Category: සුපිරි Cases

  • ගුරුවරු දෙදෙනා එකතු වී 16 හැවිරිදි සිසුවිය අතරවරයට ලක් කල හැටි

    ගුරුවරු දෙදෙනා එකතු වී 16 හැවිරිදි සිසුවිය අතරවරයට ලක් කල හැටි

    මීට දින කිහිපයකට පෙර නිර්ණාමික පෙත්සමක් හා අසභ්‍ය වීඩි‍යෝ පට කිහිපයක් මොණරාගල පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණි. පොලිස් අධිකාරීවරයා ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර ඒ සමඟ කාලයත් සමඟ වැළලී යන්නට තිබූ තවත් එක ඛේදවාචකයක් පිළිබඳ තොරතුරු හෙළිදරව් විය.

    එසේ පොලිස් අධිකාරීවරයාට ලැබී තිබුණු ඇතැම් වීඩියෝ දර්ශන මේ වන විට අන්තර්ජාලයට පවා මුදාහැර තිබූ බව වාර්තා විය.
     
    එම දර්ශනවල අඩංගු වූයේ 16 හැවිරිදි ශිෂ්‍යාවක් ටියුෂන් පන්ති ගුරුවරයෙකු විසින් ලිංගික අපයෝජනයකට ලක්කරන දර්ශනයි.
     
    රජයේ පාසලක ගුරු වෘත්තියේ ද නියැලෙන එම ටියුෂන් ගුරුවරයා මෙම දැරියට හමුවන්නේ ඉතිහාසය විෂයට ඇය සහභාගි වූ උපකාරක පන්තියේදීය.
     
    ඇය තමාට මුහුණ පාන්නට සිදුවූ එම අමිහිරි අත්දැකීම පිිළිබඳ පොලිසිය ඉදිරියේ පවසා තිබුණේ මෙලෙසිනි.
     
    “දවසක්  සර් කිව්වා, කතාවක් කියන්න තියෙනවා හම්බෙමු කියලා. මට බැහැ කියන්න බැරි නිසා එයාගේ කාර් එකේ නැග්ගා. මාව අරන් ගියේ එයාගේ ගෙදරට. නෝනලා නැහැ පොළොන්නරුවේ ගියා කිව්වා.“
     
    “ඊට පස්සේ මම ඇහුවා මොකක්ද කතාව කියලා. මගේ ළඟට ඇවිත් ඇඟපත අතගානකොට මම කිව්වා එපා කියලා. ඊට පස්සේ එයා බලහත්කාරයෙන් කාමරයට අරන් මගේ අකමැත්තෙන්ම මාව දූෂණය කළා.“
     
    “ඊට පස්සේ කිව්වා නෝනා දික්කසාද කරලා ඔයා බඳිනවා කියලා. හැබැයි අවුරුදු 5 ක් විතර යයි කියලත් කිව්වා. ඊට පස්සෙත් SMS වලින් ගනුදෙනු කළා. ඒත් මාස එකහමාරක් විතර යනකොට SMS බ්ලොක් කරලා තිබුණා.“
     
    “ඔහොම මම අසරණ වෙලා ඉන්නකොට ක්ලාස් එකේ ඉංජිනේරු තාක්ෂණ සර්ගෙන් කෝල් එකක් ආවා. ඉතිහාසය සර් බැඳලා, එයාට කරදර කරන්න එපා, ඒ නිසා මාව බාරගන්න කැමතියි කියලා. මම එයාව හම්බෙන්න මොණරාගල සුපර් මාකට් එකක් ළඟට ගියා.“
     
    “ඊට පස්සේ එයා මාව ත්‍රීවිල් එකක දාගෙන හෝටලයකට ගිහින් ලිංගිකව හැසිරුණා. ඒ වෙලාවේ එයා සෙල්ෆි ගැහුවා. වීඩියෝ කළාදැයි කියලා මම දන්නේ නැහැ. ලිංගික හැසිරිමෙන් පසු මට රෝස පාට පෙත්තක් බොන්න දුන්නා. බය වෙන්න එපා මම ඔයාව බඳිනවා කියලා පොරොන්දු වුණා. මේ විදිහට අපි දවස් කීපයක් ඇසුරු කළා. ඊට පස්සේ ආරංචි වුණා, මාත් එක්ක ඉද්දි ගත්ත ෆොටෝ ෆේස්බුක් එකේ දාලා කියලා.“
     
    ඒ අනුව අත්අඩංගුවට පත්වූ ගුරුවරුන් දෙදෙනා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

  • දැරියක දූෂණය කළැයි සැකපිට ඇල්ලූ සැකකරු පොලිසියේදී වස බීලා

    දැරියක දූෂණය කළැයි සැකපිට ඇල්ලූ සැකකරු පොලිසියේදී වස බීලා

    බාල වයස්‌කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස්‌ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු සිකුරාදා (28) රාත්‍රියේ වස වර්ගයක්‌ පානය කිරීම නිසා රෝගාතුරවී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

    තිස්‌ දෙහැවිරිදි සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත. පුත්තලම පොලිස්‌ වසමේ සිදුකර ඇතැයි කියන අපරාධයට සම්බන්ධ සැකකරු වැලිකන්ද ප්‍රදේශයට පැමිණ සැඟවී සිටියදී වැලිකන්ද පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත ඉකුත් 28 වැනි දින අත්අඩංගුවට ගෙන පසුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියදී මෙසේ වස පානය කර තිබෙන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස්‌ නිලධාරීහු පැවැසූහ.

    මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය නැතැයි වෛද්‍යවරු කීහ.

    පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලක්‌සි විඡේසේන මහතාගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ අධිකාරි තිස්‌ස ලාල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

  • මේ වන විට මන්නාරම සතොස භූමියෙන් මිනිස්‌ සිරුරු 53 ක කොටස්‌ ගොඩ ගනී

    මේ වන විට මන්නාරම සතොස භූමියෙන් මිනිස්‌ සිරුරු 53 ක කොටස්‌ ගොඩ ගනී

    මන්නාරමේ සතොස තොග ගබඩා සංකීර්ණයේ පිහිටි සමූහ මිනී වළේ කැණීම් කරගෙන යන පිරිස පෙරේදා (25) සවස වන විට මිනිස්‌ සිරුරු 53 ක කොටස්‌ මතුකරගෙන තිබේ.
     
     මේ පිළිබඳව අදහස්‌ දක්‌වන කැණීම් කටයුතු භාරව සිටින අධිකරණ වෛද්‍ය නිලධාරි සමීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කියා සිටියේ දැනට හමුවූ මිනිස්‌ සිරුරු 53 කට අයත් අස්‌ථි කොටස්‌වලින් සිරුරු 34 කට අයත් සැකිලි ගොඩගෙන ඇති බවයි.
     
     සමූහ මිනී වළෙන් ගොඩ ගන්නා ලද මිනිස්‌ අස්‌ථි කොටස්‌ මුද්‍රා තබා මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත භාරදී ඇති අතර මතු කරගෙන ඇති අස්‌ථි කොටස්‌ සම්බන්ධයෙන් තවදුරටත් කැණීම් කටයුතු කරගෙන යයි. මුලින්ම මන්නාරම සතොස තොග ගබඩා සංකීර්ණයෙන් මිනිස්‌ අස්‌ථි කොටස්‌ හමුවූයේ පසුගිය මාර්තු 26 වැනිදාය.
     
     ඊට දින තුනකට පෙර මේ ස්‌ථානයෙන් පස්‌ රැගෙන ගොස්‌ මන්නාරමේ එමිල් නගරයේ ස්‌ථානයක ගොඩබාන ලද අවස්‌ථාවේ එම පස්‌ සමඟ මිනිස්‌ ඇට සැකිළිවල කොටස්‌ කීපයක්‌ හමුවී ඇත.
     
     එවකට මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ ඒ. ජී. ඇලෙක්‌ස්‌ රාජා මහතාගේ නියෝගයකට අනුව සතොස ගබඩා සංකීර්ණය තුළ කැණීම් කටයුතු සිදුකෙරිණි.
     
     මන්නාරමට අලුතින් පැමිණි මහෙස්‌ත්‍රාත් ටී. ජී. ප්‍රභාකරන් මහතාගේ නියෝගය මත මෙම සමූහ මිනී වළේ කැණීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු පිළිබඳ මහාචාර්ය රා- සෝමදේව, අධිකරණ වෛද්‍ය නිලධාරී සමීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම පොලිසියේ නිලධාරීන්ගේද රජයේ රස පරීක්‍ෂක නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් සිදුකෙරේ.

  • දින 28ක ගව පැටවෙකු සමඟ ලිංගිකව ආශාවන් ඉටුකරගන්න කාම විකෘර්තිකයා

    දින 28ක ගව පැටවෙකු සමඟ ලිංගිකව ආශාවන් ඉටුකරගන්න කාම විකෘර්තිකයා

    ගාල්ල, අක්මීමන, නරාවල ප්‍රදේශයේ දී දින 28 පමණ වයසති ගව පැටවෙකු සමඟ ලිංගිකව හැසිරුනු පුද්ගලයෙකු පිළිබදව අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.

    නරාවල ප්‍රදේශයේ පදිංචි ගව හිමියකු විසින් ඊයේ (23) දිනයේදී මෙම පැමිණිල්ල සිදුකර ඇති ඇති අතර පසුගිය 16 දින සවස ගවයන් බැදීම සදහා ගව හිමියා ⁣ගොස් ඇති වටදී ගව පැටවෙකු නොමැති බව දැනගත් ඔහු කළ සොයා බැලීමේදී සත්වයා සමඟ සැකකරු ලිංගිකව හැසිරෙන අයුරු තමන් දුටු බවට ගව හිමියා පොලීසය හමුවේ පවසා ඇත.

    අනතුරුව ගව පට්ටි හිමිකරු සිදුකළ ⁣කෑගැසීමත් සමඟ සැකකරු දිව ගොස් යතුරු පැදියක නැගී පලා ගොස් ඇති බව ගව පට්ටි හිමිකරු විසින් සිදුකළ පැමිණිල්ලේ සදහන් වන අතර සැකකාර පුද්ගලයා මීට පෙරද ගව පැටවුන් සමඟ මෙලෙස ලිංගිකව එක්ව ඇති බවයි වාර්තා වේ. 

    සැකකාර පුද්ගලයා නරාවල පදිංචි 38 හැවිරිදි අයෙක් වන අතර සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා අක්මීමන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 

  • ජෝර්ජ් කීට්ගේ චිත්‍ර දෙක සොයන්න මහජන සහය පතයි

    ජෝර්ජ් කීට්ගේ චිත්‍ර දෙක සොයන්න මහජන සහය පතයි

    කීර්තිමත් චිත්‍ර ශිල්පියෙක් වූ  ජෝර්ජ් කිට්  මහතා  සිතුවම් කර තිබූ  රුපියල් ලක්ෂ 120 කට අධික වටිනා කමකින් යුත්  චිත්‍ර  දෙකක් සොරකම්  කිරීමේ සිද්ධියේ සැකකරුවන් සහ එම චිත්‍ර දෙක හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

    ‘‘මදර්  ඇන්ඞ් චිල්රන්ඞ්‘‘ සහ  ‘‘වසන්ති‘‘ නමින් මෙම චිත්‍ර දෙක නම්කර තිබූ අතර මෙම  චිත්‍රදෙක 2013.07.12 වැනි දින  කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

    කොළඹ 02 ගැලනි වීදියේ අංක 130 පිහිටි ලිපිනයේ මෙම සිතුවම් දෙක තිබී ඇති අතර එම වකවානුවේ එම ගොඩනැගිල්ලේ සිදුකළ  සංවර්ධන කටයුතු  හේතුවෙන්   එහි තිබූ භාණ්ඩ  තාවකාලිකව වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාමට ඉවත් කරමින් සිටියදී  මෙම සොරකම සිදුකර ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  ලැබුණ පැමිණිල්ලේ සඳහන් වේ.

    ‘‘මදර් ඇන් චයිල්‘‘   සිතුවම 1953 වසරේ  නිර්මාණය කර ඇති අතර  ‘‘වසන්ති‘‘ නැමති සිතුවම 1950  වසරේ දී සිතුවම් කර ඇත.

    සොරාගත් එම සිතුවම් දෙක පහත ඡායාරූපයෙන් දැක්වෙන අතර ඒ පිළිබඳ  සහ සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  වාණිජ විමර්ශන අංශයේ   011- 2395248 යන අංකය වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.

  • සැමියාට පොල්ලකින් ගසා මරා අනියම් සැමියා සමඟ මිනිය ඔයට දැමූ බිරියට වැඩ වරදී

    සැමියාට පොල්ලකින් ගසා මරා අනියම් සැමියා සමඟ මිනිය ඔයට දැමූ බිරියට වැඩ වරදී

    හංවැල්ල ප්‍රදේශයේ නිවසක්‌ තුළදී සිය සැමියාට පොල්ලෙන් ගසා මරා අනියම් සැමියා සමග එකතුව හංවැල්ල, පුස්‌සැල්ඔයට දැමීමේ සිද්ධියට අදාළව එම ඝාතනයට ලක්‌වූ අයගේ බිරිඳ ඊයේ (19) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    බිම නිදා සිටි සිය පියාට අම්මා පොල්ලකින් පහරදී පසුව මාමා කෙනකු සමග එකතුව පියාව ත්‍රිරෝද රථයකින් ගෙන ගිය බව සැකකාරියගේ 11 හැවිරිදි දියණිය විසින් පොලිසියට පවසා තිබිණි.

    ඒ අනුව 36 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනය සම්බන්ධයෙන් සැකකාරියගේ අනියම් සැමියා ද අත්අඩංගුවට ගැනීම ටපොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත. පසුගිය 27 වැනිදා හංවැල්ල පුස්‌සැල්ඔයේ පිරිමි මළ සිරුරක්‌ පාවෙමින් තිබෙන බවට පොලිසියට ලද තොරතුරකට අනුව එම සිරුර සොයාගෙන තිබිණි. සිය පුත්‍රයාගේ මරණය සැකසහිත බවට ඝාතනයට ලක්‌වූ අයගේ මව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව නියෝජ්‍ය පොලිස්‌පතිවරයා විසින් එම පරීක්‍ෂණය මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පවරා ඇත. ඒ අනුව එම ඒකකය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ හංවැල්ල, ජයවීරගොඩ වෙස්‌ටන්වත්ත පදිංචි අනුර ගාමිණී රුවන් කුමාර (37) නමැත්තෙකි.

    තම සැමියා සහ තමා අතර නිතර ආරවුල් ඇතිවන බවත්, මේ නිසා තමා අනියම් සැමියා සමග එක්‌ව සැමියා ඝාතනය කිරීමට සැලසුම් කළ බවත්, සිද්ධියවූ දින අලුයම 2 ට පමණ තමා බිම නිදා සිටි සැමියාට පොල්ලකින් පහර දුන් බවත්, අනතුරුව සිහිසුන්ව සිටි සැමියා අනියම් සැමියා සමග එක්‌ව ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස්‌ පුස්‌සැල්ඔයට දැමූ බවත් සැකකාරිය පොලිසියට පවසා ඇත.

  • අවුරුදු 62කේ අත්තම්මාට අතවර කෙරූ 31 හැවිරිදි එක්දරු පියාට වැඩ වරදී

    අවුරුදු 62කේ අත්තම්මාට අතවර කෙරූ 31 හැවිරිදි එක්දරු පියාට වැඩ වරදී

    වයස අවු. 62ක කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමු අතිරේක මහේස්ත්‍රාත් ආර්. ජී. එන්. කේ. රන්කොත්ගේ මහත්මිය නියෝග කළාය.

    රක්ෂිත බන්ධනාගාර ගත වූයේ උ.පිටිපන මීගමුව පදිංචි තිස් හැවිරිදි එක් දරු පියෙකි.

    පැමිණිලිකාරියගේ පුතුට බෝට්ටු පහක් ඇත. එම බෝට්ටුවල සේවය කරන ධීවර වෘත්තිකයෝ එම නිවසට යාම ඒම කරති. නිවසේ කිසිවකු නැති මොහොතක සැකකරු පැමිණ හදිසි ඇමතුමක් ගැනීමට ජංගම දුරකථනයක් පැමිණිලිකාරියගෙන් ඉල්ලා ඇත.

    පැමිණිලිකාරිය මුළුතැන් ගෙයි සිට නිවසේ කාමරයට ගිය මොහොතේ  සැකකරු පිටුපසින් පැමිණ ඇගේ සිරුර ස්පර්ශ කරමින් විවිධ අතවර කර තිබේ. ඇය කෑගසන විට සැකකරු ඇයගේ කටට අත දමා ශබ්දය පිටතට යාම නැවැත්වීමට උත්සහ කර ඇත. ඇය සැකකරුගේ අත මේ අවස්ථාවේ සපා ඔහුට තුවාලද සිදුව තිබේ. අසල්වැසියන් කාන්තාවගේ කෑගැසීමට පැමිණ සැකකරු අල්ලාගෙන ඇත.

    පැමිණිලිකාරියට සුළු සීරීම් සහිත තුවාල සිදුව තිබුණ බව ‍පොලීසිය අධිකරණයට වාර්තා කළේය.

  • බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස්‌ ප්‍රදේශයට මිරිස්‌ කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස්‌ මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ සැමියාට  රුපියල් 5000 ක දඩයක්‌

    බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස්‌ ප්‍රදේශයට මිරිස්‌ කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස්‌ මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ සැමියාට රුපියල් 5000 ක දඩයක්‌

    තම බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස්‌ ප්‍රදේශයට මිරිස්‌ කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස්‌ මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ බවට සැමියාට එරෙහිව පවරා තිබූ නඩුවක වරදකරුවූ සැමියාට රුපියල් 5000 ක දඩයක්‌ හා බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක්‌ නියම කළ කළුතර මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එම සිරදඬුවම වසර දහයකට අත්හිටුවුවාය.

    මෙසේ දඬුවම් නියම වූයේ චන්න සුජීව වීරසිංහ නම්වූ අයටයි.

    2012 ජුනි මස 20 වැනි දින සිදුවූ මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව නඩු පවරා තිබුණි.

    මෙහිදී රජයේ අධිනීතිඥ ෂර්ලි විඡේසූරිය මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ කණිෂ්ක වන්නිආරච්චි මහතා ඇතුළු නීතිඥ කණ්‌ඩායමක්‌ පෙනී සිටියහ.

  • පොලීසියට හයිය පෙන්නන්න ගිය ප්‍රා.ස. සභාපති මාස තුනක් හිරේ

    පොලීසියට හයිය පෙන්නන්න ගිය ප්‍රා.ස. සභාපති මාස තුනක් හිරේ

    පොලිස්‌ නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට වරදකරු වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල මහතාට ඇඹිලිපිටිය අධිකරණය මගින් මාස 3 ක සිරදඬුවම් නියම කර ඇත.
     
     අගතියට පත්වූ පොලිස්‌ නිලධාරියාට රුපියල් තිස්‌ දහසක වන්දි මුදලක්‌ ගෙවන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

  • පුද්ගලික ආරක්ෂාවට පාතාලයෝ 5ක් තියාගෙන ඉන්න ඇමති කවුද ?

    පුද්ගලික ආරක්ෂාවට පාතාලයෝ 5ක් තියාගෙන ඉන්න ඇමති කවුද ?

    පාතාල සාමාජිකයන් පස්දෙනකු ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ යෙදී සිටින බවටත් එම පාතාලයන් පස්දෙනා එම ඇමතිවරයා සමග සිටින ඡායාරූපද පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින පොලිස් කණ්ඩායම සතුව ඇති බවත් පොලිසිය සඳහන් කර ඇත.

    ඇමතිවරයාගේ ආරක්ෂක සේවයේ යෙදී සිටින බව කියන ප්‍රබල පාතාල නායකයකු පොලිසිය සමග ඇතිවූ ගැටුමකදී වෙඩි කා මිය ගිය බවද පොලීසිය සඳහන් කර තිබේ.

    මේ පස්දෙනා අතර පොලීසියේ රාජකාරි කරමින් සිටියදී පාතාලය සමග කිට්ටු සම්බන්ධයක් පැවැත්වීම නිසා වැඩ තහනමට ලක්වූ  පොලිස් කොස්තාපල්වරයකුද සිටින බවත් පැවසේ.

  • කෝටි පහක විදෙස්‌ මුදල් සිංගප්පූරුවට රැගෙන යද්දී රේගුව හසුවෙයි

    කෝටි පහක විදෙස්‌ මුදල් සිංගප්පූරුවට රැගෙන යද්දී රේගුව හසුවෙයි

    රුපියල් හාර කෝටි අසූ ලක්‌ෂයක්‌ (4,80,00,000) වටිනා විදේශ මුදල් තොගයක්‌ නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යැමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියකු සහ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු 13 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
     
     මෙහි ඉන්දීය ජාතික ගුවන් මගියා 40 හැවිරිදිය . අනෙක්‌ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනා, 40 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ සහ 45 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
     
     මොවුන් 13 දින අලුයම 1.55 ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-306 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
     
     ඔවුන් විසින් ඇමෙරිකානු ඩොලර් 52,950 ක්‌, යූරෝ 1,53,250 ක්‌ , සෞදි රියාල් 2,64,000 ක්‌ සහ කටාර් රියාල් 18,500 ක්‌ නීතිවිරෝධී ලෙස රැගෙන යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
     
     රේගු අධිකාරි ඒ. එම්. ඡේම්ස්‌, සහකාර රේගු අධිකාරීවරුන් වන ටී. ඒ. ගුණසේකර, ඩී.රෙංගරාඡ් , එම්.එස්‌. මාසකෝරාල, එස්‌. සමරසේකර යන මහත්වරුන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.
     
     ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්‌ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස්‌ පරිදි, කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්‌ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ අධීක්‌ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‌ෂ ඕ.ඡේ.ඔබේසේකර මහතා ඇතුළු රේගු නිලධාරීන් පිරිසක්‌ මේ පිළිබඳව පරීක්‌ෂණ පවත්වති.

     

  • දීර්ඝ කාලයක පටන් විදේශ රටවලින් ලැබෙන ලිපි හා පාර්සල් කඩා එහි ඇති දේ ගැනීමේ මහා ජාවාරමක් හෙළිවෙයි….

    දීර්ඝ කාලයක පටන් විදේශ රටවලින් ලැබෙන ලිපි හා පාර්සල් කඩා එහි ඇති දේ ගැනීමේ මහා ජාවාරමක් හෙළිවෙයි….

    මාස කිහිපයක සිට සඟවා  තිබු ලිපි දහස් ගණනක් අඩංගු තැපැල් මලු තොගයක් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධික්ෂණ නිලධාරින්ගේ කාමරයේ තිබී පසුගිය 11 දා සොයාගෙන තිබේ.
    දකුණු පළාත් නියෝජ්‍ය තැපැල් ජනරාල්වරිය සහ ගාල්ල ප්‍රාදේශිය තැපැල් අධිකාරිවරිය විසින් කළ සෝදිසිකිරීමකදී මෙම තැපැල් මලු තොගය සොයා ගෙන ඇති අතර එහිදි විදේශ රටවල සිටින පුද්ගලයින් විසින්  මෙරට සිටින ඥාතින්ට එවනලද ලිපි සහ පාර්සල් රැසක් කඩා තිබියදි සොයාගෙන ඇති අතර එයට අමතරව පසුගිය  මැතිවරණයේදි ගාල්ල දිස්ත්‍රික්කයේ ඇමතිවරුන් දෙදෙනෙකු විසින් ඡන්දදායකයින් වෙත යැවිමට බාරදෙන ලද ලිපි දහස් ගණනක් තිබී ඇත.
    දීර්ඝ කාලයක පටන් විදේශ රටවලින් ලැබෙන ලිපි කැඩිමේ මෙම ජාවාරම පවත්වාගෙන ගොස්  ඇති අතර ඒ සම්බන්ධයෙන් කරන ලද නිර්නාමික පෙත්සම් අනුව මෙම හදිසි වැටලිම කර තිබූ අතර මෙම කාමරයට වෙනත් බාහිර පුද්ගලයින්ට ඇතුලු විමට නොහැකි බවත් ඇතුලු විය හැක්කේ අධික්ෂණ නිලධාරිවරුන්ට පමක් බවත් වාර්තාවේ.
  • වවුනියාවේ හේනක එල්.ටී.ටී.ඊ. නිෂ්පාදනය කළ ‘තමිලන් ගුණ්‌ඩු’ අත්බෝම්බයක්‌

    වවුනියාවේ හේනක එල්.ටී.ටී.ඊ. නිෂ්පාදනය කළ ‘තමිලන් ගුණ්‌ඩු’ අත්බෝම්බයක්‌

    වවුනියාවේ ඉරට්‌ටපෙරියකුලම පොලිස්‌ වසමේ අලගල්ල අලුත්ගම ප්‍රදේශයේ හේන් ඉඩමක තිබී එල්. ටී. ටී. ඊ. සංවිධානය නිෂ්පාදනය කළ තමිලන් ගුණ්‌ඩු වර්ගයේ අත්බෝම්බයක්‌ පසුගියදා (11) සවස හමුවී තිබේ. 
     
     මේ පිළිබඳව වවුනියාව ඉරට්‌ටපෙරියකුලම පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එම අත්බෝම්බය පොලිසිය භාරයට ගෙන තිබේ.
     
     ඉරට්‌ටපෙරියකුලම පොලිසිය පැවසුවේ හේනේ ගස්‌ කපා ඉවත් කරන අවස්‌ථාවක හේන් හිමියා අදාළ බෝම්බය දැක පොලිසිය දැනුවත් කොට ඇති බවයි.
     
     අනතුරුව පොලිසිය ගොස්‌ අදාළ බෝම්බය සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව මහෙස්‌ත්‍රාත් අධිකරණ නියෝග යටතේ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
     
     පොලිසිය පැවසුවේ වව්නියාව මහෙස්‌ත්‍රාත් අධිකරණ නියෝග යටතේ වව්නියාව පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට නියමිත බවයි.
     
     සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්‌ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

  • කුඩු ජාවාරම් කරුවන් එල්ලන්න කැබිනට්‌ අනුමැතිය…ජනපති ලැයිස්‌තුව ඉල්ලයි

    කුඩු ජාවාරම් කරුවන් එල්ලන්න කැබිනට්‌ අනුමැතිය…ජනපති ලැයිස්‌තුව ඉල්ලයි

    දැනට මරණ දඬුවම නියමව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10) කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත.
     
     මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව මරණ දඬුවම ලබා සිටින සිරකරුවන් පිළිබඳ විස්‌තර ලබාදෙන ලෙස එහිදී ජනපතිවරයා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියට උපදෙස්‌ දුන් බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පැවසූ අතර
    මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පිරිස්‌ පිටුපස මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දඬුවම හිමිවූ ජාවාරම්කරුවන්ද සිටින බවත් ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අවස්‌ථාවේදී ඇමැතිවරුන් අත් ඔසවමින් ඊට සහාය පළ කර ඇත.
     
     මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සමාජය බේරා ගැනීම සඳහා තමාට අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවන බව ජනපතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයේදී ප්‍රකාශ කර ඇත.
     

  • රථ වාහන වැරදි 33 ක්‌ සඳහා දඩ මුදල් ඉහළට

    රථ වාහන වැරදි 33 ක්‌ සඳහා දඩ මුදල් ඉහළට

    රථවාහන වැරදි 33 ක්‌ සඳහා වන දඩ මුදල් මෙම මස 15 වැනිදා සිට වැඩි කෙරේ. 306

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිsල්වා මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට්‌ පත්‍රය අනුව මෙම දඩ මුදල් වැඩි කෙරෙන අතර වැරදි කිහිපයක්‌ සඳහා දඩ නියම නොකර නඩු පැවරේ.

    ඒ අනුව වේග සීමා විධිවිධාන උල්ලංඝනය කිරීමේ වරදට මෙතෙක්‌ නියම කරන ලද රුපියල් දහසේ ස්‌ථානීය දඩය රුපියල් තුන්දහස දක්‌වා වැඩිකර ඇති අතර මාර්ග නීති වලට අවනත නොවීමේ වරදට මෙතෙක්‌ නියම කරන ලද රුපියල් පන්සියයේ ස්‌ථානීය දඩය රුපියල් දෙදහස දක්‌වා වැඩි කර තිබේ.

    අංක තහඩු සම්බන්ධ වැරදි, ආදායම් බලපත්‍රයේ විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධ වැරදි, මෝටර් රථය පාලනය කර ගැනීමට බාධාවක්‌ නොවෙනසේ ධාවනය කිරීම, ආරésත හිස්‌ වැසුම් පැළඳීම පැහැර හැරීමේ වැරදි, ආදිය සම්බන්ධයෙන් මෙතෙක්‌ නියම කරන ලද ස්‌ථානීය දඩ මුදල වූ රුපියල් පන්සියය රුපියල් දහස දක්‌වා වැඩි කර තිබේ.

    වාහනය පැදවීමේදී සහ අනෙකුත් අවස්‌ථාවන්හිදී නුසුදුසු සංඥ භාවිත කිරීමේ වරදට මෙතෙක්‌ පැවැති රුපියල් සියයේ ස්‌ථානීය දඩය රුපියල් දහස දක්‌වා වැඩිකර ඇත.

    මෝටර් වාහන පාපුවරුවේ ගමන් කිරීම හෝ ගමන් කිරීමට ඉඩ ලබාදීමේ වරදට නියම කරන ලද රුපියල් එකසිය පනහේ දඩය රුපියල් පන්සීය දක්‌වා ද, මෝටර් වාහනවල ඉදිරිපස අසුන්වල සිටිය හැකි තැනැත්තන් සංඛ්‍යාව ඉක්‌මවා ගෙන යැමේ වරදට මෙතෙක්‌ පැවැති රුපියල් එකසිය පනහේ ස්‌ථානීය දඩය රුපියල් දහස දක්‌වා වැඩි කර ඇත.

    පොලිස්‌ නිලධාරීන්ගේ විධාන සහ සංඥවලට අවනතවීම පැහැර හැරීමේ වරදට මෙතෙක්‌ නියම කරන ලද රුපියල් දහසේ ස්‌ථානීය දඩය රුපියල් දෙදහස දක්‌වා වැඩිකර තිබේ.

    නව ගැසට්‌ පත්‍රය අනුව ධාවනය කරන විට රියෑදුරු බලපත්‍රය රැගෙන යැමට අසමත්වීම, උපදේශක බලපත්‍රයක්‌ නොමැතිව උපදේශක කටයුතුවල යෙදීම, අනතුරු ඇඟවීමේ උපකරණ අනිසි ලෙස භාවිත කිරීම, අධික දුම් පිට කිරීම, ආසන පටි පැළැඳ නොසිටීම, ධාවනය වෙමින් පවතින මෝටර් වාහනයකින් දැන්වීම් බෙදාහැරීම, වාහනයෙන් අධික ශබ්ද නිකුත් කිරීම, මාර්ග සංඥවලට අවනත නොවීම, ටැංකියට ඉන්ධන පිරවීමේදී ගතයුතු පූර්ව ආරක්‌ෂණ ක්‍රියා මාර්ග ගැනීමට අසමත්වීම, ආදිය ඇතුළු තවත් වැරදි කිහිපයක්‌ සම්බන්ධයෙන් ස්‌ථානීය දඩ නියම නොකෙරන අතර එම වැරදි සඳහා අධිකරණයේ නඩු පැවරිය යුතුවේ.

  • හිමිනමක් පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා මරයි

    හිමිනමක් පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා මරයි

    රත්නපුර ගල්ඇන්ද විහාරස්ථානයකදී පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා මාරාදැමීමක් සම්බන්ධයෙන් එම විහාරයේ හිමිනමක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු ලැබ සිටින හිමි නමක් සොයා රත්නපුර පොලීසියේ සැරයන්වරයෙකු අද (10) පෙරවරුවේ එම විහාරස්ථානයට ගොස් තිබේ.

    එම හිමි නම විහාරස්ථානය තුළදී සැරයන්වරයාගේ ගෙල සිර කර ඇත්තේ එම අවස්ථාවේය. මෙහිදී  පොලිස් නිලධාරියාගේ කෑගැසීම් හඬට අනුව අසල් වැසියන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් දී තිබේ. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එහි යන විට එම පොලිස් නිලධාරියාගේ මළ සිරුර හමුවී ඇති අතර හිමි නමද එහි සිට ඇත.

    එහිදී ඔහු පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයකින් දමා ගැසීමට උත්සහ කර ඇති අතර රත්නපුර මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා හිමිනමගේ අතට පොල්ලකින් පහරදී ඒ උත්සාහය ව්‍යවර්ථ කර ඇත. රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි