Category: සුපිරි Cases

  • නාගරික කෘෂිකර්මය ගැන යළි සිතා බලන්න ‘සුදුසුම කාලය’ උදා වෙලා

    නාගරික කෘෂිකර්මය ගැන යළි සිතා බලන්න ‘සුදුසුම කාලය’ උදා වෙලා

    ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බවත්, කෘෂි ආර්ථික රටාවක් ඔස්සේ රට සංවර්ධනය සිදුකලයුතු බවත්, සෑහෙන කාලයක සිට අප අතර ගැවසෙන කතාබහක් බවට විවාදයක් නැත. පෙර රජ දරුවන්ගේ ක්‍රියා කලාපයන්ද මෙම මතවාදය සාධාරණය කිරීම උදෙසා ඉදිරිපත් කෙරෙනු දකින්නට තිබේ.

    කෙසේ වෙතත් ගොවිතැනට ඇති උනන්දුව සමාජය තුලින් ප්‍රකටව පිළිබිඹු වන්නේ, ආහාරය නොපමාව හා නොඅඩුව ලබාගැනීමේ අපහසුතාවයක් අප හමුවේ ගොඩනැගෙන්නේ නම් පමණක් වීමද අවාසනාවකි. වර්තමාන වසංගත තත්වය හමුවේද උදාවී ඇත්තේ මෙවැනි පරිසරයක්ය.

    ලාභයට පහසුවට ලෝකයේ කුමන හෝ තැනකින් හෝ මිලදී ගන්නා ආහාරයක්, දින දෙක තුනක් ඇතුලත තමාගේ මුළුතැන්ගෙය වෙත ගෙන්වා ගැනීමේ කාර්යක්‍ෂම සන්නිවේදනයකින් හා ප්‍රවාහන යාන්ත්‍රණයකින් සන්නද්ධව ආඩම්බරයෙන් සිටි මිනිසා, වසංගත කුනාටුව පැමිණ මාස දෙකක් ගතවෙත්දී, රට රටවල් සමග නොව, අල්ලපු ගම සමග පවා තිබුණු සබඳතා බිඳීගොස් තැන තැන හුදකලා වී සිටී.

    ගම්බදව වෙසෙනා අයට තම ආහාර වේල කළමනාකරණය කරගැන්මට කිසියම් විකල්ප සම්පතක් සොයාගැනීමට තිබුනත්, නාගරිකයින් බහුතරය නම් සිටින්නේ අසරණ තත්වයකයි. සැලකිය යුතු නාගරික ජනතාවක් තවමත් රැකියාවට නොයා ගෙදර සිටින නිසා, ඔවුනට ගොවිතැනේ මංපෙත් කියාදීමට මේ හොඳම අවස්ථාවකි.

    අපට නාගරික කෘෂිකර්මාන්තයක් අවශ්‍ය වන්නේ ඇයි?

    අපට නාගරික කෘෂිකර්මාන්තයක් අවශ්‍ය වන්නේ ඇයි? අධ්‍යාපන අවශ්‍යතා, රැකියා, සෞඛ්‍යය ගැටළු ආදී හේතු මුල්කරගනිමින් සැලකිය යුතු ජනතාවක් නිරන්තරයෙන් ස්ථිර පදිංචිය සඳහා තම ගම්බිම් අතහැර නගරයට සංක්‍රමණය වෙමින් සිටී.

    2025 වනවිට නාගරික ජනගහනය මිලියන 10 කට ආසන්න වනු ඇතැයි ගණන් බලා ඇත. එනම් රටේ ජනගහනයෙන් භාගයකට ආසන්න ගණනක් නගරවලය. මේ හරහා ආහාර ඉල්ලුමද ඉහල යන අතර, නගරයේ නිෂ්පාදනයක් නොකර පිටතින් සැපයුම කෙරෙන නිසා ඒවාහි මිලද අධිකය.

    නාගරිකයා වැඩි මිලකුත් ගෙවා මිලදී ගන්නා මෙම එළවලු පලතුරු ආදිය දින ගණනාවකට එපිටදී ගසෙන් කඩාගත් දෑ බැවින් ඒවා නැවුම් ඒවාද නොවේ. ප්‍රවාහනයේදී තැලී පොඩිවී ඇත. බෝගය නිපදවීමේදී හා කල් තබාගැනීම උදෙසා කුමන රසායනිකයන් යොදා ඇතිදැයි දන්නේත් නැත. මේ පෞද්ගලිකව පාරිභෝගිකයා මුහුණ දෙන තත්වයයි. සමස්ත පරිසරයට සිදුවෙන පාඩුවක්ද තිබේ.

    ප්‍රවාහනය බහුල බැවින් රථවාහන වැඩිවීමත්, අනෙක් රථවාහන වලට ඇති නිදහස සීමාවී තදබදය නිර්මාණය වීමත් නිසා, වායු දූෂණය ඉහල යයි. මීට අමතරව ගොවියා නිපදවන බෝග අස්වැන්න නගරයට එන විට සැලකිය යුතු ප්‍රමාණයක් භාවිතයට නුසුදුසු තත්වයට පත්වී අපතේ යයි. මේ අතර වගාබිම් බවට පත්කරගත හැකි, නාගරික හිස් ඉඩම් බොහෝවිට භාවිතා වෙන්නේ කර්මාන්තශාලා වලින් බැහැරකරන අපද්‍රව්‍ය මුදාහැරීමටය. ඒ හරහාද නාගරික පරිසරයට සිදුවන්නේ අවැඩක්මය.

    අප නාගරික ගොවිතැනකට යොමු කරන්නේ කවුරුන්වද ?

    අප නාගරික ගොවිතැනකට යොමු කරන්නේ කවුරුන්වද ? පළමුවෙන්ම කිව යුත්තේ මෙය රැකියාවකුත් තිබෙන විශාල නාගරික පිරිසක් වෙනුවෙන් සලසා දිය යුතු අර්ධකාලීන ආහාර නිෂ්පාදන වැඩසටහනක් බවයි. කාන්තාව රැකියාවට නොයන්නේ නම් ඇයට වැඩිපුර දායකත්වයක් සැපයිය හැකිය.

    ගෙවත්ත යනු හැමවිටම තම වාසස්ථානයෙන් පීටත එළිමහනේ තිරස්ව විහිදී ඇති දෙයක් නොව, මහල් නිවාසයක තට්ටු කීපයක් පසුකර ගියවිට හමුවෙන ඉහල මහලකදී වුවද තිබිය හැකි පවුලේ ආහාර නිෂ්පාදන ඒකකයක් බව නාගරිකයා තේරුම්ගත යුතුය. එසේනම් එතැන ගෙවත්ත බොහෝවිට අවකාශය පුරා පැතිරෙන්නේ තිරස්ව නොව වැඩිපුරම සිරස්වය. වගාව කෙරෙන්නේ බඳුන් තුලය. ඒ සඳහාද අතිරේක පිරිවැයක් නාගරිකයාට වැයකළ යුතු නොවේ.

    පැල සිටුවන බඳුන් ලෙස භාවිතාකල හැකි බඳුන් ඕනෑතරම් නාගරික පරිසරයන් වෙතින් සොයාගත හැකිවේ. ලීටර් දෙකේ හෝ ඒ ආසන්න විශාලත්වයකින් යුත් බීම බෝතල්, ප්ලාස්ටික් කෑන්, පැරණි ටයරයක් දෙකට කපා සාදාගන්නා බෝට්ටු හැඩ අර්ධයන් යනාදී ඕනෑම දෙයක් පැල සිටුවීමට භාවිතා කල හැකි බඳුනකි. අවශ්‍ය වන්නේ නිර්මාණශීලිත්වය හා උනන්දුවයි. මේවා තැබීමට සුදුසු ස්ථානද නාගරික මහල් නිවාසයක වුවද විරල නැත.

    හිරුඑලිය වැටෙන පිටත බිත්තියක් ඔස්සේ ලී දඬු වැනි දෙයකින් සාදාගන්නා ලද ආධාරකයක් මත, තබන බඳුන් වලින් බිත්තියට ලබා දෙන්නේද අතිරේක අලංකාරයකි. ස්ථාන තෝරාගැනීම සහ පැල සහිත බඳුන් සුදුසු තැන්වල ස්ථානගත කිරීම සඳහා ළමයින්ගේ දායකත්වයද ඉතා වැදගත්ය. කොන්ක්‍රීට් වහල ඇති ස්ථානයන්හි ඒ මත වුවද බඳුන් තබා ගෙවත්තක් නිර්මාණය කල හැකිවේ. දරුවන් සතු නිර්මාණශීලිත්වයට මේ අනුව  පිළිගැනීමක් ලැබෙන අතර, යම් පැල සංඛ්‍යාවක් ඔවුන්ටම පවරාදීමෙන්, ගොවිතැන නුපුරුදු ඔවුනට ඒ හරහා කෘෂිකාර්මික ප්‍රවේශයක්ද ලැබෙනු ඇත.

     ‘උඩුමහලේ ගෙවත්ත’

     ‘උඩුමහලේ ගෙවත්ත’ මේ ආකාරයට අතේ දුරින් පැවතීමේ ප්‍රධාන වාසිය වන්නේ, නිවැසියා කෙතරම් කාර්ය බහුල වුවත් ගොවිතැන් කටයුතු සඳහාද යම් කාලයක් මිඩංගු කිරීමට ඔහුට ඇති හැකියාවයි. පාසල් ඇරඹුණු පසු, ටියුෂන් පන්තියද හමාරකර ඇඳිරි වැටෙද්දී ගෙට ගොඩවෙන දරුවන්ද, ඇතැම්විට ඊටත් ප්‍රමාදවී පැමිණෙන වැඩිහිටියන්ද, නිවසෙන් බැහැර ඇති ගෙවත්තට ගොස් එයට අවශ්‍ය දෛනික සාත්තුවක් කරතැයි අපට බලාපොරොත්තු විය නොහැකිය. කාර්ය බහුලත්වය හමුවේ බොහෝවිට ගෙවත්ත අමතක වන්නේ මෙලෙසය. එසේ නමුත් තමාගේ නිවාස තුලම තිබෙන පවුලේ ආහාර නිෂ්පාදනය ඒකකය නොහොත් ‘සිරස් ගෙවත්ත’ එලෙස අතපසු නොවේ.

    නාගරික කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෙරෙන මෙම පවුලේ මැදිහත්වීම හැරුනුකොට රාජ්‍ය අංශය විසින් කලයුතු දිරිදීම්ද තිබේ. පළමු ලෝක යුද සමයේදී ඇතිවූ ආහාර අහේනිය මගහරවන්නට රජය විසින් ඇමරිකානුවන්ට උපදෙස් දුන්නේ තමාගේ ගෙවත්ත පමණක් නොව, අතට හසුවෙන හැම බිම් අඟලක්ම වගා කරන්නටයි. රජය සතු පොදු හිස් ඉඩම් ඇත්නම් ඒවා වුවද වවන්නට තහනමක් වූයේ නැත. අපටද මෙය හොඳ ආදර්ශයකි.

    මෙරට නාගරික ප්‍රදේශයන්හි ඇති පාසැල්, රෝහල්, කාර්යාල පරිශ්‍ර යනාදී තැන්වල හිස් ඉඩම් කොපමණ තිබෙනවාද? පිටස්තරයින් එම ස්ථානයන්ට කැන්දා පාත්ති කීපය බැගින් බෙදා දීම අදාළ ආයතනයට අනාරක්ෂිත යයි සිතෙන්නේ නම්, ආයතනයේ සේවකයින්ටම කොටස් වශයෙන් බෙදා දිය හැකිය. ඒවා වගා කර ලබනා අස්වැන්නද ඔවුන්ටමය. ඇඟට නොදැනෙන්න ඉතා සුළු බදු මුදලක් අයකෙරුවාත් කමක් නැත. ඒ ගැන ආයතන පාලකයින් තන්හාවක් සිතට ගතයුතු නොවේ. දිරිගැන්වීම ලබාදිය යුත්තේ එලෙසිනි.

    අමකර රැකියාත් ලබා දිය හැකියි

    යම් පුද්ගලයෙක් තමාගේ පාත්තිය නිසි නිෂ්පාදනයක් උදෙසා මෙහෙයවන්නේ නැතිනම් ඊළඟ වගා කන්නයේදී එය වෙනත් සේවකයෙකුට පැවරිය හැකිවේ. ඇතැම් දියුණු රටවල පවා නාගරික කෘෂිකර්මාන්තය අදටත් ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙනි. කාර්යාල සේවකයින් එවිට රාජකාරි වේලාවෙන් පසු ගොවිතැනට යොමුවී තවත් පැයක් පමණ කාලයක් තමාට අයත් පාත්තිවල වැඩ කර ගෙදර යනු ඇත.

    අස්වැන්න වැඩිපුර ලැබෙන්නේ නම් අලෙවි කිරීමෙන් අතිරේක ආදායමක් උපයනු ඇත. කෙසේ හෝ අවසන් ප්‍රතිපලය වන්නේ නාගරික ආහාර නිෂ්පාදනය ඉහල යාමයි. ඒවා කිසි විටෙකත් අපතේ යන්නේ නැත. කාගේ හෝ කුස පිරවීමට යෙදෙන නිසා ගමෙන් නගරයට එන එළවලු ලොරි ගණන නම් අඩුවේ. මහාමාර්ග දෙපස වුවද ඉඩ ඇති තැන්වල වගාකරන්නට ඒ අසල පදිංචිකරුවන්ට අවසර දෙන්නේ නම්, මාර්ගය දෙපස තණකොළ කපමින් සතියකට වරක් වැඩකරන පලාත්පාලන ආයතනයන්හි කම්කරුවන් අවශ්‍ය නොවන බව පෙනේවි.

    ඇමරිකාවේ බොස්ටන් හි පිහිටි Fenway උයන දෙවන ලෝක යුද සමයේදී මෙලෙස බිහිවී අදටත් ක්‍රියාත්මකවෙන වගා බිමක් වුවත්, මේ වනවිට එහි වැඩිපුර වවන්නේ මල් ප්‍රභේදයන්ය. නමුත් මිනසෝටා හි පිහිටන Dowling මහජන උයන අදටත් එළවලු බෝග වගාකරමින් මහජනතාව වෙනුවෙන් පැය 24 පුරාම විවෘතව තැබේ. විවිධ ජන වර්ගයන්ට අයත් 250 කට වැඩි ප්‍රදේශවාසී වගාකරුවන් පිරිසක්, මෙහි බිම්කට්ටි 190 ක් පුරා ප්‍රදර්ශක ගෙවතු වවන්නේ නරඹන්නන් හට ගෙවතු වගාවේ සුන්දරත්වය රිසි සේ විඳ ගන්නටය.

    නාගරික ගෙවත්තේ නිපදවෙන එළවළු සැමවිටම නැවුම්

    නාගරික ගෙවත්තේ නිපදවෙන එළවලු නෙලා ගන්නේ එදිනෙදා පාරිභෝජනයට අවැසි ප්‍රමාණය පමණක් නිසා ඒවා සෑමවිටම නැවුම්ය. එම නිෂ්පාදනය 100% ක්ම කාබනික ආහාර වශයෙන් නිපදවා ගත හැකිවේ. කුමන සහතිකය සහිතව වෙළඳපොලෙන් කාබනික එළවලු යනුවෙන් යමක් මිලදී ගත්තත්, තමා නිපදවූ ආහාරයට දෙන විශ්වාසවන්තභාවයේ සහතිකය ඒවාට කිසිදා දිය නොහැක. තට්ටු නිවාසයක පිහිටුවන ලද බඳුන් ගෙවත්තකින් සම්පත් අරපිරිමැස්මද උපරිම ලෙස සිදුවේ. ළඟපාතක වගාව තිබෙන නිසා නිවසේ කටයුතු වලදී ඉවත්කෙරෙන ජලය පවා මෙම වගාවේ ජල අවශ්‍යතාවයට යෙදිය හැකි බව පෙනේවි. එසේම ගස් වලින් වැටෙන වියලි කොළ යොදා තැනෙන කොම්පෝස්ට් මගින් වගාවේ පෝෂණ අවශ්‍යතාවයත් සපුරාදේවි.

    බෝවෙන රෝගයක් මගහැර ගැනීමට සමාජය අනුගමනය කල ක්‍රියාදාමයන් හරහා නාගරිකයා පවා ගොවිතැනට හුරුවෙමින් සිටී. ගමේ වැසියන්ට සාපේක්ෂව, අපත්‍ය ආහාරයන්ට බහුලව නිරාවරණය වන්නේත් මේ නාගරිකයාමය. ගමේ සිට පැමිණියත් එළවලු පලතුරු නගරයට එන්නේ ඒවාහි නියම ස්වභාවයෙන් නොවේ. ආපනශාලා මගින් අලෙවි කරන පිළියෙළ කල ආහාරවලත් රසකාරක ඇතුළු අහිතකර රසායනයන් අධිකය. බෝ නොවෙන රෝග ගණනාවකට මේ ආහාර හේතුවන බව අප මෙතෙක් කලක් සමාජය දැනුවත් කළෙමු. දැන් කියන්නට ඇත්තේ බෝවෙන රෝගයක් නිසා දැන හඳුනාගත් නාගරික ගොවිතැනෙහි දිගටම නියැලෙමින්, යහපත් ආහාර අනුභව කරමින්, බෝ නොවෙන රෝග වලින්ද නිවාරණය ලබාගන්නා ලෙසයි.

    සනත් එම්. බණ්ඩාර   

    Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

  • ‘වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි’ විශිෂ්ඨ කෘතිය සරල සිංහලෙන්

    ‘වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි’ විශිෂ්ඨ කෘතිය සරල සිංහලෙන්

    හේගල් මෙසේ පැවසීය; “අපට ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි එකම දේ වන්නේ අප ඉතිහාසයෙන් කිසිවක්ම ඉගෙන ගන්නේ නැති බවයි.” එහෙයින්, මේ වසංගතය අපව කිසියම් ආකාරයකින් ප්‍රඥාවන්ත කරනු ඇත්දැයි තමන්ට සැක සහිත බව ශිෂෙක් පවසයි.

    ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 01 කොටස

    හැඳින්වීම

    ලෙනින්

    කිසිවක්ම සිදු නොවන දශක තිබේ, දශක සිදු වන සති තිබේ” යැයි ව්ලැඩිමීර් ලෙනින් ප්‍රකාශ කළේ 1905 වසරේ රුසියාව තුළ පැන නැගුණු විප්ලවීය රළ පහර නිරීක්ෂණය කරමිනි; එම ක්‍රියාවලියට සහභාගී වෙමිනි. අර්බුද සමයන්හිදී සිදුවීම් කොතරම් වේගවත් වන්නේද යත් සිදුවීම් විශ්ලේෂණ අබිබවා යයි. මොහොතකට පෙර ඉතාම අලුත් යැයි හැඟුණු විශ්ලේෂණයක් ඉතාම ඉක්මනින් ඉපැරණි සහ අදාළ නොවන එකක් බවට පරිවර්තනය වේ. 

    රුසියාවේ විප්ලවීය වසරවලදී ලෙනින් ලියූ දේ කියවන විට පෙනී යන්නේ සිදුවීම්වල වේගවත් බව පසුපස හඹා ගිය වේගවත් මනසක ක්‍රියාකාරීත්වය කෙබඳුද යන්නයි. 

    ලෙනින් සමග සැසඳිය හැකි තරමේ වේගවත් සහ ක්‍රියාකාරී චින්තකයෙකු අපගේ යුගයේ සිටීද? මේ පැනය සමඟ සිතට එන එකම චින්තකයා ඇතැම්විට සමකාලීන රැඩිකල් දාර්ශනිකයෙකු වන ස්ලේවෝයී ශිෂෙක්ය. ඔහු අපගේ යුගයේ එකදු වැදගත් ඓතිහාසික සිද්ධියකට හෝ සංකල්පගත නොකර යන්නට හරින්නේ නැත. 

    කොරෝනා වසංගතයෙන් අප මෙතෙක් කල් දැන සිටි සාමාන්‍ය තත්ත්වය ප්‍රචණ්ඩ වෙනසකට ලක් වීමත් සමග ශිෂෙක්ගේ වෙහෙස නොහඳුනන වේගවත් මනස සිදුවීම් හඹා යාම ඇරඹීය. යුරෝපයට කොරෝනා වසංගතය ඇතුළු වී දින සියයක් තුළදී ඒ පිළිබඳව ලියැවුණු ඔහුගේ කෘතිය, Pandemic: Covid 19 Shakes the World (2020), ප්‍රකාශයට පත් විය. මෙම කෘතියෙන් ඔහුට හිමි වන කතෘ භාගය “දේශ සීමා නොතකන වෛද්‍යවරු” නමැති සංවිධානයට ප්‍රදානය කෙරෙනු ඇත. 

    පහත පළ වන්නේ දැනට සති තුනකට පමණ පෙර නිකුත් වූ කොරෝනා වසංගතය අළලා ලියැවුණු එම ප්‍රථම න්‍යායික ග්‍රන්ථයේ හැඳින්වීමේ දළ පරිවර්තනයකි. මේ ශිෂෙක්ගේ Pandemic කෘතියේ එක් එක් පරිච්ජේදය බැගින් සරල සිංහලෙන් පැහැදිළි කෙරෙන ලිපි මාලාවක පළමුවැන්නයි.

    ******************************************

    “මාව අල්ලන්න එපා!” 

    මළවුන්ගෙන් නැගී සිටි ජේසුස් ඔහුව හඳුනාගත් මරියා මග්දලේනා හට පැවසූ පළමු වැකිය වූයේ එයයි.

    ශිෂෙක් තම කෘතිය අරඹන්නේ එම වැකිය පුනරුච්ජාරණය කරමිනි. ඉන්පසුව ඔහු විමසන්නේ “ක්‍රිස්තියානි අදේවවාදියෙකු” වන තමන් එම වැකිය වටහා ගන්නේ කෙසේද යන්නයි. එම ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර මෙපරිදිය;

    ‘ජේසුස් සැබවින්ම මරණයෙන් අවදි වූවා යැයි තමන් දැන ගන්නේ කෙසේදැයි ඔහුගේ අනුගාමිකයන් ඔහුගෙන් විමසීය. එයට ජේසුස්ගේ පිළිතුර වූයේ ඔහුව විශ්වාස කරන්නන් අතර ආදරය පවතින්නේ කවර මොහොතකදීද එවිට ඔහු එතැන සිටින බවයි’. ඔහු සිටින්නේ අතින් ඇල්ලිය හැකි පුද්ගලයෙකු ලෙස නොවේ. නමුත්, මිනිසුන් අතර ආදරයේ සහ සහයෝගීතාවයේ බැඳීම ලෙසය.

    ශිෂෙක් පවසන්නේ ජේසුස් මග්දලේනා හට පැවසූ වැකිය ජේසුස් තම අනුගාමිකයන්ට දුන් ඉහත පිළිතුර සමග සම්බන්ධ කොට කියැවිය යුතු බවයි. “මාව අල්ලන්න එපා; ආදරයේ ජීවයෙන් සෙසු මිනිසුන්ව ස්පර්ෂ කරන්න; ඔවුන්ව ඇසුරු කරන්න.”

    අද දිනයේ කොරෝනා වසංගතය මැද සෑම දෙසකින්ම අපට ඇසෙන්නේ අනෙකුන්ව ස්පර්ෂ නොකරන ලෙසටත් හුදෙකලාව සිටින ලෙසටත් කරන ඉල්ලීම්ය; ශාරීරික දුරස්ථභාවය පවත්වා ගන්නට කෙරෙන ඉල්ලීම්ය.

    මෙසේ “මාව ස්පර්ෂ නොකරන්නැයි” පැවසීමේ අර්ථය කුමක්ද? ශිෂෙක් විමසයි. අනෙක් පුද්ගලයාව ස්පර්ෂ කරන්නට දෑත අසමත්ය. අපට එකිනෙකාට සමීප විය හැක්කේ ඇතුළතින්ය. ඇතුළාන්තයට පිවිසෙන කව්ළුව වන්නේ දෙනෙත්ය. මේ දිනවල ඔබට ඔබගේ සමීපතමයෙකු හෝ අමුත්තෙකු වුවත් මුණ ගැසී එකිනෙකා අතර යම් දුරක් පවත්වාගෙන සිටින විට ඔබ අනෙකාගේ දෑස පත්ලට එබී බැලුවහොත් සමීප ළෙන්ගතුකමකටත් වඩා යමක් ඔබට හෙළිදරව් වනු ඇත. 

    දාර්ශනික හේගල්

    මේ කාව්‍යමය සංකල්පීය ඇරඹුමෙන් පසුව ශිෂෙක් ඔහුට සුපුරුදු ලෙස ඔහුගේ ප්‍රියතම දාර්ශනික හේගල්ව උපුටා දක්වයි. ඔහු උපුටා දක්වන්නේ හේගල් තරුණ වියේදී ලියූ සටහනකි. “ආදරණීයයා අපට එරෙහිව නොපවතී; ඔහු සිටින්නේ අපගේ සත්තාව සමගය; අප අපව දකින්නේ ඔහු තුළ පමණකි. නමුත්, යළිදු ඔහු තවදුරටත් අපම වන්නේද නැත. ඔහු අපට වටහාගත නොහැකි ප්‍රහේළිකාවකි; ආශ්චර්යයකි.”

    ඉන්පසුව ශිෂෙක් අවධාරණය කරන්නේ හේගල්ගේ ඉහත කියා පෑම් දෙක (එනම් ආදරණීයයා අප සමගම සිටීය යන්න සහ ඔහු අපට ප්‍රහේළිකාවක් වන්නේය යන්න) එකිනෙකට ප්‍රතිපාක්ෂික වූ දේ ලෙස නොකියවිය යුතු බවයි. එයින් අදහස් වන්නේ ආදරණීයයා පාර්ශ්වීය වශයෙන් අපගේම, මගේම කොටසක් වන අතර පාර්ශවීය වශයෙන් ප්‍රහේළිකාවක් වන්නේය යන්න නොවේ. ආදරයේ ආශ්චර්යය වනුයේම ඔබ මගේ අනන්‍යතාවයේ කොටසක් වන අතරම ඔබ මට වටහාගත නොහැකි ප්‍රහේළිකාවක් ලෙස පැවතීමම නොවන්නේද? එය ඔබ මට පමණක් නොව ඔබටම ප්‍රහේළිකාවක් වීමකි. 

    ඉනික්බිතිව ශිෂෙක් යළිත් තරුණ හේගල්ව උපුටයි:

    “මානව වර්ගයා වනාහී මේ රාත්‍රියයි; මේ හිස්, කිසිවක් නොවීමයි; එතුළ එහි සරලත්වය තුළ සියල්ලම අන්තර්ගත වේ (එනම් ඔහුට අයිති නැති අනවරත නියෝජනයන්, ප්‍රතිරූප සමුදායක්); නොඑසේනම්, මානව වර්ගයා යනු නොපවතින දෙයයි. යමෙකු මානවයන්ගේ දෑස් දෙස බලන විට යමෙකුට මේ රාත්‍රියේ දසුන නෙත ගැටෙනු ඇත.”

    කිසිදු කොරෝනා වෛරසයකට මෙය අපෙන් උදුරා ගත නොහැකිය. ඉදින්, ශාරීරික දුරස්තභාවය අපට අන් අය සමග ඇති ළබැඳියාව ශක්තිමත් කරනු ඇතැයි පවා අපේක්ෂාව කළ හැකිය. මට සමීප වූවන්ගේ පෙනී සිටීම, ඔවුනගේ වැදගත්කම මට පූර්ණ වශයෙන්ම දැනෙන්නේ මට ඔවුන්ව මුණ නොගැසී සිටින්නට සිදුව ඇති මේ මොහොතේය. 

    ඔහු මෙසේ පවසන විට නරුමවාදීන් ඔහුව සිනාවට ලක් කරන අයුරු ඔහුට ඇසේ යැයි ඒ සමගම ශිෂෙක් පවසයි.

    ඔවුන් මෙසේ විමසනු ඇත: “හොඳයි, සමහරවිට අපට ඒ වගේ අධ්‍යාත්මික සමීප භාවයේ මොහොතවල් උදා වෙන්න පුළුවන්; ඒත්, මේ ව්‍යසනය එක්ක හැප්පෙන්න ඒවායින් ඇති වැඩේ මොකද්ද? අපට ඒවායින් ඉගෙන ගන්න දෙයක් තියෙනවද?”                

    හේගල් මෙසේ පැවසීය; “අපට ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි එකම දේ වන්නේ අප ඉතිහාසයෙන් කිසිවක්ම ඉගෙන ගන්නේ නැති බවයි.” එහෙයින්, මේ වසංගතය අපව කිසියම් ආකාරයකින් ප්‍රඥාවන්ත කරනු ඇත්දැයි තමන්ට සැක සහිත බව ශිෂෙක් පවසයි.

    නමුත්, එක් කාරණයක් පැහැදිළිය (ඔහු පවසයි). එනම්, කොරෝනා වෛරසය අපගේ ජීවිතවල පදනම් සලිත කරනු ඇති බවයි; ඒ අති මහත් ප්‍රමාණයක් දුක් වේදනා ජනිත කිරීමෙන් පමණක් නොවේ; 1929 මහා ආර්ථික අවපාතයටද වඩා දරුණු වූ ආර්ථික සංහාරයක් නිර්මාණය කිරීම මගිනි.           

    ශිෂෙක් තම හැඳින්වීම නිමා කරන්නේ පහත සඳහන් වචනවලිනි. ”යළිත් සාමාන්‍ය තත්ත්වය කරා ආපසු යාමක් නොමැත; නව “සාමාන්‍ය තත්ත්වය” තනන්නට සිදු වනු ඇත්තේ අපගේ පැරණි ජීවිතවල නටඹුන් මතිනි. නොඑසේනම්, අප නව ම්ලේච්ජත්වයක් තුළ සිටිනු ඇත. දැනටමත්, එහි සලකුණු පැහැදිළිව පෙනේ

    ස්ලේවෝයී ශිෂෙක්

    ශිෂෙක් තම හැඳින්වීම නිමා කරන්නේ පහත සඳහන් වචනවලිනි. ”යළිත් සාමාන්‍ය තත්ත්වය කරා ආපසු යාමක් නොමැත; නව “සාමාන්‍ය තත්ත්වය” තනන්නට සිදු වනු ඇත්තේ අපගේ පැරණි ජීවිතවල නටඹුන් මතිනි. නොඑසේනම්, අප නව ම්ලේච්ජත්වයක් තුළ සිටිනු ඇත. දැනටමත්, එහි සලකුණු පැහැදිළිව පෙනේ. මේ වසංගතය අවාසනාවන්ත අහඹුවක් ලෙස සැලකීම ප්‍රමාණවත් නොවේ; එහි ප්‍රතිවිපාකවලින් මිදී ඇතැම්විට අපගේ සෞඛ්‍ය සේවයේ යම් යම් වෙනස්කම් සිදු කොට පැරණි ආකාරයෙන්ම දේවල් කිරීමේ සුඛනම්‍ය ක්‍රියාකාරීත්වයට ආපසු යාමට එලෙසින් නොහැක. 

    අප මූලික ප්‍රශ්නය විමසිය යුතුය: “අපට මෙවැන්නක් පිළිබඳව විද්‍යාඥයින් වසර ගණනාවක් මුළුල්ලේ අනතුරු හඟවා තිබියදීත් අප මේ ව්‍යසනයට සූදානමකින් තොරව හසු වූයේ අපගේ ක්‍රමයේ කුමන වරදක් නිසාද?”

    (මෙම කෘතියේ ඉදිරි පරිච්ජේද කොටස් වශයෙන් පළ කෙරෙනු ඇත) 

    සුමිත් චාමින්ද    

  • ‘පුංචි ගෙවත්තටම ගැළපෙන’ නව අඹ විශේෂයක් සොයන ඔබට ‘කොඩිමා’

    ‘පුංචි ගෙවත්තටම ගැළපෙන’ නව අඹ විශේෂයක් සොයන ඔබට ‘කොඩිමා’

    මීට වසර 15 කට පමණ පෙරදී එනම් 2005 වසරේදී ඇරඹුණු අධ්‍යයනයක ප‍්‍රතිඵල ලෙස බිහිවූ අඹ ප‍්‍රභේදයක තොරතුරු, ප‍්‍රභේද නිර්දේශ කිරීමේ කමිටු රැුස්වීම වෙත පසුගියදා ඉදිරිපත් කරන්නට යෙදුනි.

    ස්වාභාවිකවම සිදුවෙන පර පරාගනය හේතුවෙන් ඇටයකින් බිහිවෙන හැම අඹ පැළයක්ම දෙමාපිය ගති ලක්ෂණ වල මිශ‍්‍රණයක් දරන නිසා, නව මාදිලියක් සේ සැලකීමේ වරදක් නැත. මේ ආකාරයට මිනිසාගේ අනුදැනුමෙන් තොරව නව මාදිලි බිහිවීම, පර පරාගනය සිදුවෙන ශාක ලෝකය තුළ නොනැවතීම සිදුවේ. යාපනය දිස්ත‍්‍රික්කය තුළ අඹගස් 47900 කට වඩා තිබෙන බව වාර්තා වී ඇතත්, මේවාහි ගතිලක්ෂණ පිළිබඳ තොරතුරු වාර්තා ගතකර ඇත්තේ ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

    එකිනෙකට සමාන රූපීය ලක්ෂණ වලින් යුත් අමුතුම ආකාරයේ අඹ ශාක දෙකක් අහම්බෙන් සොයාගනු ලැබුවේ ආකර්ශණීය ලක්ෂණ වලින් හෙබි අඹ ගස් සොයා 2005 දී ඇරඹි ගවේෂණය තුළදීය. බැලූ බැල්මටම මේ ශාක දෙකෙහි ඇති කැපී පෙනෙන වෙනස වූයේ එහි පත‍්‍ර කිරුළ එතරම් උසකට වැඩෙන්නේ නැති නිසාම, පෙන්වූ වැතිරුණ ස්වභාවයයි. පර්යේෂකයින් Creeping Mango ඵ්බටද වශයෙන් මේ ශාක දෙක හැඳින්වුයේ එබැවිනි. ද්‍රවිඩ බසින් එය ”කොඩිමා” වන්නේය.

    ආකර්ශනීය ලක්ෂණ දරමින් බීජ පැළ ලෙස බිහිවෙන මෙවැනි අඹ මාදිලි, බද්ධ කිරීම වැනි වර්ධක ප‍්‍රචාරණ ක‍්‍රමවේදයන් හරහා ප‍්‍රචාරණය කිරීමට දැනට වසර 300 කටත් ඈත ඉතිහාසයක් තිබේ. ඒ අනුව මෙවන් හුදකලා අඹ ශාකයක් හෝ දෙකක් හඳුනාගැනීම වුවත්, බෝගයේ අභිවෘද්ධිය සලකා බලන විට වැදගත් සිදුවීමක්ම වන්නේය.

    ‘තිරුනෙල්වෙලි කහ ‘ Thirunelvely yellow යනුවෙන් නම්කර ඇති මේ ප‍්‍රභේදය වසර පුරාම ඵල දරණ බව පවසන්නේ, බෝගය හඳුන්වාදෙන ආචාර්ය එස්. ජේ. අරසකේසරී මහතාය.

    ”මේ ප‍්‍රභේදය වියලි කලාපයට හොඳට ගැලපෙනවා. විශේෂ සුවඳක් සහිත මේ ගෙඩි වල තන්තු අන්තර්ගතය බොහොම ස්වල්පයයි. බඳුන්ගත කිරීම වැනි කර්මාන්ත සඳහා එය සුදුසුකමක්. මදය හොඳටම කහපාටයි, පැණි රසයි, මධ්‍යම ප‍්‍රමාණයේ ගෙඩි නිසා පරිහරණයත් පහසුයි”

    ශාකය සාමාන්‍යය උස ලෙස වාර්තා වී ඇත්තේ 5-6 අතර අගයකි. පළමු අස්වැන්න ගන්නා අවස්ථාව වනවිට ශාකයේ උස මීටර් දෙකකට වඩා නැත. ගෙඩි ආවරණය කිරීම වැනි ක‍්‍රියාකාරකම් වලදී කෙටි උස ලක්ෂණය මනා පහසුවක් සලසාදෙයි. තිරුනෙල්වේලි කෘෂිකර්ම පර්යේෂණ ස්ථානයේදී 2018 ඔක්තෝබරයේ සිට 2019 සැප්තැම්බරය දක්වා වූ වසරක කාලයක් තිස්සේ ලබාදුන් සාමාන්‍ය අස්වැන්න අනුව විලාඞ් සහ කර්තකොලොම්බන් වැනි පැරණි ජනප‍්‍රිය ප‍්‍රභේදයන්ට වඩා නව මාදිලිය ඉදිරියෙන් සිටිනා බවද පැහැදිලිය.

    කර්තකොලොම්බන් විලාඞ් එම කාල පරාසය තුළදී ගෙඩි 11 ක් සහ 204 ක් ලබා දෙන විට ”තිරුනෙල්වෙලි කහ” ප‍්‍රභේදය ලබාදී ඇති ගෙඩි සංඛ්‍යාව 176 කි. විලාඞ් ගෙඩි වල බර කිලෝග‍්‍රෑම් 45.1 ක් වන අතර තිරුනෙල්වෙලි යෙලෝ හි එම අගය කිලෝග‍්‍රෑම් 45.933 වීමෙන් පැහැදිලිවෙන්නේ ගෙඩියක සාමාන්‍ය බර, විලාඞ් වලට වඩා වැඩිවෙන බවයි.

    විලාඞ් වල මෙන්ම වැඩි අස්වැන්නක් වාර්තා වී ඇත්තේ ද ඔක්තෝබර් නොවැම්බර් වැනි කාලසීමාවේදී වන නිසා පැහැදිලිවන්නේ වියළි දේශගුණික තත්වය යටතේ නව ප‍්‍රභේදය වැඩිපුර ඵල දරණ බවකි. කෙසේවෙතත් අන් ප‍්‍රභේදයන්ට සාපේක්ෂව වසර පුරා ඵලදැරීමේ විභවයක් මෙම නව ප‍්‍රභේදයට ඇති බව අධ්‍යයන වාර්තා මගින් සනාථ වී තිබේ.

    ගෙවත්තක ඇති සීමිත ඉඩකඩ හමුවේ උසින් අඩු හා වසර පුරාම ඵල දරණ අඹ ප‍්‍රභේදයක් සොයමින් සිටිනා අයට තිරුනෙල්වෙලි යෙලෝ නොහොත් ”කොඩිමා” හොද ආරංචියක් රැුගෙනවිත් ඇතිබව පැහැදිලිය.

    පිටපත : සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව
    තාක්‍ෂණික කරුණු : එස්. ජේ. අරසකේසරී, අතිරේක අධ්‍යක්‍ෂ (පර්යේෂණ) ප‍්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, කිලිනොච්චිය

  • අගනගර එකකට වඩා ඇති රටවල් ගැන ‘ඔබ නොඇසූ වීරූ අපූරු කතාවක්’

    අගනගර එකකට වඩා ඇති රටවල් ගැන ‘ඔබ නොඇසූ වීරූ අපූරු කතාවක්’

    අග නුවර‘ ගැන කතා අපි හැමෝම දන්නවා. බෞද්ධ සාහිත්‍ය ගත් විට බරණැස්පුරයේ බරණැස් නුවර තමයි ජනප්‍රියතම අගනගරය වුණේ. ඒ අතර ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, මහනුවර, කෝට්ටේ ගැන අපිට මතකයි. ඒ ලංකාව…

    ලෝකය ගත් විට පුරාණ ලෝකයේ ඊජිත්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව, ග්‍රීසියේ ඇතන්ස්, රෝමය බැග්ඩෑග් අපේ මතකයට එනවා.

    ඒත් අපි දැන් කතා කරන්න යන්නේ ඒ අතීය හා බැදී ඉදිරියට යන නූතන ලෝකය ගැන. කතාව තමයි අගනුවරවල් එකකට වඩා ඇති රටවල්. මෙක සාමාන්‍ය කතාවක් වුණාට ඒක වැදගත් කියලා හිතෙනවා. මොකද යම් රටක් තම රටට අගනුවරවල් දෙකක් හෝ ඊට වැඩියෙන් කිහිපයක් තෝරා ගැනීම ඓතිහාසික, ජනවාර්ගික,ආර්ථික මෙන්ම දේශපාලන හේතු තිබෙනවා. ආරක්ෂාවත් නොසලකා හැරිය නොහැකි කතාවක්.

    කොහොම වුණත් ලෝකයේ අගනුවරවල් එකකට වඩා වැඩි රටවල් අතරට ලංකාවත් එක් වෙනවා. ඒ කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යනුවෙන් අපටත් අගනුවරවල් දෙකක් තිබෙන නිසා.

    අගනුවරවල් එකකට වඩා අවශ්‍ය වුණේ ඇයි ?

    20 වන සියවසේ ලෝක සිතියම පරිවර්තනය කළ යුද්ධ, විප්ලව සහ බිඳ වැටුණු අධිරාජ්‍යයන් පුදුම සහගත ප්‍රතිලාභියෙකු ඇත: ඔන්ටාරියෝ හි කිංග්ස්ටන් හි ක්වීන්ස් විශ්ව විද්‍යාලයේ නාගරික සැලසුම් පිළිබඳ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය ඩේවිඩ් ගෝර්ඩන් Professor David Gordon සිය ‘විසිවන සියවසේ අග නගර සැලසුම් කිරීම Planning Twentieth Century Capital Cities (Planning, History and Environment Series)‘ නම් ග්‍රන්ථයේ දක්වන ආකාරයට 1900 දී අගනගර තිබුණේ රටවල් 40 ක් පමණයි.

    ඒත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ අධිරාජ්‍යයන් බිද වැටීමෙන් පසු, ඊටත් දශක තුන හතරකට පසු සෝවියට් සංගමය හා යුගෝස්ලාවියාව බිඳවැටීමෙන් නව රටවල් බිහිවීමත් සමඟ 2000 වන විට එම සංඛ්‍යාව 200 කට වඩා වැඩි වී තිබෙනවා.

    බොහෝ රටවල් තනි නගරයක් තම අගනුවර ලෙස තෝරා ගත් බවයි ගෝර්ඩන් පවසන්නේ.

    “ අගනගරය කියන්නේ රටේ මධ්‍යම පරිපාලන උපකරණ සාමාන්‍යයෙන් පිහිටා ඇති, නීති සම්මත කිරීමට දේශපාලනඥයන් එක්වන ස්ථානයක්. මේ සියල්ල එකට සොයා ගැනීමේදී බොහෝ සහසම්බන්ධතා තිබෙනවා. නමුත් සමහර රටවල් සරලවම තීරණය කළේ අගනගර සම්බන්ධයෙන් ගත් කල ඊට වැඩි යමක් ඇති බවයි. බෙනින් වෙරළේ සිට ඊස්වාටිනි රාජධානිය Kingdom of eSwatini දක්වා ලොව පුරා අගනගර දෙකක් හෝ වැඩි ගණනක් ඇති ජාතීන් සිටිනවා. ඔවුන්ගේ හේතු වෙනස් වේ. එක්සත් ජනපදය හෝ දකුණු අප්‍රිකාව මෙන් රටවල් එකිනෙකට වෙනස් කලාපවලින් පිහිටුවන විට ඔවුන් අගනගර එකකට වඩා තෝරා ගත්තා‘

    ගෝර්ඩන් සඳහන් කරන්නේ බලය සඳහා කලාපීය තරඟය ද අගනගර එකකට වඩා වැඩියෙන් බිහිවීමට ප්‍රබල සාධකයක් විය හැකි බවයි.

    “ඔවුන්ගෙන් කිසිවෙකුටත් තම ප්‍රතිවාදියාට අවශ්‍ය ප්‍රමාණයට වඩා බලවත් වීමේ වාසිය ලබා දීමට අවශ්‍ය නැත” යනුවෙන් ගෝර්ඩන් පවසයි. 

    “මෙවැනි දේ හා සම්බන්ධ ඉතා සංකීර්ණ දේශපාලනයක් තිබෙනවා. එක්සත් ජනපදය එම ගැටුම නිරාකරණය කළේ පොටෝමාක් ගඟේ සාපේක්ෂව නොදියුණු ප්‍රදේශයක වොෂිංටන් ඩී.සී. පිහිටුවිම මගින්. ඊට වෙනස්ව, දකුණු අප්‍රිකාව ජාතික රජය කේප් ටවුන්, ප්‍රිටෝරියා සහ බ්ලූම්ෆොන්ටයින් නගර අතර බෙදා හැරීමට තීරණය කළා. සමහර විට ප්‍රධාන නගර තෝරා ගැනීම වඩා පහසු බවක් පේනවා.

    ටැන්සානියාවේ ඩාර් එස් සලාම් හි හිරු බැසීම දැකීමට සුන්දරයි.
    ටැන්සානියාවේ අගනුවරක් වන ඩාර් එස් සලාම් හි හිරු බැසීම අති සුන්දර දර්ශනයකි. යටත් විජිත යුගයේ අගනුවර වන ඩාර් එස් සලාම් සිට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි ඩොඩෝමා හි නව අගනුවරක් ස්ථාපිත කරන බව 1973 දී ටැන්සානියාව ප්‍රකාශ කළේය.

    “සාමාන්‍යයෙන් වෙරළ තීරයේ පිහිටි සෑම ජනපදයක් සඳහාම අධිරාජ්‍යයන්ට මධ්‍යම පරිපාලන ස්ථාන තිබුණි. එබැවින් ඔවුන්ට මුහුදු මාර්ගයෙන් අධිරාජ්‍ය අගනුවරට ආපසු යාමට හොඳ ප්‍රවේශයක් තිබුණි” යැයි ගෝර්ඩන් පවසයි. (යටත් විජිත යුගයේ ලංකාවේ කොළඹ ගැන සලකා බලන්න)

    “රටවල් විජිතකරණය කිරීමේ ප්‍රවණතාවක් නම්, සියලු පුරවැසියන්ට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි වන පරිදි අගනුවර රටේ කේන්ද්‍රයට ගෙන යාමයි. එහෙත් ඓතිහාසික අගනගරවල සංස්කෘතික තල්ලුව ජය ගැනීම දුෂ්කර විය හැකියි. උදාහරණයක් ලෙස ටැන්සානියාවෙ යටත් විජිත අගනුවර වූ ඩාර් එස් සලාම් Dar es Salaam තවමත් රජයේ බොහෝ කාර්යයන් මෙහෙයවන අතර, ටැන්සානියානු ජනාධිපතිවරයා සිය කාර්යාලය “නව” ඩොඩෝමා  Dodoma.අගනුවරට ගෙන ගියේ 2019දීයි. අගනුවර තැබිය යුත්තේ කොතැනද යන්න පිළිබඳව නායකයන් මුළා වූ එකම රට ටැන්සානියාව පමණක් නොවෙයි. කැනඩාවට ඔටාවා ගැන තීරණය කිරීමට වසර ගණනාවක් ගත වුණා” ගෝර්ඩන් පවසයි. 

    “කැනඩාවේ අගනුවර සෑම වසර දෙකකට වරක් වෙනස් කිරීමට පුරුදුව සිටියේය. මක්නිසාද යත් අගනුවර ස්ථාපිත කළ යුත්තෙ කොතැනටද යන්න තීරණයට කිරීමට කැනේඩියානු පෙඩරල් සම්මේලනයට එකඟ විය නොහැකි වූ නිසයි‘ ගෝර්ඩන් පවසයි.

    බෙනින්: පෝටෝ-නොවෝ සහ කොටොනූ Benin: Porto-Novo and Cotonou

    පෝටෝ-නොවෝ යනු ග්‍රෑන්ඩ් පල්ලිය පිහිටා ඇති බෙනින් හි නිල අගනුවරයි.
    බෙනින් හි පෝටෝ-නොවෝ හි ග්‍රෑන්ඩ් පල්ලිය: Porto-Novo is the official capital of Benin බෙනින් හි නිල අගනුවර වන පෝටෝ-නොවෝ හි ඓතිහාසික ගෘහ නිර්මාණ ශිල්පය, කලින් වහල්භාවයේ සිටි මිනිසුන් විසින් මෙහි ගෙන එන ලද අප්‍රිකානු-බ්‍රසීලියානු සංස්කෘතියට බලපෑම් කරයි

    උද්යෝගිමත් වරාය නගරය වන කොටොනූ Cotonou බෙනින් වෙත සංචාරකයින් සාදරයෙන් පිළිගන්නා අතර රටේ විශාලතම නගරය රජයේ අගනුවර පුදුමයක් නොවේ. නිල අගනුවර පෝටෝ-නොවෝහි Porto-Novo සිට පැයක් පමණ දුරින් එය පිහිටා ඇත.

    යටත් විජිත යුගයේ නිර්මිත නගරයේ ඓතිකි ගොඩනැගිලි සහ නිර්මාණ පරිපූර්ණව පවති. 1960 දී බෙනින් ප්‍රංශයෙන් පූර්ණ නිදහස ලබා ගැනීමට පෙර සිට නගර දෙක අතර බල බෙදීමක් ක්‍රියාත්මක වේ.

    cable car transit system in La Paz, Bolivia.

    බොලිවියාව: ලා පාස් සහ සුක්‍රේ Bolivia: La Paz and Sucre

    ඇන්ඩීස් කඳුකරයේ හිම කඳු මුදුන් වලින් වැසී ඇති ලා පාස් La Paz යනු අගනුවරක ප්‍රදර්ශන කුටියකි. කදු අතර පිහිටි තැනිතලාවේ නිර්මාණය කළ අග නගරයේ වීදී අතර කේබල් කාර් සුන්දර දසුන් මවමින් ඇදී යනු දැකිය හැකිය. ඓතිහාසික බවත් ඒ වටා බැදුණු අපූරු සුන්දරත්වයක් නිබදව දැකිය හැකිය.  

    ලා පාස් බොලීවියාවේ පරිපාලන අගනුවර වන අතර, ව්‍යවස්ථා අගනුවර ‘සුක්‍රේ Sucre‘ නගරයේ සිට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටා ඇත. යටත් විජිත පාලනයේ මුල් දිනවල සුක්‍රේ අවට පතල් වලින් රිදී කඳුකර නගරය ඇන්ඩියන් බලාගාරයක් බවට පත් කළේය. වේගයෙන් වර්ධනය වන ටින් කර්මාන්තයක් ලා පාස් හි ආර්ථික හා දේශපාලන බලය සඳහා දැඩි ප්‍රතිවාදියෙකු බවට පත් කිරීමට උපකාරී වූ අතර එය අද දක්වාම බොලිවියානු රජයේ මධ්‍යස්ථානය ලෙස පවතී.

    චිලියේ වල්පරයිසෝ හි quarter තිහාසික කාර්තුව රාත්‍රියේදී බබළයි.
    චිලියේ වල්පරයිසෝ  Valparaiso හි රාත්‍රී කාලයේ දසුනක්

    චිලී: සන්තියාගෝ සහ වල්පරැන්සෝ Chile: Santiago and Valparaíso

    චිලියේ ජාතික පරිපාලන හා අධිකරණ ආයතනවල සාමාජිකයින් සන්තියාගෝ අවට කඳුකරයේ හිම පතිත වීම දෙස බලා සිටින අතර, ජාතික ව්‍යවස්ථාදායකයට වල්පරැන්සෝ නගරයෙන් වර්ණවත් පැසිෆික් සාගරයේ හිරු බැස යෑමක් භුක්ති විඳිය හැකිය.

    දර්ශනීය නගර දෙක එකිනෙකාගෙන් සැතපුම් 72 ක් ඈතින් පිහිටා ඇති නමුත් ඒවා ලෝකයෙන් වෙන්ව ඇත. නිල අගනුවර වන සන්තියාගෝහි උස් ගොඩනැඟිලි පාෂාණමය කඳු මුදුන්වල පසුබිමට එරෙහිව සිසිල් අළු-නිල් පැහැයක් ගනී. ජාතික ව්‍යවස්ථාදායක අගනුවර වල්පරැන්සෝ යුනෙස්කෝ ලැයිස්තුගත ඓතිහාසික පුරයකි.

    කෝට් ඩි අයිවෝර්: යමූසුක්‍රෝ සහ අබිජ්ජන් Côte D’Ivoire: Yamoussoukro and Abidjan

    දශක තුනකට වැඩි කාලයක් ජනාධිපති ධුරයේ රැඳී සිටීම වරප්‍රසාද කිහිපයක් සමඟ (1960 සිට 1993 දක්වා) කෝට් ඩි අයිවෝර් පාලනය කළ ජනාධිපති ෆීලික්ස් හූෆූට්-බොයිනි, තම ළමා කාලය ගත කළ Yamoussoukro යමූසුක්‍ 1983 දී (රටේ දෙවන අගනුවර) සිය නිල අගනුවර බවට පත්ප්‍කර ගත්තේය. කෙසේ වෙතත්, මුල් අගනගරය වන අබිජ්ජන් Abidjan හා සසඳන විට, යමූසූක්‍රෝ නිද්‍රාශීලී අගනුවරකි. අබිජ්ජන් යනු ආණ්ඩුවේ නිල අගනුවර පමණක් වේ.

    චෙක් ජනරජයේ ජනාධිපති නිල වශයෙන් ප්‍රාග් කාසල් හි පිහිටා ඇත.
    චෙක් ජනරජයේ ජනාධිපති නිල වශයෙන් ප්‍රාග් කාසල් හි පිහිටා ඇත.

    චෙක් ජනරජය: ප්‍රාග් සහ බර්නෝ Czech Republic: Prague and Brno

    ගොතික් ස්පියර්ස් සහ බැරොක් වහලවල් Gothic spires and Baroque rooflines චෙක් සංස්කෘතිය හා ඉතිහාසය විදහා දක්වන ප්‍රතාපවත් නගරයක් වන ප්‍රාග්හි වල්ටාවා ගං ඉවුර දිගේ Vltava River පිහිටා ඇත. එහි වඩාත් ආකර්ෂණීය ස්ථාන අතර යුනෙස්කෝ ලැයිස්තුගත ඓතිහාසික මධ්‍යස්ථානයේ කොටසක් වන ‘ ප්‍රාග් කාසල් ද ‘ වේ.

    9 වන ශතවර්ෂයේ ආරම්භ කරන ලද මෙම මාලිගාව චෙක් ජනරජයේ ජනාධිපතිවරයාගේ නිල කාර්යාලය ලෙස පවතී. එහෙත් චෙක් ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය පවතින්නේ රටේ එතරම් ප්‍රසිද්ධ නැති දෙවන අගනුවර වන බර්නෝහි ය. 

    Lobamba

    ඊස්වාටිනි රාජධානිය: එම්බබානේ සහ ලොබාම්බා Kingdom of eSwatini: Mbabane and Lobamba

    කලින් ‘ස්වාසිලන්තය‘ ලෙස හැඳින්වූ මෙම භූමි ප්‍රදේශය වර්ග සැතපුම් 7,000 කට වඩා අඩු භූමි ප්‍රදේශයකට නාටකාකාර ලෙස වෙනස් භූ දර්ශනයක් නිර්මාණය කරයි. බටහිර කඳුකරයේ, මුහුදු මට්ටමේ සිට මඳක් ඉහළින් උණුසුම්, වියළි තෘණ බිම් කරා ඇද වැටෙන හරිත කඳු වලින් සමන්විත වේ.

    ඩලැන්ගනි කඳුකරයේ හදවතෙහි පිහිටා ඇති එම්බබානේ Mbabane පරිපාලන අගනුවරයි. III වන එම්ස්වතී රජුගේ King Mswati III පරම අධිරාජ්‍යයා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඔබ අපේක්ෂා කරන්නේ නම්, ඔබ රාජකීය අගනුවර වන ලොබාම්බා Lobamba වෙත යා යුතුය.

    රට පුරා රාජකීය නිවාස කිහිපයකින් එකක් වන ලුඩ්සිඩ්සිනි රාජකීය නිවසේ රාජකීය පවුල පදිංචිව සිටි. මෙය වාර්ෂික කලා හා සංගීත උළෙල අප්‍රිකානු උත්සව මාලාවේ එක් නැවතුමකි.

    මැලේසියාවේ පුටරාජය හි පුත්‍රා පල්ලිය පිහිටා ඇත්තේ මිනිස් අතින් සාදන ලද විලක අද්දර ය.
    මැලේසියාවේ පුත්‍රජය හි පුත්‍රා පල්ලිය පිහිටා ඇත්තේ කෘත්‍රීම විලක අද්දර ය.

    මැලේසියාව: ක්වාලාලම්පූර් සහ පුත්‍රජය Malaysia: Kuala Lumpur and Putrajaya

    අති දැවැන්ත කුළුණු ගොඩනැගිලි සහ වීදි වෙළඳපොලවල් වල එකතුවක් වන ක්වාලාලම්පූර් යනු මැලේසියානු ජීවිතය හා සංස්කෘතිය තුළ උපරිම ලෙස ගිලී යාමකි. Rooftop bars මෙහි රාත්‍රිය පුරා හඩ නඟන අතර කාර්යබහුල වේලාව ගමනාගමනය නතර කරයි.

    ක්වාලාලම්පූර් ජාතික අගනුවර ද, ව්‍යවස්ථාදායකයේ ආසනය සහ මැලේසියාවේ රජතුමාගේ නිල නිවසයි. 

    එහෙත් රජයන්ට පවා විශාල නගර ජීවිතයෙන් විවේකයක් අවශ්‍ය වේ. මැ‍ලේසියානු රජය 1995 දී ඓතිහාසික නිහඩ අගනගරයක් වන  Putrajaya ඉදිකිරීමට පටන් ගත්තේය. වර්ධනය වීමට ඇති ඉඩ ප්‍රමාණවත් බැවින්, පුත්‍රජය තුළ විශාල උයන්, මුස්ලිම් පල්ලි ආදිය පිහිටා ඇත.

    මොන්ටිනිග්‍රෝ: පොඩ්ගොරිකා සහ සෙටින්ජේ Montenegro: Podgorica and Cetinje

    මහා මන්දිර සහ කෞතුකාගාර සපිරි මොටිනිග්‍රෝවේ බලයේ සංකේතය ලෙස Cetinje රාජකීය අග නගරය පවතී. ජනාධිපතිවරයාගේ නිල නිවස තවමත් Cetinje නගරයේ අධිරාජ්‍ය නිල් මාලිගයේ Blue Palace පවතී. දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාල නගරයක් වූ (එවකට ටයිටොග්‍රෑඩ් Titograd ලෙස ප්‍රසිද්ධ විය) දැන්, නිල ආණ්ඩුව පිහිටා ඇති ස්ථානයයි. 

    රෝම යුගයේ බර්සිමිනම් Birziminum ලෙස හැඳින්වූ මෙම නගරය 1992 දී යුගෝස්ලාවියාව කඩා වැටෙද්දී පොඩ්ගොරිකා බවට පත්වීමට පෙර ස්ලාවික් රිබ්නිකා සහ සමාජවාදී ටයිටොග්‍රෑඩ් ලෙස වෙනස් විය.

    නෙදර්ලන්තයේ නිල අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් හි සාම්ප්‍රදායික නිවාස රේඛා ඇළ මාර්ග.
    නෙදර්ලන්තයේ නිල අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් හි සාම්ප්‍රදායික නිවාස රේඛා ඇළ මාර්ග

    නෙදර්ලන්තය: ඇම්ස්ටර්ඩෑම් සහ හේග් Netherlands: Amsterdam and The Hague

    ඓතිහාසික ඇළ මාර්ග, අල්ට්‍රාහිප් ප්‍රදේශවාසීන් සහ යුරෝපයේ උණුසුම්ම ස්ථානයක් ලෙස කීර්තියක් ඇති ඇම්ස්ටර්ඩෑම්හි Amsterdam නම හඳුනා ගැනීම ඕනෑ තරම් හේතු තිබේ. නමුත් නෙදර්ලන්තයේ ව්‍යවස්ථාවෙන් නගරය රටේ අගනුවර ලෙස නම් කළද, පාලනය කිරීමේ සැබෑ වැඩ කටයුතු හේග් Hague හි සිදු වේ.

    ප්‍රාන්ත ජෙනරාල්, විධායක ශාඛාව සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු නෙදර්ලන්තයේ ප්‍රධාන පාලක මණ්ඩල සියවස් ගණනාවක් තිස්සේ මෙම ගෞරවනීය නගරයේ පිහිටා ඇත.

    නෙල්සන් මැන්ඩෙලා ස්මාරකය – ප්‍රිටෝරියා

    දකුණු අප්‍රිකාව: ප්‍රිටෝරියා – කේප් ටවුන් සහ බ්ලූම්ෆොන්ටයින් South Africa: Pretoria:,Cape Town and Bloemfontein

    අගනගර තුනක් ඇති එකම රට දකුණු අප්‍රිකාව වන අතර එය කලාපය පුරා බලය බෙදාහදා ගැනීම සඳහා නිර්මාණය කර ඇති සුවිශේෂී විධිවිධානයකි.වෙරළ තීරය සහ Table Mountain අතර දර්ශනීය ස්ථානයක් ඇති කේප් ටවුන් බ්‍රිතාන්‍යයේ කේප් ජනපදයේ අගනුවර වූ අතර දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාදායක අගනුවර ලෙස පවතී.

    ප්‍රිටෝරියා සහ බ්ලූම්ෆොන්ටයින් අතර ඉතිරි රජයේ ශාඛා බෙදීමෙන් නැගී එන දකුණු අප්‍රිකානු ජනරජය නව රට පුරා බලය බෙදා හැරීමට උපකාරී විය. සෑම කෙනෙකුම එහි ආකර්ශනීය බව දැකිය හැකිය. ප්‍රිටෝරියා සෑම සැප්තැම්බරයකම දක්නට ලැබෙන උත්කර්ෂවත් ජකරන්ද මල්  jacaranda blooms සඳහා ප්‍රසිද්ධ වන අතර බ්ලූම්ෆොන්ටයින් ආගන්තුක සත්කාරය මනාව ප්‍රදර්ශනය කරයි.

     jacaranda blooms

    ශ්‍රී ලංකාව: කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ Sri Lanka: Colombo and Sri Jayawardenepura Kotte

    Beaches line the urban waterfront of Colombo, home to Sri Lanka's national and executive bodies of government.
    ශ්‍රී ලංකාවේ ජාතික සහ විධායක ආයතනවල නිජබිම වන කොළඹ නාගරික ජලාශය වෙරළ තීරය.

    කොළඹ ශ්‍රී ලංකාවේ වෙරළ තීරය දිගේ විහිදී යයි. දීප්තිමත් කඩසාප්පු, යටත් විජිත යුගයේ බිම් සලකුණු සහ රන්වන් වැලි සහිත වෙරළ තීරයන් එහි ඇත. ධෛර්ය සම්පන්න ආකර්ෂණයක් සහිත නගරයක් වන අතර එය දිවයින ගවේෂණය කරන බොහෝ සංචාරකයින්ගේ ආරම්භක ස්ථානයයි.

    රජයේ ජාතික හා විධායක ආයතන කොළඹෙහි ද ඇත, නමුත් නිල අගනුවර පිහිටා ඇත්තේ අසල පිහිටි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ය. නූතන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ මිනිසා විසින් සාදන ලද දියවන්නා ජලාශය මැද පිහිටි කෘතිම දූපතක ය.

    ටැන්සානියාව: ඩාර් එස් සලාම් සහ ඩොඩෝමා Tanzania: Dar es Salaam and Dodoma

    1973 දී ටැන්සානියානු රජය එය වෙරළබඩ අගනුවර වන ඩාර් එස් සලාම් Dar es Salaam වෙනස් කරන බව නිවේදනය කළ අතර ඩොඩෝමා Dodoma නව අගනුවරක් සඳහා සුදුසුම ස්ථානය ලෙස හඳුනා ගත්තේය.

    කෙසේ වෙතත්, ඩොඩෝමා හි විශාල ගොඩනැඟිලි සහ පුළුල් වීදි රාශියක් තිබියදීත්, රජයේ බොහෝ ප්‍රධාන කාර්යයන් තවමත් ඩාර් එස් සලාම් හි ම පවතී. සමහර විට ඩාර් එස් සලාම්ගේ සංස්කෘතික විවිධත්වයෙන් සහ ඉන්දියන් සාගරයේ සුළඟින් ඈත් වීම දුෂ්කර විය හැකිය. එහි වෙරළට ඔබ්බෙන් ඉතා අලංකාර සාගර රක්ෂිතයක් පවා තිබේ.

    එහෙත් අඩ සියවසකට ආසන්න කාලයක් ගතවී ඇති පසු, ටැන්සානියාවේ රජය අවසානයේ ඩොඩෝමා වෙත යාමට ඉඩ තිබේ. 2019 ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපති ජෝන් මගුෆුලි සිය කාර්යාලය එහි ගෙන ගියේය.

    සී.එන්.එන්. වාර්තාක් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • සරුසාර – වසවිස නැති ගෙවතු වගාවකට ‘කාබනික පොහොර’ සදා ගන්නේ මෙහෙමයි

    සරුසාර – වසවිස නැති ගෙවතු වගාවකට ‘කාබනික පොහොර’ සදා ගන්නේ මෙහෙමයි

    Covid-19 වසංගත තත්ත්වය සමග උද්ගත වනු ඇතැයි අපේක්ෂා කරන ආහාර අර්බුදයේදි ‘ගෙවතු වගාව‘ ජනතාවට සැලකිය යුතු සහනයක් සලසනු ඇතැයි අපේක්ෂා කරනවා. ඊට හේතුව වන්නේ අනාගත ආහාර හිගය ඇති වන්නේ ප්‍රධාන වශයෙන් ‘සැපයුම් දාම‘ බිද වැටීම නිසා වීමයි. විශේෂයෙන් ආනයනික ආහාර බෝගවලට මේ තත්ත්වය ඍජුව බලපාන බවයි ආර්ථික විශේෂඥයින් කියන්නේ.

    මේ අතර තවත් පිරිසක් පෙන්වා දෙන්නේ රසායනික පොහෝර සහ කෘෂි රසායන (වල් නාශක හා කෘමි නාශක) සැපයුම ද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බිද වැටීම හෝ දුර්වල වීම සිදුවිය හැකි බවයි.

    මේ තත්ත්වය තුළ රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතයෙන් සිදුවන කෘෂිකාර්මික කටයුතු ද අර්බුදයට යාම නොවැළැක්විය හැකි කරුණක්.

    මේ තත්ත්වය තුළ බිහිවන ආහාර අර්බුදයට යම් සහනයක් ගෙවතු වගාව හරහා මෙන්ම කාබනික බෝග වගාව හරහා ද ලබාගත හැකියි. විශේෂයෙන් කාබනික බෝග වගාව තුළ නියැළීම මගින් රසායනික පොහොර සහ කෘෂි රසායන අවශ්‍යතාව තොරවීම තුළ වඩාත් සුරක්ෂිත ආහාර සැපයුමක් ලබාගත හැකියි.

    මේ තත්ත්වය තුළ ගෙවතු වගාවේ යෙදී සිටින ඔබට පහසුවෙන් සහ අඛණ්ඩව කාබනික පොහෝර සපයා ගත හැකි මග වන්නේ ඔබ විසින් ම කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමයි.

    කාබනික පොහොර

    ‘දිරාපත්වන සියළු දෑ කාබනික පොහොර‘ ලෙස සරලව හැඳින්විය හැකියි. කාබනික පොහොර නිරන්තරව එක්කිරීම පසෙහි ආරක‍ෂාව හා පෝෂණය දිගුකාලීනව රැඳීමට හේතු වෙනවා. එවිටදිගින් දිගටම බෝග වගා කලත් හොඳ අස්වැන්නක් ලබාගත හැකියි.

    කාබනික පොහොර වර්ග:

    1. සත්ත්ව පොහොර
       ගොම, එළු හා කුකුල් පොහොර ගෙවත්තට එක් කළ හැකියි. මෙම පොහොර බෝගවගා කරන පාත්තිවලට හෝ වල්වලට ප්‍රමාණවත් පරිදි එක්කරන්න.
       කුකුල් පොහොර යොදා ගන්නේ නම් පොහොර යොදා දින තුනක් පමණ ගෙවුනු පසු පැළ හෝ බීජසිටුවීම කළයුතුයි.
    2. කොළ පොහොර
       ඉක්මනින් දිරාපත් වන, වැඩි කොළ අස්වැන්නක් ඇති ග්ලිරිසීඩියා ශාක කොළ පොහොර ලබා ගැනීමට වඩාත් සුදුසුයි.
       කැප්පෙටියා, පිල, කැකුණ, ඉපිල් ඉපිල් හා වල් සූරියකාන්ත වැනි ශාකවල අතුද කොළ පොහොරක් ලෙස හෝ කොම්පෝස්ට් පොහොර ලෙස සෑදීම සඳහා භාවිතා කළ හැකියි.
    3. කොම්පෝස්ට් පොහොර
       දිරාපත්වන ඕනෑම ද්‍රව්‍යයක් කොම්පෝස්ට් සෑදීම සඳහා යොදාගත හැකියි. උදා :-
      – ගෙවත්තේ එකතුවන වියළි ශාක පත්‍ර
      – ගලවා දමනු ලබන වල් පැළෑටි
      – කුස්සියෙන් ඉවත්කරන එළවළු හා පලතුරු ශේෂ
      – පොල් කුඩු හා තේ කොළ
      – ලිපෙන් ඉවත් කරන අළු
      – වැටවල් හා ගස් කප්පාදු කිරීමෙන් ලැබෙන කොළ
      – සත්ත්ව වසුරු
    4. ගැඩවිලි පොහොර
      ඔබේ ගෙවත්තෙත් ගැඩවිලූන් රැ ගැඩවිලි පස් දකින්න ලැබෙනවා නම් එය ගෙවත්තේ පස සරු බවට සාධකයක්.

    කොම්පෝස්ට් බැරලය භාවිතයෙන් කොම්පෝස්ට් පොහොර නිපදවීම

    ඔබගේ  ගෙවත්ත සාරවත් කරගැනීම සඳහා කොම්පෝස්ට් බැරලය භාවිතයෙන් කොම්පෝස්ට් පොහොර සාදාගත හැක.  බැරලයක් භාවිතයෙන් කොම්පෝස්ට් නිපදවීම ඉඩකඩ ඉතා අඩු නාගරික ගෙවත්තට වඩා සුදුසුයි. මෙය ඉතා සරල ක්‍රමයක්.

    කොම්පෝස්ට් බැරලය

     මෙම ක්‍රමයට කොම්පෝස්ට් නිපදවීම සඳහා අඩිය සම්පූර්ණයෙන්ම ඉවත්කරන ලද බැරලයක් හෝ වෙනත් භාජනයක් භාවිතා කල හැකියි.
     කොම්පෝස්ට් සාදන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් වායුව ලබාදීම සඳහා බැරලයේ බඳ වටේට සිදුරු සකස් කළ යුතුයි. මේ ආකාරයට සකස්කළ කොම්පෝස්ට් බැරල් ඔබට වෙළඳපොලෙන් මිලදී ගැනීමටත් පුළුවන්.
     කොම්පෝස්ට් බැරලයට ගෙවත්තේ එකතුවන කොළ රොඩු, මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය හා අළු දිනපතාම එකතු කරන්න. බැරලය තුළ කොම්පෝස්ට් නිපදවීමට ප්‍රමාණවත් තරම් තෙමනයක් ඇතිවන සේ ජලය එකතු කරන්න.
     සති තුනක් පමණ ගතවුනාට පසුව බැරලය සෙන්ටි මීටර් 15ක් පමණ පොළොවෙන් ඔසවා ගල් කිහිපයක් මත තබන්න. එවිට ඒවන විට කොම්පෝස්ට් බවට පත්වෙලා තියෙන කොටස ප්‍රයෝජනයට ගත හැකියි.
     බැරලය එසේම තිබියදී හෝ නැවත වරක් පෙර සේ තබා අමුද්‍රව්‍ය පිරවීම හා වරින්වර කොම්පෝස්ට්ලබාගැනීම කළ හැකියි.

    ඔබගේ ගෙවත්ත සාරවත් කරගැනීම සඳහා පහසුවෙන් කොම්පෝස්ට් පොහොර

    ඔබගේ  ගෙවත්ත සාරවත් කරගැනීම සඳහා පහසුවෙන් කොම්පෝස්ට් පොහොර සාදා ගැනීම සඳහා කොම්පෝස්ට් කුළුණු සකස් කරගත හැකියි.

    කොම්පෝස්ට්කුළුණ

    • ග්ලිරිසීඩියා කෝටු ළඟින් ළඟින් සිටුවා ගැනීමෙන් කොම්පෝස්ට් කුළුණක් සාදාගත හැකිවෙනවා.
    • ග්ලිරිසීඩියා කෝටු වෙනුවට මේ සඳහා ඉපිල් ඉපිල්, එරබදු වැනි කෝටු වර්ගත්භාවිතා වෙනවා.
    • මුළුතැන්ගෙයින්ඉවත්කරන අප ද්‍රව්‍ය වගේම ගෙමිදුල අතුගා එකතුවන කොළ රොඩුත්, ගෙවත්තෙන් ඉවත් කරන බෝග අවශේෂත් දිනපතාම මේ කොම්පෝස්ට් කුළුණට දමන්න.
    • සිටුවන ලද ඉනි පැළවේ නම් ඒවාද වරින්වර කපා කොම්පෝස්ට් කුළුණට එකතු කිරීමට හෝ කොළ පොහොරක් ලෙස භාවිතා කිරීමටයොදාගත හැකියි.
    • මේ කොම්පෝස්ට් කුළුණ දිනපතාම පිරවිය හැකි අතරම කලින් කලට එහි අඩියෙන් කොම්පෝස්ට් පොහොර ලබාගත හැකියි.

    තොරතුරු මූලාශ්‍රය – http://saubagya.lk ඇසුරිණි

  • ප්‍රියංකා චොප්රා  ඉන්දිය රසිකයින්ට ධෛර්ය ලබා දෙයි

    ප්‍රියංකා චොප්රා ඉන්දිය රසිකයින්ට ධෛර්ය ලබා දෙයි

    සුපිරි බොලිවුඩ් නිළියක් වන ප්‍රියංකා චොප්රා ජීවත් වන්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර. ඒත් ඇය තම මවුබිම සහ තම රසිකයින් ගැන දක්වන උනන්දුවක් කිසිසේත් අඩුවී නැහැ. එනිසාම ඇය ඇගේ මිතුරන්, පවුලේ අය සහ රසිකයන් සමඟ නිරන්තරයෙන් ඇයගේ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වෙනවා.

    මේ අතර ඉන්දියාවේ පැවැතිර යමින් තිබෙන කොරෝනා වසංගතය ගැනත් ඇය දැඩි උනන්දුවක් දක්වනවා. ඒ වගේම කොරෝනා වෛරසය පාලනයට අගමැති නරේන්ද්‍ර මෝදි ගෙන යන වැඩපිළිවෙළට ප්‍රියංකා සිය සහයෝගය දැක්වීමටත් පියවර ගත්තා. ඒ නිසා ඇය තම සමාජ මාධ්‍ය ගිනුම් හරහා නිරන්තරයෙන් ඉන්දිය රසිකයින් දැනුවත් කිරීමට සහ ඔවුන් තුළ ධනාත්මක හැගීම් ඇති කිරීමට පියවර ගත්තා.

    නිවෙස් නිරෝධායන කාලය තුළ ජනතාව තුළ ධනාත්මක ආකල්ප පතුරුවා හැරීම සහ ශක්තිමත්ව සිටීමට මිනිසුන්ව පොළඹවන ප්‍රියංකා අභිප්‍රේරණ පණිවිඩයක් සමඟ තමා ගැනම හිරු-සිපගත් පින්තූරයක් පළ කිරීමට පසුගිය දා පියවර ගත්තා.  ඇය පින්තූරය නම් කළේ, “උමග අවසානයේ සෑම විටම ආලෝකයක් ඇත … ලෝකයේ එහි රැඳී සිටින්න …” කියායි.

    ප්‍රියංකා යුනිසෙෆ් සමඟ සහයෝගයෙන් ස්වයං සනීපාරක්ෂාව සක්‍රීයව ප්‍රවර්ධනය කර ඇති අතර ජනතාව වෙනුවෙන් මුදල් රැස් කිරීමේ ලේඩි ගගාගේ ගෝලීය මුලපිරුමේ කොටස්කාරියක් වශයෙන් කටයුතු කරනවා. ඇය මධ්‍යම සහන අරමුදලට ද දායක වූ අතර ලොව පුරා සිදුවන ඕනෑම දෙයක් සමඟ නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිනවා.

    Text by Filmfare.com

  • තාරුණ්‍යයේ වගකීම් හා අයිතීන් මොනවාද? – අලුත් මානයක කියවීමක්

    තාරුණ්‍යයේ වගකීම් හා අයිතීන් මොනවාද? – අලුත් මානයක කියවීමක්

    කෙනෙකුගේ ජීවිතයේ වඩාත් ම සුන්දර, ජවයෙන් සපිරි හා අර්ථ වත් කාල පරිච්ඡේදය තාරුණ්‍ය යි. මිනිසා ජීවිතයේ විවිධ අවස්ථාවන් පසු කරයි. ළදරු, ළමා, නව යොවුන්, යෞවන, වැඩිහිටි හා වයෝවෘධ යනුවෙන් මෙම අවධි සාපේක්ෂව වෙන්කර දැක්විය හැකිය.

    නව යොවුන් වියෙන් (එනම් ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයේම මල්වර වීමේ වයසේ සිට) ආරම්භ වන තාරුණ්‍ය නොහොත් යෞවනය වැඩිහිටියෙකු බවට පත්වනතෙක් වූ කාල පරාසය තෙක් ලෙස දැක්විය හැක. එය හැඟීම් බර ශක්තියෙන් යුත් ආශාවන් හා අපේක්ෂාවන්ගෙන් පිරිපුන් බලය හා ධාවකත්වයෙන් යුත් කාල පරිච්ඡේදයක් ලෙස ද දැක්විය හැක.

    ඉස්ලාමය තාරුණ්‍ය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට ඇත. උම්මතයේ අනාගත නායකත්වය ඔවුන් තුළින් සැකසෙන අතර ධාර්මිෂ්ඨත්වය තුල රැඳී සිටීමට විශේෂ  ප්‍රයත්නයක නියැලෙන පිරිසක් ලෙස ඔවුන් ව ඉස්ලාමය දකියි. ඔවුන්ව විවිධ මාර්ගයන් වෙත ආකර්ෂණය කරන දෑ බොහොමයක් සමාජය තුල ඇති අතර ඒවායින් වැළකී සාරධර්ම සපිරි සදාචාරාත්මක පිළිවෙතක් තුල රැඳී සිටින්නට ඔවුන්ට විශාල චෛතසික අරගලයක නියැලෙන්නට සිදුව ඇත.

    තාරුණ්‍යයේ වැදගත්කම

    තාරුණ්‍යයේ වයසින් අඩුකමත් සමග අත්දැකීම් ඌන තාවක් තිබුන ද මිනිසෙකු ජීවිතයේ අත් විඳින  බොහෝ පරීක්ෂණ හා පෙළඹවීම් ආදියට මුහුණ දෙන කාලයක් ලෙස මෙය නම් කළ හැක. එය එසේ වුවද ජීවිතයේ ධෛර්යවන්ත කම, ශක්ති වන්ත කම, වැනි ගුණාංග ඇතිව කටයුතු කරමින් තම ප්‍රජාව වෙත ධනාත්මක හා ගුණාත්මක වෙනස්කම් ස්ථාපනය කිරීමට  කටයුතු කරන්නා බවට තාරුණ්‍යය පත්වෙයි. වඩාත්ම වැදගත් කාරණය වන්නේ නව යෞවනය වෙත ට පිවිසීමත් සමග ඔහු හෝ ඇය මහා කාරුණික අල්ලාහ් ඉදිරියේ තම ක්‍රියාවන් වෙනුවෙන් වගකීම් දරන්නෙකු බවට පත් වීමයි.

    විභාගයකට ඉදිරිපත් වන ශිෂ්‍යයෙකු පිලිබඳ ව මොහොතක් සිතන්න. ඔහුගේ ප්‍රශ්න පත්තරයත් සමග එයට පිලිතුරුත් ඔහුට සපයා තිබේනම් ඔහු හෝ ඇය විභාගයෙන් අසමත් විය නොහැක. තම ජීවිත විභාගය නොහොත් පරීක්ෂණය මහා කාරුණික දෙවිඳුන් විසින් මෙලෙසින් සකස් කොට දී තිබිය දීත් යමෙක් එම විභාගය අසමත් වන්නේ නම් ඔහු තරම් අවාසනාවන්ත හා බුද්ධි හීන අයෙකු තවත් සිටිය නොහැක. ඔහුගේ ජීවිත පරීක්ෂණයත් එයින් ජය ලබා ගන්නා මාර්ගයත් ඉස්ලාමය විසින් ඉතා අලංකාර අයුරින් සැමට සපයා දී ඇත.

    සැබැවින් ම මහාකාරුණික අල්ලාහ් විසින් මරණින් මතු ජීවිතයේ අසනු ලබන ප්‍රශ්න පත්තරයත් සමග පිළිතුරු ද ලබා දී ඇත. මේවා ඉතා හොඳින් දැන දැනත් ඇතැමුන් අසමත් වීම සිතා බැලිය නොහැකි තරම් අවාසනාවන්ත කමකි. මෙම ප්‍රශ්න හා පිළිතුරු පිලිබඳ ව අවධියෙන් කටයුතු කිරීමට වඩාත්ම සුදුසු කාලය තාරුන්‍යයි. එය ඔහුගේ හෝ ඇයගේ මහා කාරුණික අල්ලාහ් වෙත වූ වගකීමේ ආරම්භක කාලය හේතුවෙන්ම එය වඩාත් වැදගත් වෙයි. අවාසනාවන්තයින්ගේ ලැයිස්තුවේ සාමාජිකයෙකු නොවී ජයග්‍රහණය වෙත යොමු වුවෙකු ලෙස කටයුතු කිරීමේ ආරම්භය තාරුණ්‍යයත් සමග ඇරඹේ.

    තාරුණ්‍යය හා ඉස්ලාම්

    තාරුණ්‍යය ආශාවන්ගෙන් පිරී ඉතිරෙන කාල පරිච්ඡේදයක් යැයි පැවසීම බොහෝ දුරට නිවැරදිය. මෙම ආශාවන් විවිධ අංශ මත ගොඩනැගී තිබිය හැක. මෙම ආශාවන්ගෙන් බොහොමයක් මහාකාරුණික අල්ලාහ්ගේ මග පෙන්වීමට පටහැනි ඒවා විය හැක. තම චෛතසිකය සමග අරගලයක නියැලෙමින් මෙවන් ආශාවන් පාලනය කර ගනිමින් බියබැතියෙන් යුත් සාරධර්ම සපිරි මාවතක තම ජීවිතය සකසා ගන්නට ගන්නා වූ ප්‍රයත්නය උදෙසා මෙම ජීවිතයේදීත් මතු ජීවිතයේදීත් අති විශාල යහ විපාක මහා කාරුණික අල්ලාහ් විසින් ලබා දෙන බවට සහතික වී ඇත.

    මුහම්මද් තුමාණන් (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය අත්වේවා) විසින් පැවසු බවට අබු හුරෛරා තුමාණන් (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ තෘප්තිය අත්වේවා) වාර්තා කරන පරිදි, මරණින් මතු විනිශ්චය දිනයේදී මහා කාරුණික අල්ලාහ්ගේ සෙවන හැර අන් සෙවනක් නොමැති අවස්ථාවේ හත්දෙනෙකුට අල්ලාහ්ගේ සෙවන ලබාදෙන බව දක්වා ඇත.

    ඔවුන් නම්: 1. සාධාරණ හා යුක්ති සහගත පාලකයෙක් 2. මහා කාරුණික අල්ලාහ්ගේ මග පෙන්වීම් අනුව නැමදුමෙහි නියැලී වැඩුණු තරුණයෙක් 3. මස්ජිදය වෙත බැන්දියාවකින් කටයුතු කළ අයෙකු 4. මහා කාරුණික අල්ලාහ් වෙනුවෙන් එකට හමුවී වෙන්වුණු  දෙදෙනෙකු 5. උසස් තරාතිරමක අලංකාර ස්ත්‍රියක් විසින් තමන් ව වැරදි (ලිංගික) සබඳතාවක් වෙනුවෙන් ආරාධනා කළ අවස්ථාවේ “මම අල්ලාහ්ට බිය වෙමි”යි පවසා එය ප්‍රතික්ෂේප කළ තරුණයෙක් 6. ඉතා රහසිගත අයුරින් දන් දෙන තැනැත්තා. එය කෙතරම් රහසිගත දන්දීමක් ද යත් තම එක් අතකට නොදැන අනිත් අතින් දන් දීමයි. 7. අප්‍රසිද්ධ ව දෙවිඳුන් සිහිපත් කොට තම දෑසින් කඳුළු වැගිරූ තැනැත්තා.” (සහිහ් මුස්ලිම් 5:2248)   

    තවත් නබි වදනක් අනුව ආදම්ගේ දරුවන්ට ප්‍රශ්න හතරකට පිළිතුරු සපයන තෙක් විනිශ්චය දිනයේදී තම පය ඔසවන්නට නොහැකි වනු ඇතැයි මුහම්මද් තුමාණන් විසින් පවසා ඇත. මින් එක් ප්‍රශ්නයක් නම් තම තාරුණ්‍ය කෙසේ ගත කළේද යන්නයි. මෙයින් පැහැදිලි වන්නේ සෑම මිනිසෙකුම තම තාරුණ්‍ය පිළිබඳ ව කෙතරම් වගකීමකින් හා අවධානයෙන් කටයුතු කළ යුතුද යන්න නොවේද?

    මුස්ලිම් පවුලක් (දෙමව්පියන්) විසින් පහත සඳහන් කරුණු තරුණයින් වෙත ඉටුකළ යුතුව ඇත.

    1. යහපත් ආගමික ඇතිදැඩි කිරීමක් හා නිවැරදි මග පෙන්වීමක්
    2. නුතන ලෝකයේ අභියෝගයන්ට සරිලන පරිදි යහපත් අධ්‍යාපනයක් ලබා දීම
    3. යහපත් මානසික වර්ධනයක් සඳහා සුදුසු වූ ධනාත්මක නිවෙස් පරිසරයක්   
    4. ශක්තිමත් ශාරීරික වර්ධනයක් සඳහා වූ යහපත් සෞඛ්‍යමය ජීවන රටාවක්
    5. ශක්තිමත් ආධ්‍යාත්මික වර්ධනයක් සඳහා වූ කුර්ආන් හා සුන්නා පදනම් වූ දැනුම හා අධ්‍යාපන කටයුතු
    6. මුහම්මද් තුමාණන්ගේ හා සහාබාවරුන්ගේ ජීවන චරිතයෙන් දැකගත හැකි අලංකාර පුර්වාදර්ශී දැනුම ලබාදීම

    තාරුණ්‍ය වෙත පැවරෙන වගකීම්

    1. තම අධ්‍යාපන කටයුතු ඉතාමත් ම යහපත් අයුරින් කරගෙන යෑම. මෙයට පාසල් අධ්‍යාපනයත් ආගමික අධ්‍යාපනයත් අඩංගු වෙයි.
    2. තමා වෙත පැවරෙන සියළු කටයුතු ඉතාමත්ම උසස් අන්ධමින් ඉටු කිරීම හා සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් ප්‍රමුකයා වීමට හැකි සෑම උත්සාහයක් ම දැරීම .
    3. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව තම ජීවිතය සකස් කර ගැනීම, ඉතා උසස් සාරධර්මයන්ගෙන් හෙබි අයුරින් හා සදාචාර සම්පන්න අයුරු සියළු කටයුතු කිරීම.
    4. තම පවුලට හා සමාජයට උපරිම අයුරින් දායකත්වය ලබා දෙමින් කටයුතු කිරීම. වැඩිහිටියන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ ව සොයා හැකි සියල්ල ඉටුකර දීම. කුඩා දරුවන් සම්බන්ධයෙන් ඉතා ආදරයෙන් හා සෙනෙහසින් කටයුතු කිරීම.
    5. තමන්ගේ යහළු පිරිස තෝරා ගැනීමේදී ඉතා ප්‍රවේසමින් කටයුතු කිරීම. වැරදි අයෙකු ව මිතුරෙකු ලෙස එකතු කර ගත්තා නම් ඔහුගේ වැරදි ක්‍රියාකාරකම් වෙත නැඹුරු වීමට ඇති සම්භාවිතාව ඉතා වැඩි බව අවබෝධ කර ගැනීම.
    6. තම දෙමව්පියන් හා පවුලේ සාමාජිකයින් සම්බන්ධව ඉතා ආදරයෙන් හා වගකීම් සහිත අයුරින් කටයුතු කිරීම.

    “ඔහු(අල්ලාහ්) හැර වෙනත් කිසිවෙක් නුඹලා නොනමදිය යුතු යැයි ද දෙමාපියන් සමග ඉතා යහ අයුරින් කටයුතු කළ යුතු යැයි’ද නුඹගේ පරමාධිපති (නුඹලාට) නියම කොට ඇත. නුඹ(ගේ භාරකාරත්වය යටතේ නුඹ) අබියස ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම මහළු වියට පත්වුයේ නම් එවිට ඔවුන් දෙදෙනාට ‘උෆ්’ (නම් අගෞරවයෙන් හෝ කෝපයෙන් ‘චිහ්’) යන්නෙන් (පවා) නුඹ නොපවසවූ. තවද ඔවුන් දෙදෙනාට නුඹ බැන නොවදිවු. තවද ඔවුන් දෙදෙනාට නුඹ ගෞරවනීය වදන් පවසවූ”. (අල් කුර්ආන් 17:23)   

    “අහෝ! රසුල්වරයා(ගේ පිළිවෙත) සමග මා මගක් ගොඩ නගා ගන්නට තිබුණා නම්, අහෝ මාගේ විනාශය! අහවලාව මිත්‍රයෙකු ලෙස නොගන්නට තිබුනා නොවේ ද? (අල් කුර්ආනයෙන් වූ) උපදෙස් මා වෙත පැමිණි පසු ව පවා සැබැවින් ම මොහු මා එයින් නොමග යවා ඇත යැ’යි (තම පාපතර මිතුරා අඟවා)  පවසමින් තම දෑත් සපා ගන්නා (එම විනිශ්චය) දිනය (සිහිපත් කරවූ). තවද ෂෛතාන් මිනිසාට දැඩි ද්‍රෝහියෙකු වන්නේය” (අල් කුර්ආන් 25:27-29)

    නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “කරුණු පහක් හට ගන්නට පෙර කරුණු පහකින් ප්‍රයෝජන ලබා ගන්න. මහලු විය ඇති වන්නට පෙර තරුණ වියෙන් ප්‍රයෝජන ලබා ගන්න. රෝගී වීමට පෙර ශරීර සුවයෙන් ප්‍රයෝජන ලබා ගන්න. දිළිඳු බව ඇති වන්නට පෙර ඔබගේ ධනයෙන් ප්‍රයෝජන ලබා ගන්න. කාර්ය බහුල වන්නට පෙර විවේක කාලයෙන් ප්‍රයෝජන ලබා ගන්න. මරණයට පෙර ජීවිතයෙන් ප්‍රයෝජන ලබා ගන්න”. (සුනාන් තිර්මිදී) 

    ජයග්‍රාහි උම්මතයක් ගොඩ නැගීම වෙනුවෙන් ධාර්මිෂ්ට, සාරධර්මයන්ගෙන් සපිරි සදාචාර සම්පන්න තාරුණ්‍යයක් සඳහා කැපවී කටයුතු කරමු

  • මාස 03 දින 10යි: රු. කෝටි 2100ක මත්ද්‍රව්‍ය ‘නාවික හමුදාවට කොටු වෙලා’

    මාස 03 දින 10යි: රු. කෝටි 2100ක මත්ද්‍රව්‍ය ‘නාවික හමුදාවට කොටු වෙලා’

    කුඩු අහුවෙන තරමට ලංකාව කොලොම්බියාවක් වෙයිද ?‘ පසුගිය දාක බොහෝ දෙනෙක් කතා වුණා. ඊට හේතුව වුණේ ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ‘සමුදුර නෞකාව‘ යොදවා ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව (අප්‍රේල් 15) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමයි.

    DCIM\100MEDIA\DJI_0269.JPG

    මේ සමග තවත් වැදගත් කතාවක් හෙළි වුණා. ඒ ඉතිහාසයේ වාර්තාගත වැඩිම මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මෙම වර්ෂයේදී සිදු කිරීමට නාවික හමුදාව සමත් වීමයි.

    නාවික හමුදාවේ වාර්තා පවසන ආකාරයට 2020 වසරේ ගතවූ මාස 03 දින 10 ක කාලය තුළ හෙරොයින් කි.ග්‍රෑ 718 කුත් ‘අයිස්‘ කි.ග්‍රෑ 797 කුත් ‘කැටමින්‘ නැමැති නව මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ 581 කුත් ගංජා කි.ග්‍රෑ 2475 කුත් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ථ වීථි වටිනාකම රුපියල් බිලියන 21ට ආසන්න වෙතැයි ගණන් බලා තිබෙනවා.

    පසුගිය මාර්තු මස 28 වන දින නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රාවෙහි සිටි පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී ලද තොරතුරු, ඒ හරහා ලබා ගත් අත්දැකීම් සහ දේශිය හා ජාත්‍යන්තර බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමේදී තවත් මත් ද්‍රව්‍ය රැගත් යාත්‍රාවක් ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන බවත් එයින් යම් මත් ද්‍රව්‍ය ප්‍රමාණයක් ලංකාවට පැමිණීමට නියමිත බවත් අනාවරණය වෙලා තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව 2020 මාර්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සමුදුර නෞකාව දින 14 ක සාගරික මෙහෙයුමකට අදාල මුහුදු ප්‍රදේශය වෙත යොමු කළා.

    ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අදාල මුහුදු ප්‍රදේශයේ ආවේක්‍ෂණ කටයුතු වල නිරත වෙමින් සිටියදී මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UNODC) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ ලබා ගත් ඡායාරූප කිහිපයක් තවදුරටත් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සමුදුර නෞකාව සමකය දෙසට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

    එහිදී 2020 අප්‍රේල් මස 10 වන දින රාජ්‍ය ධජයක් ප්‍රදර්ශනය කර නොමැති (Flag Stateless) සැක සහිත විදේශීය යාත්‍රාවක් සොයා ගෙන තිබෙනවා. පසුව එම යාත්‍රාව පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ රුපියල් කෝටි 327කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 281 ක් සහ අයිස් (Crystal Methamphetamine) නැමති මත්ද්‍රව්‍ය කිලෝ 48 ක තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වුණා.

    ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රාවන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීය හා ජාත්‍යන්තර බුද්ධි තොරතුරු මෙන්ම චන්ද්‍රිකා තාක්‍ෂණය උපයෝගී කරගෙන නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන අතර, මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ විදේශ හා දේශීය කොටස්කරුවන් සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා ඒකාබද්ධව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා තිබෙනවා.

    විශේෂයෙන් දේශීය ධීවර ප්‍රජාව මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් වලට හසු නොවී තම කර්මාන්තය සිදු කළ යුතු බව නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් අවධාරණය කළා.

    තොරතුරු හා ඡායාරූප – නාවික හමුදා වෙබ් අඩවිය.

  • සාර්ථක ගෙවතු වගාවකට දැනගත යුතුම කරුණු කිහිපයක් මෙන්න

    සාර්ථක ගෙවතු වගාවකට දැනගත යුතුම කරුණු කිහිපයක් මෙන්න

    ‘ගෙවත්ත’ කියන්නෙ පෘථීවිතලයේ අප ජීවත්වන පුංචි පරිසර ඒකකයයි. එය නිවසට යාබදව පවතින, එදිනෙදා කටයුතුවලට භාවිතා කරන අප ජීවත් වන වටාපිටාවයි. ඒ නිසා විශාල ඉඩමක නිවස පිහිටා ඇති විට මුළු ඉඩමම ගෙවත්ත ලෙස සළකනු ලබන්නේ නැහැ.

    ගෙවතු වගාව සඳහා වඩාත් සුදුසු වන්නේ පර්චස් 20 කට වඩා අඩු භූමිප්‍රමාණයක්.

    නිවස ආශ‍්‍රිත භූමිභාගය එදිනෙදා අවශතා ඉටුවන පරිදි විවිධ බෝග වර්ග හා වෙනත් අත්‍යවශ්‍ය වූ අංග ඇතුළත්ව ක්‍රමානුකූලව සකස් කිරීමයි. බෝග වගා කිරීම මෙන්ම හැකියාව අනුව සතුන් ඇති කිරීමත් එයට ඇතුළත්ය.

    දේශගුණික කලාප අනුව වර්ගීකරණය

    1. තෙත් කලාපීය ගෙවතු

    වාර්ෂික වර්ෂාපතනය මිලි මිටර් 2500 වඩා වැඩිපුර ලැඛෙන ප්‍රදේශ තෙත් කලාපය ලෙස හැඳින්වෙනවා. තෙත් කලාපයට වැඩිපුර වැස්ස ලැඛෙන්නෙ නිරිතදිග මෝසමෙන්. තෙත් කලාපීය ගෙවතුවල වැඩි බෝග විවිධත්වයක් සහ වැඩි පැළ ගහණයක්දකින්න ලැඛෙනවා.

    2. වියළි කලාපීය ගෙවතු

    වාර්ෂික වර්ෂාපතනයමිලි මිටර් 1750 ට අඩුවෙන් ලැඛෙන ප්‍රදේශ වියළි කලාපය ලෙස හැඳින්වෙනවා. වියළි කලාපයට වැඩිපුර වැස්ස ලැඛෙන්නෙ ඊසානදිග මෝසමෙන් වියළි කලාපීය ගෙවතුවල අඩු බෝග විවිධත්ත්වයක් සහ අඩු පැළ ගහණයක් දැකිය හැකියි. වගා කිරීමට වඩාත් සුදුසු වන්නේ ස්වභාවයෙන්ම වියළි තත්ත්ව සඳහා ඔරොත්තු දෙන බෝග වර්ගයි.

    3. ගම/ නගරය/ භූමිය/ සමාජ පසුබිම අනුවර්ගීකරණය

    ග්‍රාමීය ගෙවතු

    නාගරීකරණය නොවූ ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි ගෙවතු ග්‍රාමීය ගෙවතු ලෙස හැඳින්වෙනවා.මේ ගෙවතු බොහෝවිට ප්‍රමාණයෙන් විශාලයි. බෝග වර්ග වැඩි ප්‍රමාණයක් දැකිය හැකි අතරම පහසුවෙන් සතුන් ද ඇති කළ හැකියි .

    අර්ධ නාගරික ගෙවතු

    වඩා නාගරීකරණය නොවූ ප්‍රදේශවල පිහිටි ගෙවතු අර්ධ නාගරික ගෙවතු ලෙස හැඳින්වෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල තරම්ම ඉඩකඩක් දකින්නට නොලැබුනත් නාගරික ගෙවතුවලට වඩාවැඩි ඉඩකඩක් බොහෝවිට දකින්නට ලැඛෙනවා.

    නාගරික ගෙවතු

    බොහෝ සෙයින් නාගරීකරණය වූ ප්‍රදේශවල දකින්නට ලැඛෙන ගෙවතු නාගරික ගෙවතු ලෙස හැඳින්වෙනවා. මේ ගෙවතුවල ප්‍රධානතම ලක්ෂණය වන්නේ ඉතා අඩු, සීමිත ඉඩකඩක් පැවතීමයි.  මහල් නිවාස, නිවාස සංකීර්ණ, ඉතා සීමිත ඉඩකඩක පිහිටි නිවාසවල ගෙවතු මේ යටතට ගැනෙනවා.

    ප්‍රතිලාභ

    පවුලේ සියලූදෙනාට ප්‍රියජනක සමබල ආහාර වේලක් සකස් කර ගැනීමට උදව් වෙනවා.

    වස විස නැති, රස ගුණයෙන් පිරි, පිරිසිදු එළවළු හා පලතුරු අවශ්‍ය වෙලාවට ලබාගත හැකියි.

    හොඳින් සැළසුම් කළ ගෙවත්තකින් ලැඛෙන ප්‍රධාන ප්‍රයෝජනයක් වන්නේ වෙළඳපොල ගනුදෙනුව ටිකෙන් ටික අඩුවීමයි. ඒ නිසාම, පවුලේ පෝෂණය මෙන්ම ආර්ථික තත්ත්වය ටිකෙන් ටික ඉහළ නැගෙනවා.

    සැලසුම් සහගත ගෙවත්ත කෘෂිකාර්මික දැනුම, කුසලතා හුරුව හා ආකල්ප පරපුරෙන් පරපුරටත්, අසල්වැසියන්ට නෑදෑයින්ටවගේම හිත මිතුරන්ටත් ලබාදෙන කෘෂි තක්සලාවක් ලෙස කටයුතු කරනවා.

    ගෙවත්තක විවිධ බෝග වගා කිරීමෙන්, සතුන් ඇති කිරීමෙන්, අලූත් කෘෂිකාර්මික ක්‍රම අත්හදා බැලීමෙන් අපට නිරන්තරයෙන් අත්දැකීම් ලැඛෙනව. එය අනාගතයේදී මහා පරිමාණ වාණිජ්‍ය වගාවක් හෝ සත්ත්ව පාලනය සඳහා යොමුවීමට කදිම අත්වැලක් සපයනවා.

    ගෙවත්තක තියෙන සමහර ශාක අපට දර විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසාම ඉන්ධන සඳහා මුදල් වැය වෙන්නේ නැහැ.

    හොඳින් සංවර්ධනය වූ ගෙවත්තක් නඩත්තුකරන කොට අපට ලැඛෙන විවේක කාලය සතුටින්ම ගත කරන්න පුළුවන්.

    හොඳ අරමුණක් තියෙන නිසා අනවශ්‍ය දේවල් කරන්න, කියන්න, හිතන්න යොමුවන්නේ නැහැ. හරියට භාවනාවක් වගේ සිතට වින්දනයක් සමඟ මානසික සුවයකුත් ගතට ව්‍යායාමයක් සමඟ නිරෝගී බවට අත්වැලක් ලැබීම මිල කරන්න බැරි තරම් වටිනවා.

    හොඳින් සංවර්ධනය වූ ගෙවත්තක් තියෙන නිවසක ජීවත්වන ලොකු කුඩා හැමෝම තමන්ගේ වටාපිටාවේ පරිසරය නිසා පුදුම සතුටක්, වින්දනයක් ලබනවා.

    ගෙවතු වගාවට නැඹුරු වන ඔබට මේ සියලූ අත්දැකීම් විඳගන්නට ලැබීම ජීවිත කාලය පුරාවටම ලබන අපූර්ව අත්දැකීමක් වේවි.

    ගෙවත්ත හා පෝෂණය

    දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට මෙන්ම පවුලේ සියළු දෙනාගේම නිරෝගී පැවැත්ම සඳහා ප්‍රමාණවත් සමබල ආහාර වේලක් ලැබිය යුතුයි.

    සමබල ආහාර වේලක.- ශක්තිජනක ආහාර ( කාබෝහයිඩ්‍රේට්), මේද වර්ධක ආහාර ( ප්‍රෝටීන), ආරක්ෂක ආහාර (විටමින් සහ ඛණිජ ලවණ) යන කොටස් හතරම ඇතුළත් විය යුතුයි.

    මන්දපෝෂණය වළක්වා ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟ පාදා ගැනීම සඳහා සමබල ආහාර වේලක් සකස් කර ගැනීමට හැකිවන පරිදි ඔබේ ගෙවත්ත සැලසුම් කරගන්න.ඒ සදහා විවිධ පෝෂක සංඝටක අඩංගු විවිධ බෝග/ සත්ත්ව පාලනය ඔබේ ගෙවත්තට ඇතුළත් කරන්න.

    ඉදිරිපත් කිරීම – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශන ඇසුරිනි

  • රවී ‌ගෙදර ඉඳන් කන්න ‌දෙන්න‌ෙ කාටද?

    රවී ‌ගෙදර ඉඳන් කන්න ‌දෙන්න‌ෙ කාටද?

    මේ සඳහා එක් වතාවකට අවම වශයෙන් ලක්ෂ 50ක පමණ වියදමක් දැරීමට ඒ මහතාට සිදුව ඇති අතර ජාලගත ‌මෙහෙයුමක් ඔස්සේ ‌මෙම ආහාර ‌කොළඹ දිස්ත්‍රික්කය පුරා ‌බෙදා හැරීමට පියවර ගෙන ඇත.

    ඇඳිරි නීතිය පැනවීම ‌හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින ‌කොළඹ දිස්ත්‍රික් පැල්පත්වාසී ජනතාවට සහ තට්ටු නිවාසවල සිටින දුප්පත් ජනතාවට කොළඹ දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් දිනපතාම පාහේ ‌ පිසූ ආහාර ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් ‌කොට ඇත. මේ සඳහා එක් වතාවකට අවම වශයෙන් ලක්ෂ 50ක පමණ වියදමක් දැරීමට ඒ මහතාට සිදුව ඇති අතර ජාලගත ‌මෙහෙයුමක් ඔස්සේ ‌මෙම ආහාර ‌කොළඹ දිස්ත්‍රික්කය පුරා ‌බෙදා හැරීමට පියවර ගෙන ඇත.

  • ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ සුප්‍රසිද්ධ ඉරියව්ව ‘බෙනා’ කොපි කරයි

    ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ සුප්‍රසිද්ධ ඉරියව්ව ‘බෙනා’ කොපි කරයි

    ‘ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්‘ අපේ කාලයේ තවත් පුරාවෘත්තයක්. ඒ අසාමාන්‍ය පෙනුමට ආදරය නොකළ කාන්තාවන් හෝ ඉරිසියා නොකළ පිරිමියෙක් මේ ලෝකයේ නැහැ.

    ඒත් මේ කතාව ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් ගැන නෙමෙයි. ඔහුගේ පුතා ගැන. අපි කතාවටත් කියනවානේ ‘අප්පා කළ දේ නොකළොත් ඌ නොට්ටිගේ පුතා‘ කියලා. ඒ නිසාමදෝ ෂ්වාස්නෙගර්ගේ පුතා ජෝශප් බේනා තම පියාගේ අඩිපාරේ යන්න පටන් අරං තියෙනවා. නිකම්ම නිකං නෙමෙයි ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ ප්‍රසිද්ධ ඉරියව්ව ප්‍රතිනිර්මාණය කරමින්.

    ‘ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් මෙන් කිසිවෙකුට නම්‍යශීලී විය නොහැක – ඔහුගේ පුතා හැර‘ මෙහෙම ලියන්නේ සී.එන්.එන්.වාර්තාකාරිනී ඇලා එලසාර්,  Alaa Elassar.

    දැන් කතාවට එමු, බෙන පසුගිය  බදාදා ඉන්ස්ටග්‍රෑම් සටහනක් සහ ඡායාරූප කිහිපයක් ප්‍රකාශයට පත් කළා. මොහොතකින් මුළු ලෝකයේම අවධානය ඒ වෙත යොමු වුණා.

    බෙනා තම පියාගේ සුප්‍රසිද්ධ ශරීර ගොඩනැගීමේ ඉරියව්ව ප්‍රතිනිර්මාණය කළ බව දැක්වෙන ඡායාරූප කිහිපයක් සහ සටහනක් තමයි ඉන්ස්ටග්‍රෑම් සටහනේ තිබුණේ.

    “යම් ඉරියව්වක් පුහුණු වීමට සුදුසුම කාලය!” 22 හැවිරිදි බේනා ලියා තිබුණා.

    පසුගිය අපේ‍්‍රල් මාසයේදී “ටර්මිනේටර්” ෂ්වාස්නෙගර් සිය පුතා සමඟ බෙනාගේ විද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයේදී ඡායාරූපයක් පළ කළේය.

    “සුභ පැතුම් ජෝසප්! පෙපර්ඩීන් හි වසර හතරක් වෙහෙස මහන්සි වී වැඩ කළ අද ඔබේ ජයග්‍රාහී දිනයයි! ඔබ සැමරුම සියල්ලම උපයාගෙන ඇති අතර මම ඔබ ගැන ආඩම්බර වෙමි. මම ඔබට ආදරෙයි!” ෂ්වාස්නෙගර්  ට්වීට් කළේය.

    ක්‍රියාදාම චිත්‍රපට තරුව 2003 සිට 2011 දක්වා කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.

  • කොරෝනා මර්ධනයට ජනපති ගත් මග වෛද්‍ය විශේෂඥයෝ අගය කරති

    කොරෝනා මර්ධනයට ජනපති ගත් මග වෛද්‍ය විශේෂඥයෝ අගය කරති

    කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම කඩිනමින් මර්දනයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය අදහස් ලබාගැනීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

    කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය සහ ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    මේ වන විට වෛරසය ආසාධිත පුද්ගලයන් ලඟින් ඇසුරු කළ කණ්ඩායම් හා ඉන් අදියර දෙකක් ඉදිරියට සබඳතා පැවැත්වූ පුද්ගලයන් හඳුනාගනිමින් පරීක්ෂණ කිරීමේ වැදගත්කම විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.

    වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල (Test Kits) ප්‍රමාණවත් තරම් තිබුණද පැවතියත් ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි වන පරිදි ඒවා ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ලෝකයේ සෙසු රටවල් අභිබවා යමින් වෛරසය පැතිර යාම වැළැක්වීමට ජනාධිපතිතුමා ගෙනගිය නිරෝධායන වැඩපිළිවෙළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ පැසසුමට ලක්විය. එම නිරෝධායන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම වෛරසය පැතිර යාම වැළැක්වීමට ඇති වැදගත්ම ප්‍රවේශය බව වෛද්‍යවරු පවසති.

    වෛරසය පැතිර ගොස් නැති ප්‍රදේශ ආරක්ෂා කරගැනීමේ වැදගත්කම වෛද්‍යවරු දැඩිව අවධාරණය කළහ. එම ප්‍රදේශවලට වෛරසය පැතිරී ඇති ප්‍රදේශවලින් සංචරණය නවත්වාගත යුතු බව ඔවුනගේ මතය විය.

    “පංචායුධ” ක්‍රමවේදයක් ලෙස සෑම අයෙකුම හැකි උපරිමයෙන් නිවසේ රැඳී සිටීම පළමු පියවර ලෙස ඉතා වැදගත් බව වෛද්‍යවරු පවසති. නිවසින් පිටව යාමේදී මුව ආවරණයන් පැළඳීම, මුහුණ ඇල්ලීමෙන් වැළකීම, සෑමවිටම මීටරයක දුරස්ථභාවය පවත්වාගනෙ යාම සහ අත හොඳින් සේදීම පංචායුධ ක්‍රමවේදයට අයත් වේ.

    විශේෂඥයන්, විශ්වවිද්‍යාල, තාක්ෂණික ආයතන, පුද්ගල කණ්ඩායම් COVID – 19 ආශ්‍රිතව නව සොයාගැනීම් ගණනාවක් කර ඇත. ඒවායේ සොයාගැනීම් කඩිනමින් විශේෂඥ මට්ටමෙන් පර්යේෂණයට ලක්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණ.

    කොරෝනා වෛරසය ඉක්මණින් ආසාදනය විය හැකි පුද්ගලයන් පිළිබඳවත්, ඔවුන් ඉන් මුදාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද කවරේද යන්නත් ජනාධිපතිතුමා විමසීය.

    දියවැඩියාව, ඇදුම සහ හෘද රෝග ඇති පිරිස් දැඩි අවධානයෙන් සිටිය යුතු අතර, ඔවුන් නියම කර ඇති ඖෂධ නිසි පරිදි ගත යුතු බව වෛද්‍යවරු කියා සිටියහ. එමෙන්ම දුම් පානයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ. සෑම අයෙකුම නිරන්තරයෙන් උගුර ආශ්‍රිත ප්‍රදේශ තෙත්ව තබාගැනීමට දියර පාන ගැනීමේ වැදගත්කම ද පෙන්වා දෙනු ලැබිණ.

    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ  යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, විශේෂඥ වෛද්‍යවරුන් වන වජිර සේනාරත්න, ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සරත් ජයසිංහ, මහාචාර්ය අර්ජුන ද සිල්වා, වෛද්‍ය එම්.සී. වීරසිංහ, මහාචාර්ය නීලක මලවිගේ, ප්‍රසාද් කටුලන්ද, මහාචාර්ය වජිර දිසානායක, මහාචාර්ය රංජනී ගමගේ, කුමුදුනී රණතුංග, අමිත ප්‍රනාන්දු, ඉන්දික ලැනරෝල් සහ ජූඩ් සමන්ත යන මහත්ම මහත්මීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ඉතාලි කොරෝනා ආසාදිතයින්ට ගෞරවණීය මරණයක් අහිමි වෙයි

    ඉතාලි කොරෝනා ආසාදිතයින්ට ගෞරවණීය මරණයක් අහිමි වෙයි

    කොරෝනා වෛරසය නිසා ඉතාලියට අවමංගල උත්සව පවා තහනම් කිරීමට හේතු වී ඇත. එපණක් නොව, කොරෝනාවෛරසය ම තමන් විසින් මරු කැඳවන ලද ඉතාලි ජාතිකයන්ට තවත් අසාධාරණයක් සිදු කරයි. එය මියගියවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තම මිය ගිය නෑදෑයාට අවසන් ගෞරවය දැක්වීමේ අවස්ථාවත් අහිමි කිරීමය.

    ”මේ වසංගත උපද්‍රවය දෙවතාවක් ම අපි මරා දමනවා. පළමු අවස්ථාව අපි මැරෙන්නත් ඉස්සර වෙලා අපි අපේ ආදරණීය නෑදෑයන්ගෙන් වෙන්කර හුදෙකලා කරනු ලැබීම. දෙවැන්න, අපි කිසිවෙකුට එකිනෙකාට කිට්ටු වෙන්න තියෙන අවස්ථාව නැති කිරීම,” මිලාන් නගරයේ අවමංගල සේවා ආයතනයක සේවකයකු වන අන්ද්‍රේයා සෙරටෝ (Andrea Cerato) පවසයි.

    ”පවුල් ඉතා ම ඛේදජනක ඉරණමකට ලක්වෙලා. බලාපොරොත්තු වෙන්න බැරි තත්ත්වයක්”

    ”අපව විශ්වාස කිරීම හැර ඔවුන්ට වෙනත් තෝරා ගැනීමක් නැහැ”

    Covid 19 වෛරසයට ගොදුරු වූ බොහෝ ඉතාලි ජාතිකයන් මරණය වැළඳගනු ලබන්නේ රෝහල් තුළ වෙන්කරනු ලැබ සිටිය දී සිය පවුලේ සාමාජිකයන් හෝ කිසිදු හිතමිතුරකුගෙන් තොරවය. රෝහල්ගත කරනු ලැබ සිටින ආසාදිත තැනැත්තා බැලීමට යාම තහනම්ය. හේතුව වෛරසය බෝවීමේ අනතුර ඉතා බරපතළ බැවිනි.

    පුද්ගලයෙකුගේ මරණයෙන් පසු වෛරසය තවත් කෙනෙකුට ආසාදනය නොවන බව සෞඛ්‍යය බලධාරීන් ප්‍රකාශ කරන නමුත් වෛරසය මියගිය තැනැත්තාගේ ඇඳුම්වල පැය කීපයක් අන්තරායකාරී මට්ටමින් රැඳී පැවතිය හැකිය. කොරෝනාවෛරසය ආසාදනය වීම නිසා මරණයට පත් පුද්ගලයෙකුගේ දේහය වහා ම වසා සීල් තබනු ලබන්නේ එබැවිනි.

    ”බොහෝ පවුල්වල නෑදෑයෝ අන්තිම වරට තම මියගිය සාමාජිකයාගේ දේහය බලාගන්න අපෙන් අවස්ථාවක් ඉල්ලනවා. ” ක්‍රෙමෝනා” (Cremona) නගරයේ අවමඟුල් කටයුතු මුදලට සංවිධානය කරන්නෙකු වන මසිමෝ මැන්කස්ට්‍රොපා (Massimo Mancastroppa) පවසයි.

    කොරෝනාවෛරසයෙන් මරණයට පත් තැනැත්තන් ඉතා හොඳ වර්ගයේ තමන් ආශා කළ ඇඳුමකින් සරසා මිහිදන් කිරීමක් සිදු නොකෙරෙයි.

    ඒ වෙනුවට සිදුවෙන්නේ රෝහලේ දී අඳින්නට දුන් ගවුමක් වැනි ඇඳුමින් සැරසී අවසන් ගමන් යාමටය.

    එහෙත් අවමඟුල සංවිධානය කරන මසිමෝ මැන්කස්ට්‍රොපා තමන්ට කළ හැකි උපරිමය මියගිය පුද්ගලයන් වෙනුවෙන් ඉටුකරයි.

    ”පවුලේ නෑදෑයන් අපට දුන් ඇඳුම් අපි මළ සිරුර උඩින් තියනවා. ඔවුන් කලින් අඳින ලද ආකාරයට. උඩ කොටසට කමිසයක්.යටට සායක්”

    අපි මරණකරුගේ පවුලේ සාමාජිකයන්ගේ සියකු වගකීම් භාර ගන්නවා” අන්ද්‍රේයා සෙරටෝ පවසයි.

    ”අපි මරණකරුගේ පවුලට ඔහුගේ හෝ ඇයගේ මිනී පෙට්ටියේ පින්තූරයක් යවනවා. ඊට පස්සේ අපි මිනිය රෝහලෙන් අරගෙන එක්කෝ වළ දමනවා. නැත්නම් පුළුස්සා දමනවා. මරණකරුගේ පවුලේ සාමාජිකයන්ට අපව විශ්වාස කිරීම හැර වෙනත් තෝරා ගැනීමක් නැහැ”

    තමන්ට ඇති බරපතළ ම දුෂ්කරතාව සිය ඥාතියාගේ වියෝවෙන් තැවෙන පවුලේ සාමාජිකයන් සැනසීම බවත් අන්ද්‍රේයා සෙරටෝපවසයි. ”මළ සිරුරුවලට ලස්සනට ඇඳුම් අන්දවන්න අපට බැහැ. ඔවුන්ගේ හිස පීරන්න බැහැ. මුහුණු හැඩ ගන්වන්න බැහැ. ඔවුන් සංසුන්ව ලස්සනට සැතපිලා ඉන්න හැටියට සකස් කරන්න බැහැ. හරි ම කනගාටුයි!”

    අන්ද්‍රේයාට මුදලට අවමඟුල් සේවා සපයන්නෙකු ලෙස වසර තිහක අත්දැකීම් සහිතය. ඔහුගේ පියාගේ වෘත්තියත් එය ම විය. මරණයකින් වියෝදුක් විඳින්නන්ට ඉතා ම කුඩා දෙයක් පවා ඉතා වැදගත් බව ඔහු පෙන්වා දෙයි.

    ”වෙන්ව යන තම ආදරණීය තැනැත්තාගේ නිකට අල්ලා අවසන් වරට අතගෑම, ඔවුන්ගේ අත් මත සිය අත්තබා ගෙන සිටීම වැනි දේවල් අද දක්නට නොලැබීම කම්පාවට හේතුවක්!”

    bbc

    පවතින වසංගතය හමුවේ අවමඟුල සිදුකරන්නන්ට සිදුව ඇත්තේ මරණකරුගේ නිවස අබියසට ගොස් වසා දමනු ලැබ ඇති ඉදිරිපස දොර දෙපැත්තේ සිට සොවින් තැවෙන ඥාතීන් සමග අදහස් හුවමාරු කර ගැනීමටය.

    ඥාතීහු සිය පණිවුඩය හැටියට අතින් ලියන ලද සටහන් යැවීමට යත්න දරති. එපණක් නොව, පරම්පරාවෙන් උරුම වූ භාණ්ඩයක්, අතින් අඳින ලද චිත්‍රයක්, කවියක් වැනි දෙයක් මිහිදන් කිරීමට යන සිය මවගේ-පියාගේ-සහෝදරයාගේ හෝ සහෝදරියගේ සිරුර පසෙකින් තැබීම සඳහා අවමඟුල් සංවිධායකයන්ට දොර අතරින් භාර දෙති.

    එහෙත් ඒ කිසිවක් මිනී පෙට්ටිය ඇතුළේ තැන්පත් නොකෙරෙනු ඇත.

    පෞද්ගලික වස්තූන් මිහිදන් කිරීම ඉතාලියේ දැන් තහනම්ය. එය තද නීතියක් වන නමුත් එහි අරමුණ වෛරසය පැතිරයාම වළක්වා ගැනීමය.

    පුද්ගලයකු නිවසේදී මරණයට පත්වුවහොත් අවමඟුල සංවිධානය කරන්නන්ට නිවසට ඇතුළුවීමට අවසර ඇත. එහෙත් ඔවුන් සම්පූර්ණ ආරක්ෂාකාරී ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටිය යුතුය. කන්නාඩි, මුඛ ආවරණ, අත්වැසුම්, කබා ආදියෙන් තම පවුලේ සාමාජිකයෙකු මියගිය මොහොතේ එවැනි දසුන් දැකීම කෙනෙකුට විශාල චිත්ත පීඩාවක් වනු ඇත.

    එහෙත් බොහෝ අවමංගල කටයුතු සංවිධායකයෝත් මේ වන විට නිරෝධායනයට ලක්ව සිටිති. ඇතැමුන්ට තම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට සිදුව ඇත. ප්‍රබල ප්‍රශ්නයක් වී තිබෙන්නේ මළ මිනී සමග කටයුතු කරන්නන්ට මුඛ ආවරණ සහ අත්වැසුම් නොවීමය.

    ”තවත් සුමානෙකට සෑහෙන ආරක්ෂක උපකරණ අපට තියෙනවා ” අන්ද්‍රේයා සෙරටෝ පවසයි.

    ”ඒත් ඒවා ඉවර වුණොත් අපට අපේ මෙහෙය ඉටුකරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. අපි ඉතාලියේ ලොකු ම අවමඟුල් සේවා ආයතනවලින් එකක්. මට හිතාගන්නවත් බැහැ. අපි කොහොම ද ඉදිරියේදී උද්ගත වෙන තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කියල”

    වෛරසය පැතිරයාම වලක්වා ගැනීමේ පියවරක් වශයෙන් ජාතික හදිසි නීතියක් මගින් ඉතාලියේ අවමඟුල් උත්සව පැවැත්වීම තහනම් කරනු ලැබ ඇත. ඉතා ශක්තිමත් රෝමානු කතෝලික සාරධර්ම මුල්බැසගත් ඉතාලිය වැනි රටක එවැනි තත්ත්වයක් සිතා ගැනීම පවා අසීරුය.

    යටත් පිරිසෙයින් දවසකට එක මළ සිරුරක්වත් මිහිදන් කිරීමට අන්ද්‍රේයා සෙරටෝට සිදුවෙයි. එහෙත් එම මළ සිරුරකට සමුදීමට එකදු මිනිසෙකු හෝ එහි නැත. සියලු දෙනා ම නිරෝධායන වී ඇති හෙයිනි.

    ”මළ සිරුරක් වළ දමන කොට එක්කෙනෙකුට නැත්නම් දෙන්නෙකුට අවසර ලැබෙනවා. නමුත් එච්චර තමයි,” මසිමෝ මැන්කස්ට්‍රොපා පවසයි.

    ”කතා කරන්න කාටවත් හැඟීමක් නැහැ – නිහඬතාව විතරයි”

    එහෙත් ඔහු හැකි හැමවිට ම එම තත්ත්වය වළක්වා ගැනීමේ තැතක නිරත වෙයි. හැකි අවස්ථාවන්හි ඔහු මළසිරුර පැටවූ මෝටර් රථය පල්ලියක් කරා පදවයි. මිය ගිය තැනැත්තා වෙනුවෙන් ආශීර්වාද කරන ලෙස දේවගතිවරයාගෙන් ඉල්ලා සිටියි.

    ඒ සඳහා ඇත්තේ තත්පර කීපයක් පමණි. ඊළඟට ඊළඟ තැනැත්තාගේ වාරයයි.

    ඉතාලියේ අවමඟුල් සමාගම්වලට ඉහවහා ගිය මට්ටමින් වැඩ ලැබෙයි. මරණ සංඛ්‍යාව ඉහළ නගිමින් ඇත. හත්දහසකට අධික ජීවිත කොරෝනා රකුසා දැනටමත් බිලිගෙන අවසන්ය. එය එක රටක වාර්තා වූ වැඩි ම කොරෝනා මරණ සංඛ්‍යාවයි.

    ”ක්‍රිමොනා නගරයේ අපේ ශාඛාව ඉදිරිපිට මරණ පෝලිමක් තියෙනවා” අන්ද්‍රේයා සෙරටෝ පවසයි.”හරියට සුපිරි වෙළෙඳ සලක තත්ත්වයට බොහෝ දුරට සමානයි”

    උතුරු ඉතාලියේ මෘත ශරීරාගාර මළමිනීවලින් පිරී ගොස්ය.

    ”ක්‍රිමොනා නගරයේ රෝහලේ තියෙන පල්ලිය හරියට මිනී තියන ගබඩාවක් වගෙයි” මසිමෝ පවසයි.

    මිනී පෙට්ටි දේවස්ථාන ඉදිරියේ පෝලිමේ තබා ඇත. බර්ගමෝ (Bergamo) මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ නගරයයි. නගරයේ සුසාන භූමි පිරීගිය හෙයින් යුද්ධ හමුදාව කැඳවීමට සිදුවිය.

    පසුගිය දා එක් රාත්‍රියක හැත්තෑවකට අධික මිනී පෙට්ටි යුද්ධ හමුදා රථ පෙළක් නගරය ඔස්සේ සෙමෙන් ඉදිරියට ඇදෙන ආකාරය එහි නිවැසියෝ නිහඬව බලා සිටියහ.

    අසල නගරයකදී දවාලීම සඳහා එලෙස රැගෙන යන ලද්දේ ඔවුන්ගෙන් කවරෙකුහේ හෝ මිතුරෙකුගේ හෝ අසල්වැසියකුගේ මෘත දේහයකි.

    වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඉතාලිය පුරා දැන් අගයනු ලබන්නේ වීරයන්ගේ මට්ටමිනි. ඔවුහු ඉතාලියේ මෙම අඳුරු සමයේ ගැලවුම්කරුවන් පිරිසකි. එහෙත් අවමංගල සේවා සපයන්නන් ඔවුන් ඉටුකරනු ලබන කාර්යභාරය සම්බන්ධයෙන් ඇගයීමට ලක් නොවෙති.

    ”බොහෝ දෙනෙක් අපි දකින්නේ මළමිනී ප්‍රවාහනය කරන්නන්ගේ මට්ටමින්” මසිමෝ පවසන්නේ සුසුම් අතරිනි.

    ජීවමාන ලෝකය සහ මළවුන්ගේ ලෝකය බෙදා වෙන් කෙරෙන ගංගාවක් ඔස්සේ අලුතින් මරණයට පත්වූවන්ගේ ආත්මයන් ප්‍රවාහනය කරන පව්කාර චේරන් (Charon) නම් මිථ්‍යා පුරාවෘත්තමය චරිතය දෙස බලන ඇසින් බොහෝ ඉතාලි ජාතිකයන් තමන් දෙසත් බලන බව මසිමෝ වැඩිදුරටත් පෙන්වා දෙයි.

    බොහෝ දෙනෙකුගේ ඇස් අතර දක්නට ලැබෙන්නේ කෘතඥතාවෙන් තොර හිස් ස්වභාවයකි.

    #Andratuttobene – ”සියල්ල හොඳ අතට හැරෙනු ඇත” COVID -19 වෛරසය පැතිරයාමත් සමග එවැනි පණිවුඩයක් සහිත හැෂ්ටෑගයක් ඉතාලිය පුරා ප්‍රචාරය කෙරෙමින් පවතී. සිනාව ඇතුළත් දේදුනු රුවක් ද ඊට එක් කරනු ලැබ ඇත.

    නමුත් මේ මොහොතේත් ආලෝකයක සේයාවක් නොමැත. රට ම යාඥා කරමින් ඇතත් නැවතත් සියල්ල කවදා සැබැවින් ම යථාතත්ත්වයට පත්වේ ද යන්න කිසිවෙක් නියත ලෙස නොදනිති.

    බී.බී.සී ඇසුරිණි

  • කැකිරි – එළබටු ආදි අපේ දේවල්වල වටිනාකම යළි මතක් කළ කොරෝනා

    කැකිරි – එළබටු ආදි අපේ දේවල්වල වටිනාකම යළි මතක් කළ කොරෝනා

    වෛරසයක් සතුව පවතින සීඝ්‍ර ගුණන හැකියාව සහ එකිනෙකට වෙනස් වූ විවිධ වර්ගයේ මාදිලි කෙටි කලක් තුළ ඇතිකර ගැනීමේ හැකියාව හේතූවෙන් වෛරස් රෝගයක් සඳහා ඖෂධයක් සොයා ගැනීම තරමක් අපහසු ය.

    මේ අතර එවැනි වෛරසයක් ගුණනය සඳහා කෙල බිඳිති, ශ්ලේෂ්මල යනාදිය මාධ්‍යයක් වූ විට කෙනෙකුගෙන් තව කෙනෙකුට ඉතාමත් සීඝ්‍රයෙන් වෛරසය ව්‍යාප්ත වේ. ජීවිත රැසක් බිලි ගනිමින් මුළු ලෝ පුරා ව්‍යාප්තව ගොස් ඇති  ‘කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය වර්තමානය වනවිට  සෑම සමාජ තලයකම බොහෝ දෙනෙකු භීතියට පත්කිරීමට ඉහත කාරණා ඍජුවම හේතු වී ඇත.

    මෙතෙකින් නොනැවතී, ‘කොරෝනා’ අභිභවමින් යන දරුණු වසංගතයන් බොහෝමයකට ද අනාගත ලෝ වැසියනට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්, මේ සඳහා මීට වසර 15,000කට පමණ පෙර අහිතකර පරිසර සාධක මගහරවා ගැන්මට සුප්ත කාලයක් ගත කරමින් ග්ලැසියර තුළට වී සිටින ඉතාමත් අහිතකර බැක්ටීරියා හේතුවිය හැකි බවත් වසංගත රෝග සම්බන්ධයෙන් පර්යේෂණ වල නියැලෙමින් සිටින වර්තමාන ලෝකයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යාඥයන් ගේ මතයයි. මෙහිදී, ගෝලීය උෂ්ණත්වය අඛණ්ඩවම වැඩිවීමේ ප්‍රථිපලයක් ලෙස ග්ලැසියර දියව, ඉහත කී බැක්ටීරියා නිදහස්ව ඇතිවනු ලබන බලපෑමෙන් මිනිසුන් බොහෝමයක් මිහිපිටින් තුරන්ව යා හැකි බව ඔවුන් අනතුරු අඟවයි.

    මෙවන් පසුබිමක් තුළ මිනිසුන්ට යම්තාක් දුරකට හෝ සුරක්ෂිතව ජීවත්වීමට හැකි යැයි හඳුනා ගත් රටවල් 20ක් පමණක් මුළු ලොවටම ඉතිරිවන බවත් ඒ අතර අප මාතෘ භූමිය වන ශ්‍රී ලංකාව ද ඉහලින්ම පවතින බවත් ඔවුන් තව දුරටත් පෙන්වා දෙනු ලබයි. මෙය ‘කොරෝනා’ වලින් භීතියට පත්ව ඇති අප ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු නොදන්නා, එහෙත් මෙරටට බැල්ම හෙළන ලොව ඇතැම් බලවතුන් දන්නා වූ පරම සත්‍යයකි.

    රෝගයක් පැතිර යාමේදී ඒ පිළිබඳව දැනුවත් වීම මෙන්ම ආරක්ෂක විධි විධාන අනුගමනය කිරීම අත්‍යවශයෙන්ම කළ යුත්තක් වුව ද අනවශ්‍යය භීතියක් ඇතිකර නොගත යුතු ය. කෙසේ වුව ද, කොරෝනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු මේ වනවිට  කලබලයට පත්ව ඇති අතර සාමාන්‍ය ජන ජීවිතය ද බොහෝ දුරට අඩාල ව ඇත. සැවොම පාහේ වෙර දරනුයේ මෙම රෝගයට තමන් මෙන්ම තමන්ගේ සමීපතයන් ගොදුරු වීමෙන් වලකා ගන්නේ කෙසේද යන්න සොයා බලා කටයුතු කිරීමට යි.

    චීනයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මෙම වසංගතය පිළිවෙලින් ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව හා යුරෝපයේ රට වලට පැතිරීමට පටන් ගත්  කළ බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මතය වූයේ, මෙරට පවතින දේශගුණික තත්ත්වයන් හේතුවෙන් එම වෛරසය මෙරටට බලපෑම් නොකරාවි යන්න යි. අතීතයේ පටන් ශ්‍රී ලාංකිකයන් බහුතරයක් විපතක් හමුවේ වෙනත් කිසිදු රටකට, ජාතියකට, පුද්ගලයෙකුට අයහපතක් පැතු ජාතියක් නොවීම නිසාදෝ, ලොව අන් රට වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ ස්වභාවික විපත්, වසංගත හා ඒ හේතුවෙන් සිදු වූ ජීවිත හා දේපල හානීන් ඉතා අවම අගයක පවතින බව ද අතීතය විමසන කළ මොනවට පැහැදිලි වේ.

    කෙසේ වුව ද, ශ්‍රී ලාංකිකයන් බහුතරයකගේ සිතෙහි පැවති ඒ සුරක්ෂිතභාවය යම් දුරකට පළුදු කරමින් ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය මේ මොහොත වන විට ශ්‍රී ලාංකිකයන් 100ක් ඉක්මවා අසාදනය කරමින් පවතී. මේ වන විට ශ්‍රී ලංකාව තුළ වාර්තා වූ සියලුම ආසාදන තත්ත්වයනට මූලිකම හේතුව නම් ඉතාලිය ඇතුළු යුරෝපීය රට වල සීඝ්‍රයෙන් පැතිර පවතින කොරෝනා වෛරසයෙන් බේරෙනු වස් එම රට වල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණ කිසිදු නිරෝධායන කටයුත්තකට ලක් නොවී කල් ගත කිරීම යි. මෙයින් ගම්‍යය වනුයේ පෙර දවස අප තුල පැවති පරාර්ථකාමිත්වය යම් තරමකට හෝ බිඳ වැටී ඇති බව ය. එම අවස්ථාවේ වැඩි තැකීමක් නොකොට එසේ කටයුතු කළ ද, සිදු වීමට යන ව්‍යසනය තේරුම් ගෙන දැන් දැන් නැවත වතාවක් ශ්‍රී ලාංකිකයන් එකාවන්ව කටයුතු කිරීමට පටන් ගෙන ඇත.

    අප බොහෝ දෙනෙකුගේ සිතෙහි මැවි මැවී පෙනෙනුයේ ලොව බලවත් යැයි සැලකෙන රාජ්‍යයන් කොරෝනා ඉදිරිපිට කොරවුණි නම් මෙයට වැට නොබැඳුවහොත් ශ්‍රී ලංකාවට කුමකින් කුමක් වේවිද යන්න යි? මේ සිදුවන දෑ හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් තැති ගනිමින් අවිනිශ්චිත පසුබිමක පසු වුණ ද ශ්‍රී ලංකාව සතුව පැවති වැළලී ගිය උරුමයන් සඳහා යලි ඉහළ වටිනාකමක් දීමට මේ සිදුවීම් මාලාව සමත්ව තිබීම සැබැවින්ම ප්‍රශංසනීය වේ.

    ඈත අතීතයේ පටන් බටහිර ජාතිකයන් අපගේ මෙම සිරිලක් මාතාවට බැල්ම හෙලු බව අපි හොඳින් දන්නා නමුත් ඒ මෙරට පැවති අග්‍රගණ්‍ය වූ සම්පත් මංකොල්ල කෑමට බැව් බොහෝ ශ්‍රී ලාංකිකයන් හරියාකාරව නොදත් කාරණයකි. ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කී ශ්‍රී ලංකාව සතුව ලොව කිසිදු රටක් සතුව නොතිබි වෛද්‍ය ක්‍රමයන්, වාරිමාර්ග තාක්ෂණ ක්‍රමෝපායන්, තාරකා විද්‍යා තාක්ෂණයන්, සටන් ශිල්ප ක්‍රමයන්, ගොවිතැන් ක්‍රමයන්, යහපත් සිරිත් විරත්, නොපසු බස්නා විර්යය, මනා පෝෂණ ගුණයන්ගෙන් යුත් ආහාර වට්ටෝරු මෙන්ම ලෙඩ රෝග යනාදියට ඉතා ඉහළින් මුහුණ දිය හැකි ප්‍රතිශක්තිකරණ හැකියාවක් පැවති බව ඉතිහාස පොත පත සාක්ෂි දරණු ඇත.

    එසේම, ඉහත සම්පත් වලට පාදම වූ එකී ශාස්ත්‍රයන් ඇතුළත් අති විශාල පොත්පත් ප්‍රමාණයක් බටහිර ජාතිකයන් විසින් මෙරටින් රැගෙන ගොස් ඇති බවත් එම පොත් සියල්ලක්ම පාහේ ඒකී රාජ්‍යයන් සතුව වර්තමානය වන විට ද පවතින බවත් බටහිර ජාතිකයන් විසින්ම සාක්ෂ්‍යය දරයි. කෙසේ වුවද, අප ශ්‍රී ලංකාව සතුව ඒකී සෑම පොතකම පිටපතක් හෝ නොමැති වීම ජාතියේම අභාග්‍යයකි. මන්දයත් මුඛ පරම් පරාගතව එකී ශිල්පයන් මනා ලෙස ඉදිරියට රැගෙන යෑමට සිටි පිරිස් බොහොමයක්, බලයට කෑදර වූ සුළුතරයක් විසින් විදේශිකයනට එදවසම පාවා දී ඇති බව අතීතය ගෙනහැර පානු ලබයි.

    සෑම විටම කෘතීම ආහාර නොගන්නා පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අල්පේච්චයක් තරම් වූ හෙළ වෛද්‍ය පොත පත පෙන්නුම් කරයි. තවද හෙළ මාතාවක්, තමන්ගේ දරුවාට තන පුඩු අවලස්සන වේ යැයි නොසිතා සිත් සේ මව් කිරි ලබා දීම නිසාම ශ්‍රී ලාංකිකයන් ගේ මේකී ප්‍රතිශක්තිය වැඩි වීමට හේතූවක් වූවා ද විය හැකි ය.

    මේ සියලු දෑ සුක්ෂමව වෙනස් කරමින් අපගේ දැනුම සොරාගත් විදේශිකයන් අවසානයේදී ඉතිහාසයේ අප සතුව පැවති වටිනාකම් ද සොරාගෙන වැරදි ජීවන මෙන්ම කෘතීම ආහාර රටාවකට ද හෙළයාව පුරුදු කරවීමට තරම් දක්ෂ විය. මේ හේතුව නිසාම එදාට වඩා අද සමාජයේ අප බොහෝ දෙනෙකු ගේ ප්‍රතිශක්තියේ යම් අඩුවක් තිබුණ ද තවමත් බටහිර ජාතිකයනට සාපේක්ෂව අප සතුව ලෙඩ රෝග වලට හොඳාකාරව මුහුණ දීමේ ශක්තියක් පවතී. මන්දයත්, මුඛ පරම් පරාවෙන් පැවතෙමින් හෝ එදවස අපට උරුම වූ වටිනාකම් අදටත් අප සතුව පවතින හෙයින් ලෙඩ රෝගයන්ගෙන් ආරක්ෂා වී ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ගත යුතු අහර කවරේදැයි ‘කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය  අපට කියා දී ඇත.

    මෙහිදී, යම්කිසි තැනැත්තෙකු කැකිරි, තිත්ත කැකිරි, පිපිඤ්ඤා, වම්බටු, තිබ්බටු, එලබටු,  ලබු, වට්ටක්කා, බතල, අළු කෙසෙල් බණ්ඩක්කා , කරවිල, තුඹ, මුරුංගා කොළ, මුරුංගා, මඤ්ඤොක්කා, මඤ්ඤොක්කා කොළ, ගොටුකොළ, මුකුණුවැන්න, අඟුණු කොළ, නිවිති, සාරන, පැණි තෝර, තැල් කොළ මෙන්ම තල් පිටි, කිතුල් පිටි, කුරහන්, පෙරුම්කායන් කුඩු ගිතෙල් හා සුවදැල් කෙසෙල් හෝ රත් කෙසෙල් සමග මිශ්‍ර කර ආහාරයට එක්කර ගැනීම මගින් ප්‍රතිශක්තිය වර්ධනය කරගත හැකි බව හෙළ වෙද සම්බන්ධ පොත පත පෙන්වා දෙයි.

    තවද, අතීතයේ අපගේ මිත්තනියන් ආහාර රස කර ගැන්මට භාවිත කළ සුදු ළූණු, රතු ළූණු, ඉඟුරු, කරපිංචා, කුරුඳු, උළුහාල්, ගොරකා, කහ, සූදුරු, මහදුරු, ගම් මිරිස් යනාදිය කෑමට එක්කරගත හැකිනම් බොහෝ ලෙඩ රෝගයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍යය ශක්තිය නැවතත් අපට ගොඩනගා ගත හැකි බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

    එතැකින් නොනැවතුණු, ‘කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය  අපගේ ජීවිතයන ට බොහෝ පාඩම් කියා දෙමින් සිටී. මේ නිසාම, මතක ඇති කලක කොත්තමල්ලි ටිකක, වෙනිවැල් ගැට ටිකක, පත්පාඩගම් ටිකක රස නොවිඳි අප සමාජයේ බොහෝ දෙනෙකු මුළු මහත් ශ්‍රී ලංකාවම උඩු යටිකුරු කරමින් ඒවා සොයා රස බලන්නට විය. එය කෙතරම්ද කිවහොත් ඇතැම් වෙළඳසැල් හි බොහෝ කාලයක් විකුණා ගැනීමට නොහැකි ව ගොඩ ගැසී තිබුණු කොත්තමල්ලි හා වෙනිවැල් ගැට හිස් වූයේ හිරු දුටු පිනි බිඳක් මෙනි.

    මෙහිදී, බොහොමයක් පාරිභෝගිකයන් ඉල්ලුම් කරන පරිදි සැපයුම් ලබාදීම ට වෙළඳසැල් හිමියාට හැකියාවක් නොලැබීම හේතුවෙන් එක් එක් පාරිභෝගිකයාට දෙනු ලබන කොත්තමල්ලි, වෙනිවැල් ගැට හා පත්පාඩගම් යනාදිය සීමා කිරීමට ද සිදු වුණි.  එසේම, ජීවිතය ‘කොරෝනා’ මගින් කොර නොවනුවස් බොහෝමයක් ශ්‍රී ලාංකිකයන් තම තමන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැන්මට කල හැකි සෑම හෙළ වෙදකමක්ම අත්හදා බලමින් සිටී. මේ අතර පෙරුම්කායන්, වද කහ යනාදිය ජීවිතයට දැක නොමැති අප සහෝදර ජනතාව මේවා සොයන්නට වූයේ කතරක අතරමං වූ පුද්ගලයෙකු ජීවිතය, ජීවත් කරවීමට දිය පොදක් සොයන්න සේය.

    එතකින් නොනැවතී, බොහෝමයක් ශ්‍රී ලාංකිකයන් කෘතීම ආහාර භාවිතයෙන් ඈත්ව, දේශීය ආහාර රටාවනට හුරු වෙමින් පවතී. තවද, මාංශ අනුභවයෙන් ද බොහෝමයක් දෙනා වැලකී ඇති අතර මේ හේතුවෙන් සත්ත්ව හිංසනය ද බොහෝ සෙයින් පහත ගොස්ව ඇත. එපමණක් නොව, පවතින තත්ත්වය හමුවේ බොහෝමයක් ජනතාව නිවෙස් වලටම වී සිටීම හේතුවෙන් වෙන කවරදාක හෝ නොවූ අයුරින් වායු දුෂණය ද බොහෝ සෙයින් පහත ගොස් ඇත. සොබාදහම යම් තරමකට සමතුලිතව ඇත.

    බොහෝ කලකට පසුව, පවුලේ සැවොම පාහේ නිවෙස්වල අඛණ්ඩවම දින කිහිපයක් සිටින හෙයින් අපට මග හැරුණු අප සතුව පැවති එකමුතුකම ගොඩනගා ගනිමින් පවතී. අප සතුව පැවති, නමුදු දැන් මිහිදන්ව පවතින වටිනාකම් යලි ගොඩ නගා ගැනීමට සැවොම අදිටන් කරමින් පවතී. වැළලී ගිය අපගේ ඉතිහාසයට නැවතත් පණ දිය යුතු යැයි බොහෝ දෙනෙකුට වැටහෙමින් පවතී.

    බුදු දහමෙන් ආශීර්වාදය ලැබූ මේ පින්වන්ත භූමියට ‘කොරෝනා’ මගින් විශාල හානියක් කළ නොහැකි බව ඒකාන්තය. නමුදු, අප වෙනස් විය යුතුය. ඒ මන්දයත් වර්තමානය වන විට අප බොහෝ දෙනෙකු විවිධ වූ මිරීගුන් පසු පස හඹා යමින් පවතී. සංවර්ධනය යනු අපට ජීවය දෙන, අපව ජීවත් කරවන කරවන මේ සොබාදම් මාතාව විනාශ වන ලෙස වන සංහාරයන් ඇති කරමින් මුදල් ඉපයීම නොවන බව අප සියලු දෙනා තේරුම් ගත යුතු පරම සත්‍යය වන අතර එය පහදාලීමට පැමිණි ‘කොරෝනා’ අනාගතයේ දී අපගේ ජීවිත වෙනස් කරගත යුතු අයුරු අපට කියා දෙමින් සිටී.

    සංගීත් ප්‍රසාද් ප්‍රනාන්දු පර්යේෂණ නිළධාරී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

  • Book of Revelation සහ End of Days තරගෙට කොරෝනා භීතිය වපුරයි

    Book of Revelation සහ End of Days තරගෙට කොරෝනා භීතිය වපුරයි

    2008 ග්‍රීෂ්ම ඍතුවේදී, වයස අවුරුදු 5 දී තමාට පූර්ව අනතුරු ඇඟවීම් ලැබීමට පටන් ගත් බව කියා සිටි වැඩිහිටි මානසික රෝගියෙක් අශෝභන අනාවැකි ඇතුළත් පොතක් ප්‍රකාශයට පත් කළේය.

    “2020 දී පමණ නියුමෝනියාව වැනි දරුණු රෝගයක් ලොව පුරා පැතිරෙනු ඇත. පෙනහළුවලට පහර දී දන්නා සියලු ප්‍රතිකාරවලට ප්‍රතිරෝධයක් දක්වනු ඇත. අසනීපයට වඩා බොහෝ සෙයින් අවුල් සහගත වන්නේ එය පැමිණි විගසම හදිසියේම අතුරුදහන් වීම, වසර දහයකට පසුව නැවත පහර දීම සහ පසුව සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීමයි.”

    මෙම අනාවැකිය මහජන මතකයෙන් මැකී ගිය අතර පොතේ කතුවරිය වන සිල්වියා බ්‍රවුන් Sylvia Browne 2013 දී මිය ගියාය. නමුත් කොරෝනා වයිරස් වසංගතය බ්‍රවුන්ගේ ” දවසේ අවසානය: අනාවැකි සහ අනාවැකි ලෝක අවසානය – End of Days: Predictions and Prophecies About the End of the World. ” යන කෘතියට නව අවධානයක් යොමු කර තිබේ. එය ඇමේසන් හි ප්‍රබන්ධ නොවන ලැයිස්තුවේ අංක 02 දක්වා ඉහළට පැමිණ ඇති අතර (වැඩියෙන්ම අලෙවි වන ප්‍රබන්ධ නොවන කෘති අතර දෙවන ස්ථානය)  පිටපත් දැන් ඩොලර් සිය ගණනකට විකුණනු ලැබේ.

    කොවිඩ් -19 පැතිරීමෙන් ආරක්ෂා වීමට ජනතාවට උපකාර කිරීම සඳහා රජය සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් සියලු ආකාරයේ මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. ප්‍රවීණයන්ට නැවැත්වීමට, පාලනය කිරීමට නොහැකි යැයි පෙනෙන තවත් බෝවන රෝගයක් තිබේ. ඒ කොරෝන වයිරසය End of Days ලකුණක් බවට අනතුරු අඟවන අනාගතවක්තෘවරුන්ගේ වසංගතය)

    සුපිරි වෙළඳසැල් රාක්ක සමඟ භීතියට පත් පුද්ගලයින්ගේ මනස හිස් කිරීමට හේතු වන වසංගත පිළිබඳ යමක් තිබේ. බ්‍රවුන්ගේ අනාවැකිය වැනි අසංඛ්‍යාත / සීමාවන් නැති විනාශකාරී අනතුරු ඇගයීම් අන්තර්ජාලය පුරා පැතිරෙමින් පවතින අතර, දේශපාලන මනෝ විකාරයේ සිට “එක්සත් ජාතීන් විසින් පාලනය කරනු ලබන ලෝක ලෝකයක්” පිළිබඳ මිත්‍යාෙව් සිට ඕස්ට්‍රේලියානු ලැව්ගිනි සහ අප්‍රිකාවේ පළඟැටියන් රංචු වැනි සෑම දෙයක්ම සමඟ කොරෝන වෛරස් භීතිය මුසු කරයි.

    මෙම විනාශකාරී දිනයට ‘අනාගතවක්තෘවරුන්’ යොමු කරන්නේ කුමක් ද?

    End of Days පොතේ සාවද්‍ය කියවීම් බොහෝමයක් ඇතුළත් ය. බොහෝ විට මෙම වසංගත අනාගතවක්තෘවරුන් ඔවුන්ගේ අනාවැකි අවසන් කරන්නේ “ඔබට බයිබලයක් නොමැති නම්, එකක් මිලට ගන්න!”

    නමුත් ජීවත්වීම සඳහා සමහර අය තුවක්කු සහ උණ්ඩ තොග ගබඩා කර තිබීම පුදුමයක් නොවේ. ආගම සහ අනාවැකි අධ්‍යයනය කරන සමහරු පවසන්නේ මෙම සමාජ මාධ්‍ය, අනාගතවක්තෘවරුන් සහ මනෝවිද්‍යාඥයින් ස්වයං බලහත්කාරයෙන් නිරෝධායනයක් ගත යුතු කාලය මෙය බවයි. විනාශ කරන්නන් මිනිසුන්ගේ අධ්‍යාත්මික හා මානසික සෞඛ්‍යයට හානි කරන බව ඔවුහු පවසති.

    ඔවුන් ද කියා සිටින්නේ ආගමේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයන් පවා උපකල්පනය කිරීමට එඩිතර නොවූ බවයි. ඉන්දියානාහි නොට්‍රේ ඩේම් විශ්ව විද්‍යාලයේ කතෝලික දේවධර්මාචාර්යවරයකු වන උල්රිච් ලෙහ්නර්, කොවිඩ් -19 යන්නෙන් අදහස් කරන්නේ ලෝකයේ අවසානය ළං වී ඇති බවට අනතුරු අඟවන විට, සමාජ මාධ්‍ය දේශකයෙකු මෙම ප්‍රතිචාරය නැවත ට්වීට් කිරීමට පෙළඹේ: “මතෙව් 24:36. ” ලෝකයේ අවසානය ගැන යේසුස් පැවසූ කොටස එයයි.

    කිරීටක වෛරසය පැතිරීමත් සමඟ සමහර අය ආහාර ගබඩා කර ඇත.
    කොරෝන වෛරසය පැතිරීමත් සමඟ සමහර අය ආහාර ගබඩා කර ඇත.

    “නමුත් ඒ දවස හෝ පැයේදී කිසිවෙකු දන්නේ නැත, ස්වර්ගයේ සිටින දේවදූතයන්වත් පුත්‍රයාවත් පියාණන් වහන්සේවත් නොවේ.”

    “ඔබ වේලාව දන්නේ නැහැ” කියා යේසුස්ම පැවසුවා. නමුත් සමහර ස්වයං අනාගතවක්තෘවරුන් දෙවියන් වහන්සේගේ සිංහාසනය වටා සිටින දේවදූතයන්ට වඩා වැඩි යමක් දන්නා බව පෙනේෙ” කියා ලෙහ්නර් පවසයි. සමහර විනාශකාරී අනාගතවක්තෘවරුන් වෙනත් පාපයකින් පෙලඹවිය හැකි බව ලෙහ්නර් පවසයි: උඩඟුකම.

    “සමහර විට මහා භීතිකාවක් ඇති කරන මේ අය තුළ යම් ආඩම්බරයක් ද ඇත, මට විශේෂ අවබෝධයක් ඇත ”යන ආත්ම විශ්වාසයෙන් යුත් ආත්ම විශ්වාසයක් ඇත,”

    “දෙවියන් හොඳ නැත: පොප් සංස්කෘතික දේවධර්මය ප්‍රතික්ෂේප කිරීම සහ සොයා ගැනීම දෙවියන් වහන්සේ ජීවත්වීම වටී. ” “එය යක්ෂයා නොවේ නම්, කුමක්දැයි මම නොදනිමි.”

    නමුත් කොවිඩ් -19 බයිබලානුකුල ශුද්ධ ලියවිලි පද සමඟ සම්බන්ධ කළ එක් මිනිසෙක් පවසන්නේ ඔහු බිය පැතිරවීමට උත්සාහ නොකළ බවයි. ගිනිකොනදිග ටෙක්සාස්හි පල්ලියක තරුණ අධ්‍යක්ෂකවරියක් වන එලිෂා ජෝන්ස් Elisha Jones ෆේස්බුක් සටහනක බයිබලය මෙසේ උපුටා දක්වයි. 

    ‘දෙවියන් වහන්සේ සලමොන්ට පැවසුවේ “වැස්සක් නැති පිණිස මම අහස වසා දැමූ විට හෝ පළඟැටියන් දේශය කාදැමීමට හෝ මගේ ජනතාව අතර වසංගතයක් යැවීමට අණ කළ විට … මම දේශය සුව කරමි” “මිනිසුන්” හැරී ගියහොත් ඔවුන්ගේ දුෂ්ට මාර්ගවලින්‘‘

    උමං දුම්රිය ගනුදෙනුකරුවෙක් මාර්තු 19 වන බ්‍රහස්පතින්දා නිව් යෝර්ක් නගරයේ පොල්ලක රඳවාගෙන සිටියදී අත ආරක්ෂා කර ගැනීම සඳහා පටකයක් භාවිතා කරයි.
    උමං දුම්රිය මගියෙක් මාර්තු 19 වන බ්‍රහස්පතින්දා නිව් යෝර්ක් නගරයේ දුම්රිය පොළකදී තම අත ආරක්ෂා කර ගැනීම සදහා ලේන්සුවක් භාවිත කරන අයුරු.

    “ඕස්ට්‍රේලියානු ලැව්ගිනි – වර්ෂාව වළක්වාලනු ලැබීය. අප්‍රිකාව – පළඟැටියන් වසංගතය, ලෝක වසංගතය – කොවිඩ් -19” යනුවෙන් එහි සඳහන් කර ඇත.

    ජෝන්ස් සීඑන්එන් වෙත පැවසුවේ “යේසුස් මේ දේවල් සිදුවනු ඇතැයි” කියා මිනිසුන්ට අනතුරු ඇඟවීමට උත්සාහ කරන බවත්, පෘථිවිය “යේසුස්ගේ දෙවන පැමිණීමට පෙර වේදනා විඳින” බවත්ය.

    කොවිඩ් -19 සහ වෙනත් ලෝක සිදුවීම් ගැන ජෝන්ස් පවසන්නේ “එය සිදුවනු ඇතැයි දෙවියන් පැවසූ දෙයක ඍජු සංඥාවක් විය හැකි බව“යි.

    නරක විනාශකාරී අනාවැකි පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇත

    චේතනාව කුමක් වුවත්, ඩූම්ස්ඩේ අනාවැකි   Doomsday predictions සදහා හොද වාර්තාවක් නොමැත .Y2K මතකද? මෑත “මායා එළිදරව්ව” ගැන කුමක් කිව හැකිද? සමහර අය 2012 දෙසැම්බර් 21 වන දින මායා ලෝන්ග් කවුන්ට් දින දර්ශනයේ Maya Long Count calendar අවසානය පෙන්වා දුන්නේ එය ලෝකයේ අවසානය ද අදහස් කරන බවයි. යෝධ උදම් රළ ගැනත් පෘථිවිය වෙනත් ග්‍රහලෝකයක් සමඟ ගැටෙන බවටත් ඔවුහු අනතුරු ඇඟවූහ. දිවි ගලවා ගැනීමේ කට්ටල අලෙවිය ඉහළ ගිය අතර චීනයේ මිනිසෙකු නූතන නෝවාගේ නැවක් තැනූ  බවට වාර්තා විය. එහෙත් එවැනි නරක අනාවැකි නූතන සංසිද්ධියක් නොවේ.

    සමහර ඩූම්ස්ඩේයර්වරු භූගත බංකර් සාදති.  ඇට්ලස් සර්විල් බන්කර්ස් හි ප්‍රධාන විධායක නිලධාරී රොන් හබාර්ඩ්, විඛාදනයට ලක්වූ පයිප්ප බෝම්බ නවාතැනකට වාතය අතින් පොම්ප කරන ආකාරය නිරූපණය කරයි.
    සමහර ඩූම්ස්ඩේයර්වරු භූගත බංකර් සාදති. ඇට්ලස් සර්විල් බන්කර්ස් හි ප්‍රධාන විධායක නිලධාරී රොන් හබාර්ඩ්, භුගත උමං නවාතැනකට වාතය අතින් පොම්ප කරන ආකාරය නිරූපණය කරයි.

    ඉතිහාසඥයින් පවසන්නේ 17 වන සියවසේ යුරෝපයේ බොහෝ කිතුනුවන් අනාවැකි පළ කළේ 1666 දී ලෝකය අවසන් වනු ඇති බවයි. මන්ද “666” යන සංඛ්‍යා බයිබලයේ එළිදරව් පොතේ සඳහන් මෘගයාගේ සලකුණ නියෝජනය කරන බැවිනි. එම වසරේ දින හතරක් පුරා පැවති මහා ලන්ඩන් ගින්න  Great London Fire බොහෝ දෙනෙක් එය දුටුවේ අනාවැකියේ ඉටුවීමක් ලෙස ය.

    සිල්වියා බ්‍රවුන්, ඇය ජීවත්ව සිටියදී ඇගේ අනාවැකි වල නිරවද්‍යතාවය පිළිබඳව නිරන්තරයෙන් විවේචනයට ලක්වූවාය. වින්දිතයන්ගේ පවුල්වල දුක් වේදනා වැඩි කළ අපරාධ පිළිබඳව ඇය වැරදි ප්‍රකාශ කළ බවට බොහෝ වාර්තා තිබේ. වයස අවුරුදු 88 දී ඇය මිය යනු ඇතැයි ඇය පුරෝකථනය කළ නමුත් ඇය 77 දී මිය ගියාය.

    2020 දී අද්භූත ශ්වසන රෝගයක් පිළිබඳ බ්‍රවුන්ගේ වඩාත් ප්‍රසිද්ධ අනාවැකිය පවා විවේචනාත්මක ආලෝකයකින් වෙනස් ලෙස පෙනේ.

    කරුණු පරික්ෂා කරන වෙබ් අඩවිය වන ස්නෝප්ස් Snopes, the fact-checking website , බ්‍රවුන්ගේ අනාවැකිය විමසා බැලීමේදී, “සිදුවිය හැකි සිදුවීම් පිළිබඳ පැහැදිලි ප්‍රකාශයන් අනාවැකි නොකියයි” යනුවෙන් පැවසීය. එය ඇගේ අනාවැකිය සත්‍ය හෝ අසත්‍ය නොවන නමුත් සත්‍යයේ සහ අසත්‍යයේ සැලකිය යුතු අංග අඩංගු “මිශ්‍රණයක්” ලෙස ඇගයීමට ලක් කළේය.

    “SARS පුපුරා යාමෙන් පසුව පොත ලියා ඇති බව සලකන විට බ්‍රවුන්ගේ ‘අනාවැකිය’ වාසනාවන්ත අනුමාන කිරීමක් දැයි පැහැදිලි නැත,” ස්නෝප්ස් පැවසීය.

    බොහෝ දෙනෙක් එළිදරව්ව පිළිබඳ මිථ්‍යාවන් පුනරුච්චාරණය කරති

    නරක අනාවැකි සඳහා වඩාත්ම වැරදියට වටහාගෙන ඇති මූලාශ්‍රය සඳහා ත්‍යාගයක් තිබුනේ නම්, එය එළිදරව් පොත Book of Revelation හිමිවෙයි. එය බයිබලයේ අවසාන හරස්කඩ විය හැකිය. වෙනත් කිසිම පොතක නිරූපණ සහ භාෂාව ජනප්‍රිය සංස්කෘතියට විනිවිද ගොස් නැත. බයිබලය කවදාවත් කියවා නැති අය පවා එහි යොමු දැක්වීම් හුරුපුරුදු ය: Book of Revelation හි අසරුවන් සිව්දෙනා, රතු මකරා, 666 සහ වසංගත භාජන හත‘ Book of Revelation එවැනි බෝවන නිරූපණයන්ගෙන් පිරී ඇත.

    එහි පෙළ අධ්‍යයනය කළ එක් දේවධර්මාචාර්යවරයෙක් එය “බහුමාධ්‍ය” පොතක් ලෙස හඳුන්වන අතර ජනප්‍රිය රූප බෝවන රෝගයක් මෙන් ක්‍රියාත්මක වේ.

    2020 මාර්තු 19 වන බ්‍රහස්පතින්දා ලන්ඩනයේ සුපිරි වෙළඳසැලක හිස් රාක්ක.
    2020 මාර්තු 19 වන බ්‍රහස්පතින්දා ලන්ඩනයේ සුපිරි වෙළඳසැලක හිස් රාක්ක.

    “ඒවා විශාල පාඨයෙන් බිඳී අපගේ සංස්කෘතියේ කුඩා වෛරස් මෙන් සංසරණය වන අතර ඒවා වෙනත් දේවලට සම්බන්ධ වේ. Book of Revelation උපුටා දක්වන බොහෝ දෙනෙකුට අර්ථය සහ සංකේතවාදය වැරදිය.

    “Book of Revelation ගැන කථා කරන කිසිම කෙනෙක් පාහේ වාඩි වී එය කියවා නැත” කියා ඔහු පවසයි. නිදසුනක් වශයෙන්, බොහෝ අය විශ්වාස කරන්නේ “ඔසවා ගැනීම Rapture” (යේසුස් වහන්සේ යුගය අවසානයේ නැවත පැමිණෙන බවත්, මියගිය හා ජීවත්ව සිටින සියලුම කිතුනුවන් ඔහුව මුණගැසීමට නැඟිටින බවත්) එළිදරව් පොතේ ඇති බවයි. එය සත්‍ය නොවන බව බීල් පවසයි.

    Book of Revelation හි ඔසවා ගැනීම ගැන පැහැදිලි සඳහනක් නැත. 1 කොරින්ති 15:52 වැනි ශුද්ධ ලියවිලි පදවල මෙම සංකල්පය ගැන සඳහනක් ඇත, “… මක්නිසාද හොරණෑව පිඹිනු ඇත, මළවුන්ව විනාශ කළ නොහැකි ලෙස උත්ථාන කරනු ඇත, අපව වෙනස් කරනු ලැබේ.”නමුත් බීල් පවසන්නේ ඔසවා ගැනීමේ න්‍යාය සැබවින්ම ආරම්භ වූයේ 19 වන සියවසේ ජෝන් නෙල්සන් ඩාර්බි නම් දේවධර්මාචාර්යවරයකුගේ කෘතියකින් බවයි.

    පොලිස් නිලධාරියෙකු 2020 මාර්තු 16 වන දින පිලිපීනයේ මැනිලා හි මුරපොලක දී මගීන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරයි.
    පොලිස් නිලධාරියෙකු 2020 මාර්තු 16 වන දින පිලිපීනයේ මැනිලා හි මුරපොලක දී මගීන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරයි.

    අන්ත ක්‍රිස්තුස් ගැන කුමක් කිව හැකිද? එය එළිදරව් පොතේ නොවේද? නෑ, බීල් පවසයි. අළුත් ගිවිසුමේ යොහන්ගේ පළමු පොතේ ලේඛකයා යේසුස් වහන්සේ මෙසියස් බව ප්‍රතික්ෂේප කරන සාමාන්‍ය “අන්ත ක්‍රිස්තුස්” ගැන අනතුරු අඟවයි. නමුත් චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය වන “ඔමේන්” වැනි චරිතයක් සාතන්ගේ කපටි පුතෙකු වන අතර ඔහුගේ සිරුරේ 666 අංකය ඇත. 666 ගැන කුමක් කිව හැකිද – එය එළිදරව් පොතේ නොවේද? ඔව්, නමුත් එය සාතන්ට යොමු නොවේ. ඒ වෙනුවට, දේවධර්මවාදීන් පවසන්නේ පළමු කිතුනුවන්ට නපුරේ තවත් අවතාරයක් මෙම සංඛ්‍යාවෙන් සඳහන් වන බවයි: රෝමානු අධිරාජ්‍යයා වූ නීරෝ‘‘

    ටෙක්සාස් පල්ලියේ තරුණ අධ්‍යක්ෂ ජෝන්ස් එළිදරව් 15: 1-3 උපුටා දක්වමින් “වසංගත හතක් ඇති දේවදූතයන් හත්දෙනෙකු” ගැන අනතුරු අඟවයි.

    “මම හිතන්නේ නැහැ ඒ වගේ දේවල් පළ කිරීම භීතිය පැතිරවීම කියලා” ජෝන්ස් පවසයි. 

    “මගේ විශ්වාසය නම් දෙවියන් වහන්සේ ළඟදීම පැමිණෙනු ඇති බවත්, ලියා ඇති දේවල් සිදුවනු ඇති බවත්, ටිකක් බය හිතෙන දේවල් ඇති බවත් ය. නමුත් එය සිදුවනු ඇතැයි දෙවියන් වහන්සේ පැවසූ දෙය නැවත තහවුරු කරයි.”

    විනාශකාරී දින දර්ශන යෙදීම හානිකර විය හැක්කේ ඇයි?

    “අවසාන කාලය end-times ” බයිබලානුකුල ඡේදවලට යොමු කිරීම ඇත්ත වශයෙන්ම කුරිරු හා අත්තනෝමතික යැයි පෙනෙන සිදුවීම් වලට අර්ථයක් ලබා දීමෙන් සමහර අයගේ ඇදහිල්ල ශක්තිමත් කරයි. නමුත් COVID-19 හා සම්බන්ධ එළිදරව්වේ භයානක නිරූපණයන් ඉල්ලා සිටින අයට ශුද්ධ ලියවිලි පාඨය වැරදියට තේරුම් ගැනීමට වඩා වැඩි යමක් කළ හැකිය. ඒවා අන් අයගේ මානසික සෞඛ්‍යයට හානි කළ හැකි බව බීල් පවසයි.

    “එළිමහනේ කියවමින් සිටි එක් සිසුවියක් දිය ඇල්ල අසල සිටි අතර ඇය නින්දට වැටී ගිගුරුම් සහිත කුණාටුවක් මධ්‍යයේ අවදි වූවාය. ඇය පොතේ සිටින බවක් දැනෙන නිසා ඇයට නිරපේක්ෂ භීතියක් ඇති විය” යනුවෙන් ඔහියෝහි කේස් වෙස්ටර්න් රිසර්ව් විශ්ව විද්‍යාලයේ ආගමික මහාචාර්ය බීල් පවසයි.

    ‘බයිබලය පවසන ඩූම්ස්ඩේ අනාවැකි තවත් අනතුරකට තුඩු දිය හැකියි‘ (කිසිවක් නොකර) බීල් පවසයි. කෝවිඩ් -19 වැනි දෙයක් ගැන භීතියෙන් පෙළෙන පුද්ගලයින් දේශගුණික විපර්යාස වැනි මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වන වෙනත් නිදන්ගත කරුණු නොසලකා හැරිය හැකි බව ඔහු විශ්වාස කරයි.

    2020 මාර්තු 14 වන දින කැලිෆෝනියාවේ නොවාටෝ හි කොස්ට්කෝ සාප්පුවකට ඇතුළු වීමට සිය ගණනක් ජනයා පෙළ ගැසී සිටිති.
    2020 මාර්තු 14 වන දින කැලිෆෝනියාවේ නොවාටෝ හි කොස්ට්කෝ සාප්පුවකට ඇතුළු වීමට සිය ගණනක් ජනයා පෙළ ගැසී සිටිති.

    “එය අක්‍රියතාවයට කැඳවීමකට තුඩු දිය හැකිය,” එළිදරව්ව පිළිබඳ වැරදි අර්ථකථන ගැන බීල් පවසයි. 

    “එනම්, මේ සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්ම නිසා යැයි මිනිසුන් පවසනු ඇත. එය යහපත් වීමට පෙර එය නරක අතට හැරෙනු ඇත. එබැවින් එය දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා අපට ඒ ගැන කළ හැකි කිසිවක් නැත.වසංගතයක් ඇති වූ විට එළිදරව් කිරීම සඳහා මිනිසුන් එය වළක්වන්නේ නැත. 

    ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඩූම්ස්ඩේ අනාගතවක්තෘවරුන් සඳහා “අවසාන කාල වසංගත” පැතිරීම සහ විකාර කාලගුණික රටාවන් ගැන අනතුරු අඟවයි. එක් විශාරදයෙක් ක්‍රිස්තියානි පෝස්ට් පුවත්පත සදහා මෑතකදී සම්පාදිත ලිපියක කොරෝන වෛරසය ගැන අනාවැකි පළ කළේ දැයි ප්‍රශ්න කරමින්, “අවසාන කම්පනය මෙයට වඩා තීව්‍ර වනු ඇතැයි” සදහන් කළේය.

    බොහෝ බයිබල් විශාරදයන් පවසන්නේ එළිදරව් පොත ඇත්ත වශයෙන්ම ලෝකයේ අවසානය ගැන එකක් නොවන බවයි. ඒ වෙනුවට, එය එහි කතුවරයා වූ භක්තිමත් යුදෙව්වෙකු හා කලින් යේසුස්ගේ අනුගාමිකයෙකුගේ ලෝකයේ අවසානය ගැන එහි සදහන් වන බවයි. 

    වත්මන් බයිබල් විචාරකයින්ට අනුව ක්‍රි.ව. 70 දී රෝම අධිරාජ්‍යයා ජෙරුසලමට කඩා වැදී යුදෙව් කැරැල්ලක් මැඩපැවැත්වීමෙන් පසු එහි මහා දේවාලය ගිනිබත් කළේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඔහු ( එළිදරව්ව පොතේ කර්තෘවරයා) පරිශ්‍රමයක් දැරීය. ජෙරුසලමේ දේවමාළිගාව විනාශ කිරීම කලින් යේසුස්ගේ සමහර අනුගාමිකයන්ට තේරුම්ගත නොහැකි විය. නව යුගය ආරම්භ කිරීමට පෙර යේසුස් “බලයෙන්” පැමිණ රෝමය යටත් කර ගනු ඇතැයි ඔවුහු අපේක්ෂා කළහ. නමුත් රෝමය ඒ වෙනුවට යේසුස්ගේ මව්බිම යටත් කරගෙන තිබුණි.

    2020 මාර්තු 5 වන දින චීනයේ බීජිං හි පිහිටි දේශීය නේවාසික පරිශ්‍රයක පොදු ප්‍රදේශ විෂබීජහරණය කිරීම සඳහා ස්වේච්ඡා සේවකයෙක් ආරක්ෂිත ඇඳුමක් ඇඳ සිටී.
    2020 මාර්තු 5 වන දින චීනයේ බීජිං හි පිහිටි දේශීය නේවාසික පරිශ්‍රයක පොදු ප්‍රදේශ විෂබීජහරණය කරන ස්වේච්ඡා සේවකයෙක්

    දෙවියන් වහන්සේ හා යුක්තිය අවසානයේදී ජය ගන්නා බව මුල් කිතුනුවන්ට මතක් කර දුන් කතුවරයාගේ මාර්ගය Book of Revelation බව නොට්‍රේ ඩේම් දේවධර්මාචාර්ය ලෙහ්නර් පවසයි.

    “එළිදරව් පොත අනාවැකි පිළිබඳ පොතක් නොව සැනසිලිදායක පොතක්” යැයි ලෙහ්නර් පවසයි.

    ‘සැනසිල්ල යනු මිනිසුන් මේ මොහොතේ සමාජ මාධ්‍යවල පැතිරවිය යුතු දෙයයි‘ (විනාශකාරී අනාවැකි නොවේ) ඔහු පවසයි. 

    මෑත දිනවල ඔහු සිය ආත්මය ඔසවා තැබූ සුන්දර යාඥා සහ සමාජ මාධ්‍යවල හාස්‍යජනක පණිවිඩ පවා දැක ඇති බවත්, හුදෙකලා විය හැකි අය වෙත ළඟා වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලෙහ්නර් පවසයි.

    ‘එසේ කිරීම විනාශය පිළිබඳ අනාවැකි බෙදාගැනීම තරම් සිත්ගන්නාසුළු නොවනු ඇත. නමුත් ඔබ ඔබේ අභ්‍යන්තර නොස්ට්‍රාඩමස් සමඟ සම්බන්ධ වීමට තීරණය කිරීමට පෙර, විනාශකාරී අනාවැකියකට වඩා කාරුණික වචනයක් බෙදා ගන්න. අවසානයේදී ඔබට හොඳක් දැනෙනු ඇත. එසේම ඉදිරි දිනවලදී අපට ලබා ගත හැකි සියලු උපකාර අවශ්‍ය වන අපගෙන් බොහෝ දෙනෙකුට අවශ්‍ය වනු ඇත‘ නොට්‍රේ ඩේම් දේවධර්මාචාර්ය ලෙහ්නර් පවසයි.

    By, CNN – Updated March 22, 2020 – සැකසුම – තුෂාධවි

  • ලෝකේ සතුටෙන් – අසතුටෙන් සිටින රටවල් අතර ලංකාව 131ට

    ලෝකේ සතුටෙන් – අසතුටෙන් සිටින රටවල් අතර ලංකාව 131ට

    එක්සත් ජාතීන්ගේ නවතම ‘ලෝක සන්තෝෂ වාර්තාව United Nations’ latest World Happiness Report පසුගිය සිකුරාදා (20) නිකුත් කරනු ලැබුවා. එම වාර්තාව අනුව අඛණ්ඩව තෙවැනි වරටත් ලොව ප්‍රීතිමත්ම රට ලෙස ෆින්ලන්ත නම් කර තිබුණා.

    ෆින්ලන්තයට පසුව 2. ඩෙන්මාර්කය 3. ස්විට්සර්ලන්තය 4. අයිස්ලන්තය 5. නෝර්වේ 6. නෙදර්ලන්තය7. ස්වීඩනය 8. නවසීලන්තය 9. ඔස්ට්‍රියාව10. ලක්සම්බර්ග් යන රාජ්‍ය ලෝක සන්තෝෂ දර්ශකයේ මුල්ම රටවල් 10 අතර හිමිකම් කීවා.

    මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව පසුවන්නේ 131 වැනි ස්ථානයේයි.

    එක්සත් ජාතීන්ගේ වාර්ෂික ජාත්‍යන්තර සතුටු දිනය  වන මාර්තු 20 වන දින එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය විසින් මෙම වාර්තාව නිකුත් කළා. යහපැවැත්මට සහාය වන ප්‍රධාන විචල්‍යයන් හයක් මත රටවල් ශ්‍රේණිගත කර ඇති මෙම වාර්තාව මගින් ආදායම, නිදහස, විශ්වාසය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, සමාජ සහයෝගය සහ ත්‍යාගශීලීභාවය විමසා බලා තිබෙනවා.

    වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා හෙල්සින්කි හි ජට්කසාරි ප්‍රාථමික පාසල සහ ක්‍රීඩා පහසුකම් වසා ඇත.
    කොරෝන වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා හෙල්සින්කි හි ජට්කසාරි ප්‍රාථමික පාසල සහ ක්‍රීඩා පහසුකම් වසා ඇති අයුරු

    මෙම ලිපියේ කතුවරයා වන සැමුවෙල් කොපෙරොයිනන් ජීවත් වන්නේ ෆින්ලන්තයේ. තම රට ලෝකයේ ප්‍රීතිමත්ම ජනතාව වෙසෙන රට වන්නේ කෙසේ දැයි පැහැදිලි කරමින් ඔහු පැවසුවේ “යහපැවැත්මේ විශාල කොටසක් නියෝජනය කරන්නේ හොද තත්ත්වයේ මහජන සෞඛ්‍ය සේවාව විසින් ” බවයි. 

    ‘‘ෆින්ලන්ත වැසියන්ට රෝගාබාධ හා ආබාධිත තත්ත්වයන් ඇති වුවහොත් අපට ප්‍රතිකාර ලැබෙනු ඇතැයි යන හැඟීම ඇත. එහි ගුණාත්මකභාවය ගැන අපි විශ්වාස කරමු. අපගේ සමාජ ආරක්ෂණ ජාලය වැදගත් ය. අපගේ රැකියාව අහිමි වුවහොත්, අසනීප වුවහොත් හෝ [අපේ] දරුවන් අසනීප වුවහොත් එය අපට උපකාරී වේ. අපට ආදායම අහිමි වනු ඇත, නමුත් අපට වන්දි ලබා ගත හැකියි. එය අපගේ දෛනික පරිභෝජනය නොනැසී පවත්වා ගැනීමට උපකාරී වේ. සෞඛ්‍යාරක්ෂාව, ළමා රැකවරණය, අධ්‍යාපන ක්‍රමය සහ විරැකියා ප්‍රතිලාභ පමණක් නොව, යහපත් සමාජයක් සඳහා, විශේෂයෙන් නොසන්සුන් කාලයකදී වුණත් එය ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. ප්‍රාදේශීය මහ නගර සභා සහ පල්ලි ඔවුන්ගේ සාමාජිකයින් සඳහා ආධාර සහ ආධාර වැඩසටහන් සංවිධානය කරයි,” කොපෙරොයිනන් පැවසීය.  “මිනිසුන්ට ඔබේ අසල්වැසියාගෙන් උදව් ලබා ගැනීමට සහ ඉල්ලීමට හැකිය.”

    ‘එය ඉතා දැඩි පාලන තන්ත්‍රයක්’

    මාර්තු 14 වන දින නෙදර්ලන්තයේ වාසෙනාර් හි සුපිරි වෙළඳසැලක දී සාප්පු හිමියන්ට හිස් රාක්කවලට මුහුණ පෑමට සිදුවේ.
    මාර්තු 14 වන දින නෙදර්ලන්තයේ වාසෙනාර් හි සුපිරි වෙළඳසැලක රාක්ක හිස් වී ඇති අයුරු

    සන්තෝෂය මෙම රටවල් මුහුණ දී ඇති නව කොරෝන වෛරස අවදානමට පිළියමක් නොවන බව ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් සහ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ තිරසාර සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සම-කර්තෘ  ජෙප්රි සැක්ස් පවසයි. 

    “සෞඛ්‍ය පද්ධතිවලට තනිවම මුහුණ දිය නොහැක. ඉදිරි සතිවල ප්‍රධාන පියවර වනුයේ සමාජ දුරස්ථභාවය, ස්වයං හුදකලාව, නිරෝධායනය, තැනින් තැන නවාතැන් ගැනීම සහ වසා දැමීමයි. (හොඳින් සිදු කළ හොත් ) ඒවා සමාජ හා ආර්ථික ජීවිතයේ ප්‍රධාන කොටස් වේ. එය ඉතා දැඩි පාලන තන්ත්‍රයක්. එය ක්‍රියාත්මක කිරීමට හා අනුගමනය කිරීමට අපහසු සහ කෙටිකාලීනව ඉහළ ආර්ථික පිරිවැයක් දරයි. මේ සියල්ලම කරනුයේ මරණ ව්‍යසනයකින් වැළකී සිටීමයි” ඔහු පැවසීය. 

    “මෙම වසංගතයට එරෙහිව ඉතාමත් ශක්තිමත් හා ඵලදායී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන හෙයින් හොඳින් ක්‍රියාත්මක වන රජයන් වඩා හොඳ ප්‍රතිඵල ලබා දෙනු ඇතැයි මට විශ්වාසයි. ඊට වෙනස්ව, ලෝක සතුට පිළිබඳ වාර්තාවේ 18 වන ස්ථානයේ සිටින එක්සත් ජනපදයේ තත්ත්වය අවුල් සහගත යි” ඔහු පැවසීය. 

    “මෙම අවස්ථාවේ දී එය, ඇමෙරිකාව පිළිබිඹු කරන්නේ රජය කෙරෙහි ඇති අඩු විශ්වාසය සහ අඩු කාර්යසාධනයයි”

    ස්වීඩනයේ ස්ටොක්හෝම් නගර මධ්‍යයේ පිහිටි මෙම සාප්පු සංකීර්ණය මාර්තු 17 වන දින පාළු විය.
    ස්වීඩනයේ ස්ටොක්හෝම් නගර මධ්‍යයේ පිහිටි මෙම සාප්පු සංකීර්ණය මාර්තු 17 වන දින පාළු විය.

    කොරෝනා වයිරසය වැනි වසංගතයක් රටක පදිංචිකරුවන්ගේ සෞඛ්‍යයට හා ආදායමට පහර දෙන විට, “ඉහළ විශ්වාසයකින් යුත් සමාජයක පුරවැසියන් ස්වභාවිකවම හානිය පිළිසකර කර වඩා හොඳ ජීවිත නැවත ගොඩනඟා ගැනීම සඳහා එකට වැඩ කිරීමට සහයෝගිතා ක්‍රම සොයති” යනුවෙන් World Happiness Report හි දැක්වේ. 

    “මෙය ඇතැම් විට නොවිසඳුනු ව්‍යසනයන් ලෙස පෙනෙන්නට තිබුණත්, පුදුම සහගත ලෙස සතුට වැඩි කිරීමට හේතු වී තිබේ. වඩාත්ම නිරන්තර පැහැදිලි කිරීම නම්, අසල්වැසියන්ට සහ ඔවුන්ගේ ආයතනවලට එකිනෙකාට උපකාර කිරීම සඳහා සහයෝගයෙන් වැඩ කිරීමට මිනිසුන් දක්වන කැමැත්ත ගැන ජනතාව පුදුමයට පත්වන බවයි. මෙමඟින් අයිතිවාසිකම් පිළිබඳ ඉහළ හැඟීමක් සහ අඩුකිරීමක් මඟින් ඔවුන්ට ලබා ගත හැකි දේ ගැන ආඩම්බර වේ. මෙම වාසි සමහර විට ද්‍රව්‍යමය පාඩු පියවා ගැනීමට තරම් විශාල වේ”

    ෆින්ලන්ත ජාතික ගුරුවරයකු වන විලේ ජුටෙල් මෙම ප්‍රකාශය සමග එකඟ විය. ඔහු ෆින්ලන්ත රජය පරිපූර්ණ යැයි නොසිතයි, නමුත් ඔහු කියා සිටියේ මෙම අර්බුදය තුළ වත්මන් පරිපාලනය උපරිමයෙන් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

    “සමහර විට නැවත සලකා බැලීමේදී යමෙකුට කලින් හෝ පසුව කළ යුතුව තිබූ හෝ ආපසු හැරවිය නොහැකි දේවල් සොයා ගත හැකියි” ඔහු පැවසීය.

    “නමුත් මෙවැනි අර්බුදයකදී, ඔවුන් සතුව ඇති තොරතුරු සමඟ ක්‍රියා කළ යුතු අතර ඔවුන්ට අනාගතය දැකිය නොහැක. තවද සියලු වර්ධනයන් 100% ක නිශ්චිතභාවයකින් තක්සේරු කළ නොහැක. එබැවින් ඔවුන් උපරිමයෙන් හා ඔවුන්ට හැකි සෑම දෙයක්ම කරනු ඇතැයි මම විශ්වාස කරමි . “

    සුපිරි බලවතුන් සතුටු වන්නේ නැත

    මාර්තු 17 වන දින ලන්ඩනයේ තේම්ස් නදිය හරහා පදිකයින් නිහ quiet මිලේනියම් අඩි පාලමක් තරණය කරයි.
    මාර්තු 17 වන දින ලන්ඩනයේ තේම්ස් නදිය හරහා පදිකයින් නිහඩව පාලමක් තරණය කරයි

    කොරෝනා වයිරසයේ බලපෑමෙන් තොරව වුවද, ලෝකයේ විශාලතම ආර්ථිකයන් කිසිවක් ඉහළම ශ්‍රේණිගත කිරීම් 10 අතරට පැමිණියේ නැත. එක්සත් රාජධානිය 13 වන ස්ථානයට පත්ව ඇති අතර එය පසුගිය වසරේ 15 වන ස්ථානයට වඩා ඉහළ අගයක් ගත් අතර ජර්මනිය දෙවන වරටත් අඛණ්ඩව 17 වන ස්ථානයේ රැඳී සිටියේය. ජපානය 62 වන ස්ථානයට පැමිණියේය (58 වන ස්ථානයේ සිට පහළට); රුසියාව 73 වන ස්ථානයට පැමිණියේය (68 වන ස්ථානයේ සිට පහළට); චීනය 94 වන ස්ථානයට පැමිණියේය (93 වන ස්ථානයේ සිට පහළට).

    වර්ණාවලියේ අනෙක් පැත්තෙන් ඇෆ්ගනිස්ථානයේ ජනතාව ඔවුන්ගේ ජීවිත ගැන වඩාත්ම අසතුටින් සිටින බව රටවල් 153 කින් 153 වැනි ස්ථානයට පත්වීම මගින්ම සනාථ වේ. සමීක්ෂණයට අනුව දකුණු සුඩානය (152 වන ස්ථානය), සිම්බාබ්වේ (151 වන ස්ථානය), රුවන්ඩාව (150 වැනි ස්ථානය) සහ මධ්‍යම අප්‍රිකානු ජනරජය (149 වන ස්ථානය) හිමිකර ගෙන ඇත.

    එය ආරම්භ වූයේ භූතානයෙනි

    කුඩා භූතානයේ අග්‍රාමාත්‍යවරයා ලෝක සතුට දිනය දියත් කිරීමේ ගෞරවය හිමි වේ.

    කුඩා භූතානයේ ෂටර්ස්ටොක් අග්‍රාමාත්‍යවරයාට ලෝක සතුට දිනය දියත් කිරීමේ ගෞරවය හිමි වේ. ඔහු 2011 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලෝක සන්තෝෂ දිනයක් යෝජනා කළ අතර එය යහපැවැත්මේ මිනුමක් ලෙස සතුට කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කළේය.

    2012 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මාර්තු මස 20 වැනිදා ලෝක සන්තෝෂ දිනය ලෙස ප්‍රකාශයට පත් කරමින්, “ලොව පුරා සිටින මිනිසුන්ගේ ජීවිතවල විශ්වීය අරමුණු හා අභිලාෂයන් ලෙස සතුට හා යහපැවැත්මේ අදාළත්වය සහ රාජ්‍ය ප්‍රතිපත්ති අරමුණු තුළ ඔවුන් පිළිගැනීමේ වැදගත්කම පිළිගත්තේය.

    මෙම වාර්තාව 2012 සිට එළිදැක්වූ අටවන අවස්ථාවයි. ලෝකයේ ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීම ලැබුණේ ගැලප් ලෝක මත විමසුම Gallup World Poll ඇතුළු රටවල් 156 ක සමීක්ෂණවල දත්ත විශ්ලේෂණය කිරීමෙනි.

    ලෝකයේ ප්‍රීතිමත්ම රටවල්

    1. ෆින්ලන්තය 2. ඩෙන්මාර්කය 3. ස්විට්සර්ලන්තය 4. අයිස්ලන්තය5. නෝර්වේ6. නෙදර්ලන්තය7. ස්වීඩනය8. නවසීලන්තය9. ඔස්ට්‍රියාව10. ලක්සම්බර්ග්

    ලෝකයේ අවම සතුටුදායක රටවල්

    1. ඇෆ්ගනිස්ථානය 2. දකුණු සුඩානය 3. සිම්බාබ්වේ 4. රුවන්ඩාව 5. මධ්‍යම අප්‍රිකානු ජනරජය 6. ටැන්සානියාව 7. බොට්ස්වානා 8. යේමනය 9. මලාවි 10. ඉන්දියාව

    2020 මාර්තු 20 වැනිදා සී.එන්.එන්. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ තුෂාධවි