Category: සුපිරි Cases

  • සම්බන්ධය නතර කළැයි කෝපයට පත් අනියම් සැමියා අනියම් බිරිදට කරපු දේ මෙන්න…

    සම්බන්ධය නතර කළැයි කෝපයට පත් අනියම් සැමියා අනියම් බිරිදට කරපු දේ මෙන්න…

    අනියම් සම්බන්ධය නතර කිරීමත් ඒ බවට පොලිසියට පැමිණිලි කිරීමත් සම්බන්ධයෙන් කෝපයට පත් පුද්ගලයකු අනියම් බිරියට අතින් පහරදී තුවාල සිදු කොට ඇගේ කොණ්‌ඩය කපා දැමීමේ සිද්ධියක්‌ ගල්ගමුව පොලිසියෙන් වාර්තා වෙයි.
     
     මෙකී පුද්ගලයා බොහෝ කලක සිට විවාහක කාන්තාවක්‌ සමඟ අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ. එකී සම්බන්ධය විවාහක කාන්තාවගේ සැමියාට ආරංචි වීමත් සමඟ ඔහු බිරිඳට කරුණු කාරණා අවබෝධ කරදීමෙන් පසු ඇය අනියම් සම්බන්ධය නතර කරන බවට සැමියාට පොරොන්දුවී ඇතැයි පොලිසිය කීය. ඒ බව පොලිසියට පැමිණිලි කර ඇතැයිද පැවසේ.
     
     මින් කෝපයට පත් අනියම් සැමියා යතුරුපැදියකින් කාන්තාවගේ නිවස ඉදිරිපිටට ගොස්‌ ඇයව නිවසේ සිට පාරට ඇදගෙන විත් අතින් පයින් පහරදී රැගෙන ආ කතුරකින් ඇගේ කොණ්‌ඩය කපා ඇති බව පොලිසියට කීය. 
     
     පහර කෑමෙන් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
     
     සැකකරු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගල්ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. වසන්ත කුමාර මහතාගේ උපදෙස්‌ මත සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කෙරිණි.

     

  • ” දොඩම් වලට තහනම් රසායන ද්‍රව්‍ය ගල්වලා ” හොරණේ සුපිරි වෙළදසැළක සිදුවන දෙයක් එළියට .!

    ” දොඩම් වලට තහනම් රසායන ද්‍රව්‍ය ගල්වලා ” හොරණේ සුපිරි වෙළදසැළක සිදුවන දෙයක් එළියට .!

    හොරණ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසල් දෙකක අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ කහ පැහැති ආනයනික දොඩම් පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී ශ්‍රී ලංකාවේ භාවිතය තහනම් කර ඇති ‘ක්‌ලෝපයිරිනස්‌’ නම් කෘමිනාශකය ඒවායේ අඩංගු වී තිබූ බව තහවුරු විනැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

    මෙම දොඩම් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා පරීක්‍ෂා කිරීමේදී මේ බව අනාවරණය වී තිබේ.

    කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතාගේ උපදෙස්‌ මත ආහාර හා සෞඛ්‍ය පරීක්‍ෂක එල්. එන්. එන්. පෙරේරා මහතා විසින් මෙම දොඩම් පරීක්‍ෂාවට ලක්‌කර තිබේ.

  • එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ජනපති හමුවී කියපු දේවල් මෙන්න….

    එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ජනපති හමුවී කියපු දේවල් මෙන්න….

    ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතින්ගේ සංවිධානය අතර සම්බන්ධතා තහවුරු කිරීම පිණිස වාර්ෂිකව සිදුකරන සංචාරයක් ලෙසින් 4 වන වරට ද මෙරටට පැමිණ සිටින එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබද සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා (Jeffrey Feltman)  (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සාමය සහ සංහිදියාව ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා, ඒ වෙනුවෙන් රජයේ කැපකිරීම් පිළිබද සිය ප්‍රශංසාව පළ කළේය.

    මෙහිදී ප්‍රතිචාර දක්වමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය වෙත ලබාදෙන ආධාර, මගපෙන්වීම් ඇතුඑ සහයෝගය පිළිබද තම කෘතඥතාවය පළ කළ ජනාධිපතිතුමා, ඉදිරියේදීත් ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය අපේක්ෂා කරන බව සදහන් කළේය.

    එමෙන්ම ශ්‍රී ලංකාව ලොව සියලූ රටවල් සමග පවත්වාගෙන යන මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය පිළිබදව සදහන් කළ ජනාධිපතිතුමා, අනාගතයේ දී ද එම ප්‍රතිපත්තිය අනුව යමින් ජාත්‍යන්තර සංවිධාන සහ සියලූ රටවල් සමග කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා රජයේ සංහි`දියා ක්‍රියාදාමය වෙත ද සංවර්ධන උත්සාහයට ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය අනාගතයේදීත් හිමිවන බව සදහන් කළේය.

    ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්විය.

  • ආගමික මධ්‍යස්ථානයක සැගව සිටි තරුණයෝ 18ක් බෝම්බ, කඩු, යකඩ පොලු එක්ක නුවරදි කොටු …!

    ආගමික මධ්‍යස්ථානයක සැගව සිටි තරුණයෝ 18ක් බෝම්බ, කඩු, යකඩ පොලු එක්ක නුවරදි කොටු …!

    පෙට්‍රල් බෝම්බ, කඩු, යකඩ පොලු ඇතුළු ආයුධ තොගයක්‌ සමඟ තරුණයන් දහඅට දෙනකු (18) අලවතුගොඩ ප්‍රදේශයේ ආගමික මධ්‍යස්‌ථානයක සැඟවී සිටියදී පොලිසිය මගින්  (08 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇති අතර පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිපපොලක්ම ඒ අතර වන බව අපට වාර්තා වේ….

    අත්අඩංගුවට ගත් ආයුධ අතර විශාල ප්‍රමාණයේ පෙට්‍රල් බෝම්බ 6 ක්‌ තිබූ බව පොලිසිය පවසන අතර මෙම තරුණයන් රටේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි අය බව විමර්ශනවලින් හෙළිවී ඇත.

    දිලුම් සහ ලොහාන්ගේ අනුදැනුම මත කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ සඳහා පැමිණි පිරිසක්‌ අලවතුගොඩ ආගමික ස්‌ථානයක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත එම ස්‌ථානය ඊයේ අලුයම වැටලූ පොලිසිය මොවුන් අත්අඩංගුවට ගන්නා ලද අතර පසුගිය දින කීපය තිස්‌සේ මහනුවර අවට සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියා රැසකට මෙම පිරිස සම්බන්ධ බවට පොලිස්‌ විමර්ශනවලින් හෙළිවී ඇත.

  • කලබල අස්සේ හොර රහසේ ඉන්දියාවට පනින්න ආපු එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකයෙක් අත්අඩංගුවට

    කලබල අස්සේ හොර රහසේ ඉන්දියාවට පනින්න ආපු එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකයෙක් අත්අඩංගුවට

    එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙකු  (09) ඉන්දියාවට පලා යාමට සූදානම් වූ අවස්ථාවේදී ආගමන හා විගමන නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන කටුනායක පොලීසියට භාරදී තිබෙනවා.

    ඔහු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානය පස්වරු 2-10 ට පිටත් වීමට නියමිතව තිබියදී මොහු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ දහවල් 12 ට පමණ බවයි වාර්තා වන්නේ.

    මුරුගයියා කෝමලගන් නැමති මොහු ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන වසර හයක්ම එල්.ටී.ටී.ඊ.සැකකරුවකු ලෙස රඳවා සිට 2016 සැප්තැම්බර් මස 23 වෙනිදා නිදහස් වූ අයෙක් බවයි.

    අධිකරණය විසින් මොහුව නිදහස් කරණ අවස්ථාවේදී ඔහුට ශ්‍රී ලංකාවෙන් බැහැරව යාම තහනම් කර තිබූ අතර ඔහු මාසයකට වතාවක් පොලීසියේ අත්සන් කිරීමටද නියම වූ අයෙක්.

    මොහු ඉන්දියාවට යන අවශ්‍යතාවය වශයෙන් සඳහන් කර ඇත්තේ කෝවිලක පූජාවක් සඳහා තමන්ට සහභාගි වීමට නියමිතව තිබූ බවයි.

    එල්.ටී.ටී.ඊ.සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ මොහු යාපනය මහනගර සභාවේ සභිකයෙකු වශයෙන්ද කටයුතු කර තිබෙනවා.

    කටුනායක පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

  • රට තුළ සාමය තහවුරුයි – ජනපති විදෙස් තානාපතිවරුන්ට කියයි

    රට තුළ සාමය තහවුරුයි – ජනපති විදෙස් තානාපතිවරුන්ට කියයි

    රට තුළ සාමකාමී වාතාවරණයක් තහවුරු කර තිබෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විදෙස් තානාපතිවරුන් හමුවේ අවධාරණය කර තිබෙනවා. ඒ, රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කැඳවා තිබූ විශේෂ හමුවකදීයි.  

    පසුගිය දින කිහිපයේ රටේ ඇතැම් ප‍්‍රදේශවල පැවැති කලහකාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. මහනුවර දිස්ති‍්‍රක්කයේ ඇතැම් ප‍්‍රදේශවල පැවැති කලහකාරී තත්ත්වයන් නිර්මාණය කිරීමට මුල්වූ සහ කි‍්‍රයාත්මක වූ පිරිස් අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම් දීමට කටයුතු කරන ලෙසට තමා පොලීසිය ඇතුළු අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

    පසුගිය වසර ගණනාවක් පුරා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාර පැවැත්වෙන මාර්තු සහ සැප්තැම්බර් මාසවලදී රට තුළ විවිධ කලහකාරී සිදුවීම් ඇති කිරීමට විවිධ කණ්ඩායම් කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. 
     

    පසුගිය වසර 3 පුරා රට තුළ සාමය සහ සහජීවනය ගොඩනැගීම වෙනුවෙන් රජය උපරිම කැපවීමෙන් කටයුතු කළ බවත් ඉදිරියේදීද ඒ සඳහා උපරිම කි‍්‍රයාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා මෙම හමුවේදී අවධාරණය කළා. මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් කිහිපදෙනෙක්ද එක්ව සිටියා.

  • බුකියේ චන්ඩි වෙලා ජාතිවාදි කතා කිව්වට, උසාවියේදී භය වෙලා හඬා වැටුනු සිසුන් මෙන්න..!

    බුකියේ චන්ඩි වෙලා ජාතිවාදි කතා කිව්වට, උසාවියේදී භය වෙලා හඬා වැටුනු සිසුන් මෙන්න..!

    ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

    ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බව පොලිසිය කියයි.

    මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද, එක් සිසුවකු කොල්ලුපිටියේ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි. මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත ප්‍රකාශ පතුරුවන්නන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා පැවසීය.

    අත්අඩංගුවට ගත් එක් සිසුවෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කළ අතර ඔහු ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළ්ය.

    එම සිසුවා එතෙක් ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තබන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    සිසුවා අධිකරණයේ දී බියවී හඬා වැටුණු බව අධිකරණ ආරංචි මාර්ග කියයි.

  • සැලසුම එයාලගේ.. මහනුවර හා අම්පාරේ ගැටුම ගැන ගම්මන්පිලගේ කටින් කලින්ම පැනපු දේවල් මෙන්න.

    සැලසුම එයාලගේ.. මහනුවර හා අම්පාරේ ගැටුම ගැන ගම්මන්පිලගේ කටින් කලින්ම පැනපු දේවල් මෙන්න.

    රටම නොසන්සුන්තාවයට පත්කරමින් මේ දිනවල මහනුවර ඇවිලී තිබෙන ජාතික ප්‍රශ්නය පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කල්තියාම දැන සිටියාද යන්න පිළිබඳව කරුණු හෙළිදරව් වී තිබේ. 

    එමෙන්ම මෙය කල්තියාම සැළසුම් කල සිදුවීමක් බවට කරුණු හෙළිදරව් වෙමින් පවතින අතර මෙම සිදුවීම් ආරම්භයට පෙර උදය ගම්ම්න්පිල විසින් මාධ්ය අමතමින් සඳහන් කර ඇත්තේ මාර්තු මාසයේ ආයුධ අතටගෙන හෝ රට පුරා කලබලකාරී තත්ත්වයක් ඇති කරන බවයි.

    ගම්මන්පිල මාධ්යට ප්රකාශ කළ පරිදි මේ ක්‍රියාත්මක කර තිබෙන්නේ එම සැළැස්ම ද ? රට පුරා ජාතිවාදී ගින්න අවුළුවමින් ගම්මන්පිල ඇතුළු රාජපක්ෂ සහචරයෝ මේ සැරසෙන්නේ ජාතිය බිල්ලට ලබාදී හෝ බලය ලබාගැනීමේ ක්‍රියාවලියකද  යන්න වහා හෙළිදරව් කරගත යුතුය.

    ගම්මන්පිල විසින් මාධ්ය වෙත කළ ප්‍රකාශය …… 

  • ඔලුව කුඩුවෙන්න තියෙනවා බලාගනින් – අන්තවාදී ගැටුම් එක්කම කරලියට ආපු මන්ත්‍රී/නෝනා මෙන්න..

    ඔලුව කුඩුවෙන්න තියෙනවා බලාගනින් – අන්තවාදී ගැටුම් එක්කම කරලියට ආපු මන්ත්‍රී/නෝනා මෙන්න..

    තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක යමින් සිටි මෙම කාන්තාව සහ මන්ත්‍රීවරයා, පෞද්ගලික බස් රියදුරා සමග ඇතිවු බහින්බස් වීමකින් පසු මෙලෙස පහරදී ඇති බවයි.

    සිද්ධිය පිළිබඳ තලංගම පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

    ගිනි අවියක් ද අතැතිව මෙම කාන්තාව සහ පළාත් සභා මන්ත්‍රීවරයා බස් රථ රියදුරාට පහරදෙන ආකාරය කිසියම් අයෙක් ජංගම දුරකථනයකින් වීඩියෝගත කර තිබුනා.

     

    https://youtu.be/0yh492EAxDI

  • මහනුවර අන්තවාදී ගැටුම මෙතරම් ඇවිලීයාම ගැන හමුදාපති කියන අමුතු කතාව මෙන්න  (Video)

    මහනුවර අන්තවාදී ගැටුම මෙතරම් ඇවිලීයාම ගැන හමුදාපති කියන අමුතු කතාව මෙන්න (Video)

    මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය යළි ඇති නොවීමට ශක්තිමත් සැළැස්මක් අවශ්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

    (09) උදෑසන මහනුවරදි ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ පැවති මාධ්‍ය හමුවකදි යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

    30 වසරක් පුරා පැවති යුද්ධයෙන් හමුදා නිලධාරීන් 28,000 ක් මිය ගිය බවත්, 50,000 ක් පමණ තුවාල ලැබු අතර 20,000 ක් පමණ පූර්ණ වශයෙන් අබාධිත තත්ත්වයට පත් වු බවත් එවැනි තත්ත්වයක් නැවත උදා කිරීමට උත්සහ ගැනීම කණගාටුවට කරුණක් බව ද ඔහු සඳහන් කළේය.

    තමා ද සිංහල බෞද්ධයෙක් බව පැවසු හමුදාපතිවරයා උඩරට පැවති පෞඩ ඉතිහාසයක් ඇති තැනක මෙවැනි ක්‍රියාවක් සිදුවුයේ කෙසේ ද යන්න අද වන විට විශාල ගැටළුවක් වී ඇති බව ද පැවසීය.

    කෙසේ වෙතත් අමිහිරි අතීතයක් ලෙස සිතා මෙය අවසන් කර ශක්තිමත් අනාගතයකට ඉදිරියට යා යුතු බව ද හමුදාපතිවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

  • මුළු රටම බලා සිටි මහනුවර දැන් තත්වය මෙන්න… ජාතිවාදී සිදුවීමෙන් පසු සියල්ල වෙනස්වෙලා….

    මුළු රටම බලා සිටි මහනුවර දැන් තත්වය මෙන්න… ජාතිවාදී සිදුවීමෙන් පසු සියල්ල වෙනස්වෙලා….

    නොසන්සුන් වූ  මහනුවර අද වෙද්දී සන්සුන් !

    මහනුවර දිස්ති‍්‍රක්කයේ තත්ත්වය සාමාන්‍ය අතට පත්ව තිබෙනවා. එම දිස්ති‍්‍රක්කයට ඊයේ පස්වරු හයට පැනවූ ඇඳිරි නීතිය අද (09) උදෑසන හයට ඉවත් කෙරුණා. මේ වනවිට එම දිස්ති‍්‍රක්කයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර අප වෙත කියාසිටියේ.

    මහනුවර ඇති වූ මෙම නොසන්සුන්තාවයේදී හානියට පත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන තක්සේරු කිරීමේ කටයුතුද අද ආරම්භ කරන බවයි මහනුවර දිස්ති‍්‍රක් ලේකම් එච්.එම්.පී. හිටිසේකර කියාසිටියේ. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 20න් තුනක පමණක් නොසන්සුන්තාව හටගත්බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

    ජාතිවාදය අවුලුවන්න ගෙනා පෙට්‍රල් බෝම්බ 23ක් මහනුවරින් සොයාගනී..!

    මහනුවර, ඉලුක්තැන්න ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් පොලීසිය විසින් අද (09) අලුයම සොයාගෙන තිබේ.

    යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිරීමේ අරමුණින් මෙම පෙට්‍රල් බෝම්බ රැගෙන විත් සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරන අතර මෙය කවුරුන් විසින් සිදු කළේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නොමැත.

    ඊයේ (08) වැනිදා ද මේ අයුරින්ම පේරාදෙණිය , ප්‍රගති මාවතේ මාර්ගයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 11ක් සොයා ගැනීමට පොලිසිය සමත් වු අතර මේවා කවුරුන් විසින් ගෙන දමන ලද්දක්දැයි පොලීසිය විසින් පරීක්ෂණ පවත්වයි..

    ජාතිවාදය මඩින්න සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීම අති සාර්ථකයි! ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග මෙන්න..!

    ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් වැනි සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීමට ගත් පියවර මගින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පාලනය කිරීමට විශාල පිටුවහලක් ලැබුණු බව පොලිස් දෙපාර්තමේන්තුව රජයට වාර්තා කර ඇත.

    මහනුවර ප්‍රචණ්ඩකාරීන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම්….

    මහනුවර ඇති වූ නොසන්සුන්තාවයේදී ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණු පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා රජයෙන් ඉල්ලීමක් කරනවා.  

    සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර් ජාතික සම්මුති පනත යටතේ මෙවැනි පිරිස් සදහා නීතිය කි‍්‍රයාත්මකවන බවයි ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ උප සභාපති අලි සබ්රි පැවසුවේ. මෙම චෝදනාවන්ට ලක්ව අත්අඩංගුවට පත්වන්නන්ට සුවිශේෂි කරුණක් මත හැර ඇප හිමිනොවන බවයි ඔහු පවසන්නේ.

    අද පල්ලි යන අයට ජමෙතුල් උලමා සංවිධානය කියපු දේ මෙන්න…

    සමස්ත ලංකා ජමෙතුල් උලමා සංවිධානය ඉස්ලාම් ජනතාව වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ, අද (09) දහවල් සිදු කෙරෙන දේව මෙහෙයදී සහ ඉන් පසුවත් සාමකාමීව කටයුතු කරන ලෙසයි.

    අවශ්‍යතාවක් ඇත්නම් ඉස්ලාම් දේවස්ථාන තුල අද (09) සිදු කරන දේව මෙහෙයන්වල වේලාවන් භාරකාර මණ්ඩලයේ අනුමැතිය සහිතව වෙනස් කර ගැනීමට ද හැකියාව පවතින බවයි සමස්ත ලංකා ජමෙතුල් උලමා සංවිධානය නිවේදනය කළේ.

    ආරක්‍ෂක අංශ සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

    VPN දාගෙන Facebook එකේ දගලන අය ගැනත්  TRC සෙවිල්ලෙන්

    VPN ආදී විකල්ප ක්‍රමවේදයන් භාවිතා කරමින් ෆේස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍යවලට පිවිසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

    එසේම, ජාතිවාදී අදහස් සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන්නන් සහ හුවමාරු කරන්නන් පිලිබදව එම කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිවයි.

    ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

    එම කොමිෂන් සභාව සදහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම පියවර ගෙන ඇති බවයි.

    මහනුවර පාසල් නැවත විවෘත වන දිනය මෙන්න….

    මහනුවර දිස්ති‍්‍රක්කයේ සියළු පාසල් ලබන සදුදා (12) විවෘත කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියාසිටියේ මේ වනවිට එම දිස්ති‍්‍රක්කයේ පවතින ආරක්‍ෂක තත්ත්වය පිළිබද අධීක්‍ෂණය කරමින් සිටින බවයි.

    මහනුවර දිස්ති‍්‍රක්කයේ පාසල් කි‍්‍රකට් තරග සහ රග්බි තරගද මේ වනවිට කල් දමා තිබෙනවා.

    සබැදි පුවත්….

    http://supirigossip.com/archives/15951

     

  • කලහකාරීව හැසිරුණු 110 ක් අත්අඩංගුවේ

    කලහකාරීව හැසිරුණු 110 ක් අත්අඩංගුවේ

     පසුගිය දින 4ක දක්වා කාලය තුළදී කලහකාරීව හැසිරුණ, ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට සමාජ ජාල ප්‍රකාශ සිදුකළ හා ඇඳිරි නීතිය කඩකළ  සැකකරුවන් 110 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

    මෙලෙස අත්අඩංගුවට පත් පිරිස් අතර තෙල්දෙණිය හා අවට ප්‍රදේශවල කලහකාරී සිද්ධි ඇති කිරීමට කටයුතු කළ පුද්ගලයන් 10 දෙනෙකුද සිටින බවත් තෙල්දෙණිය හා ඒ අවට ප්‍රදේශවල තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් තිබෙන බවත්  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

  • රට ගිණි තැබූ මහා සොහොන් බලකායේ සිදුවීම ගැන මහ මොලකරු අමිත් නම් එක්කම සියල්ල වමාරයි….

    රට ගිණි තැබූ මහා සොහොන් බලකායේ සිදුවීම ගැන මහ මොලකරු අමිත් නම් එක්කම සියල්ල වමාරයි….

    මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කෝලාහලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එහි ප‍්‍රධාන සැකකරු හා තවත් නව දෙනෙකු හදිසි නීතිය යටතේ දින 14ක් රදවා තබාගෙන ප‍්‍රශ්න කරන බව පොලීසිය පවසයි.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘මහසොහොන් බලකාය’ නම් සංවිධානයේ ප‍්‍රධානියා වන අමිත් වීරසිංහ ඇතුළු තවත් 09 දෙනෙකි. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කලේ අත්අඩංගුවට ගෙන සිදුකල පළමු ප්‍රශ්න කිරීමේදීම අමිත් විසින් සිදුවීම සැලසුම් කල සහ මුදල් වියදම් කල විපක්ෂයේ ජනපති සිහිනය දකින මිනි මෝරන්ට සබදකම් කියන පුද්ගලයෙකු පිලිබදව සියල්ල හෙලිකල වගයි…

    මෙම පිරිස් විසින් ගැටුම් සදහා සැලසුම් කරන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක්ද ටූ ටියුබය තුල වෙයි.

    අමිත් වීරසිංහ නම් මෙම පුද්ගලයා කලකට  මහසොහොන් බලකාය නිර්මාණය කර ඇත්තේ ජනපති සිහිනය දකින අන්තවාදී විපක්ෂ ප්‍රබලයෙකුගේ කොන්ත්‍රාත් කිරීමට වන අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පෙර කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කලේ මහනුවර දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුද  මෙම ගැටුමට සම්බන්ධ බවයි.

    ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මුස්ලිම් සහ බෞද්ධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වී ඇති බවත් පොලිසිය පවසයි.

    ගිනිබත් කෙරුණු නිවසක් තුළ තිබී 24 හැවිරිදි මුස්ලිම් තරුණයකුගේ මළසිරුරක් සොයා ගෙන ඇති බව සඳහන් කරන පොලිසිය, බෞද්ධ තරුණයෙක් ඔහු ළඟ තබා ගත් අත්බෝම්බයක් පුපුරා යාමෙන් මිය ගොස් ඇති බව සඳහන් කළේය.

    තවත් එකොළොස් දෙනෙකු රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක ප්‍රචණ්ඩකාරී ක්‍රියා හට ගැනුණේ දේශපාලන හේතුවක් මත පොහොට්ටුවේ ප්‍රාදේශීය ප්‍රබලයෙකු වන දෙදරු පියෙකු වූ එම්.ජී කුමාරසිංහ නැමැත්තෙකුට පෙබරවාරි අගභාගයේ දිනෙක තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළදී එජාපයට සබදතා ඇති  මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදෙන ලදුව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වීමත් සමගය.

     

  • ගිනි ගත් රටක ගිණි දැල් නිවන්න නීතිය හා සාමය සදහා ජනපතිගේ විශ්වාසනීය තේරීම රංජිත් මද්දුම..?

    ගිනි ගත් රටක ගිණි දැල් නිවන්න නීතිය හා සාමය සදහා ජනපතිගේ විශ්වාසනීය තේරීම රංජිත් මද්දුම..?

    මේ වන විට මහනුවර ඇතුළු රටේ ප්‍රදේශ කිහිපයක සිදුවන කළකෝලහාල හේතුවෙන් රට පත්ව අරාජිකත්වයෙන් මුදවා ගැනීම වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව පත්කරන ලෙස රජයට පක්ෂපාතී ජනමතයක් නිර්මාණය වී තිබුණද, ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ විශ්වාසනීය තේරීම බවට රංජිත් මද්දුම බණ්ඩාර පත් වෙමින් ඔහුව එම තනතුරට පත්කර ඇත.

    මේ අනුව නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ පත් කර තිබේ. ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද එක්ව ඇත.

     

    සබැදි පුවත්….

    http://supirigossip.com/archives/15944

    http://supirigossip.com/archives/15938

  • හිටිහැටියේ මද්දුම බණ්ඩාරට නිතිය හා සාමය දීපු එක ගැන ෆොන්සේකා කියන අමුතු කතාව මෙන්න…

    හිටිහැටියේ මද්දුම බණ්ඩාරට නිතිය හා සාමය දීපු එක ගැන ෆොන්සේකා කියන අමුතු කතාව මෙන්න…

    නීතිය හා සාමය අමාත්‍යධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමි වීම තමා පුදුමයට පත්වන බව බව  ප‍්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
    අද(08) උදෑසන හුණුපිටිය ප්‍රදේශයේ ඇති ආගමික ස්ථානයන්ගේ සංචාරයකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් මාධ්‍ය වෙත පළ කර සිටියේ නව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩ බාර ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්ය.
    රංජිත් මද්ධුමබණ්ඩාර මහතා තමාගේ හොඳම යහළුවෙක් බවත් අගමැති රනිල්ගේ නිර්දේශය මත ඔහුටවත් නිසි දැනුම් දීමක් නොකර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස පවසා අනතුරුව මෙම අමාත්‍යධූරය ලබා දී ඇති බවත් රටේ ආරක්ෂාවට කැමති සියලු දෙනා මෙම තීරණය නොපිළි ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
    මහනුවර ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය නිසි තැන නිසි නායකත්වයක් නොමැති කමින් ඇති වු බවත් තමා සිටියේ නම් කිසි දා එවැනි සිදුවීමක් ඇති නොවන බවත් රට තුළ සාමය ඇති කර තමාට පළපුරුද්දක් ඇති බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
    සුළු සිදුවීම් හේතුවෙන් හිත් රිදවීම් ඇති වුවද ආණ්ඩුවක් ලෙස ශක්තිමත්ව ඉදිරියට යෑමට සුදානම් බව ත් අවශ්‍ය වු විට නිවැරදි තීරණයන් ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
    සබැදි පුවත්…

  • හිටිහැටියේ රංජිත් මද්දුම බණ්ඩාරට නිතිය හා සාමය ලබාදුන් තිරය පිටුපස ඇත්ත කතාව මෙන්න…

    හිටිහැටියේ රංජිත් මද්දුම බණ්ඩාරට නිතිය හා සාමය ලබාදුන් තිරය පිටුපස ඇත්ත කතාව මෙන්න…

    නීතිය හා සාමය අමාත්‍යධූරය හිටි හැටියේම රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබාදීම පිලිබදව තිරය පිටුපස කතාව අපට වාර්තා වේ…
    අපට ලැබුණු විශ්වාස ආරංචි මාර්ග අනුව අපට වාර්තා වූ පුවත මෙසේය…
    අද උදෑසන හදිසියේම අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර හමුවක් පැවති අතර ඉන් පසුව හදිසියේම රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස නිවේදනයක් ලැබී ඇත…
    ඒ අනුව එහි ගිය ඔහුට තමනට නිතිය හා සාමය ඇමතිධුරය ලබාදීමට සුදානම් වන බව දැනගැනීමට ලැබී ඇති අතර විනාඩි කිහිපයක් තුල ඔහුට එම ධුරයේ දිවුරුම් දීමට අවස්ථාව සලසා තිබීමද සුවිශේෂී සිදුවීමකි….