Category: සුපිරි Cases

  • පක්ෂ අදාළ නෑ.. ඡන්ද පොළ සද්ද දැම්මොත් පොලිසියෙන් වෙඩි… පොලිස්පතිගෙන් නියෝග..

    පක්ෂ අදාළ නෑ.. ඡන්ද පොළ සද්ද දැම්මොත් පොලිසියෙන් වෙඩි… පොලිස්පතිගෙන් නියෝග..

    ඡන්ද මධ්‍යස්ථාන අසළ හෝ ඡන්ද මධ්‍යස්ථානවල යම් කිසි ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරතවීමට යම් කිසිවෙකු උත්සාහ කළහොත් එවැනි ප්‍රචන්ඩ ක්‍රියාවල නරතවන අයට වෙඩි තැබීමට පවා පොලීසියට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද දෙරණ ප්‍රවෘත්ති මැදිරියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්ය.

  • ඇවන්ට්ගාර්ඩ් නඩුව ලබන 14 දා කැඳවීමට දින නියම වේ

    ඇවන්ට්ගාර්ඩ් නඩුව ලබන 14 දා කැඳවීමට දින නියම වේ

    ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට එරෙහිව අධි චොදනා 47 ක් යටතේ අල්ලස් කොමිෂන් සභාව විසින්  කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව ලබන 14 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (09) නියෝග කර ඇත.

    මෙම විත්තිකරුවනට අල්ලස් පනතේ 17, 19, 21 සහ 25 යන වගන්ති යටතේ  අධි චෝදනා ගොනු කර ඇති අතර  2012 සහ 2014 අතර කාලය තුළ මොවුන් මෙම ඡෝදනා වලට වගකිව යුතුව ඇත.

  • මෙවර ඡන්දය වෙනුවෙන් පොලිස් නිළධාරීන් 60000 කට වැඩියෙන් රාජකාරියේ

    මෙවර ඡන්දය වෙනුවෙන් පොලිස් නිළධාරීන් 60000 කට වැඩියෙන් රාජකාරියේ

    පළාත් පාලන මැතිවරණ ඡන්ද  විමසීමේ කටයුතු  වෙනුවෙන්  ආරක්ෂාව සඳහා පොලිසියේ 65758 පිරිසක් යොදවා ඇති බව පොලිස් මුලස්ථානයේ ඊයේ (7) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 

    මින් 4178 දෙනෙක් විශේෂ කාර්ය බළකායේ බවත් 5953 දෙනෙක් සිවිල් ආරක්ෂක බළකායේ  බවත් මෙම පිරිසෙන් 26840 ක්  ඡන්ද මධ්‍යස්ථාන 13420 ක ආරක්ෂාව වෙනුවෙන් ද  තවත් 13552 දෙනෙකුගේ සමන්විත පිරිසක් ජංගම සංචාර  වෙනුවෙන් ද යොදවා ඇති බවද   ඡන්ද මධ්‍යස්ථාන  වෙනුවෙන් එක් ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා ආයුධ සන්නද්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු යොදවා ඇති බවත් මෙම ආරක්ෂාවට අමතරව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් ආවරණ වන පරිදි පොලිස් ජංගම සංචාර 3225 ක් යොදවා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

    මෙම  ජංගම සංචාර  එක් ජංගම සංචාරයක්   ඡන්ද මධ්‍යස්ථාන තුනක් ආවරණය වන පරිදි යොදවා ඇති  බවත් එක් ජංගම සංචාරයක් සදහා පොලිස් පරීක්ෂකවරයෙක්,  පොලිස් සැරයන්වරයෙක්,  කොස්තාපල්වරයෙක් සහ  සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙක්  යොදවා ඇති බවත් හදුනාගත් ප‍්‍රදේශ කිහිපයකට පමණක් එම ජංගම සංචාර කටයුතු සදහා  පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙදෙනෙක් යොදවා ඇති බවද පැවසේ.මෙම ජංගම සංචාර වලට අමතරය ප‍්‍රදේශ කිහිපයක සාමය ආරක්ෂා කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පමණක් කි‍්‍රයාත්මක ජංගම සංචාර 99 ක් කි‍්‍රයාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

    මෙම ආරක්ෂාවට අමතරව  ප‍්‍රතිළුල නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 25 ක් වෙනුවෙන් පොලිස් 1275 ක පිරිසක් යොදවා ඇති බවද පොලිස් අධිකාරි කොට්ඨාස මට්ටමින් සහ සහකාර පොලිස් අධිකාරි ප‍්‍රදේශ මට්ටමින් කැරලි මර්දන කණ්ඩායම් 140 ක් ස්ථාන ගතකර ඇති අතර විවිධ තනතුරු වලට අයත් නිලධාරීන් 1106 ක  ඒ සදහා යොදවා ඇති බවත්මෙයට අමතරව දිවයින ආවරණය වන පරිදි පොලිස් මාර්ග 464 ක් පිහිටුවා ඇති අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් 3248 ක පිරිස් යොදවා ඇති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

  • බීල ඡන්ද මධ්‍යස්ථාන වලට ආවොත් බීපු කෙනාටයි අපේක්ෂකයටයි දෙන්නටම වැඩ වරදී

    බීල ඡන්ද මධ්‍යස්ථාන වලට ආවොත් බීපු කෙනාටයි අපේක්ෂකයටයි දෙන්නටම වැඩ වරදී

    10 වැනිදා  ඡන්ද මධ්‍යස්ථාන වලට සහ ඡන්ද ගණන් කිරීමේ  මධ්‍යස්ථාන  වලට  බීමතින්   පැමිණෙන පුද්ගලයින්ට  නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    එවැනි පුද්ගලයින්ට දණ්ඩ නීති සංග‍්‍රහයේ සහ  පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් ආඥා පතනතේ  ප‍්‍රතිපාදන වලට  අනුව නීතිය කි‍්‍රයාත්මක කරන බවද බීමත් පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථාන වලට හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට රැගෙන එන අපේක්ෂකයින්ට එරෙහිවද  අනුබල දීමේ වරද යටතේ  කටයුතු කරන අතර බීමත් පුද්ගලයින්  ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට රැගෙන ඒමේ චෝදනාවට වරදකරු වන  අපේක්ෂකයන්ට  ආසනයක් හිමි වුවහොත් ඔවුන්ගේ එම ආසනය අහිමි වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

  • උදයංග රැගෙන ඒමට හත්දෙනෙකුගේ කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත් වේ

    උදයංග රැගෙන ඒමට හත්දෙනෙකුගේ කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත් වේ

    පසුගිය දිනකදී ඩුබායිහිදී අත්අඩංගුවට පත්  හිටපු රුසියානු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒම සඳහා නිලධාරීන් 7 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අද (7) දිවයිනෙන් පිටත්ව යන බවත් එම නිලධාරීන් කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 3 ක්, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක්. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙක් ඇතුළත් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.
  • එජනිස ආධාරකරුවාට පහර දුන් පොහොට්ටු අපේක්ෂකයා පොලීසියට භාර වෙයි

    එජනිස ආධාරකරුවාට පහර දුන් පොහොට්ටු අපේක්ෂකයා පොලීසියට භාර වෙයි

    පසුගිය 28 වනදා රාත්‍රීයේ ගාල්ල චීන කොරටුව ප්‍රදේශයේ දී ඇතිවූ බහින් බස් වීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ආධාරකරුවකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අපේක්ෂකයකු පහරදීමක් ගැන වාර්සථා විය.

     එම සිදුවීමට අදාල සැකකරු පොලීසියෙන් සැගවී සිටි අතර ඔහු පෙරේදා(30)  පොලිසියට භාර වී ඇත.  පොලිසිය විසින් එම සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

  • බීමත්ව රිය පැදවූ පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී

    බීමත්ව රිය පැදවූ පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී

    දන්කොටුව පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දන්කොටුව පන්නල මාර්ගයේ වාහන පරික්ෂාවක යෙදි සිටියදි අද(1) අලුයම 1.00 ට පමණ අපරික්ෂාකාරී අන්දමින් පැමිණි මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ රියදුරා බීමතින් සිටින බව නිරික්ෂණය වී ඇත..ඉන්පසු කළ පරික්ෂාවේදී ඒ බව තහවුරු වීම නිසා අත්අඩංගුවට ගත් බව  දන්කොටුව පොලීසිය පවසයි.     

    එසේ අත්අඩංගුවට ගත් සැකකරු වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවට පොදු ජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයකු බවත් මැතිවරණ ප‍්‍රාචාරක කුඩා රැස්වීම් කිහිපයකට සහභාගි වි නිවසට යමින් සිට ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන අතර සැකකරු හෙට (02) අධිකරණයට ඉදිරිපත් කරන තුරු පොලිස් ඇප මත මුදා හැරිය බව පොලිසිය වැඩිදුරටත් පවසයි.   

  • නේවි සම්පත් සෙවීමට මහජන සහය පතයි

    නේවි සම්පත් සෙවීමට මහජන සහය පතයි

    පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවාගෙන ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති නේවි සම්පත් නොහොත් හෙට්ටිආරච්චිලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි පිළිබඳ තොරතුරු දන්නේ නම් ළඟම පොලීසියට දන්වන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    එසේ නොමැති නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියේ 0112422176 හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112320141 සිට 145 දක්වා අංකවලට හෝ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ 0112393621යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසද පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.

    පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන ඝාතනය කිරීමේ චෝදනාව මත නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරු සම්බන්ධයෙන්ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් වී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    scan0001

  • මැතිවරණ නීති උල්ලංඝනය කල 352ක් අත්අඩංගුවට…   අපේක්ෂකයින් 40ක් ඒ අතර

    මැතිවරණ නීති උල්ලංඝනය කල 352ක් අත්අඩංගුවට… අපේක්ෂකයින් 40ක් ඒ අතර

    එළැබෙන පෙබරවරෙි 10 දිනට යෙදී ඇති පළාත් පාළන මැතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ ඊයේ (31දා) දිනය වන විට පුද්ගලයන් 352ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අතුරින්,193 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඡන්ද පෝස්ටර් ඇලවීම හා ළඟ තබා ගැනීමේ චෝදනාව මතය. පෝස්ටර්, බැනර්, ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය කිරීම හා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේ චෝදනාව මත 42ක් අත්අඩංගුවට ගෙන ඇත.

    බැන තර්ජනය කිරීම පිළිබඳ පැමිණිලි 103ක් ඊයේ (31දා) දිනය වන විට ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරන අතර  පහරදීමේ සිදුවීම් 48ක්, පෝස්ටර් හා කටවුට්වලට හානි කිරීමේ සිදුවීම් 40ක්, රජයේ වාහන හා රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කටයුතු වලට යොදා ගැනීමේ සිදුවීම් 04ක්ද වාර්තා වී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

    දෙසැම්බර් 09 වන දින සිට ඊයේ (31දා) දිනය දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 126ක් හා මැතිවරණයට සම්බන්ධ සිදුවීම් පිළිබඳ පැමිණිලි 392ක් ලැබී තිබෙන බවත්, ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් 352න් 40ක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

     

  • මෙහෙයුම පැය 4 යි රථවාහන නඩු 3715 යි

    මෙහෙයුම පැය 4 යි රථවාහන නඩු 3715 යි

    30 වැනිදා රාත්‍රී 11.00 සිට 31 අලුයම 3.00 දක්වා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන ආකාරයට සිදුකළ මෙම මෙහෙයුමේදී මාර්ග බාධක 1308ක්  යොදා වාහන 20,913ක් සෝදිසි කිරීම්වලට ලක්කර තිබේ.එහිදී රථවාහන නඩු 3715ක් ලබාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    ඊට අමතරව පුද්ගලයන් 42,673ක් සෝදිසි කිරීම්වලට ලක්කර තිබෙන අතර, මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී මද්‍යසාර ලීටර් 3860ක්, හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 94ක්, කංසා කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 293ක් සහ වෙනත් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 176ක් අත්අඩංගුවට ගෙන ඇත.

    බීමත්ව රිය පැදවූ රියදුරන් 719ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, වරෙන්තුකරුවන් 397ක්, විවිධ අපරාධවලට සැකපිට පුද්ගලයන් 554ක් සහ නීති විරෝධී ගිනිඅවි 05ක් අත්අඩංගුවට ගෙන ඇත. මත්පැන් පානය කර බීමත්ව අශෝභන ලෙස හැසිරීම හා දැව වැටලීම් නඩු 46ක්ද ලබාගෙන ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

  • ජනපතිට ජයක්.. අගමැති අවසානයේ එකඟවෙයි; මැතිවරණයට පෙර බැඳුම්කර විවාදය තීන්දුයි

    ජනපතිට ජයක්.. අගමැති අවසානයේ එකඟවෙයි; මැතිවරණයට පෙර බැඳුම්කර විවාදය තීන්දුයි

    බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 6 දින පෙ.ව.10ට පැවත්වීමට තීරණය කර තිබේ.

    පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයා විශේෂ පක්ෂ නායක රැස්වීමක් 30 කැඳවා තිබුණි.

    ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තුව කැඳවීම හා බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා විවාදය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයකින් තොරව පක්ෂනායක රැස්වීම අවසන් වුණි.

    ඒ සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකුද සම්බන්ධ වී සිටි අතර එහිදී මැතිවරණයට ආසන්න දිනයක් වන පෙබරවාරි 08 දින පාර්ලිමේන්තු විවාදයක් පැවැත්මේ ප්‍රායෝගිකත්වය හා නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කර තිබේ.

    ඒ අනුව බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පෙබරවාරි මස 8 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය ඊට පෙර එනම් 5 හෝ 6 දින කැඳවීමට හැකිද යන්න පක්ෂ නායකයින් විසින් කථානායකවරයාගෙන් විමසා තිබුණි.

    ඒ අවස්ථාවේදී ඒ මහතා කියා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කථානායකවරයා හා අගමැතිවරයා සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළබඳව අවසන් තීරණයක් දැනුම් දෙන බවයි.

    ඒ අනුව බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 6 දින පෙ.ව.10ට පැවත්වීමට තීරණය කර තිබේ.

  • ගල්කිස්සේ පොහොට්ටු පුප්පන්න ආපු පාතාල කල්ලි නායකයා අත්අඩංගුවට….

    ගල්කිස්සේ පොහොට්ටු පුප්පන්න ආපු පාතාල කල්ලි නායකයා අත්අඩංගුවට….

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියකදී එහි සිටි පාතාල කල්ලියක සාමාජිකයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. 

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නවීර කල්ලිය නමින් හඳුන්වන පාතාල කල්ලියේ සාමාජිකයෙකු බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

    ගල්කිස්ස ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන රැළියකදී මෙම පාතාල සාමාජිකයා සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව පරීක්ෂා කිරීමේදී සැක කටයුතු හැඳුන්ම්පතක්ද තිබී සොයා ගැනුණා.  

  • පිස්තෝලය අතට ගත් පොහොට්ටු අපේක්ෂක මැරයා සංධාන ආධාරකරුවෙකුට තඩි බායි

    පිස්තෝලය අතට ගත් පොහොට්ටු අපේක්ෂක මැරයා සංධාන ආධාරකරුවෙකුට තඩි බායි

    එළැබෙන මැතිවරණයේදී ගාල්ල මහ නගර සභාවට තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දේශප්‍රිය ලියනගේ මහතාගේ ආධාරකරුවෙකුට ඊයේ (28) රාත්‍රියේ 11.30ට පමණ දේශප්‍රිය මහතාගේ නිවසේ සිට ඔහුගේ නිවස කරා යමින් සිටියදී පහරදීමක් සිදු කර ඇති අතරපහරදීමෙන් බරපතල තුවාල ලැබු ආධාරකරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

    මෙසේ පහර දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල කොට්ඨාශයට තරග වදින් අපේක්ෂක රත්නපාල සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙ‍නෙකු විසින් බව මේ වනවිට හෙළි වී ඇති අතරඅදාළ ආධාරකරුට පිස්තෝලයක් පෙන්වා බියවද්දා බරපතල ලෙස පහරදී ඇති අතර එම පුද්ගලයාගේ කෑගැසිමත් සමග අසල්වාසීන් පැමිණ මෙම පුද්ගලයා බේරාගෙන තිබේ.මේ සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

  • කුප්‍රකට විමල්ට එරෙහි වංචා නඩුවක් ගැන අධිකරණයෙන් නීතිපතිට සිහි කැඳවීමක්

    කුප්‍රකට විමල්ට එරෙහි වංචා නඩුවක් ගැන අධිකරණයෙන් නීතිපතිට සිහි කැඳවීමක්

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් නීතිමය උපදෙස් කඩිනමින් අධිකරණයට දන්වා එවන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නීතිපතිවරයාට අද (29) සිහි කැඳවීමක් කළා.

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කරමින් රුපියල් මිලියන 91ක් සාපරාධී සාවද්‍ය පරිහරණය සිදු කළ  බවටයි විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට එරෙහිව  මෙම නඩුව පවරා ඇත්තේ.

    අදාළ චෝදනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් කර ඇතැයිද ඒවායේ උදෘත නීතිපතිවරයා වෙත යවා ඇතැයිද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැවසුවා.

    කෙසේ වෙතත් ගත යුතු ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපති උපදෙස් තවමත් ලැබී නොමැති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

  • කුප්‍රකට බැදුම්කර මගඩිය නිසා එජාපය දෙන්න බැරි නම් ශ්‍රීලනිපයට දෙන්න.. රන්ජන් කියයි..

    කුප්‍රකට බැදුම්කර මගඩිය නිසා එජාපය දෙන්න බැරි නම් ශ්‍රීලනිපයට දෙන්න.. රන්ජන් කියයි..

    බැදුම්කර මගඩිය නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න බැරිනම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඡන්දය දෙන්න. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මොරටුවේ පැවැති ජන හමුවක් අමතමින් එසේ කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ ද කීය. මේ වගේ ජනාධිපති කෙනෙක් අපිට ආයි හම්බුවෙන්නේ නැහැ. ඒ නිසා ඔහුව අපි රැකගන්න ඕනේ..

    මම කියන්නේ නෑ මේ ආණ්ඩුවේ හොරු නෑ කියලා. කවදාවක්වත් මේ ලෝකෙ හොරු නැතුව යන්නේ නැහැ. ඒත් හොරු අල්ලන; හොරුන්ට විරුද්ධව කොමිෂන් තියන; හොරකම් අවම කරන ආණ්ඩුවක් මේක. ඒ කාලේ ජනාධිපතිවරයා මොකද කළේ; හොරකම් අඩුකළාද? නැහැ; හොරුන්ගේ ෆයිල් හැංගුවා. ඒහින්දයි මම කියන්නේ ආයෙත් අර “පෝරිසාදයට” නම් එන්ඩ දෙන්න එපා කියලා.

  • උසාවි භූමියේ කතකට බරපතල ලිංගික අතවර කල පුද්ගලයෙකුට වැඩ වරදී

    උසාවි භූමියේ කතකට බරපතල ලිංගික අතවර කල පුද්ගලයෙකුට වැඩ වරදී

    නඩු කටයුත්තක් සඳහා කළුතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි කාන්තාවකට මෙසේ අතවරයට ලක්විමට සිදුවූයේ මග්ගොන පදිංචිකරුවකු වූ වයස අවුරුදු පනස් හයක පුද්ගලයෙකුගෙනි.   ඉඩකඩ නොමැති බැවින් අධිකරණයේ  දොරටුව අසල රැදී සිටියදී සැකකරු මෙම අතවරය සිදු කර ඇති බවත්, ඉන්පසු ඇය ඒ බව අධිකරණ ‍පොලිස් නිලධාරී (26166) ලියනගේ මහතාට දන්වා ඇති බවත් ‍පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු ‍පොලිස් නිලධාරියාට තර්ජනය කර ඇති  බවත් අධිකරණයේදී අනාවරණය විය. 
    ‍පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී අදාළ කාන්තාව දකුණු කළුතර ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් තමාට සිදුවූ අතවරය පිළිබඳව ප්‍රකාශයක් ලබා දී තිබේ. 
    ‍පොලිස් නිලධාරියාට තර්ජනය කළේ ඇයිදැයි විනිසුරුවරිය විමසූ විට ඒ පිළිබඳව සමාව අයැදින බව සැකකරු අධිකරණයේදී ප්‍රකාශ කළේය. 
    අධිකරණය හමුවට පමුණවනු ලැබු සැකකරුවකු පෙබරවාරි මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස  කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්   භාරතී විජේරත්න මහත්මිය නියම කළාය. 
    සැකකරුට එරෙහිව මීට පෙර කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් පැවැති අතර සැකකරු මෙදින අධිකරණයට පැමිණ ඇත්තේ  නිකරුණේය.