Category: සුපිරි Cases

  • සැඟව තිබූ පවුලේ ආරවුල ක‌ෙටි පණිවිඩයකින් එළියට… ගෝඨාගේ ජනපති සිහිනය බිඳවැටෙයි…

    සැඟව තිබූ පවුලේ ආරවුල ක‌ෙටි පණිවිඩයකින් එළියට… ගෝඨාගේ ජනපති සිහිනය බිඳවැටෙයි…

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයගේ සහයෝගය ඇතිව ඉදිරිපත්වීමට මහත් බලාපොරොත්තු තබා සිටි ගෝඨාභය රාජපක්ෂ, මේ වනවිට එකී සියලු බලාපොරොත්තු අත්හැර දමා ඇති බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.

    ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරවා ගැනීමට විමල් වීරවංශ , උදය ගම්මංපිල ඇතුලු සුලු පිරිසක් විශාල උත්සාහයක නියැලෙමින් සිටියද , විශාල පිරිසක් ඊට විරුද්ධව පෙනී සිටින්නේ බැසිල් රාජපක්ෂගේ සහයෝගය ඇතිව බව එම පෙරමුණේ ආරංචි මාර්ග ඔස්සේ දිගින් දිගටම අනාවරණය විණි.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙසට නම් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළ පවතින බරපතල නොකැමැත්ත එළිපිට ප්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ වගබලා ගත්ත ද, ගෝඨාභය රාජපක්ෂ පිලිබඳව මාධ්‍යවේදීන් විමසන ලද හැම අවස්ථාවකදීම ඊට පිලිතුරු ලබා නොදී ලිස්සා යෑමේ පිලිවෙතක් මෙම රාජපක්ෂවරු දෙදෙනාම අනුගමනය කරනු ලබන්නේ එකී නො එකඟතාවය නිසා බව අදාල ආරංචි මාර්ග ස්ථීර ලෙස ප්‍රකාශ කර සිටී.

    මෙතෙක් කල් රාජපක්ෂ පවුලට පමණක් සීමාවී, රහසක්ව පැවැති මෙම ගෝඨා විරෝධය, මේ වන විට ගෝඨාභය රාජපක්ෂගේ ලඟම හිතවතුන්ගේ මාර්ගයෙන් සාමාන්‍ය පිරිස් වෙත සාක්ෂි සහිතව අනාවරණය වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසින් යවන ලද කෙටි පණිවිඩයක් නිසාය.

    ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම කෙටි පණිවිඩය යවා ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ කටයුතු භාර ලේකම් සචින් වාස් ගුණවර්ධන මහතා වෙතය.

    ගෝඨාභය රාජපක්ෂ විසින් යවන ලද එම කෙටි පණිවිඩයේ සඳහන්ව ඇත්තේ, තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම ගැන රාජපක්ෂ පවුලේ සියලු දේශපාලන ක්‍රියාකාරීන් සිටින්නේ නොපහන් හැඟීමකින් බවය. මේ පිලිබඳව තමා දැඩි වේදනාවකින් පසුවන බවත්, ඒ නිසාම ජීවිතයේ පළමු වරට තමන් පවුලේ සියලු දෙනා සමඟ එකට සිට අවුරුදු කෑමට මෙවර සහභාගී නොවුන බවත් තවදුරටත් සඳහන් කොට ඇත.

    සචින් වාස් ගුණවර්ධන වෙත යවන ලද මෙම කෙටි පණිවිඩය, ඔහු විසින් මේ වන විට ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකුට පෙන්වා ඇති අතර, ඔවුන්ගේ මාර්ගයෙන් රාජපක්ෂවරුන්ගේ මෙම අභ්‍යන්තර අර්බුදය මේ වන විට ප්‍රසිද්ධ රහසක් බවට පත්වෙමින් තිබේ.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ගෙන මේ වන විට දැඩි ප්‍රහාරයක් එල්ල කොට ඇත්තේ, රාජපක්ෂවරුන්ගේ අනුදැනුම මත බවත්, පසුගිය ජනාධිපති මැතිවරණයට සති දෙකකට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ මංගල සමරවීර මහතා රහසිගතව හමුවීමට තරම් ඉතා කිට්ටු හිතමිත්‍ර කමක් මේ දෙදෙනා අතර පවතින බැවින් මංගල විසින් ගෝඨාභයට එරෙහිව සිදු කළ ප්‍රහාරය පිටුපස මහින්ද රාජපක්ෂ සිටින බව ඉතා පැහැදිලි බවත් ගෝඨාභයට සමීප ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

  • මෛත්‍රී ජනපති වන බවට අනාවැකි කී පළමු ජෝතිර්වේදියා සියදිවි නසාගත් ‌හ‌ේතුව ‌ම‌ෙන්න…

    මෛත්‍රී ජනපති වන බවට අනාවැකි කී පළමු ජෝතිර්වේදියා සියදිවි නසාගත් ‌හ‌ේතුව ‌ම‌ෙන්න…

    දිවයිනේ ප්‍රකට ජෝතීර්වේදියෙකු මෙන්ම දේශපාලන අනාවැකි පළකරන්නෙකු වූ නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා සියදිවි නසාගෙන ඇති බව වාර්තාවෙයි.

    පෙරේදා (28) රාත්‍රියේ මීගමුව කට්ටුව  දුම්රිය ස්ථානයට ආසන්න ප්‍රදේශයකදී, හලාවත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැන ඔහු මෙසේ සියදිවි හානිකරගෙන ඇති බව වාර්තාවෙයි.

    මිය යන විට 72 හැවිරිදි වියේ පසුවූ ඒ මහතාගේ සියදිවි නසාගැනීමට මෙතෙක් නිශ්චිත හේතුවක් සඳහන් නොවන අතර ආර්ථික ප්‍රශ්ණ උත්සන්න වීම නිසා ඇතිවූ කලකිරීම හේතුවෙන් මෙය කරගන්නට ඇතැයි සැක පහළවී ඇත.

    ඔහු අධික ණය බරකින්ද පීඩා විඳි බවත් නොයෙකුත් දෙනා එම මුදල් ඉල්ලමින් ඔහුට කරදර කළ බවත් ඒ මහතා පවුලේ උදවිය සඳහන් කර ඇති බවද වාර්තාවේ.කලකට පෙර පළමු කසාදයෙන් වෙන්වූ ඒ මහතා පසුව දෙවන විවාහයක් සිදුකරගෙන ඇති බවද දැනගන්නට ලැබේ.

    පුවත්පත් රැසකට ජෝතිෂ්‍ය ලිපි පළකළ නාත්තන්ඩියේ පී ඩි පෙරේරා මහතා දේශපාලන ආනාවැකිකරුවෙකු වශයෙන්ද ප්‍රසිද්ධියක් ඉසිලීය.

    2015 ජනාධිපතිවරණය පිළිබඳවද ප්‍රබල අනැවකි රැසක් පළකල ඒ මහතා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පදවියට පත්වන බවට සඳහන් කල ප්‍රථම ජෝතිර්වේදියාද විය.

    එමෙන්ම 2015 මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඔහුට අගමැති වීමේ හැකියාවක් නැති බවටද ඔහු අනාවැකි පළකොට තිබූණි.

    2010 ජනපතිවරණයෙන් සරත් ෆොන්සේකා මහතා පරාජය වන බවත්,  ඔහුට හිරේ විලංගුවේ වැටීමට සිදු වන බවත්, ඉන් පසු ඔහු සිරකල අය විසින්ම නිදහස් කරන බවත් ඔහු කියා තිබුණි.

    ෆොන්සේකා මහතාට නැතිවූ සියලු වරප්‍රසාද 2015 අප්‍රේල් වන විට ලැබෙන බව ද පී ඩී පෙරේරා මහතා 2015 මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ ආණ්ඩු කරන බවද ඔහු සඳහන් කර තිබුණේය.


  • යාපනයේ මාධ්‍යවේදීන්ට යළිත් මැර ප්‍රහාර… පුවත ගැන ආටෝප නැතුව ඇත්ත විස්තරේ මෙන්න…

    යාපනයේ මාධ්‍යවේදීන්ට යළිත් මැර ප්‍රහාර… පුවත ගැන ආටෝප නැතුව ඇත්ත විස්තරේ මෙන්න…

    යාපනයේ කළයි කතීර් (Kalai kathir) පුවත්පතේ හා ප්‍රසිද්ධ රූපවාහිනි සේවයක මාධ්‍යවේදියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන් වෙත ඊයේ (28) උදෑසන 4.30ට පමණ මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    සිය යතුරුපැදියෙන් උදෑසන පුවත්පත් බෙදාහැරීමේ නිරතවූ ඔහුට මෝටර් සයිකල්වලින් පැමිණි නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහර දී ඇති අතර මේ වන විට රාජේන්ද්‍රන් යාපනය මහරෝහලේ ප්‍රතිකාර ලබන බව කෝපායි පොලිසිය සඳහන් කළා.

    රාජේන්ද්‍රන් වෙත පහර දීමට පැමිණි පිරිස 10 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ බවත් ඔවුන් අත කඩු සහ පොරව වැනි තියුණු ආයුධ තිබු බව පවසන කෝපායි පොලිසිය මෙම සිදුවීම පිටුපස ආවා කල්ලිය සිටින බවටද සැක පළ කරනවා.

    කෙසේ වෙතත් Kalai kathir යනු යාපන අර්ධද්වීපයේ සිදුවන නීතිවිරෝධි ක්‍රියාවන්ට එරෙහිව පෙනි සිටින පුවත්පතක් බවත් නිති විරෝධි කේබල් රූපවාහිනි සේවාවන්ට එරෙහිව කටයුතු කළ පුවත්පතක් බවත් යාපනයේ ප්‍රධාන මාධ්‍ය වාර්තා කරනවා.

  • ගෝඨාභය නන්දසේන හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් ඉදිකරවාගත් කතරගම සුපිරි මන්දිරය මෙන්න..

    ගෝඨාභය නන්දසේන හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් ඉදිකරවාගත් කතරගම සුපිරි මන්දිරය මෙන්න..

    රාජපක්ෂ පවුලේ සහෝදර-සහෝදරියන්, පුතුන් සතුව රටපුරා පවතින කෝටි ගණන් වටිනා නිවාස, ඉඩ-කඩම් ආදී දේපල සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තොරතුරු පසුගිය වසර කිහිපය මුළුල්ලේ සමාජගත විය.
    මේ පිළිබඳව පසුගිය මැතිවරණවලදී දේශපාලන වේදිකාවල දැඩි කතාබහක් ඇති වූ අතර වත්මන් ආණ්ඩුව යටතේ අදාල දේපල අත්පත් කරගත් ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විවිධ පරීක්ෂණ පැවැත්විණි. කෙසේ වෙතත් එම බොහෝ පරීක්ෂණ අවසන් කර නොමැති අතර තවත් පරීක්ෂණවලට අතගසා හෝ නොමැත.
    අප මේ කියන්නට යන්නේ රාජපක්ෂලා විසින් අනීතික ලෙස හෝ මහජන මුදල් භාවිතා කර හෝ දේශපාලන බලය භාවිතා කර හෝ අත්පත් කරගත් දේපල සමූහයට අයත් තවත් එක් සුපිරි නිවසක් සම්බන්ධයෙනි.
    gota 5
    මෙහි සඳහන් ජල බිල්පතේ ලිපිනය ලෙස දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ, වනරාජ පෙදෙස, ඩිපෝව පාර, කතරගම ලෙසයි. අප දන්නා එකම ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂයි. ඒ අනුව මෙම බිල්පතට අදාල නිවස ඔහුගේ බවට සැකයක් නොමැත.
    අදාල නිවස පිහිටා ඇත්තේ කතරගම යුද හමුදා සර්කිට් බංගලාවට අල්ලපු ඉඩමේය. අපවෙත වාර්තා වන පරිදි මෙම සුපිරි නිවස ඉදිරිකර ඇත්තේ යුද හමුදා සෙබළුන්ගේ ශ්‍රමය භාවිතා කරමිනි.
    හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල රාජ්‍ය අංශයේ සිදුවන දූෂණය, වංචාව, නාස්තිය අවම කරගන්නේ කෙසේද ඒ හරහා ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මහා දේශන පවත්වමින් රටපුරා යයි. අපට අසන්නට ඇත්තේ ගෝඨාභගේ මොළයට එන මේ රත්තරං අදහස් එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී නොආවේ මන්දැ’යි කියාය. එසේ වූවා නම් මේ වනවිට ලංකාව සුරපුරයක් වනු ඇත. එදා රාජපක්ෂලා දූෂණ-වංචා හරහා උපයා ගත් මුදල් අනුව එම දූෂණ-වංචා සිදු නොවූවා නම් සුරපුරයක් වනවා නො අනුමානය.
    gota 6
    අද දූෂණ විරෝධියෙකු වී සිටින ගෝඨාභයලා හමුදා නිළධාරීන් සහ සෙබළුන්ගෙන් වහලුන්ගෙන් මෙන් වැඩ ගත් අතර මෙම සුපිරි මන්දිරය එයට හොඳම සාක්ෂියකි. එසේ නැතහොත් යුද හමුදාව රජයට අයත් නොවන්නේදැ’යි දූෂණ විරෝධී ගෝඨාභය දැන් රටට හමුවේ පැහැදිලි කළ යුතුය.
    ගෝඨාභය රාජපක්ෂ වියත් මග ගොඩනගාගෙන ඇත්තේ වියතේ දුර පිළිබඳව සැලකිල්ලට ගෙන වියයුතුය. ඕනෑම බොරුවක් දෙසා බා ජනතාව රවටා තමන්ගේ දූෂණ-වංචා, අපරාධ සඟවා ගතහැකි යැයි රාජපක්ෂලා සිතා සිටින්නේ එබැවිනි.
    නන්දසේන මහතාණෙනි, මෙවැනි තවත් මන්දිර තිබේ නම් අපි රටට කියන්න කලින් ඒ පිළිබඳව අනාවරණය කරන්න…
    ගෝඨාභයගේ අලි සුරතල් පිළිබඳව ලඟදීම බලපොරොත්තු වන්න
    gota 7
    gota 8
    gota 9
    gota 4
  • නාමල් බේබි, ගම්මන්පිල, මහින්දගේ කාලේ සිදුවූ මේ ඝාතනවලට වගකියන්නෙ මහින්දම නේද ?

    නාමල් බේබි, ගම්මන්පිල, මහින්දගේ කාලේ සිදුවූ මේ ඝාතනවලට වගකියන්නෙ මහින්දම නේද ?

    අද අවසන් ගමන් ගිය නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුත්තන් හෙළිකළ යුතු බවට හඩතලන ආකාරයෙන්ම පහත සඳහන් ඝාතන පිළිබඳව වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කරන ලෙස නාමල් රාජපක්ෂ – උදය ගම්මන්පිල ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමු.
    නඩරාජා රවිරාජ්, ටී. මහේෂ්වරන්, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, දමු දසනායක, ජානක පෙරේරා ඇතුළු මහජන නියෝජිතයන් ඝාතනය සම්බන්ධයෙන් එවකට පැවති රජය වගකිව යුතු බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන්නේද ?
    චන්ඩි මල්ලි හෙවත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. රංජිත් කොළඹ අධි ආරක්ෂිත කලාපයකදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට පැවති රජය, සහ පොලීසිය වගකිව යුතු බව නාමල් රාජපක්ෂ මහතා පිළිගන්නේද ?
    ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, අතුරුදන් කිරීම සම්බන්ධයෙන එවකට පැවති රජය වගකිව යුතු නොවේද ?
    කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පොද්දල ජයන්ත ඇතුළු මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දී මහමග අතහැර දමා යාම සම්බන්ධයෙන් එවක පැවති රජය වගකිව යුතු බව නාමල් – ගම්මන්පිල පිළිගන්නේද ?
    රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් එවක පැවති රජය වගකිව යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකිද ?
    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් එවක පොලීසියේ උසස් නිළධාරීන් සහ එවක පැවති රජය වගකිව යුතු බව ප්‍රකාශ කරන්නේද ?
    රතුපස්වල, කටුනායක, හලාවත උද්ඝෝෂණවලදී වෙඩිතබා සාමාන්‍ය ජනතාව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවක සිටි පාලකයන් වගකිව යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේද ?
    මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඇතුළු පාතාලයන් විසින් සිදුකළ ඝාතන සම්බන්ධයෙන් එවක පැවති ආණ්ඩුව සහ පොලීසිය වගකිව යුතු නොවේද ?
  • අපි මුකුත්ම දන්නේ නෑ..අපි අහිංසකයි..මේක තනිකරම මඩක්.. දිල්හාර හා ජීවන්ත මාධ්‍යයට කියයි..

    අපි මුකුත්ම දන්නේ නෑ..අපි අහිංසකයි..මේක තනිකරම මඩක්.. දිල්හාර හා ජීවන්ත මාධ්‍යයට කියයි..

    ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු කී‍්‍රඩකයින් දෙපළක් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග තරග පාවාදීමේ සිද්ධියකට අදාළ වීඩියෝවක් අල් ජසීරා නාලිකාව විසින් මුදා හැර තිබුණා.

    අප ඒ පිළිබඳ මෙම ක‍්‍රීඩකයින් දෙදෙනාගෙන් අදහස් විමසා සිටියා.

    අල් ජසීරා නාලිකාව මුදා හල මෙම ආන්දෝලනාත්මක වීඩියෝවේ රොබින් මොරිස් නම් බුකී කරුවා සමග තරග පාවාදීමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සිදු කෙරෙන සංවාදයක් දැක්වෙනවා.

    එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියක් අතරතුරයි එම සංවාදය සිදුව ඇත්තේ. අල් ජසීරා නාලිකාව මුදාහළ මෙම වීඩියෝව පිළිබඳ ජීවන්ත කුලතුංග අප වෙත දැක්වූයේ මෙවන් අදහසක්.

    “ඔය කියන කිසිම දෙයක් එතන වුණේ නෑ. ඔය නාලිකාවේ ජනප්‍රියත්වය ගන්න කරපු වැඩක් මේක. අපිට එන්න කියලා එකක් කියලා.. දැන් පෙන්වන්නේ තව එකක්. තරග පාවාදීම් ගැන කිසිම දෙයක් අපිට කතා කලේ නෑ. ඔය වීඩියෝවේ අගක් මුලක් නෑ. මේගොල්ලන්ගේ අවශ්‍යතාව මොකක්ද කියලා හොයන්න ඕනේ.” 

    මෙම වීඩියෝවේ බුකී කරුවන් සමග සංවාදයට එක්වන දිල්හාර ලොකුහෙට්ටිගේද ඔස්ටේ‍්‍රලියාවේ සිට ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූවා.

    එහිදී “ජීවන්තට කෝල් එකක් ආවා.. යාළුවෙක් හම්බවෙන්න යනවා කිව්වා.. එයා එක්ක මමත් ගියා. මොකද මට ජීවන්තලාගේ ගෙදර තනියෙන් ඉන්න බැරි නිසා… 2016 දී මම ක්‍රිකට්වලින් ඉවත් වුණා. අනික මම කොහොමද ආයෙත් ක්‍රිකට් ගහන්නේ. මගේ කකුල කැඩුනට පස්සේ.” යනුවෙන් සඳහන් කළා.

    මෙම වීඩියෝව සහ තමන්ට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය හමුවේ කරුණු දැක්වීමට තමන් සූදානම් බවයි ජිවන්ත කුලතුංග ප‍්‍රකාශ කළේ.

     

  • කාට උනත් නීතිය සමාන බව පසක් කරමින් දරුවෙකු හැප්පු දීපානි සිල්වා අත්අඩංගුවට…

    කාට උනත් නීතිය සමාන බව පසක් කරමින් දරුවෙකු හැප්පු දීපානි සිල්වා අත්අඩංගුවට…

    රංගන ශිල්පිණි දීපානි සිල්වා බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන්.

    අද (28) උදෑසන බණ්ඩාරගම ප්‍රදේශයේදී දිපානී සිල්වා පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.

    අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දරුවෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

    රංගන ශිල්පිණි දිපානි සිල්වා  අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද බණ්ඩාරගම පොලීසිය සඳහන් කරනවා.

  • ශ්‍රී ලංකාවේ ජීවන්ත කුලතුංග, දිල්හාර ලොකුහෙට්ටිගේ තරග පාවා දීමට සැලසුම් කරන හැටි මෙන්න..!

    ශ්‍රී ලංකාවේ ජීවන්ත කුලතුංග, දිල්හාර ලොකුහෙට්ටිගේ තරග පාවා දීමට සැලසුම් කරන හැටි මෙන්න..!

    වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවට බුකිකරුවන්ගේ බලපෑම හිසරදයක් වන තරමටම පැතිර ගොසින් ය. බොහෝ ක්‍රීඩකයන් තරග පාවා දීම් වලට හසුවන අතර සෑම අන්තර්ජාතික තරගාවලියකටම පාහේ බුකිකරුවන්ගේ සූක්ෂම හස්ත යොමුවන බව කියවේ.

    ක්‍රීඩකයන්, නිළධාරීන් මෙන්ම තනතීරූ සකසන්නන් පවා බුකිකරුවන්ගේ අදිසි හස්ත මගින් පාලනය වන බව සදහන්. මේ සදහා ක්‍රීඩකයන්ට තරගයෙන් උපයන මුදලට වඩා කිහිප ගුණයකින් මුදල් ගෙවීමට බුකිකරුවන් ක්‍රීයා කරන බවද වාර්තා වෙනවා.

    මේ අතර අල් ජසීරා ජාත්‍යන්තර මාධ්‍යය මගින් අනාවරනය කර ගෙන තිබෙන නවතම ක්‍රිකට් තරගාවලියක් පාවාදීමේ සිදුවීමකට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග සම්බන්ධව සිටියි. තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීම විශේෂත්වයකි.

    එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියක තරග පාවා දීමට ජීවන්ත සහ දිල්හාර ලොකුහෙට්ටිගේ මෙලෙසින් බුකිකරුවන් සමග සැලසුම් සකස් කරමින් සිටින්නේ ඔවුන් සමග සිටිනා අල් ජසීරා මාධ්‍යවේදීයා මේ සියල්ල පටිගත කරන බව නොදැනය.

    මෙහිදි ජීවන්ත කුලතුංග කියා සිටින්නේ “ක්‍රිකට් ක්‍රීඩා කිරීම අපට උදෑසන දත් මදිනවා වගේ, නමුත් ඔබගේ සැලසුමට ක්‍රීඩා කිරීම එයටත් වඩා පහසුයි, මොකද එතකොට අපිට කිසිම පීඩනයක් නෑ” යනුවෙනි.

    එම අවස්තාවේ විඩීයෝව පහතින් ,

     

  • රෝහිතට එරෙහි නඩුව කල් යයි

    රෝහිතට එරෙහි නඩුව කල් යයි

    රුපියල් මිලියන හතළිහකට අධික වත්කම් සහ දේපළ නීති විරෝධී ආකාරයට අත්පත් කරගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම ජුලි මස 6 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(28) නියෝග කළේය.

    එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර මෙම නඩුව දෛනිකව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන්  නඩු විභාගය ජුලි මස 06 වනදා දක්වා කල් තබන බව විනිසුරු හෙයියන්තුඩුව මහතා නියම කළේය.

    නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණයට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ තම සේවාදායකයා අසනීපයෙන් පසුවන බවයි.ඒ අනුව විත්තිකරුට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියම කළ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට ද මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අවවාද කළේය.

    2004 වසර සහ  2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා නීති විරෝධී ආකාරයට රුපියල් මිලියන 40.1 ක් වටිනා වත්කම් සහ මුදල් උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම  රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

  • ලොවම කම්පා කල දුෂණයට ලක්ව මියගිය ඕස්ට්‍රේලියාවේ පාමර් දැරියගේ ඝාතකයා මෙන්න..

    ලොවම කම්පා කල දුෂණයට ලක්ව මියගිය ඕස්ට්‍රේලියාවේ පාමර් දැරියගේ ඝාතකයා මෙන්න..

    ඔස්ට්‍රේලියාවේ දරුවන් හදාවඩා ගැනීමට ලබාදීමේ නීති වෙනස්විය යුතු බවට ඇස් ඇරවූ කුඩා පාසල් ශිෂ්‍යාවගේ මරණය එරට තුළ දැඩි කතාබහක් ඇති කර තිබෙනවා.

    ටියාලෙයිහ් පාමර් තමන් හදාවඩා ගැනීමට භාරගත් පියා අතින් මියයන විට ඇගේ වයස අවුරුදු 12ක් වූ අතර, පාසලේ නර්තන පන්තිය අවසන් වී ගෙදර පැමිණි ඇයගේ නිසල සිරුර යළි හමුවූයේ මාස කිහිපයකට පසුව අසල වූ ජලාශයකින්.

    රික් තොර්බර්න් නමැති මෙම ඝාතකයා පුතුන් දෙදෙනෙකුගේ පියෙකු වනවා. ඒ අනුව, ඔහුගේ වැඩිමහලු පුත්‍රයා වන එවකට නව යොවුන් වියේ පසුවූ ට්‍රෙන්ට් අතින් මෙම දැරිය දූෂණයට ලක්වීමෙන් පසු ඇය ගැබ් ගැනීමෙන් තම පුත්‍රයාට වන හානිය වැළැක්වීමට ඔහු මෙම මරණය සිදුකර ඇති බව අධිකරණයේදී හෙළි කෙරුණා.

    එහිදී, ඔවුන් සැලසුම් කර මෙම මරණය සිදුකර ඇති බවත්, මෙම මරණය සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට අමතරව, පවුලේ සියලු දෙනා සිරභාරයට ගැනුණා. ඔවුන්ට එල්ල වූ චෝදනා වූයේ මරණය වසන් කිරීමයි.

    ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ මහත් කතාබහක් ඇති කළ මෙම මරණයෙන් පසුව දරුවන් වෙනත් අයට හදාවඩා ගැනීමට දීමේදී මීට වඩා විමසිලිමත් විය යුතු බවත්, එහිදී පාසල් පද්ධතිය පවා ඔවුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, නීති පද්ධතියේ වෙනසක් අවශ්‍ය බවත් අවධාරණය කෙරුණා.

           

  • උපාධිධාරී රැකියා සම්මුඛ පරීක්ෂණවලදි නිලධාරීන්ගෙන් සිසුවියන්ට දැඩි ලිංගික අඩත්තේට්ටම්..!

    උපාධිධාරී රැකියා සම්මුඛ පරීක්ෂණවලදි නිලධාරීන්ගෙන් සිසුවියන්ට දැඩි ලිංගික අඩත්තේට්ටම්..!

    “ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?”

    “ඔයා බැඳලද?”

    “ඔයා කඩුලුත් පැනලා තියෙනවා නේද?”

    “ඔය කියන විශ්වවිද්‍යාලේ කොහෙද තියෙන්න කියලා පෙන්නනවද?”

    ඉහත දැක්වෙන්නේ ඥාති මිත්‍රයෙකු හෝ මංගල කපු මහතෙකු විසින් තරුණියකගෙන් අසන ලද ප්‍රශ්න නොවේ.

    සංවර්ධන නිලධාරී/නිලධාරිනී තනතුර සඳහා මෑතකදී දිවයින පුරා සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණ අවස්ථාවේ, ඒ සඳහා පෙනී සිටි ඇතැම් තරුණියන් පවසන ආකාරයට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල සිටි ඇතැම් පුරුෂයන් විසින් ඔවුන්ගෙන් අසන ලද ප්‍රශ්න ඉහත පරිදිය.

    අප්‍රේල් මස අග දිවයිනේ යම් ස්ථානයක පැවති එවැනි සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි උපාධිධාරී තරුණියක් අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට “බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් සිටීදැයි” ඇසීම පෞද්ගලිකත්වයට අනිසි ලෙස එබිකම් කිරීමක් යැයි හැඟෙන බවය.

    සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ඇය වැඩිදුරටත් සඳහන් කළේ පුරුෂයන්ගෙන් පමණක් සැදුම්ලත් පරීක්ෂණ මණ්ඩලය තමන්ගෙන් පෞද්ගලික කරුණු වැඩි වශයෙන් විමසු බවය.

    රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් සාමාජිකත්වය දරන එක් ෆේස්බුක් කණ්ඩායමක (Group) අදහස් දක්වමින් තරුණියක් කියා සිටියේ තමන් විවාහක දැයි එහි සිටි එක් නිලධාරියෙකු තමන්ගෙන් විමසන ලද බවය.

    සිය අධ්‍යාපන සහතිකවලට වඩා මෙවර සම්මුඛ පරීක්ෂණයේදී බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ බව පැවසු උපාධිධාරී තවත් තරුණියක් කියා සිටියේ සිය ක්‍රීඩා සහතික ඉදිරිපත් කළ අවස්ථාවේ එහි සිටි නිලධාරීන් තමා කඩුලු පැන ඇත්දැයි “අමුතු ආකාරයකට” විමසූ බවය.

    “ආ මෙයා කඩුලුත් පැනලා තියෙනවා” යනුවෙන් පවසමින් එම නිලධාරියා සෙසු නිලධාරීන් දෙදෙනාගේ මුහුණු දෙස බැලූ බව අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිරිනමන ලද විදෙස් ශිෂ්‍යත්වයක් ලබා උපාධිය සම්පූර්ණ කරන ලද තවත් තරුණියක් කියා සිටියේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි නිලධාරීන් විසින් තමන් “හාස්‍යයට සහ අපහසුතාවට” ලක්වන ආකාරයේ කරුණු විමසන ලද බවය.

    “යුජීසී එකේ සහතිකය තිබියදීත් ඔහු මගෙන් ඇහුවා මේ විශ්වවිද්‍යාලේ කොහෙද තියෙන්නේ කියලා. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්ම ලබා දෙන ශිෂ්‍යත්ව ගැන මේ නිලධාරීන්ට අවබෝධයක් නැහැ” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    උපාධිය නිම කර රැකියාවක් නොමැතිව වසර ගණනක් නිවසේත් මහමගත් කල දවස ගෙවෙන තරුණ තරුණියන් මුහුණ දෙන මානසික පීඩාව අතිමහත්ය.

    රැකියාවක් බලාපොරොත්තුවෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා පැමිණි තමන්ගෙන් ඊට කිසිසේත්ම අදාළ නොවන ප්‍රශ්න ඇසීම සිය මානසික පීඩනය තවත් උග්‍ර කරවන්නක් බව ඉහත කී තරුණියෝ පවසති.

    “රැකියාව, උසස්වීම්, ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට ලිංගික අල්ලස්, මුදල් ලබා දීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා.”

    “කොතෙක්ද කියනවා නම් ලිංගික අල්ලස් ගැනීම පන්සල්, පල්ලි දක්වා ගිහින් තිබෙන්නේ” 

    කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා සහ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය අනූෂා එදිරිසිංහ කියා සිටියේ සම්මුඛ පරීක්ෂණ මඩුල්ලක් පුරුෂයන්ගෙන් පමණක් සමන්විත නොවිය යුතු බවය.

    එමෙන්ම සම්මුඛ පරීක්ෂණයකදී පෞද්ගලිකත්වය උල්ලංඝනය වන කරුණු විමසීම නොකළ යුතු බවත් ඇය අවධාරණය කරන්නීය.

    “පෙම්වතෙක් ඉන්නවද කියලා අහන්න බැහැ, ඒක පුද්ගලික නිදහසට ප්‍රශ්නයක්.”

    ශ්‍රී ලංකාවේ පවතින “සිස්ටම් එක තුළ” කාන්තා පාර්ශ්වය සිය අයිතීන් වෙනුවෙන් හඬ නැගීමට බියක් දක්වන බව ද ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දෙන්නීය.

    “ගැහැණු ළමුන් සමාජ ගත කර තිබෙන්නේ ‘ඔයා අනික් අයට යටත්ව ඉන්න’, ඉතින් ඔය තුළ ළමයි කතා කරන්න බයයි. පිරිමි කෙනෙක්ට විරුද්ධව යන්නේ නැහැ.”

    “එහෙම නැතිනම් මේ ළමයි ඒ දේවල්වලට එරෙහි වෙන්න ඕනි නේද?” යනුවෙන් ආචාර්ය එදිරිසිංහ ප්‍රශ්න කළාය.

    කෙසේ නමුත් සම්මුඛ පරීක්ෂණයකදී පෙම්වතා හෝ අතිශය පෞද්ගලික තොරතුරු විමසීම “ලිංගික අඩන්තේට්ටම්” යටතට ගැනෙන බව ඇය අවධාරණය කරන්නීය.

    සංවර්ධන නිලධාරිනී හෝ වෙනත් තනතුරක් සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයකදී පෞද්ගලිකත්වය උල්ලංඝනය කෙරෙන ලිංගික අඩන්තේට්ටම් යටතට ගැනෙන ඉහත කී ආකාරයේ ප්‍රශ්න කිරීම්වලට එරෙහිව ගත හැකි පියවර මොනවාද?

    ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අනූෂා එදිරිසිංහ පවසන පරිදී එවැනි ප්‍රශ්න කිරීම්වලට එරෙහිව ගත හැකි පියවර:

    ♦ දිස්ත්‍රික් ලේකම්/ලේකම්වරියට හෝ ආයතනික ප්‍රධානියාට පැමිණිලි කිරීම
    ♦ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීම
    ♦ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම

    ඉහත කී ආකාරයේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රශ්න කිරීම්වලට ලක් වූ තරුණියන් සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටියේ එමගින් තමන්ට ඉදිරියේදී රැකියාවක් ලබා ගැනීමේ දුෂ්කරතා ඇති වෙතැයි බිය පළ කරමිනි.

    ලිංගික අඩන්තේට්ටම් හෝ ඒ ආකාරයේ වෙනත් හිංසනයන්ට ගොදුරු වන තරුණියන් සහ කාන්තාවන්ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ සිය අනන්‍යතාව හෙළි නොකර ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකි බව ආචාර්ය අනූෂා එදිරිසිංහ පෙන්වා දෙයි.

    “මානව හිමිකම් කොමිසමෙන් දැන් හදලා තිබෙනවා ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව ප්‍රතිපත්තිය.ඒ නිසා ඕනෑම කෙනෙකුට පැමිණිල්ලක් කරන්න පුළුවන්.”

    සංවර්ධන නිලධාරී/නිලධාරිනී තනතුර සඳහා පැවති සම්මුඛ පරීක්ෂණවලදී අතිශය පෞද්ගලික තොරතුරු විමසීම වැරදි සහගත ක්‍රියාවක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

    ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉහත කී ආකාරයේ ප්‍රශ්න කිරීමකට ලක් වූ අයෙකු ඒ සම්බන්ධයෙන් සිය අමාත්‍යංශයට පැමිණිලි කරන්නේ නම් ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට තමන් සුදානම් බවය.

  • පාතාල වෙඩි පහරින් මියගිය ‌ද‌ෙහිවල මන්ත්‍රි රංජන්ගේ බාල පුත් සාවිත්‍රගේ අතීත පැටිකිරිය ‌‌‌‌ම‌ෙන්න..

    පාතාල වෙඩි පහරින් මියගිය ‌ද‌ෙහිවල මන්ත්‍රි රංජන්ගේ බාල පුත් සාවිත්‍රගේ අතීත පැටිකිරිය ‌‌‌‌ම‌ෙන්න..

    ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාට පෙරේදා (24දා) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක්‌ විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    ගොනාකෝවිලේ රෝහණ නමැනි පාතාල නායකයා සහ ගොනාකෝවිලේ අංජු නමැති පාතාල නායකයා අතර කාලයක පටන් ගැටුම් හටගෙන තිබූ අතර ඒ ගැටුම්වල ප්‍රතිඵලයක්‌ ලෙස මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇත්දැයි පොලිසිය සැක පහළ කරයි. ගොනාකෝවිලේ රෝහණ සහ රන්ජන් ද සිල්වා අතර හිතවක්‌කමක්‌ තිබූ බවත් රෝහණ ඇතුළු කල්ලියට රැකවරණය ලබා දීමට රන්ජන් මහතා කටයුතු කර තිබූ බවත් පොලිසිය වෙත තොරතුරු ලැබී තිබිණි. මීට ඉහත අවස්‌ථා කිහිපයකදීම රත්මලානේ දී පාර්ශ්ව කිහිපයක්‌ සමග රන්ජන් ද සිල්වා අතර ගැටුම් හටගෙන තිබූ අතර මෙම ඝාතනය පිටුපස ඒ කණ්‌ඩායම් සිටින්නේදැයි යන්න පිළිබඳවද පොලිසිය සොයා බලාගෙන යයි. 

    තිදරු පියෙකු වන රංජන් සිල්වාගේ බාල පුතු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මවුබිමට අභිමානයක් ගෙන එද්දි ඔහුගේ වැඩිමහල් පුතු සාවිත්‍ර රමාල් ද සිල්වාද මින් පෙර කතාබහට ලක්වූ චරිතයක් ශ්‍රී ලංකාවේ ලබාලතම නාගරික මන්ත්‍රීවරයා ලෙස දෙහිවල ගල්කිස්ස නගර සභාව නියෝජනය කළ සාවිත්‍ර ද සිල්වා 2015  ජනාධිපතිවරණයේදි සිදු කළ ක්‍රියාවක් කතාබහට ලක්වූවා 2015 ජනාධිපතිවරණය සමයේ එවකට එක්සත් ජනතා නිදහස් සංධානයේ සිට පොදු විපක්ෂයට පැමිණීමට සාවිත්‍ර ද සිල්වා එජාපයේ මාධ්‍ය හමුවකට සහභාගී වූවා.

    මේ සදහා එවකට කොළඹ දිස්ත්‍රීක් පාර්ලීමේන්තු මන්ත්‍රී සූජීව සේනසිංහ ඇතුලු පිරිසක්ද සහභාගීව සිටියා කෙසේ වෙතත් එජාප මාධ්‍ය හමුවේදි තමන් පක්ෂය මාරු නොකරන බවටත් ජනාධිපතිවරයා පාවා දීමටත් නොහැකි බව කියමින් සාවිත්‍ර ද සිල්වා මාධ්‍ය හමුවෙන් නැගිට ඒම අතිශය කතාබහට ලක්වූවා. 

    2015 ජනපතිවරණය සමයේ සාවිත්‍ර ද සිල්වා සහභාගී වූ මාධ්‍ය හමුව පහතින්

  • දෙහිවල පොහොට්ටු මන්ත්‍රිගේ ඝාතනය පිටුපස කුඩු පටලැවිල්ලක්.. පාතාලයේත් සම්බන්ධයක්…

    දෙහිවල පොහොට්ටු මන්ත්‍රිගේ ඝාතනය පිටුපස කුඩු පටලැවිල්ලක්.. පාතාලයේත් සම්බන්ධයක්…

    රත්මලාන ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රියේ දී සිදු වූ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටිය දී මරණයට පත් විය.

    එසේ මියගියේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ය.

    සිය නිවසේ මිදුලේ වාඩි වී හිතවතුන් සමග කතා කරමින් සිටිය දී නාගරික මන්ත්‍රීවරයා එසේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති අතර මරණකරුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12ක් පමණ දක්නට ඇතැයි පොලීසිය පවසයි.

    පළමු වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු මරණකරු දිවගොස් ඇති අතර ඔහු එළවා ගොස් නැවත වෙඩි තබා ඇති බව වාර්තා වේ.

    මියගිය නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වාගේ වැඩි මහල් පුත් හිටපු නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වා පැවසුවේ මෙම වෙඩි තැබීම රත්මලාන ප්‍රදේශයට ව්‍යසනයක්ව පවතින කුඩු ව්‍යාපාරය මෙහෙයවන කුඩු අංජු නමැත්තා විසින් සිදු කළ බවයි.

    රත්මලාන ප්‍රදේශයේ සිදු කරන කුඩු ව්‍යාපාරයට එරෙහිව කිසිවකු නැගී නොසිටි අවස්ථාවක ඔහු සහ පියා ඊට එරෙහිව නැගී සිටීමට විරුද්ධව මෙම ඝාතනය සිදු කළ බව සාවිත්‍ර ද සිල්වා පවසා ඇත.

    මීට පෙර ද කුඩු අංජු සහ ඔහුගේ සහෝදරයාවන කුඩු ලංසියා නමැත්තා තමන් ඝාතනයට කිරීමට උත්සහ කළ බව ඔහු පවසයි.

    රත්මලාන ප්‍රදේශයේ සිදු කරන කුඩු ජාවාරම පිළිබඳ තමන් සහ පියා පොලිසයට පැමිණිලි කළ බවත් ඊට පසු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඔවුන්ගේ (කුඩු ලංසියාගේ සහ කුඩු අංජුගේ) ජාවාරම වැටලු බවත් ඉන් අනතුරු ව තම පවුල සමග මේ පුද්ගලයින් වෛර බැඳගත් බව හිටපු නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වා හෙළි කරයි.

    ඒ හේතුවෙන් ඉකුත් ජනවාරි 03 වැනි දා වෙඩි තබා තමන්ව ඝාතනය කිරීමට මේ පිරිස උත්සහ කළ බවත් එම උත්සය එම මොහාතේ අසාර්ථක වූ බවත් ඔහු පවසයි.

    අනතුරුව තමන් වෙනුවට සිය පියා මේ පුද්ගලයින්ගේ ගොදුරක් බවට පත් වූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

  • අමන අයියා වීඩියෝ කර ෆේස්බුක් දැමූ කොල්ලො තුන්දෙනෙකුගෙන් අනාථ වු නංගිගේ ඇත්ත කතාව

    අමන අයියා වීඩියෝ කර ෆේස්බුක් දැමූ කොල්ලො තුන්දෙනෙකුගෙන් අනාථ වු නංගිගේ ඇත්ත කතාව

    රාත්‍රී සමාජ ජාලා සේම බීච් පාටි ද සමාජයේ බොහෝ තරුණ තරුණියන්ට අවසානයේ ගෙන ආවේ සතුටකට වඩා බලවත් වේදනාවකි. මේ වන විට රාත්‍රී සමාජ ජාල වල සේම සෑම නගරයක් පාසාම මත්පෙති වෙළදාම ජයටම කරගෙන යනු ලබයි. බොහෝ තරුණ තරුණියන් අවසානයේ තමාගේ ජීවිතය අවසන් කර ගන්නට පාටි හේතුවක් වී තිබේ. මේ වනවිට සමජ ජාලා තුල වේගයෙන් හුවමාරු වෙන වීඩියෝවක් පිලිබදව බොහො දෙනාගේ අවධානය මේ වන විට යොමුව තිබේ.

    එක්තරා තරුණියක් තමාගේ සහෝදරයා ඉදිරියේ පාපොච්චාරණයක් කරමින් තම කෙස් වැටිය කපා ගන්නා එම වීඩියෝව එම සහෝදරයා විසින් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම තරුණිය විසින් තම සහෝදරයා ඉදිරියේ තමන් ඉදින රාත්‍රියේ අයියා කෙනෙකු විසින් දුන් මත් පෙත්තක් පානය කළ බවත් ඔවුන් තමන් පාලු නිවසකට රැගෙන ගිය බවත් තමාගේ ඇදුම් ගලවා තරුණයන් සියලු දෙනා තමා සමග ලිoගිකව එක් වූ බවත් එම නිසා මගේ සහෝදරයාට නරක නාමයක් ඇති වූ නිසා මේ දඩුවම තමා විදින බව පවසමින් තම හිස කෙස් වැටිය කතුරකින් කපා ගන්නා එම වීඩියෝව පහතින් දැක්වේ. එම වීඩියෝව රූ ගත කර ඇත්තේ එම තරුණියගේ සහෝදරයා බව පැහැදිලිය.

    එම වීඩියෝව පහතින් නරඹන්න …..

  • ආදරය නාමයෙන් තරුණියන් වනසන මේ වසලයාව දන්නවනම් වහාම පොලිසියට දැනුම් දෙන්න…

    ආදරය නාමයෙන් තරුණියන් වනසන මේ වසලයාව දන්නවනම් වහාම පොලිසියට දැනුම් දෙන්න…

    මානව මනෝභාවයන් අතරින්, ප්‍රේමය නමැති මනෝභාවයට විශේෂ ස්ථානයක් හිමි වෙයි. ඒ, ප්‍රේමය එතරම් ම මිනිසා සංවේදී ස්වභාවයට පත් කරන්නක් වන හෙයිනැයි හඟිමි. ප්‍රේමය තරම් හදවත ආමන්ත්‍රණය කරන අන් හැඟීමක් ඇත්ද? ප්‍රේමය දුටු කිවිඳුන්, එය අකුරු කර ඇති අයුරු අපූර්ව ය.

    ප්‍රේමය සමග ජීවත් වන්නන්ගේ ආත්මය පිවිතුරු ය. ප්‍රේමය විසින් ඔවුන්ගේ ආත්මය සුවඳවත් කර ඇත. ප්‍රේමය දැනෙන නොදැනෙන තරම් සියුම් සුවඳක් වහනය කරන සුපුෂ්පිත නා මල් හි සුවඳය. ප්‍රේමයේ උණුසුමට ගුලි වූ කල, සියොලඟ හිරිගඩු නංවන හිම මිටියාවතේ දැඩි ශීතය ද නොදැනෙනසුළු ය.

    ලතාවක් සේ වෙළී සියොළඟ
    පතමි රැකවරණය ඔබෙන්
    සදා දෝතින් මලක් සේ ඔබ
    වැළඳ ගන්නෙමි හදවතින්

    ගැහැණිය නිරතුරුවම පුරුෂයෙකුගේ රැකවරණය, ආදරය බලාපොරොත්තු වන්නීය. ඔහුගේ පහස ලබමින් තුටු වන්නීය. ලතාවකට ඉහළ නැගෙන්නට සවිමත් ආධාරකයක් අවැසිය. මම ලතාවක් වෙම් නම්, මගේ සවිය නුඹ ය. රැකවරණය නුඹ ය.
    මලක් ස්පර්ශ කල යුත්තේ මෘදුව ය. එසේ නොවුණි නම් එය තැලී, පොඩිවී, විනාශ වී යයි. එ ලෙසින්ම මම නුඹව සැමදා මලක් මෙන් රැක ගනිමි. නුඹට සෙවණ සදමි. දෑතින් නොව හදවතින් නුඹව ස්පර්ශ කරමි, වැළඳ ගනිමි.

    ඒ ප්‍රේමය ගැන සත්‍ය කථාවයි…පහතින් තිබෙන කතාව දෙස ඔබ බැලුවොත් සිතෙන්නේ මේ මොන කරුමයක්ද යන්නය..

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසලක ඉගෙනුම ලබන පෙම්වතුන් යුවළක් හෝටල් කාමරයක් තුලදී පටිගත කරන ලද අසභ්‍ය දර්ශණ සහිත වීඩියෝවක් සහ ජායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාල වෙත නිකුත් වී තිබෙන්නේ නැවත නැවතත් සදාචාරය පිළිබඳව ප්‍රශ්න කරමින්. එම දර්ශණ වල සිටින නවයොවුන් තරුණිය සහ තරුණයා බියර් පානය කරමින් විවිධ කටයුතු වල නිරත වන අයුරු සඳහන් වෙනවා.

    ප්‍රේම සම්බන්ධතාවය බිඳවැටීමක් මත අදාළ තරුණයා විසින් මෙම ජායාරූප අන්තර්ජාලයට නිකුත් කර ඇතැයි පැවසෙන අතර එහි සිසුවියන් දෙදෙනෙකු සමඟ ඔහු අවස්ථා දෙකකදි සම්බන්ධතා පැවැත්වූ අයුරු දැක්වෙන බව අනාවරණය වී ඇත.

    තවත් බරපතළ සමාජ ඛේදවාචකයකින් අවසන්වීමට නියමිත් මෙම දර්ශණ ෆේස්බුක් අවකාශය තුල සංසරණය වනු දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු.

    නව යොවුන් වියේ දරුවන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතා සහ ඒ හරහා ඇතිවන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පිළිබඳව දෙමාපියන් අවධානයෙන් සිටිය යුතුය. සිය ජීවිතයේ ලිංගික සම්බන්ධතා වැනි තීරණාත්මක කරුණු ගැන තීරණ ගැනීමේ හැකියාව නොමැති දරුවන් ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේම වගකීමකි.

    මෙම දර්ශනවල සිටින තරුණයාව ඔබ හඳුනනවානම් වහාම Child & Women Bureau: +94 11 2444444 මෙම දුරකථන අංකවලට  දන්වන ලෙසට වගකිවයුතු අංශ දැනුම් දෙනවා.

    එක දෙයයි…මේ තරුණිය වෙනුවට ඔබ, ඔබගේ දියණිය,සහෝදරිය ආදේශ කරගන්න..!