Category: සුපිරි Cases

  • කුප්‍රකට වෙලේ සුදා නිදොස් කොට නිදහස්….

    කුප්‍රකට වෙලේ සුදා නිදොස් කොට නිදහස්….

    කුප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා මත්කුඩු නඩුවකින් අද (28) නිදොස් කොට නිදහස් කෙරුණා. 2000 වර්ෂයේදී හෙරොයින් ග‍්‍රෑම් 6.07 ක් ළග තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාව මතයි ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ එම නඩුව පවරා තිබුණේ.

    කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඉදිරියේ නඩුවට අදාළ සාක්‍ෂි විභාගය සිදු කෙරුණා. එහිදී නඩුවේ ඉදිරිපත් වී ඇති සාක්‍ෂි සලකා බලා වෙලේ සුදා නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමටයි අද තීරණය කෙරුණේ. 

    ගල්කිස්ස ප‍්‍රදේශයේදී මෙම විත්තිකරු සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප‍්‍රමාණයට වඩා රස පරීක්‍ෂකවරයා වෙත යවා ඇති හෙරොයින් ප‍්‍රමාණය  වැඩි බවට අධිකරණයේදී අනාවරණ කිරීමට විත්ති පාර්ශවයට හැකි වී තිබෙනවා. 

    කෙසේවෙතත් තවත් නඩුවකට වෙලේ සුදා මේ වනවිට මරණ දඩුවමට නියම වී සිටිනවා. එම නඩුවම එලෙසම කි‍්‍රයාත්මක වනවා.

  • යාපනයේ සරසවි සිසුවා එල්ලිලා මැරුනද? මරලා එල්ලුවද? ඇත්ත කතාව මෙන්න…

    යාපනයේ සරසවි සිසුවා එල්ලිලා මැරුනද? මරලා එල්ලුවද? ඇත්ත කතාව මෙන්න…

    යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකුගේ මළ සිරුරක් ඊයේ (27) සවස සොයාගත් බව යාපනය පොලිසිය පවසනවා.

    වවුනියාව හි ස්ථිර පදිංචි එමානුවෙල් සාමුවෙල් නමැති 26 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

    සිසුවා සිය දෙමාපියන් සමග නවාතැන්ගෙන සිටි යාපනය පලාලි වීදියල කන්දර්මඩම මංසන්ධියහි නවාතැන් පොළතුළ තිබි මළ සිරුර සොයාගෙන තිබෙනවා.

    පොලිසිය පැවසූවේ සිසුවා‍ ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට මූලික නිරීක්ෂණයේදී තහවුරු වි ඇති අතර, මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහලේදී අද (28) පැවැත්වීමට නියමිත බවය.

    විභාග පීඩනය හමුවේ අදාළ සිසුවා මියගිය බවට සැකයක් පවතින බවයි තතුදත් ආරංචි පවසන්නේ.සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

  • අම්පාරේ ගැටුමට හේතුව මත්පැන් සම්බන්ධ ගැටලුවක අළු යට තිබු ගිනි පුපුරු… ඇත්ත මෙන්න…

    අම්පාරේ ගැටුමට හේතුව මත්පැන් සම්බන්ධ ගැටලුවක අළු යට තිබු ගිනි පුපුරු… ඇත්ත මෙන්න…

    අම්පාර නගරයේ ආපන ශාලාවකින් ආහාර ලබා ගැනීමට ගිය පිරිසකට එම ආහාර වල තිබී පෙති විශේෂයක් හමුවීමත් සමඟ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් ඇතිව තිබෙනවා. අප කල සොයාබැලීමකදී හෙලිවුයේ මෙම ගැටුමට පාදක වූ සිදුවීම් කිහිපයකම පසුගිය කාලයේ අම්පාර නගරය ආශ්‍රිතව සිදුවී ඇති බවයි.

    මෙම ගැටුමට පෙර අම්පාර නගරයේ එම ගැටුමට පාදකවූ වටපිටාව සැකසීමට හේතුවූ මෙතෙක් හෙලිනොවූ කරනු පහත වීඩියෝව නැරඹීමෙන් දැනගතහැකියි. 

    https://www.facebook.com/supirigossip1/videos/1604795022889431/

  • එජාපයේ රවීගෙන් කරපු දුෂණ ගැන අල්ලස් කොමිසම පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කරයි!

    එජාපයේ රවීගෙන් කරපු දුෂණ ගැන අල්ලස් කොමිසම පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කරයි!

    හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව අද (27) පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ.

    බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසම හෙළිකළ කරුණු සම්බන්ධයෙන ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන්.

    පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන්ට අයත් සමාගමකින් ගෙවන ලද නිවාස බදු මුදල් සම්බන්ධයෙන් අල්ලස් පනත හෝ වෙනත් නීතියක් යටතේ කටයුතු කළ හැකි බවට බැඳුම්කර සිද්ධිය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් දක්වා තිබුණි.

    ඒ සම්බන්ධයෙන්පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ ස්ථාවරය විමසීම සඳහා අදාළ කැඳවීම සිදුකර තිබූ බවයි අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

  • අල්ලන්න අල්ලන්න නැවත පටන් ගන්නා ගණිකා ජාවාරමක් මෙවර යොවුන් නිලියක් එක්ක මාට්ටු..

    අල්ලන්න අල්ලන්න නැවත පටන් ගන්නා ගණිකා ජාවාරමක් මෙවර යොවුන් නිලියක් එක්ක මාට්ටු..

    ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් නාවල වැලි පාරහි පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක්, වැලිකඩ පොලිසිය විසින් ඊයේ (26) රාත්‍රියේ වටලා තිබෙනවා. ජනප්‍රිය යොවුන් නිලියක්ද ඇතුළු ගණිකා වෘත්තියේ යෙදුනු කාන්තාවන් අට දෙනකු මෙහිදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

    මධ්‍යස්ථානයේ කලමණාකරු ලෙස සේවය කළ පුද්ගලයාද අත් අඩංගුවට ගෙන ඇති අතර මොවුන් අධිකරණය වෙත ඉදිරිපත්කරනු ලැබුවා. 

    වැලිකඩ පොලිසියට ලැබුණු තොරතුරක්මත, වැලිකට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩලගේ උපදෙස් මත, වැලිකඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක් කුමාර් ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් අදාල ස්ථානය වටලා තිබෙනවා. 

    මෙම ගණිකා මධ්‍යස්ථානය තමන්ගේ එදිනෙදා ජීවිතයටද බාධාවක් බව ප්‍රදේශවාසීන්ද පවසනවා. අවස්ථා ගණනාවකදී මෙම ස්ථානය වටලා කාන්තාවන් සහ කලමණාකරුවන් අත්අඩංගුවට ගනු ලැබූවද නැවතත් මෙම ස්ථානයේම අදාල ජාවාරම කරගෙන යන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ

  • සැප ගන්න මසාජ් සෙන්ටර් එකින් අල්ලස් ගන්න ගිය ASP අත්අඩංගුවට.. විස්තරේ මෙන්න..

    සැප ගන්න මසාජ් සෙන්ටර් එකින් අල්ලස් ගන්න ගිය ASP අත්අඩංගුවට.. විස්තරේ මෙන්න..

    සම්බාහන මධ්‍යස්ථානයකින් අල්ලස් මුදලක් ලබාගනිමින් සිටියදී” වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී දේශප්‍රිය ජයතිලක  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    රුපියල් 30000ක මුදලක් ලබා ගනිද්දි අද (27) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගැනුනා.

  • අගමැති රනිල් ඇප වුණු, මහ බැංකුව කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් ලොවෙත් නෑ.. සිංගප්පුරුවෙත් නෑ…

    අගමැති රනිල් ඇප වුණු, මහ බැංකුව කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් ලොවෙත් නෑ.. සිංගප්පුරුවෙත් නෑ…

    රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍රයෙකු වූත්, ඇප වී සහතික දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමෙන් පසු එම මහ බැංකුව කොල්ල කන ලද කුප්‍රකට විජාතික අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පුරුවෙනුත් පලා ගොස් ඇති බවට වාර්තාවේ.

    මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් පලා ගොස්‌ ඇති බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    අධිකරණය මඟින් නිකුත් කළ සිතාසිය භාර දීම සඳහා අර්ජුන මහේන්ද්‍රන් මහතා. සිංගප්පූරුවෙනුත් පදිංචි සිංගප්පූරුවේ ලිපිනය වෙත කුරියර් සේවයක නියෝජිතයෝ ගොස්‌ ඇතත් ඒ මහතා එම ලිපිනයේ නොසිටි බව හෙළි වී තිබේ.

    අදාළ සිතාසිය අන්තර්ජාතික කුරියර් සේවාවක්‌ ඔස්‌සේ මහේන්ද්‍රන් මහතා වෙත යෑවීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

    එහෙත් එම ලිපිනයේ මහේන්ද්‍රන් මහතා නොසිටි බැවින් කුරියර් සේවය මඟින් එම සිතාසිය නැවත මෙරටට එවා ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

    ලබන 08 වැනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක්‌ ලබා දෙන ලෙස අධිකරණය මඟින් අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙත සිතාසි නිකුත් කර තිබිණි.

  • රටම ගිනි තියපු හමුදා බස් රථ අත්බෝම්බයේ සැකකරු සිද්ධිය ගැන දීපු ප්‍රකාශය මෙන්න…

    රටම ගිනි තියපු හමුදා බස් රථ අත්බෝම්බයේ සැකකරු සිද්ධිය ගැන දීපු ප්‍රකාශය මෙන්න…

    දියතලාව ප‍්‍රදේශයේදී බස් රථයක ඉකුත් දා පුපුරා ගිය අත්බෝම්බය රැගෙන ආ බව කියන හමුදා සාමාජිකයා මේ වනවිට පියවි සිහියට පැමිණෙමින් ඇතැයි රෝහල් ආරංචි පවසනවා.

    තුවාල ලැබූ මෙම හමුදා සාමාජිකයා ප‍්‍රතිකාර සඳහා පළමුව ඇතුළත් කෙරුණේ දියතලාව රෝහලටයි.

    පසුව ඔහු බණ්ඩාරවෙල රෝහලට මාරු කෙරුණා.

    තවදුරටත් ඔහු ප‍්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේයි. කෙසේ වෙතත් ඔහු සිටින තත්ත්වයෙන් ලබා දුන් යම් ප්‍රකාශයක් පොලීසිය විසින් සටහන් කර ගෙන ඇතැයි පොලිස් ආරංචි පවසනවා.

  • රැගෙන ගිය අයුරු ආරක්ෂිත කැමරාවක පටිගත වු දරුවාගේ නිරුවත් මළසිරුර කැළෑවෙන් හමුවෙයි

    රැගෙන ගිය අයුරු ආරක්ෂිත කැමරාවක පටිගත වු දරුවාගේ නිරුවත් මළසිරුර කැළෑවෙන් හමුවෙයි

    වයස අවුරුදු 10 ක් වන පිරිමි දරුවෙකුව පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් හලාවතින් වාර්තා වෙනවා.

    ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත – ඉරණවිල, සමිදුගම පදිංචිව සිටි සුධීර නිර්මාල් නැමැති  පාසල් සිසුවෙක්.

    පසුගිය 25 වැනිදා මෙම දරුවා අතුරුදහන්වී තිබුණා. කිසියම් අයෙකු දරුවාව කැඳවාගෙන යන ආකාරය ඉරණවිල ප්‍රදේශයේ පිහිටි වෙළද සැලක ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබෙනවා.

    ගම්වාසීන් විසින් කරන ලද සොයා බැලීමකදී අතුරුදහන්වී සිටි දරුවාගේ නිරුවත් මළ සිරුර ඉරණවිල කැලෑවක තිබී අද (27)  පෙරවරුවේ හමුවී තිබෙනවා. දරුවාව ඝාතනය කිරීමට පෙර කිසියම් අපරාධයක් සිදු වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය පෙන්වා දෙනවා.

    හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.

  • බීමතින් අසු පැදෙව්වාට දඩ

    බීමතින් අසු පැදෙව්වාට දඩ

    ඇමෙරිකාවේ, දකුණුදිග කැලිෆෝනියා ප්‍රාන්තයේ 29 හැවිරිදි ලුයිස් පෙරේස් නැමති පුද්ගලයා එම ප්‍රාන්තයේ ප්‍රධාන මහා මාර්ගයක බීමතින් අසුපිට නැගී ගමන් කරමින් සිටියදී අධිවේගී මාර්ග රථවාහන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දඩ නියම කර තිබේ. 

    අසාමාන්‍ය ලෙස ප්‍රධාන මහා මාර්ගයක අශ්වයෙකු පිට නැගී පුද්ගලයෙකු ගමන් කරන ආකාරය නිරීක්ෂණය කළ පොලීසිය ඔහු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී, ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බව පොලීසියට වැටහී ඇති අතර, පසුව සිදුකළ මත්පැන් පරීක්ෂාවේදී සාමාන්‍ය මට්ටමට වඩා දෙගුණයක ඇල්කොහොල් මාත්‍රාවක් ඔහුගේ රුධිරයේ පැවති බවද පොලීසිය කියයි.

    සාමාන්‍යයෙන් බීමතින් මෝටර් රථයක් ධාවනය කර පොලීසියට අසුවූ අවස්ථාවක මෝටර් රථයද පොලීසියට රැගෙන ගියත්, මෙම සිදුවීම සැලවීමත් සමග එම ස්ථානයට පැමිණි මෙම පුද්ගලයාගේ මව වෙත ඔහු පැමිණි අශ්වයා භාරදීමට පොලීසිය කටයුතු කර ඇති අතර මෙම සිදුවීමෙන් ඔහුට විශාල දඩ මුදලකටද යටත් වීමට සිදුවනු ඇති බව පවසන පොලීසිය ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය වෙත මුදාහැර තිබුණේ මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙනි.

    එහිදී, පොලීසිය පවසා තිබුණේ “ඔබට මහා මාර්ගයක නිකරුණේ අසුන් පැදීමට අවස්ථාවක් නැහැ. ඒ වගේම, බීමතින් එවැන්නක් කිරීමට කිසිම අවස්ථාවක් නැහැ” යනුවෙනි.මෙවැනි ක්‍රියාවන් සිදුකිරීමෙන් ඔබේ ජීවිතය, ඔබේ සුරතලාගේ ජීවිතය මෙන්ම, මාර්ගයේ යන අන් අයගේ ජීවිතත් අනතුරට ලක් නොකරන ලෙසද පොලීසිය එම ඡායාරූප පළ කරමින් පවසා තිබුණි.  

    1_Polcw

    2

    3

  • අම්පාර හෝටලයක කෑම කද්දී දම් පාට පෙති හමුවෙයි. කුපිත වූ ප්‍රදේශවාසින් හෝටලය ගිණි තියයි.

    අම්පාර හෝටලයක කෑම කද්දී දම් පාට පෙති හමුවෙයි. කුපිත වූ ප්‍රදේශවාසින් හෝටලය ගිණි තියයි.

    අම්පාර ප‍්‍රදේශයේ ඊයේ (26) රාති‍්‍රයේ කිසියම් කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

    තුන්සියයක පමණ කණ්ඩායමක් හෝටලයක පහරදී එහි බඩු බාහිරාදියට ගිනි තබා පසුව දේවස්ථානයකටද අලාභ හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

    වාහන කිහිපයකටද ඔවුන් විසින් පහරදී තිබෙනවා. 

    ගිනි තැබීමට ලක්වූ හෝටලයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ලබා ගත් ආහාරයක තිබී කිසියම් පෙති වර්ගයක් (දම් පැහැයට හුරු) හමුවී ඇති බවයි පැවසෙන්නේ.

    ඒ බව පාදක කර ගනිමින් කලහකාරී තත්ත්වය ඇතිවූ බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. මේ වන විට පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව තත්ත්වය පාලනය කර තිබෙනවා. 

  • කළුතරදී බන්ධනාගාර ප්‍රහාරයෙන් මිය ගිය නිලධාරියාගේ බිරිඳ කළ හෙළදරව්ව මෙන්න….

    කළුතරදී බන්ධනාගාර ප්‍රහාරයෙන් මිය ගිය නිලධාරියාගේ බිරිඳ කළ හෙළදරව්ව මෙන්න….

    පාතාල සාමාජිකයෙකු වූ සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතනය කරමින් කළුතර ප‍්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට සිදුවූ වෙඩි තැබීමට අදට (27) වසරක් සම්පූර්ණ වනවා.

    එහෙත් මෙම වෙඩි තැබීමෙන් මියගිය හෝ තුවාල ලැබූ නිලධාරින්ට මේ දක්වාත් කිසිඳු වන්දියක් ලබා දී නැහැ.

    බන්ධානාගාර නිලධාරීන් දෙදෙනෙකුද මෙම වෙඩි තැබීමෙන් මිය ගිය අතර තවත් නිලධාරියෙකුගේ පාදයක් කපා ඉවත් කිරිමට සිදුවුණා.

    වෙඩි තැබීම සිදුවී දින කිහිපයක් ගතවූ අවස්ථාවේ බන්ධනාගාර අමාත්‍යාංශය තීරණය කළේ එලෙස මියගිය නිලධාරීන්ට වන්දියක් මෙන්ම ජීවත්ව සිටියේ නම් ඔවුන්ගේ විශ‍්‍රාම වයස පැමිණෙන තෙක් ඔවුන්ට හිමි වැටුපද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබා දීමටයි.

    ආබාධිත වූ නිලධාරියාට සහ තුවාල ලැබූ සෙසු නිලධාරින්ට වන්දි ලබා දීමටද එහිදී තිරණය කෙරුණා. එහෙත් ප‍්‍රකාශිත එම කිසිඳු ප‍්‍රතිලාභයක් මේ දක්වා ලැබී නොමැති බවයි මිය ගිය නිලධාරියෙකුගේ භාර්යාව අප වෙත කියා සිටියේ. 

    අප මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්ද විමසීමක් කළා. එහි ඉහළ නිලධාරියෙකු පැවසුවේ මියගිය නිලධාරීන්ට වන්දි සහ වැටුප් ලබා දීමට අදාළ සියලූ තොරතුරු අමාත්‍යාංශයට යවා ඇති බවයි. ආබාධිත වූ සහ තුවාල ලැබූ නිලධාරීන්ට වන්දි ලබා දීම සඳහා වූ තොරතුරුද අමාත්‍යාංශයට යවා ඇතැයි ඔහු පැවසුවා.

    මේ අනුව අදාළ නිලධාරින්ට තවමත් වන්දි ලබා නොදීම සම්බන්ධයෙන් අප බන්ධනාගාර හා පුනුරුත්තාපන අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළා. එහි ලේකම් පී. සුරේෂ් පැවසුවේ කරුණු සොයා බලා මේ පිළිබඳ අද දිනය ඇතුළත පිළිතුරක් ලබා දෙන බවයි.

  • ශ්‍රී දේවිගේ මරණය ඝාතන කුමන්ත්‍රණයක්… ඉන්දීය මාධ්‍ය සියල්ල හෙළිකරයි…!

    ශ්‍රී දේවිගේ මරණය ඝාතන කුමන්ත්‍රණයක්… ඉන්දීය මාධ්‍ය සියල්ල හෙළිකරයි…!

    ඉන්දීය සුරූපී නිළි ශ්‍රී දේවිගේ මරණට වෛද්‍ය හේතු හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    ඩුබාහිදී ඔවුන් රැදී සිටි හෝටලයේ නාන තටාකයේ දී ඇති වූ අනතුරක් ඇගේ මරණයට හේතු වී ඇති බවයි පශ්චාත් මරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත්තේ

    කෙසේ වෙතත් ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් විවිධ හේතුන් මාධ්‍ය වෙත මේවන විට පල වෙමින් තිබෙනවා.

    මේ අතර ගලීජ් නම් ඉංග්‍රීසි පුවත් පතක් වාර්තා කර තිබුණේ ශ්‍රී දේවි මිය ගොස් ඇත්තේ හෘදබාධායකින් නොවන බවත් ඇයගේ මරණය පසු පස කුමන්ත්‍රණයක් ඇති බවයි.

    සිය ඥාතීන්ගේ විවාහක මංගල්‍යය අවසන් වූ විගස බෝනි කපූර් මුම්බායි බලා පියාසර කළ අතර ඇයට කුතුහලයක් ඇති කිරිමේ අරමුණින් නැවතත් පසුගිය සෙනසුරාදා සවස ඔහු නැවත ඩුබායි නුවරට පැමිණ තිබෙනවා.

    එදින සවස 5.30ට පමණ නින්දෙන් නැගිට්ට ශ්‍රී දේවි විනාඩි 15කට ආසන්න කාලයක් සිය සැමියා සමග සුහද කතා බහක නිරත වූ බවයි ගලීජ් නම් ඉංග්‍රීසි පුවත්පත සඳහන් කර ඇත්තේ.

    එහිදී බෝනි කපූර් රාත්‍රී ආහාරය සඳහා එළියට යාමට ඇරයුම් කළ අතර ඇය ඊට කැමත්ත පල කර තිබුණා.

    රාත්‍රී ආහාරය සඳහා එළියට යාමට සූදානම් වී එන බව පවසා නාන කාමරයට ගිය ඇය පැයකට අධික කාලයන් නාන කාමරයෙන් එළියට පැමිණ නැති බවත් එහිදී කලබල වූ බෝනී කපූර් නානකාමරයේ දොරට කට්ටු කර ඇති බවත් අදාළ පුවත් පල වාර්තා කර තිබෙනවා.

    ඉවසීමේ සීමාව ඉක්මවූ බෝනී කපූර් නාන කාමරයේ දොර කඩාදමා ඇති අතර එහිදී ශ්‍රී දේවි ජලය පිරුණු නාන තොටිල්ලේ සිහි මුර්ජා වී සිටිනු දැක තිබෙනවා.

    ඇයව බේරා ගැනීම සඳහා බෝනී කපූර් උත්සාහ කර ඇති නමුත් එය උත්සාහය පල දරා නොමැති බවයි ගලීජ් නම් ඉංග්‍රීසි පුවත්පත සඳහන් කරන්නේ.

    ඉන් අනතුරුව බෝනී කපූර් සිය මිතුරෙකු එම ස්ථානයට ගෙන්වා ගෙන ඇති අතර අවසානයේ රාත්‍රී 9.00ට පමණ ඩුබාහි පොලීසියට මේ පිළිබඳ දැනුම් දී තිබෙනවා.

    ඇතැම් ඉන්දිය මාධ්‍ය සඳහන් කළේ ඇය හෝටලයේ දී පානය කළ කිරිවලට විෂ මිශ්‍රකර තිබු බවයි.

  • හේතුව හෘදයාබාධයක් නොවෙයි – ශ්‍රී දේවිගේ මරණයට ඇත්තම හේතුව මෙන්න…

    හේතුව හෘදයාබාධයක් නොවෙයි – ශ්‍රී දේවිගේ මරණයට ඇත්තම හේතුව මෙන්න…

    බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවි මිය ගොස් ඇත්තේ හෝටල් කාමරයේ නාන බේසම තුළ ගිලීමෙන් බව වාර්තාවනවා.

    අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව ඇයගේ සිරුරේ ඇල්කොහොල් තිබූ බවත් එය මෙම අනතුර සිදුවන්නට හේතුවක් වෙන්නට ඇති බවත් සඳහන්ය.
        
    තවමත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර ග්‍රල්ෆ් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන පරිදි මෙම දියේ ගිලීමේ අනතුර තවමත් වාර්තා කර ඇත්තේ අධිකරණ වෛද්‍ය වාර්තාවේ පමණක් බවද සඳහන් වෙයි.

    මේ අනුව තවත් වාර්තාවක් ගැනීමට සිදුවීම නිසා මෘත දේහය ඉන්දියාවට යැවීමට තවත් යම් කාලයක් ගත වනු ඇතැයි වාර්තා පවසයි.

    තවමත් පොලිසිය මෙම අවස්ථාවේදී ඇය සමග සිටියේ කවුරුන්ද යන්න සොයා බැලීමට සිදුවීමේ සියළු දත්ත එකිනෙක ගලපමින් සිටියි


  • ලක්ෂ ගණන් සල්ලි කාලා උදයංග අල්ලන්න ගිය අය ටුවර් ගසා හොරා නැතුව ගෙදර එයි….

    ලක්ෂ ගණන් සල්ලි කාලා උදයංග අල්ලන්න ගිය අය ටුවර් ගසා හොරා නැතුව ගෙදර එයි….

    රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවි ජාවාරම්කරුවකු වූ කුප්‍රකට උදයංග වීරතුංගව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුද ඇතිව විදෙස් ගත වූ කණ්ඩායම් හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ලබා ගත් රතු වරෙන්තුව අත ඇතිව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.ඩී ප්‍රියන්ත යන මහත්වරු ඩුබායි බලා ගියහ. විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාද ඊට සහභාගී වීමට නියමිතව තිබුණත් පසුව ඔහු එයින් ඉවත් වී ඇත.

    වසර 2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලදී ගත් මිග් 27 ගුවන් යානා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කරගෙන යන පරීක්ෂණයකට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අවශ්‍ය කර තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.

    යසන්ත කෝදාගොඩ සහ පී.කේ.ඩී ප්‍රියන්ත යන මහත්වරු එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී එරට නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවත්වූහ. එහිදි උදයංග වීරතුංග ඉන්නා තැනක් නොදන්නා බව එම බලධාරීන් යසන්ත කෝදාගොඩ සහ පී.කේ.ඩී ප්‍රියන්ත මහත්වරුන් දෙදෙනාට දැනුම් දී තිබේ.

    එහෙත් ඩුබායිහි උදයංග වීරතුංගට අයත් බව කියන ලිපිනයකට ගොස් පරීක්ෂා කිරීමට එරට පොලීසිය කටයුතු කළද ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා විය.

    ඩුබායි ආගමන විගමන බලධාරීන් උදයංග වීරතුංග රඳවාගත් බවට තොරතුරු ලැබුණු විගස හත් දෙනකුගෙන් සමන්විත රජයේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගියද ඔවුන්ටද උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ජාත්‍යන්තර පොලිසියේ ඩුබායිහි සිටින නිලධාරීන් ශ්‍රී ලංකාවේ නිලධාරීන් පැමිණීමට පෙර උදයංග වීරතුංගගෙන් ප්‍රශ්න කර මුදා හැර තිබිණි.

    ගුවන් යානා වෙන් කරවා ගැනීමට නොහැකි වීම නිසා අවස්ථා තුනකදීම හත් දෙනකුගෙන් යුත් එම කණ්ඩායමේ පිටත්වීම ප්‍රමාද විය. ඔවුන්ට වීසා ලැබීම ප්‍රමාද වීම මෙම ප්‍රමාදයට තවත් හේතුවක් වී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

    ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ජාත්‍යන්තර පොලිසිය උදයංග වීරතුංගට නිකුත් කර තිබුණේ ‘නිල් වරෙන්තු’ පමණකි. එම නිසා ඔහුගෙන් ප්‍රශ්න කර මුදා හැරීමට ඩුබායි පොලිසිය කටයුතු කර තිබිණි. නිල් වරෙන්තු රතු වරෙන්තු තරම් ප්‍රබල නොවේ.

    මෙම තීන්දු ලබා ගැනීමට උපදෙස් දෙන නීති නිලධාරීන් සහ එම තීන්දු ලබා ගන්නා නිලධාරින් එහි ඇති නීතිමය තත්වය පිළිබඳ දිග පළල හොඳින්ම දන්නා අයවලුන් වේ.

    මෙලෙස රතු වරෙන්තු වෙනුවට නිල් වරෙන්තු ලබා ගැනීම, වීසා නිකුත් කිරීමට අවස්ථා ගණනාවකදී පමා වීම ආදිය යම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් දැයි මේ වනිවිට සමාජය තුළ දැඩි සැකයක් මතු වෙමින් තිබේ.

     

  • ලසන්ත ඝාතනයේ නියම මිනීමරුවා නිදැල්ලේ ?ජනමතය සහ පරීක්ෂණ වල අැතුලාන්තය මෙන්න.

    ලසන්ත ඝාතනයේ නියම මිනීමරුවා නිදැල්ලේ ?ජනමතය සහ පරීක්ෂණ වල අැතුලාන්තය මෙන්න.

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට වගකිවයුතු නියම මිනීමරුවා තවමත් නිදැල්ලේ සිටින බවට මේවන විට මතයක් මතුව තිබේ.

    ඒ ලසන්තගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවකු හෝ අත්අඩංගුවට ගෙන නොමැතිවීම නිසාය.

    කිසිවකු අත්අඩංගුවට ගෙන ඇත්නම් ඒ ඝාතනයෙන් පසු එහි සාක්කි වෙනස්කිරීම හා සාක්කි කරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පමණකි.

    එම චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූයේ යුද හමුදා බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන් ප්‍රේම් උදුලාගම හා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන සැකකරුවන්ය.

    ප්‍රසන්නට හා සුගතපාලට මේ වනවිට මෙම ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි විනාශ කිරීම, තොරතුරු වසන් කිරීම, මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම ආදී චෝදනා එල්ලව තිබේ.

    උදලාගමට එල්ල වූ චෝදනාව වී තිබුණේ ලසන්තගේ රියෑදුරෙකු බව කියන ඩයස්‌ නමැත්තකු පැහැරගෙන ගොස්‌ තර්ජනය කිරීමය. ඔහු අත්අඩංගුවට පත්වූයේ ලසන්ත ඝාතනයෙන් හත්වසරකට පසුවය.

    ලසන්තගේ පරීක්ෂණයට අදාළව මේ වනවිට නවසිය පනස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් දෙසිය අනූ පස් දෙනකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් රහස් පොලිසිය අධිකරණය හමුවේ පසුගියදා හෙළිකර තිබිණි .

    ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වීමට පෙර දින ඔහුගේ කාර්යාලය අසල යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ගැවසුනු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය මේවන විට හෙළිකර තිබේ.

    ඝාතනය සිදුවීමට පෙර දින මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ කාර්යාලය අසල මරදාන ට්‍රිපෝලි හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් ගැවසී ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇති බව රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා ඇත.

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වර්ෂ 2008 ජනවාරි 01 වැනිදා සිට 2009 ජනවාරි 31 වැනිදා තෙක්‌ කාලය තුළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳ සම්පූර්ණ විස්‌තරයක්‌ ලබාදෙන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදා නීති අංශයෙන් ඉල්ලීමක්‌ කර ඇතත් ඒවා සම්බන්ධ කිසිදු තොරතුරක් මෙතෙක් ලබා දී නොමැත.

    ඒ අනුව එම බළකායේ කඳවුරු පිහිටි ස්‌ථාන එහි අණදෙන නිලධාරියාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, භාවිතා කළ දුරකථන අංක අදාළ නිලධාරීන් සඳහා ජංගම දුරකථන නිකුත් කළ නිලධාරියාගේ විස්‌තර භාවිතා කළ සියලු රථ වාහන හා එහි අංක හා එහි අයිතිකරුවන් පිළිබඳ විස්‌තර ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

    My3 Fonseka

    ෆොන්සේකාගේ ආරක්ෂකයෝ අත්අඩංගුවට ගැනීම

    වසර 2010 ජනාධිපතිවරණය නිමවීමත් සමඟ 2010 පෙබරවාරි මස 26 වැනි දා ලසන්ත ඝාතනයට යැයි කියමින් කොහුවල යුද හමුදා කඳවුරේ 11ක් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

    යළිත් පහුවැනිදා තවත් හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

    මේ සියලු දෙනා එවකට සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂක රාජකාරියේ ආවේක්ෂණ රාජකාරි කළ පිරිසකි.

    රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට රැඳවුම් නියෝග ගත්තතද මේ පිරිසෙන් නව දෙනෙක් දින හයකට පසු පොලිස් ඇප මත මුදා හැරිණි.

    ඉතිරි අට දෙනා දින 11කට පසු පොලිස් ඇප පිට මුදා හැරිණි. ට්‍රිපෝලි කඳවුරේ යුද හමුදා බුද්ධි සාමාජිකයා නීතිපති උපදෙස් පිට නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

    Hendwitharana

    කපිල හෙන්දාවිතාරණ

    හිටපු හමුදාපතිගේ කට උත්තරය

    එවකට හිටපු හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා මහතාගෙන් රහස් පොලිසිය කට උත්තරයක් ලබාගෙන තිබේ. එහිදී ෆොන්සේකා මහතා රහස් පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා යටතේ මෙහෙයවුණු කල්ලියක් මගින් පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර දියත් කෙරුණු බවය.