Category: සුපිරි Cases

  • කොළඹ ස්වාධීන නාගරික මන්ත‍්‍රී ක‍්‍රිෂ්නාට පිටකොටුවේදී වෙඩි

    කොළඹ ස්වාධීන නාගරික මන්ත‍්‍රී ක‍්‍රිෂ්නාට පිටකොටුවේදී වෙඩි

    කොළඹ නගර සභාවේ නාගරික මන්ත‍්‍රිවරයෙකු අද අලුයම් කාලයේදී වෙඩි තබා ඝාතනය කර ඇත.

    පිටකොටුම හෙට්ටි වීදියේදී  40 හැවිරිදි ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් නොහොත් ක‍්‍රිෂ්නා නම් කොළඹ නගර සභාවේ ස්වාධීන මන්ත‍්‍රිවරයෙකු ලෙස කටයුතු කල අය මෙසේ ඝාතනය වී ඇත.  

    හෙට්ටි වීදියේ පිහිටි තම පලතුරු අලෙවිසැලට අද අලුයම පැමිණෙමින් සිටියදී මෝටර් බයිසිතලයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

    මන්ත‍්‍රීවරයා මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් තුවලා ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමනේ පසුවයි.

     

  • ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ සැමියාගේ පිහි පහරින් මරුට

    ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ සැමියාගේ පිහි පහරින් මරුට

    පානදුර අරුක්‌ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේදී ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මිය ඇයගේ සැමියා විසින් ඊයේ (08 වැනිදා) රාත්‍රි පිහියෙන් ඇන ඝාතනය කර ඇත.

    මෙම ඝාතනය ඊයේ රාත්‍රි 8.50 ට පමණ සිදුව  ඇති අතර පවුල් ආරවුලක්‌ මෙම ඝාතනයට හේතුවී ඇති බව මූලික පොලිස්‌ විමර්ශනවලින් හෙළිවී ඇත. ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනයට ලක්‌වන විට 53 වැනි වියෙහි පසුවූ අතර ජනප්‍රිය ගීත රැසක්‌ ගායනා කර ඇත.

    කඳුළ නිවන්නම් සිත නොරිදනවා නම් යන ගීතය ඇය ගායනා කළ ජනප්‍රිය ගීතයකි.

    දෙදරු මවක වූ ඇය ඝාතනයට ලක්‌වන විට සිය දියණියද සමඟ පානදුර අරුක්‌ගොඩ නිවසේ පදිංචිව සිට ඇත.

    පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සේනානායක මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

  • අපරාධ රැල්ලක්‌ රට තුළ ක්‍රියාත්මක වන බවට පුවත්පත්වල සටහන් වනවා… එහෙම රැල්ලක්‌ නැහැ

    අපරාධ රැල්ලක්‌ රට තුළ ක්‍රියාත්මක වන බවට පුවත්පත්වල සටහන් වනවා… එහෙම රැල්ලක්‌ නැහැ

    මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීමට “ඊෂි කෑෂ්” ක්‍රමයට සිදුකරන මුදල් ගනුදෙනුවලට වැට බැඳීමට රජය කටයුතු ආරම්භ කර ඇතැයි රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පැවසීය.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් “ඊෂි කෑෂ්” හරහා වැඩිපුර ගනුදෙනු කරන බවට හෙළිකර ගැනීම නිසා එම ආයතන සමඟ මේවා මැඬපැවැත්වීමට විශේෂ වැඩසටහනක්‌ දියත් කර ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (05 දා) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

    වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද කීය. මේ දිනවල අපරාධ රැල්ලක්‌ රට තුළ ක්‍රියාත්මක වන බවට පුවත්පත්වල සටහන් වනවා. එහෙම රැල්ලක්‌ නැහැ. රජයක්‌ විදියට පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඉදිරියටත් එය ගෙනියනවා.

    2018 මුල් මාස පහ තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 16630 ක්‌ සිදුකර සැකකරුවන් 16633 ක්‌ සමඟ හෙරොයින් කිලෝ 36 ක්‌, කේරළ ගංජා සම්බන්ධ වැටලීම් 24598 ක්‌ සිදුකර සැකකරුවන් 24581 ක්‌ සමඟ ගංජා කිලෝ 2721 ක්‌, කොකේන් සම්බන්ධ වැටලීම් 07 ක්‌ සිදුකර සැකකරුවන් 07 ක්‌ සමඟ කොකේන් කිලෝ 11 ක්‌, හෂීස්‌ සම්බන්ධ වැටලීම් 13 ක්‌ සිදුකර සැකකරුවන් 13 ක්‌ සමඟ හෂීස්‌ කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එමෙන්ම මේ වසරේ ගෙවීගිය මාස කිහිපය තුළදී මාතර රන්බඩු සාප්පු මංකොල්ලයේ දී යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්ෙච්තිය මහතා ආරක්‌ෂා කර ගැනීමට යැමේදී සහ මාදම්පේ ප්‍රදේශයේ ගංවතුරෙන් පිරිසක්‌ බේරා ගැනීමට යැමේදී පොලිස්‌ නිලධාරීන් තිදෙනෙක්‌ මියගොස්‌ තිබෙනවා.

    ඒ වගේම පසුගිය රජය සමයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ පහරදීම් සම්බන්ධයෙන් පොලිස්‌ විමර්ශන සිදු කරනවා. ඒ වගේම පසුගියදා ළමා කටයුතු රාජ්‍ය ඇමැති එල්.ටී.ටී.ඊ. සම්බන්ධ කර සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිලි අනුව විමර්ශන කටයුතු සිදු කරනවා. මීට අමතරව චෝදනා එල්ලව තිබෙන අර්ජුන මහේන්ද්‍රන් සහ උදයංග වීරතුංග යන අය ලංකාවට ගෙන්වා ගැනීමටත් පොලිසිය කටයුතු කරමින් ඉන්නවා.

    නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්‌ඩාර – පොලිසිය පාතාල මර්දනය කිරීමට කටයුතු කරනවා. පසුගිය රජය සමයේ දේශපාලනඥයන් පාතාලය පෝෂණය කළත් මේ රජයේ කිසිම දේශපාලනඥයෙක්‌ පාතාලයට සහායට කතා කරන්නේ නැහැ. පොලිසියට බලපෑම් කරන්නේ නැහැ. ඒ වගේම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා පාතාල සාමාජිකයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන විට වීරයන් ලෙස හැඟවෙන ඡායාරූප පළකරන්න එපා.

    අපිට ඕන නම් දකුණේ ප්‍රබල දේශපාලනඥයන් පාතාල නායකයන් සමඟ සිටින වීඩියෝ වුණත් පෙන්වන්න පුළුවන්.

    මෙම මාධ්‍ය හමුව සඳහා නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාද සහභාගි වී සිටියහ.

  • ඇලෝසියස් හා පලිසේන හිරකර ඇති ස්ථානයේ තිබී ජංගම දුරකතන 3ක් සිම් කාඩ් 5ක් හසුවෙයි

    ඇලෝසියස් හා පලිසේන හිරකර ඇති ස්ථානයේ තිබී ජංගම දුරකතන 3ක් සිම් කාඩ් 5ක් හසුවෙයි

    රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලේසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන රඳවා සිටින වාට්ටුවේ තිබී ජංගම දුරකතන 03ක් සහ සිම් කාඩ්පත් 05ක් සොයාගත් බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දී ඇත.
  • රටම වනසන විදුලි හොරුන්ට එරෙහිව වහා ක්‍රියාත්මක නොවුනහොත් ජාතික විදුලි බල පද්ධතියම අනතුරක…!

    රටම වනසන විදුලි හොරුන්ට එරෙහිව වහා ක්‍රියාත්මක නොවුනහොත් ජාතික විදුලි බල පද්ධතියම අනතුරක…!

    ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය සියයට 240 කින් ඉහල ගොස් ඇති බව පවසන විදුලි බල මණ්ඩලයේ නිළධාරි රටපුරා ජාතික විදුලිය පද්ධතිය අවභාවිතා කරන කල්ලි කණ්ඩායම් පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම සැකයට තුඩුදෙන කරුණක් බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.

    මිනිස් ජිවිත අවදානමට ලක්කරමින්, රටේ ජාතික විදුලිබල පද්ධතියෙන් හොරෙන් විදුලිය ලබා ගන්නා කේබල් නාලිකා බෙදාහරින්නන් ගැන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් ලබාදිමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එම ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් සදහන් කළේ උතුරේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් නාලිකා විකාශය කරන කණ්ඩායම් ජාතික විදුලි බල පද්ධතිය අනතුරේ දමා ඇති බවයි.

    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පසුගියදා යාපනයේ කල සංචාරයකදි අනාවරණය කරගත් සාක්ෂි කිහිපයක්ද එහිදි මාධ්‍යයට අනාවරණය කලා.

    “අපි පසුගිය කාලේ උතුරේ සංචාරය කළා.එහිදි අපි දැක්කා ජාතික විදුලි බල පද්ධතියට අයත් කණු භාවිත කරලා මේ අනවසර කේබල් නාලිකා කරුවන් තමන්ගෙ නාලික බෙදාහැරීම සදහා කේබල් ඇදලා තියේන හැටි.එක පැත්තකින් මේ කේබල් අදින අයට අවසරයක් නෑ .අනිත් පැත්තෙන් මේ වංචනික ක්‍රියාවේ යෙදෙන අය ජාතික විදුලි පද්ධතියෙන්ම තමන්ගේ ඇම්පිලිෆයර් සදහා විදුලිය ගන්නවා.සමාන්‍යයෙන් මෙම ඇම්පිලිෆයර් එකක් සදහා මාසිකව රුපියල් 1500-1700ත් අතර මුදලක් වියදම් වෙනවා.නමුත් ඒ මුදල ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙන්නේ නෑ.”

    “සමාන්‍යයෙන් මිටර් 250කට වරක් එක් ඇම්පිලිෆයර් එකක් බැගින් සවිකිරිම කේබල් නාලිකා විකාශනයේ දි අනිවාර්‍යන් කරන්න අවශ්‍යයි.හිතලා බලන්න උතුරු සහ නැගෙනහිර පළාත්වල තියේන හොර කේබල් නාලිකා පවත්වාගෙන යන අය රටේ විදුලි බල පද්ධතියට මොනතරම් හානියක් කරනවාද කියලා.”

    “සාමාන්‍ය ජනතාවට බිලක් ගෙවා ගන්න බැරි උනාම රතු නිවේදන එවලා විදුලිය කපලා දානව…විදුලි කණුවක වැලක් බැන්දත් නීතිය ක්‍රියාත්මක කරනවා ඒ උනාට පොඩි මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක වුනාට හොරුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ ”

    “ඒ විතරක් නොවේ මිට සති කිහිපයකට පෙර නැගෙනහිර පළාතේ කල්මුණේ ප්‍රදේශයේ අනවසර කේබල් නාලික පවත්වගෙන යන අයෙකු කිසිදු අවසරයකින් තොරව ජාතික විදුලි බල පද්ධතියට අවහිර වනලෙස කණු හිටවලා.”

    “නීතිවිරෝධී කේබල් සමාගම් වල කේබල් ඇදිම හේතුවෙන් අවස්ථා කිහිපයකම අනතුරු සිදුවුනා වඩමාරච්චි වල්ලෙයිවෙලි ප්‍රදේශයේ රූපවාහිනී කේබල් නාලිකා එකිනෙක ඇතිල්ලීමෙන් සිදු වූ විදුලි කාන්දු නිසා පසුගිය මැයි මාසයේ 23 වන දා පුද්ගලයින් දෙදෙනෙක් මිය ගිය නමුත් තවමත් නීතිය ක්‍රියාත්මක නෑ.”

    “ඒ නිසා අපි බොහොම පැහැදිලිව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් මෙන්ම වගකිවයුත්තන්ගේන් ඉල්ලා සිටිනවා වහාම මේ නීතිවිරෝධී ලෙස රටේ ජාතික විදුලි බල පද්ධතියට හානී කරන් කණ්ඩායම් වලට එරෙහිව් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ”

    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදුන් පැමිණිල්ල සහ ඡායාරූප මේ සමග එවා ඇත. විඩියෝ කොටස් කිහිපයක් CD මගින් මාධ්‍යවේදීන් හට ලබාදීමට කටයුතු කර තිබේ.

    ඩබ්ලිව්. බී. ගනේගල මහතා
    සභාපති,
    ලංකා විදුලිබල මණ්ඩලය,
    අංක 540, ශ්‍රිමත් චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත,
    කොළඹ 02,
    02.07.2018

    සභාපතිතුමණි,

    මිනිස් ජිවිත අවදානමට ලක්කරමින්, රටේ විදුලි බල පද්ධතියෙන් හොරෙන් විදුලිය ලබා ගන්නා කේබල් නාලිකා බෙදාහරින්නන් ගැන වහාම නීතිය ක්‍රියාත්මක කරනු!

    උතුරේ ක්‍රියාත්මක වන මාධ්‍ය මර්දනය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පසුගියදා අපි, වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ සංචාරයක නියැලුන අතර එම සංචාරය ඇතුලත විශේෂයෙන්ම අප සංවිධානය විසින් දිගින් දිගටම අනාවරණය කළ නීතිවිරෝධී කේබල් රූපවාහිනි නාලිකා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සොයා බැලිමට අපට හැකියාව ලැබුණි.

    උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දිගින් දිගටම කරුණු අනාවරණය කල අතර විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව ඇතුළු සියළුම වගකිව යුතු ආයතන වෙත එම නිතිවිරෝධි නාලිකා නාමයන් හා ඒවායේ ලිපිනයන් ඇතුලත් ලිපිගොනුවක්ද මේ වන විට භාර දී ඇත්තෙමු. එසේම එම කේබල් නාලිකා විකාශය කිරිම හරහා එක් පැත්තකින් රටේ ජාතික ආරක්ෂාව අනතුරට හා තර්ජනයට ලක් කර ඇති ආකාරයද අනිත් පැත්තෙන් ඒ හරහා රටට අහිමිවන බදු මුදල් සම්බන්ධයෙන්ද අපි පෙන්වා දී ඇත්තෙමු.

    රටේ සාමාන්‍ය ජනතාව රටේ විදුලි බල පද්ධතියෙන් ඔවුන් පරිභෝජනය කරන විදුලිය වෙනුවෙන් බදු මුදල් සහිතව ගෙවීමක් සිදු කරන අතර ගෙවීම් අතපසු වීම යම්හෙයකින් රතු බිලක් දක්වා දිග්ගැස්සීම, ඔවුන්ගේ විදුලිය විසන්දිවීමට පවා හේතු වන අවස්ථාවක උතුරු, නැගෙනහිර මෙන්ම කදුකරයේ ඇතැම් ප්‍රදේශ වල නීතිවිරෝධීව කේබල් හරහා රූපවාහිනි නාලිකා විකාශය කරන කණ්ඩායම් ඒ සදහා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි කණු යොදා ගන්නා ආකාරය අපි නිරීක්ෂණය කළෙමු. එපමණක් නොව එම නීතිවිරෝධී කණ්ඩායම් විදුලි කනුවෙන්ම ඇම්පිලිෆයර් සදහා අනවසරයෙන් මෙන්ම කිසිදු ගෙවිමකින් තොරව විදුලිය ලබා ගැනිමට කටයුතු කරමින් සිටින ආකාරය ද අපි දුටුවෙමු.

    මෙම නීතිවිරෝධි නාලිකා වල කේබල් ඇදිම් කාර්යයන් හි නිරත වන පුද්ගලයන්ගේ ජීවිත නිරායාසයෙන්ම අනතුරට ලක් වී ඇති බවත් ඒ කාර්යයන් ඉටු කිරීමේදි එම සේවකයන්ගේ ජිවිතවලට වගකීමක් හෝ වටිනාකමක් ද අදාළ ආයතන විසින් ලබා නොදෙන බවත් අපි දනිමු. ඊටත් වඩා විදුලි බල මණ්ඩලයට අයත් කණුවකට මණ්ඩලයේ අවසර ලද පුද්ගලයන්ට හැර වෙනත් අයෙකු නැගිම නීතියෙන් දඩුවම් හැකි පවා වරදකි. තත්ත්වය එසේ වුවත් පසුගියදා අපගේ යාපන සංචාරය අතරතුර පේදුරු තුඩුව දක්වා ඇති නීතිවිරෝධී නාලිකාවකට අයත් කේබල්, ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි කණුවල අදිමින් සිටි පුද්ගලයන් නිරික්ෂණය කිරිමට අපට හැකි වු අතර ඒ සම්බන්ධයෙන් ඡායාරූප සහ විඩියෝද අප සතුව වේ. (අදාළ ඡායාරූප මේ සමග අමුණා ඇත.)

    මිට අමතරව අප කල නිරික්ෂණයට අනුව විකාශයට භාවිතා කරන ඇම්පිලිෆයර් සදහා අවශ්‍ය විදුලිය ද නීතිවිරෝධී ලෙස එම කණුවෙන්ම ලබාගෙන ඇති අතර එම මාර්ගය ඔස්සේ කිලෝමීටර කිහිපයක් ගමන් කිරිමේදි ඒ ආකාරයේ ඇම්පිලිෆයර් කිහිපයක්ම දකින්නට හැකිවු බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු. කේබල් තාක්ෂණය අනුව සාමාන්‍යයෙන් මිටර් 250කට වරක් එක් ඇම්පිලිෆයර් එකක් බැගින් සවිකිරිම කේබල් නාලිකා විකාශනයේ දි අනිවාර්‍ය වේ.

    ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදි තහවුරු වූයේ කේබල් හරහා රූපවාහිනි නාලිකා බෙදාහැරීම හැකි ඇම්පිලිෆයර් එකක් සදහා අවම වශයෙන් මාසිකව විදුලි වියදම ලෙස රුපියල් 1400-1500ක් වැයවන බවයි. සභාපතිතුමණි, එසේනම් ඒ හරහා මාසිකව ඔබ ආයතනයට අහිමි වන මුදල අති විශාල බව අප ඔබට අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

    නීතිවිරෝධී ලෙස කේබල් හරහා අනවසරයෙන් නාලිකා බෙදාහරින කණ්ඩායම් තමන්ගේ කේබල් විදුලි කණුවේ ඇදිමට අමතරව ඒ සදහා රජයට පාඩු කරමින් හොර රහසේම විදුලිය ලබා ගැනිම ඉතා භයානක බව අපගේ හැගීමයි.

    නීතිවිරෝධී කේබල් සමාගම් වල කේබල් ඇදිම හේතුවෙන් අවස්ථා කිහිපයකම අනතුරු සිදුව ඇති අතර වඩමාරච්චි වල්ලෙයිවෙලි ප්‍රදේශයේ රූපවාහිනී කේබල් නාලිකා එකිනෙක ඇතිල්ලීමෙන් සිදු වූ විදුලි කාන්දු නිසා පසුගිය මැයි මාසයේ 23 වන දා පුද්ගලයින් දෙදෙනෙක් මිය ගිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කිරිමට සිදු වුණි.

    සභාපතිතුමණි,

    කේබල් රූපවාහිනි නාලිකා විකාශය කිරිම සදහා නිසි බලපත්‍රයක් ලබා ගෙන ඇති ආයතන සදහා අදාළ විකාශන කටයුතු කිරිම වෙනුවෙන් කේබල් ඇදිමට අවස්ථාව ලබාදිම සම්බන්ධයෙන් අපගේ විරෝධයක් නොමැත. ඒ සමඟම ඒ හරහා ලංකා විදුලිබල මණ්ඩලයට මාසිකව අමතර ආදායමක් ලබා ගැනිමට මෙන්ම විදුලි බල සේවකයන්ට ඒ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවකටද හිමිකම් කිමටද හැකියාවක් ලැබෙනු ඇති බව අපගේ විශ්වාසයයි.

    ඒ හේතුවෙන් රටපුරා ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් නාලිකවන් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි කනු භාවිතා කිරිම සම්බන්ධයෙන් මෙන්ම අනවසරයෙන් රජයට පාඩු කරමින් විදුලිය අවභාවිතා කිරිම පිළිබඳව වහාම පියවර ගන්න ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඔබගෙන් හා මේ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිමු.

    ස්තුතියි,

    මෙයට,
    විශ්වාසි,
    චතුරංග ද අල්විස්,
    සභාපති,
    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය.

  • මනාලියට වයස 11 යි , මනාලයට 41 යි  –  අරුම පුදුම විවාහයක තතු මැලේසියාවෙන් කරලියට….

    මනාලියට වයස 11 යි , මනාලයට 41 යි – අරුම පුදුම විවාහයක තතු මැලේසියාවෙන් කරලියට….

    එකොලොස් හැවිරිදි දැරියක හතලිස් එක් හැවිරිදි පුරුෂයෙකුට විවාහ කරදීම සම්බන්ධයෙන් මැලේසියාවේ ප්‍රබල ආන්දෝලනයක් මතුවෙමින් පවතී.

    විවාහ විය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා සංශෝධනය කරන ලෙස ඒ සමග ඉල්ලීම් ඉදිරිපත් වේ.

    16 වෙනි විය සම්පූර්ණ වන තෙක් දැරියට සිය නිවසේ රැඳී සිටිය හැකි බවට එකඟතාව මත ඉහත කී පුද්ගලයාගේ තෙවන බිරිඳ ලෙස විවාහපත් වීමට අවසර දුන් බව දැරියගේ තායි ජාතික දෙමව්පියෝ පවසති.

    තායිලන්තයේ සිදු වූ විවාහය සම්බන්ධයෙන් තමන් සතුව වාර්තා නොමැති බව පවසන මැලේසියානු ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව සඳහන් කරයි.

    ඉහත කී විවාහය “කම්පනය දනවන සුළු සහ පිළිගත නොහැකි” බව ළමුන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය පවසයි.

    “ළමයා කැමතිම දේ එය නොවෙයි,” යනුවෙන් යුනිසෙෆ් ආයතනයේ මැලේසියානු නියෝජිතවරිය මැරියන් ක්ලාර්ක් හැටින්ග් පැවසුවාය.

    විවාහය පිළිබඳ දන්නා කරුණු මොනවාද?

    විවාහ උත්සවයෙන් පසු වැඩිහිටි මනාලයා දැරියගේ අත අල්ලා සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රකාශයට පත්ව තිබිණි.

    ඔහු තවත් කාන්තාවන් දෙදෙනෙක් සමග දැනටමත් විවාහ වී සිටින අතර ඔහුට අවුරුදු 5 සිට 18 දක්වා වයසේ පසුවන දරුවන් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    දැරියගේ දෙමව්පියන් මැලේසියාවේ ඊසාන දිග පිහිටි කෙලන්ටන් ප්‍රාන්තයේ රබර් කිරි කැපීමේ නිරත යුවලක් බවත් වාර්තා වේ.

    දැරියගේ දෙමව්පියන් දුගී ජීවිතයක් ගෙවන අතරතුර මනාලයා සමෘධිමත් වෙළෙන්දෙකු බව මැලේසියාවේ ක්‍රියාකාරීහු පවසති.

    මැලේසියාවේ පවතින නීතිය කුමක්ද?
    මැලේසියාව තුළ නීත්‍යානුකූලව විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 18 ය. අවුරුදු 16 ට අඩු දැරියන්ගේ මුස්ලිම් විවාහ සඳහා ඉස්ලාමීය ෂරියා අධිකරණවලට අනුමැතිය ලබා දිය හැක.

    කෙසේ නමුත් ඉහත කී විවාහය සම්බන්ධයෙන් පළාතේ ආගමික අධිකාරිය සතුව වාර්තා කිසිවක් නොමැති බව මැලේසියානු ආණ්ඩුව පවසයි.

    ආගමික අධිකරණයක අනුමැතිය නොමැති නම් ඉහත කී විවාහය නීත්‍යානුකූල නොවන අතර මනාලයාට මාස හයක් දක්වා වූ සිර දඬුවමක් නියම කළ හැකි බව කාන්තා, පවුල් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය පැවසීය.

    “අවුරුදු එකොළහක ගෑනු ළමයෙක් බඳිනවා කියන්නේ බාල වයස් අපරාධකරුවෙකුගේ වගේ හැසිරීමක්,” යනුවෙන් ක්‍රියාකාරිනියක වන සයිඩ් අස්මි අල්හබ්ෂි ඒඑෆ්පී පුවත් සේවයට අදහස් දක්වමින් සඳහන් කළාය.

    වයස අවුරුදු 15 ට අඩු දැරියන් 16,000 දැනටමත් විවාහපත් වී සිටින බව ක්‍රියාකාරීන් පෙන්වා දෙන බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කරයි.

    මැලේසියාව පසුගිය වසරේදී ළමුන්ට එරෙහිව ලිංගික අපරාධ සම්බන්ධයෙන් නව නීතියක් සම්මත කළ නමුත් ළමා විවාහ අපරාධයක් ලෙස ඊට ඇතුළත් කර නොමැත.

    ළමා විවාහ පිටුදැකීම තේමා කර ගනිමින් “දැරියන් මනමාලියන් නොවේ” යන මැයෙන් ක්වාලාලම්පුර් අගනුවර පසුගිය සතියේදී සමුළුවක් පැවැත්විණ.

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහ

    සෑම වසරකම, ශ්‍රී ලංකාවේ සිය ගණනක් බාල වියේ මුස්ලිම් දැරියෝ සිය දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබති.

    විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ළමා විවාහ වසරක් ඇතුළත 14% සිට 22% දක්වා ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටීගල් බීබීසී සිංහල සේවය ඒ සම්බන්ධයෙන් කළ ගවේෂණයකදී හෙළි කළාය.

    මුස්ලිම් විවාහ සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නීතියේ විවාහයට එළඹෙන කාන්තාවන්ගේ වයස් සීමාව පිළිබඳව සඳහන්වී නැති බව කාන්තා සමාජ ක්‍රියාකාරිනියක වන නීතිඥ හසා නසේහු ඉසදීන් මීට ඉහතදී පැවසුවාය.

    ‘ක්වාසි’ නමින් හැඳින්වෙන නීතියට අනුව විශේෂ ආගමික විනිසුරන්ගේ අවසරය මත වයස 12 කට අඩු ගැහැණු දරුවකු වුවද විවාහ කර දිය හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    15 හැවිරිදි වියේදී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ශ්‍රී ලාංකික මුස්ලිම් දැරියක් තමාට මුහුණ දීමට සිදු වූ වේදනාබර සිදුවීම් පිළිබඳ ඉහත කී ගවේෂණයේදී කරුණු හෙළි කළාය.

    ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව වයස අවුරුදු දහඅටට අඩුවෙන් ළමුන් විවාහ වීම නීතිවිරෝධී වන නමුත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව මුස්ලිම් ප්‍රජාවට එම නීතිය බලනොපැවැත්වේ.

    ඉහත කී නීතිය හේතුවෙන් මුස්ලිම් දැරියෝ සහ කාන්තාවෝ දශක ගණනාවක් මුළුල්ලේ රහසේ කඳුළු වැගිරූ බව ක්‍රියාකාරීහු පවසති.

    තවදුරටත් ඉවසා සිටිය යුතු නැතැයි තීරණය කළ ඔවුහු එයට මඟ පාදන අදාළ නීතිය සංශෝධනය කරන මෙන් ඉල්ලා උද්ඝෝෂණයක් ද දියත් කළහ.

    රටේ සාමාන්‍ය නීතිය ප්‍රකාර මුස්ලිම් දැරියන් ද විවාහ කර දීමේ අවම වයස අවුරුදු 18 බවට පත් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලීමය.

    මේ අතර මීට පෙරාතුව නිර්දේශ කරන ලද පරිදි විවාහවීම සඳහා අවම වයස් සීමාවක් නියම කරමින් මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගනු ලැබ තිබෙන පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව මේ වසර මුලදී ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.

    මුස්ලිම් පුද්ගල නීතිය යටතේ විවාහ වූ වයස අවුරුදු 16ට දැරියන් “ව්‍යවස්ථාපිත දූෂණයට ලක්වීම” සම්බන්ධයෙන් රටේ නීතිය බලපවත්වන්නේ කෙලෙස ද යන්න එක්සත් ජාතීන් එහිදී මතු කළ තවත් ප්‍රශ්නයකි.

  • නිරුවත වසාගන්න මඩ පතුරන කුපාම මහින්දට නිව්යෝක් ටයිම්ස් පුවත් පතෙන් දැවැන්ත ප්‍රහාරයක්…

    නිරුවත වසාගන්න මඩ පතුරන කුපාම මහින්දට නිව්යෝක් ටයිම්ස් පුවත් පතෙන් දැවැන්ත ප්‍රහාරයක්…

    ශ්‍රි ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා වෙනුවට අපගේ ජාත්‍යන්තර කතෘ මණ්ඩලය සමග සම්බන්ධ වන ලෙස නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහින්දට කියයි

  • ඉවසල ඉන්න මම මහින්ද‌ග‌ේ සරමම ගලවනවා – කුප්‍රකට නාමල්ගේ සුරතලියට මරියා අබි හබ්බී‌ෙගෙන් පිලිතුරු….

    ඉවසල ඉන්න මම මහින්ද‌ග‌ේ සරමම ගලවනවා – කුප්‍රකට නාමල්ගේ සුරතලියට මරියා අබි හබ්බී‌ෙගෙන් පිලිතුරු….

    තමන් මාධ්‍යවේදීන් ලෙස වාර්තාවකට කරුණු එකතු කිරීම සඳහා රජයේ ප්‍රධාන නිලධාරින් හමුවීම සාමාන්‍ය දෙයක් බවත් නිවැරැදි වාර්තාකරණයේ අංගයක් ලෙස එය හැදින්විය හැකිබවත් නිව්යෝක් ටයිම්ස් වාර්තාකාරිණි මරියා අබි හබ්බී (Maria Abi Habib) සඳහන් කරනවා.

    අද (02) සිය නිල ට්ව්ටර් ගිණුම හරහා සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කළා. ඇය මෙසේ පිළිතුරු ලබා දුන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ මහනගර සභාවට තේරි පත් වූ සේනානි සමරසිංහ විසින් ටිවිටර් සමාජ ජාලය හරහා මරියා අබ් හබීබ් ගෝල්ෆේස් හෝටලයේදි රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු හමු වූ බවට කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

     

    Maria Abi -Habib “ඔව් මාධ්‍යවේදීන් කරන්නේ එයයි. රජයේ නිලධාරින් හමුවෙනවා. එපමණක් නොවේ අපි වරාය සම්බන්ධ නිලධාරින්ද හමු වුණා. එසේම ඔවුන් හමුවීමට කළ ඉල්ලීම් අහක නොදැමුවේනම් අපිට රාජපක්ෂවරුන්ට හමු වීමට ඉඩ තිබුණා. ඔබ හාස්‍යයට කරුණකි.”

     

    නිත්‍යා සේනානි සමරනායක යනු ශ්‍රි ලංකා ගුවන් සේවාවේ සේවය කරන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කොට මුදල් විශුද්ධි කිරීමේ වරදට පොලිස් මූල්‍ය අපරාධ අංශය විසින් අත්තඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ තැනැත්තියක් ලෙස ද දැක්වීය හැකිය.

  • සත්‍යය ‌හෙලිකල තමන්ට මඩ ගසන මහින්දගේ මඩ බලකායට නිව්යෝක් මාධ්‍යවේදිනිය‌ෙගෙන් දැඩි පිළිතුරක්…

    සත්‍යය ‌හෙලිකල තමන්ට මඩ ගසන මහින්දගේ මඩ බලකායට නිව්යෝක් මාධ්‍යවේදිනිය‌ෙගෙන් දැඩි පිළිතුරක්…

    නිව්යෝක් ටයිම්ස් පුවත්පත මහින්ද රාජපක්ෂ මහතාගෙන් සමාව ගත් බවටත් අදාළ පුවත වාර්තා කළ මාරියා අබි-හබීබ් මාධ්‍යවේදිනිය සේවයෙන් නෙරපූ බවටත් පවසමින් රාජපක්ෂ මහතාට හිතවත් ෆේස්බුක් පිටුවක් විසින් පළකළ අසත්‍ය පුවතට අදාළ මාධ්‍යවේදිනිය ප්‍රතිචාර දක්වා තිබේ. ඇය සිය ට්ව්ටර් ගිණුමෙන් මෙසේ ඊට උපහාසය දක්වා ඇත.

    මහින්ද රාජපක්ෂ මහතාහට එල්ල වී ඇති මෙම  චයිනා හාබර් සමාගම හරහා මැතිවරණ ව්‍යාපාරය සදහා මුදල් ලබා ගැනීමේ බරපතල චෝදනාව යටගැසීම සදහා මේවනවිට විවිධ ප්‍රවෘත්ති ඔවුන් විසින් නිර්මාණය කරමින් පවතී. විශේෂයෙන්ම සමාජමාධ්‍ය උපයෝගී කරගනිමින් මේ සදහා සක්‍රීයව මැදිහත්වෙමින් සිටින බව පෙනි යයි.

    මේ වනවිට රාජපක්ෂ මහතාට හිතවත් ෆේස්බුක් පිටුව විසින් පලකල එම පුවත පන්දහසකට අධික පිරිසක් විසින් හුවමාරු කරගෙනද ඇත.

    Maria Abi-Habib

    @Abihabib

    🤔🤣🤣

    Munza Mushtaq@munza14

    Saw this on a Facebook page last night 😬
    Not sure if I should laugh or cry.
    Are Sri Lankans this gullible?! #LKA #SriLanka

    View image on Twitter
  • සංචාරක හෝටලයට මහ රෑ පැමිණි 15 පෙම්වතිය ගෙන ගොස් පෙම්සුව විඳි තරුණයා කරපු අපරාධය ම‌ෙන්න…..!

    සංචාරක හෝටලයට මහ රෑ පැමිණි 15 පෙම්වතිය ගෙන ගොස් පෙම්සුව විඳි තරුණයා කරපු අපරාධය ම‌ෙන්න…..!

    බාලවයස්කාර දැරියක් රැගෙන ගොස් ඇයගේ පියාගෙන් කප්පම් ඉල්ලූ තරුණයෙක් පිළිබද පුවතක් වාර්තා වෙනවා. ඒ මීගමුව ප්‍රදේශයෙන්.

    සිදුවීම වාර්තා වන අන්දමට 15 හැවිරිදි මෙම දැරිය කෝටිපති ව්‍යාපාරික‍යෙකුගේ එකම දියණියයි. ඇය විසිපස් හැවිරිදි ක්‍රීඩා උපදේශකයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබේ.

    විමර්ශන වලින් අනාවරණය වූ කරුණු අනුව පැහැර ගැනීමට ලක්‌වූ බාලවයස්‌කාර පෙම්වතිය මීගමුව මහවීදිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඇය දෙමාපියන්ට රහසේ සැකකරු සමග ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ඇති අතර කලින් සැලසුම් කළ පරිදි මෙම සිසුවිය සහ තරුණයා 28දා දහවල් මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලකට ගොස් නැවතී ඇත. එහි සිට සිසුවියගේ දුරකථනයෙන් ඇගේ මවට ඇමතුමක් ලබාගෙන තමා පැහැරගෙනගොස් ඇති බවත් නිදහස් කිරීමට නම් කෝටියක කප්පම් මුදලක් ඉල්ලන බවත් දැනුම්දී ඇත. මේ අනුව මවුපියන් මේ පිළිබඳව මීගමුව මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

    ඉන් අනතුරුව සැකකාර පෙම්වතා පෙම්වතියගේ ජංගම දුරකථනයෙන් ඇගේ පියා අමතා දියණිය නිදහස්‌ කිරීමට නම් රුපියල් කෝටියක කප්පමක්‌ ඉල්ලා ඇත. එහෙත් එම තැත ව්‍යර්ථ වූ අවස්‌ථාවේ එම කප්පම් මුදල රුපියල් ලක්‌ෂ 10 දක්‌වා අඩුකර ඇත.

    පසුව කෝටියක කප්පම් මුදල දසලක්ෂය දක්වා අඩු කිරීමට කප්පම්කරු එකඟ වී ඇති බවත් ඇය මවට පවසා ඇත. එහෙත් එම ඉල්ලීමටද පියාගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණු බැවින් සැකකරු සිය පෙම්වතිය කටාන බටපත්තල ප්‍රදේශයට කැඳවාගෙන විත් ඇය එහි අතරමං කර දමා පලාගොස්‌ ඇත. පසුව පෙම්වතිය එම මාර්ගයේ ගමන් ගත් ලොරියක ආධාරයෙන් මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක හමුවට පැමිණ භාරවී ඇත. 

    කෙසේ වෙතත් තරුණිය පොලීසියට පවසා තිබුනේ උදෑසන 10ට පමණ පැමිණි කාන්තාවක් ඇතුළු හතර දෙනෙක් නිවෙසක ලිපිනයක් විමසූ බවත් ඒ ගැන කීමට නිවෙසින් පිටතට පැමිණි තමන්ට යම් දියරයක් මුහුණට අල්ලා සිහි නැති කර වෑන් රථයක දමාගෙන පලා ගිය බවත් ය. නමුත් විමර්ෂණ වලින් සිදුවීම අනාවරණය කර ගැනීමට පොලිස් නිළධාරීන් සමත්ව තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වූයේ මීගමුව කාමච්චෝඩය හි පදිංචි ජිෆ්‍රී මොහොමඩ් අශ්රොෆ් නමැත්තෙකි. 

  • හැගීම් වලට වහල්වී තමන්ම ගත් නිරුවත් ඡායාරූප නිසා සුප්‍රසිද්ධ නීතිඥවරියට වෙච්ච අලකලංචිය ‌මෙන්න…

    හැගීම් වලට වහල්වී තමන්ම ගත් නිරුවත් ඡායාරූප නිසා සුප්‍රසිද්ධ නීතිඥවරියට වෙච්ච අලකලංචිය ‌මෙන්න…

    නිමල්කා කුමාරි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියකි. එම ප්‍රදේශයේම රියදුරු පුහුණු පාසලක ඇය සේවය කළාය. තරුණ වයසේ සිටි ඇය තවමත් අවිවාහකය.
    පාසල් යන වයසේ සිටම ඇය ප්‍රේම සම්බන්ධතා කිහිපයක්‌ පවත්වා ගෙන ගියාය. එහෙත් එම ප්‍රේම සම්බන්ධතා එකක්‌වත් ස්‌ථිර ඒවා නොවීය. එය එසේ වීමට හේතු වූයේ නිමල්කාගේ සමහර ගති පැවතුම්ය. බොහෝ අවස්‌ථාවල ඇය හැසිරුණේ තරුණියකට උචිත අයුරින් නොව තරුණයකුට උචිත අයුරින්ය. මොන දේ වුණත් ඇය ජීවිතය සතුටින් ගත කළාය.
    අනූෂා නීතිඥවරියකි. පදිංචිය වැල්ලවත්ත ප්‍රදේශයේ නිමල්කාගේ නිවස ආසන්නයේය. ඇය විවාහක කාන්තාවකි. එම විවාහයෙන් ඇයට පුතකු සිටී. දැනට වසර කිහිපයකට ඉහතදී ඇය තම සැමියාගෙන් දික්‌කසාද වූවාය. ඒ පෞද්ගලික ආරවුලක්‌ දුරදිග යැම හේතුවෙනි. ඉන්පසු ඇය වැල්ලවත්ත එම නිවසේ තම පුතා සමඟ ජීවත් වූවාය. 
    අසල්වැසියන් නිසා නිමල්කා සහ අනූෂා අතර දැඩි මිත්‍රත්වයක්‌ ගොඩනැඟුණි. හැකි සෑම මොහොතකම නිමල්කා අනූෂාගේ නිවස වෙත යැමට පුරුදු වී සිටියාය. එලෙස යන ඇය පැය ගණන් අනූෂා සමඟ පෞද්ගලික තොරතුරු මෙන්ම සමාජීය තොරතුරුද කතාබහ කළාය. නීතිඥවරියක්‌ වුවත් අසල්වාසින් ගැන විවිධ තොරතුරු දැන ගැනීමට අනුෂා දැඩි කැමැත්තක්‌ දැක්‌වූවාය.
    දිනක්‌ නිමල්කා සුපුරුදු පරිදි අනූෂාගේ නිවස වෙත පැමිණියාය. ඉදිරියට පැමිණියේ අනූෂාගේ පුතා වන යොහාන්ය. ඔහුගෙන් නිමල්කා මෙලෙස විමසුවාය.
    “කෝ පුතා අම්මා”
    “අම්මා බාත්රූම් එකේ. ඉන්න මම කියන්නම් ඇන්ටි ආවා කියලා”
    එලෙස පැවසූ ඔහු නාන කාමරය දෙසට ගියේ තම මවට නිමල්කාගේ පැමිණීම පැවසීම සඳහාය. එලෙස නිමල්කාගේ පැමිණීම තම මවට පැවසූ ඔහු යළි නිමල්කා දෙසට පැමිණියේය. පැමිණ මෙලෙස පැවසුවේය.
    “අම්මා ඉක්‌මනට එන්නම් කීවා. එනකන් ඇන්ටිට වාඩිවෙලා ඉන්න කීවා”
    “හරි පුතා මම වාඩිවෙලා ඉන්නම්” 
    එලෙස පැවසූ ඇය සාලයේ තිබූ සුවපහසු පුටුවක වාඩිවූවාය. යොහාන්ද ඇය ඉදිරියේ වාඩිවී තම මවගේ ජංගම දුරකථනයෙන් “වීඩියෝ ගේම්” එකක්‌ සෙල්ලම් කරමින් සිටියේය.
    “පුතා කාගෙද ඔය ෆෝන් එක” ඇය විමසුවාය. 
    “මේක අම්මාගේ ෆෝන් එක. මම මේ ගේම් එකක්‌ ගහනවා. බොහොම අමාරුවෙන් අම්මගෙන් ඉල්ල ගත්තෙත්”
    “ආ ඇත්තද…? මොකක්‌ද ඔය ගහන ගේම් එක. මටත් දෙන්නකො පොඩ්ඩක්‌ බලන්න. මමත් ආසයි ගේම් ගහන්න”
    “ඇන්ටිට මේව ගහන්න තේරෙන්නේ නැහැ”
    “තේරෙනවද නැද්ද කියලා බලන්න මට ෆෝන් එක දෙන්නකෝ…”
    නිමල්කාට ඇත්ත වශයෙන්ම වුවමනා වූයේ වීඩියෝ ගේම් එක ගැන තොරතුරු දැන ගැනීම නොව අනුෂාගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කර බැලීමටයි. ඒ ඇයගේ ස්‌වභාවයයි. අනුන්ගේ දේවල් සොයා බැලීම සඳහා ඇයට තිබුණේ පුදුමාකාර ආශාවකි. උනන්දුවකි. ඇය යළි යළිත් යොහාන්ගෙන් ජංගම දුරකථනය ඉල්ලා සිටියාය. 
    “මොකද ඇන්ටි කරදර කරන්නේ… ඔන්න බලන්න එහෙනම්. හැබැයි ආපහු ඉක්‌මනට ඕන ෆෝන් එක”
    “හරි පුතා මම මේ ගේම් එක විතරයි බලන්නේ. ඉක්‌මනට දෙන්නම්” 
    එලෙස පැවසූ ඇය යොහාන්ගෙන් ජංගම දුරකථනය ගෙන එය පරීක්‍ෂා කර බැලුවාය. එහිදී ඇයට ජංගම දුරකථනයේ තිබුණ අනූෂාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ කිහිපයක්‌ දැක ගැනීමට හැකිවිය. නැවත නැවතත් එදෙස බැලූ ඇය ක්‍ෂණිකව එම පිංතූර සහ වීඩියෝ තමාගේ ජංගම දුරකථනයට දමා ගත යුතු යෑයි තීරණය කළාය. ඒ අනුව යොහාන්ටත් නොදැනෙන ලෙස ඉතා සූක්‍ෂම අයුරින් එම පිංතූර සහ වීඩියෝ සියල්ල තම ජංගම දුරකථනයට කොපිකර ගත්තාය. එලෙස කොපි කරගෙන ආපසු යොහාන්ට ජංගම දුරකථනය දුන්නේ “පුතා කිව්වා හරි මට මේ ගේම් ගහන්න තේරෙන්නෙ නැහැ” යි පවසමින්ය. ඒ අතර කාලය තුළ අනූෂාද පැමිණියාය. පැය ගණනක්‌ ඔවුහු සතුටු සාමීචියේ යෙදුණාහ.
    නුවන් අසංක ගණේමුල්ල, කොස්‌සින්න ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. හරි හමන් රැකියාවක්‌ නොමැති ඔහු ජීවත්වීම සඳහා විවිධාකාරයේ නීති විරෝධී ක්‍රියාවන්වල නිරත විය. එයට අමතරව ෆේස්‌ බුක්‌ හරහා තරුණියන් සමඟ මිත්‍රවී පසුව ඔවුන් රවටා මුදල් වංචා කිරීමටද මොහු උපන් හපනෙකි.
    නිමල්කා කුමාරි දිනක්‌ ෆේස්‌ බුක්‌ හරහා නුවන් අසංකව හඳුනා ගත්තාය. එම හඳුනා ගැනීම වැඩිකල් නොගොස්‌ ආදර සම්බන්ධතාවක්‌ බවට පෙරළුණේය. ඉන්පසු නිමල්කාගේ එකම ලෝකය වූයේ අසංකයි. අන් කාටවත් වඩා ඇය හදවතින්ම ඔහුට ආදරය කළාය. දවසේ පැය විසිහතර පුරාම පාහේ ඔහු ගැන ඉතා විමසිල්ලෙන් සොයා බැලුවාය. දිනක්‌ නිමල්කා තම පෙම්වතා වන අසංකට මෙසේ පැවසුවාය. 
    “අයියේ මම කාලයක ඉඳන් ඔයාට දෙයක්‌ කියන්න හිටියේ. හැබැයි වරදවා හිතන්න එපා”
    “ඔයා මොනවා කීවත් මම එහෙම හිතන්නේ නැහැ නංගී. දන්නවනේ මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා…”
    “එක්‌කෝ ලැඡ්ජයි අයියේ මට ඒක ඔයාට කියන්න”
    “ඇයි අනේ ඔයා මං ළඟ ලැඡ්ජා වෙන්නේ… කියන්න නංගි බය නැතිව ඕන දෙයක්‌ මට. මම ඔයාගෙනේ…”
    “ඔයාට මම කියලා තියෙන්නේ අනූෂා කියලා මගේ යාළුවෙක්‌ ගැන”
    “ඔව් මට මතකයි. ඔයාලගේ ගෙවල් ළඟ ඉන්න දික්‌කසාද වෙච්ච නීතිඥ නෝනනේ…”
    “මෙයාට ඒවනම් මතකයි හොඳට”
    “නැහැ නැහැ එහෙම මතකයක්‌ නැහැ මට. ඔයානේ නිතරම එයා ගැන කියන්නේ… ඒකෙන් වැඩක්‌ නැහැ කියන්නකො කතාව”
    “ඒ මගේ යාළුවා අනූෂාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ වගයක්‌ මගේ ළඟ තියනවා”
    නුවන් අසංක එක්‌වරම පුදුමයට පත්වූවේය. එලෙස පුදුමයට පත්වෙමින් මෙලෙස විමසුවේය.
    “ඔයාට කොහෙන්ද එයාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ”
    නිමල් කුමාරි අනූෂාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ ලබාගත් ආකාරය ගැන අකුරක්‌ නෑර ඔහුට පැවසුවාය. නුවන් අසංක එම මොහොතේම සිතුවේ මෙම නිරුවත් පිංතූර සහ වීඩියෝ භාවිත කරමින් කීයක්‌ හරි උපයා ගැනීමටය. එම නිසා ඔහු නිමල්කාට පැවසුවේ එම නිරුවත් පිංතූර සහ වීඩියෝ තමාගේ ජංගම දුරකථනයට එවන ලෙසයි. නිමල්කාද දෙපාරක්‌ නොසිතා එම පිංතූර සහ වීඩියෝ සියල්ල අසංකගේ ජංගම දුරකතනයට යෑව්වාය. 
    අසංක රෑ නිදි වරමින් එම නිරුවත් පිංතූර සහ වීඩියෝ පටවලින් කුමක්‌ කළ හැකිදැයි කල්පනා කළේය. අවසානයේ ඔහු තීරණය කළේ එම නිරුවත් පිංතූර සහ වීඩියෝ පට අදාළ නීතිඥවරියටම පෙන්වා ඇයව බියගන්වමින් කප්පම් මුදලක්‌ ලබා ගැනීමටයි. පසුදිනම ඔහු එම අදහස තම පෙම්වතිය වූ නිමල්කාට පැවසුවේය. තම හොඳම යෙහෙළිය ගැන පොඩි අනුකම්පාවක්‌වත් නොදැක්‌වූ ඇය එක පයින්ම අසංකගේ එම යෝජනාවට කැමැති වූවාය. ඇයටද වුවමනා වූයේ හොඳින් හෝ නරකින් මුදල් උපයා ගැනීමටයි. 
    අසංකගේ සැලසුම වූයේ නීතිඥවරිය බිය ගන්වා ඇයගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ තමා ළඟ තියෙන බව පෙන්වා රුපියල් ලක්‍ෂ 30 ක කප්පම් මුදලක්‌ ලබා ගැනීමයි. සැලසුමට අනුව ඇය නීතිඥවරියට දුරකථන ඇමතුමක්‌ ලබා දුන්නේය. ලබාදී මෙලෙස පැවසුවේය.
    “හෙලෝ… අනූෂා මිස්‌ද?
    “ඔව්. කතා කරනවා… කවුද ඔයා”
    “මගේ නම මිස්‌ට අදාළම නැහැ. හැබැයි මට මිස්‌ එක්‌ක ටිකක්‌ වෙලා කතා කරන්න ඕනා”
    “දන්නැති අය එක්‌ක කතා කරලා තේරුමක්‌ නැහැ. මට ඔහේලාට වගේ වේලාවකුත් නැහැ නිකන් කතා කර කර ඉන්න. ඒක නිසා කරුණාකරලා ෆෝන් එක තියන්න”
    “නීතිඥ මිස්‌ කලබල වෙන්න එපා. මේක මිස්‌ගෙ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්‌. ඒක නිසා ටිකක්‌ වෙලා මගෙත් එක්‌ක කතා කරන්න”
    “මොකක්‌ද මිනිහෝ කියන්නෙ. කියන මඟුලක්‌ තේරෙන්න කියනවා”
    “මිස්‌ගෙ නිරුවත් පිංතූර සහ වීඩියෝ වගයක්‌ මගේ ළඟ තියෙනවා”
    “මොකක්‌. තමුසෙට අමු කැවිලද මිනිහෝ…”
    “උසාවියේ වගේ සද්ද දාන්න එපා. අපි මේක ගොඩින් බේරගමු”
    “ගොඩින් බේර ගන්න දෙයක්‌ නැහැ. තමුන් යනවා මානසික රෝහලකට.”
    “මානසික රෝහලකට යන්න වෙන්නේ මට නොවෙයි මිස්‌ට. අපි මේක ගොඩින් බේරගමු. මට ලක්‍ෂ 30 ක්‌ දෙන්න. පිංතූරයි වීඩියෝ ටිකයි මිස්‌ට දෙන්නම් ආපහු”
    “තමුන්ට කොහෙන්ද මගේ නිරුවත් පිංතූර. නිකන් බොරු කියලා මිනිසුන්ව බය කරලා සල්ලි ගන්න හදන්න එපා. මම පොලිසියෙ පැමිණිල්ලක්‌ දානවා..”
    “කී පාරක්‌ කීවද බොරු නොවෙයි කියන්නේ. මිස්‌ එහෙනම් හොඳට අහගන්න. මම කියන්නම් ඒ නිරුවත් පිංතූරවල විස්‌තර අකුරක්‌ නෑරම…”
    අසංක එම නීතිඥවරියගේ නිරුවත් පිංතූර සහ වීඩියෝවල විස්‌තර එකින් එක ඇයට පැවසුවේය. එය ඇසීමත් සමඟ ඇයගේ ඉහමොළ රත්විය. තම ජංගම දුරකථනයේ තිබුණ එම නිරුවත් පිංතූර සහ වීඩියෝ එලෙස ඔහු ළඟට ගියේ කෙලෙස දැයි ඇයට සිතා ගැනීමටවත් නොහැකි වූවාය. ඇය පිස්‌සුවෙන් මෙන් දස අතේ කල්පනා කළාය. ඒ අතර අසංක සැරින් සැරේ දුරකථන ඇමතුම් ලබාදී ඇය බිය වද්දවා ලක්‍ෂ 30 ක කප්පම් මුදලක්‌ ඉල්ලා සිටියේය.
    ඇය කරන්නට කිසිම දෙයක්‌ නොමැතිව අන්ත අසරණ වූවාය. අවසානයේ ඇය නීතියේ පිහිට පැතීමට තීරණය කළාය. ඒ අනුව ඇය කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස්‌ මේ පිළිබඳව පැමිණිල්ලක්‌ දැමුවාය. වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරීහු මේ ගැන පරීක්‍ෂණ පැවැත්වූහ. 
    අසංක දිනපතා කෙටි පණිවුඩ එවමින් ඇයගෙන් කප්පම් මුදල් ඉල්ලා සිටියේය. ඒ අතර එහි පළමු අදියර ලෙස දිනයක්‌ පවසා එදිනට ලක්‌ෂ 3 ක මුදලක්‌ ඉල්ලා සිටියේය. මෙම සියලු විස්‌තර පොලිස්‌ නිලධාරීන්ටද ඇය ලබා දුන්නාය. ඒ අනුව පොලිස්‌ නිලධාරීහු ඔහුගේ දුරකථන අංකය හරහා බොහෝ විස්‌තර සොයා ගෙන තිබිණි.
    අදාළ දිනය එළැඹිණි. අසංක අනුෂාට ඇමතුමක්‌ ලබාදී පැවසුවේ සවස හයට පමණ එම මුදලත් රැගෙන කිරුළපනට පැමිණෙන ලෙසයි. ඒ වන විටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්‌ වෙස්‌වලාගෙන එම ප්‍රදේශය අවට ස්‌ථානගත වී සිටියහ. නීතිඥවරිය මුදලුත් රැගෙන කිරුළපනට පැමිණියාය. ඉන් පසු ඇයට පාමංකඩට පැමිණෙන ලෙස අසංක පැවසුවේය. ඇය සහ වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීහු එම ස්‌ථානයටද ගියහ. එහෙත් අසංක කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පැමිණියේ නැත. යළි ඔහු දුරකථන ඇමතුමක්‌ ලබාදී පැවසුවේ කුරුඳුවත්ත ප්‍රදේශයට පැමිණෙන ලෙසයි. එලෙස පැය කිහිපයක්‌ නීතිඥවරියව කප්පම්කරු රස්‌තියාදු කරවා තිබිණි. අවසානයේ ඔහු නීතිඥවරියට පවසා ඇත්තේ දැන් නිවසට යන ලෙසත්, පසුදින මුදල් ලබා ගැනීමට පැමිණෙන බවත්ය. 
    පසුදින උදාවිය. රාත්‍රී 8 ට පමණ නීතිඥවරියට යළි ඇමතුමක්‌ ලැබිණි. ඒ කප්පම් මුදල රැගෙන මරදාන ප්‍රදේශයට පැමිණෙන ලෙසයි. ඒ බව ඇය පොලිස්‌ නිලධාරීන්ටද දැනුම් දුන්නාය. ඒ යන අතරමඟ කප්පම්කරු විසින් විටින් විට ඇයට දුරකථන ඇමතුම් ලබාදී වෙනත් තැන් තැන්වලට පැමිණෙන ලෙස පැවසුවේය. අවසානයේ රාත්‍රී 10.30 ට පමණ පාමංකඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයකට පැමිණෙන ලෙස කප්පම්කරු දැනුම් දුන්නේය. වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ද කිසිවකුටත් නොදැනෙන අයුරින් නීතිඥවරිය පිටුපසින් අදාළ ස්‌ථානයට පැමිණියහ.
    නීතිඥවරිය සල්ලි දීමට සැරසෙද්දීම එම පොලිස්‌ නිලධාරීහු සැකකරුව අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සිදුවූ සියල්ල අකුරක්‌ නෑර සැකකරු පවසා තිබිණි. ඒ අනුව නීතිඥවරියගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ සැකකරුට ලබාදුන් කාන්තාව සහ ඒවා සියල්ල සී.ඩී. තැටියක පිටපත් කළ තවත් සැකකරුවක්‌ද එම නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.
    2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 7, 8 යන වගන්ති හා 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධන) පනතේ 2 (අ) වගන්ති අනුකූලව වැරැදි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් මෙම සැකකරුවන් දෙදෙනා සහ සැකකාර තරුණියව කොළඹ අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී මහෙස්‌ත්‍රාත්වරයා ඔවුන්ව රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය. 
    ප්‍රවේශම් වන්න. තම ජංගම දුරකථනයේ අතිශය පෞද්ගලික තොරතුරු ගබඩා කරගෙන සිටීම ඉතා අනතුරුදායකය.
  • 2020 සිහිනය වෙනුවෙන් රාජපක්ෂලා අමු අමුවේ රණවිරුවෝ පාවාදෙති (මෙන්න වාචික සහ ලිඛිත සාක්ෂි )

    2020 සිහිනය වෙනුවෙන් රාජපක්ෂලා අමු අමුවේ රණවිරුවෝ පාවාදෙති (මෙන්න වාචික සහ ලිඛිත සාක්ෂි )

    2020 ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය අමු අමුවේ රණවිරුවන් පාවාදුන් හොඳම වාචික සහ ලිඛිත සාක්ෂිය ඊයේ (29)පළ වූ අද පුවත්පතෙන් හමුවෙයි.

    අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් අදහස් දක්වමින් පවසා ඇත්තේ, “මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා.” ය. කිසිදාක රණවිරුවන් පාවා නොදෙන බවට බෙරිහන් දෙන මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමයේ මුල්‍ය සහ දේශපාලන මෙහෙයුම් අංශ ප්‍රධානියා “මුන්” ලෙස හඳුන්වා දී ඇත්තේ “සතුන් සිවුපාවුන්” නොව එදා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට දිවිහිමියෙන් කටයුතු කළ ඔබෙත් අපෙත් “රණවිරුවන්”ය. එපමණක් නොව හමුදාව “යුද අපරාධ” සිදුකළ බවට තවත් සාක්ෂියක් මෙයින් රාජපක්ෂවරයා විසින් ජාත්‍යන්තරයට ලබා දී ඇත. එය මහා පාවාදීමකි. මෙමඟින් හමුදාව උතුරේ මිනිසුන් කොහොම මරන්න ඇද්ද යන වක්‍රාකාර සැකයක් එවක රජයේ ප්‍රබලතම අමාත්‍යවරයෙකු මෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු විසින් මෙලෙස ගෙනහැර දක්වා ඇත. සැබැවින්ම මෙය හමුදාවන්ට එරෙහිව සිදුකළ සුළුපටු පාවාදීමක් නොවේ.

    මෙහිදී ඇති අනෙක් සුවිශේෂීම කරුණ නම් දුන් අණට අනුව ක්‍රියාත්මක වෙනුවෙන් හමුදාව අමු අමුවේ පාවාදෙද්දී රතුපස්වල සිදුවීමෙන් බැසිල් රාජපක්ෂ තම අතිජාත සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ බේරාගෙන ඇති ආකාරයයි.

    මේ තුලින් රණවිරුවන් සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගේ වන තක්සේරුව පැහැදිලිය. උනුන්ට ඕනෑ වේලාවට වීරයින් වීමට රණවිරුවන් කඩේ යවයි. උනුන්ට ඕනෑ විටෙක රණවිරුවන්ව දං ගෙඩියට යවයි. එදා මෙදා තුර රාජපක්ෂවරුන්ගේ කොන්ඩම් න්‍යාය රණවිරුවන්ටත් පොදු බව මෙයින් පැහැදිලිය.

    යම් මොහොතක ඇමරිකානු පුරවැසිභාවය හිමි ගෝඨාභයගේ 2020 ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් තිස් අවුරුදු යුද්ධයෙන් මාතෲ භූමිය බේරාගත් රණවිරුවන් පාවාදීමට සිදුවුවහොත් එය ඔවුන්ට ඉතා සරල පහසු කටයුත්තක් මෙන්ම එය සිදුකරන බවට මීට වඩා කුමන තවත් සාක්ෂි අවශ්‍ය නොවනු ඇත.

    මේ බැසිල් රාජපක්ෂ සිය සම්මුඛ සාකච්ඡාවේදී රණවිරුවන් සහ ශ්‍රී ලංකා හමුදාවන් පාවාදෙමින් සිදුකළ ප්‍රකාශයයි.

    “රතුපස්වල මේ පාර ජන්ද 3500 කින් දිනූම්. මම ගමට ගිහින් සමාව ඉල්ලුවා. වෙඩි තියලා තිබුණු විදියට පල්ලිය බිත්ති ඉවරයි. ඉස්කෝලේ යන ළමයි නේ වෙඩි වැදිලා මිය ගියේ. අපේ ශාඛා සමිති වල සාමාජිකයන්ගේ කකුල් විසිඑකක් වෙඩි වැදිලා කැඩිලා තිබුනා. එතකොට මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා. ඒක මහා අමානුෂික දෙයක්. ඒ වගේ දෙයක් අපේ මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කරන්න බැහැ. මම දන්න ගෝඨාභය සහ ඒකට කිසිම සම්බන්ධයක් නැහැ. මගේ ප්‍රදේශය නිසා හරිනම් මම නේ සම්බන්ධ වෙන්න ඕන. අදත් ප්‍රශ්නයක් කවුද හමුදාව එව්වේ කියලා.

    කටුනායක සිද්ධියට ගෝඨාභය සේ කොහොමටවත් සම්බන්ධ නැහැ. එක රනිල්ල දැන් ඉන්න වික්‍රමරත්න මෙතනට ඇවිල්ල වෙඩි තිබ්බේ. මම කියන්නේ ඒවා ඉස්සරහට වෙන්න බැහැ. ගස් බැඳපු එක ස්ටේජ් ගිනි තියපු එක ඒවා ආපහු වෙන්න බැහැ. ඒව තමයි පසුගිය ජනාධිපතිවරණය අපි පරාද වීමට බලපෑවේ. අපි එක්කෙනෙක් දිනවනවා. මම පාර්ලිමේන්තු ඉල්ලන්නේ නෑ ආණ්ඩු කරන්නේ නෑ. මහින්ද ජනාධිපතිතුමා නම් කිරීම පිළිබඳ තීන්දුවක් අරන් ඇති. නමුත් ගෝඨාභය රාජපක්ෂ සහ මම කතාකරලා තීන්දුවක් අරන් තිබෙනවා කවුද ඉදිරිපත් විය යුත්තේ කියලා. අපි දෙන්නගෙන් එක්කෙනෙක් නම් කරයිද කියල අපිට කියන්න බැහැ. කිසිම ආකාරයකින් අපි දෙන්න අතර ගැටුමක් ඇති වෙන්නේ නෑ.

    ඒ වගේ දෙයක් බලාපොරොත්තු වන අයට දෙයියන්ගෙම පිහිටයි. මහින්ද ජනාධිපතිතුමා ගේ මතයක් තියෙනවා ගෙස් කරන තරමට හොඳයි කියලා. එක හරිද නැද්ද කියල මම දන්නේ නෑ. කවුද අපේක්ෂකයා සහ ඔහු නම් කරන වේලාව එතුමාට තීරණය කරන්න පුළුවන්. අපට ඒ වෙලාව කියන්න බැහැ.”

  • ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

    ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

    ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… කාටත් අමතක වු තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

    2008 වසරේදි රාජපක්ෂලා විසින් වසර 20කට  සිරගත කර පසුව 2010 වසරේදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත නිදහස් කල දමිළ මාධ්‍යවේදීයෙකු වන ජෙ.එස් තිස්සනායගම් (J. S. Tissainayagam)මේ වනවිට ඇමරිකාවෙ ජිවත් වන අතර ඔහු සම්බන්ධයෙන් හාන්කවිසියක් රාජපක්ෂලාට මෙන්ම සියල්ලන්ටම අමතක වි තිබිණී.

    ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති විමේ සිහිනය බිද වැටිම පසුපස කාටත් අමතක වු කරුණක් මේ වනවිට අනවරණය කර ගැනිමට ලංකා ලීක්ස් ජාත්‍යන්තර දේශපාලන වාර්තාකරු සමත්ව තිබේ.

    ගෝඨාභය රාජපක්ෂගේ හැසිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ විමසිල්ලෙන් පසුවු අතර ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට ගෙන ඒමේ සැළස්ම 2016දි ආරම්භ වු අතර එම සැළැස්මේ ලොකුම භූමිකාව රඟ දක්වන්නේ දෙරණ හිමිකරු දිලිත් ජයවීර ය. 2016 වන විට රනිල් වික්‍රමසිංහ සමඟ සමීප ඇසුරක් පැවැත්වූ දිලිත් ජයවීර මේ සැළස්ස්මට අත තබන්නේම රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම මතය.

    පැහැදිළිව ශ්‍රිලංනීපය දෙකට බෙදන බව දැන සිටි රනිල්ට එවන් අවස්ථාවේදි මෙම කොටස් විසින් ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා අර්බුදයට ලක් කිරීමේ අවශ්‍ය විය. මන්දයත් 2016 වසරේදීම කිසිවිටක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිබව අහෝසි නොකරන බව අමෙරිකාව විසින් රනිල්ට දැනුම් දී තිබුණි.

    ගෝඨාභය භීතියට පත්කල තිස්සනායගම්

    2008 වසරේදි රාජපක්ෂලා විසින් වසර 20කට  සිරගත කර පසුව 2010 වසරේදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත නිදහස් කල දමිළ මාධ්‍යවේදීයෙකු වන ජෙ.එස් තිස්සනායගම් (J. S. Tissainayagam)මේ වනවිට ඇමරිකාවෙ ජිවත් වන අතර ඔහු සම්බන්ධයෙන් හාන්කවිසියක් රාජපක්ෂලාට මෙන්ම සියල්ලන්ටම අමතක වි තිබිණී.

    තිස්සනායගම් මේ වන විට අමෙරිකාවේ සිටින අතර ඔහු ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරනු ලැබු නඩුවක් මේ වනවිට විභාග වෙමින් පවතින අතර එම නිසා එම නඩුව අවසන් වන තෙක් ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසි බව අහෝසි නොකර සිටිමට අමෙරිකාව තීරණයකර තිබේ.

    තිස්සනායගම් භාවිතා කරමින් ගෝඨාභයට එරෙහිව පවුරක් බැදිමේ මෙහෙයුම පසුපස විශාල කාර්යභාරයක් කරලු ලැබුවේ ලංකාවේ හිටපු තානාපති රොබෝට් ඕ බ්ලෙක් විසින් වන අතර නමුත් හිලරි ක්ලින්ටන් පරාජයට පත්විමත් සමග රනිල් බියට පත්ව සිටි අතර ඊට ප්‍රධානතම හේතුව වුයේ ගෝඨාභයගේ නඩුව වෙනස් විය හැකි බැවිනි.

    රනිල්ගේ මේ බයට හේතුව වූයේ ට්‍රම්ප් පවුල සමඟ ඉතාම හිතවත් සම්බන්ධතාවයක් ලංකාවේ ධනවත් සූරූපී මෙන්ම කලාකරුවෙකුගේ භාර්‍යාවකද වන කාන්තාවක් විසින් ඇති කර ගෙන තිබිම වන අතර එම කාන්තාව පසුගිය රාජපක්ෂ යුගයේදි නිවාස සංකීර්ණ සකස් කිරීමට ගණුදෙණුවක් ඇති කර ගනීමේදි නාමල් රාජපක්ෂ සමඟ ගැටුම් කිහිපයක් පවා ඇති කර ගත් තැනැත්තියකි. එහිදි ගැටුමට හේතුව වූයේ ගෝඨාභය රාජපක්ෂට ලැබිය යුතු මුදල සම්බන්ධයෙන් වන අතර නාලක් ගොඩගේ වැනි අය සම්බන්ධවත් එම ගැටුම ඇති වි තිබුනි.

    කෙසේවෙතත් පුරවැසිබව සම්බන්ධයෙන් අමෙරිකාවේ ස්ථාවරය වෙනස් නොවුනද එය වෙනස් කරවා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ විවිධ උත්සහ කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලැබෙන උපදෙස් පිට ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට ගොස් ඩොලර් 2500ක් ගෙවා පුරවැසි බව ඉවත් කර ගැනීමේ අයදුම්පත් අත්සන් කල බවත් එය ප්‍රතිකේෂ්ප වු ආකාරය පිළිබඳවවත් අප මීට පෙර අනාවරණය කලා.

    කෙසේවෙතත් ජනාධිපති අපේක්ෂක ඇම 2017 වසරේ සිට ගෝඨාභය විසින් ගිල ගෙන ඇද ගෙන යනු ලබන අතර 2017 වසරෙන් පස්සෙ සිදු කරන වැඩ වලට තෑග්ග ලෙස දිලිත් ජයවීරට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක වැඩසටහන ලැබෙන්නේ. මහින්දගේ කීම ද නොආසා වෙනම ගමනක් ගිය ගෝඨාභය දැන් වන විට ඇනගෙන අවසන් බව තහවුරුය.

    පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇණ ගෙන රනිල් වෙතට සේන්දු වූ විමල් වීරවංශට, උදය ගම්මන්පිලට ගෝඨා සමඟ එකතු වී වැඩ කරන ලෙස රනිල් ගෙන් උපදෙස් ලැබුණි.

    මේ හේතුන් නිසා දැන් ඒකාබද්ධය පැහැදිළිව දෙදෙරා අවසාන ය. හෙට අනිද්ද වන විට ඒකාබද්ධයේ පිරිසක්ම එළියට බැසීමට නියමිත ය. ඒකාබද්ධයේ ඉන්න මන්ත්‍රිවරු බොහෝමයක් මේ වන විට විමල් වීරවංශ සමඟ සාකච්ඡා ආරම්භ කොට අවසන් වේ.

    මේ බල අරගලය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද පවුලේ ද අභ්‍යන්තරයේ අර්බුද මතු වී කල්ලිවලට කැඩී යාමත් සමග එම දේශපාලන බලවේග මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයෙන් ගිළිහී යමින් තිබීම මේ තත්ත්වයට හේතු වී තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමේ එස් බී දිසානායක සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බැසිල් රාජපක්ෂ මහතාට දේශපාලනකිව ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනු දැනුම මත වන බවට මේ වන විට කරුණු හෙළිදරව් වී තිබෙන අතර එම සිද්ධිය මගින් ඔහුගේ මේ දේශපාලන උපක්‍රමය මානව තහවුරු වී තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකයින් කිහිප දෙනකු සමග කර ඇති දේශපාලන සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙන්නේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ එම පක්ෂයෙන් එල්ල කරන දේශපාලන ප්‍රහාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමත් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයත් ඉලක්ක කර එල්ල කිරීම වැදගත් බවය.

    එහිදි ප්‍රධාන වන්නේ බැසිල් විරෝධය වේ. ඊලඟට මැතිවරණයට මාස කිහිපයකට පෙර විමල් ඇතුළු පිරිස ඒකාබද්ධයෙන් ගැලවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

  • කටමැත දොඩන කමල් ගුණරත්නගේ මිලිටරි හෙලුව පෙන්වූ ඔඩ්ඩුසුඩාන් නාටකය…

    කටමැත දොඩන කමල් ගුණරත්නගේ මිලිටරි හෙලුව පෙන්වූ ඔඩ්ඩුසුඩාන් නාටකය…

    නමුත් ඉන්දියාවේ ද හින්දු පුවත්පත සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් වාර්තා කර සිටින්නේ තලේමන්නාරම දෙමල ජාතිකයා අත් අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරොදී ගන්ජා ප්‍රවාහනය  හේතුවෙන් බවය. තලේමන්නාරම පදිකරුවාගේ නම බැස්ටියන් නොහොත් කන්දීපන් ලෙස හදුනාගෙන ඇත .

    2014 දී පෙන්වූ එල්.ටී.ටි.ඊ නව නායක ගොපිගේ නාටකය

    කේන්දර කාරයන්ගේ උපදෙස් අනුව ගිය මහින්ද 2014 අවසාන බාගයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට තීන්දු කලේය. රාජපක්ෂ පවුල් සමාගම විසින් මෙම තීන්දුව ගන්නා ලද්දේ 2014 අප්‍රියෙල් මුල් සතිය තුලදීය. මේ අතර 2014 සිංහල අලුත් අවුරුද්දට ඔන්න මෙන්න තියා පුලියන්කුලම ප්‍රදේශයේ හමුදා කදවුරු කිහිපයක නිවාඩු අවලංගු කරමින් විශේෂ මෙහෙයුමකට සූදානම් විය . 2014 අප්‍රියෙල් මස 10 දින හිමිදිරියේ හමුදා භඨයින් 2500 ක්, නිලධාරීන් 35ක් වාහන 28 ක් යොදාගනිමින් පුලියන්කුලම පොලිස් බලප්‍රදේශයට අයත් මරත්තෝඩෙයි විඩත්තල්තීවු කැලෑ ප්‍රදේශ හමුදාව විසින් වට කලේය. කොටි සාමාජිකයන් පිරිසක් මෙම කැලය තුල යලි ප්‍රතිසංවිධානය වන බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් අත්ඩංගුවට ගැනීම හෝ මරා දැමීම මෙහෙයුමේ පරමාර්ථය බව භටකන්ඩායමට දැනුම් දී තිබුනි

    මැතිවරණ ව්‍යපෘතිය වෙනුවෙන් හමුදා ඔත්තුකරුවන් බිල්ලට දීම

    2014 අප්‍රියෙල් මස 11 දින දිනමින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස පලවූයේ මෙවැන්නකි ‘‘එල්.ටී.ටී.ඊ.යේ නව නායක ගෝපී වෙඩි කා නසී, ගෝපිගේ සගයන් වන තේවියන් හා අප්පනුත් මරුට, වෙඩි හුවමාරුවේදී කෝප්‍රල්වරයෙකුත් දිවි දෙයි’’. දිනමිණ එසේ කීවද සත්‍ය කථාව අනෙකකි. කොටින්ගේ නව නායකයින් ලෙස ලේබලය ඇලවූ ගෝබි සහ ඔහුගේ සගයින් පුලියන්කුලම කඳවුරේ හමුදා ඔත්තුකරුවන් ලෙස කටයුතු කල හමුදාවෙන් වැ‍ටුප් ලැබූ පුද්ගලයන්ය. මොවුන් තිදෙනාහමුදා බුද්ධි අංශයේ කෝප්‍රල් සෙල්වරාජා කමලරාජා (776927) යටතේ සේවය කල අයවලුන් විය.

    පදවිය රෝහලට ලැබුනු මල සිරුර කාගේද?

    2014 අප්‍රියෙල්11දින අළුයම හමුදා භටයෙකුගේ මළසිරුරක් පදවිය රෝහලට බාරදී තිබුනි. මළසිරුරෙහි වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල තිබුනේය. මිය ගිය හමුදා සාමාජිකයා සම්බන්ධව හමුදාව විසින් පදවිය පොලීසියට දුන් ප්‍රකාෂ එකිනෙකට පරස්පර විය. එසේනම් ඇත්තටම සිදු වූයේ කුමක්ද ? ඇත්තටම සිදු වූයේ විඩත්තල්තීවු කැලෑ ප්‍රදේශයේ හමුදා සොදිසි මෙහෙයුම යන අතර වාරයේ හමුදා බුද්ධි අංශයේ පිරිසක් විසින් හමුදා ඔත්තුකරුවන් වූ ගෝපි,තේවියන් හා අප්පන් මරා දැමීමය. උපක්‍රමික නාටකය පිළිබඳ සත්‍යය අනාවරණය වීම වැලැක්වීමට සදහා සේවා අංක 776927 කමලරාජා ද ඝාතනය කලේය. පසුදින දිනමිණ පුවත් පත විසින් නව කොටි නායකයා ලෙස ලේබලය ඇලවූයේ මෙහි සිටි ගෝපිටය, දිවිදුන් හමුදා කෝප්‍රල්වරයා වූයේ හමුදාව විසින්ම ඝාතනය කරන ලද කමලරාජාය.මෙම නාටකයේ අරමුන කොටි භීතියක් මවාපා 2014 මැතිවරනයේදී වාසියක් ලැබීමය

    ඔඩ්ඩුසුඩාන් නාටකය

    පසුගිය දිනෙක ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී අල්ලා ගන්නා ලද බෝම්බ ත්‍රීවිලයද මෙවැනිම නාටකයකි. බෝම්බ ත්‍රීවීලය අල්ලා ගත් දිනයේම අප වාර්තා කර සිටියේ මෙය ගෝටාබයගේ තවත් ගෝනි සෙල්ලම්ක් බවය. බෝම්බ ත්‍රීවීලය සමග අල්ලගත් එක් අයෙකු හමුදාවෙන් වැ‍ටුප් ලබන බව පොලීසිය විසින් තහවුරු කර ඇත. අද දින පුවත්පත් සකච්චාවක් පැවැත්වූ කමල් ගුනරත්න සහ සරත් වීරසේකරද අත් අඩංගුවට පත්වූ අයෙක් හමුදාවෙන් වැ‍ටුප් ලබන බව පිලිගෙන ඇත . යලිත් මේ සැරසෙන්නේ කොටි භීතියක් මවාපා වැලේ වැල් නැතිව සිටින ගෝටාබයට නැගීමට පොටක් පාදා ගැනීමටය. මෙවන් ගෝනි සෙල්ලම් හිරිකිතයකින් තොරව පෙන්වන කමල් ගුනරත්නලාගේ සහ සරත් වීරසේකරලාගේ පැටිකිරිය පිලිබද ව ජනතාව විමසා බැලිය යුතුව ඇත. ජයග්‍රාහී මිලිටරි ක්‍රියාන්විතය සාජන්වරුන්ගේ සහ කෝප්‍රල්වරුන්ගේ යුද්ධයක් මිස මොවුන් කල දෙයක් නොනැති බව පෙනී යන්නේ මෙවන් තකතීරු කලකිරියාවන් නිසාවෙනි.

    කමල් ගුනරත්නට පුපුරන ද්‍රව්‍ය සමග ගන්ජා පැටලීම

    අද දින කමල් ගුනරත්න සහ සරත් වීරසේකර පැවැත්වූ එම පුවත්පත් සාකච්ඡාවේදී තවත් ආන්දෝලනාත්මක පුවතක් හෙලි කලේය. එහිදී කමල් ගුනරත්න කියා සිටියේ ඉන්දියාවේ රාමනාදන්පුරම්හිදී පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් සමග තලේමන්නාරම පදිචි දෙමල ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවය. නමුත් ඉන්දියාවේ ද හින්දු පුවත්පත සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් වාර්තා කර සිටින්නේ තලේමන්නාරම දෙමල ජාතිකයා අත් අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරොදී ගන්ජා ප්‍රවාහනය හේතුවෙන් බවය. තලේමන්නාරම පදිකරුවාගේ නම බැස්ටියන් නොහොත් කන්දීපන් ලෙස හදුනාගෙන ඇත . බැස්ටියන්ගෙන් ලද තොරතුරු අනුව උචිපුලී පොලීසිය විසින් ගන්ජා ජාවාරමට අදාල ඉන්දියන් ජාතිකයන් 4දෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇත.

    මැතිවරණ ව්‍යපෘතිය වෙනුවෙන් සංහිදියාව බිල්ලට දීම

    බැස්ටියන් ගැන දැනගැනීමට ඉන්දිය පොලිස් වාර්තා එන තුරු සිටිය යුතු නැත, මොහු ලංකාවේ නම ගිය ගන්ජා ජාවාරම් කරුවෙකි. ගන්ජා ප්‍රවාහය පිලිබදව මොහුගෙ නම කල්පිටිය පොලීසියේ කිහිප වරක් ලියවී ඇති අතර, ඒ සම්බන්දව පැවරූ නඩුවක්ද ඇත. කමල් ගුනරත්න මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පුපුරන දව්‍ය සමග ත්‍රස්තවාදී ලේබලය ඇලවූයේ නම ගිය ගන්ජා කාරයෙකුටය. මහජන මුදලින් රු ලක්ෂයක පමන විශ්‍රාම වැ‍ටුපක් ලබන මෙවන් නිලධාරීන් මේ ආකාරයේ වගකීම් රහිත ප්‍රකාෂ නිකුත් කිරීම අවාසනාවන්ත තත්වයකි. ගෝටාබයහේ 2020 කූට මැතිවරණ ව්‍යපෘතිය වෙනුවෙන් ජාතීන් අතර සංහිදියාව බිල්ලට දීම ශෝකාන්තයකි . මෙහි ප්‍රතිවිපාක ගෙවීමට සිදුවනුයේ ජාතියේ හෙටදින උපදින දුවා දරුවන්ටය

    ගන්ජා කාරයා පිලිබ්දව නිවරදිව වාර්තා කල ඉන්දියන් මාධය

    Sri Lankan Tamil arrested; two others run away

    Sri Lankan lands on Indian shore by illegal ferry, arrested

    ලියුම්කරු කීර්ති රත්නායක

  • හම්බන්තොටින් සොයාගත් මිලියන 219ක කොළඹ සරසවියේ නේවාසිකාගාරය – රාජපක්ෂලාගේ ගැහිලි මෙන්න..

    හම්බන්තොටින් සොයාගත් මිලියන 219ක කොළඹ සරසවියේ නේවාසිකාගාරය – රාජපක්ෂලාගේ ගැහිලි මෙන්න..

    කොළඹ විශ්ව විදයාලයට අයත් කාමර 100කින් යුක්ත නේවාසිකාගාරයක් හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයෙන් හමුව තිබේ.

    මේ බව හෙළිව ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවෙනි.

    මෙම වැලිගත්ත ප්‍රදේශයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ පීඨය ගොඩනැගීමට යෝජිතව තිබුණද එම පීඨය ගොඩනැගීමට පෙර රුපියල් මිලියන 219ක් වැය කරමින් මෙම නේවාසිකාගාරය ඉදිකිරීම ඉදිකර ඇති බවද පැවසේ.

    කාමර 100කින් යුත් මේ නේවාසිකාගාරයේ ඉදිකිරීම් 2013 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පසුව මෙහි ස්ථාපිත කිරීමට යෝජිත කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජෛව තාක්ෂණ පීඨය ස්ථාපිත නොකිරිමට තීරණය කිරීමත් සමඟ මෙම නේවාසිකාගාරය ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගත නොහැකි සුදු අලියෙක් බවට පත්වී ඇත.

    ජෛව තාක්ෂණ පිඨයක් ස්ථාපිත කිරීමට පෙර නේවාසිකාගාරයක් ඉදිකිරීම බරපතල ගැටළුවක් බව රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාවේ නිර්දේශවල සටහන්ව තිබේ.

    මේ ඉදිකිරීම පිටුපස එවකට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිනිය වු ෂණිකා හිරුකුඹුරේගම මහත්මිය හා ඇගේ සැමියා වු කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති කුමාර් හිරුකුඹුරේගම මහතා ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

    ඔවුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටුවෙන් කටයුතු කළ අය වෙති

  • ආයුධ පෙන්නන්න ගිහින් පොලිස් වෙඩි පහරින් මියගිය චාමරගේ අවසන් කටයුතු කෙරුණු හැටි (වීඩියෝ)

    ආයුධ පෙන්නන්න ගිහින් පොලිස් වෙඩි පහරින් මියගිය චාමරගේ අවසන් කටයුතු කෙරුණු හැටි (වීඩියෝ)

    මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා පසුගියදා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වුණා.
    ඒ ඔහු විසින් පොලීසිය වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළ අවස්ථාවේ පොලීසිය සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන්.
    මෙලෙස ජීවිතක්ෂයට පත් චාමර ඉන්ද්‍රජිත් සහ දැනට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන කොස්ගොඩ තාරක නමැත්තා පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් ඝාතන රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි පුද්ගලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
    මාතර ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් අතර එම අලෙවිසල ඉදිරිපිට මහාමාර්ගයේ වෙඩිහුවමාරුවක් සිදු වූ අතර එම සිදුවීමට අදාළව ආරක්ෂිත කැමරාවල සටහන් වූ තවත් දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා.
    මේ අතර මෙම කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වන වේයන්ගොඩ පදිංචි තලුක්කුවේ කම්කානම්ගේ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා සිදුවීමෙන් පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනුණේ හුණුකොටුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීය.
    ඔහුගේ අවසන් කටයුතු මේ අයුරින් සිදුකර තිබුණා.