Category: සුපිරි Cases

  • රණවිරුවන්ට ප්‍රතිකාර නොකළ/අපහාස කරන සියල්ලන්ව අත්අඩංගුවට ගන්න යැයි ඉල්ලීමක්…

    සරසවි සිසු උද්ඝෝෂණයක් විසුරුවා හැරීමේ දී පහරදීම්වලට ලක්ව තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ට නිසි සැලකිල්ලකින් ප‍්‍රතිකාර නොකළ වෛද්‍යවරුන් වහාම අත්අඩංගුවට ගන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය සංවිධායක පෙරියසාමි ප‍්‍රදීපන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. 

    ඔහු මෙම ඉල්ලීම කළේ හැටන් හි පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා කාර්යාලයේ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි. 

    ප‍්‍රශ්නගත සිද්ධියේ දී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි. 

    වෛද්‍යවරුන් නිසි සැලකිල්ලකින් ප‍්‍රතිකාර නොකළ බව පවසමින් ඔවුන් පසුව පොලිස් රෝහලට ඇතුළත් කෙරුණා. 

    [rns_reactions]

  • රජ පවුලේ අණ පරිදි මම ඩයනා කුමරියව මැරුවා – බ්‍රිතාන්‍ය බුද්ධි නිලධාරියා පාපොච්චාරණය කරයි

    ‘ඩයනා කුමරිය’ ඇය ජනතාවගේ කුමරියයි. ඇය අසරණ මිනිසුන්ට ආලෝකයක්‌ වූවාය. මුළුමහත් බ්‍රිතාන්‍ය ජනතාවම වාගේ ඇයට ආදරය කළහ. ඇයගේ සුන්දරත්වය මෙන්ම කාරුණික සුන්දර හදවතද මුළු ලෝකයේම සිත් වසඟ කරවන්නට සමත් විය. එහෙත් ඇයට ආදරය කරන මිනිසුන්ගෙන් ඇයව උදුරා ගන්නට තරම් ලෝකය සැහැසි විය. තරුණ වයසේදීම ඇගේ දිවිය ජීවිතය උදුරා ගන්නට තරම් ජීවිතය කුරිරු විය. ඇගේ මරණය පිළිබඳ පුවත සැලවුණු වහාම මුළු ලෝකයම ශෝකයෙන් ඇලලී ගියේය. ඇයගේ මරණයෙන් අවුරුදු විස්‌සකට පසුව අදටත් ඒ ශෝකී කැළල තවමත් මිනිසුන්ගේ හදවත් තුළ ඉතිරිව ඇත. ඇය මියගියේ පැපරාසීන් ඈ පසුපස හඹා ඒමේදී ඇතිවූ රිය අනතුරකිනි. ලෝකය දැන සිටියේ එලෙසය. පරීක්‌ෂණ කළ ලෝකයට පෙන්වා දුන් කාරණය ද එයය. එහෙත් එය එසේ නොවන බවට ද ඩයනා කුමරියගේ මරණය සැලසුම් සහගතව සිදු කළ ඝාතනයක්‌ බවට ද වරින් වර සැක මතුවිය. අද වන විට එක්‌ පුද්ගලයකු ඒ සැකය තහවුරු කරයි.

    ඒ ඔහුගේ මරණ මංචකයේ සිට කරන අවසන් පාපොච්චාරණයෙනි.

    ඔහුගේ නම ජෝන් හොප්කින්ස්‌ය. ජෝන් හොප්කින්ස්‌ M15 හෙවත් එක්‌සත් රාජධානියේ ආරක්‌ෂක හා බුද්ධිඅංශ අනු ආයතනයේ තිස්‌අට වසරක්‌ සේවය කර විශ්‍රාම ලැබූ නිලධාරියෙකි. මේ වන විට අසූ වැනි වියේ පසුවන ඔහුට ජීවත්වීමට ඉතිරිව ඇත්තේ තව සති කිහිපයකි. ලන්ඩන්හි රෝහලක ගිලන් ඇඳක වැතිරී තම ජීවිතයෙහි අවසන් දවස්‌ කිහිපය ගෙවන ඔහු පසුගිය බදාදා ‘ඩයනා කුමරියව මැරූ අයුරු’ පාපොච්චාරණය කළේය. 1973 සිට 1999 දක්‌වා තමන් බ්‍රිතාන්‍ය බුද්ධි අංශය වෙනුවෙන් සේවය කළ කාලය තුළ බ්‍රිතාන්‍ය රජයේ නියමයෙන් බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ රාජකාරි ලෙසින් මිනිස්‌ ඝාතන විසි තුනක්‌ සිදු කළ බවද ඩයනා කුමරියව ඝාතනය කිරීම ද එලෙසින් පැවරුණු එක්‌ රාජකාරියක්‌ බව ද ඔහු පැවසුවේය. මෙසේ ඝාතනයට ලක්‌වූ සියලුම දෙනා බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌ වූ පුද්ගලයන් ලෙසින් සැලකුණු නිසා ඔවුන්ව ඝාතනය කරන්නට තීරණය වුණු බව ද මෙකී පුද්ගලයන් ඝාතනය කිරීම සූක්‌ෂමව සැලසුම් කිරීම තමන්ට පැවරී තිබුණ බව ද ඔහු පැවසීය.

    “මේ සියල්ල සිදුවුණේ ඉතා රහසිගතවයි. බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් දේශපාලන ඝාතන කරන්නට පත් කර තිබු විශ්වාසවන්ත නිලධාරීන් හත්දෙනකුගෙන් යුතු රහසිගත කණ්‌ඩායමේ මමත් එක්‌ සාමාජිකයෙක්‌. මෙසේ ඝාතනය කෙරුණු අය අතරින් බහුතරයක්‌ දේශපාලනඥයන්, සමාජ ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන් හා වෘත්තීය සමිති නායකයන්..” හොප්කින්ස්‌ විස්‌තර කළේය.

    “මගේ සැලසුම් වලින් ඝාතනය කරපු අය අතරින් සුවිශේෂීම කෙනා තමයි ඩයනා කුමරිය.. මම කරපු ඝාතන අතරින් එකම කාන්තාව ඇයයි. එකම රාජකීයයාත් ඇයයි. රජ පවුල විසින්ම ‘ඉවත් කර දැමිය යුතුයි’ කියලා තීරණය කරපු රාජකීයයාත් ඇයයි. මම ඒ ඝාතනය සැලසුම් කළේ හරිම වරදකාරී හැඟීමෙන්. දෙගිඩියාවෙන්. ඩයනා කුමරිය කරුණාවන්ත හදවතක්‌ ඇති සුන්දර කාන්තාවක්‌. එතරම් අඩු වයසකින් ඇගේ ජීවිතය පැහැරගැනීම අපරාධයක්‌. ඒත් ඇයගෙන් බ්‍රිතාන්‍ය රජ පවුලටත් කිරීටයටත් තර්ජනයක්‌ එල්ල වෙලා තිබුණා.. ඒ නිසයි ඒ ඝාතනය කරන්න සිද්ද වුණේ..”

    හොප්කින්ස්‌ පාපොච්චාරණය කරන්නේ එසේය.

    “ඩයනා කුමරිය ඕනෑවටත් වැඩියෙන් රජ පවුලේ රහස්‌ දැනගෙන හිටියා. ඒ වගේම ඇය රජ පවුලත් සමඟ තිබූ අමනාපය නිසා ඒ රහස්‌ මාධ්‍යයට එළිකරන්නටත් මාන බලමින් හිටියා. “ඇයව මරා දමන්න ඕනෑ” කියලා මගේ ප්‍රධානියා මට කිව්වා. මගේ ප්‍රධානියාට අණ ලැබිලා තිබුණේ පිලිප් කුමරුන්ගෙන්. ඒක සාමාන්‍ය රිය අනතුරක්‌ ලෙස පෙනෙන ආකාරයට සිදු කරන්නට අපිට අණ ලැබිලා තිබුණා. මම ඊට කලින් රජ කුමරියක්‌ තියා සාමාන්‍ය ගැහැනියක්‌වත් ඝාතනය කරලා නෑ.. කිසිම කාන්තාවක්‌ ඝාතනය කරලා තිබුණේ නෑ.. එහෙත් මට ලැබුණු අණට කීකරු වෙන්නට මා බැඳී සිටියා. මට පැවරුණු රාජකාරිය මා ඉටු කළ යුතුමයි. මම එය කළේ මගේ රට සහ රැජන වෙනුවෙන්..”

    ඊළඟට ඔහු හෙළිදරව් කළේ බ්‍රිතාන්‍ය රජයේ මාධ්‍ය මර්දනය පිළිබඳවය. බ්‍රිතාන්‍ය තුළ කිසිදු මාධ්‍ය නිදහසක්‌ නැති බව ඔහු පවසා සිටියි.

    “බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් හැම දෙනාම ඔවුන්ගේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට හා කර්තෘවරුන්ට පිළිතුරු දෙන්නට බැඳී සිටිනවා.. ඒ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සියලුදෙනා බකිංහැම් මාලිගයේ රජ පවුලේත් නයිට්‌වරු කිහිප දෙනකුගේත් පාලන බලයට යටත්. නිදහස්‌ යෑයි කියන්නට පුළුවන් කිසිදු මාධයයක්‌ බ්‍රිතාන්‍ය තුළ නැහැ.” හොප්කින්ස්‌ එහිදී පැවසීය. මේ රාජකාරිය භාරගත්තේ ඇයිදැයි විමසූ විට ඔහු පැවසූයේ තමා රැකියාවේදී බ්‍රිතාන්‍ය කිරීටයට පක්‌ෂපාතී වන බවට දිවුරා ඇති බවත්, තමාට පැවරුණු රාජකාරිය නිසි ලෙස ඉටු නොකළහොත් මරණයටත් වඩා බියකරු දඬුවම් වලට මුහුණ දෙන්නට සිදුවන බවත්ය. මේ ඩයනා කුමරියගේ මරණය රජ පවුලෙන්ම සැලසුම් කළ ඝාතනයක්‌ බවට කියෑවුණු පළමු අවස්‌ථාව නොවේ. ඩයනා කුමරිය මියයන්නට පළමු ඇයගේ අත් අකුරින්ම ලියා තිබුණු ලිපියකත් “රජ පවුල විසින් තමාව ඝාතනය කරන්නට සැලසුම් කරන බව” සඳහන් කොට තිබිණ.

    “මා වැළදගෙන මාව දිරිමත් කරන්නටත්, නොබියව හිස ඔසවා හිදින්නට මගේ හිත හදන්නටත් කවුරුන් හෝ හිටියානම් කියා ඔක්‌තෝබර් මාසයේ දිනයක්‌ වන අද මම මෙසේ මගේ ලියන මේසය අසල හිඳගෙන සිතමි. මේ ගෙවී යන්නේ මගේ ජීවිතයේ බියකරුම කාලපරිච්ඡේදයකි. මගේ මෝටර් රියෙහි තිරිංග බිඳදමා, මාව රිය අනතුරකට ලක්‌කොට, මගේ හිස බරපතළ තුවාලවලට ලක්‌කොට මා මරා දමන්නට මගේ සැමියා සැලසුම් කරමින් සිටී. ඔහු මාව මරාදමන්නට සැලසුම් කරන්නේ ඔහුගේ අනියම් භාර්යාව කැමිලා විවාහ කරගන්නට ඇති බාධාව මා බැවිනි….” ඩයනා කුමරියගේ ඒ ලිපියේ සඳහන් විය.

    ඩයනා කුමරියගේ මෙම ලිපිය පසු කලකදී ඩයනා හිතවාදීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මුත් ඒ පිළිබඳව රජ පවුලේ සම්බන්ධයක්‌ තහවුරු කරගන්නට නීතිය අසමත් වූ බැවින් මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනුණේ නැත. වර්තමානයේ මේ විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරි ජෝන් හොප්කින්ස්‌ගේ පාපොච්චාරණය ද එම කතාව තහවුරු කරයි. එහෙත් ජෝන් හොප්කින්ස්‌ගේ කතාව ව්‍යාජ එකක්‌ බව ද එය බ්‍රිතාන්‍ය රජ පවුලට එරෙහිව කරන කුමන්ත්‍රණයක්‌ බව ද කියමින් මේ පුවත දැනටමත් වාරණය කෙරෙමින් පවතියි. එසේ පැවසුව ද ජෝන් හොප්කින්ස්‌ගේ පාපොච්චාරණයෙහි වීඩියෝ පටය තවමත් යූ ටියුබ් වෙබ් අඩවියෙහි සංසරණය වෙනු දැකිය හැකිය

    [rns_reactions]

  • පොදු දේපළට හානි කළොත් රජයේ රැකියා නැහැ – අලුත්ම පුවත මෙන්න…

    පොදු දේපොළවලට හානි සිදු කරන පුද්ගලයන් රජයේ රැකියා සඳහා බඳවා නොගැනීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජය සූදානම් වන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    විවිධ වර්ජන, කලකෝලාහල වැනි කඩාකප්පල්කාරී අවස්ථාවල බොහෝ පුද්ගලයන් රාජ්‍ය දේපොළවලට දැඩි ලෙස හානි කිරීමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේ දක්නට ලැබුණු බවත්, මේ නිසාම රජය සතු විශාල දේපොළ ප්‍රමාණයක් විනාශ වූ බවත් පැවසූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවයි.

    වගකීමෙන් යුතුව රජයේ දේපළ පරිහරණය කළ නොහැකි පුද්ගලයන් රාජ්‍ය සේවයට සුදුස්සන් නොවීම මත මෙම තීරණයට එළැඹීමට නියමිතය. මේ අනුව රජයේ ප්‍රමුඛ සේවාවන් වන පරිපාලන සේවාව, කළමනාකරණ සේවාව, ගණකාධිකරණ සේවාව, වෛද්‍ය සේවාව වැනි සේවා සඳහා මෙවැනි පුද්ගලයන් බඳවා නොගැනීමට කටයුතු කෙරෙනු ඇත.

    මීට වසර ගණනාවකට පෙර රාජ්‍ය සේවයට බඳවාගැනීමේදී පොලිස් වාර්තා මෙන්ම අදාළ පුද්ගලයාගේ අතීත ක්‍රියාකලාපය ගැන දැඩි ලෙස විමසිලිමත් වූ අතර, එහිදී පොලිස් වාර්තා අනුව කටයුතු කෙරිණි. එම තත්ත්වය පසුගිය කාලයේදී ඇනහිට තිබූ අතර මේ අනුව යළිත් එය වඩාත් සක්‍රීය කිරීමට ක්‍රියා කෙරෙනු ඇත.

    [rns_reactions]

  • විශ්වවිද්‍යාල සිසුන් යහපාලන නිදහස් උපරිමයෙන් බුක්ති විඳි…(video)

    (ක්‍රිෂාන් ජීවක ජයරුක්)

    මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව  රුහුණ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද පැවැත්වූ විරෝධතාවයකදී සිසුන්ගේ ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක් මාතර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

    සිවිල් ඇඳුමෙන් සැරසී සිටි මෙම සැරයන්වරුන් දෙදෙනා සිසු උද්ඝෝෂණය වීඩියෝ කරමින් සිටිය දී  ඔවුන් අල්ලාගෙන පහර දී ඇති සිසුන් කැමරා ආම්පන්න හා පොලිස් හැඳුනුම්පත ද ඔවුන් බාරයට ගෙන තිබේ.

    පසුව කැමරාවේ මෙමරි කාඩ්පත හා බැටරිය හැර පැහැරගන්නා ලද සෙසු දේපොළ පොලීසිය වෙත යළි භාර දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
    [rns_reactions]

  • අන්තරේ පිටුපස ජනපති සිහිනය දකින ඇමති පාටලී… ඇග හිරිවට්ටන තිත්ත ඇත්ත මෙන්න..

    ඊයේ දින සෞඛ්‍ය අමාත්‍යාංශයයේ ගොඩනැගිලි සියතට ගනිමින් බාල් නැටූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩළය සහ අන්තර් භික්ෂු පෙරමුණ හුදෙක් රග දැක්වූ නාටකයේ තිර පිටපතේ රචකයා වෙන කිසිවෙකුත් නොව සෑමවිටම සිල් රෙද්දෙන් බෙල්ල කපන , නවගුණවැල ගණන් කරන රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකි. කැබිනට් මණ්ඩළයේ සියලු දෙනාටම වැදිබණ දෙසමින් 2020 නොපෙනෙන සිහිනයක් කරා පියමංකරන මොහු සමග අවසානයේ අන්තරේ ළහිරු වීරසේකර පවා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට නතුකරගත්තේ පෙරටුගාමීන්ගේ මහපුටු වලටද නොදැනීමය.

    ඉකුත් 13 වනිදා මෙකී අමාත්‍යවරයා විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාව සහ ඔවුන්ගේ දෙමව්පියන් සමග තමන්ගේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්වූ රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේ තමන් කෙසේ හෝ සයිටම් ආයතනයට එරෙහි සටන සියතට ගන්නා බවයි.ඒ වෙනුවෙන් ශිෂ්‍යයන් කිහිපදෙනෙකු හෝ බිල්ලට දී තමන්ගේ අරමුණ කරා යෑමට තරම් පහත් මානසිකත්වයක් ඔහු තුල තිබුණි.ඔහුගේ එකම අරමුණ වන 2020 ජනපති වීමේ සිහිනය සැබෑ කරගැනීමට ඇති භාධක සියල්ල එකක් නෑර බිඳගෙන යෑමේ පුරුද්ද නිසාම සහෝදර කැබිනට් මණ්ඩළයේ පවා ජුගුප්සාවට ඔහු ලක්වී ඇත්තේ ඒ නිසාමය.

    ඇත්ත එලියට ඒවි යැයි සැක සිතුනු  නිසාදෝ එම සිදුවීම සම්බන්දව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ජාතික හෙළ උරුමය කටයුතුකල බව අපට දන ගන්නට ලැබුණා. චම්පික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම අනුව ඉදිරිපත්කල මෙම මාධ්‍ය නිවේදනයේදී බලලා මල්ලෙන් එලියට පණ ඇති බව හොඳින් වැටහෙනවා.
    එහිදී  සයිටම් පිළිබඳව ඔවුන්ගේ මතය හා GMOA මෙන්ම අන්තරේ මතයද සමපාත වන බව පෙනී යනවා.
    හෙළ උරුමය ඉදිරිපත් කර මාධ්‍ය නිවේදනයද අප පහතින් දක්වා ඇති අතර අප ප්‍රකාශ කරන්නේ දේශපාලනයේ බන්කොලොත්බව වසා ගැනීමට බොර දියේ මාළු බෑමට සැරසෙන මෙවන් දේශපාලකයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසයි!
    *************************************************************
    ඛේදවාචකයකින් අවසන් වීමට පෙර සයිටම් ගැටලූවට විසඳුමක් ලබා දෙමු..
     
    සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ගොඩනැගිල්ල තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් ක‍්‍රියාත්මක කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයට එල්ල වූ පොලිස් ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ ශිෂ්‍යයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් එමෙන්ම එම සිදුවීමේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් ජාතික හෙළ උරුමයේ කනගාටුව පළ කිරීමට කැමැත්තෙමු.
     
    රජයේ අමාත්‍යාංශයක් තුළට ඇතුළු වී ශිෂ්‍යයන් විසින් උද්ඝෝෂණය කිරීම ජාතික හෙළ උරුමය අනුමත කරන්නේ නැත. එහෙත්, මෙවැනි උද්ඝෝෂණයන්ට පදනම් වූ හේතු කාරණා අවබෝධ කර ගැනීමට එය බාධාවක් කර නොගත යුතුය. සයිටම් ගැටලූව යනු තව දුරටත් අධිකරණය උපයෝගී කරගෙන හෝ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යන්ගෙන් දැන්වීම් පළ කරමින් විසඳා ගත හැකි ගැටළුවක් නොවේ. එය ප‍්‍රතිපත්තිමය සහ දේශපාලන ගැටලූවකි. එනම්, එක් අතකින් ශ‍්‍රී ලංකාවට ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද හෝ ඒවා මේ රටේ ආරම්භ කොට පවත්වාගෙන යාමේ වාතාවරණයක් පවතීද යන ප‍්‍රතිපත්තිමය ගැටලූව මුලින්ම විසඳා ගත යුතුය. දෙවනුව, සයිටම් ආයතනය ආරම්භයේ සිට ක‍්‍රියාත්මක වී ඇති ආකාරය, ශිෂ්‍යයන්ගෙන් සහ සෞඛ්‍ය සේවයට අදාළ වෘතිකයන්ගෙන් ඊට එල්ලවන විරෝධය සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සම්බන්ධයෙන් මේ රටේ ඇති බියකරු අතීත අත්දැකීම යන කරුණු සළකා බලමින් සයිටම් ආයතනයේ පැවැත්ම පිළිබඳව දේශපාලන තීරණයක් ගත යුතුය. මේ තීරණ දෙකම රජය විසින් නොපමාව ගත යුතු තීරණයන්ය. අප යළි යළිත් පෙන්වා දෙන්නේ මේ ගැටලූව විසඳීම කාලයට බාර දී නිහඬව සිටීමට උත්සාහ කිරීම ඉතා බියකරු ඛේදවාචකයකට පාර කැපීමක් වනු ඇති බවයි.
     
    පෙර කී ප‍්‍රතිපත්තිමය සහ දේශපාලන ගැටළු දෙක සම්බන්ධයෙන් අප පක්ෂයේ ස්ථාවරය ඉතා විස්තරාත්මකව සහ තාර්කිකව අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත්තෙමු. මේ රටේ බහුතර ජනතාව පමණක් නොව දේශපාලන නායකයන් පවා, සයිටම් වර්ගයේ ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලෝකයේ ඉතා සුලබව ඇති දෙයක් ලෙස කල්පනා කළත් අප විසින් දිගින් දිගටම පෙන්වා දී ඇති පරිදිම ඇත්ත තත්ත්වය වන්නේ ලෝකයේ දියුණු රටවල එබඳු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිසිසේත්ම නොමැති බවයි. ලෝකයේ දියුණු රටවල් සියල්ලම උසස් අධ්‍යාපනය සළකන්නේ සාමාජයීය වගකීමක් ලෙස විනා, ධනෝපායන මාර්ගයක් ලෙස නොවේ. එසේම පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළ තුන්වන ලෝකයේ රටවල් ගණනාවක් මේ වන විට එම තීරණයේ අනිටු පළවිපාක අත් විඳිමින් සිටිති.
     
    ඒ අනුව, අප පක්ෂයේ ස්ථාවරය වන්නේ ශ‍්‍රී ලංකාව කිසිසේත්ම ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ නොකළ යුතුය යන්නයි. දෙවනුව, සයිටම් ආයතනය මුල පටන්ම ක‍්‍රියාත්මක වී ඇති වංචනික ආකාරය නිසා වගකීම් සහගත රජයකට එවැන්නකට සහයෝගය දීමේ කිසිදු අවකාශයක් ඉතිරි වී නොමැත. එම නිසා, තවදුරටත් පමා නොවී, සයිටම් ආයතනය වහාම වසා දැමීමට ක‍්‍රියාත්මක වීම සුදුසුය යන්න අපගේ ස්ථාවරයයි. රජයේ අමාත්‍යංශයකට ශිෂ්‍යයන් ඇතුළු වූ විට ඔවුන්ව පොලිස් බලය යොදා ඉවත් කිරීමට සිදුවන බව අපිද පිළිගන්නෙමු.
     
    එහෙත්, විද්‍යුත් මාධ්‍යයන්ගෙන් විකාශනය වූ මෙම පහරදීමට අදාළ දර්ශන මගින් පෙනී යන්නේ පොලීසිය පමණ ඉක්මවා බලය යොදන බවකි. විශේෂයෙන්ම, පොලීසිය විසින් සිසුන්ව පලවා හරිනු වෙනුවට ඔවුන්ව කොටු කරගෙන පහරදෙන බවක් එකී දර්ශනයන්ගෙන් පෙනී ගියේය. සයිටම් ආයතනයට විරුද්ධ සිසුන් සම්බන්ධයෙන් එබඳු පරිමාණයකින් සහ ස්වභාවයකින් නීතිය ක‍්‍රියාත්මක වෙත්දීම, ගිනි අවි ආඥා පනත යටතේ ඇප දිය නොහැකි වරදක් කර ඇති සයිටම් වෛද්‍ය විද්‍යාලයේ විධායක නිලධාරි සමීර සේනාරත්න නැමැත්තාට එරෙහිව තවමත් කිසිදු ලෙසකින් හෝ නීතිය ක‍්‍රියාත්මක වී නැත. එසේම, සයිටම් ආයතනය විසින් බරපතල ලෙස නීතිය උල්ලංඝනය කර ඇති අවස්ථාවන් ගණනාවක් තිබෙතත් ඒවාට එරෙහිවද නීතිය ක‍්‍රියාත්මක වන බවක් නොපෙනේ. මෙසේ එක් පාර්ශ්වයකට එරෙහිව පමණක් නීතිය ක‍්‍රියාත්මක වීම කිසිසේත්ම පිළිගත හැකි තත්ත්වයක් නොවේ. එසේම සයිටම් ආයතනයට වාසි සහගත දැන්වීම් විශාල ප‍්‍රමාණයක් රජයේ වියදමින් ප‍්‍රචාරය කිරීමද යහපත් තත්ත්වයක් නොවන බව පෙන්වා දිය යුතුමය.
     
    ඒ අනුව, විනය ගරුකව සහ ඉවසීමෙන් යුතුව තම විරෝධතා ව්‍යාපාරය පවත්වාගෙන යන ලෙස ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින අතරම සයිටම් ආයතනය අහෝසි කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
     
    දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි
    සභාපති
    ජාතික හෙල උරුමය

    [rns_reactions]

  • ‘‘අරගල කරන්න..බුදුන්ගෙන් ඉගෙන ගන්න‘‘ – අරගලකරුවන්ට බුකිය කියාදුන් පාඩම!

    සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩා වැදුනු සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන්ට ඊයේ එල්ල වූ ප්‍ර‍ාහාරය සහ ඔවුන්ගේ ප්‍ර‍ණ්ඩකාරි හැසිරීම පිළිබඳ මේ වන විට බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත්ව තිබේ.අන්තර්ජාලයේ මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි තුළද මේ පිළිබඳව බොහෝ අදහස් පළවී තිබුණි.එවන් පසුබිමක ෆේස්බුක් සමාජ ජාලයේ වේගයෙන් හුවමාරු වන සටහනක් අප ‘නෙත්‘ ගැටුණි මේ එම සටහනයි….

    ‘‘රජයේ ආයතනයක් ඇතුලට දාහක් එක්ක පැන්නට පැස්සෙ.ආ එන්න පුතාලා ඇතුලට කලින් කිව්වනං මරණාධාර සමිතියෙන් පුටු ගෙනල්ලා තියනවනෙ. ඉඩ තියන විදිහට වාඩි වෙන්නකො..කේකුයි බිස්කටුයි අල්ලලා ඇඹුල් කෙහෙල් ඇවරියක් ගෙනල්ලා කන්න පුතාලා ඔහෙන් වාඩිවෙලා..අපේ ජනේලෙ කැඩුවට කමක් නෑ සයිටම් වැහෙනවනෙ
    ලහිරු පුතා දැන් අක්කට එහෙම කොහොමද..??තාම slit එකේද.. දැං ඩිග්‍රිය එහෙම ගත්තද..??දුවලා ඔයාලා ඉඳගන්න.. කොල්ලො ටික නං ඔය කොහෙන් හරි ඉඳගනීනෙ..ගේට්ටුව ගලෝලා මහන්සිත් ඇතිනෙ බොමුද තේකක්.. මේකෙ bopf තියනවා..අනි මේවා වත්තෙ ඇඹුල් ලැජ්ජ වෙන්නැතුව කන්න දරුවො ‘‘ කියලා හිතලද උඹලා අමාත්‍යාංසෙ ඇතුලට කඩා පැන්නෙ..

    යකෝ පොඩ්ඩක් තොපෙ නායක බූරුවා ගැන හිතපිය..ඌ ගැන කියන්න තියෙන්නෙ කාරණා දෙකයි

    1. රාජ්‍ය ආයතනයක් ඇතුලට පැන්නම පොලීසිය ඇවිල්ලා ගහලා එලෝනවා කියලා ඌ දන්නෑ..

    ඒක ඇත්තනං ඒකවත් දන්නෙ නැති කැන්ද හැලපයෙක් නායකයා කරගෙනද යකෝ තොපි අරගල දිනනන්න හදන්නෙ..
    නොදකින් ඔය සංගමේ වහලා දාලා ගොටුකොල හිටවහන්

    2. ඌ උඹලට ගහනවා කියලා දන්නවා.. දැනගෙන තොපිව ගුටිකන්න ඇතුලට එක්කන් ගියා..

    නොදෝමකින් ඕයි.. නියම නායකයෙක් කියන්නෙ තමන්ගෙ සෙට් එකේ උන්ව බලෙන් ඉල්ලගෙන ගුටි කන්න දක්කන එකෙක්ටද..

    ඒක හින්දා දැන්වත් තේරුම් ගනින්.

    අරගල බැරිනං ගල අරගෙන හරි පලයන් අපිට පාන්ද..ප්‍රභාකරන් කිව්වෙත් ඌ කරන්නෙ අරගලයක් කියලා Isis උන් කියන්නෙත් උන් කරන්නෙ අරගලයක් කියලා කුලවාදෙට එරෙහිව බුදුන් කලෙත් අරගලයක්..දැන් අරුන් ත්‍රස්තවාදියො වෙලා බුදුන්ට තාම වඳින්නෙ ඇයි..

    අරගලේ කරන්න තෝරගත්ත පාර හින්දා..

    කිඹුල්වත් පුරේ සුද්ධෝදනගෙ මාලිගාවට හාන්දුරුවො එක්ක පැනලා කුල වාදෙ නවත්තපිය කියලා ජනෙල් දොරවල් කඩාදාලා මගුල් නැටුවද..නෑ ගහන්න බනින ඔක්කොම අහගෙන සාමකාමීව තමන්ගෙ අරගලේ කලා..ගාණ්ධි තමන්ගෙ සත්‍යග්‍රහ ව්‍යාපාරෙ එක වෙලාවක සම්පූර්ණයෙන් නවත්තනවා තමන්ගෙ කණ්ඩායමේ එකෙක් විරුද්ධ මතවාදියෙක්ට පහර දුන්නා කියලා..

    තොපි හිතන් ඉන්නවද සෞඛ්‍ය අමාත්‍යාංශය චතුර සේනාරත්න පිටසක්වලින් සල්ලි ගෙනල්ලා තාත්‍තට දීලා හදපු රාජිතගෙ බූදලයක් කියලා.අනේ යකුනේ තොපි ඊයෙ කුඩු කරලා තොවිල් නටපු දේපල වාහන ඔක්කොම මේ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි.. නිර්ධන පන්තියෙ ඉන්ගෙ දේපල වලටම කෙලෝලද තොපි එතකොට නිර්ධන පන්තියෙ අරගල දිනන්න හදන්නෙ..

    ඔව් ඔව් දැන් අර ඇමති බිලියනයක් හොරකන් කලා ඉතින් අපි පොඩ්ඩක් කැඩුවම මොකෝ කියලා දැන් කොමෙන්ට් ටයිප් කරන උන්ට කියන්න තියෙන්නෙ

    ඕලෙවල් වත් නැති කාලකන්නි කරන ඒවා කරන්නද මී හරකො තොපි කැම්පස් ගියේ. තොපි කරන්නෙත් උන් කරන ඒවා නං උන්ගෙයි තොපෙයි වෙනසක් තියනවද.. තව ටික දවසකින් තොපි මිනියක් මරලත් කියයි ප්‍රභාකරන් ලක්සයක් විතර මැරුවනෙ අපි එකෙක් මැරුවම මොකො කියලා.. ඌරා මඩ නානවනෙ. ඉතින් මං නාන්නැතුව හිටියම මොකො වගේ ගොං ලොජික් දාන අත උස්සලා කැම්පස් ගිය උන් ඉන්නවනං පාං ගෙඩියෙන් අපල දුරුවෙනවා කියලා හිතන් ඉන්න උන්ගෙ ලිස්ට් එකට පල..

    තොපි මොන බම්බු අරගලේ කරත් වැඩක් නෑ රටේ මිනිස්සු උඹලා එක්ක නැත්තං රටේ මිනිස්සු තොපි එක්ක හිටවගන්න ඕනෙ නං පිස්සො වගේ ත්‍රස්තවාදියො වගේ හැසිරෙන්නැතුව බුද්ධිමත් මිනිස්සු ශිස්‍යයො වගේ හැසිරියන්..

    තොපි එක්ක හිටගෙන ඉන්නෙ කවුද කියලා පොඩ්ඩක් බලපිය. නිර්ධන පන්තියෙ අයිතිවාසිකම් බම්බුවක් කියෙව්වට තොපි එක්ක ඉන්නෙ ළමයව රෝයල් දාන්න කාර් පර්මිට් ඉල්ලලා වැඩ වර්ජනේ කරලා ගෝටගෙ කීමට කොතලාවල වෛද්‍යපීටෙ හදනකොට හා සර් කියලා බඩ උලාගෙන හිටපු වෛද්‍ය සංගමෙයි.. සයිටම් එකට අත්සන් කරලා දැන් එපා කියනා ත්‍රීවිල් ඒකාබද්ධ විපක්සෙයි තමන්ගෙ උන්ව slit යවලා අනිත් උන්ගෙ දරුවො යන ඒවා ඇබොලිස් කරපන් කියන ජවිපෙයි පෝස්ටරයක් ගහගන්න එකෙක් නැති කුරුට්ටොයි විතරයි..

    ආයෙ හිතපන්

    ඔතන ඉන්න ගුටිකාපු බහුතරේ බලෙන් ඇදගෙන ආපු 1st ඉයර් උන්.. නෑ කියලා නටන්න එපා දැන්.. අවුරුදු 8 ක් තිස්සෙ සයිටම් අරගලේ වෙනවා..ඇයි සද්භාවයෙන් බොක්කෙන් අරගල කරනවනං කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ එකෙක්වත් පැත්ත පලාතක නොඑන්නෙ..

    පොඩ්ඩක් තේරුම් ගනින්

    තොපි ඔක්කොම දේසපාලන ඉත්තො ඡන්ද ලක්සයක් ගන්න බැරි බම්බු දේසපාලන ව්‍යාපාර වල කොන්ත්‍රාත් එකක් කරන්නෙ..
    අන්තරේ හිටපු කැඳවුම්කාරයො ටික දැන් ඉන්නෙ කොහෙද කියලා පොඩ්ඩක් බලපන්. උන්ට ඕනෙ අරගලේ දිනන්න නෙමෙයි.

    තොපි කාවහරි මරාගන්න

    ඒකයි ගහනවා කියලා දැනගෙන ලහිරු කියන බූරුවා තොපිවත් ඇදගෙන ඇතුලට යන්නෙ.. නියම නායකයා කවද්ද යකෝ තමන්ගෙ උන්ට ගුටි කන්න දෙන්නෙ.. තනියම ගිහින් කතා කරනව මිසක්..ඇරත් තොපි හිතන් හිටියනං මෝලමක් ගලහා පිළිඅරගෙන රාජිත මේං කියලා තොපිට සාකච්ඡාවක් දෙයි කියලා ආයෙ කියන්නෙ ඔය සංගමේ වහලා ගොටුකොළ හිටවහන්..ඒක හින්දා එක එක පරයන්ගෙ දේසපාලන ව්‍යාපාර වලට ඡන්ද ගන්න විකිණෙන මිනියක් වෙන්නෙපා..

    අන්තරේටයි උන්ව මෙහෙයවන දේසපාලන බඩකඩිත්තු වලටයි ඕනෙ තොපි එකෙක්ව මරාගෙන මිනී පෙට්ටිය අරගෙන අරගලේට දිවි පුදපු සිසු විරුවා කියලා කොළබ වටේ අරගෙන ගිහින් ඡන්ද එකතු කරගන්න..අරගලයක් ඉවර කරන්න ඕනෙ නෑ උන්ට.. උන් ජීවත් වෙන්නෙ ඔය අරගලෙන්.

    හිතපන් තොපි එකෙක් මැරිලා සයිටම් වැහුවා කියලා..ඊළඟට nsbm වහන්න අරගලයක් කරයි.. එතකොට තව එකෙක් මැරෙනවද..කොතනින්ද ඕක නවතින්නෙ..

    ගහමරාගෙන ප්‍රශ්න විසඳන්න බෑ..ගහගන්නෙ නොදියුනු ගෝත්‍රිකයෝ තොපි රටේ බුද්ධිමත් සෙට් එකනං බුද්ධිමත්ව ප්‍රශ්න විසඳන්න බලපන්..උඹලා ගැන කවි ලිව්වා ගුටි කෑවම ඕන තරන් මීට කලින්.. ඒ උඹලගෙ මතේට කැමති හින්දා නෙමෙයි.. මොනව උනත් මිනිස්සු හින්දා..

    හැබැයි තව ටික දවසකින් උඹලා ඔය වගේ පිස්සු නටද්දි මැරුවත් හොඳවැඩේ කියන තැනට රටේ මිනිස්සු පත් වෙනවා..ආණ්ඩුවටත් ඕනෙ ඒක..

    ඒ තැනට පත් වෙන්නෙපා..කවුරුහරි බූරුවෙක්ගෙ කීමකට යටවෙලා අනාගතේ කාලකන්නි නොකරගෙන ඉගෙනගෙන රටට වැඩ කරපන් ඔච්චර ආදරෙයිනං

    තොපි ඩෙඟා නටන තරමට ආණ්ඩුව කැමතියි..ආන්ඩුවෙ ඔක්කොම ප්‍රශ්න තොපේ පිටින් සතියක් දෙකක් යවාගන්න පුළුවන් හින්දා..අන්තිමට ආයෙත් කියන්න තියෙන්නෙ තොපි දේසපාලන ව්‍යාපාරෙක වහල්ලු.. තොපි ඔක්කොම ඡන්ද වෙනුවෙන් ගුටි කවන්න මරාගෙන මැරෙන්න යවන ඉත්තො.. ඒක තේරුම් ගනින්

    ලහිරු වීරසේකර ඔතනින් ගියාම ඌට පක්සෙන් පඩියක් එක්ක රස්සාවක් දෙනවා..තොපි කාලකන්නි වෙලා මැරිලා ගියාම ගෙදර උන්ට ඌ කන්න දෙන්නෙත් නෑ දිනන ලබ්බෙ අරගලේකුත් නෑ..

    උඹලගෙ අරගලේට මගෙ කිසිම විරුද්ධත්වයක් නෑඋද්ඝෝෂණ අරගල කරන එක මිනිස්සුන්ගෙ අයිතියක්.මම ඒකට හිස් මුදුනින් ගරු කරනවා..

    හැබැයි ඒක කරපන් මිනිස්සු වගේ..පිස්සො වගේ නොවී..මිනිස්සු උඹලා එක්ක හිටගන්නකන් උඹලා අරගල දිනන්නෙ නෑ..

    චමල් අකලංක පොල්වත්තගේ

  • අන්තරේ අමුතු ලොජික්.. STF බල්ලෝ – අද ඉදලා උන්ට බේත් නෑ.. නිරුවත කරලියට…

    පසුගියදා අනීතිකව සෞඛ්‍ය අමාත්‍යංශයට කඬා වැදුනු විශ්වවිද්‍යාල සිසුන් ඉවත් කිරීම සදහා විශේෂ කාර්යය බලකායට(STF) මැදිහත්වීමට සිදුවූ අතර එහිදී සිය අවම බලය භාවිතා කරමින් බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කිරීමටද ඔවුන්ට සිදුවිය.

    මෙම සිදුවීමෙන් පසුව විශේෂ කාර්යය බලකායේ සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශ්ව විද්‍යාල සිසුන් විසින් ඉතා පහත් පෙලේ වචන භාවිතා කරමින් ෆේස්බුක් සමාජජාලය තුල මතයක් ගෙනයමින් ඇති අතර එය කිසිසේත්ම උචිත තත්වයක් නොවේ.

    යුධ සමයේදී මෙරට ත්‍රස්ථවාදයෙන් මුදවා ගැනීම සඳහා මෙන්ම රටේ ආරක්ෂාව, සාමය සහ ස්ථායීතාවය පවත්වාගෙන යාම පිණිස විශේෂ කාර්යය බලකාය විසින් ලබාදී ඇති දායකත්වය ඉතා විශාලය.

    හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය නිලධාරියෙකු වන දුමිදු කොඩිතුවක්කු විසින් මින් ඉදිරියට “පොලීසි සහ STF කාලකන්නීන්ගේ රෝගීන්ට මින් ඉදිරියට ප්‍රතිකාර කරනු නොලැබේ” යනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබූ අතර ගොඩනැගුනු මහජන විරෝධය හමුවේ එය ඔහුගේ ගිණුමෙන් ඉවත්කර තිබේ.

    සයිටම් සටනට සම්බන්ධ වී සිටින සනෝජ් වීජයසේකර නම් තැනැත්තා විසින් “STF පර බල්ලන් යනුවෙන් සඳහන් කරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබේ.

    රාජ්‍ය දේපළ වලට අලාභහානි කරමින් ත්‍රස්තවාදීන් ලෙස හැසිරෙන අමනෝඥයින් රැලක් ඉවත් කල පමණින් රණවිරුවන්ට මෙලෙස පහත් ආකාරයෙන් පරිභව කිරීම කිසිසේත්ම අනුමත කල නොහැකි අතර මෙවන් ක්‍රියාමාර්ග වල නොයෙදෙන ලෙස අප වෛද්‍යවරුන්ගෙන් සහ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    [rns_reactions]

  • බලයේ සිටි එදා සරසවි සිසුන්ට මැරෙන්න ගහපු මහින්දගෙන් ඊයේ සිදුවීම ගැන ප්‍රකාශයක්…

    ඊයේ සරසවි සිසුන්ට එල්ල වූ ප්‍රහාරය ගැන මහින්ද රාජපක්ෂ විසින් ඊයේ සරසවි සිසුන්ට එල්ල වූ ප්‍රහාරය පිලිබදව ප්‍රකාශයක් නිකුත් කර ඇත. 2015 ජනපතිවරණයට සතියක් තිබියදී උපාධි සමානතාව ඉල්ලා පැමිණි සිසුන්ට මැරෙන්න තරමට පැහැර දුන් මහින්ද අද තොත්ත බබා වෙමින් කටයුතු කිරීම විහිළුවක් බවයි ජනතා මතය..

    රතුපස්වල, හලාවත, කටුනායක විරෝධතාකරුවන් තම නියෝගයෙන් වෙඩි තබා මරාදමපු දර්ශනවලට සංවේදී නොවූ කම්පනයට ලක් නොවූ අපේ හිටපු ජනාධිපතිතුමා බලහත්කාරයෙන් අමත්යන්ශ්‍යකට ඇතුළු වෙලා රාජ්‍ය දේපල කඩපු අය ඉවත්කාරම සංවේදී වුණා යැයි පවසිමම විහිළුවක්  බවයි ජනතා මතය.

    මහින්ද නිකුත් කල නිවේදනය සහ ඔහුගේ පාලන කාලයේ සිදුකල ශිෂ්‍ය පහරදීම් පහතින්.

    [rns_reactions]

     

     

  • අහිංසක යැයි කියන අන්තරේ සිසුන් පොලිස් නිලධාරියෙක්ට පහර දුන් අයුරු (VIDEO)

    වසර 13ක පාසල් අධ්‍යාපනයෙන් පසුව රටේ ජාතික විශ්ව විද්‍යාල වලට තේරීම සඳහා සුදුසුකම් ලැබීමට උසස්පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගෙන් අතලොස්සකට පමණක් හිමිවන සරසවි වරම ලබා ගැනීමට ඔවුන් අපමණ වෙහෙස වෙති.

    කෑමක් බීමක් හරියට නැතිව රෑ නිදි වරාගෙන පාඩම් කරමින් වෙහෙසවී කැම්පස් යන කොල්ලෝ කෙල්ලෝ ගැන දෙමව්පියන් අනෙක බලාපොරොත්තු තබාගෙන සිටින්නේ තම දරුවන් හොඳින් ඉගෙනගෙන රටට බරක් නොවී රටට වැඩදායි අයවලුන් කිරීමටය. නමුත් ඇත්තටම අපේ රටේ කැම්පස් වල වෙන්නේ කුමක්ද?

    එහි ගිය අහිංසක දරුවන් මැරයින් බවට පත්වන්නේ කෙලෙසද?

    පහත දැක්වෙන වීඩියෝව අවසන්වනතුරු නරඹන්න….

    මේ අමානුෂික ලෙසින් රටේ නිත්‍ය හා සාමය රැකීමේ රාජකාරිය කරන පොලිස් නිලධාරියකුට පැහැර දෙන්නේ කැම්පස් ගිය උගත් යයි කියන සරසවි සිසුවෙකි. සමස්ත කැම්පස් කොල්ලෝ කෙල්ලෝ මෙම තත්වයෙන් අප නොදැක්කත් මෙම දරුවන් මේ තත්වයට පත්වීම රටක් ලෙස අප සිටින්නේ කොතනකද කියා පෙන්වන සාධකයකි. අපේ රටේ බංකොලොත් දේශපාලන පක්ෂ වල අතකොළු බවට සරසවි සිසුන් පත්වීම අප අත් දකිමින් සිටි. එදා 88/89 සිදුකල විනාශයට නැවත ඔවුන් අත වන්න බව පෙනේ. පෙරේදා සෞක්‍ය  අමාත්‍යංශයට වැදුණු සිසුන් හැසිරුණ ආකාරයෙන්ද අපට එය විද්‍යාමාන වේ… සරසවි සිසුන් දේශපාලනයට ඇද දමනා බංකොලොත් දේශපාලන පක්ෂ වල නිරුවත අප හොඳින් හඳුනාගත යුතුය…

    [rns_reactions]

  • හිටපු ලේකම්ගේ බලපෑමට වාරි ලේකම් එපා කියා එහෙයියන් වර්ජනයේ

    වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ධුරය සඳහා පරිපාලන සේවයේ නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව යැයි පවසමින් හිටපු ලේකම්ට පක්ෂපාති එහෙයියන් කිහිපදෙනෙක් අද (23) රට පුරා සංකේත වැඩ වර්ජනයක නිරත වනවා. එහෙයියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේ හිටපු ලේකම් ලබාදෙන තුරාවට තමන් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.. එය කිරීමට නොහැකි නම් ඉදිරියේ දී වඩාත් දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට අවතීරණ වන බවයි ඔහු කියා සිටියේ. 

    [rns_reactions]

  • අමාත්‍යංශයට අලාභ හානි කල චෝදනාවට ලහිරු අත්අඩංගුවට.. (Breaking News)

    රජයේ අමාත්‍යංශයකට කඩා වැදී රජයේ දේපල වලට අලාභ හානි සිදුකිරීමේ චෝදනාව මත අන්තර් විශ්ව විද්‍යාලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර මහතා ඇතුළු පිරිසක් මිට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

    [rns_reactions]

  • සරසවි සිසුන් කල අලාභය ගණනය කිරීම් ආරම්භ වෙයි… CCTV වාර්තා වලින් සියල්ල පැහැදිලියි…

    සරසවි සිසුන් ඊයේ (21) කළ උද්ඝෝෂණයේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපළවලට සිදු වූ අලාභය පිළිබඳ  තක්සේරු කිරීම මේ වන විට ආරම්භ වී තිඛෙනවා.

    සී සී ටී වී කැමරාවල සමීප ඡායාරූප ද මෙහිදී සැලකිල්ලට ගන්නා  බවයි පොලිසිය පවසන්නේ.

    උද්ඝෝෂකයින් පිරිසක් අමාත්‍යංශ පරිශ්‍රය තුළට නීති විරෝධීව ඇතුළු වී වාහනවලට සහ එහි අනෙක් දේපළවලට අලාභ සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙලෙස දේපළවලට අලාභ සිදු කළ තැනැත්තන් හඳුනා ගැනීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඝෘජු අධීක්ෂණය යටතේ විමර්ශනයක් ද ආරම්භ කර තිඛෙනවා.

    හඳුනා  ගන්නා වරදකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කියා සිටියා.

    [rns_reactions]

  • මහින්දට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් වන ලකුණු…!

    ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් කතා කිරීම තමන්ට  එරෙහිව සංඝ ආඥාවක් නිකුත් වීමට ද හේතු විය හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කරන ආකාරය පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

    [rns_reactions]