Category: සුපිරි Cases

  • ගෝඨා පැන්නත් පූජිත් සහ හේමසිරි අතටම හසුවෙයි (වීඩියෝ)

    ගෝඨා පැන්නත් පූජිත් සහ හේමසිරි අතටම හසුවෙයි (වීඩියෝ)

    පෙර පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා නොහොත් ගහලයා ලෙස ප්‍රකටව සිටි කුප්‍රකට මීනිමරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට පත් නොවී විවිධ උප්පරවැට්ටි යොදාගනිමින් අධිකරණයෙන් කට්ටි පැනමින් සිටියත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට එසේ කට්ටි පනිමින් අත් අඩංගුවට පත් නොවී බේරීමේ අවස්ථාවක් උදා වී නැති අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාළව පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා යන දෙදෙනා රෝහල්ව සිටියදී රෝහලේදීම අත් අඩංගුවට ගෙන ඇත.

    නාරහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට ටික වේලාවකට පෙර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

    එසේම පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාලව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද(02) පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

    කෙසේවෙතත් ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේ හෘද විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළුත් කෙරුණි.

    එහි ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.


  • කක්කුස්සි කටාගේ තවත් පාදඩ වැඩක් (වීඩියෝ)

    කක්කුස්සි කටාගේ තවත් පාදඩ වැඩක් (වීඩියෝ)

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතාගේ පෞද්ගලික වෛද්‍ය සායන පවත්වන ස්ථානයට කලුතෙල් ප්‍රහාරයක් හා ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    අද(28) උදෑසන මෙම සිදුවීම පිළිබඳ තමා දැන ගත් බව වෛද්‍යවරයා පැවසීය.

    කෙසේ වෙතත් ඊයේ(27) දිනයේ දී ජාතික සංහිඳියාව ඇති කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ රාජිත සේනාරත්තන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත් වු බවත්, රාජිත සේනාරත්න මහතාගේ හා ගෝලයින් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් පැවසු වෛද්‍යවරයා, කළුතර ශාඛාවේ උපසභාපතිවරයාගේ වෛද්‍ය මධ්‍යස්ථානයට ද මෙවැනි ප්‍රහාර එල්ල කිරීම තුළින් සංහිඳියාව මතු කර දක්වා ඇතැයි ද වෛද්‍යවරයා පවසා සිටියේය.

    අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මෙවැනි සිදුවීම් කිරිමට අමුතුවෙන් ඉගැන්විය යුතු දෙයක් නොවන බවත් පැවසු වෛද්‍යවරයා, ඉතිහාසයේ මෙවැනි ක්‍රියාවලට දක්ෂයෙක් බවත් එනිසා සියලු ආණ්ඩුවලින් යැපෙමින් ඉතා දක්ෂ ලෙස ජිවත් වෙන එකම පාලකයා රාජිත සේනාරත්න මහතා බව ද පැවසීය.

    එල්.ටී.ටී.ඊ සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධියේ විවේචනය කරමින් ඉතා සූක්ෂම ලෙස දේශාපලනය කළ හැකි එකම පුද්ගලයා ඔහු බවට ද චෝදනා කර සිටි වෛද්‍ය නලින් ජයතිස්ස මහතා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ මේ ආකාරයෙන් හැප්පී මේ ගමන නැවැත් වීමට සිතීම ඔහුගේ සිහිනයක් පමණක් බව ද කියා සිටියේය.

    රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය රටේ දේශපාලන ගමන් මඟේ යම් වැරැද්දක් ඇති බැවින් මෙලෙස මෙම ක්‍රියාවලියට යොමු ඇති බවත් පැවසු වෛද්‍යවරයා දේශාපලඥයින් විසින් බාල බෙහෙත් ගැබිණි මව්වරුන්ට ලබා දෙන ආකාරය රජයේ විගණන වාර්තා තුළින් පෙන්වා දී ඇතැයි ද පැවසීය.

    සේනක බිබිලේ වෙන්න හදන රාජිතගේ නිරුවත මේ වන විට එළිදක්වමින් සිටින බව ද පැවසු වෛද්‍යවරයා, රාජිත සේනාරත්න මහතාට මෙය දරා ගැනීමට නොහැකි වී ඇති ද කියා සිටියේය.

    කළුතරින් ඇරඹි රාජිත සේනාරත්නට එරෙහි විරෝධය අද වන විට මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇතැයි ද පැවසු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, අද වන විට රාජිත සේනාරත්න මහතාගේ දේශපාලන මළ ගම සනිටුහන් වී ඇතැයි ද පැවසීය.

    පොලීසියෙන් මෙයට සාධාරණයක් ඉටු වේයැයි සිතිය නොහැකි බව ද පැවසු වෛද්‍යවරයා, කෙසේ හෝ පැමිණිල්ලක් කර ඇතැයි ද සඳහන් කළේය.

  • එල්ලා මරණ තීන්දුව අසා මරණ දඬුවම නියම සිරකරුවෝ භීතියෙන් සිහිසුන් වෙති

    එල්ලා මරණ තීන්දුව අසා මරණ දඬුවම නියම සිරකරුවෝ භීතියෙන් සිහිසුන් වෙති

    ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන්නේ යැයි පුවත ලැබුණු පසු මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් දැඩි තැතිගැනීමකින් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

    බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රදවා සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් බලාගත්ත අතේ බලාගෙන සිටින බවත් දැඩි අතරින් පෙනෙන බවත් වෙනදා පැවති ගති පැවතුම් එක්වරම වෙනස් වූ බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    වෙනදා රූපවාහිනිය නරඹමින් සැහැල්ලුවෙන් සිටි ඔවුන් ඊයේ දිනයේ සිත ආහාර පාන නොගෙන සිටි බවත් ඇතැම් සිරකරුවන් ක්ලාන්ත වී ගිය බවත් නිලධාරීහු කියා සිටිති.

    මේ වන විට බන්ධනාගාරය මරණ දඬුවම ලැබූ සිරකරුවන් 455 දෙනෙකු රඳවා සිටී. මත්ද‍්‍රව්‍ය ජාවාරම් සම්බන්දයෙන් වරදකරුවන් වී මරණ දඬුයම නියම වී සිටින සිරකරුවන්ට එම දඬුවම ක‍්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීම අනුව බන්ධනාගාරය විසින් සිරකරුවන් 18 දෙනෙකුගේ ලයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යවා තිබින.

  • මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් තබයි! ඉදිරි දින කිහිපය තීරණාත්මකයි!

    මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් තබයි! ඉදිරි දින කිහිපය තීරණාත්මකයි!

    දැනට මරණ දඬුවම නියම කර බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 04 දෙනෙකුට මරණ ලබා දීමට තීරණය කල බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    එම පිරිසට මරණ දඬුවම ලබා දීම සදහා වන නියෝගයට තමන් මේ වන විට අත්සන් තැබූ බවත් ඔහු සදහන් කරයි.

    ඒ අනුව දඬුවම ක‍්‍රියාත්මක කරන දිනයද තීරණය කර ඇතැයි ඔහු පැවසීය.


  • හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

    හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

    පසුගිය පාස්කු ප්‍රහාරය වලක්වාලීමට හෝ අවම කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්නැයි නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

    අද(24) දින නීතිපති විසින් පොලිස්පතිවරයාට මෙලෙස උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

    විශේෂ පරික්ෂණ මණ්ඩලයේ නිර්දේශ තවදුරටත් නීතිපතිවරයා විසින් සළකා බැලීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්නැයි උපදෙස් දී ඇත.

  • තේරීම් කාරක සභාවේදී ඇමති රවීගේ ප්‍රශ්න කිරීම් හමුවේ අබ්දුල් රාසික් හිරවෙයි..! බොරු ගොතයි..(වීඩියෝ)

    තේරීම් කාරක සභාවේදී ඇමති රවීගේ ප්‍රශ්න කිරීම් හමුවේ අබ්දුල් රාසික් හිරවෙයි..! බොරු ගොතයි..(වීඩියෝ)

    වහබ්වාදය පදනම් කරගත් අන්තවාදී ඉස්ලාම් සංවිධානයක් වන තවුහිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් නැමැත්තා ඊයේ(20) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අබ්දුල් රාසික්ගේ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිරාවරණය කරගැනීමට හැකිවිණ.

    මෙහිදී අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ, බුදුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි 2013 වසරේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලද ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් ඊයේ දිනයේ එම ප‍්‍රකාශය යළිත් සංශෝධනය කළේය.

    පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ තමන් අතින් එදා වූයේ වැරදක් බවයි.

    2013 වසරේ දී ඇතැම් සිංහල අන්තවාදී සංවිධාන විසින් මුස්ලිම් ජන සමාජයට සහ ඉස්ලාම් ආගමට විරුද්ධව එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු දෙන අවස්ථාවක දී තමන් අතින් එවන් දෙයක් කියවුන බවද ඔහු සඳහන් කළේය.

    මෙහිදී පෙරළා ප්‍රශ්න කළ අමාත්‍ය රවී කරුණානායක මහතා අසා සිටියේ, මෙවැනි සිංහල බෞද්ධ රටක ඔවැනි ද්වේශ සහගත ප්‍රකාශ කිරීම වලංගු යැයි සිතනවාද යන්නයි.

    ඊට පිළිතුරු දෙමින් අබ්දුල් රාසික් ප්‍රකාශ කළේ, තමන් තිබූ ඉක්මනින්ම නිවැරදි කළ බවත් තමන් ප‍්‍රසිද්ධියේ තමන් සමාව අයැද සිටි බවය.

    තමා එදින ප්‍රකාශ කරන ලද්දේ උපාසිකාවගේ කලවා මාංශය ගිලන් වූ භික්ෂූන් වහන්සේ නමක් විසින් අනුභව කිරීමක් බුදුන් වහන්සේ කිරීමක් සේ වැරදි ආකාරයෙන් තේරුම් ගත් නිසා බවත් මහ ලේකම්වරයා කීය.

    කෙසේ වෙතත් එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ බුදුරජාණන් වහන්සේ අතන මෙතන ගොස් නොදැනුවත්ව හෝ ගොන් වැඩ නොකරන උත්තමයෙකු බවයි.

    ඒ නිසා මෙවන් ප්‍රකාශ කිරීමට පෙර තමන් තවදුරටත් අධ්‍යනය කර විශ්වාසයක් ඇතිව සිදු කරන ලෙසත් සේ විශ්වාසනීයත්වය ඇති වන තෙක් දේශනා කිරීම නවත්වන ලෙසත් ඔහු කියා සිටියේය.

  • සහරාන් සිදු කළ රහසිගත සාකච්ඡාවක් ලීක්වෙයි.. (Video)

    සහරාන් සිදු කළ රහසිගත සාකච්ඡාවක් ලීක්වෙයි.. (Video)

    ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් පැවැත්වූ රහසිගත සාකච්ඡාවක දර්ශන අපට ලැබී ඇත.

    මෙහි දෙබස්වලට සවන් දීමේදී පෙනී යන්නේ, සහරාන් සිදුකළ දේශන සම්බන්ධයෙන් උද්ගත වූ මතභේදයක් මුල්කරගෙන අදාළ සාකච්ඡාව පවත්වා ඇති බවයි.

    ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සිදුකළ දේශන හේතුවෙන් එම සංවිධානය තුළ මතභේදාත්මක තත්ත්වයක් හට ගැනුණු අතර ඒ පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇත.

  • පාසල් දැරිය තමන් දූෂණය කළ පුද්ගලයා සමග පැන යයි!

    පාසල් දැරිය තමන් දූෂණය කළ පුද්ගලයා සමග පැන යයි!

    ස්‌ත්‍රී දූෂණයට ලක්‌ව පරිවාස භාරයට පත්ව සිට මවට බාරදී තිබූ බාලවයස්‌කාර දැරියක්‌ ඇයව දූෂණයට ලක්‌කළ පුද්ගලයා සමගම පළාගොස්‌ ඇති බවට මාදම්පේ පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී තිබේ.

    එම දැරියගේ මවගේ සහෝදරියගේ සැමියා වන මාදම්පේ ගල්මුරුව කච්චකඩුව පදිංචි අයකු පැමිණිලිකරු වෙයි.

    මෙම දැරිය උඩප්පුව පොලිස්‌ වසමේ පදිංචිව සිටියදී එම ප්‍රදේශයේ අයකු සමග සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර ඔහු අතින් දූෂණයට ලක්‌ව පරිවාස භාරයට පත්කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පුත්තලම අධිකරණයේ නඩුවක්‌ පවතින බවත් පැමිණිල්ලෙන් කියා තිබේ.

    වයස අවුරුදු 15 යි මාස 07 ක්‌ වයසැති දැරියව ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට පරිවාසයෙන් දැරියගේ මවගේ බාරයට පත්කර ඇතැයි ද පසුගිය අප්‍රේල් 05 දින සිට ඇය තම නිවසේ පදිංචිව සිටිමින් පාසල් ගිය බවද පැමිණිල්ලේ දැක්‌වෙයි.

    ජුනි 02 දින රාත්‍රියේ දැරිය නිවසේ නොමැති බව තම බිරිඳ කී බවත් ඉදිරි දොර හැර බලන විට ඇය නිවස ඉදිරිපිට මාර්ගයේ එම පුද්ගලයා සමග යතුරුපැදියක නැග යනවා දුටු බවත් පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

  • සිහිමුර්ජා කර අත් පා බැඳ පෙම්වතා පෙම්වතියට කළ අපරාධයක්

    සිහිමුර්ජා කර අත් පා බැඳ පෙම්වතා පෙම්වතියට කළ අපරාධයක්

    විසි දෙහැවිරිදි තරුණියක සිහි මුර්ජා කොට අත් පා බැඳ ලිංගික අතවරයක් සිදු කරනු ලැබූ විසිතුන් හැවිරිදි තරුණයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

    තරුණිය සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙන අතර ඒ අවසරයෙන් මෙදින ඔහු ඇය සිය පියා සමග නවාතැන් ගෙන සිටින බියගම පේරගස්හන්දිය ප‍්‍රදේශයේ නේවාසිකාගාර කාමරයට පැමිණ එහි පියා නැති අවස්ථාවක එම අපරාධය සිදුකර ඇතැයි කියති.

    තරුණියට සිහිය පැමිණි විට අය්යේ කියමින් කෑගසන ශබ්දය ඊට යාබද කාමරයේ සිටින තරුණයාට ඇසීමෙන් පසුව තරුණිය සිටි කාමරයේ් දොර කඩා බලන විට එම සිද්ධිය දැක ගැනීමට හැකිවී ඇත.

  • සක්විතිටත් ඇප..! වංචාව කෝටි 162 ක පනී

    සක්විතිටත් ඇප..! වංචාව කෝටි 162 ක පනී

    ගනුදෙනුකරුවන් විසින් සක්විති හවුස් ඇන්ඞ් කන්ස්ට‍්‍රක්ෂන්ස් පුද්ගලික සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩු තුනක ප‍්‍රධාන විත්තිකරු වන අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර නොහොත් සක්විති රණසිංහ නමැත්තා වසර දහයකට පසු ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

    2009 සැප්තැම්බර් මස වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් සක්විති රණසිංහ නමැත්තාට, ඔහුගේ බිරිඳට හා සක්විති සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු තුනක් පවරා තිබිණි.

    විත්තිකාර සක්විති රණසිංහ නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා කළ ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ, ශෂි මහේන්ද්‍රන් හා ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන් රුපියල් ලක්ෂ හයක මුදල් ඇප හා රුපියල් එක්කෝටි දසලක්ෂයක ශරීර ඇපකරුවන් හය දෙනකුගේ ඇප බැඳුම්කර මත විත්තිකරු මුදාහැරීමට නියෝග කළහ.

  • ලඟම දායකයෙක් දඹුලු නාහිමිගෙන් කෝටි 10ක කප්පමක් ගන්න ගහපු ගේම (වීඩියෝ)

    ලඟම දායකයෙක් දඹුලු නාහිමිගෙන් කෝටි 10ක කප්පමක් ගන්න ගහපු ගේම (වීඩියෝ)

    ඓතිහාසික රංගිරි දඹුළු රජමහා විහාරස්ථානාධිපති හිමියන්ට ‘ජවාඩ්’ සංවිධානයෙක් යයි කියමින් තර්ජනය කර කෝටි 10ක කප්පම් මුදලක් ඉල්ලු පිරිස විසින් තර්ජනය කරන ලද හඬ පට මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

    මුදල් කෝටි 10ක කප්පම් මුදලක් ඉල්ලූ කප්පම්කරුවන් පසුව එය අති විශාල වට්ටමක් ලබා දෙමින් කෝටි 05ක් දක්වා අඩු කර ඇත.

    ඒ බව නාහිමියන්ට දැනුම් දුන් අවස්ථාවේදී උන් වහන්සේ එය උපහාසයෙන් බැහැර කර ‘ඔ්න නම් ලක්‍ෂ 05ක් දෙන්නම්’ යයි පැවසූහ.

    පසුව පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලද අතර ඒ සියළු දෙනා විහාරස්ථානයේ ආසන්න පදිංචිකරුවන් වන අතර ප‍්‍රධානියා විහාරස්ථානයේ හිතවතෙකි.

  • අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10කට අධිචෝදනා ගොනු කිරීමට නීතිපති අවසර ඉල්ලයි

    අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10කට අධිචෝදනා ගොනු කිරීමට නීතිපති අවසර ඉල්ලයි

    මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝසෆ් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමට නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

    එම නඩුවේ ස්වභාවය, සංකීර්ණභාවය, බැරෑරුම්කම හා එකී වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අවසර ඉල්ලා ඇතැයි ද නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිරාෂා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා ය.

    2015 පෙබරවාරි 27 වැනිදා සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන දසදහස් පනස් අටක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ඊට අනුබල දීමෙන් පොදු දේපළ පනතේ 5 ( 1) වගන්තිය යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය කිරීමේ අධිචෝදනා යටතේ සියලුම විත්තිකරුවන්ට එරෙහිව නඩු ගොනු කිරීමට නියමිතයි.

    එමෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහ හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි යන අයට විරුද්ධව භාණ්ඩාගාර බැඳුම්කර රුපියල් බිලියන 10,058 ක් සම්බන්ධයෙන් බැහැර කිරීමට අදාළව පොදු දේපළ පනතේ සාපරාධී විශ්වාසය කඩ කිරීමෙන් රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් කිරිමේ චෝදනා එල්ල වී තිබේ.

    මෙම සියලුම සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා 23 ක් යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා අවසර ඉල්ලා තිබේ.

    මෙම විත්තිකරුවන් වන්නේ ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන් ජෝසෆ් ඇලෝසියස්, කසුන් ඕෂද පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, ඩී මිත්‍ර ගුණවර්ධන, සී රංජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවාටයි.

  • තව්ජීද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 795ක් දක්වා ඉහළට..(වීඩියෝ)

    තව්ජීද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 795ක් දක්වා ඉහළට..(වීඩියෝ)

    සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි නම් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 795ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. ඔහු සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට සහ නොයෙකුත් සංකූලතාවලට ලක්වූ බව කියමින් එම වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (06) වනවිට කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට සිංහල මවුවරුන් 795 දෙනකු විසින් පැමිණිලි කර තිබිණි.

    මේ අතර ඊයේ දිනයේදී පමණක් වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මෙහොමඩ් ෂාෆිට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි 31 ක් ලැබී ඇත.

    ඒ අනුව කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 681 කි.

    එමෙන්ම වෛද්‍ය ෂාෆිට එරෙහිව මව්වරු 11 දෙනෙකු දඹුල්ල මහ රෝහලට ඊයේ පැමිණිලි ඉදිරිපත් කළේය. මේ වන විට එම රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 114ක්.

    ඒ අනුව වෛද්‍ය ෂාෆිට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව795 කි.

    මේ අතර වෛද්‍ය ෂාෆි විසින් සිසේරියන් සැත්කම් සිදුකළ සියලූම මවුවරුන්ගේ වාර්තා විමර්ශනය කිරීමේ කටයුතු කුරුණෑගල රෝහල මගින් ආරම්භ කරන ලදී.

  • පාසල්වල ආරක්ෂාව ගැන පැතිරෙන කට කථාවලට රැවටෙන්න එපා

    පාසල්වල ආරක්ෂාව ගැන පැතිරෙන කට කථාවලට රැවටෙන්න එපා

    පාසල්වල ආරක්ෂාව ගැන පැතිරෙන කට කථා සම්බන්ධයෙන් ජනතාවට නොරැවටී සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, සමහර පාසල්වල ස්ථානීය ආරක්ෂාව මේ වන විට සම්පූර්ණයෙන් තහවුරු කර ඇති බවයි.

    තවත් පාසල්වල පොලිස් ජංගම හා යතුරුපැදි මුර සංචාර ක්‍රියාත්මක කර ආරක්ෂාව තහවුරු කර ඇති බව ද පැවසු රුවන් ගුණසේකර මහතා, ඒ අනුව පාසල් සම්බන්ධයෙන් පැතිර යන අනවශ්‍ය කට කථාවලට රැවටෙන්න එපා යනුවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    කෙසේ වෙතත් මේ වන විට දිවයින පුරා පාසල් ආශ්‍රිතව පොලීසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

  • තව්ජිද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 200 පනී..

    තව්ජිද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 200 පනී..

    තව්ජිද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ බව කියන සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමි වූ බව කියමින් මව්වරුන් 215 දෙනකු ඊයේ (29) වනවිට එම වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල හා දඹුල්ල රෝහල් වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.

    රෝහල් බලධාරීන් පවසන්නේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතාට එරෙහිව සිංහල මව්වරුන් විසින් ඉදිරිපත් කරන පැමිණිලි ප‍්‍රමාණයේ දිගින් දිගටම ඉහළ යාමක් තිබෙන බවයි. එම මව්වරුන් සියලූ දෙනා රෝහල් වෙත පැමිණිලි කර ඇත්තේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන්ට කිසිදු දරු උපතක් සිදුනොවූ බවයි.

    ඊයේ (29) දින පමණක් වෛද්‍ය ෂාෆි මහතාට එරෙහිව මව්වරුන් 81 දෙනකුු කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබුණි. මෙසේ පැමිණිලි ලැබීම දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන නිසා ඒවා භාර ගැනීම සඳහා තවත් අමතර නිලධාරිනියන් පිරිසක් යෙදවීමට ඊයේ වනවිට කුරුණෑගල රෝහලේ නිලධාරීන් කටයුතු කර තිබිණි.

    පෙරේදා (28) වනවිට ෂාෆි ෂෙහාබ්ඞීන් මහතාට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත 134 දෙනකු විසින් පැමිණිලි කර තිබුණි.

  • තන පටවල තිබූ ජෙල් විෂ රසායන හෝ වඳ බෙහෙත් නොවන බව රස පරීක්‍ෂක තහවුරු කරයි

    තන පටවල තිබූ ජෙල් විෂ රසායන හෝ වඳ බෙහෙත් නොවන බව රස පරීක්‍ෂක තහවුරු කරයි

    දර්ගා නගරයේ ව්‍යාපාරිකයකු  අලෙවිය සඳහා ගෙනවිත් තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා (23) පොලීසිය භාරයට ගත් තනපට තොගයේ ඇතුලත තිබූ ජෙල් වර්ගය මිනිස් සිරුරට හානි කර නොවන බවට රස පරීක්ෂක විසින් තහවුරු කර ඇත.

    සැක සහිත ද්‍රව්‍යයක් ආලේපිත කර තිබූ තිසරපට 243 ක් එහි හිමිකරු සමග අත්අඩංගුවට ගනු ලැබූයේ දර්ගා නගරයේ ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුමේදීය. පොලිසිය එම ජෙල් වර්ගය අඩංගු තිසරපට තොගය වැඩිදුර පරීක්ෂා කර වර්තාවක් ලබා ගැනීම සඳහා රස පරීක්ෂක වෙත යොමු කළේය.

    රස පරීක්ෂකවරයා අදාළ තිසරපට තොගය සම්බන්ධයෙන් ලබා දුන් වාර්තාවට අනුව එම තිසරපටවල අඩංගු ජෙල් වර්ගය මිනිස් සිරුරට අහිතකර නොවන බවට තහවුරු කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.