Category: සුපිරි Cases

  • අත්බෝම්බය සාක්කුවෙන් බෑග් එකට දාද්දී පිපිරුවා – ගෙනාපු සෙබළාගේ කකුලත් කපලා..

    අත්බෝම්බය සාක්කුවෙන් බෑග් එකට දාද්දී පිපිරුවා – ගෙනාපු සෙබළාගේ කකුලත් කපලා..

    දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී මගී බස් රථයක් තුළ ඊයේ (21) අලුයම පුපුරා ගියේ හමුදා සෙබළකු විසින් යාපනයේ සිට ගෙන එන ලද අබෝම්බයක් බව මේ වනවිට සිදු කර තිබෙන පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

    සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන යාපනයේ සිට රැගෙන පැමිණි එම අත් බෝමිබය සාක්කුවෙන් පිටතට ගෙන සිය ගමන් මල්ලට දැමීමට සූදානම් වූ අවස්ථාවේ. සිදු වු අත්වැරදීමකින් බෝම්බය පුපුරා ගොස් ඇති බව අනාවරණය වී ඇත.සාක්කුවෙන් බෝම්බය පිටට ගන්නා අවස්ථාවේ “පින්” එක ගැලවී
    එය ඔහු අසුන්ගෙන සිටි ආසනය යටට වැටී තිබෙන බවද වාර්තාවේ.

    එම බස් රථයේ ඒ වන විට ගමන් කරමින් සිටි යුද හමුදා පොලිස් නිලධාරියක් සහ සිවිල් කාන්තාවක් සියල්ල දැක ඇති බවත්, ඔවුන් ඒ බැව් පොලිසියට පවසා ඇති බවත් වාර්තාවේ.
    බෝම්බය මේ ආකාරයට මාරු කරන්නට ගිය  සෙබළාට මේ නිසා බරපතල හානි සිදුවූ අතර ඔහුගේ පාදයක් කපා ඉවත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම බෝම්බය එම සෙබළා යාපනයේ ඔහු සේවය කළ කඳවුරෙන් සොරාගෙන එන්නට ඇතැයි සැක කෙරේ.ඒ සම්බන්ධයෙන් සෙබළාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත නමුත් අසාධ්‍ය තත්වය නිසා තවම ප්‍රකාශයක් ලබාගෙන නැත.

    වැඩිදුර විමර්ශන සඳහා රස පරීක්‍ෂක කැඳවීමට පොලීසිය පියවර ගෙන තිබේ. බෝම්බය පිපුරුණ අවස්ථාවේ මගීන් 30 දෙනකු බස් රථයේ සිට ඇත.

    පිපිරීමක් සමග බස් රථය තුළ විශාල ගින්නක් හටගෙන ඇති අතර යුදු හමුදාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් ඒ වන විට බස් රථයෙන් වැඩි කොටසක් පිලිස්සී තිබිණි.

  • ලසන්ත ඝාතන නාටකයේ තිරෙන් පිටුපස..සාක්ෂි සහිතව මෙතෙක් හෙලිවු සියල්ල මෙන්න..

    ලසන්ත ඝාතන නාටකයේ තිරෙන් පිටුපස..සාක්ෂි සහිතව මෙතෙක් හෙලිවු සියල්ල මෙන්න..

    බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.‘

    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ සාක්කි වසන් කළේයැයි කියන සිද්ධියට හිටපු පොලිස් ලොක්කන් කිහිප දෙනකුට මාංචු වැටෙන අයුරු පසුගිය සති දෙකේ දක්නට ලැබිණි. ඒ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද විය. ඒ සමඟ ‘ලසන්තගේ සැකකරුවන් අල්ලලා.‘ යැයි කියමින් සමහරු කතා බහ කරනු පෙනිනි.

    ලසන්තගේ මරණය සම්බන්ධයෙන් මේ ලිපිය ලියන මොහොත වන තෙක් එකදු සැකකරුවකු හෝ අත්අඩංගුවට ගෙන නැත. කිසිවකු අත්අඩංගුවට ගෙන ඇත්තේ නම් ඒ ඝාතනයෙන් පසු එහි සාක්කි විනාශ කිරීම සම්බන්ධයෙන් පමණි.

    මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ගැන සහ මෙතක් විමර්ශන අනුව රහස් පොලිසිය අධිකරණයට කළ කරුණු වාර්තාකිරීම් සම්බන්ධවයි.

    2009 වන විට ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ පුවත්පත් දෙකක් මුද්‍රණය විය. එකක් ඉරුදින පුවත්පතයි. අනෙක් පුවත්පත වූයේ සන්ඩේ ලීඩර් පුවත්පතයි.

    සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වූයේ ලසන්ත වික්‍රමතුංග මහතා ය. ඒ වන විට ඔහු සිය පුවත්පත මගින් ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධයෙන් හෙළි කරමින් සිටියේය. මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු කළ හෙළිදරව්වකට නඩුවක් ද වැටී තිබුණු අතර ජනවාරි මස දෙවැනි සතියේ එළඹෙන නඩු දිනයක දී එම ගනුදෙනුව ගැන වැදගත් තොරතුරු හෙළි කරන බවට ඔහු සිය සගයන් සමඟ කියා තිබිණි.

    ලසන්ත ඝාතනය

    එදා 2009 ජනවාරි අට වැනි දා ය. වේලාව උදේ 8.10ට පමණ ඇත. පූර්වාරාම පාරේ කන්දේවත්ත ටෙරන්ස් පාරේ ලසන්තගේ නිවසට මදක් නුදුරින් පිහිටි සිල්ලර බඩු කඩයක් අසල ත්‍රීරෝද රියක් නතර කර තිබිණි.

    එය එහි නිතර තිබෙන ත්‍රීරෝද රථයකි. රියදුරු පත්තරයක් බලමින් සිටියේය. ත්‍රිරෝද රියට ඉදිරියෙන් යතුරුපැදියක් නතර කර තිබුණු අතර ෆුල්ෆේස් හෙල්මට් පැළැඳි පුද්ගලයෙක් යතුරුපැදියටම වී සිටියේය. තවත් පුද්ගලයෙක් හිස් ආවරණය අතට ගෙන සිගරට්ටුවක් බොමින් පාර දෙස බලා සිටියේය.

    උදෑසන 8.20ට පමණ ලසන්ත වික්‍රමතුංග මහතා ටෙරන්ස් පාරේ නිවසින් පිටත් විය. වංගුව හැරී කඩය පාස් වෙනවාත් සමඟම ‘අන්න එනවා.. අන්න එනවා..‘ යැයි සිගරට්ටුව අතේ තියාගෙන සිටි පුද්ගලයා කී අතර ඒ සමඟම ඔහුද යතුරු පැදියට නැඟ වික්‍රමතුංග මහතාගේ වාහනය පසුපස යන්න විට. මෙම සිදුවීම ගැන සැක සිතුණු ත්‍රීරෝද රියේ රියදුරා ඒ ගැන කඩයේ සිටි පිරිසට දැන්වීය. ලසන්තගේ රියදුරු එම කඩයට නිතර ආව ගිය නිසා රියදුරුගේ අංකය කඩයේ මුදලාලි ළඟ විය. ඔහු රියදුරට ඇමතුමක් ගත්තත් ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ වන විට රියදුරුගේ ජංගම දුරකතනය තිබුණේ ලසන්තගේ වාහනයේය. රියදුරු නිවසේ සිටියදී වාහනය පදවාගෙන ගියේ වික්‍රමතුංග මහතාමය.

    ඉන් මිනිත්තු කිහිපයකට පසු යමක් ගැනීමට ලසන්තගේ රියදුරා කඩයට පැමිණියේය. කඩයේ පිරිස සිද්ධිය විස්තර කළ පසු ඔහු වහාම වික්‍රමතුංග මහතාගේ සන්ඩේ ලීඩර් ආයතනයට ගියත් ඔහු පැමිණ සිටියේ නැත. වාහම ඔහු සිද්ධිය ආයතනයේ කළමනාකරුවකුට කීවිට ඔහු ලසන්තට දුරකතන ඇමතුමක් ගෙන රියදුරාට දුන්නේය. ‘බයික්එකේ අංකේ හොයා ගන්න බලන්න.‘ ලසන්ත රියදුරට කීවේය.

    ලසන්ත වික්‍රමතුංග මහතා ගියේ බත්තරමුල්ලේ නිවසටය. එම නිවසේ සේවකයකුට අසනීප වි තිබුණු අතර ලසන්ත හිතවත් වෛද්‍යවරයකුගෙන් බෙහෙත් අහගෙන බිරිය සමඟ බෙහෙත් මිලදී ගැනීමට ගියේය. යද්දී සහ එද්දී යතුරු පැදි හඹා එන අයුරු ඔවුහු දුටහ. වහාම වාහනය ගේට්ටුවෙන් ඇතුළට දැමූ අතර යතුරු පැදි ලසන්තගේ ගේට්ටුව පසුකරගෙන ගියේය. මද වේලාවක් එහි සිටි ලසන්ත යළි වාහනයට නැංගේ සන්ඩේ ලීඩර් ආයතනයට යෑමටය. ඒ අතර මඟ දී අසාත් සාලි, මලික් සමරවික්‍රම ඇතුළු පුද්ගලයන් විවිධ වැඩ සඳහා ලසන්තට ඇමතුම් ගත් අතර තමා පසු පස යතුරු පැදි ලුහුබඳින බව ඔහු කීවේය. වහාම ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දුරකතන ඇමතුම් දුන් පුද්ගලයෝ ලසන්තට දැනුම් දුන්හ.

    සන්ඩේ ලීඩර් ආයතනයට යන අතරතුර ජපන් මිත්‍රත්ව පාරට ගොස් නීතීඥවරයෙකු හමු වූ වික්‍රමතුංග මහතා ඉන් පිටත්වී ආපසු යද්දී සුපුරුදු පරිදි යතුරු පැදි දෙකක් ඔහු ලුහුබැඳ එනු දැක්කේය. ලසන්ත පසුපස යතුරු පැදි ලුහු බඳින බව කී නිසා මලික් සමරවික්‍රම මහතා වරින් වර ඔහුට කතා කරමින් ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දැනුම් දුන්නේය. උදේ 10.21ට පමණ ලසන්තට යළිත් කතා කළ මලික් සමරවික්‍රම මහතාට තමා පසුපස ලුහු බදින යතුරු පැදි ගැන ලසන්ත දැනුම් දුන් අතර ලසන්ත, සමරවික්‍රම මහතා සමඟ කතා කරමින් වාහනය පදවාගෙන ගියේය.

    අත්තිඩිය මලගල කණිෂ්ඨ විද්‍යාලය අසල කහඉරට ඔබ්බෙන් බස් රථයක් කතර කළේය. එනිසා ලසන්තගේ වාහනයද එතැන මඳක් නතර කරන්න සිදු විය. මාරයාගේ හෝරාව එළඹ තිබිණි. යතුරු පැදි දෙකක් ලසන්තගේ වාහනය හරස් කර නතර විය. තවත් යතුරු පැදි දෙකක් පැත්තෙන් නතර විය. ඉන් බැසගත් පිරිස ලසන්ත වෙත ගොස් යමකින් ඇන පළා ගියහ. ඒ සමගම ලසන්ත හා මලික් සමරවික්‍රම අතර දුරකතන සංවාදයද නිමා විය. යතුරු පැදි දෙකක් මලගලින් පිළියන්දල දෙසටත් අනිත් යතුරු පැදි දෙක ගල්කිස්ස දෙසට විදුලි වේගයෙන් ගොස් නොපෙනී ගියේය.

    ‘බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.‘ එලෙස කීවේ සිද්ධිය ඇසින් දුටුවෙකි. ඉන් පසු ඒ අසල මුද්‍රණ ආයතනයක පුද්ගලයෙක් හා තවත් පුද්ගලයෙක් පැමිණ වෑන් රථයක් නවත්වාගෙන ලසන්ත ඊට පටවා ගත්තේය. මුද්‍රණ ආයතයේ පුද්ගලයා වාහනයේ ඇතුළේ සිටි අතර අනිත් පුද්ගලයා ලසත්නව තම ඔඩොක්කුවේ තබාගෙන පිටුපස සිටියේ.

    මද දුරක් වාහයෙන් ලසන්ත ගෙනයද්දී ලසන්තගේ දුකරකතනය යළින් නාද වූ අතර ලසන්ත ඔඩොක්කුවේ තබාගෙන සිටි පුද්ගලයා ඊට ප්‍රතිචාර දැක්වීය. ලසන්තට වූ දේ ඔහු ඇමතුම දුන් පුද්ගලයාට විස්තර කළේය. ඇමතුම දී තිබුණේ මලික් සමරවික්‍රම මහතාය. ‘වහාම කළුබෝවිලට මෙයාව ගෙනියන්න.‘ යැයි උපදෙස් දුන් මලික් සමරවික්‍රම අනිත් අයට පණිවිඩය ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය මොහාන් සිල්වා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ඒ මොහොතේම කළුබෝවිල රෝහලට පැමිණි අතර ලසන්ත ගෙන ආ ගමන් ප්‍රතිකාර ආරම්භ කළේය. තත්ත්වය දරුණු නිසා මහාචාර්යවරයා ප්‍රමුඛ කණ්ඩායම ශල්‍යකර්මයක් ද සිදු කළත් සාර්ථක වූයේ නැත. එදින දහවල් ලසන්ත වික්‍රමතුංග මහතා මිය ගියේය.

    වෙඩි තැබීම සහ ඇනීම

    ලසන්තගේ ශල්‍ය කර්මය කළ මහාචාර්යරවයා සිය මතය සඳහන් වාර්තාවක් 2009 ජනවාරි 12 වැනි දා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍යවරයාට යොමු කළේය. එමගින් මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණේ ශරීරයේ උණ්ඩ කොටස් තිබුණේ නැති බවයි. වෙඩි පිටවූ තැනක් ද නොතිබූ බවත්, වෙඩි තැබීමක සලකුණක්වත් නැති බවත් සඳහන් කළ මහාචාර්යවරයා මෙය වෙඩිතැබීමකින් සිදුවී නැති බව සිය වාර්තාවේ සඳහන් කළේය.

    එම ස්ථානයට රජයේ රස පරීක්ෂකද පැමිණ පරීක්ෂණයක් සිදු කළ අතර ඔහුද වාර්තා කළේ මෙය වෙඩි තැබීමක් නොවන බවයි. මේ දෙදෙනාම මෙය වෙඩි තැබීමක් නොවන බව කියද්දී සහ ලසන්තට යමකින් අනින බව ඇසින් දුටුවන් කියද්දී පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලැබුණේ මෙය වෙඩි තැබීමකින් වූ මරණයක් ලෙසයි. ඒ අතරතුර කාලයේ එම වාර්තාව දුන් අධිකරණ වෛද්‍යවරයාට පැමිණි දුරකතන ඇමතුම් ගැන මෙහි සඳහන් නොකරමු. මෙම පශ්චාත් මරණ පරීක්ෂණයත් සමඟ වාර්තා පරස්පර වීම නිසා පරීක්ෂකයෝ අවුලෙන් අවුලට පත්වූහ.

    විමර්ශන ආරම්භය

    ලසන්ත ඝාතනය වූ ස්ථානයෙන් වෙනත් රාජකාරියකට යමින් සිටි බොරලැස්ගමුව ස්ථානාධිපති ඇපලකොටුව මහතා මෙය දැක වහාම ගල්කිස්ස පොලිසිය දැනුම්වත් කළේය. එවකට පොලිස්පතිවරයා ලෙස කයුතු කළේ ජයන්ත වික්‍රමරත්න මහතාය.

    ගල්කිස්ස දිසාව භාර නියෝජ්‍යෙ පොලිස්පති ලෙස කටයුතු කළේ ප්‍රසන්න නානායක්කාර මහතාය. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ලෙස හේමන්ත අධිකාරී මහතා කටයුතු කරද්දී සහකාර පොලිස් අධිකාරී එල් සී ගුණවර්ධන මහතා ගල්කිස්ස පොලිසිය අධීක්ෂණය කළේය. ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා මහතා ද ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල මහතා කටයුතු කළහ.

    ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරන ලද ස්ථානය අයත් වන්නේ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයට බැවින් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති සිත්තසිරි සුගතපාල මහතා විමර්ශන ආරම්භ කළේය. ඔහු එම ස්ථානයට ගොස් පරීක්ෂණ සිදු කළ අතර පොලිස් පරීක්ෂක ලලිත් වීරසිංහ මහතා ද සාක්කි සටහන් කර ගනිමින් විමර්ශනයට සම්බන්ධ විය. ලසන්ත වික්‍රමතුංග මහතාගේ වාහනයේ තිබූ ඔහු භාවිත කරන ලද ක්ෂේත්‍ර සටහන් පොත ඇතුළු දේපොළ සොයා ගත් පොලිස් පරික්ෂක වීරසිංහ සකකරු දේපොළ කුවිතාංසි අංත 101/09 යටතේ එය ඇතුළත් කළේය.

    උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතා එම සටහන් පොත පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ එම සහන් පොතේ පිටු 160කින් පිටු 126කම ලසන්ත වික්‍රමතුංග මහතා ඉංග්‍රීසියෙන් යම් යම් දේ සටහන් කර ඇති බවයි. පොතේ ඉස්සරහ පිටුවේ සහ පසුපස පිටුවේ වාහන අංක දෙකක් තිබූ අතර පවුලේ උදවියගෙන් කියැවුණු දෑ සමඟ මෙම අංක දෙක ලසන්ත ලුහු බැඳ ආ යතුරුපැදි අංක බවට සුගතපාල මහතා සැක කළේය. ඒ අනුව පොලිස් බල අපරාධ තොරතුරු පොතේ ඒ බව සටහන් තබීය. ඉන් පසු නඩු භාණ්ඩ කුවිතාංසි ලේඛණයට අංක 154/09 යටතේ සටහන් පොත ඇතුළත් කළ සුගතපාල මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් එම අංක ගැන විමසීය. ඉන් එක යතුරු පැදි අංකයක් බොරලැස්ගමුවේ බවත් අනික ජා-ඇල බවත් තහවරු කර ගත් සුගතපාල මහතා මුලින්ම බොරලැස්ගමුවට ගියේය.

    සටහන් විනාශ කිරීම

    එසේ යද්දී ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති පරිදි ඒ කතාව මෙසේය. ඒ දුරකතන ඇමතුම එන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙනි. ඔහු කියන්නේ වහාම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හමුවීමට එන ලෙස දැනුම් දුන් බැවින් එහි යෑමට පැමිණෙන ලෙසයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ උප පොලිස් පරීක්ෂක සුගතපාල අදාල නියෝජ්‍ය පොලිස්පති හමුවීමට ගියහ. ඔහු ලසන්තගේ සටහන් පොත බලා එහි තිබූ දෑ එවකට පොලිස්පතිට දුරකතනයෙන් දැන්වීය. පොලිසිය සැක කරන අන්දමට එහි තිබී ඇත්තේ ඉදිරි නඩු වාරයකදී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබූ තොරතුරුය.

    ඉන් පසු ටික වේලාවකින් නියෝජ්‍ය පොලිස්පති උප පොලිස් පරීක්ෂකට කියා ඇත්තේ ලසන්තගේ සටහන් පොත තමාට ලබා දෙන ලෙසයි. සටහන් පොත ගැන බල අපරාධ තොරතුරු පොතේ සටහන් යොදා ඇති බව උප පොලිස් පරීක්ෂක කියද්දී ඒවා ඉරා තමාට දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති ඉල්ලා ඇතැයි පැවසේ. මේ අනීතික ක්‍රියාව කිරීමට මුලින් උප පොලිස් පරීක්ෂක සුගතපාල අකමැති විය.

    ‘මේවා ලියලා හොයන්න ගිහින් මැරුම් කන්නද හදන්නේ? තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙට ළමයි ඉන්නවා නේද? අරුන්ගෙන් මැරුම් කන්නේ නැතුව තමුසේගේ සටහනුයි නොට් පොතයි මට දීපන්.‘ යනුවෙන් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා උප පොලිස් පරීක්ෂකට කියා ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයා බල අපරාධ සටහන් පොතේ අදාළ පිටුවල මෙන්ම ලසන්තගේ නෝට් පොතේ මුල් සහ අවසන් පිටුවල ඡායා පිටපත් ගෙන ඒවා සඟවා තබා මුල් පිටපත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරිපිට නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දී ඇත.

    ඉන් පසු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පරීක්ෂණ දිගටම කරගෙන ගිය අතර ඒ ගැන සදහන් කිරීමට පෙර පරීක්ෂණ රහස් පොලිසියට පැවරීම ගැන කතා කළ යුතුය. ලසන්තගේ මරණයෙන් පසු එම පරීක්ෂණ විධිමත් කරන ලෙස රජයට දිගින් දිගටම බලපෑම් පැමිණි අතර 2009 නොවැම්බර් 25 වැනි දා පරීක්ෂණ රහස් පොලිසියට පැවරිණි. රහස් පොලිසියට පරීක්ෂණ කර ගෙන යෑමට හැකි වූයේ මාස කිහිපයක් පමණි. එවකට පොලිස්පති මහින්ද බාලසූරිය මහතා 2010 පෙබරවාරි හත් වැනි දා පරීක්ෂණ රහස් පොලිසියෙන් ඉවත් කර නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨ මහතාගේ අධීක්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන අංශයෙන් සිදු කරන ලෙස දැනුම් දුන්නේය. ඒ වන විට සීඅයිඩියෙන් කළ විමර්ශන ද ත්‍රස්ත විමර්ශන අංශය සැලකිල්ලට ගෙන තිබිණි.

    පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන අංශයට

    ලසන්ත වික්‍රමතුංග මහතාගේ ගමන් මග ඔස්සේ දිගින් දිගටම දුරකතන අංක 5ක් සංසරණය වූ බව විමර්ශන කණ්ඩායම සොයා ගත්හ. 811, 812, 831, 861 සහ 951 අංකවලින් අවසන් වන එක ළඟ අංක ටිකක් නිසා මේ ගැන සැක සිතී ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ විය. ඒවා මිලදී ගෙන තිබුණේ 2018 නොවැම්බර් 12, 13 සහ දෙසැම්බර් පළමු වැනි දා ය. ඕල්කට් මාවතේ කමියුනිකේෂන් එකකින් එම සිම් කාඩ් ලබාගෙන තිබුණේ නුවරඑළියේ ජේසුදාසන් නම් පුද්ගලයකුගේ හැඳුනුම්පතකටය. ඒ අනුව ත්‍රස්ත විමර්ශන අංශය 2010 පෙබරවාරි 26 වැනි දා ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය.

    රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කළ ත්‍රස්ත විමර්ශන අංශය ඊළඟට අත්අඩංගුවට ගන්නේ යුද හමුදා බුද්ධි නිලධාරියෙකි. ඔහු සේව කර තිබුණේ ට්‍රිපෝලි කඳවුරට අනියුක්තවය. ජේසුදාසන් යනු ගරාජ් වැඩපොළක සේවකයෙකි. ඔහුට බොන්නට දී ඔහුගේ හැදුනුම්පත ලබා ගෙන එම සිම් කාඩ් මිලදීගත්තේයැයි අනාවරණය වුවත් ජේසුදාසන් මුදා හැරියේද නැත. ඒ අහිංසකයා අවසානයේ මරුමුවට පත් විය. එය ස්වභාවික මරණයක්ද නැතහොත් මරා දැමීමක්ද යන්න තවමත් අබිරහසකි.

    2010 ජනාධිපතිවරණය පැවැතියේ ද මේ අස්සේය. ජනාධිපතිවරණය නිමවීමත් සමඟ 2010 පෙබරවාරි මස 26 වැනි දා ලසන්ත ඝාතනයට යැයි කියමින් කොහුවල යුද හමුදා කඳවුරේ 11ක් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. යළිත් පහුවැනිදා තවත් හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ සියලු දෙනා එවකට සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂක රාජකාරියේ ආවේක්ෂණ රාජකාරි කළ පිරිසකි. රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට රැඳවුම් නියෝග ගත්තතද මේ පිරිසෙන් නව දෙනෙක් දින හයකට පසු පොලිස් ඇප මත මුදා හැරිණි. ඉතිරි අට දෙනා දින 11කට පසු පොලිස් ඇප පිට මුදා හැරිණි. ට්‍රිපෝලි කඳවුරේ යුද හමුදා බුද්ධි සාමාජිකයා නීතිපති උපදෙස් පිට නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

    පරීක්ෂණ යළි රහස් පොලිසියට

    වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙම සිද්ධියේ පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස හතර අතින් ආ බලපෑම් සමඟ 2015 පෙබරවාරි 25 වැනි දා යළිත් පරීක්ෂණ රහස් පොලිසියට පැවරිණි. ඒ අනුව රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එවකට අධ්‍යක්ෂ දැන් නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් එවකට සහකාර පොලිස් අධිකාරී දැන් රහස් පොලිස් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහත්වරුන්ගේ උපදෙස් පරිදි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු පිරිසක් විමර්ශන ආරම්භ කළහ.

    පරීක්ෂකයන්ට මුලින්ම ගැටළුව වූවේ ලසන්ත මරණයට පත්වූ ආකාරය ගැන ඉදිරිපත් වූ පරස්පර අදහස්ය. ඒ අනුව අධිකරණ නියෝගයක් මත ලසන්තගේ දේහය 2016දී යළි ගොඩ ගත් අතර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් යළි දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළහ. එහි නිගමනය වූයේ ලසන්ත මරා දමා ඇත්තේ වෙඩි තැබීමකින් නොවන බවයි. හිසට එල්ල කළ ප්‍රහාරයකින් (ඇනීමකින්) ලසන්ත මරා දමා ඇති බව නිගමනය විය. එම වාර්තාව සහ ලසන්ත මිය ගිය අවධියේම රස පරීක්ෂක දුන් වාර්තාවත්, ශල්‍යකර්මය කළ මහාචාර්යවරයා දුන් වාර්තාවත් සමානය විය. ලසන්ත මැරීමට යොදා ගෙන තිබුණේ වෙනත් රටවල බැටළුවන් මැරීමට යොදා ගන්නා නවීන උපකරණයක් බවට දැන් සැක කරයි. එම උපරණය හිස මත තබා බොත්තම තද කළ විට උල් කටුවක් හිස පසාරු කරගෙන ගොස් නැවත ආයුධය ඇතුළට එයි.

    අලුතින් පරීක්ෂණ ආරම්භ කළ රහස් පොලිසිය මුලින්ම කළේ පොලිසියේ උදවියගේ සාක්කි සටහන් කර ගැනීමයි. 2015 ඔක්තෝබර් 12 වැනි දා සහ 2015 නොවැම්බර් 04 වැනි දා උප පොලිස් පරීක්ෂක සුගතපාල ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගත්තේය. එම ප්‍රකාශ සහ අනෙක් පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශවල පරස්පරතා තිබුණු අතර ඔහුගේ ප්‍රකාශය අසත්‍ය බව දුරකතන විශ්ලේෂණ වාර්තා අනුවද පෙනී ගියේය. ඒ ගැන යළිත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පසුගිය ජනවාරි 31 වැනි දා උප පොලිස් පරීක්ෂක සුගතපාල කැඳවනු ලැබීය. ප්‍රකාශය අඩක් ලබා ගෙන සුගතපාලට දහවල් ආහාරයට ආපන ශාලාවට යෑමට ඉඩ දුන් අතර ඉන් ප්‍රයෝජන ගත් උප පොලිස් පරීක්ෂක රහස් පොලිසියෙන් පැන ගොස් තිබිණි.

    සැකකරුගේ පැන යෑම ගැන සැක සිතුණු රහස් පොලිසිය එදින මධ්‍යම රාත්‍රියේ කළුතර පොලිසියේද සහාය ඇතිව කලුතර කටුකුරුන්දේ සැකකරුගේ නිවසක සිටිය දී අත්අඩංගුවට ගත්තේය. ඉන් පසු පෙබරවාරි පළමු වැනි දා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතාගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේ වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා පැය 48ක කාලයක් සැකකරු රදවා සඳහා ගැනීමට අවසර දෙන ලෙසයි. ඊට අධිකරණයෙන් අවසර ලැබිණි.

    ඒ අනුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගය අනුව පොලිස් බල අපරාධ තොරතුරු පොතෙන් ඉරා ගත් පිටුවල ඡායාපිටපත් වසර නවයකට පසු රහස් පොලිසිය සොයා ගත්තේය. ඒ සැකකාර උප පොලිස් පරීක්ෂකගේ නිවසේ සඟවා තිබියදීය.

    යතුරු පැදි නාටකය

    ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට පැමිණි යතුරු පැදි අත්තිඩිය ඇලේ ඇති බවට එවකට පොලිස්පතිට පෙත්සමක් ලැබුණු බවත් ඒ ගැන විමර්ශනය කරන ලෙසත් උසස් පොලිස් නිලධාරීන් උප පොලිස් පරීක්ෂක සුගතපාලට දැනුම් දී තිබිණි. එම ඇළේ කිඹුලන් ඇති නිසා කිමිදුම්කරුවන් යෙදවීමට තීරණය කළ ඔහු එවැනි අය සොයා බැලීය. 26 වැනි දා කිමිදුම්කරුවන් යොදා සෙවූවත් කිසිවක් හමු නොවීය. ඉන් පසු 27 වැනිදා සෝදිසි මෙහෙයුම් යළි ආරම්භ කළ අතර උප පොලිස් පරීක්ෂකට ලද දුරකතන ඇමතුමකින් පසු ‘අර අට්ටික්කා ගහ ළඟ බලන්ඩ.‘ යැයි ඔහු කිමිදුම්කරුවන්ට උපදෙස් දී තිබේ. එම උපදෙස් අනුව සොයා බලද්දී අට්ටික්කා ගහ ළඟ තිබූ යතුරු පැදි දෙක සොයා ගෙන ඇත.

    ඒවායේ එන්ජින් අංක සහ චැසි අංක පරීක්ෂා කරද්දී පෙනී ගොස් ඇත්තේ එය වවුනියාවේ පුද්ගලයකුට අයිති බවයි. වවුනියාවට ගොස් හිමිකරු හමුවූ විට කියා ඇත්තේ ඊට වසරකට පමණ පෙර එය වවුනියාවේ රත්‍රන් බඩු කඩ හිමිකරුවකුට විකිණූ බවයි. එම දෙවැනි ගැනුම් කරු ගැන සෙවූ විට තොරතුරු ලැබුණේ දෙවැනි ගැනුම්කරු අතුරුදන්ව ඇති බවයි. ඒ ගැන සොයන්නට එපා යැයි ඉහළින් උප පොලිස් පරීක්ෂකට උපදෙස් ලැබිණි. ඒඅනුව කතාවක් ගෙතිනි. ඒ යතුරු පැදි වවුනියාවේ එල්ටීටීඊ පුද්ගලයකුට අයිති බවයි. මෙය එල්ටීටීඊ ඝාතනයක් බවට ප්‍රචාරය වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත.

    රහස් පොලිසිය විමර්ශන ආරම්භ කළ පසු යතුරු පැදියේ දෙවැනි හිමිකරු සොයා ගියේය. දෙවැනි හිමිකරු විශ්නු කුමාර් පූන්තොට්ටම් ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙක් විය. ඔහු එල්ටීටීඊට සම්බන්ධ පුද්ගලයකු නොවූ අතර රත්තරන් බඩු කඩයක් කරගෙන ගිය පුද්ගලයෙකි. 2009 ජනවාරි 18 වැනි දා ඔහු සහ මිතුරකු යතුරු පැදියෙන් යද්දි කොළපාට ජීප් රියකින් පැමිණි පිරිසක් මේ දෙදෙනා සහ යතුරු පැදියට ඊට පටවා ගත් බවට ඇසින් දුටු සාක්කි හමු විය. ඊට පසු දින එනම් ජනවාරි 19 වැනි දා මේ දෙදෙනාගේ සිරුරු අනුරාධපුරය ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබිණි. ඔවුන් මරා දමා තිබුණේ හිසට වෙඩි තබාය.

    එනම් ලසන්ත ඝාතනයට යොදා ගත්තේයැයි කී යතුරු පැදිය වවුනියාවෙන් පැහැරගෙන තිබුණේ ලසන්ත වික්‍රමතුංග මරා දමා දින 10කට පසුවය. එසේ නම් එය ලසන්ත වික්‍රමතුංග මැරීමට යොදා ගත් යතුරු පැදියක් නොව ලසන්තගේ පරීක්ෂණ වෙනතකට යොමු කිරීමට උපයෝගී කර ගත් යතුරු පැදියක් බව අනුමාන කළ රහස් පොලිසිය පොලිස්පතිට ලැබුණු පෙත්සම ගැන සොයා බැලීය. පෙත්සම ලැබී තිබුණේ 2009 ජනවාරි 26 වැනි දාය. නමුත් යතුරු පැදිය සොයාන ලෙස උපදෙස් දී තිබුණේ ජනවාරි 25 වැනි දාය. ඒ අනුව යතුරු පැදි නාටකය එයින් නිමා වූයේ තවත් අපරාධයක (යතුරු පැදි හිමිකරු සහ සගයා ඝාතනය) තොරතුරු හෙළිදරව් කරමිනි.

    ලසන්ත නඩුවේ දැන් සැකකරුවෝ තිදෙනෙක් සිටිති. ඒ යුද හමුදා සාමාජිකයෙක් සහ පොලිසියේ දෙදෙනෙකි. මේ තිදෙනාම ලසන්ත ඝාතන සැකකරුවෝ නොවෙති. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සාක්කි වසන් කිරීමට හෝ සාක්කි කරුවන්ට බලපෑම් කිරීම යටතේය. එසේ නම් ලසන්ත ඝාතනයේ නියම මිනීමරුවන් තවමත් නිදැල්ලේය.

    ලසන්ත ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පහසු නොවන්නේ සාක්කි රැසක් විනාශ කර ඇති නිසාය. මෙතරම් අමාරු වාතාවරණයක මෙතෙක් දුර විමර්ශන සාර්ථකව සිදු කරීම ගැන රහස් පොලිසියට තුති පිදිය යුතු අතර විමර්ශන කඩිනම් කර ලසන්ත ඝාතකයන් අත්අඩංගුවට ගැනීම රහස් පොලිසියේද වගකීමකි. ඊට අවශ්‍ය සහාය ලබා දීම සහ අවශ්‍ය වටපිටාව සැකසීම දේශපාලන අධිකාරියේ මෙන්ම සියලු පුරවැසියන්ගේ වගකීමකි. එසේ නොවුණහොත් ලසන්ත ඝාතනයද අපරාධකරුවන් නැති තවත් එක් මරණයක් වනු ඇත.

  • හවස ඉන්න බෑ කියපු සිසුවියට ක්‍රිඩා ගුරුවරයා කරපු දේ මෙන්න.. 10 වසරේ සිසුවිය රෝහලේ..

    හවස ඉන්න බෑ කියපු සිසුවියට ක්‍රිඩා ගුරුවරයා කරපු දේ මෙන්න.. 10 වසරේ සිසුවිය රෝහලේ..

    අසනීප වීමෙන් දැල්පන්දු පුහුණුවට සභභාගි වීමට නොහැකි වූ ශිෂ්‍යාවකට ක්‍රීඩා ගුරුවරයකු පහරදීම නිසා එම ශිෂ්‍යාව රෝහල් ගත කර තිබෙන පුවතක් වාර්තා වෙනවා. 

    කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් නුගවෙල නයාපාන විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් සිදුවීමට මුහුණ දීමට තිබේ. ගම්පොළ මාවතුර කළුගල්හින්න ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාව කලාප තරග සඳහා දැල්පන්දු කණ්‌ඩායමට ඇතුළත්ව පුහුණුවීම් කරන අතර ඇය අසනීප වීම නිසා පුහුණුවට නොසිට පාසල ඇරුනු පසු නිවසට ඒමට සූදානම්ව ඇත.

    මේ අවස්තාවේදී එම ගුරුවරයා විසින් මේ සිසුවියගේ කනට ගසා අසභ්‍ය වචනයෙන් බැනවැදී තිබෙන බව සදහන්. පහර කෑමෙන් කන තුළ ඇතිවූ අධික වේදනාව නිසා මෙම සිසුවියගේ මව ත්‍රිරෝද රථයකින් ඇය ගම්පොළ රෝහලට රැගෙන ගිය පසු වෛද්‍යවරු ඇය පරීක්‍ෂා කර බලා රෝහලේ සිට නේවාසිකව ප්‍රතිකාර කිරීම අරඹා තිබේ.
     
    සිදුවීම පිළිබදව දැරියගේ දෙමව්පියන් විසින් පොලීසියටද පැමිණිලි කර තිබෙන බව සදහන්.

  • ප්‍රසන්නගේ කුමුදුනී නිසා කැලණියේ පොහොට්ටුව පුපුරයි !

    ප්‍රසන්නගේ කුමුදුනී නිසා කැලණියේ පොහොට්ටුව පුපුරයි !

    කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ලෙස හිටපු සභාපතිනියක වන ශාන්ති කුමුදුනී පත් කිරීමට තීරණය කිරීම හේතුවෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර කැළඹීමක් ඇතිව ඇතැයි වාර්තා වේ.

    කුමුදුනී සභාපතිනිය කිරීමට සම්පූර්ණ සහය ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර බවට චෝදනා එල්ලව තිබේ.

    මෙවර, කැලණිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ නම හෙළි කිරීමට අකමැතිවූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු කියා සිටියේ රණවීර මහතා සිය ව්‍යාපාරික කටයුතු කර ගැනීම සඳහා ඔහුට හිතවත් කුමුදුනී සභාපතිනය ලෙස පත්කර ගැනීමට උත්සාහ කරන බවයි.

    පසුගිය කාලයේදී, කැලණිය ප්‍රාදේශීය සභාවේ ගල් අල්ලන ලද මාර්ග ව්‍යාපෘතිවලට අදාළ ගල්, ගල්කුඩු මෙන්ම ශ්‍රමයද සපයනු ලැබුවේ රණවීර මහතාට අයත් ආයතනවලින් බවද කියා සිටි ඔහු මේ වන විට එම කටයුතු නවතා දමා ඇති බැවින් ඒවා නැවත පණ ගැන්වීමට ඔහුට හිතවත් මෙම මන්ත්‍රීනිය පත් කිරීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

    කවුද කුමුදුනී

    මීට පෙරද කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ලෙස කටයුතු කර ඇති ශාන්ති කුමුදුනී එවරද එම ධූරයට පත්ව ඇත්තේ ආන්දෝලනාත්මක චරිතයක් වෙමින් බව පැවසේ.

    ඒ එවකට කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා කැලණිය පාර්ලිමෙන්තු මන්ත්‍රී ජිනදාස නන්දසේන මහතාගේ කිට්ටු හිතවත් කමක් නිසා වීම බව වාර්තා වේ.

    එම අවස්ථාවේ වැඩිම මනාප ගෙන සිටි රෙහෙනසිරි වරාගොඩ මහතාට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිකම ලබා නොදී ජිනදාස නන්දසේන මහතාගේ මැදිහත්වීම මත මැයට ලබාදී තිබේ.

    කෙසේවුවද, ශ්‍රීලනිප පාක්ෂිකයන් පවසන්නේ ඇගේ අසාර්ථක පාලනය හේතුවෙන් ඊට පසුව පැවැති පාළාත් පාලන මැතිවරණයෙන් එජාපය එම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටවූ බවයි.

    සුදුස්සෝ

    මීට පෙර කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ලෙස සිටි එච්.ඩී. සෝමවර්ධන, චතුර ධනුෂ්ලංක, ඔෂාන් නන්දසිරි හා ලංකා විජිත කුමාර, යන මන්ත්‍රීවරු මෙවර පොහොට්ටුවෙන් කැලණිය ප්‍රාදේශීය සභාවට තේරීපත්ව සිටිති.

    චතුර ධනුෂ්ක, ඡන්ද ප්‍රතිශතය අනුව ඉදිරියෙන්ම සිටින අතර එහි දෙවැනි තැන පසුවන්නේ ඔෂාන් නන්දසිරිය. ඔෂාන්ගේ පියාද කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අයෙකි.

    එච්.ඩී. සෝමවර්ධන එම මන්ත්‍රීවරු අතර සිටින ජ්‍යෙෂ්ඨයා බව පැවසේ.

    මහින්දට මංගල වෙඩිමුරය කැලණියෙන්

    මේ අතර, මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කඩා වැටීමේ මංගල වෙඩිමුරය තැබූ ප්‍රාදේශීය සභාව ලෙස කැලණිය ප්‍රාදේශීය සභාව සැලකේ.

    හසිත මඩවල ප්‍රමුඛ කණ්ඩායම අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව මුලින්ම කැරලි ගැසීම ඇරඹූ අතර ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ බලය කැලණියෙන් ගිලිහිණි.

    කුමුදුනීට දැන්මම කැලෑ පත්තර

    ශාන්ති කුමුදුනී සභාපතිනිය කරන බවට ප්‍රකාශවීමත් සමඟ කිසියම් පිරිසක් කැලණිය පොහොට්ටු පාක්ෂිකයන්ගේ නිවෙස්වලට කැලෑ පත්තරයක් යවා තිබේ.

    අදාළ කැලෑ පත්තරය පහත දැක්වේ.

    Kelepaththaraya

  • සමාජ මාධ්‍යයේ කාඩ්බෝඩ් වීරයා මීග් යානා ගනුදෙනුවේ හවුල්කරුවෙක්..සාක්ෂි මෙන්න..

    සමාජ මාධ්‍යයේ කාඩ්බෝඩ් වීරයා මීග් යානා ගනුදෙනුවේ හවුල්කරුවෙක්..සාක්ෂි මෙන්න..

    රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මිග් යානා ගනුදෙනුවට මැදිහත්ව ක්‍රියාකර ඇතැයි, විමර්ශනවලින් හෙළි වන බව පොලිස් මූලස්ථානය පවසනවා.

    එම නිසා ඔහු ශ්‍රී ලංකාවේ නීතියට අවනතව ක්‍රියා කළ යුතු බව, අවධාරණය කරමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    2006 ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලයට ගැනීමේ දී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත්තේ 2015 මාර්තු 10 වැනි දිනයි. ඒ අනූව, අධිකරණයේ පෙනී සිටින්නැයි ඔහුට නොතීසි නිකුත් කෙරුණා. ඊට අවනත නොවූ ඔහුට පසුව විවෘත වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබීය. උදයංග වීරතුංගගේ ගිණුම් 16ක් අත්හිටුවීමට අධිකරණය නියෝග කළා. ගිණුම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1.7ක් පමණ. ඔහුට ජාත්‍යන්තර පොලීසිය විසින් නිල් නිවේදනයක් ද පසුව රතු නිවේදනයක් ද නිතුක් කර තිබුණා.

    UW

    2015 පෙබරවාරි 28 දිනෙන් උදයංග වීරතුංගගේ තානාපති සේවය අවසන් කර ඇතත්, රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය බාරදීමක් හෝ අවලංගු කරගැනීමක් සිදු නොකොට සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ද ලබා ගෙන තිබෙනවා. 2016 දී ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් ඇත්තේ එය භාවිත කරමින්. එහි ගමන් බලපත් තහනම් කරන ලෙස මෙරට ආගමන විගමන පාලක වෙත කළ අධිකරණ නියෝගයට අනූව ඒවා තහනම් කෙරුණා. එවැනි විදේශ ගමන් බලපත්‍රයකින් ඩුබායි ගුවන් තොටපොළින් අමෙරිකාව බලා පිටත් වීමට උත්සාහ කළ උදයංග වීරතුංග එරට බලධාරීන්ගේ භාරයට පත්වූ බව අබුඩාබි ජාත්‍යන්තර පොලීසිය වාර්තා කළා. ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තවදුරටත් ක්‍රියා කරමින් සිටිනවා.

    police-hq1512.jpg56

    තම නිර්දෝෂීභාවය සඳහා කරුණු දැක්වීමේ අවස්ථාව ඔහුට තවදුරටත් ඇති බවයි, පොලිසිය පවසන්නේ. ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලිමේ ක්‍රියාවලියට අවනත වීමක් හෝ විමර්ශනයට සහය දැක්වීමක් සිදු නොකරන ඔහු නීතිය මඟහරමින් සිටින බව නිරීක්ෂණය වී ඇතැයි, පොලීසිය පවසනවා. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිය නිදොස් බව ඔප්පු කිරීමට උත්සාහ ගැනීම පසෙක ලා අධිකරණයට ඉදිරිපත් වී එම අවස්ථාව ලබා ගන්නා ලෙස ද ශ්‍රී ලංකා පොලීසිය එම අවස්ථාව අවහිර කර නැතැයි ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

  • හමුදා ඇඳුමින් සැරසී කප්පම් ගන්න හැදු පොහොට්ටුවේ අපේක්ෂකයා මෙන්න..

    හමුදා ඇඳුමින් සැරසී කප්පම් ගන්න හැදු පොහොට්ටුවේ අපේක්ෂකයා මෙන්න..

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයට ලැබුණු පැමිනිල්ලකට අනුව ඊයේ (22) අත්අඩංගුවට ගත් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ අපේක්ෂකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ලබන මස හත් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    සැකකරුවන් යුද හමුදා නිල ඇදුමින් සැරසී කප්පම් ලබා ගැනීමට තැත් කර ඇති අතර තවත් ස්ථානයක ඉඩම් ගණදෙණුවකදී රුපියල් ලක්ෂ ගනනක් වංචා කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. මෙම සැකකරුවන් තිදෙනා වැල්ලවාය ප්‍රධාන මහේස්ත්‍රාත් කේශර සමරදිවාකර හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔවුන් තිදෙනා ලබන මස හත් වනදා ද්ක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන බුත්තල පොලිසිය සිදු කරයි.

  • පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි  ශාන්ත සිසිර කුමාර අබේසේකර අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

    පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි  ශාන්ත සිසිර කුමාර අබේසේකර අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

    හලාවත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් 2004 මැයි මස 30වන දින සැකකාර පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි  ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ නිවසේ තිබිය දී ගිනි අවි ආඥාපනත අනුව නිසි බලපත්‍රයක් නොමැති ටී 56 ගිනි අවියක් හා ඊට යොදන උණ්ඩ 30 ක්, එම ගැබ් එකක් රිවෝල්වරයක් හා ඊට යොදන උණ්ඩ 4 ක් ද තවත් රිවෝල්වයක් හා ඊට යොදන උණ්ඩ 6ක්, එස් එමි ඩී කොළ පැහැති ජීව අත් බෝමිබයක්, ටී 70 කොළ පැහැති දුමි බෝමිබයක් සොයා ගන්නා ලදී.

    මෙම නඩුවේ විත්තිකරුවන් හය දෙනෙකු  වූ අතර ඉන් පස් දෙනෙකුම මින් පෙර තමන්ට නගා ඇති චෝදනාවන්ට වරදකරුවන් බව අධිකරණය හමුවේ පිළිගෙන දඬුවම් ලබා තිබු අතරසැකකාර මන්ත්‍රිවරයා පමණක් තමන් නිවැරදිකරු බව කියා සිටි නිසා ඔහුට එරෙහි නඩුව දිගටම විභාග වෙමින් පැවැතිණි.

    ඒ අනුව එම නඩුව ඊයේ(22) විභාග වූ අතර සැකකාර මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනි නොසිටිම මත  අත් අඩංගුවට ගැනීම පිණිස හලාවත මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායෙස් මහතා විසින්  වරෙන්තුවක් නිකුත් කර ඇත.

     

  • මිනීමැරුම් වලින් එහා ගිය ගෝඨාභයලාගේ ඉඩම් මංකොල්ල කෑමේ ජාවාරම (සාක්ෂි සහිතව)

    මිනීමැරුම් වලින් එහා ගිය ගෝඨාභයලාගේ ඉඩම් මංකොල්ල කෑමේ ජාවාරම (සාක්ෂි සහිතව)

    2010 ජූලි 21වැනිදා ලොව විශිෂ්තටම පා දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්ට් තරඟයේ සිව් වන දිනය විය. ඊට පසු දින එවක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් ගාල්ලට පැමිණීමට නියමිතව තිබිණි. ගාල්ල නගරයේ සිට අඩියෙන් අඩියට පොලිස් විශේෂ කාර්ය බලකා සහ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් ක්‍රීඩකයන් නතරව සිටි ලයිට් හවුස් හෝටලය දක්වා මාර්ගය දෙපැත්තේ සිට ඇත. එදින සවස තම දියණිය සමඟ මෝටර් බයිසිකලයෙන් නිවසට යමින් සිටි ගාල්ල මහ නගර සභාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාව සිටි උපාලි මෙන්ඩිස් ලයිට් හවුස් හෝටලය ඉදිරිපිටදී තංගල්ල පොලීසියෙන් බව කියමින් GB 8484 අංකය සහිත ජීප් රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගොස් තිබිණි. ඔහුගේ අතුරුදන්වීමට මූලික හේතුව වී තිබුණේ ලයිට් හවුස් හෝටලයට යාබදව තිබූ අක්කරයකට මඳක් වැඩි ඉඩමක අයිතිය ඔහු සතු වීමය.

    එවක ආරක්ෂක ලේකම්වරයා සිටි ගෝඨාභය රාජපක්ෂ විසින් අදාළ ඉඩම් කොටස ඇතුළත්ව තිබූ භූමිය ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකට අනුව හෝටල් ව්‍යාපෘතියක් සඳහා ඉල්ලූ බවත්, තම පියා ඊට එකඟ නොවීම හේතුවෙන් මෙලෙස පැහැරගෙන ගිය බවත් මෙන්ඩිස්ගේ පුතණුවන් සහ බිරිඳ එවකදී වගකිවයුත්තන්ටත්, නව රජය පත් වීමෙන් පසුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයාටත් ඇතුළු වගකිවයුත්තන්ටත් අවස්ථා ගණනාවකදී ලිඛිතව පැමිණිලි කර තිබිණි. එවකදී මෙන්ඩිස් ගැන පැමිණිලි කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට ගිය විටෙක ඔහු පැහැරගෙන ගොස් තිබූ ජීප් රථය එහි තිබෙනු මෙන්ඩිස්ගේ දියණිය හා පුතණුවන් වන කල්හාරි මෙන්ඩිස් හා ප්‍රභාත් මෙන්ඩිස් දැක තිබේ. ප්‍රභාත් මෙන්ඩිස් විසින් දිගින් දිගටම තම පියා පිළිබඳව කළ සෝදිසි කිරීම්වලදී එක් ලේකම්වරයෙකු පවසා තිබුණේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළින්ම ආ නියෝගකයට අනුව මේවා සිදු වූ බවකි. එම දුරකථන ඇමතුමේ හඬපටයද මෙන්ඩිස් පවුල විසින් අදාළ අංශ වෙත යොමු කර තිබේ. එවක ජනතා විමුක්ති පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රීව සිටි අජිත් කුමාර එම හඬපට හා ඊට අදාළ පුදගලයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ කළ කතාව හැන්සාඩ්ගතව ඇත. ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ බී.548547 යටතේ එම පැහැර ගැනීම පිළිබඳව නඩුවක්ද ඇත. මේ සියල්ලට වෙහෙස මහන්සි වුණු ප්‍රභාත්ට ආ ජීවිත තර්ජන හේතුවෙන් ආරක්ෂාව පතා විදේශගත වන්නටද සිදු විය. ඉදින් ගාල්ලේ ඉඩමක් නිසා තිරිමාදුර උපාලි මෙන්ඩිස් අදටත් අතුරුදන්ය.

    සමරධීර සුනිල්

    එවකදී රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන කටයුතු සඳහා වනාතේ ඉඩම් අත්පත් කරගෙන යෑමේදී ඊට එරෙහිව කෑ ගැසූ සමරධීර සුනිල් නැමැත්තෙකුද පැහැර ගැනීමකට ලක් විය. වාසනාවකට මාධ්‍ය මගින් හෙළි කිරීමත්, මහජනයා ප්‍රකෝපව මහපාරට බැසීමත් සමඟ ඔහු සවස නැවත ගෙදර ආවේය. කොම්පඤ්ඤ වීදියේ සහ කොල්ලුපිටියේ කූපර්ස් හිල් නිවැසියන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම්වලදීද එවක ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ නාගරික සංවර්ධන අධිකාරියේ සේවයට පත්කර තිබූ ඔහුගේ යුද හමුදා මිලිටරි නිලධාරීන් හැසිරුණේ මෙයාකාරයෙන්මය.

    ගාමිණි වික්‍රමරත්න

    සුදු වෑන්, කළු ඩිෆෙන්ඩර් රථ මිනිසුන් බියගන්වන්න ආවාදැයි, බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගත්තේදැයි අසන්නන්ට කීමට කප්පරක් කතා අතරින් තවත් කතාවක් තිබේ. ජස්ටිස් අක්බාර් මාවත කෙළවර අංක 6, ස්ටේෂන් පැසේජ්, කොළඹ 2 දරන ස්ථානයේ මේවනවිට ඉදිවෙමින් පවතින්නේ පකිස්තානු ලක්හානි සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත ඉම්පීරියල් බිල්ඩර්ස් පුද්ගලික සමාගමට අයත් මිශ්‍ර ව්‍යාපෘතියක් වන Destiny Mall & Resistance ගොඩනැගිලි ද්විත්වයයි. නමුත් එහි ගැටලුවක් තිබේ. එම ගොඩනැගිල්ල ඉදිවන භූමියේ අයිතිය තවමත් නීත්‍යානුකූලව ඇත්තේ එම ස්ථානයෙන් බලහත්කාරයෙන් ඉවත් කරන ලද වෙන්ගප්පුලි විදානආරච්චිගේ ගාමිණී වික්‍රමරත්නටය. බලහත්කාරයෙන් ලියැවිලිවලට අත්සන් ලබාගෙන එවක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතට එය පවරාගෙන තිබුණද, ඔප්පුව නීත්‍යානුකූලව වලංගු නොකිරීමත්, මුල් හිමිකරු එම ඉඩමට නඩුවක් පවරා තිබීමත් හේතුවෙන් එහි ඉදිවන ව්‍යාපෘතිය ගැටලුකාරීය. නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මිලිටරි යාන්ත්‍රණය යොදවා ගෝඨාභයලා බලහත්කාරයෙන් ලබාගත් බව කියන මෙකී ඉඩම ගැන යහපාලන ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සිට පහළට පැමිණිලි කර තිබේ. නීත්‍යානුකූලව පවරා නොගත් ඉඩමක ඉදිවන මෙම සුපෝඛබෝගී තට්ටු නිවාස සංකීර්ණයේ නිවෙස් මේවනවිට ගැනුම්කරුවන් සඳහා කෝටි ගණනින් අලෙවිකරමින් ද තිබේ. එහෙත් රාජපක්ෂලාගේ වැරදිවලට සුජාතභාවය දෙන යහපාලනය දෝෂ සහිත, නීත්‍යානුකූල නොවෙන අයුරින් ලබාගත් ඉඩමක ඇති මෙම ව්‍යාපෘතිය මගින් එහි ගැනුම්කරුවන්ට සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන්නේ කෙසේද?

    ඉඩමේ අයිතිය

    Euro Car Mart ( pvt) Ltd සහ Road Builders New Technology ( pvt) Ltd යන ව්‍යාපාරයන්හි අයිතිකරුවා ඉහත සඳහන් ගාමිණී වික්‍රමරත්නය. ඔහු උක්ත ලිපිනයවන ස්ටේෂන් පැසේජ් ස්ථානයේ තම ව්‍යාපාරය ආරම්භ කිරීමට ප්‍රථම ව්‍යාපාරය කරගෙන ගොස් තිබුණේ කොල්ලුපිටියේ සයිමන් හේවාවිතාරණ පාරේ අංක 8 දරණ ස්ථානයේය. එහි ඔහුගේ නිවසත්, Euro Car Mart ව්‍යාපාරයත්, සපත්තු නිෂ්පාදන ආයතනයකුත් පවත්වාගෙන ගොස් තිබිණි. 1980 මාර්තු 22වැනිදා අංක 237/8 දරන ගැසට් පත්‍රය මගින් මහජන කටයුත්තක් සඳහා අවශ්‍ය බව දන්වා ඔහුගේ එම ඉඩම රජයට පවරාගෙන තිබිණි. ඉන්පසුව එම පවරාගත් ඉඩම සහ ව්‍යාපාරය සහිත නිවස වෙනුවට විකල්ප ඉඩමක් ලෙස කොම්පඤ්ඤ වීදියේ ස්ටේෂන් පැසේජ්හි ඉහත සඳහන් ලිපිනයේ පර්චස් 15.2ක ඉඩම අංක 18 දරණ බදු ඔප්පුව මගින් 99 අවුරුදු බදු පදනම මත ජේ. ආර් ජයවර්ධන රජය ඔහුට ලබා දී තිබේ. ඒ අනුව අදාල ඔප්පුව සඳහා රුපියල් 588,240ක මුදලක් ඔහු ගෙවා එම ඉඩම වසර 29ක් පුරා ඉහත සඳහන් ව්‍යාපාරික ආයතන දෙකද පවත්වාගෙන ‍යමින් භුක්ති විඳ තිබේ.

    ඉඩමෙන් ඉවත් කිරීම

    2012 පෙබරවාරි 23 දින නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගාමිණී වික්‍රමරත්නට ලිපියක් මඟින් දන්වා ඇත්තේ මෙම ඉඩම කොම්පඤ්ඤවීදිය දුම්රිය පටුමග ප්‍රතිසංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සඳහා පවරා ගන්නා බවයි. එහිදී වික්‍රමරත්න විසින් මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව 236/2012 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව ගොනුකර තිබේ. එහිදී අධිකරණය පළමුව වාචිකව විමසා ඇත්තේ වික්‍රමරත්නට සාධාරණ වන්ඳි මුදලක් ගෙවිය හැකිද යන්නය. එලෙසම 2013.08.06 දින ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලෙස ලබා දී ඇත්තේද ඔහුව සිය ඉඩමෙන් නීත්‍යානුකූලව ඉවත් කළ යුතුය යන්නය. තවද අංක 18 දරණ වික්‍රමරත්නගේ බදු ඔප්පුවේ 3වන පිටුවෙහි J ජේදයේ සඳහන්ව ඇත්තේ එම ඉඩමෙන් ඔහුව ඉවත් කරනවා නම් නීත්‍යානුකූලව සිදුකළ යුතු බවයි.

    ව්‍යාජ තක්සේරුව

    ඒ අනුව එවක රජයේ තක්සේරු දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු වන චන්ද්‍රසේකරම් නැමැත්තෙකු ස්ටේෂන් පැසේජ් ඉඩමට පැමිණ එහි තක්සේරු වටිනාකම් ගණන් බලාගෙන ගොස් නාගරික සංවර්ධන අධිකාරියට දන්වා තිබේ. ඒ අනුව ඔහු ලක්ෂ 700ක මුදලක් තක්සේරු කර ඇති අතර, ගාමිණී වික්‍රමරත්න විසින් තක්සේරු දෙපාර්තුමේන්තුවේම විශ්‍රාමික නිලධාරියෙකු ලවා පෞද්ගලිකව සිදුකරන ලද තක්සේරුවකට අනුව වටිනාකම ලක්ෂ 800ක් ලෙස සඳහන්ව තිබී ඇත. ඉන් දින කිහිපයකට පසුව වික්‍රමරත්න තක්සේරු දෙපාර්තුමේන්තුවට ගොස් තම ඉඩමේ තක්සේරු පිටපතක් ඉල්ලා ඇති අතර එවිට ප්‍රධන තක්සේරුකරු පී. චන්ද්‍රසේකරම් විසින් ජූඩ් නැමැති නිධාරියෙකු කැඳවා එම පිටපත ලබාදෙන ලෙස දන්වා තිබේ. එහෙත් එම නිලධාරියා එහිදී පවසා ඇත්තේ තක්සේරු කළ ලක්ෂ 700ක මුදල වැඩි බවත්, එය අඩුකරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දන්වා ඇති බවත්ය. එහිදී ප්‍රධාන තක්සේරුකරු පවසා ඇත්තේ තක්සේරුව යනු එකක් බවත් එම ලිපිගොනුව ලැබීමට සලස්වන ලෙසත්ය. එවිට ජූඩ් නැමැති නිලධාරියා පවසා ඇත්තේ එම ලියැවිලි ඒවනවිට අස්ථානගතව ඇති බවයි.

    ඉන් දින කිහිපයකට පසුව මෙම ඉඩමට පැමිණි පළාත් තක්සේරුකරු වන ආර්.ජී.එස්.එච් සෙනෙවිරත්න නැමැති නිලධාරිනියක විසින් විනාඩි පහක පමණ කාළක් වැය කර, ආදායම් වාර්තා හෝ ලිඛිත ලියැවිලි කිසිවක් පරීක්ෂා නොකර තක්සේරුව ලක්ෂ එකසිය දාසයක වටිනාකමකට තක්සේරු කර පිටව ගොස් තිබේ. ඒ අනුව වික්‍රමරත්නගේ එක් පර්චසයක් තක්සේරු කර ඇත්තේ හත්ලක්ෂ හැටතුන්දාස් එකසිය පණස් හතරක් වැනි මුදලකයට. අංක CM/CMC/LM/1013 යොමු අංක සහිතව 2012.03.12 එම නිලධාරිනිය විසින් යවන ලද තක්සේරු පිටපතක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ වික්‍රමරත්න විසින් ලබාගෙන තිබේ. අදාල ලිපි ලේඛන වික්‍රමරත්න විසින් 2015.08.24 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකරන ලද පැමිණිල්ලේ සටහන් කර තිබේ.

    සුදු වෑන් සහ කළු ඩිෆෙන්ඩර

    ලක්ෂ 116 කට ඔහුගේ ඉඩම එලෙස ව්‍යාජ ලෙස අඩු තක්සේරු කළද ඊට මීටර් 100ක් ඉදිරිපසින් ඇති ශැන්ග්‍රිලා හෝටල් ඉඩමේ පර්චසයක් එවකදී ලබා දී තිබුණේ ලක්ෂ 85ක තක්සේරු මුදලකටය. එමෙන්ම කොළඹ 2 මාකට් වීදියේ පර්චසයක් ලක්ෂ 49කට වැනි මුදලකට ලබා දී තිබෙන බව වික්‍රමරත්න ඉහත පැමිණිලිවල සඳහන් කර තිබේ. මෙම තක්සේරුවෙන් පසුව දිගින් දිගටම නිල ඇඳුම් සහිත හා රහිත විවිධ පුද්ගලයන් සුදු වෑන් සහ කළු ඩිෆෙන්ඩර ‍රථ මගින් පැමිණ එම ස්ථානයෙන් පිටවන දිනය කවදාදැයි නිතර විමසා තිබේ. තවද එක් දිනක් බලහත්කාරයෙන් ඉඩමට ඇතුල් වී පාරක් කැපීමට උත්සාහ කර තිබෙන අතර වික්‍රමරත්න එහිදී පවසා ඇත්තේ ඉඩම සම්බන්ධව ශ්‍රේශ්ඨාධිකරණ නඩුවක් පවතින හෙයින්ද, එහි නීත්‍යානුකූල අයිතිය තමන් සතු හෙයින්ද එය සිදුකළ නොහැකි බවයි. තවත් වරෙක තම ආයතනයෙන් වාහන අලුත්වැඩියා කිරීමට පැමිණි මුවාවෙන් විවිධ පුද්ගලයන් එම ස්ථානයෙන් පිටව යන දිනය තම බිරිඳගෙන් හා තමන්ගෙන් විමසා තර්ජනයන් කළ බව පැමිණිලිවල ලිඛිතව සඳහන් කර තිබේ. එවකදී පැවැති අනාරක්ෂිත වාතාවරණය මත තමන්ටත්, බිරිඳ හා දියණියට සිදුවිය හැකි අවදානම හේතුවෙන් වික්‍රමරත්න මේවා සම්බන්ධව කිසිඳු පියවරක් ගැනීමට එවකදී අපොහොසත්ව තිබේ.

    බලහත්කාරයෙන් අත්සන්

    මෙවැනි වටපිටාවකදී euro car mart ආයතනයට පැමිණි යුද හමුදා නිලධාරීන් කීපදෙනෙකු නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැමිණෙන ලෙස දන්වා තිබේ. නමුත් එහිදී කිසිදු සාකච්ජාවක් වී නොමැති අතර, නැවත එහි පැමිණ එම අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවන ලෙස දන්වා තිබේ. විනාඩි 45ක් පමණ කාළක් තම බිරිඳ සමඟ එහි රැඳී සිටියද ලේකම්වරයා හදිසි රාජකාරියකට ගිය බව දන්වා නැවත නාගරික සංවර්ධන අධිකාරියට යන ලෙස දන්වා තිබේ. එහිදී බ්‍රිගේඩියර් ජයසුන්දරගේ කාමරයට ගිය පසු ඉඩම් නිලධාරී වීරසේනගේ කාමරයට ගොස් ඔහු හමුවන ලෙස දන්වා තිබේ. එහිදීද දන්වා ඇත්තේ ඉක්මණින් ඉඩමෙන් ඉවත්වන ලෙසයි. පසුදිනෙක නැවතත් ඔහුගේ ආයතනයට පැමිණි නිලධාරියෙකු භුක්තිය බාරදෙන ලෙස තර්ජනය කිරීම හේතුවෙන් ‘නීත්‍යානුකූලව ගන්නා පියවරකට අගතියක් නොවෙන ලෙස’ යන්න (without Prejudice) සටහනක් යොදා ජීවිත අවදානම හේතුවෙන් අත්සන් කර තිබේ. එම සිදුවීමෙන් පසුව 2013.08.01 දින නාගරික සංවර්ධන අධිකාරිය වෙත එන ලෙස දන්වා තිබේ. ඒ අනුව බිරිඳත්, වික්‍රමරත්නත් එහි ගොස් ඇති අතර ඔවුන්ව ගිනි අවි සහිත යුද හමුදා නිලධාරීන් සිටින කාමරයකට කැඳවා එම අධිකාරියේ සිටි ප්‍රදාන නීති නිලධාරිනිය බලහත්කාරයෙන් හිස් කොළයක් ලබා දී එහි තම අත් අකුරින් චෙක් පත් තුනක අංක සඳහන් කරවා

    ‘මා මේ ඉඩමෙන් කැමැත්තෙන් ඉවත්ව යන බවත්, කිසිඳු වන්ඳි මුදලක් නොඉල්වන බවත් හා කිසිඳු නීති මගකට නොයන බවත්’ සටහන් කරවාගෙන අත්සන ලබාගෙන තිබේ.

    මෙම සිදුවීම් හමුවේ තම ඉඩමත්, ව්‍යාපාරික ස්ථානයත් බලහත්කාරයෙන් ලබාගැනීම හේතුවෙන් එහි වූ තම දේපල සියල්ල හා ලබා දී තිබූ ලක්ෂ 116ක මුදලද සේවක වන්ඳි ලෙස බෙදා දී එයින් පිටව ගොස් තිබේ.

    ස්ටේෂන් පැසේජ් ව්‍යාපෘතිය

    කොම්පඤ්ඤ වීදිය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය අදියර දෙක ලෙස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අංක 12/1581/503/105-1 ලෙස කැබිනට් පත්‍රිකාවක් 2012.11.12 දින යොමුකර තිබේ. ඒ අනුව කොම්පඤ්ඤවීදිය ස්ටේෂන් පැසේජ්හි දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත්ව තිබූ නිල නිවාසත්, වෙනත් පදිංචිකරුවන්ගේ නිවාස 119කුත් මෙම ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන තිබේ. දුම්‍රිය දෙපාර්තුමේන්තුව සතුව තිබූ ඉඩමෙහි භුක්තිය නාගරික සංවර්ධන දෙපාර්තුමේන්තුවට නිදහස් දීමනාවක් ලෙස ලබාගෙන ඒ සඳහා මහල් නිවාස වලින් නිවාස 38ක් ද, අනෙකුත් පදිංචිකරුවන්ට එම ස්ථානයේම ඉදිකරන මහල් නිවාසවල නිවසක්ද ලබාදෙන පොරොන්දුව මත පවරාගෙන තිබිණි. එලෙස පවරාගත් ඉඩම් ‘මහජන කටයුත්තක්’ ලෙස සඳහන් කර ලබාගෙන තිබේ. ඒ අනුව පුනස්ථාන මහල් නිවාස හා වානිජ්‍ය ඒකක ඉදිකරදීම සඳහා වැයවන පිරිවැය පියවා ගැනීම සඳහා පුද්ගලික ඉඩම් හිමියන්ගෙන් පවරා ගන්නා ඉඩම්වලින් අක්කර 1ක ප්‍රමාණයක් ‘ඉම්පීරියල් බිල්ඩර්ස් සමාගමෙන්’ පියවා ගැනීමට මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා අවුරුදු 50ක කාළයකට බදු ප්‍රතිෂ්ඨාවක් රහිතව ලබාදීමට එවක දී කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට අත්විය යුතු ප්‍රතිලාභ ලෙස අධිකාරිය සතු පර්චස් 108ක මුළු ඉඩමෙන් මාර්ග හා පොදු භූ දර්ශන කොටස් හැර ඉතිරිවන පර්චස් 54 සඳහා රජයේ තක්සේරුව මත ගණනය කළ රුපියල් මිලියන 320ක බදු ප්‍රතිෂ්ඨාවක් සමාන වාරික 5කින් වසර දෙකක කාළයක් තුළ අයකර වසර 50කට බදු දීමටත් එමගින් එකඟ වී තිබේ.

    වික්‍රමරත්නට වූ අසාධාරණය

    නමුත් එලෙස පවරාගත් මුළු ඉඩම් ප්‍රමාණයෙන් පර්චසස් 15.2ක කොටසක නීත්‍යානුකූල අයිතිය 1980 සිට තිබුණේ ගාමිණී වික්‍රමරත්නටය. 99 අවුරුදු බදු ගිවිසුමක් යටතේ ලබා තිබූ ඉඩමක් එලෙස පවරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට නොහැකිය. බලහත්කාරයෙන් මිලිටරි බලය යොදවා ලබාගත් අත්සන් තිබුණද අදටත් එම ලියැවිල්ල ඉඩම් ලියාපදිංචි කාර්‍යාලයේ නිවැරැදිව ලියාපදිංචි කරද නැත. 1964 අංක 28 සංශෝධන පනත අනුව මහජන කටයුත්තක් සඳහා පවරාගත් ඉඩමක් විදේශීය සමාගමකට ලබාදීමට නොහැකි බව වික්‍රමරත්න විසින් ජනාධිපතිවරයාටද පැමිණිලි කර තිබේ. එමෙන්ම වික්‍රමරත්න එම ස්ථානයෙන් නික්ම යෑමට සූදානම් වුවද ඒ සඳහා ඔහුට වෙනත් විකල්ප ඉඩමක් ලබා දී හෝ තම හිමිකම වෙනුවෙන් නිවැරදිව ගණනය කළ වන්දියක් හෝ ලබා දී නොමැත.

    සාධාරණයක් නොමැත

    මෙම අසාධාරණය සහ අනීතික ක්‍රියාවන් පිළිබඳව වික්‍රමරත්න අවස්ථා ගණනාවකදී මෛත්‍රිපාල ජනාධිපතිවරයාටත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටත්, කොම්පඤ්ඤ වීදිය පොලීසියටත් ඇතුළු වගකිව යුතු අංශ වෙත පැමිණිලි කර තිබේ. කිසිඳු පැහැදිලි ප්‍රතිචාරයක් තවමත් ඔහුට නොලැබී ඇත. ඔහු ඒ වෙනුවෙන් මේ වනවිට තනිවම නඩුවක් ගොනු කර තිබේ.2015 නොවැම්බර් 17 වැනිදා පුවත්පත් සාකච්ඡාවකදී යහපාලන රජයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර කීවේ පසුගිය සමයේ සිදු වූ ඝාතන සහ පැහැර ගැනීම්, බරපතල වංචා 725කට රාජපක්ෂවරුන්ගේ සම්බන්ධතා ඇති බවයි. ඉන් 25කට ඍජුවම රාජපක්ෂවරු සම්බන්ධ බවට හෙළිව ඇති බවයි. යහපාලන ආණ්ඩුවේම ප්‍රබලම අමාත්‍යංශයක් වන බස්නාහිර පළාත් සහ මහා නගර සංවර්ධන අමාත්‍යවරයා වන්නේ පාඨලී චම්පික රණවකයි. රාජපක්ෂලාගේ මෙවැනි වංචා දූෂණ සහ මිලිටරි බලය අත්තනෝමතික ලෙස භාවිතා කිරීම් ගැන මැතිවරණ වේදිකා දෙවනත් කළද සාක්ෂි සහිතව ඇති මෙවැනි කාරණාවලට අදවනතුරු නීතිය ක්‍රියාත්මක කිරීමක් හෝ අගතියට පත් පාර්ශ්වයන්ට සාධාරණයක් ඉටු නොකර තිබේ. මහජනතාව ජන්දයෙන් මේවාට පිළිතුරු දුන්නා විය යුතුය. ජනමාධ්‍ය ගැනද යමක් ලිවිය යුතුය. මෙවැනි දෑ පිළිබඳව ලියන්නෝද අල්පය. රාවයේ ලසන්ත රුහුණගේ මේ පිළිබඳව මීට පෙර ලියා තිබුණි. නමුත් ඒ සඳහා මාධ්‍ය පෙළ නොගැසිනි. ඒ වෙනුවට ගුවන්තොටට දුවන මාධ්‍යකරුවන් ගෝඨාභයලාගෙන් අසන්නේ ඊලඟ අගමැතිවනවාද යන්නය.

    හිස් කොළයකට බලහත්කාරයෙන් අත්සන් ගත්තා

    මගේ නිවසත්, ව්‍යාපාරයත් තිබුණ ඉඩම තිබුණෙ කොල්ලුපිටියේ සයිමන් හේවාවිතාරණ පාරෙ. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව, 1980 දි ගාමිණී දිසානායක ඇමතිවරය මහජන කටයුත්තකට ඒ ඉඩම පවරගත්තා. ඒ වෙනුවට මට කොම්පඤ්ඤ වීදියෙ ස්ටේෂන් පැසේජ් ඉඩම 99 අවුරුදු බදු පදනම මට ගිවිසුමකින් ලබාදුන්නා. මම එතන මගේ ව්‍යාපාරය දෙක අවුරුදු 29ක් නිවැරදිව රජයට බදු ගෙවමින් පවත්වාගෙන ගියා.

    2012 අවුරුද්දෙ දවසක නාගරික සංවර්ධන අධිකාරියෙන් අපිට ලියුමක් ආවා එතනින් ඉවත් වෙන්න කියලා. අපේ නීත්‍යානුකූල අයිතිය අපි කිව්වා. නමුත් අපිට සුදු වෑන්වලින්, ඩිෆෙන්ඩර් වලින් ආව අය නිතර තර්ජනය කළා. මගේ කාර්‍යාලයටත්, වැඩපලටත් ආව නිලඇඳුම් ඇඳගත්ත අය නිතර ඇහුවෙ කවදද එතනින් යන්නෙ කියලා. පස්සෙ මම ශ්‍රේශ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකළා. ඒකෙන් කිව්වෙ නීත්‍යානුකූලව මාව ඉවත් කරන්න කියලා. රජයේ තක්සේරුකරු ඇවිත් ලක්ෂ 700කට මගේ ඉඩම තක්සේරු කළා. නමුත් පස්සේ දැනගත්තා ලක්ශ 116කට ඒක අඩුකරලා වෙනත් නිලධාරිනියකගෙන් තක්සේරු කරගෙන කියලා. පර්චසයක් ලක්ෂ 7කට තක්සේරු කරලා තිබුණේ. පස්සේ මට ගෝඨාභය රාජපක්ෂ හමුවෙන්න එන්න කිව්වා. ගියාට ඔහුව හමුවුණේ නෑ. ආයෙ රතුපස්වල සිදුවීම වුණු දවසෙ මට නාගරික සංවර්ධන අධිකාරියට එන්න කියලා කිව්වා. එදා මම මගේ නෝනත් එක්ක ගියාම හිටපු නීති නිලධාරිනිය අපිව කාමරයකට යැව්වා. ඒකෙ ඇතුළෙ හිටියෙ යුධ හමුදා නිලධාරීන්, ඒ අයගෙ ගිනි අවි එක්ක. හිස් කොළයක් දීලා, චෙක්පත් තුනකුත් දීල ඒකෙ ලියන්න කිව්වා කිසිම නීතිමය පියවරක් ගන්නෙ නෑ, වන්ඳියක් ඉල්ලන්නෙ නෑ කියලා පොරොන්දු වෙනවා කියලා. අපි ජීවිත අවදානම නිසා ඒකට අත්සන් කළා. පස්සේ ආයතනයට කෙනෙක් ඇවිත් බලහත්කාරයෙන්ම ඉඩමේ භුක්තියට අත්සන් ගත්තා. නමුත් මම ඒකෙ සටහනක් දාලායි අත්සන් කළේ. අදටත් ඒ ඉඩම නිවැරදිව ලියාපදිංචි කරලා නෑ. මම නඩුවක් පවරලා තියෙනවා. මට සාධාරණ වන්ඳියක් අවශ්‍යයි. මට දුක මහින්ද රාජපක්ෂ බලයට එද්දි හෙළ උරුමයේ සහෝගය රාජපක්ෂ ආණ්ඩුවට ගන්න සාකච්ජා කළේ මම. එහෙම බලයට ඇවිත් ඒ අය මගේ සියල්ල බලහත්කාරයෙන් ගත්තා. අද නාගරික සංවර්ධන අමාත්‍යංශය අයිති පාඨලී ඇමතිවරයාට. ඔහු බලයට ආවෙත් හෙළ උරුමයෙන්. ඔහුත් අදටත් මේ ගැන නිහඬයි. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට මම මේ ගැන පැමිණිලි කළා. නමුත් විසඳුම් නෑ.

    ගාමිණී වික්‍රමරත්න
    ඉන්ජිනේරු,
    සභාපති යුරෝ කාර් මාට් සහ රෝඩ් බිල්ඩර්ස්
    නිව් ටෙක්නොලජි ප්‍රයිවෙට් ලිමිටඩ්

    – මේ පිළිබඳ විමසීම සඳහා මහා නගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අමතන ලදී. එහිදි ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු මෙම තොරතුරු සටහන් කර ගත් අතර පුවත්පත මුද්‍රණයට යන තෙක් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා නොදෙන ලදී.-

  • තුවක්කු, බෝම්බ සමග හසුවූ එජාප මන්ත්‍රීට වරෙන්තු

    තුවක්කු, බෝම්බ සමග හසුවූ එජාප මන්ත්‍රීට වරෙන්තු

    සිය නිවසේ නීතිවිරෝධී ලෙස ගිනිඅවි තොගයක් ගබඩා කරගෙන සිටි බවට චෝදනා ලැබ සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි ශාන්ත සිසිර කුමාර අබේසේකර අත්අඩංගුවට ගැනීමට හලාවත මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්.මොරායස් ඊයේ (22) වරෙන්තුවක් නිකුත් කළා.

    2004 මැයි මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී නිසි බලපත්‍රයක් හෝ වෙනත් කිසිදු ලියවිල්ලක් නොමැතිව ගිනි අවි කිහිපයක් සහ ඒවාට යොදන උණ්ඩ තොගයක් හා ජීව අත්බෝම්බයක් තම නිවසේ තබාගැනීමේ චෝදනාව මත සැකකරු ඇතුළු හයදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

    හලාවත පොලීසිය විසින් මෙම ආයුධ තොගය සමග සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණත් ඉන් පස්දෙනෙකු වරද පිළිගත් නමුත් සැකාකර මන්ත්‍රීවරයා තමන් නිවැරදිකරු බව පැවසීම නිසා ඔහුට එරෙහිව නඩු විභාගයට නියම කර තිබෙනවා.

  • ලංකාවේ නිතිය හෑල්ලුවට ලක්කළ උදයංගට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන

    ලංකාවේ නිතිය හෑල්ලුවට ලක්කළ උදයංගට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන

    රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදනයක් නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. 2006 වසරේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිළදී ගැනීමේදී සිදුව ඇති මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. එය පාදක කර ගනිමින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයද සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තුවක් නිකුත් කළා. එය ජාත්‍යන්තර පොලීසිය මගින් කි‍්‍රයාත්මක කිරීමට කළ ඉල්ලීමට අනුව ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය විසින් නිල නිවේදනයක්ද පසුව රතු නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ මෙසේ තිබියදී උදයංග වීරතුංග සමාජ ජාලා වෙබ් අඩවි මගින් විවිධ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් මෙරට යුක්තිය පසිදලීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් වැරදි ප‍්‍රතිරූපයක් ඇති කිරීමේ උත්සාහයක නිරත වන බවයි. ඔහු කළ යුත්තේ අධිකරණය වෙත ඉදිරිපත් වී තම නිර්දෝශීභාවය ඔප්පු කිරීම බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා.

    විමර්ශන කිරීම සදහා යුක්රේනයට පැමිණි නිලධාරීන් තමාගෙන් කිසිදු ප‍්‍රකාශයක් ලබානොගත් බව උදයංග වීරතුංග ඉකුත්දා ප‍්‍රකාශ කළා. කෙසේවෙතත් පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ විමර්ශන කණ්ඩායම රාජකාරියේ නියැලෙන අවස්ථාවේ උදයංග වීරතුංග යුක්රේනයේ සිට නොමැති බවයි. එම විමර්ශන කණ්ඩායම් වෙත විදේශ ගතවීමේදී රාජකාරී සදහා සාමාන්‍ය රජයේ නිලධාරියෙකුට කරන ගෙවීම්වලට අමතරව වෙනත් කිසිදු මුදලක් ගෙවා නොමැති බවද මෙහිදී තහවුරු කෙරුණා.

  • “පැරකුම් මාළිගාවට මුත්‍රා කර , බිත්ති හූරලා ” පුරාවස්තු විනාශ කළ නරුමයන් මෙන්න .!

    “පැරකුම් මාළිගාවට මුත්‍රා කර , බිත්ති හූරලා ” පුරාවස්තු විනාශ කළ නරුමයන් මෙන්න .!

    පඬුවස්‌නුවර ඓතිහාසික පැරකුම් මාළිගාව නැරඹීමට ගොස් අතිශය වටිනා පුරා වස්තුවක් ලෙස සැලකෙන එම පැරකුම් මාළිගාවට හානි කළ පුද්ගලයන් පිරිසක් පිළිබදව වාර්තා වෙනවා.
    පසුගිය දින මෙම ඓතිහාසික මාළිගය නැරඹීමට බීමතින් ගොස් සිටි මෙම පිරිස , මාළිගයේ පැති බැමි වල ගඩොල් වලට හානිකරමින් සිට තිබුනා. මේ බව දුටු මෙම පුරාවිද්‍යාත්මක නටඹුන් ආරක්ෂා කිරීමට සිටි මුරකරුවන් මෙම පිරිස නැවතීමට උත්සාහ කර තිබෙනවා.

    ඉන්පසුව බීමතින් සිටි මෙම පිරිස එම ස්ථානයේ රැකවළුන්ටද අමානුෂික ලෙස පහර දී තිබෙනවා. මෙම පිරිස එම ස්ථානයේ පුරාවිද්‍යා නටබුන්වලට මුත්‍රා කර තිබෙන බවද සදහන්. කෙසේ වෙතත් සිදුවීම පිළිබදව දැනගත් විගසම සැකකරුවන් මෙල්ල කිරීමට සහ පුරාවිද්‍යා නටඹුන් ආරක්ෂා කර ගැනීමට එම ස්ථානයට ගිය පොලිස් නිළධාරින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    හෙට්‌ටිපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පසුගිය 20 දා හෙට්‌ටිපොල මහෙස්‌ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි පලමු හා දෙවන සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කිරීම සඳහා මේ මස 22 (අද) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටත් තෙවෙනි හා සිව්වෙනි සැකකරුවන් මාර්තු මස 05 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටත් නියෝග කරනු ලැබීය.

  • භූමිතෙල් ගසා දුවන බස් වැඩි වෙලා – බස් හිමියන්ට සල්ලි.. මගීන්ට ලෙඩ

    භූමිතෙල් ගසා දුවන බස් වැඩි වෙලා – බස් හිමියන්ට සල්ලි.. මගීන්ට ලෙඩ

    දකුණු පළාතේ නගරාන්තර පෞද්ගලික බස් ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බවට තොරතුරු වාර්තා වනවා.

    ඩීසල් සඳහා අධික මුදලක් වැය වීම නිසා එම බස් රථ සේවකයින් භූමිතෙල් යොදා ගනිමින් බස් ධාවනය කරන බවයි අනාවරණ වී ඇත්තේ.

    කොළඹ සිට තංගල්ල දක්වා ධාවනය වන නගරාන්තර බස් රථයකට එක් ගමන්වාරයක ඩීසල් සඳහා වැය වන මුදල රුපියල් 11, 500 ක්. එම නගරාන්තර බස් රථයකට භූමිතෙල් සඳහා වැය වන්නේ රුපියල් 5,500 ක් පමණයි.

    මෙලෙස මුදල් ඉතිරි වීම හේතුවෙන් සියයට 90ක් පමණ දකුණු පළාතේ නගරාන්තර බස් රථ භූමිතෙල් යොදා ධාවනය කිරීමට හුරු වී තිබෙනවා.

    මෙම බස් රථ භූමිතෙල් යොදා ධාවනය කරන්නේ සයිලන්සර් සහ ඉන්ජෙක්ටර් වෙනස් කරමින් බවයි පැවසෙන්නේ. ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කිරීමෙන් වසරකට රුපියල් ලක්ෂ 24ක ලාභයක් හිමිවන බවයි එම බස් රථ සේවකයන් පවසන්නේ. 

    කෙසේ වෙතත් භූමිතෙල් යොදා බස් රථ ධාවනය කිරීමෙන් එහි ගමන් ගන්නා මගීන්ගේ සෞඛ්‍යයට හානිදායක බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

  • රනිල් හොරෙක් බව ඔප්පු උනොත් බෙල්ල කපාගෙන මැරෙනවා – චිවරධාරියෙක් මාධ්‍යයට කියයි..

    රනිල් හොරෙක් බව ඔප්පු උනොත් බෙල්ල කපාගෙන මැරෙනවා – චිවරධාරියෙක් මාධ්‍යයට කියයි..

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හොරෙකු බවට  ඔප්පු කළහොත් තමන් වහන්සේ ගොල්ෆේස් එකට ගොස් බෙල්ල කපාගෙන මිය යෑමට සූදානම් බව පූජ්‍ය අඹන්වෙල ඥාණාලෝක හිමි ප්‍රකාශ කර තිබෙනවා. පසුගියදා ජාතික විද්වත් සංසදය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී  උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලා. 

    රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා රැකගැනීම සඳහා මහා සංඝරත්නය ඇතුලු විද්වතුන් එක්වී සිටින බවත් එය මහාසංඝරත්නට ගෞරවයක් බවත් උන් වහන්සේ එහිදී ප්‍රකාශ කලා.

    එම වීඩියෝව පහතින්.

  • රූම් ඇතුලේ කරන ඒවා පන්සලේ කරන්න ගිය වැලිමඩ 15වේ සිසුවියන් දෙදෙනා මෙන්න…

    රූම් ඇතුලේ කරන ඒවා පන්සලේ කරන්න ගිය වැලිමඩ 15වේ සිසුවියන් දෙදෙනා මෙන්න…

    අද කාලේ පුංචි නංගිලා මල්ලිලා වරදෙහි යෙදෙනවා හුගාක් වැඩියි.තැනක් නොතැනක් නෑ හෙවිල්ලක් බැලිල්ලක් නෑ
    තමන් ආදරේ කරන්න ඕනේ කව්ද ඕනෙ නැත්තතේ කව්ද කියලාවත් තමන් ආදරේ කරන අය කොහොම කොයි වගේ අයද කියන එක ගැනවත් කිසි සොයා බැලිල්ලක් නෑ…
    මේ කියන්න යන්නෙත් ආදරය උඩු දුවා රාගය ඇවිස්සී තැනක් නොතැනක් නැතිව අයාලයේ ගිය සිසුවියන් දෙදෙනෙක් කරපු හදියක් ගැනයි
    පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට සැකපිට තරුණයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා
    පාසල් නිල ඇඳුමින් විහාරස්ථානයකට ගිහින් අශෝභන විදිහට විහාර භූමියේ සිටින අයුරු විහාරාධිපති හිමියන් දැක වැලිමඩ පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා
    ඒ අනුවයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ,
    අවුරුදු 15 ක් වුණු මේ සිසුවියන් දෙන්නා පාසල නිමවී උපකාරක පංති යනවා කියලා අදාල තරුණයන් එක්ක ත්‍රී රෝධ  රථයකින් මේ විහාරස්ථානයට පැමිණ තිබෙනවා
    20 හැවිරිදි වියේ පසුවූ මේ තරුණයන් දෙදෙනාට බාලවයස්කාර දැරියන්ට ලිංගිත අතවර කිරීමේ චෝදනාව යටතේ නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා
    බාලවයස්කාර සිසුවියන් දෙදෙනා  වැලිමඩ රෝහලට ඇතුලත් කරලා
  • ජනපතිතුමනි, විද්‍යා වෙනුවෙන් ක්‍රියාත්මක වූ නීතිය දකුණේ සොහොයුරියට ක්‍රියාත්මක නොවන්නේද..?

    ජනපතිතුමනි, විද්‍යා වෙනුවෙන් ක්‍රියාත්මක වූ නීතිය දකුණේ සොහොයුරියට ක්‍රියාත්මක නොවන්නේද..?

    ඉතාම සංවේදී කතාවක්..

    මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස සිදුව තිබෙන්නේ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරීම නොව මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් තත්වයට පත්වීමය. සතුන්ට වුවද ලිංගිකත්වය සම්බන්ධව යම් සීමා ඇත. ඔවුන් වර්ගයා බෝ කිරීම සදහා ලිංගිකව හැසිරෙන්නේ ස්වභාවධර්මයෙන් ලැබුනු සීමාවන් තුලය. නමුත් මනු සතාට එහි සීමාවක් නැත. නමුත් මනසින් උසස් මිනිසාම එය සීමාවන් දමාගෙන ඇත්තේ තිරිසනුන්ටත් වඩා පහතට වැටීමට නොහැකි නිසාය. නමුත් පසුගිය දා නාරාහෙන්පිට පොලිසියට වාර්තා උනේ තිරිසනුන්ටත් වඩා පහතට වැටුනු පිරිසක් පිලිබදවය.

    තිරිසන් වෙස් ගත් මිනිසුන් හතරදෙනා වුයේ යුද හමුදා කපිතන් වරු දෙදෙනෙක්, කෝප්‍රල් වරයෙක් සහ ඉංජීනේරු වරයෙකි. පළමු සැකකාර කපිතාන් යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකි. අනෙකා යුද හමුදා පොලිසියේය. මේ සිව්දෙනා ගේ තිරිසන් ක්‍රියාවලියට ගොදුරුව තිබුණේ පෞද්ගලික රෝහලක අවිවාහක හෙදියකි.

    පසුගිය දිනෙක නාරාහේන්පිට පොලිසියට පැමිණි ඇය තමාට විඳින්නට සිදු වූ කෲරතර සිදුවීම් මාලාව හෙළි කරද්දී එය අසා සිටි ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පවා දැඩි අපහසුතාවට පත්වුහ. ඒ ඇයගේ පෙම්වතා ඇයට දී තිබු කායික හා මානසික හිංසනය අදහාගත නොහැකි තරම් දරුණු වූ නිසාය. ඇය කොළඹ නගරයේ පිහිටි සුවිසල් පෞද්ගලික රෝහලක හෙදියකි. අවිවාහක ඇයගේ වයස අවුරුදු තිස් නවයකි. ඇයගේ පෙම්වතා වූයේ යුද හමුදා කපිතාන් වරයෙකි. ඔහු යුද හමුදා රෝහලේ වෛද්‍ය වරයෙකි. ඔහු මෙම පෞද්ගලික රෝහලේද සේවය කළේය. ඒ රාජකාරි වේලාවෙන් පසුවය. ඇය ඔහු රෝගීන් බලන කාමරයේ හෙදිය ලෙස සේවය කළ අතර කල් ගතවෙද්දී ඔහු ඇයගේ පෙම්වතා බවට පත් විය.

    ප්‍රේමය දලුලා වැඩෙද්දී මේ දෙදෙනා ගේ ඇසුර ලිංගික සබඳතා පවත්වන තත්ත්වයට පත්ව තිබිණි. ඇය එලෙස ඔහු විශ්වාස කොට ඔහුගේ ඉල්ලීම් වලට ඉඩ දුන්නේ විවාහ කරගන්නා බවට ඔහු ඇයට දුන් පොරොන්දු නිසාය. මෙලෙස කාලය ගෙවී යද්දී ඔහුට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්වීමට සිදුවිය. ඒ අනුව ඔහු වසර දෙකක කාලයකට සුඩානය බලා පිටත්ව ගියේ ඇය ගේ සිතෙහි දහසක් බලාපොරොත්තුද තබාය. විදෙස් ගතවීමෙන් අනතුරුව ඔහු ඇය අමතක කළේ නැත. දිගින් දිගටම දුරකථන ඇමතුම් දෙමින් ඇයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන බව තහවුරු කළේය.

    මේ අතර ඇය ඔහු පිළිබඳ විපරම් කර බැලීමට සිතුවාය. ඒ අනුව මොහු හොඳින් දන්නා හඳුනන අයකුගෙන් තොරතුරු විමසුවාය. ඔහු පවසා සිටියේ වෛද්‍ය කපිතන්වරයා විවාහකයකු බවත් දරු දෙදෙනකු සිටින පියෙකු බවත්ය. එය ඇසු ඇයට දෙවියන් සිහිවිය. විවාහ වීමේ පොරොන්දුව නිසා ඇය ඔහුට සිය කුමරි බඹසර ද පුදා තිබීම ඇයට දරාගත නොහැකි කරුණක් වන්නට ඇත. ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටී. ඒ මව, නංගී සහ මල්ලී සමඟය. මේ තිදෙනා යැපෙන්නේ ඇයගෙනි. ඒ පියා නොමැති නිසාය. ඔහු ගේ පැටිකිරිය ඇසීමෙන් අනතුරුව ඇය තීරණයකට එළැඹියාය. ඒ ඔහුගෙන් වෙන් වන්නටය. ඇය ඔහු දෙන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම නතර කළාය. පසුව ජංගම දුරකථන අංකය ද මාරු කොට හැකිතාක් ඔහු මඟ හැර සිටීමට උත්සාහ කළාය. ඔහු මඟ හැර සිටිය ද ඔහු ඇයට එලෙස සැඟව සිටීමට ඉඩ දුන්නේ නැත. ඔහු සිය ගෝලබාලයන් ලවා ඇය යන එන තැන් කරන කියන දේ පිළිබඳ ඔත්තු සෙවීය.

    දිනක් ඇය සේවය නිමකොට රෝහලින් පිට වී බෝඩිමට යද්දී ඇය අසල ත්‍රීරෝද රථයක් නතර විය. එහි සිටියේ ඔහුගේ ගෝල ලාන්ස් කෝප්‍රල් රණසිංහ ය.
    “නගින්න මිස් මට ටිකක් කතා කරන්න ඕන.”
    “ඇයි මොනවා කතා කරන්නද?”
    “සර් හරි අප්සට් එකෙන් ඉන්නේ. මිස් සර්ව මඟ අරිනවා කියලා. යමු අපි ඒ ගැන කතා කරමු.”
    ඔහුගේ වචනයට අවනත වූ ඇය එම ත්‍රීරෝද රියට ගොඩවුවාය. ඔහු ඇය රැගෙන ගියේ හෝටල් කාමරයකටය.
    “මාව කාමරේට එක්කගෙන ගියාට එයා මගේ ඇඟට අතක්වත් තිව්වේ නෑ. ඒත් මගේ කිට්ටුවෙන් වාඩිවෙලා ෆොටෝ එකක් අරගෙන ඒක දිනේෂ්ට යවලා කියලා තිබුණා. මාව කාමරේකට එක්කගෙන ගිහින් එකට හිටියා කියලා.

    පහුගිය ජුලි මාසේ දොළොස්වෙනිදා දිනේෂ් හොස්පිටිල් එකට කෝල් එකක් දීලා කිව්වා මම ලංකාවට ආවා. මට තමුන් එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා කියලා. ඒ කතාවට මට බය හිතුණා. ඊට දවස් දෙකකට පස්සේ මම වැඩ ඇරිලා හොස්පිටිල් එකෙන් එළියට ඇවිත් ටික දුරක් යද්දී මගේ ළඟ කාර් එකක් නතර කළා. එකේ දිනේෂ් හිටියේ. මට තමුසේ එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා නැගපිය. මගේ වචනෙට කීකරු නොවුණොත් දන්නවා නේ උඹලට වෙන දේ. උඹව පවුල පිටින්ම මරලා දානවා කියලා තර්ජනය කළා. බයටම මම කාර් එකට නැංගා.

    මට ගෙදර යන්න ඕන, ඔහුගේ මෝටර් රථයට ගොඩ වූ ඇය එලෙස ඔහුගෙන් ඉල්ලා සිටියාය.බොරැල්ල හන්දිය පහුවෙද්දී මම ඇහුවා මේ කොහේද යන්නේ කියලා. “උඹට ගෙදරනේ යන්න ඕන කිව්වේ. මේ ගෙදරට තමයි එක්කගෙන යන්නේ.” එලෙස කී ඔහු වරෙක ඇයගේ ගෙල මිරිකා ඇයට කතා කිරීමට ඉඩ දුන්නේ නැත. තවත් විටෙක ඔහු ඇයගේ ගෙලට පිහියක් තබා කට වසාගන්නා ලෙසට තර්ජනය කළේය. මේ තර්ජන ගර්ජන මැද්දේ මෝටර් රථය තිහාරිය ප්‍රදේශයට සේන්දු විය.

    “තිහාරියේ අතුරු පාරකට වාහනේ හැරෙව්වා. මේ කොහේද යන්නේ කියලා අහද්දී මගේ බෙල්ල මිරිකුවා. තට්ටු දෙකේ ගෙයක් ළඟ වාහනේ නතර කරලා එයා බැහැලා ගියා. ඒ වෙද්දි වේලාව හවස තුන විතර ඇති. විනාඩි කිහිපයකින් ආපහු ඇවිත් බෙල්ලෙන් අල්ලලා තල්ලුකරගෙන මාව තරප්පු පෙළ දිගේ උඩට අරගෙන ගියා. එහෙම අරගෙන ගිහින් මාව කාමරයකට දාලා නාගෙන වරෙං කියලා කිව්වා. මම නාගෙන ආවට පස්සේ කාපං කියලා කෑම එකකුත් දුන්නා. ඊට පස්සේ මට තර්ජනය කළා. උඹත් එක්ක ගනුදෙනුවක් තියෙනවා බේරගන්න කියලා මාව ලිංගික ක්‍රියාවලට යොමුකරගන්න උත්සාහ කළා. මම ප්‍රතික්ෂේප කළා.

    “ඇයි දැන් මොකද බැරි. උඹ වෙනද මේවට හරි ආසයි නේ උඹට මොනවද වෙලා තියෙන්නේ. මම මේක හොඳින් හරි නරකින් හරි බේරගන්නවා.” යැයි කී ඔහු ඇයට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්තේය. එම පහර වලට ඇයගේ කම්මුල් පමණක් නොව ඇස් ද තැලී ගියේය. නිරුවත් සිරුරේ පිටුපසට තද පහරවල් එල්ල වූ අතර ඇයගේ සිරුර නිල් පැහැ වී ඉදිමී තිබිණි.

    “මට ඇස් පේන්නෙත් නෑ. වේදනාව දරාගන්නත් බෑ. මාව ඇඳට තල්ලු කරලා දොරත් ලොක් කරගෙන එයා එළියට ගියා. විනාඩි හතළිහකින් විතර ඇතුළට ආවා. දොර අරිද්දි මම දැක්කා එළියේ වැරන්ඩාවේ දෙන්නෙක් බිබී ඉන්නවා. එයා කාමරේට ඇවිත හිටපු මාව අර බොන එවුං දෙන්නා ළඟට අරගෙන ගිහින් එතන තිබුණ හාන්සි පුටුවක ඇන්දේ වාඩි කෙරෙව්වා. එතන වාඩිවෙලා ඉන්න අමාරුයි. අර බිබී හිටිය එක්කෙනක් මට පුටුවක් දීලා වාඩිවෙන්න කිව්වා. මම එකේ වාඩි වුණා. දිනේෂුත් ඒ අය එක්ක බිව්වා. මතින් මත් වූ පිරිමින් තිදෙනකු ඉදිරියේ ඇතිවිය හැකි අතරවර ගැන කීමට වචන තිබේද?

    ඔවුන් බලෙන් ඇයට විස්කි පෙව්වේය. සිගරට් පමණක් නොව ගංජා දුමාරය ද ශරීර ගත කළේය. ඒ අතරතුර ඔවුන් කියන අසභ්‍ය වචන, අසම්මත ලිංගික ක්‍රියා පිළිබඳ කියන කතා ඇය අව සිහියෙන් මෙන් අසා සිටියේ වෙන කළ හැකි දෙයක් නොවු නිසාය.

    “ඊට පස්සේ දිනේෂ් මාව කාමරේට ඇදගෙන ගියා. බිබී හිටපු දෙන්නගෙන් එක්කෙනෙකුත් ඇතුළට ආවා. ඇවිත් රෑ එකොළහේ ඉඳලා උදේ හතර විතර වෙනකම් ඒ දෙන්නා මාව දුෂණය කළා. ඒ අවස්ථා වීඩියෝ කළා. ෆොටෝ ගත්තා. ඒ පැය කිහිපයේදී මම විඳපු දුක කොච්චර ද කියලා කියන්න වචන නෑ. මාව ඒ විදියට දුෂණය කරන අතර දිනේෂ් මට කියනවා උඹට වෙන එවුං එක්ක ඉන්න පුලුවන් නම් මේක ප්‍රශ්නයක් නැනේ කියලා.” “මේ දේවල් උඹේ අම්මා දන්නෙත් නෑ. දැනගත්තත් කරන්න දෙයක් නෑ. පොලිසියට කිව්වත් වැඩක් නෑ. උඹව මැරුවත් කවුරුත් දන්නේ නෑ කියලා මට තර්ජනය කළා.”

    සිය මිතුරන් ද සමඟ රාත්‍රිය පුරා සිය පෙම්වතිය දුෂණය කළ දිනේෂ් පසුදා උදේ අට පමණ වෙද්දී ගෙදර යාමට ලැස්ති වන ලෙස ඇයට අණ කළේය. ඇයගේ මුහුණ ඉදිමී තිබෙනු දුටු මේ දෙදෙනා සමඟ සිටි දිනේෂ් ගේ ගෝල රණසිංහ ඇයට අයිස් කැට ගෙනැවිත්දී මුහුණ තවා ගන්නා ලෙස පැවසුවේය.

    “මට පඩිපෙළ බහින්නවත් පුලුවන් කමක් තිබුණේ නෑ. මම බඩ අල්ලගෙන අමාරුවෙන් පඩි බහිද්දී රණසිංහ මාව අල්ලගෙන පහළට අරගෙන ආවා. ඒ තුන්දෙනාම කාර් එකට නැගලා මාවත් දාගෙන කුරුණෑගල ගිහින් අපේ ගෙවල් වලට යන පාර කිට්ටුව මාව දාලා ගියා.”

    ගෙදර ගිය ඇයට මවට මුහුණ දීමට හැකියාවක් තිබුණේ නැත. නංගි මල්ලි අසන ප්‍රශ්න වලට දීමට පිළිතුරු නොවීය. එහෙත් බොරු ගොඩාක් කියා ඇය සති දෙක තුනක් ගෙදරට වී සිටියාය. ඉදිමුම් බැස ගොස් තුවාල සුව වූ පසුව ඇය යළි රැකියාවට ගියේ පවුල නඩත්තු කිරීමේ වගකීම පැවරී ඇති බැවිනි. රෝහලට ගිය ඇයට සවස රාජකාරි කිරීමට සිදුවුයේ වෛද්‍ය දිනේෂ් සමඟය. ඔහු යළි ඇය අල්ලා ගත්තේය.

    “උඹට මොකද වුණේ ඇයි උඹ මට කතා නොකළේ?” ඔහු ඇයගෙන් විමසන්නට විය.“මගේ ෆෝන් එක නෑ.” “හා හරි මම ෆෝන් එකක් අරගෙන දෙන්නම් කෝ. එතකොට හරිනේ.”
    එලෙස කී ඔහු ඇයට ජංගම දුරකථනයක් ලබා දුන්නේය. එලෙස දින කිහිපයක් ගෙවී ගියේය. දිනක් රාත්‍රී රාජකාරී නිම වූ ඇය රෝහලෙන් පිටවන විට වේලාව උදේ හත පමණ වී තිබිණි. ඇය අසල මෝටර් රථයක් නතර විය. එය දිනේෂ්ගේය.
    “උඹත් එකක් ගනුදෙනුව තවම ඉවර නෑ. යමං කියලා මාව බලෙන් නංග ගත්තා. එහෙම නාවොත් අපේ පවුලම විනාස කරනවා කියලා තර්ජනය කරන බයට මම කාර් එකට නැග්ගා. එදා යුද හමුදා වෛද්‍යවරුන්ගේ නිල නිවාස තියෙන නුගේගොඩ තැනකට මාව අරගෙන ගියා. උඩ තට්ටුවට යද්දී එතන එදා හිටපු දෙන්නම හිටියා. මට හිතුණා අදත් මම ඉවර තමයි කියලා. දිනේෂුයි, එදා මට අතවර කරපු යාලුවයි. එයාගේ ගෝලයා රණසිංහයි තුන්දෙනාම බිබී මටත් පොව පොව ගංජත් පෙව්වා. පස්සේ තුන් දෙනාම මට අතවර කළා. උඹට හැම මිනිහෙක් එක්කම ඉන්න පුලුවන් මේ කට්ටිය එක්ක ඉන්න බැරි කමක් නැනේ කියලා තුන් දෙනාම තිරිසන්නු වගේ මට අතවර කළා. මම කෑ ගැහුවා. උඹලට මම වගේ අක්කලා නංගීලා නැද්ද කියලා ඇහුවා. ඒ වේලාවට දිනේෂ් මගේ බෙල්ල මිරිකුවා.

    මෙලෙස එදින ද ඔහු තම මිතුරන් හා එක්ව සිය පෙම්වතිය සමුහ දුෂණයකට ලක් කළේය. මාස කිහිපයක් ගෙවී ගිය අතර නොවැම්බර් මාසයේ දිනයක රැකියාව නිමකොට එළියට ආ ඇය ඔහු පැමිණ පැහැරගෙන ගියේය. එදින මෝටර් රථය පැදවුයේ රණසිංහ විසිනි. ඔහු ඇය රැගෙන ගියේ මොරටුව පැත්තේ තට්ටු නිවාසයකටය. ඇය කැඳවාගෙන යද්දී පෙර දින දෙකේම දිනේෂ් හා එක්ව අතවර කළ පුද්ගලයාත්, නාඳුනන තවත් තරුණයකුත් එහි නාන තටාකය අසල මත් වතුර පානය කරමින් සිටියහ.

    “එතකොට වෙලාව රෑ එකොළහට විතර ඇති. එදත් ඒ විදියටම මට පෙව්වා. ගංජා පෙව්වා. ඒත් ඒ ගෙදර අයිතිකාරයා පාඩුවේ හිටියා ටික වේලාවකින් දිනේෂ් මාව කාමරයකට ඇදගෙන ගියා. ගෙදර අයිතිකාරයත් කාමරයට ආවා. ඇවිත් දිනේෂ් එක්ක එකතුවෙලා මට දස වද දුන්නා. හැබැයි අනිත් කෙනයි රණසිංහයි ආවේ නෑ.”

    ඇයට කළ ලිංගික අතවර ගැන ලියන්නට වචන නැත. ඒ ඒවා ඒ තරමටම අසික්තික වීම නිසාය. ඇයගේ සිරුරින් රුධිරය ගලා යද්දී ඒ බව තඹයකට මායිම් නොකළ දෙදෙනා ඇයට තව තවත් ලිංගික අතවර කළහ. අවසානයේ දිනේෂ් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දුන්නේය. මෙලෙස දින ගණනක් තිස්සේ සමුහ දුෂණයට ලක්වුවද ඇය ඉවසා සිටියේ දිනේෂ් තව නොබෝ දිනකින් වත් තමාට අනුකම්පා කරනු ඇතැයි සිතාය. එලෙසම තම මව සහෝදරයා සහෝදරියට කරදයක් කරාවි යන බිය නිසාය.
    “එයා ආපහු දවසක ඇවිත් මාව මීගමුව පැත්තේ හෝටලයකට අරගෙන ගියා. එදා නම් කවුරුත් සිටියේ නෑ. මෙයා විතරයි මට කරදර කළේ.”

    එලෙස දැඩි ලිංගික හිංසනයට ගොදුරු වුවද ඇය ඉවසා සිටි නමුත් ඔහු ඇය නැත්තටම නැති කර තිබිණි. ඒ ඇයගේ හොඳ ඡායාරූප මෙන්ම නිරුවත් ඡායාරූප ද ඇය සේවය කරන රෝහල් වෙබ් අඩවියට මුදා හරිමිනි. ඇය නීතියේ සහාය පතන්නේ ඉන් අනතුරුවය. පොලිසිය මෙම කපිතන්වරයා පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාගත්තේ ඔහුගේ මෝටර් රථ අංකයෙනි. අනතුරුව ඔහු පොලිසියට කැඳවුයේ රථවාහන ප්‍රශ්නයක් පිළිබඳ යැයි කියමිනි. එලෙස කැඳවා රථවාහන සිද්ධියක් ගැන විමසු අතර එවිට ඔහුගේ රියැදුරු ලාන්ස් කේප්‍රල් රණසිංහ ගැන ද හෙළි විය.

    ඔහුද කැඳවාගෙන පැමිණෙන ලෙස දැනුම් දීමෙන් අනතුරවු ඔහටු යන්නට හැරියේය. පසුව රණසිංහද සමඟ ඔහු පොලිසියට එද්දී ඇය ද පොලිසියට පැමිණ සිටියාය. “මෙයාව අඳුරණවද?” “ඔව්. මෙයාට මම ගොඩක් ආදරෙයි.” කපිතාන්වරයා ඇයට තම සිතෙහි ඇති ආදරය ගැන එලෙස කරුණු දක්වන්නට විය. ඇයගේ පැමිණිල්ලට අනුව ප්‍රශ්න කිරීම ආරම්භ වුයේ ඉන් අනතුරුවය. කපිතාන් දිනේෂ් මුල දී මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේය. ඔහු දිගටම පවසා සිටියේ ඇයට ආදරය කරන බව පමණි.

    එහෙත් අවසානයේ දී ඔහුට සියල්ල හෙළි කිරීමට සිදුවිය. ඔහුගේ හෙළි කිරිම් අනුව ඇය සමුහ දුෂණයට ලක්කළ අනෙක් දෙදෙනා ගැනද තොරතුරු හෙළි විය. තිහාරියේදී ඇය දුෂණය කළ අනෙක් පුද්ගලයා යුද හමුදා පොලිසියේ කපිතාන් වරයෙකි. අනුරාධපුර පාල්කුලම කඳවුරේ සේවය කරන ඔහු දිනේෂ්ගේ ඥාතියකුද වන්නේය. මොරටුව තට්ටු නිවාසය හිමිකරු ඉංජිනේරුවරයෙකි. ඔහු අවිවාහක වන අතර දිනේෂ් ගේ ඥාති කපිතන් අමිත් විවාහකයෙකි.

    දිනේෂ් ගේ බිරිය තුන්වන දරු ප්‍රසුතියට සුදානම් වෙමින් සිටින්නීය. දෙවස වරට ඇය සමූහ දූණණයට ලක්කළ නුගේගොඩ හමුදා වෛද්‍ය නිවාසය ද පොලිසිය පරික්ෂා කළේය. ඒ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුවය. එම නිවෙසේ තිබී වාජීකරණ ඖෂධ, කෘතිම පුරුෂ ගංගයන් සහ ගංජා කොටයක් ද හමුවිය. හෙදිය වෛද්‍ය පරීක්ෂණකට යොමු කළ අතර ඇය බරපතල ලිංගික අතරවරයට ලක්ව ඇති බව එම වාර්ථාවේ සඳහන් විය.

    යුද හමුදා පොලිස් කපිතන් අමිත් පොලිසිය කළ දැනුම් දීමට අනුව පැමිණියේ නැත. එබැවින් යුද හමුදා පොලිසිය හරහා ඔහු පොලිසියට ගෙන්වා ගැනීමට සිදුවිය. මෙම ස්ත්‍රී දුෂණ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කිරීම පොලිසියට යම් අපහසු කරුණක් විය. ඒ කපිතාන්වරුන්ට මෙන්ම ඉංජිනේරු වරයාට ද රටේ ඉහළ නතතුරු හොබවන ඥාතීන් සිටීමය. මෙලෙස ඉතා අසික්කිත ලෙස කාන්තාවක දුෂණය කළ නරුමයන් වෙනුවෙන් පොලිසියට බලපෑම් කිරීමට ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත්වීම ද පුදුම සහගතය. ඔවුන් එලෙස සැලසුම් කන්නට ඇත්තේ ඔවුන් ද මෙම ක්‍රියාදාමය අනුමත කරන නිසා විය යුතුය.

    එහෙත් පොලිසිය අකුරටම නීතිය ක්‍රියාත්මක කළේය.කොළඹ දිසාව බාර (වැඩ බලන) නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්තගේ පුර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා සහ එහි සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් යන මහත්වරුන්ගේ උපදෙස් මත නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ගයාන් ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක ලලිත් පෙත්තතන්ත්‍රී, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ජානකී ද සිල්වා, කොස්තාපල්වරුන් වන සලින්ද (61287) සහ සිසිර (86735) යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

    උපුටා ගැනීම

    -තක්ෂිලා ජයසේකර-

    ජනපතිතුමනි, විද්‍යා දූෂණය කළ උන්ට මරණ දඬුවම දුන්නානම්; මේ තුප්පහි තිරිසනුන්ට වඩා පහත් පාහරයින්ට මරණය අකැපද..?

    අතිගරු ජනාධිපතිතුමනි, එදා විද්‍යා දැරිය දූෂණය කළ පාපතර අමන මිනීමරුවන්ට ඔබ විශේෂ අධිකරණ ක්‍රියාමාර්ග තුළින් නීතිය ක්‍රියාත්මක කොට මරණ දඬුවම ලබාදීමට දක්වා එය සිදුකළා නම්, අපේ රටේ සිංහල සොහොයුරියක් වූ මැය කෲර ලෙස දූෂණයට ලක් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිනාමයට කළු පැල්ලම් එක් කළ මෙම අමන පාහර තිරිසනුන්ටත් එහා ගිය අපතයින් නරකාදියේ යැවිය යුතු නොවේද..?

    උතුරට ක්‍රියාත්මක වූ නීතිය දකුණටද එක ලෙස ක්‍රියාත්මක විය යුතුය.

  • අරන්තලාව භික්ෂු ඝාතනය කලේ කරුණා අම්මාන් නොවේ – ගම්මන්පිල සුදු හුණු ගෑමක

    අරන්තලාව භික්ෂු ඝාතනය කලේ කරුණා අම්මාන් නොවේ – ගම්මන්පිල සුදු හුණු ගෑමක

    1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් (ඔවුන්ගෙන් බහුතරයක් කුඩා සාමණේර භික්ෂූන් විය) 33 දෙනෙකු සහ සිවිල් වැසියන් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට එවකට නැගෙනහිර පළාත භාර එල්ටීටීයි නායක කරුණා අමාන්ගේ  කිසිදු සම්බන්ධයක්  නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබේ. 

    මෙම සමූහ ඝාතන සිදුවීමට කරුණා අම්මාන්ගේ සෘජු මැදිහත්වීමක් පැවති බවට හමුදා බුද්ධි අංශ සහ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ සියලු අංශ සනාථ කර ඇත. 

    https://www.youtube.com/watch?v=hoBN1GmHqn8