Category: සුපිරි Cases

  • තුවාල ලැබූ STF සෙබළුන්ට ප්‍රතිකාර නොකළ අමුතු පන්නයේ නොමිනිසුන් ගැන පුවතක් කරලියට..

    සයිටම් විරෝධි සිසුන්ට ඊයේ (21) එල්ල වූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 70 දෙනෙකු පමණ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

    පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මෙහිදී තුවාල ලැබුවා. තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි  අප  වෙත වාර්තා වුණේ.

    මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් කළ විමසීමක දී ඔහු ඒ බව තහවුරු කරනු ලැබුවා.

    කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ එවැනි කිසිදු සිදුවීමක් තමන් වෙත වාර්තා නොවූ බවයි. 

    තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් තිදෙනාට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර සිදු නොකිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ද විමසීමක් කළා.

    ඊට ප‍්‍රතිචාර දැක්වූ එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ වෛද්‍යවරයෙකුට සෑම රෝගියෙක්ම එක සමාන බවයි

    [rns_reactions]

  • අධ්‍යාපන අයිතිය ඉල්ලු සරසවි සිසුන්ට පොලිසියෙන් කුරිරු ප්‍රහාරයක්… නොදුටු දසුන් මෙන්න…

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

    ඒ අතර පොලිසියේ පස් දෙනෙක් ද සිටින බවයි වාර්තා වෙන්නේ.

    රෝහලට ඇතුළු කළ රෝගීන්ගෙන් 50 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද සඳහන්.

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව  සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු අතර පැය තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් විරෝධතා දැක්වූවා. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළා.

    https://www.facebook.com/media/set/?set=a.1021510701322711.1073742133.739746236165827&type=3

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/posts/1021378101335971

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1021344231339358/

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1021316954675419/

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1021299588010489/

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/posts/1021279648012483

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/posts/1021218378018610

    [rns_reactions]

  • සරසවි සිසුන් අදත් මහ පාරේ… සෞඛ්‍ය අමාත්‍යංශයට දැඩි හානී….

    සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් 04ම අත්පත් කරගෙන සිටි සරසවි සිසුන්  ගොඩනැගිල්ල පුරා සිය සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ අතර එම කටයුතු නිසා අමාත්‍යංශයට දැඩි හානී සිදුව ඇත.

    සරසවි සිසුන් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ඇති විවිධ පුවරු හා දැන්වීම් ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද ඒවා ගිනි තබා විනාශ කිරීමද සිදු කරන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (21) මෙම විරෝධතා පාගමන සංවිධානය කළේ සයිටම් ආයතනයට විරෝධය පාමින්.

    කෙසේවෙතත් මේ වන විට සරසවි සිසුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක්ද සිදු වෙමින් තිබෙනවා.

    [rns_reactions]

  • නාමල් උඩුගම – දුලාජ් ධනුෂ්ක ගැටුමේ අලුත්ම තත්වය මෙන්න…

    ජනප්‍රිය ගායක නාමල් උඩුගම විසින් ගායනා කරන ලද “අප හමුවීම” නම් ගීතයේ නැවත ගායනා කරමින් නිර්මාණය කල හේතුවෙන් නාමල් සහ දුලාජ් ධනුෂ්ක නමැති තරුණ ගායකයා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වී තිබේ.

    සිය නිර්මාණ කිසිදු අවසරයකින් තොරව ගායනා කිරීම පිළිබඳව නාමල් උඩුගම විසින් මෙම තරුණ ගායකයාට අවස්ථා කිහිපයකදී දෝශාරෝපනය කර තිබේ.

    ෆේස්බුක් හරහා පණිවිඩයක් එවමින් නාමල් උඩුගම විසින් එම ගීතය සියලු සමාජජාල මාධ්‍යයන්ගෙන් ඉවත් කරන ලෙසත් එසේ නොවුනහොත් නඩු පවරන බවටත් ප්‍රකාශ කල අයුරු දුලාජ් ධනුෂ්ක විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.

    නාමල් උඩුගම අසනීපව රෝහල්ගත කර සිටි සමයේදී දුලාජ් ධනුෂ්ක විසින් කිසිදු අයකිරීමකින් තොරව ගීත ගායනා කොට ඒ මුදල් නාමල්ට ලබාදුන් බවටද ඔහු ප්‍රකාශ කර ඇත.

     

    [rns_reactions]

  • ඥානසාර හිමිට යළිත් ඇප – පොලිසියට බැණුම්

    අත්අඩංගුවට පත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් වෙත ඇප ලබා දී තිබෙනවා.

    කොළඹ අතිරේක මසේත්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඥාණසාර හිමියන් සඳහා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මතයි.පොලිසිය ඇප දීමට විරුද්ධ නොවූ අතර මෙහිදී පොලිසිය සම්බන්ධයෙන් කණගාටු වෙන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ.ඒ ඥාණසාර හිමි සම්බන්ධයෙන් බී වාර්තාවෙන් පොලිසිය දැඩි චෝදනා එල්ල කර තිබියදී ඇප ලබා දීමට විරුද්ධ නොවීම සම්බන්ධයෙන්. අද (21) දහවල් ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මෙලෙස අත්අඩංගුවට පත් වුණා.

    [rns_reactions]

  • උගන්නන්න වියදම් කරන්නම් යැයි රවටා අවුරුදු පහලොවක සිසුවියට කල දේ…

    වයස අවුරුදු පහලොවක සිසුවියක් තාවකාලීක නවාතැන්පළකට රැගෙන ගොස් දරුණු ලිංගික අපයෝණයක් සිදු කල පුද්ගල‍යෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සිසුවියගේ මවුපියන් දුම්මලසූරීය ප්‍රදේශයේ වත්තක මුර කරුවන් ලෙස සේවය කරනා දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වන අතර සැකකරු ඔහුන්ගේ දියණියගේ අධ්‍යාපන වියදම් දරන්නම් යැයි කියා ඇය රදවාගෙන තිබේ.

    සිසුවියගේ මිතුරියකගේ මාර්ගයෙන් අපයෝජණය පිළිබදව ඇගේ පාසලෙ ගුරුවරුන් දැනගැනීමෙන් පසුව සිදුවීම සම්බන්ධයෙන් පොලීසීයට පැමිණිලි කර තිබේ.

    [rns_reactions]

  • රජ සිහිනය උදෙසා කල මාධ්‍ය සංදර්ශනය නිමාකරමින් ඥාණසාර හිමි ඉන්න තැනින් එළියට එන්න සූදානම්

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ ආරක්‍ෂාව තහවුරු වන්නේ නම් උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී සිටිමට සූදානම් බව  ප‍්‍රකාශ කෙරුණා.

    සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කළා.

    එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටිනු ඇති බවයි.

    පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ අනාගතය සම්බන්ධයෙන් උන්වහන්සේ මෙහිදී අදහස් පළ කළා.

    “අරයගෙ ගෙදර ඉන්නවා.. මෙයාගෙ ගෙදර ඉන්නවා… කියලා දැන් ඥාණසාර හිමි ගැන දේශපාලඥයින් විවිධ කතා කිව්වනේ. අපි බලමු කොහේ ඉඳන්ද එන්නේ කියලා. දැවැන්ත රාජ යෝගයක් තියෙනවා ඥාණසාර හාමුදුරුවන්ට. රජ්ජුරුවෝ වෙන්න බැරිද රටේ. අපි හිතන්නෙවත් නැති මිනිස්සු රටේ පාලන බලය අරගෙන තියෙනවා. බලමු කොහොමද රාජ යෝගය කැරකෙන්නේ කියලා. දැන් ඉතින් මේක කියපු කමන් අර ඇත්තන්ට හීන්දාඩිය දායි.”

    [rns_reactions]

  • කටමැත දොඩා වැඩ වැරදුනු චම්පිකගෙන් හෙළුව වහගන්න මාධ්‍යයට බලපෑම්..

    ඇමති චම්පික රණවක සහ අතුරලියේ රතන හිමියන් විසින් බොදු බල සේනා සංවිධානයට විවිධ කොන්ත්‍රාත් දුන්නේ යයි බොදු බල සේනාවේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා විසින් කළ ප්‍රකාශය සදහන් පුවත ඉවත් කරන ලෙස ඩේලි මිරර් වෙබ් අඩවියට බලපෑම් කර ඇති බව කොලම්බු ටුඩේ වෙබ් අඩවිය වාර්තා කරයි.

    එම පුවත පහතින් කියවන්න

    DAILY MIRROR WEBSITE REMOVES NEWS STORY ‘CHAMPIKA, RATHANA THERA RESPONSIBLE FOR GNANASARA THERA’S ACTIONS’

    Daily Mirror has been forced to remove news reports form its website. The news story ‘Champika, Rathana Thera responsible for Gnanasara Thera’s actions’ is removed from their website without giving any clarification. According to the sources within the Daily Mirror, Minister Patali Champika Ranawaka has yesterday forced them to remove the story from its website.

    We publish below the news story in full;

    Champika, Rathana Thera responsible for Gnanasara Thera’s actions

    The Bodu Bala Sena (BBS) said today Minister Patali Champika Ranawaka and MP Athureliya Rathana Thera should take responsibility for its General Secretary Galagodaaththe Gnanasara Thera intervening in various matters in the country.

    Champika, Rathana Thera responsible for Gnanasara Thera’s actions

    The Bodu Bala Sena (BBS) said today Minister Patali Champika Ranawaka and MP Athureliya Rathana Thera should take responsibility for its General Secretary Galagodaaththe Gnanasara Thera intervening in various matters in the country.

    “Gnanasara Thera would have turned even more violent had he accepted the contracts given by Minister Ranawaka and Rathana Thera,” BBS CEO Dilanthe Vithanage told a news conference.

    He said they had prompted Gnanasara Thera to incite violence to achieve their political goals.“No one talks about the real issues which he raises in public,” Mr. Vithanage said.

    Sinhala Ravaya General Secretary Magalkande Sudaththa Thera said the Government was trying to label Gnanasara Thera as another Prabhakaran.

    “The joint opposition paints the BBS as a front of the Government while the Government the BBS as a JO front. The Government also blamed the BBS saying the BBS was created by former defence secretary Gotabaya Rajapaksa to pave the way for him to contest the 2020 presidential election. On the other hand the JO said the BBS was created to support Minister Champika Ranawaka to do the same,” he said.

    [rns_reactions]

  • පෝද්දල ජයන්ත යලිත් කරලියට.. ගෝඨාබය තමන්ව මරන්න හදපු ආකාරය ගැන ජයන්ත සියල්ල හෙලිකරයි..

    පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ පැහැරගෙන ගොස් අතපය කඩා පහරදී රවුල් කොණ්ඩා කපා කටේ ඔබා මහමග දමා ගොස් සිට හමුවූ වෘතිය මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සබාපති මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා අද දින (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් කරමින් විමර්ශනයක් ඉල්ලාසිටියේය.

    2009 ජූනි මාසයේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන අත පය කඩා මහ මඟ දමා ගොස් සිටිය දී රෝහල් ගත කැරුණු ජයන්ත මහතා පසුව රට හැර ගියේය.

    ඔහුගේ හිස කෙස් සහ රැවුල කපා කටට ඔබා තිබිණි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා “වෙන දේ බලා ගනිව්” කියා තර්ජනය කළ බවත්, ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ බවත්, තමා පහර ගැනීමට රාජපක්ෂ රෙජීමය වග කිව යුතු බවත් ජයන්ත මහතා 2015 දී මාධ්‍යට සම්මූඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවසීය.

    අද දින මෙම පැමිණිල්ල බාරදීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය , තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය

    [rns_reactions]

  • තරුයා සිය දිවි නසා ගත්තේ ‍‍‍ඉන්දියාව මැච් එක පැරදුනු දුකට යැයි කියූ කතාව බොරුවක්.

    හැටන් ප්‍රදේශයේ තරුණයෙකු ගෙළ වැළලා සියදිවි නසා ගත් පුවතක් වාර්තා වුනා. මේ තරුණයාගේ මරණයට හේතූව ශූරයන්ගේ කුසලානයෙන් ඉන්දියාව පරාජය වීම බව සමාජජාලා මාධ්‍ය වාර්තා කරත්, බී වසන්ත නැමැති 31 හැවිරිදි අදාළ තරුණයාගේ මරණයට සැබැ හේතූව සිය බිරිද සමග ඇති කරගත් පවුල් ආරවුලක් බව වාර්ථා වෙනවා.

    එලෙස වැරදි මතයක් සමාජගත වීමට හේතුව, සියදිවි නසා ගන්නා අවස්තාවේ අදාළ තරුණයා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ජර්සියකින් සැරසි සිටීම බව අපට දැනගන්නට ලැබුණා.

    අදාළ තරුණයාගේ ඡායාරූප පහතින්

     

    [rns_reactions]

  • ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහ, අහිමි වූ දරු ගැබක් සහ ‘ගණිකාවක්’

    ෂෆා (අන්වර්ථ නමකි) 15 හැවිරිදි වියේදී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ශ්‍රී ලාංකික මුස්ලිම් දැරියකි.

    “මම සාමාන්‍ය පෙළට ඉගෙනගන්න කාලේ, ශිෂ්‍යයෙකුට ආදරේ කළා,” දැඩි අව් රශ්මියෙන් බේරීම පිණිස එළිමහනේ ගසක සෙවන යට ෂෆා මා සමග සිය මතකය අවදි කරන්නේ වේදනාවෙනි.

    ඇයට සිය කඳුළු සඟවාගත නොහැකිය.

    “ඒක දැනගත්ත අම්මල මාව මාමගේ ගෙදරට යැව්වා. එහේ ඉඳලා මම හොඳට ඉගෙනගත්ත. ඒ අතරේ මාමගේ ගෙදරට නිතර ආගිය තරුණයෙකුට මා ගැන අදහසක් පහළ වෙලා මාව විවාහ කරගන්න ඕන බව එයාලට කියල තිබුණ.”

    ෂෆා ඒ යෝජනාවට එරෙහි වූවාය.

    අධ්‍යාපනය හමාරයේ සිය පෙම්වතා සමග විවාහවීම සිය බලාපොරොත්තුව බව ඇය දැඩිව කියා සිටියාය. (වීඩියෝ පටය නරඹන්න)

    Shafa
    Image caption15 හැවිරිදි වියේ දී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ෂෆා ට සැමියාගේ පහරදීම් හේතුවෙන් දරු ගැබ ද අහිමි විය

    එහෙත් යෝජනාව කළ තරුණයා සමග විවාහ විය යුතු බවට ඇයට බල කළ මාමා සහ නැන්දා, විවාහය සඳහා සියළු කටයුතු රහසිගතව සූදානම් කළහ.

    “ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. ඒක කළොත් අත පය කපාගෙන මැරෙනවා කියල මම කිවුව. ඒකට කැමති වෙන්න කියල අම්මත් මට බල කළා.”

    දරු ගැබ අහිමිවෙයි

    අසළ සිට සංවාදය අසා සිටින මව සිය සාරියෙන් කඳුළු පිසිනු මට පෙනේ.

    “කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපාගත්තා. ගෙදර තිබ්බ පෙති වර්ගයක් බිව්වා. මාව රෝහලට ඇතුළත් කළා. එතෙන්දි පවා මට බෙහෙත් දෙන එක නැවැත්තුවා. දුන්නේ සේලයින් විතරයි. දොස්තරට කියල සේලයින් බෝතලේත් එක්කම එයාල මාව ගෙදර අරගෙන ගියා. ඒ සේරම කළේ පුද්ගලික රෝහලකදී. ගෙදර ගියාට පස්සේ එයාල මගේ අත්වල මරතෝන්ඩි ගෑවා.”

    Muslim school children
    ළමා වියේදී විවාපත් කරවීම මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අහිමි කරවීමක් බව ක්‍රියාධාරිනියෝ පවසති

    කළ හැකි කිසිවක් නොවූයෙන් අවසානයේ ඇය විවාහයට එකඟත්වය පළ කළාය.

    එහෙත් ඇය පැරණි පෙම්වතා සමග තවදුරටත් පෙමින් වෙලී සිටින්නේ යයි සැක කළ සැමියා ඇයට දිගින් දිගටම පහර දුන්නේය. හිරිහැර කළේය.

    “බොහොම අමාරුවෙන් මම ඒවා දරාගත්තේ. එයාගේ තාත්තත් මට එක එක දේවල් කිවුව. මම ගැබ් ගත්ත වෙලාවේ, ඒ එයාගේ දරුවා නෙවෙයි කියල මහත්තය කිවුව. දරුවා ගබ්සා කරන්න කියල එයා බල කළා. ඊට පස්සේ මාව උස්සල පොළවේ ගැහුව.”

    ෂෆා ට කඳුළු වළකාගත නොහැකිය. ඇය ඉකිගසයි. අසළ සිට අසා සිටින මව ද ඉකිගසයි. මගේ දෑස් ද තෙත්වනු මට දැනේ.

    “එයා මගේ බෙල්ල මිරිකුවා. මට ගැහුවා. ආයෙත් උස්සල පොළොවේ ගැහුවා.”

    එම පහරදීම්වල ප්‍රතිඵලයක් ලෙසින් ඇයට සිය කුසේ සිටි දරුවා අහිමිවිය. ඉන් අනතුරුව ඇය සැමියා අත්හැර මවගේ නිවසට ගියාය.

    පහරදීම පිළිබඳව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියෙන් පළ වූයේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි. යළිත් සිය සැමියා වෙතට යන මෙන් පොලිසිය උපදෙස් දුන්නේය.

    Shafa's mother
    “මගේ මහත්තය දරුවෝ, පවුල ගැන කිසි සැළකිල්ලක් නැහැ. මම තමයි මහන්සි වෙලා කුලී වැඩ කරලා මෙයාලව බලාගත්තේ”

    ඒ අතරවාරයේ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙන් ඇයට පණිවුඩයක් ලැබිණ.

    ‘ගණිකාවක්’

    “පල්ලියෙන් මට කිවුව එකට ජීවත්වෙන්න කියලා. එතෙන්දි මගේ සැමියා හැමෝම ඉස්සරහ කිව්වා මම වෙනත් එක්කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා කියලා. එහෙම කියල එයා මාත් එක්ක ජීවත්වෙන්න කැමතිවුනා.”

    ෂෆා එය ප්‍රතික්ෂේප කළාය.

    එයින් දින කිහිපයකට පසුව හදිසියේම ඇයට ආගන්තුකයන්ගෙන් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ලැබෙන්නට විය.

    “‘උඹට කීයක් ඕනද? මාත් එක්ක නිදාගන්න එනවාද? උඹේ සැමියා තමයි මේ නම්බර් එක දුන්නේ’ කියල ඒ මිනිස්සු කිව්වා.”

    ගණිකාවක බව පවසමින් සිය දුරකථන අංකය සහ ඡායාරූපය සැමියා විසින් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බව ඇයට දැනගැනීමට ලැබිණ.

    ඇය ඒ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ සියල්ල පටිගත කළාය.

    Shafa's hands
    “ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපාගත්තා. ගෙදර තිබ්බ පෙති වර්ගයක් බිව්වා”

    “දවසක් මම පරිගණක පන්තියකට යනකොට කොල්ලෙක් ඇවිල්ලා මගේ ෆොටෝ එකක් අරගෙන එයත් එක්ක නිදියගන්න එන්න කිව්වා. ආවේ නැත්නම් ෆොටෝ එක ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ කරනවා කියලා තර්ජනය කලා. බස් එකේ, මහ පාරේ මට කොල්ලෝ උසුළු විසුළු කරනවා මම අන්තිමට පන්ති යන එකත් නැවැත්තුවා,” ෂෆා පවසන්නේ ඉකිගසමිනි.

    එහෙත් සිය අත්දැකීම ලොවට හෙළි කළ යුතු බව ඇගේ අධිෂ්ඨානයයි. (වීඩියෝව නරඹන්න)

    සිය දියණිය මෙතරම් අතවරවලට ලක්වෙද්දීත් පියා ඒ කිසිවක් ගැන තැකීමක් නොකළේය. කුලී වැඩක් කර දරුවන් පස් දෙනෙකු රක්ෂා කරන අතරවාරයේ, ගතානුගතික සමාජයේ නින්දා, අපහාස සහ තර්ජනවලින් බේරී ෂෆාගේ මානසික සුවය සැලසීමේ වගකීම ද මවට ම පැවරිණ.

    සිය දියණියද සමග රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමත් දැන් ඇයගේ දිනචරියාවේ කොටසකි.

    සමාජයෙන් මතුවන නින්දා අපහාස සහ තර්ජනවලට කෙතරම් බියපත්ව සිටින්නේද යත් සිය නම, ගම පමණක් නොව වෙසෙන ප්‍රදේශය පවා හෙළි නොකරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.

    “එක හේතුවක් නිසා මම එයාව මගේ මල්ලිගේ ගෙදර ඉඳලා ඉගෙන ගන්න යැව්වා. අන්තිමට මෙහෙම දෙයක් වෙයි කියලා මම හිනෙකින්වත් හිතුවේ නැහැ. මේක බලහත්කාරයෙන් කරපු විවාහයක්,” මව පවසන්නීය.

    අහිමි වූ ළමා විය

    සෑම වසරකම, ශ්‍රී ලංකාවේ සිය ගණනක් බාල වියේ මුස්ලිම් දැරියෝ සිය දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබති.

     
    මුස්ලිම් ළමා විවාහ ‘වැඩිවීමේ ප්‍රවණතාවක් ‘

    විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ළමා විවාහ වසරක් ඇතුළත 14% සිට 22% දක්වා ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටෙගල් බීබීසී සිංහල සේවයට කියා සිටියාය. (නීතිවේදිනී එර්මිසා ටෙගල් සමග බීබීසී සිංහල සජීවී ෆේස්බුක් සංවාදය නරඹන්න)

    බලහත්කාරයෙන් විවාහ කර දෙන විට ෂෆා 15 හැවිරිදි වුවත් දොළොස් විය තරම් බාල වියේ දැරියන් මේ ආකාරයෙන් බලහත්කාරයෙන් විවාහ කර දෙන බව මුස්ලිම් ක්‍රියාධාරිනියෝ පවසති.

    වයස අවුරුදු 18 ට අඩු දැරියන් විවාහ කරදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තහනම්ය. එහෙත් දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරදීමට මුස්ලිම් දෙමාපියන්ට සහ භාරකරුවන්ට අවසර දී තිබේ.

    මේ නීතිය හේතුවෙන් මුස්ලිම් දැරියෝ සහ කාන්තාවෝ දශක ගණනාවක් මුළුල්ලේ රහසේ කඳුළු වැගිරූහ. අවසානයේ තවදුරටත් ඉවසා සිටිය යුතු නැතැයි තීරණය කළ ඔවුහු එයට මඟ පාදන මේ නීතිය සංශෝධනය කරන මෙන් ඉල්ලමින් උද්ඝෝෂණයක් දියත් කළහ.

    රටේ සාමාන්‍ය නීතිය ප්‍රකාර මුස්ලිම් දැරියන්ද විවාහ කර දීමේ අවම වයස අවුරුදු 18 බවට පත් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලීමයි.

    BM Arshad of Thawheed Jamaath
    “ළමා විවාහවලට අපි විරුද්ධයි. ඒත් වයස් සීමාවක් පැනවීම ගැන අපි විරුද්ධයි. අපි කියන්නේ විවාහයට නිර්ණායකයක් තියෙන්න ඕන” – තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ්

    විශේෂයෙන්ම ශ්‍රී ලංකාව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සැරසෙන මේ මොහොත ඒ සඳහා සුදුසුම අවස්ථාව බව ද ඔවුහු පවසති.

    කාන්තා පීඩක මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ද ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කළහ.

    එහෙත් ගතානුගතික මුස්ලිම් ප්‍රජා නායකයෝ එයට දැඩි විරෝධය පළ කරති.

    සමස්ත ලංකා ජමියතුල් උලමා සහ තව්හීඩ් ජමාආත් (ජමාත්) සංවිධාන ඒ විරෝධයේ පෙරමුණ ගෙන සිටිති.

    ඒ විරෝධය හමුවේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේම සමත් වී නැත.

    තව්හීඩ් ජමාආත් ප්‍රතිචාරය

    මුස්ලිම් ජනතාවගේ සහ ප්‍රජා නායකයන්ගේ අදහස් විමසා මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීම පිළිබඳව සිය සංවිධානයේ විරෝධයක් නැති බව තව්හීඩ් ජමාආත් සංවිධානය මේ අතර පවසයි.

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේම සමත් වී නැත
    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේ සමත් වී නැත

    “ළමා විවාහවලට අපි විරුද්ධයි. ඉස්ලාම් ආගමවත් තව්හීද් ජමාආත් සංවිධානයවත් ළමා විවාහ අනුමත කරන්නේ නෑ,” සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් මා සමග පැවසීය.

    “ඒත් වයස් සීමාවක් පැණවීම ගැන අපි විරුද්ධයි. අපි කියන්නේ විවාහයට නිර්ණායකයක් තියෙන්න ඕන.”

    “විවාහයක් අවශ්‍යයි කියන දේ ගැන දැරියට තියන අවශ්‍යතාව තමයි ඒ නිර්ණායකය,” යන්න හැරුණු විට ඒ නිර්ණායකය කවරේ දැයි නිසි පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් විය.

    “සමහර දැරියන්ට වයස අවුරුදු 18 පිරුණට පස්සෙත් විවාහ වෙන්න අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒ නිසා ඒ දැරියගේ අවශ්‍යතාව තමයි නිර්ණායකය.”

    එහෙත් ඉස්ලාම් ධර්මය ප්‍රකාර දැරියක විවාහ විය යුත්තේ කවරෙකු සමග දැයි තීරණය කරනු ලැබිය යුත්තේ දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බවත් තව්හීද් ජමාආත් සංවිධානය අවධාරණය කරයි.

    The woman running the community centre where Shafa is getting help hides her identity for protection
    “මාසයක් විතර මම ඔෆිස් එකේ නිදාගත්තා. මගේ දූලා දෙන්න ඉස්කෝලේ යවන්න මට බයයි. දැන් වුනත් මට ටුක් ටුක් එකකවත් යන්න බයයි”

    මේ විවාදය පදනම් කරගෙන මුස්ලිම් ක්‍රියාකාරිනියන්ට තර්ජනය කරන බවට එල්ලවන චෝදනා ද තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් තරයේ ප්‍රතික්ෂේප කළේය.

    ක්‍රියාධාරිනියන්ට තර්ජන

    එහෙත් ෂෆා මානසික සෞඛ්‍ය උපදේශන ලබන ආයතනය පසුගිය වසර කිහිපය තුළ කාන්තාවන් 3000 කට ආසන්න පිරිසකට සරණ වී තිබෙන්නේ සමාජයෙන් එල්ලවන එවැනි ප්‍රබල තර්ජන හේතුවෙනි.

    බලහත්කාර ළමා විවාහවලට ගොදුරු කෙරුණු 250 කට ආසන්න පිරිසකට ද පසුගිය වසර කිහිපය තුළ මේ ආයතනය පිහිට වී තිබේ.

    “මට මාසයක් විතර ගෙදර යන්න බැරි වුනා,” ආයතනය මෙහෙයවන සමාජ සේවිකාව බීබීසී සිංහල සේවය සමග පැවසුවේ තර්ජන හේතුවෙන් සිය අනන්‍යතාව හෙළි නොකරන මෙන් ඉල්ලීමක් ද කරමිනි.

    “මාසයක් විතර මම ඔෆිස් එකේ නිදාගත්තා. මගේ දූලා දෙන්න ඉස්කෝලේ යවන්න මට බයයි. දැන් වුනත් මට ටුක් ටුක් එකකවත් යන්න බයයි.”

    Shreen Saroor
    ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්. කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා” – කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර්

    අවුරුදු 18 සම්පූර්ණවන තුරු පමණක් නොව, ඔවුන්ගේ උසස් අධ්‍යාපනය ද අවසන්වන තුරු සිය දියණියන් දෙදෙනා විවාපත් නොකරන බව එම මුස්ලිම් සමාජ සේවිකාව මා සමග කියා සිටියාය.

    ‘ස්ත්‍රී දූෂණයක්’

    මුස්ලිම් ළමා විවාහ පිළිබඳ ගවේෂණය සඳහා මා ශ්‍රී ලංකාවේ සංචාරය කළ කාලය ඇතුළත සිය අනන්‍යතාව හෙළි කරමින් අදහස් දැක්වූයේ මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකු පමණි.

    නීතිවේදිනී එර්මිසා ටෙගල් සහ කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර් ඒ දෙදෙනාය.

    “ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්” ශ්‍රීන් අබ්දුල් සරූර් දැඩි ස්වරයෙන් පවසන්නීය.

    මෙසේ විවෘතව සිය සමාජය විවේචනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර සම්මානලාභී මුස්ලිම් ක්‍රියාකාරිනියකවන ඇයට කලක් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීමට ද සිදු විය.

    ළමා වියේදී විවාපත් කරවීම මුස්ලිම් දැරියන්ට අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අහිමි කරවීමක් බව පෙන්වාදෙන ශ්‍රීන් අබ්දුල් සරූර්, දරුවන් බිහිකිරීම පිණිස මේ දැරියන් ශාරීරිකව වැඩී නැති බවත් අවධාරණය කරන්නීය.

    Shafa with her mother
    බලහත්කාර විව්වහයකින් අනතුරුව සැමියාගේ වැඩ බන්ධනවලට ලක් කෙරුණු දියණිය සමග සිය රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමත් දැන් මවගේ දිනචරියාවේ කොටසකි

    “ඒකෙ ප්‍රතිඵලය තමයි මුළු මුස්ලිම් සමාජයම ආපස්සට යාම,” ශ්‍රීන් අබ්දුල් සරූර් අවධාරණය කරන්නීය.

    “කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා කියල මම මුස්ලිම් සමාජයෙන් සහ මුස්ලිම් ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.”

    සැමියාගේ වධ බන්ධන හේතුවෙන් සහ ගමේ වැඩිහිටි සමාජයෙනුත්, මග තොටේදීත්, පොදු ප්‍රවාහන සේවාවලදීත් නිරන්තරයෙන් එල්ලවන තාඩන පීඩන සහ නින්දා අපහාස නොතකා සිය උසස් අධ්‍යාපනය නිමා කොට නීතිඥවරියක් වීම ෂෆා ගේ බලාපොරොත්තුවය.

    තමන්ට හිරිහැර කරන සමාජයට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදීම ඇයගේ අධිෂ්ඨානය වී තිබේ.

    එසේ නීතිඥවරියක බවට පත් වී තමන් වැනිම අතවරවලට ගොදුරු වූ දැරියන්ට උපකාර කිරීම ඇයගේ බලාපොරොත්තුව දැයි මම විමසීමි.

    “ඔව්” වියළුණු කඳුළු අතරින් ඇය පිළිතුරු දුන්නේ අහිංසක, අපේක්ෂා සහගත සිනහවකින් ද මුව සරසා ගනිමිනි.

    ඒ සිනහව තුළ ගැබ් වුනු දැඩි අධිෂ්ඨානය අප දෑස් මුණගැසුණු මොහොතේ මම දුටුවෙමි.

     
    “කසාදෙන් ගැලවෙන්න අත කපාගත්තා”

    [rns_reactions]

  • ජපන් ගිය මහින්ද නීති නොසලකමින් ටොන් එකක බඩු ගෙනත්.. බලධාරීන් සුව නින්දේ..

    පසුගියදා ජපානයේ පෞද්ගලික සංචාරයක නිරත වුනු මහින්ද රාජපක්ෂ මහතා යලි මෙරටට පැමිණීමේදී ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ටොන් එකක (කිලෝ 1000) බඩු තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

    සාමාන්‍යයෙන් පැමිණි කණ්ඩායම අනුව සියල්ලන්ටම ගෙන ආ හැකි ප්‍රමාණය කිලෝ 400 ක් පමණ වුවද මහින්ද රාජපක්ෂ මහතා පමණක් මෙලෙස ටොන් එකක බඩු ගෙනෙවිත් ඇති අතර ඔහු සමඟ ගිය අනෙක් පිරිසද විශාල බඩු තොගයක් මෙරටට ගෙනවිත් තිබේ.

    මේ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කර තිබේ.

    මෙලෙස ගෙන ආ බඩු තොග මොනවාද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නිරාවරණය නොවන පරිදි කටයුතු කිරීමට ගුවන්තොටුපල සහ රේගු බලධාරීන් කටයුතු කර ඇත.

    දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ කළමනාකාරීත්වයේ තනතුරු දරනු ලබන්නේ රාජපක්ෂ හිතවාදීන් නිසා රාජපක්ෂලාට ගුවන් ගමන් වලදී විශේෂ සැලකිලි හිමිවේ.

    [rns_reactions]

  • හොරෙන් ගිහින් කසාද බැන්ඳා… බැලුවාම අයියයි-නංගියි.. පොලිසියෙන් ඇසෙන පුවත්

    මේ කතාව මහා පුදුම හිතෙන කතාවකි. කෙටියෙන්ම කියනවා නම් මෙය ඉතාම විරල සිද්ධියකි. සමහර විට මේ අරුම පුදුම කතාව ඔබ විශ්වාස නොකරණු ඇත.

    විශ්වාස කළත් නොකළත් ඔබ මේ කතාව කියවා බලනවා නම් නිසැකය. මෙය සමාජ සම්මතයන්ගෙන් ඔබ්බට ගිය කතාවකි. ඒ නිසා මේ කතාව ලිව්වේද බොහොම පරිස්සමෙනි. ඒ වෙන කිසිවක් නිසා නොව මේ කතාවේ එන කතා නායිකාව හෝ නායකයාගේ අනන්‍යතාව කුමන හෝ ආකාරයකින් අනාවරණය වුවහොත් සමාජය ඉදිරියේ ඔවුන් දෙදෙනාට මුහුණදීමට සිදුවිය හැකි අපහසුතාවයන් කල්පනා කර බලාය.

    කාන්තාවක විසින් පුංචි අවධියේදී දරුකමට හද‌ාවඩා ගනු ලැබූ දැනට අවුරුදු 21ක පමණ වයසේ පසුවන තරුණියක් පෙම්වතා සමඟ හොර රහසේ පලාගොස් විවාහ වී ඇත්​ෙත් වෙන කවුරුවත් සමඟ නොව තමාගේම සහෝදරයා සමගවීම මේ කතාවේ සාරාංශයයි.
    ඔබ කුහුලින් හා දෑස් අයා මෙතැන් සිට කියවන්නේ ඒ කතාවයි.

    කොළඹට නුදුරු ප්‍රදේශයක කාන්තාවක් දරුවකු හද‌ාවඩා ගැනීමට ලබාගෙන ඇත්තේ ඇයට දරුවන් නොමැතිකම නිසාය. රෝස පොහොට්ටුවක් බඳු ලස්සනම ලස්සන පුංචි කෙලි පැටික්කියක් ඒ කාන්තාව දරුකමට හද‌‌ාවඩා ගැනීමට ගත්තේ උතුරාගිය දරු සෙනෙහසිනි.

    තමාගේම කුසින් උපන් දරුවෙකු ලෙස ඇය පුංචි දූ සිඟිත්තිය හද‌ාවඩා ගත්තේ අපමණ කැපකිරීම් කරමින්ය. අධ්‍යාපන කටයුතු ද හමාරකළ ඇය දැන් පසුවන්නේ 21 වැනි වියේය.

    ලබාගත් අධ්‍යාපන සුදුසුකම් අනුව ඇය රැකියාවක්ද සොයාගත්තාය.

    දරුකමට පුංචිකාලයේ හද‌ාවඩා ගැනීමට නීත්‍යානුකූලව ලබාගත් කාන්තාවද ඇය ලොකු මහත් වුවත් දරුකමට හද‌ාවඩා ගත් කෙනෙකු කියන එක මොනම ආකාරයටවත් දැන ගැනීමට ඉඩ තිබ්බේ නැත.

    නව යොවුන් වියේ පසුවූ ඇයගේ සිතේද සුන්දර ආදරයේ කුසුම් විකසිත වීමට පටන්ගත්තාය.

    ඇය තරුණයෙක් හා හාදකම් පටන් ගන්නේ භද්‍ර යෞවන වියේ පසුවන කාටත් ආදරයේ කුසුම් හදමඬලේ විකසිත වීම අරුම පුදුම දෙයක් නොවන නිසාය.

    ප්‍රථම ප්‍රේමයට අායුබෝවන් කී ඇය තවත් තරුණයෙක් සමඟ හාද කමක් පටන්ගත්තේ විවාහ මංගල්‍යයකදී හමුවී කළ කතාබහ දුර දිග යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි.

    ඇය​ෙග් නෙත සිත වසගකරන වත කමල ඒ තරුණයාගේ හිත පැහැර ගෙන ඇත්තේ ඔහුටත් හොරාය. දෙවැනි වරට හඳුනාගත් තරුණයා සමඟ ඇය හොර රහසේ පලාගියේ කන්නට බොන්නට දී උස් මහත් කළ හැදූ මවට කඳුළක් උරුමකර දෙමිනි.

    දස මසක් කුසේ හොවා ​ෙම​ෙලාවට බිහි නොකළත් තමාගේම කුසින් උපන් දරුවකු ලෙස සලකා දියණිය රැක බලා ගත් නිසා ඇයට දියණියගේ අතුරුදන්වීම ඉවසුම් නොදෙනා වේදනාවක් විය.

    දන්නා කියන සෑම තැනකම සොයා බලා ඇය නීතියේ පිළිසරණ පතා පොලිසි ගියේ දියණිය සොයා ගැනීමට තියා ඇය ඉන්නා තැනක් ගැනවත් කිසිම හෝඩුවාවක් නොලැබුණු නිසාය. දියණියගේ අබිරහස් අතුරුදන්වීම ගැන ඇය පොලිසියට පැමිණිලි කළේ පසුගිය මැයි මාසයේ 15 වැනිද‌ාය.

    පොලිසිය රට පුරා පොලිසිවලට මැසේජ් දුන්නේ අතුරුදන්ව සිටින 21 හැවිරිදි තරුණිය ගැන සොයා බැලීමටය. හද‌ාවඩා ගත් දියණිය අතුරුදන්වීමේ වේදනාවෙන් කුසට හරි හැටි කෑමක් බීමක් නොමැතිව කඳුළු බොමින් සිටි කාන්තාව පොලිසියට පැමිණිලිකර නිකම් බලා සිටියේ නැත.

    ඇය අතුරුදන්ව සිටින හද‌ාවඩාගත් දියණිය ගැන වෙන මොනයම් හෝ හෝඩුවාවක් සොයා ගැනීමට වෙහෙසුණාය. ඒ වෙහෙසීමේ ප්‍රතිඵලයක් වශයෙන් දියණිය ඉන්නා ඉසව්වක් ගැන හෝඩුවාවක් ඇයට ලැබිණ.

    කෑගල්ල පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් වසමක දියණිය තරුණයකු සමඟ විවාහ වී යුග දිවිය ගත කරන බව ඇයට දැන ගැනීමට ලැබුණු හෝඩුවාව විය. කෙහොම වුණත් මේ හෝඩුවාව ලැබුණු ගමන්ම පොලිසියට ඒ ගැන දැනුම් දුන්නාය.

    කෑගල්ල පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන පොලිසිය මගින් තරුණිය සොයා ගොස් ඇය අතුරුදන් වූ බවට පැමිණිල්ලක් ලැබී තිබූ පොලිසිය වෙත යොමුකර ඇත. සැමියාද ඇය සමග පොලිසියට ගියේ පැමිණිල්ල විභාගකිරීමේ අවස්ථාවට සහභාගි වීමටයි.

    විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඉදිරියේ පැවති මෙම පැමිණිලි විභාගයට තරුණිය පුංචි කාලයේ ඉඳන්ම හද‌ාවඩාගත් කාන්තාවද පැමිණ සිටියේ ඇය මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වී සිටි නිසාය.

    හදවඩාගත් දියණිය විවාහ වී සිටින තරුණයා දුටු සැණින් කාන්තාවගේ ඇස් උඩ ගොස් ඇතැයි කියන්නේ ඉබේටම වාගේය. ඇයගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන්ගෙන ඇත්තේ සිද්ධ වෙලා තියන දේ ගැන උහුලා ගැනීමට නොහැකි බව කියමිණි.

    “දුවේ උඹට මෙච්චර කාලයක් කොකිව්ව රහසක් මම කියන්නම්. මම උඹව දරුකමට හද‌ාවඩා ගන්න ගත්තේ පුංචි සන්දියේදීමයි. උඹ මේ කස‌ාද බැඳලා තියෙන්නේ එක බඩ වැල කඩා ගෙන ආ අයියා එක්කයි.”

    අඹු සැමි යුවළ එකිනෙකා ඔවුනොවුන්ගේ මුහුණු බලාගත්තේ මේ කතාව අසා පුදුමයට පත්වීමෙනි.

    “මෙයා බොරු කියන්නේ. අපි මේ කතාව විශ්වාස කරන්නේ නැහැ” යැයි තරුණිය කියා ඇති බව දැන ගැනීමට ඇත. උප්පැන්න සහතිකයේ වාසගමවත් එක සමාන නොවන බව ඇය කියා සිටියාය.

    එහෙත් අවසානයේ හෙළිවූයේ තරුණිය විවාහ වී ඇත්​ෙත් තමාගේම සහෝදරයා සමග බවය. මේ බව දැනගත් පසු දෙදෙනා දැඩි අපහසුතාවකට හා අසීරුතාවකට පත් වූ බව දැන ගැනීමට ඇත.

    උප්පැන්න සහතිකයේ වාසගමවත් එක සමාන නොවන බවත් සිය සහෝදරිය බව නොදැන ඇය විවාහ කරගත් අයියා පොලිස් නිලධාරින් සමඟ පවසා සිටියේය.

    ‘‘අනේ මේ බවක් හාංකාසියක්වත් දැන ගෙන හිටියා නම් මෙහෙම දෙයක් කර ගන්නේ නැහැ. මම වෙඩිං එකකට ගිය වෙලාවේ තමා මෙයාව හඳුනාගෙන කතා බහ කළේ. එතකොටත් මම වෙන කොල්ලෙක් එක්ක කාලයක ඉඳලා ලව් එකක් තිබුණා. මෙයා හඳුනා ගත්තාට පස්සේ ඒ කොල්ලාට බූට් එක තියලා තමා මෙයත් එක්ක යාළු වුණේ. මාස දෙකක විතර කාලයක් අපි දෙන්නාගේ ලව් එක තිබුණා ඊට පස්සේ අපි දෙන්නා මැරි කරන්න තීරණය කළා. අපි දෙන්නාගේම ගෙවල්වලට හොරෙන් පැනලා ගිහින් කසාද බැන්ද‌ා. අද තමයි දැන ගත්තේ මම කසාද බැඳලා ඉන්නේ මගේම අයියා කියලා’’ යැයි 21 හැවිරිදි තරුණිය පවසා ඇති බවද දැන ගැනීමට ඇත

    වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කිරීමට තරුණිය රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

    [rns_reactions]

     

  • බැඳුම්කර, භාණ්ඩාරගාර බිල්පත් වලින් මාසයේ දින 19කට මිලියන 209810ක් ඉල්ලයි..

    ජුනි මාසයේ ගතවූ දින 19 තුළදී රුපියල් මිලියන 209810ක් වටිනා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, භාණ්ඩාරගාර බිල්බත් හා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීමට මහ බැංකුව පුවත්පත් නිවේදන නිකුත් කර තිබේ.

    මේ අතරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 515 (රුපියල් මිලියන 79310ක්) පමණ වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම සඳහා හෙට (20දා) සිට 27 දා දක්වා ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇත.

    මීට අමතරව ජුනි මස 01 දා රුපියල් මිලියන 29000ක් සඳහා වන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්, ජුනි 07 දා රුපියල් මිලියන 45000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්, ජුනි 09 දා රුපියල් මිලයන 26000ක් වටිනා භාණ්ඩාගා බිල්පත් වෙන්දේසියක් හා ජුනි 16 දා රුපියල් මිලියන 30500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පිළිබඳව පුවත්පත් නිවේදන මගින් ජනතාවට දන්වා ඇත.

    [rns_reactions]
  • බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ කියපු කතාව මෙන්න..

    ‘අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව සිය වගකීම පැහැර හැරීම හේතුවෙන් සියලු තීරණ ගෙන තියෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි.

    කාර්යය පටිපාටියෙන් බැහැර වූ එම සිදුවීමෙන් පොදුවේ රජයට සිදුවු අලාභයට මහා බැංකුවේ අදාළ අංශවල සියලු නිලධාරීන් වගකිව යුතුයි’ යනුවෙන් මා මාගේ වාර්තාවේ සඳහන් කළා යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය.

    රජයේ විගණකාධිපතිවරයාට අධිකරණයේ කාර්යය කිරීමට නොහැකි බවත් විගණකාධිපතිවරයාට කළ හැක්කේ යම් යම් සිද්ධීන් අධ්‍යයනය කර නීතී කඩවීම් සම්බන්ධයෙන් වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම පමණකැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    2015 පෙබරවාරී පළමුවැනිදාත් 2016 මාර්තු 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

    ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චානක ද සිල්වා මහතා විසින් අසන ලද හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා මෙසේ ද පැවසීය.

    2016 මාර්තු මස 29 වැනිදා බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කළා. එම මාසයේ දී හතර වතාවක් බැඳුම්කර නිකුත් කළා.

    ප්‍රශ්නය:- ඒ සම්බන්ධයෙන් පළ කළ පුවත්පත් දැන්වීමේදී ලංසු ඉල්ලු ප්‍රමාණය සඳහන් කළාද?
    පිළිතුර:- ලංසු ඉල්ලු ප්‍රමාණය මෙන්ම ලංසු පිළිගත් ප්‍රමාණය ද සඳහන් කළා.

    ප්‍රශ්නය:- මෙම බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහාද?
    පිළිතුර:- මෙම බැඳුම්කර නිකුතුව මෙන්ම එම මාසයේ දී අවස්ථා හතරේදීම වරකට රුපියල් බිලියන 10 බැගින් වන මුදල් සොයා ගැනීම සඳහායි මෙම බැඳුම්කර වෙන්දේසි පවත්වා තිබුණේ.

    ප්‍රශ්නය:- මෙහි පළමු බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහා ද?
    පිළිතුර:- රුපියල් බිලියන 10ක මුදලක් සොයා ගැනීම සඳහායි.

    ප්‍රශ්නය:- එහි දී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණ ද?
    පිළිතුර:- එම පළමු බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත් වූ ලංසු අතරින් රුපියල් බිලියන 10.26ක ලංසු පිළිගෙන තිබුණා.

    ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද?
    පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 102ක වැඩිවීමක්.

    ප්‍රශ්නය:- මෙහි දෙවැනි බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහාද?
    පිළිතුර:- රුපියල් බිලියන 10ක මුදලක් සොයා ගැනීම සඳහායි.

    ප්‍රශ්නය:- එහිදී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණද?
    පිළිතුර:- එම බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත් වූ ලංසු අතරින් රුපියල් බිලියන 21.475ක ලංසු පිළිගෙන තිබුණා.

    ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද?
    පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 214.7ක වැඩිවීමක්.

    ප්‍රශ්නය:- මෙහි තෙවැනි බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහාද?
    පිළිතුර:- රුපියල් බිලියන 10ක මුදලක් සොයා ගැනීම සඳහායි.

    ප්‍රශ්නය:- එහිදී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණද?
    පිළිතුර:- එම බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත්වූ ලංසු අතරින් රුපියල් බිලියන 17ක ලංසු පිළිගෙන තිබුණා.

    ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද?
    පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 170 ක වැඩිවීමක්.

    ප්‍රශ්නය:- මෙහි සිව්වැනි බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහාද?
    පිළිතුර:- රුපියල් බිලියන 10ක මුදලක් සොයා ගැනීම සඳහායි.

    ප්‍රශ්නය:- එහිදී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණද?
    පිළිතුර:- එම බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත්වූ ලංසු අතරින් රුපියල් බිලියන 28.97ක ලංසු පිළිගෙන තිබුණා.

    ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණ ද?
    පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 289.7 ක වැඩිවීමක්.

    ප්‍රශ්නය:- මෙම බැඳුම්කර නිකුතු හතර සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහා ද?
    පිළිතුර:- රුපියල් බිලියන 40ක මුදලක් සොයා ගැනීම සඳහායි.

    ප්‍රශ්නය:- එහිදී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණද?
    පිළිතුර:- එම බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත්වූ ලංසු අතරින් රුපියල් බිලියන 77ක ලංසු පිළිගෙන තිබුණා.

    ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද?
    පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 190 ක වැඩිවීමක්.

    ප්‍රශ්නය:- මාර්තු මාසයේ දී පිළිගත් බැඳුම්කරවල සීයයට 329ක වැඩිවීමක් ඇති බව ඔබ මුලින් කී කාරණය බැලු බැල්මටම වැරැදියි නේද?
    පිළිතුර:- මාගේ ගණනයේ දී මිලියන 10 බැගින් වන අවස්ථා හතරෙන් දෙකක් මිලියන 05 බැගින් සටහන් කොට තියෙනවා. ඒ නිසා එම ගණන නිවැරදි විය යුතුයි.

    ප්‍රශ්නය:- ඒ අනුව එම ප්‍රතිශතය සීයයට 214ක් ලෙස නිවැරදි විය යුතුයි නේද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- රුපියල් බිලියන 10ක මුදලක් වෙනුවට රුපියල් බිලියන 05ක මුදලක් යෙදීම විශාල වරදක් නේද?
    පිළිතුර:- එය විශාල වරදක් නොවේ.

    ප්‍රශ්නය:- ඔබ වරදක් කළ බව පෙන්නු විට ඔබ මුලින් ගත් ස්ථාවරය වෙනස් කරනවා නේද?
    පිළිතුර:- නැහැ. මා මාගේ ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ. මේ සිද්ධියට අදාළ පරීක්‍ෂණය මා තනිවම කළ එකක් නෙමේ. අපි කණ්ඩායමක කටයුත්තක්.

    ප්‍රශ්නය:- කෙසේ නමුත් ඔබ මේ වාර්තාව සම්බන්ධයෙන් වගකීම බාරගන්නවා ද?
    පිළිතුර:- ඔව්. මේ වාර්තාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම මා බාරගන්නවා.

    ප්‍රශ්නය:- ඔබලා ගණන් කළ ආකාරයට ගණන් ගත් විට වැඩිවීම සීයයට 114ක් විය යුතුයි නේද?
    පිළිතුර:- ඔව්. මහා බැංකුවෙන් මා වෙත ලබාදුන් ලෙඛන මා යළිත් වරක් පරීක්‍ෂා කර බලන්නම්.

    ප්‍රශ්නය:- ඔබ සාම්පල් තෝරා ගත් ආකාරය පෙන්වීම සඳහා තමයි මේ වගුව ඇතුළත් කළේ කියා මා ඔබට යෝජනා කරනවා.
    පිළිතුර:- මා එය යෝජනාව ප්‍රතික්‍ෂෙප කරනවා.

    ප්‍රශ්නය:- දත්තවල නිවැරදිතාව පරීක්‍ෂා කිරීම විගණනයේ මූලිකම අංගයක් නේද?
    පිළිතුර:- දත්තවල නිවැරදිතාව මෙන්ම ඊටත් වඩා දේවල් පරීක්‍ෂා කළ යුතුයි.

    ප්‍රශ්නය:- විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. මෙම සිද්ධියට අදාළ විගණනය කරන විට රටේ විශාල ආන්දෝලනයක් තිබුණා නේද?
    පිළිතුර:- ඔව්. ජනමාධ්‍ය මේ ගැන විශාල වශයෙන් කතා කළා.

    ප්‍රශ්නය:- විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. මේ වගුව පිළියෙළ කරන විට මේ සියලු දේම ඔබගේ මනසේ තිබුණ ද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- සාම්පල් තෝරා ගැනීමේ දී ගත් දත්න වැරදියි නේ ද?
    පිළිතුර:- සාම්පල් තෝරා ගැනීමේ දී ගත් දත්ත තුනක වැරදි තියෙනවා. ඉන් මාගේ අවසාන වාර්තාවට කිසිම බලපෑමක් වෙලා නැහැ.

    ප්‍රශ්නය:- මින් විශාල බලපෑමක් සිදුවෙලා තියෙනවා. ඉන් ඔබගේ පක්‍ෂග්‍රාහීභාවය පෙනෙන්නට තියෙනවා.
    පිළිතුර:- මං පිළිගන්නේ නැහැ.

    ප්‍රශ්නය:- 2015 සහ 2016 වසරවල පැවැත්වූ වෙන්දේසිවල විස්තර ඔබගේ වාර්තාවට ඇතුළත් කරලා නැහැ නේද?
    පිළිතුර:- 2014 දෙසැම්බර් මාසය දක්වා කරුණු පමණයි මාගේ වාර්තාවට ඇතුළත් කොට තියෙන්නේ.

    ප්‍රශ්නය:- මුදල් ඇමතිවරයා ඔබ වෙත එවු ලිපි ඔබගේ වාර්තාවට ඇතුළත් කොට තියෙනවා නේද?
    පිළිතුර:- ඔව්. මුදල් ඇමතිවරයා මගේ විෂය පථය සීමා කරමින් මා වෙත එවු ලිපි මාගේ වාර්තාවට ඇතුළත් කළා. මුදල් ඇමතිවරයා මා වෙත එවු ලිපි වලට පිළිතුරු දෙමින් මා ඔහුට ලිපි දෙකක් යැව්වා.

    ප්‍රශ්නය:- ඔබ විසින් මුදල් ඇමතිවරයාට යැවු පිළිතුරු ලිපි ඔබගේ වාර්තාවට ඇතුළත් කළේ නැහැ නේද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- ‘මුදල් ඇමතිවරයාගේ නොඉවසිලිමත් හා අචාරශීලීත්වයෙන් තොර සිහි කැඳවීමේ ලිපි’ යනුවෙන් මා මාගේ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා.
    ප්‍රශ්නය:- මුදල් ඇමතිවරයාට යැවු ලිපි ඔබගේ වෙබ් අඩවියේ පළ කොට තියෙනවා නේද?
    පිළිතුර:- ඔව්.

    මේ අවස්ථාවේ දී විගණකාධිපතිවරයාගේ වාර්තාව කෙරෙහි විගණකාධිපති ජයසිංහ මහතාගේ අවධානය යොමු කරන ලදී.

    1997 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා සෘජු ස්ථානගත ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳව මහා බැංකුව මා වෙත වාර්තා කොට නැති බව මා මාගේ වාර්තාවේ සඳහන් කළා.

    ප්‍රශ්නය:- මේ තත්ත්වය යටතේ බැඳුම්කර වෙළඳ පොළ සංවර්ධනය වෙලා ද? නැද්ද? යන්න ඔබට කීමට හැකියාවක් තියෙනවා ද?
    පිළිතුර:- නැහැ.

    ප්‍රශ්නය:- ඔබ මුදල් ඇමතිවරයාට ඔබගේ නිගමන දැනුම් දුන්නා ද?
    පිළිතුර:- මුදල් ඇමතිවරයා මා වෙත ප්‍රශ්න 10ක් ඉදිරිපත් කළා. මා එම ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. මා විගණනයක් කළේවත්, නිගමනයකට ගියේවත් නැහැ.

    ප්‍රශ්නය:- මේ සම්බන්ධයෙන් නිවැරදි නිගමනයකට එළැඹීමට නම් ඒ ගැන විගණනය කළ යුතුයි නේ ද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- 2008 වසරේ දී ‘කැප්ටිව් සොර්ෂස්’ වලට අනුමැතිය දීමේ දී වෙළඳ පොළ පවතින මුදලට වඩා සීයයට 05ක් අඩුවෙන් සේවක අර්ථ සාධක අරමුදලට (ඊ.පී.එෆ්.) දෙන්න කියා ඔබගේ වාර්තාවේ සඳහන් කළා ද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- ඒ කාලයේ දී රුපියල් ටි්‍රලියන 4.43ක බැඳුම්කර නේද වෙළඳ පොළට නිකුත් කර තියෙන්නේ?
    පිළිතුර:- ඒ පිළිබඳව මට ස්ථීර වචනයක් කිව නොහැකියි. මහා බැංකුව මට දුන් විස්තර අනුවයි මා මගේ වාර්තාව සකස් කළේ.

    ප්‍රශ්නය:- යම් බලකීරීමක් නැත්නම් යමෙකුට වෙළඳ පොළ් ඇති මුදලට වඩා අඩුවෙන් බැඳුම්කර වෙළඳ පොළේ ආයෝජනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ නේද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- සේවක අර්ථ සාධක අරමුදලේ (ඊ.පී.එෆ්.) තියෙන්නේ රටේ වැඩ කරන ජනතාවගේ මුදල් නේද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- සේවක අර්ථ සාධක අරමුදලේ (ඊ.පී.එෆ්.) තියෙන මුදල් රජයට අයත් නැද්ද?
    පිළිතුර:- නැහැ. රජය සේවක අර්ථ සාධක අරමුදලේ (ඊ.පී.එෆ්.) බාරකරුවායි. රජය සේවක අර්ථ සාධක අරමුදලේ ඇති මුදල් ආරක්‍ෂා කළ යුතුයි. ඒ වාගේම එම මුදල්වලට ප්‍රශස්ථ පොලියක් ලබාදීමට රජය කටයුතු කළ යුතුයි. එමෙන්ම එම මුදල් බැඳුම්කර වෙළෙඳ පොළේ යොදවා ඒ සඳහා උපරීම මිලක් අයකර දීමට කටයුතු කළ යුතුයි.

    ප්‍රශ්නය:- ලංකා බැංකුව, මහජන බැංකුව වැනි රාජ්‍ය ආයතනවල තියෙන්නේ මේ රටේ ජනතාවගේ මුදල් නේද?
    පිළිතුර:- ඔව්. ඒත් සේවක අර්ථ සාධක අරමුදල සමඟ සැසදීමේ දී බැංකු කරන්නේ ව්‍යාපාරයක්.

    ප්‍රශ්නය:- ඔබගේ වාර්තාවට අනුව වෙළඳ පොළේ මිලට වඩා සීයයට 05ක් කියන්නේ විශාල මුදලක් නේද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා: මේ කාලය තුළ රුපියල් බිලියන 17.3ක් දීලා තියෙනවා නේද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා: ඒ මුදල් දීලා තියෙන්නේ කාට ද?
    පිළිතුර:- එය පරීක්‍ෂා කර බැලිය යුතුයි.

    ප්‍රශ්නය:- රුපියල් බිලියන 75කට අධික මුදලකට වෙළෙඳ පොළ වටිනාකමට වඩා සීයයට 05ක් අඩු පොලියකට සේවක අර්ථ සාධක අරමුදලට බැඳුම්කර නිකුත් කිරීම නිසා 2008 වසර තුළදී පමණක් සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් බිලියන 3.872ක මුදලක අවාසියක් සිදුවුණා කියලා කිව්වොත් එය නිවැරදිද?
    පිළිතුර:- නැහැ. එය වැරදියි. මා බැලුවේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල්වල සුරක්‍ෂිතතාව යන පදනමේ සිට රජය පැත්තෙන්.

    මේ අවස්ථාවේ දී මහා බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ කමිටුවට අදාළ කොන්දේසි සහිත වාර්තාව වෙත සාක්කිකරුගේ අවධානය යොමු කරවනු ලැබීය.

    ප්‍රශ්නය:- මෙම වාර්තාවේ සඳහන් වන්නේ අදාළ කමිටුව රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාව දැනුම් දුන් පසු කළ යුතු කාර්යය නේද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- රජයේ මුදල් අවශ්‍යතාව දැනුම් දෙන්නේ අදාළ මාසයේ දී සතියකට පෙර දිනයක දී නේද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- මාර්තු මාසයේ රජයේ මුදල් අවශ්‍යතාව දැනුම් දෙන්නේ පෙබරවාරී මාසයේ 23 හෝ 24 වැනි දිනවල දී නේද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- 2015 වසරේ පෙබරවාරී මාසයේ 23 හෝ 24 වැනි දිනවල දී රජයේ මුදල් අවශ්‍යතාව මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්නම් ඒ වන විට අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව රැස්වෙලා තිබුණේ නැහැ නේද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- 2015 පෙබරවාරී 27 වැනිදා පළමු වෙන්දේසිය පැවැත්වෙන විටත්, ටෙන්ඩර් මණ්ඩලය රැස්වෙන විටත්, අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව රැස්වෙලා තිබුණේ නැහැ නේද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- ඒ අනුව අභ්‍යයන්තර ණය කළමනාකරණ කමිටුව සිය වගකීම පැහැර හැරලා නේද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- මේ පිළිබඳව ඔබගේ විගණන වාර්තාවේ නිර්දේශවල සඳහන් කළා ද?.
    පිළිතුර:- විශේෂයෙන් සඳහන් කළේ නැහැ. පොදුවේ රජයට සිදු වූ අලාභයට නිලධාරීන් වගකිව යුතු බව මා මාගේ වාර්තාවේ සඳහන් කළා.

    ප්‍රශ්නය:- අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව සිය වගකීම පැහැර හැරීම හේතුවෙන් සියලු තීරණ ගෙන තියෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නේද?.
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- එය කාර්යය පටිපාටියෙන් බැහැර වීමක් නේද?
    පිළිතුර:- ඔව්.

    ප්‍රශ්නය:- ඔබගේ වාර්තාවේ ඒ ගැන කිසිඳු නිර්දේශයක් සඳහන් කරලා නැහැ නේද?
    පිළිතුර:- මගේ විගණන වාර්තාවේ අවසානයේ සඳහන් කරලා තියෙනවා මේ සිදුවීම්වලට මහා බැංකුවේ අදාළ අංශවල සියලු නිලධාරීන් වගකිව යුතුයි කියලා.

    ප්‍රශ්නය:- එය පොදු සටහනක් නේද?
    පිළිතුර:- විගණකාධිපතිට අධිකරණයේ කාර්යය කරන්න බැහැ. විගණකාධිපතිට කළ හැක්කේ යම් යම් සිද්ධීන් අධ්‍යයනය කර නීතී කඩවීම් සම්බන්ධයෙන් වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැක්වීම පමණයි.

    වැඩිදුර සාක්කි විමසීම සිදු කෙරේ.

    මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක , ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික්‍රමසේකර, රජයේ නීතීඥ ධනුෂන් කනේෂයෝගන් යන මහත්ම මහත්මීන් සමඟ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.

    පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා ද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන් නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ ප්‍රනාන්දු මහතා ද ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් නීතීඥ චානක ද සිල්වා මහතා ද කොමිසම හමුවේ පෙනී සිටියහ.

    [rns_reactions]

  • පාපුවරුවේ සිට දුරකථන ඇමතුම ගත් තරුණයා දුම්රියෙන් වැටී මරු දකී

    දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් දුරකථන ඇමතුමක යෙදී සිටි 17 හැවිරිදි තරුණයෙකු පෙරේදා 17 දහවල් මීරිගම ගනේගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියෙන් වැටී එතැනම මියගොස් ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.

    කොළඹ සිට තලෙයිමන්නාරම බලා ධාවනයවූ ශීඝ‍්‍රගාමි දුම්රියෙන් වැටී එසේ මියගොස් ඇත්තේ යාපහුව කෝන්වෑගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි එච්.එම්. කසුන් ලක්මාල් හේරත් 17 නැමති තරුණයෙකි.

    මියගිය අය එම ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු සමග යක්කල ප‍්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් කරන ස්ථානයක පෙදරේරු වැඩට අත් උදව් දෙමින් සිට පෙරේදා 17 උදේ නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි හෙළී වී ඇත. මෙම පිරිස රාගම දුම්රිිය ස්ථානයෙන් මහව බලා යාමට මෙම ශීඝ්‍රගාමී දුම්රියට නැඟ තිබේ. මිතුරන් දෙදෙනා වාඩිවි ගමන් කරද්දී මියගිය අය දුරකථන ඇමතුමකට පිළිතුරු දීම සදහා පාපුවරුවට ගිය බවත් පසුව දුම්රියේ සිටි පිරිසක් කවුදෝ වැටුණා කියා කෑගසා දුම්රියේ හදිසි දම්වැල ඇද දුම්රිය නවතා බලද්දී ඔහු වැටී සිටිනු දැක ඇත.

     [rns_reactions]