Category: සුපිරි Cases

  • මා කිසිවිටෙක අගමැති තනතුර හෝ පක්ෂ නායකකම ඉල්ලුවේ නෑ.. ඕවා යු.ඇන්.පී කාරයෝ පතුරන බොරු..

    පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලනිප සමඟ එක්ව තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍ය තනතුර ඉල්ලා කිසිවිටකත් කොන්දේසියක් නොදැමූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

    ඒකාබද්ධ විපක්ෂය අගමැති තනතුර ඉල්ලා සිටි බවට පළවන ඇතැම් වාර්තා සත්‍යයෙන් තොර බවද හෙතෙම බ්‍රහස්පතින්දා (23දා) කොළඹ නව නගර ශාලාවේදී පැවැති ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වීය.

    මේ අතර ශ්‍රී ලනිපය ඉදිරිපත්කොට තිබෙන යෝජනා අධ්‍යයනය කිරීමට කමිටුවක් ඒකාබද්ධ විපක්ෂ විසින් පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

    [rns_reactions]

  • දෙසැ. 8-9 ආණ්ඩුවට තීරණාත්මකයි.. එජාපයේ රනිල් බහුතරය අහිමිව අගමැති පුටුවෙන් විසිවීමේ අවදානමක..

    දෙසැම්බර් 8 සහ 9 යන දිනවල දේශපාලන ක්‍ෂේත්‍රයේ යම් යම් පෙරළි සිදුවීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දෙසැම්බර් 8 වැනිදා භාරදීමට නියමිතය.

    2018 අය – වැය විවාදයේ අවසන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 9 වැනිදාය.
    දෙසැම්බර් 8 වැනිදා භාරදීමට නියමිත බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව යම් යම් දේශපාලන පෙරැළි සිදුවීමට ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ සාමාජිකයකු ඉරිදා ‘මව්බිම’ට ප්‍රකාශ කළේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවයි.
    ඊට අමතරව මෙම ජනාධිපති කොමිසම පත්කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රණාමය පුද කළ බවද එම ජේ‍යෂ්ඨ නියෝජිතයා සඳහන් කෙළේය.

    මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයන් එකිනෙකාට ප්‍රබල විවේචන ප්‍රසිද්ධියේ එල්ල කරගන්නා තත්ත්වයකට පත්ව ඇති අතර මේ වි්‍යාකූලත්වයන් ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් පැවැත්වීමේ සූදානමක් පවතින බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

    මේ අතර මේ අර්බුදකාරී තත්ත්වය මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයෝ පිරිසක් සූදානම් කරති.

    දෙසැම්බර් 8 හා 9 දිනවලට පෙර මේ තීරණාත්මක දේශපාලන හමුව පැවැත්වීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙයි.

    [rns_reactions]

  • සියදිවි නසාගැනීම් වලින් ලංකාව ලෝකයෙන්ම පළමුතැනට එයි..!

    මිනිස්‌ ආත්මයක්‌ ලබා ගැනීම කණ කැස්‌බෑවා විය සිදුරකින් අහස බැලීම හා සමාන ඉතාම දුර්ලභ අවස්‌ථාවක්‌ බව අපේ ජනවහරෙහි අදහසකි. එම අදහස එන්නට ඇත්තේ මිනිස්‌ ආත්මයෙහි වැදගත්කම හුවා දැක්‌වීමට විය හැකියි කෙසේ වුවද අප කවුරුත් වෙහෙස වන්නේ අපට ලැබී ඇති ජීවිතය විඳින්නට විනා විඳවන්නට නොවෙයි. නමුත් කාටත් පොදු එදිනෙදා ජීවිතයේ ඇති නොයෙක්‌ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙයි. සමහරු නොයෙක්‌ දුෂ්කරතා මැද මේ ගැටලු සාර්ථකව විසඳා ගෙන ජීවිතය ජය ගනී. එහෙත් සමහරු ප්‍රශ්න වලට විසඳුම ලෙස තෝරා ගන්නේ සියදිවි නසා ගැනීමයි. බලාපොරොත්තුවක්‌ ඉටු නොවීම බලාපොරොත්තු නොවූ දෙයකට මුහුණ දීමට සිදු වීම ක්‌ෂණික කෝපය ජීවිතය හැරදැමීමට තරම් මානසික කඩා වැටීමක්‌ වන්නේ කෙසේද?

    සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම සමීක්ෂණයන්ට අනුව ලොව වැඩිම සියදිවි නසාගන්නන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණ තිබේ.එම වාර්තාවන්ට අනුව ලංකාවේ සෑම පුද්ගලයන් ලක්ෂයටම 34 දෙනෙකු දිවි නසා ගනී. ඉන් වැඩි ප්‍රතිශතය පිරිමින් වෙයි.එම අගය 58.8කි.මෙම ලැයිස්තුවේ දෙවන හා තෙවන ස්ථාන පිලිවෙලින් ගයනා රාජ්‍යට හා මොන්ගෝලියාවට හිමිව ඇත.

    ඇත්තෙන්ම සියදිවි නසාගැනීම සංකීර්ණ මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව සිහි තබාගත යුතුය. සියදිවි නසාගන්නා තැනැත්තන් සියයට 90%ක්ම මානසික රෝගවලින් පෙළෙන්නන් බවද හෙළි කරගෙන ඇත. මතුපිටි‍න් පෙනෙන කරුණට වඩා ප්‍රශ්න වැලකින් මේ තැනැත්තන් පීඩනයකට යටත්ව සිටින බව තහවුරු වී ඇත. සියදිවි නසාගැනීම්වලට පෙලඹී දිවි බේරාගත් අයගෙන් ලබාගත් ‍තොරතුරුවලින් බහුතරයක්ම මේ ආකාරයේ ප්‍රශ්න වැලකින් පීඩනයට පත්ව සිටි අය බවත් අවසානයේ ඇති වූ සිදුවීම පමණක් ජනමාධ්‍ය විසින් හෙළි කර දැක්වීම නිසා සුළු ගැටලුවකට විසඳුම පවා ජීවිතය නැති කරගැනීම බව මාධ්‍ය මඟින් පෙන්වා දීමක් ලෙස සමාජයේ වැරැදි වටහාගැනීමකට ලක් කරගෙන ඇත. විශේෂයෙන්ම එයින් පසුව ගැටලුවක් ඇති නොවන බව මේ ක්‍රියාවට පෙලඹෙන්නන් තුළ වැරදි මත ආරෝපණය වන තත්ත්වයක් දක්නට තිබේ.

    එමෙන්ම මත්ද්‍රව්‍ය සහ මත්වතුරවලට ගොදුරු වීමද සියදිවි නසාගැනීමට ප්‍රධාන හේතුවක්ව ඇත. මානසික අවපීඩනයකදී යම් පුද්ගලයකුගේ මොළයේ සතුට ගෙන දෙන රසායනික ක්‍රියාවලියේ අසමතුලිතතාවක් ඇති වන අතර, ඒ සමඟම සියදිවි නසාගැනීමේ මානසික ආශාවක් ඇති වන බව වෛද්‍ය මතයයි.‍

    දිගින් දිගටම මත්වතුර පානය කිරීමද සියදිවි නසාගැනීමට ප්‍රධානතම හේතුවක් වන අතර, මෙරට තුළ සියදිවි නසාගෙන ඇති පුද්ගලයන්ගෙන් 30%ක් පමණ දිගින් දිගටම මත්වතුර පානයට ඇබ්බැහි වී සිටි අය බවද මේ වන විට සමීක්ෂණයන්ගෙන් හෙළිව ඇත.ඊතයිල් මධ්‍යසාරය අඩංගු මත්වතුර ලබාගත් විට ඒ තැනැත්තාට දිවිය සම්බන්ධව ඇති වන ආසාවක් නැතිව යන බවද මේ වන විට හෙළි කරගෙන ඇත.

    මානසික අවපීඩනය ඇති වූ අයවලුන් හඳුනාගැනීම අපහසු නැත. සුළු දෙයකට පවා තරහා යෑම, ස්වාමියා හෝ බිරිය සමඟ නිතර දබර කරගැනීම, රාත්‍රියේ නින්දෙන් අවදි වීම. දීර්ඝ කාලයක් තිසසේ පවතින හිසරදය, කම්මැළිකම, ලිංගික ආශා අඩු වීම, කෑම අරුචිය, සියලු දෙයම කෙරෙහි අසුභවාදි ලෙස බැලීම මේ ක්‍රියාවන්ගේ මූලික ලක්ෂණ ලෙස හට ගනී.

    තමාගේ දිවියේ කිසිදු හරයක් නැත යන සිතිවිල්ල ඇති වීම හා අවසානයේ ‘දිවිය නැති වනවා නම් මීට වඩා හොඳයි’ යන සිතිවිල්ල ඇති වීම සියදිවි නසාගන්නා පුද්ගලයන්ගේ මූලික සිද්ධාන්තයි.
    මේ තත්ත්වයන් ඇති වන පිරිස් රැසක් අප සමාජයේ සිටින අතර, පෙර සඳහන් කළ පරිදි මාධ්‍ය මඟින් සියදිවි නසාගැනීම් පිළිබඳව වාර්තා කිරීමේ ක්‍රමවේදය නිසාද සියදිවි නසාගැනීම පිළිබඳව මනසේ ඇති වන දෙගිඩියාව පහව ගොස් සියදිවි නසාගැනීම වීරත්වයක් ලෙස ඇතැමුන්ට අදහසත් ඇති වන තත්ත්වයක්ද දක්නට ඇත.

    [rns_reactions]

  • හිරුණිකාගේ 6ක් ඇතුළට 1ක් එළියට – හොඳට ඉන්න අවුරුදු 12 කල් දෙයි

    2015 වසරේ දී දෙමටගොඩ ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 6 දෙනෙකුට කොළඹ මහඅධිකරණය විසින් සිරදඬුවම් නියම කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා විසින් මෙම සැකකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 2 සිරදඬුවමක් නියම කර එය වසර 12 කට අත්හිටුවා ඇත.

    එහිදී එක් එක් විත්තිකරුවන්ට රුපියල් 32,000 ක දඩයක් නියම කළ අධිකරණය පැහැර ගැනීමට ලක් වු පුද්ගලයාට විත්තිකරුවන් සියලු දෙනා විසින් රුපියල් 2,85,000 ක මුදලක් ගෙවිය යුතු බවට නියම කළේය.

    ඒ අතර සිටි එක් අයෙකු පාසල් සිසුවෙකු බැවින් ඔහුට දඩුවම් නොකළ අධිකරණය රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත මුදා හැරීමට තීරණය කර ඇත.

    ඔහුගේ ඉදිරි 2 වසර තුළ යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කළ යුතු බව ද අධිකරණය දන්වා තිබේ.

    2015 දෙසැම්බර් 21 දින ඇති වු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ඇතුළු ඇයගේ ආධාරකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පනවා තිබුණි.

    නමුත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරද පිළිගෙන නොමැති අතර ඇයට අදාළ නඩු විභාග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බව ද අධිකරණය දැනුම් දී ඇත.

    [rns_reactions]

  • අර්ජුන්ගේ බැඳුම්කර හොර සල්ලි වලින් මරික්කාර් පන්සල් වල ඡන්ද කැම්පේන් කරලා.. පුවතක් කරලියට

    බැඳුම්කර හොරකම තවත් අතකට ගෙන යන ප්‍රවෘත්තියක් මේ වන විට කරළියට පැමිණ ඇත. ඒ ඇමති කබීර් හෂීම් එනම් එජාප මහලේකම් තුමාගේ මැදිහත්වීම මත අර්ජුන් අලෝසියස් බැදුම්කර කළු සල්ලි වලින් කොටසක් (විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන පරිදි ලක්ෂ 20ක් පමණ) කොලොන්නාව ආසනයේ එජාප සංවිධායක එස්.එම් මරික්කාර් මහතා වෙත ලබාදී ඇති අතර ඒ සදහා කපුකම කර ඇත්තේ කබීර් හෂීම් සහ රවි කරුණානායක බව සදහන්.

    මේ අණුව අර්ජුන් ඇලෝසියස් ලබාදුන් මුදල්  මෙම කබීර් හෂීම් ඇමති තුමන්ගේ මස්සිනා වූ රිකාස් හුසේන් මගින් මරික්කාර් මහතා ලබාගෙන ඇත.අදාල මුදල් වලින් ප්‍රදේශයේ විහාරස්ථාන වලට පුටු ලබාදීම සහ අක්ෂි කාච ලබාදීම සදහා පක්ෂයේ ප්‍රාදේශිය නායකයන්ට මේ මුදල් බෙදාහැර ඇත. අර්ජුන්ගේ කළු සල්ලි වල අවමානය වසන්නට පන්සල් වලට ලබාදී තම දේශපාලණ සුචරිත බව ආරක්ෂා කිරිමට මරික්කාර් මහතා දැරු අසික්කිත උත්සහය එලිදරවු වීමත් සමග එජාපය තුල ඇතිවු අර්බුදය තවත් වර්ධනය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අප වෙත සනාථ වී ඇත. .මේ තොරතුරු එළිවීමත් සමඟ ලබන 26 වනදා පැවැත්වීමට නියමිත කොලොන්නාව එජාප බල මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බවට ප්‍රාදේශිය දේශපාලන නායකයින් කිහිප පොලක්ම සදහන් කර ඇත. කළු සල්ලි සුදු කරන්නට උත්සහ දරන පන්සලට රිංගා ගෙන සුදනා වෙන්නට වෙර දරන එස්.එම් මරික්කාර් හරිනම් තම තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුය. ඒත් බලයට ඇති කෑදර කම  උදෙසාම ජනතාව රවට්ටා ජනතාවගේ දුක් සුසුම් වලින් සුරසැප විඳින මෙවන් දූෂිත ඇමතිවරුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය හැකිද යන්න ප්‍රශ්නයකි.

    [rns_reactions]

  • පොලිසියේ මහත්තයා මාව දූෂණය කළා – තරුණියකගෙන් පැමිණිල්ලක්..

    ස්ත්‍රී දූෂණයක් කිරීමේ චෝදනාවකට සැකපිට තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු තංගල්ල පොලිසියෙන් පෙරේදා (22දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු දහසයක් හා මාස අටක් වයසැති පාසල් ශිෂ්‍යාවක තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාට කළ පැමිණිල්ලකට අනුව මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත. ඇය පැමිණිලි කර ඇත්තේ තමාගේ අකැමැත්තෙන් අදාළ පොලිස් නිලධාරියා ඇය අපයෝජනයට ලක්කළ බවයි.
    ඇයගේ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරිවරයා විසින් තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතාට දුන් නියෝගයකට අනුව තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් අධිකාරිවරයා කටයුතු කර ඇත.

    අත්අඩංගුවට ගත් ආධුනික උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (23දා) තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පැමිණිල්ල කළ පාසල් ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණ සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

    තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි 1 අතුල ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතා හා තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

    [rns_reactions]

  • පෙම්වතියගේ නිරුවත බුකියේ පෙන්වූ අපුරු පෙම්වතාට ගම්පහ උසාවියෙන් දුන් දඬුවම!

    ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මිතුරු වී 19 හැවිරිදි තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහැරීමේ චෝදනාවට සහ අසභ්‍ය රූප සහිත ජංගම දුරකථනයක්‌ ළඟ තබා ගැනීම යන චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකරුවකුට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම් නියම කළ ගම්පහ මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ එම සිර දඬුවම වසර 10 කට අත්හිටුවන ලෙසට නියම කළා.

    අගතියට පත් තරුණියට රුපියල් 5000 ක වන්දියක්‌ සහ එක්‌ චෝදනාවකට රුපියල් 1500 බැගින් රුපියල් 3000 ක දඩයක්‌ ද ගෙවීමට ඔහුට නියම කෙරුණා. එම දඩ මුදල් සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් මාස තවත් 06 ක සිර දඬුවම්ද නියම කෙරුණා.

    පැමිණිලිකාරිය යක්‌කල සියනෑ උයන ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම දඬුවම් නියම කෙරුණේ මීගමුව කුරණ ප්‍රදේශයේ පදිංචි ඡේ. පී. සනත් ප්‍රියංකර ජයලත් නමැති 23 හැවිරිදි තරුණයකුටය. මෙම වසරේ මැයි මස 25 වැනි දින හෝ ඊට ආසන්න දිනයක ඉහත චෝදනා සිදුකර තිබූ බවට අධිකරණයේදී සඳහන් විය. යක්‌කල පොලිස්‌ ස්‌ථානයේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස්‌ කොස්‌තාපල් වසන්ත නවරත්න (55562) නිලධාරියා පැමිණිල්ල මෙහෙයවනු ලැබුවා.

    [rns_reactions]

     

  • අනුරාධපුර බැංකුවක තවත් එකක් ලීක් වෙලා – 55 ලොක්කා 29 බැංකු නෝනා එක්ක ‘හනිමූන්’ ගිහින්…!

    බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ කාර්යාලයක සේවිකාවක සමඟ පවත්වන අනියම් ඇසුර අතටම අල්ලාගෙන එම යුවල අනුරාධපුර ‍පොලිසියට ගෙනැවිත් බාර දුන් අධිකරණ නිලධාරිනියක පිළිබඳ පුවතක් අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියෙන් වාර්තා‍ වෙයි.

    එම සිදුවීම මෙසේය,

    මෙම පනස්පස් හැවිරිදි බැංකු නිලධාරියා  විසිනව හැවිරිදි කාර්යාල සේවිකාව සමඟ වසර පහකට වැඩි කාලයක් තිස්සේ අනියම් සබඳතාවයක් පවත්වා  ගෙන ගොස් ඇත.  මේ බව නොයෙක් අයුරින් වරින්වර මෙම අධිකරණ නිලධාරිනියට දැන ගැනීමට ලැබී තිබේ.  ඉන් පසු ඇය ඔවුන්ට රහසින් ඒ යුවල යනෙන තැන් පිළිබඳ විමසිල්ලෙන් හිඳ තිබේ. මේ අතර මෙම යුවල පසුගිය සිකුරාදා දහවලක් ‘මධුසමයක්’ ගත කිරීම සඳහා අනුරාධපුරේ නිවාඩු නිකේතනයකට ගොස් ඇත. එවිට ඒ පිළිබඳව කල් තියා කරුණු දැන සිටි මෙම නිලධාරිනිය තම සොයුරන්ට දන්වා ඇත්තේ ඔවුන් ලුහු බැඳ ගොස් අතටම අල්ලා ගන්නා ලෙසය.

    එවිට එම යුවළට රහසින් ඔවුන් පිටුපස ලුහුබැඳි අධිකරණ නිලධාරිනියගේ සහෝදරයන් පිරිසක් ඔවුන් දෙදෙනා එහිදී අතටම අල්ලාගෙන අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට බාර දී තිබේ.

     එහිදී  පොලිසියට පැමිණි බිරිඳ හා සැමියා ඇතුළු සියලු පාර්ශ්වයන් අතර උණුසුම් වචන හුවමාරු සිදුවෙද්දී ‍පොලිස් නිලධාරීන් සියලුම දෙනාට කරුණු පැහැදිලිකර ගැටුම සමාදානයෙන් විසඳා  සමථයකට පත්කර ගැනීමට උපදෙස් දී ඇත.

    මෙම තරුණ කාර්යාල සේවිකාව තම විවාහයට පෙර සිටම මෙම බැංකු නිලධාරියා සමඟ අයතා සබඳතාවක් පවත්වා ඇති බවද ඇගේ සැමියා විදේශ ගතවීමත් සමඟ එම සම්බන්ධය තදින්ම පැවත්වා ඇති බවද අනාවරණය විය.  

    මින් කෝපයට පත් අධිකරණ සේවිකාවගේ සහෝදර පාර්ශ්වයෙන් කාර්යාල සේවිකාවට තදබල තර්ජන එල්ලවීම නිසා නිවසට යාමට කැකිරාවට දක්වා ධාවනය වන බස් රථයකට ඇය ඇරලවීමට පවා ‍පොලිස් නිලධාරීන්ට සිදුව තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගතහොත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිස් නිලධාරීන් ඔවුන්ට අවවාද කොට ඇත.

    මෙහි විශේෂත්වයක් වන්නේ  බැංකු නිලධාරියා හා සමඟ අනියම් සබඳතාව පවත්වන කතගේ වයසට සමාන වයසක විවාහක දරුවකුද ඔහුටද සිටිමය.  සිද්ධිය සමථයකට පත්වී නිවසට ගිය බැංකු නිලධාරියාගේ මෝටර් රථයේ ටයර් කපා අලාභ හානි කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇති බවද වාර්තා වේ.

    කෙසේ හෝ බොහෝ දෙනෙකුට කනින් කොනින් ආරංචි වී තිබූ මෙම ‍සබඳතාව ලැව් ගින්නක් මෙන් පැතිර යාම නිසා එම නිලධාරියාටත්, කාර්යාල සේවිකාවටත් සමාජ  අවමානයකට ලක්වීමට සිදුව ඇති බවද වාර්තා වේ.

    [rns_reactions]

  • ප්‍රතිපත්තියක් නැති පක්ෂයකට අනාගතයක් නෑ – විමල්ගේ පක්ෂයෙන් එළියට බැස්ස ප්‍රධාන ලේකම්

    ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ සිය ධූරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කරනවා.

     ඔහු සඳහන් කරන්නේ “මම හිතනවා මම යම් තැනක වැඩ කරනවා නම් මගේ කැපකිරීම සහ දායකත්වය උපරිම වශයෙන් ඒ දේ වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රතිපත්තියක් නැති පක්ෂයක මට වැඩ කරන්න බැහැ. ඉතින් ඒ කැපකිරීම මට ලබා දෙන්න බැරිනම් හොඳම දේ තමයි ඒ ස්ථානයෙන් මම ඉවත් වෙන එක. පක්ෂයේ නායකයින් කිව්වේ මගේ තීරණය ගැන නැවත සලකා බලන ලෙසයි. නමුත් පසුව ඔවුන් මගේ ඉල්ලා අස්වීම භාර ගත්තා.” යනුවෙනි.

    කෙසේවෙතත් සිය ඉල්ලා අස්වීමට බලපාන ප්‍රධාන කාරණාව පෞද්ගලික හේතුවක් සහ සෞඛ්‍යමය කාරණා කිහිපයක් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

    [rns_reactions]

  • ජනපති ගැන සුජීව කළ ප්‍රකාශය ගැන පරික්ෂණයක්.. සුජිවට සහ එජාපයට වැඩ වැරදෙන ලකුණු..

    ජනාධිපතිවරයාට එරෙහිව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ (21) සිදුකරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලන ලෙස ඒකාබද්ධ විපක්ෂය, කතානායකවරයාගෙන් අද (22) ඉල්ලීමක් කළා.

    බැඳුම්කර කොමිසම එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කුමන්ත‍්‍රණයක් සිදුකරන බැවින් ජනාධිපතිවරයා පිළිබඳ කළකිරීමෙන් පසුවන බවයි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ.

    මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද අදහස් දැක්වූ මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන කියාසිටියේ අදාළ ප‍්‍රකාශකයෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද උල්ලංගනය වන බවයි. 

    [rns_reactions]

  • ලිපියක් ලියමින් රොබට් මුගාබේ 37 වසරක පාලනයට තිත තබයි – තීරණය දැනගත් ජනතාව හැසිරුණු හැටි

    සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

    ඒ වසර 37ක සිය පාලනය නිමකරමින්.

    ලිපියකින් සිය තීරණය ප‍්‍රකාශයට පත්කර ඇති බවයි සිම්බාබ්වේ කතානායකවරයා නිල වශයෙන් ප‍්‍රකාශ කළේ.

    ඒ සමගම සභා ගර්භයේ සිටි මන්ත‍්‍රීවරුන් ප‍්‍රීතියෙන් ඔල්වරසන් හඬ නැගූ බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

    මුගාබේ සිය තීරණය ප‍්‍රකාශයට පත්කළේ ඔහු ධුරයෙන් ඉවත් විය යුතු බවට බලකෙරෙන දෝශාභියෝගය ඉදිරිපත් කිරීමට මොහොතකට පෙරයි. 

    මුගාබේ ධුරයෙන් ඉවත් වීම හේතුවෙන් සිම්බාබ්වේ රාජ්‍යයේ සැණකෙලි ස්වරූපයක් ගෙන ඇති බව ද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

    බොහෝ පිරිස් වීථිවලට බැස ජාතික ධජ ලෙළවමින් සිය සතුට සමරමින් සිටිනවා. ඒ අතරතුර එරට පාලක සානු පී.එෆ්. පක්ෂය රටේ ඉදිරිය ගැන සාකච්ඡා ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ. 

    [rns_reactions]
  • “මම අර්ජුන් මහේන්ද්‍රන් විශ්වාස කලා.. මං හිතුවේ නෑ ඔහු එහෙම කරයි කියලා” රනිල් කොමිසමේදී කියයි

    [rns_reactions]

  • අල්ලනවා කිවුවේ රාජපක්ෂ හොරු. දැන් අල්ලන්නේ අපිව.. ජනපති ගැන සුජීව සේනසිංහ දැඩි කළකිරීමෙන්

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

    ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි.

    “මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. අපි එතුමන්ව පත්කළේ ජීවිතය කැප කරලා. එතුමන්ට දීලා තියෙනවා රාජපක්ෂලත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයකත් විනාශ කරලා එතුමන් 2020 විශාල බලයක් එයි කියලා එක ආයතනයක්. මම එතුමන්ට කතා කරලා කිවුවා මාසයකට කලින්. මේ කොමිසම දික් කරලා මොකක්ද කළේ. දික් කරගෙන දික් කරගෙන අපිට මඩ ගහනවා

    පොදු අපේක්ෂකයා විදියට එතුමා 04ක් අරන් එනකොට කට්ටිය කිව්වා දෙන්න එපා කියලා. එතනදි රෝසි සේනානායක මහත්මියත් මමත් කිව්වා එතුමා තීන්දුවක් අරන් ආවා කීයක් එක්ක ආවත් මේ සටන පටන් ගමු කියලා. වරදක් තියෙනවනම් නීතිය ක‍්‍රියාත්මක කරන්න. එතුමා ජනාධිපතිතුමා එතකොට අපිට ඇගිලි දික්කරන්න බැහැ හොරු අල්ලන්නේ නැහැ කියලා. එතුමන්ට පුළුවන් නම් බැදුම්කර කොමිසම දාලා ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන්න ඇයි අනිත් ඒවට බැරි.

    එමෙන්ම හදුන්නෙත්ති මහත්තයට සදාචාරාත්මකව ඉදගන්න අයිතියක් නැහැ ඔය කෝප් කමිටුවේ. මොකද පළමුවෙන්ම බැදුම්කරයට එරෙහිව කථා කරේ එතුමන්. .මන් යම් දෙයක් සම්බන්ධයෙන් අදහසක් දරනවනම් ඒකේ සභාපති වෙන්න එතුමන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපිට පුළුවන් මතයක් දරලා සාමාජිකයකු ලෙස ඉඳගන්න. 

    [rns_reactions]
     
  • නාකි විසේ ඉහට ගහලා සාරිප්පුගේ මොහාර් “ධාරුන් නුස්රා” ළමා නිවාසයේ ළමුන් 18 ක් දුෂණය කරලා

    දැන් අපේ රටේ වාර්තා වන පුවත් අතරින් වැඩියෙන්ම වාර්තාවෙන්නේ ළමා අපයෝජන සිද්ධීන් කිවුවොත් ඔබත් ඊට එකඟ වෙයි.

    ඒ තරමටම අපේ රටේ අනෙක් සිද්ධීන්වලට වඩා ළමා අපයෝජනයන් වැඩිවෙලා තියෙනවා.

    අපි මේ කියන්න යන්නේ තවත් මේ වගේ සිද්ධියක් ගැන. මේ සිද්ධියනම් බොහෝ තැන්වල වාර්තාවුණේ ඉතාමත් අඩුවෙන්.

    දෙහිවල පිහිටි ළමා නිවාසයක සිටි බාලවයස්කාර දැරියන් 18 දෙනෙක් එහි සේවකයෙක් වරින්වර අපයෝජනයට ලක්වෙලා තියෙන සිද්ධියක් අපට අහන්න ලැබුණා.

    මේ සිද්ධිය වෙලා තියෙන්නේ දෙහිවල ධාරුන් නුස්රා නම් ළමා නිවාසයකයි.

    මේ අනාත නිවාසයේ පාලිකාව වශයෙන් සේවය කරන්නේත් මේ සේවකයාගේ බිරිඳ. අදාළ දරුවන් මේ ගැන පාලිකාවට පැමිණිලි කළත් පාලිකාව ඒ සම්බන්ධයෙන් තැකීමක් කර නැහැ. ඒවගේම තමයි පොලිසියට දැනුම් දුන්නොත් මේ ළමා නිවාසය වැසීමට සිදුවන බවත් මේ දරුවන්ට තර්ජනය කරලා තියෙනවා.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට පසුගිය ජුලි මාසයේ 22 වනදා නිර්නාමික දුරකතන ඇමතුමක් මගින් දැනුම් දී තිබෙනවා. ඉන් අනතුරුව ළමා ආරක්ෂණ අධිකාරියෙන් කොහුවල පොලිසිය දැනුවත් කර තිබෙනවා. පසුව මේ නිර්නාමික දුරකතන අංකය ඔස්සේ පොලිස් පරීක්ෂණ පවත්වා මේ ස්ථානය සොයා ගෙන ඇති අතර සිද්ධියට අදාළ සැකකරු පොලිස් අත්අඩංගුවට අරන් තියෙනවා.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 62 හැවිරිදි සාරිප්පුගේ මොහාර් නැමැති පුද්ගලයෙකුයි.

    කෙසේවෙතත් දිගින් දිගටම කළ පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ මේ දැරියන් 18 දෙනාගෙන් එක් ළමයෙකු බරපතල ලෙස අපයෝජනයට ලක්වෙලා තියෙනවා කියලායි.

    අදාළ සේවකයා අවුරුදු 09ක් පමණ එම ළමා නිවාසයේ රියදුරෙකු වශයෙන් සේවය කර ඇති අතර පාසල්වලට මෙම දරුවන් රැගෙන ගොස් ඇත්තේ මොහුයි. එමෙන්ම ලිංගික හිංසනය වැඩිවශයෙන් වී ඇත්තේ වාහනය ඇතුලතදී බවත් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් දරුවන් කිහිප දෙනෙක් අදහස් දක්වා ඇත්තේ මෙලෙසයි.

    01. මේ මනුස්සයා මාව හැමදාම ඉස්කෝලෙට අරන් යනවා. ඒ අතරතුර ඔහු මට අතවර කරනවා. ඒවගේම අනවශ්‍ය විදියට මාව ස්පර්ශ කරනවා.

    02. මං මේ ගැන පාලිකාවට කිව්වම ඒක වැඩිය ගණන් ගන්නෙපා කියලා කිව්වා. පැමිණිලි කරපු හැම වේලාවකම මට හොඳටම බැන්නා. ඒ වගේම මේ මනුස්සයා මාව දවසක් ගබඩා කාමරයට එක්ක ගිහින් අනවශ්‍ය විදියට මාව ස්පර්ශ කළා.

    මේ දරුවන් 18 දෙනාම පවසා ඇත්තේ එම දරුවන් පාසලට රැගෙන යන අතරතුරදී මෙන්ම ඇතැම් විට ළමා නිවාසයේදීද අපයෝජනයට ලක්ව ඇති බවයි.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ළමා නිවාසයේ පාලිකාව කියා ඇත්තේ මෙහෙම කතාවක්. “මාගේ ස්වාමි පුරුෂයා වන මොහාර් ගැහැණු දරුවන්ට හරිම ආදරෙයි. ඒවා කරලා තියෙන්නේ හිරිහැරයක් වශයෙන් නෙවෙයි”

    ඒවගේම තමයි මේ ළමා නිවාසයේ හිමිකාරිය වශයෙන් කටයුතු කරන්නේ වෛද්‍ය මරීන් රිෆායි මහත්මියයි. මේ සම්බන්ධයෙන් ඇය කියා සිටියේ මෙවන් කතාවක්.

    “වෛද්‍ය වාර්තාවන්ට අනුව කිසිදු දැරියක් අපයෝජණය වෙලා නෑ කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒවගේම මේ ළමා නිවාසය මගෙන් ගන්න සේවකයන් පිරිසක් විසින් කරන කුමන්ත්‍රණයක් හැටියට තමයි මං මේක දකින්නේ. මේ ගැන මාස 03ක් තිස්සේ පරීක්ෂණ සිදු කළත් කිසිදු සාක්ෂියක් මේවනතුරු ලැබිලා නැහැ. ඒවගේම තමයි මොහාර්ව ඇප මත නිදහස් වීම මගින්ව තහවුරු වනවා මෙහි කිසිම ලිංගික හිංසනයක් සිදුවෙලා නෑ කියලා. ඒවගේම තමයි මේ වෙනකොට අදාළ පාලිකාව සහ සිද්ධියට සම්බන්ධ බව කියන ඇගේ ස්වාමිපුරුෂයාද අයින් කරලා තියෙනවා.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මේ ළමා නිවාසයේ සෑම තැනකම සීසීටීවී සවිකර ඇති අතර අදාළ දැරියන්ගේ කාමරවලද සීසීටීවී කැමරා සවිකර ඇති බවයි.

    [rns_reactions]

  • මුහුණු පොතෙන් ජාතිවාදය වපුරන අයව අත්අඩංගුවට ගන්න පොලිස්පතිගෙන් සීඅයිඩී යට නියෝග…!

    ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතිවාදය වපුරන සහ ජාතිවාදය ඉස්මතු වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර පතුරුවන අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

    ඉකුත් 17 වැනි දින ගාල්ල, ගිංතොට ඇතිවූ සිද්ධිය පිළිබඳ නොයෙකුත් අන්තවාදී පුද්ගලයන් විසින් අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවමින් සිටින බවට තොරතුරු වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 

    එවැනි අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

    [rns_reactions]

  • ඇමති බලතල වලට මුවාවී වීරවංශගේ බිරිඳ හැඳුනුම්පත ගත් හැටි අධිකරණයේදී හෙළි වෙයි

    මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතාගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මියට හැඳුනුම්පතක් සකස් කරගැනීම සඳහා ඇමති බලතල යොදාගෙන කටයුතු කර ඇති ආකාරය ඊයේ(20) අධිකරණයේදී හෙළි වී තිබේ.

    හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරිවරයා සාක්ෂි ලබා දෙමින් අද අධිකරණයේදී පවසා ඇත.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ පැවති නඩු විභාගයේදි මෙලෙස සාක්ෂි ලබා දෙනු ලැබුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරී පැලැද ලියනගේ ප්‍රභාත් රාජේන්ද්‍ර පෙරේරා මහතාය.

    ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ හරස් ප්‍රශ්න සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 04 වැනිදා තෙක් කල් තැබිණි.

    කූඨ ලේඛන ඉදිරිපත් කර ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ පාස්පෝට් සකස් කළ බවට ශෂී වීරවංස මහත්මියට චෝදනා එල්ල වී ඇත.

    [rns_reactions]