Category: සුපිරි Cases

  • ගුරු විවේකාගාරයේ තනිවම සිටි තරුණ ගුරුවරියට ලිංගික හිරිහැර කළ විවාහක ගුරුවරයෙකු ගැන විමර්ශන

    ආණමඩුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක සේවය කරන තරුණ ගුරුවරියකට අතවර කිරීමට තැත්කළ ගුරුවරයෙකු සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    මෙම ගුරුවරිය වයස අවුරුදු 29ක් වන අවිවාහක තරුණියක්.

    සිද්ධියට සම්බන්ධ ගුරුවරයා වයස අවුරුදු 30ක් වූ විවාහක පුද්ගලයෙකු බව පොලිස් විමර්ශන වලදී අනාවරනය වී තිබෙනවා.

    අධික වර්ෂාවක් පැවති පසුගිය දිනෙක පාසල නිමාවීමෙන් පසුව ගුරුවරිය, ගුරු විවේකාගාරයේ තනිව සිට තිබෙන බවයි අප වාර්තාකරු කියා සිටියේ.

    එම අවස්ථාවේදී ගුරු විවේකාගාරයට පැමිණි සැකකාර ගුරුවරයා “ඔයා මට බයද?” යැයි ගුරුවරියගෙන් විමසා තිබුණා.

    “බය වෙන්න ඔයා යකෙක්ද?” කියා ගුරුවරිය පෙරළා විමසා තිබෙනවා.

    එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ ගුරුවරයා, ඇයව සිප වැළදගෙන, අතවර කිරීමට සුදානම් වූ බවයි ගුරුවරිය විසින් කළ පැමිණිල්ලේ සඳහන් වී ඇත්තේ.

    සිද්ධියට මුහුණ දී ඇති ගුරුවරියගේ මවද විශ්‍රාමික විදුහල්පතිනියක් බව සඳහන්.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නිළධාරීන් ගුරුවරිය සහ ඇයට අතවර කිරීමට උත්සාහ කළ බව කියන ගුරුවරයා පාසල් 2කට මාරු කර තිබෙනවා.

    වැඩිදුර විමර්ශන නවගත්තේගම පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

    [rns_reactions]

  • මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඩීල් කප්පිත්තා ගාමිණී සෙනරත් බන්ධනාගාර ගත කරයි..!

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
     
    කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර ඔවුන් මේ මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සදහන්.
    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන්ට එරෙහිව සිදු කරන පරීක්ෂණය සඳහා පූර්ණ සහය ලබා දෙන බව  ගාමිණී සෙනරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගිය දා දැනුම්දී තිබුණි.
     
    පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාමිණී සෙනරත් මහතා ඉදිරිපත් කළ පෙත්සමත් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා තිබුණේ තම සේවාදායකයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරන පරීක්ෂණ වලට පූර්ණ සහය ලබාදෙන බවයි.
     
    එමෙන්ම අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා පසුගිය 09 වනදා ගාමිණී සෙනරත් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමට සූදානම් බව ද ඔහුගේ නීතීඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණි.
     
    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ සැකකරු පරීක්ෂණවලට අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන්නේ නම් ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවන බවයි.
     
    ඒ අනුව පසුගිය (09) දිනයේදී අධිකරණයට ඉදිරිපත් විය.
    [rns_reactions]
  • සැමියන්ගෙන් වෙන්වූ රූමත් කාන්තාවන් ගණිකා වෘත්තියට විකුණලා- මහනුවර ගණිකා නිවාසයක් වටලයි .!

    රූමත් තරුණියන් බලහත්කාරයෙන් රදවා ගෙන ඔවුන් ගණිකා වෘත්තියේ යෙදවූ ගණිකා ජාවාරමක් පිළිබදව වාර්තා වෙනවා.
    ඒ මහනුවර ප්‍රදේශයෙන්,

    මහනුවර ෆිම්රෝස්‌ උද්‍යාන පෙදෙසේ නිවසක මෙම කාන්තාවන් බලහත්කාරයෙන් රඳවාගෙන මෙලෙස ගණිකා ජාවාරමේ යොදවා තිබෙන බව සදහන්.

    කෙසේ වෙතත් මේ පිළිබදව තොරතුරු ලද සැණින් ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්දන ඒකකය, එම නිවස වටලා එම කතුන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි හිමිකරුගේ ගෝලයා සහ ගණිකා වෘත්තියේ යොදවා සිටි කතුන් සිව්දෙනකු ඉකුත් 10 දා රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගෙන ඇති අලව්ව පදිංචි සැකකරු දුරකථන මාර්ග ඔස්‌සේ මිතුරු කරගන්නා කතුන් රවටාගෙන මේ නිවසට රැගෙනවිත් බලහත්කාරයෙන් රඳවාගෙන ඔවුන් ගණිකා ජාවාරමේ යොදවා ඇතැයි හෙළි වූ බව ද එම ඒකකය පවසනවා.

    අත්අඩංගුවට ගෙන ඇති කතුන් අවුරුදු 27 ත් 40 ත් අතර වයසේ පසුවන අම්පාර, මාතර, වැලිමඩ, කුලියාපිටිය යන ප්‍රදේශවල පදිංචි අය වෙති. අත්අඩංගුවට ගත් සැකකරු මිනිස්‌ ඝාතනයකට තැත් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි අයකු බව ද හෙළිවී තිබේ.
     
    සැමියන්ගෙන් වෙන්ව ජීවත් වන කතුන් සමඟ විශේෂයෙන් මිතුරු වී සැකකරු එම කතුන් රවටා රැගෙනවිත් ඇතැයි මෙහිදී ගණිකා වෘත්තියට යොදවා තිබෙන බව සදහන්.
     
    මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය හිමිකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණ අරඹා තිබෙන බව සදහන්.

    [rns_reactions]

  • මුලින්ම විජයගේ පිටට වෙඩි දෙකක්‌ තිබ්බා – විජයට වෙඩි තැබූ හැටි ලයනල් කියයි

    වේලාව උදෑසන දහය, දහයයි තිහ පමණ වන්නට ඇත. කුලියට ගත් කඩය අසලින් නික්‌ම ගිය දෙදෙනා, කිරුළපන පාර දිගේ පැමිණියේ, පාලගේ ගරාජයට යන අදහසිනි. බයිසිකලයට නැගුණු ලයනල් එය පදවාගෙන යන ටාසන්ට පවසන ලද්දේ, තමන් පාලගේ ගරාජයට ගොස්‌ තුවක්‌කුව රැගෙන එන තෙක්‌, බයිසිකලයෙන් රවුමක්‌ ගසා පැමිණෙන ලෙසය. ඒ අනුව අතුරු පාර අසලින් බැස ගත් ලයනල්, තනිවම පාලගේ ගරාජයට පැමිණියේය. පාල, ශ්‍රී කාන්ත සහ තවත් අයෙකු ගරාජයේ සිටි අතර ලයනල් විසින් පාලට පවසන ලද්දේ, ගරාජයේ තිබෙන තුවක්‌කුව සහ ග්‍රෙනේඩය දමන ලද කළු බෑගය, කිට්‌ටුව තැනකින් තබා ගැනීමට අවශ්‍ය බවය.

    ලයනල් සහ පාල දෙදෙනා බෑගය රැගෙන තම්බිගේ නිවසට යනවිට එහි සිටියේ ඔහුගේ මවය. “මෙයා ආවොත් මේ බෑග් එක දෙන්න” කියමින් තම්බිගේ මවට ලයනල් හඳුන්වා දුන් පාල, එම වැඩය ද අහවර කළේය. එකම ඉලක්‌කය සඳහා වෙහෙසෙන දෙදෙනා වෙනත් පාරවල් දෙකකින් පිටත්ව ගියහ. පාල යළිත් ගරාජය දෙසට යන අතරේ ලයනල් විජයගේ නිවස ඉදිරිපිට කුළියට ගත් ස්‌ථානයේ හිමිකරුගේ නිවස අසලට ගියේය. ඒ වන විටත් ටාසන් බයිසිකලයෙන් පැමිණ එහි රැඳී සිටියේය. මේ වන විට වේලාව දහවල් 11.30 පමණ වන්නට ඇත.

    කvijaya3ඩයේ හිමිකරු එන තෙක්‌ පැය භාගයක්‌ පමණ දෙදෙනා එම ස්‌ථානයේ රැඳී සිටින විට, ඔවුන්ගේ බලාපොරොත්තුව එතැනට පැමිණියේය. ලබා තිබූ ජනප්‍රියතාවය හමුවේ රටේ කාටත්, විජය දැකීම සිය ජිවිතයේ අමතක නොවන සිදුවීමක්‌ විය. ඔහු බැලීම සදහා පමණක්‌, දින ගණන් කාලය වැය කර රසිකයන් ඔහු පැමිණෙනවා කියන ස්‌ථානවලට රැස්‌වීම සුලබ සිද්ධියක්‌ විය. මෙදින විජයගේ පැමිණීම අපේක්‌ෂාවෙන් දින, සති මාස ගණන් වෙහෙසී බලා සිටි ලයනල්ට, පාරේ එහා පැත්තට වන්නට, කාරයක්‌ තමාම එලවාගෙන විජය පැමිණෙනවා දකින්නට ලැබුණි. වෙනදාට විජය දැකීම ඔහුගේ රසිකයන්ට ජීවිතයේ අමතක නොවන දිනයක්‌ වූවත් ලයනල් සහ ටාසන්ට විජය දකින්නට ලැබීම රටටම අමතක නොවන දිනයක්‌ බවට පත්වන්නට තිබුණේ තව විනාඩි කිහිපයක්‌ පමණය. ඉර මුදුන්වෙන යාමය, පරිස්‌සම් විය යුතු මොහොතක්‌ බව ගැමි විශ්වාසයකි. එවැනි වේලාවක තුවාලයක්‌ සිදුවුවත් ලේ නවත්වන්නට අමාරු බව ගැමියෝ කියති. මේ උදාවී ඇත්තේ එවන් වෙලාවකි. ලයනල් විසින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට දෙන කට උත්තරයේ දී එම අවස්‌ථාව විස්‌තර කර තිබුණේ මෙසේය.

    තමා පැමිණි රථය ගේ ඉදිරිපිට ඇති ගස අසල නවතන ලද විජය, ඉන් බැස නිවසට ගියේය. නිවසට ඇතුල්වන ගේට්‌ටුව ඉදිරියේ, සුදු ඩට්‌සන් ඩබල් කැබ් රථයක්‌ නතර කර තිබුණි.

    “විජය කුමාරතුංග ආවා…”

    ටාසන් විසින් ලයනල්ට පවසන විටත්, ලයනල් ඒ සියල්ල බලා සිටියේය.

    “විඡේ දැන් ගෙදරින් ආයෙත් එළියට එනවා… එතකොට කරමුද…”

    ලයනල්ගෙන් ටාසන් විමසා සිටියේය.

    තුවක්‌කුව සහිත බෑගය ගෙන ඒම සහ එය දිගු වේලාවක්‌ බයිසිකලය තබාගෙන සිටීමේ අවදානම ලයනල් විසින් ටාසන්ගෙන් විමසුවේය. බෑගය ගෙනැවිත් එය බයිසිකලයේ තබා, බයිසිකලය කඩය ඇති වත්තට දමා ඉලක්‌කය එනතුරු සිටීම හොද බව ටාසන්ගේ අදහස විය.

    බෑගය තබා තිබූ තම්බිගේ නිවසට ගිය දෙදෙනා එහි සිටි කාන්තාවගෙන් බෑගය ඉල්ලාගෙන බයිසිකලයට නැගුණි. තුවක්‌කුව තබන්නට කියූ නිවස හෙවත් සමන්තගේ නිවසට වෙත දෙදෙනා පැමිණියේ ඉතිරි වැඩ සඳහා ලැහැස්‌ති වීමටය. සමන්තගේ කාමරයට දෙදෙනා යන විට සමන්ත ද කාමරයේ විය. ලයනල් විසින් තුවක්‌කුව ඇඳ උඩින් තබා ලෝඩ් කිරීමට පටන් ගත්තේය. සමන්ත මේ සියල්ල දකිනා අතරේ ටාසන් පාරේ බයිසිකලයට වී සිටියේය.

    කතාන්දරයේ උච්ච අවස්‌ථාව ලයනල් විසින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට විස්‌තර කරමින් සිටින විට එහි අධ්‍යක්‌ෂක චන්ද්‍ර ජයවර්ධන විසින් ලයනල්ගෙන් අතුරු ප්‍රශ්නයක්‌ විමසුවේය.

    ප්‍රශ්නය – මේ ගෙදර හිටපු පුද්ගලයා, ඔබ විජය කුමාරතුංගට වෙඩි තබන්න යන බව දැන සිටියාද…?

    පිළිතුර – විජයට වෙඩි තබන්න යන බව, මා ඔහුට කිව්වේ නැහැ. ඔහු එය දැන සිටියා ද කියා මා දන්නේ නැහැ.

    ප්‍රශ්නය – එදින විජය කුමාරතුංගට වෙඩි තබන්න යන බව පාල දැන සිටියාද…? ඔව්… පාල ඒ බව දැන සිටියා.

    අතුරු ප්‍රශ්නවලට පිළිතුරු දුන් ලයනල් යළි කතාව කියන්නට පටන් ගත්තේය. අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ ලයනල් විසින් පවසන ලද ආකාරයටම ඒ මොහොත මෙසේය.

    “අපි බෑගය රැගෙන බයිසිකල් එකේ කඩය ළඟට පැමිණියා. වත්තට මෝටර් සයිකලය දමා, බෑගය මෝටර් සයිකලයේ තබා අපි පාරට වී බලා සිටියා. විනාඩි පහක්‌ හෝ හයක්‌ පමණ පාරේ සිටින විට, විජය කුමාරතුංග නිවසින් එළියට එනවා අපි දැක්‌කා… ඔහු තනියම ඇවිත් නිවසේ ගේට්‌ටුව ළඟ සිටි කෙනෙක්‌ එක්‌ක කතා කළා. ඒ එක්‌කම හේරත් (ටාසන් වීරසිංහ) සහ මා, බයිසිකලයට නැග්ගා… මා බෑග් එක ඔඩොක්‌කුවේ තබාගෙන, සිප් එක ඇර, සේප්ටිය පහළට දැම්මා. තුවක්‌කුව අතේ තබාගෙන විජය කුමාරතුංග නැවති සිටි ස්‌ථානයට යාර 20ක්‌ පමණ දුරින්, පාර අයිනේ මෝටර් සයිකලය නැවැත්තුවා. විජය කුමාරතුංග සිටගෙන සිටියේ, ඔහුගේ නිවසේ ගේට්‌ටුව ඉදිරිපිටය. ඔහුගේ අතේ කොල දමා නවන ලද ෆයිල් එකක්‌ තිබුණා. ඔහු නැවතී එතැන සිටි අයෙක්‌ සමග කතා කරමින් සිටියා. මා බයිසිකලයේ සිට, ටී පනස්‌ හයේ රයිපලයෙන් විජය කුමාරතුංගගේ පිටට වෙඩි දෙකක්‌ තිබ්බා. ඔහු මට පිටුපා සිටියා. එම වෙඩි පහරවල් දෙක තබන විට ඔහු වැටුණා. මා බයිසිකලයෙන් බිමට බැස එතැනට ගොස්‌ ඔහුගේ ඔලුවට වෙඩි කිහිපයක්‌ තිබ්බා. මා බැස එන විට විජය කුමාරතුංග සමඟ කතා කරමින් සිටි පුද්ගලයා ගෙට දුවන්නට වුණා. මා ඔහුට ද වෙඩි තිබ්බා. ඔහු ගෙට දිව්වා. පාර පැත්තේ ඩබල් කැබ් එක තිබුණා. එම ඩබල් කැබ් එක පිටුපස එක්‌කෙනෙක්‌ හිටියා. මා ඒ පැත්තට වෙඩි තිබ්බා. හේරත් මෝටර් සයිකලය හරවාගෙන කිරුලපන පැත්තට මුහුණ හරවාගෙන නවතා තිබුණා. මා විජය කුමාරතුංග ළග තිබුණු ෆයිල් එක අරන් එහි තිබෙන්නේ මොනවද කියා බැලුවා. එහි තිබී කොල වගයක්‌ වැටුණා. ඒ වෙනකොට තුවක්‌කුව දාගෙන ආපු බෑග් එක තිබ්බේ බිම වැටිලා. මම ෆයිල් එක බිම දාලා, බෑග් එක අහුලාගෙන තුවක්‌කුව බෑග් එකට දා ගෙන, මෝටර් සයිකලයට ගිහිල්ලා වාඩිවුණා. මෝටර් සයිකලය පොල්හේන්ගොඩ පාරේ ගියා. එම අවස්‌ථාවේදී නාරාහේන්පිට පැත්තේ ඉඳලා බස්‌ එකක්‌ ආවා. අප, පොල්හේන්ගොඩ පාර දිගේ ගොස්‌, බයිසිකලය තියන්නට කියූ නිවසේ බයිසිකලය තැබුවා. හේරත් බයිසිකලයේ සිටියදී, මා තුවක්‌කුව තිබුණු බෑගය අරගෙන තුවක්‌කුව තියන්න කියූ නිවසට ගියා. පාල කලින් හඳුන්වාදුන් පුද්ගලයා එහි සිටියා. එම නිවසේ කාමරයකට ගොස්‌, පාල මට හඳුන්වාදුන් පුද්ගලයා ඉදිරියේ තුවක්‌කුව අන් ලෝඩ් කළා. ඒ වෙලාවේ මගේ ටීෂර්ට්‌ එකේ ලේ තියෙනවා දැක්‌කා.

    ය – ඔබගේ ටීෂර්ට්‌ එකට ලේ ආවේ කෙසේද…?

    පිළිතුර – මා හිතන්නේ මම නැවි ෆයිල් එක ගන්න යන විට , ෆයිල් එකේ තිබ්බ ලේ ගෑවෙන්න ඇති. ඒත් ටීෂර්ට්‌ එකේ ලේ ගෑවුණේ කොහොමද කියලා මට හරියට හිතා ගන්න බැහැ.

    මා තුවක්‌කුව බෑග් එක ඇතුළට දමා, ග්‍රෙනේඩය ද එයට දැම්මා. නිවසේ සිටි කෙනාට බෑග් එක දීලා එය අරන් තබන ලෙස කිව්වා. මගේ ටීෂර්ට්‌ එක ගලවා ඔහුගෙන් මම ෂර්ට්‌ එකක්‌ ඉල්ලා ගත්තා. ඒක සුදු පාට අත් දිග ෂර්ට්‌ එකක්‌… ටීෂර්ට්‌ එක පුච්චලා හෝ වෙන දෙයක්‌ කරලා දාන්න කියලා, මම කිව්වා. ඊට පසු මම හේරත් මෝටර් සයිකලය තබාගෙන සිටි නිවසට ගියා. මා යන විට එම නිවසේ ගේට්‌ටුව ඇරලා තිබ්බා. එහි මෝටර් සයිකලය තබා තිබුණා. තුවක්‌කුව තැබූ නිවස පිටුපසින් පාරක්‌ තිබුණා. මා සහ හේරත් එම පාර දිගේ පිළියන්දල බස්‌ යන පාරට ආවා. අප දෙදෙනා පිළියන්දල යන බසයකට නැගී දයාසාන් ටේලර් සාප්පුවට පැමිණියා. සරත් එහි සිටියා. විජය කුමාරතුංගට මා වෙඩි තබන විට දවල් 12.30 ට පමණ ඇත. සවස හතරට පමණ අපි දයාසාන් ටේලර් සාප්පුවෙන් පිටත්ව දාම්පේ නිවසට පැමිණියා. එදා රාත්‍රී නවයට විතර අශෝකා ආවා. ඔහු පැමිණියේ තනිවම. මා සහ හේරත් විසින් අශෝකාට, විජය කුමාරතුංගට වෙඩි තැබූ බව කිව්වා. කට පරිස්‌සම් කර ගන්න කියා අශෝකා කිව්වා. එදා රෑ අශෝකා නැවතුණේ අප සිටි, නිවසෙයි.

    ප්‍රශ්නය – ඔබ විජය කුමාරතුංගට වෙඩි තබන විට විජය ඇඳ සිටි ඇදුම් මොනවාද ?

    පිළිතුර – ඔහු ඇඳ සිටියේ තද පාට කලිසමක්‌. පාට මතක නැහැ. කමිසයේ පාට මතකත් නැහැ. විජය කුමාරතුංග වැටී සිටින විට, ඔහුගේ ඔලුවට මා වෙඩි තබන අවස්‌ථාවේදී, ඔහුගේ ඔලුවේ බොරු කොණ්‌ඩයක්‌ තිබී ගැලවී වැටුණා.

    ප්‍රශ්නය – ඔබ විජය කුමාරතුංගට වෙඩි තැබූ පසු, ඔහු ළඟට ගොස්‌ නැවත වෙඩි තැබුවේ ඇයි…?

    පිළිතුර – මා සිතුවා විජය කුමාරතුංගට හරියට වෙඩි වැදුනේ නැහැ කියා. ඒ නිසා බයිසිකලයෙන් බැස, ඔහු ලගට ගොස්‌, වැටී සිටින විට නැවතත් වෙඩි තැබුවා.

    ප්‍රශ්නය – ඔබ විජය කුමාරතුංගට වෙඩි තැබුවේ ඇයි…?

    පිළිතුර – ජනතා විමුක්‌ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් ලැබුණු නියෝගය නිසා.

    විජය ඝාතනය තෙක්‌ ලයනල් රණසිංහ විසින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද සාක්‌ෂිය එසේය. විජය ඝාතනය ලයනල්ගේ අවසාන දේශපාලන ප්‍රහාරය නොවීය. විජය ඝාතනය පිළිබඳව සිදුකරන දේශපාලන පරීක්‌ෂණයකදී, ලයනල් පිළිබඳව ද හොදින් අවබෝධ කර ගත යුතු නිසා ඔහු විසින් සිදුකරන ලද අනෙකුත් දේශපාලන ඝාතන සහ ක්‍රියාකාරකම් ද සැකවින් හෝ දැන සිටිය යුතුය. ඒ සියල්ල උපුටා ගනු ලබන්නේ ලයනල් විසින් දෙන ලද සාක්‌ෂියෙනි.

    1988 වසරේ මාර්තු මස මැද කාලයේදී ලයනල්, ටාසන් ඇතුළු විසි පස්‌ දෙනෙකුට පමණ සිරිපාද අඩවිය ආසන්නයේ වනගත කඳවුරකදී යළිත් අවි ආයුධ සහ මිලිටරි පුහුණුවක්‌ පක්‌ෂය විසින් ලබා දීමට කටයුතු කළේය. මේ කාලය වන විට අශෝකා, ජයන්ත ඇතුළු කණ්‌ඩායම දේශපාලන සාකච්ඡාවේ ප්‍රමුඛ මාතෘකා බවට පත් කර ගත්තේ පළාත් සභා ඡන්දය, හෝමාගම අතුරු මැතිවරණය වැනි දේය. එසේ වන අතරේ සන්නද්ධ ක්‍රියාන්විතය සඳහා අවශ්‍ය පුහුණුවීම් ආදිය දිගටම කරගෙන යැම ජවිපෙ අපේක්‌ෂාව වී තිබුණු බව, ලයනල් ඇතුලු විස්‌සක, තිහක පමණ පිරිසට ලබා දෙන පුහුණුවෙන් පෙනේ. සමනල මුදුන තරණය කර සිරිපතුල වන්දනා කළ පිරිස, පුහුණුව සඳහා පැමිණ සිටියේ ගුවන් හමුදා සේවයේ යෙදී සිටි අයෙක්‌ බව ලයනල් අවබෝධ කර ගත්තේය. පුහුණුව අවසානයේදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආකෘතියක්‌ සාදා, එයට පහරදී යටත් කර ගන්නා ලෙස පිරිසට දන්වා සිටියේය. තුවක්‌කු වෙනුවට පොලු කැබලි යොදාගෙන කරන ලද එම පුහුණු ප්‍රහාරයේදී කඳවුර යටත් කර ගන්නට පිරිස සමත් විය.

    පුහුණුව අවසන් වී යළි පැමිණීමෙන් පසු, අප්‍රේල් දෙවැනිදා රත්මලානේ බැසිල් ටේ්‍රඩින් සාප්පුව ලයනල් ඇතුළු පිරිස කොල්ල කෑවෝය. එහි තිබූ රෙදි, ඔරලෝසු, ගුවන් විදුලි යන්ත්‍ර, මුදල්, ඡායා පිටපත් යන්ත්‍ර, ආදිය කොල්ල කෑ දේ ඒ අතර විය.

    හෝමාගම අතුරු මැතිවරණයට පෙර ලයනල් විසින් තවත් ඝාතනයක්‌ සිදුකළේය. අශෝකාගේ අණ පරිදි ඝාතනය කරන ලද එම පුද්ගලයා සේවය කරන ලද්දේ, කැස්‌බෑව ඩිස්‌පැන්සරියේ බෙහෙත් දෙන පුද්ගලයා ලෙසය. එසේම ඔහු කිරිවත්තුඩුව ග්‍රාමෝදය මණ්‌ඩලයේ සභාපතිවරයා ද විය. මෙම ඝාතනයෙන් පසුව එතෙක්‌ සිටි ගෙදර අත්හැර ගොරකපිටියේ කුකුල් ගොවිපොළක ලයනල් සහ ටාසන් නැවත්වීමට පක්‌ෂය කටයුතු යෙදවීය. කුකුල් ගොවිපළේ සිටියේ විජිත නම් අයෙකි. ලයනල්ට ඔහු මුලින්ම හමුවී තිබුණේ, 87 වසරේ ජුලි මාසයේදී පාලගේ ගරාජයේදීය.

    ඉන් පසුව ලයනල් සහ තවත් පිරිසකට පක්‌ෂයෙන් කැඳවීමක්‌ ලැබෙන්නේ මහරගමට පැමිණෙන ලෙසය. එයින් පසු ජා ඇලට පිරිස රැගෙන ගියහ. ජාඇලදී කටුනායක ගුවන් හමුදා කඳවුරට පහර දෙන ලෙස උපදෙස්‌ ලැබිණි. ලයනල් ඇතුලු පිරිසක්‌ මේ ප්‍රහාරයට සහභාගී වූහ. ප්‍රහාරය එල්ල කළ ටික මොහොතකින් ලයනල් ටි පනස්‌ හයේ ගිනි අවියක්‌ සමඟ සටනට දායකවී, පසුව වෙනත් පොල් වත්තකට ඇතුල් විය. එම ස්‌ථානයේ තම ගිනි අවිය සගවා මහ පාරට පැමිණි ලයනල් මිනුවන්ගොඩ යන බසයක නැගී පසුව යළිත් තමා නැවති සිටි කුකුල් ගොවිපොළ වෙත පැමිණියේය. ජවිපෙ විසින් හමුදා සහ පොලිස්‌ ගණනාවකට පහරදී අවි ලබාගැනීමේ ප්‍රහාර ගණනාවකටම ලයනල් ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සහභාගි විය. එවැනි මෙහෙයුම් අතර නාගොඩ තල්ගස්‌වල හමුදා මුරපොළට 1987 සැප්තැම්බර් 28, කහවත්ත පොලිසියට 1987 දෙසැම්බර් 30, බම්බලපිටිය පොලිසියට 1989 ජනවාරි 25, පන්නල යුද අභ්‍යාස හමුදා කඳවුරට 1988 නොවැම්බර් 1, කටුනායක ගුවන් හමුදා කඳවුරට 1987 ජුනි 4වැනිදා සහ දෙවන ප්‍රහාරය 1988 අප්‍රේල් 22, හොරණ කුඹුකේ ග්‍රාමාරක්‌ෂක කඳවුරට 1988 ජනවාරි 8 වැනිදාද, පාදුක්‌ක පොලිසියට 1988 ඔක්‌තෝබර් 28 ප්‍රහාරයද ඒ අතර විය. මෙම ප්‍රහාරයන්හිදී ලයනල් ඇතුළු ජවිපෙ කැරළිකරුවන් විසින් එම කඳවුරුවල නවීනතම අවි පැහැරගැනීමට සමත් විය. වාද්දුව හමුදා කඳවුරට කඩාවැදී අවි ලබාගැනීම සඳහා ප්‍රහාරයක්‌ ලයනල්ගේද සහභාගිත්වයෙන් 1987 අගෝස්‌තු සිදුවූවද එය සාර්ථක නොවීය. ජවිපෙ දේශපාලන සිරකරුවන් මුදා ගැනීම සඳහා 1988 දෙසැම්බර් 13 වැනිදා මැගසින් බන්ධනාගාරයට පිටතින් සහ ඇතුළතින් ප්‍රහාරය එල්ලකර ජවිපෙ රැඳවියන් 221ක්‌ මුදවා ගැනීමේදී ලයනල් වැදගත් මෙහෙයක්‌ ඉටුකළ බව ධර්මන් වික්‍රමරත්න විසින් ලියන ලද ජාතික විමුක්‌ති අරගලයකින් සමාජවාදය උදාකිරීමට “පෙතියෝ” 41ක්‌ මරාදැමූ ජවිපෙ කැරලිකරු මෙන්න යන ලිපියේ දැක්‌වේ.

    පාමංකඩ හන්දියේදී එජාපයේ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු වෙත වෙඩි තබන ලද්දේ ලයනල් විසිනි. එම ප්‍රහාරය සදහා අස්‌ගිරිය, සහ ටාසන් දායක වී තිබුණි. පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි, මීගොඩ ආයුර්වේදය අසල පදිංචි වී සිටි ධර්මසේනගේ නිවසට මහ රෑ කඩා වැදුණු ලයනල් ඇතුළු පිරිස ධර්මසේන සහ එහි සිටි ග්‍රාමාරක්‌ෂක භටයන් ඇතුළු පිරිසකට වෙඩි තැබුහ. පසුදා තමන් නැවති සිටි කුකුළු ගොවිපොළට ගිය ලයනල් තමන් සහ පිරිස එල්ල කරන ලද ප්‍රහාරය පිළිබද විස්‌තර දැන ගත්තේ, අශෝකා විසින් රැගෙන ආ දිවයින පත්තරයෙන්ය. වෙඩි ප්‍රහාරයෙන් හයදෙනෙක්‌ මිය ගොස්‌ තිබුණත් ධර්මසේන තුවාල ලබා මරණයෙන් ගැලවී තිබුණි.

    මෙසේ ලයනල්ගේ වෙඩි පහරට ලක්‌ව මරු වැළද ගත් පිරිස අතර අමාත්‍ය වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත්, කොළඹ නාගරික මන්ත්‍රී ජයන්ත මල්ලිමාරච්චි 1989 පෙබරවාරි 15 දා මට්‌ටක්‌කුලියේදීද, එජාප නාගරික මන්ත්‍රීවරුන් වූ ලෙස්‌ලී රණගල බොරැල්ලේදීද, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ පොලිස්‌ නිලධාරින් කිහිපදෙනෙක්‌ , එජාප ජාතික සේවක සංගමයේ වරාය ඇතුළු ස්‌ථාන කිහිපයක ඉහළ පෙළේ නිලධාරින් තිදෙනෙක්‌, ඉන්දියාවේ මුල්පෙළේ ව්‍යාපාරිකයෝ දෙදෙනෙක්‌ ඇතුළු පිරිසක්‌ ද වූහ.

    1989 මාර්තු 9 වැනිදා කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්‌ටැන්ලි විඡේසුන්දර ඝාතනය කිරීමෙන් පසු පුංචි බොරැල්ලේ කපිලගේ නිවසට ගිය ලයනල් එදින රාත්‍රිය ගත කරන ලද්දේ එහිදීය. පසුව මාර්තු 14 වෙනිදා තවත් කටයුත්තක්‌ පිළිබඳව ඉදිරි සැලසුම් සදහා කතිකා කර ගැනීමට, ජයන්ත හෙවත් ලලිත් විඡේරත්න හමුවීම සඳහා පුංචි බොරැල්ල සඳහා පැමිණි ලයනල්, හමුව සඳහා තව වේලාව තිබෙන බැවින් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දෙසට ඇවිදගෙන යද්දී, සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස්‌ නිලධාරින් දෙදෙනෙකු තමන්ගෙන් ප්‍රශ්න කර අසල තිබූ ත්‍රිරෝද රථයක නංවාගෙන ගොස්‌ අත්අඩංගුවට ගත් බව ලයනල් විසින් අවසාන වශයෙන් ප්‍රකාශ කළේය. සිය සාක්‌ෂිය අවසානයේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් ලයනල් කරන ලද ඉල්ලීම වූයේ තමාගේ මව බැලීමට අවශ්‍ය බවය.

    [rns_reactions]

  • කෝච්චියේදී සුද්දය දාන ප්‍රේම කුරුල්ලෝ

    ලංකාවේ බොහෝ දෙනෙක් වැඩට යන්න එන්නේ පොදු මගී ප්‍රවාහන සේවයේය. එයද බස් සහ දුම්රිය ලෙස බෙදෙන අතර එයිනුත් දුම්රිය හරහා වැඩට යන එන අය බොහෝය. එසේ යන එන ඔබත් මමත් මේ කෝච්චිය තුළ විඳ ඇති අත්දැකීම් බොහෝය. ඉන් වැඩිපුරම සොරකම්ය. මේ සොරකම් නිසා කෝච්චිය තුළ අපහසුතාවයට ලක්වූවෝ බොහෝ වෙති.

    මේ කතාව පටන් ගන්නට යන්නේ ලියුම්කරුට දුම්රියේදීම හමුවූ අයකු විසින් කී කතාවක් හරහාය. මේ කතාව අසන ඔබට යම් ආකාරයක සැකයක් ඇති විය හැක. ඒ සත්‍යද අසත්‍යද කියාය. ලියුම්කරුටද එය පළමු අවස්ථාවේ සිතිනි. එහෙත් මෙය සොයා බැලූ පසුව දැනගන්නට හැකිවූයේ එය සත්‍ය සිද්ධියක් කියාය.

    මේ සිද්ධියේ කතානායකයා නුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාව සිදුකළ අතර නැවතී සිටියේ කොළඹට නුදුරු ප්‍රදේශයකය. සතියට සැරයක් එනම් සිකුරාදා සවස ඔහු ගම රට බලා පිටත් වන්නේය.

    ඒ අනුව එක් දිනක් ඔහු සවස නුවර කෝච්චියට ගොඩවුණේ ගමේ යාම සඳහාය. ඔහු කොළඹ දුම්රියපොළෙන් නැග අසුන්ගත් අතර ඒ අසල තරුණියක්ද සිටියාය. දුම්රිය ක්‍රම ක්‍රමයෙන් නුවර බලා ඇදෙන්නට විය. මඳදුරක් යමින් සිටියදී අසල සිටි තරුණිය ඉංග්‍රීසි මුසු සිංහලෙන් තරුණයාව ඇමතුවේය. “අයියා මේ ට්‍රේන් එක ලේට්ද” තරුණයා නැත යනුවෙන් පිළිතුරු දුන්නේය. තවත් මඳ දුරක් ගියපසු එම තරුණිය “අයියා මේ ට්‍රේන් එක යනකොට ගොඩක් රෑ වෙනවද?” එම තරුණියගේ හැසිරීම තේරුම් ගත් තරුණයා විමසුවේ “මීට කලින් මේ කෝච්චියේ ගොස් නැති”දැයි විමසුවේය. තරුණිය ඔන්න කතාව කියන්නට පටන් ගත්තාය. “නෑ අයියා. මම නුවර යන්නේ තනියම පළවෙනි වතාව. අපේ ලොකු අම්මලගේ ගෙදර. අයියා එනවා කිව්වා ස්ටේෂමට. මට ටිකක් බයයි. දන්නෙත් නෑනේ. කළුවරත් එක්ක. ඒකයි අයියගෙන් ඇහුවේ…”

    ඈ එලෙස කතා කරනවිටත් හැඟුම්බරවී සිටියේය. මේ කතාව අසා සිටි තරුණයා කීවේ තමනුත් නුවර යන නිසා බය නොවී සිටින ලෙසය. මඳදුරක් ගිය පසු තරුණයා රාත්‍රී ආහාරයට ගත් බනිස් ගෙඩියක්ද ඇයට දුන්නේය. ඇය බෑ බෑ කියමින් එය අතට ගෙන කෑවේය. තැනින් තැන නවත්වමින් යන කෝච්චිය මේ දෙදෙනා තව තවත් ළං කරන්නට සමත් විය. කඩුගන්නාව කන්ද නගින විට දෙදෙනා ඇමතුවේ දෙදෙනාගේ නම් වලිනි. ඒ තරම් සමීප වී සිටියේය. එපමණක් නොව නැවත හමුවීමටද දෙදෙනා තීරණය කළෝය. පේරාදෙණිය ළං වනවිට තරමක ආදරයක්ද තරුණයාට තරුණිය කෙරෙහි හටගෙන තිබුණේය.

    නුවරට ළං වනවිට ඇගෙන් දුරකථන අංකයද ඉල්ලා ගත් තරුණයා ඈ කෙරෙහි විශ්වාසය තබා ගත්තේය. දෙදෙනාම නුවරින් බැසගත් අතර දුම්රියපොළ ඉදිරිපිටට පැමිණි පසු තරුණිය තරුණයාගෙන් ඇසුවේ අයියා එනතෙක් සිටිනවාද යන්නය. ඊට එකඟවුණු තරුණයා ඈත් සමඟ එහි රැඳී සිටියේය.

    මඳ වෙලාවක් ගිය පසු තරුණිය අයියාට කියා ඇමතුමක් ලබාගත් අතර ඈ දුරකථනය කනේ තබා ගනිමින්ම තව පැයක් යනවද කියා ඇසුවේය. ඒ තරුණයා දෙස බලාය. අවසානයේ පැයක් සිටින්නට සිදුවන නිසා තරුණයාට ඒ බැව් දැන්වීය. මේ අතර තරුණිය විසින් අපි වැව රවුමට යමුදැයි ඇසුවාය. තරුණයා එයට එකඟ වූ අතර ඒත් සමඟ ඔවුන් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක් කැඳවා එයට තරුණිය හදිසියේ ගොඩ විය. මඳ දුරක් යනවාත් සමඟ තරැණිය බෑගය ඇද්දේය. එහි තිබූ වතුර බෝතලය දැක “අයියෝ මට අමතක වුණානේ අම්මා හදලා දුන්න දෙහි එක බොන්න” යැයි ඇය කීවාය.

    එසේ කියමින් ඈ එහි මූඩිය ඇර “ආ ඔයා බොන්න” යැයි කියා දිගු කළේය. ඇයට බෑ කීමට නොහැකි නිසා ඔහු උගුරු දෙකක් කටේ හලා ගත්තේය. ඉන්පසුව ඈ බෝතලේ ගෙන “ඉන්න මම අයියට කියන්නම් නුවර වැව ගාවට එන්න කියලා” යැයි කියමින් ඈ ඇමතුම ගනිමින් බෝතලේ මූඩිය වසා දැමුවේය. ඒ වනවිටත් වැව රවුම අසලට පැමිණි සිටි දෙදෙනා ත්‍රීරෝද රථයෙන් බැස ගත්තේය. ඔවුන් ඇවිද ගොස් සිමෙන්ති බංකුවක වාඩිවිය. එහෙත් තරුණයට විනාඩි කිහිපයක් යනවිට කරකැවිල්ලක් එන්නට විය. ඔහු එම තරුණියට ඒ බව කියනවා මතක තිබුණේය.

    ඇඟේ තෙහෙට්ටුවක් සමඟ තරුණයා ඇස් අරින විට සිටියේ රෝහලක සයනයේය. ඔහු සමීපයේ සිටි තරුණියද නැත. ඒ වෙනුවට වෙනත් අයෙක් ඇත. බියවූ තරුණයා මේ ගැන විමසුවේය. එවිට එහි සිටි පුද්ගලයා කීවේ මඟ වැටී සිට දැක රැගෙන ආ බවය. කෙසේ වෙතත් මේ සිද්ධිය පුදුම සහගත බව තරුණයාට සිතුණේය. එහෙත් කරුමය නම් ඒ වනවිටත් ඔහු අතේ වූ බ්‍රේස්ලට් එක, පවුම් තුනක රත්තරන් මාලය, මුද්දක් හා මුදල් පසුම්බිය නැති වී තිබීමය. හැමතැනම බැලුවත් ඒ කිසිවක් තිබුණේ නැත. ඒ අනුව මඟ හමූවී හඳුනාගත් තරුණිය මෙය සිදුකර ඇති බව ඔහු දැන ගත්තේය.

    අවසානයේ තරුණයා පොලීසියට පැමිණිල්ලක් දැමූ අතර පොලීසිද කීවේ අපූරු දෙයකි. එනම් මෙවැනි පැමිණිලි නිතර ලැබෙන බවය. මෙය සංවිධානාත්මක කල්ලියක් විසින් සිදුකරන බවද කියවිණි. කෙසේ වෙතත් මෙවැනි සිද්ධි නිතර දුම්රිය තුළ සිදුවන බවත් එහෙත් ඒ සැමදේම පොලීසියට වාර්තා නොවන බවත් සඳහන් වේ. හේතුව ඇතැම් අවස්ථාවල කාන්තාවන් තරුණයන් රැගෙන කාමරවලට ගොස් සිදුකළ කොල්ලකෑම් නිසාය. ඒ නිසා එවැනි සිදුවීම් පොලීසියට වාර්තා වෙන්නේ ඇත. මේ අතර පිරිමින්ද කාන්තාවන් රවටා කොල්ලකෑම් සිදුකරන බව සඳහන් වේ. හොඳට ඇඳ පැළඳ එන ඔවුන් රටේ ඉහළ තැන්වල රැකියා කරන බවත් නිවාඩුවට ගමේ යන බවත් පවසා මිතුරු වී දුරකථන අංක ලබා ගනිමින් කාන්තාවන් කොල්ලකෑම් සිදුකරන බව වාර්තා වේ.

    කෙසේ වෙතත් දැනට ලැබී තිබෙන තොරතුරු අනුව මොවුන් වැඩිපුරම සැරිසරන්නේ දුර ගමන් සේවා දුම්රිය තුළය. ඒ අදාළ පුද්ගලයන් ගැට ගසා ගැනීම සඳහා කාලය ලබා ගැනීමටය. එසේම ඔවුන් එලෙස දුම්රියේ යනවිට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා කණ්ඩායමේ තවත් දෙදෙනකු එම කෝච්චි පෙට්ටියේ ගමන් කරන බව සඳහන්ය. ඒ උන්ගේ ආරක්ෂව සඳහාය. ඇතැම් අවස්ථාවල අදාළ කොල්ලය සැලසුම පරිදි සිදු නොවුණහොත් පිහියක් පෙන්නා හෝ එය සිදුකිරීමට ඔවුන් පෙළඹී සිටිති. එයට හේතු වී ඇත්තේ මෙහි ඉන්නා පුද්ගලයන් බොහෝදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසාය. මේ නිසා කෙසේ හෝ මුදල් සොයා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇත. ඒ නිසාම අතේ පයේ දේ සූරගෙන යාමට ඔවුන් පෙළඹී ඇත.

    කෙසේ වෙතත් හැමෝටම සිහි නැතිවෙන්න බොන්න දෙන්නේ නැත. ඇතැම් අය ආහාරයකට දමා දෙති. ඒ නිසා විවිධ ක්‍රම භාවිතාකොට සිහි නැතිකිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

    පොකට් ගසන උන්, චේන් කඩන උන්ට වඩා ඉතා සූක්ෂමව සිදුකෙරෙන මෙම කොල්ල කෑම් නිසා බොහෝ දෙනෙක් අසරණ වෙති. නීතියේ පිහිට පැතීම අත්හරිති. ඒ ලජ්ජාව නිසාය. මේ හේතුවෙන් හොරුන් සදාකල් දිනනු ඇත. ඒ නිසා දුම්රියේ ගමන් ගන්නා මගීන් ලෙස මීට වඩා අවධානයෙන් සැලකිලිමත් ලෙස හැසිරිය යුතු බව සිහි කිරීමට කැමැත්තෙමු. පොලීසියටවත් පැමිණිලි නැති මේ අපරාධකරැවන් අත්අඩංගුවට ගැනීම අසීරුවන්නේ වෙන කිසිදෙයක් නිසා නොව ඔබේ අඩුපාඩු නිසාය. ඒ නිසා දුම්රියේ හමුවන ප්‍රේමකුරුල්ලන් කිරිල්ලියන් ඔබේ දේපලට අත තබනා තවත් වෙනස් ආකාරයේ මංකොල්ලකරැවන් පිරිසක් බව අමතක නොකරන්න.

    [rns_reactions]

  • අවුරුදු පහළොවේ දුවත් මහ පාරේ විකුණයි – ශුද්ධ භූමිය පෙනෙන මානයේ කියන්න කැත ගණිකා ඡාවාරම

    දරිද්‍රතාව මහමඟට ඇඳ දැමූ කාන්තාවන්ගේ, දැරියන්ගේ ඛේදවාචකය… – අනුරපුරයට මෙවැනි කතා අමුතු දේවල් නොවේ…

    ඕනෑම සමාජයකදී වැරැදි සිදු වේ. දැන හෝ නොදැන කරන වැරැදි අතර සමාව දිය හැකි වැරැදි තිබේ. එහෙත් මවක්‌ විසින් තම කුඩා දියණියක්‌ සලෙලුන්ට විකිණීම වැනි මතෘත්වයට නිග්‍රහ කරන අශ්ලීල ක්‍රියාවකට කිසිදු සමාජයකදී සමාවක්‌ දිය නොහැකිය. එවැනි කාලකණ්‌ණි ගනුදෙනුවක්‌ අනුරාධපුර අලුත් බස්‌ නැවතුම්පළ ඉදිරිපිට ලයිට්‌ කණුවක්‌ යටදී සිදු වේ.

    අනුරාධපුර නගරයේ බහුතරය මේ හිරිකිත ගනුදෙනුව ගැන දැනුවත්ය. අනුරාධපුර නගරයම ආවරණය වන පරිදි රහස්‌ කැමරා පද්ධතියකින් සමන්විත නගරයේ ප්‍රධාන බස්‌ නැවතුම්පළ ඉදිරිපිට කෙරෙන කාලකණ්‌ණි ගනුදෙනුව ගැන පොලිසිය නොදැනුවත්ව සිටී නම් එය ද ගැටලුවකි. නීතියේ

    දෙනෙත්හි නොරැදුණු, දැක අහක බලාගෙන සිටින්නේ ද මේ පහත් නීච ක්‍රියාව දැනුදු කළුවර හැන්දෑවට ප්‍රසිද්ධියේ අනුරාධපුර අලුත් බස්‌ නැවතුම්පළ ඉදිරිපිටදී සිදු වේ. සිද්ධිය ගුජුප්සාජනකය. සිරිමා බෝධීන් වහන්සේගේ පහස ලබන උතුම් නගරයේදී මෙවැනි හිරිකිත, අප්‍රසන්න ක්‍රියාවකට ඉඩදීම බෞද්ධ සමාජයට කරන අගෞරවයකි. එහෙයින් අපේ වෑයම ඒ අප්‍රසන්න කතාවත් සමඟ නීතියේ වැට පනින අනුරාධපුර ගණිකා ව්‍යාපාරයේ අලුත් විත්ති ගැන රට්‌ටු දැනුවත් කිරීමය.

    n1 1තම දියණිය සලෙලුන්ට විකුණන මේ කාන්තාව අනුරාධපුරයේ පදිංචිකාරියක්‌ නොවේ. ඇය දඹුල්ල ප්‍රදේශයේ සිට අනුරාධපුර නගරයට පැමිණ ඇත්තේ මුදලට ඇඟ විකිණීම වෘත්තිය කරගෙනය. අනුරාධපුරයට පැමිණෙන විට ද ඇය විවාහක එක්‌දරු මවකි. ඇයගේ සැමියාට ස්‌ථිර රැකියාවක්‌ නැති කුලිකරුවෙකි. පසුව ඇය අනුරාධපුර නගරයේ ‘චරිතයක්‌’ වන විට තම සැමියා සහ දියණියව ද අනුරාධපුරයට කැඳවාගෙනැවිත් නුවර වැව් කණ්‌ඩිය ආසන්නයේ පැලක්‌ අටවාගෙන ජීවත් වූහ.

    කාලය ගෙවී යන විට ආරවුලකට මැදි වූ ඇයගේ සැමියා ආබාධිතයෙක්‌ විය. අනතුරුව නගරයේ රස්‌තියාදු වූ තවත් අපතයෙක්‌ ඒ ගුබ්බෑයමට රිංගන්නට පටන් ගත්තේය. ඒ අතර කාලයේදී ඇයට තවත් දරුවන් දෙදෙනෙක්‌ ලැබිණි. ඔවුන් දෙදෙනාම පිරිමි දරුවන් විය. කාලයත් සමඟ ඇයගේ කය වැහැරිණි. ඇයට තිබූ ඉල්ලුම හීන විය. අවසානයේ වෘත්තියේ රසය දන්නා ඇය තම වැඩිමහල් සහ එකම දියණිය පාරට දකකාගෙනැවිත් සලෙලුන්ගේ කෙළි භාණ්‌ඩයක්‌ කළාය. තවමත් ඇඟ පත හෝ නොවැඩුණු පුංචි දැරිවියට සලෙලුන්ගේ ඉල්ලුම ඉහළය. අවලම් අම්මණ්‌ඩිය දියණිය හරහා අසහනකාරයනව තම ගුබ්බෑයම තුළට ගෙන්න ගන්නීය. ඇඟේ වස්‌ත්‍ර ගලවන අසහනකාරයා අවසානයේ ගුබ්බෑයමෙන් එළියට යන්නේ යට ඇඳුම පිටිනි. ඉතිරි සේසතම ඒ සල්ලාල කාන්තාව, හොර මිනිහා සහ දුව විසින් කොල්ලකා ගන්නාහ. එම ගුබ්බෑයම අවට වැසියන්ට මේ අවලම් කොල්ලකෑම් සාමාන්‍ය දෙයකි. දරුවන් තිදෙනාගෙන් කිසිවකු අකුරක්‌ ඉගැනීමට පාසලකට නොයන ගෝත්‍රිකකමින් නොමිදුණු මේ පවුල අනුරාධපුර නගරයට මහා පිළලයක්‌ වී අවසානය.

    ඒ කාලකණ්‌ණි කතාව අවසාන වන විට අනුරාධපුරය කළුවර වෙලාය. ඉදිකටු වැස්‌සක්‌වත් නොවැටෙන අනුරාධපුර නගර මධ්‍යයේ මල් කුඩ ඉහළා ගත් රෑ මනමාලියන් එහා මෙහා යති. හැන්දෑවට අනුරාධපුර නගරයේ මෙවැනි දසුන් සාමාන්‍යයි. එමෙන්ම අනුරාධපුර නගරය රාත්‍රියට විසූක දස්‌සනවලින් පිරුණු නගරයක්‌ බව මෙරට ප්‍රසිද්ධය. නගරයට එන ඕනෑම කෙනෙකුට පසුම්බියේ ප්‍රමාණයට සම්බාහනය වෙන්න ඕනෑතරම් ‘තැල්මට්‌’ කඩ තිබේ. මධු විතෙන් සප්පායම් වී ගෑනු පරාණයක්‌ තුරුලු කරගෙන නැටුම් නටා, සතුටේ අනන්තයට යැමට අවැසි නම් සුපිරි රාත්‍රි සමාජශාලාවක්‌ තිබේ. එහෙත් දවස තිස්‌සේ හේන් තඩි ගහන ගොවියෙක්‌ට, වන්දනාවේ පැමිණි ගමේ සිරිසේන කෙනෙකුට සහ ඩියුටි මාරුවන හමුදා සොල්දාදුවකුට ඒ ලොවේ සරන්නට පසුම්බිය බර මදි නම් වැව් පිටියකට, ලඳු කැලෑවකට වහං වී තම ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමට අවශ්‍ය වීදි ගණිකාවන් ද අනුරාධපුර නගරය පුරා බුරුතුපිටින් සිටිති. ඒ අතර හිරිමල් ගැටිස්‌සියන්, විසේකාර තරුණියන්, මැදිවියේ අම්මණ්‌ඩිලා, සම හැළෙන, සුදු කෙස්‌ සඟවාගත් ආච්චි අම්මලාද සිටින්නාහ. අනුරාධපුර අලුත් බස්‌ නැවතුම්පළ ඉදිරිපිට මවක්‌ කුඩා දියණිය විකුණන්නේ විවිධාකාර වූ මේ නගර සෝබනියන් අතරය.

    අනුරාධපුර නගරය ගණිකාවන්ගේ තිප්පොළක්‌ බවට පත්වන්නේ ත්‍රස්‌තවාදී යුද්ධයේ ආරම්භයත් සමඟය. එනම් උතුර, නැගෙනහිර ප්‍රදේශවලට ගමන් කරන මාර්ග වැසී යැමත් සමඟ එම ප්‍රදේශවල ක්‍රියාන්විත රාජකාරිවල නියෑළුණු හමුදා සාමාජිකයන් ප්‍රවාහනය කරනු ලැබුවේ ගුවන් සහ මුහුදු මාර්ග ඔස්‌සේය. එකල බොහෝදුරට උතුරු, නැගෙනහිර ප්‍රදේශවලට ගුවන් ගමන් ආරම්භ කරනු ලැබුවේ අනුරාධපුරයේ සිටය. රාජකාරියට යන සහ නිවාඩු එන හමුදා සාමාජිකයන්ගේ අවසාන නවාතැන්පොළ වූයේ අනුරාධපුර අතරමැදි කඳවුරය. රාජකාරියට යන හමුදා සාමාජිකයන් ගුවන් ගමන් ප්‍රමාද වීම නිසා දවස්‌ ගණන් අනුරාධපුරයේ රැඳුණු අවස්‌ථා තිබිණි. නිවාඩු එන සෙබළු අනුරාධපුරයෙන් ගොඩ බහින්නේ මාස ගණන් කැලේ දුක්‌විඳ හාමතේය. ඔවුහු නිවසට යැමට පෙර අනුරාධපුර නගරයේදීම හාමත් වූ සිතට, ගතට යුතුකම් ඉටු කිරීමට පසුබට නොවූහ. නිවාඩු නිමා කොට නැවත ක්‍රියාන්විතයට යන හමුදා සාමාජිකයෝ ද කල්තියා අනුරාධපුරයට ගොස්‌ මාස ගණනකට සෑහෙන්න සතුටු වී යැමට පුරුදු වී සිටියහ. එවැනි සෙබළුන්ට බඩ පුරා කෑමට කෑම කඩ, සිත විකල්වන තරමට මත්වීමට අරක්‌කු තැබෑරුම් සහ ලිංගික අසහනය නිවෙන තුරු සන්තර්පනය වීමට මුදලට විකිණෙන කාන්තාවන් ද ඕනෑතරමට සිටියහ. එසේ කාලයක්‌ ගත වන විට අනුරාධපුර නගරය මෙරට අංක එකේ ගණිකා තිප්පොළ බවට පරිවර්තනය විය. අනුරාධපුර නගරයට යාබද ප්‍රදේශවල කාන්තාවන් මෙන්ම ගාල්ල, මාතර, නුවර, කොළඹ විවිධ ජාති ආගම්වල කාන්තාවන් රෑ මනමාලියන් ලෙස අනුරාධපුර නගරයේ වීදිවල සරන්නට වූහ.

    දැන් අප අසල සිටින වියපත් කාන්තාවද වසර තිහකට වැඩි කාලයක සිට අනුරාධපුර නගරයේ ලොව පැරැණිම වෘත්තියේ යෙදුණු රෑ මනමාලියකි. ඇයට අපි සීතා යෑයි කියමු. පදිංචිය නුවරය. අනුරාධපුර නගරයේදී දැනහැඳින ගත් ත්‍රිරෝද රථ රියෑදුරෙකු මාර්ගයෙන් අපට මුණුගැසුණු සීතා ප්‍රථමයෙන් අප සමඟ වෘත්තීය ජීවිතය ගැන කතා කිරීමට මැලි විය. එහෙත් අපගේ පෙරැත්ත කිරීම මත ක්‍රමයෙන් ඇයගේ මුව විවර විය.

    ”මම කසාද බැන්දේ අවුරුදු දාසයෙන්. අවුරුදු විස්‌ස වෙනකොට මට දරුවෙකුත් හිටියා. මිනිහත් දාලා ගියා. මම ඉගෙනගෙනත් නෑ. ජීවත් වෙන්න විදිහක්‌ නැති වුණා. පස්‌සේ දුව අම්මට භාර දීලා මම නුවර තේ කඩේක වැඩට ගියා. ඒකෙන් ලැබෙන පඩිය අපිට ජීවත් වෙන්න ප්‍රමාණවත් වුණේ නෑ. පස්‌සේ දැන හඳුනගත්ත අයියා කෙනෙක්‌ මාර්ගයෙන් අනුරාධපුරය නගරයේ තේ කඩේක වැඩට ආවා. ඒ කඩේ රෑටත් ඇරලා. රෑට නගරයේ ඇවිදින ගෑනු වැඩිපුරම කන්න, බොන්න ආවේ අපේ කඩේට. ඒ ආපු අය කියන දේවල් එක්‌ක මටත් මේ ජොබ් එකට බහින්න හිතුණා. මට ආරක්‍ෂා කරගන්න දේකුත් නෑ. මාව ආරක්‍ෂා කරන්න කෙනෙකුත් නෑ. මම කැමැත්තෙන් මේ රැකියාවට බැස්‌සා…”

    ”පොත්ත රතු නොවුණාට මටත් හොඳට විසේ තිබුණා. පාරට බැස්‌ස අලුත හොඳට බිස්‌නස්‌ තිබුණා. ඒ කාලේ අනුරාධපුර නගරය හමුදා කෑම්ප් එකක්‌ වගෙයි. දහයක්‌ කතා කළොත් අටක්‌ ආමි එකේ. නිවාඩු ඉඳලා එන කොල්ලො බැස්‌ස ගමන් දුවන්නේ ටවුන් එකේ බැංකුව ළඟට. සල්ලි අතට ගත්තා. ත්‍රිරෝද රථකාරයෙක්‌ එක්‌ක චැට්‌ එකක්‌ දාලා ඊළඟට යන්නේ ගෑනියෙක්‌ ළඟට. සමහර ගෑනු කැලේ දුක්‌විඳලා එන කොල්ලන්ගේ සබ්බසකලමනාවම සුද්ද කරගෙන ගෙදර යන්න සතේ නැති කරනවා. ඒ කාලේ එහෙම දේවල් කරපු ගෑනුන්ට කොහෙන්හරි රිටන් එකත් ලැබුණා. හිටි ගමන් සමහර ගෑනුන්ගේ රහ සඟ, බෙලි කපලා ගිය අවස්‌ථා ඕන තරම් තිබුණා. රවට්‌ටගෙන ගිහින් කොල්ලො හතර, පස්‌දෙනා දවස්‌ ගණන් තියාගෙන බාගෙට මරලා පාර අයින්වල දාලා ගිය අවස්‌ථා තිබුණා. හමුදා කොල්ලො එක්‌ක ගනුදෙනු කරනකොට පරිස්‌සම් වෙන්න ඕනා. කැලේ ඉඳලා එන කොල්ලො වනසත්තු වගෙයි. මම නම් ජීවිතේට කාගෙන්වත් රුපියලක්‌ කඩා වඩාගෙන නෑ. මා ළඟට එන ආමි කොල්ලන්ව උපරිමයෙන් සතුටු කරලා ඇරියා මිසක්‌ රුපියලක්‌වත් වැඩිපුර අරගෙන නෑ. හැබැයි ආමි කොල්ලො අපි කියන ගානට වඩා කීයක්‌ හරි වැඩිපුර දීලා යන්නේ. හිත හොඳ කොල්ලො. සමහර ආමි කොල්ලො එක්‌ක මම සති ගණන් ඉඳලා තියෙනවා. තේ කඩේ මාසේම වැඩ කරලා ගන්න පඩිය දවස්‌ දෙකෙන් හෙව්ව අවස්‌ථා තියෙනවා…”

    ”අපි ජීවත් වෙච්ච කටු මැටි ගේ පුංචියට සිමෙන්ති ගඩොලෙන් හදාගත්තා. දරුවා ඉල්ලන දේ අරගෙන දුන්නා. උගන්වන්න උත්සාහ කළා, ඒත් ඉගෙනගත්තේ නෑ. දැන් එයත් කසාඳ බැඳලා ගියා. අම්මත් නැති වුණා. මම ගෙදර තනි වුණා. ජීවත් වෙන්න මම තවම මේ රස්‌සාව කරනවා. තරුණ කාලේ වගේ දැන් රෑට ඉන්නේ නෑ. උදේට නුවර ඉඳලා අනුරාධපුරයට එන බස්‌ එකේ ඇවිත් හවස අන්තිම බස්‌ එකේ ගෙදර යනවා. දැන් ඉස්‌සර වගේ අපිට බිස්‌නස්‌ නෑ. අපි පරණයි. පොෂ් නෑ. මූණේ තවරගෙන ඉන්න ලාටු ටික ඉවත් කළාට පස්‌සේ ගන්න දෙයක්‌ නෑ. තව ටික දවසක්‌ ගිහිල්ලා ආයෙමත් මම තේ කඩේක වැඩට යනවා. නැති නම් මේ නගරයේ මුල්ලකට වෙලා බුලත්විට ටිකක්‌ විකුණනවා. ඉස්‌සර මේ නගරේ වන, වන ගිය හුඟ දෙනෙක්‌ දැන් පැත්තකට වෙලා බුලත්විට විකුණනවා…”

    ”ඒ කාලේ වගේ නෙමෙයි දැන් බිස්‌නස්‌ අඩුයි. උතුරට, නැගෙනහිරට යන ආමි එකේ දැන් කොල්ලො අනුරාපුරයේ බහින්නේ කලාතුරකින්. අපේ වෘත්තියේ යෙදෙන ගෑනුත් දැන් අඩුයි. දැන් ඉන්න සමහර අම්මණ්‌ඩිලා මහා රෑ වෙනකොට රුපියල් සීය, දෙසීයටත් යනවා. ඒ යන්නෙත් කාමරයකට නෙමෙයි, වැවක්‌ අයිනකට, ලඳු කැලෑ රොදකට. ඔය රුපියලට, දෙකට නිදාගන්න උන් තමයි මේ වෘත්තියත් නන්නත්තාර කරලා තියෙන්නේ. ඒ කාලෙත් කොල්ලො පස්‌හය දෙනා එක්‌ක කැලෑ පඳුරුවලට ගිය උන් හිටියා. හැබැයි උන් එළියට එනකොට දාහ පහළොස්‌දාහක්‌ ගෙවනවා…”

    ”මේ අවලම් රස්‌සාව වඳ වෙලාම යන්න ඕනා. ගොඩක්‌ අය හිතන්නේ අපි මේ රස්‌සාව කැමැත්තෙන් කරනවා කියලා. නෑ… මේක කිසිම තෘප්තියක්‌ නැති රස්‌සාවක්‌. මම කියනවා බොරු ද බලන්න මහත්තෙලා ඔය නගරයේ ඉන්න තව ගෑනු දෙතුන් දෙනෙක්‌ එක්‌ක කතා කරලා බලන්න.. ‘කරන්න දෙයක්‌ නැතිකමට කරනවා’ කියලා නොකිව්වොත් මට ඇවිත් බැණලා යන්න…” ආයාසයෙන් එළියට ගත්ත කතාවේ අවසානයට මහත් වේගයක්‌ තිබිණි. වැඩ කරන වේලාව නිකරුණේ ගත වුවද ඒ පිළිබඳ ඇය නොතැවිණි. ජීවිතයේ අගහිඟකම්වලින් මිදෙන්නට සහ නරක පූර්වාදර්ශයන් මත වීදියට වැටුණු සීතාට නැවත ගොඩ ඒමට නොහැකි විය. ඇය තවම නරකාදියේය.

    සීතා රැකියාවේ යෙදෙන අනුරාධපුර පොදු වෙළෙඳපොළ තුළ තවත් ගණිකාවන් රැසකි. ඒ ආසන්නයෙන් යනෙන පිරිමින්ට ඇතැම් ගණිකාවන් විසිල් කර කතා කරන්නට, ළඟින් යන විට නිරුවත් කකුල් දමා මග අහුරන තරමට ඔවුහු පොදු වෙළෙඳපොළ තම ආධිපත්‍යයට ගෙන ඇති අයුරු ද අපි දුටුවෙමු. එමෙන්ම අනුරාධපුර නව නගරය, පැරැණි බස්‌ ටෑන්ඩ් එක ගණිකාවන්ගේ රාජධානි බවට පත්ව ඇත. නුවර වෑවේ වෑකන්ද, මෛත්‍රිපාල සේනානායක මාවතේ සියලු අතුරු මාර්ග රාත්‍රි කාලයට ගණිකාවන්a සහ සල්ලාලයන් එකතුවන එළිමහන් නාඩගම් පිටි බවට පත්ව ඇත. එකී ප්‍රදේශවලදී ලයිට්‌ එළි වදින විට අඩනිරුවත් සිරුරු ක්‍ෂණයෙන් ලඳු කැලෑවලට වහං වීම සුලබ දර්ශනයකි. මේ ගණිකා ආදිපත්‍යයට අනුරාධපුර නගරයේ බොහෝ ත්‍රිරෝදකරුවන්, ව්‍යාපාරිකයන් විරුද්ධය. එහෙත් බුද්ධි අංශ නිලධාරීන් නිරන්තරයෙන් ගැවසෙන සහ නීතිගරුක අනුරාධපුර පොලිසිය ගණිකාවන් අත්අඩංගුවට නොගැනීම නගරවාසීන්ට මහත් ගැටලුවකි. එමෙන්ම රාත්‍රි මුර සංචාරයේ යෙදෙන පොලිස්‌ නිලධාරීන් රෑ මනමාලියන් සමඟ සතුටු සාමීචියේ යෙදෙන අවස්‌ථා ද අනුරාධපුර නගරයේ සුලබ දර්ශනයක්‌ බව වාර්තා වේ. පොලිස්‌ නිලධාරීන් විසින් ඉඳහිට වීදි දිගේ ඇවිදින ගණිකාවන් කුදලාගෙන ගියද අධිකරණයේ ඇප පිට නැවත ඔවුහු පාරට එති. එම කාන්තාවන්ට ඇප තැබීමට ඕනෑතරම් අය සිටිති. එමෙන්ම කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන ඇතැම් පුද්ගලයන් සහ කණ්‌ඩායම් ද අනුරාධපුරයේ එමටය. ඒ කාන්තාවට ඇති ආදරයට හෝ හිතවත්කමට නොවේ. මුදල් ඉපැයීමට ඔවුන්ව ඉත්තන් කරගැනීමටය. එහෙත් එම පිම්පියන්ගේ කාරුණාව පහළ වන්නේ ද පොත්ත රතු, සහ ඉඟ සුඟ හැඩ වැඩ ගැටිස්‌සියන්ට සහ රූපත් කාන්තාවන්ට පමණි.

    සීතා වැනි සම හැළෙන, හකුඇට ඉලිප්පුණු, කෙස්‌ පැසුණු කාන්තාවන්ට පිම්පි කරුණාව ද පහළ නොවේ. ගණිකා වෘත්තියේදී වයසට යැම යනු අවලංගු කාසියක්‌ වැනිය. තරු හෝටල්වල සුපිරි මිලට විකිණෙන කාන්තාවන්, සමාජශාලාවල නළඟනන් මෙන්ම දූවිලි වීදියේ සොච්චම් මුදලට විකිණෙන ඕනෑම කාන්තාවකගේ සම රැලි වැටී, රූපය විරූපී වන විට අත්වන ඉරණම සීතාගේ වීදි ජීවිතයට සමානය. එහෙත් සල්ලි කොළවලින් අන්ද වී සිටින කාන්තාවන්ට ලොව පැරැණිම වෘත්තියේ අනන්තය නොපෙනේ. පෙනෙන විට ආපසු හැරෙන්නට කාලයක්‌ ඉතිරි වී නැත. දැන, දැනම තම දියණියන් ද ඒ අපායටම ඇද දමන අවලම් හැතිරියන්ට නීතියේ දෑස්‌වලින් සැඟ වී සිටියද එලොවදී නම් කිසිදු ගැලවීමක්‌ නැත.

    එමෙන්ම නීතියේ වැට කඩුළු ශක්‌තිමත් නම් මුදලට, සිතුවිලිවලට වැට මායිම් එහා මෙහා නොවෙන්න මේ රටේ අම්මලා තම දියණියන්ව අසහනකාරී අපතයන්ට විකුණන්නේ නැත. මහ මඟ විකිණෙන නගර සෝබනියන්ද අඩුවේ. ඒ හැරෙන්නට මේ කාලකණ්‌ණි රැකියාව සමාජයෙන් අතුගා දැමීමට නොහැකිය. සම්පූර්ණයෙන් අතු ගා දැමීමට කතා කිරීම ද විහිළුවකි.

    [rns_reactions]

  • හෝටල් කාමර ඇතුළේ ජවනිකා පෙන්වා මුදල් ගරන නරුමයෝ – යතුරු හිලේ අභිරහස එලියට…

    හුදකලාව ප්‍රේමවන්තයන්ගේ එකම රජදහනය. ඔවුන් හැමවිටම උත්සහ ගන්නේ සමාජය ඉදිරියෙන් හුදෙකලා වන්නටය. මේ නිසාම මල් උයනේ පඳුරු අසල සිට හෝටලයක කාමරයක් දක්වා ඒ හුදෙකලාව ඔවුහු විඳගැනීමට උත්සාහ කරති. එසේ උත්සාහ කිරීම ද වරදක් නැත. එහෙත් ඊට වයස සහ සීමාව හඳුනාගෙන ක්‍රියාකිරීම ප්‍රධාන වශයෙන් වැදගත් කරුණක් බව අප ප්‍රථමයෙන්ම කිව යුතුය.

    කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ ප්‍රේම කරන ආකාරය ගැන නොවේය. ප්‍රේම කරන හැටිද නොවේය. මේ කියන්නට යන්නේ ලාංකීය ප්‍රේමවන්තයන් (විවාහක ප්‍රේමවන්තයන් ඇතුළත්ව) මුහුණ දෙන අභියෝග සහ ලාංකීය ප්‍රේමවන්තයාගේ ජීවිත අවදානම ගැනය.

    මේ කතාව ලියුම්කරුගේ අත්දැකීමකින් ආරම්භ කිරීමට කැමතිය. දිනක් ලියුම්කරු තවත් පිරිසක් ද කැටුව මහනුවර ප්‍රදේශයේ සංචාරයකට ගිය අවස්ථාවක දහවල් ආහාරය ගැනීම සඳහා මහනුවර නගරයේ පිහිටි එක්තරා උද්‍යානයක් වෙත ගියේය. ඒ උද්‍යානයට ඇතුළු වු තැන සිට කෙළවර තෙක් සිටින්නේ පෙම්වතුන්ය. පිටින් එන කිසිවකුට එහි ගත කිරීම සඳහා කිසිදු ඉඩක් නැත. සිමෙන්ති බංකු පමණක් නොව ගස් ගල්, පඩිපෙළවල් මත පවා පෙම්වතුන් පෙම් සුව විඳිති. එතන අපට ඉඩක් නොමැති නිසා අපි නැවත හැරී එන්නට වීමු. එසේ එන විට තැන් කිහිපයක තරමක් වැඩිමල් පිරිමි පුද්ගලයන් වාඩිවී සිටින අයුරු දැකගත හැකිවිය. ඔවුන් එක එකා තනිව සිටි අතර ඔවුන්ගේ ඇස් එල්ලවී තිබුණේ නිදහස් පෙම්වතුන්ගේ හැසිරීම් දෙසය. එය දුටු සැණින් සැකයක් උපදවන්නට විය. පසුව ලියුම්කරු ඇතුළු පිරිස එළියට පැමිණ ත්‍රීවිල් කිහිපයක නැගී මහනුවර නගරයට එමින් සිටියහ. එසේ එන අතරතුර ත්‍රීරෝද රථ රියදුරු සමඟ ලියුම්කරැ කතාවට වැටුණේය. මෙහිදී ලියුම්කරු ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීය .එකක් මෙතරම් පෙම්වතුන් එහි සිටින්නේ ඇයිද කියාය. දෙවැනි කාරණය හුදකලා වූ පිරිමින් එහි කුමක් කරන්නේ ද යන්නය. ඔහු දුන් පිළිතුර ඔහුගේම වචනයෙන් මෙසේ සටහන් කරමි.

    “ඔය ළමයි පහුගිය කාලේ හිටියේ වැව රවුමේ. එළියේ. ඊට පස්සේ කවුරු හරි ගොනෙක් කියලා තිබ්බා මේ පූජා භූමිය අවට ඉන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ වැව රවුමේ ඉන්න ඔක්කොම එළෙව්වා ඔය ගුබ්බෑයමට. ඉස්සර ඔතන පොඩි ළමයි හිටියේ. දැන් ඔන්චිල්ලාවල පවා කපල්. එන්න එන්න දවසට කපල් වැඩි වෙනවා. ඊට පස්සේ ඔතන ටිකට් කඩන්න හිටිය තරුණ පහේ උන්ව එළවලා නාකි උන්දෙන්නෙක් ගෙනත් දැම්මා. උන් දෙන්නා පට්ට හොරු. පරණ ටිකට් එකක් දීලා සල්ලි ගහනවා. ඒ විතරක් නම් කමක් නෑ සමහර අසහනකාරයෝ ඉන්නවනේ මහත්ත‍යා බලලා සැනසෙන උන්. ඔය උන් පෝලිමේ ඕකට රිංගනවා. නිල වශයෙන් ටිකට් එකක් ගන්නවා නම් රුපියල් 30යි. ඒත් උන්ගෙන් ගන්නවා 150 – 200 වගේ ගාණක්. ටිකට් දෙන්නේ නෑ. උන් ඇතුළට ගිහින් වාඩිවෙලා අර ළමයි කරන දේවල් බලාගෙන ඉන්නවා. සමහර උන් වීඩියෝ කරනවා. ගොඩක් එන්නේ අවුරුදු 40 ට වැඩි උන්. ඒ ළමයිනුත් ඉන්නේ වෙනමම ලෝකයකනේ. ඒ අය කරන දේවල් අරුං බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙනවා. සමහර උන් වීඩියෝ කරනවා. අනික ඔය ළමයි අර වැව රවුමේ හිටියා නම් ඔයිට වැඩිය විනීතව හැසිරෙනවා.”

    මෙතනින් එහාට මේ ගැන කියන්නට දෙයක් නැත. එවැනි අසහනකාරීන් වෙසෙන රටක පෙම්වතුන්ගේ ආරක්ෂාව ගැන කුමන කතාදැයි අපට ඇසීමට ඇත. ඒ කතාව එසේ තබා අප දෙවැනි කතාවට එන්නෙමු.

    පසුගිය සතියේ දිනෙක මාධ්‍ය තුළ කතාබහට ලක්වන පුවතක් ප්‍රචාරය විය. ඒ කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකදී විවාහක යුවලක් මුහුණ දුන් සිද්ධියක්ය. ඔවුන් මධුසමය සඳහා තෝරාගෙන තිබුණේ කුලියාපිටිය ප්‍රදේශයේ හෝටලයකි. මධුසමය ගතකර ඊට පසුදින එන්නට සූදානම් වෙද්දී ඔවුන්ට දැක ගැනීමට හැකිවුයේ එම කාමරයේ දොරෙහි සිදුරු දෙකකි. ඇහැ තබා බැලිය හැකි එම සිදුරු එල්ල වී තිබුණේ ඔවුන්ගේ සයනය දෙසටය. මේ නිසා කැළඹීමට පත් යුවළ පොලීසියට දැනුම් දුන්නේ කවුරුන් හෝ අයකු ඔවුන්ගේ මධුසමය වීඩියෝ ගතකර ඇති බවට චෝදනා කරමිනි. ඒ අනුව පොලීසිය පැමිණ අදාළ හෝටලයේ පරීක්ෂණ පැවැත්වූ අතර එවැනිම සිදුරු දොරක් සහිත කාමරයක් ඊට යාබද දුරින් පිහිටා තිබුණේය. එම කාමරයේ ද සිදුරු අතරින් බැලූ පසු දිස් වූයේ එහි සයනයයි. කෙසේ වෙතත් මේ පිළිබඳව හෝටලයට චෝදනා එල්ලවූ අතර හෝටලයේ පිරිස් නව යුවළට චෝදනා කළේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව පවසමිනි. එහෙත් හෝටලයට එම වැරැද්දෙන් ගැලවෙන්නට නොහැක. ඒ කාරණා කිහිපයක් නිසාය.

    එසේ නොවේනම් එවැනි සිදුරු සහිත දොරවල් තබාගන්නේ ඇයි? එවැනි සිදුරු සහිත දොරක් ඇති කාමරයක් මේ නව යුවළට දුන්නේ ඇයි? එම සිදුරු සයනය වෙතම එල්ලවී තිබුණේ කෙසේ ද යන්නය. ඒ නිසා මේ සිදුවීම් එකක්වත් අහඹුවා විය නොහැක. එය හිතා මත කළ දෙයක් නොවේ නම් එසේ අවදානම් සහිත කාමර පවත්වාගෙන ගියේ ඇයි ද යන්න හෝටලය වගකීම බාරගත යුතුව ඇත. ඒ නිසා කවුරැ හරිද කවුරු වැරදිද යන්න ඉදිරියේ බලාගත හැක.

    එම කතාවද පැත්තකින් තබා පොදු කතාවකට දැන් එළඹෙමු.

    අවුරුදු 18කට වැඩි ඕනෑම කෙනකුට ඕනෑම අයුරකින් පෙම්සුව විඳීමට නීතියෙන් බාධාවක් නැත. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේම කියා තීරණ ගත හැක. එසේ තීරණ ගන්නා වුන් ඇතැම් විට නවතින්නේ හෝටල් කාමරයක් තුළය. එය නීතියෙන් වරදක් නැත. එහෙත් සංස්කෘතියෙන් දැඩි දෝෂදර්ශනයට ලක්වන වරදකි. එසේම එය සදාචාරයට පිටින් ගිය ක්‍රියාවක් ලෙස ද සමාජය හඳුන්වති.

    එසේ කාමර තුළ පෙම්සුව විඳින බොහෝමයක් දෙනා කෝටිපතියෝ නොවෙති. ඒ නිසාම ඔවුන් තෝරාගන්නේ අඩුම මිල ගණන් සහිත තැන්ය. විශේෂයෙන් සමාජයට නිරාවරණය නොවු තැන්ය. මේ තත්වය තේරුම් ගන්නා ඇතැම් තක්කඩි ව්‍යාපාරිකයෝ ලෑලි කාමර සාදා හෝ ඉතා අඩු මුදලට පෙම්වතුන්ට විකුණති. ඒ බව හලාවත සිට ගාල්ල තෙක් මුහුදු සීමාව තුළත්, එසේම ගම්පහ, කළුතර, නුගේගොඩ, කුරුණෑගල ආදී ප්‍රධාන වශයෙන් ටියුෂන් පන්ති පැවැත්වෙන ස්ථානයන් තුළත් හොඳ හැටි දැක ගත හැක. අවම පැයකට රුපියල් 500 සිට උපරිමය රුපියල් 1500 දක්වා මිල ගණන් එම කාමර වලට නියම කර ඇත. කිසිඳු ආරක්ෂාවක් නොමැති අවදානමක්ම පමණක් ඇති කාමර ඇති තරම් මෙහි වෙති. කිසිදු පහසුකමක් නොමැති එම කාමර බොහෝ විට ලබාදෙන්නේම දෙවැනි ව්‍යාපාර කටයුත්තක් සඳහාය. විශේෂයෙන් ඇතැම් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් එම කාමර තුළ ඉතා සූක්ෂම ලෙස රහස් කැමරා සවිකර තිබූ අවස්ථා අනන්ත අප්‍රමාණ ඇත. විශේෂයෙන් පොලීසියට කොටුවූ අවස්ථා ද ඇත.

    කාමරයේ විදුලි සැපයුම් ලබා දෙන ස්ථාන (ප්ලග්) තුළ, විදුලි පංකා අසල, නැත්නම් විශේෂයෙන් එළියට නොපෙනෙන ස්ථාන තුළ මෙවැනි කැමරා සවිකරනු ඇත. එසේ සවිකරණ කැමරා යොදා ගනිමින් සුක්ෂම ලෙස කාමරය තුළ සිදුවන දේවල් නිරීක්ෂණය කළ හැක. විශේෂයෙන් ඇතැම් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් එවැනි සිද්ධි බැලීම සඳහා ද තවත් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන අවස්ථාව දුන් සිද්ධි මෙරට ආරක්ෂක අංශ වලට පවා දැන ගන්නට හැක. බලා සැනසෙන ඔවුන් බොහෝ විට එම අවස්ථාව උදාකරගන්නේ වැඩි මුදල් ලබාදෙමින්ය. එහෙත් ඒ බව පෙම්වතුන් දන්නේ නැත. එය වීඩියෝ ගත නොකර පෙන්වා පමණක් වැඩේ අවසන් කිරීමට මෙම පිරිස් පුරුදුව සිටිති. මෙවැනි දෑ විශේෂයෙන් මුහුදු ආසන්නයේ පිහිටි කාමර කෑලි තුළ බහුලව සිදුවෙයි.

    එසේම කබානා මොඩලයට ලබාදෙන ස්ථාන ද එවැනිම දේ කරති. කුඩා ඉඩ ප්‍රමාණයක ඇඳක් දමා ඇති අතර එය ආවරණය කොට ඇති ලෑලි අතරින් ඕනෑම අයකුට ඇතුළත, සිදුවන දෑ දැක බලාගත හැක. මෙය ලිංගික අසහනයෙන් පෙළෙන බොහෝ දෙනාගේ සෙල්ලමක් වී ඇත. මේ නිසා ඔවුන්ගෙන් වැඩි මුදලක් ගෙන පෙම්වතුන්ගේ හැසිරීම් පෙන්වීම අලුත් ව්‍යාපාරයක් බවට පත්ව ඇත. එහෙත් මේ බව නොදත් පෙම්වතුන් රිසිසේ නිදහසේ හැසිරෙති. ඇතැම් අවස්ථාවල එසේ ලබාගන්නා වීඩියෝ පට විදෙස් රටවල ඇති අසභ්‍ය වෙබ් අඩවි වලට පවා විකිණීමට අවස්ථාව උදාවනු ඇත. එයට ඩොලර් වලින් මුදල් ලැබෙනු ඇත.

    විශේෂයෙන් මේ කාමර සිදුරු තුළින් පෙන්නීමේ ජාවාරමේදි වැඩි ලෙස විදේශිකයන්ට ද අවස්ථාව ලබාදෙන බවට ආරක්ෂ අංශ වෙත තොරතුරු ලැබී ඇත. මෙවැනි සිදුවීම් නිසා බොහොමයක් පෙම්වතුන් අන්ත අසරණ වී ඇත. ඒ බව පොලීසියට හෝ පැමිණිල්ලකින් ඉදිරිපත් කිරීමට නොහැකිව ලත වෙති. ඒ සමාජයෙන් එන ගැරහුම් නිසාය. එසේ නම් මෙරට පෙම්වතුන්ට ඇති නිදහස කුමක්ද? වීදියක නතර වී කතා කිරීමට නොහැකි නම්, ප්‍රසිද්ධ ස්ථානයන් වල සිටියදී බැණ එළවීමටත්, උද්‍යානයකට ගිය පසු එහි ආරක්ෂක අංශ විසිල් ගසා ඔවුන්ව ඈත් කරන්නත් එසේම ඔවුන්ගේ පෞද්ගලිකත්වය වෙනත් අයකුට මුදලට විකුණන විටත්, කාමරයකට ගිය පසු ඔවුන් වටකොට කැමරා කාච යොමු කරන්නත් ඇති නම් ඔවුන්ගේ ආදරයට ඇති අවදානම ගැන කවර කතාද. ඒ නිසා ඔවුන්ව එළවා දමනවා සේම ඔවුන්ට පෙම්සුව විඳින්නට අයිතියක් රජය තුළින් සකසා දියයුතුව ඇත. ඔවුන් පමණක් නොව විවාහක යුවලකට පවා නිදහසේ අවදානමක් ඇත්නම් ආදරවන්තයන් යායුත්තේ හඳටදැයි අපට ඇසීමට ඇති ප්‍රශ්නයකි.

    [rns_reactions]

  • කෝච්චියේදී සුද්දය දාන ප්‍රේම කුරුල්ලෝ

    ලංකාවේ බොහෝ දෙනෙක් වැඩට යන්න එන්නේ පොදු මගී ප්‍රවාහන සේවයේය. එයද බස් සහ දුම්රිය ලෙස බෙදෙන අතර එයිනුත් දුම්රිය හරහා වැඩට යන එන අය බොහෝය. එසේ යන එන ඔබත් මමත් මේ කෝච්චිය තුළ විඳ ඇති අත්දැකීම් බොහෝය. ඉන් වැඩිපුරම සොරකම්ය. මේ සොරකම් නිසා කෝච්චිය තුළ අපහසුතාවයට ලක්වූවෝ බොහෝ වෙති.

    මේ කතාව පටන් ගන්නට යන්නේ ලියුම්කරුට දුම්රියේදීම හමුවූ අයකු විසින් කී කතාවක් හරහාය. මේ කතාව අසන ඔබට යම් ආකාරයක සැකයක් ඇති විය හැක. ඒ සත්‍යද අසත්‍යද කියාය. ලියුම්කරුටද එය පළමු අවස්ථාවේ සිතිනි. එහෙත් මෙය සොයා බැලූ පසුව දැනගන්නට හැකිවූයේ එය සත්‍ය සිද්ධියක් කියාය.

    මේ සිද්ධියේ කතානායකයා නුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාව සිදුකළ අතර නැවතී සිටියේ කොළඹට නුදුරු ප්‍රදේශයකය. සතියට සැරයක් එනම් සිකුරාදා සවස ඔහු ගම රට බලා පිටත් වන්නේය.

    ඒ අනුව එක් දිනක් ඔහු සවස නුවර කෝච්චියට ගොඩවුණේ ගමේ යාම සඳහාය. ඔහු කොළඹ දුම්රියපොළෙන් නැග අසුන්ගත් අතර ඒ අසල තරුණියක්ද සිටියාය. දුම්රිය ක්‍රම ක්‍රමයෙන් නුවර බලා ඇදෙන්නට විය. මඳදුරක් යමින් සිටියදී අසල සිටි තරුණිය ඉංග්‍රීසි මුසු සිංහලෙන් තරුණයාව ඇමතුවේය. “අයියා මේ ට්‍රේන් එක ලේට්ද” තරුණයා නැත යනුවෙන් පිළිතුරු දුන්නේය. තවත් මඳ දුරක් ගියපසු එම තරුණිය “අයියා මේ ට්‍රේන් එක යනකොට ගොඩක් රෑ වෙනවද?” එම තරුණියගේ හැසිරීම තේරුම් ගත් තරුණයා විමසුවේ “මීට කලින් මේ කෝච්චියේ ගොස් නැති”දැයි විමසුවේය. තරුණිය ඔන්න කතාව කියන්නට පටන් ගත්තාය. “නෑ අයියා. මම නුවර යන්නේ තනියම පළවෙනි වතාව. අපේ ලොකු අම්මලගේ ගෙදර. අයියා එනවා කිව්වා ස්ටේෂමට. මට ටිකක් බයයි. දන්නෙත් නෑනේ. කළුවරත් එක්ක. ඒකයි අයියගෙන් ඇහුවේ…”

    ඈ එලෙස කතා කරනවිටත් හැඟුම්බරවී සිටියේය. මේ කතාව අසා සිටි තරුණයා කීවේ තමනුත් නුවර යන නිසා බය නොවී සිටින ලෙසය. මඳදුරක් ගිය පසු තරුණයා රාත්‍රී ආහාරයට ගත් බනිස් ගෙඩියක්ද ඇයට දුන්නේය. ඇය බෑ බෑ කියමින් එය අතට ගෙන කෑවේය. තැනින් තැන නවත්වමින් යන කෝච්චිය මේ දෙදෙනා තව තවත් ළං කරන්නට සමත් විය. කඩුගන්නාව කන්ද නගින විට දෙදෙනා ඇමතුවේ දෙදෙනාගේ නම් වලිනි. ඒ තරම් සමීප වී සිටියේය. එපමණක් නොව නැවත හමුවීමටද දෙදෙනා තීරණය කළෝය. පේරාදෙණිය ළං වනවිට තරමක ආදරයක්ද තරුණයාට තරුණිය කෙරෙහි හටගෙන තිබුණේය.

    නුවරට ළං වනවිට ඇගෙන් දුරකථන අංකයද ඉල්ලා ගත් තරුණයා ඈ කෙරෙහි විශ්වාසය තබා ගත්තේය. දෙදෙනාම නුවරින් බැසගත් අතර දුම්රියපොළ ඉදිරිපිටට පැමිණි පසු තරුණිය තරුණයාගෙන් ඇසුවේ අයියා එනතෙක් සිටිනවාද යන්නය. ඊට එකඟවුණු තරුණයා ඈත් සමඟ එහි රැඳී සිටියේය.

    මඳ වෙලාවක් ගිය පසු තරුණිය අයියාට කියා ඇමතුමක් ලබාගත් අතර ඈ දුරකථනය කනේ තබා ගනිමින්ම තව පැයක් යනවද කියා ඇසුවේය. ඒ තරුණයා දෙස බලාය. අවසානයේ පැයක් සිටින්නට සිදුවන නිසා තරුණයාට ඒ බැව් දැන්වීය. මේ අතර තරුණිය විසින් අපි වැව රවුමට යමුදැයි ඇසුවාය. තරුණයා එයට එකඟ වූ අතර ඒත් සමඟ ඔවුන් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක් කැඳවා එයට තරුණිය හදිසියේ ගොඩ විය. මඳ දුරක් යනවාත් සමඟ තරැණිය බෑගය ඇද්දේය. එහි තිබූ වතුර බෝතලය දැක “අයියෝ මට අමතක වුණානේ අම්මා හදලා දුන්න දෙහි එක බොන්න” යැයි ඇය කීවාය.

    එසේ කියමින් ඈ එහි මූඩිය ඇර “ආ ඔයා බොන්න” යැයි කියා දිගු කළේය. ඇයට බෑ කීමට නොහැකි නිසා ඔහු උගුරු දෙකක් කටේ හලා ගත්තේය. ඉන්පසුව ඈ බෝතලේ ගෙන “ඉන්න මම අයියට කියන්නම් නුවර වැව ගාවට එන්න කියලා” යැයි කියමින් ඈ ඇමතුම ගනිමින් බෝතලේ මූඩිය වසා දැමුවේය. ඒ වනවිටත් වැව රවුම අසලට පැමිණි සිටි දෙදෙනා ත්‍රීරෝද රථයෙන් බැස ගත්තේය. ඔවුන් ඇවිද ගොස් සිමෙන්ති බංකුවක වාඩිවිය. එහෙත් තරුණයට විනාඩි කිහිපයක් යනවිට කරකැවිල්ලක් එන්නට විය. ඔහු එම තරුණියට ඒ බව කියනවා මතක තිබුණේය.

    ඇඟේ තෙහෙට්ටුවක් සමඟ තරුණයා ඇස් අරින විට සිටියේ රෝහලක සයනයේය. ඔහු සමීපයේ සිටි තරුණියද නැත. ඒ වෙනුවට වෙනත් අයෙක් ඇත. බියවූ තරුණයා මේ ගැන විමසුවේය. එවිට එහි සිටි පුද්ගලයා කීවේ මඟ වැටී සිට දැක රැගෙන ආ බවය. කෙසේ වෙතත් මේ සිද්ධිය පුදුම සහගත බව තරුණයාට සිතුණේය. එහෙත් කරුමය නම් ඒ වනවිටත් ඔහු අතේ වූ බ්‍රේස්ලට් එක, පවුම් තුනක රත්තරන් මාලය, මුද්දක් හා මුදල් පසුම්බිය නැති වී තිබීමය. හැමතැනම බැලුවත් ඒ කිසිවක් තිබුණේ නැත. ඒ අනුව මඟ හමූවී හඳුනාගත් තරුණිය මෙය සිදුකර ඇති බව ඔහු දැන ගත්තේය.

    අවසානයේ තරුණයා පොලීසියට පැමිණිල්ලක් දැමූ අතර පොලීසිද කීවේ අපූරු දෙයකි. එනම් මෙවැනි පැමිණිලි නිතර ලැබෙන බවය. මෙය සංවිධානාත්මක කල්ලියක් විසින් සිදුකරන බවද කියවිණි. කෙසේ වෙතත් මෙවැනි සිද්ධි නිතර දුම්රිය තුළ සිදුවන බවත් එහෙත් ඒ සැමදේම පොලීසියට වාර්තා නොවන බවත් සඳහන් වේ. හේතුව ඇතැම් අවස්ථාවල කාන්තාවන් තරුණයන් රැගෙන කාමරවලට ගොස් සිදුකළ කොල්ලකෑම් නිසාය. ඒ නිසා එවැනි සිදුවීම් පොලීසියට වාර්තා වෙන්නේ ඇත. මේ අතර පිරිමින්ද කාන්තාවන් රවටා කොල්ලකෑම් සිදුකරන බව සඳහන් වේ. හොඳට ඇඳ පැළඳ එන ඔවුන් රටේ ඉහළ තැන්වල රැකියා කරන බවත් නිවාඩුවට ගමේ යන බවත් පවසා මිතුරු වී දුරකථන අංක ලබා ගනිමින් කාන්තාවන් කොල්ලකෑම් සිදුකරන බව වාර්තා වේ.

    කෙසේ වෙතත් දැනට ලැබී තිබෙන තොරතුරු අනුව මොවුන් වැඩිපුරම සැරිසරන්නේ දුර ගමන් සේවා දුම්රිය තුළය. ඒ අදාළ පුද්ගලයන් ගැට ගසා ගැනීම සඳහා කාලය ලබා ගැනීමටය. එසේම ඔවුන් එලෙස දුම්රියේ යනවිට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා කණ්ඩායමේ තවත් දෙදෙනකු එම කෝච්චි පෙට්ටියේ ගමන් කරන බව සඳහන්ය. ඒ උන්ගේ ආරක්ෂව සඳහාය. ඇතැම් අවස්ථාවල අදාළ කොල්ලය සැලසුම පරිදි සිදු නොවුණහොත් පිහියක් පෙන්නා හෝ එය සිදුකිරීමට ඔවුන් පෙළඹී සිටිති. එයට හේතු වී ඇත්තේ මෙහි ඉන්නා පුද්ගලයන් බොහෝදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසාය. මේ නිසා කෙසේ හෝ මුදල් සොයා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇත. ඒ නිසාම අතේ පයේ දේ සූරගෙන යාමට ඔවුන් පෙළඹී ඇත.

    කෙසේ වෙතත් හැමෝටම සිහි නැතිවෙන්න බොන්න දෙන්නේ නැත. ඇතැම් අය ආහාරයකට දමා දෙති. ඒ නිසා විවිධ ක්‍රම භාවිතාකොට සිහි නැතිකිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

    පොකට් ගසන උන්, චේන් කඩන උන්ට වඩා ඉතා සූක්ෂමව සිදුකෙරෙන මෙම කොල්ල කෑම් නිසා බොහෝ දෙනෙක් අසරණ වෙති. නීතියේ පිහිට පැතීම අත්හරිති. ඒ ලජ්ජාව නිසාය. මේ හේතුවෙන් හොරුන් සදාකල් දිනනු ඇත. ඒ නිසා දුම්රියේ ගමන් ගන්නා මගීන් ලෙස මීට වඩා අවධානයෙන් සැලකිලිමත් ලෙස හැසිරිය යුතු බව සිහි කිරීමට කැමැත්තෙමු. පොලීසියටවත් පැමිණිලි නැති මේ අපරාධකරැවන් අත්අඩංගුවට ගැනීම අසීරුවන්නේ වෙන කිසිදෙයක් නිසා නොව ඔබේ අඩුපාඩු නිසාය. ඒ නිසා දුම්රියේ හමුවන ප්‍රේමකුරුල්ලන් කිරිල්ලියන් ඔබේ දේපලට අත තබනා තවත් වෙනස් ආකාරයේ මංකොල්ලකරැවන් පිරිසක් බව අමතක නොකරන්න.

    [rns_reactions]

  • ‘‘ලස්සන කපල් දාන්නෙ ඒ කාමරේට – ‘‘ ලංකාවේ කපල් නොදැනුවත්වම අරාබියට විකිණෙන හැටි.

    මේ කියන්න යන කතාව එ් තරම් සුන්දර කතාවක්නම් නෙමෙයි. බොහෝ පෙම්වතුන් පෙම්වතියන්, අනියම් සබඳතා පවත්වන පුද්ගලයන් මේ වෙද්දි ලංකාව පුරාම ගමක් නගරයක් ගානේ ඉදිවෙලා තියෙන ලැඟුම් හල් මෙන්ම ඉතා අඩු මුදලක සිට වුවද ගන්න පුළුවන් කාමර නිසා තමන්ගෙ වටිනා ජීවිතයට බොහෝ අමිහිරි අත්දැකීම් එකතු කරගන්නවා.මේ දේවල් පිටිපස්සෙ ඉඳගෙන බොහෝ දෙනා තමන්ගෙ අතමිට සරුකරගන්නෙත් බොහොම සූක්ෂම විදියට.

    මේකත් කොළඹ නගර සීමාවේ තියෙන කුඩා ළැගුම්හලක්.කාමර හතකින් සමන්විත මේ ලැඟුම්හලේ කාමර බොහොම අඩුමිලට ගන්න පුළුවන් වීම සහ නාගරික පරිසරය මැද පිහිටා තිබෙන නිසා නොදන්නා පුද්ගලයන්ගෙන් නිරන්තරයෙන්ම මේ කාමර පිරී පවතිනවා. කොළඹින් මෙන්ම කොළඹින් පිටස්තර පුද්ගලයින්ගෙන්ද මේ කාමර පිරී යන්නේ රැයක් දවාලක් නොමැතිවයි.

    එසේම අරාබි භාෂාවට නෑකම් කියන මේ පුද්ගලයාගේ රහස් කාමරයක නිරන්තරයෙන්ම කිහිපදෙනෙකු ගැවසෙනවා. ඔවුන් කරන්නේ මොනවාද..? මොහු ගැන තොරතුරු සොයන අතරතුරේ මොහුට දුරකතන ඇමතුමක් ලැබෙනවා. ඉන් අනතුරු මේ සිදුවීම සිදුවන්නේ වෙනස්ම විදියකට‍

     ‘‘ෂරි ෂරි අද ෂෝ දෙකක් රෑට අප්ලෝඩ් කරනවා.“
    සල්ලි දැම්මද..?
    ඕ කේ..

    කතාව අවසන් විය.හිමිකරුගේ මේ භාෂාව දැන් අපට හුරුය. සතියකට දෙතුන් වතාවක් එම ස්ථානයට ගිය ඔහු අප සමග ඉතාමත් මිත්‍රවිය. අප මේ පිළිබඳව ඔහුගෙන් හිමින් සීරුවේ විමසුවේ සිදුවන ඇත්ත කතාව හරිහැටි දැනගැනීමටය. මේ ව්‍යාපාරයේ හිමිකරුට අපි අස්වර් යැයි කියමු.

    අස්වර් ඇත්ත කියපං..

    මාත්තියලට බොරු මොකටද..? මාත්තයලට පෙන්නන්නම්.

    අස්වර් අපව රහස් කාමරයට රැගෙන ගියේය. 

    මාත්තයා අද කාමර 7 ම පිරිලා. මේකෙන් හය වෙනි කාමරෙ අපි  තියාගෙන ඉන්නෙ වීඩියෝ වලට.අරාබියෙන් ගෙනාපු පුංචි කැමරා එකක් තියෙන්නෙ. බිත්තියට තියලා හයි කරලා. අපි හොයන විදියෙු  දෙන්නෙක් ආපු ගමන් අපි දෙන්නෙ හය වෙනි කාමරේ. මේ සේරම වැඩ හරි රහස්.කිසිම දෙයක් ලංකාවට අදාල නෑ මාත්තයා.

    ඒ කිවුවෙ..

    මේ වීඩියෝ රෙකෝඩ් අපි ගන්නවා තමයි. ලස්සන කපල් ආවම අපි පොඩි වීඩියෝ එකක් දා ගන්නවා. ඒවා අපි කොළඹ මාකට් වලට දාන්නෙ නෑ. ඉල්ලන අයට දෙන්නතේ නෑ. ඇහුවට කියන්නෙත් නෑ. කාටවත් පෙන්නන්නෙත් නෑ.

    ඒ කිවුවෙ…

    අපි මේවා ගන්නෙ වෙනමම වැඩකට..

    දැන් අස්වර්ගෙ ළඟ මේ වගේ හයවෙනි කාමරේ වීඩියෝ කීයක් විතර තියෙනවද..?

    දැන් මාත්තයා වීඩියෝ 100 ක් විතර මේ බලන්න.

    තරුණ,ලාබාල ජෝඩු මෙන්ම කාර්යාල සේවයේ නිරත තරුණියන්ද අනියම් සබඳතාවල නියලෙන වීඩියෝ පට අස්වර්ගේ ලඟ දිගහැරෙයි.

    හොඳයි නේද..? සල්ලි තමා මාත්තයා.. ඔය තමා සල්ලි.

    එ් කොහොමද ලංකාවේ මාර්කට් එකේ නැත්තම්…?

    අරාබියෙ එංගලන්තයේ අපේ කස්ටර්මලා ඉන්නවා. දැන් ඉතිං ඉන්ටර්නෙට් දියුණුයිනෙ. ස්කයිප්,ෆේස්බුක්,වට්ස්ඇප් තියෙනවා. මොනවද කරන්න බැරි. අපේ අය එහේ ඉඳන් ඩොලර් 40-50 දීලා කස්ටර්මලා හදා ගන්නවා. දැන් එහෙම කස්ටර්මලා 100 විතර ඉන්නවා. එයාලා හරි ආසාවෙන් මෙහේ සීන් බලනවා. සමහරු කතා කරලා කියනවා එයාලා වැඩිපුර සල්ලි දෙන්නම් මේ වගේ අයගේ ෂෝ එකක් පෙන්නන්න කියලා. අර ඉස්සෙල්ලා කතා කලේ.

    එතකොට මාත්තයා එයාට ගැලපෙන විදියෙ නෝනා කෙනෙක් අපි හයේ කාමරේට දානවා. එයා කැමතා කළු කෙට්ටු කෙනෙක්ටනම් එහෙම, සුදු මහත කෙනෙක්නම් එහෙම, එතකොට සිංහල,දෙමළ,මුස්ලිම් නම් ඒ විදියට එයාගෙ කැමැත්ත අනුව දෙනවා. එයාලගෙ කැමැත්ත අපි ඉක්මනින්ම  ලබා දෙන හින්දා අපේ කස්ටර්මලා අපිට කට්ටිය හදලා දෙනවා. ඒ රටවල අඩු වයස්වල අයත් ගොඩක් අපිත් එක්ක ඉන්නවා.

    මාත්තයා මේ ෂෝ බලන්නෙ පිටරට ඉන්න අරාබි මහත්තුරු, සුදු මහත්තුරු නෝනලා. ඒ නිසා හයේ කාමරේට කවදාවත් හානියක් වෙන්නෙ නෑනෙ. ඇයි මාත්තයා මේවා ලංකාවෙ කවුරුවත් බලන්නෙ නෑනෙ.

    මේ දේවල් හෙලිකර ගත වූයේ කෙටි කලකි.අස්වර්ගේ රහසිගත ජාවාරමේ කරුණු එකින් එක අනාවරණය වන්නට විය. දැන් හයේ කාමරයේ දර්ශනය අවසන්ය. අස්වර් නීතිය හමුවේය.නමුත් මේ රට පුරා තවත් හයේ කාමර තිබිය හැක. දෙස් විදෙස් වෙළඳපොල තුල කාමය විකුණන්නට බොහෝ උගුල් අටවා තිබිය හැක.අද ඔවුන්ට සිදු වූ දේ හෙට ඔබට, ඔබේ ඥාතියෙකුට,මිතුරෙකුට සිදුවිය හැක. 

    [rns_reactions]

  • මටත් හොඳට විසේ තිබුණා, කොල්ලන්ව උපරිමයෙන් සතුටු කරලා ඇරියා ” අනුරපුර ගණිකා ජාවාරම

    අනුරාධපුර නගරයම වෛශ්‍යාවන්ගේ හා නගර සෝභනියන්ගෙන් පිරි තිබෙන බව පසුගිය දිනවල විවිධ පුවත් පල වුනා. ඒත් සමගම අනුරාධපුර පොලීසිය මගින් පූජා නගරය හා ඒ ආශ්‍රීතව සිදු කළ විවිධ වැටලීම් පිළිබදව නිරන්තරයෙන් අසන්නට ලැබුනා.

    කෙසේ වෙතත් අනුරාධපුර නගරයේ සිට කලක තිස්සේ ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවකගේ පාපොච්ඡාරණයක් මුද්‍රිත මාධ්‍ය විසින් පළ කර තිබුනා. එහිදි ඇය ප්‍රකාශ කර තිබුනේ තමන් සිය කැමැත්තෙන්ම ගණිකා වෘත්තිය තෝරාගත් බවටයි. 

    ඇය සමග සිදු කළ සම්පූර්ණ සංවාදය පහතින්,

    ”මම කසාද බැන්දේ අවුරුදු දාසයෙන්. අවුරුදු විස්‌ස වෙනකොට මට දරුවෙකුත් හිටියා. මිනිහත් දාලා ගියා. මම ඉගෙනගෙනත් නෑ. ජීවත් වෙන්න විදිහක්‌ නැති වුණා. පස්‌සේ දුව අම්මට භාර දීලා මම නුවර තේ කඩේක වැඩට ගියා. ඒකෙන් ලැබෙන පඩිය අපිට ජීවත් වෙන්න ප්‍රමාණවත් වුණේ නෑ. පස්‌සේ දැන හඳුනගත්ත අයියා කෙනෙක්‌ මාර්ගයෙන් අනුරාධපුරය නගරයේ තේ කඩේක වැඩට ආවා. ඒ කඩේ රෑටත් ඇරලා. රෑට නගරයේ ඇවිදින ගෑනු වැඩිපුරම කන්න, බොන්න ආවේ අපේ කඩේට. ඒ ආපු අය කියන දේවල් එක්‌ක මටත් මේ ජොබ් එකට බහින්න හිතුණා. මට ආරක්‍ෂා කරගන්න දේකුත් නෑ. මාව ආරක්‍ෂා කරන්න කෙනෙකුත් නෑ. මම කැමැත්තෙන් මේ රැකියාවට බැස්‌සා…”

    ”පොත්ත රතු නොවුණාට මටත් හොඳට විසේ තිබුණා. පාරට බැස්‌ස අලුත හොඳට බිස්‌නස්‌ තිබුණා. ඒ කාලේ අනුරාධපුර නගරය හමුදා කෑම්ප් එකක්‌ වගෙයි. දහයක්‌ කතා කළොත් අටක්‌ ආමි එකේ. නිවාඩු ඉඳලා එන කොල්ලො බැස්‌ස ගමන් දුවන්නේ ටවුන් එකේ බැංකුව ළඟට. සල්ලි අතට ගත්තා. ත්‍රිරෝද රථකාරයෙක්‌ එක්‌ක චැට්‌ එකක්‌ දාලා ඊළඟට යන්නේ ගෑනියෙක්‌ ළඟට. සමහර ගෑනු කැලේ දුක්‌විඳලා එන කොල්ලන්ගේ සබ්බසකලමනාවම සුද්ද කරගෙන ගෙදර යන්න සතේ නැති කරනවා. ඒ කාලේ එහෙම දේවල් කරපු ගෑනුන්ට කොහෙන්හරි රිටන් එකත් ලැබුණා. හිටි ගමන් සමහර ගෑනුන්ගේ රහ සඟ, බෙලි කපලා ගිය අවස්‌ථා ඕන තරම් තිබුණා. රවට්‌ටගෙන ගිහින් කොල්ලො හතර, පස්‌දෙනා දවස්‌ ගණන් තියාගෙන බාගෙට මරලා පාර අයින්වල දාලා ගිය අවස්‌ථා තිබුණා. හමුදා කොල්ලො එක්‌ක ගනුදෙනු කරනකොට පරිස්‌සම් වෙන්න ඕනා. කැලේ ඉඳලා එන කොල්ලො වනසත්තු වගෙයි. මම නම් ජීවිතේට කාගෙන්වත් රුපියලක්‌ කඩා වඩාගෙන නෑ. මා ළඟට එන ආමි කොල්ලන්ව උපරිමයෙන් සතුටු කරලා ඇරියා මිසක්‌ රුපියලක්‌වත් වැඩිපුර අරගෙන නෑ. හැබැයි ආමි කොල්ලො අපි කියන ගානට වඩා කීයක්‌ හරි වැඩිපුර දීලා යන්නේ. හිත හොඳ කොල්ලො. සමහර ආමි කොල්ලො එක්‌ක මම සති ගණන් ඉඳලා තියෙනවා. තේ කඩේ මාසේම වැඩ කරලා ගන්න පඩිය දවස්‌ දෙකෙන් හෙව්ව අවස්‌ථා තියෙනවා…” 

    ”අපි ජීවත් වෙච්ච කටු මැටි ගේ පුංචියට සිමෙන්ති ගඩොලෙන් හදාගත්තා. දරුවා ඉල්ලන දේ අරගෙන දුන්නා. උගන්වන්න උත්සාහ කළා, ඒත් ඉගෙනගත්තේ නෑ. දැන් එයත් කසාඳ බැඳලා ගියා. අම්මත් නැති වුණා. මම ගෙදර තනි වුණා. ජීවත් වෙන්න මම තවම මේ රස්‌සාව කරනවා. තරුණ කාලේ වගේ දැන් රෑට ඉන්නේ නෑ. උදේට නුවර ඉඳලා අනුරාධපුරයට එන බස්‌ එකේ ඇවිත් හවස අන්තිම බස්‌ එකේ ගෙදර යනවා. දැන් ඉස්‌සර වගේ අපිට බිස්‌නස්‌ නෑ. අපි පරණයි. පොෂ් නෑ. මූණේ තවරගෙන ඉන්න ලාටු ටික ඉවත් කළාට පස්‌සේ ගන්න දෙයක්‌ නෑ. තව ටික දවසක්‌ ගිහිල්ලා ආයෙමත් මම තේ කඩේක වැඩට යනවා. නැති නම් මේ නගරයේ මුල්ලකට වෙලා බුලත්විට ටිකක්‌ විකුණනවා. ඉස්‌සර මේ නගරේ වන, වන ගිය හුඟ දෙනෙක්‌ දැන් පැත්තකට වෙලා බුලත්විට විකුණනවා…”

    ”ඒ කාලේ වගේ නෙමෙයි දැන් බිස්‌නස්‌ අඩුයි. උතුරට, නැගෙනහිරට යන ආමි එකේ දැන් කොල්ලො අනුරාපුරයේ බහින්නේ කලාතුරකින්. අපේ වෘත්තියේ යෙදෙන ගෑනුත් දැන් අඩුයි. දැන් ඉන්න සමහර අම්මණ්‌ඩිලා මහා රෑ වෙනකොට රුපියල් සීය, දෙසීයටත් යනවා. ඒ යන්නෙත් කාමරයකට නෙමෙයි, වැවක්‌ අයිනකට, ලඳු කැලෑ රොදකට. ඔය රුපියලට, දෙකට නිදාගන්න උන් තමයි මේ වෘත්තියත් නන්නත්තාර කරලා තියෙන්නේ. ඒ කාලෙත් කොල්ලො පස්‌හය දෙනා එක්‌ක කැලෑ පඳුරුවලට ගිය උන් හිටියා. හැබැයි උන් එළියට එනකොට දාහ පහළොස්‌දාහක්‌ ගෙවනවා…”

    ”මේ අවලම් රස්‌සාව වඳ වෙලාම යන්න ඕනා. ගොඩක්‌ අය හිතන්නේ අපි මේ රස්‌සාව කැමැත්තෙන් කරනවා කියලා. නෑ… මේක කිසිම තෘප්තියක්‌ නැති රස්‌සාවක්‌. මම කියනවා බොරු ද බලන්න මහත්තෙලා ඔය නගරයේ ඉන්න තව ගෑනු දෙතුන් දෙනෙක්‌ එක්‌ක කතා කරලා බලන්න.. ‘කරන්න දෙයක්‌ නැතිකමට කරනවා’ කියලා නොකිව්වොත් මට ඇවිත් බැණලා යන්න…” 

    [rns_reactions]

  • දුම්රියේ අනවසර වෙළදාම් තහනම් කරයි

    දුම්රියන් ඇතුලත සිදු කරන වෙළඳාම් තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.

    දුම්රිය ඇතුලත සිදුවන වෙළඳාම් නිසා දුම්රිය මගීන්ට වන අපහසුව සහ එම ආහාර ද්‍රව්‍ය අනාරක්ෂිත බවට ලැබුණු පැමිණිලි මත ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම මහතා අවධාරණය කර සිටියි.

    කෙසේ වෙතත් මෙම වෙළදුන්ගේ දෛයිනික ආදායම අහිමිවීම සැලකිල්ලට ගනිමින් ප්‍රධාන දුම්රිය ස්ථාන වල හැර අනෙකුත් දුම්රිය ස්ථානවල වෙළඳාම් කිරීමට බාධාවක් නොමැති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    දුම්රිය තුළ වෙළෙඳාම් කිරීම තම ජීවිකාව ලෙස පවත්වාගෙන යන 3200 ක් පමණ සිටින බවත් මේ ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියි.

    [rns_reactions]

  • මොලේ අවුල් වෙච්ච කු.පා.ම මහින්ද පා පැදියෙන් එද්දී පසුපසින් ආපු වාහන දිවුවේ වතුරෙන්ද?

    ඇතිවී තිබෙන පෙට්‍රල් අර්බුදයට විරෝධය පා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු ගේට්ටුවේ සිට පරිශ්‍රය දක්වා ෆුට් සයිකල් වලින් පැමිණියා.

    පෙට්‍රල් නැති නිසා ඔවුන් මෙලෙස පැමිණි බව පැවසුවද ඔවුන් පිටුපසින් පරිවාර රථ විශාල ප්‍රමාණයක් පැමිණීම විශේෂත්වයක්..

    මේ වනවිට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි.

     

    [rns_reactions]

  • පොලීසිය භාවනා කරද්දි අපරාධකාරයො රහත් වෙනවා… ජනපති ඉදිරියේ සරත් පොලිස්පතිගෙ කලිසම ගලවයි…!

    රජයේ ඇතැම් ක්‍රියා කලාප සම්බන්ධයෙන් මහාචාර්ය සරත් විජේසූරිය මහතා අද විවේචනාත්මක ලෙස අදහස් පළ කළේ ය.

    මහාචාර්යවරයා එලෙස අදහස් පළ කළේ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මහ නා හිමියන්ගේ දෙවන ගුණසමරු උත්සවයේ විශේෂ දේශනයක් සිදුකරමිනි.

    ගුණ සමරු උත්සවය පැවැත්වුණේ, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ය.

    ජනවාරි 8 වෙනිදා පත්කල ආණ්ඩුවේ ශේෂ පත්‍රය දිහා බලන විට එය ඉතා නරක තත්ත්වය ඇති බැව් ප්‍රකාශ කල සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසුරිය මහතා, වර්තමාන පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ඉතා උපහාසාත්මකව විවේචනයට ලක් කලේ මෙරටේ සේනාධීනායක මෙන්ම විධායක ජනාධිපතිවරයා ඉදිරිපිට ය.

    මෙම උත්සවයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, කථානායක ඇතුළු මැති ඇමතිවරුන් රාශියක් සහභාගි වී සිටියේ ය.

    එමෙන්ම මෙහිදී පොලිස්පති දැඩි අපහසුතාවට පත්ව සිටි අයුරු මෙම විඩියෝව නැරඹීමෙන් දැකගත හැකිය.

    උපුටා ගැනීම – අපේ රට

    [rns_reactions]

  • උඩුගම්පොළට එරෙහිව නීතිපති ගොනු කළ නඩුව ජන:26දා

    2002 වසරේ අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ඉතා රහසිගතව පවත්වා ගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ දිගු දුර විහිදුම් බළකායේ ආරක්ෂක නිවස්නයක් වටලා එහි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මහනුවර හිටපු පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවක් ජනවාරි මස 26දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (9දා) නියෝග කළේය.

    මෙම නඩුවට සම්බන්ධ ඇතැම් සාක්ෂිකරුවන් මියගොස් ඇති නිසාත් තවත් සමහරුන් විදේශ ගතවී ඇති නිසාත් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති හෙයින් විත්තිකරු නිදහස් කරන්න යැයි ඔහුගේ නීතිඥවරු මීට පෙර නීතිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.

    එහෙත් මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කළ රජයේ නීතිඥවරයා සඳහන් කළේ විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නීතිපතිවරයා විසින් සලකා බැලූ බවයි. එහෙත් මෙම නඩුව ඉදිරියටත් විභාග කළ හැකි බවට නීතිපතිවරයා තීරණය කර ඇති නිසා නඩුව විභාගය සඳහා දිනයක් නියම කරන මෙන් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීය.

    ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩුව ජනවාරි මස 26දා විභාගයට ගැනීමට නියම කළ අතර එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කළේය.

    2002-01-02දා සහ එම වසරේ සැප්තැම්බර් 3දා දක්වා කාලසීමාව තුළ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශයට අයත් දිගදුර විහිදුම් බළකායේ ආරක්ෂක නිවස්නයක් වටලා එහි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් විත්තිකාර සහකාර පොලිස් අධිකාරිවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

  • රටක් බලාසිටි තෙල් නැව පැමිණෙයි – ඉන්ධන බෙදා හරින වෙලාව කියයි

    පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් හතලිස් දහසක් රැගෙන මෙරටට පැමිණි ‘නෙවස්කා ලේඩි’ නෞකාවේ ඉන්ධන බෙදා හැරීම අද (09) දහවල්‍ 2.00 පමණ වනවිට ආරම්භ කරන බව ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසනවා.

    එහි ලේකම් උපාලි මාරසිංහ කියාසිටියේ පවතින ඉන්ධන අර්බුදය නිමා කිරීම සඳහා කඩිනමින් කටයුතු කිරීමට සිය කාර්ය මණ්ඩල සූදානමින් පසුවන බවයි.

    ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදයක් ඇති නොවනු ඇතැයිද අමාත්‍යාංශ ලේකම්වරයා කියාසිටියා. ඔහු සඳහන් කළේ ඉන්දියාවෙන් ඇණවුම් කළ පෙට‍්‍රල් රැගත් තවත් නෞකාවක් අද (09) රාති‍්‍රයේ දිවයිනට පැමිණීමට නියමිත බවයි.

    පෙට‍්‍රල් හිඟය හේතුවෙන් දිවයින පුරා ජනතාව දින හයක් පමණ විවිධ ගැටළුවලට මුහුණ දුන්නා. කොළඹ මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවලද ඉන්ධන පිරවුම්හල් ආශි‍්‍රත දිගු පෝලිම් දක්නට ලැබුණා.

    රට තුළ ඇති වූ පෙට‍්‍රල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා ඊට වගකිවයුතු පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගතයුතු බවයි ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අවධාරණය කෙරුණේ.

    [rns_reactions]

  • තාජුඩීන් සිද්ධියේ සැක සහිත දුරකථන අංක කිහිපයක් හඳුනාගෙන

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව සැක කටයුතු දුරකතන අංක කිහිපයක් හඳුනාගෙන ඇති බවත් එම අංක හිමි සැකසහිත පුද්ගලයින්ගේ අනන්‍යතාවය සහ ක්‍රියාකාරකම් තහවුරු කරගැනීමට රාජ්‍ය ආයතන කිහිපයකින් විස්තර ලබාගෙන විමර්ශන ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද(8) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය.

    අනාවරණය වී ඇති සැක සහිත පුද්ගලයින්ගේ අනන්‍යතාවය සහ ක්‍රියාකාරකම් තහවුරු කරගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්, පුද්ගලයින් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන්, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හා මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ද එම විස්තර ලබාගෙන විමර්ශන කටයුතු කරගෙන යන බව ඔවුන් වැඩිදුරටත් දැන්වීය