Category: සුපිරි Cases

  • යටත් විජිත සමයේ බවට සැක කෙරෙන කාල තුවක්කුවක් පොළව යටින් මතුවෙයි

    යටත් විජිත සමයේ බවට සැක කෙරෙන කාල තුවක්කුවක් පොළව යටින් මතුවෙයි

    ත්‍රිකුණාමලය මහා රෝහලට යාබදව හදිසි අනතුරු ඒකකයට නව ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකිරිමට අද (15) අත්තිවාරම් කපද්දී ඉපැරණි කාලතුවක්කුවක කොටසක් හමු වී තිබෙනවා.

    මෙම කාලතුවක්කුව සම්බන්ධයෙන් පොලිසියට කළ දැනුම්දීම අනුව එම ස්ථානයට පැමිණි වරාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජගත් අමරවංශ ඇතුලු පොලිස් කණ්ඩායමක් එය පරික්ෂාකර බලා මේ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දීමට කටයුතු කළා.

    යටත් විජිත සමයට අයත් බවට සැක කරන මෙම කාලතුවක්කුවේ දිග අඩි 10ක් පමණ වන අතර පිටුපස කොටස ගෝලාකාර හැඩයකින් යුක්ත වනවා.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පිළිතුරු දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්. එච්. ඒ. සුමනදාස පැවසුවේ මේ සම්බන්ධයෙන් කඩිනමින් කැණිම් කටයුතු සිදු කරන බවයි.

     

  • 19 තරුණ බිරිදට කසිප්පු පොවා අතේ පයේ හයිය පෙන්වු අරුම පුදුම සැමියා මෙන්න

    19 තරුණ බිරිදට කසිප්පු පොවා අතේ පයේ හයිය පෙන්වු අරුම පුදුම සැමියා මෙන්න

    වයස අවුරුදු දහනවයක (19) වන විවාහක තරුණ බිරිඳට කසිප්පු පොවා ඇයට බරපතළ ලෙස පහර දී තුවාල සිදු කළ බව කියන ඇයගේ සැමියා පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.

    අප වාර්තාකරු සඳහන් කළේ අදාළ සිද්ධියෙන් පසු සැමියා නිවසෙන් පළා ගොස් ඇති බවයි. බුත්තල කටුගහගල්ගේ ප්‍රදේශයේ පදිංචි යුවලක් අතර මෙම සිද්ධිය ඇති වී තිබෙන අතර ඒ පිළිබඳ මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

    රාත්‍රි කාලයේදී මෙම සැකකාර සැමියා විසින් ඇයට බලහත්කාරයෙන් සිහිසුන් වන තුරු කසිප්පු පොවා බරපතළ ලෙස පහරදී තිබුණා.

    පහරදීමෙන් අදාළ කාන්තාව බරපතළ ලෙස තුවාල ලබා නිවසේ වැටී සිටියදී පොලිසියට ලද තොරතුරක් මත නිවස පරික්ෂා කිරිමේදී මෙම කාන්තාව හමු වුණා.

    පසුව පොලිසිය විසින් අදාල කාන්තාව කඩිනමින් බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළා.

  • මහින්දගේ ගොට්ටන් පිරිසකගේ මැර තර්ජන නිසා හැටන් ලංගම ඩිපෝවේ ආදායම පහලට…!

    මහින්දගේ ගොට්ටන් පිරිසකගේ මැර තර්ජන නිසා හැටන් ලංගම ඩිපෝවේ ආදායම පහලට…!

    හැටන් ලංගම ඩිපෝවේ පාලන බලය එහි සේවකයින් පිරිසක් අතට පත් කර ගැනිම නිසා එම ඩිපෝවේ පාරිපාලනය බිද වැටි අදායම් තත්ත්වය පහළ වැටි ඇති බව එම ඩිපෝෙවි ඩිපෝ පරික්‍ෂක රෝහන සිල්වා පවසනවා.

    හැටන් ඩිපෝවේ කළමනකාරවරයා සහ තමන් ඇතුලූ තවත් සේවක පිරිසකට එම ඩිපෝවේම ඇතැම් සේවක පිරිසක් විසින් තර්ජනය කිරිම හේතුවෙන් එම තර්ජනයට ලක්වු සියලූ දෙනා දින කිහිපයක් සේවයට වාර්තා නොකර සිටින බවයි රෝහණ සිල්වා කියා සිටින්නේ. 

    පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිපලත් සමග එම ඩිපෝවේ ඇතැමි සේවකයින් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජායාරූපය බස් රථ වල අලවා සිය පාලන බලය බලහත්කාරයෙන් ඔවුන් අතට ගැනිම නිසා දිනකට ධාවනය වු බස් ලංගම බස් රථ සීයයෙන් අද (14)  දිනය වන විට බස් රථ හතලියක් පමණක් ධාවනය වන බවයි රෝහන ද සිල්වා කියා සිටින්නේ.

    හැටන් ලංගම ඩිපෝවේ දිනක ආදායම රැපියල් ලක්‍ෂ පහළොව දක්වා පැවතියද දැනට දින කිහිපයක සිට එම ආදායම් තත්ත්වය රැපියල් ලක්‍ෂ අට දක්වා පහත වැටි ඇති බවත් එක්සත් ජාතික පක්ෂයට සහායෝගය දැක්වු එම ඩිපෝෙවි විශාල සේවකයන් පිරිසක් පවත්නා තත්ත්වය හේතුවෙන් සේවයට වාර්තා නොකර සිටින බවයි රෝහන ද සිල්වා වැඩි දුරටත් කියා සිටින්නේ. 

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංගම ගම්පොළ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මගින්ද හැටන් පොලිසිය මගින්ද ෙමි වන විට පරික්‍ෂණ ආරමිභ කර තිබෙනවා. 

  • පෙරලිකාර ඉලක්කයක් සමඟින් හැදෙන තනි ආණ්ඩුවක නීතිය හා සාමය ෆීල්ඩ් මාෂල්ට..!

    පෙරලිකාර ඉලක්කයක් සමඟින් හැදෙන තනි ආණ්ඩුවක නීතිය හා සාමය ෆීල්ඩ් මාෂල්ට..!

    ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිමා කරගැනීම සඳහා මේ වන එක්සත් ජාතික පක්ෂය තුලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් මේ වන තීරණාත්මක සාකච්ඡා සිදුවෙමින් පවතී.

    එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්‍ය්ඨයින් ඇතුළු මන්ත්‍රීවරුන් රැසකගේ මතය වී ඇත්තේ එජාප තනි ආණ්ඩුවක් වන අතර, ඔවුන් මේ වන විට වෙනස් විය යුතු අමාත්‍යධූරයන් සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් එකඟතාවයන්ට පැමිණෙමින් සිටින බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

    ඒ අනුව එජාපයේ අතිබහුතරයකගේ මුලිකම අවධානය යොමුව ඇත්තේ තමන්ට පරාජය අත්කරදීමට බලපෑ අමාත්‍යධුර අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බව අතර, හොරු නොඇල්ලීමේ ප්‍රතිවිපාකය මෙයින් ප්‍රධාන බව ඔවුන්ගේ ඒකමතික මතයක් වී ඇත. ඒ අනුව කොන්දේසි විරහිතව නීතිය හා සාමය අමාත්‍යධුරය වහාම සාගල රත්නායකගෙන් ගලවා, එය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙත පැවරීම සඳහා පූර්ණ එකඟතවය හිමි ව ඇති අතර ඒ සඳහා ඔහුට විශේෂ කොන්දේසියක්ද දැමීමට තීරණය වී අත. එම කොන්දේසිය නම් එළඹෙන පළාත් සභා මැතිවරණයට පෙර රාජපක්ෂ රෙජීමයේ සියළු හොරුන්, දූෂිතයින් ඇතුළු පිරිස් අත් අඩංගුවට ගෙන සිරගත කොට අවසන් කළ යුතු බවට වන ඉලක්කයයි.

    මෙය මෙවර පළාත් පාලන මැතිවරණයේ පරාජයට දැඩිව බලපෑ කරුණ වන අතර එය නිසි පරිදි සිදුකළහොත් එළඹෙන පලාත් සභා ඡන්දය අනිවාර්යෙන්ම ජය ගත හැකි වනු ඇති බව එජාපයේ ඒකායන විශ්වාසය බවට පත්ව ඇත.

  • බැදුම්කර සල්ලි කෝටි ගණනින් එජාප ආණ්ඩුවක් ගන්න විසිවෙයි..! සාකච්ඡා රැසක් හොර රහසේ..

    බැදුම්කර සල්ලි කෝටි ගණනින් එජාප ආණ්ඩුවක් ගන්න විසිවෙයි..! සාකච්ඡා රැසක් හොර රහසේ..

    මෙම තත්වය හේතුවෙන් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය,පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු තිබෙන අතර ඊයේ  රැස්වූ එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් යුතුව තනි එජාප ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ යෝජනාවක්‌ ඉදිරිපත් කර ඇති බව වාර්තා විය.

    තනි එජාප ආණ්‌ඩුවක් සඳහා ශ්‍රීලනිප ඇමැතිවරුන් පිරිසක්‌ ද එක්‌ වන බවට ඊයේ පස්‌වරුවේ තොරතුරු පළවී තිබිණි.එක්සත් ජාතික පක්ෂයට මේ වන පාර්ලිමේන්තුවේ හිමි මන්ත්‍රී ආසන ගණන 106ක් වන අතර බහුතරය ලබාගැනීමට නම් ඔවුන්ට තවත් මන්ත්‍රීධූර 07ක් අවශ්‍ය වී ඇත.

    එම බහුතරය ලබාගෙන එජාප ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂයේ ප්‍රබලයන් මේ වන විටත් සූදානම් වී ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 03දෙනෙකු එක්කර ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව අප වෙත වාර්තාවෙයි.

  • පොහොට්ටු අපේක්ෂකයාගේ මත්පැන් සාදයේදී පාසල් සිසුවෙකු අවසන් ගමන් යයි..!

    පොහොට්ටු අපේක්ෂකයාගේ මත්පැන් සාදයේදී පාසල් සිසුවෙකු අවසන් ගමන් යයි..!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකළ පාසල් සිසුන් 16 දෙනෙකු වෙනුවෙන් අදාළ අපේක්ෂකයා විසින් සිය ජයග‍්‍රහණයෙන් පසුව ඔයක් අසබඩ පැවැත්වූ මත්පැන් සාදය අතරවාරයේ එක් පාසල් සිසුවෙකු ඔයෙහි ගිලී මියගොස් ඇතැයි පින්දෙනිය පොලීසිය පවසයි.

    පින්දෙනිය පොලිස් වසමේ කිවුල්දෙනිය, මානඇල්ල උඳුගොඩ ඔය සම්බන්ධ වන ස්ථානයේ මත්පැන් පානය කිරීමෙන් පසුව දිය නෑමට යෑමේදී මෙසේ මියගොස් ඇත්තේ පී.එච්. දමිත් සුරංග නම් වයස අවුරුදු 18ක තරුණයකි. 

    එම පාසල් සිසුවා පලමුරේ, නියදුරුපොල, වරකාපොළ යන ලිපිනයේ පදිංචි අයෙකි. ඔහු ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක 13 වසර ඉගෙනුම ලබමින් සිටිසිසුවෙකු බවද සඳහන් වේ.

  • මාධ්‍යවේදී ලසන්ත ඝාතන සිද්ධියේදි සැකකාර පොලිස් ලොක්කා දී තිබූ නියෝග මෙන්න

    මාධ්‍යවේදී ලසන්ත ඝාතන සිද්ධියේදි සැකකාර පොලිස් ලොක්කා දී තිබූ නියෝග මෙන්න

    මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්ත නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (13) රාති‍්‍රයේ අත්අඩංගුවට ගත්තා.

    ඒ, එම ඝාතනය සිදුවන සමයේ ගල්කිස්ස ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පත්වරයා ලෙස කටයුතු කරමින් සිද්ධියට අදාළ කරුණු වසන් කිරිමේ චෝදනා යටතේයි.

    මෙම පරීක්ෂණවලට අදාළව ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

    ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සිදුවූ අවස්ථාවේ ඔහුගේ මෝටර් රථයේ තිබී සොයා ගත් සටහන් පොතක යතුරු පැදි දෙකක අංක සඳහන්ව තිබූ බවත් එය තමන් එවකට ගල්කිස්ස ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත දැනුම් දුන් බවත් ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

    එවකට ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වූ ප‍්‍රසන්න නානායක්කාර ඒ පිළිබඳ ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කර ඇති අතර ඔහු විසින් එවකට පොලිස්පතිවරයා වූ ජයන්ත වික‍්‍රමරත්නට දැනුම් දී තිබෙනවා.

    පසුව ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබා දුන් නියෝගයක් අනුව ප‍්‍රසන්න නානායක්කාර අදාළ සටහන් පොත තමන්ගෙන් ඉල්ලා ගත් බවයි ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ප‍්‍රශ්ණ කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ. 

    සිද්ධිය සම්බන්ධයෙන් තමන් දමා තිබූ ලොග් සටහන් ඇතුළත් පිටු ඉවත් කරන ලෙසද එවකට ගල්කිස්ස ප‍්‍රදේශය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රසන්න නානායක්කාර දැනුම් දුන් බවටද ඔහු ප‍්‍රකාශයක් ලබා දී තිබෙනවා. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසන්න නානායක්කාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවයි.

  • උදයංගට අන්තර්ජාතික රතු වරෙන්තු

    උදයංගට අන්තර්ජාතික රතු වරෙන්තු

    ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත ප්‍රංශ රජය විසින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගව වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුට මේ වන විට නිකුත් වී තිබූ නිල් වරෙන්තුව වෙනුවට රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස අන්තර්ජාතික පොලිස් මූලස්තානය වෙ‍ත දන්වා සිටියේය.

    ඒ අනුව ඉන්ටපොල් එක  ඊයේ(13) උදයංග වීරතුංග වෙනුවෙන් නිකුත් කර තිබූ නිල් වරෙන්තුව වෙනුවට රතු වරෙන්තුවක් නිකුත් කොට ඇති බව සඳහන් වේ.

    මිග් යානා ගනුදෙනුව සම්බන්දයෙන් චෝදනා ලැබ සිටින උදයංග දැනට අබුඩාබි රාජ්‍යයට පලාගොස් සිටින අතර ඉදිරි සතිය වන විට ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි අන්තර්ජාතික පොලිස් මූලස්තානය විසින් මෙරටට දැනුම් දී ඇති අතර 

  • ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ‍පොලිසියේ ලොකු පුටුවක හිටපු සැකකරුවෙක් අල්ලයි…

    ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ‍පොලිසියේ ලොකු පුටුවක හිටපු සැකකරුවෙක් අල්ලයි…

    ආන්දෝලනාත්මක ඝාතනයක් බවට පත්ව ඇති මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව ඊයේ (13) රාත්‍රියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වුණා.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට විමර්ශන කටයුතු සිදු කරමින් පවතින එම ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කරනු ඇති.

    එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත් දකුණ) විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ මෙම සිද්ධියට අදාළව කරුණු වසන් කිරීම යටතේයි.

    ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනුනු ඔහුව අද (14) දිනයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

  • වික්ටර්ගේ තරුණ බිරිඳට දැඩි කොන්දේසි මත ඇප

    වික්ටර්ගේ තරුණ බිරිඳට දැඩි කොන්දේසි මත ඇප

    ප්‍රවීන ගායක වික්ටර් රත්නායකගේ නව බිරිඳ වූ හශිනි අමේන්ද්‍රා විසින්  ඇය කලින් සේවය කළ බැංකු ආයතනයේ උකස්‌ කොට තිබූ රන් ආභරණ තොගයක්‌ සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි අතර ඇයගේ නීතිඥයින් කල කරුණු දැක්වීම මත දැඩි ඇප කොන්දේසි පනවා ඇයව ඇපමත මුදාහැරීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර මහතා පෙරේදා (12 ) පස්‌වරුවේ නියෝග කළේය.
     
     තංගල්ල මහාධිකරණය විසින් කරන ලද නියෝගයක්‌ අනුව රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත මුදාහළ සැකකාරියට විදේශ ගමන් වළක්‌වන නියෝගයක්‌ ද මහෙස්‌ත්‍රාත්වරයා එහිදී පනවනු ලැබීය. එම ඇපකරුවන් දෙදෙනා සැකකාරියගේ පවුලේ සමීප ඥාතීන් වියයුතු බවටද එහිදී කොන්දේසියක්‌ පැනවූ මහෙස්‌ත්‍රාත්වරයා ලබන 16 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාරියට නියෝග කළේය.
     
     එම සැකකාරිය වෙනුවෙන් ප්‍රතිශෝධන අයෑදුම්පතක්‌ ඉදිරිපත් කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා කළ කරුණු දැක්‌වීම් සලකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය සැකකාරියව ඇපමත මුදාහරින ලෙසට තංගල්ල මහෙස්‌ත්‍රාත්වරයාට නියෝග කොට තිබුණි. නීතිඥ නිරංජන් ඊරිගොල්ල මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාළ මහතා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ ඔස්‌වල්ඩ් ගෝමස්‌ පෙරේරා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

  • පරාජයෙන් කුලප්පු වූ පොහොට්ටු අපේක්ෂකයා ගමේ ක්‍රීඩාපිටිය තමාට ඡන්දෙ නොදුන් අයට තහනම් කරයි

    පරාජයෙන් කුලප්පු වූ පොහොට්ටු අපේක්ෂකයා ගමේ ක්‍රීඩාපිටිය තමාට ඡන්දෙ නොදුන් අයට තහනම් කරයි

     මෙවර පළාත් පාලන මැතිවර්ණයට පොදුජන පෙරමුණින් පුත්තලම ප්‍රාදේශීය සභාවට  මනතිව්  කොට්ඨාශයෙන්  තරග කළ අපේක්ෂකයා පරාජයට පත්වීමත් සමඟ කෝපයට පත්ව ඔහුට ඡන්දය නොදුන් ගම්වාසීන්ට ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය භාවිතා නොකරන ලෙස ඊයේ ( 12 ) තර්ජනය කර ඇත.
     
    මෙම පරාජිත අපේක්ෂකයා මානතිව් ක්‍රිඩා පිටිය තමන්  ප්‍රතිපාදන යොදා ඉදිකර ඇති බවත් තමාට ඡන්දෙ නොදුන් කිසිම කෙනෙක් එහි ක්‍රීඩා නොකරන ලෙසටත්  ගම්මානයට කඩා වැදි තර්ජනය කිරීමත් සමඟ ගම්වාසින් එයට විරෝධය පා තිබේ.
     
    වනාතවිල්ලුව පුත්තලම මාර්ගය මානතිව් මංසන්දියෙන් වසා දැමිමට කටයුතු කිරීමත් සමඟ පුත්තලම මුලස්ථාන පොලිසයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ඇතිවීමට ගිය තත්ත්වය පාලනය කර වලක්වා අදාල පරාජීත අපේක්ෂකයා සහ ගම්වාසින් පොලිසියට කැඳවා එය විසදන බවට පොරොන්දු විමත් සමඟ තත්වය පාලනය කිරිමට හැකි වු බව පොලිසිය පවසයි.

  • හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට තව දඬුවම්… බරපතල වැඩ සහිතව වසර 5ක් හිරේට

    හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට තව දඬුවම්… බරපතල වැඩ සහිතව වසර 5ක් හිරේට

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතාට බැණ වැදී මරණීය තර්ජනය කිරීමේ අධි චෝදනාවට වරදකරු කරනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (12 දා) බරපතළ වැඩ සහිත වසර පහක සිරදඬුවම් නියම කළේය.
     
    එයට අමතරව රුපියල් 25,000 ක දඩයක්‌ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් අමතර එක්‌ වසරක සිරදඬුවම් ලබාදීමටද නියම කළේය. 
     
    පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස රාජකාරි කරමින් සිටියදී තම තනතුරට පහළ නිලධාරියකුට තර්ජනය කිරීම සුළුකොට තැකිය නොහැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය.
     
     කෙසේ නමුත් විත්තිකරුට එරෙහිව ඇති සෙසු අධිචෝදනා පහ පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට නොමැති බවට නිගමනය කළ විනිසුරුවරයා එම චෝදනාවලින් විත්තිකාර වාස්‌ ගුණවර්ධන මහතා නිදොස්‌කොට නිදහස්‌ කිරීමටද නියෝග කළේය. 
     
     කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර අත්අඩංගුවට ගත් අවස්‌ථාවේදී එනම් 2013.06.10 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළදී එවකට සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ලෙස කටයුතු කළ ශානි අබේසේකර, එවකට පොලිස්‌ පරීක්‍ෂකවරුන් ලෙස කටයුතු කළ රංජිත් මුණසිංහ, පොලිස්‌ පරීක්‍ෂක දිසානායක යන නිලධාරීන්ට විත්තිකාර වාස්‌ ගුණවර්ධන මහතා විසින් මරණීය තර්ජනය කළ බව එම පැමිණිල්ලේ සඳහන් විය. 
     
     “ශානි මට තේරුණා උඹලා මට මේ දේ කරනවා කියලා. හැබැයි උඹලාට මාව හැමදාම ඇතුළේ තියාගන්න බෑ. මම මිනීමරුවෙක්‌. එළියට ගියදාට බලාපල්ලා උඹලාට කරන දේ” යෑයි තර්ජනය කිරීම, රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු අධි චෝදනා හයක්‌ යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.
     
     විත්තිකරුට එරෙහිව එල්ල වී ඇත්තේ මහෙස්‌ත්‍රාත් අධිකරණයක්‌ හමුවේ නඩු විභාගයක්‌ පැවැත්වීමකින් තොරව සමථ මණ්‌ඩලයකට යොමුකර සමථයට පත්කළ හැකි චෝදනා බැවින් ඔහු සියලු අධි චෝදනාවලින් නිදොස්‌කොට නිදහස්‌ කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අනුර සෙනවිරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
     
     රජයේ නිලධාරියකුට තර්ජනය කිරීම සුළුකොට තැකිය හැකි වරදක්‌ නොවන බැවින් ලබාදිය හැකි උපරිම දඬුවම් නියම කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිsඥ වසන්ත පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
     
     කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා කිහිපයකට වරදකරු කර 2016 වසරේ දී මහාධිකරණය විසින් මරණීය දණ්‌ඩනය නියම කර සිටින වාස්‌ ගුණවර්ධන මහතා ඊයේ දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය අමතා ප්‍රකාශයක්‌ කිරීමට සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර අධිකරණය එම අවසරය ලබාදීම ප්‍රතික්‌ෂේප කළේය.

    -ඒ. ඡේ. ඒ. අබේනායක

  • කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලදී පසුගියදා තමාට සිදු වූ පහරදීම පිළිබඳ රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය, නීතීඥ ෆාතිමා හෆ්සා මාධ්‍යට හෙළිකරයි (audio)

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලදී පසුගියදා තමාට සිදු වූ පහරදීම පිළිබඳ රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය, නීතීඥ ෆාතිමා හෆ්සා මාධ්‍යට හෙළිකරයි (audio)

    පසුගිය 9 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී තමාට පහරදී තර්ජනය කළ බවට රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය වන නීතීඥ ෆාතිමා හෆ්සා විසින් දැනටමත් අැප මත නිදහස්ව සිටින ඇගේ හිටපු ස්වාමිපුරුෂය වන මොහොමඩ් ශසිල්ට විරුද්ධව පැමිණිලි තුනක් සටහන් කර ඇත.

    මොහොමඩ් ශසිල් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී තම බඩට පහරදී නැවත සාක්ෂි දීමට නොපැමිණෙන ලෙස මරණිය තර්ජනය සිදුකල බවට ඇය විසින් අධිකරණ පොලිසියේ, කාන්තා හා ළමා කාර්යාංශයේ සහ සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරියේ මෙලෙස පැමිණිලි සටහන් කර ඇති අතර මෙම සිදුවීම වහා මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට ගෙන ඒමටද කටයුතු කර ඇත.

    ඇයට මෙම සිද්ධියට මුහුණ පෑමට සිදුවූයේ ඇයගේ සේවාදායකයා වන වසීර් අහමඩ් නැමැත්තාගේ නඩු කටයුත්තකදීය. එම සිද්ධි දාමය ගැන පසුගිය දිනවලදී මාධ්‍ය වලින් හා සමාජ ජාලා වල ඉතා දැඩි කතාබහකට ලක්වී තිබූ අතර ඒ ගැන සමාජ ජාලා වෙබ් අඩවි කිහිපයකම පලවූ පුවත් ඇසුරින් එම සිද්ධි දාමය ගැන පලවූ ලිපියක කොටසක් පහතින් උපුටා දක්වන අතර පසුගිය 9 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී හෆ්සා මහත්මියට සිදුවූ පහර දීම හා තරජණය කිරීම ගැන ඇයගෙන් දුරකථනයෙන් විමසූ විට ඇය ලබා දුන් පළිතුරේ හඩපටය මේ සමග ඉදිරිපත් කර ඇත.

    “යහපාලන රජයේ කාලසිමාවෙන් තුන් වසරක් ගෙවී යන මේ කාලසීමාවේදී, යහපාලන රජයේ රාජ්‍ය ඇමතිවරයෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ A. H. M. ෆව්සි ඇමති තුමාට අයත් ව්‍යාපාරයක අධ්‍යක්ෂක වරයෙකු වන වසීර් අහමඩ් මහතා විසින් ඇමති තුමාගේ පව්ලේ උදවිය විසින් තමන් වෙත අපහස කර මරණිය තර්ජන සිදුකළ බවටත්, මේ සම්බන්දව පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරීන් හට ඔවුන්ගේ රාජකාරි සිදුකිරීමට බධා සිදුකර ඇති බවට ප්‍රකාශ කර සිටි.

    අහමඩ් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, යහපාලනයේ ගුණත්මකබාවය සහ නිතිය අවතක්සේරුවට ලක්වෙමින් කැළැ නිතිය රජයන සමයක පොලිසියේ ක්‍රියාකාරිත්වය ගැන ඔහුට සෑහීමකට පත්විය නොහැකි බවත්, මෙම සංසිද්දියේදී නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා මුහුණපෑ අසරණබාවය ඇසින් දුටුවයින් පසු පොලිසියෙන් මිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිබවයි.

    ඔහුගේ නීතීඥවරයා ෆාතිම හෆ්සා (ෆව්සි ඇමතිවරයාගේම මිණිබිරිය) නැවත නැවත සිදුවන අසාධාරණයන් සහ තර්ජනය කිරීම් සම්බන්දව වසර දෙකක් තිස්සේ කිහිපවරක්ම පැමිණිලි කළද, එම පැමිණිලි යහපාලන ඇමති A. H. M. ෆව්සි ඇමති වරයාගේ පුතාට සහ දියණියට විරුද්දව පවරා ඇති බැවින් පොලිස් නිලදරින්ට නිතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.

    ෆාතිම හෆ්සා ඇයගේ මාමා වන නමාස් ෆව්සි විසින් පොලිස් නිළදාරින් හට තමන්ට හා අහමඩ් වෙත සාධාරණය ඉෂ්ට ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී තර්ජනය කර බලපෑම් සිදුකල බවට 2017 ජනවාරි 12 වන දින නාරාහේන්පිට පොලිසියේ පැමිණිලි අංක CIB 179/64 යටතේ පැමිණිල්ලක් සිදුකර ඇත.

    ඇයට අනුව OHS හෝල්ඩිංස් පුද්ගලික සමාගමේ කොටස්කරුවෙක් සහ අධ්‍යක්ෂක වරයෙක් වන අගේ හිටපු ස්වාමිපුරුෂය දොස්තර මොහොමඩ් ශසිල් මව්ජූඩ් ඔවුන්ගේ පුතාව රැගෙනයාමට සවස 1.00 ට පමණ අගේ නිවසට පැමිණ ඇත. (උසාවියෙන් නියම කර ඇති වෙලාවට පැය 2ක් පමණ පසුව) එසේ පැමිණ නිවාස ඉදිරියෙන් වහනය ඉවත් කරගත නොහැකි බව පවසමින් OHS හෝල්ඩිංස්හී සම අධ්‍යක්ෂක වසීර් අහමඩ් සමග කලහයක් ඇතිකරගන්න ලදී. අහමඩ්ට වාචිකව නින්දා කිරීමෙන් අනතුරුව ඔහු නිවසට පැමිණ බඩු පොලේ ගසා අනතුරුව ඇයට (ෆාතිමාට) පහර දී ඇත.

    මෙහි විශේෂතම සිදුවීම වන්නේ පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය නිවසේ සිදුවී තිබුණු දෙය සහ ෆාතිමාගේ මුහුණේ සහ ඇගේ තිබුණු තුවාල දුටු නමුත් ෆව්සි ඇමතිවරයාගේ පුතාගේ හා ෆාතිමාගේ මාමා – නාමාස් ෆව්සිගේ බලපෑම් හමුවේ නාරාහේන්පිට පොලිසිය ඒ සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉදිරිපත් නොවීමයි.

    අහමඩ් පවසා සිටියේ පොලිස්පති පුජිත ජයසුන්දර මැදිහත් වන තෙක් පොලිසිය මෙම සිදුවීම සම්බන්දව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටි බවයි. පසුව අවසානයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක MC 75737/03/17 යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබී ඇත. එසේ තිබියදීත් ඇමතිවරයාගේ පව්ලෙන් වන බලපෑම්වල අඩුවක් නම් සිදුවී නොමැති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.”

    උපුටා ගැනීම අවසානයි…  අදාල සිද්ධිය සම්බන්ධව නීතීඥ හෆ්සා සමග සිදුවූ දුරකතන සංවාදය පහතින්

    https://www.facebook.com/supirigossip1/videos/1587397237962543/

     

  • පොහොට්ටුවේ ආධාරකරු එජාපයේ ආධාරකාරිනියට අලි වෙඩිල්ලක් දමා ගහලා

    පොහොට්ටුවේ ආධාරකරු එජාපයේ ආධාරකාරිනියට අලි වෙඩිල්ලක් දමා ගහලා

    කිසියම් පිරිසක් විසින් එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවසට අලි වෙඩිල්ලක් දමා තිබෙනවා.

    සාලියවැව පොලිසිය සඳහන් කළේ නිවසට අලි වෙඩිලක් දමා බියට පත් කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවයි.

    ඊයේ (11) දින සවස මෙම සිදුවීම ඇති වී තිබුණා.

    ඉහළ පුලියන්කුලිම, අළුත්ගම – බුද්ධි ඉදුවර ගම්මනයේ පදිංචි විජයකෝන් මුදියන්සේලාගේ කාංචනා ශලනි යන අය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශණය ආරම්භ කර තිබෙනවා.

    තමන් ඇතුළු පවුලේ අය නිවසේ සිටින විට පැමිණි පොදුජන පෙරමුණ ආධාරකරුවෙකු තමාගේ නිවසට මෙලෙස අලි වෙඩිල්ලක් පත්තු කර දමා ගිය බවයි පැමිණිළිකාරිය පොලීසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ.

    සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. 

  • මහා බැංකුව සුද්ද කල අලියාට ගහපු හොර ඡන්ද තොගයක් පුත්තලමෙන් මතුවෙයි

    මහා බැංකුව සුද්ද කල අලියාට ගහපු හොර ඡන්ද තොගයක් පුත්තලමෙන් මතුවෙයි

    පළාත් පාලන මැතිවර්ණය වෙනුවෙන් ජනතාවට බෙදා දීමට සුදානම් වූ නිළ ඡන්ද පතිකාවට සමාන නිර්මාණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.

    පොලිස් ජංගම රථය ගමන් කළ නිලධාරින් පිරිසක් මේ පුද්ගලයා අද (09) තිල්අඩිය ප්‍රදේශයේදී ජනතාවට මෙම ව්‍යාජ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

    පුත්තලම නගර සභාව තරග කරනු ලබන පක්ෂ හා සලකුණු මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකාවේ ඇතුලත්ව එක් පක්ෂයකට පමණක් කතිරය යොදා තිබේ.

    ව්‍යාජ ඡන්ද පත්‍රිකා අත් අඩංගුවට ගත් පුද්ගලයා ලග තිබී පොලිස් නිලධාරින් සොයා ගෙන ඇත. ඔහු වැඩිදුර පරීක්ෂණ කටයුතු වලට පුත්තලම පොලීසියට භාර දී තිබේ.

    මෙම පුද්ගලයා (10) වැනිදා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

  • වෙන්නප්පුවේ ශ්‍රීලනිප අපේක්ෂිකාවක් අතුරුදහන්.. පොහොට්ටුවේ ක්‍රියාවක් බවට සැකයක්….

    වෙන්නප්පුවේ ශ්‍රීලනිප අපේක්ෂිකාවක් අතුරුදහන්.. පොහොට්ටුවේ ක්‍රියාවක් බවට සැකයක්….

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් තරග කරන අපේක්ෂිකාවක් අතුරුදහන් වී ඇති බව ඇයගේ සැමියා විසින් වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් කරමින් සදහන් කර තිබෙනවා.

    දෙදරු මවක් වන ඇය 38 හැවිරිදි කාන්තාවක්. ඇය වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් තරග කරන අපේක්ෂිකාවක් වනවා.

    පසුගිය ජනවාරි මස 05 වැනිදා කිසියම් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් වී තිබුණා.

    ජනවාරි මස 08 වැනිදා දහවල් කාලයෙන් පසුව ඇය අතුරුදහන්වී ඇති බව සැමියා විසින් කර ඇති පැමිණිල්ලේ සඳහන්.

    සිය බිරිඳ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති සැමියාද වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන අයෙක්.