Category: සුපිරි Cases

  • ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරයි

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරයි

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇත. පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් රැස්වී ගත් තීන්දුවක් ලෙස කොමිෂන් සභා ලේකම්වරයාගේ සේවය අවසන් කර ඇති අතර මේ සම්බන්ධව ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත.

    වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් සේවයේ යොදා නොගන්නා ලෙස ගත් තීන්දුවක් මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

  • සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න අත්අඩංගුවට – අැත්ත හේතුව මෙන්න….

    සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න අත්අඩංගුවට – අැත්ත හේතුව මෙන්න….

    ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
    පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කැලණිය ප‍්‍රාදේශීය සභා අපේක්‍ෂකයෙකුට පහර දීමක් කලේ යයි ලැබී ඇති පැමිණිල්ලක් හේතුවෙන් මන්ත‍්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.
    අධිකරණයට හමුවට පැමීණවු මන්ත්‍රීවරයාව මහර මහේස්ත්‍රාත් අධිකරණය මාර්තු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.
  • මරන්න කලින් කොස් මල්ලිට මධුෂ්ගෙන් කෝල් එකක් – ඇත්ත කතාව මෙන්න…

    මරන්න කලින් කොස් මල්ලිට මධුෂ්ගෙන් කෝල් එකක් – ඇත්ත කතාව මෙන්න…

    කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමාගොස් තිබියදී හිස සොයාගත්, පාතාල සාමාජික ‘කොස් මල්ලී’ හෙවත් අංගොඩ ශාන්ත කුමාර නමැත්තාගේ පුලුස්සා වළදමා තිබූ හිසසුන් මළ කඳ අගුණුකොළපැලැස්ස මුරුවැසිහේන ගෝඨාභයගම ප්‍රදේශයේ කෙසෙල් ඉඩමක තිබී ඊයේ දහවල් අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් තුෂිතා කුමාරසිරි මෙනෙවිය හා හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරී සිසිර සෙනවිරත්න මහතා ඉදිරියේදී ගොඩගනු ලැබීය.

    කොස්මල්ලී ඝාතනයට ලක්වීමට පෙර පොල් ගසක බැඳ පහරදුන් බව කියන ස්ථානයද, ශරීර කොටස් සඟවා තිබූ ස්ථානයට මීටර් 70ක් පමණ දුරින් පිහිටි එම ස්ථානය මහෙස්ත්‍රාත්වරියගේ හා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ පරීක්ෂාවට ලක්කෙරිණි.

    පාතාල සාමාජික ‘කොස් මල්ලී’ හෙවත් අංගොඩ ශාන්ත කුමාර නමැත්තා ඝාතනයට පෙර පාතාල නායක මධුෂ් සමඟ දුරකතනයෙන් කතා කර ඇති බවත් එහිදී මොහොමඩ් රිස්කාර් ඝාතනය සම්බන්ධයෙන් කොස් මල්ලී මධුෂ්ට පාපෝච්චාරණය කර අඬමින් සමාව ඉල්ලා ඇති බවත් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අනාවරණය කරගෙන තිබේ. පාපෝච්චාරණයෙන් අනතුරුව මධුෂ් කොස් මල්ලීට බැන වැදී ඇති අතර ඉන්පසු ඔහු ඝාතනය කර තිබේ.
    මොහොමඩ් රිස්කාන් ඝාතනයෙන් අනතුරුව සැඟවී සිටි “කොස් මල්ලී” මධුෂ්ගේ කණ්ඩායමට හමු වී ඇත්තේ ද අහම්බෙනි.

    රිස්කාන් ඝාතනයෙන් අනතුරුව දකුණු පළාතට යන කොස් මල්ලී තමාට සැඟවී සිටීමට නිවෙසක් සොයා ඇත. ඔහු මේ නිවෙස සෙවීමට භාරදී ඇත්තේ ඇඹිලිපිටියේ සිටින ඔහුගේ අනියම් බිරියගේ සොහොයුරියගේ පුතකුගේ දුව විවාහ කර ගැනීමට සිටිනා තරුණයකුටය. එම තරුණයා මාකඳුර මධුෂ්ගේ සමීපතමයකු වන ලොකු අයියා නැමැත්තාට මේ පිළිබඳව පවසා ඇත.

    එහිදී ලොකු අයියා තරුණයාගෙන් විමසා ඇත්තේ මේ පුද්ගලයාට සැඟවී සිටීමට ඇති අවශ්‍යතාව කුමක්ද? යන්නයි.
    එහිදී එම තරුණයා “ඔහු මොහොමඩ් රිස්වාන් ඝාතන සිද්ධියේ යතුරුපැදියේ හිමිකරු බව ලොකු අයියා නැමැත්තාට පවසා තිබේ.
    මේ තොරතුරු දැනගත් මධුෂ්ගේ සමීපතමයකු වන ලොකු අයියා වහාම මේ තොරතුරු විදෙස්ගතව සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ට දන්වා ඇත. එම තොරතුරු අනුව මාකඳුරේ මධුෂ් හා ලොකු අයියා නමැත්තා එක්ව කොස් මල්ලී ඝාතනයට පූර්ව සැලසුම සකස් කර ඇත.

    එම සැලසුම අනුව කොස් මල්ලීට සැඟවී සිටීමට අවශ්‍ය නිවෙසක් සොයා දෙන මුවාවෙන් ලොකු අයියා ප්‍රමුඛ මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් කිහිපදෙනකු කොස් මල්ලී නමැත්තා අඟුණුකොළපැලැස්ස මුරවැසිහේන ගෝඨාභයගම ප්‍රදේශයට රැගෙන විත් තිබේ.

    එහි කෙසෙල්වත්තකට ගෙනවිත් කොස් මල්ලී නමැත්තාට පහරදී පොල් ගසක බැඳ ඔහු පොල් ගසේ බැඳ සිටින අයුරු ඡායාරූප ගෙන මාකඳුරේ මධුෂ් වෙත යවා තිබේ. ඒ අවස්ථාවේ දුරකතන මඟින් මාකඳුරේ මධුෂ් කොස් මල්ලී සමඟ කතා කර ඇති බවත් රිස්කාන් ඝාතනය සම්බන්ධයෙන් කොස්මල්ලී මධුෂ්ගෙන සමාව ඉල්ලා ඇති බවත් පොලිසිය කියයි.

    මේ අතර කොස් මල්ලී පොල් ගසේ බැඳ සිටින ඡායාරූප මාකඳුරේ මධුෂ්, රිස්කාන්ගේ මිතුරන් කිහිප දෙනකුට යවා ඇත්තේ “රිස්කාන් මැරූ පලිය ගත්තා” යැයි කියමිනි.
    පහර දී ගස් බැඳ සිටි කොස් මල්ලිගේ පාපෝච්චාරණයෙන් අනතුරුව වෙඩි තබා ඔහු මරා දමා තිබේ. අනතුරුව ඔහුගේ හිස කඳෙන් වෙන් කර හිස කොටස වෑන් රථයකින් කොළඹට එවා ඇති අතර කඳ කොටස පුලුස්සා දමා ඇත. නමුත් කඳ කොටස සම්පූර්ණයෙන් පිලිස්සී නැති නිසා ඉතිරි කොටස් වළ දමා තිබේ.
    කඹුරුපිටිය පොලිසිය මඟින් ඉකුත්දා මාකඳුර මධුෂ්ගේ සමීපතම ඥාතියකුගේ නිවෙසක සිටියදී මාකඳුර මධුෂ්ගේ කල්ලියට අයත් යැයි සැක කරන සිවු දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් අතර සිටි යුද හමුදාවෙන් පලා ආ අපරාධ 54කට සම්බන්ධ පුද්ගලයකු සිටි බවත් පොලිසිය කියයි.

    ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කොස් මල්ලී ඝාතනයේ අගමුල සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී තිබේ.
    කොස් මල්ලී ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු හා සැකකරු වන “ලොකු අයියා” නමැත්තා සැඟවී සිටින අතර ඝාතනයට යොදාගත් ටී 56 ගිනි අවියද ඔහු සතුව ඇති බවට පොලිසිය විශ්වාස කරයි. මෙම ලොකු අයියා නමැත්තා මෙවර අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවට තේරී පත්වී සිටින ජවිපෙ අපේක්ෂකයකුගේ සහෝදරයකු බවත් පොලිසිය කියයි.

    කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරි මහේෂ් නිශාන්ත සොයිසා මහතාගේ මූලිකත්වයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරි නිෂේධ ප්‍රනාන්දු, කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා, කුඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයශාන්ත, කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක එස්.පී.ඩී.ජේ. නිශාන්ත, උප පොලිස් පරීක්ෂක දුනුසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිරුර ගොඩ ගන්නා අවස්ථාවට පැමිණි සිටියහ. තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි තංගල්ල ස්ථානීය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ අඟුණුකොළපැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කීර්ති ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන්ගේ සහායද මෙම පරීක්ෂණ කටයුතු සඳහා හිමිවිය.
    සොයාගත් ශරීර කොටස වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යැවීය.

  • චිකාගෝව සිහිගන්වමින් කොළඹ මැද මහදවාලේ සිදුකල මිනීමැරුමේ Video දර්ශණ මෙන්න…

    චිකාගෝව සිහිගන්වමින් කොළඹ මැද මහදවාලේ සිදුකල මිනීමැරුමේ Video දර්ශණ මෙන්න…

    ඊයේ දිනයේ කොළඹ ආමර් වීදියේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියේය.

    මෝටර් රථයකින් ගමන් කරමින් සිටි යුවලකට මෙසේ වෙඩි තබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය කියයි.

    වෙඩි වැදුනු කාන්තාවද සිටින්නේ අසාධ්‍ය තත්ත්වයෙන් යයි රෝහල් ආරංචි මාර්ග කියයි.

    මෝටර් රථයට වෙඩි තබා පලා යන්නේ යතුරු පැදියකින් පැමිණි දෙදෙවෙකු බව ඒ අසල CCTV දර්ශණවලින් හෙලිව ඇත.

  • විමල්ගේ කලිසම ඔලුවෙන් ගලවා රනිල් නලවන මහින්දගේ විශ්වාසභංගය යලිත් කරලියේ…

    විමල්ගේ කලිසම ඔලුවෙන් ගලවා රනිල් නලවන මහින්දගේ විශ්වාසභංගය යලිත් කරලියේ…

    විමල් විරවංශ වටා එක්වෙමින් අගමැතිවරයාට එරෙහිව ගෙන එමට හැදු විශ්වාසභංගය හමස් පෙට්ටියේ දැමු මහින්ද රනිල් ආරක්ෂා කිරිමේ විශ්වාසභංගය මෙහෙයුමක් දියත් කිරිමට කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධයේ විමල්-ගම්මන්පිල කණ්ඩායම මහින්දට චොදනා කරමින් සිටි.

    විමල් නායකත්වය දෙමින් අත්සන කරමින් තිබු රනිල්ට එරෙහි විශ්වාසභංගය වහාම ඉවත් කල මහින්ද එය තමන්ගේ නායකත්වය යටතේ තබ ගනිමින් අත්සහන් කිරිමට කටයුතු ආරම්භ කල අතර ඒ සම්බන්ධයෙන් විමල් සහ ඔහුගේ අපාය සහය මිත්‍රයා වන ගම්මන්පිල මේ වනවිට මහින්ද සහ ඒකාබද්ධයේ කිහිප දෙනෙකු සමග ගෙමක් ඉල්ලමින් සිටින බවද දැන ගන්නට තිබේ.

    විමල් සිය නිවසට කැදව ඇති මහින්ද රනිල්ට එරෙහිව විශ්වාසභංගය අත්සන් කිරිමට විමල් මැදිහත් විම සම්බන්ධයෙන් ඒකාබද්ධයේ ඇතැම් මන්ත්‍රීවරුන් සිය අකමැත්ත පලකල බවත් ඒ හේතුවෙන් විමල්-ගම්මන්පිල සටන අතහැර දමන ලෙසට නියෝග දුන් මහින්ද එම සටන් සියතට ගැනිමට කටයුතු කර තිබේ.

    මහින්ද – රනිල් හමුව..

    සාමාන්‍යයෙන් මහින්ද සහ රනිල් අතර හමුවිම් එතරම් විශේෂ හමුවිම් නොවුනත් විශ්වාසභංගය සම්බන්ධයෙන් මහින්ද සහ රනිල් අතර විශේෂ හමුවක් පසුගියිදා පැවති අතර එහිදි රනිල් තමන්ට එරෙහිව ඒකාබද්ධය ගෙන එමට යන විශ්වාසභංගය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

    මහින්ද ගහන්න හදන ඩබල් ගේම් එක….

    රනිල්ට එරෙහිව විශ්වාසභංගය ගෙන ආවාද එය ජයග්‍රහණය කරවිමට තමන් කටයුතු නොකර බවට මේ වනවිටත් මහින්ද රනිල්ට දහ අතේ පොරොන්දු දි ඇති අතර පරාජය වන විශ්වාසභංගය හරහා මහින්ද ගහන්න හදන් අලුත්ම් ගේම් එක මේ වනවිට අනාවරණය වි තිබේ.

    මහින්දගේ විශ්වාසභංගයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ කණ්ඩායමෙන් උපරිම අත්සන් ප්‍රමාණයට ලබා ගැනිමට කටයුතු කර පසුව විශ්වාසභංගය පරාජය කිරිමට කටයුතු කිරිම හරහා යහපාලන ආණ්ඩුවේ ශ්‍රිලනිප මෛත්‍රී පිළේ මන්ත්‍රීවරුන්ට යන එන මං නැති කර දමන මහින්ද ඔහුන් සියලුම දෙනා ඒකාබද්ධයේ මහින්ද පිළට එකතු කර ගැනිම වන ඒ හරහා එක්සත් ජාතික පක්ෂයට තනී ආණ්ඩුවක් සාදා ගැනිමට අවශ්‍ය මාර්ගය සකස් කර දිමත්‍ ය.

    මහින්ද මෛත්‍රී හමුව…

    මේ අතර ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජී.එල්. පීරිස්ගේ පක්ෂය අතර මේ වනවිට පවත්වාගෙන යන සාකච්ඡා සාර්ථක වෙමින් තිබෙන බව අනාවරණය වන අතර පොහොට්ටු පක්ෂය සහ ජනාධිපතිවරයා නායකත්වය දෙන සංවිධාන අතර මූලික එකඟතා හතරක් යටතේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග දියත් කිරිමට එකඟ වී ඇත.

    පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී දෙපිරිස එක්ව කටයුතු කිරීම, මැයි දිනය ඒකාබද්ධව පැවැත්වීම, ඉදිරි පළාත් සභා මැතිවරණයට දෙපිරිස එක්ව තරඟ කිරීම සහ ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකු තෝරා ඉදිරිපත් කිරීම යන කරුණුවලට එකඟව ඊට අදාළ සැළසුම් සකස් කිරීමට තීරණය කර තිබේ.

    උපුටා ගැනීම ලංකා ලීක්ස් 

     

  • ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් මන්ත්‍රි සනත් නිශාන්ත සහ සොහොයුරා ඇතුලට…

    ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් මන්ත්‍රි සනත් නිශාන්ත සහ සොහොයුරා ඇතුලට…

    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා යන දෙදෙනාව මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරුවරයා අද (19) නියෝග කළා.

    ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර එම නඩුවේදී ඇප ලබා දීමේදී සෑම සතියකම ඉරිදා හලාවත පොලීසියට පැමිණ අත්සන් කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබුණා.

    2017අගෝස්තු මාසයේ සිට පොලීසියට පැමිණ අත්සන් නොකිරීම ඔවුන් දෙදෙනාට එල්ල වූ චෝදනාවයි.

  • ” මහසොහොන් බළකායේ කාර්යාලයේ තිබුනේ මොනවද?” අමිත්ගේ අංගනාව කියන කතාව මෙන්න .!

    ” මහසොහොන් බළකායේ කාර්යාලයේ තිබුනේ මොනවද?” අමිත්ගේ අංගනාව කියන කතාව මෙන්න .!

    මහසොහොන් බළකාය සංවිධානයේ නිර්මාතෘ අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා පසුගියදා නැවතත් (17 වැනිදා) රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමිත් වීරසිංහගේ බිරිඳ මාධ්‍යයට අදහස් දක්වා සිටියා. 

    එහිදි ඇය කියා සිටියේ , 

    “මගේ මහත්තයා බෝධිසත්වයෙක්… මහත්තයා හරි ආදරෙයි මුස්ලිම් අයට.. කවදාවත් මුස්ලිම් අයට මගේ මහත්තයා වෛර කලේ නෑ..  කාර්යාලයේ තිබිලා පොලිසිය හොයාගත්තේ භුමිතෙල් බෝතල් ටිකකුයි ‍ඇද රෙදි ටිකකුයි විතරයි. මෙන්න මේවාට තමයි පොලිසිය පෙට්‍රල් බෝම්බ හොයා ගත්තා කියලා මහලොකු ප්‍රචාරයක්‌ ඇරියේ දැන් මගේ මහත්තයා රිමාන්ඩ් කළා. “

    මේ බොරුව ගැනත් මම පොලිසියට එරෙහිව මානවහිමිකම් සභාවේ පැමිණිලි කළා. ඉදිරියේදී මම නීතිඥවරුන් හරහා මේ පොලිසියේ බොරුව ගැන අධිකරණයට දැනුම් දෙන්න කටයුතු කරනවා. 

    මගේ මහත්තයා සිංහල මුස්‌ලිම් මිනිස්‌සු අවුලවන කිසි දෙයක්‌ කරලා නැහැ. සමාජ මෙහෙවරක නිරතවෙලා හිටපු කෙනෙක්‌ තමයි මගේ මහත්තයා” යනුවෙනි.

  • හිස පමණක් හමු වූ කොස් මල්ලීගේ සිරුරේ කඳ කොටස අද ගොඩ ගනී

    හිස පමණක් හමු වූ කොස් මල්ලීගේ සිරුරේ කඳ කොටස අද ගොඩ ගනී

    කොළඹ 12, කෙසෙල්වත්ත, අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමු වූ පාතාල සාමාජික කොස් මල්ලීගේ කඳ කොටස අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද (19) ගොඩ ගැනිමට නියමිතයි.

    ඔහුගේ කඳ කොටස අගුණුකොළපැලැස්ස, මුරවැඩිහේන, ගෝඨාභයගම ප්‍රදේශයේ වෙල් යායක වළ දමා ඇති බවට ඊයේ (18) අනාවරණය කර ගනු ලැබී ය.

    කෙසෙල්වත්ත අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලී නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ හිස සොයාගනු ලැබුවේ පසුගිය 07 වැනි දා උදෑසන ය.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 05 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව අගුණකොලපැලැස්ස, ගෝඨාභයගම ප්‍රදේශයේ වළ දමා ඇති කොස් මල්ලිගේ කඳ කොටස සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (18) පෙරවරුවේ එම ප්‍රදේශයට ගොස් තිබිණ.

    මීට දින කිහිපයකට පෙර පාතාල කල්ලි නායකයෙකුවන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකුවන මොහොමඩ් රිස්ඛාන් නමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඝාතනයට ලක් වූ කොස් මල්ලී නැමැත්තා, පාතාල කල්ලි නායකයෙකු වූ සමයංගේ ගෝලයෙකු ද වේ.

  • අම්මගේ අවමගුලට ආපු මරණ දඩුවම නියමවු තාත්තා එක්ක බන්ධනාගාර බස් එකට නැගපු දුවගේ කතාව

    අම්මගේ අවමගුලට ආපු මරණ දඩුවම නියමවු තාත්තා එක්ක බන්ධනාගාර බස් එකට නැගපු දුවගේ කතාව

    ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුද්ගලයෙක් තම මිය ගිය බිරිඳගේ අවමංගල උත්සවය සඳහා රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ දියණිය ද බන්ධනාගාර බස් රථයට ගොඩ වූ සංවේදී පුවතක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

    2008 වසරේ දී අත්අඩංගුවට පත් ව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයෙකු මියගිය සිය බිරිඳගේ අවසන් කටයුතු සඳහා ඊයේ (18) එලෙස රැගෙනවිත් තිබේ.

    කෙසේ වෙතත් අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ස්වාමියා නැවත බන්ධනාගාර රථයට ගොඩවන අවස්ථාවේ දී ඔහුගේ දියණිය ද එම රථයට ගොඩ වී ඇත.

    මියගිය කාන්තාවට සහ බන්ධනාගාරව සිටින පුද්ගලයාට දරුවන් දෙදෙනෙක් සිටින අතර මේ වනවිට දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඥාතීන් ඉදිරිපත් ව සිටින බව වාර්තා වේ.

  • ජනිපෙ විමල්ව සහ ජයන්තව දුටු තැන අල්ලනු… අධිකරණයෙන් වරෙන්තු

    ජනිපෙ විමල්ව සහ ජයන්තව දුටු තැන අල්ලනු… අධිකරණයෙන් වරෙන්තු

    අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යනඅයට අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරුගේ පැමිණීම මුල් කොට 2016 පෙබරවාරි හයවන දින මහජන පීඩාවක් ඇතිවන පරිදි උද්ඝෝෂණයක් පැවැත්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අද පැවැති නඩුවකට එම සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම ඊට හේතුවී ඇත.

  • මහසොන් බලකායෙ ලොක්කගේ බිරිඳගෙන් පොලීසියට ආඩපාලි

    මහසොන් බලකායෙ ලොක්කගේ බිරිඳගෙන් පොලීසියට ආඩපාලි

    “මගේ මහත්තයාගේ කාර්යාලයේ තිබිලා පොලිසිය හොයාගත්තේ දහම් පාසල් දරුවන්ට දෙන්න තිබුණු රචනා පොත් වගයකුයි, තව රචනා තරගයකින් ජය ලබපු දරුවන්ට දෙන්න තිබූ පොත්පත් වගයක්‌. මෙන්න මේවාට තමයි පොලිසිය පෙට්‍රල් බෝම්බ හොයා ගත්තා කියලා මහලොකු ප්‍රචාරයක්‌ ඇරියේ දැන් මගේ මහත්තයා රිමාන්ඩ් කළා. මගේ මහත්තයාව බොරුවට අත්අඩංගුවට ගත්තු පොලිසියේ අයට කවදාහරි දිට්‌ඨ ධම්මවේදනීය කර්මය පටිසන් දෙනවාමයි” යෑයි මහසොහොන් බළකායේ නිර්මාතෘ අමිත් ජීවන් වීරසිංහගේ බිරිඳ වන ජයංගනී සිතුම් කුමාරි මහත්මිය  පුවත් පතකට ප්‍රකාශ කර ඇත.

    එහිදී ඇය විසින් වැඩිදුරටත් පහත පරිදි ප්‍රකාශ කර ඇත,

    “මේක පොලිසිය තනිකරම ටෙලි නාට්‍යයක්‌ කළේ. මගේ මහත්තයාගේ කාර්යාලය මහනුවර කුණ්‌ඩසාලේ තට්‌ටු 4 ක ගොඩනැඟිල්ලක තියෙන්නේ. ඒකේ කොටසක්‌ නැති බැරි අයට ස්‌වයං රැකියා කරගෙන යන්න ඉඩකඩ සලස්‌සලයි තියෙන්නේ. දැන් පොලිසිය මගේ මහත්තයාගේ කාර්යාලයේ පෙට්‍රල් බෝම්බ කියල හොයාගෙන තියෙන්නේ මේ දරුවන්ට දෙන්න තියාගෙන හිටපු පොත්පත් ඊට අමතරව මෙයාගේ උප්පැන්න සහතික, වාහන බලපත්‍රය, ගෑස්‌ සිලින්ඩරයක්‌ තව පරණ පත්තර වගේ දේවල්.

    මේ බොරුව ගැනත් මම පොලිසියට එරෙහිව මානවහිමිකම් සභාවේ පැමිණිලි කළා. ඉදිරියේදී මම නීතිඥවරුන් හරහා මේ පොලිසියේ බොරුව ගැන අධිකරණයට දැනුම් දෙන්න කටයුතු කරනවා. 

    මගේ මහත්තයා සිංහල මුස්‌ලිම් මිනිස්‌සු අවුලවන කිසි දෙයක්‌ කරලා නැහැ. එයා මහනුවර ළමයි හතර පස්‌දෙනා ඉන්න පවුල්වලට ස්‌වයං රැකියා කරන්න අවස්‌ථාව උදාකර දුන්නා. ඒ වගේම දුප්පත් පවුල්වල දරුවන්ට පොත්පත් අධ්‍යාපනික උපකරණ නොමිලේම දුන්නා. තව පදවි ශ්‍රී පුර ප්‍රදේයේ දුප්පත් මිනිසුන්ට වැසිකිළි පද්ධති හදලා දුන්නා. මේ වගේ සමාජ මෙහෙවරක නිරතවෙලා හිටපු කෙනෙක්‌ තමයි මගේ මහත්තයා.”

  • පුත්තලමේ 22 හැවිරිදි සැමියා 16 හැවිරිදි ගැබිණි බිරිඳව පුටුවක බැඳ ගිනි තබා මරා දමලා…

    පුත්තලමේ 22 හැවිරිදි සැමියා 16 හැවිරිදි ගැබිණි බිරිඳව පුටුවක බැඳ ගිනි තබා මරා දමලා…

    තමීම් ෆාතිම් ශ(ර්)මිලා නැමති දැරියක් සිය සැමියා විසින් පුටුවක බැඳ ගිනි තබා මරා දැමූ පුවතක් මේ වන විට සමාජජාල අඩවි තුළ සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ

    පසුගිය සිකුරාදා දිනයේදී ඇයව මරා දමා තිබෙන බව එම පුවතෙහි දැක්වෙයි.

    ඉන් පරපතල ලැබූ ශ(ර්)මිලා පසුව රෝහල් ගත කර තිබෙන බවත් (17) රාත්‍රියේ ඇය මියගිය බවත් එහි දැක්වෙයි.

    මිය යන විට ඇයට මාස7ක දරුවෙකු සිට ඇති අතර සිව්මස් හැවිරිදි ගැබිණියකද වී සිට ඇත.

    සැමියාගේ අඩත්තේට්ම දරා ගැනීමට නොහැකි තැන ඇය පොලීසිය මෙන්ම පල්ලිය වෙතද ගොස් ඇති බවත්, එම අවස්ථා දෙකෙහිදීම ඔවුන් ස්වාමි පුරුෂයා වෙත මෙම දැරිය භාරදී ඇති බවත් එම පුවතෙහි දැක්වෙයි.

    මේ ෆේස්බුක්හි හුවමාරු වන එම සටහන හා ඡායාරූපයයි පහලින්.

    තමීම් ෆාර්තිමා ශ(ර්)මිලා ඊයේ රෑ මිය ගියා.

    අවුරුදු 16 දී කනෙන් ඇදගන ගිහින් පුත්තලමේ, මුන්තාල් වල නාලන්තලුව කොඩි පල්ලි මුස්ලිම් පල්ලියෙදි තව භාර්යාවන් දෙන්නෙක් හිටපු, අවුරුදු 22ක් වයස මොහොමඩ් ඉම්රාන් කියන පුද්ගලයගෙ තුන් වන භාර්යාව වශයෙන් බලෙන් විවාහ කර දුන්නා.

    අවුරුදු 18ක් වෙනකොට මාස හතක දරුවෙක් අතේ හිටපු.

    මාස හතරක දරුවෙක් බඩේ හිටපු අහින්සක ශ(ර්)මිලා.

    මේ කාලකන්නි ස්වාමි පුරුෂයා ගිය සිකුරාද ( 15) පුටුවකට තියල බැදලා ලාම්පු තෙල් දාලා ගිනි තිබ්බා.

    දවස් දෙකක් හොස්පිට්ල් එකේ දුක් වින්ද ශ(ර්)මිලා 20 රෑ මේ කාලකන්නි ලෝකෙ දාල ගියා.

    දරන්නම බැරි දේ තමයි.

    “”මාව මරන්න දෙන්න එපා…….”” කියාගෙන පොලීසියට ආපු ශ(ර්)මිලා.

    පොලීසියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක.

    දරන්නම බැරි දේ තමයි.

    “”අනේ මාව මරයි….මාව දික්කසාද කරල දෙන්න…..”” කියල අඬාගෙන පල්ලියට ඇවිත් ඉල්ලපු ශ(ර්)මිලාව.

    පල්ලියෙන් ඒ මිනීමරු ස්වාමි පුරුෂයාටම කතා කරල ආපහු බාර දීපු එක.

    දරන්නම බැරි දේ තමයි.

    මේ කාලකන්නි සමාජය.

    මහ ලොකු පුරවැසි සන්විධාන කාවවත් අහිංසක ශ(ර්)මිලාගෙ තනියට හිටියෙ නෑ.

     

    උපුටා ගැනීම –  www.TheTruth.lk වෙබ් අඩවියෙන් 

  • කෝටි ගානක කාර් එකක් ඇලට යන්න පදවපු ප්‍රභූ පුතා කවුද..?

    කෝටි ගානක කාර් එකක් ඇලට යන්න පදවපු ප්‍රභූ පුතා කවුද..?

    තලවතුගොඩ ප්‍රදේශයේදී අද අළුයම 5 ට පමණ වේගය පාළනය කරගත නොහැකිව BMW මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ඇල මාර්ගයකට ගොස් තිබෙනවා.

    මෙම අනතුරින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ. 

    මේ රථයේ හිමිකාරිත්වය දහම් සිරිසේන මහතාගේ බවට විශාල ආන්දෝලනාත්මක රාවයක් පැතිර යන අතර එය වත්තල ඉරේෂ් මෝටර්ස් හී අධිපතිගේ පුත්‍රයා වන Onesha Mendisගේ මෝටර් රථය බවටද තවත් රාවයක් පැතිරෙමින් ඇත… 

    කෙසේවෙතත් දහම් සිරිසේන මහතා විදේශගතව සිටින බව ඔහුගේ නිල ෆේස් බුක් අඩවියේ සදහන් කර ඇත. ඔහු අද සවස 6.00 ට පමණ හොංකොං වලට ඇතුල්වුණු බව සඳහන් කර ඇති නමුත්, ඔහු හොංකොං වලට ඇතුල් වුණේ කුමක් සඳහාද යන්න එහි සඳහන් කර නොමැත.  


     

     

     

     

     

     

     

     

  • යතුරුපැදිය පදවාගෙන ගිය හිමිනම අපවත් වෙයි.. පිටුපස ගිය හිමිනමට අසාධ්‍යයයි

    යතුරුපැදිය පදවාගෙන ගිය හිමිනම අපවත් වෙයි.. පිටුපස ගිය හිමිනමට අසාධ්‍යයයි

    මැදිරිගිරිය, බිසෝබණ්‌ඩාර ප්‍රදේශයේදී ඊයේ (16ද) දහවල් හිමිවරුන් දෙනමක්‌ ගමන් ගත් යතුරුපැදියක්‌ මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීම නිසා සිදු වූ අනතුරක්‌ හේතුවෙන් එක්‌ හිමිනමක්‌ අපවත් වී අනෙක්‌ හිමිනම බරපතළ තුවාල ලබා ඇත.මෙම හිමිවරුන් දෙනම මැදිරිගිරිය, බිසෝබණ්‌aඩාර, තිස්‌සපුර, යාය 01, ආලෝකාරාම විහාරස්‌ථානයේ වැඩවසන සාමනේර හිමිවරුන් දෙනමකි.
     
     අනතුරින් අපවත් වී ඇත්තේ යතුරුපැදිය පදවාගෙන ගිය බව කියන 16 හැවිරිදි තිස්‌සපුර සද්ධානන්ද හිමියන් වන අතර  බරපතළ ලෙස තුවාල ලබා සිටි 14 හැවිරිදි අනෙක්‌ සාමනේර හිමියන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව මැදිරිගිරිය පොලිසිය සඳහන් කරයි. 
     

  • කනට ගහල, බෙල්ල මරිකල ඊටත් පස්සෙ බදාගෙන බෙල්ලෙ තිබණ මාලෙ කොල්ලකාල

    කනට ගහල, බෙල්ල මරිකල ඊටත් පස්සෙ බදාගෙන බෙල්ලෙ තිබණ මාලෙ කොල්ලකාල

    මහමග ගමන් කරමින් සිටි කාන්තාවගේ කනට පහරදී ගෙල මිරිකා ඇය වැළඳගෙන ඇය ගෙල බැඳි පවුම් දෙකක්‌ බරැති “රන්මාලය” කොල්ලකෑ අපරාධකරුවකු සහ ඔහුට සහය දැක්‌වූ තවත් පුද්ගලයෙකු කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ කොට්‌ඨාශ රථවාහන අංශයේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරුවන් දෙදෙනා කැබ්රථයකින් පැමිණ කුරුණෑගල ගැට්‌ටුවාන ප්‍රදේශයේදී මහමග ගමන් ගත් මෙම කාන්තාවට ඉහත අපරාධය කර පලාගොස් ඇති අතර 
    සිදුවීම සියෑසින් දුටු තරුණයෙක්‌ අපරාධකරුවන් පලාගිය කැබ් රථයේ අංකය 119 අමතා සිදුවීම දැනුම් දී ඇත. ඒත් සමඟම වහාම ක්‍රියාත්මක වූ කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සැකකරුවන් බදුරාගල රෙග්ලන්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    සුවිශේෂම කරුණ වන්නේ පැමිණිලිකාරිය කුරුණෑගල මූලස්‌ථාන පොලිසියට තමන්ට සිදුවූ කරදරය පැමිණිලි කරන මොහොතේම ඇයගේ “රන්මාලය” පැහැරගත් කොල්ලකරුවන් ඇය ඉදිරියට රැගෙන ඒමයි.

    සැකකරු මැද මහනුවර දොරලියද්ද ප්‍රදේශයේ පදිංචි එක්‌දරු පියෙකි. මොහුගේ සහයකයා සුරංජිත් නැමැත්තෙකි. මොවුන් දෙදෙනාට එරෙහිව දඹුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ රන් මාල කැඩීමේ සිදුවීම් සම්බන්ධව නඩු 3ක්‌ තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර අපරාධකරුවන් දෙදෙනා ගමන් ගත් කැබ්රථය කුරුණෑගල මූලස්‌ථාන පොලිස්‌ පරිශ්‍රයේ රඳවා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට යොමුකිරීමට නියමිතය.

  • උදයංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    උදයංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‌රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට සැකසහිත ලෙස මැදිහත් වී රුපියල් කෝටි ගණනාවක්‌ අයුතු ලෙස උපයා ගැනීමේ චෝදනාව එල්ල වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් කරන ලද කරුණු දැක්‌වීමක්‌ සලකා බැලූ කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (16දා) විවෘත වරෙන්තු නිකුත් කළාය.
     
    මෙම නඩුව ඊයේ (16දා) කැඳවූ අවස්‌ථාවේදී මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක නිහාල්  මහතා වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් එම නඩුවේ සැකකරුවන් ලෙස විදේශ ජාතිකයන් පස්‌දෙනකු හා විදේශීය සමාගමක්‌ නම්කර ඔවුන්ට නොතිසි නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම සැකකරුවන්ට කුමන චෝදනා ගොනු කරන්නේද නැතහොත් ඔවුන් සිදු කර ඇති වැරදි කුමක්‌දැයි වෙන් වෙන්ව සවිස්‌තර ආකාරයෙන් ලිතව අධිකරණයට කරුණු දක්‌වා කරුණු තහවුරු කරන ලෙසට එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළ මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නඩුව ලබන 26 වැනිදා යළි කැඳවීමට නියම කළාය.
     
     සැකකාර උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකා ආගමන විගමන පාලකවරයා විසින් නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රයක්‌ උපයෝගි කර ගනිමින් ඩුබායි රාජ්‍යයේ සිට ඇමරිකා එක්‌සත් ජනපදය බලා යැමට උත්සාහ දැරීමේදී පසුගිය පෙබරවාරි 4 වැනිදා ගුවන් තොටුපළ බලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කර ඇත්තේ ඔහුට එරෙහිව නිකුත් කර තිබූ නිල් නිවේදනය අනුව බවද විමර්ශන නිලධාරීහු එහිදී සඳහන් කළහ.
     
     විදේශ ගමන් බලපත්‍රය රඳවාගෙන පදිංචි ස්‌ථානය හා දුරකථන සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු මුදාහැර ඇති බවත් පසුව පෙබරවාරි 12 වැනිදා ජාත්‍යන්තර පොලිස්‌ ශාඛාව විසින් රතු නිවේදන ඔහුට නිකුත් කර ඇති බවත් එහිදී දැන්වූ විමර්ශන නිලධාරීන් ඔහු පදිංචි බවට දැන්වූ ස්‌ථානයෙන් අතුරුදන්ව සිටීම නිසා එරට පිහිටි සියලුම ගුවන්තොටුපළ හා හෝටල් වෙත ඔහු අත්‍යවශ්‍ය සැකකරුවකු බවට දැන්වීමට ජාත්‍යන්තර පොලිසිය පියවර ගෙන ඇති බවද සඳහන් කළේය.
     
     එම ගනුදෙනුවට අදාළ මුල් ලේඛනවල පිටපත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාරයේ තිබියදී අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය කුමක්‌දැයි අධිකරණය එහිදී විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එම විමර්ශනවල උධෘත උපදෙස්‌ ලබාගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.