Category: සුපිරි Cases

  • VPN පාවිච්චි කරපු අය අත්අඩංගුවට ගන්න පුළුවන්ද? –  නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියන කතාව

    VPN පාවිච්චි කරපු අය අත්අඩංගුවට ගන්න පුළුවන්ද? – නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියන කතාව

    Facebook, Viber, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය රජය විසින් පසුගියදා තහනම් කිරීමත් සමග ඒවා භාවිත කරන පුද්ගලයින් VPN හරහා සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පුරුදු වී තිබේ.

    මේ පිළිබඳව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ VPN භාගත කර ගැනීම තහනම් බව ය.

    ඒ අනුව අප මේ පිළිබඳව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින පරිගණක අපරාධ වැළැක්වීමේ පනත යටතේ විකල්ප ක්‍රම භාවිත කරමින් අන්තර්ජාලයට පිවිසෙන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බව ය.

    එබැවින් VPN හරහා Facebook ඇතුළු සමාජ මාධ්‍යට පිවිසි පුද්ගලයින් කිසිසේත් අත්අඩංගුවට ගත නොහැකි බව නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා වැඩි දුරට ත් සඳහන් කළේය.

  • ෆේස්බුක් සමාගමෙන් සියලු ශ්‍රී ලාංකීකයන්ට අවදානම් නිවේදනයක්.. ඇත්ත කතාව මෙන්න…

    ෆේස්බුක් සමාගමෙන් සියලු ශ්‍රී ලාංකීකයන්ට අවදානම් නිවේදනයක්.. ඇත්ත කතාව මෙන්න…

    ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ ජාලා තාවකාලිකව තහනම් කිරිම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කරුණු දක්වා තිබෙනවා. එම සමාගම සහ ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වය අතර දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවේ දී යම් එකඟතාවයකට පැමිණ ඇති බවයි එම සමාගම පවසන්නේ.

    ජනතාව කුපිත කරන සහ වෛරය පතුරුවන තොරතුරු හුවමාරු කිරිම හා ප්‍රසිද්ධ කිරිම වැළැක්වීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ බව වාර්තා වනවා.

    එම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය අත්‍යව්‍යශ වන බවයි ෆේස්බුක් සමාගම පවසන්නේ.

    එම නිසා ඉදිරියේ දී ශ්‍රී ලංකා රජයේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව  ජනතාව කුපිත කරන සහ වෛරය පතුරුවන තොරතුරු හුවමාරු කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

    ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විසින් විවෘත කරනු ලබන ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන අතර ඔවුන් විසින් සිදුකරන සියළුම දත්ත හුවමාරුව මින් ඉදිරියට නිරික්ෂණයට ලක්කරන බවත් ශ්‍රී ලාංකීක ගිණුම් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියතක් අනුගමනය කිරිමටත් ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා.

    ජාතිවාදය මුල්කර ගෙන සිදුකරනු ලබන සියළුම ප්‍රචාර කටයුතු ඉවත් කිරිමට පියවර ගන්නා අතර එවැනි ගිණුම් සම්පූර්නයෙන් ෆේස්බුක් ජාලයෙන් ඉවත් කිරිමට කටයුතු කරන බවද ෆේස්බුක් සමාගම සඳහන් කර තිබෙනවා.

    ෆේස්බුක් ගිණුමක් ආරම්භ කිරිමේ දී ලබාදෙන දුරකථන අංක හිමියා එම ගිණුමට අදාළ සියළු ප්‍රචාර සහ හුවමාරු සම්බන්ධයෙන් වගකීය යුතු වන බවත් එම සමාගම සඳහන් කර තිබෙනවා.

    කිසියම් පුද්ගලයෙකුගේ ඡායා රූපයක් ගිණුමට ලබාදී ඇත්නම් එම ඡායා රූපය හිමි ගිණුමෙන් යම් අකටයුත්තක් සිදුවන්නේ  යැයි ෆේස්බුක් සමාගමට සැකයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් අදාළ ගිණුම වෙත පණිවුඩයක් මගින් දැනුම් දෙන අතර දින 3ක් ඇතුලත අදාළ ගිණුම් හිමියා ප්‍රතිචාර නොදක්වන්නේ නම් එම ගිණුම ප්‍රසිද්ධියට පත්කරනු ලැබෙනවා.

    ඉන් අනතුරුව දින 7ක් ඇතුලත ගිණුම ෆේස්බුක් ජාලයෙක් ස්ථීරවම ඉවත් කිරිමට පියවර ගන්නා බවයි ෆේස්බුක් සමාගම පෙන්වා දුන්නා.

    ව්‍යාජ ගිණුමක් මගින් යම් පුද්ගලයෙකු අකටයුත්තක නිරත වේ නම් ඔහුගේ දුරකථන අංකය මගින් සහ IP අංකය මගින් අදාළ ගිණුම භාවිත කරන පුද්ගලයා හඳුනාගැනීමේ හැකියාව පවතින බවත් තමන්ට හිමි නොමැති වෙනත් ආයතනයක හෝ පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් භාවිත කරමින් යම් පුද්ගලයෙකු අනවශ්‍ය කටයුත්තක නිරත වන්නේ නම් අදාළ IP හිමියා එය භාවිත කළ පුද්ගලයා හඳුනා නොගන්නේ නම් එම IP හිමියාට නීතියෙන් කටයුතු කරන බවත් ෆේස්බුක් සමාගම අවධාරණය කර තිබෙනවා.

    එම නිසා තමන්ගේ ජංගම දුරකථන අංක පරිහරණය කිරිමේ දී වඩාත් ප්‍රවේශම් වන ලෙසයි ෆේස්බුක් සමාගම සමස්ථ ෆේස්බුක් හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ.

  • තෙල්දෙණිය ජාතිවාදී සිදුවීමේ අරමුණ සැලසුම අත් පත්‍රිකා පෝස්ටර් සියල්ල මුලස්ථානයෙන් එලියට..

    තෙල්දෙණිය ජාතිවාදී සිදුවීමේ අරමුණ සැලසුම අත් පත්‍රිකා පෝස්ටර් සියල්ල මුලස්ථානයෙන් එලියට..

    මහනුවර සිදුවූ කලහකාරී සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ තවත් සැලසුම් හෙළි කර ගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා. සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන්නේ ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින්.

    සැකකරුවන් විසින් ලබාදුන් තොරතුරු අනුව මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටි කාර්යාලයක් පරික්ෂාවට ලක්කර තිබෙනවා.

    එහිදී ජාතීන් අතර වෛරය හා ක්‍රෝධය වපුරන ආකාරයෙන් මුදුණය කළ අත්පත්‍රිකා සහ පෝස්ටර් තොගයක් හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.

    ඔහු තවදුරටත් කියා සිටියේ මහනුවර සිද්ධිය මුල්කරගෙන පැමිණිලි 423ක් ලැබී ඇති බවයි. සෙසු ප්‍රදේශවලින් සිද්ධින් 22ක් වාර්තා වී ඇති බව ද ඔහු කියා සිටියා.

    පූජනීය ස්ථානවලට අලාභ හානි කිරිමේ සිද්ධින් දිවයින පුරා 24ක් සහ වාහනවල අලාභ කිරිමේ සිද්ධින් 65ක් වාර්තා වී ඇති බවත් ඔහු කියා සිටියා.

    ඉකුත් 4වනදා සිට 12වනදා දක්වා කාලය තුළ නිවාස හා වෙළඳසැල් වලට පහරදීමේ සිද්ධීන් 445කට අදාළව පැමිණිලි ලැබී තිබෙනවා. පූජනීය ස්ථාවලට පහරදීමේ සිද්ධීන් 23ක් වාර්තා වී ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. සමස්ථයක් ලෙස අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 280ක්.

     ඒ අතරට අසමගිය හා ප‍්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා කටයුතු කළ 10 දෙනෙකුද ඇතුළත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

  • ජාතිවාදි කලබල අස්සේ කොස්මල්ලිගේ හිස අලුත්කඩේ කුණු ගොඩ දක්වා පැමිණි පාතාලයේ කතාව

    ජාතිවාදි කලබල අස්සේ කොස්මල්ලිගේ හිස අලුත්කඩේ කුණු ගොඩ දක්වා පැමිණි පාතාලයේ කතාව

    උසාවිය අසලදී පුද්ගලයකුට වෙඩි තබා ප්‍රදේශවාසීන්ගෙන් ගුටි කාලා මැරුනේ කොස් මල්ලිගේ ගෝලයෙක් 

    අංගොඩ ලොක්කා ගේ ගෝලයන් කොස් මල්ලිගේ අයියාටත් නෑනාටත් කඩු වලින් කොටලා 

    අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල දී වෙඩි තබා අබිදුල් රහීම් හුසේන් රිස්කාස් මරා දැම්මේ පෙබරවාරි මස දහසය වැනිදා සවස් භාගයේ දීය.
    ඔහුට වෙඩි තැබු පුද්ගලයා ඊට ටික වේලාවකට පසු ජීවිතක්ෂයට පත්විය. ඒ… ප්‍රදේශවාසීන් විසින් සිදුකළ පහර දීමෙනි. මිය යන තුරු පහර දී පාගා මුහුණ ද විරූපී කර තිබිණි.
    මොහු සතුව තිබු පිස්තෝල දෙක ද පහරදුන් අය රැගෙන ගොස් තිබු අතර පසුව කොළඹ අපරාධ කොට්ඨාසය ඒවා සොයා ගත්තේය.

    මොහු පැමිණි යතුරුපැදිය ද සිද්ධිය වූ ස්ථානය ඉදිරිපිට තේ කඩයක් අසල තිබී එදිනම පොලිසිය සොයාගත් අතර එහි දෙදෙනකු පැමිණි බව ද හෙළි විය. පහර කෑමෙන් මිය ගිය අය වෙඩික්කරු බවත් පලාගිය පුද්ගලයා පැදිකරු බවද අනාවරණය විය.

    හුසේන් රිස්කාස් ඝාතනය රණාලේ සමයං කල්ලියේ වැඩක් බවට පරීක්ෂණ කණ්ඩායම් සැක කළ අතර ඒ බව තහවුරු කර ගැනීමට පසුව පොලිසියට හැකිවිය. ඒ… ඝාතකයා පැමිණි යතුරුපැදියේ අංකය පරීක්ෂා කිරීමෙනි. එය කැලණිමුල්ල සැළලිහිණි මාවත අංක 227/2 ලිපිනයේ පදිංචි පන්ඩිත ගේ ශාන්ත කුමාර යන අයගේ නමට ලියාපදිංචි එකකි. ඔහු… “කොස්මල්ලි” යන අනවර්ථ නාමයෙන් හඳුන්වන රණාලේ සමයං කල්ලියේ ගෝලයකු බව පොලිසිය දැන සිටියේය.

    පහර කා මිය ගිය පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි වු අතර ඔහු හඳුනා ගැනීමට උත්සාහ කරන අතරතුරේ යතුරු පැදිය පැදගෙන ආ පුද්ගලයා ද එහි හිමිකරු වන කොස්මල්ලි ද සොයා පොලිසියේ විශේෂ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් දියත් කළේය.

    මෙම මෙහෙයුම් සඳහා එක්ව සිටි බස්නාහිර දකුණ (මිරිහාන) විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පහර කා මිය ගිය පුද්ගලයා නිරෝෂන් නම් වූ සමයං කල්ලියේ සාමාජිකයා බව හඳුනාගත්තේය. යතුරු පැදියේ හිමිකරු වන කොස්මල්ලි සහ එය පැද ආ පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුම් දියත් කරද්දී පසුගිය හත් වැනිදා උදේ කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශයේ අබුබසාර් පල්ලිය පිටුපස කුණු ගොඩක තිබී කඳෙන් වෙන් කරන ලද මිනිස් හිසක් හමුවිය.

    මෙම හිස සොයා ගත්තේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවය. ගොත අසංක ලෙසින් හඳුන්වාගත් අයෙක් දුරකථන ඇමතුමක් දී පවසා තිබුණේ පල්ලිය පිටුපස කොස් මල්ලි ගේ ඔළුව තිබෙන බවය. තොරතුරට අනුව එම ස්ථානයට ගොස් සෝදිසි කළ පොලිසියට කුණු දමන කලු පැහැති බෑගයක තිබී මිනිස් හිස හමුවිය. පසුව එය කොස්මල්ලිගේ බව හඳුනාගත්තේය.

    ගොත අංසක යනු සමයං කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකි. අංගොඩ ලොක්කා අතුරුගිරියේ ලඩියා කල්ලි වලට අයත් මුල් පෙළේ සාමාජිකයන් වන අංගොඩ රත්තරං සහ අතුරුගිරියේ බණ්ඩා වෙඩි තබා මරා දැමුවේ ගොත අසංක විසිනි. එහෙත්… ඔහු තමා ගොත අසංක ලෙස හඳුන්වනවාට කිසිම කැමැත්තක් නැත. යුද හමුදාවේ හිටපු සෙබළකු බැවින් ඔහු තමා හඳුන්වා දෙන්නේ ආමි අසංක ලෙසටය. දැනට ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
    ඒ අනුව එම දුරකථන ඇමතුම අසංක දුන් එකක් නොවන බව තහවුරු වේ. ඊට පසුදින මිරිහාන ඒකකය හුසේන් රිස්කාස් ඝාතනයේ යතුරුපැදි කරු අත්අඩංගුවට ගන්නේ අංගොඩ, කුඩා බුත්ගමුව, අංක 343/2 දරණ නිවෙසේ සිටියදීය. ඔහු පිළිබඳ තොරතුර ලැබෙන්නේ මිරිහාන ඒකකයේ කොස්තාපල් ප්‍රසන්නටය. ඒ… රිස්කාස් ඝාතනය සඳහා යතුරු පැදිය පැද ගියේ බුත්ගමුවේ සංඛ යන අය විසින් බවටය. එම තොරතුරට අනුව පසුගිය අට වැනිදා උදේ එම නිවෙස වැටලු පොලිස් කණ්ඩායමට ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

    ඒ අනුව රිස්කාස් ඝාතනයට සම්බන්ධ තිදෙනකුම සොයාගත් නමුත් ඉන් දෙදෙනකුම හමුවුයේ ප්‍රාණය නිරුද්ධ වුවන් ලෙසටය. එබැවින්…. රිස්කාස් ඝාතනයේ තොරතුරු ලබාගත හැකි වුයේ අත්අඩංගුවට පත් පැදිකරුගෙන් පමණි.

    විසි දෙහැවිරිදි මොහු ඔරුගොඩවත්ත රේගුවට අනුයුක්ත මෑන් පවර් ආයතයක සේවය කරයි. කොස්මල්ලි ගේ හිතවතකු වන මොහු යතුරු පැදිය පැදයන්නේ කොස්මල්ලි ගේ ඉල්ලීම මතය.

    “එදා… කොස්මල්ලි මට කෝල් එකක් දීලා කිව්වා කොල්ලෙක් බයික් එකක් අරගෙන එයි. ඌ මගේ යාලුවෙක්. ඌට වැඩ වගේකට කොළඹ යන්න වෙලා. ඌට ලයිෂන් නැති නිසා උඹ ඌවත් දාගෙන බයික් එක පැදගෙන පලයං කියලා.”

    “ඊට ටික වේලාවකට පස්සේ බයික් එකකින් එක්කෙනෙක් අපේ ගෙදරට ආවා. මම එයාව අඳුරන්නේ නෑ. කොස්මල්ලි එව්වේ කිව්වා. අලුත්කඩේ උසාවිය ළඟ ඉන්න එක්කෙනෙක්ගෙන් සල්ලි වගයක් ගන්න තියෙනවා. මට ලයිෂන් නෑ. ඔයා පදින්න කියලා මට බයික් එක දුන්නා. මම එයාවත් දාගෙන බයික් එක පැදගෙන එයා කියපු තැනට ගියා.”

    “අලුත්කඩේ උසාවිය කිට්ටුව තේ කඩයක් ළඟ බයික් එක නතර කරලා අපි තේ බිව්වා. එයා කිව්වා ඒ මෑන් එනකම් බලාගෙන ඉන්න වෙනවා කියලා. සෑහෙන වෙලාවක් අපි එතනට වෙලා හිටියා. ඒ අතරේ කොස් මල්ලියි අසංකයයි එයාට කෝල් කළා.”

    “ඔහොම පැය දෙකක් විතර ඉන්නකොට ආපහු එයාට අසංකගෙන් කෝල් එකක් ආවා. ඒ එක්කම එයා මට කිව්වා මම ගිහින් සල්ලි ඉල්ලගෙන එන්නම්. ඔයා බයික් එක ස්ටාර්ට් කරගෙන ඉන්න කියලා. මම බයික් එක ස්ටාර්ට් කළා. ඒත් ස්ටාර්ට් වුණේ නෑ. ඒ එක්කම වෙඩි සද්දයක් ඇහිලා බලද්දී එයා කාටද වෙඩි තියනවා. වෙඩි තියලා දුවලා ඇවිත් යමු කියලා බයික් එකට නැංගා. ඒ උනාට බයික් එක ස්ටාර්ට් උනේ නෑ. ඒ පැත්තේ හිටපු මිනිස්සු අපි දිහාට එන්න හදද්දී අපි බයික් එක දාලා පැනලා දිව්වා.”

    “එයා එක පැත්තකට දිව්වා. මම තව පැත්තකට දිව්වා. බලද්දී ඒ සාංචි ආරච්චි වත්ත පැත්ත. මම අත දාලා ත්‍රිවිල් එකක් නතර කරගෙන ගෙදර ගියා.”

    “ඊට පස්සේ මම ගෙදරට වෙලා රස්සාවට ගිහින් හිටියා. මම මේ ගමන ගියේ කොස්මල්ලිගේ කීමට. මනුස්සයෙක් මරන්න යන බව දැනගෙන හිටියේ නෑ. මට සල්ලි දෙන්න එයා පොරොන්දු වුණා. ඒත්… මාත් එක්ක ගිය කෙනා ගහලා මරලා කියලා ආරංචි උනාට පස්සේ කොස්මල්ලිලාගේ ෆෝන් එකක් වත් වැඩ කළේ නෑ. මම කරන්න දෙයක් නැති කමට ජොබ් එක කරගෙන හිටියා.”

    අත්අඩංගුවට පත් සංඛ එලෙස පවසද්දී කොස්මල්ලි ගේ කඳෙන් වෙන් කළ හිස හමු වී අවසානය. සංඛ සමඟ යතුරු පැදියේ ගොස් රිස්කාස් ට වෙඩි තබා අනතුරුව ගුටි කා මිය ගියේ සමයං කල්ලියේ ප්‍රබල සාමාජිකයකු වන නිරෝෂන් පුෂ්පකුමාර යන අය බව ද හඳුනාගෙන තිබිණි.

    රිස්කාස් ඝාතනයට ආ යතුරු පැදිය කොස්මල්ලි ගේ බව හඳුනා ගැනීමෙන් අනතුරුව ඒ බව හෙළි කිරීමට පරීක්ෂණ කණ්ඩායම් මැලිවිය. ඒ.. ඔහු ගේ යතුරුපැදිය බව සොයාගත් බවත් දැන් පොලිසිය ඔහු සොයන බවත් ආරංචි වුවහොත් ඔහු ප්‍රදේශය හැර පලා ගොස් සැඟවෙන බවට සැකසිතුණ නිසාය.

    එහෙත්… අපරාධකරුවන් ගැන හා ඔවුන් සිටින ස්ථාන හෝ මාධ්‍ය වලින් හෙළි නොකළ ද ඔවුන්ට විරුද්ධ කල්ලි ඔවුන් පිළිබඳ සියලුම තොරතුරු සොයා ගන්නා බව දැන් වැට හී අවසානය. පරීක්ෂණ කණ්ඩායම් කොස්මල්ලි සොයා මෙහෙයුම් දියත් කරද්දී විරුද්ධ කල්ලිය ඔහු සිටින ස්ථානය සොයා පැහැර ගෙන ගොස් බෙල්ල කපා මරා අනතුරුව හිස රිස්කාස් මැරූ ස්ථානය අසලට ගෙනැවිත් දමන තුරු ඒ බව කවුරුත් දැන සිටියේ නැත.

    කොස්මල්ලි යනු රණාලේ සමයං කල්ලියේ ප්‍රබල චරිතයකි. අංගොඩ ලොක්කා කල්ලියේ ප්‍රබලයකු වූ අංගොඩ රත්තරං ඝාතනය සඳහා ඔත්තු බලන්නේ ඔහුය.

    මාකඳුරේ මදුෂ් ගේ මෙහෙයවීමෙන් රණාලේ සමයං මරා දැමීමෙන් අනතුරුව අංගොඩ ලොක්කාත් ලඩියාත් රට පැන්නේය.
    එහෙත් පසුගිය වසරේ මැද හරියේ දී කැලණිමුල්ලේ පිහිටි කොස්මල්ලිගේ නිවෙසට ගිය අංගොඩ ලොක්කා ගේ ගෝලයන් නිවෙස කුඩු කර ඔහුගේ අයියාටත් නෑනාටත් කඩු වලින් කොටා බරපතල තුවාල සිදුකර තිබිණ.

    ඉන් අනතුරුව කොස්මල්ලි ප්‍රදේශයෙන් අතුරුදන් වන අතර ඔහු සැඟ වී සිටිමින් අපරාධ වලට දායක වී තිබිණි.

    මේ අතර ගෙල කපා කොස්මල්ලි මරා දමන අයුරු ෆේස්බුක් වෙබ් අඩිවියට ඇතුලත් කර තිබිණි. දෑත් පිටුපසට කොට කණුවක ගැටගසා ඔහුගේ ගෙල කපන අයුරු එහි සඳහන් ය. ගෙල කොටස හමුවුවද ඔහුගේ කඳ කොටස තවමත් හමු වී නැත.

    බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ නුගේගොඩ කොට්ඨාශය බාර පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ යන නිලධාරීන් ගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂකවරුන් වන හේමන්ත කුමාර, ලක්ෂමන්, සරුයන් වරුන් වන 56951 සුනිල්, 56958 ප්‍රසන්න, කොස්තාපල් වරුන් වන 21284 බණ්ඩාර, 40248 ප්‍රසන්න 72338 ලලන්ත, 72989 ගිහාන්, 81600 සමීර, 72688 අමිල 84762 කුමාර, 84426 ප්‍රදීප්, 88389 සම්පත් පරීක්ෂණ සඳහා එක්වුහ.

    -තක්ෂිලා ජයසේකර-

     

  • ලොකු ළමයෙක් වෙලා දවස් පහෙන් කලින් පළමු වතාවට දුෂණය වු ප්‍රසිද්ධ ගණිකාවකගේ කදුළු කතාව

    ලොකු ළමයෙක් වෙලා දවස් පහෙන් කලින් පළමු වතාවට දුෂණය වු ප්‍රසිද්ධ ගණිකාවකගේ කදුළු කතාව

    කොයිතරම් සදාචාර සංස්කෘතියේ යළු පිළි පළන්දන්නට උත්සාහ කළත් ආසියාතික රටවල් මුහුණදෙන සමාජ ප්‍රශ්න බොහෝය.

    ගණිකා වෘත්තිය ඉන් ප්‍රබලතම සමාජ ප්‍රශ්නයකි. දකුණු ආසියාවේ පමණක් මිලියන තුනකට ආසන්න ගණිකාවන් පිරිසක් ජීවත්වන බව මේ පිළිබඳ කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත.

    ළමයින් පිරිමින් කාන්තාවන්සේම ලිංගික විපරිතයන්ට ලක් වූ අයද මේ පිරිසට අයත් වන බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

    ඒ අතර ගණිකා වෘත්තියේ යෙදෙන යුවතියන්ට ඇත්තේ මහත් වූ ඉල්ලුමකි. ළාබාල වියේ පසුවන ඔවුන් අකමැත්තෙන් වුවත් ගණිකා වෘත්තියට ඇදගෙන යාම මෙම රවටල වෙසෙන සංවිධානාත්මක ජාවාරම් කරුවන් විසින් සිදු කරනු ලබන්නකි.

    එලෙස මෙම ව්‍යාපෘතියට එන මෙම යුවතියන් නිශ්චිත කාලයක් ජීවත්වන්නේ සුරඟනන් ලෙසටය.

    එහෙත් මෙවන් සුරඟනන් බොහෝ දෙනා අන්ත අසරණ පවුල්වල අයවෙති. කුල පීඩනය, ආර්ථික පීඩනය දරාගත නොහැකිව මහ මඟට පිලිපන් අයද කුලයෙන් නෙරපීමෙන් පසු අතවරයට ලක් වූ යුවතියෝද ඒ අතර වෙති.

    තවත් සමහර ළාබාල දැරියන් ඈත දුෂ්කර ගම්මානවල පදිංචි දෙමාපියන් රවටා පැහැරගෙන එනු ලැබු අයවෙති.

    බිමට වැටුණු සුරඟනන් කෘතිය ඇසුරෙන් සැකසු එම ලිපි පෙළ ගණිකා මඩම් හා ලිංගික වෙළදාමේ නියුතු තැනැත්තන්ගෙන්ම ලබාගත් තොරතුරු මත සම්පාදනය වී තිබේ. මෙම කෘතිය ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 14 දෙනකු විසින් රචනා කරන ලද්දෙකි.

    ලිංගික වෙළඳාම, ළමා ගණිකා වෘත්තිය, ගණිකා මඩම් සංස්කෘතිය ගැඹුරින් විමසා බලන්නට මේ කෘතිය උත්සාහ දරා ඇත.

    බොහෝ මාධ්‍යවේදීන් මෙවන් බියකරු ගුප්ත ලෝකයක සැරිසරන්නට බිය වන්නේ මත්ද්‍රව්‍ය, පාතාලය හා මැරකල්ලි මේ පිටුපස ක්‍රියාත්මක වීම නිසාය.

    බිමට වැටුණු සුරඟනන් තුළින් ඔබ කියවන මේ අහිංසකාවියන් ගේ කතා අපේම සමහරක් සොයුරියන් ගේ කතා හා සමාන නොවන්නේද?

    දමිළ බසින් සින්න නායි කියලා කියන්නේ පොඩි බලු පැටියට. සින්න පාපා කියන්නේ පොඩි ගැහැනු ළමයට.

    මේ විදියට දරුවන් හඳුන්වන්නේ නැතත් නව දිල්ලියේ පාරවල් වල හිඟාකාලා ජීවත්වන පවුල් වල දරුවන් වගේම පාරවල් වල එක එක බිස්නස් වැඩකරලා ජීවත්වන දරුවන් හඳුන්වන්නේ “සින්න නායි” එහෙමත් නැත්තම් පොඩි බලු පැටව් කියලයි.

    ලක්ෂ්මිත් එහෙම කෙල්ලක්. කළු වුණත් ගොඩාක් හැඩකාර ලක්ෂ්මි හැදුණේ වැඩුණේ මහපාර අද්දර පේමන්ට් එකේ.

    ලක්ෂ්මිගේ අම්මා තාත්තා මල්ලිලා ජීවත් වුණේ “ස්විපිං” බසාර් එකේ ලොකු බඩු ලොරිවලින් වැටෙන හාල්, පිටි, සීනි, අල, ළූණු එකතු කරලා ඒවා විකුණලා.

    එහෙමත් නැත්තම් නව දිල්ලියේ මාර්කට් බසාර් එකෙන් ඉවත් කරන එළවළු පලතුරු ආපහු අරගෙන සෝදල අඩු ගානට විකුණලා.

    මුළු ජීවිතයම දුක් කන්දක් කරගත්තු පේමන්ට් එකේ දිවිගෙවු ලක්ෂ්මී අද ගොඩාක් සල්ලි තියෙන බාලවයස්කාර ගෑනියක්.

    පේමන්ට් ලක්ෂ්මි අපිට හම්බ වුණේ නව දිල්ලියට කිට්ටුවම තියෙන කාමතිපුරම් වලදී.

    “නවදිල්ලියේ පේමන්ට්වල බුදියගන්න ගැහැනුන්ගෙන් භාගයක්ම මාව දන්නවා මහත්තයා.”

    ලක්ෂ්මි කතාව පටන් ගත්තා. අපි දුටු අනිත් අයට වඩා ලක්ෂ්මි මුඛරියි. කියන්න වුවමනා දේ කෙලින්ම කියල දාන්න එයා පැකිළෙන්නේ නැහැ.

    කොහොමද ඔයා මේ ජොබ් එක හොයාගත්තේ?

    මං එයාගෙන් ඇහුවා. විනාඩියක් විතර හිනාවුණ ලක්ෂ්මි එයාගේ ජීවිත කතාව අපිත් එක්ක කියන්න පටන් ගත්තා.

    “මං පුංචි කාලේ ඉඳලම හැදුණෙ වැඩුණේ මහ පාරේ. ජිවත්වුණේ කෑවේ බිව්වේ පවා මහපාරේ. අම්මල තාත්තලා අපිව දාලා බසාර් (වෙළෙඳපළවල්) වලට ගියාම දවස් දෙක තුනේ අපි තනිවෙලා ඉන්නවා. මම ලොකු ළමයෙක් වෙලා දවස් පහක් යන්න කලින් මේ පේමන්ට් එකේම නාටාමියෙක් මට කරදර කළා. ඒක දැනගත්ත තාත්තා උගේ අත යකඩ කොක්කකින් ඉරුවා. ඊට පස්සේ ඌ මේ පළාත අත ඇරලා ගියා.”

    “පේමන්ට් එකේ රහස් නැහැ. මට වෙච්ච දේ මුළු බජාර් එකම දැනගත්තා. පුංචි කාලේම මට වෙච්ච කරදරෙන් මං පාඩමක් ඉගෙන ගත්තා. ඒත් මට තවදුරටත් මගේ ජීවිතය ආරක්ෂා කර ගෙන ඉන්ට බැරි වුණා. “නව දිල්ලියේ ජෙගා” මුළු දිල්ලියම හොල්ලගෙන හිටපු පාතාල නායකයෙක්. දවසක් මිනිහා සුදුපාට කාරෙකකින් මං ඉන්න තැනට ඇවිල්ලා උඹ ද ලක්ෂ්මි කියන්නෙ නැගපං වාහනේට කියලා කිව්වා. ඒක දැකපු මගේ තාත්තා දුවගෙන ඇවිල්ලා “උඹට මගේ දුව අරගෙන යන්න බැහැ” කියලා යකඩ උලක් අරගෙන ආවා. ජෙගා පයින් ගහපු පාරට තාත්තා විසිවෙලා ගිහින් කාණුවකට වැටුණා. මට මේක බලාගෙන ඉන්න බැරි තැන මං උගේ අතේ ඇගිලි වෙන්වෙන්නම හැපුවා. උගේ අතේ ඇටකටු දක්වාම මගේ දත් පාරවල් වැදුණා. ඌට යකා ආවේශ වුණා.”

    “දාගනියව් මේ බැල්ලිව වාහනේට” ජෙගා ගේ ගෝල බාලයෝ මාව වාහනේට දාගෙන උන් ඉන්න තැනට ඉගිල්ලුණා.

    ජෙගාගේ අතට බේත් කරල එනතුරුම මාව කාමරේක දාලා ලොක් කරලයි තිබුණේ. රෑ එකට විතර ජෙගා ආවා.

    “උඹ විතරයි. මට බය නැතුව ෆයිට් කරපු ගෑනි. මම උඹට කැමතියි.”

    ”එහෙම කිව්ව ජෙගා මාව වැළඳ ගත්තා. උගෙන් බේිරිලා යන්න මට බැරිවුණා. ඒකට හේතුව ඌ ගාව මදාවියෝ විස්සක් විතර හිටියා. ඉතින් මගේ ජිවිතේ එහෙම්ම ගතවුණා. ජෙගා අවුරුද්දක් විතර මාව එයාගේ තවත් ගෑනියෙක් විදිහට තියාගත්තා. ජෙගාට ගෑනු තුන්දෙනෙක් හිටියා. ඔහොම ඉන්න කොට ජෙගා දිල්ලියේ බිස්නස්කාරයෙක්ව මැරුවා. ඒ… රුපියල් ලක්ෂ දහයක ක්‍රොන්තුත්තුවකට. ඊට පස්සේ මාසයකට විතර පස්සේ ජෙගා ව පොලිසියට මාට්ටු වුණා. ඒ වෙනකොටත් ජෙගාගේ දිල්ලි බිස්නස් ඔක්කොම බලාගත්තේ මම. ඉතින් මේ බිස්නස් එකට නිකම්ම මාව සෙට් වුණා. ”

    කොහොමද ඔයා ගාව ඉන්න ළමයි පැනලා යන්න හදන්නේ නැත්ද?

    “පිට ඉඳන් බලන කෙනෙකුට මේ රස්සාව වහල් සේවයක,් ලොකු පාපයක් කියලා හිතෙනවා. ඒත් මේි ජීවිතයට හුරු වුණ කෙනෙකුට ඒක ලොකු සැපතක්. කස්ටමර්ලා එක්ක ගියාම එයාට කෑම බිම නිකන් ලැබෙනවා. ඉන්න හිටින්න, නාගන්න, අඳින්න. ලෙඩට දුකට බෙහෙත් ඔක්කොම ලැබෙනවා. කොහොමටත් මගේ ගාස්තුවත් බේරලා මාසේ අන්තිමට රුපියල් 40,000 – 50,000ක් විතර එයාලට හම්බකර ගන්න පුළුවන්. තමිල් නාඩුවේ ගුරුවරියක්වත් මෙච්චර මුදලක් හොයාගන්නේ නැහැ. ඉතින් කොහොමද මහත්තයා මේ රස්සාව නරක් වෙන්නේ? ඒ නිසා මාත් එක්ක ඉන්න කෙල්ලෝ වැඩ කරනවා මිසක් පැනලා යන්නේ නැහැ. වංචාවලට මගෙන් ඉඩක් නැහැ. එහෙම මාව මුලාකරලා මට වංචා කරන ඒවුන් නව දිල්ලියේ කොහේ හිටයත් සොයාගන්න හැටිත් මං දන්නවා. පැනලා ගියොත් මුණේ පත්තෑයෙක් ඇඳෙන බව (දැලි පිහියකින් කම්මුල කැපුවාම පසුව ප්‍රතිකාර කළත් පස්සේ මුහුණෙ සිටින මැහුම් පාරවල් වල කැළලි) උන් දන්නවා. ඒ නිසා උන් නිකමටවත් පැනලා යන්න හදන්නේ නැහැ.”

    කස්ටමර්ලාගෙන් ඔයාලට කරදර හිරිහැර සිද්ධ වෙන්නේ නැත්ද?

    මම ලක්ෂ්මිගෙන් ඇහැව්වා.

    “මොකද නැත්තේ? එක එක විදිහේ මිනිස්සු එනවා. උන් හිතන්නේ අපි කඩේකින් ගන්න බඩුවක් වගේ කියලා. ඒත් අපි එහෙම නෙමෙයි අපි කරන්නේ රස්සාවක්. අපේ රස්සාවෙත් කොන්දේසි තියෙනවා. උන් සල්ලි දුන්නට උන් කියන හැමදෙයක්ම කරන්න අපි බැඳිලා නැහැ.”

    සමහරු කියනවා මෙහෙ ඉන්න ගෑනු කස්ටර්මල ව රවට්ටනවා කියලා ඒක ඇත්තද?

    “ඒක බොරු කතාවක්. අපි ගාව ඉන්න අය අපිට විශේෂයි. අනිත් එක සල්ලි ගනුදෙනුව සිද්ධ වෙන්නේ මැඩම් ලා එක්ක මිසක් යන ගෑනු කෙනා එක්ක නෙවෙයි. සමහරු හොඳටම බීලා මත්ද්‍රව්‍ය අරගෙන කාන්තාවෝ ගාවට ගිහිල්ලා එයාල ගේ ෆෝන් පර්ස් අමතක කරලා යනවා. ඒවා ඒ ගොල්ලොත් එක්ක යන අපේ ළමයින්ගේ වැරදි නෙවෙයි. මම නම් නිතරම කියන්නේ කස්ටමර්ලට හොඳට සලකන්න කියලා. ආයෙත් පාරක් අපි ගාවට එයාල එන්නේ අපි හොඳ හිතින් එයාලට සැලකුවොත් විතරයි.”

    ලක්ෂ්මි ඔයා වගේ ගෑනියෙක් කොහොමද මේ වගේ බිස්නස් එකක් තනියම කරන්නේ?

    “මුලින්ම මම ගොඩාක් බයෙන් තමයි මේ ජොබ් එක කළේ. ඊට පස්සේ ටිකෙන් ටික මගේ බය නැතිවුණා. ජෙගා මා එක්කලා ජිවත් වෙච්ච නිසා මිනිස්සු මටත් බය වුණා. ජෙගා මිනිස්සුන්ව මරන්නේ ක්‍රොන්ත්‍රාත් අරගන්න කෙනෙක් නිසා මට කිසිම බලපෑමක් කරන්න කවුරුත් එන්නේ නැහැ. මගේ ගාවට එන්නේ අසරණ වෙලා නොයෙක් දුක් ගැහට විඳින ගැහැනු. එහෙමත් නැත්තම් කෙල්ලන්. එයාලට එක්කෝ ගෙදර යන්න බැහැ එහෙමත් නැත්තම් මහත්තයා ගාවට යන්න බැහැ. නොයෙකුත් ප්‍රශ්න. ඒ නිසා ඇත්තටම අපි ගාව ඉන්න ඒක එයාලට ලොකු සහනයක්. ලෙඩට දුකට මම නිතරම එයාලගේ පිහිටට එනවා. කාටවත්ම මේ රස්සාවෙන් පාඩු සිද්ධ වෙන්නේ නැහැ.”

    කරදරකාරයෙක් ආවොත් මොකද කරන්නේ?

    මම ආයෙත් ලක්ෂ්මිගෙන් ඇහැව්වා.

    “මේ ජොබ් එක කරන්නේ ආරක්ෂාව සලසගෙනයි. අපිට කරදර කරන්න ආවොත් බවුන්සර්ල (ආරක්ෂාවට සිටින රැකවල් කරුවන්) කරදර කරන්න ආපු එකාට හොඳට ගුටි දීලා ගෙදර යවනවා. ඒ හින්දා අපිට කරදර කරන්න ලේසියෙන් කවුරුත් එන්නේ නැහැ. එහෙම ආවොත් වෙන්නෙ මොකක්ද කියලත් උන් හොඳින් දන්නවා.”

    ඔයා ගාව ඉන්න කෙල්ලන්ට කසාද බඳින්න තහනම් ද?

    මම අන්තිම ප්‍රශ්නෙත් එයාගෙන් ඇහුවා.

    “මොන බොරු කතා ද. කසාද බැඳපු කීදෙනක් මගේ ගාව වැඩකරනවාද? උන්ගේ මහත්තුරු දන්නවා උන් මේ රස්සාව කරන්නේ කියලා. සමහරුන්ට කස්ටමර්ලා හොයලා ගෙනත් දෙන්නෙත් උන්ගේම මහත්තුරු. මේ කාලේ ඔක්කොටම වඩා සල්ලි ලොකුයිනේ මහත්තයා. මිනිස්සු සල්ලි හම්බකරන්න නොකරන දෙයක් නැහැ.”

    එසේ කියමින් ලක්ෂ්මී බැදපු කුකුල්මස් කෑල්ලක් ගෑරුප්පුවකින් කට තුළට දමා ගත්තාය.

    ඇයට අවැසිදේ සියල්ල සපයා දෙන්නේ විසිඑක්වැනි වියේ පසුවන රූ බර අඟනුන්ය.

    අඟනුන්ගෙන් රජ දහනක්ව පවතින ලක්ෂ්මිගේ භවනින් මාත් මගේ සගයාත් ඉවතට පැමිණියේ ඉතාමත් සතුටකින්ය.

  • නීති පැත්තක දමා පාසල් සිසුවියන්ට රිසි සේ ලිංගික සුව විදින්න චාන්ස් දෙන ලැගුම්හල් මෙන්න..

    නීති පැත්තක දමා පාසල් සිසුවියන්ට රිසි සේ ලිංගික සුව විදින්න චාන්ස් දෙන ලැගුම්හල් මෙන්න..

    මීට වසර කිහිපයකට පෙර හැම කෙනෙකුගේම අවධානය යොමු වුණේ ගම්පහ, කොළඹ, කුරුණෑගල, ගාල්ල ඇතුළු නගර කේන්ද්‍ර කරගනිමින් පෞද්ගලික උපකාරක පන්ති ‍රැල්ලත් සමග ගොඩනැගුණු ලිංගික උප සංස්කෘතියක් ගැනය. එහෙත් දැන් එය ගමට ද පැතිරී ගොසිනි.

    ගිය මස 14දා අපි අනුරාධපුරේ ආහාර හා නවතැන් පහසුකම් දෙන ස්ථානවල හිමිකරුවන් රාශියක් කැඳවලා වැඩමුළුවක් කරා ළමයින්ට සිදුවන අපචාර අපයෝජන වළක්වා ගැනීමට.

    අනුරාධපුර අනුරාධපුරය ඇතුළු ඈත නගරවලට පමණක් නොව ඊටත් එපිට කුඩා නගර ආශි‍්‍රතවද මෙය ව්‍යාප්ත වෙන්නට පටන්ගෙන ඇත.

    අනුරාධපුරේ ඈත ගම්දනව්වල සිට අනුරාධපුර නගරයට සති අන්තයේ පෞද්ගලික සඋපකාරක පන්තිවලට සහභාගිවීමට පැමිණෙන බාලිකාවන් ඩැහැගන්නට කුරුමාණම් අල්ලමින් එම පන්ති පැවැත්වෙන ප‍්‍රදේශ ආශි‍්‍රතව සැරිසරන තරුණයින් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබේ.

    කාගෙන් හෝ ඉල්ලාගත් මෝටර් සයිකල් වල පැමිණෙන මෙම කාමාතුර තරුණයන්ගේ ග‍්‍රහණයට නතුවන තරුණියන්ට ගැලවීමට හැකිවන්නේ ඉතාම කලාතුරකිනි.

    දැන් අනුරාධපුරේ එවන් සංස්කෘතියක් ගොඩනැගෙමින් තිබේ. ඒ සඳහා පහසුකම් සැපයීමට ඇඳන් කඩ හෙවත් කාමර පහසුකම් ඇත යනුවෙන් සඳහන් නැවතුම් පොළවල් හතු පිපෙන්නාක් මෙන් බිහිවී තිබේ.

    රෝහල හන්දිය, අනුරාධපුර පොළ හන්දිය එවන් බාලිකාවන් ඩැහැ ගැනීමට පැමිණෙන කාමාතුර තරුණයන්ගේ තිත්පොළවල්ය.

    ඈත ගමක සිට උදෙන්ම නිවසින් අහවල් පන්තියට යන්නට තිබෙනවා යැයි කියා පිටවන දියණියන් ඉහතින් සඳහන් කළ ස්ථානයකින් හෝ වෙනත් ස්ථානයකින් බස් රථයෙන් බස්සවාගෙන අර කියන කාමාතුර තරුණයා පැමිණි මෝටර් සයිකලයේ නැගී ඇඳන් කඩයකට යයි.

    අනුරාධපුර නගරය හා බැඳිවැව ආශි‍්‍රතව තිබෙන නවාතැන් පහසුකම් සපයන ස්ථානවලට වඩා නගරයෙන් තරමක් ඈතට වන්නට පවත්වාගෙන යන ගෙස්ට් හවුස් යනුවෙන් සඳහන් නැවතුම් පොළවල් සැබැවින්ම මෙසේ සඋපකාරක පන්තිවලට පැමිණෙන තරුණ ජෝඩුවලින් පිරී යයි.

    එපමණක් ද නොවේ සඋපකාරක පන්තිවලට පැමිණෙන තරුණයන් වෙනුවෙන් සැදී පැහැදී සිටින අබිසරුලියන් ද මෙම ප්‍රදේශ වල සැරිසරන බව නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට වටහාගැනීමට අපහසු කරුණක් නොවේ.

    ඇතැම් පිරිමි ළමයින් හබරණ ප‍්‍රදේශයට යන්නේ සම්බාහන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ලැඟුම්හල් වෙතය. ඒ ‘කොල්ලන්’ විනාශවන හැටිය.

    කෙල්ලන් අර ඇඳන් කබ වෙත පේ‍්‍රම කුරුල්ලාත් සමග ඉඟිලෙන්නේ එක හුස්මටය.

    එක් ජෝඩුවකට සයනය කිරීමට ඇඳක් ලබා දීම වෙනුවෙන් රුපියල් 500ක් 1000ක් අතර ගාස්තුවක් අය කරන බව දැනගන්නට තිබේ.

    එම ජෝඩුවක් ඇඳන්කඩ වෙත කැඳවාගෙන පැයක් දෙකක් ගත කිරීමට පහසුකම් සපයන තුන් රෝද රථවලටද එම ගාස්තුවෙන් අඩක සන්තෝෂමක් එම ඇඳකඩ හිමියාගෙන් ලැබෙන බව දැනගන්නට ලැබී තිබේ.

    මීට ටික කලකට පෙර දිඹුලාගල ප‍්‍රදේශයේ එක් ඇඳන්කඩයක් ඇඳන් නැතුව පැදුරු කඩමාල්ලක් වෙනුවෙන් රුපියල් 200ක් අය කළ බව මාධ්‍ය මගින්ද හෙළිදරව් කළ කරුණකි.

    එවැනි කඩ තවමත් අනුරාධපුරේ විවිධ ප‍්‍රදේශවල තිබෙන බව තතු දන්නා අය දනිති.

    මේ පවත්වාගෙන යන හෝටල් කාමර නැතිනම් ගෙස්ට් හවුස් පිළිබඳව නියාමනයක් අවශ්‍යය.

    අනුරාධපුරේ පවතින එවන් කුඩා නැවතුම් පොළවල් සංඛ්‍යාවවත් හරි හැටි දන්නා රාජ්‍යය ආයතනයක් හෝ නිලධාරියෙකු හෝ නොමැතිවීම කනගා‍ටුවකි.

    අනෙක් අතට ඉතා අඩු වයසේදීම පේ‍්‍රම සබඳතා පවත්වාගැනීමට තමන්ගේ දියණියන්ට ඉඩදී බලා සිටින මව්වරුන් පියවරුන් සංඛ්‍යාවද වැඩිය.

    ඒ එම වැඩිහිටියන්ගේ අනියම් සබඳතා වසා ගැනීමටය.

    දැන් කෙල්ලෝ තමයි කොල්ලන්ගෙන් යාළු වෙන්න අහන්නේ. එහෙම අහලා ඒ කොල්ලා එක්ක යාළු වෙලා ඒ මොහොතේ ඉඳලා එස්.එම් එස්. ගහනවා.

    සතියක් විතර යනකොට කොහේ හරි එක්ක යන්න කියනවා. එහෙම ගිහින් ගෙදර ආවාම අම්මා තාත්තාට වෙනස වැටහෙන්නේ නෑ.

    මොකද අම්මා තාත්තා වෙන ලෝකවල. දෙවෙනි දවසෙත් යනවා. ටික දවසකින් බඩට දරුවෙක් එනවා.

    ඒත් දන්නේ නෑ. පාසල් ගණනාවකින්ම මාස හය හත කිසිම වෙනසක් නැතුව දරු ගැබකුත් එක්ක පාසල් ආව දරුවන් ගැන මේ වසරේත් ගිය වසරේත් අහන්න ලැබුණා.

    මීට අවුරුද්දකට විතර කලින් එක ඈත ගම්මානයක වැව්තාවුල්ලේ හැන්ඳෑවට කොල්ලො කෙල්ලො රංචුවක්ම බාල් නටන්න යනවා කියලා දැනගන්න ලැබුණා.

    වැව් තාවුල්ලේ විනෝද වෙන එක නවත්වන්න කවුරුවත් හිටියෙනෑ. එතන කොල්ලෝ ටික අරක්කු, සිගරට් බිබී ඉන්නකොට කෙල්ලෝ ටික බයිට් හදලා දෙනවා විතරක් නෙමෙයි බියර් එහෙමත් බොනවා.

    ටික වෙලාවකින් මත්වෙන මේ අය වෙනම ලෝකයක ජීවත් වෙන්නේ. කරන්නෙ මොනවද ඉන්නේ කොහෙද ඉන්නේ කියලා කිසිම ගාණක් නෑ.

    එහෙම හිටිය එක ළමයෙක් අවුරුදු 13යි, වයස අවුරුදු 58ක මිනිහෙක් එක්ක පැනලා ගියා.

    මේ ගැන අදාළ අංශවලට දැනුම් දුන්නාම අර වැව්තාවුල්ලට යන එක නවත්වා ගන්න පුළුවන් වුණා” ‍එක් විදුහල්පතිවරයෙක් අප සමග පැවැසීය.

    පොළොන්නරු නගරයට ආසන්නයේ පිහිටා තිබෙන බොහොමයක් නවාතැන් පහසුකම් සපයන ස්ථාන ලියාපදිංචි කර ඇතත් කොහේවත් ලියාපදිංචි කරවත් නැති තැන් පනහකට වැඩි සංඛ්‍යාවක් ඇති බව ආහාර හා නවතැන් පහසුකම් සපයන සැබෑ ලෙසම ගෙස්ට් හවුස් එකක් පවත්වාගෙන යන මහත්මයෙක් අප සමග කීය.

    මේ ස්ථාන වැටලීම හෝ එම ස්ථාන පරීක්ෂා කිරීම හෝ කිසිම ආයතනයකින් නොකරන බවත් ඊට හේතුව ඒවා එක්කෝ පොලීසියට නැතිනම් දේශපාලනඥයන්ට එසේත් නැතිනම් සෞඛ්‍ය අංශවලට සම්බන්ධ අයවලූ‍න් විසින් හෝ ඒ අයගේ හිතවතුන් නැදෑයන් විසින් ඒවා පවත්වාගෙන යන නිසා බව ඔහු වැඩිදුරටත් කීය.

    දිඹුලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අඩු වයස් ගැබ් ගැනීම් පිළිබඳව අප සිදු කළ හෙළිදරව්වකින් ඇතැම් ආයතන බියට පත්වී ඇත.

    ජනාධිපතිවරයාගේ දිස්ති‍්‍රක්කයේ දවසින් දවස සිදුවන අකටයුතුකම් වැඩිවීමේ ප‍්‍රවණතාව පාලනය කරගන්නවත් බැරි නම් රට ගැන අන් කවර කතා ද?

    වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වගකිවයුතු නිලධාරියෙකු පවසා ඇත්තේ එම කොට්ඨාසයේත් ඉස්සරට වඩා අඩු වයස් ගැබ් ගැනීම් අඩු වී තිබුණත් ඉකුත් වසරේත් අඩු වයස් අම්මලා 50කට වැඩි සංඛ්‍යාවක් සෞඛ්‍ය සායනවලට පැමිණෙන බවයි.

    නීතියේ හිල් ඇතැයි කී කරුණ ගැන සැලකූ විට අවුරුදු 16ක් වයස දැරියක් ලිංගිකව එක් වීමට නීතියෙන් අවසරයක් ලැබී තිබෙන සෙයක් පෙනෙන්නට තිබේ.

    අවුරුදු 18 විවාහ වීමේ වයස ලෙස නීතියේ සඳහන් වුවත් ඊට පෙර එනම්, අවුරුදු 16 හා 17 වයසේ දැරියන්ට ලිංගික අත්දැකීම් විඳීමට අවසරයක් ලැබී ඇති සෙයකි.

    එබැවින් කඩිනමින් බලධාරීන් විවිධ අණපනත් සම්මත කරනවා සේ ඉතා කඩිනමින් මෙම නීති වෙනස් කළ යුතුය. එක්කෝ විවාහ වීමේ වයස අවුරුදු 16කළ යුතුය.

    නැතිනම් අවුරුදු 18 දක්වා ලිංගික ඇසුරක් පැවැත්විය නොහැකිවන සේ නීති සැකසිය යුතුය.

    අනුරාධපුරේ ඇඳන් කඩ හා පවතින තත්ත්වය පිළිබඳව අපි අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති එම්.එස්.එම්. ජරූල් මහතා කියා ඇත්තේ මෙවන් කතාවක්.

    කොල්ලෝ ලිංගික සේවා සපයන්නියන් එක්ක යන බවට ලැබිච්ච තොරතුරු අනුව අපි ක‍්‍රියාමාර්ග අරගෙන තියෙනවා.

    දැන් අනුරාධපුරේ සැරිසරන ඒ වගේ කාන්තාවන් නෑ. අපි ඔවුන්ව කිහිපවිටක් පොලිස් අත්අඩංගුවට ගත්තා.

    ඔවුන් එයින් මුදවා ගන්න කටයුතු කළා. හෝටල් කාමරවලට ගෑනු ළමයින් අරගෙන යනවා කියලා එහෙම ළඟදී අපට වාර්තා වෙලා නෑ.

    නමුත් ගිය අවුරුද්දේ අපි වැටලීම් කළා. පොලිස් අත්අඩංගුවට ගැනීම් කළා.

    අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කරන්නේ නවාතැන් පහසුකම් සපයන තැන්වලට අඩු වයස් ගැහැනු ළමයින් ‍රැගෙන යාමත් ඊට අනුබලදී හෝටල් කාමරවල රඳවා ගැනීමත් බරපතළ වරදක් නිසා එවැනි අය ගැන තොරතුරක් ලදහොත් කිසිම සමාවක් නොමැතිව නීතිය කි‍්‍රයාත්මක කරන බවයි.

    එහෙත් පොලීසියේ ඇස්වලට වැලි ගසා අනුරාධපුර ඓතිහාසික බිමේ සිදුවන අහිංසක මල් කැකුළුවන් දැරියන් කාමාතුර පෙම්වතුන්ගේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමට වැඩිහිටි සියලූ‍ දෙනාගේම සහය අවශ්‍යම කාලය උදාවී තිබේ.

  • යකෝ පිස්තොලේ දෙන්නේ ධාතු මන්දිර රකින්නද? එම්.කේ කසුන් පොහොට්ටුවේ මැරයෝ ටික පෙරට..

    යකෝ පිස්තොලේ දෙන්නේ ධාතු මන්දිර රකින්නද? එම්.කේ කසුන් පොහොට්ටුවේ මැරයෝ ටික පෙරට..

    පසුගිය දා සමාජමාධ්‍ය තුලද මහත් ආන්දොලනයකට තුඩු දුන් පුවතක් උනු පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධව අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද(13) කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    බස් රථ රියදුරාට පහර දෙන අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ ගිනි අවියෙහි බලපත්‍රය ඉකුත් වී ඇති බවට ද හෙළිවී තිබෙනවා. පසුගිය සිකුරාදා බත්තරමුල්ල, කොස්වත්ත ප්‍රදේශයේදී අදාළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ ගිනිඅවියක් ද අතැතිව බස් රථ රියදුරාට පහරදෙන ආකාරය පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් පටිගත කර තිබූ අතර ඔවුන් පසුගිය සෙනසුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් මීට පෙර 2015 අගෝස්තු මාසයේ දිනයකදී බෙලිඅත්ත, දම්මුල්ල ප්‍රදේශයේදී දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසකට ගිනි අවි පෙන්වා බිය වද්දා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප පිට නිදහස්ව සිටින අයෙක්.

    මේ අතර දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ කසුන්ට බරපතල හානියක් සිදුව ඇති බවත් ඔහුට බරපතල ආකාරයේ අසාධාරණයක් සිදුව ඇති බවත් දකුණු පළාත් සභාවේ මාසික රැස්විමේදි අද (13) කතා බහට ලක්වුන බවත් සදහන්.

    දකුණු පළාත් සභා මන්ත්‍රි අජිත් රාජපක්ෂ මෙහි දී පැවසුවේ තමාට නීතියෙන් හිමි පිස්තෝලය අතේ තියාගෙන කව් බෝයි වාගේ කටයුතු කරන්න හැකිද යන්නයි.

    එජාප දකුණු පළාත් සභා මන්ත්‍රි තෙන්න කෝන් නිලමේ, “මේ අපට නිල ගිනි අවියක් දී ඇත්තේ ධාතූ මන්දිරයක් ආකාරයට තියා ගන්නද? දෙවි වරුන්ටත් ආරක්ෂාවට පිරිස් ඉන්නවා. දිව්‍ය ලෝකයේත් සුරයෝ හා අසුරයෝ අතරද ගැටුම් ඇති වෙනවා. මේ අපගේ මන්ත්‍රි වරප්‍රසාද කඩ කරන්න එපා ලංකාවේම පළාත් සභාවේ මන්ත්‍රි වරුන්ට ආරක්ෂාව සපයා දෙන්න”.

  • රණතුංග පවුලටම අවමන් කරන දේශපාලු පොහොට්ටු ප්‍රසන්නගේ කෙරුවාව මෙන්න….

    රණතුංග පවුලටම අවමන් කරන දේශපාලු පොහොට්ටු ප්‍රසන්නගේ කෙරුවාව මෙන්න….

    බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටි රුපියල් මිලියන 64 ක මුදලට අදාළ චෙක්‌පත් ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසට ලබාදුන්නේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් එල්ල වූ බලපෑම් අනුව එම චෙක්‌පත් ලබාදීමට තමාට සිදුවූයේ යෑයි ශ්‍රී ලංකා ටෙක්‌නොලජිස්‌ සමාගමේ විධායක අධ්‍යක්‌ෂ ක්‍රිස්‌ටියන් ගිහාඩ් මෙන්ඩිස්‌ නමැත්තා ඊයේ (12 දා) කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

    අකමැත්තෙන් එම මුදලට අදාළ චෙක්‌පත් ලබාදුන්නත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකළේ ප්‍රබල දේශපාලනඥයකු වන ඔහු වැනි අයකු සමඟ ගැටුම් ඇතිකර ගැනීමෙන් සිය පවුලේ සාමාජිකයන්ට එල්ලවිය හැකි ජීවිත තර්ජන නිසා වන්නේ යෑයි ද සාක්‌ෂිකරු අධිකරණය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

    ව්‍යාපාරිකයකුට බලපෑම් කොට රුපියල් මිලියන 64 ක මුදලක්‌ ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන අමාත්‍ය ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ මොරින් ස්‌ටෙලා රණතුංග හා ඇගේ ඥතියකු වන නරේෂ් කුමාර් පායිස්‌ නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‌ෂි විභාගය ඊයේ (12 දා) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කෙරිණි. අධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ භාෂණ පරිවර්තක ශිවන්ති රුහුණුහේවා මෙනවිය විසින් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා කියවා දුන්නේය.

    ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් දෙදෙනා එම අධි චෝදනාවලට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කළ අතර තුන්වැනි විත්තිකාර නරේෂ් කුමාර් පායිස්‌ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයා වෙනුවෙන් නිවැරදිකරු බව ප්‍රකාශ කළේය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‌ෂි ලබාදුන් සාක්‌ෂිකරු මෙසේ ද ප්‍රකාශ කළේය.

    මගේ සමාගමේ අධ්‍යක්‌ෂවරියක්‌ ලෙස මගේ බිරිඳ කටයුතු කරනවා. අධි තාක්‌ෂණික උපකරණ සැපයීම, බැංකු කටයුතුවලට සී. සී. ටී. වී. සැපයීම කරනවා. මම මෙම ව්‍යාපාරය 1993 ඔක්‌තෝබර් මාසයේ ආරම්භ කළා. පිටකෝට්‌ටේ එහි කාර්යාලය තිබෙනවා. මම පදිංචි මොරටුවේ දැන් මගේ ආයතනය අසලම නිවසක්‌ හදාගෙන මම පදිංචිව සිටිනවා.

    මම මෙම නඩුවේ පළමු විත්තිකරු හා දෙවැනි විත්තිකරු හඳුනනවා. මෙම ඉඩම් ගනුදෙනුවට පෙර ගිහාන් සොයිසා යන මිතුරා මගින් මොවුන්ව හඳුනාගත්තා.

    නි. සො. ජ. – මොන ආකාරයේ ඉඩම් ගනුදෙනුවක්‌ ගැන ද ඔබ පළමු වැනි විත්තිකරු සමඟ ගනුදෙනු කළේ?

    සාක්‌ෂිකරු – මගේ රියෑදුරු ලෙස කටයුතු කළ අයගේ වුවමනාව මතයි මම මෙම ඉඩම් ගනුදෙනුවට සම්බන්ධ වුණේ. 28/9 මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි අක්‌කර දෙකයි දශම දෙකක්‌ විශාලයි එම ඉඩම. 2013.09.20 වැනිදා අජිත් පැස්‌කුවල් යන අයගෙන් එම ඉඩම මම මිලදී ගත්තා. ඔහු මගේ ආයතනයේ වසර 13 රියෑදුරු ලෙස කටයුතු කළා. පැස්‌කුවල්ගේ වාහනය මගේ ආයතනයේ කටයුතුවලට පාවිච්චි කළා. මම එම ඉඩම ටෝකියෝ සමාගමට 2015 අප්‍රේල්වල විකුණුවා. එම ඉඩමේ ඔප්පුව මට දැක්‌කොත් හඳුනාගන්න පුළුවන්. එම සමාගමේ නීතිඥවරුන් තමයි මේ ගැනුම්කර ඔප්පුව ලිව්වේ.

    පැස්‌කුවල්ගෙන් මම එම ඉඩම මිලදී ගත්තේ ඔහුගේ පුතෙක්‌ රෝගීව සිටියා, ඔහුට ඔස්‌ටේ්‍රලියාවේ ඉගෙනුම ලබන්න යන්න මුදල් ඕන වුණ නිසයි. ඔහු පදිංචිව සිටියේ නුගේගොඩ.

    මම එම ඉඩම මිලදී ගත්තේ අයිතිකරුවන් 21 දෙනෙක්‌ සිටියා. ඔවුන් සමඟ ඔහු ඇතිකර ගත්තු ගිවිසුම අනුවයි. ඒක ඔහුටම අයිති ඉඩමක්‌ නෙමෙයි. ඉඩමට ඇතුළුවන ප්‍රදේශයේ තවත් පවුල් 23 අනවසරෙන් පදිංචිවෙලා හිටියා. මම ඒක මිලදී ගත්තත් මට ඒකට ඇතුළුවෙන්න බැරිවුණා. අර අනවසර පදිංචිකරුවන් සිටි නිසා. ගිහාන් සොයිසා යන අය පොරොන්දු වී තිබුණා අර අනවසර පදිංචිකරුවන් අයින් කරන්න. හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකදී කොල්ලුපිටියේ ඔහුගේ නිල නිවසේ. අජිත් පැස්‌කුවල් කළ බලපෑම් හා ඉල්ලීම් නිසයි මම එම ඉඩම මිලදී ගත්තේ.

    මහ ඇමැතිතුමා සමඟ ගිහාන් සොයිසා ඇතිකරගත් ගිවිසුම අනුව එම ඉඩම මම මිලදී ගත්තා. එම වත්ත මිලදී ගන්න මාස හයකට පමණ පෙර තමයි එම සාකච්ඡාව ඇතිවුණේ.

    නි. සො. ජ. – ඔබ එම විත්තිකරුව කලින් දැනගෙන හිටියාද?

    සාක්‌ෂිකරු – නෑ, ස්‌වාමිනී එම සාකච්ඡාවට මම, අජිත් පැස්‌කුවල් හා ගිහාන් සොයිසා හිටියා.

    නි. සො. ජ – නරේෂ් පාරිස්‌ කියන්නේ කවුද?

    සාක්‌ෂිකරු – මේ නඩුවේ තුන්වැනි විත්තිකරු.

    නි. සො. ජ. – ඔබ තුන්වැනි විත්තිකරුව කලින් දැනගෙන හිටියාද?

    සාක්‌ෂිකරු – රේඩාර් උපකරණ වෙනුවට ලේසර් උපකරණ සැපයීමේ කටයුතු නිසයි මම සොයිසාව හඳුනාගත්තේ. ලංකා බැංකුවට, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මම නව අධි තාක්‌ෂණ උපකරණ සැපයුවා. නරේෂ් පාරිස්‌ නමැත්තා ප්‍රසන්න රණතුංග මහතාගේ ළඟම ඥතියෙක්‌ බව පසුව දැනගත්තා.

    නි. සො. ජ. – ඔබ පළමුවරට එම ඉඩමේ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම ගැන සාකච්ඡා කළේ කවදාද?

    සාක්‌ෂිකරු – ප්‍රථමයෙන් අජිත් පැස්‌කුවල් තමයි ඒ ගැන කතා කළේ. ඔහුට පොරොන්දු වුණේ මහ ඇමැති උදව් නොකළ නිසා මට උදව් කරන්න කියලා අජිත් පැස්‌කුවල් කීවා. ගිහාන් සොයිසා එම අනවසර පදිංචිකරුවන් ඉවත් කරන්න පොරොන්දු වුණ බව ඔහු කීවා.

    ඉඩම මිලදීගත්තේ 2013/9/20, 2013/10/30 මට මහ ඇමැති කීවා සමුපකාර ගබඩාව හා කන්ටේනර් පර්යන්තය සඳහා පළාත් සභාවට එම ඉඩම ගන්න ඕන කියලා. අනවසර පදිංචිකරුවන් පදිංචිකරන්න පර්චස්‌ 40 මිලදීගෙන මගේ වියදමින් ගෙවල් 25 හදලා දෙන්න කියලත් ඔහු කීවා.

    හිටපු මහ ඇමැතිතුමාට තමයි ඉඩම් ගැන කටයුතු කරන්න බලය තිබ්බේ. මම ඉඩම මිලදී ගන්න පෙර ඔහු අනවසර පදිංචිකරුවන් ඉවත් කළා. එක අනවසර පදිංචිකරුවකුට මම රුපියල් 25,000 බැගින් ගෙව්වා. පාර සුද්ධ කරන්න ගිය විට තමයි මම දැනගත්තේ ඒක වගුරු බිමක්‌ කියලා.

    නි. සො. ජ. – පළමුවන විත්තිකරු කිව්ව පරිදි ඔබ එම පර්යන්තය හැදුවද?

    සාක්‌ෂිකරු – වැඩ පටන්ගනිද්දි තමයි මම දැනගත්තෙ ඒක වගුරු බිමක්‌ කියලා. ඒ වනවිට මම මිලියන 19 ක්‌ වැයකර තිබුණ නිසා මට අකමැත්තෙන් හෝ එම වත්ත මිලදී ගන්න සිදුවුණා. වගුරු බිම පුරවන්න ඉඩම් ගොඩ කිරීමේ කාර්යාලයෙන් අවසර ගන්න වුණා. 2014 මට එම අවසර ලැබුණා. හිතුවට වඩා ගැඹුරු නිසා ඒක පුරවන්න වසරක්‌ විතර ගියා. පර්චස්‌ එකක්‌ පිරවීමට රු. 5,000 ගෙවන්න වුණා රජයට. ඉඩම ගොඩකරන්න රු. මිලියන 90 ක්‌ විතර වැයවුණා. ණය අරගෙන තමයි මම එම කටයුතු කළේ. පළාත් සභාවෙන් මට දුන්න ලිපිය එනම් පළාත් සභාවෙන් එම ඉඩම රජය තක්‌සේරු මුදලට කුලී පදනම මත ඒක ගෙවන්න කිව්වා.

    2015 තමයි ඒක පුරවල ඉවර කරන්න පුළුවන් වුණේ. මම මූල්‍ය වශයෙන් අපහසුතාවට පත් වී තිබුණ නිසා මම එම ඉඩම විකිණීමට තීරණය කළා. ඒ ඉඩම මැද්දෙන් රේල් පාරක්‌ හදන්න පර්චස්‌ 80 වෙන්කළ බව දැනුම් දුන්නා.

    ඉඩම පිරවීම ගැන 14/1/16 වැනිදා මට දෙවැනි ලිපිය එව්වා. 14/1/14 නරේෂ් පාරිස්‌ මට කීවා අයියට වාසියක්‌ වෙන පොඩි ගැරන්ට්‌ එකක්‌ ඕන කියා. නරේෂ් පළමුවැනි විත්තිකරුගේ බිරිඳගේa ඥතියෙක්‌ බව මම එහිදී දැනගත්තේ.

    ඒක ඉදිරියට කරගෙන යන්න අවබෝධතා ගිවිසුමක්‌ හදමු කීවා.

    බන්දුල පෙරේරා කියන නීතිඥ මහතා ඒක හැදුවා. දෙවැනි ලිපිය ඇවිත් 2014/1/14 එම ගිවිසුම අත්සන් කළා. ශිවන්ති වනිගසේකර (2) පාර්ශ්වය. එම අවබෝධතා ගිවිසුම අත්සන් කරලා වසරකට පමණ පසුව මම එම ඉඩම විකුණන්න පියවර ගත්තා.

    අවබෝධතා ගිවිසුම අනුව විකිණීමේ බාධාවක්‌ තිබුණේ නෑ. එම ගිවිසුම තිබුණේ වසර පහක කාලයකට පළාත් සභාවට කුලී පදනම මත ලබාදීමටයි. ප්‍රසන්නගේ මිතුරකු වන ගුණරත්න යන අය ටෝකියෝ සමාගම සමඟ බ්‍රොaකර් වැඩේ කළා. සිමෙන්ති මිශ්‍ර කිරීමේ පර්යන්ත හදන්න තමයි ඒක ටෝකියෝ සමාගම ගන්න හැදුවේ. පළමු විත්තිකරු තමයි එම ඉඩම විකුණන්න බ්‍රොaකර්වරයකු ලෙස ඔහුගේ මිතුරකු යෙදෙව්වේ. පළමු වැනි විත්තිකරුට හා අජිත් පැස්‌කුවල් යන අයට මම කිව්වා කිසිම ආදායමක්‌ නැති නිසා ඒක විකුණන බව පොරොන්දු පරිදි ඉඩම ගොඩකිරීමට නොහැකි වීම හා ඉඩමේ වටිනාකම පිළිබඳව ඇතිවූ ගැටලු නිසා මම එම ඉඩම විකුණන බව පළමු වැනි විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතාට කීවා. රුපියල් මිලියන 204.8 කට එම ඉඩම ටෝකියෝ සිමෙන්ති සමාගමට විකුණන්න මම පොරොන්දු වුණා. එල්. ඕ. සී. ආයතනයෙන් හා කොමර්ෂල් ආයතනයෙන් මම ණය ලබාගෙන තිබුණ නිසා ටෝකියෝ සිමෙන්ති ආයතනය ලබාදුන් එම සම්පූර්ණ මුදලම එම සමාගම් දෙක ලබා ගත්තා. තැරැව්කරු ගුණරත්න යන අයට සම්පූර්ණ විකුණුම් මුදලින් සියයට තුනක්‌ ගෙවන්න ඕනෑ. ඉන් සියයට 50 ක මුදලක්‌ මුලින් ගෙව්වා. ඉතුරු සියයට 50 ට චෙක්‌පත් දුන්නා.

    ඉඩම විකුණුම් ගිවිසුම අත්සන් කරන විට නරේෂ් පාරිස්‌ නමැත්තා එහි සිටියා.

    නි.සො.ජ. – ඒක විකුණුවේ කොහේදිද?

    සාක්‍ෂිකරු – ටෝකියෝ සිමෙන්ති ආයතනයේදී.

    නි.සො.ජ. – ඔබ ඒ ගැන පළමුවැනි විත්තිකරුට දැනුම් දුන්නාද?

    සාක්‍ෂිකරු – මම ටෙලිෙµdaන් එකෙන් කීවේ නෑ. නමුත් නරේෂ් පාරිස්‌ එතන හිටියා ඔහු ඒ ගැන කියලා තියෙනවා.

    තුන්වැනි විත්තිකරු වන නරේෂ් පාරිස්‌ එම විකුණුම් ගිවිසුමේ සාක්‍ෂිකරුවකු ලෙසත් අත්සන් කළා.

    නි.සො.ජ. – ඔබ ඉඩම ටෝකියෝ සමාගමට විකුණුවාට පසු 15.4.7 වැනිදා විකුණුවාට පසු තුන්වැනි විත්තිකරු කතා කළාද?

    සාක්‍ෂිකරු – ඔව් ඔහු කීවා මාව හමුවෙන්න ඕනෑ කියලා. මට දුරකථනයෙන් කතා කරලා කීවා ඔහු රට යනවා කීවා. ප්‍රසන්න රණතුංග හමුවෙන්න කීවා. 10 වැනිදා චෙක්‌පතක්‌ අරගෙන මහ ඇමැති නිල නිවසේදී පළමු වැනි විත්තිකරුව හමුවන්න කියා නරේෂ් මට කීවා.

    නරේෂ් ලංකාවේ නැති දවස්‌වල මම ප්‍රසන්න රණතුංග මහතාට දුරකථනයෙන් කතාකර තිබෙනවා. ගුණරත්නගේ ගනුදෙනු අවසන් කරන්න කියා කීවා. නරේෂ් පාරිස්‌ගේ විදෙස්‌ ගමන් බලපත්‍ර ගාස්‌තු ගෙවන්නත් කියලා නරේෂ් මට කීවා. එම චෙක්‌පත්වලට මගේ බිරිඳත් අත්සන් කරන්න ඕන නිසා 2015.4.10 වැනිදා මගේ බිරිඳත් සමග මම එහි ගියා. හැටන් නැෂනල් බැංකුවේ මරදාන ශාඛාවේ චෙක්‌පත මම අරගෙන ගියා. මම ගියේ ගුණරත්නගේ කොමිෂන් එක ගෙවන්න. වත්තේ විකුණුම් මිලෙන් සියයට 31 ක්‌ ප්‍රසන්න රණතුංගගේ බිරිඳගේ නමට චෙක්‌පත් දෙන්න කීවා. 15.4.10 සවස 2.30 ට විතර අපි ප්‍රසන්න රණතුංග මුණගැසුණා. කෑම කන මේසෙට එන්න චෙක්‌ ලියන්න කියා මට ප්‍රසන්න රණතුංග කීවා.

    දැන් වත්තේ ගනුදෙනු ඉවරයි. දැන් ගනුදෙනු ඉවර කර ගනිමු කියා ප්‍රසන්න කීවා. වත්ත විකුණුවාම ඒ අයට මුදලක්‌ ගෙවන්න ඕන කියලා අපි අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ තිබුණේ නෑ. රුපියල් මිලියන 64 ක්‌ වටිනා චෙක්‌පත් 11 ක්‌ ඒ අයට දුන්නා. රුපියල් මිලියන 3 ක්‌ නරේෂ් පාරිස්‌ට මම අතින් දුන්නා.

    මේ ගනුදෙනුව කතා කළේ නරේෂ් පාරිස්‌. එහෙම කරලා තිබුණේ මහ ඇමැතිතුමාගේ උපදෙස්‌ පරිදි.

    නි.සො.ජ. – රුපියල් ලක්‍ෂ 640 ගැන මුලින්ම තමාට කීවේ කවුද?

    සාක්‍ෂිකරු – නරේෂ් පාරිස්‌ මම යන්න පෙර ප්‍රසන්න රණතුංගට ගනුදෙනු බේරන්න ඕනෑ කීවා. පළමුවැනි විත්තිකාර ප්‍රසන්න මට කීවා නරේෂ් කියන විදියට කරන්න කියලා ප්‍රසන්නගේ ආරක්‍ෂක නිලධාරීන් මගේ පිටුපස සිටියා. මම කීවා මේ වත්ත විකුණපු ආදායමෙන් කොමිෂන් දුන්නා කියා. මම කීවා සල්ලි නෑ පසුව දෙන්නම් කීවා මම කීවා ගිණුමේ සල්ලි නෑ කියලා. ඒකට කමක්‌ නෑ දැන් චෙක්‌පත් දෙන්න කියලා මට බලපෑම් කළා. නරේෂ් මට කීවා උඹ මගේ අයියා ගැන දන්නවනේ කියලා. ගුණරත්න මට කලින් බලපෑම් කළා.

    පළමුවැනි විත්තිකරු මට තර්ජන කර කීවා මට ඒවා අදාළ නෑ. මම කියන විධියට දැන් චෙක්‌ ලියන්න කියලා. බලපෑම් කළ නිසයි මම චෙක්‌පත් ලිව්වේ. එයා තමුන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරලා මට බලපෑම් කළා. එයාගේ ආරක්‍ෂක නිලධාරීන් එතන හිටියා. මගෙත් මගේ භාර්යාවගෙත් ආරක්‍ෂාව වෙනුවෙන් මම එම චෙක්‌පත් ලීවා. එහෙම නොකළා නම් අපේ ජීවිතවලට තර්ජන එල්ල වෙන්න තිබුණා. එතනදිම නරේෂ් රුපියල් මිලියන 3 කුත් ප්‍රසන්න රණතුංග මිලියන 5 කුත් දුන්නා. එකම චෙක්‌පතින් එම චෙක්‌පත් 11 ම ලීවා. රුපියල් මිලියන පහේ චෙක්‌පත එදාම මාරු කරගෙන තිබුණා. ඒක මුදල් චෙක්‌පතක්‌.

    පළමු වැනි විත්තිකාර ප්‍රසන්න රණතුංගගේ උපදෙස්‌ මත තමයි තුන්වැනි විත්තිකාර නරේෂ් කටයුතු කළේ.

    අධිකරණය – කොයිම අවස්‌ථාවකදීවත් පළමු වැනි විත්තිකරු ඔබට කීවාද චෙක්‌පත අරගෙන එන්න කියලා.

    සාක්‍ෂිකරු – වාහන ගැන ගනුදෙනුවක්‌ තියෙනවා ඒ නිසා ඉඩම් විකිණීමේ ගනුදෙනු අවසන් කරන්න කියලා ප්‍රසන්න රණතුංග මට දුරකථනයෙන් කතා කරලා ඊට දින දෙකකට පමණ පෙරදී කීවා.

    උසාවිය – අවබෝධතා ගිවිසුම ගැන ඔබ කීවා. ඒ ගිවිසුමෙන් ඇතිකර ගත්තේ මොකක්‌ද?

    සාක්‍ෂිකරු – මගේ ඉඩම කුලී පදනම මත අරගෙන රුපියල් මිලියන 2.5 ක මුදලක්‌ පළාත් සභාවෙන් මාසිකව මට ගෙවනවා ඉන් සියයට 50 ක්‌ මටත් ඉතිරි සියයට 50 පළමු වැනි විත්තිකරු ඇතුළු පිරිසටත් ලැබෙන්න ඕනෑ කියලා තමයි එමගින් එකඟවෙලා තිබුණේ. ඒ ඉඩම විකුණන මුදලින් කිසිම කොටසක්‌ ඒ අයට දෙන්න ඕනෑ කියලා එම ගිවිසුමේ අඩංගු වුණේ නෑ.

    උසාවිය – එම අවබෝධතා ගිවිසුම අනුව එම ඉඩමේ යම් යම් කොටස්‌ එහි පාර්ශවකරුවන්ට අයිති බව පෙන්වා දී තිබෙනවා. ඔබ එය පිළිගන්නවාද?

    සාක්‍ෂිකරු – එහෙමයි. මම එදා දුන්න චෙක්‌පත් අතරින් රුපියල් මිලියන 5 ක චෙක්‌පත එදාම ප්‍රසන්න රණතුංගගේ ආරක්‍ෂක නිලධාරියකු විසින් මාරුකරගෙන තිබුණා.

    උසාවිය – ඔබ එම චෙක්‌පත් දුන්නේ කැමැත්තෙන්ද?

    සාක්‍ෂිකරු – නෑ මම ඒ ගෙවීම් කළේ කැමැත්තෙන් නෙමෙයි එල්ල වූ බලපෑම් නිසයි. මම එදා 2.30 ට විතර බැංකුවට කතා කරලා කීවා එම මුදල ගෙවන්න කියලා.

    අධිකරණය – ඔබ එම බලපෑම් ගැන පොලිසියට පැමිණිල්ලක්‌ කළාද?

    සාක්‍ෂිකරු – නෑ, තිබුණ බලපෑම් නිසා පැමිණිලි කරන්න එපා කියලා කට්‌ටිය කීවා. ඒ අයගේ හැසිරීම් ගැන මම දන්නවා ඒ නිසා පැමිණිලි කරන්න මම ගියෙත් නෑ. එහෙම පැමිණිලි කළා නම් මගේ පවුලේ අයගේ ජීවිත ගැන විශ්වාසයක්‌ තියන්න බැරිවෙනවා. සමහර චෙක්‌පත් ඉදිරි දින දාලා තමයි මම ලියුවේ. දින කිහිපයකට පසුව මම බැංකුවට දැනුම් දුන්නා ඉතිරි චෙක්‌පත්වලට මුදල් ගෙවන්න එපා කියලා. ප්‍රසන්න රණතුංගගේ ආරක්‍ෂක නිලධාරීන් සමහර දිනවල මගේ කාර්යාලය ඉදිරිපිටට ඇවිත් හිටගෙන සිටියා. පසුව මම නීතිඥවරයකු හමුවී ඒ ගැන කියලා එµa.සී.අයි.ඩී. එකට ඒ ගැන පැමිණිලි කළා.

    නි.සො.ජ. – පළමු වැනි විත්තිකරුට ඔබ දුරකථන ඇමතුම් දී තිබෙනවාද?

    සාක්‍ෂිකරු – ඔව්. ඔහුගේ කටහඬ මම අදුරනවා. ඔහු වැනි සමහර ප්‍රභූන් භාවිත කරන දුරකථන අංක ඇමතුම ලැබෙන්නාට නොපෙනෙන අයුරින් සකසා තිබෙන්නේ. පළමු වැනි විත්තිකරු මට කීවා එයාට මුදල් අවශ්‍යයි ඒ නිසා අගරු කරපු චෙක්‌පත්වලට මුදල් දාන්න කියලා. දේශපාලනඥයන් සමග හැප්පෙන්න යන එක සුදුසු නෑ කියලා හිතුන නිසා මම පුළුවන් තරම් උත්සාහ කළේ ඒ ගැන ගොඩින් බේරගන්නයි.

    ඔහු ලබාදුන් ඇමතුම අනුව ශ්‍රාවස්‌තියට ගියා. මමයි බිරිඳයි එහාට ගියේ. යාළුවෙක්‌ අපි සමග ගියත් ඔහුට එදා ඇතුළට යන්න දුන්නේ නෑ. ටැබ්, පොත් ගෙනියන්න දුන්නේ නෑ. නමුත් භාර්යාවගේ වෝක්‌මන් එකෙන් එදා කළ කතාබහ පටිගත කළා. සුදුසු මුදලක්‌ ගෙවන්න මම කල්ගත්තා. පසුව මගේ සාමාන්‍යාධිකාරි මේජර් විමල් මගින් චෙක්‌පත් 8-9 ඔහුට යෑව්වා.

    පළමු වැනි විත්තිකරු විසින් කරන ලද දැනුම්දීම අනුව ඊට පසු දවසක මම යළිත් ඔහුගේ නිල නිවසට ගියා. එවිට ප්‍රසන්න රණතුංග මට කීවා.

    කළු මල්ලි තමයි මීට පස්‌සේ තමුසෙත් එක්‌ක ගනුදෙනු කරන්නේ අගරු චෙක්‌පත් සියල්ලම හරියන්න පොරොන්දු නෝට්‌ටු ලියන්න කියලා මට පළමු වැනි විත්තිකරු කීවා. කළු මල්ලි කියන කෙනාට ඇමතුමක්‌ අරගෙන මට දුන්නා. එවිට ඔහු මට තර්ජනාත්මකව කතා කළා. මට ඕන වුණේ පළමු වන විත්තිකරු හා ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් මගේ බිරිඳ හා දරුවන් ඉදිරියට පැමිණීම වළක්‌වන්නයි. ඒ නිසා මම ඔහු කිව්ව පරිදි පොරොන්දු නෝට්‌ටු පහක්‌ හෝ හයක්‌ අත්සන් කළා. සාක්‍ෂිකරු විධියට මගේ සාමාන්‍යාධිකාරි විමල් අත්සන් කළා.

    වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන 15 වැනිදා දක්‌වා කල් තැබිණි.

    ඒ. ඡේ. ඒ. අබේනායක

    උපුටාගැනීම-divaina.com

  • SLS සහතිකත් ලැබුණු ලුණු පැකට්ටුවෙන් ගෙම්බෙක් මතුවෙලා.. ඇත්ත කතාව මෙන්න..

    SLS සහතිකත් ලැබුණු ලුණු පැකට්ටුවෙන් ගෙම්බෙක් මතුවෙලා.. ඇත්ත කතාව මෙන්න..

    තමා පරිභෝජනය සඳහා වෙළෙඳසැලෙන් රැගෙන ආ ලුණු පැකට්ටුවේ මියගොස් වේළුණු ගෙම්බෙක් සිටි බව පොළොන්නරුව බැඳි වැව අායුර්වේද වෛද්‍යවරයෙකු වන කේ. ජී. රවින්දු කුමාර පවසනවා.

    මේ පිළිබඳව ඔහු දැක්වූ අදහස් සහ ඡායාරූප පහතින්…

    “මම පසුගිය දවසක ගේ ළඟ කඩෙන් ලුණු ඇතුළුව වෙනත්  කෑමට ගන්නා බඩු  ගෙදරට ගෙනාවා. අද උදේ ලුණු පැකට් එක කඩලා වෑංජනයට දාන්න හදකොට ලුණු පැකට් එක් ඇතුළේ ලොකු ලුණු කැටයක් තිබුණා. ඒක මම පොඩි කරනනකොට කළු පාට මොකක්දෝ තිබුණා. බලපුවාම ගෙම්බෙක්. මට හිතා ගන්න බැරි වුණා මොකක්ද මේ කියලා.  මම දන්න විදියට ගෙම්බෝ  විෂ සහිත අය ඉන්නවා. මේ ලුණු පැකට් එක අයිති සමාගම හම්බන්තොට ප‍්‍රදේශයේ එකක්. එම සමාගම විසින් රට පුරා මෙම ලුණු බෙදා හැර තිබෙනවා.

    කවුරු හරි කියනවා නම් අපි බොරුවක් කියනවා කියලා මේ ගෙම්බා පරීක්ෂා කර බලන්න පුළුවන් ලුණු පැකට් එකේ හිටියාද නැද්ද කියලා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පරික්ෂා කිරීමෙන් පසු මිනිස් පරිභෝජනයට සුදුසු බව අනුමත කළ ලුණු පැකට් එකක් තමයි මේ. මේ ලුණු පැකට්  එකේ ශ්‍රී ලංකා ප‍්‍රමිති සහතිකය තිබෙන එකයි පුදුම වැඩේ. මම මේ සම්බන්ධයෙන් පාරිභොගික අධිකාරියටත් පැමිණිලි කළා. ජනතාව පරිභෝජනය කරන ආහාර පිළිබඳ සෞඛ්‍ය අංශ බලධාරීන් දැඩි කි‍්‍රයා මාර්ග ගත යුතුයි”

  • රට ගිනි තියපු මිනිහට සුදුහුනු ගාන්න ආපු මහ සොහොන්ගේ බිරිදට නොපෙනුනු විඩියෝව යලි කරලියට.

    රට ගිනි තියපු මිනිහට සුදුහුනු ගාන්න ආපු මහ සොහොන්ගේ බිරිදට නොපෙනුනු විඩියෝව යලි කරලියට.

    පසුගියදා මහනුවර සිදුවූ ජාතිවාදී කලබල ඇති කිරීමට මූලිකවූ බව පවසමින් අත්අඩංගුවට පත්වූ මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහගේ බිරිය ජයංගනී සිතුම් කුමාරි ඊයේ තමන්ගේ සැමියා නිර්දෝෂී බව කියමින් මානව හිමිකම් පැමිණිල්ලක් ගොනු කර තිබේ.

    ‘මගෙ මහත්තය මහසොහොන් බලකායෙ අමිත් වීරසිංහ මේ වෙනකොට ත‍්‍රස්තවාදී විමර්ෂණ ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. කාටවත් හානියක් වෙන දේවල් එයා කවදාවත් කියලවත් කරලවත් නෑ. කඩවල් පල්ලි ගිනි තියන්න කියල සමාජය දැනුවත් කරල නෑ.

    අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් ඒ පිළිබඳ ජාතිවාදී ආකල්ප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කළ බවට චෝදනා යටතේ ප්‍රධාන සැකකරු අමිත් වීරසිංහ  සහායක සුරේද සුරවීර ඇතුළුව සැකකරුවන් 10 දෙනකු පසුගිය 8 වනදා අලුයම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය දැනුම් දී ඇති අතර ඔවුන් දින 14 ක කාලයක් සඳහා රැඳවුම් භාරයේ තබා ඇත.

  • ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල් පන්සලේ හංගාගෙන නවාතැන් දුන් ගොමගොඩ හාමුදුරුවෝ..

    ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල් පන්සලේ හංගාගෙන නවාතැන් දුන් ගොමගොඩ හාමුදුරුවෝ..

    මහනුවර ජාතිවාදී කලබලයක් මතුවෙමින් පැවති ඉකුත් 06 වැනිදා ගොමගොඩ පන්ස‍ලේ ඇතිවූ සංසිද්ධිය බෞද්ධ හිමි නමකගේ විශිෂ්ට හැසිරීමක් සම්බන්ධව රටට ආදර්ශයක් සැපයූවකි.

     “අනේ අපේ හාමුදුරුවනේ අපිව බේරගන්න අපේ මේ දරුවෝ එක්ක අපිට දුවන්න බෑ. හැංගෙන්න තැනක් නෑ. “ගොමගොඩ මුස්ලිම් පිරිසක් ඔවුනගේ දරු පැටව් සමග ගොමගොඩ පන්ස‍ලේ හාමුදුරුවෝ ළඟට ආවේ අඳුර පැතිර යමින් රැය ආරම්භ වූ මොහොතකය.

     පන්සලට පැමිණි මුස්ලිම් කාන්තාවන් අතර එක් කාන්තාවක් අත මාස දෙකක බිළිඳෙකු ද සිටිනු ගොමගොඩ පන්ස‍ලේ කහගල ධම්මානන්ද හිමියන් දුටුවේය. මේ පිරිස දැකීමෙන් උන්වහන්සේගේ හදවත සංවේදි විය. පන්සලට පැමිණි මුස්ලිම් දෙමළ පිරිමි ගැහැනු හා දරුවන් සියලු දෙනාම පන්සල ඇතුළට කැඳවා ගත් හාමුදුරුවෝ ඔවුන්ට නවාතැන් දුන්නේය.

    පන්ස‍ලේ තිබුණු කොට්ට පැදුරු සියල්ල පන්ස‍ලේ ගොඩනැගිල්‍ලේ ඇතුළත බිම දමා බියටත් කම්පනයටත් පත්ව සිටි පිරිස හිදුවා හාමුදුරුවෝ ඔවුන්ට බිස්කට් හා තේ වතුර සංග්‍රහයක්ද සූදානම් කළෝය.

    එසේ කළ ධම්මානන්ද හිමියෝ පණිවුඩ යවා ගමේ දායකයින් කීප දෙනෙකු කැඳවා ගත්තේය. අපේ ගමේ කිසිකෙනෙක් කලබලවලට හවුල් වෙන්න බෑ. මේ බලන්න මේ අහිංසකයෝ කිරි කැටි දරුවෝ එක්ක ගුලිවෙලා ගැහෙනවා. අපි කව්රුත් මනුෂ්‍යයෝ සිංහලයෝ මුස්ලිම් අයට ගහනවා කියලා

    මේ අය පන්සලට දුවගෙන ආවේ අපෙන් ඔවුන්ට කරදරයක් නැති බව විශ්වාසයෙනි. අපි ඔවුන් රැක බලා ගන්න ඕනේ ධම්මානන්ද හිමි පන්සලට පැමිණි දායකයින්ට කීහ. 

    කිරි කැටියන් තුරුල් කරගත් මුස්ලිම් කාන්තාවක් බයෙන් ගැහෙනු දැක ඔවුන්ගේ හදවත්ද සසල විය. ඔවුන්ද මේ අසරණභාවයට පත්ව සිටි පිරිසට ආහාර පිළියෙළ කර දෙන්නට ඉදිරිපත් වූහ. ඒ වන විටත් ධම්මානන්ද හිමි උන්වහන්සේට හැකි අයුරින් බිස්කට් විස්කෝතු සමග ඔවුන්ට තේ බොන්නට දී තිබුණි. බඩ ගින්නට වඩා ඔවුන්ට තිබුණේ ජීවිත ආරක්ෂාව පිළිබඳ බියකි. 

    දෙමසක් වයසැති බිළිඳකු අතැතිව සිටි ෆාතිමා අපට කීවේ මෙවන් කතාවකි. එදා අපි ගෙදර හවස කෑම උයමින් සිටියේ. අපි දැන ගෙන හිටියා දිගන නගරයේ කලබල තියෙනවා කියලා අපිත් බයේ තමයි හිටියේ. ඒ ගැන හිතමින් සිටියදී තමයි ත්‍රීවීලර් එකකින් කට්ටියක් කෑ ගහගෙන ගියේ.

     ඔවුන් කිව්ව දේ අපට පැහැදිලිව ඇහුණෙ නෑ. ඒ වුණාට මුස්ලිම් අය සිංහල කෙනෙක් මැරුවා කියල සිංහල අය මුස්ලිම් අයට ගහන්න එනවා කියලා අපිට ආරංචි වුණා. අපි බය වුණේ මේ පුංචි දරුවත් අරගෙන මටවත් අපේ ගෙදර අයටවත් යන්න තැනක් තිබුණෙනැති නිසයි මේ ගැන හිත හිත ඉන්න කොට තමයි ගමේ මුස්ලිම් අය හැමෝම පන්සලට යමු කියලා තීරණයක් ගත්තේ. අපේ හාමුදුරුවෝ කාටවත් කරදර කරන්නේ නෑ. උන්වහන්සේ ගැන අපිටත් විශ්වාසයක් තිබුණා. ඒ නිසා අපි උයන්න ගත්තුව එහෙම දාලා සමහර අයගේ ගෙවල්වල බාගෙට ඉදුණු බත් එක නිවා දාලා පන්සලට ආවා. හාමුදුරුවෝ අපිට ආරක්ෂාව දීලා කන්න බොන්න දීලා නිදා ගන්නත් ලෑස්ති කරලා දුන්නා යැයි ඇය කීවාය. 

    ධම්මානන්ද හිමියන් අපිට පැවසුවේ බුද්ධාගමේ උගන්වන්නේ මනුෂ්‍ය ගුණධර්ම ගැනයි. අපි බෞද්ධයෝ නම් ඒ ගුණධර්ම ආරක්ෂා කරගෙන ඒ අනුව කටයුතු කරන්න ඕනේ. මුස්ලිම් අය කීප දෙනෙක් පහර දීලා අපේ සිංහල මනුෂ්‍යයෙක් මැරුණා. අපි ඒක අනුමත කරන්නේ නෑ. සිංහල සිංහල අයත් මුස්ලිම් මුස්ලිම් අය අතරෙත් ඔය වැනි සිද්ධි වෙනවා. එහෙම වෙලාවට අපි මේ විදියට කලබල කර ගන්නවාද? ඇයි මේ ආරවුල් ජාතිවාදී ආරවුල් බවට පත් කරගන්නෙ ආරවුලට සම්බන්ධ වූ අයට පමණක් අපේ අය දඬුවම් දෙනවා නම් ඒක තරමක් හෝ සාධාරණයි කියල හිතන්න පුළුවන්. එහෙම නැතිව ගැටුමට කිසිම සම්බන්ධයක් නැති අයට පහර දීලා ඔවුන්ගේ දේපළවලට හානි කිරීම කව්රු කළත් වැරදියි. 

    මොන ජාතියට අයත් වුණත් අසරණ වෙලා අපේ ළඟට එන්නෙ අපි ගැන විශ්වාසයෙන්. ඒ නිසා අපිට අහක බලාගන්න බෑ. කිරි කැටියෝ තුරුල් කරගෙන ගැහෙමින් ජීවිත ආරක්ෂාව ඉල්ලාගෙන පන්සලට ආවා. මේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට මට පුළුවන් විදියට පන්ස‍ලේ නවතින්න ඉඩකඩ දුන්නා. මට පුළුවන් විදියට කන්න බොන්නත් දුන්නා. මගේ දායකයිනුත් ඔවුන්ට කන්න ගෙනත් දෙන්නද කියලා මගෙන් ඇහුවා. ඒ විදියට අපේ ගමේ මගේ දායකයෝ සමගියෙන් කටයුතු කරනවා. මගේ දායකයෝ කව්රුත් ඔය කලබලවලට ගියේ නෑ. ධම්මානන්ද හිමියෝ අප සමග කීහ. 

    මුස්ලිම් තරුණයින්ගේ පහර දීමෙන් මියගිය අයගේ නිවසට යන පාරේ පිහිටි මුස්ලිම් පල්ලියට හා ඒ ප්‍රදේශයේ මුස්ලිම් දේපළවලට හානියක් නොවී රැක ගත්තේද අපේ බෞද්ධ හිමි නමකි. උන්වහන්සේ අම්බා‍ලේ පේරකැටිය විහාරයේ අධිපති කීණපැලැස්සේ උපාලි ඤාණිස්සර හිමියන්ය. මියගිය තැනැත්තාගේ ගමේ පන්සල පේරකැටිය විහාරයය. එහෙම අයද ගැටුම්වලට සම්බන්ධ වීම වළක්වා ගෙන ඇත්තේ උපාලි හිමියන්ය. රටක් ගිනි තියන්න ඇතැම්හු අවස්ථා සොයමින් සිටියදී ගිනි ගැනීම් වළක්වන්නට කටයුතු කළ මෙවැනි යථිවරයන්ද සිටි බව අපි සටහන් කරන්නේ ඔබට යමක් සිතන්නට ඉඩ ඉතිරි කරමිනි.

    සටහන – ජයසූරිය උඩුකුඹුර
    ඡායාරූප :ලක්මාල් වසන්ත

     

     

  • බුකි තහනම ඉවත් කරන්න ඩිජිටල් ඇමතිගෙන් කොන්දේසි. රටම හිනස්සන ගොං ජෝක් එක මෙන්න..

    බුකි තහනම ඉවත් කරන්න ඩිජිටල් ඇමතිගෙන් කොන්දේසි. රටම හිනස්සන ගොං ජෝක් එක මෙන්න..

    ශ්‍රී ලංකාවේ ෆේස්බුක් තහනම ඉවත් කිරීමට නම් ශ්‍රී ලංකා රජය ලබා දෙන කොන්දේසී වලට ෆේස්බුක් ආයතනය එකග විය යුතු බවට  විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

    ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය විසින් ලබාදෙන කොන්දේසි සියල්ල ඉටුකිරිමට ෆේස්බුක් ආයතනය කටයුතු  කළ යුතු බවටයි ඇමතිවරයා වැඩි දුරටත් පවසන්නේ.

    එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ

    ” මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ෆේස් බුක් ආයතනය නිර්දේශය දෙනකං තමයි අපි බලන් ඉන්නේ. ජාතිවාදය  ඇතුලූ  කරුණු  සම්බන්ධයෙන්  වෙනස්කම්  කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණට එම ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන තිබුනේ නැහැ. 
     
    මෙම ගැටලූවේදී මේක තමයි අපිට තිබුන ලොකුම බාධකය.  නමුත් මේ අය දිගින් දිගටම මේ ගැන කිසිදු දෙයක් කරලා තිබුනේ නැහැ.  ඒ අය කියන්නේ සිංහල කියවන්න පුලූවන් අය ඒ අයට අඩුය කියලා.
     
    එදා දවසේ අපි මේ තීන්දුව ගත්තේ නැත්නම්  මේ ප‍්‍රශ්ණය විසදන්න ලැබෙන්නේ නැහැ. ෆේස්බුක් ආයතනය අපිට කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් කථා කරනවා කියලා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ  තීන්දුව ලබාදෙනකන් අපි බලාගෙන ඉන්නේ. 

    ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ දෙන  ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය  ඔවුන් අපිට ලබා ලබාදිය යුතුයි. ඒ වගේම සිංහල කියවන්න පුලූවන් වැඩි දායකත්වයක් ගන්න අය ෆේස්බුක් එකට ඇතුළත් කරගන්නවනම්  අපි මේ තහනම ඉවත් කරගන්නවා කියන එක තමයි අපේ ස්ථාවරය’’ ලෙසය. 

  • මහනුවර රියදුරාට පහරදීමේ සිද්ධිය ගැන මුල්වරට ඥාතියෙක් හෙලිකළ ඇත්ත කතාව මෙන්න

    මහනුවර රියදුරාට පහරදීමේ සිද්ධිය ගැන මුල්වරට ඥාතියෙක් හෙලිකළ ඇත්ත කතාව මෙන්න

    මහනුවර කලහාකරී සිද්ධියට මුල්වූ සිද්ධියක් වූ, රියදුරාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ඥාතියෙකු තෙල්දෙණිය පොලිසියට ප‍්‍රකාශයක් ලබාදී තිබෙනවා.

    එම ප‍්‍රකාශයට අනුව පහරදීමට ලක් වූ කුමාරසිංහ නමැති පුද්ගලයා අලුයම 1.00 පමණ අදාළ ඥාතියා හමුවීමට පැමිණ තිබෙනවා.

    ඔහු මුණගැසී කුමාරසිංහ ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් පහරදුන් බවයි. ඒ අවස්ථාවේ ඔහුගේ හිසෙහි තුවාලයක් දක්නට ලැබුණු බවද අදාළ ඥාතියා පොලිසියට පවසා තිබෙනවා.

    එහිදී තමන් කුමාරසිංහට පොලිසියට පැමිණිල්ලක් කරන ලෙස මෙන්ම රෝහල්ගත වන ලෙස උපදෙස් ලබාදුන්න ද ඔහු එය ප‍්‍රතික්ෂේප කළ බවයි එම ඥාතියා ප‍්‍රකාශ කළේ.

    පසුව කුමාරසිංහ තමන් පැදවූ ලොරි රථයේ සහයක සහ තවත් පුද්ගලයෙකු සමග පිටත්ව ගොස් ඇති අතර යළි අලූයම 2.00 පමණ දුරකතන ඇමතුමක් ලබාදී තමන්ට අසාධ්‍ය බව අදාළ ඥාතියාට ප‍්‍රකාශ කර තිබෙනවා. එහිදී තමන් කුමාරසිංහ සිටි ස්ථානයට ගිය බවද රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගිය බවද එම ඥාතියා පොලිසියට ලබාදුන් ප‍්‍රකාශයේ සඳහන්. 

    මේ අතර මියගිය කුමාරසිංහ නමැත්තාට කිසියම් පිරිසක් පහරදී තිබුණේ ඔහු සේවය කළ ඉන්ධන පිරවුම්හල ආසන්නයේදීමයි. එහෙත් ඔහු මුදා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හලේ සිටි කිසිවෙකුත් කටයුතු කර නොමැති බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.  

  • බිරිද මදිවෙලා ගැහැණු 300 ක්( නිළියෝ 40ක්) එක්ක හිටපු කොළඹ කෝටිපති පුතාගේ කතාව මෙන්න

    බිරිද මදිවෙලා ගැහැණු 300 ක්( නිළියෝ 40ක්) එක්ක හිටපු කොළඹ කෝටිපති පුතාගේ කතාව මෙන්න

    ජීවිතය හදා ගැනීමට කොතරම් කලක් ගත උනත් ජීවිතය විනාස කරගැනීමට ගත වන්නේ එක තත්පරයක වැරදි සිතුවිල්ලක් පමනි.
    පැල්මඬුල්ල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානය කුඩු නිසා වැනසුණු ජීවිත මෙන්ම වැරදි පුරුදු නිසා විනාස උනු ජීවිත යහමගට ගැනීමට හරි මග පෙන්වන වෙද පන්සලකි. පන්සලේ ජීවකයාණෝ කුප්පියාවත්තේ බෝදානන්ද හාමුදුරුවෝය.
    උන්වහන්සේ කුඩු බී විනාශ වූ තරුණ ජීවිත සුවපත් කිරීමට බෙහෙත් ගුලි, කසාය, අරිෂ්ට ලබා නොදෙති. මානුෂීය, සදාචාරාත්මක, සංස්‌කෘතික සහ ආධ්‍යාත්මික සංවර්ධනයක්‌ තුළින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් විශෝධනය කිරීම, සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක්‌ සහ ආර්ථික ස්‌ථාවරත්වය තුළින් පුද්ගලයන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වැළැක්‌වීම මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානයේ වෙදකමය. මේ කැසිනෝ සූදුවේ අන්තයට ගොස්‌ විනාශයේ පතුලට වැටුණු ව්‍යාපාරික තරුණයකු කියු සත්‍ය කතාවකි.
    “කැසිනෝ ගහලා දිනලා හිටපු සේරම සල්ලි පරාද වුණා. ඉඩම් ගන්න කියලා තාත්තාගෙන් සල්ලි ඉල්ලගෙන ඒවත් පරාද වුණා.
    තාත්තාගේ ලාච්චුවෙන් සල්ලි ටික ටික ඇදගෙන ගිහින් සෙල්ලම් කළා. අම්මගෙන් සල්ලි ඉල්ලගත්තා. මගේ බැංකු පොත්වල තිබුණු සල්ලිත් ටික ටික ගත්තා.

    ඒත් දිනුමක්‌ නෑ පරාජයම විතරයි. තාත්තා මට අරගෙන දීලා තිබුණ කාර් එකත් විකුණලා කැසිනෝ ගැහුවා.
    ඒ සල්ලිත් පරාදයි. මගේ ඔළුව කරච්චල් වුණා. සති ගණන් ගෙදර යන්නේ නැතිව කොළඹ යාළුවන්ගේ ගෙවල්වල, හෝටල්වල නතර වෙලා කැසිනෝ ගැහුවා.
    ඒ වෙනකොට කොළඹ කැසිනෝ ක්‌ලබ් මට ගෙදර වගෙයි.

    හැම කැසිනෝ ක්‌ලබ් එකකම මට මෙම්බර් සිප් එක තිබුණා. මෙම්බර් සිප් එකක්‌ ඉෂූ කරන්නේ විශාල මුදලක්‌ පරාද වෙච්ච කෙනෙකුට තමයි. මෙම්බර් සිප් එකට හතරදෙනෙක්‌ අරගෙන යන්න පුළුවන්. ඒ යන හතරදෙනාටම කෑම, බීම සියල්ලම නොමිලේ.

    ඒ වෙනකොට කැසිනෝ ක්‌ලබ් අයිතිකාරයොත් මාව දැනගෙන හිටියා. ඒ දැනගෙන හිටියෙත් අපේ තාත්තාගේ නමින්. අපේ තාත්තා දකුණු පළාතට විතරක්‌ නෙමෙයි ලංකාවේම ව්‍යාපාරිකයන් අතර ප්‍රසිද්ධයි.
    අපේ තාත්තා හොඳට විනෝද වෙච්ච කෙනෙක්‌.

    ඒත් තාත්තා ඕවර් ගියේ නෑ.
    හැමදේම කළේ සීමා මායිම්වල ඉඳගෙන. ඒ වගේම තාත්තයි, මමයි හිටියෙත් යාළුවො වගෙයි.

    මම අවුට්‌ යනවා කියලා දැනගත්තට පස්‌සෙ තාත්තා මට නිතරම කිව්වේ ඔයාට ඩ්‍රින්ක් එකක්‌ දාන්න ඕන නම් අපි දෙන්නත් එක්‌ක සෙට්‌ වෙමු කියලයි. තාත්තා මත්පැන්වලට ලොල් නෑ.
    පාටිවලට ගිහාම අපි දෙන්නා එකට සෙට්‌ වෙලත් තියෙනවා.

    මම නයිට්‌ ක්‌ලබ් යනවා කියලත් තාත්තා දැනගෙන හිටියා. ඒත් කැසිනෝ යනවා කියලා දැනගෙන හිටියේ නෑ. දවස ගානේ මම බැංකු පොත්වලින් සල්ලි අදිනකොට ඒ බැංකුවලින් කතා කරලා තාත්තට කියලා තිබුණා.
    ‘ජයේ පුතා අවුට්‌ යනවා වගේ තේරෙනවා.

    දැම්ම කියලා හදාගත්තොත් හොඳයි’ තාත්තාගේ යාළුවො කිහිපදෙනෙක්‌ම එහෙම කියලත් තිබුණා. ඒ ආරංචිත් එක්‌ක තාත්තා ටිකක්‌ සැරෙන් මට කතා කරලා ‘අමාරුවෙන් ගොඩනඟාගත්ත ලෝකය විනාශ කර දාන්න එපා’ කියලා දොස්‌ කිව්වා. ඊට ටික දවසකට පස්‌සේ තාත්තා මට මංගල යෝජනාවක්‌ ගෙනත් ඉක්‌මනටම වෙඩින් එකත් ගත්තා.

    ඒත් මම හොයන සතුට, වින්දනය මගේ නෝනාට දෙන්න බැරි වුණා. මගේ නිශාචර ජීවිතයේ වෙනසක්‌ වුණේ නෑ. පෙරටත් වඩා වැඩි වුණා.

    අපේ කසාදයට වැඩි ආයුෂ තිබුණෙත් නෑ. කසාදය කැඩුණා කියලා මට දැනුනෙවත් නෑ. එතකොට මගේ ජීවිතය වෙලා තිබුණේ කැසිනෝ සහ ගෑනු.
    පවුලේ එකම පිරිමි දරුවා මමයි. මගේ අයාලේ යැම අපේ පවුලටම ලොකු බලපෑමක්‌ වුණා. තාත්තා ඒ ගැන ගොඩක්‌ හිතුවා. තාත්තා ව්‍යාපාර අතින් වගේම ශරීර සෞඛ්‍යය පැත්තෙනුත් වැටුණා. අන්තිමට තාත්තා හාට්‌ ඇටෑක්‌ එකකින් නැති වුණා. ඒ වෙනකොට මමත් නැත්තටම නැති වෙලා හිටියේ. කැසිනෝ යන්න තියා නයිට්‌ ක්‌ලබ් එකකටවත් යන්න සල්ලි තිබුණේ නෑ.

    අතේ සතේ නැති වුණහම රුපියලක්‌ දෙන්න බලු බල්ලෙක්‌ හිටියේ නෑ. තාත්තා නැති වුණා කියලා අම්මයි, මමයි ව්‍යාපාරවලට වැටෙන්න දුන්නේ නෑ. මම වගකීම කරට අරගෙන උනන්දුවෙන් ව්‍යාපාර බලාගත්තා. ඒ අතර සතියකට දවසක්‌ වගේ කැසිනෝ කල්බ් එකකට ගිහිල්ලා සෙල්ලම් කරලා ආතල් එකක්‌ අරගෙන ආවා. ඒත් වැඩිපුර සල්ලි ගෙනිච්ෙච් නෑ.
    ඔහොම යන අතරේ එක දවසක්‌ රුපියල් හැටදාහක්‌ ගෙනිහින් කැසිනෝ ගහලා ලක්‍ෂ විසිතුනක්‌ දිනුවා. ආයෙමත් මට හිතුණා වාසනා චක්‍රය ධනට කැරකෙනවා කියලා. ආයෙත් එක දිගට සෙල්ලම් කළා.

    අද පරාද නම් හෙට දිනුම්. ඔය විදිහට අවුරුද්දක්‌ දෙකක්‌ ගියා. රෑ කොහේ ගියත් එළිවෙනකොට මම ගෙදර ගිහින් ඔෆීස්‌ එකටත් ගියා.

    ව්‍යාපාර පැත්ත මම හොඳට බලා කියාගන්න නිසා රෑ ගමන්වලට අම්මත් වැඩිය සැර දැම්මේ නෑ. ජීවිතය බැලැන්ස්‌ එකේ ගෙවිලා ගියා.
    දවසක්‌ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්‌ මට කතා කළා කැසිනෝ සෙල්ලම් කරන්න සිංගප්පූරු යන්න. එතකොට දිනලා මගේ අතෙත් හොඳට සල්ලි තිබුණා.

    මම ගමනට කැමති වෙලා මට හිතවත් නිළියො දෙන්නෙක්‌වත් ගමනට එකතු කරගත්තා. සතියක්‌ විතර අපි සිංගප්පූරුවේ හිටියා. මගේ ලක්‍ෂ ගාණක්‌ ඉවර වුණා. ඒ ඇවිල්ල පරාද ගාන හොයන්න දිගටම මම කැසිනෝ ගහන්න ගියා. දවස්‌ එකහමාරක්‌ එක දිගට කැසිනෝ සෙල්ලම් කළා.

    ඒ ටිප් එකට ලක්‍ෂ පහළොවක්‌ පරාද වුණා. එදා පටන් ගත්ත පරාජය දිගටම පරාද වුණා. මගේ ඔළුව කම්මලක්‌ වගේ වුණා. ව්‍යාපාර පැත්ත බැලුවේ නෑ. මම ඉන්න තැන්වලට ඇවිත් මාව බදාගෙන අම්මා අඬලා තියෙනවා.

    ඒත් අම්මා කියන්නේ මොනවද කියලා මට තේරුණේ නෑ. ඉඳලා හිටලා ගෙදර ගියත් සල්ලි ඉල්ලලා අම්මාත් එක්‌ක රණ්‌ඩු වුණා.

    අම්මාට හොරෙන් තාත්තාගේ දේපළ විකුණලා කැසිනෝ ගැහුවා. ඔය විදිහට තාත්තාගේ දේපළවලිනුත් බාගෙට, භාගයක්‌ මම නැති කළා.
    ‘උඹ මාවයි, කෙල්ලවත් මරා ගන්නවා. පින් සිද්ධ වෙයි පුතේ උඹ ගෙදර එන්න එපා’ බැරි තැන අම්මා මාව ගෙදරින් පැන්නුවා.
    කැසිනෝ යන්න සල්ලිත් නෑ. අපේ හෝටලයේ කාමරයකට වෙලා දවස මුළුල්ලේ බිව්වා.

    ගංජා බිව්වා. තනිකරම පිස්‌සෙක්‌ වුණා. ඒත් අම්මා නැති වෙලාවට හෝටලයේ මැනේජර්ට සත්තමක්‌ දාලා කීයක්‌ හරි කඩාගෙන සතියකට සැරයක්‌ වගෙ කැසිනෝ ගියා.

    ගෙනිච්ච සල්ලි පරාද වෙලා උදේට ගෙදර යන්න සල්ලි නෑ. ගාලු පාරේ යන බස්‌කාරයො සේරම වගේ මාව හොඳට දන්නවා. බස්‌ එකේ ආවා කියලා ඒ අය මගෙන් සල්ලි ගන්නේ නෑ.

    මම හිඟමනටම වැටුණා. සල්ලි ඉල්ලගෙන අම්මා එක්‌ක නිතරම රණ්‌ඩු වුණා. ඔය දේවල් ගැන ආරංචි වෙලා අපේ මාමා කෙනෙකුගේ පුතෙක්‌ මට කතා කරලා මේ පන්සලට අරගෙන ආවා.

    එයා මගදි තමයි මෙහෙම තැනකට යනවා කියලා කිව්වේ. අකැමැති නම් වාහනයෙන් බැහැලා යන්න කියලත් මට කිව්වා. පස්‌සේ අපි තේ බොන්න පැල්මඬුල්ලේ නතර කරලා. එතැනදී කල්පනා කර, කර එක දිගට මම සිගරට්‌ තුනක්‌ බිව්වා. අයියත් බලාගෙන හිටියා මොනවත් කිව්වේ නෑ.
    ‘මට නැති වෙන්න දෙයක්‌ නෑ ලැබෙන්න දේකුත් නෑ.

    අයියා කියන පන්සලට ගිහිල්ලා හරි නැවත ජීවිතය හදාගන්නවා’ කියලා හිතාගෙන මම කැමැත්තෙන්ම මෙතැනට ආවා.
    මේ පන්සලට එනකොට මට අවුරුදු විසිඅටට ලැබුවා විතරයි.

    ඒ වෙනකොට නයිට්‌ ක්‌ලබ්, කැසිනෝ යන්න පටන් අරගෙන අවුරුදු හයයි. ගෑනු තුන්සීයක්‌ එක්‌ක විතර ඉඳලා තියෙනවා.

    රටවල් හයකට ගිහිල්ලා තියෙනවා. එංගලන්තයට හැරෙන්න අනිත් හැම රටකටම ගියේ ගෑනු අරගෙන. ලංකාවේ නිළියො තිහ, හතළියක්‌ එක්‌ක විතර ඉඳලා තියෙනවා.

    කැසිනෝ ගහලා පරාද වෙච්ච මුදල කියන්න බෑ. නැත්තටම නැති වුණා. ගෙදර හිටියත් පාන්දර දෙක, තුන වෙනකම් නින්ද යන්නේ නැති ගානට නිශාචරයෙක්‌ වුණා.

    දැන් මම මෙතැනට ඇවිත් මාස හයකට වැඩියි. මම මෙතැනට එනකොට තනිකර පිස්‌සෙක්‌. දැන් ඒ පිස්‌සුව හොඳයි.
    මම ධනාත්මකව වෙනස්‌ වුණා. පහුගිය කාලේ කරපු දේවල් ගැන මතක්‌ වෙනකොට දැන් ලැඡ්ජ හිතෙනවා. ආයෙමත් මම ඒ පිස්‌සු ලෝකයට වැටෙන්නේ නෑ.

    නැවත මම ජීවිතය පටන් ගන්නවා. ඒත් මම නැති වෙච්ච දේවල් හොයන්න යන්නේ නෑ.

    එහෙම වුණොත් මම ආයෙත් නරකාදියට වැටෙනවා. මට තාත්තා වගේ ව්‍යාපාරිකයෙක්‌ වෙන්න බැරි වුණත් මගේ අම්මාගේ හිත සතුටු කරන තරමේ ව්‍යාපාරිකයෙක්‌ වෙන්න උත්සාහ කරනවා.

    ඒ මොනව කරන්නත් යාළු මිත්‍රයන්ගෙන් ඈත්වෙලා උපාධිය සම්පූර්ණ කරලා ටික කාලයකට රට ගිහිල්ලා ඉඳලා එන්න ඕනා. මම මොන දීපංකරයක ගියත් මේ පන්සලත් එක්‌ක තියෙන බැඳීම නැති කරගන්නේ නෑ. මෙතැන, මේ පවුල නිසා තමයි අද මම ජීවිතය තේරුම් අරගෙන ඉන්නේ.
    මම සමාජයට කියන්නේ නයිට්‌ ක්‌ලබ්, කැසිනෝ පැත්ත බලන්න එපා ඒව තියෙන්නෙ අපිව විනාශ කරන්න මිසක්‌, ඇති කරන්න නෙමෙයි. මිහිපිට මායා ලෝකය ඒවා තමයි.

    ඒ මායා ලෝකවල ඉන්න ගෑනුත් මාර දූතිකාවන්. උන්ගේ මායා දැලේ පැටලුණොත් රීරි මාංශම උරා බොනවා.

    අවුරුදු දාහත, දහඅටේ කොල්ලෙක්‌ ගියොත් ගියාමයි. ගොඩඒමක්‌ නෑ. විනාශය නියතයි. ඒ ගෑනුන්ගේ ජොබ් එක. දත් ගැලෙව්ව තරමට ඒ ගෑනුන්ගේ පොකට්‌ පිරෙනවා.

    ඒ මායා ලෝකයේ සරන අයට ඕක තේරෙන්නේ නෑ. මමත් හොඳටම රැවටිලා විනාශම වුණා.
    අනිත් එක යාළුවො වැඩි වෙනවා කියන්නේ විනාශයේ මුල. මාත් එක්‌ක කෑව, බිව්ව ආතල් ගත්ත කිසිම යාළුවෙක්‌ අද මම උන්නද මාළාද කියලා බලන්නේ නෑ. ඉඳලා හිටලා හරි මෙතැනට ඇවිත් මාව බලලා යන්නේ අම්මා විතරයි. මගේ අම්මා අදටත් මට ආදරෙයි.

    මට දුක මගේ ජීවිතය, සල්ලි, පවුල් ජීවිතය නැති වෙච්ච එක ගැන නෙමෙයි, මගේ තාත්තා නැති වෙච්ච එකයි. තාත්තා ප්‍රාර්ථනා කරපු පුතා වෙන්න බැරි වෙච්ච එක ගැනයි. තාත්තා මගේ දිහා බලාගෙන ලොකු සිහින මැව්වා.

    ඒත් ඒ සිහින බොඳ වෙලා හිත් වේදනාවෙන් තාත්තා නැති වෙලා ගියා. ඒ පාපය මම විඳගන්නවා. මම මෙතැනට ආවේ පෙර පිනකට.

    මේ වෙනකම් ඒ මායා ලෝකයේ හිටියා නම් බීලා බීලා ගෑනියකුගේ ඇඟ උඩ මැරිලා. මාව මෙතැනට ගෙනාපු අපේ අයියට පින්සිද්ධ වෙනවා.
    ජීවිතය බිඳුණු හැටි සහ දැන් පිරියම් කරගන්නා ආකාරය විධුර හොඳින් විස්‌තර කළේය. එහෙයින් ඒ කතාවට අටුවා ටීකා එකතු කිරීමට අවැසි නැත.

    අපේ ප්‍රාර්ථනාව විධුර අසීරුවෙන් අවබෝධ කරගත්ත සත්‍ය ලෝකයෙන් නැවත මායා ලෝකයට නොවැටී ජීවත්වනවා දැකීමයි.

  • ආණමඩුවේ ඇවිලෙන්න ගිය ජාතිවාදී ගින්න නිවන්න පක්ෂ විපක්ෂ සෙට් එකම එකතුවෙච්ච හැටි මෙන්න…

    ආණමඩුවේ ඇවිලෙන්න ගිය ජාතිවාදී ගින්න නිවන්න පක්ෂ විපක්ෂ සෙට් එකම එකතුවෙච්ච හැටි මෙන්න…

    ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට ඊයේ (11) පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

    ඊයේ අලුයම 2.00ට පමණ මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකුව ආණමඩුව පොලීසිය විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබීය.

    පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් වී තිබූ අතර
    රාත්‍රි 8.00 ට පමණ වන විට යළි එම ආපන ශාලාව විවෘත කිරීමට පවා හැකි වී තිබේ.

    මෙම අවස්ථාවට මහා සංඝරත්න, ස්ලාමීය ආගමික නායකයින්ද, ජල කළමණාකාරන රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රියංකර ජයරත්න, ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ආනන්ද සරත් කුමාර යන පිරිසද එක්ව සිටියේ ය.

    කවුරුන් විසින් සිදු කළත් මෙම ක්‍රියා හෙළා දකින බවත්, ජාතිවාදී ගිනි දැල් වැපුරවීමට ඇතමුන් ගන්නා ක්‍රියාවන්ට ආණමඩුව ජනතාව හොඳ පිළිතුරක් ලබා දී ඇති බවත් මෙහිදී ප්‍රකාශ වී තිබේ.

    සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශණ සිදු කර අතර ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළද සැළක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශනද ඊට උපයෝගී කරගෙන විමර්ශන කටයුතු සිදු කෙරුණි.

    ඊට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වයස අවුරුදු 19 – 25 අතර වියේ පසුවන්නන් වේ.

  • ළමා දූෂකයෙකුත් පාසල තුළ තියාගෙන පිස්සු නටන ගම්පහ යශෝධරා බාලිකාවේ නිරුවත එළියට!

    ළමා දූෂකයෙකුත් පාසල තුළ තියාගෙන පිස්සු නටන ගම්පහ යශෝධරා බාලිකාවේ නිරුවත එළියට!

    ගම්පහ යශෝධරා දේවි බාලිකා විදුහල බස්‌නාහිර පළාතේ තවත් එක්‌ දීප්තිමත් පාසලකි. සෑම අංශයකින්ම දක්‍ෂතා දක්‌වන සිසුවියෝ රැසක්‌ එහි අධ්‍යාපනය හදාරති. අතීතයේද එලෙසය.

    දශක ගණනාවක්‌ පුරාවට රටට වැඩදායී පුද්ගලයන් බිහිකළ මෙම ජනප්‍රිය පාසලේ මෑතකාලීනව අර්බුද රැසක්‌ හටගෙන තිබේ. එයට ප්‍රධාන හේතුව වනුයේ වර්තමාන විදුහල්පතිනියගේ සහ සහකාර විදුහල්පතිනියගේ ඇතැම් ක්‍රියා කලාපයන් බව සමහර පාසල් සිසුවියෝ, ආදි සිසුවියෝ සහ දෙමාපියෝa චෝදනා කරති. පහතින් පෙළ ගැසෙන්නේ ඔවුනට එල්ලවන චෝදනා කිහිපයකි.

    පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී (2017 සහ 2018 වර්ෂවල) සියලුම ගනවල අක්‍රමිකතා රැසක්‌ සිදුවී තිබේ. වර්තමාන විදුහල්පතිනිය චක්‍රලේඛනවලට පිටින් ගොස්‌ තමන්ට රිසි අයුරින් ළමුන් කිහිප දෙනෙක්‌ ඇතුළත් කරගෙන තිබේ. එම නිසා මෙම නීති විරෝධී ක්‍රියා කලාපය පිළිබඳ පළාත් ප්‍රධාන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ගිණුම් කාරක සභා, පෙත්සම් කාරක සභා සඳහා ද පැමිණිලි කර ඇත. මේ වන විටත් ඒ සඳහා පරීක්‍ෂණ සිදු වෙමින් පවතී.

    නීති විරෝධී අයුරින් ළමුන් ඇතුළත් කරගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස්‌ කොමිෂන් සභාවට සහ මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කිහිපයක්‌ කර තිබේ. මේ වන විටත් ඒවා විසඳමින් පවතින නමුත් කිසිදු සාධාරණ ප්‍රතිඵලයක්‌ ලැබී නොමැත.

    සහකාර විදුහල්පතිනියගේ දියණියක්‌ පාසලේ දහවැනි ශ්‍රේණිය සඳහා ඇතුළත් කරගෙන ඇත්තේද නීති විරෝධී අයුරින්ය. තවද ඉහළ පොලිස්‌ නිලධාරියකුගේ දියණියක්‌වද අට ශ්‍රේණිය සඳහා ඇතුළත් කරගෙන ඇත්තේ කුමන පදනමක්‌ මතද යන්න දැඩි ප්‍රහේළිකාවකි.

    මූල්‍ය වංචා රැසක්‌ද මෙම පාසල තුළ සිදුවී ඇතැයි කියති. පාසල් සංවර්ධන සමිතියේ රුපියල් ලක්‌ෂ තුනක වංචාවක්‌ සිදුවී ඇති අතර අද වන තුරු ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක්‌ සිදුවී නොමැත. තවද ආදි ශිෂ්‍ය කාර්යාලය වසරකට ආසන්න කාලයක සිට වසා දමා තිබේ. එහෙත් පුදුමය වනුයේ එම වසා ඇති කාර්යාලයටත් රුපියල් 43,000 ක දුරකථන බිලක්‌ ගෙවා තිබීමයි.

    පාසල තුළ තිබෙන ආපන ශාලාව අවුරුදු දෙකකට බාහිර පාර්ශ්වයකට කුලියට දී ඇතත් එයින් ලැබුණ ආදායම වශයෙන් සඳහන් කර ඇත්තේ රුපියල් 10,000 කි. බොහෝ අය චෝදනා කරන්නේ එම ආපන ශාලාවෙන් පාසලට ලැබිය යුතු ආදායම නිසියාකාරව නොලැබෙන බවයි.

    පාසලට ෆොටෝ කොපි යන්ත්‍රයක්‌ ලැබී තිබුණේ පරිත්‍යාගයක්‌ වශයෙනි. එහෙත් එම යන්ත්‍රය මිලට ගැනීමටද රුපියල් 75,500 ක මුදලක්‌ වියදම් වූවා යෑයි සඳහන් කර ඇත්තේ කුමන හේතුවක්‌ මතද යන්න පොඩි ළමයකුටද වුවද තේරුම්ගත හැකිය.

    පාසල් පහසුකම් ගාස්‌තු වශයෙන් වසරකට රුපියල් 500 ක මුදලක්‌ එකතු කළත් කිසිදු පහසුකමක්‌ ළමයින්ට ලබා නොදෙන බවට බොහෝ දෙමාපියෝ චෝදනා කරති. හදිසියේ සිසුවියක්‌ අසනීප වූ අවස්‌ථාවකවත් පාසලේ දුරකථනය භාවිතා කිරීමට සහකාර විදුහල්පතිනිය ඉඩ නොදෙන බවට චෝදනා එල්ල වෙති. එසේ වුවත් ගුරු දිනය සඳහා රුපියල් 77800 ක මුදලක්‌ වියදම් කර ඇත්තේ ළමා සුබසාධනය ගැන ශතපහකටවත් මායිම් නොකර බව සමහර ආදි සිසුවියෝ චෝදනා කරති.

    පළමු පන්තිය සඳහා ළමයකු ඇතුළත් කර ගැනීමේදී පහසුකම් ගාස්‌තු සහ අනිවාර්යයෙන්ම ගෙවිය යුතු මුදල්වලට අමතරව වෙන කිසිදු මුදලක්‌ අයකර ගැනීම නීති විරෝධී ක්‍රියාවකි. එහෙත් මෙම විදුහලේ විදුහල්පතිනිය පළමු ශ්‍රේණිය සඳහා ළමයකු ඇතුළත් කර ගැනීමේදී එක්‌ ආදි ශිෂ්‍යාවකගෙන් රුපියල් 30,000 ක මුදලක්‌ අයකර ගනී. මෙම හේතුව නිසා සමහර ආදි ශිෂ්‍යාවන්ට සුදුසුකම් තිබුණත් මුදල් නොමැතිකම නිසා තම දරුවා පාසලට ඇතුළත් කිරීමට නොහැකි වේ.

    රුපියල් 4221996.00 ක මුදලක්‌ 2017.12.31 දිනට පාසල් ආදි ශිෂ්‍ය ගිණුමේ තිබිය යුතු වුවත් එදිනට තිබුණේ ලක්‌ෂ හතකට ආසන්න මුදලක්‌ බව සඳහන් වේ. ඉතිරි ලක්‌ෂ 35 ක මුදලට කුමක්‌ සිදුවූවේ දැයි යන්න දන්නේ කිහිප දෙනෙක්‌ පමණි. තවද එක්‌ වරක්‌ හිටපු භාණ්‌ඩාගාරිකවරියට පුද්ගලික හේතුවක්‌ මත රුපියල් 125,000 ක මුදලක්‌ එම ගිsණුමෙන් ලබාදී ඇත.

    පසුව ඒ ගැන විමසීමේදී විදුහල්පතිනිය පවසා ඇත්තේ අත්වැරැද්දක්‌ නිසා එය සිදුවූ බවයි. වගකිවයුතු නිලධාරිනියක්‌ වන ඇය අතින් මෙවැනි බරපතළ ගණයේ අත්වැරැදි සිදු වෙනවා නම් පාසලේ පරිපාලන කටයුතු සිදු කරන්නේ කෙසේද යන්න විශාල ප්‍රහේළිකාවකි.

    ජනවාරි 28 වැනි දින මෙම විදුහලේ අයවැය වාර්තාව ඉදිරිපත් විය. එහි ගැටලු සහගත තැන් බොහොමයක්‌ තිබුණු බවට සමහරු චෝදනා කරති. එසේම එම අයවැය වාර්තාව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක්‌ සකසා ඇති නිසා සමහර දෙමාපියන්ට එය කියවා තේරුම් ගැනීමටද නොහැකි වී තිබේ.

    පාසලේ මූල්‍යමය ගැටලු එසේ තිබියදී පරිපාලන ගැටලු රැසක්‌ තිබෙන බවටද චෝදනා එල්ල වී තිබේ.

    පසුගිය වසරේ පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානයක්‌ ලෙස යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයද නම්කර තිබිණි. එසේ නම්කර තිබියදීත් 2017.12.10 වන දින පස්‌වරු 5 සිට රාත්‍රී 10 පමණ දක්‌වා එම පාසලේ ප්‍රධාන ශාලාවේ සහ භූමිය තුළ විදුහල්පතිතුමියගේ උපන්දින සාදය පවත්වා තිබේ. එම සාදය සඳහා ගුරු භවතුන් සහ ඇගේ හිතවතුන් පිරිසක්‌ සහභාගි වී තිබිණි. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානයක්‌ තුළ තම බලය පතුරුවමින් මෙවැනි උපන්දින සාද පැවැත්වීම කෙතරම් අනූන ක්‍රියාවක්‌ද යන්න එම විදුහල්පතිනියට නොතේරුණේ මන්ද යන්න අපටද විශාල ප්‍රහේළිකාවකි.

    පාසලේ ගුරු භවතුන්ද දෙවිදියක සැලකුම් ලබන බව කියති. තමන්ට පක්‍ෂපාතී අයට කිසිදු හිරිහැරයක්‌ සිදු නොකරන අතර ඇයගේ සමහර ක්‍රියා කලාපයන් හෙළා දකින ගුරු භවතුන්ට විවිධ කෙණෙහිලිකම්වලට මුහුණපෑමට සිදුවේ. එයට හොඳම උදාහරණය වනුයේ දැනට ප්‍රාථමික අංශය භාරව සිටින නියෝජ්‍ය විදුහල්පතිනිය කිසිදු හේතුවක්‌ නොමැතිව ඉවත්කොට එම අංශයද විදුහල්පතිනියගේ යටතටම ගැනීමටය. එලෙස ඉවත්කර ඇත්තේ විදුහල්පතිතුමියගේ සමහර අත්තනෝමතික ක්‍රියා කලාපයන්වලට ඇය එරෙහි වීම නිසාය. තවද පරිපාලන නියෝජ්‍ය විදුහල්පති, අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිවරුන්ටද කිසිදු වගකිවයුතු රාජකාරියක්‌ ඇය පවරා නොමැත.

    පාසල් බස්‌රිය, දුම්රිය ආදී ප්‍රමාදවීම් නිසා නිසි වේලාවට පාසලට පැමිණීමට නොහැකි වන සිසුවියන්ට සහකාර විදුහල්පතිනිය ලබා දෙන්නේ දැඩි දඬුවම්ය. සමහර අවස්‌ථාවලදී එම සිසුවියන් ලවා වැසිකිළි පවා සෝදා ගනිති. එයට අමතරව දරුවන්ගේ මානසික මට්‌ටම ගැනද නොසිතා ඉතා පහත් ආකාරයෙන් ඔවුනට බැණ වදිති.

    සහකාර විදුහල්පතිනියගේ අඬන්තේට්‌ටම් ඉවසා ගැනීමට නොහැකිව තවමත් එක්‌ සිසුවියක්‌ අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබති. තවද සිසුවියන් නොකරන වැරැදිවලට බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන පරුෂ වචනයෙන් බැණ දැඩි දඬුවම් පමුණුවති. මෙම තත්ත්වය මත පාසලට කීර්තියක්‌ අත්කර දුන් දැරියක්‌ දැන් පාසලට පැමිණීමට බියෙන් නිවසට වී සිටියි.

    වරක්‌ මෙම පාසලේ සමහරු ගුරු භවතුන්ගේ දඬුවම් ඉවසා ගැනීමට නොහැකිව සිසුවියක්‌ දුම්රියට පැන සියදිවි නසා ගත්තාය. තවද වෛද්‍යවරියකගේ දියණියක මානසික ආබාධයකින් පෙළෙන්නේද සමහර ගුරු භවතුන්ගේ තාඩන පීඩන නිසාය. මල්වැනි ළමුන්ට සුළු වරදකට පවා දැඩි දඬුවම් දීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

    අධ්‍යාපන චක්‍රලේඛවලට අනුව උසස්‌ පෙළ සිසුන්ට දින දෙකක අධ්‍යයන චාරිකාවකට සහභාගි විය හැකිය. එහෙත් කිසිදු හේතුවක්‌ නොමැතිව එම චාරිකාව දින එකකට පමණක්‌ සීමා කර ඇත්තේ සිසුවියන්ගේ බලවත් අකමැත්ත මතය. සමහර විට විදුහල්පතිනිය එය එක්‌ දිනකට සීමාකර ඇත්තේ ළමයින්ගේ ආරක්‌ෂාව ගැන සිතා වන්නට පුළුවන. එහෙත් පාසලේ අනෙක්‌ බොහොමයක්‌ කටයුතු අකාර්යක්‍ෂම ආකාරයට සිදුවන විට ළමයින්ට හිමිවිය යුතු දෑ මෙලෙස කප්පාදු කිරීම කෙතරම් අසාධාරණද?

    තවද මෙම පාසලේ වාණිජ අංශයේ විදුහල්පතිනියට හිතවත් එක්‌ ගුරුවරයෙක්‌ ඔහුගේ පෞද්ගලික පන්තියට සහභාගි වෙන සිසුවියක්‌ නිසා පාසලේ දී සමහර පාඩම් ඉගැන්වීමෙන් වැළකී සිටී. ඒ සමඟම ඔවුනට සැර පරුෂ ලෙස බැණ වදිමින් පවසන්නේ තමාගේ පෞද්ගලික උපකාරක පංතියට සහභාගි වන ලෙසයි. එලෙසම ඔහු කිහිප වරක්‌ වාර පරීක්‍ෂණ සඳහා පාඩම්වලට අදාළ සීමාව ඉක්‌මවමින් ප්‍රශ්න පත්‍ර සාදා දරුවන් අපහසුතාවට පත්කර තිබේ. සිසුවියන්ට මෙතරම් කෙණෙහිලිකම් කරන මෙම ගුරුවරයා ගැන කොතරම් පැමිණිලි කළත් විදුහල්පතිනිය මේ වන තුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැත.

    පාසලේ හිටපු බැඩ්මින්ටන් පුහුණුකරු ඉවත්කර අධික මුදලකට නව පුහුණුකරුවකු බඳවාගෙන තිබේ. එම පුහුණුකරු මීට පෙර දැරියක්‌ දූෂණයට ලක්‌ කිරීමේ චෝදනාවකට ලක්‌වූ අයකු බවද සඳහන් වේ. ඒ සමඟම ඔහුගේ සිරුරේ පච්ච කිහිපයක්‌ද කොටා ඇති බව සඳහන් වේ. සමහර දෙමාපියන් තම දරුවා බැඩ්මින්ටන් ක්‍රීඩාවට කැමැති වුවත් එයට සහභාගි නොකරවන්නේ මෙම පුහුණුකරුගේ තරම හොඳින් දන්නා නිසාය. එවැනි පුහුණුකරුවකු මෙවැනි බාලිකා පාසලකට බඳවා ගත්තේ කුමන හේතුවක්‌ මතද යන්න බොහෝ අයට ගැටලුවකි.

    ගම්පහ යශෝධරා දේවි බාලිකා විදුහල තුළ මෙතරම් අක්‍රමිකතා රැසක්‌ සිදු වෙමින් සහ සිදුවී තිබියදීත් ඒ ගැන වගකිව යුතු නිලධාරින් සියලු දෙනාව දැනුවත් කර තිබියදීත් මේ වන තුරු විදුහල්පතිනිය සහ චෝදනා ලැබූ අදාළ ගුරු භවතුන් පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක්‌ පවත්වා නොමැත්තේ දේශපාලන හේතුවක්‌ මතද යන්න සමහරු චෝදනා එල්ල කරති. මේ වගකිවයුතු නිලධාරීන් වෙත කෙරෙන කාරුණික ආයාචනයයි. පක්‍ෂ පාට නොබලා මෙම විදුහල ගැන විධිමත් පරීක්‍ෂණයක්‌ සිදු කරන්න. එසේ නොකළහොත් හෙට දිනයේ රට භාර ගන්නට සිටින එම සිසුවියන්ට මහත් අසාධාරණයක්‌ සිදුවනු ඇත.

    ගයාන් සමරසිංහ
    (දිවයින)