Category: සුපිරි Cases

  • ෆෝන් එක OICට දීපං යකෝ – රටම බියවද්දන මධූෂ් පොලීසියට දුන් භයානක දුරකතන ඇමතුම

    ෆෝන් එක OICට දීපං යකෝ – රටම බියවද්දන මධූෂ් පොලීසියට දුන් භයානක දුරකතන ඇමතුම

    පාතාල නායක ඩුබායි මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවසේ සැඟවී සිටියදී මධුෂ්ගේ ගෝලයන් සිව් දෙනකු කොටු කළ ‍පොලිස් මෙහෙයුමට ඔත්තුව දුන් බවට සැකකොට කඹුරුපිටිය ගතාර ප්‍රදේශයේ පිහිටි එම නිවෙසට යාබද නිවසේ පදිංචි ‍පොලිස් සැරයන්වරයකු පවුල් පිටින් මරාදමන බවට මාකඳුරේ මධුෂ් දුරකථන මගින් ඩුබායි සිට කළ මරණ තර්ජනයක් පිළිබඳව ‍පොලිස් පරීක්ෂණ ඇරඹී තිබේ.

    මෙම සිද්ධියට මුහුණ පෑ කටුවන ‍පොලිසියේ සේවයේ නිරත ‍පොලිස් සැරයන් සිල්වාගේ පවු‍ලේ සාමාජිකයන් ආරක්ෂාව පතා ඔවුන් පදිංචි නිවසින් තාවකාලිකව ඉවත් කිරීමට ද මේ වන විට කටයතු යොදා ඇතැයි ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරියකු අනාවරණය කළේය.

    “උඹ තමයි මගේ එවුන් අල්ලන්න ඉන්ෆොමේෂන් දීලා තියෙන්නේ. මම උඹවත් මරනවා. උඹේ පවු‍ලේ ඔක්කොම මරනවා. වයසට ගියත් උඹ ඉන්න තැනකට හොයාගෙන ඇවිල්ලා මරනවා.” යැයි මාකඳුරේ මධුෂ් ඩුබායි සිට ලබාදුන් දුරකථන ඇමතුම් කිහිපයකින් ‍පොලිස් සැරයන්වරයාට තර්ජනය කර ඇත.

    මාකඳුරේ මධුෂ් අවස්ථා කීපයකදීම ‍පොලිස් සැරයන්වරයාගේ ජංගම දුරකථනයට හා කටුවන ‍පොලිසියේ දුරකථනයට ඩුබායි සිට කතා කර මෙසේ තර්ජනය කර තිබේ.

    කඹුරුපිටියේ ගතාර ප්‍රදේශයේ පිහිටි මාකඳුරේ මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවසේ සිටියදී පාතාල සාමාජිකයන් සිව් දෙනකු ඉකුත් 17 දා අත්අඩංගුවට ගත්තේ කඹුරුපිටිය ‍පොලිසියේ ස්ථානාධිපති ඕ.යූ. ජයශාන්ත මහතාට ලද තොරතුරක් මතය.

    මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඉකුත් 07 දා අලුත්කඩේ උසාවිය අසලදී සොයාගත් සමයංගේ පාතාල කල්ලියට අයත් කොස් මල්ලී හෙවත් ශාන්ත කුමාරගේ ගෙල කොටසට අයත් කඳ කොටස අඟුණකොළපැලැස්සේ කෙසෙල් ඉඩමක වළදමා තිබියදී පසු දිනම (18) සොයා ගැනීමට හැකි විය.

    පදලංගල, කුට්ටිගල, සියඹලාණ්ඩුව, බුද්දම හා ගතාර ප්‍රදේශයේ පදිංචි මෙම පාතාලයින් සතුව තිබි ඔවුන් පැමිණි වාහනයට සවිකිරීමට ගෙනැවිත් තිබූ ව්‍යාජ අංක තහඩු දෙකක් ද සොයාගෙන තිබිණි.

    මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණු දිනයේම මාකඳුරේ මධුෂ් විසින් ‍පොලිස් සැරයන් සුනිල්ට කතා කර සිව් වතාවක් තර්ජනය කර තිබේ. ‍පොලිස් සැරයන්වරයා කටුවන ‍පොලිසියේ සිට කඹුරුපිටිය ‍පොලිසිය බලා රාජකාරියකට පිටත් කර යැවූ අවස්ථාවේත් කඹුරුපිටිය ‍පොලිසියේ සිටියදීම මාකඳුරේ මධුෂ් විසින් කතාකර ඇත.

    “මම දන්නවා උඹ දැන් ඉන්නේ කඹුරුපිටිය ‍පොලිසියේ කියලා. දීපන් ඔය ෆෝන් එක කඹුරුපිටිය ඕඅයිසිට” කියමින් මාකඳුරේ මධුෂ් යළිත් තර්ජනය කර ඇත.

    “තමුසේ බයික් එකෙන්නේ වැඩට එන්නේ. මම එන පාරත් දන්නවා” යැයි ද මාකඳුරේ මධුෂ් තර්ජනාත්මක දුරකථන ඇමතුම්වලින් දන්වා ඇතැයි ‍පොලිස් ‍පොත්වල මේ සම්බන්ධව සටහන් යොදා ඇත.

    මෙම තර්ජනය හේතුවෙන් ‍පොලිස් සැරයන්වරයාගේ පවු‍ලේ අය ආරක්ෂාව පතා ආරක්ෂිත තැනක රැඳවීමට තංගල්ල ‍පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ නියෝග මත කටයුතු යොදා ඇත.

    මේ සම්බන්ධව ‍පොලිස් දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ භාර නියෝජ්‍ය ‍පොලිස්පති කමල් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ද විමර්ශන ඇරඹී ඇත.

    මාකඳුරේ මධුෂ් මෙම ‍පොලිස් නිලධාරියා යන එන තැන් හා කඹුරුපිටිය ‍පොලිසියට පැමිණි මොහොත පවා සොයාගෙන දුරකථන ඇමතුම් දී ඇති බවත්, මධුෂ්ගේ ඔත්තුකරුවන් යොදවා එම කටයුතු කරගෙන යන බවත් අනාවරණය වී ඇත.

    මාකඳුරේ මධුෂ් විසින් මීට පෙර තම කණ්ඩායම්වලට එරෙහිව විමර්ශන කළ ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ‍පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට පිළියන්දලදී වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කළ අතර මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ ‍පොලිස් කොස්තාපල් දාස් ගුප්තාට මරණ තර්ජනය කිරීම සම්බන්ධව ද විමර්ශන සිදු කෙරිණි.

    කළුතර එතනමඩලදී පාතාල නායක සමයං ඇතුළු කණ්ඩායමක් රැගත් බන්ධනාගාර බස් රථයට පහරදී පාතාලයින් හා බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීම ඇතුළු ඝාතන රැසකට චෝදනා එල්ල වූ මාකඳුරේ මධුෂ්ට දැනට ජාත්‍යන්තර ‍පොලිසියේ නිල් නිවේදනය නිකුත් කර තිබේ.

  • මොරටු විශ්වවිද්‍යාලය ඉදිරිපිට නිවසක මල්පොච්චියේ අඩි 5 1/2 ක ගංජ ගහක්

    මොරටු විශ්වවිද්‍යාලය ඉදිරිපිට නිවසක මල්පොච්චියේ අඩි 5 1/2 ක ගංජ ගහක්

     මොරටුව කටුබැද්ද විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිරිබරපුර මාවතේ නිවසක මල් පෝච්චියක්‌ රහසිගතව වවා තිබූ අඩි පහමාරක්‌ පමණ උස ගංජා ගසක්‌ සමඟ නිවසේ හිමිකරු ගල්කිස්‌ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම ගංජා පැළය ඔහුගේ පෞද්ගලික පාවිච්චිය සඳහා සාදාගෙන ඇති බවත් අවශ්‍ය විටදි එහි පත්‍ර වියළා සුරුට්‌ටු ඔතා පානය කරන බවත්, සැකකරු පවසා ඇතැයි පොලිසිය පැවසීය.
     

  • මුතුරාජවෙල පරිසර විනාශ කරන්නවුන්ට වැඩ වරදී. ජනපති මෛත්‍රී නියමයෙන් සියලු ක්‍රියාකාරකම් තහනම්..!

    මුතුරාජවෙල පරිසර විනාශ කරන්නවුන්ට වැඩ වරදී. ජනපති මෛත්‍රී නියමයෙන් සියලු ක්‍රියාකාරකම් තහනම්..!

    මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් ඇතුළුපරිසර විනාශයට හේතුවන සියලූ කි‍්‍රයාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

    එහි යම් ඉඩම් කොටස් ගොඩකිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබාදී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දී තිබේ.

    එමෙන්ම මෙවැනි පරිසර විනාශයන්ට අනුග‍්‍රහය දක්වන හෝ දැක්වූ රාජ්‍ය නිලධාරින් සිටීනම් ඔවුන්ට එරෙහිව ද විනය කි‍්‍රයාමාර්ග ගැනීමට ජනාධිපතිතුමා අදාළ අංශ දැනුවත් කොට ඇත.

    මෙරට වැදගත් තෙත්බිම් පද්ධතියක් වන මුතුරාජවෙල අභය භූමිය ආශි‍්‍රතව සිදුකෙරෙන පරිසර විනාශයන් පිළිබඳව පසුගියදා දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ කෙරුණු අතර ඒ පිළිබඳඅවධානය යොමු කළ ජනාධිපතිතුමා  (22) අළුයම එම ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    අනතුරුව ප‍්‍රදේශයේ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ප‍්‍රධානින් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉහත තීරණවලට එළැඹිණි.

    පරිසර සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙස මෙහි පවතින සියලූ ඉඩම් වනජීවි සහ පරිසර සංරක්ෂණ කලාප ලෙස ගැසට් කිරීමේ හැකියාව පිළිබඳනීති උපදෙස් ලබාගැනීමට ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

    සින්නක්කර ඔප්පු සහිත ඉඩමක වුව ද පාරිසරික බලපෑම් ඇතිකරන්නේ නම් එහි ගොඩකිරීම් සහ ඉදිකිරීම් සඳහා ඉඩදිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිතුමා මෙම කි‍්‍රයා පිටුපස දේශපාලන බලවේග තිබේනම් ඒවාට එරෙහිව ද නොපැකිළිව කටයුතු කරන බව කියා සිටියේය.

    මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන පරිසර විනාශයන් මැඩලීම සඳහා එම ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහ ප‍්‍රවේශ මාර්ගවලට මාර්ග බාධක යෙදවීමට ද ජනාධිපතිතුමා මෙහිදී පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේය.

    මෙම ප‍්‍රදේශය තුළ සිදුකෙරෙන ගොඩකිරීම් සඳහා පස් ලබාදෙන ස්ථානවලට භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශය මගින් බලපත‍්‍ර නිකුත්කර තිබේනම් ඒවා ද වහාම අවලංගු කිරීමට ජනාධිපතිතුමා මෙහිදී නියෝග කරන ලදී.

    පර්චසය රුපියල් 500/- ඉඩම් ගණුදෙනුව සොයන්න ජනපති මුතුරාජවෙල යයි..!

    මුතුරාජවෙල අභයභුමියට අයත් පර්චස් 65102 ක ප්‍රමාණයක් පර්චසය රුපියල් 500/- ගණනේ පෞද්ගලික ආයතනයකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේ අද (22) පෙරවරුවේ ජා ඇල, දැලතුර, තාරකුලිය ප්‍රදේශයට පැමිණ ඇත.

    ඉන්පසු ජනාධිපතිවරයා රාජ්‍ය අංශ නිලධාරීන් සහ පරිසරවේදීන් සමඟ කෙටි සාකච්ඡාවක ද නිරතවී ඇතැයි පැවසේ.

    මුතුරාජවෙල මෙම භුමි පැවරුම සිදුකොට ඇත්තේ සපුරාම නීතිවිරෝධී ආකාරයට බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් පෙන්වා‍දෙන ලදුව ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය ඒ පිළිබඳව යොමුව තිබේ. නමුත් තතු දත් ආරංචි මාර්ග පවසනුයේ මෙම ඉඩම් පැවරීමට ආණ්ඩුවේ ප්‍රබලතමයන් කිහිප දෙනෙකුගේ සෘජු සම්බන්ධතාවයක් ඇති බවය.

    ප්‍රසංග පෙරේරා – ජා ඇල

     


  • දිනෙන් දින සමාජයේ විශ්වාසය දිනාගනිමින් ශක්තිමත් වෙන අපේ රටේ නීතිය..! විග්‍රහය මෙන්න….

    දිනෙන් දින සමාජයේ විශ්වාසය දිනාගනිමින් ශක්තිමත් වෙන අපේ රටේ නීතිය..! විග්‍රහය මෙන්න….

    පුද්ගලයෙකුට පහරදී අධිකරණයෙන් කට්ටි පැන්න ප්‍රසන්නට ඇප..!

    පුද්ගලයකුට පහරදීමේ සිද්ධියකට අදාළව අධිකරණය මගහරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරමහතා ඇප මත මුදාහරින ලෙස මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කර තිබේ.

    මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කැලණිය ප්‍රාදේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 20 වැනිදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

    රුපියල් මිලියන 12ක් අවභාවිත කළ සරත් කුමාර ගුණරත්නට රට යන්න අවසර..!

    මීගමු කළපු සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන්කළ රුපියල් මිලියන 12කට ආසන්න මුදලක් පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා යොදාගැනීමේ සිද්ධියේ චූදිතයෙකු වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාට විදෙස් ගත වීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අවසර ලබාදී තිබේ.

    අදාළ නඩුවේ පස්වෙනි සැකකරු වන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මේ මස 23 වැනිදා සිට ලබන මස 25 වැනිදා දක්වා විදේශ ගතවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා මෙසේ අවසර ලබාදී ඇත.

    සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනාට එරෙහිව මේ වනවිට කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවර ඇති බව නඩුව අද කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කර තිබේ.

    ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, මහාධිකරණයෙන් නොතීසි ලද විගස මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට අවවාද කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව අවසන් කිරීමටෙද තීරණය කර ඇත.

  • පැත්ත පලාතක එන්න එපා –  නාමල් බේබිට ඇමරිකා තහනමක්…. ඇත්ත කතාව මෙන්න….

    පැත්ත පලාතක එන්න එපා – නාමල් බේබිට ඇමරිකා තහනමක්…. ඇත්ත කතාව මෙන්න….

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට සූදානම් වන විට ඔහුට ඇමරිකාවට ඇතුල්වීමට තහනම් බව එක්සත් ජනපද නිලධාරීන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුසියාවට ගොස් සිටියේ එරට පැවති ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයකු ලෙසින් වන අතර එම කටයුතු අවසන් කර ඇමරිකාවේ හුස්ටන් බලා පිටත්ව යන යානයකින් ගමන් පහසුකම් සලසා ගන්නට යන අතරවාරයේ එක්සත් ජනපද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ දැනුම්දීම සිදුකොට ඇත.

    නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කාර්යාලය උපුටා දක්වමින් මේ සම්බන්ධව වාර්තා කරන වෙබ් අඩවියක් සඳහන් කර සිටින්නේ එක්සත් ජනපද නිලධාරීන් කිසිඳු දැනුම්දීමකින් තොරව මෙම තීරණය ගෙන ඇති බව සහ නාමල් රාජපක්ෂ සතුව වලංගු වීසා බලපත්‍රද තිබූ බවය.

    මේ සම්බන්ධව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය twitter ගිනුමේ ද සටහනක් තබා ඇත.

     

  • මන්ත්‍රි විමල්ගේ නිවසේ හොල්මනක්…! රටම කතාවෙන පුවතේ අැත්ත තතු මෙන්න…!

    මන්ත්‍රි විමල්ගේ නිවසේ හොල්මනක්…! රටම කතාවෙන පුවතේ අැත්ත තතු මෙන්න…!

    විමල්ගේ නිවසේ මරණයට පත්වු ජනිත් මිනිස් බිල්ලක් ඉල්ලා හොල්මන් කරයි… ආත්මයක් නිකන් කාගෙන්වත් පලිගන්න නෑ … ජනිත්ගේ මව

    තවත් දවසක් රාත්‍රීයේ විමල්ගේ ආරක්ෂාවට සිටින පොලිස් නිළධාරින් දෙදෙනා නිදාගෙන සිටින අවස්ථාවෙ එම එක් නිලධාරියෙකු කකුලෙන් ඇද බිමට දමා ඇති අතර එම වැටිමෙන් ඔහුගේ වම්පස උඩු ඇන්දේ දත් දෙකක් ගැලවිමටද ලක්ව තිබේ.එම සිද්ධියෙන් පසුව දැඩි කම්පනයට හා භීතියට පත්වු එම නිළධාරින් එමස්ථානයේ නිදා ගැනිමද ප්‍රතික්ෂප කර තිබේ.

    ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටියදි මිය ගිය ලහිරු ජනිත් දිසානායක තරුණයා මේ වනවිට විමගේ නිවසේ අවතාරයක් ලෙස හොල්මන් කිරිමට පටන් ගැනිමත් සමග විමල් සහ පවුලේ සමාජිකයන් දැඩි කැලබිල්ලට පත්ව සිටින බව lankaleaks විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

    මාස කිහිපයකම සිට මෙම තත්ත්වයට විමල්ගේ පවුල මුහුණ් දෙමින් සිටින අතර එය ජනතාවගෙන් වසන් කරගෙන සිටිම සදහා විවිධ වර්ගයේ උපක්‍රම භාවිත කලද මේ වනවිට දිගින් දිගටම දේශපාලන වශයෙන් ඩිල් දමමින් යකදුරන් හමුවිම මහින්ද හමුවිමට වඩා සිදුකිරිමට විමල්ට සහ ඔහුගේ බිරිද වන ශසීට සිදුවිමත් සමග සම්පූර්ණ කතාව අනාවරණය වි තිබේ.

    විමල්ගේ පුතා රුසියාවට…..

    ලහිරු ජනිත් දිසානායක තරුණයා මිය යන අවස්ථාවේදී ‘ව්‍යාඝ්‍රා’ අධි මාත්‍රාවක් ගෙන සිටි බව එම මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.බී දසනායක මහතාගේ වාර්තාවේ පැහැදිලිව සදහන් වන බව තලංගම පොලිස් ආරංචි මාර්ග ද තහවුරු කර තිබුනද පසුව විමල් රනිල් සමග දැමු ඩිල් වල ප්‍රතිපලයක් ලෙස එම කතාව් යට ගස ගැනිමට සමත් විය.

    ලහිරු ජනිත් දිසානායකගේ මරණයෙන් පසුව විමල්ගේ පුතාගේ දැඩි වෙනස්කම් රැසක් දකින්නට ලැබුන අතර සිගරැට්ටුවක් හෝ නොබන මාංශ පවා ආහාරයට නොගන්නා විභූති පසුව අධික ලෙස ගංජා පානයට ඇබ්බැහි වු අතර සති ගණන් නා නැතුව සිටිමටද නිරන්තරයෙන් පැත්තකට වි ඔහෙ බලාගෙන සිටිම හේතුවෙන් සශී ඒ තම පුත්‍රයා සම්බන්ධයෙන් සාස්තරයක් බල ඇති අතර එහිදි පවසා ඇත්තේ විභූතිට කාගේ හෝ බැල්මක් වැටි ඇති බවත් ඒ හේතුවෙන් වහාම ඔහුව රටෙන් පිටකරන ලෙසයි. ඒ අනුව විභූති වහාම රුසියාව බලා පිටත් කර යැවිමට විමල් සහ සශී කටයූතු කර තිබේ.

    විවෘත අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් විමල්ගේ ලහිරු ජනිත් දිසානායකගේ මිත්‍රයා වු පුත් විභූති වීරවංශ කියා සිටියේ

    “මම අංක 74, මංගල මාවත, දකුණු හෝකන්දර ලිපිනයේ පදිංචිව සිටිනවා. දැනට වයස අවුරුදු 19යි. ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා විශ්ව විද්‍යාලයට ඉල්ලුම් කර තිබෙනවා. 2016-10-25 දින මට හොඳට මතකයි. මගේ යහළුවන් නිවෙසට පැමිණියා. අර්ජුනයි, ඩිලකයි, ළහිරු අයියාත් පැමිණියා. ඒ හවස 4ට පමණ. අපි නිවසේ උඩ තට්ටුවට ගොස් කතා කරකර හිටියා. ඒ සමග ටී.වී. බැලුවා. සවස 6.30ට පමණ අම්මා නිවෙසට ආවා. අම්මා කියන්නේ ශෂි වීරවංශ මහත්මියයි.”

    “ටී.වී. බලමින් සිටි අපි අම්මා ආවිට පහළට ගියා. අපි නිකම් කතා කරකර සිටියා. ළහිරු අයියා රාත්‍රී 9ට පමණ එළියට ගියා. එළියට ගිහින් නැවත 9.30ට පමණ ආවා. අම්මට වැදලා අපි උඩට ගිහින් ටී.වී. බැලුවා. අපි 12.30 පමණ වෙනතුරු ටී.වී. බැලුවා. පසුව නිදාගත්තා. මම මගේ කාමරයේ නිදාගත්තා. අර්ජුනයි, ඉසුරුයි, ඩිලකයි මගේ කාමරයට යාබද කාමරයේ නිදාගත්තා. ළහිරු අයියා උඩතට්ටුවේ සාලයේ මෙට්ටයක් දමා නිදාගත්තා.”

    “පසුදින මා අවදිවුණේ 9.30ට 10 විතර. එවිට ළහිරු අයියා නිදාගෙන සිටිනු දුටුවා. මම ළහිරු අයියට කතා කළා. අවදි වුණේ නෑ. මම හිතුවේ විහිළුවට ඉන්නවා කියලා. පසුව උදෑසන ආහාර ගැනීමට පහළට යනවිට නැවතත් ළහිරු අයියාට කතා කළා. ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ. මම එයාව අනෙක් පැත්තට පෙරළුවා. එහිදී ඔහුගේ අමුත්තක් දැනුණා. මම පහළට ගිහින් අම්මාට මේ බව කිව්වා. අම්මා විශ්වාස කළේ නෑ. මම තැතිගෙන සිටි නිසා පහළට වී සිටියා. “

    ලහිරු ජනිත් දිසානායකගේ හොල්මන එලිපිට නැටුම්…

    පලමු සිදුවිම …

    විමල්ගේ දකුණු හෝකන්දර විශාල නිවසේ පහල තට්ටුවේ විමල්ගේ පවුලේ සාමජිකයන් ජිවත් වන අතර මරණය සිදුවු දෙවැනි තට්ටුවේම විමල්ගේ ආරක්ෂාවට සිටින පොලිස් නිළධාරින් දෙදෙනා නතර වි සිටි.ඊට අමතරව සමහර අවස්ථාවවල විමල්ගේ රියදුරු මෙන්ම පෞද්ගලික ආරක්ෂකයන්ද එම තට්ටුවේම නතර වි සිටි.ඒ සදහා පිටතින් පැමිණිමේ පඩිපෙලක් ඇත.

    හදිසියේම එක් දිනක රාත්‍රීයේ මෙම පොලිස් නිළධාරි දෙදෙනා නැවි යන ලෙස විශාල වතුර පාරක් එල්ල වන අතර ඔහුන්ද් කෑ ගසමින් ඇහැරි ඇත්තේ කවුරුන් හෝ විහිලුවක් කරන්නට ඇති බව සිතාගෙනය. නමුත් අවදි වි බැලු අවස්ථාවේ කිසිවෙකු නොසිටි අතර විමල්ගේ පවුලේ සමාජිකයන් සහ ගේදර වැඩට සිටින කාන්තාවද පැමිණ ඇති අතර වතුර පහරක් වැදි තිබුනද එය එල්ල කල කෙනෙකු හෝ අඩුම තරමේ වතුර ගෙන ආ බේසමක් හෝ නොතිබිම හේතුවෙන් කාගේහෝ විහිලුවක් ලෙස සලකා අතහැර දමා තිබේ.

    දෙවැනි සිදුවිම ….

    තවත් දවසක් රාත්‍රීයේ විමල්ගේ ආරක්ෂාවට සිටින පොලිස් නිළධාරින් දෙදෙනා නිදාගෙන සිටින අවස්ථාවෙ එම එක් නිලධාරියෙකු කකුලෙන් ඇද බිමට දමා ඇති අතර එම වැටිමෙන් ඔහුගේ වම්පස උඩු ඇන්දේ දත් දෙකක් ගැලවිමටද ලක්ව තිබේ.එම සිද්ධියෙන් පසුව දැඩි කම්පනයට හා භීතියට පත්වු එම නිළධාරින් එමස්ථානයේ නිදා ගැනිමද ප්‍රතික්ෂප කර තිබේ.

    තුන්වැනි සිදුවිම………

    සවස් කාලයේ විමල්ගේ ගෘහ සේවිකාව විමල්ගේ ආරක්ෂාවට සිටින පොලිස් නිළධාරින් දෙදෙනා සදහා තේ රැගෙන පඩිපෙල ඔස්සේ ගමන් කරමින් සිටියදි කෑ ගසමින් පඩි කිහිපයක්ම පහලට ඇද වැටි ඇති ඇය භයෙන් භීරාන්තව ගොලුවි සිට තිබේ.පසුව ඇය මාළබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුලත් කර ඇති අතර දින දෙකකට පසුව ඇය පියවි සිහිය ලැබිමෙන් පසුව පවසා ඇත්තේ තමන් තේ රැගෙන යමින් සිටියදි මරණයට පත්වු ජනිත් කහ පැහැති ටී ෂර්ට් එකකින් සැරසි පඩිපෙලේ ඉදගෙන සිටින අයුරු තමන් දැක්ක බවයි.

    එම සිද්ධියෙන් පසුව දැඩි ලෙස කම්පණයට පත්වු විමල් සහ සශී මේ සම්බන්ධයෙන් වහාම කටයුතු කිරිම සදහා කපුවන් සොයා මෙහෙයුම් දියත් කර තිබේ.ඒ අතරතුර 4 වැනි සිද්ධියද සිදුව තිබේ…

    එනම් රාත්‍රීයේ දෙවන මහලේ විදුලි බල්බ නිකන්ම දැල්විම,නාන කාමර වල ජල කරාම විවෘත විම වැනි භයානක සිදුවිම් වන අතර ඒ හේතුවෙන් විමල්ගේ ආරක්ෂාවට සිටින පොලිස් නිළධාරින් දෙදෙනා එම මහලින් ඉවත්ව ගොස් ඇති අතර ඔහුන් පහල ගරාජ් කාමරයේ නිදා ගැනිමට කටයුතු කර තිබේ.

    පසුව අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධ අදුන් බලන්නේකු හරහා සශී අදුනක් බලා ඇති අතර එහිදි ජනිත් තරුණයා සම්බන්ධයෙන් අනාවරණය කර ඇති අතර ජනිත්ගේ හොල්මන බිල්ලක් නොගෙන නිවසින් පිටව නොයන බවද අනාවරණය කර තිබේ.

    පසුව මළගිය ආත්ම ගෙන කතා කරන ස්ථානයකට ගොස් ජනිත් සමග කතා කිරිමට උත්සහ ගත්ත්ද ඔහු එම සෑම අවස්ථාවක්ම ප්‍රතිකේෂ්ප කර දමා තිබේ.

    යකදුරුන් පස්සේ යැම…

    මේ අතර විමල්ගේ දියණිය වන වීමාෂා වීරවංශ සමග ප්‍රේම සම්බන්ධක් පවත්වාගෙන යන එවකට නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායකගේ පෞද්ගලික ආරක්ෂක බලකායේ සිටින තරුණයෙකු හරහා යකදුරුකු නිවසට ගෙන්වාගෙන ඇති අතර එම යකදුරා සාගලගේ දෙණියාය ,කිරම ප්‍රදේශයේ සාගලට ඉතාමත් සමිප අයෙකුද වේ.

    ඒ සදහා සාගල සaජුවම දායක වි ඇති අතර නිවසට පැමිණි නිවසට පැමිනී යකදුරන් සිය යාග-හෝම පවත්වා ජනිත්ව බොතලයකට දමාගෙන රැගෙන යන බව පවසා තිබේ.එම පුජාව සදහා ලක්ෂ 3 හමාරකට අධික මුදලක් වියදම් වි ඇති අතර සාගලගේ නීයෝග මත එම් මුදල කොළඹ ප්‍රධන පෙලේ ව්‍යාපාරිකයෙකු විසින් ගෙවා දමා තිබේ.

    යකදුරුන්ටත් වැඩ වරදි……..

    ගෙවි ගියේ දින කිහිපයකි යලිත් ජනිත් හොල්මන් කරන්නට පටන්ගෙන් තිබේ.පසුව සාගලගේ මැදිහත් විමක්ද ඇතුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ යකදුරුකු එවා ඇති අතර ඔහු දැඩි ආරක්ෂක රැකවල් යොදවා ජනිත්ට නිවසට එමට ඇති මාර්ග සියල්ලම වසා දමා තිබේ. ඒ සදහ මුළු නිවසේම හතර කොන් සහ වත්තේ සෑම කොනකම ආරක්ෂක මුට්ටි එල්ලා ඇති අතර යාගය උදැසන නතර කරනවිට වත්තේ හතර කොනේම් මුට්ටි සියල්ලම පුපුරා ගොස් තිබේන බව දැක තිබේ.

    ඒ අනුව ජනිත් බන්ධනය කිරිම ලෙසි පහසු වැඩක් නොවන බව දැනගත් විමල් සහ සශී ආපසු අවිස්සාවේල්ල මන්ත්‍රාචාර්‍යවරයාගේ සහය පතා තිබේ.පසුව ඔහු විසින් තවත් ආරක්ෂාවක් කර ඇති අතර නිවසේ සියලුම දෙනාගේ ඉණට විශේෂ ආරක්ෂක නුලක්ද ගැට ගසා තිබේ.ඊට අමතරව දින 21 යනතුරු නිවසේ වත්පිළිවෙත් කරන ලෙසත් මස්,මාංශ අනුභව නොකරන ලෙසත් කිසිදු කිල්ලකට හසුනොවන ලෙසටත් උපදෙස් ලබාදි තිබේ.

    කෙසේ නමුත් සශීගේ ඉණට ගැටගසා තිබු නුළ කැඩි වැටි ඇති අතර මිට දින කිහිපයකට පෙර රාත්‍රීයේ නිවසට පැමිණේන අවස්ථාවේ ගෙට්ටුව අසලම ජනිත් සිටිනු සශි විරවංශ දැක තිබේ.පසුව නැවතත් අවිස්සාවේල්ලන් අදුනක් බල ඇති අතර එහිදි කියවි ඇත්තේ ජනිත්ගේ ආත්මය නිවසට ඇතුල් විමට නොහැකිව වත්තේ ඇවිදිමෙන් සිටින බවයි. ඒ අනුව මේ වනවිට විමල් පවුල දැඩි ලෙස භීතියට පත්ව ඇති අතර විමල්ට උදවු කිරිමට ඉදිරිපත් වු සාගල මේ වනවිට විමල්ගේ සමිපතම මිත්‍රයා බවටද පත්ව සිටි.

    මේ වනවිට රහසක් ලෙස සගවාගෙන සිටිමට උත්සහ කල ජනිත්ගේ හොල්මන් ආත්මය පිළිබඳව ජනිත්ගේ මවද දැනගෙන ඇති අතර ඇය අපගේ විශේෂ වාර්තාකරු සමග පවසා ඇත්තේ “මගේ පුතා කාටවත් කරදරයක් කරපු කෙනෙක් නෑ.. එයාට හැමෝම ආදරය කළා … මම දන්නේ නෑ ඇයි සශී නංගිලාගෙන් මේ විදියට එයා පලි ගන්න හදන්නේ කියලා… ආත්මයක් නිකන් කාගෙන්වත් පලිගන්න නෑ ” යනුවෙනි.

    ජනිත්ගේ අවතාරයට එරෙහිව විමල්ගේ ඊළග පිම්ම කුමක්ද?

  • ඇමති ජෝන් අමරතුංගගේ  ආරක්ෂක නිළධාරියා කුරුඳුවත්ත පොලීසියට හොරෙන් කුණුගෙනත් දාද්දි මාට්ටු

    ඇමති ජෝන් අමරතුංගගේ ආරක්ෂක නිළධාරියා කුරුඳුවත්ත පොලීසියට හොරෙන් කුණුගෙනත් දාද්දි මාට්ටු

    ඇමැති ජෝන් අමරතුංග මහතාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටින පොලිස් එස්.අයි වරයෙකු කොළඹ කුරුඳුවත්ත පොලිසිය භූමිය වෙත කසළ බැහැර කරමින් සිටියදී  පෙරේදා (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් උ.පො.ප. වරයා පසුව පොලිස්‌ ඇපමත මුදාහැර ඇති අතර ප්‍රසිද්ධ ස්‌ථානයකට කසළ බැහැර කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව කුරුඳුවත්ත පොලිසිය කියා සිටියේය.

    පොලිස්‌ භූමියට හොරෙන් කසළ දමන පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා පොලිසිය කළ මෙහෙයුමකදී මෙම නිලධාරියා කොටුකර ගැනීමට හැකිවූ බව කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති සමන්තිලක වැලිවිට මහතා පවසූ අතර “කුරුඳුවත්ත පොලිසිය පිටුපස පොලිස්‌ නිවාස 50 ක්‌ තිබෙනවා. මේ අය කාලයක්‌ තිස්‌සේ කුණු බැහැර කළේ කුරුඳුවත්ත පොලිසිය භූමියට.පොලිස්‌ භූමියට කුණු නොදමන ලෙස පොලිසිය අවස්‌ථා කීපයකම මේ නිවාසවල පදිංචි පොලිස්‌ නිලධාරීන් දැනුවත් කළා.ඒත් ඒ අය හොර රහසේ මේ වැඩේ දිගටම කරගෙන ගියා. දවසකට කුණු ට්‍රැක්‌ටර් දෙකක විතර ප්‍රමාණයක්‌ පොලිසිය භූමියට මේ අය බැහැර කරනවා.මේක නතර කරන්න බැරි තැන අපි මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළා. කසළ දමන පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා.සැකකාර නිලධාරියා සම්බන්ධයෙන් පොලිස්‌පතිවරයාට, ඇමැති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයාට මෙන්ම ඉහළ නිලධාරීන්ටද වාර්තාවක්‌ ලබා දුන්නා.” යැයි එ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

  • විශ්වාස භංග යෝජනාවේදී මගේ සහය අගමැති රනිල්ට – දුමින්ද දිසානායකගෙන් ප්‍රකාශයක්..

    විශ්වාස භංග යෝජනාවේදී මගේ සහය අගමැති රනිල්ට – දුමින්ද දිසානායකගෙන් ප්‍රකාශයක්..

    අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

    එය තමන්ගේ පෞද්ගලික මතය විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව අවධාරණය කරන ඇමතිවරයා, අදාළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නැති බවත් බීබීසී සිංහල සේවයට පැවසීය.

    “නිල වශයෙන් පක්ෂය තීන්දුවක් අරගෙනත් නෑ. ඒවගේම විශ්වාස භංගයට මුල් වෙලා කටයුතු කරන කණ්ඩායම නිල වශයෙන් අපට ආරාධනා කිරීමක්, සාකච්ඡා කිරීමක් හෝ වෙනත් කිසිම දෙයක් කරලා නැහැ,” කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියි.

     

  • පතාලයේ කොස් මල්ලිට වැඩේ දෙන්න රට ඉන්න මාකඳුරේ මදූෂ් ගහපු සූක්ෂම සැලසුම හෙළිවේ .!

    පතාලයේ කොස් මල්ලිට වැඩේ දෙන්න රට ඉන්න මාකඳුරේ මදූෂ් ගහපු සූක්ෂම සැලසුම හෙළිවේ .!

    පතාල සමාජික “කොස් මල්ලි” වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම පොලිසීය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව අතිශය සූක්ෂම සැලසුම්කරුවෙක් ලෙස ප්‍රසිද්ධ පතාල නායක මාකඳුරේ මධූෂ් විසින් කොස් මල්ලි නමින් හැඳින්වෙන පතාල සමාජිකයාගේ මරණය සැලසුම් කර තිබෙන බව හෙළිව තිබේ.  

    කොස් මල්ලි නම් මෙම පතාල සමාජිකයා ඝාතනය කිරීමට පෙර ඩුබායිහි සැඟවී සිටින දකුණේ පාතාල නායක මාකඳුරේ මධුෂ්, වයිබර් තාක්ෂණය ඔස්සේ කොස් මල්ලි සමඟ සම්බන්ධ වෙමින් තමා පොලිස් බුද්ධි අංශ නිලධාරියකු මෙන් පෙනි සිටිමින් කොස් මල්ලි සූක්ෂමව රවටා , ඔවුන්ගේ කල්ලියේ තොරතුරු සියල්ල ලබා ගෙන තිබේ.

    තමන් මේ කතා කරන්නේ වෙස් වලාගත් පතාල නායක මාකඳුරේ මදුෂ් සමග නොව , සැබැ ලෙසම පොලිස් බුද්ධි අංශයේ නිළධාරියෙකු යැයි රැවටුනු කොස් මල්ලි විසින් , පොලිස් රැහැනෙන් ගැලවීමට සිය කල්ලියේ සමාජිකයන් , ඔවුන් කළ අපරාධ , ඔවුන් නැවති සිටින ස්ථාන ආදි රහස් තොරතුරු සියල්ල පවසා තිබෙනවා.

    මෙහිදි මදුෂ් විසින් මොහොමඩ් රිස්කාන් ඝාතන සිද්ධියේ තොරතුරු විමසා ඇතැයිද පොලිස් පර්යේෂණවලදී හෙළිදරව් වී ඇත.

    ඉකුත් පෙබරවාරි මස 16 වැනි දින අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී ඝාතනය කළ මොහොමඩ් රිස්කාන්ගේ ඝාතන සැලසුම සහ ඊට සම්බන්ධ පාතාල සාමාජිකයන්ගේ විස්තර කොස් මල්ලිගෙන් මධුෂ් මේ ආකාරයට දැන ගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

    එම විස්තර සියල්ල දැන ගැනීමෙන් අනතුරුව ගෝඨාභයගම ප්‍රදේශයේ කෙසෙල් හා ගස්ලබු වගාබිමක පිහිටි පොල් ගසක බැඳ සිටි කොස් මල්ලිට මාකඳුරේ මධුෂ් තමා බුද්ධි අංශ නිලධාරියකු නොවන බවත් තමා මාකඳුරේ මධුෂ් බවත් දන්වා තිබේ.

    තමාගේ සහෝදරයකු වන මොහොමඩ් රිස්කාන් ඝාතනය කිරීම නිසා මෙලෙස ඔහුව ගෝඨාභයගමට රැගෙන ආ බවත් අලුයම වන විට ඔහුව මෝටර් රථයකින් කොළඹට රැගෙන යන බවටද මාකඳුරේ මධුෂ් කොස් මල්ලිට පවසා ඇත.

    එම සංවාදය අවසන් වනවාත් සමඟම දැනට අත්අඩංගුවේ පසුවන දකුණේ පාතාල සාමාජිකයකු වන අමිල කොස් මල්ලිට ටී 56 ගිනි අවියක් භාවිතයෙන් වෙඩි ප්‍රහාර හයක් පමණ එල්ල කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    අමිල සම්පත්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණු මත එම ටී 56 වර්ගයේ ගිනි අවිය සහ ඊට යොදන උණ්ඩ 6ක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ වන විට සොයා ගෙන තිබේ.

    කොස් මල්ලි ඇසුරු කරන කොළඹ සමාජ ශාලාවක කාන්තාවකගේ ඥාතියකු මාර්ගයෙන් මාකඳුරේ මධුෂ්ගේ සමීපතයකු වන ගෝඨාභයගම ප්‍රදේශයේම පදිංචි ලොකු අයියා විසින් ඉකුත් 6දා දින පොතුවිල් ප්‍රදේශයේ සැඟවී සිට කොස් මල්ලිව ඝාතනය සිදුකළ ප්‍රදේශයට සැලසුමක් හරහා කැඳවා තිබිණි.

    නවාතැන් පහසුකම් ලබා දෙන මුවාවෙන් කොස් මල්ලිව ගෝඨාභයගම ප්‍රදේශයට කැඳවා තිබිණි. පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මව ඝාතනය වීමෙන් සහ ඔහුගේ පියා ඉන් පසු මධුෂ්ව අතහැර යෑමෙන් පසු ලොකු අයියා නැමැත්තාද මධුෂ්ව රැක බලා ගෙන ඇති බවද පොලිසිය පවසයි.

    ඒ හරහා ලොකු අයියා මෙම ඝාතනය සැලසුම් කර ඇති අතර මේ වන විට ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.

    ඔහුව සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර ඝාතන සිද්ධියට කඹුරුපිටියේදී අත්අඩංගුවට ගත් අමිල සම්පත්, රාලහාමි ඇතුළු සැකකරුවන් සිවු දෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඊයේ කඹුරුපිටියේ සිට කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන විත් තිබේ.

    එම ඡායාරූපය සහ ඔහුගේ හිස කොටස හමු වූ ඡායාරූප පහතින්.

  • තරගයේ ආවේගයට විවේකාගාරයේ දොර කැඩු බංගලි නායක ශකීබ් ශ්‍රී ලංකාවට වන්දි ගෙවයි….

    තරගයේ ආවේගයට විවේකාගාරයේ දොර කැඩු බංගලි නායක ශකීබ් ශ්‍රී ලංකාවට වන්දි ගෙවයි….

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ හානි වූ ක්‍රීඩක විවේකාගාරයේ දොර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මුදල් ලබාදී තිබෙනවා. ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් එක් ලක්ෂ 47,000ක්. 

    දොරට හානි සිදුව ඇත්තේ බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් දොර විවෘත කිරීමට යාමේදී එය වේගයෙන් බිත්තියේ හැපීමෙන් බවයි අනාවරණ වුණේ. ක්‍රීඩක විවේකාගාරයට ආහාර සැපයූ හෝටල් සේවකයෙකු ලබාදුන් කටඋත්තරයක් මෙම කරුණු හෙළිකර ගෙන තිබෙනවා. ක්‍රීඩක විවේකාගාරයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියක් නොතිබූ බවද සඳහන්.
     
    නිදහස් කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ දී මෙම සිද්ධිය වාර්තා වුණා. 

  • ඉල්ලුම කඩාකප්පල් කරන්න රට යවන තේ වලට මුසු කරන ද්‍රව්‍යයක් ගැන සියළු තතු එලියට…

    ඉල්ලුම කඩාකප්පල් කරන්න රට යවන තේ වලට මුසු කරන ද්‍රව්‍යයක් ගැන සියළු තතු එලියට…

    තේවලට සීනි කලවම් කිරීමේ මහාපරිමාණ ජාවාරමක් තොරතුරු අණාවරණ වී තිබෙනවා. මූලික විමර්ශනයේදී හෙළි වී ඇත්තේ දිවයින පුරා ක්‍රියාත්මක තේ කර්මාන්ත ශාලා 80කට ආසන්න සංඛ්‍යාවක මෙම කටයුත්ත සිදුවන බවයි. 

    ඒවා අතරින් 53ක් පිළිබඳ තහවුරු කළ වාර්තා ලබා ගැනීමට එම විමර්ශනයේ දී හැකි වී තිබෙනවා. 

    තේවලට සිනී කලවම් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ තේ පැකැට්ටුවේ බර වැඩිකර ගැනීමයි. එහෙත් එමගින් දීර්ඝ කාලීනව මෙරට තේ කර්මාන්තයට මෙන්ම තේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට ද හානි වන බවයි අප කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ. 

    මෙලෙස තේවලට කලවම් වී ඇති සීනිවල අඩංගු තෙත සහිත ස්භාවය හේතුවෙන් කල්යාමේදී එහි දිලීර හට ගැනීමේ අවදානමක් පවතිනවා. එසේ වුවහොත් ඒවා අපනයනයේදී ගැටළු මතු වීමේ ඉඩක් ඇති බවයි තේ ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයින් පැවසුවේ. 

    මේ සම්බන්ධයෙන් අප වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකගෙන් විමසීමක් කළා.  අමාත්‍යවරයා කියා සිටියේ එවැනි කර්මාන්ත ශාලා 53ක් හඳුනාගෙන ඇති බවයි. ඔවුන් සමග ඉදිරියේ දී  සාකච්ඡා කර දැඩි ලෙස අවවාද කරන බවයි. එය නොතකා ඔවුන් ඉදිරියටත් කටයුතු කරන්නේ නම් දැඩි පියවර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    ශ්‍රී ලංකාවේ සිට යවනු ලැබූ තේ බහාලූමක සිටි බව කියන කුරුමිණියෙකු හේතුවෙන් මෙරට තේ, තාවකාලිකව තහනම් කිරීමට පවා රුසියාව ඉකුත්දා පියවර ගත්තා. 

  • ප්‍රේමදාස පිටියේ දොර කුඩු කළේ නායක ෂකීබ් අල් හසන්…. අැත්ත හෙලිවු හැටි මෙන්න…..

    ප්‍රේමදාස පිටියේ දොර කුඩු කළේ නායක ෂකීබ් අල් හසන්…. අැත්ත හෙලිවු හැටි මෙන්න…..

    පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් බංගලිදේශය හා ශ්‍රී ලංකාව අතර නිදහස් කුසලාන තරගය අවසානය කිට්ටුව කලබලකාරී තත්වයක් ඇති කරන ලද සිදුවීමෙන් පසු ප්‍රේමදාස පිටියේ බංගලිදේශ කණ්ඩායම ලැගුම් ගෙන සිටි විවේකාගාරයේ වීදුරු දොර තරගය අවසානයෙන් පසු කුඩුකර විනාශ කර තිබුණි.

    මෙය සිදු කළේ බංගලිදේශයේ ක්‍රීඩකයින් බව තහවුරුවූ නමුත් කවුරුන් කළේද යන්න ඒ දිනයේ හෙළිව තිබුනේ නැත.

    සිද්ධිය ගැන තරග තීරක පරීක්ෂණයක් ඇරඹූ අතර ආසන්නයේ සිටි ආපන ශාලා සේවකයෙකු සාක්ෂි දෙමින් කියා තිබුනේ විදුරුව කුඩු කළ අය බංගලිදේශ කන්ඩායමට අයත් බව හදුනාගත හැකිවුවද කවුරුන්ද යන්න තමන්ට හරිහැටි නිශ්චය කරගන්නට බැරි බවයි.

    පසුව මේ සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරමින් අලාබය ගෙවන්නට බංගලිදේශ ක්‍රිකට් ආයතනය කල් ඇතිවම දැනුම්දුන් නමුත් විනය විරෝධී කටයුත්තට දායකවූයේ කවුදැයි ඔවුන්ද නම් කර තිබුනේ නැත.කෙසේ වෙතත් සීසීටීවී විමර්ශනයෙන් පසු මේ සම්බන්ධව දැන් කරුණු හෙළිව තිබේ.

    ඒ අනුව බංගලිදේශ නායකයා හැටියට එදින කටයුතු කළ ෂකීබ් අල් හසන් එය සිදු කර ඇති බව සීසීටීවී දර්ශන වලින් තහවුරුවී තිබේ.

    එදින අවසන් ඕවරයේ කලබල කරමින් විනිසුරුවන්ට අභියෝග කිරීම හා කණ්ඩායමේ පිතිකරුවන්ට උද්ඝෝෂණයකට බලකරමින් පිටියෙන් පිටතට එන්නැයි සංඥා කරමින් නීතිරීති වලට පටහැණීව හැසිරීම නිසා ෂකීබ් සහ අනවශ්‍ය ආරවුලකට යාම සම්බන්ධයෙන් නුරුල් යන ක්‍රීඩකයින් දෙපළට සියයට 25 ක තරග මුදල් දඩයක්ද මෙහිදී පනවා තිබුණි. 

  • මහින්දගේ පොහොට්ටුවේ සභාපතිකම් සල්ලිවලට විකුණලා….!

    මහින්දගේ පොහොට්ටුවේ සභාපතිකම් සල්ලිවලට විකුණලා….!

    ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පවුල් පාලනය පෙරටු කොටගත් පක්ෂයක් බව එම පෙරමුණෙන් තලාව ප්‍රාදේශිය සභාව වෙනුවෙන් තේරි පත් වූ එච් එම් අබේරත්න පවසා සිටිනවා.

    ඊයේ (20) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු පවසා සිටියේ මුදල් බලයට පළාත් පාලන ආයතන වල තනතුරු තෝරා පත් කරන බවයි.

    “මේ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දි වැඩිම ප්‍රතිශතය ගෙනල්ලා දීලා තියෙන්නේ මම. මාර්තු 15 වෙනිදා වෙනකම් නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ මගේ නම තමයි සභාපති තනතුර වෙනුවෙන් තිබුණේ. නමුත් ඒ තනතුර අද වෙනකොට ටී එම් ආර් සිරිපාලගේ පුතා වන ඉන්දික නුවන් කුමාරට. තත්ත්වය නිවැරදි නොකළොත් බරපතළ ප්‍රතිවිපාක ඊලඟ ජනාධිපතිවරණයෙත්, මහමැතිවරණයේත් දිත් විපාක විදින්න වෙයි. මේක ඉතාම කණගාටුදායක තත්ත්වයක්. පැහැදිළිවම මම සියළු නායකයන්ට මේ චෝදනා එල්ලකරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේකේ වගකීම ගත යුතුයි. ජී එල් පීරිස් මැතිතුමත් මේකට වගකිව යුතුයි. එස් එම් චන්ද්‍රසේනත්, එස් එම් රංජිත් ද මේ වගකීම දරන්න ඕන කියලා පැහැදිළිවම මම කියනවා. පැහැදිළිවම පොහොට්ටු පක්ෂය පවුල් පාලනය ක්‍රියාත්මක වන පක්ෂයක් කියලා මම වගකීමෙන් කියනවා.” ඔහු පවසා සිටියා.

  • අම්පාරෙන් කරලියට අාපු රටම සෙවූ “වඳ පෙත්ත” මෙන්න…!

    අම්පාරෙන් කරලියට අාපු රටම සෙවූ “වඳ පෙත්ත” මෙන්න…!

    “වඳ පෙත්තක්” මම මෙසේ පෙන්වා දෙමි.
    “FANTASY Pills”
    “Tramadol Hydrochloride” නොහොත් බජාර් එකේ හැමෝම කටින් කට කතා කරන “ඇපල්” එම අති භයානක වඳ පෙත්ත වේ.මේ වන විට ශ්‍රීලංකාවේ පොඩි කොල්ලො (වයස අවු:16,17,18,19,20,21,22,23) අතර ශීඝ්‍රයෙන් පැතිරී යන එහෙත් කවුරුත් නොදන්නා “අන්තරායකාරී මත්ද්‍රව්‍යයක්” ලෙස ඇපල් හැඳින්වූවාට වරදක් නැත.
    මත් කරන(Narcotic-like) ඖෂධයක් ලෙස වර්ගීකරනය කර ඇති “ඇපල්” වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන්නේ අධික වේදනා නාශකයක්(severe pain killer) ලෙසටය.උදාහරණයක් ලෙස යුද්ධයේදී බෝම්බයකට හසුවී ශරීරයේ ඉනෙන් පහල කොටස වෙන්වූ සොල්දාදුවෙක්ගේ අධික වේදනාව නැසීම සඳහා Tramadol නිර්දේශිත මාත්‍රාවක් කඩිනමින් ලබාදෙනු ලබයි.එය ලබා ගැනීමෙන් සුලු වේලාවකට පසු තුවාලයට පත් සොල්දාදුවාගේ ශරීර අභ්‍යන්තරයේ Tramadol ක්‍රියාත්මක වී ඔහුගේ මුලු ශරීරයම ක්ශනික හිරි වැට්ටවීමකට පත් කරයි.එකී හිරි වැටීම හේතුවෙන් ඔහුට තම ශරීරයේ ඇති අධික වේදනාව නොදැනී යයි.
    “අඩෝ ඇපලක් නැද්ද?”
    “මං ඇපල් එකහමාරක් දාල ඉන්නේ…ඊයෙ මං ඇපල් 3ක් දැම්ම නිසා අද එකහමාරට වදින්නෙත් නෑ බන්”
    “අඩෝ අරූට මොකද වෙලා තියෙන්නෙ ඇස් හීනිවෙලා බෙල්ල පාත් වෙලා? –ඌ ඇපල් 5ක් දාලා ඉන්නේ බන් ඒකයි ඔය!”
    “අඩෝ ඇපලක් දාන්නම ඕනෙ බන් නැත්තම් අද රෑට මට නින්ද යන්නෑ..මං නෙ දන්නේ ඒකෙ වේදනාවා..ඒ කොහෙන් හරි එක ඇපලක් හරි හොයාගෙන දාන්න ඕනෙ බන්..”
    “අඩෝ ඇපල් දාලා ඉන්නේ ඕන එකෙක් මරන්න පුලුවන් මටනම් දැන් කිසිම දෙයක් දැනෙන්නෙ නෑ..”
    “අඩෝ හයියෙන් ටිකක් කොනිත්තපන්කෝ මාවා…….අඩෝ දැන්නෙන් නෑ බන් හී හී හී..”
    “මේ කේජී පාරක් නම් ඕනෙමයි ඇපල් වදින්නෑ නැත්තම්”
    “මේ ඇපල් පැක් එකක්ම පහකට ගන්න පුලුවන් ලු බන් සල්ලි දාල ගමුද?”
    “අඩෝ 75න් නම් වදින්නෑ බන් 150න්/225 නැද්ද?”
    “අඩෝ කබරය යන්න වගේ එනවා…”
    එසේනම් මොහොතක් සිතන්න ඉහෙන් බහින ලෙඩක් නැති,හොඳට කන්න බොන්න දීලා හදපු සිංහල අම්මල තාත්තලගේ බොදු හෙළ පුත්‍රයෝ “ඇපල්” පෙති දහය දොලහ අහුරු පිටින් කටේ දමාගෙන ලබාගන්නා හිරිවැටීම කෙබඳු එකක් විය හැකිද? එය මුලුමහත් ජාතියම හිරිවැට්ටවීමට තරම් භයානකය. කෙතරම් භයානකද කිවහොත් පවතින තත්වය යටතේ සිංහල බෞද්ධ පොඩි පොඩි කොල්ලො දහයක් වටින් පිටින් අහුලගත්තොත් එතනින් අඩුම තුන් හතර දෙනෙක්ම “ඇපල්” අධි මාත්‍රාවෙන්(overdose) පාවිච්චි කරන උන්‍ ය. එයිනුත් දෙදෙනෙකු හෝ “ඇපල්” වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇත.මේවා නිල සංඛ්‍යාලේඛන නොවන මුත් නිරීක්ශණයෙන් ලද මා හට පුද්ගල සාක්ශි ඇතුව ඔප්පු කළ හැකි තොරතුරුය.යම් කිසි පිළිගත් ආයතනයක් මගින් මේවා ගැන නියමානූකූලව සමීක්ශනයක් කළ බැලුවහොත් එයින් ලැබෙන සංඛ්‍යා,ප්‍රස්තාර දැකීමෙන් තුන් හෙළයේ අම්මාවරුන්ට අප්පච්චිලාට ඔටෝමැටිකලි ‘හික්!’ ගෑවෙනු ඇත. “ඇපල්” කේස් එක ඒ තරමටම ටෙරිබල් ය.
    කවුරුත් මේ පිළිබඳව කතාවක් නැත.කතාව කොහෙදෝ යන තම්බියෙක් කෑම එකට දාපු පැනඩෝල් පෙත්තක් ගැනය.එක රොත්තට එකතු වී කසු කුසුව මුස්ලිම් වඳ පෙත්තක් ගැනය.මෙය පැහැදිලි “මෝඩකම” නොවේද? රටේ සිටින උගත් යැයි කියාගන්නා, කටපාඩමින්, පොත් පත් වලින් දාර්ශනය(philosophy) ඉගෙනගත්තු අධිරැඩිකල්,අධිදේශමාපක,අධිජාතිවාදි,අධිසමාජවාදී,අධිලිබරල්වාදී අති පණ්ඩිත ෆේස්බුක් මගින් තම දර්ශනය ව්‍යාප්ත කිරීමට සෑහෙන වෙර දරන සෝශල් නැති සෝශල් මීඩියා පිලෝසොෆර්ස් ලා මෑකරල් හේනට පැනපු ගිරවු වගේ ඔහේ කෑ ගසන්නේ කිසිදු පදනමක් හරයක් නැති තුට්ටු දෙකේ සිදුවීම් අල්ලාගෙනය. උන් එසේ බයිලා කැලිප්සෝ ගසන විට මෙහේ සිංහල ජාතියේ අනාගත වංශයම කෙමෙන් කෙමෙන් පණ නැතිවී අකර්මණ්‍ය වී යන්නේය.උන් උන් එසේ නොදැකපු වඳ පෙත්තක් ගැන දැක්කා සේ පොර ටෝක්ස් ඉසූ කරන වේලාව තුල ලංකාවේ ඕනෑම පාමසියකින් හොර බෙහෙත් චිට්(cheat prescription) එකකට කුඩා ළමයෙකුට වුවද මිලදී ගත හැකි මුලු මහත් ජාතිය නොව සම්පූර්ණ ශිශ්ඨාචාරයම සදාකාලිකවම “වඳ” භාවයට පත් කල හැකි Tramadol X , Pregablin,Vallium Diazepalm,Coezipalm,Sudol වැනි නිහඬ “වඳ පෙති” වලින් රටේ අහිංසක පොඩි කොල්ලො ටික ගලවගන්න කෑගැහුවනම් රටත් ජාතියත් සමයත් තව සියවස් ගණනාවකට රැකගත හැකිය.
    නැතිනම ඔබටත් මටත් සැමදෙනාටම සිදුවන්නේ නිර්වින්දනය වූ සමාජයක සදාකාලික නින්දකට යාමටය…
    මේ එකක් විතරයි …….
    උපුටාගැනීමකි
  • ජේම්ස් පැකර් කැසිනෝ පාලනයෙන් ඉවත් වෙයි….! අැත්ත හේතුව මෙන්න…

    ජේම්ස් පැකර් කැසිනෝ පාලනයෙන් ඉවත් වෙයි….! අැත්ත හේතුව මෙන්න…

    ඔස්ට්‍රේලියානු කෝටිපති ජේම්ස් පැකර් (James Packer) සිය කැසිනෝ ව්‍යාපාර ලෝකයේ පාලක මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
    ‘කැසිනෝ රජු’ මානසික ව්‍යාධියකට ගොදුරුවීම එම ඉල්ලා අස්වීමට හේතුව හැටියට දක්වා තිබේ.
    ජේම්ස් පැකර්ගේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින් සිය සමාගමේ සියලු වගකීම්වලින් ඉවත්වීමට ‘පැකර්’ අදහස් කරන බව සඳහන් කළේය.
    චීනයෙන් පිටත ක්‍රියාත්මක වෙන විශාලතම කැසිනෝ ව්‍යාපාරය ලෙස ලැයිස්තුගත කරනු ලැබ ඇති ‘ක්‍රවුන් රිසෝර්ට්ස්’ (Crown Resorts) ව්‍යාපාරයේ කොටස්වලින් 50% කට මඳකට අඩු ප්‍රමාණයක් ජේම්ස් පැකර් (James Packer) සතු වෙයි.
    ජේම්ස් පැකර් (James Packer) දෙවතාවක් දික්කසාද වූ තැනැත්තෙකි.
    සූදු ව්‍යාපාරයේ ධන කුවේරයකු වන ඕස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් ගේ ‘ක්‍රවුන් රිසෝර්ට්ස්’ සමාගම කොළඹ නගරයේත් කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ අතර, වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව එය අවලංගු කළ බව එම සමාගම 2015 වසරේ ජනවාරි මාසයේ ප්‍රකාශයට පත් කළේය.
    සුඛෝපභෝගී කාමර 450 කින් යුත් හෝටලයක් ඇතුළත් සංචාරක කලාපයක් ඉදි කරමින් කොළඹ නගරය කලාපීය ‘කැසිනෝ මධ්‍යස්ථානයක්’ බවට පත් කෙරෙන එම ව්‍යාපෘතියට කලින් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය විසින් බදු සහන ලබා දී තිබුණ බවට එකල වාර්තා පළවෙමින් තිබුණි.
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2015 ජනවාරි 29 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් එම ව්‍යාපෘතියට කලින් රජය ලබා දී ඇති බදු සහන සංශෝධනය කරමින් ‘ක්‍රවුන් රිසෝර්ට්ස්’ (Crown Resorts) කැසිනෝ ව්‍යාපාරය සඳහා දී තිබුණ අනුමැතිය අවලංගු කළ බව කියා සිටියේය.
    එම ව්‍යාපෘතිය අවලංගු කරන ලෙස ඉල්ලමින් බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් එම අවධියේ විරෝධතා ව්‍යාපාර දියත් කළහ.
    ඒ අනුව වත්මන් පාලනය බලයට පත්වීමත් සමඟ ගත් තීරණයක් අනුව ව්‍යාපෘතිය නතර කරන බව ‘ක්‍රවුන් රිසෝර්ට්ස්’ සමාගමේ ප්‍රකාශකයෙක් විද්‍යුත් තැපෑලෙන් තහවුරු කළ බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කළේය.
  • බැංකු නිළධාරිනිය බියවද්දා මහදවල් ලක්ෂ 9.5ක් කොල්ලකයි

    බැංකු නිළධාරිනිය බියවද්දා මහදවල් ලක්ෂ 9.5ක් කොල්ලකයි

    ඊයේ (20) කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පෞද්ගලික බැංකුවක් වෙත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් තියුණු අවියක් පෙන්වා නිළධරිණියක් බියවද්දා රුපියල් නම ලක්ෂ පනස්දහසක මුදලක් පැහැරගෙන ඇතැයි වාර්තා වේ.

    සැකකරු මෙතෙක් අත්අඩංගවට ගෙන නැති අතර මේ සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.