Category: සුපිරි Cases

  • ජනපති – ගෝඨා ඝාතන චෝදනාව හෙළි කළ ඔත්තුකරුට ‍පොලිසිය මුදල් ගෙවා නෑ

    ජනපති – ගෝඨා ඝාතන චෝදනාව හෙළි කළ ඔත්තුකරුට ‍පොලිසිය මුදල් ගෙවා නෑ

    ජනාධිපතිවරයා හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව හෙළි කළ පුද්ගලයා ‍පොලිස් ඔත්තුකරුවකු බවත් ඔහු ‍පොලීසියට ලබාදී ඇති ඇතැම් ඔත්තු සම්බන්ධයෙන් මුදල් ගෙවීම් ප්‍රමාද වී ඇති බවටත් තොරතුරු වාර්තා වන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (19) පැවැසීය.

    කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදාළ සිදුවීම පිළිබඳව මාධ්‍යය විමසූ ප්‍රශ්න හමුවේ ඇමැතිවරයා:

    අදාළ පුද්ගලයා මීට පෙර ‍පොලීසියට ලබාදුන් ඔත්තුවකට රුපියල් ලක්ෂ 5 ක් ගෙවා තිබෙනවා. මහනුවර සිදුවීම සම්බන්ධයෙනුත් ඔහු තොරතුරු සපයා තිබෙනවා. නමුත් ඒ සඳහා ඔහුට තාම ‍පොලීසිය මුදල් ගෙවා නොමැති බව වාර්තා වන බවද ඇමැතිවරයා පැවැසීය.

    මොහු කරන චෝදනාව බරපතළයි. මේ පිළිබඳව ‍පොලිස්පතිවරයා ජනපතිවරයාටත්, අගමැතිවරයාටත් වාර්තාවක් සපයා තිබෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා. එම පරීක්ෂණවලට රජය ඇඟිලි නොගසන බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.

    අදාළ චෝදනාව එල්ල කළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කළ පසු ඩී.අයි.ජී. වරයාගෙනුත් ප්‍රශ්න කරනු ඇති බව රාජිත සේනාරත්න මහතා පැවැසීය.

    වත්මන් ‍පොලිස්පතිවරයාගේ ඇතැම් හැසිරීම් පිළිබඳව මාධ්‍යය මෙහිදී ඇමැතිවරයාගෙන් කරුණු විමසූ අවස්ථාවේ එවැනි හැසිරීම් සම්බන්ධයෙන් තමාද එකඟ නොවන බව රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවැසීය.

  • ඩීඅයිජී නාලක අනිවාර්ය නිවාඩු යවන්න පොලිස්‌පතිට නියෝග

    ඩීඅයිජී නාලක අනිවාර්ය නිවාඩු යවන්න පොලිස්‌පතිට නියෝග

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වහාම අනිවාර්ය නිවාඩු යවන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට ඊයේ (19) නියෝග කළේය.

    නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවා මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ පවත්වන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය මගින් ජාතික පොලිස්‌ කොමිසම වෙත නිර්දේශ කර තිබිණි.

    චෝදනා ලැබ සිටින නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ සේවය වහාම අත්හිටුවන ලෙස දන්වමින් ජාතික පොලිස්‌ කොමිසම ඊයේ සවස පොලිස්‌පතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක්‌ කරන ලදී.

    මේ අතර මෙම ඝාතන කුමන්ත්‍රණය සඳහා පාවිච්චි කළ බව කියන ජංගම දුරකථන රජයේ රස පරීක්‌ෂකවරයා වෙත ඉදිරිපත් කර කටහඬ පරීක්‌ෂාවක්‌ කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව අධිකරණයෙන් ඊයේ අවසර ලබා ගත්තේය.

    නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී ජාතික පෙරමුණේ අධ්‍යක්ෂ නාමල් කුමාර අතර පැවැති දුරකථන සංවාදයේදී සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රසන්න අල්විස්‌ මහතාගේ නමද සඳහන්වී තිබිණි.

    සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රසන්න අල්විස්‌ මහතාට නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගෙන් එල්ල වී තිබූ බව කියන තර්ජන පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කටයුතු කළේය.

    මෙම කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගෙන් මෙන්ම පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස්‌දෙනකුගෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ගැනීමට නියමිතය.

  • පාසල් දැරියකගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහැරපු සිසුවාට වැඩ වරදී

    පාසල් දැරියකගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහැරපු සිසුවාට වැඩ වරදී

    යළි පාසල් සිසුවා විසින් රූමස්‌සලට යැම සඳහා පාසල් සිසුවියට කතා කොට ඇත. එහිදි පාසල් සිසුවිය ඒ සඳහා අදිමදි කොට ඇත. රූමස්‌සල යැම සඳහා තමන් සමග නොපැමිණියහොත් අසැබි වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පාසල් සිසුවා විසින් පාසල් සිසුවියට පවසා ඇත. එමෙන්ම මෙම දර්ශන තම මිතුරන්ට ලබාදෙන බවද පාසල් සිසුවා විසින් එස්‌. එම්. එස්‌. පණිවුඩ මගින් පාසල් සිසුවියට දන්වා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

    ගාල්ල පොලිසියේ කොට්‌ඨාස හා ළමා කාන්තා කාර්යාංශය මගින් පාසල් සිසුවියකගේ අසභ්‍ය දර්ශන වීඩියෝගත කොට එම දර්ශන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන ඇත.
     
     ගාල්ල පොලිසිsයේ කොට්‌ඨාස හා ළමා කාන්තා කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ ගැන විමර්ශනයක්‌ සිදු කරනු ලැබීය. පාසල් සිසුවියක්‌ අපයෝජනයට ලක්‌කොට එම දර්ශන වීඩියෝගත කොට අන්තර්ජාලයට මුදාහැර, ලිංගික කටයුතු කිරීමට පාසල් සිසුවියට දිගින් දිගටම ඇවිටිලි කිරීම යන චෝදනාව යටතේ පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.
     
     පාසල් සිසුවිය වයස අවුරුදු 16 ක්‌ හා මාස 07 ක්‌ වියෑති දැරියක්‌ වන අතර ඇය ගාලු නගරයේ පිහිටි පාසලක ඉගෙනුම ලබන සිසුවියකි. පාසල් සිසුවාද ගාල්ල නගරයේ පිහිටි පාසලක ඉගෙනුම ලබයි. මෙම පාසල් සිසුවිය හා සිසුවා අතර ප්‍රේම සම්බන්ධතාවක්‌ තිබී ඇති බැව් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. පසුව මොවුන් දෙදෙනා ගාල්ල ධර්මපාල උද්‍යානයට පැමිණ කථා බස්‌ කරමින් සිට ඇත. නිදහසේ කතා කිරීම සඳහා රූමස්‌සලට යැම සඳහා පාසල් සිසුවා විසින් පාසල් සිසුවියට යෝජනා කොට ඇත. ඒ අනුව පාසල් සිසුවිය ද කැමැත්තෙන් පාසල් සිසුවා සමඟ රූමස්‌සලට ගොස්‌ ඇත. පසුව දෙදෙනා රූමස්‌සල කඳු වැටිය පහළට ගොස්‌ ඇති අතර පාසල් සිසුවා විසින් පාසල් සිසුවිය අපයෝජනයට ලක්‌ කොට එම දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝගත කොට ඇත. මේ අයුරින් පසුගිය අගෝස්‌තු මාසයේ දින හතරක්‌ මෙම පාසල් සිසුවා සිසුවිය රූමස්‌සලට ගොස්‌ ඇති බැව් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. මුල්දින දෙක තුළ පාසල් සිසුවිය කැමැත්තෙන් පාසල් සිසුවා සමඟ රූමස්‌සලට ගොස්‌ ඇත.
     
     යළි පාසල් සිසුවා විසින් රූමස්‌සලට යැම සඳහා පාසල් සිසුවියට කතා කොට ඇත. එහිදි පාසල් සිසුවිය ඒ සඳහා අදිමදි කොට ඇත. රූමස්‌සල යැම සඳහා තමන් සමග නොපැමිණියහොත් අසැබි වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පාසල් සිසුවා විසින් පාසල් සිසුවියට පවසා ඇත. එමෙන්ම මෙම දර්ශන තම මිතුරන්ට ලබාදෙන බවද පාසල් සිසුවා විසින් එස්‌. එම්. එස්‌. පණිවුඩ මගින් පාසල් සිසුවියට දන්වා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
     
     මේ පිළිබඳ විමර්ශනය කළ කොට්‌ඨාස හා ළමා කාන්තා කාර්යාංශය මගින් පළමුව අන්තර් ජාලයට මුදාහැර තිබූ පාසල් සිසුවියගේ අසැබි වීඩියෝ දර්ශන දකුණු පළාත් පරිගණක ඒකකයේ සහාය ඇතිව අන්තර් ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය. පසුව පාසල් සිසුවා හා සිසුවිය අතර ඇතිවූ දුරකථන සංවාද හා එස්‌. එම්. එස්‌. පණිවුඩ පිළිබඳ පරීක්‍ෂණ පවත්වා පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇත. මේ අයුරින් ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන ඇතැම් ලාබාල පෙම්වතුන් පෙම්වතියගේ අසභ්‍ය දර්ශන වීඩියෝගත කොට අන්තර්ජාලයට මුදාහරින බවට පවසා ලාබාල පෙම්වතියන් දඩමීමා කරගන්නා බවද කොට්‌ඨාස හා ළමා කාන්තා කාර්යාංශය පවසයි.
     
     සැකකාර පාසල් සිසුවා අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති අතර ගාල්ල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි අනුරුද්ධ බණ්‌ඩාර හක්‌මන මහතාගේ උපදෙස්‌ මත ගාල්ල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක අජිත් කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ ගාල්ල පොලිසියේ කොට්‌ඨාස හා ළමා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා අල්ගෙවත්ත මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් විමර්ශනÊය කොට පාසල් සිසුවා අත්අඩංගුවට ගනු ලැබීය.

  • මිනීමැරුම් නඩුව අවසන් වනතුරු පුත්තලම සභාපති රිමාන්ඩ්

    මිනීමැරුම් නඩුව අවසන් වනතුරු පුත්තලම සභාපති රිමාන්ඩ්

    එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවති නඩුවේ ප්‍රධාන සැකකරු වූ සභාපතිවරයා අධිකරණ නියෝග මත ඇපමත මුදාහැර සිටි අතර ඔහු ඉකුත් 10 වැනිදා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත සම්මේලනයකට සහභාගි වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටත්ව යැමට සූදානම් වන අවස්‌ථාවේ ගුවන්තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. 

    පුත්තලම ප‍්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතාට එරෙහිව පුත්තලම අධිකරණයේ විභාග වන මිනිස් ඝාතන නඩුවේ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් නඩුව අවසන් වනතුරු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුමපටබැඳිගේ මහතා ඊයේ (17) නියෝග කළේය.

    2010 වර්ෂයේ ජනවාරි මස 16 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මදුරන්කුලිය නගරයේ පැවැති රැලියකට සහභාගී වීමට පැමිණ සිටි පිරිසකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ආණමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ජයසිංහ ආරච්චිගේ සමන් කුමාර නමැති අය මරණයට පත් විය.

    එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවති නඩුවේ ප්‍රධාන සැකකරු වූ සභාපතිවරයා අධිකරණ නියෝග මත ඇපමත මුදාහැර සිටි අතර ඔහු ඉකුත් 10 වැනිදා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත සම්මේලනයකට සහභාගි වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටත්ව යැමට සූදානම් වන අවස්‌ථාවේ ගුවන්තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. 

    ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන නඩුවේ නියෝග නිකුත් කිරීම ඊයේට යෙදී තිබුණු අතර අධිනීතිඥ අග්බෝ පණ්‌ඩිතරත්න මහතා සභාපතිවරයා ඇප කොන්දේසි කඩකරමින් අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීමට කටයුතු කිරීම සම්බන්ධව අධිකරණයේ කරුණු දැක්‌වීය. 

    එම කරුණු සලකා බැලූ පුත්තලම මහාධිකරණ විනිසුරුවරයා නඩුව අවසන් වනතුරු සැකකාර සභාපතිවරයා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

  • ජනපති – ගෝඨා සහ පොලිසියේ 5කගෙන් ප්‍රකාශ ගැනීමට නියමිතයි

    ජනපති – ගෝඨා සහ පොලිසියේ 5කගෙන් ප්‍රකාශ ගැනීමට නියමිතයි

    ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා විසින් කුමන්ත්‍රණ කළැයි එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් පස්‌ දෙනකුගෙන් ඉදිරි දින කීපයේදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

    මෙම හෙළිදරව්ව සිදු කළ දූෂණ විරෝධී පෙරමුණේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) දෙවැනි වරටත් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය. මේ අතර නාමල් කුමාර මහතා මෙම හෙළිදරව්ව සිදුකළ මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටි දූෂණ විරෝධී බළකායේ සාමාජිකයන් ගෙන්ද අද (18) ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

    නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා කළ බව කියන දුරකථන සංවාදයට අදාළව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් පස්‌දෙනකුගේ නම් කියෑවිණි.

    පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීµa, බස්‌නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නන්දන මුණසිංහ, රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති නිලන්ත ජයවර්ධන, සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රසන්න අල්විස්‌, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජනකාන්ත යන මහත්වරුන් සම්බන්ධයෙන් නාලක ද සිල්වා මහතා කළ ප්‍රකාශ පිළිබඳව එම නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

    මේ අතර මෙම දුරකථන සංවාදවලට අදාළ ජංගම දුරකථන වාර්තා සියල්ල ලබාගෙන ඒවා පරීක්‍ෂා කිරීමට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිති.

    දුරකථන සංවාදයට සම්බන්ධ වූ බව කියන නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතාගේ කටහඬ ඒ මහතාගේම හඬ දැයි පරීක්‍ෂා කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ජීවිත විනාශ කිරීම සඳහා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා තමන් සමඟ කුමන්ත්‍රණය කළ බවට දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා පසුගියදා මහනුවරදී මාධ්‍ය හමුවක්‌ පවත්වමින් කියා සිටියේය.

  • ඩී.අයි.ජී. නාලක සිල්වා ත්‍රස්ත විමර්ශනයෙන් ඉවතට

    ඩී.අයි.ජී. නාලක සිල්වා ත්‍රස්ත විමර්ශනයෙන් ඉවතට

    දූෂණ විරෝධී බළකායේ චෝදනාවකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි තොරතුරු තාක්ෂණ කොට්ඨාසය වෙත මාරු කර ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    ‍පොලිස්පතිවරයාගේ නියෝග මත ‍පොලිස් කොමිසමේ අනුමැතියට  යටත්ව මෙම ස්ථාන මාරුව ලබා දී තිබේ.

    මෙම නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර වහාම  එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ඉකුත් දා (14) නියෝග කෙරුණි.

    එමෙන්ම  එහිදී ප්‍රකාශ කිරීමට මග හැණු යමක් ඇත්නම් හා  ඔහුගේ ජංගම දුරකථනය භාරදීමට  ඊයේ (17) දිනඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

    ඒ අනුව ඊයේ දින පැමිණ අදාළ තොරතුරු ඇතුළත් ජංගම දුරකථනය ‍පොලීසිය වෙත බාර දෙනු ලැබිය.

  • යාපනයේ නීතිඥවරියක්‌ බුදුරුව සහිත සාරියක්‌ ඇඳන් උසාවි ඇවිත්

    යාපනයේ නීතිඥවරියක්‌ බුදුරුව සහිත සාරියක්‌ ඇඳන් උසාවි ඇවිත්

    යාපනය දිසා අධිකරණයේ නීතිඥවරියක්‌ බුදුරුව සහිත සාරියක්‌ ඇඳගෙන අධිකරණයට පැමිණීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස්‌ ඉල්ලා තිබේ. 
     
     මේ නීතිඥවරිය අධිකරණයේ රාජකාරි සඳහා 12 දා පැමිණ ඇත්තේ මෙම සාරිය ඇඳගෙනය. 
     
     ඒ බව අධිකරණයේ සේවයේ නියුතු පොලිස්‌ නිලධාරීන් විසින් යාපනය මූලස්‌ථාන පොලිසිය වෙත දැනුම් දීමෙන් පසුව එම නීතිඥවරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට කතාබහක්‌ යාපනය පොලිසිය තුළ ඇතිව තිබේ. 
     
     මේ ක්‍රියාව සම්බන්ධයෙන් ගත යුතු පොලිස්‌ ක්‍රියාපටිපාටිය පිළිබඳව යාපනය පොලිසිය ඉහළ පොලිස්‌ නිලධාරීන්ගෙන් උපදෙස්‌ ඉල්ලා තිබේ. 
     
     යාපනය පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‌ෂණ පවත්වාගෙන යයි

  • සිරගතව සිටින ඤාණසාර හිමිව තවත් නඩුවකට නොවැම්බර් 5 කැඳවයි

    සිරගතව සිටින ඤාණසාර හිමිව තවත් නඩුවකට නොවැම්බර් 5 කැඳවයි

    සිර දඬුවම් නියම කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ව ලබන නොවැම්බර් 5 වැනිදා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (13) වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

    2015 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි උප ‍පොලිස් පරීක්ෂකවරයකුට බැන තර්ජනය කර ඔහුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ගොනුකර තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

    සැකකාර හිමියන්ට එරෙහිව ගොනුකර ඇති එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකර විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමුකර ඇතත් මේ දක්වා උපදෙස් ලැබි නොමැති බවද එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේය. ඒ අනුව නීතිපතිවරයා වෙත සිහි කැඳවීමක් යැවීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

  • සිද්ධික්‌ ඇතුළු 5 ක්‌ කුඩු නඩුවෙන් නිදහස්‌

    සිද්ධික්‌ ඇතුළු 5 ක්‌ කුඩු නඩුවෙන් නිදහස්‌

    හෙරොයින් ග‍්‍රෑම් 8.1 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවෙන් ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන මොහොමඞ් වකිම් මොහොමඞ් සිද්ධික් නමැත්තා ඇතුළු  විත්තිකරුවන් පස්‌දෙනෙකු නිදොස්‌ කොට නිදහස්‌ කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (13) නියෝග කළේය.
     
     වැටලීම සිදුකළ පොලිස්‌ නිලධාරීන් දෙදෙනා අධිකරණය හමුව්දී ලබාදුන් සාක්‍ෂිවල ඉතාමත් බරපතල අන්දමේ පරස්‌පර විරෝධතාවයන් පවතින බව පෙන්වා දුන් විනිසුරුවරයා විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරව එම විත්තිකරුවන් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට නියෝග කළේය.
     
     2003.02.03 වැනිදා මහරගමදී ජීප් රථයකින් පැමිණි පළමුවන විත්තිකාර මහේෂ් චන්දන නමැත්තා ඇඳ සිටි කලිසමේ සාක්‌කුවක තිබී හෙරොයින් තොගයක්‌ අත්අඩංගුවට ගත් බව පැමිණිල්ල මගින් ඉදිරිපත් කළ එක්‌ පොලිස්‌ නිලධාරියකු ලබාදුන් සාක්‍ෂි අනුව පෙනී යන නමුත් අත්අඩංගුවට ගත් ස්‌ථානය පිළිබඳව එම වැටලීමට එක්‌වූ අනෙක්‌ නිලධාරියා පවසා ඇත්තේ ඊට පරිබාහිර ප්‍රදේශයක්‌ ගැන බවද විනිසුරුවරයා සිය නියෝගය මගින් පෙන්වා දුන්නේය. පළමු සැකකරු භාරයේ තිබියදී හෙරොයින් අත්අඩංගුවට ගත්තේ නම් සෙසු විත්තිකරුවන් සිව්දෙනාටත් එකී හෙරොයින් ප්‍රමාණයම සන්තකයේ තබාගැනීමේ චෝදනාවම යටතේ නඩු පවරා ඇත්තේ කුමන පදනමක්‌ මත ද යන කරුණු තම අධිකරණයට වටහා ගැනීමට අසීරු කරුණක්‌ බවද විනිසුරුවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
     එලෙස පළමු වන විත්තිකරු අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය තමන් රැගෙන ගිය කිරුම් උපකරණයෙන් එම ස්‌ථානයේදීම කිරා බලා මුද්‍රා තබා විත්තිකරුගේ ඇඟිලි සලකුණු එම ස්‌ථානයේදී ලබාගත් බව වැටලීමට සහභාගිවූ එක්‌ පොලිස්‌ නිලධාරියෙකු සාක්‍ෂි ලබා දෙමින් පවසා ඇතත් වැටලීමට සහභාගි වූ අනෙක්‌ නිලධාරියා ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස්‌ කරුණක්‌ බවද අධිකරණය පෙන්වා දුන්නේය. නඩුවට සෘජුවම බලපාන ඉතා වැදගත් කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සාක්‍ෂිවල පවතින බරපතළ පරස්‌පරතාවයක්‌ නිසා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල ගොනු කර ඇති චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බව සිය අධිකරණය නිගමනය කරන්නේ යෑයිද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
     
     එවකට කොළඹ අපරාධ කොට්‌ඨාසයේ සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ලෙස රාජකාරි කළ ප්‍රියන්ත ජයකොඩි මහතා හා උප පොලිස්‌ පරීක්‍ෂකවරයෙකු ලෙස රාජකාරි කළ චන්දන ගමගේ මහතා විසින් එම වැටලීම සිදුකර තිබූ හෙයින් 2017 වසරේ නඩු විභාගය ආරම්භ කළ පසු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස ඔවුන් දෙදෙනා අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදී තිබිණි.
     
     පුංචිහේවා කංකානම්ගේ මහේෂ් චන්දන, පරවසාමි බාලචන්ද්‍රන්, මොහොමඩ් වකිම් මොහොමඩ් සිද්ධීක්‌, මොහොමඩ් රසීක්‌ මොහොමඩ් ඉර්ස්‌, මොහොමඩ් තව්ක්‌ මොහොමඩ් වයිනියස්‌ යන විත්තිකරුවන් පස්‌දෙනාට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.
     
     නීතීඥ සරත් ඒකනායක, ප්‍රදීප් ගුණතිලක, රංජිත් හීල්ලගේ හා ලක්‍ෂ්මන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සමඟ ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා විත්තිය නියෝජනය කළේය.

     

  • වයාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක් බලෙන් ලබා ගැනීමට කටයුතු කලේ යයි ඡෝදනා කල ප්‍රසන්නගේ නඩුව නීතීඥයා නැතුව හෙටට කල්යයි

    වයාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක් බලෙන් ලබා ගැනීමට කටයුතු කලේ යයි ඡෝදනා කල ප්‍රසන්නගේ නඩුව නීතීඥයා නැතුව හෙටට කල්යයි

    කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමකින් පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම නිරවුල් ලෙසට ලබා දීමට  වයාපාරිකයෙකුගෙන් රැපියල් මිලියන 64 ක් බලෙන් ලබා ගැනීමට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු මහ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගට සහ ඔහුගේ බිරිඳ ට එරෙහි නඩුව අද (13) කොළඹ මහාධිකරණයේදී  කැඳවනු ලැබුවා. 
    එහිදී විත්ති පාර්ශවයේ නීතිඥවරු නඩුව සඳහා සූදානම් නොවීමේ කාරණය මත නඩු විභාගය හෙට දිනට කල් තැබීමට මහාධිකරන විනිසුරු චම්පා ජානකි රාජරත්න නියෝග කළා.
    විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයේ නඩුවකට පෙනී සිටින බැවින් නඩු විභාගය හෙට දිනට කල් දමන ලෙසට කණිෂ්ඨ නීතිඥවරයෙක් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ව්‍යාපාරික ජෙහාර්ඩ් මෙන්ඩිස්ගෙන් වැඩිදුර විත්ති පාර්ශවය විසින් හරස් ප්‍රශ්න හෙට දින සිදු කිරීමට නියමිතය.
    මෙම අපරාධය 2015 වර්ෂයේ අප්‍රේල් මස 10 දා සිට එම වසරේ ජූනි මස 2 දා අතර කාලය තුල සිදුකර ඇති බවට නීතිපතිවරයා චොදනා කර සිටිනවා.
  • ආනන්ද අලුත්ගමගේගෙන් හිටපු ප්‍රාෙද්ශිය සභාපතිට පිස්තෝලයක් හිසට තබා මරණ තර්ජන

    ආනන්ද අලුත්ගමගේගෙන් හිටපු ප්‍රාෙද්ශිය සභාපතිට පිස්තෝලයක් හිසට තබා මරණ තර්ජන

    මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හා නාවලපිටිය එජාප ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතා විසින් නාවලපිටිය පස්‌බාගේ ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රී එම්. එස්‌. රත්නසිරි මහතාගේ හිසට පිස්‌තෝලයක්‌ තබා මරණ තර්ජනය කළේ යෑයි රත්නසිරි මහතා නාවලපිටිය පොලිසියට 10 වැනිදා රාත්‍රි පැමිණිල්ලක්‌ කර තිබේ.
     
     තම නිවසට පැමිණ ඇති අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙම මරණ තර්ජනය කළේ තම බිරිඳ, දියණිය හා තවත් හිතවතකු නිවසේ සිටියදී බව සභාපතිවරයා කළ පැමිණිල්ලේ දැක්‌වේ.
     
     තමාට බැණ වැදී නාවලපිටියේ දේශපාලනය කරන්නේ අලුත්ගමගේලා පමණයි කියා මන්ත්‍රීවරයා කී බවත් තමන්ට විරුද්ධ වෙනවා නම් මරාදමන බවත් කියා පිස්‌තෝලය හිසට තබා තර්ජනය කළ බවත් එවිට බිරිඳ ඉදිරිපත්ව මන්ත්‍රීතුමා මේ පාර දිනුවේ අපේ මහත්තයා වැඩකළ නිසා බව කියා පැවසූ බවත් සභාපතිවරයා සඳහන් කරයි.
     
     පසුගිය පළාත් පාලන මැතිවරණය සමග නාවලපිටිය නගර සභාව එජාපය පිහිටුවූවත් එහි නගරාධිපති ධුරයට පත් සසංක සම්පත් (රංග) මහතා සමග මන්ත්‍රීවරයා පවතින අමනාපයක්‌ නිසා කණ්‌ඩායම් දෙකක්‌ බිහිවීමේ ප්‍රතිඵලය මෙම ගැටුමට හේතු වී ඇති බව පරීක්‍ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.
     
     ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් මේ පිළිබඳව විමසීමට පෞද්ගලික දුරකථනයට හා කාර්යාලයට කතා කළත් ප්‍රතිචාරයක්‌ නොලැබුණි. මන්ත්‍රීවරයා තර්ජනය කරන අයුරු හඬපටයක ද සඳහන්ව ඇත. නාවලපිටිය පොලිසිය පරීක්‍ෂණ පවත්වති.

  • නේවි සම්පත්ට රැකවරණය ලබාදුන්නැයි අද්මිරාල් රවීන්ද්‍ර අත්අඩංගුවට

    නේවි සම්පත්ට රැකවරණය ලබාදුන්නැයි අද්මිරාල් රවීන්ද්‍ර අත්අඩංගුවට

    තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවිරාජ් ඝාතනය ඇතුළු අපරාධ කිහිපයකට සම්බන්ධ නේවි සම්පත් නමැති සැකකරුට රැුකවරණය දීම හා රටින් පලා යෑමට ආධාර කළ බවට චෝදනා ලැබ සිටින ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අද දින (10) අත්අඩංගුව.

    සැකකාර විඡේගුණවර්ධන මහතාට අද පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක්‌ කර ඇති බවද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

    ඒ මහතා අද දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණියහොත් ඔහු පදිංචි ස්‌ථානය වෙත ගොස්‌ අත්අඩංගුවට ගැනීමට සිදුවන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

    අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් විවෘත වරෙන්තුවක්‌ නිකුත් කර තිබූ සැකකාර නේවි සම්පත් නමැත්තාට රැකවරණය ලබාදීම සහ මුහුදු මාර්ග ඔස්‌සේ රටින් පලා යැමට ඔහුට ආධාර උපකාර කළ බවට චෝදනා ලැබ සිටින අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණවර්ධන මහතා වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊට පෙර නියෝගයක්‌ නිකුත් කර තිබුණි.

    සැකකාර විඡේගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසුව ඒ මහතාගෙන් ප්‍රකාශ ලබාගෙන අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස්‌ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

    අද්මිරාල් විඡේගුණවර්ධන මහතා රැකවරණය ලබාදී රටින් පැන යැමට ආධාර අනුබල දුන් නේවි සම්පත් නමැත්තා මීට දින කිහිපයකට උඩදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදි.

  • නවක වදය නිසා දුව දිවි නසා ගත්තා…. අවුරුදු 3 1/2 ක් ගියත් පරීක්ෂණයක් නෑ…

    නවක වදය නිසා දුව දිවි නසා ගත්තා…. අවුරුදු 3 1/2 ක් ගියත් පරීක්ෂණයක් නෑ…

    සබරගමුව විශ්වවිද්‍යාලයේදී නවකවදයට ලක්වීම නිසා තම දියණිය සියදිවි නසාගත් බවත් ඊට සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් සරසවි සිසුවියකගේ මවක් වසර තුනහමාරකට පසු ‍පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ. මෙසේ පැමිණිල්ල කර ඇත්තේ වසන්තා පද්මිණි ඇල්විටිගල මහත්මියයි.

    ඇගේ එකම දියණිය වූ එස්.එච්. අමාලි චතුරිකා කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ 2014 වසරේදී සරසවි වරම් ලබා තිබේ.

    ඒ අනුව 2014-02 මස සබරගමු විශ්වවිද්‍යාලයට ඇය ඇතුළත් වී ඇති අතර එහිදී ‍ජ්‍ය‍ෂේ්ඨ සිසුන්ගෙන් හිරිහැරයට ලක්ව ඇති බව ඇය මවට පවසා තිබේ.

    මෙම නවක වදය නිසා ඇය විශාදය රෝගයට ලක්වීම හේතුවෙන් සරසවියෙන් ඇයට මාස 6ක නිවාඩු කාලයක් ලබාදී තිබුණි. එම කාලය අවසන් වන මොහොතේ ඇය ලිපියක් ලියා තබා නිවසේදී සියදිවි නසාගෙන තිබුණේ 2015/02/16 වන දිනය.

    ඇය ලිපියෙන් ඇයට හිරිහැර කළ පුද්ගලයන්ගේ නම් සටහන් කර තිබූ අතර අවසන් වශයෙන් ඉල්ලා තිබුණේ සරසවියේ කිසිවකුටත් අවමංගල්‍යට සහභාගි කර නොගන්නා ලෙසය.

    ඇය මියගොස් වසර තුන හමාරක් ගත වුවද ඇගේ මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුනොවූ බැවින් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා වසන්තා මහත්මිය නීතිඥ දසුන් නාගසේන මහතා සමග ‍පොලිස් මූලස්ථානය වෙත පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

  • ජොනී ඇතුළු තිදෙනෙක් නඩුව අවසන් වන තුරු රිමාන්ඩ්

    ජොනී ඇතුළු තිදෙනෙක් නඩුව අවසන් වන තුරු රිමාන්ඩ්

    සතොස මුදල් අවභාවිත කළැයි චෝදනා ලබා සිටින ඉකුත් රජයේ වෙළෙඳ ඇමැති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු නඩුව අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඊයේ (03) නියෝග කළාය.
     
     නඩුවේ සාක්‍ෂි විභාගය ලබන 11 වැනිදා ආරම්භ කිරීමට නියෝග කළ විනිසුරුවරිය එදින සිට නඩුව දිනපතා කුරුණෑගල මහාධිකරණයේදී විභාග කරන බවද ප‍්‍රකාශ කළාය.
     
     මෙහිදී ජෝන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා සමඟ බන්ධනාගාර ගතකරනු ලැබූ සෙසු දෙදෙනා වන්නේ ඔහුගේ පෞද්ගලික ලේකම් වූ මොහොමඩ් සාහීර් සහ ලක්‌සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයයි.
     
     ඉකුත් රජය සමයේ හිටපු අමාත්‍යවරයා විසින් රජයට අයත් ලක්‌සතොස ආයතනයෙන් රුපියල් ලක්‍ෂ 50 කට අධික මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ මේ නඩුව විභාග වෙමින් තිබේ.
     
     නඩුවේ චූදිතයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස මහතා සමඟ නලින් ප්‍රනාන්දු, කාංචන රත්නායක සහ ලක්‌මාල් රත්නායක යන නීතිඥවරු පෙනී සිටියහ.
     

  • කුරුණෑගල අවුරුදු 15 පාසල් දැරියන් තිදෙනක්‌ හා පිරිමි දරුවන් තිදෙනක්‌ නිර්වස්‌ත්‍රව හෝටල් කාමරවල

    කුරුණෑගල අවුරුදු 15 පාසල් දැරියන් තිදෙනක්‌ හා පිරිමි දරුවන් තිදෙනක්‌ නිර්වස්‌ත්‍රව හෝටල් කාමරවල

    විදේශ සංචාරකයන් එන ප්‍රධාන පෙළේ හෝටල් 5000 කට වැඩිය තියෙන දකුණු පළාතටත් වැඩිය කුරුණෑගල කොට්‌ඨාසයේ පොලිස්‌ ස්‌ථාන 05 කින් මත්ද්‍රව්‍ය හා අපචාර සිද්ධි වාර්තා වෙනවා.
     
     විශේෂයෙන්ම පාසල් දරුවන් ඉලක්‌ක කරගෙන මේ ජාවාරම් ව්‍යාප්ත වෙලා. වයම පළාත හා උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත කිත්සිරි ජයලත් මහතා විසින් වැල්ලවදී පවසන ලදී.
     
     වැල්ලව පොලිසිය විසින් මැද්දේගම ‘රිච්වින්’ හෝටලයේ සංවිධානය කර තිබූ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හා ප්‍රජා පොලිස්‌ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී නියෝජ්‍ය පොලිස්‌පතිවරයා එසේ පවසන ලදී.
     
     වැඩිදුරටත් කතා කළ ඔහු පසුගිය දවසක කුරුණෑගල නගරයේ හදිසි වැටලීමකදී කුරුණෑගල නගරයේ සුපිරි පාසල්වලට එන දරුවන් දාහතක්‌ හෙරොයින් එක්‌ක අහුවුණා. මේ අය සමාජයේ වැදගත් මවුපියන්ගේ දරුවන්. වැව රවුමේ හෝටල් කාමර පරීක්‌ෂා කිරීමේදී අවුරුදු 15 ක ගැහැනු දරුවන් තුන් දෙනෙක්‌ හා පිරිමි දරුවන් තුන් දෙනෙක්‌ නිර්වස්‌ත්‍රව ඉඳලා අහුවුණා. මේ අය ගෙදරට කියලා ඇවිත් තිබුණේ උපකාරක පන්තිවලට යනවා කියලයි. 
     
     ගමේ ඉස්‌කෝලෙන් ශිෂ්‍යත්වය පාස්‌ වෙලා කුරුණෑගල නගරයේ ප්‍රධානම පාසලකට ආපු දරුවෙක්‌ හෙරොයින් බොන්න පුරුදු වෙලා ඒක විෂ වෙලා මාස දෙකක්‌ රෝහලේ දුක්‌ විඳලා ගිය සතියේ මිය ගියා. මේවා මාධ්‍යවල ගියෙත් නෑ. ඒ නිසා දෙමාපියන් නගරයේ පාසල්වලට එවන තම දූ දරුවන් ගැන මීට වඩා සොයා බැලිය යුතුයි.
     
     මෙම අවස්‌ථාවට වැල්ලව පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. නිශාන්ත හේරත් මහතා ප්‍රමුඛ උසස්‌ පොලිස්‌ නිලධාරීන් රැසක්‌ ද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීහු රැසක්‌ ද සහභාගි වී සිටියහ.

  • ඕස්ට්‍රේලියාවේ ISIS ත්‍රස්ථ ප්‍රහාරයක් සැලසුම් කළ ලාංකිකයෙක් අත්අඩංගුවට

    ඕස්ට්‍රේලියාවේ ISIS ත්‍රස්ථ ප්‍රහාරයක් සැලසුම් කළ ලාංකිකයෙක් අත්අඩංගුවට

    ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන මොහමඩ් නිසාම්දීන් නමැති 25 හැවිරිදි පුද්ගලයකු ඹ්ස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු අධ්‍යාපන වීසා මත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
    සිඩ්නිහි ස්ථාන කිහිපයකට ත්‍රස්තප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කළ ලේඛනයක් මොහු සතුව තිබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඔහු තම සටහන් පොතක ප්‍රහාර සඳහා ඉලක්කගත ස්ථාන සටහන් කොට තිබී ඇත. මොහු ISIS සංවිධානය හා සබඳකම් ඇත්තෙකු බවත් එරට ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
    මොහු වෙවර්ලි ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම නඩුව ඔක්තෝබර් 24 වනදා තෙක් කල් තබා තිබෙනවා. මොහු අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේය.