජඩකම් කිරීම උදෙසා විලිබිය සිඳගත් බොහෝ පුද්ගලයන් අවසානයේ එළඹෙන්නේ දේශපාලනයටයි. බණ්ඩාරද දේශපාලනයට පිවිසීමට සිතා ප්‍රධාන පක්ෂ දෙකෙන් නාමයෝජනා අපේක්ෂා කළත් නොලැබුණු නිසා ස්වාධීන කණ්ඩායමක් අටවා ගෙන කොට්ඨාශයක් නොදින්නත් සමස්ත ඡන්ද ප්‍රමාණය අනුව වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීකමකට පත් විය. ඒ කණ්ඩායමේ මුල් පෙළ ඡන්ද ලබා ගැනීමෙන් නොව තමන් නායතයා බව කියා සහ මාධ්‍ය හයිය පෙන්වා අනෙක් අපේක්ෂකයන් රැවටීමෙනි. තමන්ගේ වැල්ලවාය ප්‍රාදේශීය වාර්තාකරුවා ක්‍රියාකාරී දේශපාලනඥයෙකු වීම සහ දේශපාලන හබයක් නිසා ප්‍රාදේශීය සභාවේ සභාපති හරමානිස්ගෙන් සැසි සභාවේදී ගුටි කෑම දෙරණට හෝ ඔහු වාර්තා සපයන නාළිකාවලට පුවතක් වූයේ නැත.

    මීළඟට මාධ්‍යවේදී, මන්ත්‍රී බණ්ඩාරගේ කූට අක්ෂියට හසුවන්නේ බුදුන් සහ ශ්‍රද්ධාවෙන් අන්ධ වූ බෞද්ධයින් ය. ඔවුන් රැවටීමට ඔහු නිර්මාණය කළ සැළැස්මට අනුව පසුව මුදල් දෙනවා යැයි සඳහන් කරමින් නමුත් මුලු මුදල කිසිදිනෙක නොදෙන චේතනාව ඇතිව වැල්ලවාය රන්දෙණියේ බුදු පිළිම නිෂ්පාදකයෙකු ගෙන් අඩි දෙකහමාරක් පමණ උස පිළිම සියයක් (100) මිලට ගැනීම මුල්ම කාර්යය විය.

    අනතුරුව ඔහු වාහන දෙක තුනක් සරසා පිරිත් කියමින් පිළිම එම වාහනවල වඩම්මා ගෙන දිස්ත්‍රික්කය පුරා කරක් ගැසුවේය. එම රථවාහන පෙළ සමග ගිය ඔහු කළ බුදු ගුණ වැනීමෙන් අන්ධ වූ උපාසක ජනයා පිදූ පඬුරු මුට්ටි කාසි සියල්ල බණ්ඩාරගේ පතුළ නොපෙනෙන සාක්කුවට බැර විය. ඊටත් වඩා පුදුම උපදවන කරුණ නම් පිළිම නිෂ්පාදකයා වෙත ගොස් රුපියල් 2000කට පමණ ඕනෑම අයෙකුට මිළට ගත හැකි මෙම පිළිමවල විශේෂත්වයක් ඇති බැවින් බර පැන් අරවා කැමති තැනකට පූජා කරන්නැයි ඔහු කළ ඉල්ලීමෙන් මුසපත් වූ බෞද්ධයෝ ඒවා එකක් රුපියල් 7500 ගණනේ බරපැන් අරවා බණ්ඩාරට මුදල් පූජා කිරීමයි. මේ කදිම උදාහරණවලින් පෙනෙන්නේ වැල්ලවායේ යූ. එස්.පී බණ්ඩාර තමන් සේවය සළසන මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගේ නියම කපාපු පලුවක් බවයි.

    ආබාධිත අසරණ එමෙන්ම නිවෙස් නොමැති පවුලක්  සොයා ගැනීමයි. එහි යන බණ්ඩාර සිය ගෝල නඩයද සමග නැතිබැරිකම ඡායාරූප ගතකර, වීඩියෝකර ෆේස්බුක් සහ යූ ටියුබ් දමන්නේ “එන්න අපි අපේ අයට උදව් කරමු” යන උදාන වාක්‍යයද සමගයි. එය දකින විදෙස්ගත ලාංකික ප්‍රජාව සහ මෙරට සිටින ආධාර කරන්නන් මුදල් එවීමට විමසන අතර බණ්ඩාර සිය ගිණුම් අංකයට මුදල් බැර කර ගනියි

    අප පෙර කී, බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ආරවුලකට ඔහු පැටලෙන්නේ ජන දුක නිවීමට යැයි කියා තවත් මගඩියක් කරමින් සිටින අතරේ ය. සිය ෆේස්බුක් පිටුව හා වෙල්ලස්ස ටී.වී නම් යූටියුබ් චැනලය භාවිතා කරමින් කරන එම මගඩිය දැන් මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ සහ හසලක වැනි ප්‍රදේශවලටත් ව්‍යාප්ත වී ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ගේ නොදැනුවත්කම නිසාය.

    මෙහිදී ඔහු මුලින්ම සිදුකරන්නේ, ආබාධිත අසරණ එමෙන්ම නිවෙස් නොමැති පවුලක්  සොයා ගැනීමයි. එහි යන බණ්ඩාර සිය ගෝල නඩයද සමග නැතිබැරිකම ඡායාරූප ගතකර, වීඩියෝකර ෆේස්බුක් සහ යූ ටියුබ් දමන්නේ “එන්න අපි අපේ අයට උදව් කරමු” යන උදාන වාක්‍යයද සමගයි. එය දකින විදෙස්ගත ලාංකික ප්‍රජාව සහ මෙරට සිටින ආධාර කරන්නන් මුදල් එවීමට විමසන අතර බණ්ඩාර සිය ගිණුම් අංකයට මුදල් බැර කර ගනියි.

    මුල් පියවර, එම මුදලින් බඩු මුට්ටු ටිකක් රැගෙන අදාල අසරණ ජනයා වෙත ගොස් ඒවා පිරිනමමින් ආධාර දායකයාට ඔවුන් හා වට්ස්ඇප් හෝ වෙනත් තාක්ෂණයක් ඔස්සේ කතා කිරීමට සැළැස්වීමයි. එසේ කරන්නේ දෙපාර්ශවයේම  විශ්වාසය දිනා ගැනීමටයි. ඉන්පසු නිවෙස තැනීම හෝ අදාල කටයුත්ත පිළිබඳ නිරන්තර යාවත්කාලීන කිරීම් සමාජ මාධ්‍යවල පළවන අතර ගිණුමට මුදල් බැර වේ. අවසන නිවෙසක් තැනුවද ඊට වැයකළ මුදල මෙන් දෙතුන් ගුණයක් බණ්ඩාරගේ සාක්කුවට බැරවෙන්නේ මෙවැන්නක් විගණනයට යටත් නොවන නිසාය.

    පොලීසියට පෙරුම්කායම් බැඳීම මැයි 01 ඔහුගේ ෆේස්බුක් පිටුව
    කාගේ හෝ වැඩකින් නම හදාගන්නට දඟලන විලිලැජ්ජා නැති ප්‍රාදේශීය පොලිස් ලොක්කෝ අභිරුචියෙන් ඒවාට සහභාගී වන අතර පසුගියදා බණ්ඩාර මැදගම, බිබිල හා මහියංගණය පොලිස් කොට්ඨාශවල නිලධාරීන්ගේ බාහුවල පෙරුම්කායම් ගැටගසා පොටෝද ගෙන ෆේස්බුක් දැම්මේය. මේවා දකින අහිංසක ජනයා බණ්ඩාර මහත්තයා මහ කෙරුමෙක් ලෙස කල්පනා කරන අතර ඔහුගේ අකටයුතුකම් රටට කියන්නේ හොඳටම බැට කෑ පසුය.

    ඇරත් මේවා පිළිබඳ ප්‍රශ්න කරන්නට ජනයා බිය ය. ඒ බණ්ඩාර සහ මොනරාගල ගෙවල් හදන මාධ්‍යවේදීන් ඒවා විවෘත කරන්නට හා වෙනත් වැඩවලට ආරාධනා කරන්නේ පොලීසියට නිසා ය. කාගේ හෝ වැඩකින් නම හදාගන්නට දඟලන විලිලැජ්ජා නැති ප්‍රාදේශීය පොලිස් ලොක්කෝ අභිරුචියෙන් ඒවාට සහභාගී වන අතර පසුගියදා බණ්ඩාර මැදගම, බිබිල හා මහියංගණය පොලිස් කොට්ඨාශවල නිලධාරීන්ගේ බාහුවල පෙරුම්කායම් ගැටගසා පොටෝද ගෙන ෆේස්බුක් දැම්මේය. මේවා දකින අහිංසක ජනයා බණ්ඩාර මහත්තයා මහ කෙරුමෙක් ලෙස කල්පනා කරන අතර ඔහුගේ අකටයුතුකම් රටට කියන්නේ හොඳටම බැට කෑ පසුය.

    එවැනි එක් දරුවෙකුට ඉගෙනීමට ලැප්ටොප් එකක් වුවමනා යැයි කී බණ්ඩාර එය ප්‍රචාරය කිරීමෙන් පසු ලද ලැප්ටොප් පරිගණකය තමන්ම කොල්ල කෑවේය. දරුවා තවම එය ලැබෙනතුරු බලා සිටී.

    බණ්ඩාරගේ නොපනත්කමක් ගැන තව සාක්ෂියකි මේ.

    “මගේ නම දිලී කුමාරිද සිල්වා. මගේ මහත්තයා නාදික එයා කරන්නේ මේසන් වැඩ. අපිට ඉන්නවා ආබාධිත නිවුන් දරුවො. කකුල් ඇදයි. පපුවෙ හිල් තියෙනවා. එක දරුවෙකුට පේන්නෙ නැහැ. අනික් දරුවට කන් ඇහෙන්නේ නැහැ. බණ්ඩාර මහත්තයා වැල්ලවාය නුගයාය  අපේ ගෙදරට ඇවිත් පොටෝ ගහගෙන ගිණුම් අංක ඉල්ලගෙන අපේ දුක වීඩියෝ කරගෙන ගියා. ටික දවසකින් රට ඉන්න කෙනෙක් සල්ලි එවලා කියලා රුපියල් 8000ක් අරගෙන ඇවිත් ඒක අපිට දීලා එවපු කෙනා කියලා කා එක්කද කතා කරන්න දුන්නා. ඒ වගේ කතා කරන්න අපි දන්නෙ නැහැ. අපිට ලොකු පෝන් නැහැ. ඉතිං අපි බැලුවම අපේ ගිණුමට නම් සල්ලි දාලා නැහැ. බණ්ඩාර මහත්තයාගෙ ගිණුමට වැටෙනව ඇති සල්ලි. වරින්වර ඇවිත් ගේ මොනවහරි ටිකක් හදලා අර වගේම පොටෝ ගහගෙන යනවා. ගෙවල් ගාව මල්ලි කෙනෙක් කිව්වා බණ්ඩාර මහත්තයා අපිට දෙන්න කියලා සුමේධ හාඩ්වෙයාර් එකෙන් ඇස්බැස්ටෝස් පහළවක් අරගෙන බිලත් එක්ක අපි ගැනත් කියලා ෆේස්බුක් දාලා තිබ්බා කියලා. හැබැයි ඒවා අපිට දුන්නෙ නැහැ. අපිට කියලා ගන්න සිමෙන්ති අපේ ගෙදර බාන්නෙ නැතිව එයාලා ගෙදර බාලා ඒ ගේ හදාගත්ත. ගිය සිංහල අවුරුද්දට පිටරට ඉන්න අය කවුද ලව්වා කොළඹින් අරන් එව්ව රෙදි කියලා රෙදි වගයක් ගෙනත් දුන්නා. ඒක අස්සෙ බැරිවීමකින් තිබ්බ බිලක්. ඒ බිලේ තිබ්බෙ බබාලගෙ ඇඳුම්. හැබැයි අපිට ඒ ඔක්කොම දුන්නෙ නැහැ. ඒවා එයා ගෙදර ගෙනියන්න ඇති. අපේ මහත්තයා මේසන් වැඩකරන නිසා එයාගෙ ගෙදර වැඩ කරවගත්ත. පස්සෙ අපිට ගන්න තිබ්බ පඩි සල්ලි 19,000 ඉල්ලුවම “මං උදව් කරන්නෙ මටත් යමක් ගන්න එහෙම නැත්තං මගෙන් උදව් නැහැ කියලා තරහ වුණා” ඉතිං ඒකෙන් අපේ ගේ හදාගන්න බැරිවෙලා අපි තෙමි තෙමී ඉන්නවා. එයාගෙ ගෙදර වැඩ ඉවර කරගත්තා. වැල්ලවාය ටවුමෙ හෝටලයකුත් ඇරගත්තා. අහළපහල මිනිස්සු කිව්වා උඹලගෙ දුක පොඩි එකෙකුට කිව්වත් ෆේස්බුක් දායි ඇයි ඔය හොරාට අහුවුණේ කියලා. අපි කරදරේ වැටිලා පිදුරු ගහෙත් එල්ලෙන්න බලා ඉන්න මිනිස්සු හින්දයි එහෙම වුණේ.”

    මේ එවැනි තවත් සාක්ෂියකි.

    “මම පී. ඒ ජගත් කුමාරසිරි. බුත්තල පැල්වත්තෙ ඉන්නෙ. මං වඩුවෙක් හැබැයි අත්දෙකේම ඇඟිලි දෙකතුනක් අඩුයි. දුවයි, පුතාලා දෙන්නයි මායි ඉන්නෙ කුලී ගේක. බණ්ඩාර මහත්තයා අපේ ගෙදර ඇවිල්ලා කෑම වගයක් දීලා පොටෝ ගහලා වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දැම්මා. ඊටපස්සෙ බුත්තල සතොස ගාවදි හම්බවෙලා  කුවේට් ඉන්න නෝනා කෙනෙකුට කතා කරලා මට දෙන්න රුපියල් 20,000ක් දම්ම ගත්ත. ඒ සල්ලි මට දෙන්නෙ නැතිව 1800ක ෆෝන් එකක් අරන් දුන්නා. මං වඩුවෙක් නිසා එයා හදන ගෙවල්වලට කියලා මගෙන් වැඩ ගත්තා සල්ලි දුන්නෙ නැහැ. පස්සෙ මට අර නෝනා දීපු සල්ලියි වැඩවල සල්ලියි 54,000ක්ගන්න තිබිලා ඉල්ලලා කරදර කළාම ඔෆිස් එකට එන්න කිව්වා. මං ගියාම කැමරා ඔන් කරලා මාත් එක්ක කතා කරන ගමන් එතැන වැඩකරන ගෑණු ළමයෙක් මගේ ඇඟට තල්ලු කරලා වීඩියෝ කරලා මං එයාව දූෂණය කරන්න ගියා කියලා පොලීසියට කතා කරා. මාව පොලීසි ගෙනිච්චම මං ඇහුවා මේකද යුක්තිය හොරා එළියේ මං ඇතුළේ කියලා. මං පොලිස් ලොක්කටත් බැන්නා. කූඩුවේ තිබ්බ දවස් එකහමාරම මං කෑවෙ බිව්වෙ නැහැ. අන්තිමේදී පාරෙ කෝලහාල කළා කියලයි මාව උසාවි දැම්මෙ.”

    මේ දිනවල තමන්ගේ නාළිකාවට ජනසෙත හැදීම ගැන වාර්තා එවන වැල්ලවායේ බණ්ඩාර මන්ත්‍රී ගැන දිලිත් ජයවීර නොදන්නවා වන්නට ඇත. ඒ නිසා දිලිත්ට සහ දෙරණට ඔහු ගැන කියා දීම අපගේ යුතුකමය. ජනදුක නිවා ජනසෙත සැදීමට වුවමනා බණ්ඩාර ජනසෙත පෙරමුණට එක්ව සිටී. පවත්වන්නට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ජනසෙත පෙරමුණ මොනරාගල දිසා කණ්ඩායම් නායකයා වැල්ලවායේ නුගේයාය පදිංචි ප්‍රේමතිලක බණ්ඩාර හෙවත් අප කතානායකයා ය

    සීලරතනගේ ජනසෙත පෙරමුණ හා බණ්ඩාර මන්ත්‍රී

    මේ දිනවල තමන්ගේ නාළිකාවට ජනසෙත හැදීම ගැන වාර්තා එවන වැල්ලවායේ බණ්ඩාර මන්ත්‍රී ගැන දිලිත් ජයවීර නොදන්නවා වන්නට ඇත. ඒ නිසා දිලිත්ට සහ දෙරණට ඔහු ගැන කියා දීම අපගේ යුතුකමය. ජනදුක නිවා ජනසෙත සැදීමට වුවමනා බණ්ඩාර ජනසෙත පෙරමුණට එක්ව සිටී. පවත්වන්නට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ජනසෙත පෙරමුණ මොනරාගල දිසා කණ්ඩායම් නායකයා වැල්ලවායේ නුගේයාය පදිංචි ප්‍රේමතිලක බණ්ඩාර හෙවත් අප කතානායකයා ය. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 721274896 V ය.

    තවත්  බිහිසුණු  ඇත්තක් නම් මොනරාගල තේරීම් භාර නිලධාරි, සහකාර මැතිවරණ කොමසාරිස් හා සෙසු දේශපාලන පක්ෂද, නිරීක්ෂණ සංවිධානද බණ්ඩාර හමුවේ නිදිවැදී සිටීමයි. මැතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී බඩු බෙදීමේ තහනම් කටයුත්ත යහමින් සිදුකරන ඔහු ලැජ්ජා බය නැතිව ඒ පින්තූර ෆේස්බුක් දමයි.

    මින් පැන නඟින තවත් ගැටලුවක් වේ. තෙමේම මාධ්‍ය වාර්තා පළ කරමින් හා පුරාජේරු දොඩමින් දිස්ත්‍රික්කය පුරා සැරිසරන්නේ මැතිවරණ අපේක්ෂකයෙකි. ඔහු ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස සළකා වැටුප් ගෙවන දෙරණ හා සෙසු මාධ්‍ය මුදල් අය නොකර මැතිවරණ ප්‍රචාරයද ලබා දේ.

    තවත්  බිහිසුණු  ඇත්තක් නම් මොනරාගල තේරීම් භාර නිලධාරි, සහකාර මැතිවරණ කොමසාරිස් හා සෙසු දේශපාලන පක්ෂද, නිරීක්ෂණ සංවිධානද බණ්ඩාර හමුවේ නිදිවැදී සිටීමයි. මැතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී බඩු බෙදීමේ තහනම් කටයුත්ත යහමින් සිදුකරන ඔහු ලැජ්ජා බය නැතිව ඒ පින්තූර ෆේස්බුක් දමයි.

    තවත් යමක් පෙන්වා දිය යුතුය. රාජ්‍ය නොවන සංවිධානයක් මොනරාගලට වැඩක් කරන්නට ආවේනම් කිතිකැවෙන නිලධාරීන් බණ්ඩාර හමුවේ නිහඬ වීමයි ඒ. තමන්ගේ දිස්ත්‍රික්කයේ ජනයා වෙනුවෙන් ගෙවල් හදනවා යැයි පවසා  ගසාකන්නට ඕනෑම පුද්ගලයෙකුට ඉඩ දී බලධාරීන් නිහඬ වන්නේ ඇයි?

    මේ ජාවාරම ක්‍රියාත්මක කරන උදවිය ඉන්නේත් මොනරාගල පමණි. ඔවුන් විදෙස්ගත ශ්‍රමිකයන් හා මෙරට පරිත්‍යාගශීලීන්ගෙන් එකතු කරන මුදල්වලට කුමක් වන්නේදැයි සොයා බැලීමට හෝ විගණනයට යටත් කිරීමට බලධාරීන් උත්සුක නොවන්නේ නීතියේ අඩුවක් නිසාද? තමන්ගේ වසමේ ජනයා ගසා කන හැටි සොයා බැලීමේ වගකීම ග්‍රාම නිලධාරිගේ සිට දිසාපති දක්වා නැතිද? ඇත්තටම මේක බණ්ඩාරලාටම ගිය රටද?

    නයන ආලෝකබණ්ඩාර

    මෙම ලිපිය කරුණු සහිතව ලියන ලද ගවේෂණාත්මක ලිපියකි. මහජන යහපත සළකා කරන හෙළිදරව් කිරීමක් බැවින් යූ.එස්.පී බණ්ඩාරගේ කරුණු දැක්වීම මේ අවස්ථාවේ පළ කර නොමැත්තේ අප ඉදිරිපත් කරන කරුණු තහවුරු කරගෙනද ඇති නිසාය. කෙසේවෙතත්, ඔහුටද පිළිතුරු දීමට අයිතියක් ඇති අතර අප වෙත විද්‍යුත් තැපෑලෙන් ලියන පිළිතුරු පළ කරමු. මේ කාරණයට අදාලව අප සොයාගත් තවත් කරුණු තිබේ.

    සංස්කාරක (ලේඛකයා වෙනුවෙනි.)

    ඔහු ගැන සමාජ මාධ්‍ය ප්‍රතිචාර

    බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රතිචාරය

  • අප්‍රිකාවේ කොරෝනා කොණ්ඩ විලාසිතා රැල්ල

    අප්‍රිකාවේ කොරෝනා කොණ්ඩ විලාසිතා රැල්ල

    අපි බොහෝ විට ඡායාරූප කතා ගැන කියවන්නේ යුරෝපයේ හෝ ආසියානු රටවල්වල. අප්‍රිකාව ගැන අපි නොදන්නා තරම්. ඒත් අප්‍රිකාව කියන්නේ අසීමිත විවිධත්වයක් හා විචිත්‍රත්වයක් ඇති තැනක්. ඒ වගේම හරිම සුන්දර මිනිසුන් හා සංස්කෘතීන් ඇති තැනක්. ඒ නිසා අපි තීරණය කළා කොවිඩ් වසංගත තත්ත්වය තුළ අප්‍රිකානු ජන ජීවිතය ඡායාරූපවලින් ඔබට කියන්න. මේ ඒ ඡායාරූප කතාව.

    (ඉහළ ඡායාරූපය – හැවිරිදි කෙන්යානු ජාතික දැරියක වන ස්ටේසි අයුමා  Stacy Ayuma ඇගේ කොණ්ඩය නව විලාසිතාවකට අනුව සකස් කර ගන්නා ආකාරය. දිග කරල් වැනි මෙම විලාසිතාව අළුත් දෙයක් නොවුනත්, සමහරු දැන් එය “කොරොන වෛරස්” ලෙස හඳුන්වන්නේ එය කොරෝනා වෛරසයේ හැඩයට සමාන බව පවසමිනි)

    මිනිසෙකු අප්‍රේල් 27 වන දින ලයිබීරියාවේ ජාතික ධජයේ වර්ණයෙන් හා රටාවෙන් සරසා ඇති වෙස්මුහුණක් පැළඳ සිටී.
    ලයිබීරියාවේ ජාතික ධජයේ වර්ණවලින් යුත් මුහුණු ආවරණයක් පැළද සිටින්නේ එහි අගනුවර වන මොන්රෝවියා හි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයෙකි.
    අප්‍රියෙල් 25 වන දින ඊජිප්තුවේ කයිරෝ නුවර වීදියේ මුහුණු ආවරණ පැළඳ සිටින වෙළඳසැලක කාන්තාවක් ම ne ් in ොක්කා ඉදිරිපිටට යයි.
    ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ හි විලාසිතා ප්‍රදර්ශනාගාරයක මුහුණු ආවරණ පළදවන ලද කාන්තා අනුරූ පසුකර යන යුවතියන් දෙදෙනෙක්.
    හෝප් ෆෝ වර්ඩෙඩෝප් බිම් මට්ටමේ සංවිධානය අප්‍රේල් 27 වන දින රැකවරණ නිවාසයක ආහාර පාර්සල් පදිංචිකරුවන්ට ලබා දෙයි.
    දකුණු අප්‍රිකානු නගරයක් වන ජොහැන්නස්බර්ග් හි, රැකවරණය ලබන නිවැසියෙකුට ස්වේච්ඡා සේවකයෙක් ආහාර ලබා දෙන අයුරු.
    අප්රේල් 28 වන දින ඇලෙක්සැන්ඩ්‍රා නගරයේ ආහාර බෙදා හැරීමට පෙර කාන්තාවන් පෝලිමේ.
    දකුණු අප්‍රිකානු නගරයක් වන ජොහැන්නස්බර්ග් හි නිවැසියන් නොමිලේ ආහාර ලබා ගැනීම සඳහා පෝලිමේ සිටින විට අතින් මුව වසාගෙන සිටින අයුරු
    අපේ‍්‍රල් 24 වන දින අයිවරි කෝස්ට් හි අබිජ්ජන් හි මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට පිරිමි ළමයෙකුගේ බෑග් තිබේ.
    අයිවරි කෝස්ට්හි මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට රටඉදි අලෙවියේ යෙදී සිටින පිරිමි ළමයෙක්. රාමසාන් උපවාස සමයේ රටඉදි සදහා විශාල ඉල්ලුමක් පවතී.
    කඩියාටූ ඩයල්ලෝ ආගමික ග්‍රන්ථ අසල පෙනී සිටින්නේ අප්‍රේල් 24 වන දින අයිවරි කෝස්ට් හි අබිජ්ජන් හි මල්සිම් ශුද්ධ වූ රාමසාන් මාසයේ පළමු දිනය තුළ ය.
    අබිජ්ජන්හි ගැහැණු ළමයෙක් ආගමික ග්‍රන්ථ අසල සිටගෙන සිටින අයුරු.
    බත් මල්ලක්, පිසින තෙල් බෝතල් සහ වෙනත් විධිවිධාන බිම ගොඩවල ගොඩගැසී ඇත.
    සෙනෙගල් අගනුවර තදාසන්න ප්‍රදේශවල අවශ්‍යතා ඇති අයට බෙදා හැරීමට පෙර ආහාර සැපයුම් සකස් කර අති අයුරු.
    ආරක්ෂිත මුහුණු ආවරණයක් පැළඳ සිටින කාන්තාවක් රතු සහ කහ පැහැයෙන් වර්ණාලේප කර ඇති "දිගු සජීවී ඊජිප්තුව" යන වචන සහිත බිත්තියක් පසුකර යයි.
    ඊජිප්තුවේ කයිරෝ නුවර බිත්ති සිතුවමක් පසුකරන යන කාන්තාවක්.
    සාලේ නගරයේ වසංගතයක් තුළ අත්‍යවශ්‍ය කම්කරුවන්ට ස්තූති කරමින් බිතුසිතුවමක් පසුකර මිනිසෙකු තම අශ්ව කරත්තය පදවාගෙන යයි.
    යවයඹදිග මොරොක්කෝවේ අත්‍යවශ්‍ය කම්කරුවන්ට ස්තූති කිරීමේ පණිවිඩ සහිත බිතුසිතුවමක් පසු කර යන අශ්ව කරත්තකරුවෙක්.
    බස් රථයක මුහුණු ආවරණ පැළඳ සිටින අය අප්‍රේල් 27 වන දින ජනේලයෙන් පිටත බලා සිටිති.
    කෙන්යාවේ අගනුවර වන නයිරෝබි හි බස් රථයක මගීන් මුහුණු ආවරණ පැළඳ සිටින අයුරු.
    වඩු කාර්මික මී මැස්සෙක් අප්‍රේල් 24 වන දින කේප් ටවුන් හි ෆින්බොස් මලකට පියාසර කරයි.
    දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි හුදකලා වඩු මීමැස්සෙකු මලකින් පරාග එකතු කරන අයුරු හොදින් නිරීක්ෂණය කළහොත් ඔබට මුහුුණු ආවරණයක් පැළදි කාන්තාවක් හදුනාගත හැකිය.
    ශීත tree තු ගස්වල දුඹුරු කොළ අප්රේල් 30 වන දින දකුණු අප්රිකාවේ ජොහැන්නස්බර්ග් හි එමරෙන්ටියා වේල්ල ජලාශයේ ජලයේ පිළිබිඹු වේ.
    ජොහැන්නස්බර්ග් – මේ වන විට දකුණු අප්‍රිකාවට සරත් ඍතුව උදාවී ඇත. එහි උද්‍යානයක ඇති ජලාශයක් මතට වැටී ඇති වර්ණවත් ගස්වල සෙවනැල්ල ඔබ විස්මයට පත් කරන බව සහතිකයි.

    ගෙටි ඉමේජස්, ඒඑෆ්පී, ඊපීඒ සහ රොයිටර් වෙතිනි

  • ‘අධික ජල පානය’ මරුවා කැදවයි ! – විද්‍යාත්මකව තහවුරුවෙයි

    ‘අධික ජල පානය’ මරුවා කැදවයි ! – විද්‍යාත්මකව තහවුරුවෙයි

    ඔබට තෙහෙට්ටුවක් හෝ වියළි සමක් තිබුණත්, ප්‍රතිකාරයක් ලෙස වැඩිපුර ජලය පානය කරන ලෙස ඔබට බොහෝ දෙනෙක් පවසා ඇතිවාට සැක නැත.  නමුත් මෙම උපදෙස් ලැබෙන්නේ දශක ගණනාවක් පැරණි මග පෙන්වීමෙනි. ඇතැම් විට එහි විද්‍යාත්මක පදනමක් නොමැති විය හැකිය.

    19 වන ශතවර්ෂයේ මුල් භාගයේදී මිනිසුන්ට ජලය පානය කිරීමට පෙර මරණයට සමීප වීමට සිදුවිය. ජල ද්‍රාවණයේ නිර්මාතෘ වින්සන්ට් ප්‍රයිස්නිට්ස්  (Vincent Priessnitz, the founder of hydropathy) පවසන පරිදි “දරිද්‍රතාවයේ අවසාන අදියර දක්වා අඩු වූවන් පමණක් ජලයෙන් ඔවුන්ගේ පිපාසය තෘප්තිමත් කරයි. බොහෝ අය එක වරකදී ජලය පයින්ට් භාගයකට වඩා පාලනය කර නැත‘‘

    කාලය වෙනස් වී ඇත. එක්සත් රාජධානියේ වැඩිහිටියන් මෑත වසරවලට වඩා දැන් ජලය වැඩි පුර පාරිභෝජනය කරන අතර එක්සත් ජනපදයේ බෝතල් කළ ජලය අලෙවිය මෑතකදී සෝඩා අලෙවිය ද ඉක්මවා ගියේය. සෑම දිනකම ජලය ලීටරයක් පානය කිරීම යහපත් සෞඛ්‍යයට, වැඩි ශක්තියක් සහ සමක් සඳහා රහස බවත්, එමඟින් අපගේ බර අඩු කර ගැනීමටත්, පිළිකා වළක්වා ගැනීමටත් හැකි බව අපට ඒත්තු ගන්වමින් ඇත.

    ලන්ඩලයේ උමං දුම්රිය මගීන්ට වතුර බෝතල් ගෙන යාමට දිරිගන්වනු ලබන අතර පාසැල් සිසුන්ට ඔවුන්ගේ පාඩම් වලට ජලය ගෙන ඒමට උපදෙස් දෙන දෙනු ලැබේ. මේ අතර කාර්යාල රැස්වීම් සෑම පුටුවක් ඉදිරිපිටම මේසය මත නොතබා ආරම්භ කළ නොහැකිය.

    අප බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ අප දිනකට අවම වශයෙන් වතුර වීදුරු අටක්වත් පානය කළ යුතු බවයි.

    ජලය සඳහා මෙම රුචිය වැඩි කිරීම “8×8 රීතිය – 8×8 rule” වේ: නිල නොවන උපදෙස් වන්නේ දිනකට මිලි ලීටර් 240 ක වතුර වීදුරු 8 ක් පානය කළ යුතු බවයි.

    කෙසේ වෙතත්, එම “රීතියට” විද්‍යාත්මක සොයාගැනීම්වල පිටුබලය නැත. (එක්සත් රාජධානියේ හෝ යුරෝපා සංගමයේ නිල මාර්ගෝපදේශයන් අප මෙතරම් පානය කළ යුතු යැයි නොකියයි)

    එසේ නම් දිනකට ජලය මිලිලීටර් 240ක වීදුර 08ක් පානය කළ යුතුය යන රීතිය පැමිණියේ කොහෙන්ද? බොහෝ දුරට ඉඩ ඇති පරිදි, මඟ පෙන්වීම් කොටස් දෙකක වැරදි අර්ථකථනයන්ගෙන් ( දෙකම දශක ගණනාවකට පෙර සිටට) ලැබී ඇතිවාට සැක නැත.

    1945 දී ජාතික පර්යේෂණ කවුන්සිලයේ එක්සත් ජනපද ආහාර හා පෝෂණ මණ්ඩලය (US Food and Nutrition Board of the National Research Council) වැඩිහිටියන්ට උපදෙස් දුන්නේ සෑම නිර්දේශිත ආහාර කැලරි වර්ගයක් සඳහාම ද්‍රව මිලි ලීටරයක් ​​පරිභෝජනය කරන ලෙසයි. පිරිමින් කැලරි 2500 ක් පමණ ආහාරයට ගන්නා නිසා පිරිමින් ජලය ලීටර් 2.5ක් පානය කළ යුතු අතර කාන්තාවන් කැලරි 2000ක් පමණ ආහාරයට ගන්නා බැවින් කාන්තාවන් ජලය ලීටර් 02ක් පාලනය කළ යුතුය. එහෙත් ජලය පමණක් නොව, බොහෝ වර්ගවල බීම වර්ග මෙන්ම පලතුරු සහ එළවළු ද 98% ක් දක්වා ජලය අඩංගු විය හැකිය.

    මුල් මඟ පෙන්වීම අනුව, ඔබේ දෛනික ජල පාරිභෝජනයට පලතුරු සහ එළවළු ඇතුළත් විය හැකිය.

    1974 දී, මේ අතර, පෝෂණවේදීන් වන මාග්‍රට් මැක්විලියම්ස් සහ ෆ්‍රෙඩ්රික් ස්ටෙයාර් (Margaret McWilliams and Frederick Stare) විසින් සම-රචනා කරන ලද ‘පෝෂණවේදීන් සඳහා හොඳ පෝෂණය Nutrition for Good Health‘ නම් පොත නිර්දේශ කර ඇත්තේ සාමාන්‍ය වැඩිහිටියෙකු දිනකට වතුර වීදුරු 6 ත් 8 ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන ලෙසයි. එහෙත්, කතුවරුන් මෙසේද සදහන් කළහ.

    ‘මෙයට පලතුරු සහ එළවළු, කැෆේන් කළ හා සිසිල් බීම, බියර් පවා ඇතුළත් විය හැකිය‘

    පිපාසයෙන් අපි විශ්වාස කරමු

    ඇත්ත වශයෙන්ම ජලය වැදගත් ය. අපගේ ශරීර බරෙන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් ජලය වේ. ජලය අපගේ ශරීරය වටා පෝෂ්‍ය පදාර්ථ හා අපද්‍රව්‍ය රැගෙන යාම, අපගේ උෂ්ණත්වය නියාමනය කිරීම, අපගේ සන්ධිවල ලිහිසි තෙල් හා කම්පන අවශෝෂකයක් ලෙස ක්‍රියා කරන අතර අප තුළ සිදුවන බොහෝ රසායනික ප්‍රතික්‍රියා සඳහා භූමිකාවක් ඉටු කරයි.

    දහඩිය, මුත්‍රා කිරීම සහ හුස්ම ගැනීම තුළින් අපට නිරන්තරයෙන් ජලය අහිමි වේ. අපට ප්‍රමාණවත් තරම් ජලය ඇති බව සහතික කිරීම කදිම ශේෂයක් වන අතර විජලනය වළක්වා ගැනීමට ඉතා වැදගත් වේ. අපගේ ශරීරයේ ජලයෙන් 1-2% ක් පමණ අහිමි වූ විට විජලනයේ රෝග ලක්ෂණ හඳුනාගත හැකි අතර අපගේ තරල නැවත ඉහළට යන තෙක් අපි දිගටම පිරිහීමට ලක් වෙමු. දුර්ලභ අවස්ථාවන්හිදී, එවැනි විජලනය මාරාන්තික විය හැකිය.

    විශේෂඥයන් බොහෝ දුරට එකඟ වන්නේ අපගේ ශරීර සංඥ කරන ප්‍රමාණයට වඩා වැඩි දියර ප්‍රමාණයක් අවශ්‍ය නොවන බවයි

    8×8 රීතිය වටා වසර ගණනාවක් තිස්සේ සනාථ නොවූ ප්‍රකාශයන් අපට පිපාසය දැනීම යනු අප දැනටමත් භයානක ලෙස විජලනය වී ඇති බව විශ්වාස කිරීමට හේතු වී තිබේ. නමුත් ප්‍රවීණයන් බොහෝ දුරට එකඟ වන්නේ අපගේ ශරීර සංඥ කරන ප්‍රමාණයට වඩා වැඩි දියර ප්‍රමාණයක් අවශ්‍ය නොවන බවයි.

    මුතුන් මිත්තන් මුහුදෙන් ගොඩබිමට බඩගා ගිය දා සිට පරිණාමය තුළ අප විසින් වර්ධනය කරන ලද අති නවීන දේවලින් සමහරක් සජලනය පාලනය කිරීමකි. 

    මැසචුසෙට්ස් හි ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ අර්වින් රොසෙන්බර්ග් (Irwin Rosenburg, senior scientist at the Neuroscience and Ageing Laboratory at Tufts University in Massachusetts) පවසන්නේ ප්‍රමාණවත් සජලනය පවත්වා ගැනීම සඳහා අප භාවිතා කරන නවීන තාක්‍ෂණයන් විශාල ප්‍රමාණයක් ඇති බවයි.

    නිරෝගී ශරීරයක් අපට පිපාසය දැනීමෙන් විජලනය ගැන අනතුරු අඟවයි

    නිරෝගී ශරීරයක, ශරීරය විජලනය වන විට මොළය විසින් එය හදුනා ගෙන, බීම උත්තේජනය කිරීම සඳහා පිපාසය ඇති කරයි. මුත්‍ර සාන්ද්‍රණය කිරීමෙන් ජලය සංරක්ෂණය කිරීම සඳහා වකුගඩු වලට සංඥ කරන හෝමෝනයක් ද එමඟින් නිකුත් කරයි.

    “ඔබ ඔබේ ශරීරයට ඇහුම්කන් දෙන්නේ නම්, එය පිපාසය ඇති විට එය ඔබට කියනු ඇත,” ලන්ඩන් ට්‍රයැට්ලොන්ස් හි වෛද්‍ය අධ්‍යක්ෂක පවසයි.

    “ඔබ පිපාසයෙන් සිටින විට ප්‍රමාද වැඩියි යන මිථ්‍යාව පදනම් වී ඇත්තේ පිපාසය තරල හිඟයක අසම්පූර්ණ සලකුණක් යැයි උපකල්පනය කිරීම මත ය, නමුත් ශරීරයේ අනෙක් සියල්ල පරිපූර්ණ විය යුතු අතර පිපාසය අසම්පූර්ණ විය යුත්තේ ඇයි? වසර දහස් ගණනක මානව පරිණාමය සඳහා එය ඉතා හොඳින් ක්‍රියාත්මක වේ. ”

    ජලය සෞඛ්‍ය සම්පන්නම විකල්පය වන නමුත් තේ, කෝපි සහ මත්පැන් පවා ජලයට විකල්පයක් වේ.

    කැලරි නොමැති බැවින් ජලය සෞඛ්‍ය සම්පන්නම විකල්පය වන අතර අනෙක් බීම ද තේ සහ කෝපි ඇතුළු අපව හයිඩ්‍රේට කරයි. කැෆේන් මෘදු ඩයුරටික් බලපෑමක් ඇති වුවද, පර්යේෂණයන් පෙන්වා දෙන්නේ තේ සහ කෝපි තවමත් සජලීකරණයට දායක වන බවයි. එසේම මත්පැන් පානය ද පිළිනොගන්නා නමුත් විකල්පයකි.

    යහපත් සෞඛ්‍යයට පානය කිරීම

    අපගේ ශරීර සංඥා වලට වඩා වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීමෙන් විජලනය වළක්වා ගත හැකි මට්ටමට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබෙන බවට සාක්ෂි නොමැති තරම්ය.

    කෙසේවෙතත්, මෘදු විජලනයේ මුල් අවධීන් පවා වළක්වා ගැනීමෙන් වැදගත් වාසි කිහිපයක් ඇති බව පර්යේෂණවලින් පෙනී යයි. නිදසුනක් වශයෙන්, මෘදු විජලනය වළක්වා ගැනීම සදහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මොළයේ ක්‍රියාකාරීත්වයට සහ ගැටලු විසදීම වැනි සරල කාර්යයන් කිරීමට අපට ඇති හැකියාව සදහා උපකාරී වන බව අධ්‍යයන ගණනාවකින් සොයා ගෙන ඇත.

    සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ දියර පරිභෝජනය බර පාලනය කිරීමට උපකාරී වන බවයි. වර්ජිනියා පොලිටෙක්නික් ආයතනයේ සහ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මානව පෝෂණය, ආහාර හා ව්‍යායාම පිළිබඳ මහාචාර්යවරයකු වන බ්‍රෙන්ඩා ඩේවි දියර පරිභෝජනය සහ බර පිළිබඳව අධ්‍යයන කිහිපයක් සිදු කර ඇත.

    එක් අධ්‍යයනයක දී ඇය අහඹු ලෙස කණ්ඩායම් දෙකෙන් එකකට විෂයයන් පවරා ඇත. කණ්ඩායම් දෙකටම මාස තුනක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියද, එක් ආහාර වේලක් අනුභව කිරීමට පැය භාගයකට පෙර වතුර වීදුරුවක් (මිලි ලීටර් 500 ක්) පානය කරන ලෙස එක් අයෙකුට පමණක් පවසා ඇත.

    කණ්ඩායම් දෙකටම දිනකට පියවර 10,000 ක් ඉලක්ක කර ගන්නා ලෙස දන්වා ඇති අතර වතුර වීදුරු පානය කළ අය මේ සඳහා වඩා හොඳින් ඇලී සිටියහ. ඩේවි මෙය අනුමාන කරන්නේ 1-2%ක් පමණ මෘදු විජලනය වීම සාමාන්‍ය දෙයක් වන අතර මෙය සිදු වූ විට බොහෝ දෙනෙකුට නොතේරෙන හෙයිනි – මෙම මෘදු මට්ටම පවා අපගේ මනෝභාවයට හා ශක්ති මට්ටමට බලපායි.

    නමුත් ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් හි දැඩි සත්කාර වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වන බාබරා රෝල්ස් Barbara Rolls පවසන්නේ පානීය ජලය හා සම්බන්ධ ඕනෑම බර අඩු වීමක් සීනි සහිත බීම වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කිරීමෙන් ජලය පැමිණීමට වැඩි ඉඩක් ඇති බවයි.

    “ආහාර වේලකට පෙර කුසට ජලය පුරවා ගැනීමෙන් රාත්තල් දිය වී යයි යන මතය මනාව තහවුරු වී නැති අතර, ඔබ ජලය පමණක් පානය කළහොත් ආමාශයෙන් එය ඉක්මනින් පිටවේ. නමුත් ඔබ සුප් වැනි ආහාර අනුභව කරන ආහාර මගින් වැඩි ජල ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේ නම්, ජලය ආහාරයට බැඳී ඇති අතර ආමාශයේ වැඩි කාලයක් රැඳී සිටින බැවින් මෙය ඔබව පුරවා ගත හැකිය.

    අපෙන් බොහෝ දෙනෙක් මෘදු ලෙස විජලනය වී ඇති අතර එය නොදැන සිටිති.

    වැඩිපුර ජලය පානය කිරීමෙන් ලැබෙන තවත් සෞඛ්‍යමය වාසියක්  වන්නේ සමේ පැහැය වැඩි දියුණු කිරීම සහ වඩා හොඳ මොයිස්චරයිසින් කළ සමක් ලැබීමයි. එහෙත් මේ පිටුපස විශ්වසනීය විද්‍යාත්මක යාන්ත්‍රණයක් යෝජනා කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැත.

    හොඳ දෙයක් ඕනෑවට වඩා?

    දිනකට වතුර වීදුරු අටක් අපේක්‍ෂා කරන අය අපට කිසිදු හානියක් නොකරයි. නමුත් අපගේ ශරීර සංඥා වලට වඩා ජලය පානය කළ යුතු යැයි විශ්වාස කිරීම සමහර විට භයානක විය හැකිය.

    රුධිරයේ සෝඩියම් තනුක කිරීමට හේතු වන විට ඕනෑවට වඩා දියර (ජලය) පරිභෝජනය බරපතල විය හැකිය. රුධිරයේ සෝඩියම් මට්ටම සමතුලිත කිරීමට දියර මාරුවීම නිසා මෙය මොළයේ හා පෙනහළු වල ඉදිමීමක් ඇති කරයි.

    පසුගිය දශකය තුළ අවම වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ක්‍රීඩා ඉසව්වලදී අධික ලෙස සජලනය වීමෙන් මිය ගොස් ඇත

    පසුගිය දශකය තුළ හෝ ඊට වැඩි කාලයකදී, ක්‍රීඩා ඉසව්වලදී අධික ලෙස සජලනය වීමෙන් මියගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ගැන කිප්ස් දැන සිටියේය. මෙම සිද්ධීන් අර්ධ වශයෙන් සිදුවන්නේ අපගේ පිපාසය පිළිබඳ යාන්ත්‍රණය කෙරෙහි අවිශ්වාසයක් ඇති වී ඇති නිසාත්, විජලනය වළක්වා ගැනීම සඳහා අපගේ ශරීර ඉල්ලා සිටින ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පානය කළ යුතු යැයි අප සිතන නිසාත් ය.

    “රෝහල්වල හෙදියන් සහ වෛද්‍යවරුන් බරපතල ලෙස විජලනය වූ රෝගීන් දකිනු ඇත. ඔවුන්ට බරපතල වෛද්‍ය තත්වයන් ඇති හෝ දින ගණනක් ජලය පානය කිරීමට නොහැකි වී ඇත. නමුත් මෙම අවස්ථා මැරතන් තරඟ වලදී මිනිසුන් කනස්සල්ලට පත්වන විජලනයට වඩා බෙහෙවින් වෙනස් ය.  

    අපි බොහෝ විට ඒ ගැන සිතන්නේ නැත, නමුත් ඕනෑවට වඩා දියර පරිභෝජනය භයානක විය හැකිය

    ජොහානා පැකෙන්හැම් Johanna Pakenham 2018 ලන්ඩන් මැරතන් තරයට එක් වූවාය. ධාවන තරඟයේදී අධික ලෙස ජලය පානය කළ නිසා ඇය හයිපෝනාට්‍රේමියාව (hyponatremia) ලෙස හැඳින්වෙන අධික සජලනයට ලක්වූවාය. එදිනම ඇයව රෝහල වෙත ගෙන යන ලදී.

    “මගේ මිතුරා සහ සහකරු සිතුවේ මා විජලනය වී ඇති බවයි. ඔවුන්ට මට විශාල වතුර වීදුරුවක් ලබා දුන්නා. ඉරිදා සවස සිට ඊළඟ අඟහරුවාදා දක්වා මාව සිහිසුන්ව රෝහල් ගත කර තිබුණා‘  

    මට ඇත්තෙන්ම ජනතාවට කීමට අවශ්‍ය වන්නේ එතරම් සරල දෙයක් මාරාන්තික විය හැකි බව මිනිසුන් දැනගත යුතු බවයි – ජොහානා පැකෙන්හැම්

    “මට හොඳ වීමට අවශ්‍ය වූයේ ටැබ්ලට් කිහිපයක් පමණයි. අධික ජලය පානය ඔබේ රුධිරයේ සෝඩියම් මට්ටම ඉහළ නංවයි. මම මීට පෙර මැරතන් තරඟ කිහිපයට සහභාගී තිබෙනවා. ඒත් මම එය දැන සිටියේ නැහැ. ඇත්තෙන්ම මට ඔබට කීමට අවශ්‍ය වන්නේ එතරම් සරල දෙයක් එතරම් මාරාන්තික විය හැකි බව මිනිසුන් දැන ගත යුතු බවයි”

    කොපමණ ද?

    ‘අප නිරන්තරයෙන් සජලීකරණය විය යුතුය‘ යන අදහසින් බොහෝ අය ඔවුන් යන ඕනෑම තැනකට ජලය රැගෙන යන අතර ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පානය කරති.  

    ලන්ඩනයේ ක්‍රීඩා, ව්‍යායාම සහ සෞඛ්‍ය ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ හියු මොන්ට්ගොමරි (Hugh Montgomery, director of research at the Institute for Sport, Exercise and Health in London) පවසන්නේ “කාන්තාරය මැද උණුසුම්ම පුද්ගලයෙකුට දහඩිය දැමිය හැකි උපරිම වේගය පැයකට ලීටර් දෙකක් විය හැකි නමුත් එය ඇත්තෙන්ම දුෂ්කර ය.

    ලන්ඩන් භූගත දුම්රියේ මිනිත්තු 20ක ගමනක් සඳහා වතුර මිලි ලීටර් 500 ක් පමණ රැගෙන යන ඔබ කිසි විටෙකත් එම අනුපාතයට දහඩිය දැමීමට තරම් උණුසුම් නොවනු ඇත – හියු මොන්ට්ගොමරි

    ලන්ඩන් භූගත දුම්රියේ මිනිත්තු 20ක ගමනක් සඳහා වතුර මිලි ලීටර් 500 ක් පමණ රැගෙන යන ඔබ කිසි විටෙකත් එම අනුපාතයට දහඩිය දැමීමට තරම් උණුසුම් නොවනු ඇත – හියු මොන්ට්ගොමරි

    පිපාසයට වඩා නිල මාර්ගෝපදේශ වලින් බැහැරව වඩාත් සුවපහසු යැයි හැඟෙන අයට, එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය උපදෙස් දෙන්නේ දිනකට දියර වීදුරු හයක් – අටක් අතර ප්‍රමාණයක් පානය කිරීමටය. එයට අඩු මේද හා අඩු සීනි කිරී සහ තේ, කෝපි ද ඇතුළත්ය. 

    තේ සහ කෝපි ඇතුළු දිනකට දියර වීදුරු හයක් හෝ අටක් පානය කිරීමට එන්එච්එස් උපදෙස් දෙයි

    අප වසය අවුරුදු 60 ට වැඩි වූ පසු අපගේ පිපාසය යාන්ත්‍රණයන්ට සංවේදීතාව නැති වන බව මතක තබා ගැනීම ද වැදගත් ය.

    “වයසින් මුහුකුරා යන විට අපගේ ස්වාභාවික පිපාසය යාන්ත්‍රණය අඩු සංවේදී වන අතර තරුණ අයට වඩා විජලනය වීමේ ප්‍රවණතාව වැඩි වේ. වයසට යත්ම, සජලීයව සිටීමට අපගේ දියර පරිභෝජන පුරුදු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය විය හැකිය, ”ඩේවි පවසයි.

    පුද්ගලයෙකුගේ වයස, ශරීර ප්‍රමාණය, ස්ත්‍රී පුරුෂ භාවය, පරිසරය සහ ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම අනුව අපගේ දියර අවශ්‍යතා වෙනස් වන බවට බොහෝ විශේෂඥයෝ එකඟ වෙති.

    රොසෙන්බර්ග් පවසන්නේ “8×8 රීතියේ එක් වැරැද්දක් නම්, අප ජීවීන් ලෙස අප සිටින පරිසරයට ප්‍රතිචාර දක්වන ආකාරය ඉතා සරල ලෙස සරල කිරීමයි. බලශක්ති අවශ්‍යතාවයට සමාන ආකාරයකින් දියර අවශ්‍යතාවය ගැන අප සිතිය යුතුයි. එහිදී අප කතා කරන්නේ අප සිටින උෂ්ණත්වය සහ ශාරීරික ක්‍රියාකාරකම්වල මට්ටම පිළිබඳවයි.”

    බොහෝ ප්‍රවීණයන් එකඟ වන්නේ දිනකට අත්තනෝමතික ලෙස ජලය පානය කිරීම ගැන අප සැලකිලිමත් විය යුතු බවයි. අප පිපාසයෙන් සිටින විට අපගේ ශරීර අපට සංඥ කරයි, අප කුසගින්නෙන් හෝ වෙහෙසට පත්වන විට ඔවුන් කරන ආකාරයටම. ඔබට අවශ්‍ය ප්‍රමාණයට වඩා දියර / ජලය පානය කිරීමෙන් ඇති එකම සෞඛ්‍ය වාසිය නම්, ඔබ නිතර නිතර මුත්‍රා කිරීම සදහා වැසිකිළිය වෙත දිවීමෙන් වියදම් කරන අමතර කැලරි ප්‍රමාණයයි‍ෙ

    විජලනය මොන වගේද?

    විජලනය (dehydration) යනු ඔබ ගන්නා ප්‍රමාණයට වඩා වැඩි දියර ප්‍රමාණයක් අහිමි වීමයි. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට අනුව විජලනය වීමේ රෝග ලක්ෂණ වන්නේ තද කහ මුත්‍රා, වෙහෙස, සැහැල්ලු හිස හෝ කරකැවිල්ල දැනීම; වියළි මුඛය, තොල් සහ ඇස් වියළී යාම, දිනකට හතර වතාවකට වඩා අඩු මුත්‍රා කිරීම. 

    නමුත් වඩාත් පොදු රෝග ලක්ෂණය කුමක්ද ? හුදෙක් පිපාසය දැනේ.

    මූලාශ්‍රය – https://www.bbc.com/future/article/20190403-how-much-water-should-you-drink-a-day

    සැකසුම – තුෂාධවි