Category: සුපිරි Cases

  • දුම්බර අඩවියේ ඉඩම් අක්කර විසිඑක්දාහක් “කබීර් ,කිරිඇල්ල” නෑ හිතවතුන්ට දෙයි..!

    දුම්බර අඩවියේ ඉඩම් අක්කර විසිඑක්දාහක් “කබීර් ,කිරිඇල්ල” නෑ හිතවතුන්ට දෙයි..!

    දුම්බර අඩවිය හෙවත් නකල්ස් කදුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සදහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් විසින් ඔවුන්ගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබේ. මෙලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම ම`ගින් කළමනාකරණය කරනු ලබන වතු ඉඩම් ය.

    නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි අලකොළේ, කොටගල, ගල්පිහිල්ල, ගෝමරේ, හග්ගල්ල, හෙයාර් පාර්ක්, හුන්නස්ගිරිය, කැළෑබොක්ක, මැදවත්ත, නිකොලොය, රංගල හා ඕපල්ගල යන රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් හෙක්ටයාර 9675 ක් වන වතු ඉඩම් වලින් හෙක්ටයාර 6192 ක් සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් බණ්ඩරපොළ, ඇල්කඩුව, හුණුගල, පිටකන්ද, රත්වත්ත, සැලගම, හපුගස්පිටිය, මිල්ලවාන හා නාලන්දා වතු ඉඩම් වලට අයත් හෙක්ටයාර 3693 න් හෙක්ටයාර 2363 ක් වශයෙන් විවිධ පුද්ගලයින් හා සමාගම් වලට හෙක්ටයාර 8555 ක් නැතහොත් අක්කර 21,400 ක වතු ඉඩම් පැවරීම සිදු කර ඇත. මෙම පැවරීම සිදු කර ඇත්තේ අක්කරයකට වාර්ෂික ව රුපියල් 2857 ක මුදලකට තිස්පස් අවුරුදු බදු පදනම යටතේ ය.

    නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි හෙයාර් පාර්ක් වත්තේ අක්කර 900 ක් පමණ මේ ආකාරයෙන් මහ පරිමාණ කුකුළු ගොවිපොළක් ස`දහා කි‍්‍රස්බ්‍රෝ සමාගමට ලබා දී තිබේ. සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි රත්වත්ත වතු යාය රෝස තිරුවානා ඛණිජ කැණීම ස`දහා ලබා දී ඇති අතර මේ වන විට මහ පරිමාණයෙන් නීති විරෝධී ලෙස මෙම ඛණිජ කැණීම් කටයුතු සිදු කෙරේ. මැදවත්ත වතු යායේ අක්කර 35 ක් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් ස`දහා ලබා දී තිබේ. මේ සියල්ල මේ වන විට සිදු වන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ය.

    කි‍්‍රස්බ්‍රෝ සමාගම දිගින් දිගට ම මේ ආකාරයෙන් සංවේදී පරිසර පද්ධති ආක‍්‍රමණය කරමින් සිටී. 2007 වසරේ දී මහවැලි ‘‘සී’’ කලාපයට අයත් ඇළකොටලිය හෙවත් මහපිටිය අලිමංකඬේ අක්කර 150 ක තෘණ භූමි පවරාගෙන කුකුළු ආහාර ලෙස භාවිතයට ගැනීමට බඩ ඉරිගු වගා කිරීම ඇරැුඹින. මෙම ව්‍යාපෘතිය ස`දහා එවකට මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති උදය ගම්මන්පිල මහතා විසින් අවසර ලබා දීම සිදු කෙරින. මේ ආකාරයෙන් ම කි‍්‍රස්බ්‍රෝ සමාගම දුම්බර අඩවියේ ඉතා සංවේදී ඉඩම් අත්පත් කර ගෙන මහ පරිමාණ කුකුළු ගොවිපොළවල් සැකැසීමට සූදානම් වේ.

    දුම්බර අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. දේශගුණික විවිධත්වය, මහවැලි ගෙ`ග් ප‍්‍රධාන ජල පෝෂකයක් වීම නිසා මෙහි ඇති වටිනාකම ඉතා අධික මට්ටමක පවතී. මේ සියල්ල දුම්බර අඩවියේ ඉඩම් අවභාවිතාව හේතුවෙන් විනාශ වී යාමට ඉඩදිය යුතු නැත.

    සමස්ත දුම්බර කඳුකරය ම ලංකාවේ දිග ම ගංගාව වන මහවැලි ගෙඟ් ප‍්‍රධානතම ජල පෝෂක ප‍්‍රදේශය යි. මහවැලි ජල පෝෂක ප‍්‍රදේශ අතුරින් 30%ක් පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. හෙක්ටයාර 21,000 ක් පමණ ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍්‍ර ක් පමණ ආවරණය වී ඇත. මධ්‍යම පළාතේ මහනුවර දිස්තී‍්‍රක්කයේ මිණිපේ, උඩදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සහ මාතලේ දිස්තී‍්‍රක්කයේ උකුවෙල. රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහේ දුම්බර කඳුකරය ව්‍යාප්ත ව තිබේ. 2009 අංක 65 දරන පනතින් සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3අ(1* වැනි උප වගන්තිය යටතේ 2000 මැයි මස 05 වන දින අංක 1130/22 දරන ගැසට් නිවේදනය මඟින් දුම්බර කඳුකරයේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර 17825 ක් පමණ වන භූමි ප‍්‍රමාණයක් ලංකාවේ ප‍්‍රථම සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමියේ පෞද්ගලික ඉඩම් හා වෙනත් රජයේ ඉඩම් හෙක්ටයාර 2000 ක් පමණ වේ. එ්වා මේ වන විට ක‍්‍රමාණුකූල ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතී. එහෙත් එහි මන්දගාමි ස්වරූපය හා වන්දි ගෙවීම්වල ප‍්‍රමාද වීම් හේතුවෙන් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු ව්‍යාකූල තත්ත්වයට පත් ව තිබෙන අතරතුර එම ඉඩම් විවිධ සමාගම් වලට හා ව්‍යාපාරිකයන්ට පැවරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

    මෙම ඉඩම් පවරා ගැනීම කඩිනම් කිරීමට අවශ්‍යවන ඉතා වැදගත් වන අමාත්‍ය මණ්ඩල තීරණයක් 2004 වසරේ දී ගැනිණ. එහෙත් එය අද වන තෙක් නිසි පරිදි කි‍්‍රයාත්මක නො වේ. අංක පීඑස්/සිපී/26/2004 හා 2004 ජූලි 22 වන දින දරන අමාත්‍යමණ්ඩල සංදේශයට අනුව නකල්ස් සංරක්ෂණ වනාන්තරයට යාව හෝ ඉන් කිලෝමීටර් බාගයක් ඇතුළත පිහිටි සියලූ ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර, 1972 අංක 01 දරන ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22(1*ඊ සහ 44(එ්* වගන්ති ප‍්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි කටයුතු කඩිනමින් සැලැසුම් කිරීම හෝ ඉඩම් පවරා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම හෝ මේ වන තුරු අවසන් කර නොමැත.

    මේ කි‍්‍රයාමාර්ගයන්ට එළැඹීම පැහැර හරින සෑම දිනයක් පාසා ම ඒ වනාන්තර බිම් වෙනත් සංවර්ධන කටයුතු ස`දහා ක‍්‍රමක‍්‍රමයෙන් යොදා ගැනේ. මේ නිසා අවසානයේ ඉතිරි වන්නේ හුදෙකලා වූ නකල්ස් සංරක්ෂණ වනාන්තර කුට්ටි කිහිපයක් පමණි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා පළමු ව සිදු කළ යුතු වන්නේ නකල්ස් සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමි ප‍්‍රදේශය තුළ පිහිටි පෞද්ගලික වනාන්තර බිම් විධිමත් ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම යි. ඊට අමතර ව මේ ප‍්‍රදේශයේ පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හා වැවිලි සංස්ථාවට අයත් වනාන්තර බිම් නකල්ස් සංරක්ෂණ වනාන්තරයට පවරා ගැනීම සිදු කළ යුතු ය. ඉන් පසු ව නකල්ස් සංරක්ෂණ වනාන්තරය වටා කිලෝමීටරයක් පමණ ප‍්‍රදේශයක් ජාතික පාරිසරික පනත යටතේ නකල්ස් හෝ දුම්බර පරිසර ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කර ඒ ප‍්‍රදේශය තුළ සංවර්ධන කටයුතු පාලනය කළ යුතු ය. මෙමඟින් දුම්බර අඩවියේ සුරක්ෂිතතාව තහවුරු කළ හැකි ය. නමුත් සිදු වන්නේ මේ සුවිශේෂී ජෛව කලාපය වැනසීම ස`දහා වන කි‍්‍රයාවලීන් කි‍්‍රයාත්මක කිරීම ය.

    දුම්බර කඳුකරයේ වනාන්තරයන්ට පළමු ව ආරක්ෂාව ලබා දෙන ලද්දේ ඉංගී‍්‍රසින් විසිනි. එ් 1873 දී දුම්බර කඳුකරයේ මීටර 1500 ට වඩා ඉහළ (අඩි 5000 ට වඩා ඉහළ* වළාකුළු වනාන්තර ප‍්‍රදේශ දේශගුණික රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කරමිනි. ඉන් වසර 127ක ට පසුව 2000 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරින. පසුව 2007 වසරේ දී ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් 2008 වසරේ දී පස සංරක්ෂණ පනත යටතේ පස සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙවන් වූ නීතිමය ආවරණයන් ගණනාවක් දුම්බර අඩවියට ලබා දී ඇත්තේ එහි ඇති මිල කළ නොහැකි භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක හා සාම්ප‍්‍රදායික ජන උරුමයේ වටිනාකම නිසා ය. ඒ හේතුවෙන් ම 2010 වසරේ දී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප‍්‍රදේශයක් ලෙස එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය මඟින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

    මෙවන් වූ සුවිශේෂී නීතිමය ආවරණයක් සහිත භූමි ප‍්‍රදේශයක පිහිටි ඉඩම් දේශපාලකයන්ට වුවමනා පරිදි විවිධ පුද්ගලයින්ට හෝ සමාගම් වලට පැවරිය නොහැකි ය. 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24ඇ සහ 24ඈ වගන්ති වලට අනුව 2007 ජූලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති භූමියක ඉඩම් සංවර්ධන කාර්යයන් ස`දහා නිදහස් කළ නොහැකි ය. මෙම ගැසට් නිවේදනයට අනුව නකල්ස් සංරක්ෂිත වනාන්තරයට අයත් රජයේ ඉඩම් හැර ඉතිරි රජයේ ඉඩම් හා පෞද්ගලික ඉඩම් සියල්ල ආවරණය වන පරිදි මෙම පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම ප‍්‍රදේශය කළමනාකරණය ස`දහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශ කළමනාකරණ කමිටුවක් පිහිටුවා තිබේ. එම කමිටු නිර්දේශ වලින් පරිබාහිර ව කිසිදු සංවර්ධන කාර්යයක් මෙම කලාපය තුළ සිදු කළ නොහැකි ය. නමුත් දැනට මෙම ඉඩම් විවිධ පුද්ගලයින්ට බදු පදනම මත ලබා දී ඇත්තේ එවන් කිසිදු අනුමැතියකින් තොරව ය.

    ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තිය අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප‍්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයක මායිමේ සිට මීටර සියයක් ඇතුළත හෝ පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශිත ප‍්‍රදේශයක් තුළ යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන්නේ නම් ඒ ස`දහා පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එසේ තිබිය දී නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ හා පස සංරක්ෂණ ප‍්‍රදේශය තුළ පිහිටි ඉඩම් විවිධ පුද්ගලයන් ට හා සමාගම්වල ට විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම ස`දහා පරිසර බලපෑම් ඇගැයීම් කි‍්‍රයාවලියෙන් තොර ව පැවරීම නීති විරෝධී කි‍්‍රයාවකි. මෙම අණ පනත් පිළිබ`ද ව අවබෝධයක් නොමැති ව මෙම අමාත්‍යවරුන් දෙදෙනා මෙන් ම ඔවුන්ගේ කාර්යය මණ්ඩලය ද කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබේ.


    දුම්බර අඩවිය ආරක්ෂා කර ගැනීමට හා එය අවභාවිතය වැළැක්වීමට පියවර ගත යුතු වන්නේ ඊට ලබා දී ඇති නීතිමය ආවරණය නිසා පමණක් ම නොවේ. එහි පවතින මිල කළ නොහැකි වටිනාකම නිසා ය. මීටර් 760 සිට මීටර් 1900 දක්වා උච්චත්ව පරාසය ඇසුරේ පිහිටි ක`දුවැටිවලින් සමන්විත දුම්බර කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධතීන් හි අධික විවිධත්වයක් දැකගත හැකි වේ. තෙත් කඳුකර වනාන්තර (වළාකුළු වනාන්තර*, කුරු වනාන්තර, තෙත් උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, ගංගාශි‍්‍රත වනාන්තර, තෙත් පතන තෘණ බිම්, වියළි පතන තෘණ බිම්, ළඳු කැලෑ බිම් දුම්බර කඳුකරයේ ව්‍යාප්ත ව ඇත.

    දුම්බර අඩවියේ විවිධ වූ පරිසර පද්ධතීන්හි ශාක විවිධත්වය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් මේ වන විට සිදු කර නොමැති වුව ද ලෝක සංරක්ෂණ සංගමය මඟින් සිදු කැරුණු අධ්‍යයනයට අනුව කුල 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක් මේ ප‍්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. එ් අතුරින් ශාක විශේෂ 160 ක් ලංකාවට ආවේණික වේ. මේ අතර ශාක විශේෂ 225 ක් දැවමය විශේෂ වන අතර, ඉතිරිය පඳුරු හෝ පැළෑටි වෙයි. ලංකාවේ වාර්තා වී ඇති සමස්ත ශාක විශේෂ අතුරින් 27.4‍% ක් පමණ සහ, ලංකාවට ආවේණික ශාක විශේෂ අතුරින් 17.3‍්‍ර ක් පමණ දුම්බර කඳුකරයෙන් වාර්තා වීම මේ වන අඩවියේ සුවිශේෂත්වය යි. මුළු ලොවින් ම දුම්බර අඩවියට පමණක් සීමා වූ ශාක විශේෂ හයක් වෙයි. විශේෂයෙන් කඳුකර තෙත් වනාන්තර, උප කඳුකර තෙත් වනාන්තර හා ගංගාශී‍්‍රත වනාන්තරයන්හි උඩවැඩියා හා මීවන ශාක බහුල ව දැකගත හැකි වේ.

    දුම්බර කඳුකරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳ ව සැලැකීමේ දී පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ පහ පිළිබඳ ව හා අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ වන සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් ගේ විවිධත්වය පිළිබඳ ව සැලැකිය යුතු අධ්‍යයනයන් සිදු කර තිබේ. ලෝක සංරක්ෂණ සංගමය, විවිධ පර්යේෂකයන් සහ මේ ලියුම්කරු විසින් ඉහත සත්ත්ව කාණ්ඩ හත පිළිබඳ ව සිදු කළ අධ්‍යයනයන් ගේ දත්ත සම්පිණ්ඩනය කැරුණු විට මෙහි සත්ත්ව විවිධත්වය පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගත හැකි වේ.

    උභයජීවීන්, උරගයන්, මත්ස්‍යයන්, පක්ෂීන්, ක්ෂීරපායින්, සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් යන සත්ත්ව කාණ්ඩ හතට අයත් විශේෂ 479 ක් දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. එය ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයෙන් වාර්තා වන මේ කාණ්ඩ හයට අයත් සත්ත්ව විශේෂ 1294 ප‍්‍රතිශතයක් ලෙස ගත්විට 37‍්‍ර ක් තරම් ඉතා ඉහළ අගයක් ගනී. ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍්‍ර ක් පමණ වන දුම්බර කඳුකරයේ මේ තරම් විශාල සත්ත්ව ප‍්‍රජාවක් ජීවත්වීම මේ ප‍්‍රදේශයේ සංරක්ෂණ අවශ්‍යතාව කඩිනම් හා විධිමත් කිරීමට ප‍්‍රධාන හේතුවක් වේ.

    ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ වාර්තා වන පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 813 අතුරින් විශේෂ 272 ක් දුම්බර අඩවියෙන් වාර්තා වී තිබේ. එය 33‍්‍ර ක ඉහළ ප‍්‍රතිශතයකි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 16 ක් ජීවත්වන්නේ දුම්බර කඳුකරයේ පමණකි. නැතහොත් ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ අතුරින් 5‍්‍ර ක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙනි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 91 ක් නකල්ස් කඳුකරයෙන් වාර්තා වන අතර එය 29‍්‍ර ක ඉතා ඉහළ ප‍්‍රතිශතයකි. දුම්බර කඳුකරයේ සුවිශේෂත්වය වන්නේ එහි වාර්තා වන ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 91 අතුරින් විශේෂ 16 ක් නැතහොත් 18‍්‍ර ක් දුම්බර කඳුකරයට ආවේණික පෘෂ්ඨවංශීන් වීම ය.

    දුම්බර කඳුකරයේ වාර්තා වන උභයජීවීන් අතුරින් විශේෂ අටක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙන් පමණි. ඒ විශේෂ රැුකොෆොරිඬේ කුලයට අයත් විශේෂ හතක් සහ ඩික්රොග්ලොසිඬේ කුලයට අයත් එක් විශේෂයක් වශයෙන් වර්ග කළ හැකි ය. රැුකොෆොරිඬේ කුලයට අයත් දුම්බර පඳුරු මැඬියා හොෆ්මාන් ගේ පඳුරු මැඬියා විශාල පාදැති පඳුරු මැඬියා, මුරි ගේ පඳුරු මැඬියා, ස්ටෙයිනර් ගේ පඳුරු මැඬියා ස්ටුවර්ට් ගේ පඳුරු මැඬියා හා හැන්කනයිගේ පඳුරු මැඬියා සහ ඩික්රොග්ලොසිඬේ කුලයට අයත් දුම්බර ගල්පර මැඬියා යන විශේෂ අට දුම්බර කඳුවැටියට ආවේණික වෙයි.

    දුම්බර කඳුවැටියෙන් වාර්තා වන මත්ස්‍ය විශේෂ අතුරින් තුනක් දුම්බර කඳුවැටියට ආවේණික වන අතර තවත් විශේෂ දෙකක් වන ගඩයා හා දුම්බර පෙතියා දුම්බර කඳුකරයට හා ඒ අවටින් පිහිටි මහවැලි ගෙඟ් ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වේ. දුම්බර කඳුකරයට ම පමණක් ආවේණික මත්ස්‍ය විශේෂ තුන නම් දුම්බර ගල්පා`ඩියා , මල් පෙතියා හෙවත් දන්කුඩු පෙතියා හා දුම්බර කරඇදයා ය. බොහෝ විට දුම්බර පෙතියා දුම්බර කඳුකරයට ආවේණික විශේෂයක් ලෙස විස්තර කළ ද ඒ විශේෂය මහවැලි ගෙඟ් දෙකේ ඇළ දක්වා ම වාර්තා වන බව පර්යේෂණයන් ගෙන් තහවුරු වී තිබේ. මීට අමතර ව තවත් මත්ස්‍ය විශේෂ කිහිපයක් දුම්බර කඳුකරයට ආවේණික විශේෂ බවට ඉදිරියේ දී පත් විය හැකි බව එ් පිළිබඳ ව පර්යේෂණ සිදු කරන විද්වතුන් ගේ විශ්වාසය යි.

    සිවුපා උරගුන් අතුරින් විශේෂ හතරක් හා එක් සර්ප විශේෂයක් දුම්බර අඩවියට ආවේණික වේ. එනම් ඇගමිඬේ කුලයට අයත් කටුසු විශේෂ දෙකක් වන දුම්බර අඟ කටුස්සා හෙවත් පත‍්‍ර අඟ කටුස්සා , දුම්බර කුරු බෝදිලිමා හෙවත් දුම්බර කුරු කටුස්සා, ගෙකොනිඬේ කුලයට අයත් දුම්බර මහ කැලෑ හූනා සින්සිඬේ කුලයට අයත් චතුරාංගලී සර්ප හිකනලා සහ පාංශුවාසී සර්ප විශේෂයක් වන යුරෝපෙල්ටිඬේ කුලයට අයත් ඉරිවකටුල්ලා ය.

    මීට අමතර ව ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 අතුරින් 30 ක් ම දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. දුම්බර කඳුකරයේ වාර්තා නොවන්නේ සබරගමු කඳුවැටියෙන් පමණක් වාර්තා වන ආවේණික පක්ෂි විශේෂ තුන පමණකි. ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ වන මයිලගොයා , ගුරුකොණ්ඩයා, ලංකා අරංගයා ලංකා හම්බු කුරුල්ලා , අ\ුරු නිල් මැසිමාරා හෙවත් කොපි කුරුල්ලා කඳුකර මල් කුරුල්ලා , කැහිබෙල්ලා වැනි පක්ෂීහු රැුසක් දුම්බර කඳුකරයේ විවිධ පරිසර පද්ධතීන්හි ජීවත් වෙති.

    දුම්බර අඩවියේ වාර්තාවන මකුළුවන් පිළිබඳ ව පුළුල් අධ්‍යනයක් සිදුකර නොමැති වුව ද 2000 වසරේ දී විද්‍යාඥයන් විද්‍යා ලොවට හඳුන්වාදුන් ලංකාවට ආවේණික මකුළු විශේෂය වාර්තාවන්නේ දුම්බර අඩවියෙන් පමණි.

    මීට අමතර ව දුම්බර අඩවියේ පමණක් ජීවත් වන ලංකාවට ආවේණික මිරිදිය කකුළු විශේෂ හතරක් ද වේ. මේ ජීවී විශේෂ දුම්බර අඩවියේ අද්විතීය ජෛව උරුමයේ මහා සාධකයන් වේ.
    මෙවන් සුවිශේෂී වූ පරිසර පද්ධති ඇතුළු ව අප රටේ ඉඩම් දේශීය හා විදේශීය සමාගම් වලට මෙන් ම මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට පැවරීම ස`දහා අලූතින් ඉඩම් පනතක් ගෙන ඒමට ද වත්මන් රජය කි‍්‍රයා කරමින් සිටී. රජයේ ඉඩම් බැංකු පනත නමින් මෙම පනත ගෙන එ්මට මේ වන විට සැලැසුම් කර ඇත. වගන්ති 33 කින් සමන්විත මෙම පනත ම`ගින් ඉඩම් බැංකු පිහිටුවීම, රාජ්‍ය බැංකු කොමිෂම පිහිටුවීම හා බලය පැවරීම ඇතුළු ව කොටස් 7 කින් සමන්විත ව මෙම පනත සකස් කර ඇත. මෙම පනතින් බලාපොරොත්තු වන්නේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ඇතුළු ව රජයට අයත් ඉඩම් වෙළෙ`දපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කිරීම ය.

    නව ලිබරල් ආර්ථික සැලැසුම් කි‍්‍රයාත්මක කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත පූර්ණ විවෘත ආර්ථිකයක් ගොඩනැගීමට උත්සාහ දරන වත්මන් රජය අප රටේ සියලූම ස්වාභාවික සම්පත් ඇතුළු ව පොදු දේපොළ විකුණා දැමීමට කි‍්‍රයා කරමින් සිටී. මේ තත්ත්වය නතර කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගත යුතු අතර රාජ්‍ය ඉඩම් බැංකු පනත සම්පූර්ණයෙන් ම පරාජය කළ යුතු ය. එපමණක් නොව නකල්ස් ක`දුකරයේ පිහිටි ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති ස`දහා සමාගම් සතු කිරීම වහාම නතර කිරීමට අවශ්‍ය බලපෑම කළ යුතු ය. එපමණක් නොව දැනට මෙරට සිදු වන ඉඩම් අව භාවිතාව හා ඉඩම් කොල්ලය නතර කිරීම ස`දහා ජනතාවාදී සැබෑ ඉඩම් ප‍්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු ය. ඒ ස`දහා ඉඩම් ප‍්‍රතිපත්තියක් සකස් කළ කිරීමට ජනතාව එක් විය යුතු ව ඇත.

     

    සජීව චාමිකර
    ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • “රට යවනවා කියලා අපිව රවට්ටලා ලක්ෂ ගණන් සල්ලි ගත්තා” – ජාවාරමක සියළු තතු කරලියට…..

    “රට යවනවා කියලා අපිව රවට්ටලා ලක්ෂ ගණන් සල්ලි ගත්තා” – ජාවාරමක සියළු තතු කරලියට…..

    කොල්ලුපිටියේ පිහිටි Coss Lanka නමින් පවත්වාගෙන යන ආයතනයක් විසින් ජනතාව රවටමින් සිදු කරන මහා පරිමානයේ වංචාවක් පිළිබඳව හෙළිදරව් වෙමින් පවතිනවා. මිට පෙරද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා මේ මුදල් වංචාව පිළිබඳව වාර්තා කල අතර එහිදී නිතිය ක්‍රියාත්මක වූ නමුත් වංචාවේ නැවතීමක් දක්නට නම් නැත. නැවත වරක් මහා පරිමාණයෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් සිදු කරමින් වෙබ් මාධ්‍ය මෙන්ම රුපවාහිනි නාලිකා හරහාද මහා ධනස්කන්ධයක් වියදම් කරමින් ඔවුන් රටේ අහිංසක තරුණ තරුණියන් මෙන්ම දෙමාපියන්ද රැවටීමට පටන්ගෙන ඇත.

    කොල්ලුපිටිය ආර් ඒ ද මැල් මාවතේ  පවත්වාගෙන යන coss lanka (pvt) ltd යනුවෙන් පවත්වාගෙන යන මෙම ආයතනය සිදුකරන ක්‍රියාවලිය වන්නේ විදේශ අධ්‍යාපනය සහ රැකියා සඳහා තරුණ තරුණියන් පිට රට යැවීමය. මේ සඳහා ලක්ෂ ගණනින් මුදල් අය කරගන්නා අතර මුදල් අයකරගෙන රට යැවීම හෝ අධ්‍යාපන පහසුකම් ලබා දීම ගැටළුවක් නැත. නමුත් ගැටලුව තිබෙන්නේ මෙම ආයතනය සිදු කරන වංචාවයි.

    රට රැකියා සහ අධ්‍යාපනය ලබා දෙන බව පවසමින් ඈත ගම වල දුප්පත් අහිංසක දෙමාපියන්ගේ මුදල් හුරා ගෙන කන්නට තරම් මෙම ව්‍යාපාරිකයින් පහත තත්වයකට වැටීම ඛේදජනකය. තම ජීවිතය ගොඩ දා ගන්නට ඉඩම් කඩම් විකුණා කන කර උගස් තබා පැමිනෙන තරුණ ජිවිත තම මුදල් හම්බකිරීමේ ව්‍යාපාරයක් බවට පත්කරගෙන රුපියල් ලක්ෂ 2000ක් පමණ වංචාවක් කල බව හෙළි වී ඇත වරක් මෙහි බලධාරීන් අත් අඩංගුවට ගත් නමුත් අන් සියල්ල මෙන්ම නීතියද මුදලට යටවීම හරහා එහි වන්දිය ගෙවන්නට වී ඇත්තේ අහිංසක තරුණ පරපුරටයි.

    උදේ හවස රුපවාහිනියේ මෙන්ම ගුවන් විදුලියේද මිලියන ගණනින් මුදල් වියදම් කරමින් ප්‍රචාරණ ව්‍යාපාර දියත් කරන මොවුන්ගේ පැටිකිරිය කිසිදු හිරිකිතයකින් තොරව හරි වැරදි නොබලා ජනගත කරන්නට ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන පෙළඹී තිබෙන්නේ මුදල් වලට මුල් තැන දී ඇති නිසාය නමුත් ජාතික මට්ටමේ මාධ්‍ය ආයතනයකට මුදලට වඩා ජනතාව වටින්නේ නැද්ද යන්න අපට ඇති ගැටලුවයි. සියත රේඩියෝවේ විකාශය වන DJ අරා වැඩසටහනේ රස කරමින් මේ වංචා ආයතනය පිළිබඳව පම්පෝරි ගසන අරවින්ද ලොකුගේ වැන්නවුන් මුදලට ඕනෑම දෙයක් පාවා දෙන බව මෙරට සියලු දෙනා හොඳින් දන්නා කාරනාවකි.

       

    coss lanka ආයතයන පිළිබඳව අප මේ හෙළිකරන කරුණු කාරනා පමණක් නොව නිකමට අන්තර්ජාලය ගොස් සමාජ ජාල හා youtube.com හරහා මේ දුෂිත වංචාකරුවන් පිළිබඳව සෙවීමක් කල හොත් ඔබටම සත්‍ය අවබෝධ කරගැනීමට හැකි වනු ඇත.

    එමෙන්ම මෙම වංචනික ආයතනය කියන පරිදි කිසිදු සුදුසුකමක් නොමැතිව විදේශගත වීමට හැකියාවක් තිබේද? ජපානය, චීනය වැනි රටවලට අධ්‍යාපනය සඳහා ඇතුලත් වන්නේ නම් ඊට අදාළ සුදුසුකම් තිබිය යුතුමය. නමුත් මොවුන් මේ සිදුකරන වංචාව තේරෙන විට පෙරහැර ගොසින් ඉවරය. coss lanka කියනා හැටියට රට යන්නට හැකිනම් ඕනෑම කෙනෙකුට රට යන්නට හැකියාව තිබිය යුතුය…

    සමාජ ජාල තුල මේ පිළිබඳව පලව ඇති පළකිරීම් කිහිපයක් පහතින්…

     

    මෙම හොර මගඩිය සිදුකරන ආයතනයේ ප්‍රධානියා වන්නේ මොහුයි.

     

    නිපුනතා සංවර්ධණය හා වෘත්තීය පුහුණුව ලබා දෙනවා කියමින් විදේශ ගත අධ්‍යාපනය හා රැකියා සිහිනය පෙන්වමින් coss lanka ආයතනය මගින් සිදු කල වංචාවට ලක් වූ අහිංසක තරුණ තරුණියන් රැවටු ආකාරය පහත වීඩියෝ සහ ප්‍රවෘත්ති ප්‍රචාර මගින් නැරඹිය හැකියි.

    සමාජ මාධ්‍ය හෙවත් පුරවැසි මාධ්‍ය ලෙස අප මුදලට යට නොවී මේ අනාවරණය කරන්නේ හුදෙක් අපගේ පෞද්ගලික උවමනාවකට හෝ වෙනත් යටි අරමුණකින් නොව අහිංසක ජනතාවට කොකා පෙන්වමින් නිතිය නොමග යවමින් මිලියන ගණනින් වංචා කරන පුද්ගලයින් හෙළි කිරීම අපේ සමාජ වගකීම බැවිනි. ඉදිරියේදීද මේ හොර වංචා සිදුවේනම් ඒවා වාර්තා කිරීමටද අප සුදානමින් සිටින බව මතක් කල යුතුය.

    අවසන් වරට කිව යුතුව ඇත්තේ  කුමන මාධ්‍යක කුමන ආකාරයේ සිහින පෙන්වන බවට කිවත් ජනතාව තම අනාගතය ගැන ගන්නා තීන්දු තීරණ සොයා බලා සිතා මතා කල යුතු බවත් මෙවැනි වංචා දුෂණ පිළිබඳව බලධාරීන් හා නිතිය ක්‍රියාත්මක කරන ආයතන වහාම නින්දෙන් අවදිව ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටු කල යුතු බවයි….

  • මාලබේදී පොලී රොෂාන් මැරුවේ අංගොඩ ලොක්කාද? සුරූපී බිරිදද? සමයාද? ඇත්ත එලියට…

    මාලබේදී පොලී රොෂාන් මැරුවේ අංගොඩ ලොක්කාද? සුරූපී බිරිදද? සමයාද? ඇත්ත එලියට…

    සුරූපී කාන්තාවන් ඇසුරට ලොල් වීම නිසයි බිරිද තරහ වුනේ

    කෝටි 3ක් පොලියට ගත්ත කෙනත් සැකයි

    මාලබේ පිහිටි සයිටම් පවුද්ගලික වයිද්ය විද්යාලය දෙසට දිවෙන චන්ද්රිකා කුමාරතුංග මාවත ඔස්‌සේ වේගයෙන් ධාවනය වන ප්රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයකි

    රථය පදවාගෙන යන්නේ රොෂාන් ප්රේමලාල් ය.මොහු ප්රදේශයේ ප්රසිද්ධව සිටියේ පොලී රොෂාන් ලෙසය

    හිඹුටාන බැංකු හන්දිය ප්රදේශයේ පදිංචිකරුවකු වූ පොලී රොෂාන් වියායාම් කිරීම සඳහා චන්ද්රිකා කුමාරතුංග මාවතේ ශරීර සුවතා මංතීරුව වෙත පැමිණීම පුරුද්දක්‌ කරගෙන ගියේය

    ඉකුත් 25 වැනිදා රාත්රියේ ද පොලී රොෂාන් වියායාම් කටයුතු සඳහා චන්ද්රිකා කුමාරතුංග මාවතට පැමිණියේ කිසිදු බියකින් තොරවය

    එහෙත් මාරයා චන්ද්රිකා කුමාරතුංග මාවතේ සැඟවී සිටිනු ඇතැයි රොෂාන් සිහිනයකින් හෝ සිතුවේ නැත

    සුඛෝපභෝගී ජීප් රථය මාර්ගය අසල නතර කළ රොෂාන් කලබලයකින් තොරව ඉන් බැස ගත්තේය.මාර්ගය දෙපස සවිකර ඇති පහන් කණුවලින් පැතිර තිබූ ඝන අන්ධකාරය යන්තමින් මැකී ගොස්‌ තිබිණි

    දිනපතාම වියායාම් කටයුතු සඳහා පැමිණෙන ස්‌ථානය ගැන රොෂාන්ට සැකයක්‌ නැත.බියක්‌ දැනුණේ ද නැත.ඔහු හුරුපුරුදු පරිදි ව්‍යායාම්වල නිරත වුණේය

    එහෙත් රොෂාන්ගේ මාරයා තම හෝරාව එනතුරු ඝන අන්ධකාරයට වී බලා සිටියේය

    හිටි හැටියේම අන්ධකාරය මැදින් මතු වූ යතුරුපැදියක්‌ වියායාම් කරමින් සිටින රොෂාන් පහුකර ගියේය.යතුරුපැදිය කිහිපවරක්‌ චන්ද්රිකා කුමාරතුංග මාවත ඔස්‌සේ ඔබ මොබ ධාවනය වුණේය

    එහෙත් රොෂාන්ට මේ නාඳුනන යතුරුපැදිකරුවන් ගැන විශේෂත්වයක්‌ නොමැත.ඔහු සුපුරුදු ලෙස වියායාම්වල නිරත වුණේය

    මාලබේ ප්රදේශය පුරා පැතිර තිබූ නිහැඬියාව බිඳ දමමින් හෙන පුපුරන්නාක්‌ මෙන් පිට වූ වෙඩි උණ්‌ඩ රොෂාන්ගේ සිරුර විනිවිද ගියේය.නිමේෂයකින් සියල්ල නිහඬ විය

    සිය ඉලක්‌කය සපුරාගත් ඝාතකයන් චන්ද්රිකා කුමාරතුංග මාවත ඔස්‌සේ පලා යන්නේ කිසිදු කලබලයකින් තොරවයපොලී රොෂාන්ට වෙඩි තබා ඝාතනය කළ පුවත මාලබේ ප්රදේශය පුරා පැතිර යන්නට වැඩි වේලාවක්‌ ගත වුණේ නැත

    අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් රොෂාන් ඝාතනය කර තිබූ ස්‌ථානයට පැමිණෙන විට ඝාතකයන් පලා ගොසින් බොහෝ වේලාවක්‌ ගතව තිබුණේය

    ප්රහාරය එල්ල කළ ඝාතකයන් පළපුරුදු අවි හසුරුවන්නන් බව පැහැදිලිය.පොලී රොෂාන් ඝාතනය පාතාල සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් කළ බව පැහැදිලිය

    බස්‌නාහිර දකුණ නියෝජ්ය පොලිස්‌පති වසන්ත වික්රමසිංහ ජේෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්රසාද් රණසිංහ මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රොෂාන් ඝාතනයේ සැකකරුවන් සොයා පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ සිය විමර්ශන කටයුතු ක්රියාත්මක කළහ

    පොලී රොෂාන්ට තර්ජන එල්ල වී තිබූ පාර්ශ්ව කීපයක්‌ හෙළිකර ගැනීමට පොලිසිය සමත්විය.පොලී රොෂාන් ඝාතනය අංගොඩ ලොක්‌කාගේ කල්ලියේ වැඩක්‌ බව සමහරු කීය

    තවත් සමහරු කීවේ රණාලේ සමයාගේ පාර්ශ්වය මේ ඝාතනය ක්රියාත්මක කළ බවය

    එමෙන්ම වියාපාරික ආරවුලක්‌ ඝාතනයට හේතු වූ බවට කටකතා පැතිර යන්නට විය.රොෂාන් සහ බිරිඳ අතර කාලයක පටන් පැවැති විරසකයක්‌ මේ ඝාතනය පිටුපස ඇති බවට සැකයක්‌ ද මතුව තිබුණේය

    රොෂාන් ප්රේමලාල් හැදී වැඩෙන්නේ මුල්ලේරියාව ප්රදේශයේය.මීට වසර 10 – 15 කට උඩදී රොෂාන් ඒ තරම් වත් පොහොසත්කම් ඇත්තකු නොවීය

    මුදල් පොලියට දීම සුළුවෙන් ආරම්භ කළ රොෂාන් කාලයක්‌ ගතවෙද්දී ගජ පොහොසතකු වුණේය.රොෂාන් ප්රේමලාල් පොලී රොෂාන් ලෙස ප්රසිද්ධියට පත් වුණේ ඔහු රුපියල් කෝටි ගණනින් මුදල් පොලියට ලබාදීත් සමඟය

    අංගොඩ ලොක්‌කා පොලී රොෂාන්ගේ ගජ මිතුරකු විය.ඒ මීට වසර ගණනාවකට පෙර සිටය.අංගොඩ ලොක්‌කාගේ හයිය මෙන්න පාතාල බලය තම පොලී ව්‍යාපාරය දියුණුකර ගැනීමට පොලී රොෂාන් පාවිච්චි කළේය

    පොලී රොෂාන්ගෙන් මුදල් ලබා ගන්නා පුද්ගලයන් නියමිත දිනයේදී අදාළ පොලී මුදල ගෙවා දැමිය යුතුය.එසේ නොකළහොත් පොලියට මුදල් ලබා ගන්නවුන් හමුවන්නේ අංගොඩ ලොක්‌කාගේ ගෝල බාලයන්ය

    මේ ආකාරයට පොලී රොෂාන් කිසිදු ගැටලුවකින් තොරව තම වියාපාරය කරගෙන ගියේය.පොලී රොෂාන් කෝටිපති ව්‍යාපාරිකයකු වීමට වැඩි කාලයක්‌ ගත වුණේ නැත

    මුදල් පොලියට ලබාදීමේ වියාපාරයට අමතරව ඉදිකිරීම් කොන්ත්රාත් ලබා ගැනීම බර වාහන ආනයනය කර විකිණීමේ වියාපාරය ද කරගෙන ගිය පොලී රොෂාන් වියාපාරික ලෝකයේ හිනිපෙත්ත දක්‌වාම ගමන් කළේය

    රණාලේ සමයා ඇතුළු හත්දෙනෙක්‌ කළුතර බන්ධනාගාර බස්‌ රථයේදී වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු අංගොඩ ලොක්‌කා හොර රහසේම රටින් පලා ගියේය

    අංගොඩ ලොක්‌කා පොලී රොෂාන් මිතුදම ටිකෙන් ටික දුරස්‌ වන්නට පටන් ගත්තේ එතැන් සිටය.පොලී රොෂාන් අංගොඩ ලොක්‌කා නොසලකා හරින්නට පටන් ගත්තේ ය.දෙදෙනා අතර නොහොඳ නෝක්‌කාඩු ඇති වන්නට විය

    පොලී රොෂාන් අංගොඩ ලොක්‌කාට කප්පම් ලබා දීම පැහැර හැරීම මේ විරසකයට හේතු වී තිබිණි.අංගොඩ ලොක්‌කාට කප්පම් මුදල් ලබා නොදීම නිසා පොලී රොෂාන් ඔහුගේ උදහසට ලක්‌ව සිටියේය

    රොෂාන් ඝාතනයට හේතු වූයේ මේ සිදුවීම බවට සැකයක්‌ මතුව තිබෙයි.මේ අතර පොලී රොෂාන් ඝාතනය පිටුපස රණාලේ සමයාගේ කල්ලිය සිටින බවට ප්රචාරයක්‌ ද ගොස්‌ තිබුණේය

    අංගොඩ ලොක්‌කා සහ පොලී රොෂාන් සමීපතම මිතුරන් බව රණාලේ සමයාගේ කල්ලිය දැන සිටියහ.පොලී රොෂාන්ගේ දියුණුව පිටුපස සිටියේ අංගොඩ ලොක්‌කා බව සමයාගේ කල්ලිය විශ්වාස කළහ

    අංගොඩ ලොක්‌කාගේ පාතාල කල්ලිය සහ රණාලේ සමයාගේ කල්ලිය එකිනෙකා මරා ගන්නට පටන් ගත්තේ මීට වසර ගණනාවකට පෙර සිටය.අංගොඩ ලොක්‌කා රණාලේ සමයා ඝාතනය කිරීමෙන් පසු මේ ගැටුම් උත්සන්න විය

    වයිරය පළි ගැනීම මොවුන් අතර බුර බුරා නැගෙමින් තිබුණේය.මීට සති කීපයකට උඩදී රණාලේ සමයාගේ කල්ලියේ සමීපතමයකු වූ සුදුවා අතුරුගිරිය නගරයේදී වෙඩි තබා ඝාතනය කෙරුණි

    මේ ඝාතනය අංගොඩ ලොක්‌කාගේ කුලී හේවායන් කළ බව මුළු පාතාල ලෝකයම දැන සිටියහ

    සුදුවා ඝාතනයෙන් රණාලේ සමයාගේ කල්ලියේ සාමාජිකයන් දැඩි ලෙස උරණ වී සිටියහ.සුදුවාගේ ලේවල පළිය ගැනීමට සමයාගේ කල්ලියේ සාමාජිකයන් සැලසුම් කළහ

    සුදුවා ඝාතනයට එකට එක කිරීමක්‌ ලෙස රණාලේ සමයාගේ කල්ලිය පොලී රොෂාන් ඝාතනය කරන්නට ඇති බවට සැකයක්‌ මතුව තිබෙයි.පොලිස්‌ විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට පොලී රොෂාන් සහ ඔහුගේ නීත්යානුකූල බිරිඳ අතර පැවැතියේ දැඩි විරසකයකි

    ඔවුන් එකට නිවසේ ජීවත් වුවද ගත කළේ දෙලොවක්‌ අතර ජීවිතයකි

    පොලී රොෂාන් සුරූපී කාන්තාවන් ඇසුරට ලොල් වූවෙකි.මොවුන් අතර අඹු සැමි ආරවුල්වලට හේතුව වන්නේ මේ ආරවුලය.මේ අඹුසැමි ආරවුල් කොයි තරම් දුරදිග ගියේද යත් එක්‌ අවස්‌ථාවක පොලී රොෂාන් සිය බිරිඳගේ පිහි ප්රහාරයකට ද ලක්‌ව බරපතළ තුවාල ලැබීය

    පොලී රොෂාන් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය ඔහුගේ නීත්‍යනුකූල බිරිඳගෙන් ද දීර්ඝ ලෙස ප්රශ්න කර තිබුණේ මේ පිළිබඳ කිසියම් හෝඩුවාවක්‌ ලබා ගැනීමේ අටියෙන් ය

    පොලී රොෂාන් වියාපාරික ආරවුල් කීපයකට පැටලී සිටි බව පොලිස්‌ විමර්ශනවලින් හෙළි විය.රුපියල් දහස්‌ ගණනින් නොව රුපියල් කෝටි ගණනින් මුදල් පොලියට ලබා දීම රොෂාන්ගේ ප්රධාන ආදායම් මාර්ගය විය

    රොෂාන් මුල්ලේරියාව ප්රදේශයේ වියාපාරිකයකුට රුපියල් කෝටි තුනක මුදලක්‌ පොලියට ලබා දී තිබුණේය

    මේ වියාපාරිකයා කාලයක සිට රොෂාන්ට පොලී මුදල් ලබාදීම මෙන්ම ලබාගත් මුදල ආපසු ලබා දීම පැහැර හැර තිබූ බව අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය

    මෙම මුදල් ආරවුල පොලී රොෂාන්ගේ අවසානය සනිටුහන් කිරීමට හේතු පාදක වූ බවට ද සැකයක්‌ මතුව තිබෙයි

  • මිතුරිය සමග බස් රථයේ ගමන්ගත් තරුණ සිසුවියක් අමානුෂික ලෙස සමූහ දූෂණය කරලා..

    මිතුරිය සමග බස් රථයේ ගමන්ගත් තරුණ සිසුවියක් අමානුෂික ලෙස සමූහ දූෂණය කරලා..

    මෑත ඉතිහාසයේ සමස්ත ඉන්දියාවම ප්රකම්පනයට පත් කළ 23 හැවිරිදි භවුතචිකිත්සක සිසුවියක සමූහ දූෂණයට ලක් කිරීමේ අපරාධයට සම්බන්ධ වරදකරුවන් වූ සිව් දෙනාට ස්ථිරවම මරණ දඩුවම හිමි විය යුතු බව ඉන්දියානු ශේෂ්ඨාධිකරණය තහවුරු කොට ඇත.

    ඒ විත්තිකරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් ශේෂ්ඨාධිකරණයට යොමු කොට ඇති අභියාචනය ප්රතික්ෂේප කරමිනි.

    සිසුවියගේ දෙමාපියෝ 2012 වසරේ දෙසැම්බර් 16 වන දින තම මිතුරෙකු ද සමඟ යමින් සිිටි භව්තිචිකිත්සක ශිෂෟයාවක බස් රථයක් තුළ දී සමූහ දූෂණයට ලක් වූ අතර ඇගේ මිතුරා දරුණු පහර කෑමකට ලක් විය

    අසාධෟය තත්ත්වයෙන් පසු වූ සිසුවිය රෝහල් ගත කොට පසුව සිංගප්පූරූවේ Mount Elizabeth රෝහල වෙත මාරුකරනු ලදුව දෙසැම්බර් 29 වන දින මිය ගියාය

    පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූයේ එම සමූහ දූෂණයේ දී ඇගේ් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්රියයන්ට සිදු වූ බරපතල හානි මෙම මරණයට හේතු වූ බවයි

    මේ සිද්ධියත් සමඟ මුළු මහත් ඉන්දියානු සමාජයම කැළඹීමකට පත් වූ අතර සාමාන්ය ජනතාව පවා වීදි බැස උද්ඝෝෂණය කරන්නට වූහ

    අපරාධකරුවන්ට දඩුවම් ලබා දීමට පසුබට වීම මුල්කොට ගෙන ඉන්දියානු අපරාධ නීති සංග්රහයට පවා දැඩි විවේචන එල්ල විය

    මෙම ජන අරගල මර්දනය කිරීම පිණිස මහත් උත්සාහයක් දැරීමට ඉන්දීය පොලීසියට සිදුවිය

    කෙසේ හෝ මෙම දූෂණය සිදු වූ දිනට පසුදින රාම් සිං නමැති එම බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගැනිණ

    ඉන්පසු ඔහුගේ ප්රකාශය මත එම සමූහ දූෂණයට සම්බන්ධ වූ ඔහුගේ මිතුරන් පස් දෙනා ද අත්අඩංගුවට ගන්නා ලදී

    මේ අතර 2013 මාර්තු 11 වන දා එම රාම් සිං නමැත්තා බන්ධනාගාර මැදිරියක් තුළ දී ඇඳ ඇතිරිල්ලකින් ගෙල වැළ ලාගෙන දිවි නසාගත් බව පොලිසිය ප්රකාශ කළ ද ඇතැමුන් පවසන්නේ ඔහු සෙසු බන්ධනාගාර රැදවියන් අතින් ඝාතනයට ලක් වූ බවය

    ඉන්පසු එම වසරේ අගෝස්තු 31 වන දින එක් සැකකරුවකු පුනරුත්ථාපන භාරයට පත් කෙරුණු අතර එමඟින් ද ඉන්දියානු සමාජය යළි මහත් කැළඹීමකට පත් වනුයේ මෙවැනි අපරාධකරුවන් එල්ලා මරනු මිස පුනරුත්ථාපනය කිරීමෙන් පළක් නොවන බව පවසමිනි

    නමුත් එම සැකකරු ඒ වනවිට 17 හැවිරිදි වියේ පසුවූ බැවින් සාමාන්ය අපරාධ නීතිය යටතේ ඔහුට දඩුවම් ලබා දිය නොහැකි බව ඉන්දියානු අධිකරණය විසින් ප්රකාශ කරන ලදී

    ඉන්පසු 2013 වසරේ සැප්තැම්බර් 13 වන දා විශේෂ අධිකරණයක් මඟින් සෙසු වරදකරුවන් සිව් දෙනාට මරණ දඩුවම නියම කෙරුණු අතර 2014 මාර්තු 13 වන දා දිල්ලි මහාධිකරණය විසින් එම දඩුවම සනාථ කරන ලදී

    එහෙත් එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් විසින් ඉන්දියානු ශේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කොට තිබූ බැවින් එම මරණ දඩුවම තාවකාලිකව අත්හිටුවා තිබුණි

    නමුදු එම අභියාචනය ප්රතික්ෂේප කරමින් එම මරණ දඩුවම තහවුරු කළ ඉන්දීය ශේෂ්ඨාධිකරණ විනිසුරු ආර්.භානුමතී මහත්මිය කියා සිටියේ මෙය ක්රූරතර අපරාධයක් බැවින් මොවුන් සිව් දෙනාට නියත ලෙසම මරණ දඩුවම හිමි විය යුතු බවය.

    කෙසේ හෝ මෙම තරුණියට සිදු වූ අපරාධය මුල්කොට ඉන්දියානු මාධ්ය අතිශයින් විනයවත් සහ සදාචාරාත්මක ලෙස කටයුතු කළ අතර එම තරුණිය ඇගේ නියම නමින් හඳුන්වා නොදීමටත් ඡායාරූප මඟින් ඇය සමාජයට හඳුන්වා නොදීමටත් තරම් මානුෂික විය

    එසේම ඇගේ පවුද්ගලික වගතුග ආදී කිසිවක් මුලින් අනාවරණය නොකළ ඉන්දියානු මාධෟය පසුව ඒවා අනාවරණය කරන ලද්දේ ඉන් ඇගේ නාමයට සහ ඇගේ පවුලේ ඥාතීන්ගේ ආත්ම ගව්රවයටත් සමස්ත සමාජයටත් ඇතිවන බලපෑම පිළිබඳ නිසි විමසුවකින් පසුවය

    මේ අනුව අප රටේ තත්වය පිළිබඳව අපි යළි යළිත් සිතාබැලිය යුතුය

    ඒ කෙසේ හෝ ඇයට සිදු වූ අපරාධය මුල්කොට ස්ත්රියට එරෙහි ලිංගික ප්රචණ්ඩත්වය පිටුදැකීම සඳහා ගාමක බලවේගයක් පැන නැගුණු අතර පසුව ඇය ලොව පුරා ප්රසිද්ධ වී ඇත්තේ ‘‘නිර්භයා’’ යන ආරූඪ නමකිනි

    පසුව ඇයට සිදු වූ මෙම අපරාධය මුල්කොට බී.බී.සී. ආයතනය මඟින් නිර්භයා ඉන්දියාවේ දියණිය – Nirbhaya India’s Daughter යනුවෙන් වාර්තා චිත්රපටයක් ද නිපදවා ඇත.

    කෙසේ හෝ ඉන්දියානු තරුණියකට සිදු වූ මේ ක්රූරතර අපරාධය අප රටේ කොටකෙතන ස්ත්රී සමූහ ඝාතනය මෙන් තවත් ඛේදවාචකයක් පමණක් වීමට ඉඩ නොදී සමස්ත ඉන්දියානු ජනතාව සහ සමස්ත ස්ත්රී පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් යම් ප්රබල පියවරක් ගැනීමට හැකිවීම මඳ හෝ සැනසුමට කරුණකැයි සමාජ විශ්ලේෂකයෝ කියති

    එමෙන්ම මෙම අපරාධකරුවන් සිව්දෙනා පෝරකයට යැවීමත් සමඟම ඉන්දියානු ස්ත්රීත්වයට එරෙහිව එල්ල වන ප්රචණ්ඩත්වය අංශු මාන්ත්රිකව හෝ අවම වනු ඇතැයි විශ්වාස කරයි

  • හිනිදුම හඬවමින් බක් පුර පසළොස්වක පෝදා සිසුවියන් තිදෙනෙකුට සිදුවූ මහා ඛේදවාචකය

    හිනිදුම හඬවමින් බක් පුර පසළොස්වක පෝදා සිසුවියන් තිදෙනෙකුට සිදුවූ මහා ඛේදවාචකය

    අංකල් ගෙන් අහන්නකො දුවේ එයා කැමති නම් මම එක්කන් යන්නම්

    දරුවො ටික ඇන්ටි එක්ක ගිහිං ඉක්මනින් අයිනට වෙලා නා ගෙන එන්නකෝ

    හිනිදුම නුගගල මංසන්ධිය අසලින් ගිං ගඟේ දිය නෑමට ගිය එකම පවුලේ මව දියණිය සහ ඇයගේ යෙහෙළියන් දෙදෙනෙකු පසුගිය 31 වනදා දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබුණා

    මෙලෙස මියගියේ බටහිර හිනිදුම පදිංචි 39 හැවිරිදි අනෝමා ශ්යාමලී ලියනගමගේ සහ ඇගේ 14 හැවිරිදි දියණිය වු මිනුරිකා ශ්යාමලීයි

    දියණියගේ යෙහෙළියන් වු තලංගල්ල ප්රදේශයේ පදිංචි 14 හැවිරිදි රවින්දි යසස්මිණි සහ මාපලගම ප්රදේශයේ පදිංචි කවීශා අංජලී ද මෙලස දියේ ගිලීමෙන් මියගියා

    දියණියගේ යෙහෙළියන් දෙදෙනා ඇගේ නිවසට පැමිණ ඇත්තේ එදින නිවාඩු දිනයක් හේතුවෙන්

    පසුව පස්වරු 2.30ට පමණ ඇය සිය මව සහ මිතුරියන් සමග ගිං ගඟේ දිය නෑමට ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ

    එහිදී ගඟේ දිය පහරට හසුවීමෙන් මොවුන් දියේ ගිලී අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්වී තිබුණා

    මෙලෙස මිය ගිය මව 39 හැවිරිදි වියේ පසුවන අතර දැරියන් තිදෙනා 14 වියේ පසුවන අයයි

    මියගොස් ඇති 39 හැවිරිදි කාන්තාව සහ ඇයගේ 14 හැවිරිදි දියණිය හිනිදුම බටහිර ප්රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තාවුණේ

    අනෙක් දැරියන් දෙදෙනො තංගල්ල සහ මාපලගම ප්රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ

    මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක සටහනක් සමාජ මාධ්යයේ හුවමාරුවනවා

    එම සටහන පහතින්

    හිනිදුම කිවූ සැණින් බොහෝ දෙනෙකුට සිහියට එන්නෙ හිනිදුම කල්වාරිය සහ ගිං ගඟ කොමලියයි.නිවාඩු දින වල මිතුරු මිතුරියන් එක්ව විනෝද ගමන් යාම සාමාන්ය සිරිතකි

    එළඹෙන පොහෝ දින පාසලේ මිතුරියන් කිහිප දෙනෙකු තම නිවසට පැමිණෙන බව 14 හැවිරිදි ගිම්හානි මීට සතියකට පමණ පෙර විදුහල්පතිවරයෙකු වන තම පියාණන්ට දැනුම් දෙන ලදී

    මේ දිනවල හිනිදුම කල්වාරි වන්දනා සමය බැවින් තම නිවසට ඉතා සමීපව පිහිටා ඇති කල්වාරි පුදබිම පෙන්වීම සඳහා ඔවුන්ව රැගෙන යා යුතු බවත් ඇය පැවසීය

    නමුත් ඊට හොර රහසින් මේ මිතුරියන් අතරේ තව යමක් මේ නිවාඩු දිනය වෙනුවෙන් සැලසුම් විය එනම් තම නිවසට යාබදව පිහිටා ඇති ගිං ගඟෙහි නෑමට යාමය

    ගාල්ල නගරයෙහි පිහිටා තිබෙන ප්රසිද්ධ කාන්තා පාසලක 09 වන ශ්රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියන් 06 දෙනෙකු (සියලු දෙනාම ශිෂ්යත්ව විභාගය සමත් වීම නිසා නගරයේ පාසැල වෙත පැමිණ ඇත.)

    එක් සිසුවියකගේ තවත් බාල සහෝදරයකු සැලසුම් කළ පරිදි (03/31) දින යෙදී තිබූ පොහොය නිවාඩුව නිසා උදෑසනම දුර ගෙවා ගිම්හානි ගේ නිවසට පැමිණියේය

    බවුද්ධයින් වූ සියලු දෙනාම කිතුනු බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් වූ හිනිදුම කල්වාරි පුදබිම දැක ගැනීමේ ආශාව ඇතිව උදෑසනම ඒ සඳහා පිටත් විය

    වන්දනා පුද බිම නැරඹීමෙන් අනතුරුව දහවල් 12ට පමණ නැවතත් ගිම්හානි ගේ නිවසට පැමිණි මිතුරියන්, තමන් ට ගිං ගඟෙහි නෑමට අවශ්ය බව කියා ගිම්හානිගේ මවට පෙරැත්ත කළේය

    අංකල් ගෙන් අහන්නකො දුවේ එයා කැමති නම් මම එක්කන් යන්නම් මව පිළිතුරු දුන්නේය

    මේ කතා බහට හොර රහසේම ඇහුම් කන් දුන් විදුහල්පති පියාණන් කාටත් නොකියාම තම නිවසට 200m පමණ දුරින් පිහිටා ඇති ප්රදේශයේ සියලු දෙනාම පාහේ යන ගිං ගඟෙහි නාන තොටුපල වෙත ගොස් තම දරුවන්ට ආරාක්ෂාකාරීව නෑමට සුදුසු දැයි පරීක්ෂා කලේය

    වියලි කාළගුණයක් පැවතීම නිසා එතරම් ජල පහරේ දැඩි බවක් හෝ ගැඹුරු බවක් නොවූයෙන් හ්ම් එහෙනම් දරුවො ටික ඇන්ටි එක්ක ගිහිං ඉක්මනින් අයිනට වෙලා නා ගෙන එන්නකෝ මම කෑම ටික ලෑස්ති කරල තියන්නම් ඔවුන්ට පැවසීය

    ඉතා සතුටෙන් කලින් පටන් සූදානම් කර ගත් ඇඳුම්ද රැගෙන ඔවුන් නෑම සඳහා පිටත් විය.මිදුල ට පැමිණි පියාණන් ගඟේ එහා පැත්තට එහෙම යනව නෙමෙයි” කියා නැවතත් උස් හඬින් දරුවන්ට තරවටු ස්වරයෙන් පවසා මුළුතැන් ගෙට පිවිසියේය

    ගත වූයේ අඩ හෝරාවකි

    දිය කෙලියේ සිටි එක් සිසුවියක් තම සබන් පෙට්ටිය ජලයේ ගසා ගෙන යනු දැක එය ගැනීමට ඉදිරියට ගියේය.කිසිවකුත් නොසිතූ ලෙස ඇය ජලය අතරින් නොපෙනී ගියේය සියලු දෙනාගේ ලතෝනි මැද ගිම්හානිගේ මවත් තවත් සොයුරියන් දෙදෙනෙකුත් ඇය බේරා ගැනීම පිණිස ගඟට පැන්නේය

    තත්පර කිහිපයක් ඇතුලත ඔවුන් සිව් දෙනාම ගිං ගඟ පතුලේ සැඟව ගියේය.විනාඩි කිහිපයක් ඇතුලත ප්රදේශයේ තරුණයින් එක්ව ඔවුන්ව ගිං ගඟ පතුලෙන් ගොඩට රැගෙන ආවත් මාරයා ඔවුන්ට මොහොතකින් හෝ හමාරය

    නිසොල්මන්ව සිටින තම බිරිඳ සහ එකම දියණිය දෙස බලාගෙන විදුහල්පති පියාණන් හඬා වැලපෙන්නේය

    අනික් දියණියන් දෙදෙනාගේ දෙමාපියන් මා මෙය ලියන මොහොත වන විටත් තම දරුවන්ට අත්ව ඇති ඉරණම ගැන හාංකවිසියක් හෝ නොදනී

    යන්තමින් දිවි බේරාගත් අනෙක් දරුවන් තම මිතුරියන්ගේ ම්රුත දේහ දෙස බලාගෙන කිසිත් සිතා ගත නොහැකිව හැඬූ කඳුලින් පසුවෙති

    දැං සියල්ල සිදුවී හමාරය

    මාරයා කවදා කෙලෙසක ඒවිදෝයි කව්රුත්ම නොදනිති

    දෙමාපියනි ඔබටද සිතන්නට බොහෝ දෑ ඉතිරි කර ඇත

  • 03 – 04 මහින්ද දානෙකට රට ගියාට රනිල්ට එරෙහිව ඡන්ද 116ක් – ඒකාබද්ධ විපක්ෂය කියයි….

    03 – 04 මහින්ද දානෙකට රට ගියාට රනිල්ට එරෙහිව ඡන්ද 116ක් – ඒකාබද්ධ විපක්ෂය කියයි….

    03 – 04 දෙදින මහින්ද රාජපක්ෂ අතයාවශ්‍ය දානමය කටයුත්තක් සදහා විදේශ ගත වුවද පාර්ලිමේන්තුවේදී විවාද කර ඡන්ද විමසීමකට ලක් කරන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව මේ වන විට ඡන්ද 116කට වැඩි ස්ථිර වශයෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.

    ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව ස්ථිර වශයෙන්ම ජයග‍්‍රහණය කරන බවද ඔහු සදහන් කරයි.

  • 04 දින්නත් පැරදුනත් පක්ෂෙන් රනිල් යන්නේ නෑ.. රංගේ බංඩාර හඩමින් කියු කතාව මෙන්න..

    04 දින්නත් පැරදුනත් පක්ෂෙන් රනිල් යන්නේ නෑ.. රංගේ බංඩාර හඩමින් කියු කතාව මෙන්න..

    එක්සත් ජාතික පක්‍ෂය තුල සැලකිය යුතු ප‍්‍රතිසංවිධානයක් හෝ නායකත්වයේ වෙනසක් සිදු නොකරන බව ඊයේ රාත‍්‍රියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග කරන ලද සාකච්චාව අනුව පෙනී ගිය බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

    ඊයේ රාත‍්‍රි 08.30-10.30 කාලයේදී දෙපැයක පමණ සාකච්චාවක් අගමැතිවරයා සමග කරන ලද බවද ඔහු සදහන් කරයි.

    සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කර තිබේ.

    04 වැනිදාට කලින් පක්‍ෂය මුළුමනින්ම ප‍්‍රතිසංවිධායනයකට ලක් නොකලහොත් අගමැතිවරයාට එරෙහි විශ්වාස බංගයේදී එක්සත් ජාතික පක්‍ෂයේ 27 දෙනෙකු විරුද්දව ඡන්දය දීම හෝ ඡන්දය වර්ජනය කිරීමක් සිදු කරනු ඇති බවද රාජ්‍ය ඇමතිවරයා මීට පෙර සදහන් කර තිබින.

    මේ අතර, එම රැස්වීම පැවැත්වෙන අතර තුර රනිල්ගේ සමාජ මාධ්‍ය ඒකකය විසින් ප්‍ර‍චාරය කර ඇත්තේ “ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ශ්‍රී ලනිප මනන්ත්‍රීවරුන් සමග මලික් ගේ නිවසේ රහස් සාකච්ඡාවක් පවත්වන බව” යි. එම පණිවුඩය රැස්වීමේ සිටි මන්ත්‍රීවරයෙකුට ලැබී ඇත්තේ රාත්‍රී 10 ට පමණය.

  • පොහොට්ටු සිහින දකින හිටපු එල්ටීටීඊ නායකයෙකු එල්ටීටීඊ සිහිනයක් ගැන කියපු කතාව මෙන්න..

    පොහොට්ටු සිහින දකින හිටපු එල්ටීටීඊ නායකයෙකු එල්ටීටීඊ සිහිනයක් ගැන කියපු කතාව මෙන්න..

    දෙමළ ජාතික සන්ධානය සිය ගෞරවය  අහිමි කරගෙන ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා. ඔහු කියා සිටියේ ලැජ්ජාවක් නොමැති දෙමළ ජාතික සන්ධානය ඊපීඩීපී සමග එක්ව උතුරු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු කිරිම නින්දිත ක්‍රියාවක් බවයි.

    ඒ තරමට දෙමළ ජාතික සන්ධානය ජනතාව අතර පිරිහි ගොස් ඇති බවයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායග මූර්ති මුරලිදරන් පෙන්වා දුන්නේ.

    මඩකළපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තේරීපත්වූ දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ සභිකයන් දිවුරුම්දීමේ අවස්ථාවට  (01) පස්වරුවේ එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ මේවන විට උතුරු නැගෙනහිර ජනතාව දෙමළ ජාතික සන්ධානයේ නොහැකියාව වටහාගෙන ඇති බවයි. එම නිසා දිනෙන් දින එම සන්ධානය ජනතාව අතරින් ඈත්වී යන බවද සඳහන් කළා.

    එමෙන්ම පළාත් පාලන මැතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීම තමන්ට ද සතුටක් බවත් එය තමන්ගේ ද ජයග්‍රහණයක් බවයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

    හැකි ඉක්මණින් රටේ පාලන වෙනස් වනු ඇති බවත් එහිදී නැගෙනහිර පරිපාලන තමන් සතු වන බවත් එම අවස්ථාව උදාවන තුරු තමා අපේක්ෂාවෙන් සිටින බවත් සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ එහිදී ජනතාවට අවශ්‍ය සියළුම සේවාවන් සැලයීමට කටයුතු කරන බවයි.

  • ප්‍රා.සභාවේ සෝලංගආරච්චිගේ සමරු පලකයට හානි කරලා.. වරදකරුවන්ට දැඩි දඩුවම් නව සභාපති කියයි…

    ප්‍රා.සභාවේ සෝලංගආරච්චිගේ සමරු පලකයට හානි කරලා.. වරදකරුවන්ට දැඩි දඩුවම් නව සභාපති කියයි…

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ස්ථාපනය කර ඇති කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මෙන්ම කොලොන්නාව ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි මැතිතුමාගේ සමරු පලකයට හානි කල වරදකරුවන් හට තරාතිරම නොබලා දැඩි දඩුවම් ලබාදෙන බව නව සභාපති රංගජීව මහතා පවසයි…

    ප්‍රදේශය පුරා ජනතාව නොසන්සුන්තාවයට පත්කළ එම සිදුවීම පසුගිය 29 දා වාර්තා වූ අතර එහිදී ජනතාව එම සිදුවීම දැඩි ලෙස හෙලාදකිමින් අදහස් පළකර ඇත..

    කොලොන්නාව ආසනයේ ශ්‍රීලනිප බලමණ්ඩලයේ ලේකම්වරයා මේ සිදුවීම පිලිබදව සිය මුහුණු පොතේ සටහනක් පළකර ඇත…

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ස්වර්ණමය යුගය නිර්මාණය කල ප්‍රසන්න සෝලංගආරචිචි මහතා ඉන් සමුගන්නේ ලංකාවෙි අලංකාරම ප්‍රාදේශීය සභාව අපට උරැම කරදෙමිනි..
    එය නිර්මාණය කරද්දි පරණ සභාවේ තිබු වීරසිංහ මල්ලිමාරච්චි මහාතාගේ ඡායාරෑපය අළුත් පලකයකට දමා මතු පරපුරට දකින්නට ඉඩ සැලස්වීය.
    නමුත් අද අළුත් සභාපති තුමන් වැඩ බාරගන්නා උත්සවයට පෙර කො .මු .ප්‍රා සභාවේ සභාපති වරැන්ගේ ඡායාරෑප .අතර තිබු ප්‍රසන්න සෝලංගආරචිචි මහාතාගේ ඡායාරෑපය සූරා විනාශ කර තිබිනි..
    එය අළුත් සභාපති තුමන්ව අපකීර්තියට ලක්කිරීමේ අරමුනින් සිතා මතා කල දෙයක් යයි මම විශ්වාස කරමි ..
    එබැවින් මෙි ගැන සොයාබලා කටයුතු කරන මෙන් එතුමාට දන්වමි..

  • ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධව හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් වන විජේතුංග තිලකරත්නව අත්අඩංගුවට

    ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධව හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් වන විජේතුංග තිලකරත්නව අත්අඩංගුවට

    ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශන සමිබන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් වන විජේතුංග තිලකරත්න යන අයව පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කර ඇත.

    අත්අඩංගුවට ගන්නා ලද හිටපු හමුදා කර්නල්වරයාව අද (29) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

  • මන්ත්‍රීවරියක් අතුරුදන්…. මස්කෙලියේ මල කෙලියක්.. ලොකු ලොක්කෝ මහ පාරේ ගුටි කෙළිති..

    මන්ත්‍රීවරියක් අතුරුදන්…. මස්කෙලියේ මල කෙලියක්.. ලොකු ලොක්කෝ මහ පාරේ ගුටි කෙළිති..

    මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තේරිමට ප‍්‍රථම අද (28) උදෑසන එහි දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.ඇතිවූ තත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළ අතර හැටන් කැරලි මර්දන ඒකකය කැඳවිමටද පොලීසියට සිදුවිය.

    එක්සත් ජාතික පක්ෂයෙන් එම සභාවට තේරිපත් වී ඇති මන්ති‍්‍රවරියක් සභාවට නොපැමිණිම හේතු කොටගෙන, ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් අදාළ මන්ත්‍රීවරිය සඟවා ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පලනි දිගම්බරම්ගේ ආධාරකරුවන් විසින් චෝදනා කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත විය.

    මස්කෙළිය ප‍්‍රාදේශිය සභාව සභිකධුර 16 කින් සමන්විත වන අතර ඒ සදහා එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 7 දෙනෙකු, ලංකා කමිකරු කොංග‍්‍රසයෙන් සභිකයින් 7 දෙනෙකු, ලංකා පොදු ජන පෙරමුණෙනන් එක් සභිකයෙකු හා එක්සත් ජනතා නිදහස් පෙරමුණෙන් එක් සභිකයෙකු එම සභාවට තේරි පත්වි ඇත.

    මේ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් එම සභාවට තේරි පත්වු ලියන ආරචිචිගේ රංජනි මහත්මිය අද (28.03) සභාපතිවරයා තේරිමේ නිළ වර්ණයට සභාගි නොවිම නිසා එයට උරණ වු අමාත්‍ය පලනි දිගමිබරමි මහතා නායකත්වය දරන කමිකරු ජාතික පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් නිළ වරණය පැවති මස්කෙළිය අමිබාල් ශාලාවට ඇතුලූ විමටගත් උත්සහයක් සමග පොලිසිය හා එම ආධාරකරුවන් සමග දැඩි නොසුන්කාරි තත්ත්වයක් ඇති විය. 

    එම නොසන්සුකාරි තත්ත්වය හමුවේ රැස්විමි ශාලාව තුලද කමිකරු ජාතික පෙරමුණේ සභිකයන් හය දෙනෙකු කලූපටි පැලද නොසන්සුන්කාරි ලෙස හැසිරිම් මධ්‍යයේ, එම සභාවේ සභාපතිවරයා ලෙස ලංකා කමිකරු කොංග‍්‍රසයේ කේ. සෙමිබගල්ලි මහත්මියගේ නම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පෙරියසාමි ප‍්‍රදිපන් මහතා විසින් යෝජනා කරන ලදි.එහිදි එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු නමක් යොජනා නොවු නිසා එම සභාවේ සභාපතිනිය ලෙස සෙමිබගවල්ලි මහත්මිය තේරි පත්විය.

    එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධනයේ පෙරියසාමි ප‍්‍රදිපන් මහතාගේ නම ලංකා පොදුජන පෙරමුණේ එස්.ඒ දිසානායක මහතා විසින් යෝජනා කළ අතර එමඋප සභාපතිධුරයටද එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු නමක් ඉදිරිපත් කළේ නැත

    සභාව තුල ලංකා කමිකරු කොංග‍්‍රසයේ සභිකයන් 7ක් සහ ලංකා පොදුජන පෙරමුණෙන් 1ක් සභිකයෙකුගේ ගණ පුර්ණයක් තිබු නිසා මස්කෙළිය ප‍්‍රාදේශිය සභාෙවි සභාපතිනිය සහ උප සභාපතිවරයා නිතියානුකුලව පත්කළ බව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා පැවසිය.

    මෙම නිළ වර්ණයෙන් පසු එම ශාලාවෙන් පිටතට යෑමට පළාත් පාලන කොමසාරිවරයාට බාධා පැමිණුන අතර දැඩි පොලිස් ආරක්‍ෂාව මද්දේ පළාත් පාලන කොමසාරිවරයා එම ස්ථානයෙන් බැහැරව ගියහ.

    ඉන් අනතුරුව කමිකරු ජාතික පෙරමුණේ ආධාරකරුවන් පොලිසිය ඉදිරිපිට පැමිණ එම ස්ථානයේ රැදිසිටි ලංකා කමිකරු කොංග‍්‍රසයේ ආධාරකරුවන් අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇතිවිය.ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික්කකයේ පිහිටි ප්‍රධාන කාර්යාලයටද මේ වන විට ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තාවෙයි.

    වීඩියෝ සහ ඡායාරූප පහතින් නරඹන්න.

     

     

    YOU MAY ALSO LIKE

  • දේශපාලනික හම පොරවාගත් පාතාලයන්ගේ ගැටුම් පිටුපස සිටින දේශපාලන හස්ත එලියට….

    දේශපාලනික හම පොරවාගත් පාතාලයන්ගේ ගැටුම් පිටුපස සිටින දේශපාලන හස්ත එලියට….

    මෑත කාලයේ සිට මෙරට පාතාලයේ විවිධ නම් අපිට ඇසෙන්නට වුනේ සතියකට වතාවක් නොඇසෙනා තරම් පුවතක් ලෙසයි. මාකඳුරේ මධූෂ්, ලොකු අයියා, රිස්‌කාන්, රණාලේ සමයං, ගොත අසංඛ, ඌරුජුවා, කොස්‌ මල්ලි, පස් පොඩ්ඩා, චූලා, ඩී මංජු යන අය මේ අයවලුන්ගෙන් අතලොස්සක් පමණයි.

    මේ සියල්ලන් පිළිබඳව අප සැවොම දන්නා එහෙත් නොදන්නා ලෙස සිටිනා ප්‍රධාන කාරණයක් නම් මේ පාතාල සාමාජිකයන් කුමණ හෝ පැතිකඩකින් දේශපාලන හුළු අත්තක් වන බවයි. මේ හේතුව නිසාවෙන්ම නීතියේ රැහැනෙන් මීදී රිසි සේ තමන්ගේ ආධිපත්‍ය පතුරවමින් බලය පවත්වා ගැනීමට ඔහුන් සමත් වී තිබෙනවා.

    තවද මෙම බොහෝ පාතාල නායකයන් ත්‍රිවිධ හමුදාවෙන් පැන ගිය සෙබළුන් බවට පසුගිය දිනවල පල වූ බොහෝ පුවත්පත් තුළ වාර්ථා කළා.

    මෑත දින කිහිපය තුළ සිදු වූ සිදු වූ සිදුවීම් අතරින් ඩුබායි හී සිටිනවායී කියන මාකඳුරේ මධූෂ් හා රණාලේ සමයංගේ පාතාල සගයන් අතර ඇති වූ ගැටුම් බොහෝ දෙනාගේ කථාබහට ලක් වුණා.

    රණාලේ සමයං ඇතුළු හත්දෙනෙක්‌ කළුතර බන්ධනාගාර බස්‌ රථය තුළදී අවසන් ගමන් ගියේ පසුගිය වසරේ වඩාත්ම අවධානය යොමු වූ පුවතක් බවට එය පත් කරමින්. අනතුරුව එහි පළිය ගැනීමට කඩුවෙල පාතාලයට නායකත්වය දෙන්නට ඉදිරිපත් වුණේ ‘ගොත අසංඛ’ සහ ‘ඌරුජුවා’ යන අයයි.

    බන්ධනාගාරගතව සිටින මෙම ‘ගොත අසංඛ’ සහ ‘ඌරුජුවා’ මෙහෙය වීම යටතේ මධූෂ්ට සොයුරෙකු ලෙස සමීප රිස්‌කාන් පෙබරවාරි 16 වැනිදා අලුත්කඩේ අධිකරණය සමීපයේදී ඝාතනය කෙරිණි.

    රිස්‌කාන් ඝාතනයට නියෝග දුන් ගොත අසංඛ සහ ඌරුජුවා ඒ වන විට බන්ධනාගාරගතව සිටි නිසා ඔවුන්ගෙන් පළි ගැනීමට මධුෂ් කටයුතු කළේ රිස්‌කාන්ව මරන්න යන්න බයික්‌ එක දුන් කොස් මල්ලී නැමති අයෙක්ගෙනි.

    රටම සළිත කරමින් අඟුණකොලපැලැස්‌සේ දී ඝාතනය කළ කොස් මල්ලීගේ හිස, අලුත්කඩේ අධිකරණය සමීපයේදීම හමු වූයේ මධූෂ්ගේ එම විධානය අනුව ය.

    ඝාතනයට ලක් වූ රිස්කාන් යනු මෙරට සුප්‍රසිද්ධ වාහන කුලී පදනම මත ලබා දෙන ආයතනයක් වූ “ඩ්‍රොප් මී” හි හිමිකරු බව සති අන්ත පුවත් පතක් වාර්තා කර තිබුණා.

    මෙම ව්‍යාපාරය සඳහා පාතාල නායක මධුෂ් මේ ආයතනය වෙත රුපියල් කෝටි දොළහක පමණ මුදලක්‌ ද ආයෝජනය කර තිබුණු බව ද එම පුවතේ වැඩිදුරටත් සඳහන්ව තිබුණා.

    කෙසේ වෙතත් “ඩ්‍රොප් මී” ආයතනයේ මීට මාස කීපයකට උඩදී වැලිසර ප්‍රදේශයේ වූ නව ශාඛාව විවෘත කිරීමේ ප්‍රධාන අමුත්තා වූයේ එක්‌සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි. එමෙන්ම එම අවස්ථාවට ආරාධිතයින් ලෙස ෆවුසි සහ මුජිබර් රහුමාන් යන අමාත්‍යවරු ද සහභාගී වී තිබෙනවා.

    මෙයින් ගම්‍ය වෙන්නේ අදාල පාතාල සාමාජිකයන් වර්තමාන රජයේ ප්‍රබලම දේශපාලනඥයන් කීපදෙනෙකු සමඟ ද සමීප සබඳතා පවත්වා ගෙන ඇති බවයි.

    අළුයට ගිනිමෙන් කාලයකදී නිවී යන මෙම පාතාල ගැටුම් තවත් කාලයකදී කරළියට පැමිනෙන්නේ අමානුශික මරණ බොහෝ ගණනක්ම සිදු කරමින්.

    කෙසේ වෙතත් පවතින අපරාධ රැල්ල මර්ධනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) එම්.ආර්. ලතීෆ් මහතා ප්‍රකාශ කළා.

    ඒ අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආවරණය වන ආකාරයෙන් සිවිල් ඇඳුමින් හා නිල ඇඳුමින් යුතු විශේෂ කාර්යය බලකා නිලධාරීන් රාජකාරි කටයුතු සඳහා යොදවා ඇතැයි ද මාර්ග බාධක යොදා ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

    එමෙන් ම පොලිසිය හා එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

  • සුදනා වෙන්න Twitter එකේ ස්ටේටස් දාපු නාමල්ට ඇමරිකාවෙන් කණ පැලෙන පිළිතුරක්….

    සුදනා වෙන්න Twitter එකේ ස්ටේටස් දාපු නාමල්ට ඇමරිකාවෙන් කණ පැලෙන පිළිතුරක්….

    පසුගියදා රුසියානු ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂකයෙක් ලෙස කටයුතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මොස්කව් නුවර සිට ඇමරිකාවේ හූස්ටන් වෙත සිය නැන්දනියගේ අවසන් කටයුතු සදහා සහභාගී විමට සූදනාම් වූ අවස්ථාවේදී ඇමරිකානු රජය විසින් නාමල් රාපක්ෂගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවීමට තීරණය කරන ලදි.

    මෙම අත්හිටුවීමට හේතුව වී ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීම ය.

    සුප්‍රකට කිරිෂ් ගනුදෙණුව පවා මුදල් විශුද්ධිකරනයක් ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙළිදරව් කරගෙන ඇත.

    මේ ආකාරයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීම හේතුවෙන් එක්සත් රාජධානිය ද නාමල් රාජපක්ෂගේ ගුවන් බලපත්‍රය අත්හිටුවීමේ සූදානමින් සිටින බව වාර්තා වේ.

  • රටම කැළඹූ පාතාලයේ තිදෙනෙක් ඉතාලියේදී මත්පැන් පාටි දාලා.. අැත්ත කතාව මෙන්න..

    රටම කැළඹූ පාතාලයේ තිදෙනෙක් ඉතාලියේදී මත්පැන් පාටි දාලා.. අැත්ත කතාව මෙන්න..

    ලංකාවේ ප්‍රධාන පෙළේ අපරාධ රැසකට සම්බන්ධ  පාතාල නායකයන් තිදෙනකු වන මාකඳුරේ මධුෂ්, එස්.ටී.එෆ්. නදුන් සහ මාලිගාවත්තේ කුඩුලාල් යන තිදෙනා ඉතාලියේ මිලානෝ නුවර රහසිගත ස්ථානයක සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති බව පාතාල මර්දන ඒකකය ප්‍රකාශ කර තිබෙනවා.
    ඔවුන් තිදෙනා එකතු වී ඔවුන්ගේ ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ දැඩි සැලසුමක් සකස් කරමින් සිටින බවත් පසුගිය කාලයේ කොළඹ සහ දකුණේ සිදුවූ ඝාතනයන්ද මොවුන්ගේ සැලසුම්වල ප්‍රතිඵලයන් බවත් පවසන පාතාල මර්දන ඒකකය මෙම ප්‍රබල පාතාල සාමාජිකයන් තිදෙනා එකම ස්ථානයකට රැස්වීම මෙරටට දැඩි තර්ජනයක් විය හැකි බවද  සඳහන් කරනවා.එසේම පසුගියදා මෙම පාතාල නායකයන් තිදෙනා එකම ස්ථානයක රැස්වීමේ සතුට සමරමින් මත්පැන් සාදයක්ද පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්.
    මේ හේතුවෙන් මෙම පාතාල නායකයන් තිදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් බුද්ධි අංශවලද සහාය ලබා ගනිමින් අධ්‍යයනය කරමින් සිටින බවද පාතාල මර්ධන ඒකකය ප්‍රකාශ කරනවා.
    දකුණේ පාතාල නායකයකු වූ මාකඳුරේ මධුෂ් මීට පෙර ඩුබායිහි සැඟවී සිටි අතර ඔහු දේශපාලන රැකවල් පතා ස්විට්සර්ලන්තයට පලා යෑම සඳහා ඉතාලියට පැමිණ ඇති බවටද පාතාල මර්දන ඒකකය වෙත තොරතුරු ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.
    මීට වසර කිහිපයකට ඉහතදී මාලිගාවත්තේ සිය පාතාල බලය පැතිරූ කුඩු ලාල් නමැත්තා මුලින් එංගලන්තයට පැනගොස් තිබුණා. ගම්පහ ප්‍රදේශයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ සගයකු වූ කුඩු ලාල් එංගලන්තයේදී එරට කාන්තාවක සමඟ විවාහ වී සිටින බවත් මීට සති කිහිපයකට පෙර ඔහුද ඉතාලියේ මිලානෝ නුවරට පැමිණ ඇති බවත් පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී තිබෙනවා. එසේම මධුෂ් සහ කුඩු ලාල් යන දෙදෙනාටම  ඉතාලියේ මිලානෝ නුවර සැඟව සිටින එස්.ටී.එෆ්. නුවන්  ආරක්ෂාව ලබා දෙන බවද සඳහන්. 
    (under the courtesy of nethgossip.lk news web)
  • යුද්ධයට බයේ පලාගිය ගෝඨා හිරේ යන්න බයේ ගත්ත තහනම් නියෝගය තවත් ඇඳෙයි

    යුද්ධයට බයේ පලාගිය ගෝඨා හිරේ යන්න බයේ ගත්ත තහනම් නියෝගය තවත් ඇඳෙයි

    හමුදා සේවයේ සිටියදී යුද්ධයට බයේ එවක ඇමරිකාවට පලාගිය රාජපක්ෂ රෙජීමයේ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සැලකෙන කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ විසින් පැවති රෙජීම පාලන කාලය තුල සිදුකළ දූෂණ-වංචා-ඝාතන නඩුවලට අදාළව සිරගත කරවීයැ’යි බියෙන් පොදු දේපල පනත යටතේ තමාට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය අද(26) යළිත් වරක් දීර්ඝ කරගැනීමට සමත්ව ඇත.

    පොදු දේපල පනත යටතේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද(26) නියම කළේය.

    හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    අනතුරුව පෙත්සම සලකා බැලීම හෙට(27) දින සිදුකරන බවත් තහනම් නියෝගය අනිද්දා දක්වා දිරි කරන බවද අධිකරණය සඳහන් කළේය.

    ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබෙන්නේ ඉකුත් රජය සමයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 83 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොදු දේපල පනත යටතේ සහතිකයක් ඉදිරිපත් කර ඇති බවයි.

    අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමේ චේතනාවෙන් පොලිසිය මෙම සහතිකය ඉදිරිපත් කර ඇතැයි සඳහන් කරන ගෝඨාභය රාජපක්ෂ තමාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවයි කියා සිටියේය.

  • අපේ සුදු වෑන් “ක්‍රමවේදය” මේ ආණ්ඩුව නැති කලා –  වැරදිලා ගෝඨාගේ කටින් පැනපු කතාව මෙන්න…

    අපේ සුදු වෑන් “ක්‍රමවේදය” මේ ආණ්ඩුව නැති කලා – වැරදිලා ගෝඨාගේ කටින් පැනපු කතාව මෙන්න…

    ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සදහා අවසර ලබාදීමෙන් රජයට රුපියල් කෝටි 1,140 ක පාඩුවක් කළ බවට හිටපු ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂට එරෙහිව ගොණුකළ නඩුව අද (26) විභාගයට ගැණුනා. ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට පවරා ඇති අදාළ නඩුව විභාගයට ගැනීම ලබන ජූලි මස 9 වනදා දක්වා කල් දැමීමටයි මෙහිදී තීරණය කෙරුණා.

    අපේ සුදු වෑන් “ක්‍රමවේදය” මේ ආණ්ඩුව නැති කලා – ගෝඨා

    මේ අතර ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර සිටින්නේ පසුගිය රාජපක්ෂ යුගයේදී තමන් අනුගමනය කල සුදු වෑන් “ක්‍රමවේදය” මේ වනවිට නොමැති බවත්, එම නිසා මේ වන විට මිනීමැරීම් ඉතා සුලභ ලෙස දක්නට ඇති බවයි.

    ගෝඨාභය රාජපක්ෂගේ නොදැනුවත්ව හෝ ප්‍රකාශ කල මෙම ප්‍රකාශය පරිදි රාජපක්ෂ යුගයේ මාධ්‍යවේදීන් ඇතුලු තමන්ට විරුද්ධ මත මර්දනය කිරීමට සුදු වෑන් සංස්කෘතිය මෙහෙය වූ බවට ගෝඨාභය විසින් පිළිගන්නා බවයි සිවිල් සංවිධාන නියෝජිතයෙක් සඳහන් කලේ.

    ඉන්දීය තානාපති කාර්යාලය පවා අප මුණගැසෙන්න බයයි – ගෝඨා

    මේ වනවිට ඉන්දීය තානාපති කාර්යාලය පවා තමන් මෙන්ම විපක්ෂය හමුවීමේ බියකින් පසුවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ඉන්දීය ප්‍රමුඛ පුවත් වෙබ් අඩවියක් වන The Indian Express වෙබ් අඩවිය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

    එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ,

    “ඉන්දියාවේ හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු මෙන්ම ආරක්ෂක උපදේශකවරයෙකු වූ ශිවශංකර් මෙනොන්ගේ Choices — Inside the making of India’s foreign policyයන කෘතිය කියවා ඇතිනම්, එහි ඔහු ශ්‍රී ලංකාව ඉන්දියාවට තර්ජනයක් වන දෙයකට සිය දේශය තුළ ඉඩ නොතැබූ බව පවසා තිබෙනවා. අපගේ රජය කෙදිනකවත් ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවේ ආරක්ෂාවට විරුද්ධව භාවිත කරන්නට ඉඩ දුන්නේ නැහැ. වර්තමානයේ චීනය සමග ලංකාවේ තිබෙන සබඳතා නිසා ඉන්දියාව ඇති කරගෙන තිබෙන බියෙන් ඔවුන් ඉවත් විය යුතුයි.” යනුවෙන් පැවසීය.

    එහිදී, ඔබ තවමත් ඉන්දියාව සමග සබඳතා පවත්වානවාද ලෙසින් ඇසූ පැණයට පිළිතුරු ලෙසින්, “නැහැ, ඔවුන් අපට කතා කරන්නේ නැහැ(සිනහාසෙමින්). එය තමයි අනිත් ප්‍රශ්නය. අපගේ පාලන කාලයේදී වෙනත් රාජ්‍යතාන්ත්‍රිකයන්ට මෙරට විපක්ෂය මුණගැසීමේ ප්‍රශ්නයක් තිබුනේ නැහැ. රාජ්‍යතාන්ත්‍රිකයන් පමණක් නොව වෙනත් අමුත්තන් පවා ඉන්දියාවේ සිට විපක්ෂයේ සාමජිකයින් හමුවුනා. නමුත් මේ වන විට ඉන්දීය තානාපති කාර්යාලය පවා අපව මුණගැසෙන්නට බියකින් පසුවෙනවා. මට ඒ ඇයි කියලා කියන්න තේරෙන්නෙ නැහැ. ශ්‍රී ලංකා රජය ඔවුන් අපව මුණගැසීම ගැන මේ තරම් වද වෙන්නෙ ඇයි කියලා මට හිතාගන්නට බැහැ.” යනුවෙන් සඳහන් කර ඇත.