Category: සුපිරි Cases

  • අනුරපුර පුදබිමේ දවල්ට සම්බාහනයේ රෑට ගණිකා වෘත්තියේ යෙදෙන කතුන් 14ක් අල්ලයි

    අනුරපුර පුදබිමේ දවල්ට සම්බාහනයේ රෑට ගණිකා වෘත්තියේ යෙදෙන කතුන් 14ක් අල්ලයි

    අනුරාධපුර නගරයේ පෙරේදා (19) සවස 5.00 සිට 8.30 දක්‌වා කාලයේදී සිදු කළ මෙහෙයුමකදී අයාලේ යන කාන්තාවන් දහ හතර දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 

    මේ සියලු දෙනාම අනුරාධපුර නව බස්‌නැවතුම්පොළ ප්‍රදේශය අවට පවත්වා ගෙන යන ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථාන හතරක සේවය කරන අය බව අනාවරණය වී ඇති අතර ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානවලට පැමිණෙන පිරිස අඩුවීම නිසා ඉන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තමන් රාත්‍රි කාලයේ ගණිකා වෘත්තියේ නිරත වී අමතර ආදායමක්‌ උපයන බව ද ඔවුන් පොලිසියට ප්‍රකාශ කොට ඇත.

    මෙසේ අත්අඩංගුවට ගත් කාන්තාවෝ අවුරුදු විසි දෙකත් පනස්‌ දෙකත් අතර වයසේ පසුවෙති. ඔවුන් අනුරාධපුර, කෑගල්ල, පුත්තලම, තඹුත්තේගම, මීගමුව, පොළොන්නරුව, ගිරිතලේ මනම්පිටිය සහ කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

  • එයා කන්‍යාවක් නෙවෙයි, මාත් එක්ක කාමරවලට ගිහින් හැමදේම කරන්න දුන්නා – තිලාන්ගේ පාපෝච්ඡාරණය

    එයා කන්‍යාවක් නෙවෙයි, මාත් එක්ක කාමරවලට ගිහින් හැමදේම කරන්න දුන්නා – තිලාන්ගේ පාපෝච්ඡාරණය

    ”මගේ දරුවට මව්කිරි ටික පවා නැතිවුණා”

    ”අපි සෙක්ස්වලින් කරල දේවල් වයිෆ්ට අහන්න සලස්වලා තිබුණා”

    ”ඊට පස්සේ එයා දික්කසාද නඩුවක් දැම්මා”

    ඌරගස්මංහන්දිය, පරප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක වූ සුරංගි සඳමාලිට අකාලයේ ජීවිතයෙන් සමුගැනීමට සිදුවන්නේ ඇගේ රූ සපුවට ලොල් වූ තරුණයෙක් ඇසුරු කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

    පසුගිය 12 වැනි දා ඇය ඝාතනයට ලක්වන අතර, රිය අනතුරකට ලක් ව මියගිය බව පැවසෙන තරුණියක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට වන පුවත බලපිටිය රෝහලෙන් ඌරගහ පොලිසියට ලැබෙන්නේ එදින රාත්‍රී 12.00ට පමණ ය.

    රිය අනතුරකට ඇය ලක් වූ බව ඇයව රෝහලට භාරදුන් වෑන් රථයකින් ආ තරුණයා පවසා ඇති නමුත් ඇගේ සිරුරේ කිසිදු තුවාලයක් දක්නට නොතිබුණි. එම වෑන් රථයේ අංකය රෝහල් ආරක්ෂක අංශය විසින් පොලිස් මුරපොළට ලබා දී තිබූ අතර ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරින්ට සඳමාලිගේ මෙම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය.

    වාහනයේ අංකයට අදාළ තොරතුරු අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් ඌරගහ, පරප්පුව, මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි තිලාන් නැමති තරුණයාගේ නිවස බලා ගොස් තිබුණු අතර ඒ මොහොතේ ඔහු නිවසේ නොසිටි නමුත් ඊට පසුදිනම ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.

    අනතුරුව මරණය පිළිබඳ සියලු තොරතුරු හෙළිකරමින් ඔහු කියා සිටියේ සඳමාලිට පහරක් ගැසුවේ ඇය මරණයට පත් කිරීමේ අරමුණින් නොව ඇය මෙල්ල කිරීම සඳහා බවයි.

    සඳමාලිට තිලාන්ව මුණ ගැසෙන්නේ මීට වසර 04කට පමණ පෙර ය. ඒ සඳමාලි ඇතුළු ඇගේ මිතුරියන් පිරිසක් තිලාන්ගේ වෑන් රථයෙන් මහනුවරට විනෝද චාරිකාවක් ගිය අවස්ථාවක ය. ඉන්පසු ඔවුන් පෙම්වතුන් විය. එහෙත් තිලාන් එක්දරු පියෙක් වුවත් ඔවුන් දෙදෙනා අතර ඇති වූ සම්බන්ධය ලැගුම්හල්වලට ගොස් ලිංගික ආශා සංසිඳවා ගන්නා තෙක් දුරදිග ගොස් තිබිණ. තිලාන් ඒ පිළිබඳ පවසා තිබුණේ මෙලෙසිනි.

    ”ඒ වෙද් දී පවුලට දරුවා ලැබිලා අවුරුද්දක්වත් නෑ. මමයි සඳමාලියි දවසක් කාමරේකට ගිහින් ඇඳේ ඉන්දෙද් දී එයා මගේ වයිෆ්ගේ ෆෝන් එකට කෝල් එකක් අරන් අපි සෙක්ස්වලින් කරල දේවල් වයිෆ්ට අහන්න සලස්වලා තිබුණා.”

    ”එදා මම ගෙදර යද්දී වයිෆ් මාව දාලා යන්න ලෑස්ති වෙලා. මමයි දරුවයි දෙන්නම එපා කියලා එයා යන්න ගියා. ඊට පස්සේ එයා දික්කසාද නඩුවක් දැම්මා. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. තවම තීන්දුව ලැබුණේ නැහැ.”

    ”මගේ දරුවට මව්කිරි ටික පවා නැතිවුණා. ඒත් මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මගේ අම්මගෙයි තාත්තගෙයි උදව්වෙන් මම දරුවා හදා ගත්තා.”

    ”මට හම්බෙනකොටත් සඳමාලි කන්‍යාවක් නෙවෙයි. ඒ නිසා බයක් සැකයක් නැතිව මාත් එක්ක කාමරවලට ගිහින් හැමදේම කරන්න ඉඩදීලා හිටියේ.”

    ”එයා මගේ ජීවිතේට මෙච්චර දෙයක් කරලත් මම එයාට ආදරෙන් හිටියා. ඔය අතරේ මීට අවුරුදු දෙකකට විතර කලින් එයාගේ අම්මයි තාත්තයි මාවයි එයාවයි කොළඹ එක්කගෙන ගිහින් බන්දලා දුන්නා”

    තිලාන් පෙර විවාහයෙන් නීත්‍යානුකූලව වෙන් වී නොසිටි බැවින් සඳමාලි සමග ඔහුගේ විවාහයේ පවත්නා නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න තිබුණු අතර ඔවුන් දෙදෙනා එම විවාහයෙන් පසුව වුවත් එක නිවසක පදිංචි නොවූයේ මන්දැයි යන ප්‍රශ්නයට තිලාන් ලබාදී තිබුනේ මෙවැනි පිළිතුරකි.

    ”මාත් එක්ක යාළු වුණාට පස්සේ එයා තව කොල්ලෝ තුන් දෙනෙක් එක්ක යාළු වෙලා මට අතටම අහුවුණා. ඒ නිසා අපි දෙන්නා අතරේ දිගටම රණ්ඩු ඇතිවුණා.”

    ”හැම ඉරිදාම එයා මාව හම්බෙන්න ආවත් ගිය ඉරිදා එයා අවෙ නෑ. ෆෝන් කෝල් ආන්ස්වර් කළෙත් නෑ. මට බයික් එකක යන සද්දයක් ඇහුණා. පස්සේ බලද්දි ෆෝන් එක ඕෆ්. මේ නිසා මට ගොඩක් සැක හිතුණා.”

    ”සිද්ධිය වෙච්ච දවසෙ මම එයාව වෑන් එකේ පිටිපස්සෙන් නග්ගගෙන ඉරිදා වෙච්ච දේ ගැන ඇහුවා. එයා මාත් එක්ක රණ්ඩුවට ආවා. පිටිපස්සේ ෂීට් එකේ ඉඳන් එයා මට ගැහුවා. මමත් ගැහුවා.”

    ”ඉන්පසු දෙදෙනා අතර සිදුවූ ගුටිබැට හුවමාරුව බොහෝ දුරදිග ගොස් තිබේ. අනතුරුව තිලාන් සිය අතට හසු වූ යකඩ කූරක් ගෙන සඳමාලිගේ හිසට පහර දී ඇති බව පැවසේ. එයින් සඳමාලි තරමක් මෙල්ල වී රථයේ අසුන මත දිගාවී ඇති අතර ඇගේ දීර්ඝ නිහඬ බව හමුවේ කලබලවන තිලාන් ඇගේ මුහුණට වතුර ඉස ඇයව සිහි ගන්වන්නට බොහෝ උත්සාහ දැරුවත් එය සාර්ථක නොවුණු තැන ඇයව රෝහලට ගෙන ගොස් භාර දී තිබුණේ මේ තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බවත්, බයික් එකකින් යද් දී සිදුවූ ඇක්සිඩන්ට් එකකින් ඇයට සිහි නැති වූ බවත් පවසමින් ය.

    රෝහලට තමන්ගේ නම සහ ලිපිනය ලබා දුන් බවත් තිලාන් පවසා තිබුණි.

    තිලාන් එසේ පැවසුවත් සඳමාලි රෝහලට රැගෙන එන අවස්ථාවේ ඔහු තුළ වූ ව්‍යාකූලත්වය නිසා රෝහල් ගේට්ටුවේ මුරකරු සමග ද බහින් බස්වීමක් සිදු ව ඇති අතර වෑන් රථයේ අංකය ලියාගෙන තිබුණේ ඉන්පසුවයි. කෙසේ වුවත් සඳමාලිගේ මරණයට සැකපිට ඔහු අත්අඩංගුවට පත් ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටියත් ඔහු අමතක කළ ඔහුගේ දරු පැටියා ගැන අසන්නට ලැබෙන්නේ අතිශය සංවේදී කරුණකි.

    එනම් ඔහුගේ දරුවා ලබන වසරේ පාසල් යෑමට සූදානමින් සිටීම ය. සඳමාලිගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවුණේ ඇගේ හිසට මොට ආයුධයකින් සිදුකළ පහරදීමකින් මොළයට සිදු වූ හානි හේතුවෙන් ඇගේ මරණය සිදුව ඇති බවයි.

    ලිංගික ආශාවන්ට ලොල්ව තිලාන් සහ සඳමාලි අතර පැවති අනියම් සබඳතාව එසේ නිමවූයේ ඔවුන්ගේ සමීපතමයින්ට සදාකාලික දුකක් උරුමකරමිනි.

  • ඉදිරියේ දී ඥානසාර හිමියන්ට අධිකරණය සාධාරණ තීන්දුවක් දෙයි

    ඉදිරියේ දී ඥානසාර හිමියන්ට අධිකරණය සාධාරණ තීන්දුවක් දෙයි

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ සම්බන්ධයෙන් අධිකරණය සාධාරණ තීන්දුවක් ඉදිරියේදී ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පවැවසීය.

  • අධිකරණයේ සදාචාරයට අභියෝග කළ ගම්මන්පිළට මහාධිකරණ විනිසුරුගෙන් දැඩි අවවාද සමග පාඩමක්…!

    අධිකරණයේ සදාචාරයට අභියෝග කළ ගම්මන්පිළට මහාධිකරණ විනිසුරුගෙන් දැඩි අවවාද සමග පාඩමක්…!

    නඩු විභාගය අතරතුර අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ  පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ ක‍්‍රියාව සදාචාර සම්පන්න ක‍්‍රියාවක් නොවන බව පවසමින් එය තරයේ හෙළා දුටු කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා යළි මෙවැනි ක‍්‍රියාවන් නොකරන ලෙස දැනුම් දෙමින් උදය ගම්මන්පිල මහතා ඇතුළු විත්තිකරුවන්ට තරයේ අවවාද කර ඇති බව වාර්තා වෙයි.

    වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙසේ අධිකරණයට ලබාදීමට උත්සාහ කර ඇත්තේ  අගවිනිසුරුවරයාට යොමු කළ ලිපියක පිටපතක්ය.

    ඒ අදාළ නඩුවේ වින්දිත පාර්ශවය පසුගිය නඩු දිනයෙන් අනතුරුව  ජැනට් සැඩික් හා ලසිත පෙරේරා නමැති අය  මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම මඟින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව සඳහන් කරමින් ලියන ලද්දකි.

    ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර  ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා ලබා සිටින   පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.

    මෙම නඩුව කැඳවනු ලැබු අවසථාවේදී මෙහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී වැඩිදුරටත් විනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ  තමන්ට  එරෙහිව නඩු විභාගයක් පවතින අතර තුර කුමන කරුණක් සම්බන්ධයෙන් වුවද අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීම විත්ති පාර්ශවය විසින් සිදු නොකළ යුතු බවත් එය සදාචාරාත්මක නොවන බවත්ය.

    යළි මෙවැනි ක‍්‍රියා සිදුනොකරන ලෙස විත්තිකරුවන්ට තරයේ අවවාද කළ විනිසුරුවරයා ඉදිරියේදී මෙවැනි ක‍්‍රියාවක් යළි සිදුකළ හොත් දැඩි පියවර ගන්නා බවටද අවවාද කර තිබෙන බවද වාර්තා වෙයි.

    මෙම  නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 2 වැනි දා යළි කැඳවීමටද විනිසුරුවරයා නියම කළේය.

  • 16 කණ්ඩායමේ ආගමනයත් සමගින් පොහොට්ටුවේ උග්‍ර ගැටුම්.. මහින්ද බැසිල් ගෝඨා ප්‍රසිද්ධියේ ගැටෙති..

    16 කණ්ඩායමේ ආගමනයත් සමගින් පොහොට්ටුවේ උග්‍ර ගැටුම්.. මහින්ද බැසිල් ගෝඨා ප්‍රසිද්ධියේ ගැටෙති..

    * ජනාධිපති අපේක්ෂක වීමට රාජපක්ෂ සොයුරන් තිදෙනෙක් සටනේ
    * බැසිල්ගෙන් 16 කණ්ඩායමට අවවාද
    * මහින්දගේ මනාපය කාටදැයි ගැටලුවක්
    * මාධ්‍ය ආයතන හිමිකරුට බැසිල්ගෙන් දොස්​; මහින්ද විශ්මයට

    මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ මතුව ඇති ගැටුම හමුවේ හිටපු ජනාධිපති මහින් ද රාජපක්ෂගේ පාර්ශ්වය තුළ දෙදරා යාමක් ඇතිව තිබේ.

    පැවැති රාජපක්ෂ පාලනයෙහි වැදගත් තනතුරු හෙබවූ චමල්, බැසිල් සහ ගෝඨාභය යන රාජපක්ෂ සහෝදරයින් තිදෙනාම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ බලාපොරොත්තු තබා සිටීමෙන් මෙම තත්ත්වය උදා වී ඇත​. මේ අතර, පසුගියදා පැවැති නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්දයේ දී, ඡන්දය වර්ජනය කළ යුතු යයි බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් වෙත නිර්දේශ කිරීම පිළිබඳ මහින්ද රාජපක්ෂ දැඩි සේ කෝපයට පත්ව ඇතැයි වාර්තා වේ.

    මෙම ඡන්දයේ දී ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ අපේක්ෂිකාව වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය දරුණු පරාජයකට පත් වූවා ය​. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් දොලහකට වැඩි පිරිසක් පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් ව ගිය අතර එම අවස්ථාවේම ඔව්හු පාර්ලිමේන්තු ආපනශාලාවේ දී අනෙක් මන්ත්‍රීන් හා සතුටු සාමීචියේ යෙදෙමින් සිටියහ​. මෙසේ ඡන්දය වර්ජනය කරන ලද්දේ බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත බව වාරතා වේ.

    ඉන් අනතුරුව, මහින්ද රාජපක්ෂ, සිය බාල සහෝදරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ තමාගේ දේශපාලන තීරණවලට විරුද්ධව කටයුතු සිදු වන්නේ නම් තමා වෙනමම පක්ෂයක් නිර්මාණය කරන බවට තර්ජනය කළ බවත් තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

    තවද මෑත දී රජයෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමට පහර වදින ආකාරයේ ප්‍රකාශයන් බැසිල් රාජපක්ෂ විසින් සිදු කර තිබීම පිළිබඳ ද හිටපු ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කොට ඇත​. සිය Òසැලුන් දොර​Ó ඕනෑම අයකු වෙනුවෙන් විවෘතව තිබිය යුතු බව හිටපු ජනාධිපතිවරයාගේ විශ්වාසය වන බවත්, බැසිල් රාජපක්ෂ එයට වඩා සුපරික්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන බවත් ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ඒකාබද්ධ විපක්ෂයට එක් වීමට අවශ්‍ය පිරිස් එක පයක් එක පැත්තකත්, අනෙක් පය අනෙක් පැත්තෙත් තබාගෙන ක්‍රියා නොකළ යුතු බව බැසිල් රාජපක්ෂ මෑතක දී ප්‍රකාශ කළේ ය​. පසුගියදා රජයෙන් ඉවත් වූ මන්ත්‍රීන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන තෙක් ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත නොපිළිගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය​. ඔවුන් එයින් ඉවත්ව පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත යුතු යයි බැසිල් රාජපක්ෂ අවධාරණය කළේ ය​.

    මෙම ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ උදහසට හේතු වූ අතර ඔව්හු ද​ බැසිල් රාජපක්ෂව​ ප්‍රසිද්ධියේ විවේචනය කළ හ​.

    මේ අතර මෑතක දී පවත්වන ලද උත්සවයක දී, ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය සහ වෙළෙඳ ප්‍රචාරණ ආයතන සමූහයක ප්‍රධානියකු, බැසිල් රාජපක්ෂගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. ඔහුගේ රූපවාහිනී නාලිකාව යොදාගනිමින් තමාට දිගින් දිගටම පහර දෙන්නේ නම් අයහපත් ප්‍රතිඵල අත් විඳීමට සිදු වනු ඇතැයි හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහි දී ප්‍රකාශ කර ඇත​. හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් ඉදිරියේ සිදු වූ මෙම බැණවැදීම එය දුටු බොහෝ දෙනා පුදුමයෙන් ගල් ගැස්සවීමට සමත් වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බවට මතුවන හඬ ඉහළ යන නමුත් මහින්ද රාජපක්ෂ ඒ පිළිබඳ එතරම් පැහැදීමකින් පසු නොවන බව සඳහන් ය​. හිටපු ඇමරිකානු තානාපති අතුල් කේශප් සහ හිටපු ජනාධිපතිවරයා අතර මෑතක දී සිදු වූ හමුවේ දී මතුව ඇති කරුණු කාරණාවලට ද එක් හේතුවක් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ආකල්පය බව කියවේ. මෙම හමුව පිළිබඳ තොරතුරු මුලින්ම වාර්තා කළ කාලයික්කතීර් දමිළ පුවත්පතට එය ලැබී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට සමීප මූලාශ්‍රයකින් බව වාර්තා වේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්තිවලට​ සංශෝධනයක් සිදු නොවුණහොත් හිටපු ජනාධිපතිවරයාට 2019 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අවස්ථාවක් නොලැබෙන පසුබිමක, ඔහුගේ සහය කිනම් සහෝදරයා වෙත ලැබේදැයි පැහැදිලි නැත​. සිය කැමැත්ත හිමි වන්නේ මහින්ද රාජපක්ෂගේ ද වැඩිමහළු සහෝදරයා මෙන්ම හිටපු කතානායකවරයකු සහ වරාය ඇමැතිවරයකු වූ චමල් රාජපක්ෂ වෙත​ බව ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින පැරණි වම​ මේ වනවිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල සාමාජිකයකු මෙන්ම හිටපු ජනාධිපතිවරයාට සමීප අයකු ලෙස සැලකෙන වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මෑතක දී සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් නිර්මාණය කිරීමට බලාපොරොත්ත් වන ආකාරයේ මධ්‍ය වාමාංශික​ රජයක් මනාව ප්‍රතිමූර්තිමත් කළ හැකි තැනැත්තා චමල් රාජපක්ෂ බැවින් තම මනාපය ඔහු වෙත හිමි වන බව ය​. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ වඩා යුධකාමී කඳවුර නියෝජනය කරන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැන්නවුන් සෘජුවම සිය කැමැත්ත ගෝඨාභය රාජපක්ෂ වෙත පළ කොට තිබේ.

    කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග කියා සිටින්නේ මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇත්තේ අන් කවරකුත් නොව මහින් ද රාජපක්ෂ විසින්ම බවයි. නම සඳහන් කිරීමට අකමැති වූ එක් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයකු සඳහන් කළේ මෙම තීරණය ගැනීමේ දී ඔහු සිය පවුලෙහි අභිවෘද්ධිය සහ අනාගත බල අපේක්ෂාවන් පිළිබඳ නිසැකවම සළකා බලනු ඇති බව ය.

    තුන් වසරකට පෙර​, එවකට පැවැති රාජපක්ෂ පාලනය බිඳ වැටීමට පවුල් වාදය ප්‍රධාන හේතුවක් වී තිබියදීත්, මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයින් ලෙස ඒකාබද්ධ විපක්ෂය තුලින් මතුව ඇති තිදෙනාම රාජපක්ෂ සොයුරන් වීම එක්තරා ආකාරයකින් පුදුමයට කරුණකි. මේ අතර ‘අතීතය ද රාජපක්ෂවරුන්ගේ විය​. අනාගතයත් සෙස්සන්ට ඉඩ නොදී ඔවුන්ගේ පවුලටම නතු කරගැනීමට උත්සාහ කරන බවක් පෙනේ’ යනුවෙන් එක් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයකු සඳහන් කළේ තරමක් නොරිස්සුම් සහගතව ය​. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සහ ඒකාබද්ධ විපක්ෂයෙහි ප්‍රධානියා ලෙස හිටපු ජනාධිපතිවරයා සිටින තාක් කල් වෙනත් රාජපක්ෂවරයකුට අවස්ථාවක් නොලැබෙනු ඇති බව එම මන්ත්‍රීවරයා කියා සිටියේ ය

  • කුප්‍රකට මරික්කාර්ගේ වංචා වලට ඉඩනොදුන් කොලොන්නාව ප්‍රාදේශිය ලේකම්ට එජාපයෙන් දඩුවම් මාරුවක්…

    කුප්‍රකට මරික්කාර්ගේ වංචා වලට ඉඩනොදුන් කොලොන්නාව ප්‍රාදේශිය ලේකම්ට එජාපයෙන් දඩුවම් මාරුවක්…

    තමාට අවැසි ආකාරයට තම එහෙයියන්ගේ පදනමක් නැති ව්‍යාජ ව්‍යාපෘති වලට මුදල් නිදහස් නොකළ කොලොන්නාව ප්‍රාදේශිය ලේකම්වරයාව කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර්ගේ ඉල්ලීම පරිදි එජාප ඇමතිවරුන් කිහිපපොළක් එක්ව දඩුවම් මාරුවක් ලබාදී ඇති බව අපට වාර්තා වේ.. මරික්කාර් යනු කොලොන්නාව ගැන කිසිම දැනුමක් නැති මෝඩයෙක් බව අප සිදුකළ විමසීමකදී අදහස් දැක්වු කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු අප සමග පැවසීය…..

    https://www.youtube.com/watch?v=cBs9N29gz3E&feature=share

  • ගෝඨාගේ සුරතලියක බව කියවෙන කතරගම කපුවාගේ සුරූපි අනියම් බිරිඳ සොයා විශේෂ මෙහෙයුමක්

    ගෝඨාගේ සුරතලියක බව කියවෙන කතරගම කපුවාගේ සුරූපි අනියම් බිරිඳ සොයා විශේෂ මෙහෙයුමක්

    කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ගෝඨාගේ සුරතලියක බව කියවෙන කතරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

    මෙම වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන මහාසේන දේවාලයේ හිටපු ප්‍රධාන කපු මහතා වූ අසේල ලක්‌මාල් බණ්‌ඩාර නමැත්තාගේ අනියම් බිරිඳ බව කියන දීපිකා නමැති කාන්තාව මේ වනවිට කතරගම ප්‍රදේශය අතහැර වෙනත් ප්‍රදේශයකට පලා ගොස්‌ ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

    කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කර කිරිවෙහෙරේ මහාසේන දේවාලයේ අයිතිය ලබාගැනීම සඳහා ප්‍රධාන සැකකරු සැලසුම් සකස්‌ කර ඇත්තේ මෙම කාන්තාව සමඟ එක්‌ව බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

    කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහාසේන දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා ඇතුළු පස්‌ දෙනකු පොලිසිය මඟින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබිණි.

    මෙම වෙඩිතැබීම සිදුකළ දහ අට හැවිරිදි වියේ පසුවන තරුණයෝ දෙදෙනා ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වෙති. දේවාලයේ ප්‍රධාන කපුවා ලබාදුන් රුපියල් තිස්‌ ලක්‍ෂයක කොන්ත්‍රාත් මුදලකට අනුව වෙඩිතැබීම සිදු වී ඇති බව ද හෙළි වී තිබේ.

    තංගල්ල නියෝජ්‍ය පොලිස්‌පති විජිත ගුණරත්න පොලිස්‌ අධිකාරි ලක්‌සිරි ගීතාල් මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මේ සම්බන්ධව විමර්ශන පවත්වාගෙන යයි.

  • නගින්නේ නැති මංගලගේ එක නග්ගන්න EAP මාධ්‍යජාලය සුදීරන් නම් ත්‍රස්තවාදීයෙකු අතට! (විශේෂ වීඩියෝ)

    නගින්නේ නැති මංගලගේ එක නග්ගන්න EAP මාධ්‍යජාලය සුදීරන් නම් ත්‍රස්තවාදීයෙකු අතට! (විශේෂ වීඩියෝ)

    වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිදුකිරීමට යන කුප්‍රකට ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ සුවිශේෂී අනාවරණයක් SLVlog විසින් සිදුකොට ඇත.

    උපුටනය: SlVlog

  • සිසුවියකට තමන්ට රිසි සේ ලිංගික පාඩමක් ඉගැන්වූ ටියුෂන් ගුරාට ප්‍රදේශවාසීන්ගෙන් සැර පාඩමක්…..

    සිසුවියකට තමන්ට රිසි සේ ලිංගික පාඩමක් ඉගැන්වූ ටියුෂන් ගුරාට ප්‍රදේශවාසීන්ගෙන් සැර පාඩමක්…..

    යාපනයේ වඩුක්‌කෝඩෙයි නගරාසන්නයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක ගුරුවරයෙකු විසින් පාසල් ශිෂ්‍යාවක්‌ ලිංගික අපයෝජනයට ලක්‌ කළේ යෑයි කියන සිද්ධියක්‌ මත පසුගිය දා එම ගුරුවරයාට අයත් උපකාරක පන්ති ගොඩනැඟිල්ලට කිසියම් පිරිසක්‌ විසින් ගිනි තබා තිබේ.

    ගින්නෙන් එම උපකාරක පන්තියේ තිබූ සියලුම දෑ පිළිස්‌සී විනාශ වී ගොස්‌ ඇත.

    අදාළ පාසල් ශිෂ්‍යාවට මෙම ගුරුවරයා විසින් ලිංගික අපයෝජනයක්‌ සිදුකොට ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක්‌ මත යාපනයේ වඩුක්‌කෝඩෙයි පොලිසිය විසින් එම ගුරුවරයාව අත්අඩංගුවට ගෙන පරීක්‌ෂණ සිදු කරමින් සිටින අතරතුර මෙසේ ඔහුගේ උපකාරක පන්තියට ගිනි තබා තිබෙන බව සඳහන්.

    වඩුක්‌කෝඩෙයි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

  • සිර දඬුවම් ලැබූ හිමිවරුන් 15නමක් ‘ජම්පරයෙන්’ බන්ධනාගාරවල

    සිර දඬුවම් ලැබූ හිමිවරුන් 15නමක් ‘ජම්පරයෙන්’ බන්ධනාගාරවල

    මිනී මැරුම් ඇතුළු විවිධ හේතූන් යටතේ අධිකරණවලින් වැරැදිකරුවන් බවට පත්වී දඬුවම් ලැබූ චීවරධාරීන් 15 දෙනකු මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය ඇතුළුව බන්ධනාගාර කිහිපයක සිරගත කර තිබෙන බවත්, එකී සියලු දෙනා සෙසු සැකකරුවන් මෙන් බන්ධනාගාර සිර ඇඳුම (ජම්පරය) ඇඳ සිටින බවත්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.
    මෙම පිරිස අතර මාස 06 සිට වසර 6-7 දක්වා වූ කාල පරාසයක සිර දඬුවම් ලැබූවන් සිටින බවද, වැලිකඩ බන්ධනාගාරයේ පමණක් එසේ දඬුවම් ලැබූ චීවරධාරීන් 08 දෙනකු සිටින බවද ඒ මහතා පැවැසීය.
    මෙම සිරගත පිරිසට අමතරව විවිධ හේතූන් මත සැකපිට අත්අඩංගුවට ගත් චීවරධාරීන් 10ක් වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක රඳවා ඇති බවත් ඒ මහතා පැවැසීය.
    මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේ සිරගත කර සිටින පූජ්‍ය හෝ පූජක පක්ෂයේ කිසිදු සිරකරුවකුට විශේෂත්වයක් දක්වා නොමැති බවත්, ඔවුන් සෙසු සිරකරුවන් මෙන්ම බන්ධනාගාර නීති රීතිවලට යටත්ව කටයුතු කරන බවත්ය.
  • බේස්ලයින් රෝඩ් එකේ දෙමටගොඩ පාලම යට තියන ෆුඩ්සිටිය ඉස්සරහ අඩ අඩා ඉන්න මොහුට ඔබත් රැවටුනාද?

    බේස්ලයින් රෝඩ් එකේ දෙමටගොඩ පාලම යට තියන ෆුඩ්සිටිය ඉස්සරහ අඩ අඩා ඉන්න මොහුට ඔබත් රැවටුනාද?

    මෙයාව මම දැකලා තියනවා බේස්ලයින් රෝඩ් එකේ දෙමටගොඩ පාලම යට තියන ෆුඩ්සිටිය ඉස්සරහ හාල් වගයක් අහුලනවා අඩ අඩා. මුලින්ම මෙයා ලගට ඇවිල්ලා වටේ මිනිස්සුන්ටත් කතා කරලා මෙයාව නැගිට්ටවලා හාල් ගන්න කියලා සල්ලි දුන්නේ කලු මිටි කෙනෙක්.

    කොහොමහරි මෙයාට එතනින් අඩුම රුපියල් 5000ක් නම් ලැබෙන්න ඇති. ඊටපස්සේ දවසකත් මම මෙයාව දැක්කා කොටුවේ ටෙලිකොම් එක ඉස්සරහ අර බිම ලොකු ෆෝන් එකක් හදලා තියන තැන. එතනදිත් මෙයාලගට මුලින්ම දුවන් ඇවිත් කෑගහලා වටේ මිනිස්සු ගෙන්නගෙන මෙයාව නැගිට්ටලා 500 ක් දුන්නෙත් අර එදා කෙනාමයි. (මට එදා කෙනාව හොදට මතකයි මම දන්න කෙනෙකුත් ඒ වගේ ඉන්න නිසා. මුලින්ම ඉදිරිපත් වෙලා ලොකු උදව්වක් කරපු නිසාත් මට නෝට්) මමනම් හිතන්නේ මේ දෙන්නම එකට කතාවෙලයි මේක කරන්නේ.


    මේ වගේ තව කෙනෙක් ඉන්නවා රෑ 10 ට විතර බේස්ලයින් එකේ Nine Hearts වලට එහායින් තියන කලර් ලයිට්ස් ගාව. මිනිහා කරන්නේ රෙඩ් ලයිට් වැටුනම නවත්තලා තියන කාර් වලට ඇවිල්ලා පැනලා කකුල අල්ලන් යටිගිරියෙන් බෙරිහන් දෙනඑක. ඊලගට එතනට මිනිස්සු දුවන් ඇවිත් අර කාර් කාරයව මරන් කන්න හදනවා. මට දවස් 2ක් සෙට් වුනා. ඩ්‍රයිවර්කාරයා බැහැලා පුදුම වෙහෙසක් ගත්තේ උන් එක්ක පොරබදන්න. මාත් ගුටිකන්න වෙයි කියලා ශටර් එකවත් අරින්නේ නැතුව හිටියා. ඔතන වෙන්නේ ජාවාරමක්. වාහනයට පනින මිනිහගෙම සපෝටර්ස්ලා පාර දෙපැත්තේ ඉදලා මිනිහා පැන්නම දුවගෙන එනවා.
    ඕක මට ආරංචි වෙලා තිබුනු නිසා කට කැඩෙනකම් ඩ්‍රයිවර්කාරයට බහින්න එපා කිව්වට මූ ඇහුවෙම නැහැ ලේ කකියනවා කිය කියා බැහැලා අරුන්ට කියලා හොම්බට හැටකුත් ඇනගෙනම රුපියල් 5000කුත් දීලා.

    ආයේ වත්තල හේමාස් හොස්පිටල් එක හරියේ ඉන්නවා බයික් කාරයෙක්. ට්‍රැෆික් එකේ නවත්තලා තියන වාහන වල පිටිපස්සෙන් ඇවිත් බයික් එක ඇනලා බිම වැටිලා කකුල නමාගෙන දනිස්ස බදාගෙන කෑගහනවා. ඉස්සරහ කාර් එක බලන්නේ නැතුව රිවර්ස් කරා කියලා චෝදනා කරනවා. බෙහෙත් ගන්න සල්ලි දෙන්න කියනවා, නැත්තම පොලීසි යමු කියනවා.
    බලන බලන තැන හොරු. පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ජනතාවගෙම නියැදියක් නිසා ඒකේ හොරු ඉන්න එක ගැනත් පුදුම වෙන්න දෙයක් නැහැ

  • පාසල් සිසුවියක නිල ඇදුමින්ම නිවසට ගෙන්වාගෙන යහන් ගතවු 20 තරුණයාට අන්තිමේ වෙච්ච දේ මෙන්න…

    පාසල් සිසුවියක නිල ඇදුමින්ම නිවසට ගෙන්වාගෙන යහන් ගතවු 20 තරුණයාට අන්තිමේ වෙච්ච දේ මෙන්න…

    අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරමින් සිටි පාසල් සිසුවියක සමඟ ඇසුරක් පවත්වා,  එය තම  ජංගම දුරකථනයෙන් පටිගත කල අනුරාධපුර නව නගරයේ පදිංචි තරුණයෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීනන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිසුවියගේ මවුපියන් විසින් අදාල තරුණයාට සිය දියණිය විවාහ කර දීමේ පුවතක් වාර්තා වනවා.

    සැකකාර තරුණයා පසුගිය 11 වැනිදා  සිය පෙම්වතිය පාසල් ඇඳුමෙන් ඔහුගේ නිවෙසට ගෙන්වාගෙන ඇති අතර පාසල් සිසුවියක් අවේලාවේ එම නිවෙසට පැමිණෙනු දුටු  අසල්වාසියකු විසින් ඒ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිසියට දන්වා තිබෙනවා.

    ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය එහි පැමිණ 18 හැවිරිදි සිසුවිය සහ 20 හැවිරිදි තරුණයා පොලිස් භාරයට ගෙන ඒ පිළිබඳව සිසුවියගේ මවුපියන්ට දන්වා තිබෙනවා. ඒ අනුව වෘත්තියෙන් ගුරුවරයෙකු වන සිසුවියගේ පියා පොලීසියට පැමිණ තිබෙනවා. 

    හෙලි කරගත් කරුණු අනුව සැකකාර තරුණයා ගංජා, හෙරොයින් හා තවත් දුසිරිත් ක්‍රියාවන් රැසකට ඇබ්බැහි වී ඇති අතර  සිසුවිය නිවෙසට ගෙනැවිත් පැවැත්වූ ඇසුරේ සෑම තත්පරයක්ම ජංගම දුරකථනයේ පටිගත කර ඇති ආකාරය තරුණයාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලීසිය සොයා ගෙන තිබෙනවා.

    ඒ අනුව තරුණියක නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා ස්ත්‍රී දූෂණයකට ලක් කිරීමේ චෝදනාව මත  සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු සිදුකරනු ලැබුවත්  සිසුවියගේ මවුපියන් එම දඬුවම අවශ්‍ය නැති බව පවසා තම දියණිය සහ ඇසුර පැවැත්වූ තරුණයාව විවාහ කර දීමට කටයුතු සිදුකර තිබුණා.

  • අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට අධිකරණය රංජන්ගෙන් හේතු ඉල්ලයි

    අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට අධිකරණය රංජන්ගෙන් හේතු ඉල්ලයි

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා ආඥාවක් කෙටුම්පත් කර අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබේ.

    අධිකරණයට අපහාස කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි දෙකක් අද(18) අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , සහ මුර්දූ  ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝගය කෙරුණි.

    පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් සිදු කළේ යැයි කියන  අපහාසාත්මක ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නිරීක්ෂණය කර ඒ තුලින්  බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් තීන්දු කර ඇතැයි සඳහන් කර සිටියේය.

    ශ්‍රේෂ්ඨාධිකරණ සම්ප්‍රදායට අනුව මීළඟට පැවරී ඇත්තේ වගඋත්තරකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසීමේ  ආඥාව කෙටුම්පත් කර නීතිපතිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම බවද දන්වා සිටියේය.

    එම ඉල්ලීමට විරෝධය පළ කළ වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ..සුමන්දිරන් මහතා කියා සිටියේ නීතිපතිවරයා අදාළ ආඥාව කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි.

    එම ආඥාව කෙටුම්පත් කරවිය යුත්තේ සිවිල් නඩු විධාන සංග්‍රහය පැවරී ඇති ප්‍රතිපාදනවලට අනුව බව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා දන්වා සිටියේය.

    කෙසේවතත් අදාළ ආඥාව කෙටුම්පත් කරන මෙන් නීතිපතිවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ල නැවත ජුලි මස තිස් වනදා කැඳවන මෙන් ද නියම කළේය.

    පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

    පැමිණිලිකරුවන් කියා සිටින්නේ පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටි බවයි.

    මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය හීන වන බවත් ඒ හරහා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිලිකරුවන් පවසයි.

    මේ හේතුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

  • රටම කතාවෙන මහා අපරාධය… කිරිවෙහෙර නායක හිමි ඝාතන සැලසුම ලහි ලහියේ ගහපු හැටි මෙන්න ..!

    රටම කතාවෙන මහා අපරාධය… කිරිවෙහෙර නායක හිමි ඝාතන සැලසුම ලහි ලහියේ ගහපු හැටි මෙන්න ..!

    කතරගම කිරි වෙහෙර විහාරාධිපති රුහුණ මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කොබවක ධම්මින්ද හිමියන් ඝාතන තැතේ අබිරහස මේ වන විට ‍පොලිසිය විසඳා හමාරය. ඒ උන්වහන්සේ ඝාතනය කිරීමේ අරමුණින් වෙඩි තැබූ බෝර 12 වර්ගයේ ගිනි අවියද සමගිනි. එකී ඝාතන සැලසුමට ගෑවුණු කිහිප දෙනෙක්ම දැන් සිටින්නේද ‍පොලිස් අත්අඩංගුවේය. මේ ලිපිය සටහන් තබන මොහොත වන විට එකී ඝාතන ප්‍රයත්තයේ මහ මොළකරු සිටියේ ‍පොලිසියට කට්ටි පනිමින් සැඟවෙමිනි. මෙම ලිපිය ඔබ කියවන මොහොත වන විට ඔහුවත් ‍පොලිසිය අත්අඩංගුවට ගෙන සිටින්නට පුළුවන.

    ඔහු වෙන කිසිවෙක් නොව කිරිවෙහෙර භූමියේ පිහිටා ඇති මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාරය. කොබවක ධම්මින්ද හිමියන් ඝාතනයට ඔහු සැලසුම් කරන්නේත් වෙඩික්කරුවෙක්් ඊට යොදවන්නේ ඔහු මහසෙන් දේවාලයේ හිටපු කපුවා වූ නිසා පමණක් නොව පසුගිය දිනෙක එම ස්වාමින් වහන්සේ එක්තරා රාජපක්ෂ රෙජීමයේ ප්‍රබලයෙක්ට එල්ලකළ ප්‍රහාරයක් නිසා බව මේ වනවිට සත්‍යය එලිවෙමින් පවතී… 

    කෙසේවෙතත් කපුවා සම්බන්ධ කතාව වසර දෙක තුනක් දක්වා දිව යන්නෙකි. ධම්මින්ද හිමියන්ට පෙර විහාරාධිපති ධුරය දැරුවේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත හිමියන්ය. උන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරු විහාරාධිපති ධුරයට උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කිහිප නමක් අතර තරඟයක් ඇතිවන්නේ නිතැතිනි. එය අර්බුදයක් බවට පත්වන විට මල්වතු මහා විහාරය මැදිහත්වෙමින් එය විසඳන්නේ අලුත්වැව සෝරත හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂුව වූ කොබවක ධම්මින්ද හිමියන්ව 2013 වසරේ දෙසැම්බර් 19 වෙනිදා විහාරාධිපති ධුරයට පත්කරමිනි.

    තරුණ භික්ෂුවක් වූ කොබවක ධම්මින්න හිමියන් විහාරාධිපති ධුරයට පත්වීමත් කිරිවෙහෙරේ පරිපාලනය සම්බන්ධයෙන් රැඩිකල් වෙනසක් සිදුකරන්නට වූහ. කිරිවෙහෙර භුමියේ ස්ථාපිත මහසෙන් දේවාලයේ ආදායම විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් වෙන්කරන්නට පියවර ගත්තේය. එතෙක් කලක් සිදුව තිබුණේ එහි අදායම දේවාලයේ කපු මහතුන් අතට විවිධාකාර ක්‍රම මගින් පත්වීමය. එසේ කපුමහතුන් අතට පත්වූ දේවාලයේ තුටු පඬුරු ආදායම වසරකට කෝටියකට එහා ගිය බව කොබවක ධම්මින්ද හිමියන්ද දැන සිටියහ. උන්වහන්සේ ඊට වැට බැඳීමත් සමග ඒ වන විට දේවාලයේ ප්‍රධාන කපු තනතුර දැරූ අසේල බණ්ඩාර උන්වහන්සේ සමග ගැටෙන්නේ දේවාලයේ කපුකම පරම්පරාවෙන් ඔවුන්ට උරුම වූවක් බැවින් එහි ආදායමද තම පරම්පරාවට හිමිවන බව කියමිනි. ඒ යැයි කියා දේවාලයේ තුටු පඬුරු ආදායම අසේල බණ්ඩාරට රැගෙන යන්න කොබවක ධම්මින්ද හිමියන් ඉඩදෙන්නට ගියේ නැත.

    දේවාලයේ තුටු පඬුරු අසේලට සිය පුද්ගලික පරිහරණයට ගැනීමට තිබුණු සෑම හිඩැසක්ම උන්වහන්සේ අහුරා දැමීය.
    ඒත් එක්කම උන්වහන්සේට දැන ගන්නට ලැබෙන්නේ බැතිමතුන් විසින් මහසෙන් දේව ප්‍රතිමාවට පූජාකරන රන් මාල සහ රන් ආභරණ අසේල සිය සන්තකයේ තබා ගන්නා බවය. ඊටද කොබවක ධම්මින්ද හිමියන් වැට බඳින්නේ පූජා කරන රන් ආභරණ ගැන වෙනමම සොයා බලමිනි. එවිට උන්වහන්සේට දැන ගන්නට ලැබෙන්නේ දේව ප්‍රතිමාවට පූජා කරන රන් ආභරණ වෙනුවට රන් ආ‍ලේපිත ව්‍යාජ රන් ආභරණ තබා අසේල සිය කනෙන් රිංගන බවය. එම වංචාව දිනක් උන්වහන්සේගේ අතටම හසුවූහ. ඒ උන්වහන්සේට හිතවත් දායකයෙක් විසින් දේවාලයට පරිත්‍යාග කළ පවුම් 05ක මාලයක් වෙනුවට ඔහු ව්‍යාජ රන් මාලයක් ප්‍රතිමාවට පලඳවා තිබියදීය. එවිට අසේලට උන්වහන්සේගෙන් සමාවක් නොවීය. දේවාලයේ කපුකමින් ඔහුව පන්නා දමන්නේ වෙනත් කපුවෙකුට ඒ තැන ලබා දෙමිනි. ඒ මෙයට වසර එකහමාරකට පමණ පෙරය.

    කොබවක ධම්මින්ද හිමියන්ට තර්ජන එල්ල වන්නේ ඒත් සමගිනි..  ඒ වෙන කිසිවෙකුගෙන් නොව, අසේලගෙනි. ඒ වන විට දේවාලයේ ආදායමින් අසේල කෝටිපතියෙක් බවට පත්ව සිටියේය. ඔහු මිලියන හත අටක් වටිනා සුඛෝපභෝගී ජිප් රථයක හිමිකරුවෙක් බවටද පත්ව සිටියේය. ගේ දොර වතුපිටි පවා මිලදී ගෙන තිබුණේ දේවාලයෙන් ලැබුණු තුටු පඬුරු ආදායමෙනි. එතෙක් කලක් අසේල ගත කළ සුභෝපබෝගී ජීවිතයට දේවාලයේ කපුකම අහිමිවීම දැඩිව බලපෑවේය. මැර කණ්ඩායමක් සමග ගොස්  උන්වහන්සේට තර්ජනය කරමින් බලහත්කාරයෙන් නැවතත් දේවාලයේ කපුකමට එන්නට ඔහු උත්සාහ දරන්නේ එබැවිනි. එය අසාර්ථක වන්නේ උන්වහන්සේටද සමාජයේ යම් සිවිල් බලයක් පැවැති නිසාය. අවසානයේදි අසේල උත්සාහ දරන්නේ අධිකරණ නියෝගයක් හරහා දේවාලයට රිංගන්නටය. හම්බන්තොට මහාධිකරණයේ ඔහු ඉකුත් වසරේදී කොබවක ධම්මින්ද හිමියන්ට එරෙහිව නඩුවක් පවරන්නේ ඒ අනුවය. ඔහුගේ තර්කය වූයේ දේවාලයේ හිමිකම පරම්පරාවෙන් උරුම වූවක් බැවින් එහි අයිතිය මෙන්ම ආදායමද සිය පරම්පරාවට අයත් බවය.

    දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ එකී නඩුවේ තීන්දුව අධිකරණය විසින් ලබාදෙන්නේ පසුගිය 03 වෙනිදාය. ඒ දේවාලයේ හිමිකම ඇත්තේ කිරිවෙහෙර විහරාධිපති හිමියන්ට බව සඳහන් කරමිනි.

    කොබවක ධම්මින්ද හිමි ඝාතන සැලසුම ක්‍රියාත්මක වන්නේ එතැන් සිටය. ඒ සඳහා අසේල විශ්වාසවන්තයින් ලෙස යොදා ගන්නා පළමු වැන්නා වන්නේ සිය බාල සහෝදරයාය. දෙවැන්නා කතරගම ලැගුම්හලක සේවකයෙකි. කතරගම පැත්තේ ඔහු ප්‍රසිද්ධව සිටින්නේ වඳුරු කළුවා යැයි කියාය. තුන් වැන්නා වෙඩික්කරුය. යුද හමුදා සේවයෙන් ඉවත්ව සිටින ඔහුද කතරගම පැත්තේ ලැගුම්හලක සේවයේ නිරතව සිටින කෝකියෙකි. ගම්වැසියන් ඔහුව හඳුන්වන්නේ රාලහාමි යැයි කියාය. මේ තිදෙනා සමග තැන් තැන්වල මත්පැන් පානය කරමින් කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට දින ගණනාවක්ම අසේල සැලසුම් කළේය. ඔහුගේ සැලසුම වූයේ ධම්මින්ද හිමියන් ඝාතනය කර දේවාලයට රිංගීමය. ඒ වෙනුවෙන් ඔහු කන්න බොන්න පමණක් නොව, සිය සගයන්ට අතපය දිගහැර විය පැහැදම්ද කළේය.

    ධම්මින්ද හිමියන්ට වෙඩි තබා මරා දැමීමට බෝර 12 වර්ගයේ ගිනි අවියක්ද ඔහු සොයා ගත්තේය. ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට අසේල දින වකවානුද තීරණය කරන්නේ මේ සියලු සම්පත් රැස්කර ගැනීමෙන් අනතුරුවය.

    ධම්මින්ද හිමියන්ට ඒ වන විටත් ‍පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ විශේෂ ආරක්ෂාවක් බලධාරීන් විසින් ලබාදී තිබුණේය. ඒ උන්වහන්සේට එල්ල වී තිබුණු මරණිය තර්ජන හේතුවෙනි. එම තර්ජන අතර අසේල සමග ඇතිකරගත් දේවාලයේ ගැටුමට පරිබාහිර වෙනත් කාරණා මුල්කරගත් ඒවාද විය. එබැවින් අසේල සැලසුම්කරන්නේ ධම්මින්ද හිමි ඝාතනයට ඔහුගේනම නොගෑවී වෙනත් සිද්ධියක් ඉස්මතු වන ආකාරයට එම ඝාතනය කරන්නටය. එහිදී ඔහු වඩාත් සැලකිලිමත්වන්නේ උන්වහන්සේ අනාරක්ෂිත වන අවස්ථාවක් බලා සැලසුම ක්‍රියාත්මක කිරීමටය. කාලයක් තිස්සේම ධම්මින්ද හිමියන්ගේ ෙදෙනික චර්යාව දැන සිටි ඔහු උන්වහන්සේව ඝාතනය කරන්නට තීරණය කරන්නේ කිරිවෙහෙර අභියසදී රාත්‍රි කාලයේදීය. ඒ උන්වහන්සේ පුරුද්දක් ලෙස ෙදෙනිකව රාත්‍රි කාලයේ කිරි වෙහෙර වන්දනා කිරීමට පැමිණෙන බැවිනි.

    එදා 12 වෙනිදාත් උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ දෙනමක් සමග කිරිවෙහෙරට වැඩියේ වන්දනා කිරීමටය. සිය ගණනක් වන්දනාකරුවන් අතරින් ගොස් උන්වහන්සේ සෙසු භික්ෂූන් සමග එක්ව කිරිවෙහෙර වන්දනාකර, ආවාසයට යාමට සූදානම් වන්නේ රාත්‍රි 10.45 ට පමණය. ඒ වන විට උන්වහන්සේ ගොදුරු කර ගැනීමට අසේල සිය සගයන්ද සමග කිරිවෙහෙර සමීපයට එන්නේ ඔහුට අයත් විසල් වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථයේ නැගීය. ඔහු එම රථයම මේ සදහා යොදා ගන්නේ කතරගම පූජා භුමිය ඇතුළත ඇති මාර්ගය ඇතුළු වීමටත් බාධාවකින් තොරව ගමන් කිරීමටත් එකී වාහනයේ අංකයට ඇති අවසරය නිසාය. නොමැතිනම් වාහන පූජා භුමියේ ඇති මාර්ගයට ඇතුළු කිරීමට ‍පොලිසියෙන් විශේෂ අවසරයක් ගත යුතුය. ඒ පහසුවත් ආරක්ෂක මුරක‍පොලුවල සිටින ආරක්ෂක නිලධාරීන් වාහනය හඳුනන බැවින් ධම්මින්ද හිමි ඝාතනයෙන් පසු සිය සගයන්ව ආරක්ෂාකාරීව පරීක්ෂාවකින් තොරව පූජා භූමියෙන්  ගමන් කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින් ඔහු සිය වාහනයම ඒ සඳහා යොදා ගත්තේය.

    කිරිවෙහෙරට කිට්ටුව මාර්ගය අයිනේ අසේල වාහනයේ රැඳී සිටියේය.  රාලහාමිට ගිනිඅවිය ලබාදෙමින් සිය සහෝදරයා සමග ධම්මින්ද හිමියන්ට වෙඩි තැබිමට පිටත් කර යැවුවේය. ඒවන විට ධම්මින්ද හිමියෝ කිරිවෙහෙර වන්දනා කර සෙසු භික්ෂූන් දෙනමත් සමග ආවාසය බලා වැඩම කරමින් සිටියේය. කිරිවෙහෙරේ උඩ මළුවේ සිට උන්වහන්සේලා පඩි බසිමින් සිටියදී එකවරම උන්වහන්සේ ඉදිරියට කඩා වදින්නේ රාලහාමිය. එතෙක් වේලා සඟවාගෙන සිටි බෝර 12 අවිය ක්‍රියාත්මක කරන්නේ ධම්මින්ද හිමියන් වෙතය. වෙඩි එකක් දෙකක් නොව, තුනක්ම ඔහු උන්වහන්සේ වෙත තැබුවේය. ඒ වෙඩි උණ්ඩ උන්වහන්සේට පමණක් නොව, උන්වහන්සේ අසල සිටි වීදා‍පොළ සෝභිත හිමියන්ගේ පාදයකටත් වැදුණේය.

    ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂකයින් ඒ වන විට සිටින්නේ  උන්වහන්සේලාට මඳක් ඈතිනි. වෙඩි හ¾ඩින් කලබල වන ඔවුන් උන්වහන්සේලා සිටි ස්ථානයට දිව එන විටත් රාලාහාමිත් අසේලගේ සහෝදරයාත් එක පිම්මේ දිව යමින් සිටියේ කිරිවෙහෙර සහ කතරගම දේවාලය වන්දනා කිරීමට පැමිණි බැතිමතුන් අතරින් රිංගමිනි. ‍පොලිස් ආරක්ෂකයින් සතුව රිවෝල්වර තිබුණත් එය ක්‍රියාත්මක කිරීමට ඒ නිසාම ඔවුන්ට ඉඩක් නොවීය. ඒ යැයි කියා ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක සෙබළෙක් සහ ‍පොලිස් කොස්තාපල්වරයෙක් වැඩේ අතහැරියේ නැත. රාලහාමි පසුපස පැන්නුවේය. ඔවුන් දෙදෙනා අල්ලා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. ‍පොලිස් කොස්තාපල්වරයාටත් සිවිල් ආරක්ෂක සෙබළාටත් වෙට්ටු දමා ඔවුන් දෙදෙනා අතුරුදන්වන්නේ අසේලගේ ජිප් රථයේ නැගීය. ඔවුන් දෙදෙනා එම ජිප් රථයට ගොඩවන අයුරු ඈත තියාම ‍පොලිස් කොස්තාපල්වරයා දුටුවේය. ඔහුට එම රථය හොඳට හුරු පුරුදුය. ඒ බව ඔහු සිය ‍පොලිස් ප්‍රධානීන්ට කීවේය. ඒත් එක්කම වහාම ක්‍රියාත්මක වූ කතරගම ‍පොලිසියේ නිලධාරීන් අසේලගේ නිවස වටලන්නට වූයේ ඔහුව සොයාය. ඒ වන විටත් ඔහු සිටියේ ජිප් රථය සිය ගෙවත්තේ අතහැර දමා පලා ගොසිනි. අනතුරුව ‍පොලිස් කණ්ඩායම ඔහු පදිංචි නිවස දැඩි සෝදිසියකට ලක්කළේය. ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ ගිනි අවිය මුළුතැන් ගෙය පැත්තේ ඇති දර ගොඩක් අතර සඟවා තිබියදී හමුවන්නේ එවිටය. අනතුරුව ‍පොලිසිය කොටුකර ගන්නේ වඳුරු කළුවාය. ධම්මින්ද හිමියන් ඝාතන සැලසුමට මුල සිටම සම්බන්ධවී සිටියත් අවසාන මොහොතේ ඔහු අසේලව මගහැර සිටියේය.  අසේලගේ සහෝදරයා සහ රාලහාමි ගැන ‍පොලිසියට තොරතුරු හෙළිකරන්නේ ඔහුය.  ඒ අනුව ‍පොලිසිය රාලහාමිව අත්අඩංගුවට ගත්තේ ධම්මින්ද හිමියන්ගේ ඝාතන තැතේ වෙඩික්කරුවා ලෙසිනි.

     

  • ගෝඨා කල්ලිය ඥනසාර හිමිගේ පන්සලට කඩා වදී.. කුප්‍රකට මාෆියාකරු ඩිලන්ත ගෝඨා සමග කුමන්ත්‍රණයක!

    ගෝඨා කල්ලිය ඥනසාර හිමිගේ පන්සලට කඩා වදී.. කුප්‍රකට මාෆියාකරු ඩිලන්ත ගෝඨා සමග කුමන්ත්‍රණයක!

    මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් දඩමිමා කරගනිමින් ගෝඨාගේ ගෝලයන් මෙහෙයුමක් දියත් කර තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

    මේ වනවිට මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබා ගැනිම සදහා මෙහෙයුමක් දියත් වෙමින් තිබේන අතර එම මෙහෙයුම ජාතික හෙළ උරුමයේන් ගැලවි ගිය ජනපති සහ ආණ්ඩුවෙ ප්‍රබලයන් සමග සම්බන්ධකම් ඇති පිරිසක් විසින් මෙහෙයවමින් සිටින අතර ඒ සදහ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක්ද සහය ලබාදෙමින් සිටි.

    එම පිරිස ත්‍රෛයි නිකායික මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සමගද සාකච්ඡාකර තිබේන අතර ඔහුන් හරහා ජනාධිපතිවරයාටද කතා කරමින් ඉල්ලා ඇත්තේ ඥනසාර හිමියන්ට වහාම සමාවක් ලබාදි නිදහස් කරන් ලෙසයි.නමුත් මහ නාහිමිවරුන් එම ඉල්ලිමට ඇහුම්කන් දුන්නද ඥනසාර හිමියන් නිදහස් කරන ලේස ඉල්ලා නිවේදනයක් නිකුත් කිරිමට අකමැත්ත පලකර තිබේ.

    ඥනසාර හිමියන් සම්බන්ධයෙන් බරපතල්ක ගැටලුකාරී තත්ත්වයන් මතු වි තිබුනද මේ වනවිට ඥනසාර හිමියන්ට දුන් දඩුවම හේතුවෙන් රටතුල නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේන බව ඔහුන් විසින් පෙන්වා දි තිබේ.

    මේ අතර ඥනසාර හිමියගේ න්‍යායාචාරවරයා ලෙස පෙනී සිටින ඩිලන්ත විතානගේ ගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගෝලයන් රොත්තක් අද ඥනසාර හිමිගේ පන්සලට හදිසියේම කඩාවැදි සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි ඥනසාර හිමියන්ට සහය දක්වන ඔහු ලගින්ම සිටි හාමුදුරුවන් වහන්සේලාට එම පිරිස දැනුම් දි ඇත්තේ අධිකරණය විසින් සන්ධ්‍යා එක්නැලිගොඩට ගෙවිමට නියම කල රුපියල් 50,000ක මුදල නොගෙවා සිටින ලෙසයි.

     

     

     

     

     

     

     

     

     

     

     

     

    අදාල දඩ මුදල නොගෙවා සිටිය හොත් තවත් මාස 3ක පමණ කාලයක් ඥනසාර හිමිට හිරබත් කන්නට වන අතර ගෝඨා කල්ලියේ අරමුණ වි ඇත්තේද එය වන අතර ඒ හරහා ආණ්ඩුව අපහසුතාවයට පත්කිරිම ඔහුන්ගේ මෙහෙයුම වි තිබේ.

    2015 ජනාධිපතිවරණයේ සෝභීත හිමිගේ චරිතය වෙනුවට 2020දි අපවත් වි වදාළ බෙල්ලන්විල විමලරත්න හිමියන් භාවිතා කිරිමට මෙහෙයුම් දියත් කරමින් සිටි අතර උන්වහන්සේ තමන්ගේ උපකුලපති ධුරයෙන් ඉල්ලා අස්විමට කටයුතු කල නමුත් හදිසියේම සිදුවු අනතුරින් අපවත් විමෙන් පසුව ගෝඨා කල්ලිය අලුත් විරයෙකු සොයමින් සිටි බව නොරහසකි.

    මිට අමතරව ජනාධිපති සමාව ලබා ගැනිමට කටයුතු නොකරන ලෙසත් ඒ අකාරයේ සමාවක් ලැබුනද වහාම එය ප්‍රතිකේෂ්ප කිරිමට කටයුතු කලයුතු බවයි ගෝඨා කල්ලියේ අදහස වි ඇත්තේ.

    පසුව ගෝඨා කල්ලියේ එම යෝජනාවන්ද රැගෙන ඥනසාර හිමියන්ගේ ගෝලයන් ඥනසාර හිමියන් මුණගැසුන අතර එම යෝජනා සම්බන්ධයෙන් උරණ වු ඥනසාර එම හිමිවරුන් කෑ ගසා පන්නාගෙන තිබේ.

    ඥනසාර හිමියන් බැලීම සදහා ගිය උදය ගම්මන්පිල සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන්ද මුණගැසීම ඥනසාර හිමියන් විසින් ප්‍රතිකේෂ්ප කල අතර තමන් හමුවිමට කිසිවෙකුටත් පැමිණිමට අවස්ථාව ලබා නොදෙන ලෙසට ඥනසාර හිමියන් ඉල්ලිමක්ද කර තිබේ.

    මේ වනවිට ගෝඨා කල්ලිය ඥනසාර හිමි බේරා ගැනිමේ මෙහෙයුම දියත් කිරිමට කටයුතු කරමින් සිටින අතර ඒ සදහා පෝස්ටර්,සමාජ ජාලා මෙහෙයුමක් දියත් කිරිම් සහ දිවයින පුරා පන්සල් ඉලක්ක කර බෝධි පුජා පැවැත්විමට මේ වනවිට කටයුතු කරමින් සිටින අතර එම සටන තීව්‍ර කිරිම සදහා පසුගිය සමයේ ජාතිවාදය වපුරමින් විවිධ ප්‍රකාශ නිකුත් කල තවුදිත් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් සමාජ තුල යලිත් සංවාදයක් නිර්මාණය කිරිමටද සාකච්ඡා වි තිබේ.

    ගෝඨා කල්ලිය මෙමෙ මෙහෙයුම සදහා අවශ්‍ය පහසුකම් සියල්ලම ඩිලන්තට ලබාදිමට එකග වි ඇති අතර ඒ සදහා ගෝඨා කල්ලියේ ප්‍රබලයෙකු ලෙස පෙනී සිටින ගෝඨාගේ ගිණුම් සියල්ලම පාලනය කරන නාලක ගොඩහේව මැදිහත්ව සිටින අතර කුප්‍රකට න්‍යායාචාර ඩිලන්ත විතානගේ හරහා මෙ වනවිට අවශ්‍ය සියල්ල සැපයිමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ජනාධිපති සමාව ප්‍රතිකේෂ්ප කර එම මාස 6ත් ,සන්ධ්‍යාට ගෙවිය යුතු දඩය නොගෙවා තවත් මාස් 3ක් කලයකුත් බන්ධනාගාරයේ ඥනසාර හිමියින තැබිමෙන් ඔහු ජාතික විරයෙකු කිරිමේ කුප්‍රකට මෙහෙයුම මේ වනවිට ගෝඨා කල්ලිය මෙහෙයවමින් සිටි.

    කෙසේවෙතත් ඥනසාර හිමියන් අධික දියවැඩියා රෝගයෙන් පෙලෙන අතර එම් දියවැඩියාව සදහා බෙහෙත් ගැනිම හෙතුවෙන් ඔහුගේ අක්මාවේද ආසාදන තත්වයක් තිබේන අතර් ඊට අමතරව බෙල්ලේ ඇතිවන දැඩි වේදනාව හේතුවෙන් අසරණ වි සිටින ඥනසාර ඉතා ඉක්මනින්ම ජනාධිපති සමාවක් ලබා ගනිමින් නිදහස් විමේ දැඩි අවශ්‍යතාවයකින් පසුවන බවයි දැන ගන්නට ඇත්තේ.

    කෙසේවෙතත් ජනාධිපතිවරයාට අප දෙන උපදෙස නම් තවත් මාස 9කට පසුව අලුත් විරයෙකු නිර්මාණය කර තමන්ට එරෙහි (මෛත්‍රී ජනපතිට) අලුත් දුෂ්ටයෙකු සාදා ගැනිමට අකමැති නම් වහාම පොදු සමාව දි ඥනසාර හිමියන් හිර ගෙදරින් දොට්ට දැමිම නුවණට හුරුය.

    උපුටනය: Lankaleaks.net

  • පොලිසියට හා සිවිල් ආරක්‍ෂකයන්ට පහරදී ආරුගම්බේදී ඇල්ලූ බීමත් සැකකරුව මුදාගනී

    පොලිසියට හා සිවිල් ආරක්‍ෂකයන්ට පහරදී ආරුගම්බේදී ඇල්ලූ බීමත් සැකකරුව මුදාගනී

    පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරකයන් ගැවසෙන හෝටලයක්‌ අසල බීමත්ව අශෝභනව හැසිරුණු පුද්ගලයෙක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ එම පුද්ගලයාගේ කණ්‌ඩායමේ පිරිසක්‌ පැමිණ පොලිස්‌ නිලධාරීන්ට සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තුන් දෙනකුට පහරදී අත්අඩංගුවට ගත් සැකකරුට පැනයාමට ඉඩ සලසා ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි.

    ඉකුත් 12 වැනිදා සවස 6.30 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ. එම අවස්‌ථාවේ ඒ අවට සිටි මුස්‌ලිම් ජනතාව 50 ක්‌ පමණ ඒකරාශී වූ බවත් සැකකරුගේ කණ්‌ඩායමේ හත්දෙනකු ආරක්‍ෂක නිලධාරීන්ට හෙල්මට්‌වලින් සහ අතින් පයින් පහර දුන් බව සිද්ධිය දුටුවෝ පැවසූහ. ප්‍රහාරයට ලක්‌වූ පොලිස්‌ නිලධාරියා සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තිදෙනා පොතුවිල් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

    මෙසේ ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ පොතුවිල් උල්ල පොලිස්‌ මුරපළේ සේවය කරන පො. කො. (8216) වැදිවෙල මුදියන්සේලාගේ නුවන් චාමර, සිවිල් ආරක්‍ෂක බළකායේ එම්. ඕ. (27625) ඥනරත්න චමින්ද එම්. ඕ. (27395) සුදුබණ්‌ඩා ප්‍රේමසිරි එම්. ඕ. (13720), හීන්නිළමේ වික්‍රමරත්න, ගාමිණි වික්‍රමරත්න යන නිලධාරීන් ය.

    පහරදුන් සැකකරුවන් ගෙන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉතිරි සැකකරුවන් සොයා පොතුවිල් සහකාර පොලිස්‌ අධිකාරී වැලිසරගේ මහතාගේ උපදෙස්‌ පරිදි පොතුවිල් පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත කුමාර මහතාගේ මූලිකත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

    එම ප්‍රහාරයට ලක්‌වූ සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරියෙකු සඳහන් කළේ බීමත්ව සිටි සැකකරු පාලනය කළ නොහැකි වූ හෙයින් මාංචු දමා පෞද්ගලික ත්‍රී රෝද රථයකින් පොලිසියට රැගෙන යන අවස්‌ථාවේ මග හරස්‌ කර ත්‍රී රෝද රථය නවතා අපේ කොල්ලා බේරගන්න එන්න කියා පිරිසක්‌ කෑ ගැසූ බවයි. ඉන්පසු 100 ක්‌ පමණ එකතු වූ බවද සැකකරු පොලිසියේ රාළහාමි ළඟ සිටි බවද පිරිස රාළහාමි වෙනම කොටු කරගත් බවද ආරක්‍ෂකයින් වෙනම කොටු කරලා බිම දමා ගැසු බවද හෙතෙම පැවසීය.

    රාළහාමිගේ අත් දෙකට ගැහුවම සැකකරු අතහැරුණා. ඉන් පසු ඔවුන් සැකකරු උස්‌සන් ගියා යෑයි සිවිල් ආරක්‍ෂක නිලධාරියා කියා සිටියේය.