Category: සුපිරි Cases

  • ලිංගික අල්ලස් ගෙන කාන්තාවන් රට යවන මල්සරාට වැඩ වරදී…

    විදේශ රටවලට ගෘහ සේවය සඳහා පිටත්කර යවන බව පවසමින් දීවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් රවටා  ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් ගුවන් බලපත්‍ර ආදී තොරතුරු රැගෙන විත් එම කාන්තාවන් රවටා විදේශගත කිරීමට නම් ලිංගික අල්ලස් ඉල්ලීම සහ ඔවුන් සමග ජංගම දුරකථනයෙන් විවිධ සංවාද පටිගත කොට ඒවා පෙන්වමින් මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු ගලේවෙල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ.සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කොට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.ඔහු ගලේවෙල ප්‍රදේශයේම පදිංචි එම් .එම් .මොහොමඩ් ස්මයිල් නමැති අයෙකි .

    දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලබාගත් විශේෂ   සෝදිසි වරෙන්තුවක් අනුව ගලේවෙල නගර මධ්‍යයේ දී මෙම ස්ථානය සෝදිසි කොට එහි තිබූ කාන්තා ඡායාරූප 50ක් විදේශීය ගමන් බලපත්‍ර, වීසා ව්‍යාජ ලෙස සකසන ලද රාජ්‍ය ආයතන රැසක ලියකියවිලි රබර් සීල්  ජාතික හැදුනුම්පත් ආදී ලියකියවිලි රැසක් සොයා ගත් බව ගලේවෙල පොලිසිය කියයි.

    ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ මෙම පුද්ගලයාගේ නිවසේ පවත්වාගෙන ගිය කාර්යාලය සෝදිසියට ලක් කොට ඇත.ඒ අනුව එම නිවසේ කාර්යාලයේ තිබී දීවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ගේ ඡායාරූප හැදුනුම්පත් ගමන් බලපත්‍ර  විවිධ ප්‍රදේශ වලින් ලබාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පිටපත් කිසිදු අත්සනකින් තොර වූ පොලිස් වාර්තා පවුල් පසුබිම් වාර්තා රබර් මුද්රා ආදී ලියකියවිලි මෙන්ම මෙම ස්ථානය දී සොයාගෙන ඇත .

     දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර  සිටින සැකකරු පොලිසියට අයත් හිස්වැසුමක් පැළඳ  ලබාගත් ඡායාරූප මෙන්ම පොලිස් ප්‍රජා සේවා කමිටුවේ සභාපතිවරයකු ලෙස පෙනී සිටිමින් සාදාගත් හැදුනුම්පත් දෙකක් ද එම ස්ථානයේ තිබී සොයාගත් බව ගලේවෙල පොලිසිය කියයි.

    දැනට  රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකරු කාන්තාවන් කිහිපදෙනෙකුම රවටමින් ලිංගික අල්ලස් ලබා ගැනීම හා සහ ජංගම දුරකථනය හරහා අසභ්‍ය ඡායාරූප වීඩියෝ පට කාන්තාවන්ට එවීම ආදී චෝදනා මෙන්ම මුදල් ලබාගෙන විදේශ රටවලට නොයවා සිටීම ආදී සිද්ධීන් රැසක් පිළිබධව  පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

    මෙම ජාවාරම් කරු පිළිබඳව වසර කිහිපයක සිටම ජනමාධ්‍ය මඟින් අවස්ථා ගණනාවක හෙළිදරව් කළ ද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක  විතානච්චි මහතා සඳහන් කළේය. ඉතා සූක්ෂම ලෙස තැරැව්කාර කාන්තාවක් යොදාගෙන මෙම පුද්ගලයා නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් කණ්ඩායමකට හැකිවී තිබේ.

    මෙම ජාවාරම පිළිබඳව දැනට අනාවරණය වී ඇති ඔහු සතුව ඇති ජාතික හැදුනුම්පත් වීදෙස් ගමන් බලපත්‍ර ලියකියවිලි සතු ජනතාවට දැනුම් දී ඔවුන්ගේ ද ප්‍රකාශ සටහන් කර ගන්නා බව පොලීසිය කියයි. එමෙන්ම ගලේවෙල ප්‍රදේශයේ මෙවැනි ජාවාරම් කරුවකුට හසුවී ඇත්නම් වහාම ගලේවෙල පොලිසිය අමතන ලෙස ස්ථානාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කර සිටියේය.

     

  • මෙහෙයුම පැය 4යි පුද්ගලින් 1373ක් අත්අඩංගුවට…

    පැය 4 ක මෙහෙයුමකින්  ගිනි අවි 6ක් ඇතුළුව දිවයිනේ විවිධ අපරාධ සම්බන්ධව අවශ්‍ය කරන පුද්ගලයන් 1373 ක් අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන් අතර බීමත් රියදුරෝ 501 ක් සිටිති.මේ අතර රථවාහන වැරදි සම්බන්ධ නඩු 4472 සහ නීති විරෝධී හෙරොයින්, ගංජා, අනවසර මත්පැන් වැටලීම් 586 ක් ද සිදුකිරීමට  හැකිවූ බව පොලිස් මුලස්ථානය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

     

  • පොලිස් මුරපොල ලඟම SB කොකේන් වවයි… පොලීසිය මර නින්දේ… (Video)

    තම නිවසේ පොලිස් මුර පොල අසලම ලොකයේම තහනම් ගසක් වු විශාල කොකෙන් ගසක් ඇති බව ඇමති එස්. බී. දිසානායක මහතා පවසයි.

    ‘ගස් හදුනගන්න ඔ්න. ඒක ඉතාම වැදගත්.

    කොකේන් ගහක් බලන්න ඕන නම් අර අපේ ගෙදරට ගියාම කොකෙන් ගසුත් තියෙනව, මලූත් තියෙනව, ගෙඩිත් තියෙනව සේරම තියෙනව.කොකේන් කියන්නෙ ලෝකෙ තහනම් ගහක් හැබැයි පොලීසියෙ මහත්තුරු දන්නෙ නෑ කොකෙන් ගහ මොන වගේද කියල.පොලිස් මුරපල ලගම කොකෙන් ගහක් තියෙනව. තාම කවුරුවත් ඒක අදුනන්නෙ නෑ. ලොකු කොකෙන් ගහක්’

    පවතින නීතිය අනුව මේ ආකාරයේ නඩු භාණ්ඩයක් හමු වූ පසු සැකකරු ඇප නොමැතිව තුන් මාසයක් පමණ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන අතර ඉන් පසු නඩුවෙන් නිදහස් වීමේ හැකියාවක් නැතිම තරම්ය.

  • නිධන් හොයන්න පොලිස් ලොක්කන් අනුරාධපුරේ ගෙදරකට ගිහින් දාපු අමුතුම සෙල්ලම මෙන්න

    අපේ රටේ පොලීසය සම්බන්ධයෙන් කලින් කලට විවිධ පුවත් මැවෙනවා. ඒ වගේම පසුගියදා  අනුරාධපුර ශ්‍රාවස්තිපුර පහේ ඇළ ප්‍රදේශයෙන් වාර්තා වුන පුවතක් ගැන තමයි මේ කියන්න යන්නෙ.

    කොළඹ පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ උප පොලිස් පඑරීක්ෂකවරයකු ඇතුළු පිරිසක් පසුගිය 12 වෙනිදා අනුරාධපුර ශ්‍රාවස්තිපුරයට ගිහින් තිබුනා. පසුව එම ප්‍රදේශයේ එරංග ඉන්දික සිරිවර්ධන නමැති පුද්ගලයෙකුගේ නිවසට ඇතුලු වූ පොලිස් කණ්ඩායම අදාල නිවසේ නාන කාමරයේ පොළව හාරා ලබාගත් නිදන් වස්තු වලින් කොටසක් ලබාදෙන ලෙසට තර්ජනය කර තිබුනා

    එලෙස තර්ජනය කිරීමෙන් අනතුරුව කුඩා දරුවන් ඇතුළු පවුලේ සියලුම දෙනා නිවෙසේ උඩු මහලේ පිහිටි කාමරයක සිරකර ආරක්ෂිත කැමරා පද්ධතියද විසන්ධි කර පැය කිහිපයක්ම නිවස පරීක්ෂා කර ඉන් පසුව පිටත්ව ගොස් තිබෙනා.

    අදාල පොලිස් නිළධාරීන් එම නිවසේ හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් ඇතැයි පවසමින් නිවෙසට ඇතුළු වී ඇති අතර  මෙම පොලිස් කණ්ඩායම පැමිණි සුඛෝපභෝගී විසල් වර්ගයේ මෝටර් රථයේ ලියාපදිංචි අංක තහඩු දෙහි හා කොහොඹ අතුවලින් ආවරණය කරගෙන පැමිණ තිබෙනවා. නමුත් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු මෙම රථයේ ඡායාරූපයක් ලබාගෙන ඇති අතර එමගින් මෙම රථයේ අංකය  ඩබ්ලිව්. පී. සී. ඒ. යූ. 1499 බවට අනාවරණය කරගෙන තිබුණා.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විසින් නිවසේ සිටි   පහළොස් හැවිරිදි පුත්‍රයා ඔවුන් භාරයට ගෙන මෙලෙස ප්‍රකාශ කර තිබුනා ‘‘නිධානයේ බඩු ටික තියෙන තැන කියපන් හැබැයි අපට ඒවා අහුවුණොත් උඹලා ඔක්කොම හිරගෙදර‘‘

    පසුව නිවසේ  අස්සක් මුල්ලක් නෑර සෝදිසිකල ඔවුන් ,  ඔවුන්ම රැගෙන ආ යකඩ ඉනි භාවිත කර නිවසේ භාවිත නොකරන නානකාමරයේ පොළොව කඩා නිදන් වස්තු සෙවීමට උත්සාහ කර තිබෙනවා.  නමුත්  ඔවුන්ට කිසිදු නිදන් වස්තුවක් හෝ හෙරොයින් මිලිග්‍රෑම් එකක ප්‍රමාණයක්වත් සොයා ගැනීමටනම්  හැකියාවක් ලැබුනේ නැහැ.එසේම අනුරාධපුරයේ දේශපාලනඥයෙකුද මෙම සිද්දියට සම්බන්ධ බවට සැක කරනවා.

     

    මේ පිළිබඳ ඉන්දික සිරිවර්ධනගේ පුත්‍රයා මාධ්‍යයට කියා තිබුනේ මෙලෙසින්.

     

    පසුගිය මාස දෙකේ අවස්ථා කිහිපයක්ම පොලිසියෙන් ඇවිල්ලා හංගලා තියෙන නිදන් බඩු දෙන්න කියලා තාත්තාට කරදර කළා. පස්සේ කුඩු වගේ පාර්සලයක් ත්‍රිරෝද රථය ඇතුළට දාලා පොලිසිය තාත්තව අත්අඩංගුවට ගන්න හැදුවා.

    අලවංගු අරගෙන ඇවිල්ලා නානකාමරය කඩන්න පටන් ගත්තා. මට කිව්වා පුතා රත්තරං බුදුපිළිමයයි, පුල්ලෙයාර් පිළිමයයි, මුතු මැණික් ටිකයි තියෙන තැන කියන්න අපි භාගයක් අරගෙන ඔයාලට ඉතුරු භාගය දෙන්නම් කියලා. හැබැයි අපිට හම්බ වුණොත් එහෙම මුළු පවුලටම ඇප ගන්න බැරි විදියට හිරේ දාලා බඩුටික කෞතුකාගාරයට දෙනවා කිව්වා. මම කිව්වා අපේ ගෙදර ඇති නිදන් බඩුවක් නෑ තියෙනව නම් හොයාගන්න කියලා. පැය ගාණක් අපේ ගෙදර හිටපු අයට කුණුහරුපෙන් බැන බැන කාටවත් එන්න බැරි විදියට ගේට්ටුව ලොක් කරලා හැමතැනම පෙරළ පෙරළා හෙව්වා. හැබැයි කුඩු හම්බ වුණෙත් නෑ වෙන මොනවත් හම්බ වුණෙත් නෑ.

     

     

    මේ  සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ලතීෆ් මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ  තම නිළධාරී කණ්ඩායමක් හෙරොයින් වැටලීමක් සඳහා ගොස් ඇති බවත්, මෙම  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ ත්‍රිකුණාමලය කලාපය භාර පොලිස් අධිකාරි රෝහණ කරුණාරත්න මහතාට උපදෙස් ලබාදී තබෙන බවත්ය.

    [rns_reactions]

  • ඇමති ජෙයරාජ් ඝාතනය පිටුපස පොලිස් ලොක්කෙක්?? සැලසුම පසුගිය රජයේ සංවේධි නායකයෙකුගෙන්ලු

    හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාව 2008 වසරේ වැලිවේරිය කාන්ති ක්‍රීඩා පිටිය අසල දී මරාගෙන මැරෙන LTTE බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයකින් මිය ගියේ ඔහු  ඇතුළු 16 දෙනෙකු ඝාතනයට ලක් වෙමින්.ලක්වූ සිද්ධියට අදාළ නඩුව අධිකරණයේ විභාග වන අතර විශේෂ කාරණාවක් හෙළිවී තිබේනවා.
    ඒ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිවරයා ඝාතනය කළාට රුපියල් ලක්ෂ 15ක් ලැබිය යුතු වුවත්, ලැබුනේ ලක්ෂ හත හමාරක් පමණක් බවට.එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ තමන්ට ප්‍රකාශ කළබව හිටපු කොටි සාමාජිකයෙකු වූ මොහොමඩ් අලි හසන් අන්සාර් නැමැත්තා අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා තිබෙනවා.
    මෙම ඝාතනයට අදාළව චෝදනා 31ක් යටතේ ත්‍රස්ත නායකයෙකු වන සෙල්වරාජා තිරුබාකරන් හෙවත් මොරිස් නැමැත්තා, එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ, කොටි සාමාජිකයෙකු වූ තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන තුන්දෙනාට නීතිපතිවරයා අධි චෝදනා ගොනුකර තිබෙනවා.පසුගියදා මෙම නඩුවේ සාක්ෂි විභාගයේ දී සාක්ෂි දුන් හිටපු කොටි සාමාජික අලි හසන් අන්සාර් මෙසේ පැවසුවා.
    “ත්‍රස්තවාදී ක්‍රියාවකට මා අත්අඩංගුවට පත්ව තිබුනා.2007 වසරේ දී මා ත්‍රස්ත විමර්ශන කඳවුරට යොමු කරන විට මොරිස් අත්අඩංගුවට පත්ව එහි සිටියා. මම මොරිස් හා මිත්‍ර වුනා. ලක්ෂ්මන් කුරේත් එහි සිටියා.”
    “ඔවුන් මා හා පෞද්ගලික දේවල් හා හැමදේම කිව්වා. ඇමති ජෙයරාජ් ඝාතනය ගැනත් කතා කළා.
    ඇමති ඝාතනය කළේ සත්‍යම් නමැති කොටි සාමාජිකයා බවත් ඔවුන් කිව්වා.”
    “ජෙයරාජ් ඇමතිවරයා ඝාතනය සම්බන්ධයෙන් මුදල් ගනුදෙනුවක් වූ බවත් කිව්වා.මොරිස් කිව්වා ඔහුට ලක්ෂ15ක් ලැබුනා කියලා. මට ලක්ෂ හතහමාරයි ලැබුනේ කියා ලක්ෂ්මන් කුරේ කිව්වා. එහෙම තමයි අපේ වැඩ කියා මොරිස් එවිට කිව්වා.” 
    නඩුව නැවත ලබන ජනවාරි 09 හා16 කැඳවීමට නියමිතයි.
    [rns_reactions]
  • සොහොනට ගෙනයද්දී පණ ආ දරුවා මියයයි

    උපත ලැබූ අවස්ථාවේ මිය ගියේ යයි ඉන්දියාවේ දිල්ලි අගනුවර රෝහලක වෛද්‍යවරුන් විසින් වැරදි ලෙස නිගමනය කරන ලද බිලිඳා වෙනත් රෝහලකදී මිය ගොස් තිබෙනවා. මෙම බිළිඳා අඩුවයසින් ඉපදී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. නිවුන් දරුවන් ගෙන් අයෙකු වූ  අනෙක් දරුවාද මියගොස් තිබෙනවා.

    මියගිය බවට වෛද්‍යවරුන් නිගමනය කිරීමෙන් අනතුරුව අවමංගල්‍ය උත්සවය සඳහා රැගෙන යන අතරවාරයේ දරුවා ජීවතුන් අතර සිටින බව දෙමාපියන් දැක තිබෙනවා. ඒ දරුවාගේ සිරුර බහාලූ බෑගය සෙලවෙන බව දැකීමෙන්ය. ඉන් කම්පනයට පත් වූ දෙමාපියන් වහාම දරුවා අසල රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණා.

    දරුවා ජීවතුන් අතර සිටියදීම ‘මිය ගිය’ බවට නිගමනය කළ මැක්ස් රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා තුරු දෙවෙනි දරුවාගේ දේහය නිවසට රැගෙන නොයන බව දරුවන්ගේ පියා අනතුරුව පවසා තිබෙනවා.

    මූලික පරීක්ෂණවලින් අනතුරුව පසුගිය ඉරිදා වෛද්‍යවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කෙරුණු අතර, දෙවෙනි බිලිඳාත් මිය ගිය බව වාර්තා වීමෙන් අනතුරුව මැක්ස් රෝහල දෙමාපියන් වෙත සිය ශෝකය පළකර තිබුණා. ඉන්දීය ආණ්ඩුව ද සිදුවීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වමින් සිටිනවා.

    මෙම සිදුවීමට හේතුව වෛද්‍යවරුන්ගේ නොසලකා හැරීම බව පරීක්ෂණයේ දී නිගමනය කෙරුණහොත් රෝහලේ බලපත්‍රය අවලංගු කිරීමට ඉඩ තිබෙන බව දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවා.

    [rns_reactions]

  • දළ පූට්‌ටුවාගේ ඝාතන පරීක්ෂණ අතරේ වනජීවී ලොක්කන්ගේ කෙරුවාවල් හෙලිවේ…!!!

    පසුගිය මාසයේම වගේ අපිට ප්‍රධානම මාතෘකාවක් වෙලා තිබුනෙ ගල්ගමුවේ දළ පූට්ටුවා ගැන. කිසිවෙකුටත්  කරදරයක් නැති දෑස් අන්ධ මෙම සත්වයා ඝාතනය කිරීමත් සමඟ මුළු රටම කම්පාවුනේ මෙම හස්තියාතුල තිබුණු ගුණ යහපත්කම නිසාමයි. එසේම මෙම අපරාධය සිදුකළ අය සොයා ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙනු ඇතැයි සැමගේම අපේක්ෂාව වුනා.

    කෙසේ වෙතත් ජනමාධ්‍ය මෙම අපරාධය වාර්ථා කරන තුරු  වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම වන ජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද  මෙය දැනුවත්ව නොසිටි බවට තොරතුරු අනාවරණය වුනා.

    මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන අතරතුරදී මෙම අපරාධය සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග ගත යුතු  තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා සහ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් සිදුකරන ලද තවත් ජාවාරම් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

    විදෙස්‌ රටකින් නීති විරෝධී ලෙස ගෙන්වන ලද කුරුල්ලන් නීත්‍යානුකූල නොවන අයුරින් හම්බන්තොට සෆාරි උද්‍යානයට ලබාදීමට වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර ඇති බවද මේ වන විට විමර්ශනයකින් හෙලිකරගෙන තිබෙනවා. එසේම මෙම උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කරන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඥතියකු බවද අනාවරණය කරගෙන තිබෙනවා.

     
    වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාද  මෙම කුරුල්ලන් සෆාරි උද්‍යානයට භාරදීම සම්බන්ධව කිසිඳු තොරතුරක් නොදැන සිටි  අතර මේ සම්බන්ධව දැනගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ පිළිබඳ සොයා බලා කරුණු තහවුරු කරගෙන  තිබෙනවා.

    මේ හේතුවෙන් වත්මන් වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා වෙනුවට වෙනත් නිලධාරියකු පත්කරන බවත්  වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා  තනතුරෙන් ඉවත් කරන බවත්  රජයේ ආරංචි මාර්ගවල සඳහන් වෙනවා.

    [rns_reactions]

     

  • සිරකරුවෝද මනුෂ්‍යයෝය ඒත් බන්ධනාගාර නිලධාරීන් අමනුෂ්‍යයෝය….

    බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය.

    30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවකි.

    නමින් ස්වීටි ෂෙලින් චමිලා බක් නම් වූ ඇය 41 හැවිරිදිය. මැගසින් බන්ධනාගාරය  තුළ දී සිදුවූ ඇයගේ විවාහය අවස්ථාවේ මාධ්‍යයට එය ආවරණය කරන්නට අවස්ථාව හිමි නොවු අතර මනාලිය හමුවන්නට මාධ්‍යයට අවස්ථාව ලැබුණේ බන්ධනාගාරයෙන් පිටතදීය.

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු වන සෙනරත් බන්දුල ලියනාරච්චි වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු ඇයට පවසා ඇත්තේ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට ඇයට හේතුවක් නැති බවකි. ඇය ඔහුගේ බිරිඳ නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට හැකි යැයි ඉහළ නිලධරයා පවසා ඇත්තේ චමිලා අපහසුතාවයට පත් කරන්නටය. 

    එම අභියෝගය භාර ගත් චමිලා අවිවාහකයකු වන බන්දුල සමඟ විවාහ වෙන්නට තීරණය කළාය. ඒ අනුව බන්ධනාගාර අධිකාරීගෙන් ද, තවත් නිලධාරින් බොහෝ දෙනකුගෙන්ද ඇය සෙනරත් හා විවාහ වන්නට අවසර ඉල්ලා සිටියාය. නමුත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැත. වසර තුනක් තිස්සේ මේ වෙනුවෙන් ඇවිද ගිය ඇය අවසානයේදී බන්ධනාගාර ඇමැති ඩී.එම් ස්වාමිනාදන් මහතා හමුවන්නට ගියාය.

    අමාත්‍යවරයා සහ ඔහුගේ නිලධාරින්ගෙන් ද සහාය මත මෙම විවාහයට අවශ්‍ය සියලූ පහසුකම් සලස්වන ලෙස නියෝග කරමින් අමාත්‍යංශයෙන්  ලිපියක් ද නිකුත් කෙරිණි. මංගල්‍යයට දින නියම වූයේ මේ අනුවය.

    බන්ධනාගාර බලධාරින් බන්ධනාගාරය තුළට මනාලිය ගෙන්වා ගත්තේ පවුලේ ඥාතින් මෙන්ම ඇයගේ ආබරණ ඇතුළු ආයිත්තම් රැගෙන ආ කාන්තාවට ද එහි ඇතුළු වීම තහනම් කරමිනි. තම මනාලයාට මේ විශේෂ අවස්ථාවේ පවා අඳින්නට ලබා දී තිබුණේ උසාවි ගෙන යන විට අඳින සරම හා බැනියම පමණක් බව විවාහයෙන් පසු බන්ධනාගාරයෙන් පිටත දී මාධ්‍ය ඇමතූ චමිලා පැවැසුවාය.

    විවාහයට අවසර ඉල්ලමින් වසර තුනක් තිස්සේ නිලධාරින් හමුවීමට ගිය බව ද ඇය පැවැසුවාය. 

    ‘‘මට මගේ විවාහය අවස්ථාවේ ඡායාරූපයක් ගන්න දුන්නේ නැහැ. මගේ විවාහ ඡායාරූපය මගේ අයිතියක්. විවාහය රෙජිස්ටර් කළ රෙජිස්ට‍්‍රාර් මහත්තයා එතුමාගෙ දුරකථනයෙන් ඡායාරූපයක් ගත්තා. බන්ධනාගාර නිලධාරින් ඒකත් මකන්න කිව්වා. කිසිම ඥාතියකුට ඇතුළට එන්න දුන්නෙත් නැහැ. මේ වැඬේ අවුල් කරන්න සෙනරත් ගේ විවාහය නොකෙරෙන තැනට ගෙනෙන්නට මේ අය කරන්න පුළුවන් හැම දෙයක් ම කළා. මාධ්‍යයට එන්න නොදුන්නා විතරක් නොවෙයි, හැම පැත්තෙන්ම අවුල් කරන්න හැදුවා.

    මේ බන්ධනාගාරය ඉස්සරහ බෝඩ් එකක් තියෙනවා සිරකරුවන් ද මනුෂ්‍යයෝය කියලා. ඒකට යටින් ගහන්න  ඕන නිලධාරින් අමනුෂ්‍යයෝය කියලා. 

    ‘‘මගේ ස්වාමි පුරුෂයා වැලිකඩ සිදුවූ මහා ඝාතනය පිළිබඳ ඇසින් දුටු සාක්කි සපයන සාක්කිකාරයෙක්. මේ නිසාම ඔහුට බැන වැදීම්, තර්ජන වගේම පහරදීම් ද සිදුවෙනවා. මේ විවාහය කඩාකප්පල් කරන්න හදන්නෙත් මේකෙන් ඔහුට ශක්තියක් එන නිසයි. මම ඔහු විවාහ කරගන්නවා විතරක් නොවෙයි ඔහු වෙනුවෙන් පෙනී හිටිනවා. මේ නඩුවේ සාක්කිකාරයෙක් වුණ දවසෙ ඉඳලා ඔහු අනුරාධපුරයට, කුරුවිටට මාරු කරනවා. අනුරාධපුර සිට මැගසින් බන්ධනාගාරයට ගේන්නේ බන්ධනාගාර බස් එකේ හිටගෙන. 

    ‘‘අද සිට ඔහු මගේ ස්වාමි පුරුෂයා. අදින් පසු ඔහුට ඇඟිල්ලක් හෝ උස්සල තිබුණොත් බලාගන්නම්. කොහොම වුණත් මම වාසනාවන්ත බිරිඳක්. මට හොඳ නිර්භීත සිංහලයකුගේ බිරිඳ වෙන්න වාසනාව ලැබුණා.’’ යැයි ද ඇය කීවාය.

    -වාර්ථා කලේ විනීතා එම්. ගමගේ

     

  • සිරිපා සමය ආරම්භ වී දින දින හතරයි… මිනිස් රුවින් පැමිණි අමනයින් ශ්‍රී පාදය වනසයි..!!

    පසුගිය උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වුනු  මෙවර ශ්‍රී පාද වන්දනා සමයත් සමඟ බොහෝ දෙනා සිරිපා කරුණා කරන්නට සැඳැහැ සිතින් එකතු වී තිබෙනවා. ස්වභාව සෞන්දර්ය අතින් මෙන්ම පූජනීයත්වයෙන්ද ඉතාමත් වැදගත් සමනළ කන්ද මුළු රටටම ජලය බෙදා හරින ප්‍රධාන ජල පෝෂක කලාපයක්ද වෙනවා. කෙසේ නමුත් මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී ගතවූ දින කිහිපය තුල ඉතා දැඩි පරිසර දූෂණයකට ලක්වන බව දැනගන්නට ලැබෙනවා.

    මේ හේතුව නිසා මෙවර සිරිපා කරුණා කරන්නට පැමිණෙන විට පොලිතින්,ප්ලාස්ටික් වැනි දෑ රැගෙන ඒමෙන් වැළකී සිටින ලෙස   ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුමේ ධම්මදින්න හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේම මේ පිළිබඳ අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ මෙවැනි අදහසක්.

    “ අතීතයේ මේ රටේ තිබුණේ පිදුරුතලාගල කන්ද, සමණළ කන්ද, නකල්ස් වගේ කඳු පමණයි. නමුත් දැන් කුණු කඳු කියලා ජාතියකුත් තියෙනවා. පහුගිය කාලේ මීතොටමුල්ල කුණු කන්ද,බ්ලූමැන්ඩල් කුණු කන්ද වගේ කඳු ගැනත් කියවුනා. මේ අතරේ සමනල අඩවියේ මහගිරිදඹය හරියෙ කුණු කන්දක් නාය ගියා කියලා කිවුවා. මේ කුණු කඳු නිර්මාණය වුනේ කාගේ වරදින්ද..? අපේම අයගේ වරදින් නේද..? තමතමන්ගේ කැළි කසළ නිසි පරිදි බැහැර නොකරන නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙන්නෙ. අපිට මේ ගැන හිතන්න කාළය ඇවිත්. 

    බුදුන් වහන්සේගේ පා පහසලත් පූජනීය ශ්‍රී පාදස්ථානය සබරගමුවට අධිපති සුමන සමන් දෙවියන්ගේ වාසස්ථානයද වෙනවා. අතීතයේ පටන් දෙස් විදෙස් බොහෝ දෙනා මෙම පූජනීය ස්ථානය ගැන ගෞරවයටත්, විශ්මයටත් පත්ව සිටියා. ඒ වගේම අපේ පැරැන්නෝ වසරකට වතාවක් දෙවතාවක් සිරිපා කරුණා කරා. නමුත් ඒ අය පරිසරයට ආදරය කලා.පරිසරයට හැනි කරන දේවල් අරගෙන ආවේ නෑ.නමුත් වර්ථමානය වන විට ශ්‍රීපාද පරිසර පද්ධතිය විනාශ වෙමින් පවතිනවා.

    ශ්‍රී පාදයේ ගංගා ඇල දොළවල්  වලට මෙම කුණු කසල එකතුවී ජල මූලාශ්‍ර විශාල වශයෙන් දූෂණය වනවා. ඒ වගේම මේවා ආහාරයට ගැනීමෙන් සත්ව ප්‍රජාවද අනතුරකට මුහුණ දෙනවා.ඒ නිසා ශ්‍රීපාද වන්දනාවේ එනකොට ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් අරගෙන එන්න එපා.සැහැල්ලුවෙන් ඇවිත් ශ්‍රීපාදය වැඳපුදා ගන්න.

     

     

     

     

     

     

     

    [rns_reactions]
  • නීති විරෝධී මහජන උද්ඝෝෂණවලට පොලිස්‌ සුනඛයන් කරපටි නොමැතිව යැවීමේ තීරණයක්

    මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා යොදාගන්නා පොලිස්‌ සුනඛයන් පොලිස්‌ ඉතිහාසයේ ප්‍රථම වතාවට කරපටිය (දම්වැල) නිදහස්‌ කර එම පෙළපාලිවලට යවන බව පොලිස්‌ ආරංචි මාර්ගවලින් හෙළිවී තිබේ.

    මෙසේ කරපටිය නිදහස්‌ කර ඉදිරියට යවන පොලිස්‌ සුනඛයා පොලිසියට අවශ්‍ය කරන සැකකරුවන් ඉදිරියට ගොස්‌ බිරීමට පුරුදු කරන අතර යම් හෙයකින් එම සුනඛයාට කිසිවකු ගල්මුල්වලින් පහරදීමට උත්සාහ ගන්නේ නම් එම පුද්ගලයා හෝ පුද්ගලයන්ගේ කලිසමෙන් අල්ලාගැනීම සඳහා සුනඛයන් ක්‍රියා කරන බව පොලිසිය කියයි.

    මෙම සුනඛයන් කොටස්‌ වශයෙන් මේ සඳහා පුහුණු කරන බව කී පොලිස්‌ නිලධාරියා මෙම සුනඛයන් 160 දෙනකු මේ සඳහා මනාව පුහුණු කර අදාළ සුනඛයාගේ පුහුණුව අනුව ඌට බලපත්‍රයක්‌ නිකුත් කරන බව පොලිසිය කියයි.

    [rns_reactions]

  • මුහුණු පොතේ රුව ගිය; ව්‍යාජ මුදු දමා රන්මුදු සොරකම් කරන හෙර මාට්‌ටු

    විවිධ නගරවල ස්‌වර්ණභරණ වෙළෙඳසල්වලට ගොස්‌ රන්භාණ්‌ඩ මිලදී ගන්නා මුවාවෙන් රන්භාණ්‌ඩ සොරා ගන්නා කාන්තාවකගේ ඡායාරූපයක්‌ මුහුණු පොතට එක්‌කර තිබියදී ගම්පොළ පුස්‌සැල්ලාව නගරයේ රණ්‌භාණ්‌ඩ වෙළෙඳසල්වල ගැවසුණු එම කාන්තාව හඳුනාගෙන පුස්‌සැල්ලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    22 හැවිරිදි එක්‌ දරු මවක්‌ වන ඇය මාවනැල්ල උස්‌සාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වන අතර ඇගේ සැමියා හා ඇය තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වී ඒ සඳහා මුදල් සොයා ගැනීමට මේ ආකාරයට සොරකම් කිරීමට පුරුදු වී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

    රන්භාණ්‌ඩ වෙළෙඳසැල් වලින් මුදු පමණක්‌ සොරා ගැනීමට පුරුදු වී ඇති මෙම කාන්තාව පළමුව තනියම එම වෙළෙඳසල්වලට ගොස්‌ ඒවාට ඇති නිර්මාණ බලා (ඩිසයින්) පසුව ඒ ලෙස ඇති ඉමිටේෂන් මුදු (ව්‍යාජ) රැගෙන තම අත දරුවාද වඩාගෙන ගොස්‌ අත දරුවාගේ මුවාවෙන් රන්මුදු පැළඳ ව්‍යාජ මුදු එහි දමා මෙම සොරකම ඉතා සූක්‍ෂම අයුරින් සිදු කරන බව අනාවරණය වී ඇත.

    මේ ලෙස ගම්පොළ වෙළෙඳසලකින් සොරා ගන්නා රන් මුදු දෙකක්‌ මෙම කාන්තාව අත පළදා ව්‍යාජ මුදු තබා යන අයුරු වෙළෙඳසලේ රහස්‌ කැමරාවල සටහන්ව තිබී එම වෙළෙඳසල් හිමියන් මෙම කාන්තාවගේ ඡායාරූප මුහුණ පොතට එක්‌කර තිබේ.

    මෙම සොරකම් පිළිබඳව ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබිණි.

    අත්අඩංගුවට ගත් කාන්තාව ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඇය හඳුනාගැනීමේ පෙරට්‌ටුවක ඉදිරිපත් කරන තුරු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්‌ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.

    මෙම කාන්තාව විසින් සොරකම් කරන ලද රන් මුදු වැලිමඩ නගරයට උකස්‌කර ඇති බවට ලද තොරතුරකට අනුව පරීක්‍ෂණ පැවැත්වීමටද නියමිතය.

    ගම්පොළ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී නුවන් මෙන්ඩිස්‌, සහකාර පොලිස්‌ අධිකාරී චන්ද්‍රසේන බණ්‌ඩාර, පුස්‌සැල්ලාව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සරත් බණ්‌ඩාර පලිපාන, ගම්පොල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපාලි සෙනරත් යාපා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පො. ප. කපිල බණ්‌ඩාර මහතා ප්‍රමුඛ පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

    [rns_reactions]

  • රජය දැන්වීම් දැම්මට බුකියේ අපරාධ දැමීම වළක්වන්න නීතියක් නෑ – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

     

    ගලින් ගල ගටා ගින්දර සාදාගත් යුගයේදී මිනිසුන් එකිනෙකා හා අදහස් හුවමාරු කරගත්තේ විවිධ ශබ්ද නැඟීමෙනි. ඉන්පසුව භාෂාවක් ගොඩනැගී එය පසුව සංදේශ යැවීමේ සිට තැපෑල දක්වා සන්නිවේදනය දියුණු විය. කාර්මික යුගයේදී ටෙලිෆෝනය බිහිවීම සන්නිවේදනයේ තවත් විශාල පිම්මක් විය. එසේ සැතපුම් දහස් ගණනක් දුර සිටින දෙදෙනෙකු අතර පවා ක්ෂණයකින් සන්නිවේදන කටයුතු කරගැනීමේ හැකියාව උදා වූ අතර පසුකාලීනය අන්තර්ජාලයේ, චන්ද්‍රිකා තාක්ෂණයේ දියුණුවත් සමඟ එය අතිශය සරල සාමාන්‍ය දෙයක් බවට හැරිණි.

    අවුරුදු දස දහස් ගණනක සන්නිවේදනයේ කතාන්දරය තුළ අපි මේ පසුකරමින් සිටිනුයේ සමාජ ජාල සන්නිවේදන අවධිය යැයි කීමෙහි වරදක් නැත. දුරකථන ඇමතුමකින් එකිනෙකා හා සන්නිවේදනය කරගනු වෙනුවට ෆේස්බුක්, ට්විටර්, වට්ස්ඇප්, වයිබර් වැනි සමාජ මාධ්‍ය රැසක්ම අද ජනතාවට විවෘතව පවතී. මෙම සමාජ ජාලවල අරමුණ වන්නේම සන්නිවේදනයකි. එහිදී ඊට එක්කෙරෙන යම් පෝස්ටුවකින්, පින්තූරයකින් එසේත් නැතිනම් ඉමෝජීවලින් පවා සිදුවන්නේ සන්නිවේදන කාර්යයකි.

    මේ පසුබිම තුළ සන්නිවේදනය අද ලෝකය තුළ අතිශය සරල කාරණයකි. පරිගණකයත් ජංගම දුරකථනයත් මේ සන්නිවේදන කාරියේ අත්‍යවශ්‍යම මෙවලම් දෙක වී හමාරය. එහෙත් මේ සන්නිවේදන දියුණුවෙන් වාසි අත්කරගනු වෙනුවට එය අනිසි අයුරින් භාවිත කිරීම් ගැනද නිරන්තරයෙන්ම තොරතුරු වාර්තා වේ.

    විශේෂයෙන්ම ෆේස්බුක් වැනි සමාජ ජාල ඔස්සේ අන් පුද්ගලයන්ව අපහසුතාවට පත්කරවන අන්දමේ භාවිතාවන් වාර්තා වන්නේ මේ හේතුවෙනි. පසුගියදා තම මිතුරාගේ නිරුවත් ඡායාරෑප ෆේස්බුක් වෙත එක්කළ ඔහුගේම මිතුරන් යැයි කියාගන්නා නරුමයන් අයත් වන්නේද එසේ සමාජ ජාල සාවද්‍ය අයුරින් පරිහරණය කරන්නවුන්ගේ ගොඩටය.

    පසුගියදා පෙට්‍රල් හිඟයක් රට තුළ සැබෑවටම මතුවූ මොහොතට දින කිහිපයකට පසු නැවතත් පෙට්‍රල් හිඟයක් ඇතිවන බවට කටකතාවක් පැතිර ගියේද මෙවැනි සන්නිවේදන අවභාවිතයක් නිසාවෙනි. ඉකුත් සතියේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන්ද සමාජ ජාල ඔස්සේ විවිධ පුවත් ප්‍රචාරය වන්නට විය. ඉන් එකක දැක්වුණේ එක දිගට සුළි කුණාටු තුනක් ලංකාව ආක්‍රමණය කිරීමට නියමිත බවය. තවද දෙසැම්බර් මස දෙවැනි සතියේ ලංකාව, ඉන්දියාව, නේපාලය, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් රැසක් යටකළ හැකි දැවැන්ත සුනාමියක් ඇතිවන බවට ඉන්දියානු නක්ෂත්‍රකරුවකු කළ ප්‍රකාශයක් ද පැතිර ගියේ සමාජ ජාලවල බලපෑමෙනි.

    සමාජ ජාල හෙවත් සමාජ මාධ්‍ය යනු අද වනවිට ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් පළ කළ හැකි වේදිකාවක් වී හමාරය. එමෙන්ම ඒ තුළ ව්‍යාජ අනන්‍යතාවයන් ගොඩනඟා ගෙන ඒ හරහා ඕනෑම දෙයක් කළ හැකි ප්‍රායෝගික තත්ත්වයක්ද පවතී. එනිසා සමාජ ජාල පරිශීලනය කිරීම අද වනවිට වඩාත් ප්‍රවේසම්කාරී විය යුතු තැනකට පිවිස තිබේ.

    පුවත්පත් හෝ රූපවාහිනිය ඔස්සේ ජනතාව හමුවේ තබන පුවත්වල වටිනාකම වන්නේද එයම ය. සමාජ මාධ්‍ය හෝ වෙබ් අඩවි හරහා කිසිදු වගකීමකින් තොරව විවිධ පුද්ගලයන් පිළිබඳ විවිධ තොරතුරු පළවුවද වගකිවයුතු මාධ්‍යයකදී එවැන්නක් සිදුවන්නේ කලාතුරකිනි.

    අනෙක් අතට ලිංගික ක්‍රියාකාරකම් අරභයා ද සමාජ මාධ්‍ය පහත් අයුරින් භාවිතා කරන ආකාරය හොඳින් දක්නට ලැබෙන්නකි. ව්‍යාජ අනන්‍යතා ඔස්සේ පෙනී සිටිමින් ලිංගික යෝජනා පිරිනමන, ලිංගිකත්වය ඉස්මතු වන ඡායාරූප වැනි දෑ පළ කරන අය බොහෝමයකට ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ක්ෂේමභූමියක් වී තිබේ. එවැන්නවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින අබල දුබල බවද එවැනි ක්‍රියාකාරකම් වර්ධනය වීමට හේතුවකි. 

    කෙසේ වෙතත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පසුගිය දා පුවත්පත් දැන්වීම් පළකරමින් ජනතාව වෙත දැනුවත් කර තිබුණේ සමාජ මාධ්‍ය මෙන්ම දුරකථන සංවාද හරහා වුව අනෙක් පුද්ගලයන්ට අගතියක් සිදුවන ආකාරයෙන් ක්‍රියාකරන අය වෙනුවෙන් 1991 අංක 25 දරන විදුලි සංදේශ පනතේ 58 හා 59 වගන්ති ප්‍රකාරව දඬුවම් පමුණුවීමට ක්‍රියාකරන බවය. ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

    අදාළ පනතේ අංක 58 හා 59 වගන්ති වලින් කියැවෙන්නේ, විදුලි සංදේශ සන්නිවේදන කාර්යයකදී නොමනා ක්‍රියාවක් සිදුකරන තැනැත්තෙකුට රුපියල් පන්දහසකට නොවැඩි දඩයක් හෝ මාස හයකට නොවැඩි සිර දඬුවමක් හෝ ඒ දෙකම හෝ පැනවීමේ හැකියාව ඇති බවය.

    මෙහිදී සලකා බැලිය යුතු වැදගත්ම කරුණ වන්නේ එහි කිසිදු තැනක සමාජ මාධ්‍ය යන වචනය සඳහන් නොවීමය. ඇත්තෙන්ම 1991දී මේ පනත සම්පාදනය වන අවස්ථාවේදී සමාජ මාධ්‍ය යන වචනය භාවිතයේ පවා නොතිබූ බවට සැකයක් නැත. එනිසා විදුලි සංදේශ නියාමන කොමිසම සමාජ මාධ්‍ය අපරාධවලට මැඬලන්න උත්සාහ ගන්නේ අලින්ටත් රිංගිය හැකි තරමේ දැලකින් බව පෙනෙන්නට තිබේ.

    සමාජ මාධ්‍ය දිනෙන් දින ගමන් කරමින් සිටිනුයේ දියුණු සන්නිවේදන භාවිතාවක් වෙනුවට මුළු මහත් සමාජයම පරිහානිය කරා ඇද දමන ගමනකය. කිසිදු වගකීමක් නොමැතිව සිදුවන සමාජ මාධ්‍ය කටයුතු යම් ආකාරයකට නියාමනය කිරීමට මෙන්ම එහිදී වැරදි කරන අයවලුන් එරෙහිව නිසි දඬුවම් පමුණුවාලීම යහපත් ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීමේලා අත්‍යවශ්‍යතාවක් බව නිසැකය.

     රජිත ජාගොඩ ආරච්චි

    කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ ඉදිරිපත් කරන පනත අපරාධ පනතක් නෙමෙයි. විදුලි සංදේශ නියාමන කොමිසමෙන් මේ සම්බන්ධව එක නඩුවක් වත් ඉදිරිපත් කරලාත් නැහැ. මේ මොහොතේ රටට අලුත් නීතියක් අලුත් පනතක් අවශ්‍යයි. සමාජ ජාල හරහා සිදුවන වැරැදි පිළිබඳ දක්වමින් හා ඒවාට දඬුවම් නම් කරමින් අලුත් පනතක් අපට අවශ්‍යයි. උදාහරණයකට ඉන්දියාව එයාලගෙ තොරතුරු තාක්ෂණ පනත 2008දී සංශෝධනයකට ලක්කරමින් එහි 60 සිට 65 බී වගන්ති දක්වා සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු පළකිරීම, ලිංගික හැඟීම් දනවන දෑ පළකිරීම, ජනතාවට හිරිහැර පීඩා සිදුවන දෑ පළකිරීම ආදිය ගැන සඳහන් කරමින් හා ඒවාට දැඩි දඬුවම් පමුණුවමින් තමන්ගේ නීතිය යාවත්කාලීන කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිසමේ 1991 නීතිය සමාජ මාධ්‍ය අපරාධ මඬින්න ප්‍රබල මදි. අනෙක් අතට ඒ වැරදි සම්බන්ධව විමර්ශනය කළ හැකි විමර්ශන නිලධාරීන් විදුලි සංදේශ කොමිසමේ ඉන්නවද කියන එකත් ප්‍රශ්න කළ යුතුයි. මේ නීතියේ ලිහිල් බව නිසා තවතවත් සමාජ මාධ්‍ය හරහා අපරාධ සිද්ධ වෙනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතට සමාජ මාධ්‍ය වැරදි ගෙන ආ යුතුයි.

    [rns_reactions]

  • මරණයෙන් මිස නිදහසක් නැති බන්ධනාගාරගත වැඩිහි‍ටියෝ

    2017 නොවැම්බර් 06 වන දින දිනමිණ පුවත්පතෙහි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් “වැඩිහිටි සමිති” සැඳෑ සමයට යෝධ ශක්තියක් ශිර්ෂය යටතේ පළවී තිබූ ලිපිය වයස්ගත සිරුකරුවකු වන මගේ විශේෂ අවධානයට ලක්විය.

    වයස්ගත වූ අයකුට, තිබෙන පහසුකම් ඇතුලු වටිනා කරුණු ගණනාවක් එමගින් මගේ අවධානයට ලක් වූ අතර එම ලිපිය පළකිරීම පිළිබඳ වැඩිහිටි සිරකරුවකු ලෙස සියලු වැඩිහිටි සිරකරුවන්ගේ ස්තුතිය පුද කරමි.

    වසර 2000 අංක 09 දරණ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පාර්ලිමේන්තු පනත අනුව මෙම ජාතික සභාවේ ප්‍රධාන කාර්යය වනුයේ ශ්‍රී ලංකාවේ සිටින වයස අවු.60ට වැඩි වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමත්, වැඩිහිටි තැනැත්තන්ට ආත්මගෞරවයෙන් ස්වාධීනත්වයක් හා ගෞරවයක් ඇතිව ජීවත්වීමට අවස්ථාව සලසාදීමත්ය.

    ශ්‍රී ලංකාව තුළ ජීවත්වන, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඒ ඒ සමිති සමාගම් රජයෙන් සහ කොතෙකුත් පෞද්ගලික ආයතනවලින් උපකාර ආධාර ලැබුණත් සිරගතව සිටින වයස්ගත ඉතා සුළු පිරිසට සහනයක් ගෞරවයක් ඇතිව ජීවත්වීමට අවස්ථාවක් තිබේද යන්න සිරගතව සිටින පවුල්වල අය මිස කිසිවකු නොදන්නා කරුණකි.

    ඉහත පිරිස බොහෝ දුක් කරදර ලෙඩ රෝග මැද දූ දරුවන් බිරිඳ, පවුලේ අය නොමැතිව අන්ත අසරණව සිරගෙදර තුළ ජීවත් වෙති. ඔවුනට විශේෂ සහනයක් සිර ගෙදර තුළ නොමැත. අසනීපයෙන් පෙළෙන සිරකරුවන්ට වැඩක් පළක් නොකර තම නවාතැන් ස්ථානයේ සිටීමට බන්ධනාගාර පරිපාලනය ඉඩ සලසා ඇත. වයස්ගත අයවලුන් වෙනුවෙන් බන්ධනාගාර නිලධාරින්ට, වෙනත් කළ හැකි දෙයක්ද නොමැති බව අප ප්‍රකාශ කළ යුතුය. මනුෂ්‍යත්වය අඳුරන තරුණ සිරකරුවන්ද සමහර අවස්ථාවලදී වයස්ගත සිරකරුවන්ට උපකාර කරති.

    සාමාන්‍ය සිර දඬුවම් විඳින වයස 60 ඉක්ම වූ සිරකරුවන් මෙන්ම අවුරුදු ගණනාවක් (අවු. 12, 15, 18, 20) වැනි කාලයක් සිර දඬුවම් විඳින වයස 60 ඉක්ම වූ ජීවිතාන්ත සිරකරුවෝද සිටිති. වසර ගණනාවක් සිර දඬුවම් විඳින ජීවිතාන්ත දඬුවම් නියම වූ වයස අඩු පිරිසක්ද සිටිති. මෙම පිරිසට නිවෙස්වලට යාමට නියමිත නිශ්චිත දිනයක් නොමැත.

    2015 වසරේ ජනවාරි 8 වන දින යහපාලන රජය බලයට පත්වූ පසු අතිගරු ජනාධිපතිතුමන් අවස්ථා 9 කදී ජනාධිපති පොදු සමාව ප්‍රදානය කර තිබේ. 2017 මේ දක්වා මෙම සමා තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගණයට අයත් කිසිම සිරකරුවකුට නිකුත් කරන ලද චක්‍රලේඛයේ කොන්දේසි මත නිදහස ලබාගැනීමට අවස්ථාවක් උදානොවූ බව සිරකරුවකු ලෙස මා වගකීමෙන් ප්‍රකාශ කරමි.

    මෙහිදි මුල් සමා දෙකෙන් වයස 75 ඉක්ම වූ සිරකරුවන් වෙනුවෙන් සමාව ලබා දුන් එම අවස්ථාව කිසිවකුට හිමිවූයේ නැත.

    ඉන්පසු අවස්ථා 7ක් වයස 70 ක් වූ සිරකරුවන් වෙනුවෙන් සමාව ප්‍රදානය කරන ලද මුත්, එම සිරකරුවන් වසර 10 ක් සිර දඬුවම් සම්පූර්ණ කිරීම අනිවාර්ය කරන ලදී. ඒ අතරම එක් දඬුවමකට පමණක් එම සමාව හිමිවූ අතර නඩු කිහිපයක් ඇති කෙනෙකුට එම සමාව අයත් වූයේ නැත.

    2002 සහ 2008 වසර තුළදී ජීවිතාන්ත සිරකරුවන්ට ජීවිත සමාව (20 අවුරුදු කාලය) ලබාදී පිරිසක් නිදහස් කරනු ලැබිණි. 2008 වසරේ සිට මේ දක්වා ජීවිත සමාව ලබානොදුන් හෙයින් වසර ගණනාවක් සිර දඬුවම් විඳින ජීවිතාන්ත සිරකරුවනට සහනයක් නොලැබුණි. වයස්ගත ජීවිතාන්ත සිරකරුවන් පිරිසක් හිරගෙදර තුළදී මිය ගියහ. මේ ආකාරයටම වයස්ගත වූ සාමාන්‍ය සිරකරුවන් ගණනාවක්ද මිය ගිය බව දන්වා සිටිමි.

    වයස්ගත කාලයේදී බෙහෙත්හේත්වලට වඩා දරු පවුල්වල සෙනෙහස මධ්‍යයේ මේ පිරිස් ජීවත්වන්නේ නම් මොවුන්ට වැඩි කාලයක් ජීවත්වීමට අවස්ථාව සැලසෙනු ඇත. ඒ නිසා මොවුන් ජීවත්ව සිටියදී යම් කොන්දේසි මාලාවකට යටත් කර හෝ විශේෂ ජනාධිපති සමාවක් මත නිදහස් කර දරු පවුල් වෙත යැවීමට කටයුතු කරන්නේ නම් එය ඉතා අගනා වැඩිහිටි සැලකිල්ලක් වනු ඇත. මේ පිරිස අතර ඈත දුර පළාත්වල සිරකරුවන්ද සිටිති. ඔවුන් මියයාමෙන් පසු පවුල්වල අයට ආර්ථික හේතු නිසා මළමිනිය හෝ න‍ිවෙස්වලට ගෙන යාමට නොහැකි වූ අවස්ථා තිබේ. මෙම නඩයට පිහිටක් පතා අතිගරු ජනාධිපතිතුමාණන් ගරු අග්‍රාමාත්‍යතුමාත් ජ්‍යෙෂ්ඨ පුරවැසි සිරකරුවන්ට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කර දෙන ලෙස සියලු සිරකරුවන් වෙනුවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙහිදී මතක් කළ යුතු විශේෂ කරුණක් ඇත. අධිකරණයකින් දඬුවම් කරන ලද කෙනෙකුට රඳවා තබා ගැනීම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් කාර්යයක් වන අතරම යම් කාල පරාසයක් තුළ ඔවුන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම ඔවුන්ගේ වගකීම වේ.

    සිරකරුවකු ලෙස මා විශේෂ කරුණක් මෙහිදී මතක් කළ යුතුය. සිරකරුවකුගේ පුනරුත්ථාපන කාල පරාසය කුමක්දැයි කිසිම සිරකරුවකු නොදනිති. වයස 60 වැඩි සිරකරුවන් වසර 10, 15, 20 කාලසීමාවක් තුළ පුනරුත්ථාපනය කරන්නේ නම් ඔවුන්ගේ මළසිරුරු ඔවුන්ගේ භාරකරුවන්ට දීමට හැකියාව ලැබෙනු ඇත.

    වසර 27 ක් සිරදඬුවම් විඳි ‘නෙල්සන් මැන්ඩෙලා’ මැතිතුමන් සිර දඬුවමින් නිදහස් වූ පසු පොදු රාජ්‍ය මණ්ඩල රටවලින් කරන ලද ඉල්ලීමක් සම්මත කර ඇති අතර සිර දඬුවම් විඳින සිරකරුවන්ට ඒ මත සහන සැලසේ. මෙය “මැන්ඩෙලා නීතිය” (MANDELA RULES) නමින් පිළිගනු ලැබේ. (UNITED NATIONS MINIMUM INTERNATIONAL STANDARDS FOR TREINMENI OF PRISONER’S) මත සිරකරුවන්ට කටයුතු කළ යුතුය.

    කැබිනෙට්ටුව මගින් පත්කරන ලද විශේෂ කොමිටිය මගින් වසරේ ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව ප්‍රකාශ කර සිටියේ මැන්ඩෙලා නීතිය (MANDELA RULES) ක්‍රියාත්මක විය යුතු බවයි. මෙම වාර්තාව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමන්ට, 2016 වසරේ කොමිටිය විසින් ඉදිරිපත් කරන ලද නමුත්, එම වාර්තාවට සිදුවූයේ කුමක්ද යන්න මේ දක්වා කිසිදු සිරකරුවකු නොදනිති. බන්ධනාගාර තදබදය වෙනුවෙන් පත් කළ මෙම කොමිටියේ සිරකරුවන්ට සහන සැලසීමට යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබුණි. නමුත් මේ දක්වා එම යෝජනා ක්‍රියාත්මක නොවීය.

    කිසිදු රටක සිරකරුවන් මරණය දක්වා පුනරුත්ථාපනය නොකරන ලද අතර, සාධාරණ සිර දඬුවමක් ගත කළ පසු ඔවුන්ට නිදහස්වීමට අවස්ථාව උදාවෙනු ඇත. පොදු රාජ්‍ය මණ්ඩල රටවල් මෙම නීතියට එකඟවන අතර පොදු රාජ්‍ය මණ්ඩලයට අයිති ශ්‍රී ලංකාව තුළද මෙම නීති ක්‍රියාත්මක විය යුතුය. මෙහිදී පොදු නීති තලයට වයස්ගත පිරිස පත්නොකර ඔවුන්ට වෙනස් වූ ලිහිල් සහනදායි නිදහස් ක්‍රමයක් සකස් කිරීමට නිසි බලධාරින්ගේ අවධානය යොමුවේවායි ප්‍රාර්ථනා කරමි.

    වයස්ගත සිරකරුවන්ට අනෙක් සාමාන්‍ය සිරකරුවන්ගේ ක්‍රමවේදය අනුගමනය නොකර සහනදායි ක්‍රමයක් මත නිවාස නිවාඩු යාම හෝ බලපත්‍ර මණ්ඩලයකින් නිදහස් කිරීම හෝ කරන්නේ නම් එය වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියනට සිරකරුවන්ට කරන උපරිම වූ උපකාරයක් වනු ඇත.

    ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරන ඔක්තෝබර් 01 වෙනිදා හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක වන නමුත්, සිර ගෙදරද මෙවැනි සුළු පිරිසක් සිටින බව ශ්‍රී ලංකාවාසී කිසිවෙකුටත් මතක් නොවේ. සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට හෝ මේ පිරිස ගැන කිසිදු අවබෝධයක් නැති බව මගේ විශ්වාසයයි. බුදුදහමින් සහ බෞද්ධ සාරධර්ම තුළින් සමාජයේ ප්‍රමුඛස්ථානයක් වැඩිහිටියාට ලැබී ඇත. වැඩිහිටියන්ට ගරු කිරීම, වැඩිහිටියන්ට සැලකීම මෙන්ම වැඩිහිටි අණ පිළිපැදීම යනාදී වශයෙන් වැඩිහිටියන් පිළිබඳ යහපත් සමාජ සංකල්පයන්වලින් හෙබි සාරධර්ම පද්ධතියක් බිහිව ඇත්තේද එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙසිනි.

    උපරිම මානසික වේදනා දුක් මත ජීවත්වන සිරගෙදර සිටින සුළු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සියලුදෙනාගේ අනුකම්පාව මත උපරිම සහනයක් ලබාදේවි යයි සිතමි.මේ පිරිසට සහයෝගය සහ නිදහස ලබාදිය හැක්කේ අතිගරු ජනාධිපතිතුමන්ට පමණක් බවද මා දන්නා කරුණකි.

    [rns_reactions]

  • දුම්රියේ හොරෙන් ගිය අයගෙන් මාස 10කදී කෝටි 11/2ක දඩ

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත් පරීක්ෂක නිලධාරීන් සහ සංචාරක ප්‍රවේශපත් විභාග නිලධාරීන් මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් අවසානය දක්වා කාලය තුළ දිවයින පුරා ධාවනය කරන ලද දුම්රිය වල සිදුකරන ලද ජංගම ප්‍රවේශපත් පරීක්ෂාකිරීම් හා හදිසි වැටලීම් වලින් රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ අසු දෙදාස් නවසිය විසි දෙකක (16882922.00) වාර්තාගත දඩ ආදායමක් උපයාගැනීමට සමත්වී තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුටව් වාණිජ අධිකාරී කාර්යාලය පවසයි.

    කොළඹ, නාවලපිටිය හා අනුරාධපුර දුම්රිය කලාපවල මෙම හදිසි වැටලීම් හා ජංගම මෙහෙයුම් සිදුකරන කරනලද අතර, එහිදී වංචනිකව දුම්රියේ ගමන් කිරීමේ චෝදනා වලට වරදකරුවන්වු මඟීන් ගෙන් මෙම දඩ මුදල අයකරගෙන තිබේ.

    ප්‍රවේශ පත්‍ර රහිතව දුම්රියේ ගමන් කිරීම, 3 වන පංතියේ ප්‍රවේශ පත් රැගෙන 1 හා 2 පංතිවල ගමන් කිරීම හා ප්‍රවේශ පත්‍රයේ සඳහන් දුරට වඩා වැඩිදුර ගමන් කිරීම එම අය සිදුකරන ලද වංචනික ක්‍රියා වේ. අදාළ කාලය තුළ සොයාගනු ලැබු වංචනික මඟීන් 10668 ගෙන් මෙම දඩ මුදල් අයකර ගෙන තිබෙන බව එම නිලධාරීහු පැවසුහ.

    මේ වන විට දුම්රියේ වංචනිකව ගමන් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වන එක මඟියකුගෙන් අය කරන දඩ මුදල රුපියල් 3000.00 දක්වා වැඩිකර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අධිකාරි ජී.ඩබ්ලිව්.එස්. සිසිරකුමාර මහතා පවසයි.

    වංචනික ක්‍රියා නිසා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු විශාල ආදායමක් අහිමිවන බැවින් එම තත්වය වළක්වා ගැනීම පිණිස දැනට හදිසි වැටලීම් හා ජංගම පරීක්ෂණ වැඩිකර තිබෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    [rns_reactions]

  • රට යන ඇත්තන් අනතුරේ- මිනිසුන් රවටා හොර වීසා හා ගුවන් ටිකට් දෙන මහා පරිමාන ජාවාරාමක් හෙළි වේ

    විදේශයන් හී නිවාඩු ගත කිරීමට හා වෙනත් සංචාර සදහා ඒජන්සිකරුවන් විසින් ලබාදෙන වීසා හා ගුවන් ගමන් බලපත්‍ර සම්බන්දයෙන් දැඩි අවධානය යොමු කරණ ලෙස යාපනය පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබේ.

    යාපනය පුරා සිටින විශාල පිරිසකට නිවාඩු ගත කිරීමට හා කොවිල් වන්දනා කිරීමට ලබාදී ඇති වීසා හා ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බව යාපනය පොලීසිය කළ පරීක්ෂණයකදී හෙළි වී තිබේ.

    ඒජන්සි කරුවන්ගේ මෙම වංචාවලට හසුවුණු කීප දෙනෙකුම යාපනයේ විවිධ ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන වලට පැමිණිලි කර ඇත.

    යාපනය පොලීසියට ඊයේ (3) දා ලැබුණු එක් පැමිණිල්ලක සදහන්ව ඇත්තේ ඉන්දියාවේ සංචාරයක් සදහා පවුලේ තුන්දෙනෙකු වෙණුවෙන් රුපියල් එක්ලක්ෂ විසි අට දහසක් අය කළ ඒජන්සිකරුවෙකු එම පවුල සදහා ලබා දී ඇති වීසා,හෝටල් වෙන්කිරීම් හා ගුවන් ගමන් බලපත්‍ර යන සියල්ලම ව්‍යාජ ඒවා බවයි.

    එම මුදල් වෙණුවෙන් ලබාදී ඇති රිසිට් පත් සියල්ලද ව්‍යාජ ඒවා වන අතර එහි සදහන් ලිපිනයට අනුව එවැනි ඒජන්සියක් නොමැති බවද පොලිසිය සඳහාන් කරයි.

    යාපනය පොලීසිය සිද්ධිය පිළිබද පරීක්ෂණ පවත්වන අතර පොලීසිය ඉල්ලා සිටින්නේ නිවාඩු සමයේ අඩු මුදලට ලබාදෙන මෙවැනි විදෙස් සංචාර ගැන දැඩි අවධානයෙන් සිටින ලෙසයි.

    [rns_reactions]