Category: සුපිරි Cases

  • ඔස්ට්‍රේලියානු රග්බි ක‍්‍රීඩකයා තම බිරිය සහ බිළිදු දරුවන්  තිදෙනාම ඝාතනය කරලා

    ඔස්ට්‍රේලියානු රග්බි ක‍්‍රීඩකයා තම බිරිය සහ බිළිදු දරුවන් තිදෙනාම ඝාතනය කරලා

    මෝටර් රථයට ගිනි තබා “උමතුවෙන් මරා දැමුණු ” කාන්තාවක සහ ඇයගේ දරුවන් තිදෙනා ගැන ඔස්ට්‍රේලියාව දැඩි ලෙස ශෝකයට පත්ව ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි.

    හිටපු රග්බි ක්‍රීඩක රෝවන් බැක්ස්ටර් සිය සිරුරට පිහි පහර එල්ල කර සිය දිවි නසා ගැනීමට පෙර බ්‍රිස්බේන් නුවරදී අදාළ මෝටර් රථයට ගිනි තැබූ බවට සඳහන් වාර්තා තහවුරු කර ගැනීමට පොලිසිය ක්‍රියා කරමින් සිටී.

    කෙසේ වෙතත් මෙම සිද්ධිය පිටුපස ගෘහස්ත හිංසනය පිළිබඳ ඉතිහාසයක් ඇතැයි ඔවුහු සනාථ කළහ. ඝාතනයට ලක් වූවන් වන්නේ 31 හැවිරිදි හැනා බැක්ස්ටර් සහ ඇයගේ දරුවන්ය. මෙම සිද්ධියත් සමග ගෘහස්ත හිංසනය සම්බන්ධයෙන් එරට විරෝධතා මතු වී තිබේ.

    “නගරයට තදාසන්න වීදියක සිදු වූ මේ සිද්ධිය නිසා රට පුරා සිටින ඕස්ට්‍රේලියානුවන් කම්පනයටත්, කනගාටුවටත් පත්ව සිටිනවා” යැයි අගමැති මොරිසන් බ්‍රහස්පතින්දා දින (පෙබරවාරි 20) වාර්තාකරුවන්ට පැවසීය.

    “අනුකම්පා විරහිතව සහ උමතුවෙන් සිදු කළ දරුණු අපරාධයකින් හැනා සහ ඇගේ දරුවන් තිදෙනා ඝාතනය කර තිබෙනවා,” ඔහු පැවසුවේය.

    දරුවන් සහ ඔවුන්ගේ මව ඝාතනය කර ඇති අතර, රෝවන් බැක්ස්ටර්ගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් නොමැති බව ක්වීන්ස්ලන්ඩ් පොලිසිය පැවසීය.

    “වර්තමානයේදී පවුල් සංස්ථා තුළ දකින්න ලැබෙන දැඩි කෝපය සහ ගෘහස්ත හිංසනය පුද්ගලයන් පස් දෙනෙකුගේ මරණයට හේතු වී තිබෙනවා,” පොලිස් නිලධාරී මාර්ක් තොම්සන් පැවසීය.

    බදාදා (පෙබරවාරි 19) කෑම්ප් හිල් ප්‍රදේශයේ සිදු වූ මෙම සිද්ධිය ගැන පොලිසියට දැනුම් දී ඇත්තේ එරට වේලාවෙන් උදෑසන 8.30ටය.

    Hannah Baxter
    මෝටර් රථයට සම්පූර්ණයෙන් ගිනි ඇවිලී තිබුණු බව පොලිසිය පවසයි

    ඔවුන්ගේ දරුවන් වන සය හැවිදිරි ලියානා, අවුරුදු හතරක් වයසැති ආලියා, තුන් හැවිදිරි ට්‍රේ මෝටර් රථය තුළ මියගොස් සිටි අතර, මව හැනා බැක්ස්ටර් ඒ අසල බිම ගින්නෙන් දැවෙමින් සිට ඇත. දැඩි පිළිස්සුම් තුවාල ලැබූ ඇය රෝහල්ගත කළ පසු මිය ගියාය.

    ඔවුන්ට පිහිට වීම සඳහා දිව ආ පුද්ගලයන්ට “ඔහු මට පෙට්‍රල් වත් කළා.. මගේ දරුවන් බේරා ගන්න” යැයි ඇය කෑ ගැසූ බව සාක්ෂිකරුවන් ඔස්ට්‍රේලියානු මාධ්‍යයට පවසා ඇත.

    සහයට පැමිණි පුද්ගලයන් වළක්වා ලූ 42 හැවිරිදි රෝවන් බැක්ස්ටර් මෝටර් රථය තුළින් පිටතට ගත් පිහියකින් සිය සිරුරට ඇන සිය දිවි හානි කර ගත් බව ඔවුහු පැවසූහ. හදිසි සේවා අංශවලට ඔහුගේ දිවි ගලවාගත නොහැකි විය.ො

    සිද්ධිය වන අවස්ථාවේ මෝටර් රථය පදවමින් සිට ඇත්තේ හැනා බැක්ස්ටර් බව පොලිසිය පවසයි.

    වින්දිතයින් ගැන දන්නේ කුමක්ද?

    හැනා බැක්ස්ටර් මින් පෙර ගෘහස්ත හිංසනය සම්බන්ධ ගැටලුවලට පවුල් සේවාවන්ගේ සහය ලබාගෙන ඇති අතර, අධිකරණ නියෝග ගණනාවක් ද ලබාගෙන ඇතැයි පොලිසිය පැවසීය.

    Hannah Baxter
    “ඇයගේ ජීවිතය වුණේ ඇයගේ දරුවන්”

    හැනා බැක්ස්ටර් හෙවත් හැනා ක්ලාක් තම සැමියාගෙන් වෙන්වීමෙන් පසු දරුවන් ද සමග කෑම්ප් හිල්හි පිහිටි ඇයගේ දෙමාපියන්ගේ නිවසට පසුගිය වසරේදී පදිංචියට ගොස් තිබේ. දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ඔවුන් දෙදෙනා සාකච්ඡා කරමින් සිට ඇත.

    “ඇය ඔවුන්ට දැඩි ලෙස ආදරය කළා. ඔවුන් ආරක්ෂා කර ගැනීමට ඇය හැකි සෑම දෙයක් ම කරමින් සිටියා,” ඇයගේ මිතුරිය වන කේයිට්ලින් ලැන්ග්ෆර්ඩ් ඔස්ට්‍රේලියානු මාධ්‍යවලට පැවසුවාය.

    “හැනාව මේ රාක්ෂයාගෙන් බේරා ගැනීමට උත්සාහ කරලා ම ඇයගේ දෙමාපියන් දැඩි වෙහෙසට පත් වෙලා,” යැයි අවමංගල්‍ය වියදම් සඳහා අන්තර්ජාලය ඔස්සේ අරමුදල් රැස් කරන ඥාතියෙකු පැවසීය.

    “හැනාව හඳුනන අය හෝ එක් වරක් ඇය මුණගැසී ඇති සියල්ලන් ම දන්නවා ඇති ඇය කෙතරම් සුන්දර ආත්මයක් තිබෙන පුද්ගලයෙක් ද කියලා. ඇයගේ ජීවිතය වුණේ ඇයගේ දරුවන්,” යැයි හැනාගේ නෑනා වන ස්ටේසි රොබට්ස් පැවසුවාය.

    රෝවන් බැක්ස්ටර් මීට පෙර ඕක්ලන්ඩ්හි ‘නවසීලන්ත වොරියර්ස්’ රග්බි ලීග් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. මෑතකදී ඔහු සිය බිරිඳ සමග බ්‍රිස්බේන් නගරයට නැගෙනහිරින් පිහිටි ‘කපලාබා’ ප්‍රදේශයේ ව්‍යායාම මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබිණි.

    ව්‍යායාම් මධ්‍යස්ථාන වෙබ් අඩවියේ හැනා බැක්ස්ටර් හඳුන්වා ඇත්තේ, “උනන්දු, උද්‍යෝගිමත් තිදරු මවක්” සහ ජාත්‍යන්තර පදක්කම් දිනාගත් ප්‍රාන්ත ට්‍රැම්පොලින් ශූරියක ලෙසිනි.

    ප්‍රතිචාර මොනවා ද?

    වින්දිතයින් වෙනුවෙන් උපහාර බොහොමයක් සංවිධානය කර තිබුණු අතර, #HannahBaxter හෑෂ් ටැගය ඔස්ට්‍රේලියානු ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තුළ විශාල වශයෙන් ජනප්‍රිය වී තිබේ.

    කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ දැඩි කනස්සල්ල, කෝපය සහ බලාපොරොත්තු සුන්වීම් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබේ.

    Hannah Baxter

    සංඛ්‍යා ලේඛන කාර්යාංශයට අනුව ඔස්ට්‍රේලියාව තුළ සාමාන්‍යයෙන් සතියකට එක් කාන්තාවක් සිය වත්මන් හෝ හිටපු පිරිමි සහකරුවෙකු විසින් ඝාතනය කරනු ලබයි.

    “#HannahBaxter සහ ඇයගේ කුඩා දරුවන් තිදෙනා අද ඉතාමත් ම නින්දිත ලෙස මිය ගියා. ඔවුන් ආරක්ෂිතව සිටිය යුතුව තිබුණා. අහිමි වූ ජීවිත ගැන දුක් වන අතර අපේ සිතුවිලි ඔවුන්ගේ පවුලේ අය, මිතුරන් සහ ප්‍රජාව සමග බව දන්වා සිටිනවා,” හිටපු ඔලිම්පික් පාපැදි ක්‍රීඩක ට්‍රේසි ගෝඩ්රි පැවසීය.

    “තවත් සතියකදී තවත් මිනිසෙක් සිය බිරිඳ සහ පවුල විනාශ කරලා. ඔස්ට්‍රේලියාව, අපි මේ ගැන කතා කළ යුතුයි,” යැයි ඕස්ට්‍රේලියානු කවියෙකු වන රොබ් ස්කොට් පැවසුවේය.

    කාන්තාවන් සහ ළමුන් ගොදුරු වූ ඉහළ ගණයේ මිනීමැරුම් නඩු ගොන්නට මෙම නඩුව ද එකතු වී තිබේ.

    2018දී තම බිරිඳ, දරුවන් තිදෙනා සහ ඔවුන්ගේ මිත්තණිය නිවස තුළදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පර්ත්හි පදිංචිව සිටි පුද්ගලයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට පසුගිය ජූලි මස අධිකරණය තීන්දු කළේය.

    text by BBC sandesaya

  • රන්ජන්ගේ ගිනි අවියෙන් ගිනි පත්තුවෙයි..! රන්ජන්ට බඩු බනිස් වන ලකුණු

    රන්ජන්ගේ ගිනි අවියෙන් ගිනි පත්තුවෙයි..! රන්ජන්ට බඩු බනිස් වන ලකුණු

    රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී හමුවූ බලපත්‍ර අලුත් නොකළ ගිනි අවිය සක්‍රීය ව භාවිතා කර ඇති බව රජයේ රස පරීක්ෂකවරයාට නිරීක්ෂණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශ කළේය.

    අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාල ගිනි අවිය භාවිත කර යම් අපරාධයක් සිදුකර ඇත්තේa ද යන්න විමර්ශනයක් කරන බවයි.

    ඔහු අද දහවල් 12ට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන ගියේය.

    ඒ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී බලපත්‍ර අලුත් නොකළ ගිනි අවිය සහ ජීව උණ්ඩ 118ට අදාල නීති කෘත්‍යය අද යළි කැදවූ අවස්ථාවට ඉදිරිපත් කිරීම සදහායි.

    කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

    එමෙන්ම මන්ත්‍රීවරයාගේ ගිනි අවිය සහ ජීව උණ්ඩ 118 සම්බන්ධ රස පරික්ෂක වාර්තාව කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබී ඇති බව එහි නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළා.

    කොළඹ අපරාධ කොට්ඨාශය පැවසුවේ, රස පරීක්ෂක වාර්තාවට අනුව, ගිනි අවිය සක්‍රීයව භාවිතා කර ඇති බවටත් ඉන් වෙඩි බෙහෙත් සුවඳ වහනය වූ බවටත් රස පරීක්ෂක වාර්තාවේ සඳහන් බවයි.

    ඒ අනුව අදාල ගිනි අවිය භාවිත කර යම් අපරාධයක් සිදුකර ඇත්තේ ද යන්න පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව එම නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේය.

    ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ ගිනි අවිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා කැඳවා ඇති නිසා ගිනි අවිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලෙසයි.

    විත්තියේ නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා, කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ තිබෙන සිය සේවා දායකයාගේ නිල ජංගම දුරකථනය සහ සිම් කාඩ් පත මුදා හැරීමට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පැවසුවේ සැකකරු දුරකථන සංවාද පටිගත කර ඇත්තේ මෙම දුරකථනය හරහා වන බැවින් විමර්ශන අවසන් වනතෙක් එය මුදාහැරීමට නොහැකි බවයි.

    තම සේවාදායකයා මහජන නියෝජිතයෙකු වන බැවින් ඔහුගේ සියලු දුරකථන දත්තයන් සහ දුරකථන සම්බන්ධතා පොලිස් භාරයේ ඇති දුරකතනයේ අඩංගු සිම් කාඩ් පතෙහි අන්තර්ගත වන බැවින් එම සිම් කාඩ්පත් අංකය ට සමාන සිම් පතක් ගැනීමට අවසර දෙන ලෙස රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා යළි අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

    ඒ පිළිබඳව නීතිපති උපදෙස් ගෙන අධිකරණයට දැනුම් දෙන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නඩුව ලබන 12 වැනිදාට යළි කැදවීමට නියෝග කළේය.

    අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර මන්ත්‍රීවරයාව අද දින පැවැති පාර්ලිමේන්තු සැසිවාරය සදහා පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආ අතර එහිදී ඔහු කෝප් කමිටු රැස්වීමට ද සහභාගි විය.

  • ආතල් ගන්න කලින් බඩු බනිස් වෙයි.. රන්ජගේ ඇපෙන් ගෝඨාගේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි.. දැන් Voice Cut උස්සන් දඟලයි

    ආතල් ගන්න කලින් බඩු බනිස් වෙයි.. රන්ජගේ ඇපෙන් ගෝඨාගේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි.. දැන් Voice Cut උස්සන් දඟලයි

    රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බව පෙනීයයි.

    දේශපාලනිකව පළිගැනීමේ අභිලාෂයෙන් අවසන් කළ නඩු යළි කැඳවමින්, වැල කතා, බඩු කතා ඇති සීඩී පට සොයමින්, මාධ්‍ය හමුවක් කිරීමට අවශ්‍ය අයට ඉඩ පහසුකම් සැපයීම වරදක් බව පෙන්වමින් චෝදනා නැති කමට පිදුරු ගසෙත් එල්ලී අත් අඩංගුවට ගෙන නඩු දමන ගෝඨා ප්‍රමුඛ ආණ්ඩුවේ දඩයම් නාටකය මේ වන විට විකට නාටකයක් බවට පත්ව ඇත. එය සක්සුදක් සේ පැහැදිලි වූයේ කිසිඳු අල්ලස්, දූෂණ චෝදනාවක් අහලකවත් නැති රන්ජන් වැන්නෙකුට රජයෙන්ම ලබාදුන් නීත්‍යානුකූල ගිනි අවියේ බලපත්‍රය කල් ඉකුත් වී ඇතැයි පවසමින් සිදුකළ අත් අඩංගුවට ගැනීමත් සමඟය. කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහුට පැය 24ක් යන්නත් මත්තෙන් ඇප නියම විය.

    ජනාධිපතිවරණය පෙර වැඩ කරන විරුවා යැයි පැවසූ ගෝඨාභය මේ වන විට දඩයම් කරන විරුවෙකු බවට පත්වෙමින් සිටී. තමාට එරෙහි රටේ ප්‍රබලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත් අඩංගුවට පත්වෙද්දී ජනාධිපතිවරයා වශයෙන් ඒවා ඔහුගේ අනුදැනුමකින් තොරව වූවා යැ’යි පවසමින් කෙසේ නම් අත්මිදෙන්නද..?

    ගෙවී ගිය දින 50 තුළ ගෝඨාගේ දඩයම් ආණ්ඩුව කිසිඳු සැලකිය යුතු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ නොකළ අතර සිදුකළේ දේශපාලන දඩයම් වලින් මාධ්‍යවල ශීර්ෂපාඨ පිරවීම පමණක් වන අතර මේ වන විට එම නාටකවලට හඬපටද එක් කිරීමට පටන් ගෙන ඇත.

  • වැඩ කරන රටකට බයිලා ගසමින් පැමිණි ගෝඨා පෙරටුව ගෝඨාගේ සහචරයින් සහ කහකඩයින් දේශපාලන දඩයමේ.. අලුත්ම ගොඳුර රන්ජා..

    වැඩ කරන රටකට බයිලා ගසමින් පැමිණි ගෝඨා පෙරටුව ගෝඨාගේ සහචරයින් සහ කහකඩයින් දේශපාලන දඩයමේ.. අලුත්ම ගොඳුර රන්ජා..

    රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බවක් පෙනීයයි. අද(04) එහි වාර්තාවන අලුත්ම ගොඳුර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකය.

    මේ සම්බන්ධයෙන් වන තොරතුරුවල සදහන් වන්නේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් සෝදිසි කළ අවස්ථාවේ එහි තිබූ බලපත්‍ර නොමැති නයින් එම්ගඑම්ග වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ 118ක් සහ රජයට අපහාස කිරීමේ ප්‍රකාශ ඇතුළත් CD හා DVD තැටි කීපයක් හමුවී ඇති බවයි.

    මෙම පිස්තෝලය රංජන් රාමනායක මහතා වෙත රජයෙන් නිකුත් කර තිබූ එකක් වුවද 2016 වර්ෂයේදී එහි බලපත්‍ර අහෝසි වී ඇතැයි පොලීසිය සදහන් කළා.

    බලපත්‍රයක් නොමැතිව එම ගිනිඅවිය හා උණ්ඩ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ඒවා පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සදහන් කරනවා.

    සැකපිට අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයට රැුගෙන ගොස් ඇති බවත් ඔහු හෙට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා.

    මේ අතර නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව අද පෙරවරුවේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරය‍ාගේ මන්ත‍්‍රී නිල නිවස පරීක්ෂා කළ බව පොලිසිය කියනවා. රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සෝදිසි කිරීම් කරන ලද බවයි පොලිසිය සදහන් කළේ.

    මීට පෙර 2016 දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා ද ‘සුදුවෑන්’ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද අත්අඩංගුවට ගත්තා.

  • මචං, Is this අම්පිටියේ සුමන.. OR අoපිටියේ සුමන!

    මචං, Is this අම්පිටියේ සුමන.. OR අoපිටියේ සුමන!

    පසුගිය කාලයේ මෙරට වේගයෙන් ව්‍යාප්ත වූ මැර භික්ෂු නිකායේ එක් පාර්ශ්වයක ප්‍රධානයෙක් වන අම්පිටියේ සුමන නම් හිමිනම විසින් වෙනත් ආගමක පුද්ගලයෙකුට පහර දෙමින් අඩන්තේට්ටම් කරන වීඩියෝවක් නිකුත් කර තිබේ. නීතිය අතට ගැනීමේ මැර භික්ෂු සම්ප්‍රදාය දැන් පටිගත කර සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීමට නිර්භීත වන තරමට ඉතිර පැතිර තිබේ. අප ජීවත් වන්නේ ලිඛිත ව්‍යවස්ථාවකින් සම්පාදනය කළ නීති ක්‍රියාත්මක කෙරෙන ශිෂ්ට සමාජයක දැ යි දෙවරක් සිතා බැලීමට සිදු වන තත්වයක් උද්ගත වී තිබේ. මේ පොළා පනිමින් තිබෙන්නේ පසුගිය කාලය පුරා කිසිදු නීතියකින්-රීතියකින් තොරව ඔජ වැඩූ සිංහල බෞද්ධ අන්තවාදයේ කූටප්‍රාප්තිය යි.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්වන්නේ නම් ප්‍රචණ්ඩ බෞද්ධත්වය කරළිගත වනු ඇතැ යි සමහර දෙනා කළ ප්‍රකාශයන් ඉතා ඉක්මනින් සත්‍යය බවට පත් වෙන ලකුණු දකින්නට තිබේ. එහි අලුත් ම ලකුණ ලෙස අසන්නට ලැබෙන්නේ ගේට්ටු ඇණයේ සිට අභ්‍යවකාශ විද්‍යාව දක්වා ඕනෑ ම දෙයක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් තබා සිය අදහස පළ කරන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නම් හිමිනමට සංස්කෘතික අධ්‍යක්ෂ ධුරයක් ලබා දීම යි. පසුගිය රාජපක්ෂ රජය සමයේ ද විමල් වීරවංශ අමාත්‍යවරයා යටතේ පැවැති නිවාස අමාත්‍යංශයේ වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් මෙකී හිමියන්ට චෝදනා එල්ල වූවා පමණක් නොව ඔහු නායකත්වය දුන් සංවිධානය ද ගිණිය හැක්කේ අන්තවාදී ආගමික සංවිධානයක් ලෙස ය.

    දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් උක්ත ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ලියූ කෘතියක් මැදගොඩ අභයතිස්ස හිමිනමගේ දැඩි විවේචනයට බඳුන් වූ අතර ඒ මැදිහත් වීම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සමාජ ජාල පරිශීලකයන් අතින් විවේචනයට ද ලක් විය. පුරවැසියන්ගේ ලෞකික ජීවිතයේ සකලාංශයන්ට ආගමික සංස්ථාවේ නොමනා මැදිහත්වීම් සම්බන්ධයෙන් අප මෙයට කලින් ද බහුල වශයෙන් ලියා තිබේ. ඕනෑම ආගමික සංස්ථාවක් රටෙහි මූලික නීතියට ගරු කරමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරෙන් පැවතිය යුතු ය. කවරෙක් හෝ සිය ආගමික සංස්ථාවේ මූලික නියාමයන් පවා උල්ලංඝනය කරමින් හැසිරෙන්නේ නම් එය ආගමික වශයෙන් විසඳා ගැනීම ඔවුන්ට බාර දිය යුතු ය. එසේ ම කවර හෝ ආගමික සංස්ථාවකින් රටේ මූලික නීතිය උල්ලංඝනය වන්නේ නම්, ලංකාව ශිෂ්ට රටක් නම් සිදු විය යුත්තේ වෙනස් ආකාරයකින් සැලකීමකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමයි. එය මිනිසුන්ට තුච්ඡ ලෙස පහර දෙන මහණුන්ට සේ ම ආරක්ෂිත හිස්වැසුම් රහිතව යතුරු පැදි ධාවනය කරන පූජයකයන්ට ද එකසේ බලපැවැත්වෙන එකක් විය යුතු ය. කවර හෝ ආගමික සංස්ථාවකට තමන්ට අසාධාරණයක් වනනේ යැ යි හැඟෙන්නේ නම් බාහු බලය යෙදවිම නොව කළ යුත්තේ නීතියේ පිහිට පැතීම යි.

    පළමු නිදහස් උළෙලේ ද ද්විභාෂාවෙන් ගායනය වූ ජාතික ගීය මෙවර සිංහලෙන් පමණක් ගැයෙන බවක් අසන්නට තිබේ. ඒ අවුඅස්සේ අසන්නට දකින්නට ලැබෙන්නේ ද පෙර සඳහන් කළ ආකාරයේ සිදුවීම් ය. සිදුවීම් දිගින් දිගට ම සිදුවෙන්නේ මෙලෙස නම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ප්‍රතිපක්ෂයෙන් ඉදිරිපත් කළ පුරෝකථන ඉතා ඉක්මනින් යථාර්ථයක් වනු දකිත හැකි ය.

    සඳුන් ප්‍රියංකර විතානගේ

  • හිටපු ඇමති දොස්තර රාජිතට ලෙඩෙන් ගොඩයන්න බැරිවෙයි..

    හිටපු ඇමති දොස්තර රාජිතට ලෙඩෙන් ගොඩයන්න බැරිවෙයි..

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(27) දවහල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ නාරහේන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා සිටි රාජිත සේනාරත්න මහතා දින කිහිපයකට පසු ඊයේ රාත්‍රි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබුණි.

  • පාඨලී බලන්න ගිය SF කියූ මෙතෙක් නොඇසූ කතාව (වීඩියෝ)

    පාඨලී බලන්න ගිය SF කියූ මෙතෙක් නොඇසූ කතාව (වීඩියෝ)

    පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ දේශපාලන පළිගැනීමක් ලෙස බවත්, අදාළ අනතුර සිදුව ඇත්තේ ජීප් රථය පසුපස යතුරුපැදිය වැදීමෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයට සුව දුක් බැලීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

    ඒ මොහොතේ යතුරුපැදිය පැමිණියේ පැයට කිලෝමීටර් 170 ක පමණ වේගයෙන් බවද, එම යතුරු පැදිය අධික එන්ජින් ධාරිතාවකින් යුතු යතුරු පැදියක් බවක් නීතිය ක‍්‍රියාත්මක කල යුත්තේ යතුරුපැදිය පැදවූ පුද්ගලයාට බවද ඔහු තව දුරටත් පැවසීය.

  • චම්පිකගේ අපරාධය සැගවූ පොලිස් ලොක්කන් තුනකට වැඩ වරදී..

    චම්පිකගේ අපරාධය සැගවූ පොලිස් ලොක්කන් තුනකට වැඩ වරදී..

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමති චම්පික රණවක අතින් සිදු වූ බව කියන රිය අනතුර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඉදිරි දිනවලදී පොලිස් නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත යයි වාර්තාවේ.

    2016 වසරේ මෙම අනතුර සිදුවූ පසු රියදුරු ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නැවත විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

    මෙම සිදුවීම් විමර්ශනය සඳහා වෙනත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකු වහා යොදවා ඇති බව හෙළිව ඇති අතර එම අනතුර යට ගැසීම සඳහා ඉහල පොලිස් නිලධාරීන් දෙදෙනකු නියෝග කර ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට වාර්තා කර තිබිණි.

    ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් සහ ඉහළ පොලිස් නිලධාරියෙකුට මෙම චෝදනා එල්ල වී තිබෙන අතර ඔවුන් අවශ්‍යතාවය මත අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.

  • තනි රෝදයෙන් යතුරුපැදිය ධාවනය කළාට දඩය 50,000ක්‌

    තනි රෝදයෙන් යතුරුපැදිය ධාවනය කළාට දඩය 50,000ක්‌

    අපරීක්‌ෂාකාරී ලෙස යතුරුපැදියක්‌ තනි රෝදයෙන් ධාවනය කිරීම සහ රියෑදුරු බලපත්‍රයක්‌ නොමැතිව රිය ධාවනය යන චෝදනා දෙකට වරදකරු වූ යතුරුපැදිකරුට රුපියල් 50000 ක දඩයක්‌ මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා නියම කළේය.

    දෙවළපොල, බලබෝව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හෙට්‌ටිආරච්චිගේ සිනෙත් දීපන නමැති යතුරුපැදිකරුට මෙසේ දඩ නියම වූ අතර මිනුවන්ගොඩ පොලිසියේ රථ වාහන අංශයේ පො. කො. ප්‍රේමරත්න (73130) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.

  • හේෂා අත්අඩංගුවටගැනීමට නියෝග

    හේෂා අත්අඩංගුවටගැනීමට නියෝග

    දේපළ සම්බන්ධ නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම නිසා එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මගින් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් කේ. පී. ආර්. එල්. විදානගමගේ මහත්මිය ඊයේ (30දා) නියෝග කළාය.

    තමාට අයත් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ තිබෙන රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළක් හේෂා විතානගේ මන්ත‍්‍රීවරයා විසින් සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට කොළඹ ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ජේ. ඒ. අනුර මහේන්ද්‍ර නමැත්තා විසින් ඇඹිලිපිටිය පොලීසියට කළ පැමිණිල්ලක් මත මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. එම නඩුව සඳහා මන්ත‍්‍රීවරයා පසුගිය නඩු වාරයේ සහ නඩුව කැඳවූ ඊයේ දිනයේද අධිකරණය හමුවට පැමිණ සිටියේ නැත. මන්ත‍්‍රීවරයා වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක්ම පෙනී සිටි අතර පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ ශිරාශ් යූසුප් මහතා සහ නීතිඥ රසාංගා රන්මදු මහත්මිය පෙනී සිටියහ.

    මෙහිදී විත්තිකාර මන්ත‍්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ විත්තිකරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු බවත්, අද දිනයේ ඔහු වෙනුවෙන් ඔහුගේ මව හා පියා අධිකරණයට පැමිණ ඇති බවත්ය.

    කෙසේ වෙතත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාස් යූසුෆ් මහතා කරුණු දක්වමින් අධිකරණයට කියා සිටියේ විත්තිකරු කිසිදු හේතුවක් නොදක්වා වාර දෙකකදීම අධිකරණය හමුවේ පෙනී නොසිටි බවත්, නීතිය හදන ආයතනයේ සිටින කෙනකු හැටියටත් මන්ත‍්‍රීවරයකු ලෙසත් නීතියට ගරු කළ යුතු බවයි. එමෙන්ම මේ අය නීතියට අවනත නොවී වෙනත් අයට ප‍්‍රසිද්ධ වේදිකාවේ ජම්පර් අන්දන්න කතා කිරීම පුදුම සහගත බවද පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේය. මේ නිසා විත්තිකරුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අදාළ නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිල්ලේ නීතිඥ ශිරාස් යූසුෆ් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් කේ. පී. ආර්. එල්. විදානගමගේ මහත්මිය සැකකාර මන්ත‍්‍රීවරයා සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

  • මහබැංකු කොල්ලකරු අර්ජුන් මහේන්‍ද්‍රන් සිංගප්පූරුවෙන් ලංකාවට ආනයනය කරන්න සූදානම්!

    මහබැංකු කොල්ලකරු අර්ජුන් මහේන්‍ද්‍රන් සිංගප්පූරුවෙන් ලංකාවට ආනයනය කරන්න සූදානම්!

    මහබැංකු බැඳුම්කර නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (12) එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට බාරදී ඇත.
     
    සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා පේ‍්‍රමවර්ධන මහත්මිය වෙත අදාළ ලිපි ලේඛන ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පෙරේදා (11) භාරදුන් බවත් එම ලිපි ලේඛන ඊයේ (12) තානාපති කාර්යාලය මගින් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදුන් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
     
     මෙලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පිටු 21,000 කට අධික ලිපි ලේඛන ගොනුවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගිය 06 වැනිදා අත්සන් තැබීය.

  • ගෝඨාට කූට ලේඛණ හැදු බවට චෝදනා..

    ගෝඨාට කූට ලේඛණ හැදු බවට චෝදනා..

    ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියකුව නොසිටි බව කියන අවස්ථාවක ඔහුගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීම පිළිබඳව සඳහන්වන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතාට කරුණු දක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

    එමෙන්ම, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ද චමල් රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රකාශයක ලබාගැනීමටද නියමිතව ඇතැයි වාර්තා වේ.

    ශ්‍රී ලංකාවේ ඡන්ද අයිතිය ශ්‍රී ලංකා පුරවැසියන්ට පමණක් හිමවන අතර, ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන පුද්ගලයන් ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීමට කූඨලේඛන සකසා ඇතිද යන්න පිළිබඳ මෙහිදී පරීක්‍ෂණ කරමින් පවතියි.

    ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවූ අවස්ථාවක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම 2004/2005 ඡන්ද නාමලේඛනයට ඇතුළත් කර ඇති බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් කූඨලේඛන සැකසීම යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබූ අතර, වැඩ බලන පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ල මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඉවත් කරගත් කාලය හා එය යළි ලැබූ ආකාරය පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවන අවස්ථාවේදී ඒ මහතා 2005 ජනාධිපතිවරණයේදී පුරවැසියෙකු ලෙස ලියාපදිංචි වී ඡන්දය ප්‍රකාශ කළේද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස පරීක්‍ෂණ කිරීමට නියමිතය.

    එසේම මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන කාර්යාලයෙන් විමසීමක් කර ඇති බවද වාර්තා වේ.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කර ඇත්තේ නිවසේ ගෘහමුලිකයා ලෙස සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතාට මේ සම්බන්ධයෙක් කරුණු දක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවද ඒ මහතාට දැනුම්දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

  • දියණිය කෙළසා ඔහුගේ මිතුරෙකුට දියණිය බිලි දුන් නරුම සුළු පියෙක්‌

    දියණිය කෙළසා ඔහුගේ මිතුරෙකුට දියණිය බිලි දුන් නරුම සුළු පියෙක්‌

    අඹුසැමි ආරවුලකින් පියා වෙන් වී යැමෙන් පසුව මවගේ සෙවණේ ජීවත් වූ අවුරුදු 14 ක දැරියක්‌ මවගේ අනියම් පුරුෂයා අතින් කෙළිසී ගැබිනියක්‌ බවට පත්වීමේ ෙ€දජනක පුවතක්‌ බළන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් වාර්තා වේ.

    පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව සිද්ධිය මෙසේය. බිරිඳ, සිවිල් ආරක්‍ෂක භටයකු සම`ග අනියම් ඇසුරක්‌ පැවැත්වීම නිසා හට ගත් අර්බුදයෙන් පසු සැමියා තණමල්විල ප්‍රදේශයේ පදිංචියට ගියේය. ඒ වන විට අවුරුදු 14 වයසැති දැරිය මව භාරයේ සිටි අතර පසුව මව තම අනියම් සැමියා සමග එකට නිවසේ ජීවත් විය. ඒ අතරේදී සුළුපියා එම දැරිය පොළඹවා ගෙන අඹුසැමියන් සේ හැසිරී ඇත. දැරිය පාසල් යැමට මුදල් නොමැති වූ දිනක නිවසේ රැඳී සිටියදී පැමිණි සුළු පියා ඔහුගේ මිතුරකු වූ පලතුරු වෙළෙන්දෙක්‌ නිවසට කැඳවාගෙන විත් ඔහු සම`ග අඹුසැමියන් ලෙස හැසිරීමට දැරියට බලකර ඇත. ඇය ඊට අකැමැති වූ පසු රෙදි වැලේ ලණුව ලිහා දැරිය ඇඳට තබා බැඳ ඇයට අතවර කිරීමට නරුම මිතුරාට අවස්‌ථාව සලසා දී ඇත.

     ඉන්පසු වද වේදනාවට පත් වූ දැරිය මවටත් හොරෙන් පියා සොයා ගොස්‌ සිද්ධිය පවසා තිබේ. ඔහු දියණියද සම`ග ගොස්‌ මොනරාගල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දැරිය රෝහල් ගත කර ඇත. එහිදී ඇය ගැබිනියක්‌ බවට අනාවරණය වූ බැවින් ඇඹිලිපිටිය විශාකා ළමා නිවාසයට ඇතුළත් කර තිබේ. මෙහිදී අනියම් සැමියා හා දැරියගේ මව පොලිසියෙන් සොයා ගියත් ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොසිනි.

     අනියම් පුරුෂයාගේ මිතුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් බී. ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කළේ ස්‌ත්‍රී දූෂණ චෝදනාව මතය. මොහු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

     දැරියගේ මව හා අනියම් පුරුෂයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්‌ත්‍රාත්වරයා පොලිsසියට නියෝග කළේය.

     බළන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති පො. ප. ලෝරන්ස්‌ ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ පරිදි කාන්තා පොලිස්‌ පරීක්‍ෂිකා පාලිකා රාජපක්‍ෂ, පො. කො. (39448) නුවන් යන මහත්ම මහත්මීන් පරීක්‍ෂණ සිදු කරති. දැරියගේ මව අනියම් සැමියා සම`ග තැන්න, කල්තොට හොරකැටිය යන ප්‍රදේශවල කුලී නිවාසවල ජීවත් වූ බවට තොරතුරු අනාවරණය විය.

  • කංජිපානි ඇතුළේ හිටියත් කුඩු ජාවාරම් දිගටම ක‍්‍රියාත්මකයි

    කංජිපානි ඇතුළේ හිටියත් කුඩු ජාවාරම් දිගටම ක‍්‍රියාත්මකයි

    ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැුගෙන ඒමෙන් පසුව දැනට පොලිසිය භාරයේ සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ කුඩු ජාවාරම මේ වන විටත් පාකිස්තාන මත්කුඩු ජාලය හරහා සකී‍්‍රය ලෙස කි‍්‍රයාත්මක වන බව බුද්ධි අංශවලට වාර්තා වී තිබේ.

     රැඳවුම් භාරයේ සිටියදීම කංජිපානි ඉම්රාන් විසින් සිය මත්කුඩු ජාලයේ මෙරට ඒජන්තයන් දුරකථන ඔස්සේ අමතමින් සියල්ල මෙහෙයවමින් සිටින බවද බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත.

     ඩුබායිහි සැඟවී සිටින කාලයේදීත් කංජිපානි ඉම්රාන් සිය මත්කුඩු ජාවාරම කරගෙන ගියේ පාකිස්තාන කුඩු ජාලය ඔස්සේ බවටද පසුගිය දිනවල අනාවරණය වී තිබිණි.

     කංජිපානි ඉම්රාන් ඩුබායිහි සිටියදී සිය ගෝලබාලයන් යොදවා ශ‍්‍රී ලංකාවේ මිනිස් ඝාතන ගණනාවක් සිදු කළ බවට අනාවරණය වී තිබුණද, එම ඝාතනවලට යොදා ගත් ගිනිඅවි ඇතුළු අවි ආයුධ සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට ගැනීම මෙතෙක් සිදුව නැත.

     මෙසේ තිබියදී කංජිපානි රැු`දවුම් භාරයෙන් මුදාගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරවීමට ඔහුගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින අතර එම තත්ත්වය තුළ ඔහු බන්ධනාගාරගත කෙරුණහොත් මෙරට බන්ධනාගාර තුළ පවතින ¥ෂිත කි‍්‍රයාවලිය නිසා කංජිපානි ඉම්රාන්ගේ කුඩු ජාවාරම තවදුරටත් ප‍්‍රබල වනු ඇතැයි පොලිස් මූලස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

     පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව එම විමර්ශනවලට ප‍්‍රමුඛත්වය දීම නිසා මාකදුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් පිළිබද සිදු කෙරුණු විමර්ශන මන්දගාමී බවට පත්වීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

  • බොරු රඟපෑම් සංදර්ශන නැතිව මරණ දඬුවම සරලව සුමටව ඉවත් කළ හැකි එකම ක්‍රමය මෙන්න (වීඩියෝ)

    බොරු රඟපෑම් සංදර්ශන නැතිව මරණ දඬුවම සරලව සුමටව ඉවත් කළ හැකි එකම ක්‍රමය මෙන්න (වීඩියෝ)

    ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවන ලැබූවද එය කොයි මොහොතක හෝ ක්‍රියාත්මක වේයැ’යි අනියත බියක් එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනඟා ඇත.

    කෙසේ වෙතත් මේ සඳහා විවිධ කණ්ඩායම් විසින් සමාජයේ විවිධ විගඩම් ඉදිරිපත් කරමින් තිබුණද වත්මන් අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බව දැනට ප්‍රකාශ කර ඇති හෙයින් මරණ දඬුවම ඉතා පහසුවෙන් ඉවත් කළ හැකි එකම ක්‍රමය හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කර සිටියේය.

    මෙහිදී එය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියේ, රටක නීතිය ක්‍රියාත්මක වන්නේ උසාවියෙන් බවත්, එම නීති සම්පාදනය වන්නේ පාර්ලිමේන්තුවෙන් බවත් එසේ සම්පාදනය වී අද පවතින නීතිප්‍රකාරව අනුමත වුණු මරණ දඬුවමට අනුව අධිකරණය විසින් මේ වන විට 218 දෙනෙකු එල්ලා මරණ ලෙසට නියෝග කර ඇති බවත්, රටේ ජනතාවගේ ඉල්ලීමට සවන් දෙමින් මේ මොහොතේ ජනාධිපතිවරයා සිදුකර ඇත්තේ අධිකරණය ලබාදුන් එම නියෝගය ක්‍රියාත්මක කිරීම බවත්, ජනාධිපතිවරයා එය නොකර සිටීම තුල ජනතාවගේ ඉල්ලීම නොකර සිටියා යන චෝදනාත්මක ප්‍රශ්නයක් ජනාධිපතිවරයාට එල්ල වන බවත්, එම නිසා මෙයට ඇති එකම විකල්පය පවතින නීතිය වෙනස් කිරීම බවත්, ඒ සඳහා එල්ලා මරණ නීතිය ඉවත් කිරීම සඳහා රජයට යෝජනා කළ හැකි බවද, විපක්ෂ නායකතුමාට එතුමා පවසන “ඔබ්, තමාද මෙයට අකමැති බව” පවසමින් අත උස්සා එය සම්මත කරගත හැකි බවත් ඒ තුළින් මරණ දඬුවමේ එල්ලා මැරීම වෙනුවට එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත්කළ හැකි බවද විග්‍රහ කර සිටියේය.

    ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු දරුණුම ඝනයේ අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන මරණ දඬුවම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි ඉතා පහසුවෙන් ඉවත් කරගත හැකිබව කොළඹ දිස්ත්‍රික් ශ්‍රීලනිප නායක තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.

  • සිංහලයෙක් හා විවාහ වුණු මුස්ලිම් කතකට වහාබින්ගෙන් අමානුෂික දඬුවම්..  සිය ගණනක් ගෙට පැන පහර දී රෙදි ඉරා මහ පාරේ ඇදගෙන යයි.. (සාක්ෂි සහිත සම්පූර්ණ වීඩියෝ)

    සිංහලයෙක් හා විවාහ වුණු මුස්ලිම් කතකට වහාබින්ගෙන් අමානුෂික දඬුවම්.. සිය ගණනක් ගෙට පැන පහර දී රෙදි ඉරා මහ පාරේ ඇදගෙන යයි.. (සාක්ෂි සහිත සම්පූර්ණ වීඩියෝ)

    ඕනෑම කාන්තාවකට හෝ පුරුෂයකුට ඕනෑම ආගමක, ජාතියක අයකු සමඟ විවාහ වීමට අයිතියක් තිබිය යුතු බවත් එය මුස්ලිම් කාන්තාවන්ට පමණක් වෙනස් විය යුතු නැති බවත් බොදුබල මහ ලේකම් හිමියෝ කීහ.

    බණ්ඩාරගම අටලූගම මුස්ලිම් කාන්තාවක් මුහුණ දී ඇති මනුෂ්‍යත්වයට නිගාදෙන අවාසනාවන්ත තත්ත්වය රට දැනගත යුත්තක් බවත් සැබෑ අන්තවාදය, ජාතිවාදය ඇත්තේ කොතැනද යන්න මින් තහවුරුවනු ඇති බවත් උන්වහන්සේ කීහ.

    හිමියෝ එම අදහස් පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය. මෙහිදී බණ්ඩාරගම අටලූගම මුස්ලිම් ජාතික කාන්තාවක් වන අබ්දුල් හසම් ෆාතිමා හයිෆාම් මහත්මියද එක්වී සිටි අතර එහිදී ඇය විශේෂ හෙළිදරව්වක් කළාය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිමියෝ මෙසේද කියා සිටියේය.

    අද අපි විශේෂ හෙළිදරව්වක් වශයෙන් කරන අටලූගම ගමේ යුවළ පිළිබඳ තොරතුරු රටට කියන්නේ කිසිදු ජාතිවාදී හෝ ආගමික ඝට්ටනයක් ඇතිවීම සඳහා නොවේ. රටේ නීතිය හරිහමන් ලෙස කි‍්‍රයාත්මක නොවීම නිසා රටේ පුරවැසියන් විඳින අනේකවිධ කම්කටොලූ හෙළිකිරීම සහ ඔවුන් හමුවේ පවතින ජීවිත තර්ජන ගැන හෙළිකිරීමයි.

    බණ්ඩාරගම අටලූගම ගමේ මේ වන විටත් කි‍්‍රයාත්මක උම්මත්තක අන්තවාදී සැහැසිකම්, වාර්ගික, ආගමික නීති රට දැන ගත යුතුයි. මේ යුවළ අප සංවිධානයට පැමිණ මේ ගැන කියන්න ඉල්ලීම් කරන්නේ බොහෝ කාලයකට පෙර සිටයි. අප ඒ ගැන අවශ්‍ය තැන්වලට දැනුවත් කළා. නමුත් ඒ යුවළ දැනටමත් ඒ අනේකවිධ දුක්කම්කටොලූවලට මුහුණ දෙනවා.

    මේ හෙළිකිරීම මුස්ලිම් ජනතාවට හෝ එම ආගමිකයන්ට කරන එරෙහිවීමක් නොවෙයි. මේ දරුවෝ දෙදෙනෙක්ගේ මවක්. මුස්ලිම් සමාජයෙන් මතුව ඇති ඉස්ලාමික වහබ්වාදී අන්තවාදය නිසා ඒ සමාජය කෙතරම් අවාසනාවන්ත තත්ත්වයකට ඇදවැටිලාද කියලා මේ සිදුවීමෙන් තේරුම් ගන්න පුළුවන්.

    සමාජ ඒකාබද්ධතාවය, සංහිඳියාව ගැන කතා කරන සැමට අද අපි උත්තරයක් දෙනවා කොතැනද මේ අන්තවාදය තියෙන්නේ කියලා. ආගම්වාදය කොතැනද කියලා අන්න ජාතිවාදය ආගම්වාදය තිබෙන්නේ අපි තුළ ද කියලා රටට දැන් හිතාගන්න පුළුවන්. මනුෂ්‍යත්වයට නිගාදෙන සැහැසිකම් ඇත්තේ කොතැනකද යන්න මේ කතාවෙන් හිතාගන්න පුළුවන් වේවි. අප පෙළගැසිය යුත්තේ කා වෙනුවෙන්ද යන්න මේ මාතාවගේ කතාව ඇසීමෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි.

    බණ්ඩාරගම අටලූගම ගම්පිටින් අපහරණය කරන හජ්ජියාර්ලා ගැන අපි දන්නවා. පරිස්සමෙන් ඉන්න කියලා. ඒ අයට අපි දැනුම් දෙනවා. අපිට හමුදා අධිකරණ ඕන නැහැ. නීති හදන උදවිය නීති කි‍්‍රයාත්මක කරන අය මේ ප‍්‍රශ්න ගැන බලන්න ඕනෑ. ඕන කෙනකුට ඕන කෙනෙක් විවාහ කරගන්න පුළුවන්. අපේ කෙනෙක් වෙන කෙනෙක් සමඟ විවාහ වුණොත් අපි උන්ව මරාගෙන කන්න හදනවද? අපි එහෙම නැහැ. මුස්ලිම් අන්තවාදය රට විනාශ කර තිබෙනවා.

    වහබ්වාදය හා අන්තවාදය පැතිරවීම සඳහා මොවුන් අල් ටකියාව භාවිතා කරනවා. අල් ටකියා කියන්නේ ශුද්ධවූ රැුවටීමයි. සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් මෙහි ගොදුරු බවට පත්වෙලා. මේ පවුලට ගල් කැටයකින් හෝ හානියක් නොවිය යුතු බව ආගමෙන් පිස්සු වැටුණු අටලූගමේ උම්මත්තකයන්ට අපි කියනවා. අපි කියන දේ කරන්න බැරිනම් සේරම අකුලගෙන බණ්ඩාරනායක ගුවන්තොටුපළෙන් කැමති රටකට ඔවුන්ට යා හැකි බවත් අප සිහිපත් කරනවා. මේක අපේ රට… මීට වඩා සිංහලයන්ගේ ඉවසීම පරීක්‍ෂා කරන්න එපා.

    මෙහිදී අදහස් දැක්වූ බණ්ඩාරගම අටලූගම පදිංචි අබ්දුල් හසට් ෆාතිමා හයිෆාම් (38) මහත්මිය මෙසේද කීවාය.

    2008 මම සිංහල බෞද්ධ මහත්මයෙක් සමඟ විවාහ වුණා. ඒ විවාහවෙලා අටලූගම නිවසට ගියාම පල්ලියේ සේරම සහ ගමේ සේරම ඇවිත් සිංහල කෙනෙක් බැඳලා ඉන්නේ කියලා අපිව එලවන්න හැදුවා. මහත්තයාට තර්ජනය කළා. පසුව අපි පොලිසියේ පැමිණිල්ලක් කරලා මාලබේ පදිංචියට ගියා. එහි සිටි ටික කාලයකදී මම ගැබිණියක් වුණා. බබා හම්බවෙන්න ඕන නිසා අටලූගම අම්මගේ ගෙදර ගියා. එහිදී ගමේ සේරම ඇවිත් අපිට තර්ජනය කළා. මහත්තයාව ගමෙන් එළෙව්වා.

    මහත්තයට ආගමට එන්න කියලා තර්ජනය කළා. බබා හම්බවුණාම මහත්තයා අපේ ගෙදරට ආවා. ඒ ආ පසු පල්ලියේ අය ඇවිත් ඔයාට වාහන දෙන්නම් ගෙවල් දෙන්නම් ආගමට එන්න කියල දිගටම බලපෑම් කළා. මහත්තයා ඒකට කැමති වුණේ නැහැ. මහත්තයාට අපේ ආගමට එන්න ඕන වුණේ නැහැ. එයාට මාව බෞද්ධ ආගමට ගන්නවත් ඕන වුණේ නැහැ. අපි දෙන්න අපි දෙන්නගෙම ආගම් අනුව ඉන්න තමයි කටයුතු කළේ.

    පසුව පල්ලියෙන් ඇවිත් මහත්තයාගේ බෙල්ලට උල් ආයුධයක් තියලා ආගමට හැරෙන ලෙස බලපෑම් කළා. මෙයා අපේ ගෙදර පැමිණි හැම වෙලාවෙම දාහක විතර පිරිසක් අපේ ගෙදර ඇවිත් තර්ජනය කරනවා. පසුව එයා රට ගියා. මහත්තයා රට ගියාම පල්ලියේ අය මට කිව්වේ එයා ගැන ආසාව අතහරින්න කියලයි. මුස්ලිම් කෙනෙක්ව හොයලා දෙන්නම් එයාව බඳින්න කිව්වා. ඉන් පසු ළමයි ඇතුව හෝ නැතුව මාව ගන්නම් කිව්වා. හජ්ජියාර්ලත් මට කතාකර භාර ගන්නම් කිව්වා. ඒ අයගේ නම් වුණත් මට කියන්න පුළුවන්.

    පල්ලියේ අය මහත්තයට සීඞී තැටි ගොඩාක් එව්වා. අවුරුදු 32 ක් මහණවෙලා සිටි හාමුදුරුවෝ නමක් දැන් ඉස්ලාම් ආගමට ඇවිත් පූජකයෙක් වෙලා ඉන්නවා කියලා එම සීඞීවල සඳහන් වෙනවා. ලෝකේ උතුම්ම ආගම ඉස්ලාම් ආගමට එන්නේ නැත්තේ ඇයි කියලා ඔවුන් ප‍්‍රශ්න කළා. මම බයිසිකලයේ ගමන් යනවා. එයට හැමෝම එරෙහි වුණා.

    පසුව දවසක රාති‍්‍රයෙත් පල්ලියෙන් ආව කියලා දොරවල් කඩන්න හැදුවා. මමයි අම්මයි ළමයි අඬන එක ඔවුන් වීඩියෝ කළා. පසුව අපි පොලිසියට කතා කළා. නමුත් පොලිසිය ඒ වෙලාවේ ආවේ නැහැ. පසුව පොලිසිය සමඟ ඔවුන් අපේ ගෙදරට දොරවල් කඩාගෙන ආවා. පොලිසියේ හතරදෙනෙක් හිටියදී ඔවුන් මටත් ළමයිටත් ගැහුවා. පසුව පල්ලියේ අනිත් අය අපිව පාරට ඇදගෙන ගියා. එතකොට ගල් මුල්වලින් ගැහුවා. ඔවුන් පල්ලියේ නීතිය කි‍්‍රයාත්මක කරන්නද පොලිසිය නීතිය කි‍්‍රයාත්මක කරනවද ඇහුවා.

    පසුව අපිව පොලිසියට අරන් ගියා. මාව කූඩුවට දාන්න හදනකොට ළමයි පොලිසියේ අයගේ කකුල් අල්ලලා වැන්දා. අම්මව කූඩු කරන්න එපා කියල. පසුව මහත්තයා පාන්දර 2.00 ට පොලිසියට ආවා. පසුවදා තමයි ඇප දුන්නේ. අපි පොලිසියට පැමිණිලි 8 ක් දැම්මා. නමුත් විමර්ශන කළේ නැහැ. මේ සිදුවීම වුණේ මාර්තු විසිහතරවැනිදායි. අපේ‍්‍රල් 06 වැනිදා වෙනකම් විභාග කළේ නැහැ. පසුව ස්ථානාධිපතිවරයා මට කතා කළා. අපි පොලිසියට ගිය පසු ප‍්‍රශ්නය විසඳුවේ පල්ලියේ අයත් ඇවිත් ගම් සභාවක් වගෙයි.

    කැඩිච්ච දොරවල් හදාගන්න රුපියල් විසිඅටදාහක් දෙන්නම් කිව්වා. සල්ලි වගේ නෙමෙයි මාව මැරුවට වඩා හානියක් ඒ අය කළේ. මට ගහපුවා අපි අඬනවා ෆේස් බුක් වට්ස් ඇප්වල පවා දාලා තිබුණා. මම මානව හිමිකම් සංවිධානවලට කොතෙකුත් කතා කළා. නමුත් ජුනි විස්ස වෙනකම් නඩුවක් වැටුනේ නැහැ. මට කිසිම සාධාරණයක් වුණේ නැහැ. ඒ නිසා තමයි මම හාමුදුරුවෝ හොයාගෙන ආවේ. හාමුදුරුවෝ නැත්නම් මේ දේවත් වෙන්නේ නැහැ.

    මගේ අවුරුදු 11 ක් වන ගැහැනු දරුව මුස්ලිම් කෙනකුට බන්දලා දෙන්න කියනවා. අපිට හරියට අඳින්නවත් බැහැ. කළු තමයි අඳින්න කියන්නේ. දරුවෝ දෙන්නා බෞද්ධ පාසල්වලට තමයි යන්නේ. අවුරුදු දහයක පහළොවක කාලයක සිට අපේ සමාජය බරපතළ ලෙස වෙනස් වෙලා. පල්ලිවලින් අපේ සමාජයට බරපතළ බලපෑම් එල්ල වෙනවා. මම මුලින් රැකියාවට ගිය පසු අපේ තාත්තව දහපාරක් විතර පල්ලියට අරන් ගියා.

    මේ ආගමේ ඉපදුන නිසා මම සෑහෙන කරදරවලට ලක් වුණා. මගේ දරුවන් මේ ආගමට ගෑවෙනවටවත් මම කැමති නැහැ. මොන දේ වුණත් හැම දේටම වඩා මුල ආගමයි. ආගම හැර ඔවුන්ට වෙන කිසි දෙයක් නැහැ. අපේ ගමට පල්ලි හතක් තිබෙනවා. මාරාව පල්ලියෙන් තමයි මේ දේ කළේ.

    මම මේ දේ සඳහා ඉදිරිපත් වුණේ මම වැටුනු තත්ත්වයට තවත් කාන්තාවන් පත් නොවීමටයි. මේ පල්ලියේ කට්ටිය පිටුපස සිංහල, දෙමළ දේශපාලනඥයන් ඉන්නවා. හාමුදුරුවෝ නැත්නම් මේ ටිකවත් නැහැ.