Category: සුපිරි Cases

  • හිටපු අමාත්‍ය රවී කරුණානායක අත්අඩංගුවට! (Exclusive)

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අත්අඩංගුවට! (Exclusive)

    කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ “බැඳුම්කර ජනාධිපති කොමිසම” මඟින් වරදකරුවකු කොට ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතාව අත් අඩංගුවට ගැනීමට නියමිත බවට විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

    බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ බොරු සාක්ෂි ලබාදීමේ වරද මත මෙසේ අත් අඩංගුවට ගැනීමට නියමිත බවට වැඩිදුරටත් වාර්තාවේ. පූර්ණ අධිකරණ බලතල සහ බලය ඇති ජනාධිපති කොමිසමක් හමුවේ බොරු සාක්ෂි ලබාදීම බරපතළ වරදක් වන අතර එය දෙවැනි වන්නේ මරණයක් සිදුකිරීමට පමණක් බවත් සඳහන්. එසේම එය අවමය මාස 03 ක් වත් ඉක්මවන තුරු ඇප ලබා නොදිය හැකි තරමේ වරදවල් ගණයට වැටෙන බවද සඳහන්.

    අධිකරණයක් හමුවේ බොරු සාක්ෂි ලබාදෙමින් අධිකරණය නොමඟ යැවීම යන මෙම බරපතළ චෝදනාව යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාව නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තාකරයි. රවී කරුණානායක මහතාට බැඳුම්කර කොල්ලයේ චෝදනා එල්ල වීමත් සමඟම ඔහු සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය.

    එසේම මෙම අත් අඩංගුවට ගැනීමට පෙර හෝ පසු ඊට ප්‍රචාර දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ සහ ප්‍රබල ඇමතිවරයෙකු පරණ නඩු හුටපට කිහිපයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සැලසුම් කොට තිබෙන බවටද විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

  • බීල ඇවිත් හැමදාම වද දෙන සැමියට බිරිඳගෙන් කැති පාර

    බීල ඇවිත් හැමදාම වද දෙන සැමියට බිරිඳගෙන් කැති පාර

     

    දිනපතාම  අධික ලෙස බීමත්ව පැමිණෙන සැමියාගේ  ගුටි බැට ඉවසීමට නොහැකි වූ බිරිඳක් සැමියාගේ හිසට කැත්තකින් කෙටීමේ සිද්ධියක්   බදුල්ල එගොඩවෙල ගම්මානයෙන් වාර්ථා වී ඇත.

    මෙසේ බරපතල තුවාල ලැබූ 50 හැවිරිදි සැමියා ඊයේ (18)  රාත්‍රී 11.30 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතැයි පොලීසිය පවසයි.

     

  • රනිල් බැඳුම්කර කොල්ලයේ වගකීම සාක්ෂි සමඟින් නිලවශයෙන් පිළිගනී!

    රනිල් බැඳුම්කර කොල්ලයේ වගකීම සාක්ෂි සමඟින් නිලවශයෙන් පිළිගනී!

    අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින සිදුකරන ලද ඓතිහාසික විශේෂ ප්‍රකාශයත් සමඟ ඔහු නිලවශයෙන් අද(18) මහ බැංකු බැඳුම්කර කොල්ලයේ වගකීම ජාතිය හමුවේ පිළිගත්තේය.

    මහ බැංකුව තමාගේ විෂයපථය යටතේ වන අමාත්‍යංශයකින් ක්‍රියාත්මක වූ බවත්, මෙම හොරකම තමා විවිධ ක්‍රමවලින් පාපිස්ස යට ගැසීමට උත්සහ කළද ජනාධිපතිවරයාගේ බලපෑම නිසා මෙය යට ගැසීමට නොහැකි වූ බවත් අග්‍රාමාත්‍යවරයා අද ජාතිය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

    අප අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අද විශේෂ ප්‍රකාශය සහ ඒ පිළිබඳව වන විග්‍රහයට යොමුවෙමු.

  • මර්වින්ගේ පුත් මාලක අල්ලන්න වරෙන්තු

    මර්වින්ගේ පුත් මාලක අල්ලන්න වරෙන්තු

    2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට වරෙන්තු නිකුත් කෙරුණු අතර ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය අද(18) නියෝග කළාය.

     

  • නිමල් ලංසාගේ මැතිවරණ කාර්යාලය රජයේ ගොඩනැගිල්ලක – ඇත්ත මෙන්න..

    නිමල් ලංසාගේ මැතිවරණ කාර්යාලය රජයේ ගොඩනැගිල්ලක – ඇත්ත මෙන්න..

    මීගමුව පෝරුතොට ප්‍රදේශයේ රජයේ දේපලක් මේ වන විට නිමල් ලංසා පදනම නමින් කාර්ලයාලයක් පවත්වාගෙන යාමට යොදාගෙන ඇතැයි යන  බරපතල චෝදනාවක් එල්ලවි ඇත.

    මීට වසර ගණනාවකට පෙර ඒ ප්‍රදෙශය නියෝජනය කළ ඇල්බට් නම් වු නාගරික මන්ත්‍රිවරයා විසින් නගර සභා ප්‍රතිපාදන යටතේ මේ ගොඩනැගිල්ල ඉදිකරන ලද අතර ග්‍රාම නිලධාරි කාර්යාලයත් සමෘද්ධි කාර්යාලයත් මේ ස්ථානයේ සිට ක්‍රියාත්මක විය.


    ඉන්පසු නිමල් ලංසා පළාත් සභා ඇමතිවරයෙකුව සිටි සමයේ රජයේ ප්‍රතිපාදන වැය කරමින් යම් යම්  ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබුණි.


    සමෘද්ධි නිළධාරි කාර්යාලය මේ වන විට ඒ වෙනුවෙන් ඉදිකරනු ලැබ තිබෙන ස්ථානයකට ගෙන ගොස් ඇති අතර ග්‍රාම නිළධාරි කාර්යාලය තවමත් මෙහි ක්‍රියාත්මකය.


    තතු මෙසේව තිබියදි නිමල් ලංසා සිය මැතිවරණ කාර්යාලය බවට දැන් පත්කරගෙන ඇත්තේ මේ රජයේ ගොඩනැගිල්ලය.මෙය බරතල නීතිවිරෝධි ක්‍රියාවකි.


    මේ ගොඩනැගිල්ල රජයට අයත් එකක් නොවුනේ නම් සමෘද්ධි කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා මෙය කාගෙන් හෝ කුලියක් ගෙවා ගත යුතුව තිබුණි.එහෙත් එය එසේ සිදුව නොමැත.


    ඉන් කියැවෙන්නේ මේ ගොඩනැගිල්ලට හිමිකම් කියන කිසිදු පුද්ගලික හිමිකරුවෙකු නොවන බවය.
    එනම් මෙය රජයේ ගොඩනැගිල්ලකි.


    එසේ නම් නිමල් ලංසා සිය දේශපාලන කාර්යාලය බවට මෙය පත්කරගනිමින් නිමල් ලංසා පදනම මෙහි පවත්වාගෙන යනු ලබන්නේ කෙසේද ?


    මෙය පමණක් නොව මේ අකාරයෙන තවත් ඉඩම් රාශියක් නිමල් ලංසා සහ ඔහුගේ ගෝලයන් විසින් මේ වන විට බලෙන් අත්පත්කරගෙන සිටිති.මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට මීගමුවේ රජයේ නිළධාරින් තවමත් අපොහොසත්ව විම ඇත්තටම කණගාටුවකි.

  • මුදල් වංචා කල රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග…..

    මුදල් වංචා කල රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග…..

    ජනප‍්‍රිය ගායක රජිව් සෙබස්තියන් පිළිබඳව අද බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. ඒ මාරවිල මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනසුරු කේමින්ද පෙරේරා මහතා විසින්  රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට පසුගියදා නියෝග කිරීමත් සමඟයි.

    සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප‍්‍රසංගය නොපවත්වා මුදල් වංචාවක් සිදුකළ බවට වෙන්නප්පුව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් දිසා විනසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබුණා.

    පසුගිය වසරේ අගෝස්තු 04 වැනිදා වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක ”සරඹ” නමින් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම සඳහා සුනිල් පෙරේරා, ඇනස්ලි මාලේවන හා ඩෙස්මන් සිල්වා යන ප්‍රවීන ගායන ශීල්පීන් සහභාගී කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 03 ක  මුදලක් ලබාගෙන  ප්‍රසංගය පැහැර හැරිය බවට ප්‍රසංගයේ සංවිධායකවරයෙකු වන ක‍්‍රිස්ටි රත්නප‍්‍රිය විසින් වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබුණා.

    එසේම මුදල ආපසු ගෙවීම සඳහා රජිව් සෙබස්තියන් විසින්  රුපියල් ලක්ෂ තුනක චෙක්පතක් සංවිධායකවරයාට ලබා දී තිබුණද එය අගරු වූ චෙක්පතක් බවයි සඳහන් වන්නේ.

     ‍ෙඒ  අනුව මුදල් වංචාව, සාපරාධී විශ්වාසය කඩ කිරීම  සහ සාපරාධී සාවද්‍ය මුදල් පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ණය අයකිරීමේ පනතේ 25 x 1 වගන්තිය යටතේ ඔහුට  එරෙහිව පැමිණිල්ලක් ගොණු කල බවයි වෙන්නප්පුව පොලිසිය සඳහන් කරන්නේ.

  • පැවති නීති වෙනස් කරමින් රට වැනසූ බැදුම්කර හොරුන්ට නඩු පැවරෙන අයුරු…

    පැවති නීති වෙනස් කරමින් රට වැනසූ බැදුම්කර හොරුන්ට නඩු පැවරෙන අයුරු…

    බැඳුම්කර කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

    ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව, මහ බැංකුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම කටයුතු සිදු කරනු ඇති. ඒ, අවසන් වාර්තාවේ යෝජනා කි‍්‍රයාත්මක කිරීම, නීතිමය තත්ත්වයන් සහ බාහිර කටයුතු සොයා බලමින්.

    බැඳුම්කර කොමිසමේ නිර්දේශ ප‍්‍රධාන වශයෙන් කොටස් 4කට අයත්. වැඩිදුර විමර්ශනය, නීතිය කි‍්‍රයාත්මක කිරීම, නීති සංශෝධනය මෙන්ම නව නීති සකස් කිරීම සහ අනාගතයේදී මෙවැනි අක‍්‍රමිකතා, දූෂණ හෝ අපරාධ සිදු වීම වළක්වා ගැනීමට ගතයුතු වෙනත් කි‍්‍රයාමාර්ග එම කොටස් 4යි.

    ඒ අනුව සිදු කර ඇති අපරාධවලට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම සිදු වනු ඇති. රජයට සහ සේවක අර්ථසාධක අරමුදලට සිදුව ඇති අලාභය පියවා ගැනීම හා නීතිවිරෝධී කටයුතුවල යෙදුනු අයට සිවිල් නඩු පැවරීමද සිදු කිරීමට නියමිතයි.

    සිවිල් නඩු සඳහා දිගු කාලයක් ගතවන බැවින් සිවිල් නඩු විධිවිධාන පටිපාටිය සංශෝධනය කිරීමටද නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාලය පැවසුවා. අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කරනු ඇති. 

    බැඳුම්කර කොමිසම හමුවේ ඉදිරිපත් කර ඇති සාක්ෂි සහ සිදු කළ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු වලින් හෙලිවන වැරදි සිදු කළ පුද්ගලයින්ට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමටද නිර්දේශ කර තිබෙනවා. ඒ සඳහා නීතිපති උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කරනු ඇති. 

    ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් විමර්ශනාත්මක ද්‍රව්‍ය හා සාක්ෂි ඍජුව සලකා බැලීමට හැකි වන පරිදි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමටද නිර්දේශ වී තිබෙනවා. සමාගම්වල සිදුව ඇති අපරාධ පිළිබඳ නෛතික වගකිම සලකා බැලීම ද නිර්දේශ වී ඇති තවත් කරුණක්. 

    දැනට පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සහ ඊට අනුබද්ධ සමාගම්වල මෙන්ම වෙනත් පුද්ගලයින් බැඳුම්කර ගනුදෙනුව හරහා නීතිවිරෝධීව එකතු කළ දේපළ කඩිනමින් තහනම් කිරීමටද නීතිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. රජයට සහ අර්ථසාධක අරමුදලට අයවිය යුතු මුදල් පියවා ගැනීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය නොවන පරිදි පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමට ද කොමිසම නිර්දේශ කළ තවත් කරුණක්.  ඒ, නඩු කි‍්‍රයාමාර්ගවලදී සිදුවන ප‍්‍රමාදය සැලකිල්ලට ගනිමින්.

    සේවක අර්ථසාධක අරමුදලේ ස්වාධිනත්වය ද තහවුරු කළ යුතුයි. එමගින් එහි දායක ප‍්‍රජාවගේ උපරිම සුභසිද්ධිය සඳහාම පමණක් එම අරමුදල පවත්වාගෙන යා යුතු වනවා. ඊට එහි ඉහළ කළමනාකාරීත්වය හා මහ බැංකුව අතර ඇති සම්බන්ධය ප‍්‍රතිව්‍යූවගත කිරීමටද කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. 

    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් භාවිත කර 2008/2014 කාලසීමාවේදී සිදුවූ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණනයක් පැවැත්විමද කොමිෂමේ තවත් නිර්දේශයක්. 

    කෝප් කමිටුවේ සාමාජිකත්වය දරණ ඇතැම් මන්තී‍්‍රවරුන් බැඳුම්කර විමර්ශනය සිදු කරන කාලයේදී එම සමාගමේ ප‍්‍රධානී අර්ජුන් ඇලෝසියස් සමග සන්නිවේදනය කර ඇති බව ද හෙළිවී තිබෙනවා. එම විෂමාචාර හැසිරිම් සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීමට කථානායකවරයාගේ අවධානය යොමු කර ඇති බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

    එම කමිටුවේ මන්තී‍්‍රවරුන්ට විශේෂ ආචාර ධර්ම පද්ධතියක් පැනවීම කෙරෙහි කථානායකවරයාගේ අවධානය යොමු කිරීමට ද බැඳුම්කර කොමිෂමෙන් නිර්දේශ කර තිබෙනවා. 

  • ටයිකෝට් හොරුන්ව රටට හෙලිකල බැඳුම්කර වාර්තාව මෙන්න! මෙතනින් බලන්න

    ටයිකෝට් හොරුන්ව රටට හෙලිකල බැඳුම්කර වාර්තාව මෙන්න! මෙතනින් බලන්න

    මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව මහජනතාව වෙත අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර තිබෙනවා. 

    ජනාධිපති ලේකම් කාර්යාලයේ www.presidentsoffice.gov.lk නිල වෙබ් අඩවියේ එය පලකොට තිබෙනවා. 

    අදාල වාර්තාව මෙතනින් බලන්න

  • ඡන්දය ඉවර වෙනකල් විතරක් කසිප්පු වඩියක් පෙරා ගන්න ඉඩ දෙන ලෙස අපේක්ෂකයෝ පොලීසියෙන් ඉල්ලයි

    ඡන්දය ඉවර වෙනකල් විතරක් කසිප්පු වඩියක් පෙරා ගන්න ඉඩ දෙන ලෙස අපේක්ෂකයෝ පොලීසියෙන් ඉල්ලයි

     

    පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන නීත්‍යනුකූල මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීතිවිරෝධී මත්පැන් පෙරීමක් වන බවට ‍පොලීසියට ලැබුණු තොරතුරක් මත ‍පොලිසිය අදාළ කාර්යාලයට ගොස් පරීක්ෂා කරන අවස්ථාවේදී තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් දමා ගැනීමට අවසරයක් දෙන්නේ නම් එය තම මැතිවරණ කටයුතුවලට මහත් රුකුලක් බව ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ  ප්‍රධාන පෙළේ පක්ෂයක අපේක්ෂකයෙකු පොලිසියට පවසා තිබේ.

    රැය පහන්වන තුරුම ආධාරකරුවන් තම පක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින් උදව්  උපකාර කරන්නේ මත්පැන් සංග්‍රහ පවත්වන්නේ නම් පමණක් බව එවිට එම අපේක්ෂකයා ‍පොලීසියට පවසා තිබේ. කසිප්පු වැටලීම් සඳහා ගිය අවස්ථා කිහිපයක දී  මීට පෙරද එවැනි ඉල්ලීම් ඉදිරිපත් වූ බව පැවැසූ නිලධාරීහු මේ දිනවල කසිප්පුවලට තිබෙන ඉහළ ඉල්ලුම නිසා ජාවාරම්කරුවන් කසිප්පු පෙරීම හා බෙදාහැරීම ජයටම සිදුකරන බවද කීහ.

     

    එම පොලිස් නිලධාරීන් වැඩුදුරටත් පවසනුයේ පවතින තත්ත්වය යටතේ මෙබඳු කසිප්පු සංග්‍රහ නොපවත්වන්නේ නම් මෙවර මැතිවරණයෙන් දිනීමට අපහසු බැවින් ප්‍රධාන පක්ෂවල අපේෂකයන් අවශ්‍ය බඩුබාහිරාදිය සහ උපකරණ ලබා දී විවිධ පුද්ගලයන් ලව‍ා එසේ කසිප්පු පෙරීම සිදුකරන බවය.

    එමෙන්ම මැතිවරණ දිනය තෙක් පමණක් ඒ සඳහා අවසර ලබා දුනහොත් මැතිවරණයෙන් බලයට පත් වූ පසු පොලිස් නිලධාරීන්ට ද හොඳින් සලකන බව ඔවුන් පැවසූ බව පොලිස් නිලධාරීහු කියති.

  • භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් බැණ පහරදීමට උත්සාහ කරනු ලැබූ විදුලිසෝපාන ක්‍රියාකරුගෙන් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි

    භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් බැණ පහරදීමට උත්සාහ කරනු ලැබූ විදුලිසෝපාන ක්‍රියාකරුගෙන් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි

    රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම විදුලිසෝපාන ක්‍රියාකරුගේ කොලරයෙන් ඇද පොලිස්පතිවරයා පහරදීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය වසරේ මාධ්‍යයට නිකුත් විය. ඒ ගැන කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසද්දී පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ පොලිස්පතිගේ චක්‍රලේඛය අනුව උදෑසන භාවනා නොකිරීම නිසා එම සිදුවීම වූ බවයි. පොලිස්පතිවරයා ඔහුට බැණ වැදුණු නමුත් ඔහුට පහරදීමට උත්සාහ නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
     
    මෙම සිදුවීම ගැන එම විදුලිසෝපාන ක්‍රියාකරු මුලින්ම රහස් පොලිසියේ ප්‍රධානීන්ට පැමිණිල්ලක් කර තිබුණු අතර ඉන් විමර්ශනයක් සිදු නොවීම නිසා පොලිස් කොමිසමට ද පැමිණිල්ලක් කර තිබිණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් ද සාධාරණයක් ඉටු නොවුණ නිසා තමාට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
     
    එම පැමිණිල්ලේ පිටපත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ට ද යොමු කර ඇති අතර මෙම සිදුවීම නිසා තමන් දැඩි සිත්තැවුලට පත්වූ බවත්, දැඩි සිත්තැවුලෙන්ම පසුගිය ඔක්තෝබර මාසයේ විශ්‍රාම ගිය බවත් ඔහු යොමු කළ ලිපියේ සඳහන්වේ.
     

  • බැදුම්කර වංචාව ගැන සොයන ජනපති මෛත්‍රීට අපහාස කලාට මරික්කාර්ට විනය පරීක්ෂණයක්…

    බැදුම්කර වංචාව ගැන සොයන ජනපති මෛත්‍රීට අපහාස කලාට මරික්කාර්ට විනය පරීක්ෂණයක්…

    බැදුම්කර වංචාව පිලිබදව කරුණු සොයා බලමින් ජනපති මෛත්‍රී ගෙන යන වැඩපිළිවෙලට ද්වේශ සහගතව අදහස් පලකල කොලොන්නාවේ මරික්කාර් නමැති මන්ත්‍රීවරයාට එරෙහිව කඩිනමින් විනය පරීක්ෂණයක් පවත්වන බවට අගමැතිවරයා විසින් ජනපති මෛත්‍රී හට පොරොන්දු වී ඇති බව අපට වාර්තා වේ. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මරික්කාර් මෙච්චර කුලප්පු වන්නේ ඇයි ද යන්න කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් ප්‍රශ්න නගද්දී නිහඩව සිටි රනිල් ජනපති මෛත්‍රීගේ දරුණු ප්‍රකාශයෙන් පසුව මරික්කාර්ට විරුද්ධව මම විනය පරීක්ෂණයක් කරනවා යනුවෙන් පවසා ඇත.. එහිදී අදහස් දක්වමින් ශ්‍රීලනිප ප්‍රබල අමාත්‍යවරයෙක් පවසා ඇත්තේ පරීක්ෂණ තියලා මදි බැදුම්කරේ කළු සල්ලි සුදු කරන මැෂිමක් බවට මරික්කාර් පත්ව ඇත්දැයි කරුණු සොයා බැලිය යුතු බවයි…

  • කැබිනට් රැස්වීමේදී ජනපති මෛත්‍රී ඉදිරියේ අගමැති රනිල් දණින් වැටි සමාව අයදියි..

    කැබිනට් රැස්වීමේදී ජනපති මෛත්‍රී ඉදිරියේ අගමැති රනිල් දණින් වැටි සමාව අයදියි..

    යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවේ සංහිඳියාව බිඳදමමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට නින්දා-අපහාස කිරීම සම්බන්ධයෙන් අද(16) පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා තදින් ක්‍රියාකර ඇතැයි වාර්තාවේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකයත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් දිගින් දිගටම වත්මන් රජයේත් කැබිනට්ටුවේත් ප්‍රධානියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සැලසුම් සහගතව මඩ ප්‍රචාර සිදුකරමින් අපහාස කරමින් කරගෙන යන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විවේචනයට ලක්කර ඇති අතර ඒ පිළිබඳව තම අප්‍රසාදය සහ පිළිකුල ප්‍රකාශකොට ඇත.

    එසේ අප්‍රසාදය පළ කල ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම අතරතුර ජනාධිපතිවරයා කැබිනට්ටුවෙන් නැඟිට ගොස් ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ ප්‍රබලයින් ජනාධිපතිවරයා හමුවට ගොස් තම ඇබිත්තයින් වෙනුවෙන් සමාව ඉල්ලීමෙන් අනතුරුව ජනාධිපතිවරයා යළි කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇත.

    ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා යම් දුෂණයක් වංචාවක් සම්බන්ධයෙන් සොයා බැලීමට අපක්ෂපාතීව කටයුතු කළවිට එය ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය යටතේ සිටින කෝඩුකාර මන්ත්‍රීවරුන් ඉතා පහත් ලෙස තමන්ගේ ප්‍රධානියාට අපහාස කිරීම සදාචාර විරෝධී නින්දිත ක්‍රියාවකි.

    කෙසේ වෙතත් අද(16) සිදු වූ මෙම සිදුවීමත් සමඟ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන් පථයේ ඉරිතැලීමක් සිදු වූ බව මේ වන විට අප වෙත ලැබෙන අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. මහබැංකු බැඳුම්කර කොල්ලයට අදාළ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවත් සමඟ වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නැඟී ඇති වංචා-දූෂණ මතින් “හොරා” යන අන්වථ නාමය පටබැඳීමත් සමඟ එය වත්මන් රජයට විශාල කළු පැල්ලමක් එක්කොට ඇත.

    ආණ්ඩුවේ එක් පාර්ශවයක් විසින් සැලසුම් සහගතව සිදුකොට ඇති දැවැන්ත හොරකමක් හේතුවෙන් 2015 ජනවාරි 08 යහපාලනයක් වෙනුවෙන් කැප වූ 62 ලක්ෂයක ජනතාවගේ සහ පොදු මහජනතාවගේ විශ්වාසය දැඩි ලෙස පළුදු වී ඇත.

    කෙසේ වෙතත් අද දින කැබිනට්ටුවේ සිදු වූ මෙම සිදු වීමත් සමඟම මැතිවරණයට පෙර හෝ පසු ආණ්ඩුවේ තීරණාත්මක දේශපාලන වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයි.

  • රට වනසන හොර රනිල්ව ගෙදර යවන ඔන්ලයින් පෙත්සමට අත්සන් කරන්නේ මෙහෙමයි…

    රට වනසන හොර රනිල්ව ගෙදර යවන ඔන්ලයින් පෙත්සමට අත්සන් කරන්නේ මෙහෙමයි…

     

    https://www.ipetitions.com/petition/getoutranil

    යහපාලනය සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන බවට දහසකුත් පොරොන්දු ලබා දී බලයට පැමිනි රනිල් වික්රමසිංහ අග්රාමාත්ය වරයා මේ වන විට ජනතාව හමුවේ සිය විස්වාසය නැවත ගොඩනගා ගත නොහැකි අන්දමට බිඳදමාගෙන ඇත. එකී විශ්වසය බිඳ වැටීම සඳහා බලපෑ මූලිකම කාරනය වන්නෙ මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධව සිදුව ඇති වංචාව පිළිබඳ වාර්තා වූ මුල් අවධියේ සිටම එම සිදුවීම සාමාන්යකරණය කිරීමට සහ බරපතල වංචාවක් සිදුව නොමැති බවට රට හමුවේ කරුණු ගෙනහැර දැක්වීමට කටයුතු කිරීම නිසාය. මේ සඳ්හා ඔහු එකල සිදුකල පාර්ලිමේන්තු කතා සහ වෙනත් ප්රකාශ උදාහරණ සපයයි. මේ මොහොතේදී සංවිධානාත්මකව මෙම වංචාව සිදුව ඇති බව ඔප්පු වී ඇති නිසාත් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරි අධිකරණ ක්රියාමාර්ග මේ පිලිබඳ ව ගැනීමට නියමිත් නිසාත් ඔහු වහාම පරීක්ෂණ වල ස්වාධීනත්වයට ඉඩ දී ධූරයෙන් ඉල්ලා අස්වී යායුතු බවට පොදු මහජනතාව වන අප විසින් මෙලෙස බල කර සිටිමු.

    මේ මොහොතේදී සංවිධානාත්මකව මෙම වංචාව සිදුව ඇති බව ඔප්පු වී ඇති නිසාත් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරි අධිකරණ ක්රියාමාර්ග මේ පිලිබඳ ව ගැනීමට නියමිත් නිසාත් ඔහු වහාම පරීක්ෂණ වල ස්වාධීනත්වයට ඉඩ දී ධූරයෙන් ඉල්ලා අස්වී යායුතු බවට පොදු මහජනතාව වන අප විසින් මෙලෙස බල කර සිටිමු.

    ඔහුගේ අතීත භාවිතාව සහ ක්රියාකලාපය අනුව ඔහුගේ සමීප හිතවතකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් සහ ඔහුගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස් ආරක්ෂා කිරීමට නියමින් හෝ අනියමින් ක්රියාකරනුඇතැයි මහජනතාවට ඇති සැකය සාධාරණ වේ.

    සිය හිතවත් පාක්ශිකයින් වන ත්රිපුද්ගල නීතිඥ කමිටුවක් පත්කර ඒකපාර්ශ්විකව බැඳුම්කර සිදුවීමේදී වංචාවක් සිදුව නැති බව ප්රකාශ කිරීමට ඔහු මීට පෙර කටයුතු කර ඇති නිසා ඔහුගෙන් ඉදිරි ස්වාධීන පරීක්ෂණ සඳහා බාධාවක් ඇතිවිය හැකි බවට වන මහජන සැකය ද සාධාරණය.

    එම නිසා ප්රජාතන්ත්රවාදී රාජ්යයක දේශපාලන නායකයකු ලෙස මහජනතාව පාරට බැස ධූරයෙන් අස්වී යන ලෙස උද්ඝෝෂණ කරන තුරු නොසිට ගෞරවාන්විතව පරීක්ෂණ වලට ඉඩදී ඉල්ලා අස්වීම යුක්ති යුක්ත වේ.

    ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ පුරවැසි මහජනතාව ලෙස වත්මන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ කෙරේ අප තුළ පවතින විශ්වාසය භංග වී ඇති බැවින් වහාම ධූරයෙන් ඉල්ලා අස්වී තමා යටතේ තිබූ ශ්රී ලංකා මහබැංකුවේ සිදුවූ වංචාව සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට කරගෙන යාමට ස්වාධීන පරිසරයක් ඇති කරන ලෙසට මෙයින් බලකර ඉල්ලා සිටිමු.

    අගමැති රනිල්! වහා ඉල්ලා අස්වී ගෙදර යනු!

  • බැදුම්කර හොරු අල්ලද්දී මරික්කාර් කලබල උනේ ඇයි? රන්ජන්ගෙන් කනේ පහරක්..

    බැදුම්කර හොරු අල්ලද්දී මරික්කාර් කලබල උනේ ඇයි? රන්ජන්ගෙන් කනේ පහරක්..

    බැඳුම්කර හොරකම කරලියට පැමිණි මේ මොහොතේ ජනපති මෛත්‍රී පිලිබදව මරික්කාර් කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය සමාජයේ වඩාත් කතා බහට ලක්ව ඇත.. බැදුම්කර හොරුන්ගේ රෙදි ගලවද්දී මරික්කාර් සිදුකල ප්‍රකාශය ගැන රන්ජන් රාමනායක සිදුකල ප්‍රකාශය මෙන්න..

    https://www.facebook.com/supirigossip1/videos/1560627967306137/

  • මරික්කාර් කොලේ ඉරාගෙන ඇගේ හලාගත්තා – බැදුම්කරේ ගැන කියද්දී කලබල ඇයි?

    මරික්කාර් කොලේ ඉරාගෙන ඇගේ හලාගත්තා – බැදුම්කරේ ගැන කියද්දී කලබල ඇයි?

    බැඳුම්කර හොරකම කරලියට පැමිණි මේ මොහොතේ ජනපති මෛත්‍රී පිලිබදව මරික්කාර් කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය සමාජයේ වඩාත් කතා බහට ලක්ව ඇත.. බැදුම්කර හොරුන්ගේ රෙදි ගලවද්දී මරික්කාර්ට රිදෙන්නේ ඇයි? හේතුව මෙන්න.

    ඒ අන්කිසිවක් නිසා නොව ඇමති කබීර් හෂීම් එනම් එජාප මහලේකම් තුමාගේ මැදිහත්වීම මත අර්ජුන් අලෝසියස් බැදුම්කර කළු සල්ලි වලින් කොටසක් (විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන පරිදි ලක්ෂ 20ක් පමණ මුදලක්) කොලොන්නාව ආසනයේ එජාප සංවිධායක එස්.එම් මරික්කාර් මහතා වෙත ලබාදී ඇති අතර ඒ සදහා කපුකම කර ඇත්තේ කබීර් හෂීම් සහ රවි කරුණානායක බව සදහන්.

    මේ අණුව අර්ජුන් ඇලෝසියස් ලබාදුන් මුදල්  මෙම කබීර් හෂීම් ඇමති තුමන්ගේ මස්සිනා වූ රිකාස් හුසේන් මගින් මරික්කාර් මහතා ලබාගෙන ඇත.අදාල මුදල් වලින් ප්‍රදේශයේ විහාරස්ථාන වලට පුටු ලබාදීම සහ අක්ෂි කාච ලබාදීම සදහා පක්ෂයේ ප්‍රාදේශිය නායකයන්ට මේ මුදල් බෙදාහැර ඇත. අර්ජුන්ගේ කළු සල්ලි වල අවමානය වසන්නට පන්සල් වලට ලබාදී තම දේශපාලණ සුචරිත බව ආරක්ෂා කිරිමට මරික්කාර් මහතා දැරු අසික්කිත උත්සහය එලිදරවු වීමත් සමග එජාපය තුල ඇතිවු අර්බුදය තවත් වර්ධනය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අප වෙත සනාථ වී ඇත. .මේ තොරතුරු එළිවීමත් සමඟ ලබන 26 වනදා පැවැත්වීමට නියමිත කොලොන්නාව එජාප බල මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බවට ප්‍රාදේශිය දේශපාලන නායකයින් කිහිප පොලක්ම සදහන් කර ඇත. කළු සල්ලි සුදු කරන්නට උත්සහ දරන පන්සලට රිංගා ගෙන සුදනා වෙන්නට වෙර දරන එස්.එම් මරික්කාර් හරිනම් තම තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුය. ඒත් බලයට ඇති කෑදර කම  උදෙසාම ජනතාව රවට්ටා ජනතාවගේ දුක් සුසුම් වලින් සුරසැප විඳින මෙවන් දූෂිත ඇමතිවරුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය හැකිද යන්න ප්‍රශ්නයකි.

    මරික්කාර් මේ දිනවල පිස්සෙක් මෙන් හැසිරෙන්නේ මේ සත්‍යය ජනතාව වෙත ගියහොත් තමනට මුහුණදීමට සිදුවන දේශපාලන හා නෛතික තත්වය පිලිබදව ඉතා හොදින් වටහාගෙන වන අතර ඔහුගේ අරමුණ අන් කිසිවක් නොව බැදුම්කර පරීක්ෂණ කෙසේ හෝ යටපත් කිරීමය…

  • වික්ටර් සහ පුතුන්ගේ අරගලය නැවතත් කරලියට… රහසිගත ගිවිසුමක් ගැන තොරතුරක්…

    වික්ටර් සහ පුතුන්ගේ අරගලය නැවතත් කරලියට… රහසිගත ගිවිසුමක් ගැන තොරතුරක්…

    ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගියදා ලිපියක් යවා තිබුනා. නමුත් එම ලිපි නිකුත් කිරීමෙන් පසු විකාශය වුනු රූපවාහිණී වැඩසටහනකදී  වික්ටර් රත්නායගේ පුතුනුවන් වන ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක විසින් තම පියාගේ ගීත ගායනා කිරීමත් සමඟ වික්ටර් රත්නායකගේ ගීත ගායනා කළොත් ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වේවිද යන ප්‍රශ්නය බොහෝ දෙනාට ඇති වූ බවට කිසිඳු සැකයක් නැහැ.

    තමන්ගේ ගීත ගායනා කිරීම තහනම් කරමින් නීතිඥයකු මාර්ගයෙන් ලිපියක් නිකුත් කර තිබියදීත් මෙලෙස පියාගේ ගීත ගායනා කිරීම නීතිමය ගැටළුවක් නොවන්නේ්දැයි ජයන්ත රත්නායකගෙන් විමසූ අවස්ථාවේදී මෙතෙක් හෙලිනොවූ රහසක් හෙලි කරමින් ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

    එවැනි කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසයි මම  බය නැතුව තාත්තාගේ ගීත ගායනා කරන්නේ.  ඒ කිසිම හේතුවක් නිසා ‍නෙවෙයි. නීතිඥයකුගේ මාර්ගයෙන් එවලා තිබුණු ලිපියේ සඳහන් කරලා තිබුණේ මින් ඉදිරියට තාත්තාගේ ගීත ගායනා කරන්න එපා කියලා විතරයි. එහෙම ලිපියක් එව්වා කියලා තාත්තාගේ ගීත ගායනා කිරීම අපට තහනම් කරන්න ඔහුට අයිතියක් නැහැ. ඒ නිසා අපට විරුද්ධව තාත්තා නඩු දානතුරු තමයි  මමත් මේ බලාගෙන ඉන්නේ. 

    2013 වසරේදී තාත්තා ඔහුගේ ගීතවල කර්තෘ භාගය ලබාගැනීම ගීත පැවැරීම ඇතුළු සියලු අයිතීන් නීතිඥයෙක් ඉදිරියේ මට ලියා දුන්නා. ඒ නිසා අපට එවපු ලිපිය සම්බන්ධයෙන් මට බයවෙන්න කිසිම හේතුවක් නැහැ. ජීවිත භුක්තිය තියාගෙන ‍නෙවෙයි තාත්තා ඔහුගේ ගීතවල අයිතිය මා වෙත පැවැරුවේ. ඒ නිසා මින් ඉදිරියට ඔහු ගායනා කරන ගීතවල අයිතිය විතරක් ‍නෙවෙයි ඒවායේ කර්තෘ භාග පවා හරිනම් අයිති මටයි. 

    තාත්තා හොඳටම දන්නවා නඩු දැම්මොත් මොනවාද වෙන්නේ කියලා. ඔහු සමග දැන් සිටින කාන්තාවගේ බලපෑම නිසා තමයි තාත්තා අපට ඒ වගේ ලිපියක් එවලා තියෙන්නේ. මෙතෙක් කාලයක් මම තාත්තාගේ ගීත විතරක් වේදිකාවේ ගායනා කළේ නැහැ වෙනත් ප්‍රවීණ ගායකයන්ගේ පුත්තු තාත්තලාගේ ගීත ගායනා කරද්දී බොහෝ දෙනා අපෙන් විමසලා තියෙනවා ඇයි අපි තාත්තාගේ ගීත ගායනා කරන්නේ නැත්තේ කියලා. අනික මෙච්චර කාලයක් වෙනත් සමහරු තාත්තාගේ ගීත ගායනා කරද්දිත් මම නිහඬව හිටියා. තාත්තාගේ ගීත ඉදිරියට ගෙනියන්න මමයි මල්ලියි ඉන්න නිසා බයවෙන්න එපා කියලා තමයි මට දැන් රසිකයන්ට කියන්න තියෙන්නේ. 

     

    පැවරීමේ ගිවිසුම

    වර්ෂ දෙදහස් දහතුනක් (2013) වූ අගෝස්තු මස 17 වන දින කොළඹදී. මෙහි මින් මතු, පළමු පාර්ශ්වය) යනුවෙන් හඳුන්වනු ලබන අතුරුගිරිය ඔරුවල  එගොඩවත්ත අංක 25/ඛි2 හි පදිංචි රත්නායක ආරච්චිලාගේ දොන් වික්ටර් හෙවත් වික්ටර් රත්නායක (ජා.හැ. අංක 420492243ම)  එක් පක්ෂයකටද, මෙහි මින් මතු (දෙවන පාර්ශ්වය) යනුවෙන් හඳුන්වනු ලබන මාලඹේ මිහිඳු මාවතේ අංක 32/5 හි පදිංචි ජයන්ත රත්නායක (ජා.හැ. අංක 682210931ම) එක් පක්ෂයකටද බැඳී එම දෙපක්ෂය අතර හට ගන්නා ලද ගිවිසුමේ වගනම්. 

    එසේ හෙයින් සියලු දෙනාම මෙයින් දත යුතුයි 

    ඉහත කී පළමු පාර්ශ්වය තමා විසින් තනු නිර්මාණය කරන ලද සහ ගායනය කරන ලද සියලුම ගීත  ඕනෑම මාධ්‍යයක භාවිත කිරීම කර්තෘ භාගය එක්රැස් කිරීම සහ එකී නිර්මාණයන්හි නීත්‍යානුකූලව පැවැරුම් කිරීම සහ පාරිශ්‍රමිකයන් ලබා ගැනීම සම්බන්ධයෙන් පළමු පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමට හා සියලුම කටයුතු කිරීමේ බලය ඉහත කී දෙවන පාර්ශ්වය වෙත පැවැරීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම හට ගනී. 

    ගිවිසුමේ නියමයන් හා කොන්දේසි 

    මෙම ගිවිසුමට එළඹීමට ප්‍රථම ඉහත සඳහන් කරන ලද ගී නිර්මාණ වල සම්පූර්ණ  හිමිකාරත්වය තමා සතු බවට පළමු පක්ෂය සහතික වේ. 

    මෙම ගී නිර්මාණ වල අයිතිවාසිකම් බාහිර කිසිදු පුද්ගලයෙකුට පළමු පක්ෂය විසින් මෙම ගිවිසුමට පෙර පවරා නොමැති අතර මෙම ගිවිසුමෙන් අනතුරුව ඉදිරියේදී එසේ වෙනත් පුද්ගලයෙකුට එම කිසිදු අයිතිවාසිකමක් පැවැරීමට 

    පළමු පක්ෂය කටයුතු නොකරන බවට එකී පක්ෂය එකඟ වේ. 

    මෙම ගිවිසුම එළඹීමෙන් අනතුරුව, ඉහත සඳහන් කරන ලද පළමු පක්ෂයේ ගී නිර්මාණ සියලුම ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍යයෙන් ගුවන් විදුලිය, රූපවාහිනිය, සංයුක්ත තැටි (CD) වීඩියෝ තැටි (DVD) අන්තර්ජාලය දුරකථන ජාලයන්හි සෑම භාවිතයක්ම නාද මාලා (Ring tone) යනාදිය සඳහා පළමු පක්ෂය වෙනුවෙන් පැවැරීමට හා එකී පාරිශ්‍රමිකයන් එක්රැස් කරගැනීමට පළමු පක්ෂය වෙනුවෙන් සියලු කටයුතු කිරීමේ බලය දෙවන පක්ෂය වෙත පැවැරීමට පළමු පක්ෂය එකඟවේ. 

    තවද ඉහත සඳහන් ගිවිසුමේ නියම හා කොන්දේසි නිසි පරිදි කියවා තේරුම් ගැනීමෙන් අනතුරුව, ඒ සඳහා දෙපක්ෂය ඒ දෙපක්ෂය වෙනුවට සහ ඒ දෙපක්ෂයේ උරුමක්කාර, ‍පොල්මංකාර අද්මිනිස්ත්‍රාසිකාර, බලකාර, ලැබුම්කාරයන් වෙනුවටත් එකිනෙක පක්ෂය සමග මෙයින් වැඩිදුරටත් ‍පොරොන්දුව බැඳුනෝය. 

    ඊට සාක්ෂි පිණිස ඉහත කී පළමු පක්ෂය හා දෙවන පක්ෂය යන දෙපක්ෂය මෙයින් මෙම වාසගම සහ දිනත් දරන තවත් ලියවිල්ලකටත් වර්ෂ 2013 ක් වූ අගෝස්තු මස 17 වන දින කොළඹදී අත්සන් තැබුවෝය. 

    සාක්ෂි :

    මීට සාක්ෂිකාරයන් වන අප මෙහි අත්සන් කළ දෙපක්ෂය හොඳාකාර අඳුනන බවද ඒ දෙපක්ෂයේ නියම නම්, රක්ෂාවල් සහ පදිංචි ස්ථානත් නිසියාකාර දන්නා බවද මෙයින් සහතික කොට ප්‍රකාශ කරමු. 

    නීතිඥ අකලංක තරින්ද සේරසිංහ 

    අංක 30, පාසල් මාවත, 

    කළුබෝවිල,

    දෙහිවල  

    (ලක්බිම පුවත්පත ඇසුරින්)