Category: සුපිරි Cases

  • කැස්බෑවුන් මරා මස් විකුණන ජාවාරමක් නාවික හමුදා අත්අඩංගුවට

    කැස්බෑවුන් මරා මස් විකුණන ජාවාරමක් නාවික හමුදා අත්අඩංගුවට

    මන්නාරම වංකාලෙයිපාඩු මුහුදු තීරය ආසන්නයේ කැස්බෑ මස් කිලෝ 3ග්‍රෑම් 185 ක් ප්‍රමාණයක් විකිණීම සඳහා රැගෙන යමින් සිටි සැකකරුවෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    උතුරුමැද නාවික විධාන මූලස්ථානයට අයත්  නාවිකයින් පිරිසක් වංකාලේයිපාඩු ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැක සහිත පුද්ගලයෙකු ගමන් කරනු දැක පරික්‍ෂාවට ලක්කිරීමේදී මෙම කැස්බෑ මස් තොගය හමු වී ඇත.

    මන්නාරම හා තලෙයිමන්නාරම් මුහුදු තීරයේ සිටින කැස්බෑවුන් මරා ප්‍රදේශයේ හෝටල් වෙතට අධික මිලකට විකිණීමේ මෙම ජාවාරම  කලක සිට සිදුව ඇති බවට නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත.

    අදාළ පුද්ගලයා මන්නාරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු හා කැස්බෑ මස් තොගය නාවික හමුදාභාරයට ගැනීමෙන් පසුව වැඩිදුර නීතිමය කටයුතු සඳහා නාවික හමුදා විසින් පේසාලේයි පොලීසිය වෙත භාර දී ඇති අතර පොලීසිය විසින් සැකකරු මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

  • ආයෝජන මණ්ඩලයේ සුපිරි ගැහිලි…..

    ආයෝජන මණ්ඩලයේ සුපිරි ගැහිලි…..

    අප වෙබ් අඩවිය විසින් මීට ටික කලකට පෙර සිටම එක දිගටම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සිදුවූ විශාල ප්‍රමාණයේ අක්‍රමිකතා ගැන වාර්ථා කරන ලද අතර ම අක්‍රමිකතා වලට සෘජුවම වගකිව යතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති වරයකු වන නීතීඥ ලෝගුව කරපින්නාගෙන නීතියේ දෙව්දුවව කෙලෙසන නීතීඥ උපුල් ජයසූරියගේ වෘත්තීය මෙන්ම පුද්ගලික ජීවිතයේද ජුගුප්සාජනක තැන් අපට වාර්ථා වූ ආකාරයෙන්ම ඔබේ දැනගැනීම පිණිස ඔබ හමුවේ ඉදිරිපත් කරන ලදී.

    එසේ කරුණු කාරණා සිදුවෙමින් පවතිද්දී මෙම උපුල් ජයසූරිය ගැන ලැබුණු ආරංචියක් නිසාවෙන් අප මෙන්ම ඔබද වික්ෂිප්ත වනවා නොඅනුමානය.මන්ද යත් මෙම කළු කබා කාරයා මෙරට පිළිගත් ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයකින් නාමයොජනා ලබා ජනතා නියෝජිතයෙකු ලෙස කරළියට ඒමට මේ වන විට පිඹුරුපත් සකසමින් සිටින බවය.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ තමා සභාපතිව සිටියදී මෙසිරිලකට ආයෝජන වෙනුවට වැඩිපුරම නඩු ගෙනා , අහිංසක රට වැසියන්ගේ බදු මුදල් වලින් රුපියල් බිලියන 87ක් ගිල්ල ආයෝජන මණ්ඩලයේ සභාපතිට හිමිව තිබූ රු.358154.00ක මුදල රු.850000.00 දක්වා අත්තනෝමතිකව වැඩිකරගෙන ඊටත් එහා හිඟ වැටුප් විදිහට ලක්ෂ 40ක් ගත් මේ උපුල් ජයසූරිය කියන කළු කබා කාරයා රට වෙනුවෙන් රට වැසියා වෙනුවෙන් සුභසිද්ධිය පතා වැඩ කරන්නේ කෙලෙසද යන්න අප හට උභතෝකොටිකයකි.මේ පිළිබඳවhttp://www.ethalayanews.com/

    විසින් සවිස්තරාත්මක වාර්ථාවක් ඉදිරිපත් කර ඇති අතර ඔබට ඉහත වේබ් ලිපිනය ඔස්සේ හෝ පහත අප උපුටා දක්වා ඇති කරුණු මත ඇත්ත නැත්ත ඔබේ නැන පමණින් වැටහී යනු ඇත.

    ඊටත් අමතරව රටක් ලෙසට අමන්දානන්දයට පත්වීමට අපට හැකිවන්නේ මේ කළු කබා කාරයේ දහදුරා වැඩ වලට එරෙහිව මවුබිමට ආදරය කරන මවුබිම වෙනුවෙන් නිබඳවම පෙනී සිටින සිවිල් සංවිධාන කිහිපයක්ම නොබෝ දිනක කොළඹ ලිප්ටන් වටරවුම , කොටුව දුම්රියපොළ , සිරකොත , ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය හා පාර්ලිමේන්තු වට රවුම වටලා මෙම කළු කබාය පොරවාගත් හිවල් කුලේ උපුල් ජයසූරිය විසින් මෙරටට අහිම කල මුදල නැවත අයකර ගැනීමටත් මොහු සමඟ වරද කල උන්ට නිසි දඩුවම් ලබාදීමටත් පෙලගැසී සිටීමය. විශ්වාස කටයුතු ආරන්චි මාර්ග වල සඳහන් වන අයුරින් ඉදිරි මාසය හා දෙක තුල එම සංවිධාන විසින් ලංකා පොලීසියට,ලංකා නීති සංගමයට , CIDයට ,FCIDයට මෙන්ම අධිකරනයටද මේ උපුල් ජයසූරිය ගැන පාඩමක් කියාදීමට සැරසී සිටී.රට වෙනුවෙන් රට වැසියා වෙනුවෙන් ඔවුන්ගේ එම ක්‍රියාමර්ගයන්ට සුපිරිගොසිප් අපගේ සුභපැතුම් පිළිගැනිවීමට මෙය අවස්ථාවක් කරගන්නා අතර මොනයම්ම හෝ හේතුවකින් ඉහත සඳහන් කල උපුල් ජයසූරිය වන් දහදුරා පුද්ගලයෙකුට නම යෝජනා දීමට ඉදිරිපත් වන පක්ෂය ගැන තීන්දු තීරණ ගැනීමට උගත් බුද්ධිමත් ඔබ වෙත භාර කරමු ..

    උපුල් ජයසූරිය සහ ඔහුගේ නඩය විසින් මෙරටට සිදු කල මිනිය නොහැකි පාඩුව ගැන එල්ල කල ඊතලය පහතින්,

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රථමයෙන් ස්ථාපිත කරණු ලැබුවේ ජේ.ආර් ජයවර්ධන විසිනි.1977 හයෙන් පහක අති බහුතර බලයකින් බලයට පත් ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ විවෘත ආර්ථික ක්‍රමයයි.1977ට පෙර අප රටේ පැවතියේ සංවෘත ආර්ථික ක්‍රමයයි.නමුත් එම තත්වය නොපිට පෙරලමින් විවෘත ආර්ථික ක්‍රමය රට තුල ස්ථාපත කිරීමත් සමඟ මුළු සමස්ත සමාජ පද්ධතියම ක්‍රමිකව වෙනස් වූයේ හොඳට වඩා නරක සමාජයට ග්‍රහනය වෙමිනි.

    විවෘත ආර්ථික ක්‍රමය ඇති කිරීම තුලින් අද වන විට රට මොන තරම් අරාජික තත්වයට පත්වී ඇතිදැයි කිවහොත් ගණිකා මඩම්,මසාජ් කිලිනික්,කුඩු, මත්ද්‍රව්‍ය ,මාෆියා කල්ලි ඇතුළු එකී මෙකී නොකී බොහෝ දේවල් රට තුල සංසරනය වීමට පටං ගත්තේ කළු සල්ලි ව්‍යාපරයද රජ කරමිනි.විවෘත ආර්ථික ක්‍රමයේ මූලික හර පද්ධතිය වන්නේ මුදල්ය.අම්මා තාත්තා මරා හෝ මුදල් ඉපයීමට හැකි නම් ඊට හොඳම සමාජ ක්‍රමය දැන් පවතිණු ඇත.

    රට තුල ආයේජන ඇතිකිරීම හා විදේශීය ආයෝජකයන්ට රටේ ආර්ථිකය අවශ්‍ය පමණටත් වඩා විවර කර ගැනීමේ අදිටනින් යුතුව ජේ.ආර්. ජයවර්ධන විසින් 1978 දී අංක 4 දරණ නීතිය මඟින් මහ කොළඹ ආර්ථික කොමිසම 1978 මාර්තු 7 වැනිදා පිහිටුවනු ලැබීය.එතැන් පටන් ආර්ථික කොමිසමට හිමිවූයේ විශාල බලයකි.ඒ හරහා අද වන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිථාපිත වී ඇත.

    අතීතයේ සිටම ආයෝජන මණ්ඩලයට යම් යම් ඡෝදනා එල්ල වුවද ඒවා සමාජය තුල අඩු වැඩි වශයෙන් කතාබහට ලක්විය.එහෙත්,2015 දී මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට එල්ල වූයේ බරපතල ඡෝදනාය.යහපාලනයේ ප්‍රථම ආයෝජන මණ්ඩල සභාපති ලෙස නීතීඥ උපුල් ජයසූරිය පත්වන විට ඔහුගේ අමාත්‍යාංශ ප්‍රධානියා වූයේ මලික් සමරවික්‍රමය.තකට තක කීවා සේ දෙදෙනාම විවිධ ඡෝදනා සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක්වූ චරත දෙකකි.

    ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට උපුල් ජයසූරිය පත්වූ පසු එම මණ්ඩලයට එරෙහිව විවිධ ඡෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ගොනු වී ඇති නඩු සංඛ්‍යාව 41 කි.ඔහු සිය තනතුරේ රාජකාරි සිදු කලේ වසර දෙකක් වැනි කෙටි කාලයකි.එම කාල පරිච්ඡේදයට නබු 31 ක් ආයෝජන මණ්ඩලයට ගොනු වීම තුලින්ම ඔහුගේ පරිපාලනයේ දුර්වලතාවය කැපී පෙනෙනවාට සැක නැත.

    එඩ්නා චොකෝ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ කමල් බුවනෙක ප්‍රකාශ කර සිටින්නේ තම ආයතනය මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දායකත්වය සපයන ප්‍රධාන සමාගමක් බවයි.වසර ගනනාවක් තිස්සේ විදේශීය ආයෝජන සමඟ කරන තමන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ඉතාමත් කිට්ටුවෙන් කටයුතු කරන බවය.එතෙක් මෙතෙක් කටයුතු කරන වකවානුව තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති වරු අතරින් උපුල් ජයසූරිය ඉතාමත් අයහපත් තත්වයකින් කටයුතු කර ඇති බව ඔහුගේ තර්කය වී ඇත.

    එම නිසා තම ආයතනයටද විශාල වශයෙන් පාඩු විඳිමට සිදුවූ බැවින් ඊට එරෙහිව තම ආයතනය ජනාධිපති නීතීඥ ලක්ෂ්මන් පෙරේරා හා සඳමාල් රාජපක්ෂ හරහා ආයෝජන මණ්ඩලයට විරුද්ධව නඩු පවරා ඇත.සී.ඒ. 465/2015 අංක දරණ එම නඩුවෙන් ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ උපුල් ජයසූරිය ආයේජන මණ්ඩලයේ සභාපතිව සිටියදී තම ආයතනය හරහා අයුතු ගණුදෙණු වල නියැලීමට උත්සාහ කල බවයි.

    එහෙත් තමන් ඊට එකඟ නොවුන බැවින් තම ආයතනය හා ආයෝජන මණ්ඩලය අතර විවිධ ප්‍රශ්න පැණ නැගුන බව එඩ්නා චොකෝ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ කමල් බුවනෙක මාධ්‍ය හරහා ප්‍රකිශ කර තිබිණි.ඔහුගේ තර්කය වී ඇත්තේ ආයෝජන මණ්ඩලය යනු ලංකාවට පැමිණෙන ආයොජකයින් හා ලංකාවේ ආයොකයන් සමඟ ඉතාමත් කිට්ටුවෙන් ගණුදෙණු කර රට ආර්ථික වශයෙන් ශක්තිමත් කීරීම සඳහා පියවර ගතයතු මණ්ඩලයක් බවය.

    එහෙත් උපුල් ජයසූරිය ආයේජන මණ්ඩලයේ සභාපති ධූරය දරණ විට එම තත්වයන් තිබී නැත.නිතරම පැවතී ඇත්තේ ආයේජකයන් හා මණ්ඩලය අතර අයුතු ගණුදෙනු හරහා මුදල් ඉපයීමේ ක්‍රමවේදයන් පසුපස දිව යාමටය.ආයෝජන මණ්ඩලයට එරෙහිව ඔහුගේ පාලනය තුල නඩු 41 ගොනු වීම  තුලින්ම එය පෙන්නුම් කෙරෙනු ඇත.

    නිවාරදි ආකාරයට කල්පනා කර බැලීමේදී උපුල් ජයසූරිය ආයේජන මණ්ඩලයේ සභාති ධූරය දරණ විට රට තුලට වැඩිපුර රැගෙන විත් ඇත්තේ ආයෝජන නොව නඩුය.දළ වශයෙන් සති දෙකකට එක නඩුව බැගින් ඔහු සිටි වසර දෙකක කාලය තුල රැගෙන විත් ඇති බව නඩු 41 ක් ආයෝජන මණ්ඩලයට එරෙහිව අධිකරණයට යොමු වීම තුල පෙන්නුම් කෙරේ.

    මෙහිදී තවත් සැලකිය යුතු කරුණක් වන්නේ ආයෝජන මණ්ඩලයට එරෙහිව යොමුවන මෙම නඩු වලදී පෙනී සිටින නීතීඥ සමාගම් හා නීතීඥයින් කවුරුන්ද යන්නය.උපුල් ජයසූරියද නීති ක්ෂේත්‍රෙය් ලොකු පලපුරුද්දක් ඇති නීතීඥයෙකි.එසේ නම් ඔහු තම මණ්ඩලයට පැමිණි එම නඩු ලබා දුන් සමාගම් හා ඔවුන් අතර යම්කිසි අනිසි ගණුදෙනුවක් සිදුවී ඇත්ද යන්න මණ්ඩලයේම ඇතැම් දෙනාගේ කතාබහට ලක් වී ඇත.

    ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස ඔහු කටයුතු කල කාලයේදී කොළඹ ජොසප් ලේන් හි පිහිටි ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගින් තායිලන්තයේ සිට මාළු ඇසුරුම් කරන කන්ටේනර් වලට මුවා වී සමාජයට අහිතකර අසුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන විත් ඔරුගොඩවත් රේගු අංගනයේ තිබියදී රේගු නිලධාරීන්ගේ අත් අංඩංගුවට පත්වී ඇත. එසේම බ්‍රැන්ඩියල් ටෙක්ස්ටයිල්ස් ආයතනය රසායනික ද්‍රව්‍ය කිලෝ දස දහස් ගනනක්ද රැගෙන විත් රේගු භාරයට පත්වී ඇත. 

    එම අවස්ථාවේදී ආයොජන මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් උපුල් ජයසූරිය රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට නියෝග කර ඇත්තේ රේගු අත්අඩංගුවට පත්වී තිබෙන එම දුව්‍ය නිදහස් කරන ලෙසය. උපුල් ජයසූරිය නීතීඥ වරයෙකි.ඔහු මේවා සිදුකලේ නීතිය නොදැන නොවේ.නීති විරොදී දෙයක් රැගෙන විත් ඒවා රේගු භාරයට පත්වූ පසු පරීක්ෂන පවත්වා නීති මගින් කටයුතු කරනවා මිස ඒවා නිදහස් කර හැරීමට රේගු නිළධාරීනට බලපෑමි එල්ල කිරීමට උපුල් ජයසූරියට ඇති නීතිමය හැකියාව කුමක්ද ?

    කඩුවෙල වැලිවිට පිහිට ඇමරිකන් ඇන්ඩ ඒ ෂීට් ලංකා ආයතනයද නූල් පංදු නීශ්පාදනය කිරීම සහා බදු මුදල් වංඡා කරමින් නූල් පිටරටින් ගෙන්වීමට එම කාල පරිච්ඡේදය තුල ක්‍රියා කර ඇති බව හෙළිවී තිබේ.

    ආයෝජන මණ්ඩලය හා අමාත්‍ය මලික් සමරවික්‍රම වග උත්තර කරු කරමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රෙය් විධායක අද්‍යක්ධ පූජ්‍ය අගුරුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින් අභියාචනාධිකරනයේ නඩුවක් ගොණුකර ඇත.වග උත්තර කරුවන්  50 දෙනෙක් නම් කරමින් ගොණුකර ඇති නඩුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ ආයෝජන මණ්ඩලයේ නිසි ප්‍රමිතියකින් තොරව රටට බදු මුදල් අහිමි කරමින් හොරණ ප්‍රෙද්ශයේ ටයර් කම්හල් ව්‍යාපෘතියක් ඇති කිරීම සඳහා ආයෝජන මණඩලය අවසර ලබා දී ඇති බවය.

    එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදී ඩෙලර් මිලියන 75ක් ලෙස අර්ථ දක්වා ඇතත් ඉන් පසුව එය ඩොලර් මිලියන 250ක් දක්වා වැඩිවීම සැක සහිත බවද උන් වහන්සේ ප්‍රකාශ කරන දෙයකි.මහින්ද රාජපක්ෂ පාලනය තුල ඔහුගේ මුදල්  ආයෝජනය කර ඩුබායිහිදී මහා හෝටලයක් ආරම්භ කල නන්දන ලොකුවිතාන නැමැත්තා හොරණ මෙම ටයර් කම්හල ඉදිකිරීමේ පුධාන නියොජිතයාය.එදා රාජපක්ෂ පාලනය තුල ඔහු දැඩි විවේචනයට ලක්විය.

    එම විවේචනය තුලින් ප්‍රකාශ වූයේ මහින්ද රාජපක්ෂ විසින් සිය පාලන කාලය තුල අයුතු ලෙස උපයන ධනය නන්දන ලොකුවිතාන සතුව තිබෙන බවය.එකී මුදල් වලින් ඩුබායිහී හෝටලය ඉදිකර ඇති බවය.යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු ඒ පිළිඳව පරීක්ෂන ආරම්භ කලද කාලයාගේ අවෑමෙන් එම පරීක්ෂන වියැකී ගොස් ඇත.අනතුරුව එම නන්දන ලොකුවිතාන සමඟ මලික් සමරවික්‍රම සබදතා ගොඩනගාගෙන හොරණ මෙම ටයර් කම්හල ඉදිකිරීමට ඔවුනොවුන් උත්සුක වී ඇත.

    නන්දන ලොකු විතානගේ ටයර් කෝපරේෂන් සමාගමට මෙය ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 567ක බදු සහන ලබි දී ඇත.ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක මෙම කම්හල හේතුකොටගෙන බදු සහන වලින් රජයට අහිමි වී ඇති මුදල දල වශයෙන් රුපියල් බිලියන 87කි.

    උපුල් ජයසූරිය හා මලික් සමරවික්‍රම තුල ඇත්තේ බිඳහෙලිය නොහැකි බොහෝම සැක කටයුතු ගණුදෙනුවක් බව ඇතැම් දෙනාගේ කතබෙහට ලක්වී ඇත.ඔහු ප්‍රකාශ කරන්නේ මලික් සමරවික්‍රම අමාත්‍යධූරය දරණ විට ඔහුගේ විෂය පතයට මහපොල ශිෂ්‍යත්ව අරමුදලද ගොනුව තිබූ බවය.එම මුදලයේ අරමුදල් සිංගප්පූරුවේ ශ්‍රී රාම් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ නිසි ක්‍රමවේදයකින් තොරව මිලියන දසදහසක කොටස් පවරා ඇත.

    මෙම ගණුදෙනුව සිදු කිරීම පිටුපස සිටින අතරමැදි පුද්ගලයා කව්ද ?2015 සිට 2018 දක්වා එම අතරමැදි ගණුදෙනුව හරහා එම පුද්ගලයා උපයා ඇති මුදල රුපියල් ලක්ෂ 300 ක් පමණ වේ.ශ්‍රී රාම් ආයතනය මහපොළ අරමුදලේ කොටස් වලින් හම්බන්තොට ගම්පහ අනුරාධපුර ප්‍රෙද්ශ වල මුදල් ආයෝජනය කරමින් පොල් රඹුටන් අඹ වගාවන් සිදුකර ඇති බව අනාවරනය වේ.

    මේ අයතා ගණුදෙනු වලන් ශ්‍රී රාම් ආයතනය රුපියල් මිලියන 1000 ක පමණ මුදලක් වංඡා කර ඇති බව සී.ඒ. 49/2106 නඩුව හරහා පෙන්නුම් කෙරෙනු ඇත.

    ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිසිඳු නියමිත පටිපාටියකින් තොරව තම වැටුපද අයුතු ලෙස වැඩිකරගෙන ඇත.ඔහුගේ මුල් වැටුප වූයේ රු.358154.00 කි එය ඔහු හිතුමනාලෙට රු.850000.00 දක්වා වැඩිකරගෙන ඇත.ඒ හරහා ඔහු තමන්ගේ හිඟ වැටුප් ලෙස ලක්ෂ 40ක පමණ මුදලක්ද ලබාගෙන ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ තොරතුරු දැණගැනීමේ පනත යටතේ ආයොජන මණ්ඩලයෙන් කරන ලද විමසුමකදී අණාවරනය වී ඇත.

    ආයෝජන මණ්ඩලයේ නීති අංශයේ සේවය කල නුගේගොඩ පනාගොඩ පාරේ පළමු පටුමගේ අංක 8බී දරණ ස්ථානයේ පදිංචි ශෙහාරා නවරත්නද උපුල් ජයසූරියට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩු පවරා ඇත.ඇය ආයෝජන මණ්ඩලය තුල අවංකව සේවය කල තැනැත්තියක් ලෙස සැලකෙණු ඇත.උපුල් ජයසූරිගේ නීතිවීරෝධී ක්‍රියා වලට අවනත නොවී අවංකව සේවය කිරීමට යාම තුල ඇයව සිය සේවයෙන් ඉවත් කර ඇති බව ඇගේ තර්කය වී තිබේ.

    එම නිසා ඇය විසින් තමාට එරෙහිව සිදු වූ අසාධාරණයට විරුද්ධව මේ වන විටත් අධිකරනයේ නඩු පවරා ඇත.ඒ උපුල් ජයසූරිය වගඋත්තර කරුවකු කරමිනි.අයෝජන මණ්ඩලයට පසුගිය කාල පරිච්ඡේදය තුල එල්ල වූ ඡෝදනා එකක්වත් සුභවාදී නැත.සුජීව සේනසිංහ ඇමති වරයාද අධවේගී දුම්රිය නිශ්පාදන ව්‍යාපෘතිය හරහා මහා පරිමානයෙන් අල්ලස් මුදලක නියැලීමට ගොස් එය හෙළිදරවු වීම හේතුකොටගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද මැදිහත් වී ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පියවර ගැනිනි.

    දිගින් දිගටම ආයොජන මණ්ඩලය තුල සිදුවූ මෙම දුෂිත ක්‍රියා අනාවරනය වීමට පටංගැනීමත් සමග ජනාධිපතිගේ නියමයෙන් එහි සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු සියළු අධ්‍යක්ස මණ්ඩල සාජිකයන් ඉවත් කිරීමට පියවර ගැනිනි.ප්‍රශ්නය වන්නේ එතරම් දූෂිත වැඩ කල නිලධාරීන්ව ඉවත් කිරීම හෝ ඉවත්වන ලෙස දැනවීම තුලින් ප්‍රශ්නය විසදෙනවාද යන්නය ? නිවැරදි ආකාරයට නම් සිදුවිය යුත්තේ දූෂිත වැඩ සිදු කල ආයොජන මන්ඩලයේ සභාපති ඇතුළු එම අධ්‍යක්ෂ වරුන්ට එරේහිව නීතිය ක්‍රියාවේ යෙදවීමය.

    එහෙත් එසේ නොකිරීම තුලින් ඔවුන් තව දුරටත් දූෂිත වැඩ කර උපයාගත් මුදලින් වැංඹෙනවා මිස ඊට එරෙහිව දඩුවමක් එහිමිවන්නේ නැත.ඒම ිසා ජනාධිපති වරයා වහාම මැදිහත්වී උපුල් ජයසූරියගේ සිට මේ වන තෙක් සභාපති ධූරය දැරූ සියළු දෙනාගේ පාලනයන් පිළිබඳව පූර්ණ පරෟක්ෂණයක් සිදුකර ඔවුන්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිය නිසි ලෙස ආයොජන මණ්ඩලය තුල ආයෝජනය කිරීමය.එසේ නොමැතිව ඔවුන්ව ඉවත් කිරීම තුලින් ඇතිවන සුගතියක් නැත.

    උපුටනය: ඊතලය

  • පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට තවත් අයෙක් කොටු කර ගනී

    පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට තවත් අයෙක් කොටු කර ගනී

    වව්නතිව් පොලිසියට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    වව්නතිව් පොලිසිය විසින් ඊයේ (03) සවස 4.30ට පමණ මෙම සැකකරු කොටු කර ගෙන ඇති බවත් ඔහු හිටපු එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශ නායකයෙකු බවත් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

    සැකකරු වයස අවුරුදු 40ක් වන කදිරාමතම්බි ඉරාජකුමාරන් නොහොත් කන්නන් යන කරයාකන්තිව් කන්නන්කුඩා ලිපිනයේ පදිංචි පුද්ගලයෙක් වන  අතර මෙම සිද්ධියට අදාළව මොහු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී ඇත.

  • අනතුරුදායක යතුරුපැදි ධාවකයින් 32 කට 7 ලක්ෂයක දඩයක්

    අනතුරුදායක යතුරුපැදි ධාවකයින් 32 කට 7 ලක්ෂයක දඩයක්

    පිළියන්දල, ජාලියගොඩ අතුරු පිවිසුම් මාර්ගයේදී ඉකුත් 10 වෙනිදා අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ යතුරුපැදිකරුවන් 32 දෙනෙක් එම වරද පිළිගැනීමෙන් පසු රු. 737,000 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

    මෙම සිදුවීමට පිළියන්දල පොලිසිය විසින් යතුරුපැදිකරුවන් 32ක් හා යතුරුපැදි 14ක් අත්අඩංගුවට ගනු ලැබුවා.

    ඉදිරිපත් කළ චෝදනා අනුව යතුරුපැදිකරුවන් 15 දෙනෙකුට රු. 24500/- ක්, 13 දෙනෙකුට රු. 21500/- බැගින් හා අනෙක් සිවුදෙනාට රු. 22500/- බැගින් දඩ නියම කර තිබෙනවා.

  • රථවාහන ‍පොලිස්පතිගේ වාහනයත් අනතුරක

    රථවාහන ‍පොලිස්පතිගේ වාහනයත් අනතුරක

    රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බස්නාහිර දිසාව භාර හා හිටපු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය ‍පොලිස්පති අජිත් රෝහණ මහතා අනුරාධපුර පූජා නගරයේ ශ්‍රී මහා බෝධි මාවත හරහා දහවල් ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ පිටුපස ත්‍රිරෝද රථයක් හැපීමෙන් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ රථයට බරපතළ හානි සිදුවූ බව අනුරාධපුර ‍පොලීසිය පවසයි.

    අජිත් රෝහණ මහතා ජය ශ්‍රී මහ බෝධිය වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී ශ්‍රී මහා බෝධි මාවතේදී යාචකයන් පිරිසකට දහවල් ආහාරය ලබා දීම සඳහා මෝටර් රථය මාර්ගය අයිනේ නවතා තිබියදී රථය පිටුපසින් නතර කර තිබූ ත්‍රිරෝද රථයක බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථය ඉදිරියට ඇදීගොස් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ මෝටර් රථයේ පිටුපස ගැටී අනතුර සිදුව ඇති බව ‍පොලීසිය පවසයි.

    ත්‍රිරෝද රථය පිටුපසින් පැමිණි මෝටර් රථයේ රියැදුරු හට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව ‍පොලීසිය පවසන අතර සිදුවූ අනතුරින් රථවාහන තුනටම අලාභ සිදුවූ අතර ඉන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති බව අනුරාධපුර ‍පොලීසියේ රථවාහන අංශය පවසයි.

  • කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සූක්ෂමව පළා යයි

    කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සූක්ෂමව පළා යයි

    කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

    පෙරේදා සිට මෙම සැකකරු අතුරුදහන් වී ඇති අතර මෙතෙක් ඔහු පැන ගිය ආකාරයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකි වී නොමැති අතර කෑගල්ල බන්ධනාගාරයේ සිට ඉකුත් 07 වැනිදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇති මෙම සැකකරු කලුතර බන්ධනාගාරයේ රැඳවීමට නියම වී සිටියේ කලුතර විභාග වෙන නඩුවක් සඳහා පෙනී සිටීමට ඇති බැවිනි.

    ඒ අනුව පෙරේදා (20) එම නඩුව විභාග වී ඇති අතර නඩුවට අදාළ සැකකරු පැමිණ නොමැති හේතුව සොයා බැලීමේදී මේ පිළිබඳ අනාවරණය වී ඇති අතර ඒ අනුව සැකකරු අතුරුදහන් වී ඇත්තේ කුමණ ස්ථානයකින්දැයි මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තාවේ.

    මීට මාස 6කට පමණ පෙර රුපියල් කෝටි දෙකකට අධික හෙරොයින් කිලෝ 2ක් සමඟ සැකකරු අතඅඩංගුවට ගෙන තිබූ බවත්  ඒ හොරණ ප්‍රදේශයේ සැඟව සිටියදී බවත් මෙම සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් වාර්තා වි ඇත.

    බන්ධනාගාර නිලධාරින්ගේ ඇස්වලට වැලි ගසා උපක්‍රමශීලිව සැකකරු පැණ ගියේ කෙසේදැයි මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ වී ඇති අතර කලුතර බන්ධනාගාරය වෙත මාරු කරන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින් ලෙසින් වෙස් වලාගෙන ව්‍යාජ බන්ධනාගාර රථයකින් පැමිණි පිරිසක් සැකකරු මුදාගෙන ඇති බවටයි මේ වන විට සැක කෙරෙන්නේ. සැකකරු කලුතර බන්ධනාගාරයට මාරු කළ ලිඛිත තොරතුරුද සඳහන් නොවන බවද පැවසේ.

    මෙලෙස මුදාගෙන ඇත්තේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් දෙදෙනෙකු වන සුසෙව් හා සිද්දික් නැමැත්තන්ගේ ප්‍රධාන ගෝලයෙකු බවටයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම සැකකරු මුලින්ම කලුතර බන්ධනාගාරයේද රඳවා සිට ඇති අතර එහිදී ද රුපියල් කෝටි 05ක් ලබා දී බන්ධනාගාරයෙන් පලා යෑමට සැළසුම් කර තිබූ බවද පසුව හෙළි වී ඇත.

  • පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය විකිණූ කොළඹ හතේ රූපලාවන්‍යාගාර හිමිකාරිණියට වැඩ වරදී…

    පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය විකිණූ කොළඹ හතේ රූපලාවන්‍යාගාර හිමිකාරිණියට වැඩ වරදී…

    කොළඹ 7 ග්‍රෙගරීස් රෝඩ් හි පවත්වාගෙන යන සුප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයක හිමිකාරිනියක් විසින් ඒ අවට පිහිටා ඇති ජාත්‍යන්තර පාසල් වල දරුවන් හට ඩාන්සින් වර්ගයේ මත් ද්‍රව්‍ය ඉතා අඩු මිලට විශාල ප්‍රමාණ වලින් විකිණීම සම්බන්ධයෙන් ඉහත කී පාසලක ඉගෙනුම ලබන දරුවකුගේ පියෙක් විසින් දුන් ඔත්තුවක් ඔස්සේ ක්‍රියාත්මක වුන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශය එම ස්ථානයේ ක්ෂණික වැටලීමක් කල බවත් එහිදී එම ස්ථානයේ තිබී අදාල මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වල සඳහන් වේ.

    ඉහත කී එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සුපිරි පන්නයේ දිවිපෙවෙතක් ගතකරන බවත් ඇය තදින්ම කුෂ් නැමැති මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී ඇති බවත් ඇය පිළිබඳව කල සරල විමර්ෂණ වලදී හෙලිවී ඇති අතර බම්බලපිටියේ ඇති සුපිරි සාප්පු සංකීරණයක තම වෙළද ආයතනය පවත්වාගෙන යන මුස්ලිම් තරුණයකු සිය තාවකාලික ලිංගික වල්ලභයා ලෙස ඇය විසින් මේ වන විට තෝරාගෙන ඇති බවත් ඩුබායි සිට ඇයට මෙම මත්ද්‍රව්‍ය ගෙන ඒමට ඒජන්ත වරයා ලෙස පෙනීසිටින්නේ ඔහු දැයි ප්‍රභල සැකයක් මතුවන හෙයින් මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශය විසින් මැයගේ තාවකාලික සහකරුවන්ගෙන් සියයකටත් එකක් වන එම මුස්ලිම් තරුණයා ගැන සෙවීමට පටං ගෙන ඇති බව එම ආරංචි මාර්ග වල වැඩිදුරටත් සඳහන් වේ.

    මෙම සිද්ධිය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශය විසින් නඩුවක් ගොනුකර ඇති අතර නඩු කටයුතු වලට එම රූපලාවන්‍යාගාර අධිපතිනිය විසින් ඇයට සමීප , සරලවම කිව්වහොත් ඇයගේ පහස ලබන ලොකු ලොකු පුටු වල සිය පෂ්චාත්භාගය රත්කරන ලොක්කන් නිසා,(ඒ අතර චීවරධාරිකේද සිටින බවට තොරතුරු ලැබී ඇත) නීතිය වල් වැදේදෝ යන සාධාරන බය හේතුවෙන් මේ පිළිබඳව වැඩි විස්තර පොලිස් ආරංචිමාර්ග වල සඳහන් නොවන බැවින් ලද විගස ඔබ වෙනුවෙන් එම විස්තර ඉඳිරිපත් කිරීමට අප සපථ කරමු.ඒ මන්ද යත් යාන්තමින් හය හතර කියවන අපේ දරු පරපුර මත් රකුසාට බිල්ලට දෙමින් තමන්ගේ සුර සැප පතන මෙවන් දහදුරා ගැහැණුන්ගේ නිරුවත රට හමුවේ හෙළිකිරීමටත් එමෙන්ම මෙවන් දුර්ජනයින්ට උපරිම දඩුවම් දීමටත් අප නිරතුරුවම අපේ මාතෘභූමිය වෙනුවෙන් බැඳී සිටින බැවිනි.

    රටේ හෙට දවස තීරණය කරන අපේ දරුපරපුර රැකගනිමු!!! ඒ වෙනුවෙන් සියළු බේද හැරදා එකතු වෙමු!!!

    මාතෘභූමියට ජය!!!!!

     

  • බෆල් එකක්‌ දෙන්නම් කියා පාළු නිවසක ගරාජයක වෑන් එකකට ගෙනිහිල්ලා පාසල් දරුවාට අතවර කළ පොහොට්‌ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්

    බෆල් එකක්‌ දෙන්නම් කියා පාළු නිවසක ගරාජයක වෑන් එකකට ගෙනිහිල්ලා පාසල් දරුවාට අතවර කළ පොහොට්‌ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්

    මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු (පොහොට්‌ටුව) විසින් 14 හැවිරිදි පාසල් සිසුවකු වෑන් රථයක්‌ තුළදී අපහරණයට ලක්‌ කළ බවට මාතලේ පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ මත එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.
     
     උකුවෙල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන මොහු ලබන 31 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතලේ වැඩ බලන මහෙස්‌ත්‍රාත් සිරිල් විමලසේන මහතා ඊයේ (19 ) නියෝග කරන ලදී.
     
     සැකකාර ප්‍රාදේශීය මන්ත්‍රීවරයා උකුවෙල – ගුරලවෙල පදිංචි දෙදරු පියෙකි.
     
     ඉකුත් 14 දින උකුවෙල – ගුරලවෙල කන්දේ මඩ ගම්මානයේ තිබූ මළගෙදරක සිය ලොකු අම්මා සමග පාසල් සිසුවාද සහභාගි වී ඇත. එම මළගෙදරට සැකකාර මන්ත්‍රීවරයාද සහභාගි වී සිට ඇත. එහිදී සැකකාර මන්ත්‍රීවරයා සිසුවා සමග උපක්‍රමශීලීව සුහද වී මිතුදමක්‌ ගොඩනගා ගෙන ටික වේලාවකින් තමන් පැමිණි යතුරුපැදියේ යතුර නැති වී ඇති බැවින් එය සොයා ගැනීමට උදව් කරන ලෙස සිසුවාගෙන් ඉල්ලා තිබේ.
     
     පාසල් දරුවා තම ලොකු අම්මාට මේ බව පවසා අවසර ගෙන මන්ත්‍රීවරයා සමග දරුවා මළ ගෙදරින් පිටතට පැමිණ යතුර සොයා ටික වේලාවකින් යතුර හමු වී ඇති බව පවසා එය සොයාදීමට උදව් කළාට පාසල් සිසුවාට තෑග්ගක්‌ ලෙස බෆල් එකක්‌ ලබාදීමට යෑයි පවසා තමා සමග පැමිණෙන ලෙස දන්වා යතුරු පැදියේ පිටුපස නංවා ගෙන මළගෙදර සිට කිලෝ මීටර් හතරක්‌ පමණ දුරින් වූ උකුවෙල නුගපිටිය ප්‍රදේශයේ පාළු වත්තක පිහිටි නිවෙසකට රැගෙන ගොස්‌ තිබේ. පසුව ඒ අසල ගරාජයක නතර කර තිබූ වෑන් රථයක්‌ තුළදී තමාව අපහරණයට ලක්‌ කළ බව සිසුවා පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයට 17 දින පැමිණිලි කර ඇත.
     
     අපහරණයට ලක්‌ වූ සිසුවා විශේෂඥ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ.

  • ජනපති විසින් ආයෝජන මණ්ඩලයෙන් එලවූ උපුල් ජයසූරිය 2016 ප’පචුවල් එකෙනුත් ලක්ෂ විසිපහක් ගත් බව පිළිගනී

    ජනපති විසින් ආයෝජන මණ්ඩලයෙන් එලවූ උපුල් ජයසූරිය 2016 ප’පචුවල් එකෙනුත් ලක්ෂ විසිපහක් ගත් බව පිළිගනී

    පසුගිය දිනකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී නීතීඥ උපුල් ජයසූරිය නීතීඥ සංගමයේ සභාපතිව සිටි සමයේ බැඳුම්කර වංඡාවට සෘජුවම හවුල් පපචුවල් ට්‍රෙෂරර්ස් ආයතනයෙන් ලක්ෂ විසිපහක චෙක්පතක් බලා ගැනීම ගැන මාධ්‍යෙව්දියකු යොමු කල ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා රන්ජන් රාමනායක මහතා එවෙලේ මෙම උපුල් ජයසූරියට දුරකනයෙන් අමතන ලදී.

    එම අවස්ථාවේදී ස්පීකර් ෆෝන් දාන්නට එපා කියූ උපුල් ජයසූරිය රන්ජන් නියෝජ්‍ය ඇමතිතුමාට කියා සිටියේ ඔහු සභාපතිව සිටියදී ඔහු විසින් සංවිධානය කල ඉවෙන්ට් එකකට මෙම ලක්ෂ විසි පහ ලබාගත් බවයි.(අදාල වීඩියෝව පහතින් ඇත)මෙම උපුල් ජයසූරිය නම් තැනැත්තාව පසුගිය කාලයේ ජනපති තුමන් විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති කමින්ද ඉවත් කරන ලද්දේ මොහුට විරුද්ධව ආයෝජන මණ්ඩලයේ පමණක් ඡෝදනා 241ක් පමණ ඇති හෙයින් බව වෙබ් මාධ්‍ය වාර්ථා බොහොමයක සඳහන්ව තිබූ අතර.මෙම උපුල් ජයසූරිය සමස්ථ නීති වෘත්තිකයින්ටම මහත් කැළලක් බව අප සමඟ අදහස් පවසා සිටි නීතීඥ වරු බොහොමයක් පවසා සිටියේය.

  • වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්, අයිවන් සිල්වා වහාම අත්අඩංගුවට

    වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්, අයිවන් සිල්වා වහාම අත්අඩංගුවට

    රුපියල් කෝටි 401ක මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක සැකකරුවෙකු වන වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ අයිවන් සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඒ සඳහා විවෘත වරෙන්තු නිකුත් කළාය.

    අයිවන් සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලීසියට නියම කළ මහේස්ත්‍රාත්වරිය එම විවෘත වරෙන්තුවේ ඉංග්‍රීසි භාෂාවේ පිටපතක්  ජාත්‍යන්තර  පොලීසියට  යැවීමටද  නියම කළාය.

    ‘ගිං නිල්වලා’ ව්‍යාපෘතියට වෙන්කළ මුදලින් රුපියල් කෝටි 401ක මුදලක් අවභාවිත කරන ලදැයි කියන කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු දැනුම්දෙමින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර අවස්ථාවකදී වරෙන්තු නිකුත් කොට ඇති බවත්, එම වරෙන්තුව ජාත්‍යන්තර පොලීසියට යවා ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් පිළිතුරු ලැබී නැතැයි ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙලෙස විවෘත වරෙන්තුව නිකුත් කළාය.

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කරන ලද්දේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වනු  කේ.ඩබ්ලිව්. අයිවන් ද සිල්වා මහතාය.

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධියට අදාළව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය විසින් ‘ගිං නිල්වලා’ යෝජනා ක්‍රමය සී.ඒ.එම්.සී. ඉංජිනියරින් සමාගම සමග එක්ව ඉදිකිරීමට නියමිතව තිබූ බවත්, ඒ සඳහා සී.ඒ.එම්.සී. ඉංජිනියරින් සමාගමේ සභාපතිවරයා වූ ලියේ යැං මහතා සමග සැකකරු විසින් ඉකුත් 2014 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනිදා ගිවිසුමක් අත්සන් කර තිබූ බවත් දැනුම් දුන්නේය.

    ‘ගිං නිල්වලා’ යෝජනා ක්‍රමයට වැය වන මුදලින් සියයට පහක මුදලක් වූ රුපියල් මිලියන 4012ක මුදලක් සැකකරු විසින් අවභාවිත කොට ඇතැයි දැනුම් දුන්  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම සිද්ධියට අදාළව සැකකරුගෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා අවශ්‍ය වුවත් සැකකරු රටින් පළාගොස් නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර ජීවත්වන බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

    මේ සිද්ධියට අදාළව සැකකරුගේ ගිණුමෙන් චෙක්පත් 11ක් මගින් රුපියල් 7,822,000ක මුදලක් සංසරණය වී ඇති බවද, ඉන් චෙක්පත් 06ක් මුදල් කර රුපියල් 2,220,000ක මුදලක් නාවලපිටිය තේ වත්තක් හිමි ඔහුගේ සොයුරියගේ සැමියාගේ ගිණුමකට බැර කර ඇති බවද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බවද දැනුම් දුන් පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදු කරන බවත් දැනුම් දුන්නේය.

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය යළි කැඳවනු ලබන දෙසැම්බර් මස 10 වැනිදා සිද්ධියට අදාළව කරන පරීක්‍ෂණවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙසද නියම කළාය.

  • විශේෂඥ වෛද්‍යවරිය මත්පැන් බොන සීසීටිවී දර්ශන හමුවෙයි… – බොරු වාර්තා දුන් කළුබෝවිල දොස්‌තර ගැන පරීක්‍ෂණ

    විශේෂඥ වෛද්‍යවරිය මත්පැන් බොන සීසීටිවී දර්ශන හමුවෙයි… – බොරු වාර්තා දුන් කළුබෝවිල දොස්‌තර ගැන පරීක්‍ෂණ

    පැපිලියාන, වික්‍රමරත්න මාවත ප්‍රදේශයේදී අපරීක්‍ෂාකාරී අන්දමින් රත්නපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක විසින් පැදවූ සුඛෝපභෝගී රථයකට හැපී පොලිස්‌ පරීක්‍ෂකවරයකු මරුමුවට පත්වී ඔහුගේ බිරිඳට හා දරු දෙදෙනාට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන පොලිසිය ඇය මත්පැන් පානය කළ බවට තවත් සාක්‍ෂියක්‌ සොයාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ඊයේ (7) පැවැසීය.

    සැකකාර වෛද්‍යවරිය ගල්කිස්‌ස රාත්‍රි සමාජ ශාලාවක තවත් කීප දෙනකු සමග වාඩිවී මත්පැන් පානය කරන ආකාරය සහිත සීසීටීවී දර්ශන මේ වන විට සොයාගෙන ඇතැයි ද හෙතෙම කීය.

    එහි ඇය වරක්‌ මත්පැන් පානය කරමින් සිට නැගිට ගොස්‌ යළි පැමිණ වාඩිවී මත්පැන් පානය කරන ආකාරය පැහැදිලිවම දක්‌නට ඇතැයිද හෙතෙම කියා සිටියේය.

    මීට අමතරව එහි වේටර්වරයකු ද මැය එහි සිට මත්පැන් පානය කළ බවට ප්‍රකාශයක්‌ ලබාදී ඇතැයිද හෙතෙම කියා සිටියේය. මේ අතර මෙම සැකකාර වෛද්‍යවරිය මත්පැන් පානය නොකළ බවට අසත්‍ය වාර්තාවක්‌ ඉදිරිපත් කළ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරයා සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවද හේ කීය.

    re1බීමත්ව සිටි වෛද්‍යවරිය ඉදිරිපත් කළ අවස්‌ථාවේ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරයා සෙම්ප්‍රතිෂ්‍යාව රෝගයෙන් පෙළුණු බවට මේ වන විට පවසා ඇතැයිද වාර්තාවේ.

    සැකකාර විශේෂඥ වෛද්‍යවරිය හෙට (9) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නුගේගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළද වෛද්‍යවරිය වැලිකඩ බන්ධනාගාරගත නොවී කළුබෝවිල මහ රෝහලේ ඊයේ (7) දිනයේත් නේවාසිකව සිටි බවද එම නිලධාරියා කීය.

    2018.09.30 වැනිදා අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස්‌ තිබුණේ බම්බලපිටිය පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයට අනුයුක්‌තව සේවය කරමින් සිටි අජන්ත ගාමිණී (51) නමැති තිදරු පියෙකි.

    මෙම සැකකාර වෛද්‍යවරියගේ මුවින් මත්පැන් ගඳක්‌ වහනය නොවන බවට අසත්‍ය වාර්තා ඉදිරිපත් කළ කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවද එම නිලධාරීයා කියා සිටියේය.

    මෙම වෛද්‍යවරිය ලබාදුන් ඇල්කෝ ලයිසරයේ (බැලුමේ) මැය මත්පැන් පානය කළ බවට පැහැදිලිවම දක්‌නට ඇති බවත් එම සාක්‍ෂියද අධිකරණයට යොමු කර ඇති බවත් හෙතෙම කීය.

    සැකකාර විශේෂඥ වෛද්‍යවරිය හෙට (9 ) නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ පිළිබඳව බොරලැස්‌ගමුව පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියංක ද සිල්වා මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ

  • මාරක රිය අනතුර කල දොස්තර නෝනා මත්පැන් බිව් බවට සමාජ ශාලාවෙනුත් සාක්ෂි දෙද්දී ඉස්පිරිතාලෙන් බීල නෑ කියයි

    මාරක රිය අනතුර කල දොස්තර නෝනා මත්පැන් බිව් බවට සමාජ ශාලාවෙනුත් සාක්ෂි දෙද්දී ඉස්පිරිතාලෙන් බීල නෑ කියයි

    පසුගියදා බොරලැස්ගමුව, වික්‍රමරත්න මාවතේදී සිදුවූ මාරක රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්වුනා.  විශේෂඥ වෛද්‍යවරියක් බීමතින් අපරික්‍ෂාකාරීව රිය පැදවීම නිසා මෙම අනතුර සිදුවූ බවයි අනාවරණය කරගෙන තිබුනේ. ඒ අනුව අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී රථය පැදවූ විශේෂඥ වෛද්‍ය  ටිරානි කාවින්ද්‍යා මෙම මස 09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබුණද ඇය තවමත්  කළුබෝවිල මහ රෝහලේ 11 වැනි වාට්‌ටුවේ බන්ධනාගාර නිලධාරිනියන්ගේ රැකවල් මැද ප්‍රතිකාර ලබන බව සඳහන්. කෙසේ වෙතත් අනතුරින් ඇයට කිසිදු තුවාලයක්‌ සිදුවී නොමැති බවත්, බන්ධනාගාරගත නොවී කෙලින්ම උසාවියට ඉදිරිපත් වීමේ අරමුණින් ඇය රෝහලේ සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
    මේ අතර අනතුර සිදුවන අවස්ථාවේ අදාළ වෛද්‍යවරිය බීමතින් නොසිටි බවට කළුබෝවිල රෝහල් වෛද්‍යවරුන් නිකුත් කර ඇති වාර්තාව අසත්‍ය බවත් මේ හේතුවෙන් රෝහලේ ක්‍රියාකාරීත්මය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයත් ඇතිවී ඇති බවත් සඳහන්. කෙසේ වෙතත් පොලිසිය විසින් අදාළ වෛද්‍යවරියට ඇල්කෝ ලයිසරයක්‌ (බැලුමක්‌) පිම්බීමට දී ඇති අතර, එහිදී ඇය බීමත්ව සිටි බව තහවුරු වී ඇති අතර වෛද්‍යවරිය ගිය බව කියන ගල්කිස්‌ස රාත්‍රි සමාජ ශාලාවේ වේටර්වරයකුගෙන් ලබා ගත් කටඋත්තරයකදී ඇය මත්පැන් පානය කළ බව ප්‍රකාශ කර තිබෙනවා.
    මෙම වෛද්‍යවරිය කොහුවල දෙස සිට බොරලැස්‌ගමුව දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් සිය සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කරන අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණෙන පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ රථයේ ගැටෙන ආකාරය අසල වෙළෙඳසලක තිබූ ආරක්ෂිත කැමරාවල ඉතා පැහැදිලිව සටහන් වී තිබුණා.
    අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ සහ දරු දෙදෙනා තවමත් ප්‍රතිකාර ලබන අතර බොරලැස්‌ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියන්ත සිල්වා මහතාගේ උපදෙස්‌ මත නිලධාරීන් කණ්‌ඩායමක්‌ සහ කළුබෝවිල රෝහල් පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.
  • මන්නාරම් සතොස ගබඩා භූමියේ දැනට සොයාගත් ඇටසැකිලි 148 අතුරින් කුඩා ළමා ඇට සැකිලි 17ක්

    මන්නාරම් සතොස ගබඩා භූමියේ දැනට සොයාගත් ඇටසැකිලි 148 අතුරින් කුඩා ළමා ඇට සැකිලි 17ක්

    අද (02) උදෑසන වන විට මිනිස් ඇටසැකිළි 148 ක් හමු වී ඇතැයි මන්නාරමේ සතොස ගබඩාව අසලින් සොයාගත් සමූහ මිනී වළේ කැණීම් කටයුතු බාරව සිටින මහාචාර්ය රාජ් සෝමදේව පැවසයි.
    මෙම මිනිස් ඇටසැකිළි 148 හමු වී ඇත්තේ සතොස තොග ගබඩාව අසල වූ සමූහ මිනී වළේ මීටර් 12 ක් දිග මීටර් 8 ක් පළල වූ කොටසකින් බවත් දැනට හමු වී ඇති මෙම මිනිස් ඇට සැකිළි 148 අතර කුඩා ළමයින් 17 දෙනෙකුගේ ඇටසැකිළි අයත් බවද කැණීම් බාර නිලධාරීන් කියා සිටියි.
    කැණීම් බාර නිලධාරීන් තවදුරටත් කියා සිටින්නේ මෙම සමූහ මිනී වළේ කැණීම් කටයුතු අවසන් කිරීම සඳහා ගතවන කාලය පිළිබඳව ස්ථිර යමක් ප්‍රකාශ කිරීමට තවමත් නොහැකි බවයි.
  • නියෝමාල් රංගජීවට ඇප

    නියෝමාල් රංගජීවට ඇප

    අභියාචනාධිකරණය විසින් නියම කළ ඇප කොන්දේසිවලට අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ ඊයේ (27) නියෝග කළා. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්  27 දෙනෙකු 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස්  පරීක්ෂක නියෝමාල්  රංගජීව රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියා. කෙසේවෙතත් නඩුවේ දෙවන සැකකරු වන  හිටපු  බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ලමාහේවාට ඇප හිමිවුයේ නැහැ.
  • ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව ඔක්‌. 29 දා සිට දිනපතා විභාගයට

    ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව ඔක්‌. 29 දා සිට දිනපතා විභාගයට

    ලිට්‌ට්‍රො ගෑස්‌ සමාගමට අයත් රුපියල් මිලියන 500 ක්‌ අවභාවිත කිරීම ඇතුළු අධිචෝදනා 24 ක්‌ යටතේ හිටපු ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්‌ෂි විභාගය ලබන ඔක්‌තෝබර් 29 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට ස්‌ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (19) නියෝග කළේය.

    එම නඩුවේ පැමිණිල්ලේ සාක්‌ෂිකරුවන් ලෙස නම් කොට ඇති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස, නීතිඥ රුවිනි ධර්මවර්ධන ඇතුළු සිවුදෙනකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමට ද සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න හා චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුවරු විශේෂ මහාධිකරණ ලේඛකාධිකාරී උපුල් නන්දන මහතාට නියෝග කළහ.

    එම නඩුවේ පැමිණිල්ලේ සාක්‌ෂි ලෙස ඉදිරිපත් කොට ඇති ලේඛන සම්බන්ධයෙන් විත්තිය යම් පිළිගැනීමක්‌ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීම සඳහා එම නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේය.

    2014.02.01 හා 2015.01.20 කාලය අතරතුරදී කොළඹදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ ලිට්‌ට්‍රොa ගෑස්‌ සමාගම විසින් කැන්වීල් හෝල්ඩින්ග් සමාගම වෙත යවන ලද රුපියල් මිලියන 500 ක මුදලක්‌ වංක ලෙස හෙලැන්කෝ හොටෙල්ස්‌ ඇන්ඩ් සපා පුද්ගලික සමාගමට බැර කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු මුදල් විශුද්ධිකරණය වැළැක්‌වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇතැයි අධිචෝදනා නඟමින් නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.

    ගාමිණී සේදර සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්‌ඩාර හපුහින්න හා ලියනගේ ලසන්ත බණ්‌ඩාර යන සිවුදෙනාට එරෙහිව පවරා ඇති එම නඩුවෙන් නීතිපතිවරයා ගොනු කර ඇති අධිචෝදනා සනාථ කිරීමට පැමිණිල්ල වෙනුවෙන් සාක්‌ෂිකරුවන් 63 දෙනකු හා නඩු භාණ්‌ඩ (ලේඛන) 92 ක්‌ නම් කර ඇත. 

    නීතිඥ චමින්ද අතුකෝරළ, නලින්ද ඉන්ද්‍රතිස්‌ස, සෞම්‍යා මුතුකුඩ, නිරොෂන් සිරිවර්ධන, නවීන් මාරපන ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සමඟ ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන, අනිල් සිල්වා, අලි සබ්රි යන මහත්වරුන් විත්තිය නියෝජනය කළ අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

  • පොලිස්පතිට ඉල්ලා අස්වීමට ජනපති සහ අගමැති සති දෙකක් දෙයි

    පොලිස්පතිට ඉල්ලා අස්වීමට ජනපති සහ අගමැති සති දෙකක් දෙයි

    සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    පසුගිය දිනවල පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචන රැසක්ද පැවති හෙයින් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

    (under the courtesy of srilankamirror.lk news web