Category: සුපිරි Cases

  • ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම එකම හස්තයකින්…!

    ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම එකම හස්තයකින්…!

    එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ යැයි සැක කරන ප්‍රධාන පුද්ගලයාට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කියයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතළ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති ප්‍රබල හස්තය එකම පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වෙයි.

    ද සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී එක්නැලිගොඩ, බන්ධනාගාර ඝාතන 27, කීත් නොයාර්ට පහර දීම සහ රතුපස්වල ප්‍රහාරය එම අභිරහස් සිද්ධීන් වෙයි. මේ අපරාධ සියල්ලම ඉතාමත් සැලසුම් සහගතව සිදු කළ ඒවා බව එම පරීක්ෂණ තව දුරටත් හෙළිකර ගෙන තිබේ.

    මේ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය, ආරක්ෂක බුද්ධි අංශ සහ තවත් ඔත්තු සේවාවන්වල යැයි සැක කරන පිරිස් අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇතත් එම අපරාධ පිටුපස සිටින පුද්ගලයා එම අපරාධ සිදු කිරීමට සම්බන්ධ වී ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති තොරතුරු ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණ අවසරය ලබා ගැනීමටත් බලාපොරොත්තුව සිටියි.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, බන්ධනාගාර ඝාතන ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් සහ සෙසු ආරක්ෂක නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතත් ඔවුන්ගෙන් සහ විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් එම ඝාතන සිදු කිරීමටත් අදාළ පරීක්ෂණ අකර්මන්‍ය කිරීමටත් උපදෙස් ලබාදුන් පුද්ගලයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත‍.

    එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ යැයි සැක කරන ප්‍රධාන පුද්ගලයාට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කියයි.

    මීට වසර නවයකට පෙර අභිරහස් ලෙස මිලේච්ඡ ප්‍රහාරයකට ලක්ව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්විය. එම පරීක්ෂණ සැකකරුවකු හරි හැටි නොමැතිව යට ගැසී තිබිය දී මීට වසර දෙකකට පමණ පෙර යළි එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාර ගෙන කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි එම අපරාධයේ සුලමුල සොයා ගනිමින් එම ඝාතකයන් යැයි සැක කරන පුද්ගලයන් එම අපරාධයේ පරීක්ෂණ වාර්ත යට ගැසු පොලිස් නිලධාරීන් ද අත්අඩංගුවට ගනු ලැබුණි. මේ වන විට එම ඝාතනයට අදාළ නඩු විභාගය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

    මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතා අභිරහස් ලෙස අතරුදන් වූයේ ඒ ආකාරයෙන්මය එදින ඔහු බොරැල්ල ප්‍රදේශයේ පැවැති සාදයකට ගොස් අපසු යමින් සිටියදී ඔහු පැහැර ගැනීමකට ලක්වී තිබුණි. ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව ද හෙළි වී ඇත.

    බන්ධනාගාර අපරාධ සිද්ධිය සිදු වූයේ 2012 වසරේදීය. එම සිද්ධිය වූ දින බන්ධනාගාර ප්‍රහාරයෙන් අමු අමුවේ මිලේච්ඡ ලෙස රැඳවියන් 27 දෙනකු ඝාතනය කර තිබුණි. එහිදී පුද්ගලයන් 11 දෙනකු ඝාතනය කළේ යැයි පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ප්‍රබල සැකකරුවකු වූ බන්ධනාගාර නිලධාරියා රටින් පළා ගොස් තිබේ.

    නේෂන් පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ කීත් ලෙරෝයි නෙයාර් පැහැර ගැනීමට ලක් වූයේ 2008 මැයි මස 22 වැනිදාය. එදින වැල්ලවත්තේ නිවස අසලට යන අතරතුර දී අසල නවතා තිබූ සුදු පහැති වැන් රථයක සිටි පිරිසක් කඩා පැන කීත් නෙයාර් මහතාට අමානුෂික ලෙස පහර දී පැහැර ගෙන තිබුණි. මේ අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද්ධ හමුදාවේ බුද්ධි අංශය බාරව සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු මීට සති දෙකකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. මේ සිද්ධියට අදාළ නඩු විභාගය ගල්කිස්ස අධිකරණය ඉදිරියේ විභාග වන අතර, පෙරේදා නඩුව කැඳවූ අවස්ථාවේදී මේජර් ජෙනරාල්වරයාගේ ඇප ප්‍රතික්ෂේප විය.

  • තලවාකැලේ අවුරුදු උත්සවය උනුසුම්කල බුදු රුව ඇදපු සාරියේ ඇත්ත කතාව මෙන්න….

    තලවාකැලේ අවුරුදු උත්සවය උනුසුම්කල බුදු රුව ඇදපු සාරියේ ඇත්ත කතාව මෙන්න….

    උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් දිවයින පුරා බොහෝ බක්මහ උළෙල සංවිධානය වී තිබුණා.

    ඒ අතර තවත් එක් බක්මහ උළෙලක් සංවිධානය කළේ, තලවකැලේ ලිදුල සමෘද්ධි කලාපය විසින්.

    ඒ අනුව පසුගිය (22) දවස පුරා ආගරපතන පොලිස් වසමට අයත් මෙම බක්මහ උළෙල පැවැත්වුනා.

    බක් මහ උළෙලට බුදු රුවට සමාන රුවක් සහිත මුද්‍රණයක් සහිත සාරියක් හැද පැමිණ සිටි සිටි කාන්තාවකට එම අවුරුදු උත්සවයට සහභාගි වු විශාල පිරිසකගේ දැඩි විරෝධතාවයක් එල්ල වූ බව පැවසෙනවා.

    එම බක් මහ උළෙලට සහභාගි වි සිටි ප්‍රදේශවාසින් කියා සිටියේ, අවුරුදු උත්සවය සංවිධානය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියගේ නැගණිය විසින් එලෙස බුදු රුවට සමාන මුද්‍රණයක් සහිත සාරිය හැද සිටි බවයි.

    මේ සම්බන්ධයෙන් ඇයගෙන් සිදු කළ විමසීමේදී ඇය සඳහන් කර ඇත්තේ, අදාළ සාරිය ඉන්දියාවෙන් ගෙන්වා ගත් එකක් වන බවයි.

    මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

  • මීටියාගොඩ ෆේස්බුක් සාදය පොලිසිය හා ගම්මුන් වටලයි. මෙන්න කටියගේ කෙරුවාව. – වීඩියෝ.

    මීටියාගොඩ ෆේස්බුක් සාදය පොලිසිය හා ගම්මුන් වටලයි. මෙන්න කටියගේ කෙරුවාව. – වීඩියෝ.

    මීටියාගොඩ ප්‍රදේශයේ සංවිධානය කල එවැනි සාදයක් පොලිසිය විසින් වටලනු ලැබුවා.

    උත්සවශාලාවක පැවති සාදයක් අතරතුර මීටියාගොඩ පොලීසිය සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි පුද්ගලයින් 11 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මීටියාගොඩ – ගොඩගම ප්‍රදේශයේ උත්සවශාලාවක මෙම සාදය ඊයේ (22) පවත්වා ඇත්තේ ෆේස්බුක් හරහා හඳුනාගත් තරුණ තරුණියන් පිරිසක් විසින්.

    පොලීසියට ලැබුණු තොරතුරක් මත බුද්ධි අංශ නිලධාරීන් යොදවා මෙම ස්ථානයේ මත්ද්‍රව්‍ය ඇති බවට තහවුරු කරගැනීමෙන් පසුව මීටියාගොඩ පොලීසිය ඇතුලු පොලිස් ස්ථාන 04 ක නිලධාරීන් මෙම වැටලීමට එක්ව තිබෙනවා.

    එම වැටලීම පහතින්.

    Posted on
  • “ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ.” ඔබ නොදත් කතාව මෙන්න…..

    “ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ.” ඔබ නොදත් කතාව මෙන්න…..

    ඉන්දියාවේ පැරණිතම වෘත්තිය ලෙස මෙය හඳුන්වන අතර බුදුරදුන් සමයෙහිද අම්බපාලි,අඞ්ඩකාසි වැනි ප්‍රසිද්ධ ගණිකාවන් හිඳ තිබේ.

    එහිදී රාජ මහාමාත්‍ය ආදීහු මොවුන්ගේ සේවය ලබාගෙන තිබේ.එහෙත් කුමන ලෙසකින් හැඳින්වූවද ඔබ අප ඇතුලු සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙක් ඇයව දකිනුයේ සමාජ පිළිලයක් ලෙසටයි.

    ඇත්තෙන්ම මේ සමාජය තුළ ඇය කවුරුන්ද?

    ඇයට හිමි තත්වය කුමක්ද යැයි නිවැරදි දෘෂ්ටි කෝණයකින් යුතුව මඳක් සිතා බැලීමට කාලය අපට අවසර දී තිබේ.
    දුහුල් ඇඳුමකින් ගත වසාගෙන ගොම්මන් වේලාවන්හිඳී වීදි කෙළවරට වී සිටින්නේ ඇයයි.
    බොහෝ දෙනෙක් ඇයව දුටුවිට පිළිකුල් කරති.බැණ වදිති.මූණ හකුලා ගනිති.එහෙත් ඔබ අපි සියල්ලන්ම සිතිය යුතු යමක් ඇත.
    එනම් ඇයද මෙම නරුම සමාජ ක්‍රමයේම නිෂ්පාදනයක් බවයි.එලෙස ඇයව පිළිකුල් කරන,ඇයට බැණ වඳින උගත් බුද්ධිමත් යැයි සමාජයේ නම් දරන බොහෝ පිරිස් ඇය සමඟ රාත්‍රියේ දී කාලය ගතකර ඇගේ ගත මත සැතපී ඇගේ ගත මොණර කොළ වලින් වසා දමන්නේ තම පවිත්‍ර නාමය තවදුරටත් රඳවා ගැනීමේ චේතනාවෙන් යුතුවයි.
    කාන්තාවක් මෙබඳු ඉරණමකට ගොදුරුවීමට බොහෝ විට ඇය අයත් පවුල් පරිසරය හේතුවූවා විය හැකිය.
    එහිදී ඇගේ ස්වාමියා විසින් ඇයව නොසලකා හැරීම හේතුවෙන් ඇගේ දරුවන්ගේ කුස පිරවීමට මෙම සමාජ ක්‍රමය තුළ ඇයට වෙනත් රැකියාවක් නොමැති වූවා විය හැකිය.තවද ගමේ සිට නගරයට පැමිණෙන බොහෝ තරුණියන්ට රැකියාවක් සපයාදෙන මුවාවෙන් ඇතැමුන් ඔවුන්ව මෙම තත්වයට ඇද දැමිය හැකිය.
    තවද නිවසට හිතුවක්කාර වී නගරයට පැමිණෙන තරුණියන්ටද මෙම ඉරණම ඇතැම් විට හිමිවිය හැකි අතර තවද කුඩා කල විවිධ අතවර වලට භාජනය වන්නන්ටද මෙම තත්වය උරුම වෙයි. සමාජයේ නූතන ප්‍රවණතාවය වන්නේ මවුපියන්ගේ අකමැත්තෙන් විවාහ වන ඇයව තම ස්වාමියා විසින්ම විවිධ පුද්ගලයන්ට විකුණා මුදල් ලබා ගැනීමත් අවසන ඇය ගණිකාවගේ තත්වයට පත්වීමත්ය.
    මේ ආදී ලෙසට ඇය ගණිකාවක් බවට පත්වීමට කුමන සමාජ තත්වයක් බලපෑවද කිසිවෙකුගේ දියණියකි.
    මවකි,බිරිඳකි.බොහෝවිට ඇය මෙම වෘත්තියේ නිරත වනුයේ තම කුඩාවුන් පෝෂණය කිරීමට විය හැකිය.
    ඒ සඳහා ඇයට අන් මඟක් නොමැති විය හැකිය.ලංකාවේ මෙම වෘත්තියට පත්වූවන් අතරින් සියයට අනූනමයක්ම තමාට ජීවත්වීමට වෙනත් ස්ථීර රැකියාවක් ලැබේ නම් මෙම ක්‍රියාව අත් හැරීමට කැමැත්තක් දක්වයි.
    කෙසේ වුවද අප සැවොම සිතිය යුතු යම් කරුණක් ඇත.එනම් යම් කාන්තාවක් මෙම තත්වයට පත්වීමට පවතින සමාජ ක්‍රමය ද ආර්ථික විෂමතාවද හේතුවන බවයි.වෛශ්‍යාවන් පිළිබඳව පැවසෙන ප්‍රසිද්ධ ගීතයක මෙසේ කියැවෙයි.
    “ළඳුනේ…… ළදුනේ
    ඔබේ දෑස් දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ …
    දෙනෝ දහක් අතගත්තද
    සැමියෙකු නැති ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ……”
    මේ ගීතය ගණිකාවන් පිළිබඳව බොහොම උපේක්ෂාවෙන් යුතුව දකින ගීතයක්.ඇත්තෙන්ම සමාජයේ ජීවත්වෙන විට අපට ඇ පිළිබඳව මේ ලෙසට සිතන්නට නොහැකිද?
    ඇය තමන්ගේ මුළු ජීවිත කාලයම සමාජයෙන් පැමිණෙන අපවාද ගැරහුම් ආදිය සමඟින් ජීවත් විය යුතුද?
    ඇය දෙස කවියා විලසින් යම් උපේක්ෂාවකින් බැලිය නොහැකිද?මෙහිදී අප සිතිය යුතු වැදගත් කරුණක් තිබේ.
    එනම් බොහෝවිට ඇයට බැණවදින අපහාස කරනා උන් ඇගේ පහස විඳින්නට පෙළගැසෙන බවයි.
    එහෙත් ඔවුන් බොහෝ දුරට සමාජයට තම හොඳ මුහුණ පෙන්වන අතර සියලු අපවාද ගැරහුම් පැමිණෙන්නේ එකී කාන්තාවටයි.මේ ලෙස බලන කල ගණිකා වෘත්තියේ යෙදෙන්නේ වරදකරුවන් නම් ඇගේ සේවය ලබාගන්නා උත්තමයන්ද ඒ ලෙසම වරදකරුවන් නොවේ යැයි කිවහැක්කේ කාහටද?
    කාන්තාවක් මෙම වෘත්තියේ නිරත වුවද බොහෝ පිරිස් මෙයට නැඹුරු වනුයේ තම කැමැත්තෙන් නොවේ.
    එහෙත් ඇයට ජීවත් වීමට මෙම ක්‍රියාවේ දිගින් දිගටම නිරත වීමට සිදුවී තිබේ.
    ඉහත කවියේ පැවසෙන ආකාරයට ඇගේ ලැමෙහි තම සිරුර සතපවා ගන්නා උගත් පිරිස් ඇගේ ළයෙහි පවත්නා දුක් ගින්දර නොදකිති.
    මෙය වත්මන් සමාජ විෂමතාවයයි.ඇය වක්‍රාකාරයෙන් හෙළිදරව් කරනුයේ අප සමාජ ක්‍රමයේ දුබලතාවය නොවේද?ඇය කරන වෘත්තිය යහපත් හෝ උසස් ලෙස දැකීමට යැයි මම නොපවසමි.ඇය මෙම තත්වයට පත්වීමට හේතුවන්නේ බොහෝ විට පවත්නා සමාජ විශමතාවයන් නිසාය.
    ඇය පිළිබඳව යම් අනුකම්පාවකින් හෝ උපේක්ෂාවකින් හෝ දැකීමට හැකිනම් සමාජයේ යහපත් ලෙස අපට යම් තරමකට හෝ සතුටු විය හැකි නොවේද?මඳක් සිතන්න?දැන් සිතා බැලීමට කාලයයි.

  • GOSSIP “බොරු නොකර හිටපං, උඹටත් හරි දැඟලිල්ලක්නේ දැන් තියෙන්නේ, මට කරදර කරනවා අම්මා ඇස් දෙකෙන්ම දැක්කා”

    GOSSIP “බොරු නොකර හිටපං, උඹටත් හරි දැඟලිල්ලක්නේ දැන් තියෙන්නේ, මට කරදර කරනවා අම්මා ඇස් දෙකෙන්ම දැක්කා”

    හිරගෙදර ජීවිතය දුකක්” ඒ හිරේ දුක් විඳින්නවුන් කියන කතාවකි.
    මේ එවන් දුකක් විඳින ගැහැණියක් හෙළි කළ සංවේදී හෙළිදරව්වකි.

    “ජීවිතේ කවදාවත්ම දැක්කේ නැති මනුස්සයෙක් උදේ පාන්දරක අපේ ගේ දොරකඩ හිටගෙන හිටියා. අම්මා ඒ මනුස්සයාගේ දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා.”

    “ඇයි?”

    හුඟක් වෙලාවකට පස්සේ තමයි අම්මා ඒ ප්‍රශ්නෙ ඒ මනුස්සයාගෙන් ඇහුවේ.

    “මේ පියසෝමගේ ගෙදරද?”

    ඒ මනුස්සයා අම්මගෙන් ඇහැව්වා.

    “ඔව් . . . මේ එයගේ ගෙදර. ඒත් මහත්තයා ගෙදර නැහැ. වැඩට ගිහිල්ලා”

    “එහෙමද?”

    ඒත් එක්කම අර මනුස්සයා අම්මගෙ ඇඟට කඩාගෙන පැන්නා.

    “ඇයි මොකද?”

    ඒ මනුස්සයා අම්මට මෙහෙම කිව්වා.

    “නෝනා මේ මුකුත්ම නොදන්නවා ඇති. මෝනගෙ මහත්තයා දැන් ඉන්නේ මගේ ගෑනිත් එක්ක.
    මම අවුරුදු ගාණක් රට හිටියේ. ඒත් මම හිටපු කාලෙ එයා ඉඳලා තියෙන්නේ නෝන‍ගේ මහත්තයා එක්ක. මම රට ඉඳලා එවපු සල්ලි හැමදේම මට නැති වුණා.
    අන්තිමට මගෙ ජීවිතෙත් නැති වුණා. මගේ දරුවා මට නැති වුණා. ඒ ළමයා අසනීප වෙලා මැරුණේ අවුරුදු හතේදි.
    දැන් ඉතිං මට තවත් නැති වෙන්න දේවල් නැහැ. මං ආයෙත් රට යනවා. මං නෝනට කියලා යන්න ආවේ මේ දරුවන්ට තාත්තව ඕන නම් දැන්මම මොනව හරි කරන්න කියලා.”
    අම්මා නාඳුනන පිරිමියා කියන කතාව අහගෙන හිටියේ පුදුමයෙන් වගේ.
    අන්තිමට අම්මා හොඳටම අඬන්න පටන් ගත්තා. ඒත් එක්කම ඒ මනුස්සයා ගෙදරින් යන්න හැදුවා.

    ඒ මනුස්සයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය අම්මා එකපාරටම ඒ මනුස්සයා යන පැත්තට දිව්වා.
    “මට කියන්න කොහෙද ඔයාගේ ගෙවල් තියෙන්නේ කියලා.
    ඔයා ඇවිල්ලා කියනතුරු මං ඔය කිසි දෙයක් දන්නේ නැහැ. එයා මට කිව්වේ දුර පළාතකට මරුවක් ලැබුණා කියලා විතරයි”
    ඒ මනුස්සයාට අම්මා අඬ අඩා කියන්න ගත්තා. අන්තිමට ඒ මනුස්සයා යන්න ගියා. එදා ඉඳන් වරු ගණනාවක්, දවස් ගණනාවක් අම්මා එක දිගටම ඇඬුවා. හරි හමන් කෑමක් බීමක්වත් ගත්තේ නැහැ. එක දවසක් හිමිදිරි පාන්දර අම්මා මා අවදි කළා.

    “ඇයි අම්මෙ කොහේ යන්නද?”
    මං අම්මගෙන් ඇහුවේ නිදිමතේ ඔලුව කසමින්.

    “අපි යමු තාත්තා බලන්න”
    ඒ වන විටත් තාත්තා මාස ගණනාවකින් ගෙදර ඇවිත් තිබුණේ නැහැ. අපි උදේම අනුරාධපුරයේ යන කෝච්චියෙන් තාත්තා බලන්නට ගියා. තාත්තාගේ කන්තෝරුවේ අය අම්මාත් මාත් දෙස බැලුවේ පුදුමයෙන් වගේ.

    “මේ අය පියසෝම මහත්තයාගේ කවුද?”
    “නෝනයි, දුවයි”
    අම්මා කීවේ ගොත ගසමින්.
    “එතකොට . . .”
    කෙනෙකු අප ඉදිරියට පැමිණ කියන්නට ආ දෙය ගිලගත්තා.
    “මට මහත්තයා ඉන්න ගෙදර පෙන්වන්න”
    අම්මා එහෙම කිව්වත් කවුරුවත් තාත්තා ඉන්නේ කොහේද කියලා පෙන්වන්න කැමති වුණේ නැහැ.
    අම්මට එදා ගෙදරට ආව මනුස්සයා ලියලා දුන්න ලිපිනය හොයාගෙන අපි තාත්තා ඉන්න ගේ සොයාගෙන ගියා. අපි කොහොම හරි ඒ ගේ හොයා ගත්තා. අප යනකොටත් තාත්තා ඒ ගෙදර මිදුල අතුගාමින් හිටියේ. අම්මාත් මාත් දැක්ක තාත්තාගේ මුහුණ කළු වෙලා ගියා.

    “සන්ධ්‍යා මොකද මෙහෙ”
    එයා පසුපසින් තවත් ගැහැනියක්. ඇය දරුවකු ලැබීමට සිටින කාන්තාවක්. කිසිවක් නොකී අම්මා මා ද අතින් අල්ලාගෙන ඒ නිවෙසින් පිටවුණා.
    “උඹ නැත්නම් මං වහ ටිකක් කනවා” මඟට ඇවිත් අම්මා මට එහෙම කිව්වා. අම්මත් මාත් ආයෙත් ගෙදර ආවත් වෙනදා අම්මා තුළ වූ සතුට ඊට පස්සේ මම දැක්කේ නැහැ.
    “දැන් ඉතිං උඹටයි මටයි ජීවත් වෙන්න රස්සාවක් කරන්න වෙනවා”
    ඉන්පසු අම්මා ගෙවල්වලට එහායින් තිබූ තේ කොළ පැක්ටරියකට වැඩට ගියා.

    “ඔය සිද්ධිය වෙන කොට ඔයාගේ වයස කීයද?”
    “මට ඒ කාලේ අවුරුදු දාහතරක් විතර ඇති. අපි පදිංචි වෙලා හිටියේ කුලී ගෙදරක. හැමෝම අම්මට කිව්වා තාත්තගෙන් වන්දියක් ගන්න කියලා.
    ඒත් අම්මා එහෙම දේකට ගියේ නැහැ. අම්මා ගාමන්ට් එකේ රස්සාවට ගියා. මම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා තනියම ගෙදරට වෙලා හිටියේ.

    “විභාගේ පාස් වුණාද?”
    “නැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩ හයයි පාස් වුණේ. ඊට පස්සේ අම්මා මාව එයාගේ මහ ගෙදර ගිහින් ඇරලුවා. නමුත් අම්මා නැතිව ඉන්න බැහැ කියලා මම ආයෙත් අම්මා ගාවටම ආවා.
    “ඊට පස්සේ

    මොකද වුණේ?”
    “මගේ අම්මා තරුණයි. ඒ වෙනකොටඅම්මගෙ වයස අවුරුදු හතලිහක් විතර ඇති. අම්මා ලස්සනයි. ඒ නිසා වෙන්න ඇති හුඟක් දෙනා අම්මා පස්සෙන් ආවේ. නමුත් සිරි මාමා විතරයි අපේ ගෙදර නිතර ආව ගියේ. ඒ අම්මගේ ඥාති වෙන අයියා කෙනෙක්.
    අන්තිමට සිරි මාමා අපේ ගෙදර නතර වුණා. මගේ නම් කිසිම අකමැත්තක් තිබුණේ නැහැ සිරි මාමා අපේ ගෙදර නතර වෙනවාට. ඒ වුණත් එයා නිතර නිතර මා ළඟට එන එක තමයි මට ඉවසන්න බැරි වුණේ. දවසක් මං අම්මට කිව්වා සිරි මාමා මට කරදර කරනවා කියලා.
    “බොරු නොකර හිටපං. උඹටත් හරි දැඟලිල්ලක්නේ දැන් තියෙන්නේ”
    අම්මා මට එහෙම කිව්වා.
    ඉන් පස්සේ මම අම්මට මුකුත්ම කියන්න ගියේ නැහැ. ඔය අතරේ තමයි දවසක් සිරි මාමා මට කරදර කරනවා අම්මා දැක්කේ. අම්මා කොහේදෝ තිබුණ මන්නයක් උස්සගෙන ඇවිල්ලා සිරි මාමට ඒකෙන් කෙටුවා. ඊට පස්සේ මටත් අම්මා හොඳටම ගැහුවා.

    “ඉන් පස්සේ?”
    “මං කාමරේ දොර වහගෙන අඬන්න ගත්තා. ඒ වෙනකොට ගමේ මිනිස්සු අපේ ගෙදරට ඇවිත් හිටියා. පොලීසියෙනුත් ආවා. මං කාමරෙන් එළියට ආවා. ඒත් අම්මා පේන්න හිටියේ නැහැ. පොලීසියෙන් මගෙන් වෙච්ච දේවල් ඇහුවා.
    මං හැමදේම කිව්වා. මාව පොලීසියට අරගෙන ගියා. සිරිමාමාගේ මිනිය ඉස්පිරිතාලේ ගෙනිච්චා.
    ඒත් අම්මා හිටියේ නැහැ. දවස් දෙකකට පස්සේ පොලීසියෙන් කිව්වා අම්මා ගඟේ පැනලා මැරිලා කියලා.
    ඒ වෙලවේ මං පරිවාස නිවාසේ දෙදරන්න කෑගහලා ඇඬුවා. හැමෝම ඇවිත් කිව්වා අඬන්න එපා කියලා. අම්මගෙ මරණය කෙරුවේ රජයේ වියදමින්.

    “ඔයාට මොකද වුණේ?”
    මගේ ජීවිතේ අපායක් වුණා. මට සිරි මාමා නිසා දරුවෙක් ලැබුණා. ඒ දරුවා හදාගන්න කෙනෙකුට දුන්නා. ඉන් පස්සේ මම ඉබාගාතේ ඇවිද්දා. දකින දකින මිනිස්සු මාව අරගෙන ගියා. සමහර දවස්වලට මාව පොලීසියට අහු වුණා. උසාවි දැම්මා. හිරේ ගියා.
    දැන් මම කුණුවෙච්ච අඹ ගෙඩියක් වගෙයි. කාටවත් මගෙන් පලක් නැහැ. ඒත් පාරේ හිටියොත් බේරුමක් නැහැ. එහෙම දවසක තමයි මාව පොලීසියට අහු වුණේ. මාස තුනක දඬුවමක් ලැබුණා.

    “ඔය රස්සාවෙන් අයින් වෙන්න බැරිද?”
    දැන් මේ රස්සාව කරන්නේ වේලක් කන්න. හිරේ ආවාම තුන්වෙලම සැපයි. පාරේ ජීවිතේ එපා වුණාම පොලීසියට අහුවෙන්න ඉන්නවා.
    ගංජා සුරුට්ටුවක් දෙකක් තියන් ඉඳලා අහුවුණාම මාස තුන හතරක් හිරේ ලැගලා සැප විඳින්න පුළුවන්.
    ඒකයි මම කිව්වේ එළියට වඩා හිරගෙදර සැපයි කියලා. අනිත් ගෑනුන්ට හම්බ වෙන විසිට්වලිනුත් මට නොයෙක් කෑම හම්බ වෙනවා. කරදරයකුත් නැහැ. ඇය පවසන්නට වුණේ සැහැල්ලුවෙනි..

  • හිගනකමට ජන්ගියක් ගන්න පවුල් කැඩෙනකන් බලන් ඉන්න මල්ලිලාට දෙවි පිහිටයි –  උදාරි කෞෂල්‍යා

    හිගනකමට ජන්ගියක් ගන්න පවුල් කැඩෙනකන් බලන් ඉන්න මල්ලිලාට දෙවි පිහිටයි – උදාරි කෞෂල්‍යා

    ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය කියන්නේ දිනෙන් දින අලුත් පුවත් මවන ක්ෂේත්‍රයක්. මේ ක්ෂේත්‍රයේ අලුතින්ම එකතුවූ තරු දෙකක් තමයි උදාරි කෞශල්යා හා සංගීත් හතුරුසිංහ කියන්නේ.

    රංගන ශිල්පිණි උදාරි කෞෂල්‍යා පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වූයේ ඇය හා ඇයගේ සැමියා වන රංගන ශිල්පී සංගීත් සතරසිංහ වෙන් වූ බවට පළවූ ඇතැම් රාවයන් සමගයි.

    කෙසේ වෙතත් මේ පිළිබදව උදාරි කෞෂල්‍යා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා තිබෙනවා. එහිදි ඇය පවසන්නේ ” ලොකු ටෝක්ස් දීලා අනුන්ගේ පවුල් කැඩෙනකම් බලන් ඉන්න මල්ලිලාට රත්නත්තරේ පිහිටයි” යනුවෙනි.

    මෙහිදි ඇය තවත් පුද්ගලයෙක් තමන්ෆේ ෆේස්බුක් ගිණුමට ලබා දුන් ප්‍රතිචාර අඩංගු ඡායාරූප කිහියක්ද එම සටහනට එක්කර තිබුනා,

    එම සටහන පහතින් ,

     

  • දකුණු මුහුදේ ප්‍රසිද්ධ බීච් බෝයිස් + අප්‍රසිද්ධ Gay Sex මාෆියාව ගැන ඔබ නොදත් ඇත්ත මෙන්න…

    දකුණු මුහුදේ ප්‍රසිද්ධ බීච් බෝයිස් + අප්‍රසිද්ධ Gay Sex මාෆියාව ගැන ඔබ නොදත් ඇත්ත මෙන්න…

    සංචාරකයන්ට හා හෝටල් හිමියන්ට අඩන්තේට්ටම් කරමින් ප්‍රාදේශීය දේශපාලකයන්ගේ අනුග්‍රහය ඇතිව දකුණු මුහුදු තීරයේ ක්‍රියාත්මක වන මාෆියා කල්ලිවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකා හෝටල්හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

    මුහුදු තීරයේ ගැවසෙන ‘බීච් බෝයිස්ලාට’ එරෙහිව කටයුතු කිරීමේදී හෝටල් කළමනාකරුවන් පවා තර්ජන ආදියට ගොදුරු වන අවස්ථා තිබෙන බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත අප්‍රියෙල් දාහත් වෙනි දින කොළඹ සංචාරක අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්, සංචාරකයන්ට සහ හෝටල් පරිපාලනයට හානිදායක කණ්ඩායම් පාලනය කිරීමට කටයුතු නොකළොත් ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි අහිතකර බලපෑමක් එල්ල වෙනු ඇතැයි එම මාධ්‍ය හමුවට එක්ව සිටි ජෝන් අමරතුංග සංචාරක අමාත්‍යවරයාට සහ පොලිස් නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

    පසුගිය අටවැනිදා අලුයම මිරිස්ස ප්‍රදේශයේ දී විදේශික කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කිරීම සහ තවත් විදේශිකයකුට පහර දීම සම්බන්ධයෙන් සැක කෙරෙන හය දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ඉහත කී හමුවේ දී පොලිසිය ප්‍රකාශ කළ අතර තවත් කීපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් සඳහන් කෙරුණි.

    ඊට අමතරව මිරිස්ස ප්‍රදේශයේ ‘surfing’ ක්‍රීඩාවේ යෙදෙමින් සිටි ඊශ්‍රායල් ජාතිකයන් පිරිසකට පහර දීමක් ගැන පසුගිය පහළොස් වෙනිදා වාර්තා වූ බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර එම පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරෙමින් පවතින බවත් කියා සිටියේය.

    දකුණු මුහුදු තීරයේ විශේෂයෙන්ම උනවටුන හා මිරිස්ස යන ප්‍රදේශයන්හිදී දේශීය හා විදේශීය සංචාරකයන්ට හිරිහැර කිරීමේ සිද්ධීන් ගණනාවක් පසුගිය කාලයේ වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වුණේ එකී ප්‍රදේශවල සැරිසරන ‘බීච් බෝයිස්’ යනුවෙන් හඳුන්වන තරුණයන්ටය.

    සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමයේ ලේකම් ප්‍රශාන්ස් බාන්ස් බීබීසියට අදහස් දක්වමින්, ඉහත කී කණ්ඩායම් සංචාරක මග පෙන්වන්නන්ට දකුණු මුහුදු තීරයේ ඇතැම් කලාපවලට ඇතුල්වීමට පවා ඉඩ නොදෙන බව සඳහන් කළේය.

    විශේෂයෙන්ම ‘බීච් බෝයිස්ලාගෙන්’ සිදුවන හිරිහැර ගැන පැමිණිලි කිරීමට සංචාරකයන් උනන්දු නොවීම නිසා එම කණ්ඩායම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසයි.

     

  • රාජපක්ෂ සමයේ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් පිටුපස ගෝටාභය සිටින බවට සාක්ෂි කරලියට….

    රාජපක්ෂ සමයේ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් පිටුපස ගෝටාභය සිටින බවට සාක්ෂි කරලියට….

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතළ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති ප්‍රබල හස්තය එකම පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වෙයි.

    ද සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී එක්නැලිගොඩ, බන්ධනාගාර ඝාතන 27, කීත් නොයාර්ට පහර දීම සහ රතුපස්වල ප්‍රහාරය එම අභිරහස් සිද්ධීන් වෙයි. මේ අපරාධ සියල්ලම ඉතාමත් සැලසුම් සහගතව සිදු කළ ඒවා බව එම පරීක්ෂණ තව දුරටත් හෙළිකර ගෙන තිබේ.

    මේ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය, ආරක්ෂක බුද්ධි අංශ සහ තවත් ඔත්තු සේවාවන්වල යැයි සැක කරන පිරිස් අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇතත් එම අපරාධ පිටුපස සිටින පුද්ගලයා එම අපරාධ සිදු කිරීමට සම්බන්ධ වී ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති තොරතුරු ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණ අවසරය ලබා ගැනීමටත් බලාපොරොත්තුව සිටියි.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, බන්ධනාගාර ඝාතන ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් සහ සෙසු ආරක්ෂක නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතත් ඔවුන්ගෙන් සහ විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් එම ඝාතන සිදු කිරීමටත් අදාළ පරීක්ෂණ අකර්මන්‍ය කිරීමටත් උපදෙස් ලබාදුන් පුද්ගලයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත‍.

    එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ යැයි සැක කරන ප්‍රධාන පුද්ගලයාට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කියයි.

    මීට වසර නවයකට පෙර අභිරහස් ලෙස මිලේච්ඡ ප්‍රහාරයකට ලක්ව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්විය. එම පරීක්ෂණ සැකකරුවකු හරි හැටි නොමැතිව යට ගැසී තිබිය දී මීට වසර දෙකකට පමණ පෙර යළි එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාර ගෙන කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි එම අපරාධයේ සුලමුල සොයා ගනිමින් එම ඝාතකයන් යැයි සැක කරන පුද්ගලයන් එම අපරාධයේ පරීක්ෂණ වාර්ත යට ගැසු පොලිස් නිලධාරීන් ද අත්අඩංගුවට ගනු ලැබුණි. මේ වන විට එම ඝාතනයට අදාළ නඩු විභාගය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

    මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතා අභිරහස් ලෙස අතරුදන් වූයේ ඒ ආකාරයෙන්මය එදින ඔහු බොරැල්ල ප්‍රදේශයේ පැවැති සාදයකට ගොස් අපසු යමින් සිටියදී ඔහු පැහැර ගැනීමකට ලක්වී තිබුණි. ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව ද හෙළි වී ඇත.

    බන්ධනාගාර අපරාධ සිද්ධිය සිදු වූයේ 2012 වසරේදීය. එම සිද්ධිය වූ දින බන්ධනාගාර ප්‍රහාරයෙන් අමු අමුවේ මිලේච්ඡ ලෙස රැඳවියන් 27 දෙනකු ඝාතනය කර තිබුණි. එහිදී පුද්ගලයන් 11 දෙනකු ඝාතනය කළේ යැයි පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ප්‍රබල සැකකරුවකු වූ බන්ධනාගාර නිලධාරියා රටින් පළා ගොස් තිබේ.

    නේෂන් පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ කීත් ලෙරෝයි නෙයාර් පැහැර ගැනීමට ලක් වූයේ 2008 මැයි මස 22 වැනිදාය. එදින වැල්ලවත්තේ නිවස අසලට යන අතරතුර දී අසල නවතා තිබූ සුදු පහැති වැන් රථයක සිටි පිරිසක් කඩා පැන කීත් නෙයාර් මහතාට අමානුෂික ලෙස පහර දී පැහැර ගෙන තිබුණි. මේ අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද්ධ හමුදාවේ බුද්ධි අංශය බාරව සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු මීට සති දෙකකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. මේ සිද්ධියට අදාළ නඩු විභාගය ගල්කිස්ස අධිකරණය ඉදිරියේ විභාග වන අතර, පෙරේදා නඩුව කැඳවූ අවස්ථාවේදී මේජර් ජෙනරාල්වරයාගේ ඇප ප්‍රතික්ෂේප විය.

    මේ සිද්ධි සියල්ලන්ටම මෙහෙයවීම පිළිබඳව චෝදනා එල්ල වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතයි.

  • හමුදාවෙන් ඇමරිකාවට පැනගියපු ගෝටාට සරත් ෆොන්සේකාගෙන් කිසිදා අමතක නොවන ප්‍රහාරයක්…

    හමුදාවෙන් ඇමරිකාවට පැනගියපු ගෝටාට සරත් ෆොන්සේකාගෙන් කිසිදා අමතක නොවන ප්‍රහාරයක්…

    ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපති ධුරයට සුදුසු යයි කිසිවෙකු කියන්නේ නම් ඔහුට මඩු වලිගයෙක් තැලිය යුතු යයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

    හිටපු ආරක්‍ෂක ලේකම්වරයා යුද්දයට බයෙන් රටින් පැන ගොස් වසර 15ක් සැගවී සිටි පුද්ගලයෙක් යයිද ඇමතිවරයා සදහන් කරයි.

    එමෙන්ම ආණ්ඩුවේ අඩුපාඩු ඇති බව තමන් පිළිගන්නා බවත් නමුත් පෙර පැවති පාලනයම නැවත ගෙන ඒම එයට විසඳුම නොවන බවද ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ජනතාවගේ අවශ්‍යතාවය අනුව ආණ්ඩුවේ ඇතැම් වෙනස්කම් සිදුකර ජනතාව අතරට යා යුතු බවත් එසේ නොවුන හොත් එක්සත් ජාතික පක්ෂයේ අපට කණගාටු වීමට සිදු වන බව අමාත්‍යවරයා පැවසීය.

    ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනා කැබිනට්ටුව තුළත් ආණ්ඩුවටත් අපලයක් බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

    විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සමඟ කිසිඳු ගිවිසුමක් නොමැති බවත් එතුමන් ඇතුළු දෙමළ දේශපාලඥයින් ප්‍රතිපත්ති මත දේශපාලනය සිදු කරන බවත් දකුණේ දේශපාලඥයින් එසේ නොවන බවද ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

  • විවාහයට පසු බිරිදගේ දෑත් බැද සැමියා නිතර නිතර කරපු නරුම වැඩේ අද එලියට…..

    විවාහයට පසු බිරිදගේ දෑත් බැද සැමියා නිතර නිතර කරපු නරුම වැඩේ අද එලියට…..

    විවාහයෙන් පසු බිරිඳගේ දෑත් බැඳ සැමියා බිරිඳට නිතර නිතර කළ අපරාධය

    දෑවැද්ද ලබාදීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් කාන්තාවකට ඇයගේ සැමියා විසින් අමානුෂික ලෙස දඬුවම් කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා

    ඉන්දියාවේ උත්තර ප්රදේශ්හි ශාගන්පූර් ප්රදේශයේ දී පසුගිය සතියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි එරට මධ්‍ය වාර්තා කරන්නේ

    විවාහයේදී සැමියා සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් දෑවැද්ද ලෙස ඉන්දීය රුපියල් පනස් දහසක මුදලක් බිරිඳගෙන් ඉල්ලා තිබෙනවා

    එහෙත් විවාහයෙන් අනතුරුව එම මුදල ලබාදීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් සැමියා විසින් සිය බිරිඳගේ දෑත් ගැටගසා පහර දී ඇති බවයි වාර්තා වන්නේ

    සැමියා විසින් තමන් බිරිඳට පහරදෙන අයුරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර එම දර්ශන බිරිඳගේ සහෝදරයාට යවා ඇති බව සඳහන්

    එම දර්ශන සහෝදරයාට යැවීමෙන් අනතුරුව සැමියා පවසා ඇත්තේ අදාල දෑවැදි මුදල ලබාදෙන තෙක් තමන් බිරිඳට මෙලෙස දඬුවම් කරන බවයි

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාල කාන්තාවගේ ඥාතීන් පොලිසියට පැමිණිල්ලිකර තිබෙනවා

    පැමිණිල්ලට අනුව පොලිසිය කළ සොයා බැලීමකදී පහරකෑමට ලක්වු කාන්තාව හමුව ඇති අතර තුවාල ලබාසිටි ඇය රෝහල් ගතකිරීමට පොලීසිය කටයුතුකර ඇති බවයි එරට මාධෟය වැඩිදුරටත් වාර්තා කරන්නේ

    සැකකාර සැමියා සහ ඔහුගේ පවුලේ ඥාතීන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන අවස්ථාවේ ඹවුන් එම ප්රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා මේ වන විට පරීක්ෂණ ආරම්භකර ඇති බව සඳහ

  • රාගමින් දුම්රියට ගොඩවුන චමරි අසහනකාරයෙකුගේ විකෘති ආශාවකට ගොදුරු වුන හැටි….

    රාගමින් දුම්රියට ගොඩවුන චමරි අසහනකාරයෙකුගේ විකෘති ආශාවකට ගොදුරු වුන හැටි….

    මහ මග මෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතයෙදිත් කාන්තාවන් පමනක් නොවේ කුඩා දැරියන් පවා විවිධ ලිංගික අතවරයන්ට ගොදුරු වන්නේ වර්ථමාන සමාජය කොතරම් දුරට පිරිහී ඇද්ද මනාව පසක් කරමින්.

    පොදු ප්‍රවාහන සේවා තුලදී කාන්තාවන්ට විවිධ ලිංගික අපයෝජන සිදුකිරීමෙන්ම සතුටට පත්වීමට හුරු වුනු මානසික විකෘත්ති සහිත පුද්ගලයින් පවා සිටිනවා.

    බෙහෝ තරුණියන් තමන්ට සිදුවන ලිංගික අතවර පිලිබදව ලැජ්ජාව නිසාම සැගවීම තුලිනුත් මෙවැනි විකෘත්ති පුද්ගලයින් මෙවැනි අතවර දිගින් දිගටම කරගෙන යෑමක්ද දැකිය හැකියි.

    දුම්රිය තුලදී තරුණියක් බලහත්කාරයෙන් ස්ව්‍යන්වින්දනයට ලක්කළ තරුණයා පටිගත කල වීඩියෝව වැඩිහිටියන්ට පමණක් සුදුසු බැවින් පහතින් ඇති බැනර් තුල සගවා ඇත,නැරඹීමට පහතින් ඇති බැනර් එකක් ටච් කර පහතට යන්න.

    මේ රාගමින් දුමිරියට ගොඩ වුනු තරුණියක් දුමිරිය තුල අසහනකාරී පුද්ගලයකුගේ පහත් ආසාවන්ට ගොදුරුවුනු පුවතක්.

    ඒ පසුගිය අනෝරා වැසි වැටුණු දිනයකි. කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ගසක් කඩා වැටීම හේතුවෙන් කඳාන දුම්රිය ස්ථානයෙන් කොටුව බලා යන දුම්රිය ධාවනය ප්‍රමාද වීය.

    චමරී මෙනිසා සුපුරුදු ලෙසින් දුම්රියට ගොඩ වීමට කඳාන දුම්රිය ස්ථානයට නොපැමිණ රාගමට ගියාය. ඇය රාගම දුම්රිය ස්ථානයට පැමිණෙද්දී වෙලාව පෙරවරු 6.30ට පමණය.

    රාගම දුම්රිය ස්ථානයට ඒ මොහොතේ ළඟාවීමට නියමිත වූ දුම්රිය ඒ වෙද්දී ද ළඟා වී නොතිබිණි. දුම්රිය බලාපොරොත්තුවෙන් පන්සීයකට අධික මගී පිරිසක් එහි රැඳී සිටියහ.

    ඒ මැද්දේ චමරි ද සිට ගත්තේ කෙසේ හෝ දුම්රියට ගොඩ වැදීමේ අපේක්ෂාවෙනි.

    පාණදුර බලා දිවෙන මන්දගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයට ළඟා වෙද්දී පෙරවරු 6.45 ද පසුවී තිබිණ. චමරී ද දුම්රියට පොරකන සෙනඟ අතරට මැදි වූවාය. එතැන වූයේ එකම තදබදයකි.

    කාගේත් අපේක්ෂාව කෙසේ හෝ දුම්රියට ගොඩවීමය. සෙනඟ අතරේ පොරකන අතරේ චමරිට දැනුණේ පසුපසින් ඇගේ සිරුරට කෙනකු තෙරපෙන බවකි.

    මගී තෙරපුම අතරේ එය නොතකා හැරීමට උත්සාහ ගත්ත ද මේ පුද්ගලයාගේ තෙරපුම අසාමාන්‍ය බවක් දැනුණෙන් චමරී ඔහු තල්ලු කරමින් ඔහුගෙන් ඉවත්ව වෙනත් පැත්තකින් දුම්රියේ පාපුවරුවට යන්තමින් පයක් තබා ගත්තාය.

    එහෙත් ඇය ගොඩ වීමට පෙර දුම්රිය පිටත් වීමට ආසන්න බව අඟවමින් නළාව නාද විය.

    කන්තෝරු යන්න පරක්කු වුණාට කමක් නෑ. අද්දන කෝච්චියට එහෙම නගින්න එපා මව හැමදාම පවසන වදන් චමරිගේ දෙසවන යළි ඇසෙන්නට විය.

    ‍‍තෙරපෙන සෙනඟ තමාත් ඇදගෙනම දුම්රියට නැගීමට පෙර ඇය දුම්රියට නැගීමේ සටනින් පරාජය බාරගෙන ‍පසෙකට වූවාය. ‍ඒ සමගම ඇයට දැනුණේ ඇගේ නිතඹ ප්‍රදේශයේ දැවිලලක් මුසු වේදනාවකි.

    චමරි ඇඳ සිටි බ්ලවුසයට යටින් නිතඹට අත තබා බැලුවාය. අතට දැනුණේ ඇලෙන සුලු බවකි. වේදනාව දරුණු වෙද්දී ඇය තමාගේ අත ඇලෙන්නේ මන්දැයි බැලුවාය.

    දෙවියනේ, ලේ ලේ කොහෙන්ද? ඇඳ සිටි කලිසමද ‍තෙමා ගෙන රුධිරය ගලා යද්දී චමරී බියෙන් මුසපත් වී පියාට දුරකථන ඇමතුමක් දුන්නාය.

    තාත්තේ, මගේ කකුල සීරිලා ද කොහෙද ලේ එනවා. මෙහෙම කන්තෝරු යන්න බැහැ. මාව එක්ක යන්න එන්න සිදුව ඇත්තේ කුමක් දැයි කාටත් වැටහුණේ ඇය නිවෙසට විත් ඇඳුම් ගලවා බලද්දීය.

    ඇගේ කකුලේ නිතඹ ප්‍රදේශය හරහා කැපුම් තුවාලයකි. ඉන් වැගිරෙන ලෙයින් ගෙබිම තෙමී යයි. ලේ දැක චමරිත් ඇගේ මවත් විලාප නගද්දී පියා‍ වහාම නිවෙස අසල විසූ පෞද්ගලික වෛද්‍යවරයකු කරා දියණිය කැටුව ගියේ තුවාලයට බෙහෙත් දැමීමටය.

    මේක කැපුම් තුවාලයක් මට බෙහෙත් දාන්න බැහැ. ඉක්මනටම රෝහලකට අරන් යන්න. එතැනින් ඔවුහූ වහාම රාගම ලීසන්ස් රෝහල කරා ගියහ. එහිදී තුවාලයට මැහුම් දොළහක් යෙදිණි.

    මේක දැළි පිහි පහරක්. කපනකොට දැනුණේ නැත්තේ ඒකයි. නොයෙක් දෙනා නොයෙක් දේ කීහ. අපේ රටේ සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා ආරක්ෂිතය යන්න කාගේත් පොදු මතයයි.

    චමරි නව යොවුන් දැරියකි. ඇයට මේ දැළි පිහි පහරට ලක් වන්නට වූයේ ඇය කුමක් කළාටද?

    පාපතර නරුමයකුගේ විකෘති ආශාවකට අවනත නොවූ ඇයට වන්දි ගෙවීමට සිදු වූයේ දැළි පිහි පහරකිනි. දැන් ඇය නිවෙසට වී වේදනාවෙන් කල් ගත කරන්නීය. ගතේ වේදනාවටත් වඩා ඇගේ සිතේ වේදනාව බලවත්ය.

    දුම්රියේ යෑමට දැන් ඇගේ සිතේ ඇත්තේ බලවත් බියකි.

    අද අපේ රටේ කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී විශේෂයෙන්ම දුම්රියේදී ඇතැම් පිරිමින්ගෙන් විඳින්නට සිදුවන අකටයුතුකම් ‍බො‍හෝය. තවත් පිරිමි ගැහැනියක එවන් අතවරයකට ලක්ව ඊට විරුද්ධ වෙද්දී නෑසූ කන්ව සිටිති.

    අවාසනාවක මහත‍. පිරිමිකමට නිගා දෙන මෙවන්සිද්ධි දැක දැක නිහඬවීමද නිවටකමකි. චමරිට වූ මේ අවාසනාවන්ත සිදුවීම හැරුණු කොට තවත් මෙවැන්නක් අපට අසන්නට ලැබිණ. ඒ ද රාගම දුම්රිය ස්ථානයේදීය.

    රාගමින් දුම්රියට ගොඩවූ තරුණියක සිය ඩෙනිම් කලිසමේ නිතඹ ප්‍රදේශය කැපී තිබෙනු දුටුවේ දුම්රියෙන් බැස යද්දීය.

    වාසනාවකට ඇගේ සිරුර තුවාලවී නොතිබිණ. මින් අපට හැඟී යන්නේ දැළි පිහියක් ගත් නරුමයකු රාගම දුම්රිය ස්ථානය අවට ගැවසෙන බවය. විශේෂයෙන්ම මගී තදබදය ඇති වෙලාවලය.

    වැඩිහිටියන් මේ පිළිබඳව රාගම දුම්රිය ස්ථානාධිපතිවරයා හෝ පොලිසිය දැනුම්වත් කිරීමට සැරසුණද චමරි ලජ්ජාව නිසා එයට විරුද්ධ වූවාය.

    මවුවරුනි, වැඩිහිටියනි, මේ සටහන තැබෙන්නේ ඔබ වෙනුවෙනි. මෙවන් නරුම පුරුෂයන් අප අතර සිටින බවට ඔබේ දියණියන් ද දැනුම්වත් කරන්න. හැකිතාක් දුරට අවධානයෙන් සිටින ලෙසට අවවාද කරන්න.

    පොදු ප්‍රවාහන සේවාවල යන එන ඔබ සැම මෙවන් සිද්ධි ගැන දැනුම්වත් වීම අගනේය. එසේම එවන් සිද්ධි ඇස ගැසුණහොත් එයට විරුද්ධව නොබියව හඬ නගන්න.

    අග නගරයේ රෝහලක සේවය කරන රූමත් හෙදියක්‌ අලුත් අවුරුද්දට ගමේ පැමිණ නැවත කොළඹ බලා යන අතුරතුරදී බස්‌රථයේ සිටි පුද්ගලයකු ඇගේ පපු ප්‍රදේශය ස්‌පර්ශ කර ඇති අතර එයට අකමැති වූ නිසා ඇගේ මැදඟිල්ල කරකවා කඩා බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

    අකුරැස්‌ස හරහා මාතර බලා ගමන් ගන්නා බස්‌ රථයක්‌ තුළදී ඇය මෙම අකරතැබ්බයට මුහුණ පා ඇති අතර ඇය මේ වන විට මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

    මෙම හෙදිය 29 හැවිරිදි ගැබිනියක්‌ බව ද සැකකරු තමා අසල වාඩි වී ගිය බවද එකවරම පපුව ස්‌පර්ශ කර එයට විරුද්ධ වූ නිසා තදබල ලෙස බැණ වැදී ඇගේ ඇඟිල්ල කඩා දමා ඇති බවද පැවසෙනවා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි එච්. ජී. මාරපන මහතාගේ උපදෙස්‌ පරිදි මාතර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ධම්මික අමරසේන මහතා කාන්තා හා ළමා කාර්යාංශ ස්‌ථානාධිපතිනි රසිකා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනවා.

  • කාමර ඇත (Rooms Available) කෙල්ලෝ විදියට ඇවිත් ගෑනු වෙලා යන ලංකාවේ ට්‍රෙන්ඩ් එක…..

    කාමර ඇත (Rooms Available) කෙල්ලෝ විදියට ඇවිත් ගෑනු වෙලා යන ලංකාවේ ට්‍රෙන්ඩ් එක…..

    අප බොහෝ දෙනකු කැමැති වැඩි වෙලාවත් තම නිවසේ කාලය ගත කිරීමටයි.

    විශේෂයෙන්ම රාත්‍රී කාලයේ තමාගේ නිවසේ රැඳී සිටීම හැම පැත්තෙන්ම වාසිදායක තත්වයක්‌ උදාකරයි.

    තම නිවසට හෝ සමීප ඥාතියකුගේ ගෙයකට අමතරව අපට රැඳී සිටිය හැකි තැන් අතර ප්‍රධාන තැනක්‌ ගන්නේ හෝටල්, තානායම් හෝ ලැගුම්හල්ය.

    පෙර කාලයේ නම් රෑ බෝ වී හෝ ගමන් මහන්සිය නිසා නිවසට යන්නට බැරි වූ කල්හි අපේ අයට පිහිට ආවේ අම්බලමයි.

    අවම පහසුකම් ඇති මෙම අම්බලම්වල නෂ්ටාවශේෂ තවමත් සමහර නගරවල දකින්නට තිබේ.

    පිටකෝට්‌ටේ හන්දියේ ඇති ගල් අම්බලම ඊට නිදසුනකි. සමහරු අම්බලම යන නම යොදා හෝටල්, ආපන ශාලා ආදියද පවත්වාගෙන යති. එහි වරදක්‌ නැත.

    මහදැනමුත්තලා, අන්දරේලා, දසමහ යෝධයෝ, ආඬි හත්දෙනා වැනි අය අම්බලම්වල රාත්‍රිය ගත කළ අයුරු අප ජනශ්‍රැතියේ සඳහන් වෙද්දී නස්‌රුදීන්ලා, විරුඩන්ලා ලැගුම්හල්වල සිටි බවට ජාත්‍යන්තර කතා අප අසා ඇත.

    ගැබ්බර මරියා සහ ජෝසප් ජන සංගණනයකට පෙනී සිටිනු පිණිස ගලීලයේ නාසරෙත් සිට යුදයේ බෙත්ලෙහෙමට එන අතර එහි තිබූ සියලුම ලැගුම්හල් පිරී ඉතිරී තිබුණු නිසා තානායමක පිළකන්නේ තිබූ ගව මඩුවක තම බිළිඳා බිහි කර ගව ඔරුවක බහා යේසුස්‌ යන නම තැබූ බව ඉතිහාසය පවසයි.

    ගවලෙන් සහ අම්බලම් වලින් එහාට ගොස්‌ ඇති වර්තමාන සමාජයේ අද නවාතැන් පළවල් වී ඇත්තේ හෝටල් කාමර හෙවත් ලැගුම්හල් යෑයි මා කීවොත් බොහෝ දෙනකු මා සමග එකඟ වනු ඇත.

    රෙස්‌ට්‌ හවුස්‌, ඉන්, රෙස්‌ට්‌, ලො-, ගෙස්‌ට්‌ හවුස්‌, මොටෙල්, හොටෙල්, රූම්ස්‌, විලා, තානායම් ආදී විවිධ නම් වලින් හැඳින්වෙන මේ තාවකාලික ලැගුම්හල් නම් කතා කළ යුතුම මාතෘකාවකි.

    ලංකාවේ ඇති ලැගුම්හල් සංස්‌කෘතිය ගැන හදාරා ඒ ගැන ලිපියක්‌ ලියන ලෙස මෙයට වසර දෙකකට පමණ පෙර මාව දිරිමත් කළේ අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගුරුතුමායි.

    ඒවා පිළිබඳව ඔහු අසා දැක ඇති කරුණු මෙන්ම සෘජුව ලැබූ අත්දැකීම්ද මා සමග බෙදා ගත්තා මට මතකය.

    කෙසේ වෙතත් පසුගිය වසර විස්‌සක පමණ කාලයක්‌ තිස්‌සේ හෝටල් කාමර, ලැගුම්හල්, ගෙස්‌ට්‌ හවුස්‌ ආදී ස්‌ථාන පන් සියයකට වඩා ප්‍රමාණයක්‌ ඇසුරු කොට රිංගා, කා රස (තිත්ත) බලා සොයා දැක දැන ගත් කරුණු සමග අද සමාජ විමර්ශන ලිපිය තුළින් කලකට පසු මම ඔබ වෙත එන්නෙමි.

    තාවකාලික නවාතැන් ගැනීම සඳහා ලැගුම්හල් වෙත යන පුද්ගලයන් මෙසේ අපට වර්ග කළ හැක.

    විනෝද චාරිකා හෝ වන්දනා නඩ ලෙස යන පවුලේ සාමාජිකයන් හෝ මිතුරු කණ්‌ඩායම්.

    නගරයෙන් බැහැරව ගොස්‌ වෙළදාමේ යෙදෙන සේල්ස්‌මන් ලා හෝ සේල්ස්‌ රෙප්ලා.

    දෙස්‌ විදෙස්‌ සංචාරකයන්, ගවේෂකයන්, විමර්ශකයන් සහ දේශාටකයන්.

    රාජකාරී කටයුතු සඳහා නගරයෙන් බැහැරව යන නිලධාරීන් සහ සේවකයන්.

    මධු සමය ගත කිරීමට යන නව මංගල ජෝඩු.

    ගණිකාවන්, සහකාරියන් සොර අඹුවන් වැනි අය සමග කම් සැප වීඳීමට රිසි සල්ලාලයන්.

    අනියම් සබඳතා ඇති හෝර ජෝඩු සහ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමි හෝ ගැහැනු.

    සමාජයෙන් වෙන්ව සමීපව කාලය ගත කිරීමට කැමැති පෙම්වතුන්.

    මේ අය අතරින් ලැගුම්හල් වෙත ඇදෙන අයගෙන් වැඩි ප්‍රතිශතයක්‌ වන්නේ අසම්මත ප්‍රේමවන්තයන්, හොර ජෝඩු සහ යොවුන් පෙම් යුවළවල් බව අද වැඩිදෙනා දන්නා සත්‍යයකි.

    දෙවැනි කණ්‌ඩායම වන්නේ වෙළෙඳ නියෝජිතවරුන් හෙවත් සේල්ස්‌ රෙප් ලා බව අප කළ සමීක්‍ෂණවලදී හෙළිවිය.

    “අපි ගාවට එන අයගෙන් වැඩි දෙනා හරි අමුතු ඩයල්. ගැළපෙන්නෙම නැහැ. මාර බොරු තමයි කියාගෙන එන්නේ.

    ඒත් අපි දන්නවා මේ කියන්නෙ බොරු කියල. සමහරු හරියට තාත්තයි දුවයි වගේ තවත් අය අම්මයි පුතයි වගේ කියන්නත් ලැජ්ජයි ඒත් ඒක තමයි ඇත්ත.

    ඒ අය කියන බොරු ඇහුවම අපිට හිනාත් යනවා. බස්‌ එක මග ඇරුණා අද රෑට මටයි අපේ නැන්දටයි නවතින්න තැනක්‌ ඕනි. අපි මේ ළඟට ආවා ඉන්න තැනක්‌ නැහැ.

    ඔය වගේ දේවල් අහල අපේ කන් පැසවලා”.

    මෙසේ කියන්නේ හෝමාගම පරණ පාරේ පිහිටි ලැගුම් හලක සේවය කරන මට හිතවත් කොලු ගැටයෙකි.

    ඔහු එම ස්‌ථානයෙහි වේටර්, රූම්බෝයි මෙන්ම රිසෙප්ෂනිස්‌ට්‌ හෙවත් පිළිගැනීමේ නිලධාරියා යන කාර්ය තුනටම විටෙන් විට දායක වෙයි.

    “එහෙම බොරු කෙළින්නෙ එල් බෝඩ් කාරයොයි, ලැජ්ජකාරයොයි. ඒත් පුරුදුකාරයෝ නම් කිසි ගාණක්‌ නැතිව පෝවඩ් එකේ එනවා අයිඩෙන්ටිය දික්‌ කරනවා.

    ඉන්න පැය ගාණ කියනව පැයකින් කාමරේට රයිස්‌ එකකුයි කෝක්‌ දෙකකුයි එවන්න කියනව. ගාන ගෙවනව. එළකිරි වගේ කෙල්ලගෙ කර වටේ අතක්‌ දාගෙන ගෙදර යනව වගේ පඩිපෙළ නැගල කාමරේට යනවා”.

    ඔහු එසේ කියා නිම වෙන්නටත් කලින් එම ලැගුම්හලේ සාලය කෙළවරින් වැටී ඇති ඇන්ටික්‌ ලෑලි තරප්පු පෙළ දිගේ නව යොවුන් යුවළක්‌ උඩු මහලේ සිට පහළට බැස එනු මම දුටිමි.

    තරුණයාගේ අතේ ජංගම දුරකථනයකි.

    ඩෙනිම් කලිසමට උඩින් දැමූ කමිසයේ උඩ බොත්තම් දෙකම පියවා නැත. තාමත් වතුර බේරෙන දිගු කෙස්‌ කලඹක්‌ සහිත රූබර ළාබාල පෙනුමැති යුවතියගේ කරේ මල්ලකි.

    එහි ඇත්තේ පොත් කීපයක්‌ සහ වතුර බෝතලයක්‌ බව මට නිසැකව තේරුණි. “යන්නං කොල්ලෝ” කියා තරුණයා මගේ ගෝලයාට අත කපද්දී කෙල්ල අහිංසක ලෙස අප දෙදෙනාටම දසන් නොපෙන්වා සිනා සී බිම බලා ගත්තාය.

    අපේ ඒකාද “එළකිරි බොස්‌ ගිහින් එන්න. ලබන සතියෙත් එනවනේ” කියා ඔවුන්ට ළෙන්ගතුව සමු දුනි.

    යුවළ කවුන්ටරය පසු කර මිදුලට පය තබද්දිම ගෙවත්තේ කොහේ හෝ ගසක්‌ යට සැඟවී සිටි ත්‍රීවිලරයක්‌ බරාස්‌ ගාස්‌ ස්‌ටාට්‌ වන හඬත් දෙදෙනා එයට ඇතුල්වූ පසු සැර දමා පිටවී යන සද්දයත් මට ඇසුණි.

    “ක්‌ලාස්‌ යන ඩබලක්‌ බොස්‌. අපේ හොඳ කස්‌ටමස්‌ලා. කිසි කරදරයක්‌ නැහැ. ඉල්ලීම් නැහැ. චෝදනා නැහැ. සතියට දෙතුන් පාරක්‌ එනවා. අපි දැන් අයිඩෙන්ටි බලන්නෙත් නැහැ”.

    අප දන්නා පරිදි කාමරයක්‌ ගැනීම සඳහා ලැගුම්හලකට ඇතුල් වෙද්දීම මුදල් ගෙවිය යුතු අතර ඒ සමගම තමන්ගේ ජාතික හැඳුනුම්පතත් කවුන්ටරය වෙත ලබා දිය යුතුය.

    සමහර හෝටල් කාරයෝ දෙදෙනාගේම අයිඩෙන්ටිය ඉල්ලති. මෙවැනි අවස්‌ථාවල තරුණිය හෝ කාන්තාව ඇස්‌ උඩ යවමින් අන්දමන්ද වන බව හෝ විපරීත බවක්‌ පෙන්නුම් කරන අයුරු මා කීප විටක්‌ම නිරීක්‍ෂණය කර ඇත.

    ඒ පිළියන්දල දම්පේ පාරේ පිහිටි රෙස්‌ට්‌ එකක මා දවසේ කුලියට බිත්ති පින්තාරු කරන ගමන් කාමරයට යන එන අයගේ හැසිරීම් අධීක්‍ෂණය කරද්දීය.

    “මුන් කෙල්ලගෙ අයිඩෙන්ටිය ඉල්ලන්නෙ කුපාඩිකමටයි මහත්තයෝ. මොකද කෙල්ල පාරක්‌ වගේ පේන අප්සට් කෑල්ලක්‌ නම් පස්‌සෙ කන්ටැක්‌ කරගන්න.

    එහෙම නැත්නම් ඉන්න තැන බලාගෙන ටෝක්‌ කරන්න. ඒක නිසා මං නං කවදාවත් එහෙම තැනකට කපල් එකක්‌ ඇඩ්මිට්‌ කරන්නෙ නැහැ.”

    පිළියන්දල බොල්ගොඩ පාරේ හෝටල් ගොන්න පැත්තට හැරෙන හන්දියේ වීල් පාක්‌ එකේ වාහනේ ගහගෙන ඉන්න සුදු කියන පරිදි කාමර සහ ත්‍රිරෝද රිය අතර ඇත්තේ මහා සමීප සබඳතාවයකි.

    එය අපි ඇස්‌ පනා පිට දැක ඇත්තෙමු. පිට නගරයේ තැනකදී හෝ බස්‌ රියේදී අහම්බයකින් හෝ නොසිතූ අයුරින් මුණ ගැසෙන ජෝඩුවකට තම හදිසි අවශ්‍යතාවය පියවා ගැනීමට කාමරයක්‌ අවශ්‍යවෙයි.

    ඒ සඳහා ඔවුන් සරණ පතා යන්නේ ළඟම ඇති ත්‍රීවීල් පාක්‌ එකටයි. සහකාරියව බස්‌ නැවතුමේ හෝ මදක්‌ ඈතින් සිටුවා පාක්‌ එකට යන පිරිමියා රියෑදුරෙක්‌ වෙත ළංවෙයි. මෙතැනදී ඔහු තෝරා ගැනීමක්‌ද කරයි.

    “අයියා හොඳ රූම් එකක්‌ ගන්න තියෙන්නෙ කොහෙද? හැබැයි ඩිනස්‌ට්‌ තැනක්‌ හරිද.”

    මා තෝරා ගැනීමක්‌ යෑයි කියුවේ ඔවුන් උපකාර ඉල්ලන රියෑදුරා තරුණයකු මෙන්ම මදාවි පාට නැති වැදගත් යෑයි සිතිය හැකි අයකුද වන නිසාය.

    නගරයේ තියෙන හෝටල් කාමර ලො-, රෙස්‌ට්‌ ආදි සියල්ලේම ජාතකය පවා කටපාඩමින් කියන්න හැකි ඒවා ගැන අතැඹුලක්‌ සේ දන්නා රියෑදුරා ඒ බව හාන්කවිසියක්‌ නොපෙන්වා නළල රැලි කොට මුහුණට ගම්භිර බවක්‌ පෙන්වා අවසානයේ “නගින්නකෝ මං එක්‌කන් යන්නං” කියා ගැහැනියවද රථයට නග්ගවා ගෙන අවශ්‍ය තැනට රැගෙන යයි.

    මෙහිදී රියෑදුරා කරන පළමුවැනි ක්‍රියාව වන්නේ රියට නැගුණු තරුණියගේ හෝ කාන්තාවගේ මුහුණ, ඇඟපත පෙනුම ආදිය පිරිමියාට හොරා තම වාහනේ කණ්‌ණාඩියෙන් බලමින් හොඳහැටි ස්‌කෑන් කිරීමයි.

    “ආයි ඉතින් කොහේ දැක්‌කත් ඒ ඩයල් එක මට අඳුන ගන්න පුළුවන් “ඒ මොරටුව කටුබැද්දේ වීල් එක දුවන චූටී මල්ලිගේ හපන්කමයි.

    තැන කොහොමද පිරිසිදුද ගාණ කීයද නිතරම සෙනගද පොලිසියෙන් පනිනවද ලයිසන් තියෙනවද ආදී ප්‍රශ්න වැලක්‌ පිරිමියා විසින් ගමන යන ගමන් ත්‍රීවිල් රියෑදුරාගෙන් අහන්නේ සහකාරියට නෑසෙන්නය.

    තත්වය කෙසේ වුවත් සැම ප්‍රශ්නයටම රියෑදුරා හොඳයි, නියමයි, එළකිරි ආදී උත්තර සපයන්නේ වෙන විකල්ප නැති නිසාත් තමන්ට ලැබෙන්නට යන කොමිසන් මුදල නිසාත්ය.

    හොර ජෝඩු කාමර වෙත දක්‌කන ත්‍රීවිල් කරුවෝ බොහෝ විට හයර් එකට ඩබල් ගාණ කපති. එසේම ඔවුන්ට හෝටලයෙන්ද රුපියල් සියයක දෙසීයයක කමිෂන් එකක්‌ ලැබේ.

    එය ලැබෙන්නේ ජෝඩුව කාමරයට ඇතුල් වුණාට පසුව බව මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි.

    ජෝඩුව ලැගුම් හලට දාන රියෑදුරා අහන අවසන් ප්‍රශ්නය වන්නේ කීයටද මං එන්න ඕනි එක්‌කන් යන්න හෝ මං ඉන්නද එළියෙන් කියාය.

    ඒ තව ගාණක්‌ කපා ගැනීමටය. මේවා හැම තැනම හැමදාම වෙන බොහෝ සරල, සුලබ දේවල්ය. සමහර ජෝඩු වලට මේවාට උත්තර දෙන්න තියා අහන්නවත් වෙලාවක්‌, ඉස්‌පාසුවක්‌ නැත.

    උන් කාමරයට දුවන්නේ තමාට ලැබී ඇති සෑම තත්පරයෙන්ම උපරිම පල නෙළා ගැනීම සඳහාය.

    කෙසේ වෙතත් කාමරයට ඇතුල් වූ සැණින් එහි ඇති ගඳට ඇඳට සහ හැඩයට නහය හකුළා ගෙන මුහුණ ඇඹුල් කරගෙන අනේ මෙයා මෙතන හැටි විතරක්‌ චිඃ අපායක්‌ වගේනේ අපි යමු කියා කිසිම ගැහැනියක්‌ මට කියා නැතත් ගැහැනුන් එසේ කියනවා මා සියෑසින් දැක නැතත් නිසැකව මෙවන් කාමරයකට එන බවලතියන් එලෙස හැසිරෙන බව මට පරිකල්පනය කර ගත හැක්‌කේ ගැහැනුන්ගේ චර්යාවන් ගැන හොඳ අවබෝධයක්‌ මා සතුව ඇති නිසාය.

    ඇත්ත වශයෙන්ම අප රටේ ඇති බොහෝ ලැගුම් හලකට වැදගත් ගැහැනියක්‌ රැගෙන යාමට බැරිය. එහි ඇති ඇඳක ඇලවෙනවා තියා වාඩි වෙන්නවත් බැරිය.

    සමහර ඇඳන් කිරි කිරි ගායි. ඇඳ ඇතිරිලි, කොට්‌ට උර. තුවා ආදිය දුර්වර්ණ වී පඩංගු බවට පත්වී ඇත. ඇටෑච් බාත් හෙවත් යාබද වැසිකිළි යෑයි කීවාට ඒවා අන්තිම අපිරිසිදු තත්වයේ පවතී.

    හරිහැටි ජලය ගලා ඒමක්‌ නැත. බිත්තිවල පුස්‌ හෝ සෙවල ඇත්තේය. හරියට හරක්‌ මඩු මෙනි.

    “ලොක්‌ක ඔය කියන්නෙ තර්ඩ් ක්‌ලාස්‌ රූම්ස්‌ ගැනනේ. යන්නකො මවුන්ට්‌ වල අහවල් පොට්‌ එකට.

    එතන හරියට රජ ගෙවල් වගේ ඒසී ටීවී ඩෙක්‌ ඩීවීඩී එක්‌කොම තියෙනව කෑම බීමත් නියමයිනේ” එසේ මට කිව්වේ දෙහිවල රත්නෙ අයියායි.

    ඔහු කියන කතාවේ ඇත්තක්‌ තිබේ. නමුත් එම කාමරවල මිල ගණන් අති ඉහළය. අවම වශයෙන් පැය කීපයක්‌ හෙවත් ෂෝට්‌ ටයිම් එකකට රුපියල් තුන්දාහක්‌ වත් ගෙවිය යුතුය.

    නයිට්‌ එකකට හාරපන්දාහක්‌ අය කරයි. මා කලින් විස්‌තර කළේ ජනාකීර්ණ නගරාශ්‍රිතව ඇති අවම පහසුකම් සහිත කාමර ගැනයි. ඒවා පැය කීපයක්‌ වෙනුවෙන් අලෙවි වෙන්නේ රුපියල් හයසීයේ සිට දාහ දක්‌වා වැනි මිල ගණන්වලටය.

    “වැඩි හරියක්‌ කාමර හොයන් එන්නෙ ටියුෂන් ජෝඩු, ගාමන්ට්‌ කෙල්ලො කොල්ලෝ, ආමිකාරයින්, පේමන්ට්‌ බිස්‌නස්‌කාරයෝ වගේ සාමාන්‍ය අය.

    ඉතින් ඒ අය කොහොමද අයියෙ ලොකු ගණන් ගෙවන්නෙ. ඒ නිසා තමයි අපි පුළුවන් විදියට අඩු ගාණට කාමර දෙන්නෙ”.

    මෙසේ කියන සමන් අවුරුදු දහයක්‌ පමණ මහරගම හයිලෙවල් පාරේ රෙස්‌ට්‌ එකක සේවය කරන තරුණයෙකි. ඔහු සතුව ඇති අත්දැකීම්ද සම්භාරයකි.

    රටම පිළිගත් දානපති වයෝවෘද්ධ භක්‌තිමත් ප්‍රභූ කාන්තාවකට අයත් භූමියක පිහිටා ඇති මෙම හවුස්‌ එකේ අරලිය ගසක්‌ යටට වී එහි එන ජෝඩු නිරීක්‍ෂණය කරමින් මම සමන්ගේ අත්දැකීම්වලට සවන් දුනිමි.

    “හරි දුකයි මල් වගේ ගැහැනු ළමයින් මෙහෙට එනව. සමහරු පෙම්වතා එක්‌ක.

    හැබැයි කෙල්ලෙක්‌ව කාමරයකට අරන් එනව නම් ඌ ප්‍රේමවන්තයෙක්‌ නෙමේ කියලයි මට හිතෙන්නෙ. එතන ආදරයක්‌ නැහැ. රාගය තියෙන්නෙ.

    සමහර නාකි බල්ලො පොඩි කෙල්ලන්ව ගේනව. ඒ විතරක්‌ද ඇන්ටිලා පොඩි කොල්ලෙ එක්‌කන් එනව. ඔපිස්‌ වල බොස්‌ල තමන්ගෙ සෙකටි එක්‌ක ඇවිත් කාමර ගන්නව.

    ගිය සුමානේ ආවා නුවර පැත්තෙ ලොකු පෝස්‌ට්‌ එකක්‌ කරන මැදි වයසෙ නෝන කෙනෙක්‌. රාජකාරී වැඩකට කියල ඇවිත් තමන්ගෙ වාහනේ එළවන් ආපු තරුණ කොල්ල එක්‌ක එක කාමරේ පැය විසි හතරක්‌ හිටිය.

    අපිට මේව අලුත් දේවල් නෙමේ සර් පුංචි සමනලියො වගේ සතුටින් මෙහෙට එන සමහර කෙළි පැංචියෝ සමහර විට යන්නෙ අඬඅඬා කෙඳිරි ගාගෙන. උන් කෙලෙසිලා මදිවට ඉතිරි කරල යන ලේ පැල්ලම් දැක්‌කම අපිට අපේ නංගිල මතක්‌ වෙනව. මහත්තයල මේව කෙළින්ම පත්තරේ ලියන්න.

    අපේ මහ එවුන් දැන ගන්න එපැයි දරුවො මොනාද කරන්නෙ කියල.”

    සමන් කියන පරිදි බහුතරයක්‌ ලැගුම්හල්වල මෙන්ම මෙම ස්‌ථානයේද බලන්නන් ඇස්‌ ආසික්‌ කාරයන් හෙවත් දර්ශකාස්‌වාදීන් සඳහා (නිරීක්‍ෂණ කාමුකත්වය ඩදහැමරසිප හෙවත් දර්ශාස්‌වාදය) අවස්‌ථාවන් ඇත.

    සමහර හෝටල් සේවකයන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් නිරන්තරයෙන් මෙම කාමර වල වෙන දේ බලන්නට හුරුවී සිටින්නේ ඒ සඳහා වෙනමම හදා ගෙන ඇති සූක්‍ෂම සිදුරු වලිනි.

    ජංගම දුරකථන වලින් සහ කුඩා කැමරා වලින් මෙම අනග රැඟුම් කැමරා කර ගන්නා අවස්‌ථාද එමටය. මේවා අද රටේ බහුතරයක්‌ ලැගුම්හල් වල සිදුවෙයි.

    “අපි ගාවට එන අය අතරින් ගණිකාවෝ තමයි හොඳම කස්‌ටමර්ලා. ඒ අය දවසටම ඩබල් ගෙවල කාමරයක්‌ ගන්නවා. ඒකට විටින් විට හත් අට දෙනා ගේන දවස්‌ තියෙනවා.

    හැබැයි ඒකාට එකෙක්‌ දන්නෙ නැහැ තව අය ආවයි කියල. සමහර පිරිමිත් ඉන්නව එහෙම කාමරයක්‌ ගත්තම දවසකට ගෑනු තුන් හතර ගේනව. මේ අයට තමයි නියම සල්ලාලයො කියන්නේ.

    සල්ලිකාර ගෑනු යන්නෙ ගල්කිස්‌සෙයි කොල්ලුපිටියෙයි තියෙන ඉස්‌තරම් රූම්ස්‌ වලට. මං එහෙම තැනක වැඩ කළා හොඳට ටිප් එක ලැබෙනව” ඒ තවත් රූම් බෝයි කෙනෙක්‌ගේ අත්දැකීමයි.

    පිටකොටුවේත් මෙවැනි රූම්ස්‌ දෙන තැන් අනන්තවත් ඇත. ඒවාට ලො- කියාද කියයි. හදිසි සහ ටෙම්පරිකාරයෝ වෙනුවෙන් සේවය ලබාදීමට සැදී පැහැදී සිටින මෙම ලො- වල පිරිසිදුකම ඇත්තේ බින්දුවේය.

    පොලිසිය පැමිණ නිතර නිතර කරදර කරන බවද සැලවිය.

    හමුදා කඳවුරු අසල, සංචාරක පුරවරයන් තුළ ගාමන්ට්‌ බහුල ප්‍රදේශවල මෙවැනි ලැගුම්හල් බොහෝ ලෙස දකින්නට ඇත.

    අනුරාධපුරය, කතරගම, මහනුවර වැව රවුම, කුරුණෑගල වැව රවුම, හෝමාගම පනාගොඩ කඳවුර අවට, කටුනායක වෙළෙඳ කලාපය, ජාඇල, වත්තල, කැලණිය, රත්මලාන, මොරටුව, කළුතර, ගාල්ල වැනි ප්‍රදේශ මෙවැනි ලැගුම් හල් රාශියක්‌ ඇති පළාත්ය.

    අප දන්නා පරිදි මෙවැනි ස්‌ථාන කීපයක හිමිකාරත්වය ඇත්තේ විශ්‍රාමික උසස්‌ පොලිස්‌ නිලධාරීන්ටය. එමෙන්ම දැනටද රැකියාව කරන නිලධාරීන්ගේ භාර්යාවෝ සහ සහෝදරියේද රෙස්‌ට්‌ පවත්වාගෙන යති.

    ඒ සෑම එකකටම පළාතේ පාතාලයන්ගේ, හොර ජාවාරම්කරුවන්ගේ, දේශපාලනඥයන්ගේ සහ පොලිසියේ සමහර නිලධාරීන්ගේ සහාය සහ රැකවරණය ලැබෙන බව රහසක්‌ නොවන බවද ලියන්නට කැමැත්තෙමි.

    කලින් කී පරිදි කාමර පන්සියයකට වඩා මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි. ඒ අතරින් බොහෝ කාමරවල දොර පිටු පස්‌සේ හෝ වැසිකිළියේ මිල ගණන් දක්‌වා ඇති දැන්වීමක්‌ තියෙනවා මම දුටිමි.

    නගරයට හැරලීම සඳහා සිටින ත්‍රීවිල් රියෑදුරන්ගේ දුරකථන අංක මෙහි මුල් තැන ගන්නා අතර සබන් වල මිල ගණන් ශැම්පු වල මිල ගණන් උපත් පාලන කොපු හෙවත් කොන්ඩම්වල මිල ගණන් හදිසි ගැබ් ගැනීමක්‌ වණළකන පෙති, බික්‌ රේසර්, කාන්තාවන්ගේ රෝස පාට රේසර්, කාන්තා යට ඇඳුම්, සනීපාරක්‍ෂක තුවා වැනි එකී නොකී මෙකී දේවල් පිළිබඳ විස්‌තර ඒවායේ ඇත. එසේම කීමට, ලිවීමට බැරි දේවල්ද මෙම කාමර තුළ සිදුවෙයි. දකින්නට ලැබෙයි ඒවා ගැන ලිවවොත් කොල පිරෙන්නට පත්තර පිටු ගණන් ලියන්නට හැක. ප්‍රශ්නය ඇත්තේ ඉඩ කඩයි.

    තානායම් හෝ ලැගුම්හල් තහනම් කරන්න යෑයි අපි කිසි වටෙකත් නොකියමු. නමුත් ඒවා ප්‍රමිතිකරණය කරන්නේනම් හොඳය.

    එසේ නොකළා කියා රාගික හැඟුම් උත්සන්න වූ ජෝඩු ඒවාට නොගොස්‌ පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල යන්නේ නැත. උන් තම පුරුදු අත නාරිති. නමුත් රජය විසින් යම් පියවර ගන්නේ නම් මෙයට වඩා සදාචාරාත්මක තරුණ පරම්පරාවක්‌ අපට සාදා ගත හැකි වනු ඇත.

  • ජනපති මෛත්‍රිට උණුසුම් ප්‍රතිචාර ලැබෙද්දි කුපිත වු  LTTE ය ජනපතිට එරෙහිව විරෝධතාවයක

    ජනපති මෛත්‍රිට උණුසුම් ප්‍රතිචාර ලැබෙද්දි කුපිත වු LTTE ය ජනපතිට එරෙහිව විරෝධතාවයක

    ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථව සදහා සහභාගීවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ දිනවල සිටින්නේ මහා බ්‍රිතාන්‍යයේය.

    පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුථවේ සමාරම්භක අවස්ථාව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසඛෙත් මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ බකිංහැම් මාලිගාවේ දී අභිමානවත් අයුරින් පැවැත්වූණු අතර, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

    පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුථවට සමගාමීව අද පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී ආරම්භ කෙරිණි.පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවට සහභාගීවීම සදහා පැමිණි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පිළිගත්තේ බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ මැතිණිය විසිනි.ලොව රටවල් රැසක ප්‍රබල රාජ්‍ය නායකයින් රැසක් මෙම විධායක සභාව නියෝජනය කරනු ලබයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මෙලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ කටයුතු සදහා සහභාගී වන මොහොතේදී ලන්ඩනයේ දෙමල කොටි හිතවාදී ඩයස් පෝරා සංවිධාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව විරෝධතා දක්වමින් ඇත.කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සියලු කටයුතු සදහා කිසිදු බාධාවකින් තොරව සහබාගි විය.දෙමල කොටි හිතවාදී ඩයස් පෝරා එහිදී විරෝධතාවයේදී කියා සිටියේ යුද්ධයේ අවසාන සතියේ වැඩ බලන ආරක්ෂක ආමාත්‍යවරයා වුයේ වත්මන් ජනපති බවය.එම නිසා වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව මෙම ඩයස් පෝරා විසින් විරෝධතාවය සංවිධානය කර ඇත.

    මිට මාස කිහිපයට පෙර ලන්ඩනයේ දෙමල කොටි හිතවාදී ඩයස් පෝරා සංවිධාන විවිස්න් සංවිධානය කල   විරෝධතාවයේදී කාගේත් කතා බහට ලක්වූ බ්‍රිගේඩියර්වරයාගේ සිදුවීමේදී ඒ සදහා මැදිහත් වෙමින් බ්‍රිගේඩියර් ප්‍රියංකර මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහු ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසා සිටියේය

     

  • දෙයියනේ කෝ මඳ වේග ධාවන පථය….ලොවම දිනු කපිතාන් මත්තල පතුරු ගසපු හැටි මෙන්න…

    දෙයියනේ කෝ මඳ වේග ධාවන පථය….ලොවම දිනු කපිතාන් මත්තල පතුරු ගසපු හැටි මෙන්න…

    වසර 45ක් ගුවන් නියමුවකු ලෙස සේවය කළ කපිතාන් එල්මෝ ජයවර්ධන එයා ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන ගුවන් නියමුවා විය. සිංගප්පූරු ගුවන් සේවයේ වසර 20ක් ගුවන් නියමු උපදේශකවරයකු ලෙස සේවය කළ ඔහු මේ වන විට බෝයිං ගුවන් සමාගමේ නියමුවන් පුහුණු කරවන්නකු ලෙස කටයුතු කරයි. මිහිතලය වටා ගුවන අරා සැරි සරා ඇති එල්මෝ ජයවර්ධන කපිතාන්වරයා මත්තල ගුවන් තොට පිළිබඳ මෙසේ සටහනක් තබයි.

    මංතීරු හතරේ අධිවේගී මාර්ගයේ යාලට යද්දී කෙතරම් වාරයක් මත්තල පසු කර ගියද මා එතැනට කිසිදා ගොඩ වූයේ නැත. එහි ඉදි වූ මහා ගුවන් තොටුපොළක් සහ ඒ පිළිබඳ විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් ඇති බව මම දැන උන්නෙමි. දේශපාලනය විසින් සුදු හුණු ගාන්නට වූ නිසාම හම්බන්තොටට එන යන ගුවන් යානා පිළිබඳ මඳක් අවධානය යොමු කරන්නට සිත් විය. මෑතකදී මා කියවූ ඉංග්‍රීසි පුවත්පතක මත්තල ගුවන් තොටුපොළේ මඳ වේග ධාවන තීරු පිළිබඳ ලියා තිබුණි.

    ඒ මාධ්‍යවේදිනියගේ ලියවිල්ල මා විශ්වාස නොකළත්, කුතූහලය නිසා මත්තලට ගොඩබස්වන ගුවන් යානා වගුව පිරික්සීමි. රුපියල් දස ලක්ෂ 280ක් වැය වූ මේ ගුවන් තොටේ ධාවන පථ (runway) හා මඳ වේග ධාවන පථ (taxiway) සැලැස්ම දැකීමෙන් මම මවිතයට පත් වීමි. සෙර්වන්තේස් නමැත්තාගේ ප්‍රකාශයක් මා සංක්ෂිප්ත කොට සඳහන් කළොත් එයින් කියැවෙනු ඇත්තේ ‘එක මිනිසකුගේ ගුවන් තොටුපොළ තවත් මිනිසකුට තකතීරුකමක් වේ’ යන්නය.

    වාණිජ කරුණු අතහැර දමමු. මා මේ සඳහන් කරන්නේ හුදු ඉදි කිරීම් ගැටලු සහ ඉතා පැහැදිලිව පෙනෙන ඇතැම් මූලික කරුණු ඔළමොට්ටල ලෙස වරද්දාගැනිම පිළිබඳවය. ගුවන් තොටේ ධාවන පථ දෙක වෙත ප්‍රවේශ වීමට එහි කෙළවර මඳ වේග ධාවන පථ නොමැති වීමෙන් යානා පසුගමනය කිරීමට ක්‍රමයක් නැත.

    සත්‍යය වශයෙන්ම එවැනි ගුවන් තොටු පොළ තවත් තිබේ. මාලදිවයිනේ හුලලේ ගුවන් තොටුපොළ එවැන්නකි. එහෙත් මාලදිවයිනට එවැනි පසුගමන් ධාවන පථයක් ඉදි කිරීමට හේතු ඇත. ඒ, ඔවුන්ගේ කුඩා දූපත් තීරුවල, වෙනම මඳවේග ධාවන පථ ඔස්සේ ඇරඹුම් ස්ථානයට ළඟාවීමට තරම් ඉදි කිරීමකට ඉඩහසරක් නැති වීමය.

    එහෙත් අපි? අපට උරුම ගුවන් සේවාවට මහා නිගාවක් කරන්නේ කෙසේද? භූමිය… අපට ඕනෑ තරම් මඳ වේග ධාවන පෙත් ඉදි කරන්නට තරම් ඉඩහසර තිබේ. ඕනෑ නම් බූන්දලටම ගොස් ආපසු පැමිණ ධාවන පථයට එළැඹීමට තරම් ඉඩකඩක් අපට තිබේ. එහෙත් යමකු, සහ තවත් අය පොදු එකඟතාවකින් මේ මඳ වේග ධාවන තීරු රහිත ගුවන් තොටුපොළ ඉදි කර ඇත.

    මත්තල ගුවන් තොට, මීටර් සියයේ ඉසව්ව දුවන්නට සැරසී සිටින අත්වාරුවෙන් යන අබ්බගාතයකු ලෙස නිම කිරීමට හේතු වූ කරුණ අල්ප මාත්‍රයකින් හෝ පහදන්නට සමතෙක් වේ නම්, ඒ ඕනෑම අයකු සමඟ කරුණු දැක්වීමට මමද සූදානම් වෙමි. ඇතැම් විට එය ‘රජාගේ අලුත් ඇඳුමේ’ සහලක්ෂණයේ ශ්‍රී ලාංකික පුනරුත්පත්තිය විය හැකිය. ඕනෑම දෙයකට ‘එසේය ස්වාමීනී’ කියමින් දියවන්නා ඔයට ආවඩන්නට සැදීපැහැදී සිටින ඇම්බැට්ටයන් නිසා හම්බන්තොට නිරුවත් ගමනක යෙදෙයි.

    දැන් අපට මඟීන් ගෙන යාමට ඒමට මංතීරු හතරේ අධිවේගී මාර්ගයක් ඇත. එහෙත් මඟීන් නැත. නවීන දැවැන්ත ගුවන් යානා ගොඩ බැස්වීමට ශක්තිය හා අවකාශය ඇත. එහෙත් ගුවන් යානා නැත. විසුළු පෙනුමැති විහිළුකාර විද්‍යුත් ගොඩබැස්වීම් ක්‍රමයක් ඇත. එහෙත් ජෙට් යානා ගොඩ බැස්සවීමේදී අංශක 180ක් හරවාගෙන විත් ධාවන පථයට ඇතුළු කිරීමට වඩා මඳ වේග ධාවන පථයක් යෙදීම සුදුසු බව ඇතැම් අමනයින්ට අමතක වී ඇත.

    මඳ වේග ධාවන පථයක් නැති වීම හා සසඳන විට, සුළු කාරණා බවට පත් වන, ධාවන පථයේ සම්පාත වීම හා හරස් සුළං හැමීම වැනි කරුණු ගැන සඳහන් කිරිමට මා යුහුසුලු වන්නේ නැත. මඟීන් නැති කතාවද අපි පසෙක ලමු. ඒ සියල්ල දේශපාලනික කරුණු නිසාය. එහෙත් මේ දෝෂ සහිත ඉදි කිරීම අදක්ෂතාව මොනවට පැහැදිලි කරන්නක් වන අතර, එයට වගකිව යුතු වැරැදිකරුවා මරණ මංචකයේදී හෝ මේ පව ගෙවා නිම කළ යුතුය.

    මේ ගුවන් තොටු‍පොළට ඉහළින් පියාසර කරන ගුවන් යානාවල ගමනාගමනයෙන් විශාල මුදලක් උපයන බව, කෝප් කමිටුවට යමකු දැනුම් දුන් බව පුවත් පත් මඟින් දැනගතිමි. එහි සඳහන් ආකාරයට ශ්‍රී ලංකාවට ඉහළින් ඇති ගුවන් මං ඔස්සේ සිය යානා ඉගිළ යෑම පිළිබඳ ගුවන් සේවාවන් කැමැත්තක් දක්වන්නේ, හදිසි අවස්ථාවකදී මත්තලට ගොඩ බැස්විය හැකි බැවිනි.

    හෙට ඔබ මත්තලට ගිනි තබන්න. එහි අළු ගෙන පණ්ඩිතයන්ගේ නළලේ උලන්න. එහෙත් අර ගුවන් යානා සුපුරුදු පරිදි සිය ගමනේ යෙදෙනු ඇත්තේ අප දෙස ඇහැ කොනින්වත් නොබලාය. එය මම විශ්වාසයෙන් කියන්නේ චිරාත් කාලයක් තිස්සේ ලොව විශාලතම ගුවන් යානා පදවමින් අහස පුරා පියාසර කළ අත්දැකීම් ඇසුරෙනි.

    අපි සුළු සැසඳීමක් කරමු. සැන් ෆ්රැන්සිස්කෝ අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ධාවන පථ රැස අතරින් විශාලම පථය මීටර 3600ක් දිගින්ද මීටර 45ක් පළලින්ද යුතුය. මත්තල, දිගින් මීටර 3500ක් හා පළලින් මීටර 60ක් වේ. ඒ අනුව පළලින් සැන් ෆ්රැන්සිස්කෝවටත් වඩා වැඩි වූත්, දිගින් මීටර 100ක් පමණක් අඩු වූත් මේ ගුවන් තොටේ කැපී පෙනෙන ලෙස තිබිය යුතු මද වේග ධාවන පථය කෝ දෙවියනේ!

    දැන් පෙර පාසල් මට්ටමේ තර්කයක් ගොඩනඟමු. කවුරුන් හෝ මත්තල හැදූ බව ඇත්තය. තවත් කෙනකු එය වැසුවායැයි සිතමු. එහි බර මාතෘ භූමියේ පෙට්ටගමෙන් දරා ගත්තත්, මෙය සෑදූ හෝ වැනසූ දෙදෙනාගෙන් අයකු වැරැදි විය යුතුමය.

    එහෙත් කිසිවකු වැරැදිකරුවකු වන්නේ නැත. හේතුව ඉතා සරලය. දේශපාලනයේදී ඔබේ අතේ තැවරෙන ලේ පවා හිම මෙන් සුදු වන නිසාය.

    විසඳුම කුමක් විය යුතුද? මඳ වේග ධාවන තීරුවල ගැටලුව, ඒ ගැන ඇස් ඇරුණු කාගේ හෝ මැදිහත් වීමෙන් අලුතෙන් ඉදිකෙරුව හොත් විසඳාගත හැකිය. එහෙත් ගුවන් තොටුපොළ හා එහි වාණිජ වටිනාකම සැලකූ විට එය අලුත් සූදුවකි. එසේත් නැත් නම් ජාත්‍යන්තරයේ ගුවන් යානා මෙහි පැමිණ, ගොඩබස්සවා මත්තලින් ගුවන්ගත කර, ටජ් මහලේදී මෙන් කදමලු බැඳගත් සංචාරකයන්ගේ නවාතැන් පහසුකම් වැනි අවශ්‍යතා සපුරාලීම‍ හැර වෙන යමක් නැත.

    සත්‍ය වශයෙන්ම තවත් විසඳුමක් තිබේ. ඒ බුල්ඩා්සර් හතරක් මත්තලට යැවීමය. එවිට පාඩුව රුපියල් දස ලක්ෂ 280ක් පමණි. නැත හොත් රට කරවන්නන්ගේ බලකාමය නිසා ඇති වන හදිසි ආශාවන් හා අරුමෝසම් වෙනුවෙන් ඊට වඩා වැඩි පිරිවැයක් රටට දරන්නට සිදු වනු ඇත.

  • පෙම්වතිය සමග අඹු සැමියන් සේ හැසිරී දර්ශන පටිගත කරළා – විඩියෝ ලිංකුවෙන් බුකිය ගිණි ගනී..

    පෙම්වතිය සමග අඹු සැමියන් සේ හැසිරී දර්ශන පටිගත කරළා – විඩියෝ ලිංකුවෙන් බුකිය ගිණි ගනී..

    සිය හිටපු පෙම්වතිය සමග අතීතයේ අඹුසැමියන් ලෙස හැසිරී එම දර්ශන රූගත කර ගනිමින් , ඇයව බිය ගන්වා මුදල් ලබා ගත් පුද්ගලයෙකු පිළිබදව තොරතුරු වාර්තා වෙනවා.

    වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පසුගිය 2016 වසරේ සිට වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යමින් ඇය සමඟ අඹුසැමියන් ලෙස එක්‌වී ඇත. එම අවස්‌ථාවල ලිංගික දර්ශන සැකකරු ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර තිබේ.

    කෙසේ වෙතත් මෙම ප්‍රේම සම්බන්ධයට තරුණියගේ දෙමාපියන් විරුද්ධ වීම නිසා තරුණිය සිය පෙම්වතා වූ සැකකරුට මේ බව කියා සම්බන්ධය අවසන් කර ඇත. එහෙත් මෙම පුද්ගලයා ඇයත් සමඟ අඹුසැමියන් සේ සිටි දර්ශන අන්තර්ජාලයට මුදා හරින බව ද දෙමාපියන්ට හා ඇයගේ හිතවතුන්ට ද බලා ගැනීමට සලස්‌වන බව ද කියමින් වරින්වර ඇයගෙන් මුදල් ඉල්ලන්නට පටන් ගෙන තිබේ.

    ඔහුගේ බිය ගැන්වීම මත ඇයගේ ආත්තම්මාට පමණක්‌ මේ බව කියා ඇගේ ඒ.ටී.එම්. කාඩ්පතින් මුදල් ලබාගෙන දී ඇත. ණයට ද මුදල් ගෙන ඔහුට දී ඇත. එහෙත් ඔහු ඉන් සෑහීමකට පත් නොවී ඇය බිය ගන්වමින් වරින්වර කරන කරදරයෙන් බේරීමට ආත්තම්මාගේ ඒ.ටී.එම්. කාඩ්පත හා රහස්‌ අංකය ද ලබාදී තිබේ. ඒ වනවිට ඔහු ඇයගෙන් ලබාගෙන ඇති මුදල රුපියල් 11,29400.00 කි.

    කෙසේ වෙතත් මුදල්ද ලබා ගත් මෙම සැකකරු එම විඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර තිබේ. පසුව එම තරුණිය සිය මවුපියන්ට සියලු විස්‌තර පවසා පසුගිය දින මවුපියන් ද සමග පොලිසියට පැමිණ පැමිණිලි කර තිබේ.

    ඉන්පසුව පොලිසීය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර වෙන්නප්පුව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සදහන්. 
     

  • දුව බලන්න අවුරුද්දට ගිය අම්මටයි අයියටයි නංගි කරපු අමතක නොවන වැඩේ මෙන්න…

    දුව බලන්න අවුරුද්දට ගිය අම්මටයි අයියටයි නංගි කරපු අමතක නොවන වැඩේ මෙන්න…

    දියණිය බැලීමට අවුරුදු නෑගම් ගිය මවක සහ පුතෙකු ගුටිබැට ප්‍රහාරයකට ලක්වී රෝහල් ගතකිරීමේ පුවතක් බදුල්ල – මීගහකිවුල – මීගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    පහරකෑමට ලක්වු දෙදෙනා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්.

    සිද්ධියෙන් තුවාල ලබා ඇති 33 හැවිරිදි තරුණයා යුද හමුදා සෙබළෙකු වන අතර, ඔහුගේ මව 51 හැවිරිදි වියේ පසුවනවා.

    මීට මාස පහකට පමණ පෙර මෙම මවගේ බාලවයස්කාර දියණිය තරුණයෙකු සමඟ හොර රහසේ නිවසෙන් පිටව ගොස් ඇති අතර, වයස සම්පූර්ණ නොවීම හේතුවෙන් විවාහය ලියාපදිංචි කර තිබී නැහැ.

    කෙසේ වෙතත්, අලූත් අවුරුද්දට දියණිය සිටි තරුණයාගේ නිවසට නෑගම් ගිය මවට සහ එම තරුණියගේ සහෝදරයාට එම නිවසේ සිටි ඥාතීන් පහරදී ඇත්තේ ඇය හොර රහසේ නිවසෙන් පිටවූ දිනයේ පොලීසිය දැනුම්වත් කළ බව පවසමින්.

    අප මේ සම්බන්ධයෙන් මීගහකිවුල පොලිසියෙන් විමසීමක් කළා.

    එහි නිලධාරියෙකු සඳහන් කළේ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.