Category: සුපිරි Cases

  • දින කිහිපයක බුකි තහනමත් එක්ක බුකිය ගිනිගත්ත හැටි මෙන්න…

    දින කිහිපයක බුකි තහනමත් එක්ක බුකිය ගිනිගත්ත හැටි මෙන්න…

    ෆේස්බුක් ඇතුලු සමාජජාලා වෙබ් අඩවි තහනම දිගටම පවත්වා ගැනීම පිළිබදව සමාජජාලා වෙබ් අඩවි තුලින්ම දැඩි විරෝධයක් එල්ලව තිබුණා. ෆේස්බුක් තහනම පිළිබදව සමාජජාලා වෙබ් අඩවි වල පළව තිබු නිර්මාණ කිහිප‍යක් පහතින් , 

     



    \


     

  • අහිමි වූ බුකිය යලි දිනාගන්න පාට පක්ෂ නැතුව බයික් පදින තරුණයෝ කරන්න යන දේ මෙන්න…

    අහිමි වූ බුකිය යලි දිනාගන්න පාට පක්ෂ නැතුව බයික් පදින තරුණයෝ කරන්න යන දේ මෙන්න…

    රජය විසින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය තහනම් කිරීම තමන්ගේ මානව හිමිකම් කඩවීමක් යැයි පවසා ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය කටයුතු කර තිබේ.

    එම සංගමයේ සභාපති විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ලිපියක් මගින් සිදුවීම පිළිබදව පැමිණිලි කර තිබේ.

    එම ලිපිය පහතින් ,

    ”පසුගිය 7 වැනිදා උදැසන සිට ලංකාවේ සිදුවන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ගත් තීරණය මගින් මිලියන 4.5 ඉක්‌මවූ සමාජ ජාලා භාවිත කරන පුරවැසියන්ගේ මානව හිමිකම් කඩ කිරීමක්‌ සිදුකර ඇති බැවින් නිතිය හා සාමය ඇමතිවරයාට හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව මා විසින් ජිනීවා හි පිහිටි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ පැමිණිල්ලක්‌ කිරීමට 2018.03.09 දින පියවර ගනු ලැබීය.

    මානව හිමිකම් උල්ලංඝනය කරන පුද්ගලයන්ට දඬුවම් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට නීති ප්‍රතිපාදන අවම වීම නිසා හා විධිමත් පැමිණිලි විභාගයකට ප්‍රමාණවත් නිලධාරීන් ප්‍රමාණයක්‌ නොමැති නිසා අදාළ පැමිණිල්ල කවුන්සලය වෙත ගෙන ඒමට තීරණය කළෙමි.

    තහනම තුළින් නිදහසේ අදහස්‌ ප්‍රකාශ කිරීමට හා තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කරනා ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙනා ජගත් මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වන වගන්තිය සම්පූර්ණයෙන්ම රජය  කඩ කර ඇති බවට මම චෝදනා කරමි.

    තෙල්දෙණිය හා රට තුළ ඇතිවන ජාතිවාදී සිද්ධීන් වලට මුල රජයේ දුර්වලතා හා පොලිසියේ දුර්වලතා බවද මා එහිදී පෙන්වා දෙයි. රජය විසින් සමාජ වෙබ් අඩවි තහනම් කිරීමෙන් එම සංවිධානාත්මක කණ්‌ඩායම් හට වාසියක්‌ සිදුවූ බවද මා එහිදී පෙන්වා දෙයි. මන්ද පරිගණකය පිටුපස සිටි ෆේස්‌බුක්‌ වීරයන් තහනම නිසා කුපිත වී පාරට බැස්‌සේය.”

  • ජාතිවාදීන් ගිණි තැබූ මුස්ලිම් හෝටලය සංහිදියාවෙන් එක දවසින් යලි විවෘත කරයි..!

    ජාතිවාදීන් ගිණි තැබූ මුස්ලිම් හෝටලය සංහිදියාවෙන් එක දවසින් යලි විවෘත කරයි..!

    අන්තවාදීන් කීපදෙනකු විසින් අද අළුයම (මාර්තු 11) ගිනිතබා විනාශ කරන ලද ආනමඩුව ‘මදීනා’ හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු පියවර ගත්හ.
    අළුයම 2.15 ට පමණ යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙන අතර හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇත. 
    ඒ සමග දේශපාලනඥයන්, නගරයේ ව්‍යාපාරික සංගමය සහ ආගමික නායකයන් එක්ව අද දවස තුළම එම හෝටලය කලින් තිබුණ තත්වයට පත් කර එය විවෘත කරන බව කියා සිටියහ. 
    ඒ අනුව ආණමඩුවේ 250 කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් හෝටලය ප්‍ර‍තිසංස්කරණය කිරීමට එක්වූහ.
    පාර්ලිමේන්තු මන්ත්‍රී,රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර, ආණමඩුව ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ දේශපාලන පක්ෂවල සභිකයින්, පොලීසිය සහ ආගමික නායකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    Image caption යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙයි
    “රාත්‍රී හතට පෙර අපි මේ ආපන ශාලාව නැවත විවෘත කරනවා. ආනමඩුව නගරයේ තියෙන එකම මුස්ලිම් හෝටලය මෙයයි. අපි හැමදාම සාමයෙන් ජීවත් වූ පිරිසක්” එම මෙහෙයුමට එක්ව සිටි පුද්ගලයෙක් කියා සිටියේය.
    . 
    ගින්න නිවා දමා හෝටලය කලින් පැවති අයුරින් සකස් කිරීමට පියවර ගත් ඔවුහු පස්වරු පහ පමණ විට විනාශයෙන් සියයට හැත්තෑපහකට වැඩි වැඩ කොටසක් නිම කිරීමට සමත් වූහ.
    ප්‍ර‍හාරයට පැමිණි යතුරුපැදි කරුවන් ගේ දර්ශන සීසීටීවී කැමරාවන්ගේ සටහන් වී ඇති බව ද තහවුරු නොකළ ආරංචි මාර්ග දක්වයි. 
    ගින්නෙන් ඇති වූ අලාභය ස්ථිර වශයෙන් තක්සේරු කර නොමැති බව හෝටල් හිමිකරු ප්‍රකාශ කළත්, බැලූ බැල්මට රුපියල් ලක්ෂ පනහකට ආසන්න අලාභයක් සිදුව ඇති බවක් එම අලාභය දුටු පුද්ගලයෝ පවසති.
    එම ස්ථානයට රැස් වූ සියලු ජන කොටස්වල මැදිහත්වීමෙන් ‘ආනමඩුව වෙළද සංගමය’ විසින් එක දිනක් ඇතුළත හෝටලය යථා තත්වයට පත්කරනු ලැබීම කාගේත් පුදුමයට හේතු විය. 
    Image caption අළුයම 2.15 ට පමණ හෝටලයට ගිනිතබා ඇත්තේ හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් යයි සැළකෙයි.
    හෝටලයට ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දීමට ක්‍රියා කරන බවත් එම ස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේය.
  • රට වැනසූ ජාතිවාදී  ගැටුම් වලට 230ක් අත්අඩංගුවට… ඔවුනට වෙන්න යන දේ මෙන්න…

    රට වැනසූ ජාතිවාදී ගැටුම් වලට 230ක් අත්අඩංගුවට… ඔවුනට වෙන්න යන දේ මෙන්න…

    පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවු නොසන්සුන්කාරි තත්වයත් සමග පුද්ගලයින් 161 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය සදහන් කරන්නේ මෙම පිරිසට අමතරව අම්පාර, මොරටුමුල්ල, බදුල්ල, මාවතගම, කුරුවිට හා කල්මුණේ ප්‍රදේශයන් හිදි තවත් පුද්ගලයින් 69 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුනා.

    මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබුනේ පසුගිය 06 වෙනිදා සිට  (11) වනදා උදෑසන දක්වා වු කාලයේදි යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සදහන් කරනවා.

  • ශ්‍රී ලංකාවේ බුකි තහනම ඉවත්කරන්න ඇමරිකාවත් කරලියට……

    ශ්‍රී ලංකාවේ බුකි තහනම ඉවත්කරන්න ඇමරිකාවත් කරලියට……

    ශ්‍රී ලංකාවට පනවා ඇති සමාජ ජාලා වෙබ් අඩවි තහනම කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයට විදෙස්  රාජතාන්ත්‍රිකයන් විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ලක් රජය විසින් සිදුකරනු ලබන මෙම ක්‍රියාවලියෙන් මෙරට ජනතාව මෙන්ම විදේශීකයන් ඇතුළු විදෙස්  රාජතාන්ත්‍රිකයන් ද පීඩාවට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් සිය ට්වීටර් පිටුව මගින් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය ජාල මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගන්නා විද්‍යුත් සන්නිවේදන ක්‍රමවේදයක් බවයි.

    වෙනස් වන ලෝකයේ සමාජ ජාලා වෙබ් අඩවි මගින් සිදුකර මහඟු සේවාව අගය කළ යුතුව ඇති අතර එහි ඇති හොඳ සහ නරක යන දෙකම සමසේ වටහා ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    මෙවැනි මාධ්‍යයන් ඔස්සේ ප්‍රචණ්ඩත්වය පතුරවන්නන් සහ එය දැක නොඉවසිල්ලෙන් කටයුතු කරන පිරිස් ඊට වගකීව යුතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවිවලට කිසිවක් කිරිමට නොහැකි බව ද ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් ශ්‍රී ලංකා රජයට කරුණු පැහැදිළි කර දී තිබෙනවා.

    එමෙන්ම වෛරයෙන් පිරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් රජය අවදානය යොමු කර ඔවුන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරිම මිස තවදුරටත් සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරිම සාධාරණ නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    පසුගිය දින කිහිපය පුරා මහනුවර සහ අම්පාර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය හමුවේ එය පාලනය කිරිම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි නීති ක්‍රියාත්මක කළ අතර සමාජ ජාල මාධ්‍ය සියල්ල තාවකාලිකව අවහිර කර එහි භාවිතය සීමා කිරිමට කටයුතු කළා.

    මේවන විට දිවයිනේ ගැටුම් පැවති ප්‍රදේශවල තත්ත්වය සාමකාමී වුවද සමාජ ජාලා සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති තීරණය ඉවත් කිරිමට මෙතෙක් කටයුතු නොකළ අතර රටතුල සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කළ හැකි ද යන්න පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකා රජය කරුණු සොයා බලමින් සිටින බවයි සඳහන්.

  • අවහිර කරපු බුකියට මොකද වෙන්නේ?  විශේෂ සාකච්ඡාවක් අද….

    අවහිර කරපු බුකියට මොකද වෙන්නේ? විශේෂ සාකච්ඡාවක් අද….

    ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිතයි.

    එහිදී මෙම අවහිරතා ඉවත් කරන්නේද? නැතහොත් තවදුරටත් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. 

    ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජජාලා වෙබ් අඩවිවලට පිවිසිම අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කළේ ඉකුත් 7 වැනිදා සිටයි.

    ඒ, මහනුවර ප‍්‍රදේශයේ පැවති තත්ත්වය සැළකිල්ලට ගනිමින්. ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය තොරතුරු පතුරවාහැරීම වැලැක්වීම එහි අරමුණ වුණා. කෙසේවෙතත් ආණ්ඩුව පසුව ප‍්‍රකාශ කළේ මෙම තහනම පැය 72 ක කාලයක් සඳහා පමණක් පැනවූ බවයි. එහෙත් එම කාලය දැන් අවසන් වී තිබෙනවා. 

    කෙසේවෙතත් සමාජජාල මාධ්‍ය තහනම ඉවත් කිරීමට රජය කටයුතු කරනු ඇත්තේ රට තුළ ජාතිවාදී, ආගම්වාදී හා අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හැරීම නැවතී ඇති බවට ආරක්‍ෂක අංශ රජයට වාර්තා කිරීමෙන් පසුව බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ වනවිට පනවා ඇති තහනම කඩිනමින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනතෙක් ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බවටද වාර්තා වුණා. 

    මේ අතර සමාජජාල මාධ්‍ය මෙන්ම මෙරට මාධ්‍ය සඳහා ද නීති පද්ධතියක් හදුන්වා දිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. ඒ සදහා ජාත්‍යන්තර රටවල ආදර්ශය ගත හැකි බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

    මේ අතර අන්තර්ජාලය භාවිත කරමින් ජාතීන් අතර අසමගිය ඇතිවන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා ලබන 22 වැනිදා තෙක් මාකොළ තරුණ රැදවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට අධිකරණය ඊයේ (11) නියෝග කළා.

  • තෙල්දෙනියේදී මියගිය කුමාරසිංහගේ ඥාතීන් මුළු රටෙන්ම ඉල්ලන ඇසට කදුළු එන ඉල්ලීම මෙන්න…

    තෙල්දෙනියේදී මියගිය කුමාරසිංහගේ ඥාතීන් මුළු රටෙන්ම ඉල්ලන ඇසට කදුළු එන ඉල්ලීම මෙන්න…

    සිය ඥාතියාගේ මරණය හේතුවක් කර ගනිමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා නතර කරන ලෙස, තෙල්දෙණියේදී සිදු වූ පහරදීමෙන් මියගිය ලොරි රථ රියදුරු කුමාරසිංහගේ ඥාතීහු ගැටුමට සම්බන්ධ වී සිටින සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිති.

    සිය ඥාතියාගේ මළ සිරුර නගරයට රැගෙන යෑමට විවිධ අය ඉල්ලා සිටි නමුත් ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගේද අනුශාසනා මත තමන් ඊට එකඟ නොවූ බවද සැකකරුවන්ට එරෙහිව අධිකරණය මගින් නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔවුහු ප්‍රකාශ කරති.

    ‘අපි ඉල්ලන්නෙ මේ සිද්ධිය හින්දා අපේ මිනිස්සු ඇණකොටා ගන්න එක නතර කරන්න කියලා. මේකෙන් පස්සෙ කීදෙනෙක් නැති වුණාද? ඒ මරණවලට කවුද වගකියන්නෙ?’ මියගිය එච්.ඩී. කුමාරසිංහගේ සොහොයුරු එම්. ජයන්ත පවසයි.

    ‘දැන් ඔය හොඳටම ඇති ගහමරා ගත්තා. අපි ඉල්ලන්නෙ පුළුවන් නම් මේ ළමයින්ට සාධාරණයක් කරන්න.’ සොහොයුරිය නන්දාවතී මැණිකේ ප්‍රකාශ කරයි.

    ‘මොනවද දැන් මේ වෙන්නෙ? අපේ පුතා අපිට නැති වුණා. දැන් බලන්න, කී දෙනෙකුගෙ ළමයින්ට තාත්තලා දකින්න නැද්ද? ඒ තාත්තලා හිරේ ගිහින් තියෙන්නෙ මොනවටද? අනුන්ට ගහලා. මේවා නවත්තන්න කියලා ඉල්ලන්න විතරයි අපිට පුළුවන්.’ මියගිය කුමාරසිංහගේ මාමා වන ආර්. පියදාස කියයි.

    එච්.ඩී. කුමාරසිංහගේ ගෙදරට පේරකැටිය, පුස්ගෝවට යා යුතුය. ඒ කියන්නේ මහනුවරත් පසු කර, දිගනත් පසු කර, තෙල්දෙනියත් පසු කර තවත් කිලෝමීටර් විස්සක් පමණ ඇතුළට යා යුතුය. ඒ පාරේ පදිංචිකරුවන් හැර අන් කිසිවකු යන්නේ කලාතුරකින් විය හැක. ඇත්තටම ඒ මග දුෂ්කරය. කඳුකරය ලස්සන වුණත්, ඒ යටින් දිවෙන ඇත්ත විශ්වාස කළ නොහැකි තරම් තිත්තය.

    එච්.ඩී.කුමාරසිංහ යනු පසුගිය දින කිහිපයේ රට පුරා කතාබහට ලක් වූ කලහකාරී සිදුවීම් වලට මුල් වූ පුද්ගලයා ලෙස ඇතැමෙක් හඳුන්වන්නාය. මාධ්‍ය මගින් හිතෙන-හිතෙන දේ ලියමින්-කියමින් කළ විකාරයද මේ අත්තනෝමතික කලහකාරිත්වය අවුළුවන්නට සෑහෙන දායකත්වයක් ලබා දී තිබිණි.

    තෙල්දෙනිය නගරයේ ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුවා සිංහ මුදලාලිය. ඒ වගේම කුමාරසිංහ රියැදුරු රස්සාව කළ ලොරියේ අයිතිකරුවාද ඒ මුදලාලිමය. දවල්ට ගෙදර නැති, මහ රෑට ගෙදර එන කුමාරසිංහ ඔය කියන විදිහට මේ සිද්ධියට වගකිව යුතුද?

    කොළඹ සිට පෞද්ගලික සමාගමක කිරිපිටි තොගයක් පටවාගෙන එමින් සිටියදී තෙල්දෙනිය නගරයේදී ඔහුට පහර දී තිබේ. ලොරිය ඉස්සර කිරීමට එකවර ඉඩක් නොදීම ඊට ආසන්නතම හේතුව වී ඇතැයි ප්‍රකාශ වේ. මේ වන විට අදාළ පහරදීමට සම්බන්ධ වූ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    පුළුවන් නම් මේ ළමයි දෙන්නට සාධාරණයක් කරන්න
    එම්.ජයන්ත –
    මිය ගිය කුමාරසිංහගේ සහෝදරයෙක්
    ‘අපේ අයියා කාටවත් කරදරයක් නැති කෙනෙක්. කොටින්ම හරියට ඇහෙන්න කතා කරන්නෙවත් නෑ. එයා කාලයක් රට හිටියෙ. ඔය රස්සාවට යන්න පටන් අරන් දැන් අවුරුදු එකහමාරක් විතර ඇති. උදේ පාන්දර වැඩට යනවා. මහ රෑට ගෙදර එනවා. එයාට යාළුවෙක් ආශ්‍රය කරන්නවත් වෙලාවක් නෑ. ඒක හින්දා මට හොඳටම විශ්වාසයි, මෙතැන වෙන කිසිම පෞද්ගලික ප්‍රශ්න මොකුත් නෑ කියලා.  දැන් අපිට වෙන්න තියෙන දේ වුණා. අයියා අපිට නැති කළා. අපි ඉල්ලන්නෙ මේකට සම්බන්ධ අයට උපරිම දඬුවම් දෙන්න කියලා. පහුගිය දවස් ටිකේ ඒ ගැන අපිට සැකයක් තිබුණා. ඒත් දැන් මේක උසාවිය ඉදිරියේ තියෙන හින්දා සාධාරණයක් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා.

    අපි ඉල්ලන්නෙ මේ සිද්ධිය හින්දා අපේ මිනිස්සු ඇණකොටා ගන්න එක නතර කරන්න කියලා. මේකෙන් පස්සෙ කීදෙනෙක් නැති වුණාද. ඒ මරණ වලට කවුද වගකියන්නෙ. අපේ පන්සලේ හාමුදුරුවොත් අපිට කිව්වෙ අයියාගෙ මිනිය කොහෙවත් ගෙනියන්න දෙන්න එපා කියලා. අපි අයියාව පවුලේ සුසාන භූමියෙ මිහිදන් කළා. අයියගෙ මිනිය ගේනකොටත් ප්‍රශ්න ආවා. දිගන ටවුන් එකේ මිනිය තියාගන්න හැදුවා. පොලිස් ජීප් එකක් ආපු හින්දා තමයි මිනිය ගෙදරට ගේන්න පුළුවන් වුණේ. නැත්නම් අයියගෙ මිනිය පාරවල් ගාණෙ කුණු කරයි.

    අපිට සල්ලි දෙන්න හැදුවා, අපි ලක්ෂ දෙකක් ගත්තා වගේ බොරු කතා මාධ්‍යවලිනුත් පැතිරෙව්වා. ෆේස්බුක් එකේ බොරු දැම්මා. අයියගෙ මළ ගෙදරට සෙනඟ ආවා තමයි. මේ දුෂ්කර පැත්තට කවදාවත් ආවෙ නැති අය අයියගෙ මළගෙදරට ආවා. ඒ ගොල්ලන්ගෙන් අපි සල්ලි ගත්තෙ නෑ. හැබැයි ඒ ගොල්ලො පස්සෙ අයියගෙ මිනිය අරන් යන්න ඉල්ලුවෙත් නෑ. සමහර මාධ්‍යවල ගියෙ අයියගෙ මිනිය ටවුන් එකට අරන් ගියා කියලා. හිස් පෙට්ටියක් මිනිය වගේ අරන් ගියා කියලත් බොරු කිව්වා. ඇයි මේ විදිහට මිනිස්සු ඇවිස්සුවෙ.

    මං ඉල්ලීමක් කරනවා, අයියගෙ ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙකුගෙ වයස දහතුනයි. අනෙක් එක්කෙනාට එකොළහයි. පොඩි පුතාට ආබාධිත තත්ත්වයකුත් තියෙනවා. අම්මාට බෙහෙත් ගන්න මාසෙකට ලොකු ගාණක් යනවා. නංගි රස්සාවක් කරන්නෙත් නෑ. සහෝදර-සහෝදරියො විදිහට අපිට වුණත් උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඇත්ත කතාකරන්න ඕනනෙ.

    අයියා රට ගිහින් අවුරුදු හයක් හිටියා. ඒ හම්බකරපු සල්ලි ඔක්කොම වියදම් කළේ ඔය අසනීපවලට තමයි. ඒක නිසා අයියට උදව් කරන්න ඇත්තටම ඕනෙ නම් මේ ළමයින්ට උදව්වක් කරන්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලනවා.’

    දැන් ඔය හොඳටම ඇති ගහමරා ගත්තා
    – නන්දාවතී මැණිකේ –
    මිය ගිය කුමාරසිංහගේ සොහොයුරියක්
    ‘අපේ අයියා කාටවත් කරදරයක් කළේ නෑ. අයියා මැරුවා කියලා දැනගත්තට පස්සෙ අනෙක් අයටත් කේන්ති යන්න ඇති. ඒත් දැන් ඒ සිද්ධි ඔක්කොම ඉවරයි. අයියගෙ හත් දවසෙ බණ අද රෑට. දැන් ඔය හොඳටම ඇති ගහමරා ගත්තා. අපි ඉල්ලන්නෙ පුළුවන් නම් මේ ළමයින්ට සාධාරණයක් කරන්න. ඒ ගොල්ලන්ට බෙහෙත් ගන්න සෑහෙන ගාණක් යනවා. ගෙදර වියදම් තියෙනවා. ඔය ඔක්කොම කළේ අයියගෙ මාසෙ පඩියෙන්. මේ ගේ තාම හදලා තියෙන්නෙ බාගෙට. පුළුවන් නම් මේ ප්‍රශ්න විසඳලා දෙන්න.   අපේ අයියාගෙ ලොකු චේන් එකක් තිබුණා. ඒක හොරෙන්ම පන්සලට පූජා කරලා. එයා ඒ වගේ කෙනෙක්. හිත හරි හොඳයි. ළමයින්ටත් කිසි අඩුපාඩුවක් කරන්නෙ නෑ. පුළුවන් විදිහට හැමදේම කළා. දැන් කවුද ඒවා කරන්නෙ. මේ ළමයි දිහා බලන්න. ඒ ගොල්ලන්ට අසනීප තියෙනවා. ඒවා හොඳ කරන්න බෑ කියලා දොස්තර මහත්තුරු කියලා තියෙන්නෙ. කවුද මේ ළමයි බලාගන්නෙ. අයියාට මේ අපරාදෙ කරපු අය එක්ක මටත් ලොකු තරහක් තියෙනවා. ඒත් මොනවා කරන්නද.’


    තව ළමයින්ට තාත්තලා නැති කරන්න එපා
    – ආර්. පියදාස –
    මිය ගිය කුමාරසිංහගේ මාමා
    ‘මොනවද දැන් මේ වෙන්නෙ. අපේ පුතා අපිට නැති වුණා. දැන් බලන්න, කී දෙනෙකුගෙ ළමයින්ට තාත්තලා දකින්න නැද්ද. ඒ තාත්තලා හිරේ ගිහින් තියෙන්නෙ මොනවටද. අනුන්ට ගහලා. මේවා නවත්තන්න කියලා ඉල්ලන්න විතරයි අපිට පුළුවන්. අපි මේ ගම්වල මිනිස්සු. අපි කියන ඒවා කවුද අහන්නෙ. පුතාගෙ මළගෙදරට ආපු සිය ගාණක් සෙනඟ දැක්කා. ඒත් ඊටපස්සෙ ඒ අය නෑ.
    මුල් දවස් දෙකේ ගෙදරට පොලිසියෙන් ආරක්ෂාවත් දාලා තිබුණා. දැන් ඒවාත් නෑ. හැමදේම ඔහොම තමයි. අපි ගැන බලන්න ඉන්නෙ කවුද. පොලිසිය ලොකු අයගෙන් කප්පම් ගන්නවා, අපිට කොහෙන්ද කප්පම් දෙන්න හයියක්. මං බලාගෙන ඉද්දිම සමහරු පොලිසියෙ මහත්තුරුන්ටත් හයිපාට් දැම්මා. අපි පොලිසි ගාණෙ ගිහිනුත් නෑ. යන්න ඕනෙකමකුත් නෑ. මං කියන්නෙ මේ සේරම බොරු වැඩ. අපිට අපේ පුතා නැති වුණා තමයි. මේ ළමයි දෙන්නට තාත්තා නැති කළා වගේ තව ළමයින්ට තාත්තලා නැතිකරන්න එපා. ඒක සහගහන අපරාධයක්.’

  • චීනයේ බුකිය නැති හින්දා සාමකාමිලු – බය නැති මෝඩ අගමැති රටට කියපු ගොබ්බ කතාව මෙන්න…

    චීනයේ බුකිය නැති හින්දා සාමකාමිලු – බය නැති මෝඩ අගමැති රටට කියපු ගොබ්බ කතාව මෙන්න…

    එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හමුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විනි. රටෙහි ඇතිවූ අර්බුධකාරී තත්වය මෙම රැස්වීමේදී විශේෂ මාතෘකාවක් විය.

    මෙහිදි අමාත්‍ය පී. හැරිසන් කීවේ  “නුවරට බස්‌වලින් සෙනඟ ඇදලා කලබල කරවලා තියෙන්නේ සිවුරු ඇඳ ගත්ත අය කියලයි කියන්නේ… ඒත් සිවුරු දාගෙන ඉන්න හැමෝම හාමුදුරුවරු ද කියලා පොලීසියයි ජනතාවයි දෙගොල්ලම විමසිලිවත් වෙලා බලන්න ඕන…” ලෙසය.
     
    “සමාජ වෙබ් අඩවි නවත්තපු එක ගැන අපි ටිකක්‌ කල්පනා කරන්න ඕන. මේවයින් හුඟක්‌ දෙනෙක්‌ වැඩ ගන්නවා. සීමිත පිරිසක්‌ තමයි මේවා නරක දේවල් වලට යොදා ගන්නේ. ඉතින් මේ සීමිත දෙනාගේ වැඩ නිසා මුළු රටකම ඉන්න ජනතාවට තමන්ගේ අයිතියක්‌ අහිමි වුණා.” නවීන් දිසානායක පුළුල් විග්‍රහයක්‌ කරන්ට පටන් ගත්තේ ය.
     
    “ඒවාට දින කීපයක තහනමක්‌ දැම්මේ. ඒ වෙලාවෙ ඉඳල ගැටුම් අවම වුණා. මේවාට අදාළ නව නීති ගේන්න වෙනවා. ෆේස්‌බුක්‌ නිසා සිදුවන හානිය තහනම හරහා වලකාගත හැකි බවට අද ලංකාව ලෝකයටම ආදර්ශයක්‌ දී තිබෙනවා” යෑයි අගමැති කීය.
     
    “ජර්මනිය පිලිපීනය වගේ රටවලිනුත් මේවා තහනම් කරල ලැබූ වාසිවලට නිදසුන්. චීනයේ ෆේස්බුක් වට්‌ස්‌ඇප් අරව මේවා මොකුත් නෑ. චීනය අපට දැන් තාක්‌ෂණික හා නීතිමය උපදේශන ලබාදීමටත් සූදානම් බවට පණිවිඩ ලැබෙමින් තිබෙනවා” අගමැතිවරයා ප්‍රකාශ කළේය.
     
     “මේ ගිනි නිසා අගමැති හා ආණ්‌ඩු මාරුවයි විශ්වාසභංගයයි ගැන දැන් ආරංචියකුත් නෑ. ඒකාබද්දෙ කණ්‌ඩායම් රැස්‌වීමකදී වීරවංශ විශ්වාසභංගය ගැන කතා කළාම රැවුල ගිනි ගත්ත වෙලාවෙ සුරුට්‌ටු පත්තු කරල ලැඡ්ජ වෙන්න එපා කියල මහින්ද කෑගහල කියලත් ආරංචියි. පී. හැරිසන් කීවේ එවැන්නකි”
     

  • එජාපය ඉන්නවා මහනුවර සිදුවීම පසුපස –  ජනපති මෛත්‍රී සාක්ෂි සහිතව හෙළිකරපු හැටි මෙන්න.!

    එජාපය ඉන්නවා මහනුවර සිදුවීම පසුපස – ජනපති මෛත්‍රී සාක්ෂි සහිතව හෙළිකරපු හැටි මෙන්න.!

    මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල හටගත් නොසන්සුන්තාවය රටෙහිම අවදානය දිනාගත්තා. මෙම සිදුවීම පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දක්වා තිබුණා. එම සංවාදය පහතින් ,

    ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, මුලින්ම අම්පාරේ නොසන්සුන්තාවයක්‌ ඇතිවුණා. ඊට සතියකට පසු මහනුවර ප්‍රදේශයේ නොසන්සුන්තාවයක්‌ ඇතිවුණා. මේ සිද්ධි දෙක මේ රට යළිත් වර්ගවාදී ගින්නක දහනය කරවීම සඳහා හොඳටම ප්‍රමාණවත්. විශේෂයෙන්ම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව රැස්‌වී තිබෙන අවස්‌ථාවක මෙවැනි සිද්ධි ඇතිවීම හේතුවෙන් ජාතික වශයෙන් පමණක්‌ නොව ජාත්‍යන්තර වශයෙන් ද මේ රට අපකීර්තියට ලක්‌වෙනවා. රාජ්‍ය නායකයා ලෙස ඔබ මේ තත්ත්වය ඇතිවීම දකින්නේ කොහොමද…?
     
    පිළිතුර – අම්පාර සිද්ධිය පැහැදිලිවම සැලසුම් කරලා කරපු වැඩක්‌. ඒක අහඹු සිදුවීමක්‌ හෝ හදිසියේ ඇතිවුණු තත්ත්වයක්‌ නෙවෙයි. කලින් සංවිධානය කරපු සිදුවීමක්‌. 
     
    මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ රියෑදුරෙකුට පහරදීම කලින් සංවිධානය වෙච්ච එකක්‌ නෙවෙයි. මුස්‌ලිම් තරුණයෝ තුන්දෙනෙක්‌ හොඳටම මත්පැන් පානය කරලා, ත්‍රීවීල් එකක යනකොට, තවත් වාහනයක ගැටුණා. මේ තරුණයන් තිදෙනා අනෙක්‌ වාහනයේ රියෑදුරුට ගැහුවා. දවස්‌ කීපයකට පස්‌සේ ගුටි කෑ තරුණයා රෝහලේදී මිය ගියා. එතන වැරැද්ද ඒගොල්ලන්ගේ.
     
    මට පේන විදියට අම්පාර සිද්ධියත්, රියෑදුරුගේ මරණයත් යන දෙකම එකට තියලා, අවසනාවන්ත තත්ත්වයක්‌ දක්‌වා එය යම් පිරිසක්‌ විසින් එය සංවිධානය කළා. අම්පාර සිද්ධිය සංවිධානය කරපු පිරිස, මේ ප්‍රශ්නය මහනුවරටත් ගත්තා කියලයි, මම විශ්වාස කරන්නේ. එක පැත්තකින් මේකේ අන්තවාදීන්ගේ ක්‍රියාකලාප තියනවා. තවත් පැත්තකින් ආණ්‌ඩුවට විරුද්ධව දේශපාලන බලවේගවල පසුබිමකුත් තියනවා. එයට හේතු සාක්‌ෂි, සාධක බොහෝ තිබෙනවා. එක උදාහරණයක්‌ ගත්තහම පෙනෙන දෙයක්‌ තමයි තෙල්දෙණියේ මුස්‌ලිම් ජනතාවගේ කඩවලට ගහන කොට, ඒ කඩ පේළියේම මුස්‌ලිම් කඩයක්‌ තියෙනවා ඡන්ද ලකුණක්‌ තියෙන. ඒ ලකුණ තිබෙන මුස්‌ලිම් කඩේට ගහන්නේ නැතිව, ඒ අයිනේ තිබෙන අනිත් ඔක්‌කොම කඩවලට ගහලා තියෙනවා. 
     
    කුලියාපිටියේ මුස්‌ලිම් කඩ දෙකකට පහර දුන්නා. එක්‌සත් ජාතික පක්‌ෂයෙන් තරග කරපු අපේක්‌ෂකයෙක්‌, ඔහුගේ වාහනයෙන් ගිහින් එම පහරදීම කර තිබෙන බව පරීක්‌ෂණවලදී හොයා ගෙන තිබෙනවා. සමහර දේවල් පැහැදිලිවම, දේශපාලන පසුබිම්වලින් ආණ්‌ඩුවට විරුද්ධව සිද්ධ කරපුවා බව මේ සාධක වලින් පෙනෙනවා. සමහර අය දේශපාලන පසුබිමක්‌ නැතිව අන්තවාදී විදියට හිතන අය. මේ තත්ත්වය තුළ තමයි මේ ප්‍රශ්නය වර්ධනය වුණේ… 
     
    මහනුවර ප්‍රදේශයේ කලබල කරන අයට විශාල වශයෙන් අරක්‌කු, කසිප්පු ඒ ගම්වලටම ගිහිල්ලා දෙන වැඩපිළිවෙළක්‌ තිබිලා තියෙනවා. රජයේ නිලධාරීන්, පොලීසිය, හමුදාව, ස්‌වාමීන් වහන්සේලා ඒ අය කියන්නේ මේ විදිහේ පහරදීම් කරන අයව ගිහින් හම්බ වුණාම, ඒ කවුරුත් එක්‌ක කතා කරන්න පුළුවන් හොද සිහියෙන් හිටියේ නැහැ, කියලයි. 
     
    ප්‍රශ්නය – තත්ත්වය සාමාන්‍ය කිරීම සඳහා ආණ්‌ඩුව ගත් ක්‍රියාමාර්ග අතර සමාජ මාධ්‍ය ජාලා තහනමක්‌ ද ක්‍රියාත්මක කළා. එවැනි පියවරක්‌ ගැනීමට හේතුවූ කාරණා පැහැදිලි කළහොත්…
     
    පිළිතුර – අන්තවාදී පිරිස්‌ සමාජ වෙබ් අඩවි පාවිච්චි කෙරුවෙ ඉතාමත්ම පහත් විදියට. මේ ගැටුම වර්ධනය වෙන්න මූලික වශයෙන්ම සමාජ වෙබ් අඩවි හේතු වුණා. ඒ නිසා තමයි අපි ඒවා නියාමනය කරන්න පටන් ගත්තේ. ජාතික ආරක්‌ෂාව සම්බන්ධයෙන් තිබෙන නීති රීති යටතේ එවැනි ක්‍රියාමාගර් ගැනීමේ බලය රජයට තිබෙනවා. කැබිනට්‌ මණ්‌ඩලය සාකච්ඡා කරලා, ජාතික ආරක්‌ෂක මණ්‌ඩලය සාකච්ඡා කරලා, සමාජ වෙබ් අඩවි තාවකාලිකව වාරණය කිරීම සඳහා පියවර ගැනීමට රජයට සිදුවුණා. 

  • අනියම් පෙමට රස වැටි ගෙදර යන ගමන් 05 වසරේ කෙල්ලට අතවර කල සල්ලාලයා මෙන්න..

    අනියම් පෙමට රස වැටි ගෙදර යන ගමන් 05 වසරේ කෙල්ලට අතවර කල සල්ලාලයා මෙන්න..

    සිය මවගේ අනියම් සැමියා විසින් අතවරයට ලක්වූ බාලවයස්කාර දැරියක් පිළිබදව අවාසනාවන්ත පුවතක් අලව්ව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

    මෙම දැරියගේ මව සිය අනියම් සැමියා සමග එකම නිවසේ ජීවත්ව සිට ඇත. මෙම පුද්ගලයා විවාහකයෙකු වන නමුත් සිය විවාහ බිරිඳ අතහැර මෙලෙස මෙම කාන්තාව සමග ජීවත්ව සිට ඇත.

    මෙම සිදුවීම සිදු වූ දිනයේ අවුරුදු 10 ක්‌ වූ දැරිය ශිෂ්‍යත්ව පන්ති සදහා සහභාගී වී ඇත. 
     
    එම අමතර පංතියට සහභාගි වූ දැරිය නිවසට කැඳවා ගෙන ඒමට යතුරුපැදියෙන් ගොස්‌ ඇති සැකකරු එම දැරිවිය යතුරුපැදියේ නංවාගෙන නිවසට පැමිණෙන අතර ප්‍රදේශයේ අතහැර දමා ඇති අන්නාසි වගා බිමකට කැඳවා ගෙන ගොස්‌ අතවරයක්‌ සිදු කර ඇති බව පොලිසිය සිදු කළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය කර ගෙන තිබිණි.
     
     දැරිවිය නිවසට කැඳවාගෙන ඒමට ප්‍රමාද වීම ගැන සොයා බැලීමට දැරියගේ මව එම පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ගැනීමේදී එම ඇමතුම් විසන්ධි කිරීම පිළිබඳව සැක සිතී අසල්වාසීන්ට දන්වා ඒ පිළිබඳ සොයා බැලීමට යැමේදී ප.ව. 5.00 ට පමණ දැරිවිය යතුරුපැදියේ නංවාගෙන පැමිණ ඇති අතර ප්‍රමාද වීමට හේතුව දැරියගෙන් විමසීමේදී සිද්ධිය පිළිබඳව ඇය පවසා තිබේ.
     
     මේ සම්බන්ධයෙන් විමසිලිමත් වූ දැරිවියගේ නිවස අවට පදිංචි අසල්වාසීන් 119 හදිසි ඇමතුම් මාර්ගය ලබාදුන් ඇමතුමක්‌ මත ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන්ට සැකකාර පුද්ගලයා නිවස තුළදී කොටු කර ගැනීමට හැකිව තිබේ.

  • ලකුණු කැපුණු මහින්ද ලකුණු දාගන්න මහනුවරට…  කටින් පැන්න දේකින් රෙදි ගැලවිලා..

    ලකුණු කැපුණු මහින්ද ලකුණු දාගන්න මහනුවරට… කටින් පැන්න දේකින් රෙදි ගැලවිලා..

    පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ ඇතිවූ තත්වය පිළිබද සොයා බැලීමට මහින්ද රාජපක්ෂ  මහනුවරට ගොස් තිබුණා.

    මෙහිදි මල්වතු හා අස්ගිරි අනුනායක හිමිවරුන් ඇතුල් ප්‍රධාන මුස්ලිම් මවුලවිවරුන් එක්ව ගැටලුව පිළිබද සාකච්ඡා කිරීමට මහින්ද  ක්‍රියා කර තිබුණා.

    මෙම සාකච්ඡාවේදී සිදුවීම ඇතිවීම පිළිබදව අදහස් දක්වා සිටි මහින්ද පවසා සිටියේ ‘ ‘අපේ කාලයේ ඕවා ආපුවාම මම පොලිසියට බලය දුන්නා තත්වය පාලනය කරන්න.. වෙඩි තියලා ඒක අපි පාලනය කරා.. රටේ හැම සිදුවීමක්ම අපි පොලිස් බලයෙන් පාලනය කළා.. හානි වෙන්න ඇති. එත් මේ පාර නිතිය හා සාමය ඇමති රනිල් සහ පොලිස්පති දෙන්නම එකයි.. මෙයාලා දෙන්න මේකේ අසාර්ථකයි..” යැයී සදහන් කර සිටියා.

  • අන්තරේ ලහිරුලා මුනිවත රකිද්දී සරසවි සිසුන්ට පහරදුන් රඹුක්වැල්ල පුතා නිදහසේ ගෙදර යයි..

    අන්තරේ ලහිරුලා මුනිවත රකිද්දී සරසවි සිසුන්ට පහරදුන් රඹුක්වැල්ල පුතා නිදහසේ ගෙදර යයි..

    මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. 

    නාවල ප්‍රදේශයේ දී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට පහරදීම සහ බීමතින් රිය පැදවීමේ සිද්ධින් දෙකක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විසින් ඊයේ (09) ඔහු අත් අඩංගුවට ගනු ලැබුවා.

    කෙසේ වෙතත් පහරදීමේ සිද්ධියට අදාළ පාර්ශ්වයන් සමථය පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදු නොවු අතර බීමතින් රිය පැදවීමේ චෝදනාවට එරෙහිව ඔහුට විරුද්ධව නඩු පවරා තිබෙනවා.

    ඒ අනුව අද (10) දින පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

  • මහ සොහොන කාගේද? සියල්ල එලියට… ඇමති චම්පික මාධ්‍ය අමතද්දී කටින් පැනපු දේ මෙන්න..

    මහ සොහොන කාගේද? සියල්ල එලියට… ඇමති චම්පික මාධ්‍ය අමතද්දී කටින් පැනපු දේ මෙන්න..

    අම්පාරේ ඇති වූ වඳපෙති පිළිබඳ ක්‍රියාවලිය ව්‍යාප්ත කරනු ලැබුවේ රාජපක්ෂ හිතවාදීන් විසින් බවත් එමගින් ජාතික රැල්ලක් ඇති කර මුස්ලිම් ජනතාවගේ සහ දමිල ජනතාවගේ ශක්තියෙන් මෙම ආණ්ඩුව පවතින බව පෙන්වමින් සිංහල ජනතාව තුළ අනාරක්‍ෂිත හැඟීමක් ඇති කර, සිංහල ජනතාවගේ බහුතරය දිනා ගැනීමේ උත්සාහයක රාජපක්ෂවරුන් නියැලූන බවද සඳහන් කළේය.

    කරුණු කිහිපයක් පිළිබඳව අවධාරණය කරමින් මෙවැනි සිදුවීම් අනාගතයේදී සිදුවීම වලක්වාගැනීමටත්, මෙවැනි සිදුවීම් හරහා දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරන කුමන්ත‍්‍රණකාරී, අත්වල ලේ තැවරුණු, ලේ ගොහොරුවේ ලැග බලයට ඒම සඳහා පාරවල් කැපීමට වැර වෑයම් දරණ වංචනික දූෂිත පිරිස්වල කුමන්ත‍්‍රණකාරී තත්වය අනාගතයට ගෙන නොයන ලෙසයි අමාත්‍යවරයා සදහන් කළේ.

    අත් අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදු කර, එමගින් කවර ආකාරයක පිරිස්ද, ආගමික නායකයින්, දේශපාලකයින් සම්බන්ධදැයි සොයා බලා විමර්ශනය කර ඒ සියළු දෙනාට දඬුවම් ලබාදිය යුතු බවත් දඬුවම් ලබා නොදීමෙන් සිදුවෙනුයේ තාවකාලික සාමය යට යමින් අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත සිදුවිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

    මෙවැනි වංචනික ප‍්‍රචාර මගින් එනම් මෑත කාලයේ සිදුවූ එක්තරා සිදුවීමක් වන දියතලාවේ බස් රථයේ සිදුවූ පිපිරීමත් සමග එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් නිකුත් කළාය කියන මාධ්‍ය නිවේදනයක් සමග රාජපක්ෂ මහතාගේ අසූචි වලේ ලැගලා ඉන්න පොහොට්ටුවේ නයකයින්ය කියා ගන්න දේශපාලන සූකරයින් විසින් විශාල ලෙස රට ගිණි තියන්න සැදු බවත්, කොටි ත‍්‍රස්තවාදීන් නැගිටින බවත්, ආණ්ඩුව කොටි ත‍්‍රස්තයින් හුරතල් කරන බවටත්, රණවිරුවන්ගෙන් පලි ගැනීම සඳහා එම සිදුවීම සිදුර කර ඇතිබව ප‍්‍රකාශ කරමින් රටගිනි තැබීම සඳහා විශාල ප‍්‍රයත්නයක් යෙදූ බවයි.

    අද එය ආරක්‍ෂක අංශ සෙබලෙකුගේ පෞද්ගලික සිදුවීමක් බවට අද ඔප්පු වී ඇත. එම සිදුවීම මුල් කර ගනිමින් රටේ ජනවාර්ගික ගැටුමක් ඇතිකිරීමට කටයුතු කළ සූකර දේශපාලනඥයින් සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කුමක්දැයි චම්පික රණවක මහතා ප‍්‍රශ්න කර සිටී.

    එමෙන්ම සිදුවීම නැවත නැවත වර්තා කරමින් මේ රට ඇවිලවීමට කටයුතු කළ මාධ්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුව ගවන්නා පියවර ගැන ද අමාත්‍යවරයා ප‍්‍රශ්න කරයි.

    අම්පාරේ ඇති වූ වඳපෙති පිළිබඳ ක්‍රියාවලිය ව්‍යාප්ත කරනු ලැබුවේ රාජපක්ෂ හිතවාදීන් විසින් බවත් එමගින් ජාතික රැල්ලක් ඇති කර මුස්ලිම් ජනතාවගේ සහ දමිල ජනතාවගේ ශක්තියෙන් මෙම ආණ්ඩුව පවතින බව පෙන්වමින් සිංහල ජනතාව තුළ අනාරක්‍ෂිත හැඟීමක් ඇති කර, සිංහල ජනතාවගේ බහුතරය දිනා ගැනීමේ උත්සාහයක රාජපක්ෂවරුන් නියැලූන බවද සඳහන් කළේය. ඒ සඳහා සූකර දේශපාලකයින් විවිධ තුරුම්පු එකින් එක පසුගිය කාලයේදී පාවිච්චි කළ බවත් එහි ප‍්‍රතිපලයක් ලෙස අම්පාරේ සිදුවීම හැඳින්විය හැකි බවත්, ඒ පිළිබඳ රස පරීක්‍ෂක වාර්තාවේදී එය පිටිගුලියක් බව අනාවරණය වූ අතර එමගින් ජීවිතවලට, දේපලවලට, සමාජයට සිදුවූ හානිය දස දහස් ගණනක් බව ද පෙන්වා දෙන ලදි. එම සිදුවීම ඇවිලවීම සඳහා නොයෙක් අයුරින් උපකාර කළ සියළු දෙනාට, අත් අඩංගුවට ගත් පිරිස් සඳහා ඇප ලබාදීමට කටයුතු කළ අය පිළිබඳවත් වහාම සොයා බලා කටයුතු කළයුතු බවද සඳහන් කරයි.

    දිගන සහ මහනුවර ප‍්‍රදේශයන් හි ඇති වූ ගැටුම් කාරී තත්වය පිළිබඳව ගැනීමේදී මහසෝන් බලකාය කියා එකක් තිබෙන බවත් එහි නායකයින් ජාතික හෙළ උරුමයේ නායකයින්ට සම්බන්ධ බව බංකොලොත් රාජපක්ෂවාදීන් ප‍්‍රකාශ කරන බවද මහසොහොන් බලකාය වේවා, වීරවංශ බලකාය වේවා, රාජපක්ෂ බලකාය වේවා මේ පිටුපස සිටින්නේ කවුරුන්ද කියා සොයා බලා අවශ්‍යය නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ප‍්‍රකාශ කරයි.

    විශේෂයෙන්ම ලංකා සී නිවුස් එක පිළිබඳව පොලිස්පතිතුමා දැනුවත් කර තිබෙන බවත්, ඒ පිටුපස සිටිනුයේ උප්පැන්නයක්, හැඳුනුම්පතක්, ගුවන් ගමන් බලපත‍්‍රයක් නැති උපන් ගෙයිම වංචනික දේශපාලනඥයෙක් මේ පිටුපස සිටින බවත් මරණ ගෙවල් වල මරණ යට ගැහුවා සේ මේවා යට ගහන්න කටයුතු නොකරණ ලෙසද මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින බව පොලිස්පතිතුමා වෙත දන්වා යැවූ බවද සඳහන් කළේ ය.

    සයිබර් ත‍්‍රස්ත‍්‍රවාදීන් සම්බන්ධයෙන් ද රජය පියවර ගත යුතු අතර සර්ව පාක්‍ෂික සමුළුවක් හා සර්ව ආගමික සමුළුවක් තියන ලෙස රජයට යෝජනා කළ බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර විදේශ රටවල තානාපතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ද දන්වා සිටි බව ද සඳහන් කළේ ය. මෙම ක්‍රියාවන් අවුලූවන සහ ක්‍රියාත්මක කරන පිරිස් පිළිබඳව වහා නීතිය ක්‍රියාත්මක විය යුතු බවද සඳහන් කරයි.

    හදිසියේ මෙවැනි පහරදීම් සිදු කිරීමට හේතුව 2019 ජනාධිපති සිහිනය බොඳව යෑම බව පවසන අමාත්‍යවරයා 2010 මෙන් සිංහල බහුතරය දිනා ගැනීමට බැරි බව මේ වන විට පැහැදිලි වී තිබෙන නිසා තමන්ට රටේ ජාතික ඡන්දයෙන් තිබෙන්නේ 39% ක් බව අප රට ඉදිරියේ ඔප්පු කිරීම නිසා අපේක්‍ෂා බංගත්වයට පත් ව ඇති බව ද සඳහන් කළේ ය.

    එබැවින් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන ශක්තිමත් චරිතවලට රාජපක්ෂවරුන් බියට පත් වී සූකර දේශපාලනඥයින් ලවා පහරදීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව තමන් ආඩම්බර වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

    මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් කිසිම ජන කණ්ඩායමක් නැවත වතාවක් රාජපක්ෂවරුන්ට රැවටීමට නොහැකි බවත්, පසුගිය මැතිවරණවල ඡන්ද ප‍්‍රතිපල විශ්ලේෂණය කිරීමේ දී මහින්ද සුළඟ බැහැගෙන යන බවත්, මාධ්‍ය සුළඟක් පමණක් ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

    දැන් ඔවුනට ලේ වැගිරීමක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් ජනතාව තවදුරටත් නොරැවටෙන බවත්, අලූත්ගම සිදුවීම ගැන මුල සිටම පරීක්‍ෂණ කටයුතු සිදුකරන අතර එම කි‍්‍රයාවන් සඳහා මූල්‍යමය අනුබලයන් දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සත්‍ය හෙළිකිරීමට කටයුතු කරන බවයි. එසේ නොමැති වුව හොත් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර මෙම සැකය ඉදිරියටත් පවතින බවත් මහසොහොන් බලකාය කවුද? ඒ සඳහා අනුබල දෙන දේශපාලනඥයින් කවුරුන්ද, ඝාතන කල්ලි කණ්ඩායම් රටට වහාම ඉදිරිපත් කිරීම රජයේ වගකීම වන බවද සඳහන් කරන අමාත්‍යවරයා මෙවැනි ජාතිවාදී, ආගම්වාදී අරගල නැවත සිදු නොවන්නට සියලූ දේශපාලන පක්ෂ මෙන්ම සෑම ආගමික සංවිධානයක්ම ඒකාබද්ධ විය යුතු බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

    උපුටා ගැනීම – ලංකා ලීක්ස් 

  • මහ මග මහ දවල් වැඩ පෙන්නු රාජපක්ෂ කදවුරේ හයිය ගත්ත මැර මන්ත්‍රි පක්ෂෙන් දොට්ට….!

    මහ මග මහ දවල් වැඩ පෙන්නු රාජපක්ෂ කදවුරේ හයිය ගත්ත මැර මන්ත්‍රි පක්ෂෙන් දොට්ට….!

    බස් රථ රියැදුරෙකුට පහර දීම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි එම් කේ කසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර සඳහන් කරනවා.

    සීදුවේ දි අද (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරසිටියා.

    “එම මන්ත්‍රිවරයා ඇත්තටම  ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අපේ කණ්ඩායම නෙමෙයි නියෝජනය කරන්නේ. අනික් පැත්තේ කණ්ඩායම. මන්ත්‍රිවරයෙක් මොන පක්ෂයේ වුවත් ඒ වගේ ප්‍රචන්ඩකාරි ක්‍රියාවක නිරත වීම අනුමත කරන්නේ නැහැ.”

    අනුමත කරන්නේ නැහැ විතරද පක්ෂෙන් ක්‍රියාමාර්ග ගන්නේ නැද්ද? ජනතා නියෝජිතයන් මේ විදියට හැසිරුවාම කොහොමද සාමාන්‍ය ජනතාව හසුරුවා ගන්නේ?

    “ඒ පිළිබඳව පක්ෂෙට වාර්තාවක් ඉදිරිපත් වේවි. ඊට පස්සේ පක්ෂේ ඒ පිළිබඳව තීරණයක් ගන්නවා. දැනටමත් ඔහුව අත්තඩංගුවට ගැනීමක් සිද්ධ කරලා තියනවා. නීත්‍යානුකූල කටයුතු සිද්ධ වෙනවා. ඊට අමතරව මේ වගේ කාර්යයන් ගැන පක්ෂේ විසින් විනය ක්‍රියාමාර්ග ගන්නවා.”

  • බිම්ගත රුදුරු කොටි කදවුරක වසර පහක් දුක් වින්ඳ පොලිස් නිළධාරීයා , වසර 28කට පසු මාධ්‍යයට එයි.!

    බිම්ගත රුදුරු කොටි කදවුරක වසර පහක් දුක් වින්ඳ පොලිස් නිළධාරීයා , වසර 28කට පසු මාධ්‍යයට එයි.!

    වසර තිහක් ශ්‍රී ලංකාව පීඩා විදි කොටි ත්‍රස්තවාදය හා බැදුනු අමිහිරි මතක ගොන්න නම් විශාලය. 

    1990 ජුනි මාසයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් උතුරු නැඟෙනහිර පිහිටි හමුදා කඳවුරුවලට එකවර වටකරගෙන පහර දෙන්නට විය. මාන්කුලම් පොලිසියට කොටි ත්‍රස්තවාදීන් ඇතුළු වූයේ පාන්දර 3.30ට පමණය. එහි සිටි පොලිස් නිලධාරීන් 14ක් පමණ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු විය. උප පොලිස් පරීක්ෂක සිසිර සාන්තලාල් ද ඒ අතර විය

    ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකූ එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත්වී වසර 5කට ආසන්න කාලයක් සිරකරුවන් ලෙස වධ කඳවුරුවල දස වධ විඳිමින් සිට පොලිස් නිළධාරීන් නිදහස ලැබූයේ මෙවන් මාර්තු මාසයකදීය. එනම් මීට වසර 23කට පෙරදීය. 

    වසර 28කට පසු කොටි සිරගෙයක් තුල ගෙවූ දිවිය පිළිබදව උප පොලිස් පරීක්ෂක සිසිර සාන්තලාල් සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබුනා. එම සංවාදය පහතින් ,

    “තුනුකායි කඳවුර අපි කාටවත් අමතක නොවන වධ කඳවුරක්. අඩි 15ක් ගැඹුරු වළවල් ඇතුළේ අපි හිටියේ දම්වැල් දමා වෑල්ඩින් කරලා. ඒක විශාල සිර කඳවුරක්. හැම සිරකරුවෙක්ම හිටියේ පොළොවෙන් යට”

    ඔඩ්ඩුසුඩ්ඩාන් පොලිසියෙන් අල්ලාගත් පිරිසකුත් තුනුකායි කඳවුරට ගෙනත් දැම්මා. එක දවසක් රෑ බත්තලකට පැටවූ ලොරියකින් අපිව යාපනයට රැගෙන ගියා. ඒ කිලාලි කළපුව මැදින්. අලිමංකඩ කඳවුරත්, පුනරීන් කඳවුරත් අතරින් තිබූ හොර මුහුදු මාර්ගයකින් තමයි අපිව අරගෙන ගියේ. කොඩිගාමම් පොල්වත්තේ පිහිටි කළුකොටි කඳවුරකත්, චාවකච්චේරිය කඳවුරකත්, වරින් වර අප රඳවා සිටියා. හැමදාම කොටි ත්‍රස්තවාදීන්ගේ පහරදීම්වලට ලක්වුණා. පහරදීම් නිසාම අපේ කිහිප දෙනෙක්ම ඒ කඳවුර තුළදීම මිය ගියා”

    කවුරු ආවත් ඔවුන් අපිව නිදහස් කළේ නෑ. අපේ මිනිස්සු මරාදාන වැඩපිළිවෙළ තුළ තමයි ඔවුන් නිතරම හිටියේ. ජෙනරාල් කොබ්බෑකඩුව මහතා මිය ගිය විට අපි හිටියේ යාපනය නල්වූර්වල ‘ටැංගෝ 4’ කඳවුරේ. ජෙනරාල් කොබ්බෑකඩුව මිය ගිය බව දැනගත් ත්‍රස්තවාදීන් අපි රඳවා සිටි තැනට ඇවිත් අහසට වෙඩි තබමින් හුඟාක් සතුටු වුණා. නමුත් ඒ සියල්ල දෙස අපි බලා හිටියේ හදවතින් හඬා වැටෙමින්. නමුත් ඔවුන් හැමෝම පිළිගත්තා දක්ෂතම අණ දෙන්නා කොබ්බෑකඩුව මහත්තයා බව.

    ත්‍රස්තවාදී අත්අඩංගුවට පත් වී වසර තුනක් ගෙවුණු තැන පොලිස් නිලධාරීහු උපවාසයක් ආරම්භ කළහ. ඒ නිදහස හෝ මරණය වෙනුවෙන්. දින ගණන්, සති ගණන් ගත කළේ වතුර බීමෙන් පමණි. අත්අඩංගුවට පත් නිලධාරීන්ගේ මවුපියන්ට යාපනයට ඒමට රජය අවසර දෙන්නේ නම් සිරකරුවන් නිදහස් කරන බවට ප්‍රභාකරන් දැනුම් දුන්නේද මේ අවස්ථාවේදීය. ඒ අනුව මවුපියන් යාපනයට රැගෙන යෑමට රජය විසින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට භාර කළේය.

    “දින කිහිපයකින් අපේ අම්මලා යාපනයට ආවා. මවුපියන්ට අපිව අඳුනන්න බැරි වුණා. සමහර අම්මලා පුතා ළඟ ඉඳිද්දී ‘මගේ පුතා නෑ’ කියලා කෑ ගහන්න ගත්තා. එය ඉතාම සංවේදී අවස්ථාවක්. නමුත් ත්‍රස්තවාදීන් අප නිදහස් කළේ නෑ. අම්මලා හිස් අතින් ආපහු ගියා. අම්මලා එද්දී අපේ කකුල්වල තිබූ දම්වැල් අයින් කළා. පසුව නැවත කකුල්වලට දම්වැල් දමා වෑල්ඩින් කරලා වළ ඇතුළට දැම්මා. ඉවසන්නම බැරි වුණේ එකට සිටි යහළුවන්ගේ මිය යෑම. මම සිටි වළ තුළම තමයි සාජන් කරුණාරත්න රඳවා හිටියේත්. ඒ වෙද්දී ඔහුගේ දුව 5 වසර ශිෂ්‍යත්වය සමත් වෙලා. ‘මම නිදහස් වෙලා ගිය ගමන් දුව කුරුණෑගල මලියදේව බාලිකාවට දානවා’ ඔහු හැමදාකම එහෙම කිව්වා. නමුත් දවසක් එළිය වැටෙද්දී ඔහු වළ තුළම මිය ගිහින්.

    අතපත්තු කියන්නෙත් මට සිටි හොඳ යාළුවෙක්. වධ කඳවුරේදීත් අපි හිටියේ එකටමයි. දවසක් ඔහු හොඳටම නිදි. වධ කඳවුර තුළ නින්ද යනවා කියන්නේ ලොකු දෙයක්. ඒ නිසා මම ඔහු නැගිට්ටවන්න ගියේ නෑ. නමුත් ඔහු දිගින් දිගටම නිදි. ඒ ගමන මම අතපත්තුගේ උරහිසට අත තියලා කතා කළා. ඔහු මිය ගිහින්.

    නිදහස පේන මානයකවත් නොතිබූ හෙයින් ඔවුන් නැවතත් උපවාසයක් ඇරැඹීය. ඒ කොටි ග්‍රහණයට නතු වී වසර 5ක් ගෙවෙනා විටදීය. එනම් 1995 මාර්තු මාසයේදීය. දින ගණනක් වතුර පමණක් පානය කර වතුර ගැනීමත් නතර කර පැය 36ක් ගත වූ විට ඔවුන් දැඩිව රෝගාතුර විය. ත්‍රස්තවාදීන් විසින් සාන්තලාල් හා සුනිල් දිසානායක යාපනය මහ රෝහලට රැගෙන යනු ලැබුවේ බලහත්කාරයෙනි. සේලයින් ලබා දුන්නේද පොලිස් නිලධාරීන් දෙදෙනාගේ දැඩි විරෝධතාව මැදිනි.

    “අපි සේලයින් කටු ගලවා ඉවත් කළා. ඒ ගමන අපි දෙන්නා විතරක් නිදහස් කරන්න ත්‍රස්තවාදීන් තීරණය කළා. අපි දෙන්නා එයට විරුද්ධ වුණා. සියලු දෙනා දුක් වින්දේ එකට බවත් අපේ නිදහස හෝ මරණය සිදුවිය යුත්තේද එකට බවත් අපි ඔවුන්ට පැවැසුවා.”

    ඒ අනුව පසුදින කොටි කඳවුරට පැමිණි ඇන්ටන් බාලසිංහම් හා තමිල් චෙල්වම් ඇතුළු ත්‍රස්තවාදී නායකයන් අපි නිදහස් කර රතු කුරුස සංවිධානයට බාරදීමට ක්‍රියා කළා.”

    “මේ අපේ භූමිය. නැවත අපේ වැලි පාගන්න ඇවිත් උඹලා කරදර විඳින්න එපා”

    “ඇන්ටන් බාලසිංහම් අවසන් වරට කිව්වේ එහෙමයි. අන්තිමට මේ මාතෘ භූමියෙන් පිටමං වෙන්න වුණේ ඔවුන්ටමයි. එදා නිදහස බලාපොරොත්තුව පුල පුලා බලා සිටියා වගේ අදත් මට එවැනි ආසාවක් තිබෙනවා. ඒ එදා මා සමඟ සිට නිදහස ලැබූ මිතුරන් නැවතත් හමුවන්න. ඔවුන් හමු වී කතා බහ කරන්න මම ආසාවෙන් බලා ඉන්නවා. මොකද අපි සියලු දෙනා දහස් වාරයක් මැරිලා ඉපදුණු අය. දැන් තමයි හැබෑවටම ජීවත් වෙන්නේ. මේ ජීවිතය මඟහැරුණු ඒ මිතුරන් එක්ක බෙදා හදා ගන්න මට ආසයි.”

  • අනියම් පෙමට වහ වැටි අවුරුදු 10ක දැරියට අතවර කළ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට..

    අනියම් පෙමට වහ වැටි අවුරුදු 10ක දැරියට අතවර කළ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට..

    අවුරුදු 10 ක්‌ වූ බාලවයස්‌කාර දැරියක්‌ බරපතළ ලෙස අතවරයකට ලක්‌ කිරීමේ චෝදනාව යටතේ එම දැරියගේ මවගේ අනියම් සැමියා යෑයි පවසන (අවු. 35) විවාහකයකු අලව්ව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොල්ගහවෙල මහෙස්‌ත්‍රාත් ආර්. කේ. ආර්. ජයවර්ධන මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 15 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
     
     පාසල් වේලාවෙන් පසුව පාසලේ පැවැති ශිෂ්‍යත්ව පංතියකට සහභාගි වූ දැරිය නිවසට කැඳවා ගෙන ඒමට යතුරුපැදියෙන් ගොස්‌ ඇති සැකකරු එම දැරිවිය යතුරුපැදියේ නංවාගෙන නිවසට පැමිණෙන අතර ප්‍රදේශයේ අතහැර දමා ඇති අන්නාසි වගා බිමකට කැඳවා ගෙන ගොස්‌ අතවරයක්‌ සිදු කර ඇති බව පොලිසිය සිදු කළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය කර ගෙන තිබිණි.
     
     දැරිවිය නිවසට කැඳවාගෙන ඒමට ප්‍රමාද වීම ගැන සොයා බැලීමට දැරියගේ මව එම පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ගැනීමේදී එම ඇමතුම් විසන්ධි කිරීම පිළිබඳව සැක සිතී අසල්වාසීන්ට දන්වා ඒ පිළිබඳ සොයා බැලීමට යැමේදී ප.ව. 5.00 ට පමණ දැරිවිය යතුරුපැදියේ නංවාගෙන පැමිණ ඇති අතර ප්‍රමාද වීමට හේතුව දැරියගෙන් විමසීමේදී සිද්ධිය පිළිබඳව ඇය පවසා තිබේ.
     
     මේ සම්බන්ධයෙන් විමසිලිමත් වූ දැරිවියගේ නිවස අවට පදිංචි අසල්වාසීන් 119 හදිසි ඇමතුම් මාර්ගය ලබාදුන් ඇමතුමක්‌ මත ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන්ට සැකකාර පුද්ගලයා නිවස තුළදී කොටු කර ගැනීමට හැකිව තිබේ.
     
     විවාහකයකු වන අත්අඩංගුවට ගත් සැකකරු දැරියගේ මවගේ අනියම් සැමියා ලෙස ඔවුන් පදිංචි නිවසේම පදිංචිව සිටී.
     
     සැකකරු විසින් අතවරය සිදු කළ බව කියන බාල වයස්‌කාර දැරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා කුරුණෑගල දිස්‌ත්‍රික්‌ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට යොමු කර තිබෙන බව විමර්ශන කටයුතු සිදු කරන පොලිස්‌ නිලධාරීහු පැවැසූහ.
     
     අලව්ව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඒ. ටියුඩර් අබේවික්‍රම මහතාගේ උපදෙස්‌ සහ මග පෙන්වීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ ඉදිරියට පැවැත්වේ.