Category: සුපිරි Cases

  • වයස 14 දැරියක් සමුහ දුෂණය කල නරුමයන් තිදෙනෙක් අත්අඩංගුවට.. දැරිය රෝහලට…

    වයස 14 දැරියක් සමුහ දුෂණය කල නරුමයන් තිදෙනෙක් අත්අඩංගුවට.. දැරිය රෝහලට…

    වයස අවුරුදු 14ක පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්වූ සංවෙදී පුවතක් තිස්සමහාරාම, ගෝනගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අදාල සමූහ දූෂණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ ඇගේ 23 හැවිරිදි පෙම්වතාට සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකුටයි. පසුගිය 9 වැනිදා රාත්‍රියේ දැරිය සමූහ දූෂණයට ලක්වන්නට ඇති බවයි  පොලිසිය සැකකරන්නේ. ඔවුන් සැක පලකරන්නේ අදාළ තරුණයින් දැරියගේ නිවස ආසන්න ස්ථානයක මත්පැන් පානය කර, ඉන් පසුව දැරිය දූෂණයට ලක් කරන්නට ඇති බවටයි.

    දැරිය දූෂණය වූ දිනට පසු දින ඇය සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. ඒ ඇය පදිංචි නිවස පිටුපස පිහිටි කොහොඹ ගසක ගෙළ වැළාගෙනයි. කෙසේ වෙතත් ඇයගේ සොහොයුරා විසින් සිදුවීම දැක  ඇයව මුදාගෙන හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. 

    සිය දිවි හානි කර ගැනීමට ප්‍රථම දැරිය විසින් ලියූ ලිපියක් ද හමුවී ඇති අතර, තරුණයන් තුන්දෙනා සම්බන්ධයෙන් කරුණු සඳහන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.  පසුව මෙම තරුණයන් තුන්දෙනා යාල රක්ෂිත ප්‍රදේශයේ සැඟව සිටියදී ප්‍රදේශවාසීන් විසින් 11 වනදා අලුයම අල්ලා ගෙන පොලිසියට භාර දී තිබෙන අතර , ඔවුන් තිදෙනාට ප්‍රදේශවාසීන් විසින් පහර දී තිබෙන බවද සදහන්.

    ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ මෙම තරුණයින් තිදෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ දෙබරවැව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. සැකකාර පෙම්වතා 23 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් තරුණයන් 18 හැවිරිදි සහ 20 හැවිරිදි වියේ පසුවනවා.  මෙලෙසින් සමූහ දූෂණයට ලක්වූ  දැරිය මේවන විට හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

    සියදිවි හානිකර ගැනීමට ප්‍රථම දැරිය විසින් ලියූ ලිපියහි මෙලෙස සඳහන් වේ.

    “ මම හිටියේ හොඳින් ඉගෙනගෙන ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවක් වන්න. මට ඒ හීනේ නැතිවුණා. මම මගේ පවුලේ ඔක්කොටොමත් මගේ නෑදෑයින්ටත් ආදරෙයි. මම හිච්චා එක්ක යාළුවෙලා හිටියේ. ඌ මට බොරුවක් කළේ. ඌ තමයි අරුන් දෙන්නට කියලා මාව විනාශ කළේ. මට ගොඩක් දුකයි. මට මගේ පවුලේ අයට ලැජ්ජා කරලා ජීවත්වෙන්න බෑ.“

  • නිධානයක් ගන්න ගිය 7කට වැඩ වරදී

    නිධානයක් ගන්න ගිය 7කට වැඩ වරදී

    නිධානයක් ගොඩ ගැනීමේ අරමුණින් පොළව හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙක්ව ආණමඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.ආණමඩුව – මහඋස්වැව ප්‍රදේශයේ ඉඩමක  කැණීම් කරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගත් මොවනු සතුව තිබූ විදුලි මෝටරයක්,කැණීම් උපකරණ සහ යාතිකා කටයුතු සඳහා යොදා ගන්නා භාණ්ඩ කීපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.මහඋස්වැව,මැරුංගොඩ සහ කොට්ටුකච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන්ව ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

     

     

  • බසිසිකලයකට ගැසූ ලොකුම දඩය, රු.68000 යි

    බසිසිකලයකට ගැසූ ලොකුම දඩය, රු.68000 යි

    අධික ශබ්දයක් පිටවන සයිලන්සරයක් සවි කීරිම , සංගීත නාද පිටවන නලාවක් සවි කර තිබිම , ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකය නොමැති වීම , අපරික්ෂාකාරීව පොලිස්  අණ නොතකා ධාවනය කීරිම යන  චෝදනාවන් රැසක් සම්බන්ධයෙන් යතුරු පැදිකරුවෙකුට ගම්පහ අධිකරණයෙන් රුපියල් හැටඅටදහසක දඬ මුදලක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියම කළේය. මෙය ගම්පහ අධිකරණයෙන් පැදිකරුවෙකුට නියම වූ වැඩිම දඬ මුදලයි.

  • ටෙලි සිහින පෙන්වා දැරියක් දුෂණය කල නරුමයන් කොස්ගමදී අත්අඩංගුවට….

    ටෙලි සිහින පෙන්වා දැරියක් දුෂණය කල නරුමයන් කොස්ගමදී අත්අඩංගුවට….

    බාලවයස්‌කාර දැරියක්‌ රවටා අපයෝජනය කළ තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොස්‌ගම පොලිසිය පැවසීය.

    පොලිසියට ලද තොරතුරකට අනුව මහනුවර ප්‍රදේශයේ ස්‌ථානයක්‌ වටලා සැකකාර තරුණයින් දෙදෙනා හා දැරිය අත්අඩංගුවට ගෙන ඇත.

    දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ කොස්‌ගම ප්‍රදේශයේ තරුණයකු තම, ටෙලිනාට්‍යයක රඟපෑමට අවස්‌ථාව සලසා දෙන බව පවසා අපයෝජනය කළ බවයි.

    දැරිය දැනට අවිස්‌සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. කොස්‌ගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩබ්ලිව්. ඒ සෝමරත්න විජයමුණිගේ උපදෙස්‌ පරිදි උ. පො. ප. ප්‍රේමානන්ද, කාන්තා පොලිස්‌ කොස්‌තාපල් ශාමලී මහත්මිය ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

     

  • තෝ ආයෙත් පළමුවැනියා වෙන්න බෑ – සිසුන් 04ක් දක්ෂයාට අම්බානකට නෙළයි…

    තෝ ආයෙත් පළමුවැනියා වෙන්න බෑ – සිසුන් 04ක් දක්ෂයාට අම්බානකට නෙළයි…

    සිය පන්තිය තුළදීම සිසුන් පස්‌දෙනකුගේ අමානුෂික ප්‍රහාරයකට ලක්‌ වූ පාසල් සිසුවකු මාරවිල මූලික රෝහලේ හදිසි අනතුරු වාට්‌ටුවට පෙරේදා (10 වැනිදා) ඇතුළත් කර තිබේ.
     
     ඔහුගේ මුහුණට, හිසට හා ගෙලට අතින්, පයින් සහ පොල්ලකින් සිසුන් පස්‌දෙනකු වට කර ගෙන පහරදුන් බවත් හතරදෙනකු හඳුනා ගත් බවත් මාරවිල පොලිසියට පැමිණිලි කරමින් සිසුවා පවසා ඇත. 
     
     මෙසේ රෝහල්ගතව ඇත්තේ සඳනෙත් සංජන දිසානායක (15) නමැති මාරවිල පිරිමි පාසලක 10 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
     
     ඔහු ඉගෙනීමට දක්‌ෂ බවත් සෑම වාරයකම පන්තියේ පළවැනියා වන බවත් තම පුතාගේ ඉගෙනීම නොරිස්‌සු ළමුන් පිරිසක්‌ මෙම පහරදීම සිදු කර ඇති බවත් පහරකෑමට ලක්‌ව රෝහල්ගත කර සිටින සිසුවාගේ පියා පැවසීය.

  • මහින්ද සමයේ අයතා ලෙසින් මුදල් ඉපැයූ විමල්ට අධිචෝදනා….

    මහින්ද සමයේ අයතා ලෙසින් මුදල් ඉපැයූ විමල්ට අධිචෝදනා….

    අයථා ලෙස වත්කම් උපයා ගත් බවට කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට අද (11) අධිචෝදන භාර දුන්නා.

    මෙම නඩුව පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.

    නිකුත් කර තිබූ සිතාසියකට අනුව, විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද පෙනී සිටියා.

    කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහු මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ. නඩුව පෙබරවාරි මස 19 වැනිදා යලි කැඳවීමට නියමිතයි.

  • මාසයක් ඇතුලත ඡන්ද පැමිණිලි 122 යි… සැකකරුවන් 125 ක් අත්අඩංගුවේ එයින් 12ක් අපේක්ෂකයින්

    මාසයක් ඇතුලත ඡන්ද පැමිණිලි 122 යි… සැකකරුවන් 125 ක් අත්අඩංගුවේ එයින් 12ක් අපේක්ෂකයින්

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගතවූ මාසය තුළ පැමිණිලි 122 ක් වාර්තා වී ඇති අතර සැකකරුවන් 125 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අතරින් දොළොස් දෙනකු අපේක්ෂකයන් බවත්  ‍පොලිස් මූලස්ථානය පවසයි.
    දෙසැම්බර්  9 –  ජනවාරි 9  වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් තිස් අටක් වාර්තා වී ඇති අතර ඊට අදාළව සැකකරුවන් අසූ තුන් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර අපේක්ෂකයන් 4 ක්ද වේ.මෙම කාලය තුල මැතිවරණ පැමිණිලි අසූහතරක් වාර්තා වී තිබේ. ඊට අදාළ සැකකරුවන් හතළිස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර අපේක්ෂකයන් අට දෙනකුද වේ.
    ‍පෝස්ටර්, බැනර් හා ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය කිරීම් 9, ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර වාහන ධාවනය 2, ඡන්ද ‍පෝස්ටර් ඇලවීම හා ළඟ තබාගැනීම 24, නීති විරෝධී පෙළපාළි පැවැත්වීම් 1, බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම් 1, ‍පෝස්ටර්, බැනර්, කටවුට් හා ධජ ප්‍රදර්ශනය කිරීම 1, පහර දී තුවාල සිදු කිරීම් 11, බැණ තර්ජනය කිරීම් හා බිය ගැන්වීම් 36, නාමයෝජනා ලැයිස්තු පැහැර ගැනීම 1, ව්‍යාජ අත්සන් යොදා ඡන්ද නාම ‍ලේඛන සැකසීම් 1, ‍පෝස්ටර් කටවුට් ආදියට අලාභහානි කිරීම් 7, ද්‍රව්‍ය හා උපකරණ බෙදීම් 7, ඡන්ද ‍පෝස්ටර් සන්තකයේ තබා ගැනීම 1, නිවසට ඇතුල් වී ගල් ගසා අනර්ථය කිරීම් 6, නිවසක් බිඳ දේපළ සොරකම් කිරීම 2, මුදල් බෙදා දීම් 2, මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම් 2, රැස්වීමකට ගල් ගසා කඩාකප්පල්කාරී ක්‍රියා 1, අත් පත්‍රිකා බෙදීම් 2, කාර්යාලවලට අලාභහානි සිදුකිරීම් හා භාණ්ඩ සොරා ගැනීම් 2, ‍පෝස්ටර්, බැනර්, ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය 1, ඡන්දය ආයාචනා කිරීම් 1, රැස්වීම් භූමියේ ගැටලු 1 ක් ලෙස මෙම පැමිණිලි ලැබි තිබෙන බව ‍පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
  • ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටයි රූපවාහිණීසංස්ථාවටයි ඇඟිලි සලකුණු පොලීසියෙන් පොලිස්පාට්

    ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටයි රූපවාහිණීසංස්ථාවටයි ඇඟිලි සලකුණු පොලීසියෙන් පොලිස්පාට්

     ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවට හා ජාතිකරූපවාහිණියට වසර 2ක් තිස්සේ ධාවනයේ යෙදවූ ලංගම බස්රථයට අනවසරයෙන් කඩාවැදුන පොලිස් ඇඟිලිසලකුණු අංශයේ පොලිස් උපපරීක්ෂකවරු සහ කොස්තාපල්වරු පොලිස්පාට් දමා බස් රථය නවතා ඇතැයි වාර්තා වේ.

    අවුරුදුදෙකක් ගුවන්විදුලිසංස්ථාව ඉදිරිපිටින් ආරම්භ උන මෙම බස් රථය රූපවාහිණී කාර්යමණ්ඩලය සමඟ 4.30ට ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිටින් අවිස්සාවේල්ල දක්වා ධාවනය වී තිබේ. රූපවාහිණී කාර්යමණ්ඩලය බස්රථයට නැගීමටපෙර ඇඟිලිසළකුණු අංශයේ පිරිස කඩාවැදීම දිගින් දිගටම සිදුවන නිසා රූපවාහිණී කාර්ය මණ්ඩලයට ආසන අහිමිව හිටගෙන යාමට පවා සිදුව ඇත. මේ බව පොලිස් ඇඟිලිසලකුණු අංශයේ නිලධාරීන්ට සහ අනෙක් පිරිසට දැන්වූවද ඒ ගැන නොතකා ඇඟිලි සලකුණු අංශයේ පිරිස පොලිස් බලතල ක‍්‍රියාත්මක කිරීමට ගොස් තිබේ.

    අවසානයේ හෝමාගම ඩිපෝවට පෙත්සමක් භාරදිමෙන් මේ වන විට බස් රථය නතරකර ඇත. හෝමාගම ඩිපෝවට මේ පිළිබඳව කථා කිරීමේදී පවසා ඇත්තේ පොලිස්සිය සමඟහැප්පීමට බැරි නිසා තවදුරටත් ගුවන්විදුලිට සහ රූපවාහිණියට මෙම බස් රථය යෙදවිය නොහැකි බවයි.

    අපි සී අයි ඞී යනුවෙන් බස් රථයට කඩා වැදී අසුන් ගැනීම පිළිබඳව ගුවන්විදුලියේ සහරූපවාහිණියේ කාර්යමණ්ඩලය තුළ ඇත්තේ බලවත් අප‍්‍රසාදයකි. ඔවුන්ට යෙදවූ බස් රථයේ කිසිදු අවසරයකින්තොරව බලහත්කාරයෙන් වාඩිවී අපි සී අයි ඞී යයි පැවසිම පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ රහස්‍යභාවයට කෙතෙක් දුරට යුක්තියුක්තදැයි විමසීම වටීයි.

    පොලිසීය ජනතාහිතවාදිව සිටිය යුතු මොහොතක වසර දෙකක් ධාවනය වු බසය අත්හිටවූයේ හෝමාගම ඩිපෝවට පෙත්සමක් ගොස් බාරදීමෙනි. අනතුරුව පවසා ඇත්තේ බස් රථය ධාවනය වුවහොත් හන්දියක් හන්දියක්ගානේ බස්රථයේ රියදුරු නොකළ වැරදිවලට පොලිස් රථවාහන ඒකකයෙන් නවත්වන බවයි. ඇඟිලි සලකුණු අංශයේ කාන්තා උපපොලිස්පරීක්ෂකවරියක්ද මෙම බස් රථයේ ගොස් ඇති අතර ඇය අපේ මිනිස්සු හරිවැරදී යනුවෙන් පවසා ඇත. ඇයට තේරෙන සත්‍යය පිරිමි උපපොල්ස්පරීක්ෂකවරුන් සහ කොස්තාපල්වරුන් ඇතුලූ ඇඟිලි සලකුණු අංශයේ කාර්ය මණ්ඩලයට නොතේරුණේ මන්දැයි විමතියකි.

    හෝමාගම ඩිපෝවේ සාමාජික පිරිස පවසා ඇත්තේ නොකළවැරදිවලට පොලීසිය දඩුවම්දෙන ඉතිහාසයක් ඇති නිසා තවදුරටත් ගුවන් විදුලිසංස්ථාව ඉදිරිපිට පේ‍්‍රමකීර්ති ද අල්විස් මාවතෙන් බස් රථය ආරම්භ කළ නොහැකිබවයි. ”කුඩු පැකට් එකක්වත් ගෙනත්දාලා අපිව වැරදිකාරයෝ කළොත් මහත්තයෝ අපි අසරණයිනේ. නඩුයි බඩුයි උන්ගෙනේ”යයි ඩිපෝවේ සාමාජිකයන් මෙන්ම කොන්දොස්තරමහතා සහ රියදුරුමහතාද භීතියෙන් වෙලී ඇතැයි පැවසේ. මහජන සුභසිද්ධිය සඳහා කි‍්‍රයා කළයුතු පොලිසිය පොලිස්පාට් දැමීම නිසා නතරවූ බස්රථය නැවත ලබා දෙන්නේ කවදාදැයි ඇසියයුත්තේ කාගෙන්ද? මෙවන් නොහොඹිනා වැඩපොලීසිය අත්හරින්නේ කවදාද?

  • කෙහෙළිය ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව 26වැනිදා විභාගයට…

    කෙහෙළිය ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව 26වැනිදා විභාගයට…

    පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් මුදල් යොදා ගනිමින් ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම මඟින් ගොනුකළ නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දින නියම කළේය.

    ඒ අනුව නඩුව මේ මස 26 වැනිදා විභාගයට ගැනීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කළේය.

    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එම සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අය නම්කර තිබේ.

    පසුගිය ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 9,90,000ක මුදලක් යෙදා ගනිමින් දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත.

  • දයා මාස්ටර්ට ගුටි දුන් අය අත්අඩංගුවට

    දයා මාස්ටර්ට ගුටි දුන් අය අත්අඩංගුවට

    එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක මෙන්ම යාපනයේ ඩෑන් ටී වී  ආයතනයේ  මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන  දයා මාස්ටර්ට ඊයේ (8) පස්වරු 4.30 ට පමණ කාර්යාලයේ සිටියදී එහි පැමිණ ඇති සැකකරු ඔහු සමග බහින් බස්වී පසුව මෙම පහර දීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

     .සිද්ධිය වු අවස්ථාවේ   පොලිසියට දැනුම් දීමක් කර ඇති අතර පොලිස් ජංගම රථය එම ස්ථානයට ගොස් පලායමින් සිටි සැකකරු  අත්අඩංගුවට ගෙන අති අතර ඔහු යාපනයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් වේ.ඔහු අද(9) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට බව පොලිස් ආරංචි මාර්ග වල සඳහන් වේ.

  • එජාප අපේක්ෂිකාවගේ නිවසට කුකුල් අපේක්ෂකයාගෙන් ගල් ප්‍රහාරයක්

    එජාප අපේක්ෂිකාවගේ නිවසට කුකුල් අපේක්ෂකයාගෙන් ගල් ප්‍රහාරයක්

    මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොටගල ප‍්‍රාදේශීය සභාවට තරග වදින කදුරට ජනතා පෙරමුණේ අපේක්‍ෂිකා සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මියගේ නිවසට ඊයෙ (08) ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.
     
    ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එම ප‍්‍රාදේශිය සභාවට කුකුළා ලකුණින් තරග වදින අපේක්‍ෂකයෙකු ඇතුලූ ඔහුගේ ආධාරකරුවන් පිරිසක්  කොටගල කොමර්ෂල් ප‍්‍රදේශයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල නියලි සිටි අවස්ථාවේ එම ස්ථානයේ පිහිටි ඇයගේ නිවසට ගලකින් පහර දි ඇයට පරුෂ වචයෙන් බැන වැදුනු බව සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මිය දිඹුල පොලීසියට පැමිණිලි කර ඇත. 
     

  • බැඳුම්කර වාර්තාව අන්තර්ජාලයට

    බැඳුම්කර වාර්තාව අන්තර්ජාලයට

    ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන් විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව අන්තර්ජාලය ඔස්සේ පළ කිරීමට යන බව වාර්තා වේ.. ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව මෙය සිදුකිරිමට නියමිත බව සදහන්..

  • පොලිසිය සමගින් කචල් ඇදලා ගුටිකාපු ජවිපෙ මන්ත්‍රි රිමාන්ඩ්..

    පොලිසිය සමගින් කචල් ඇදලා ගුටිකාපු ජවිපෙ මන්ත්‍රි රිමාන්ඩ්..

    සපුගස්කන්ද පොලිස් ස්ථානයට ගොස් එහි වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව රාගම රෝහලේ ප්‍රතිකාර ලබන ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි අශෝක රංවල මන්ත්‍රිවරයා ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත කිරිඇල්ල මහතා නියම කළේය.

    රෝහල තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන මන්ත්‍රිවරයා පොලිස් නිලධාරීන් භාරයට පත්කර තිබිණි. සපුගස්කන්ද පොලිසිය “බී” වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා රාගම රෝහලට ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබන රංවල මන්ත්‍රිවරයා නිරීක්ෂණයට ලක්කර මෙසේ රෝහල තුළම රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. ඊයේ (07දා) වනවිටත් මන්ත්‍රිවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.

  • නෑනාට යටවූ පොලීසිය මහ සෙනගක් ඉදිරියේ අත් පා බැද  මස්සිනාගේ දත් කඩයි

    නෑනාට යටවූ පොලීසිය මහ සෙනගක් ඉදිරියේ අත් පා බැද මස්සිනාගේ දත් කඩයි

    විමර්ශනයක් සඳහා ගිය මහනුවර – අලවතුගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් නෙත් ගොසිප් අපට වාර්තා වෙනවා. පසුගිය දෙසැම්බර් මස 6 වෙනිදා මෙලෙස පහර කෑමට ලක්ව තිබෙන්නේ මහනුවර අකුරණ තලගහකන්ද ප්‍රදේශයේ පදිංචි චන්දන රූපසිංහ නැමැති තරුණයෙක්.

    සිදුවීම පිළිබදව නෙත් ගොසිප් වෙත අදහස් දක්වන චන්දන රූපසිංහ ප්‍රකාශ කළේ සිය අසල්වාසීන් බලා සිටියදි අලවතුගොඩ පොලිසීයේ නිලධාරීන් තමන්ට අත් පා ගැටගසා අමානුෂික ලෙස පහර දුන් බවයි. සිය සහෝදරයාගේ බිරිද , ඔහු හැරගොස් නිවසින්ජ් බැහැරව ගොස් බවත් , ඉන්පසුව සිය සහෝදරයා වස පානය කොට රෝහල් ගත කර සිටියදි ඇය සිය බඩු බඩුබාහිරාදිය රැගෙන යාමට පොලීසිය සමග පැමිණි අවස්ථාවේ ඊට විරුද්ධ වීම හේතුවෙන් පොලිසිය තමන්ට පහර දුන් බව එම තරුණයා  ප්‍රකාශ කළා

    පෞද්ගලික ආරවුලක් මත නිවසින් බැහැරව සිටි තම සහෝදරයාගේ බිරිඳ පොලීසිය සමග පැමිණ ඇයගේ බඩුබාහිරාදිය රැගෙන යාමට උත්සාහ කළ.පහරකෑමට ලක්වූ තරුණයා සිදුවීම විස්තර කළේ මෙලෙසින්

    ” චන්දන රූපසිංහ දැක් වූ අදහස් – එතන එස් අයි මහත්තයෙක් ආවා. ඒ.එස්.අයි මහත්තයා මට පිස්ටල් එක නළලට තියලා.මට ගැහුවා.එතකොටම පොලීසියේ ඔක්කෝම එතනට ආවා. ඇව්ලා මට දඩ බඩ ගාලා ගහන්න පටන් ගත්තා.ලණු වගයක් තිබ්බා ඒ ලණුවලින්ම අත්දෙකයි කකුල් දෙකයි බැදලා එස් අයි මහත්තයා කකුළෙන් පයින් ගැහුවා. මගේ ඉස්සරහා දත් 4 ක් කැඩුණා.ලණුවක් දාලා බෙල්ල හිර කළා..එතන හිටපු එක රාළහාමි කෙනෙක් පොල්ලක් කඩාගෙන ගැහුවා. ගහපු පාර දත් කැඩිච්චි ඒවා තමයි මේ. මහලා තියෙන්නේ ඉස්පිරිතාලෙන්”

    කෙසේ වෙතත් සිදුවීම පිළිබදව එම තරුණයා විසින් පොලිස්පති සහන මැදිරියට පැමිණිලි කර තිබෙන බවත් සදහන්. මේ පිළිබදව අප අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයතිලකගෙන් විමසූ අතර ඔහු පැවසුවේ සිදුවීම පිළිබදව සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ පරීක්ෂණයක් මෙහෙයවන බවත් , එම විමර්ෂනය හේතුවෙන් තමන්ට කිසිවක් කිව නොහැකි බවයි. කෙසේ වෙතත් මෙම පහර දීම සිදුවන අවස්තාවේ එම ස්ථානයේ සිටි අසල්වාසීන් පවසන්නේ සිදුවීම සිදුවී දින ගණනක් ගතව ඇතත් පොලිස්පතිවරයා හෝ වෙනත් කිසිදු ඉහල නිළධාරියෙකු විසින් තවමත් මෙම පහරදීම සිදුකළ නිළධාරීන්ට ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට හෝ පහරදීමට පොලීසියට කිසිදු බලයක් හෝ අයිතියක් නොමැති අතර එය මූලීක මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි. එම නිසා මෙම පහර දීම සිදු කළ පොලිස් නිළධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ දැයි නෙත් ගොසිප් අප විමසිල්ලෙන්.,

    සිදුවීමේ විඩීයෝව පහතින් ,

     

  • සපුගස්කන්ද වැඩබලපු පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

    සපුගස්කන්ද වැඩබලපු පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

     

    පසුගිය දිනකදී සපුගස්කන්ද පොලීසියේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් හා අදාල මන්ත්‍රීවරයාගෙන් යන දෙපාර්ශවයෙන්ම වැරදි සිදුවී ඇති බව කොළඹ අපරාධ පරීක්ෂන කොට්ඨාෂයෙන් දුන් වාර්තාවට අනුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා විසින් පරීක්ෂණ අවසන් වන තුරු අදාල ස්ථානාධිපති වරයාව ස්ථාන මාරු කිරීමට පොලිස්පති තුමාට උපදෙස් දී ඇත.

    මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට තිබියදී ස්ථාන මාරු නොකෙරෙන බැවින් මැතිවරන කොමිසමට ඉදිරිපත් කොට කොමිසමේ අනුමැතිය අනුව අදාල ස්ථාන මාරු කිරීම සිදු වනු ඇත.

  • අලුත් අවුරුද්දෙන් පස්සේ කෙල්ලව ගෙනත් දෙන්නම් – එතෙක් මෙතෙක් පොලිසියට ලැබුණු අරුම පුදුම පිළිතුර…

    අලුත් අවුරුද්දෙන් පස්සේ කෙල්ලව ගෙනත් දෙන්නම් – එතෙක් මෙතෙක් පොලිසියට ලැබුණු අරුම පුදුම පිළිතුර…

    පාසල් වයසේ පසුවන , බාලවයස්කාර දැරියක් පැහැර ගෙන ගොස් රදවාගෙන සිටි මෝස්තර නිරූපන  ශිල්පියෙකු යැයි කියන පුද්ගලයෙකු පිළිබවද වාර්තා වෙනවා.

    පැහැරගැනීමට ලක්වූ බව කියන දැරිය , මෙම නිරූපන ශිල්පියාගේ ඥාති දියණියක් වන බවද කියැවේ. මීට වසර තුනකට පමණ ඉහත සිට දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබි ඇති බව කියන ‍පොලීසිය පසුගිය (27) වනදා තරුණයා දැරිය පැහැරගෙන ගොස් ඇති බව කියයි.

    ඉන්පසුව සිය දියණිය නිවසේ නොමැති බව වටහා ගත් නුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචි දැරියගේ පියා අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියට පැමිණිලි කර තිබේ.

    දැරිය පැහැර ගැනීමෙන් අනතුරුව තරුණයා අතුරුගිරියේ පිහිටි සහෝදරියගේ නිවසට ගොස් තිබෙන බවත් සහෝදරයා හා දැරිය වහාම බාරදීමට කටයුතු කරන ලෙස ‍පොලීසිය ඇයට දැන්වුවත් නව වසරෙන් පස්සේ ගෙනත් දෙන්නම් යනුවෙන් පවසා දුරකථන ඇමතුම විසන්ධි කළ බවත් ‍පොලීසිය කියයි. ඒ අනුව සැකකරු දැරිය රඳවාගෙන සිටින ස්ථානයට ගොස් අනුබල දුන් සහෝදරියත් සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු දැරියට ලිංගික අතවරයක් සිදුකර ඇත්ද යන්න අනාවරණය කර ගැනීමට දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර තිබෙන බව සදහන්. නීත්‍යානුකූල භාරකාරත්වයෙන් දැරියක් අපහරණය කිරීමේ චෝදනාවට සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඊට ආධාර අනුබල දුන් සහෝදරියත් අධිකරණයට ඉදිරිපත් කරන බව ‍පොලීසිය පවසනවා,