Category: සුපිරි Cases

  • වැරදි පාරේ ගිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිස 30 තෙක් රිමාන්ඩ්

    අකුණු සන්නායකයක්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිළධාරින් 05 දෙනා සහ සිවිල් පුද්ගලයින් සිව් දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

    ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ඇති අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතාගේ ළඝු ලේඛකවරයාට එම සැකකරුවන් හඳුනාගැනීමට නොහැකි වී තිබේ.

    කෙසේවෙතත් ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.

    [rns_reactions]

  • වෙළදපොලට මෑතකදී ආ මත්ද්‍රව්‍යක් ලඟ තබාගැනීමෙන් තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

    අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග තරුණයින් දෙදෙනකු කොටහේනේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.

    මෙම මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බව පොලිසිය පවසයි. මෙම මත්ද්‍රව්‍ය වෙළෙඳ පොලිට පැමිණ ඇත්තේ මෑතකදී බවත් මේවා පානය කරන්නන්ගේ ඇටමිදුළු ඉතා ඉක්මණින්  දියවීයන බව වෛද්‍යවරුන්ගේ මතයයි. 

    [rns_reactions]

  • දුෂිත ගම්මන්පිලට එරෙහි නඩුවක් විභාගයට දින නියම වෙයි

    මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුවක් ඔක්තෝම්බර් 03 වැනි දින සිට විභාගයට ගන්නැයි අද නියෝග කළේය.

    ඒ කොළඹ මහාධිකරණය විසින්.

    ඒ ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් ආයතනයක කොටස් ව්‍යාපාරිකයෙකුට විකිණීමෙන් රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාදී ලෙස පරිහරණය කිරීමට අදාලවයි.

    නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරු වන ඔස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රයන් ෂැඩික් නඩුවට කැඳවීමට ද නියමිතයි.

    [rns_reactions]

  • දැරියන් ගැහැණුන් වෙන සැඟවුණු රූම් වලට එහා ගිය 500 ට විකිනෙන එළිපිට හංස බෝට්ටු

    ටියුෂන් පන්ති යන්න එන කොල්ලෝ කෙල්ලෝ මුහුදු වෙරළ අසබඩ වැටකෙයි පඳුරු ඇතුලේ රිංගගෙන පෙම් සුව විඳින අතරේ සුරංගනා ලෝක වල තනිවෙනවා. එහෙම තනිවෙන බොහොමයක් පෙම්වතුම් අසීමිත හැඟීම් වලින් වල් මත් වී රාගයට ලොල් වී තුරුළු වී සිපගත්තත් සුරාන්තය දක්වා හැසිරීමට වටපිටාවෙන් බාධා පැමිණෙන නිසා සීමා සහිතව පාලනය වනවා.

    නමුත් සමහරක් සුළුතරයක් ටියුෂන් පෙම්වතුන් එම සීමාවත් පැන වැටෙකෙයි පඳුරු ඇතුලෙම අඹුසැමි සුව විඳිමින් අනාථ වනවා. එහෙම සිටියදී වෙනත් කාමුක පිරිමින්ගේ ගොදුරු බවට පත් වූ අවස්ථාද මාධ්‍ය ඔස්සේ ඕනෑතරම් වාර්තා වී තිබෙනවා. 2004 සුනාමි ව්‍යසනයේදීත් නිර්වස්ත්‍රව වැටකෙයියා ගාල් ඇතුලේ සිට ගම්මාන වලට දුව ආ මියගොස් සිටි පෙම්වතුන් අනන්තයි.

    මෙහෙව් බාධා වලින් ටිකක් එලියට පනින සමහර ටියුෂන් පෙම්වතුන් අපදන්නා වචනින් “ෆිල්ම් හෝල් වල බොක්ස්” ඇතුලේ සුරාන්තය සෙවීමට පොරකනවා. ඕනෑතරම් ජංගම දුරකථන වලින් වීඩියෝ කල කුඩා වීඩියෝ පට අන්තර්ජාල වල සමාජ මාධ්‍ය ජාල වල සැරිසරනවා.

    තවත් සමහර පෙම්වතුන් කාගේ හෝ පිළිසරණක් ඇතිව රූම් වලට ගොස් හිතුසේ පෙම්සුව විඳිමින් අඹුසැමියන් සේ හැසිරෙනවා. එය අද නොරහසක්. නමුත් වරින් වර සිදුකරන වැටලීම් නිසා කාමර පහසුකම් සපයන්නන් අවුරුදු 18න් පහල පෙම්වතුන්ට කාමර පහසුකම් දීමට මැලි කමක් දක්වනවා.

    ඊළඟට පෙමෙහි සුරාන්තය සෙවීමට මේ ටියුෂන් පෙම්වතුන් තෝරාගන්නා තැන්නම් කොපමණ තිබෙනවා ඇත්ද?

    බොරලැස්ගමුවේ දියත උයන අසල හංස බෝට්ටුවක් තියාගෙන තම දෛනික රැකියාව කරගත් කිහිප දෙනෙකුගේ රැකියාවේ මල්පල දරන්නේ කාමයෙන් වත්මත් වී මෙසේ පැමිණෙන පෙම්වතුන්ට පින්සිදු වන්නටය. ඔවුනට වයස ප්‍රශ්නයක් නැත. පැය භාගයකට අවශ්‍ය වන්නේ රු.500ක සුළු මුදලිකි. වතුරේ හංස බෝට්ටු පැදීමට පැය භාගයක් දී ඔවුන් තොටුපලේ සිටියි.

    කුලියට හංස බෝට්ටුව ගත් ටියුෂන් පෙම්වතා තම පෙම්වතිය එයට ගොඩ කරගන්නේ වැවෙහි සිරි නැරඹීමට වැව පුරා බෝට්ටුව පදින ආකාරයට. නමුත් බෝට්ටුව කෙලින්ම යාත්‍රා කොට වැව මැද පිහිටා ඇති දුපතේ ඉවුරක නතර වනු දක්කනට පුළුවන. පැය භාගයම දුපත් ඉවුරේ නැංගුරම් ලන හංස බෝට්ටුව ඇතුලේ ගෙදරින් ටියුෂන් පන්ති පැමිණෙන කෙල්ලන් ගැහැනුන් බවට පත්වෙයි. මෙහා තොටුපලට ඈත දුපත් ඉවුරේ නැවති ඇති බෝට්ටුව ඇතුලේ සිදුවන්නේ කුමක්ද නොපෙනෙයි. පෙම් සුව උපරිමෙන් විඳීමට ඉඩහැර තොටිල්ලක් සේ පැද්දෙමින් හංස බෝට්ටු නිහඬව සිටියි.

    නමුත් දුරදිග නොපෙනෙන ටියුෂන් පෙම්වතියන් තම ජීවිතය මේ හංස බෝට්ටු ඇතුලේ අනාථ කරගනියි. තම පතිවත තම අනාගත ස්වාමියාගේ වෙස් ගත් පෙම්වතෙකුට දුරදිග නොබලා පූජා කරයි. ඔවුන්ගේ කාමාශාවන් පැයභාගයක් තුල සිතුසේ ඉටුකරගැනීමට ඉඩහැර බලා සිටියි.

    මේ සියල්ල නොපෙනෙන බෝට්ටු හිමිකරුවන් පයභාගය ඉවර වූ පසු තම අතෙහි ඇති නලාව පිඹියි. එවිට සුවවිඳි පෙම්වතුන් නැවත තොටුපල වෙත පැමිණෙයි. මෙසේ පැමිණෙන බෝට්ටුවට ගොඩ වීමට තවත් පිරිස් පෝලිමේ බලා සිටියි.

    දිනෙන් දින බෝට්ටු හිමිකරුවන් ලාභ ලබද්දී ටියුෂන් පන්තියාමට පැමිණෙන දස දහසක් අහිංසක දැරියන් ගැහැනුන් බවට පත්වෙයි.

    ඔවුන්ගේ ඉරණම ලස්සනට හැඩ ගැන්වූ බෝට්ටුවක් පැය භාගයකදී තීරණය කරයි. රටේ මතු පරම්පරාවට නොමඟ යාමට ජිවිත අනාථ කර ගැනීමට බෝට්ටුවක් රුකුල් වෙයි.

    රූම් වලට පනින වැටලීම් අංශ මේ බෝට්ටුවලට පනින්නේ කවදාද?

  • ඇත්තටම ජනවාරි 08 මොකද උණේ? සියලු ඇත්ත කරලියට….

    දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් හා පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, 2015 ජනවාරි 8වැනිදා හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණු බවට පළවුණු වාර්තා අසත්‍ය බව කිව්වේය. කුමන්ත්‍රණය ගැන විදේශ ඇමති මංගල සමරවීර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ නමුත්, නඩු පවරන්නට තරම් දෙයක් නැතැ’යි නීතිපතිවරයා පොලිසියට දන්වා ඇති බැවින් කුමන්ත්‍රණ කතාව අමූලික බොරුවක් බව ගම්මන්පිල මහතාගේ ස්ථාවරයයි. පසුගිය ජුනි 4වැනිදා ලක්බිම ඉරිදා සංග්‍රහයට ‘ජනවාරි 8 හමුදා කුමන්ත්‍රණ කතාව අතේ රෝලක්’ යන මැයෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන ගම්මන්පිල මහතා එහිදී මෙසේ කියයි. ‘2015 නොවැම්බර් 13දා මා නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයාගෙන්, මංගල සමරවීර ඇමතිවරයා කළ පැමිණිල්ලේ ප්‍රගතිය ගැන විමසුවා. 2016 මාර්තු 9 දින එයට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ, සියල්ලන්ගෙන් ප්‍රකාශ ලබාගෙන නීතිපතිට යොමුකළා කියලා.

    නීතිපති උපදෙස් නොලැබීමෙන් එය අතරමග නතරවී ඇති බව ඔහු කිව්වා. අනතුරුව මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පැතූයේ කවදාද, නීතිපති උපදෙස් දුන්නේ කවදාද, එසේ උපදෙස් ලබාදී නැත්නම් ඊට හේතුව කුමක්ද යන්න මා අධිකරණ ඇමතිගෙන් විමසා සිටියා. එයට පිළිතුරු 2017 මැයි 26 අධිකරණ ඇමති දුන්නා. මෙතරම් දිගු කාලයක් නීතිපති පිළිතුරු නුදුන්නේ මංගල සමරවීර ඇමතිවරයා නිරුවත්වීම වළක්වන්නයි. නමුත් අනාගතෙයේදී මෙම ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුම වූ බැවින් නීතිපති පොලිසියට පිළිතුරක් යවා තිබුණා. නීතිපතිගේ පිළිතුර, ‘ලබා දුන් තොරතුරු මත නඩු පැවරීමට ප්‍රමාණවත් කරුණු නැහැ. වෙනත් තොරතුරු ඇත්නම් සලකා බැලීම සඳහා එවන්න.’ කියායි. මංගල සමරවීර ඇමතිවරයාගේ පැමිණිල්ල අතේ පත්තුවෙන රෝලක්, හිතලුවක් බව මේ වන විට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා.’

    ගම්මන්පිල මහතා කියන විදියට, කුමන්ත්‍රණයක් සිදුවී නැත. එය අතේ රෝලකි. එහෙත්, 2015 ජනවාරි 18 රාවය පුවත්පත ‘මහජන බලයට පිටුපා රාජපක්‍ෂ බලයේ රඳවාගැනීමට කළ පැය 72 මෙහෙයුම’ මැයෙන් යුතුව දීර්ඝ විස්තරයක් පළකළේ ජනවාරි 8 වැනිදා රාත්‍රියේ අසාමාන්‍ය ලෙස හමුදාව කොළඹ හා අවට විවිධ ස්ථානවල ස්ථානගත කර තිබීම ගැනය. 

    ‘රාවයට වාර්තා වන අන්දමට මේ වැඩපිළිවෙළ පසුපස සිටි ප‍්‍රධානීන් වන්නේ ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එස්. පෙරේරා හා මේජර් ජෙනරාල් පී. සමරසිංහය. වැඩසටහනේ තිරපිටපත ගෝඨාභය රාජපක්‍ෂගේය. එය හැඳින්විය හැක්කේ ‘පැය 72 මෙහෙයුම’ හැටියටය.
    මෙහෙයුමේ වැඩපිළිවෙළ අනුව, ජනාධිපතිවරණය පැවැත්වුණු 8වැනිදා රාත‍්‍රිය වන විට කොළඹ හා රට පුරා ඉතා වැදගත් ස්ථානවල හා ඒ ආශි‍්‍රතව හමුදා ඛණ්ඩ ‘ස්ටෑන්ඞ්බයි’ රැඳවිය යුතුය. රූපවාහිනී විකාශන කුලුනු, රජයේ රූපවාහිනී ආයතන, දුරකතන සේවා ආයතන වැනි විශේෂ ස්ථාන ඒ අතර විය. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල මහින්ද රාජපක්‍ෂට අවාසි සහගත වන්නේ නම්, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් කෙරෙමින් පවතින ප‍්‍රතිඵල නිකුත්කිරීම බලය යොදා නැවැත්විය යුතු අතර, එවකටත් ධුරයේ සිටින රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් රට පුරා හදිසි නීතිය පැනවිය යුතුය. ඉන්පසු රඳවා තැබුණු හමුදා ඛණ්ඩ මහාමාර්ගයට හා අනෙකුත් වැදගත් ස්ථානවලට පැමිණෙන අතර ඒවායේ බලය අල්ලාගත යුතුය.

    මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසිසහගත වන පරිදි නිකුත් වෙමින් පවතින ප‍්‍රතිඵල නැවැත්වුවහොත් ඇතිවිය හැකි මහජන නැගිටීම බලය යොදා මැඬපැවැත්වීම කුමන්ත‍්‍රණකරුවන්ගේ බලාපොරොත්තුව විය. පැය 72ක කාලයක් එක දිගට කොළඹ හා රට පුරා ජනතාව එක්රොක්වීම නවතාගෙන සිටියහොත් ජනතා බලය හා උණුසුම දියවී යනු ඇති අතර ඉන්පසු හමුදාවේ සහාය ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් ජනාධිපති ධුරයේ තබාගත හැකිය යන්න ඔවුන්ගේ තක්සේරුව වී තිබුණි. තවදුරටත් ධුරයේ රැඳීසිටීම ගැන නීත්‍යනුකූල පසුබිමක් ඇතිකිරීම සඳහා වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නට නියමිතව තිබුණු අතර, රාජපක්‍ෂ මහතාට හිතවත් අගවිනිසුරුවරයා අතින්, තවත් අවුරුදු දෙකක කාලයක් රාජපක්‍ෂ මහතාට බලයේ සිටිය හැකි බවට මතයක් ප‍්‍රකාශ කරවාගන්නට නියමිතව තිබිණි. (තවත් අවුරුදු දෙකක් ජනාධිපතිවරයාට ධුරයේ සිටිය හැකි බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ බෙංගමුවේ නාලක හිමියන් ලවා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට, පෙර සූදානමක් ලෙස තබාගත නොහැකිවීම සම්බන්ධයෙන් කුමන්ත‍්‍රණයේ සැලසුම්කරුවන් කනගාටුවට පත්ව තිබුණු බවද වාර්තා වෙයි. එම අතපසුවීම නොවී නම්, නාලක හිමියන් විසින් පවරන ලද නඩුවේ තීරණය පහසුවෙන්ම ජනවාරි 9වැනිදා නිකුත්කරවා ගත හැකිව තිබුණු බව ඔවුන්ගේ මතය වී තිබිණි.)

    මේ සැලැස්ම සාර්ථක කරගත හැකි වන පරිදි හමුදා භටපිරිස් රටේ වැදගත් තැන් සියල්ලේම පාහේ රඳවා තිබුණු බවට තහවුරු කරන ලද වාර්තා තිබේ. මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරියගේ බලකාය වන සන්නාහ සන්නද්ධ බලකායේ මූලස්ථානය වන මෝදර රොක්හවුස් කඳවුර, ජනාධිපතිවරණය දා රැයෙහි එවැනි ස්ටෑන්ඞ්බයි තත්ත්වයේ භටපිරිස් රඳවා තිබුණු එක් ස්ථානයකි. කඳවුර තුළ ගාල්කර තිබූ සන්නාහ සන්නද්ධ රථ කඳවුරෙන් පිටතට ගෙනවුත් ප‍්‍රදර්ශනකාරී ලෙස තබන හැටියට බි‍්‍රගේඩියර් නිවුන්හැල්ල විසින් එහි ස්ථානභාර නිලධාරියාට කරන ලද නියෝගයක් එම නිලධාරියා විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද බවද වාර්තා වෙයි. හමුදා සන්නාහ සන්නද්ධ රථ කොළඹ නගරය පුරා සංචාරය කරවීමට සැලැස්වීමෙන් හා ස්ථානගත කිරීමෙන් නැග එන මහජන බලයක් පහසුවෙන් දුර්වල කළ හැකි බව හා මැඬලිය හැකි බව සාමාන්‍යයෙන් පිළිගැනෙන දෙයකි.

    මෙලෙස අඩුම ගණනේ හමුදා බැටෑලියන (බැටෑලියනයකට සාමාන්‍යයෙන් 800 සිට 1100 දක්වා සෙබළු පිරිසක් අයත්වෙති.) 10ක් කොළඹ වටකොට ස්ටෑන්ඞ්බයි තත්ත්වයෙන් තබා තිබිණි. ඉන් බැටෑලියන 4ක් සිටියේ සිවිල් ඇඳුමෙනි. තවත් බැටෑලියනයක් මරදාන ටි‍්‍රපොලි වෙළෙඳ සංකීර්ණයේ රඳවා තිබිණි. තවත් එකක් රැඳවූයේ මීගමුවේ කඩොල්කැලේ නම් ප‍්‍රදේශයේය. එහි බැටෑලියනයක් සිටින්නේ ඇයිදැ’යි ඇසූවකුට ලැබුණු පිළිතුර වූයේ පාප්වහන්සේගේ ගමනට ආරක්‍ෂාව සඳහා එලෙස රැඳවූ බවය.’

    මේ විස්තරයේ මුලින්ම එන ගජබා රෙජිමේන්තුවේ ‘මේජර් ජෙනරාල් එස්. පෙරේරා’ යනු මේ වන විට විශ්‍රාමික නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාය. ජුනි 4වැනිදා ලක්බිම පුවත්පත ඔහුගෙන්ද ප්‍රකාශයක් ඉදිරිපත්කර තිබුණි. මෙන්න, ඒ ප්‍රකාශයේ වැදගත් කොටස්. ‘ඇත්ත වශයෙන්ම එම අවස්ථාවේදී සිදුවුණේ ක්‍රියාන්විත නියෝග අනුව ක්‍රියාන්විත සටහන් පිළිබඳ කටයුතු කිරීමක්. හැම දේකටම අවශ්‍ය ක්‍රියාන්විත නියෝග ඒ වන විටත් ක්‍රියාත්මක කර තිබුණා. යුද හමුදාව පමණක් නෙවෙයි ත්‍රිවිධ හමුදාවම ඊට සම්බන්ධ වුණා. ප්‍රථම ක්‍රියාන්විතයේ සටහන් ආවේ පොලිස්පතිවරයාගෙන්. එය යොමුකර තිබුණේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජගත් ජයසූරිය වෙතයි. අනතුරුව එතුමා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව කැඳවූවා. ඒ පොලිස්පතිගේ ඉල්ලීමට අනුවයි. පසුව හමුදාපතිවරුන් විසින් මෙම ක්‍රියාන්විත නියෝගය නිකුත් කළා. කොළඹ ප්‍රදේශය භාර මේජර් ජෙනරාල් උභය මැදවල හමුදාපතිගේ නියෝග අනුව තමා යටතේ සිටි බලසේනා සූදානමින් තැබුවා.’
    මේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ කුමක්ද? හමුදාපතිගේ නියෝග අනුව කොළඹ ප්‍රදේශයේ හමුදා බලසේනා සූදානමින් තැබූ බව නොවේද? ‘හැම දේකටම අවශ්‍ය ක්‍රියාන්විත නියෝග ඒ වනවිටත් ක්‍රියාත්මක කර තිබුණා.’ මේ කියන්නේ හමුදාව ඕනෑම දෙයකට සූදානම්ව සිටි බව නොවේද? සුමේධ පෙරේරාගේ කතාවෙන් කියවෙන දේ උදය ගම්මන්පිලගේ අහිංසක කතාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඡන්ද ගණින රාත්‍රියේ මෙලෙස හමුදා ස්ථානගත කිරීමක් හෝ ක්‍රියාන්විත නියෝග හෝ නීත්‍යනුකූලව අවශ්‍යවී තිබුණේද?

    ඒ ගැන අදහසක් ගැනීමට මලිත් ජයතිලක ලියූ ‘මා දුටු ජනවාරි 8’ පොත කියවිය යුතුය.

    ‘.. මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පැවති මෙම සාකච්ඡාවේදී චන්ද්‍රිකා මැතිනිය විසින් විය හැකි හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළේය. එහෙත් එය කොමසාරිස්වරයා අවඥාවෙන් බැහැර කිරීමට උත්සාහ ගනිද්දී, එවිට කොළඹ නගරයේ හමුදාව ස්ථානගත කිරීමට හමුදා මූලස්ථානය විසින් සැකසූ ආඥාපත්‍රයක පිටපතක් සමඟ විශ්‍රාමික හමුදා නිලධාරීන් යළි සේවයට කැඳවීමේ නියෝගයක පිටපතක් චන්ද්‍රිකා මැතිනිය කොමසාරිස්වරයාට ඉදිරිපත් කළාය. ඒ සමඟම කොමසාරිස්වරයා යළි තිගැස්මකට ලක්වුණා වැනිය. තමා මේ ගැන හමුදාපතිවරයා ගෙන්වා සාකච්ඡා කරන බව එහිදි කොමසාරිස්වරයා පොරොන්දු විය.’
    (මා දුටු ජනවාරි 8, මලිත් ජයතිලක 2016, 488 පිටුව)

    පොතේ තවත් තැනක මීට අදාළ ඊළඟ අවස්ථාව ගැන කියැවෙයි.
    ‘ජනාධිපතිවරණයට පෙර දින වන විට කොළඹ නගරය තුළට හමුදාව කැඳවීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමේ අරමුණෙන් නිශාන්ත වර්ණසිංහ මැ.කො. කාර්යාලයට ගියේය. නිශාන්ත තමා සතු තොරතුරු කොමසාරිස්ට දන්වා සිටියත් කොමසාරිස්වරයා ඒ සියල්ල අවඥාවෙන් බැහැර කිරීමට මෙන් ප්‍රතිඋත්තර දුන්නේය. කෙසේ වෙතත් මේ අතරතුර හදිසියේම හමුදා මූලස්ථානයෙන් පැමිණි යුද හමුදාපතිවරයාගේ නියෝජිතයෙක් කොමසාරිස්වරයා ඉදිරියේ පෙනීසිටියේය. එම හමුදා නිලධාරියා රැගෙනවිත් තිබුණේ මැතිවරණ දිනයේදී කොළඹ නගරය තුළට හමුදාව කැඳවීමටත්, එම භට පිරිස් ස්ථානගත කිරීමටත් අදාළ ආඥාපත්‍රයට, මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල අනුමැතිය ලබාගැනීමට අදාළ ලියවිල්ලය. මේ වන විට කොමසාරිස්වරයා තම උපරිම කතා විලාසය යොදාගනිමින් නිශාන්තට කියමින් සිටියේ කොළඹට හමුදාව එන කතාව බොරුවක්, කටකතාවක් පමණක් බවය. නමුත් මෙම දෛවෝපගත සිදුවීමත් සමඟ කොමසාරිස්වරයා මහත් අපහසුතාවට පත්විය. වහා පුටුවෙන් නැගිට සිටි කොමසාරිස්වරයා නිශාන්ත ඉදිරියේම හමුදා නිලධාරියාට මහ හඬින් කෑගැසීය. ‘හමුදාව ගේනවාද නැද්ද කියලා තීරණය කරන්නේ මම මිසක් හමුදාපති නෙවෙයි.’ යනුවෙන් ඔහු පැවසීය. ඒ සමඟම කොමසාරිස්වරයා පොලිස්පති ඉලංගකෝන්ට දුරකතන ඇමතුමක් ලබාගත්තේය.

    ඔහු පොලිස්පතිට, කොළඹ නගරයේ ආරක්‍ෂාවට සම්පූර්ණයෙන්ම පොලිසිය යෙදවිය යුතු බවත් මැතිවරණ කාර්යාලයේ ආරක්‍ෂාවට විශේෂ කාර්ය බලකාය යෙදවිය යුතු බවත් ඉහළ ස්වරයෙන්ම පැවසීය. තවද කිසිදු ලෙසකින් හමුදාව දැමිය නොහැකි බවත් ඔහු තරයේ කියාසිටියේය.
    පොලිස්පති සමඟ කළ දුරකතන සංවාදයෙන් පසු නිශාන්ත දෙසට යොමුවූ කොමසාරිස්වරයා ‘මෙතන මොකක් හරි දෙයක් වෙන්න වගේ හදන්නේ’ යනුවෙන් ඔහු තුළවූ සැකයද එළිදැක්වීය. ඒ සමඟම නිශාන්තගේ පැමිණිල්ල සම්පූර්ණයෙන්ම පිළිගැනීමටද කොමසාරිස්වරයා කටයුතු කළේය. නිශාන්තගේ එම පැමිණිල්ලේ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, නිදහස් චතුරස්‍රය හා මරදාන ටි්‍රපොලි යන ස්ථානවල අනවශ්‍ය පරිදි ගජබා රෙජිමේන්තු සෙබළුන් ස්ථානගතවී සිටින බව සඳහන් විය. නිශාන්ත තවදුරටත් කොමසාරිස්වරයාට කියා සිටියේ ගජබා මෙහෙන් ලෑස්ති වෙනකොට සිංහ අනෙක් පැත්තෙන් සිටිනු ඇති බවයි.’ (493 පිටුව)

    මේ විස්තරයෙන්ද පැහැදිලි වන්නේ කුමක්ද? අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ඈ ව්‍යවස්ථාවට අනුව, නිදහස් සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට අහිතකර ක්‍රියා, සිද්ධි වැළැක්වීම හෝ පාලනය සඳහා සන්නද්ධ හමුදා යෙදවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම (එවකට කොමිසම නොතිබුණු නිසා මැතිවරණ කොමසාරිස්) ජනාධිපතිවරයා වෙත නිර්දේශ කළ යුතුය. එහෙත්, කොළඹ වටකරගෙන හමුදාව ස්ථානගත කර තිබුණේ මැතිවරණ කොමසාරිස්වරයා එවැනි කිසිම නිර්දේශයක් කර නොතිබුණ තත්ත්වයක් යටතේය. හමුදාව යෙදවීමට තරම් ආරක්‍ෂාව පිළිබඳ අර්බුදයක් මැ.කොමසාරිස්වරයාට නොතිබුණා නම්, හමුදාව එසේ රැඳවූයේ ඇයි..?

    ලක්බිම පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවේදී ගම්මන්පිල මහතා තවදුරටත් මෙසේ කියයි. ‘අලුයම එකහමාර වන විට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පරාජය වී ඇති බව අපට වැටහුණා. ඡන්ද මධ්‍යස්ථානවලින්ද එජාප ගණන් කිරීමේ නියෝජිතයන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බව වාර්තා වුණා. ඒ අනුව අපි රැස්වුණේ කළ යුත්තේ කුමක්ද යන්න සාකච්ඡා කිරීමටයි. මෙවැනි දෑ හතරවටින් වාර්තාවෙද්දී අප දීර්ඝව සාකච්ඡා කළේ ඇඳිරි නීතිය පැනවිය යුතුද නැද්ද යන්නයි.’ ගම්මන්පිල මෙහිදී මහතා කුමක් කිව්වත්, ඇඳිරි නීතිය පැනවීමට හේතුවන තරමේ කිසිම සැලකිය යුතු අවුලක් ජනවාරි 8 වැනිදා රාත්‍රියේ රටේ කිසිම තැනකින් වාර්තා නොවුණු බව එදා ඇස් කන් ඇරගෙන සිටි සියල්ලෝම දනිති. ඒ නිසා, මේ ඇඳිරි නීතිය පැනවීමේ වුවමනාව හුදෙක් වෙනත් කතාවක කොටසක් බව නම් පැහැදිලිව පෙනෙයි. ඒ බව ගම්මන්පිළ මහතා නොදැන සිටින්නටද ඇත.

    කොහොම වුණත්, කුමන්ත්‍රණ සැලසුම හකුළාගන්නට සිදුවිය. ඒ, ප්‍රතිඵල නවත්වා, ඇඳිරි නීතිය හා හදිසි නීතිය පනවා, හමුදාව පාරට කැඳවා, මහින්ද රාජපක්‍ෂ තව අවුරුදු දෙකක් ජනාධිපති ධුරයේ තබාගැනීමේ කුමන්ත්‍රණ සැලැස්මට එම රාත්‍රියේ අරලියගහ මන්දිරයට කැඳවා සිටි පොලිස්පති එන්කේ ඉලංගකෝන්, හමුදාපති දයා රත්නායක මෙන්ම නීතිපති යුවන්ජන් විජේතිලකද එකහෙළා විරුද්ධ වීම නිසාය. නීතිපති යුවන්ජන් විජේතිලක මේ හමුවට ගියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකුගෙන් හා නිලධාරිනියකගෙන් ඔවුන්ගේ නීතිමය මතයද ලබාගෙනය. ඔවුන් දෙදෙනාගේ මතය වී තිබුණේ, ඇඳිරි නීතිය- හදිසි නීතිය පනවා, ප්‍රතිඵල කල් දමා, අවුරුදු දෙකක් මහින්ද ජනාධිපති ධුරයේ තැබීමට කිසිම නීතිමය ඉඩක් නැති බවය. දැඩි මහින්ද භක්තිකයකු වුණත්, ජනාධිපතිවරණ කාලය තුළ ප්‍රසිද්ධියේම මහින්ද රාජපක්‍ෂ දිනවීම සඳහා හමුදාව තුළ රැස්වීම් පැවැත්වුවා වුණත්, යුද හමුදාපති දයා රත්නායකද මේ විනාශකාරී සැලසුමට විරුද්ධ විය.

    ඒ හිටපු හමුදාපති දයා රත්නායක, 2015 ජුනි 16 වැනිදා ‘සිරස’ රූපවාහිනියේ ‘මුහුණට මුහුණ’ වැඩසටහනට සහභාගිවිය. ජනවාරි 8 කුමන්ත්‍රණය ගැන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු එහිදී මෙසේ කීවේය.

    “ඇත්තෙන්ම මං ඒ අවස්ථාවේ එතැන හිටියා. මං සමාජය පිළිබඳව, රට පිළිබඳව අවබෝධයක් තියෙන නිලධාරියෙක් හැටියට මම හිතනවා, මම සහ අපේ හමුදා කණ්ඩායම එතැන හිටපු එක අපේ රටට ඉතාම හොඳ දෙයක් කියලා. ඒක එහෙම කියන්න හේතුව, ඒ අවස්ථාවේ සිදුවෙච්ච සිදුවීම්වලදී අපේ දායකත්වය නිසා ඉතාමත්ම ලස්සනට, ඉතිහාසයේ කවදාවත්ම නොවූ විරූ ආකාරයට, ඉතාමත්ම හොඳට මේ බල මාරුව සිද්ධවුණා. ඒක වෙන්නේ නිකං ආවාට ගියාට ඉබේ නෙවෙයි, අපි සියලු දෙනාගේම ක්‍රියාකාරිත්වය නිසා කියලා මම විශ්වාස කරනවා. .. අපේ හමුදාව තරම් ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ආරක්ෂා කරගන්ට කැපකිරීම් කළ වෙන කිසිම සංවිධානයක් නැහැ… පහුගිය අවුරුදු තිහක කාලයේත් ජීවිත දානයෙන් කාය දානයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නේත් හමුදාවයි. කිසිම විදියකින් අබමල් රේණුවකවත් ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. ඒවා නිකං අහම්බෙන් ඉබේ සිදුවෙන්නේ නැහැ. ඒ වෙලාවේ ආරක්ෂ‍ක ලේකම්තුමා හිටියා.. ආරක්ෂක මණ්ඩලයේ සියලුම දෙනා හිටියා. රටේ දේශපාලන මාරුවක් සිදුවෙනවා, එතකොට රටේ අස්ථාවරභාවයක්, ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.. ඒ වගේ වෙලාවට වැඩකරන්න ආරක්ෂක මණ්ඩලය එතැන හිටීම හොඳ දෙයක්. ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති හිටියා. දිනපු අය ඇවිත් අරලියගහ මන්දිරය වටකරයි කියලා අදහසක් ඒ අයගේ තිබුණා. රටේ සාමකාමී වාතාවරණයක් තියෙන බව බුද්ධි අංශ හරහා දැනගෙන ඒ සියලු දෙනා දැනුවත් කළේ මම. අපි ජනාධිපති ලේකම්තුමාට කිව්වා, ‘මේ වෙලාවේ හොඳම දේ තමා මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන්න, ඉන්න ජනාධිපතිතුමා ජනතා මතයට හිස නමලා බලය භාරදීමට සූදානම් වෙනවා කියලා.’ ඒක සිදුවුණා. මේ තුළින් තිබුණු බැරෑරුම් තත්ත්වය අඩුවුණා. කාට වුණත් පුද්ගලයන්ට මේක බොහොම සංවේදී හැඟීම්බර අවස්ථාවක්. මේ වගේ වෙලාවක තීරණ ගැනීමට තමයි අපි පුරුදු පුහුණු කරලා තියෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාවේ කිසිම දේකට ප්‍රශ්නයක් නොවී ලස්සනට සිදුවෙන අයුරින් කටයුතු කරන්නට අපට හැකියාව තිබුණා.’
    හිටපු හමුදාපතිගේ බැලූ බැල්මට පරෙස්සම් සහගත ලෙස පෙනෙන මේ කතාවෙන් පැහැදිලි වන්නේ කුමක්ද? 8 වැනිදා රාත්‍රියේ ‘බල මාරුව’ ලස්සනට සිදුවූයේ ඔහුත් හමුදා නිලධාරීනුත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි කැපවීමෙන් මැදිහත්ව කටයුතු කළ නිසා බවය. ‘ඒක වෙන්නේ නිකං ආවාට ගියාට ඉබේ නෙවෙයි, අපි සියලු දෙනාගේම ක්‍රියාකාරිත්වය නිසා කියලා මම විශ්වාස කරනවා.’ ඔහු කියයි. ‘මම සහ අපේ හමුදා කණ්ඩායම එතැන හිටපු එක අපේ රටට ඉතාම හොඳ දෙයක්.’ යන්නෙන් පැහැදිලි වන්නේත් ඔවුන්එහි නොසිටියා නම් රටට හොඳ නොවන දෙයක් එහි සිදුවීමට ඉඩ තිබුණු බව නොවේද?

    මේ කතා, අනුකතාවලින් හැදෙන සමස්ත කතාන්දරය කුමක්ද? මහින්ද රාජපක්‍ෂගේ බලය තවදුරටත් රඳවාගැනීමේ සැලැස්මක් තිබුණ බවත්, එය අර්ධ වශයෙන් ප්‍රායෝග ිකව ක්‍රියාත්මක කැරුණු බවත්, අවසානයේ නිලධාරීන් කිහිපදෙනකුගේ විරෝධය හමුවේ සැලැස්ම අකුළාගත් බවත් නොවේද..?

    කුමන්ත්‍රණ චෝදනාවට නඩු පවරන්නට තොරතුරු ප්‍රමාණවත් නැතැ’යි පොලිස් කටඋත්තර මත පදනම්ව නීතිපතිවරයා කී පමණින් සිද්ධියක් නොවුණු බවක් ඇඟවෙන්නේ නැත. අනෙක් අතට පොලිසිය කටඋත්තර ගත්තේ ඒ රාත්‍රියේ අරලියගහ මන්දිරයේ සිටි ගෝඨාභය රාජපක්‍ෂ, ජීඑල් පීරීස්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, අගවිනිසුරු හා උදය ගම්මන්පිල වැනි අයගෙන් නම්, තමන් කුමන්ත්‍රණයක් කළ බවට ඔවුන් කිසිවෙක් පොලිසියට කියාවිද? එසේම පොලිසිය, රජයේ නිලධාරීන්ද ඇතුළුව මේ සිදුවීමට සම්බන්ධකම් ඇති සියල්ලන්ගෙන්ම ප්‍රකාශ සටහන් කරගත් බවට සෑහීමට පත්විය හැකිද? ඒ අනුව බලන කල ගම්මන්පිල මහතා අල්ලාගෙන ඇත්තේ ලොකු චිත්‍රයකින් කෑල්ලක් පමණක් බව කිව යුතුය. ඔහු දැන හෝ නොදැන හෝ සිටින චිත්‍රයේ තවත් ලොකු කොටසක් තිබෙන්නේය. ඒ ගැන අදහසක් ගැනීමට ඉහත කරුණු ප්‍රමාණවත්ය.

    මේ හමුදා සැලසුම ගැන පැහැදිලි කිරීමට ජනවාරි 7වැනිදා, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරියගේ කාර්යාලයෙහිදී එක් රැස්වීමක් පැවැත්වුණු බවත්, ඊට මේජර් ජෙනරාල්වරුන් 7 දෙනෙකු, බි‍්‍රගේඩියර්වරුන් 8 දෙනෙකු හා පොලිසියේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සහභාගිවුණ බවත් රාවය 2015 ජනවාරි 18වැනිදා ලිපියෙන් වාර්තා කළේය. එහි දෙවැනි රැස්වීම, ජනවාරි 8 වැනිදා සවස යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ කාර්යාලයේ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වුණු බවත්, පෙර දින රැස්වීමට සහභාගිවූ පිරිසම එදින ඊට සහභාගිවූ බවත් රාවය වාර්තා කළේය. ඒ රැස්වීමේදී පොලිසියේ ඉහළ නිලධාරීහු දෙදෙනා සැලැස්මට මුළුමනින්ම විරුද්ධ වූහ.

    2015 මැයි අවසානයේ ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවේදී, අරලියගහ මන්දිරයේ සිදුවූ මේ කුමන්ත්‍රණය ගැන පොලිස් පරීක්ෂණවලට සිදුවී ඇත්තේ කුමක්දැ’යි මාධ්‍ය ප්‍රධානියෙක් ප්‍රශ්න කළේය. ‘ඒකට කුමන්ත්‍රණයක් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. ඒත්, මැතිවරණ ප්‍රතිඵල අත්හිටුවලා තවදුරටත් බලය රඳවා ගැනීම ගැන සාකච්ඡාවක් එතැන සිදුවුණු බව පැහැදිලියි. ඒ ගැන පොලිස් පරීක්ෂණ වාර්තාව තව ටික දවසකින් මට ලැබේවි.’යි ජනාධිපතිවරයා කීවේය.

    දැන් ජනාධිපතිවරයාට පොලිස් පරීක්‍ෂණ වාර්තාව ලැබී ඇත්දැයි පැහැදිලි නැත. එහෙත්, ජනාධිපතිවරයා සොයා බැලිය යුත්තේ ඒ පොලිස් පරීක්‍ෂණය, සිදුවීමට අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ලත් තොරතුරු මත සිදුවුණාද, පොලිසියට ප්‍රකාශ දුන් පාර්ශ්ව කීවේ මොනවාද යන්නය. ඒ වෙලාවේ අරලියගහ මන්දිරයේ සිටි අය, ‘අපි නම් කුමන්ත්‍රණයක් කළේ නැතැ’යි එක හඬින් කියා ඇත්නම්, ඒ ප්‍රකාශ මත නඩු පවරන්නට හැකියාවක් නැති බව ඇත්තය. එහෙත්, කුමන්ත්‍රණයක් සිදු නොවුණු බව හා මහින්ද රාජපක්‍ෂ තවදුරටත් බලයේ තබාගැනීමට හමුදා සැලසුමක් නොතිබුණු බව නම් ඉන් කිසිසේත් අදහස් නොවේ.

    [rns_reactions]

  • ඥානසාර හිමිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් යලි වරෙන්තු

    නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් යලි වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තාවේ.

    කුරාණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් සිදු කිරීම හා ජාතික බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදීම යනසිද්ධීන් දෙකට අදාළව උන්වහන්සේට එරෙහිව මෙම නඩු දෙක පවරා ඇත.

    එම නඩු ඊයේ (15) කැඳවූ අවස්ථාවේ ඥාණසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ පවතින මරණ තර්ජන හේතුවෙන් අධිකරණයට නොපැමිණෙන බවයි. 

    කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න, ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ අතර අදාළ නඩුව අගෝස්තු මස 10 වැනිදා යළි කැඳවීමට නියමිතයි. 

    [rns_reactions]

  • පියා සහ පියාගේ මිතුරා වසර 5ක් තිස්සේ දැරියට අතවර කරලා…

    අවුරුදු 11ක් වයසැති පාසල් දැරියක් වසර 5ක් තිස්සේ ඇගේ පියා සහ පියාගේ මිතුරකු විසින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම කිරීම සම්බන්ධයෙන් දැරියගේ මව විසින් පසුගියදා ගල්ගමුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබේ. මෙසේ ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ ගල්ගමුව පොලිස් බල ප්‍රදේශයට අයත්, මුදියන්නෑගම ප්‍රදේශයේ පාසල් දැරියකි. ඇය වයස අවුරුදු 7 සිට මේ දක්වාම ඇගේ පියා හා තවත් පුද්ගලයකු විසින් අවස්ථා ගණනාවකදී අතවරයට ලක් කර ඇති අතර දැරියගේ මව නිවෙසේ නොමැති අවස්ථාවලදී පියා හා මිතුරා විසින් දැරියට බරපතළ ලෙස අතවර කර ඇති බවට මව විසින් පැමිණිල්ලේ සටහන් කර තිබේ.

    කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදාළ දැරිය පාසලේ ගුරුතුමියකට පැවසීමෙන් අනතුරුව ගුරුතුමිය හරහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරිය දැනුවත් කිරීමෙන් පසු දැරියගේ මවට මේ පිළිබඳව පවසා තිබේ. ඒ අනුව දැරිය හා ඇයගේ මව අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගල්ගමුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ පැමිණිල්ලක් සටහන් කොට තිබේ.

    ඒ අනුව අදාළ සිදුවීමට සම්බන්ධ යැයි සැකකරන පියාගේ මිතුරා එදිනම අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඔහුව ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර සැකකරු මේ මස 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් එල්. ටී. වරුෂවිතාන මහතා නියෝග කර තිබේ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගල්ගමුව, මුදියන්නෑගම, කදුරුවැව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. එසේම දැරියගේ පියා ප්‍රදේශයේ නොමැති බවත්, ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතුව ඇති බවත්, ඔහුද අත්අඩංගුවට ගැනීමට මේවන විට කටයුතු කරමින් සිටින බවත් ගල්ගමුව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    එසේම අතවරයට ලක් වූ දැරිය වෛද්‍ය ප්‍රතිකාර හා පරීක්ෂණ කටයුතු සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. 

    ගල්ගමුව සමූහ
    එම්. එම්. ක්‍රිෂාන්

    [rns_reactions]

  • බැසිල්ගේ දිවි නැගුම ලිත් නඩුව දිනපතා විභාග කරන්න අධිකරණ නියෝග!

    දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන නොවැම්බර් 13 දා සිට දිනපතා විභාග කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා  නියම කළේය.

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කොට මෙම ලිත් මුද්‍රණය කර ඇති බවට චෝදනා ගොනු කොට ඇත. මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළ විනිසුරුවරයා ඔවුන්ට ඒ බව දැනුම් දෙමින් සිතාසිද නිකුත් කළේය.

    මීට පෙර අවස්ථාවකදී මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත‍්‍ර බාරදුන් විනිසුරුවරයා විත්තිකරුවෙකු රුපියල් ලක්‍ෂය බැගින් මුදල් හා රුපියල් ලක්‍ෂ 05 බැගින් වටිනා ශරීර ඇප මත මුදා හරින ලදී.

    [rns_reactions]

  • තාජුදීන් ඝාතනයේ තොරතුරු සැගවූ හමුදා ප්‍රබලයින් දෙදෙනෙක් ගැන ඇත්ත එලියට…

    රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයට ලක්වූ කාලය තුළ යෝෂිත රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් ලෙස සිටි අය කළ කී දෑ සම්බන්ධ ලිඛිත සටහන් හමුදාපති හා නාවිකහමුදාපතිගෙන් රහස් පොලිසිය ඉල්ලා ඇතත් ඔවුන් ඒවා ලබාදීම මෙතෙක් පැහැර හැර ඇතැයි වාර්තා වේ.

    ප්‍රශ්නගත කාලසීමාව තුළ කළ රාජකාරි, නිවාඩු ලබා ඇත්නම් නිවාඩු ලේඛන හා නිවාඩු අයැදුම්පත් යන ලේඛන ලබාදෙන ලෙස රහස් පොලිසිය හමුදාපති හා නාවික හමුදාපතිගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව පැවසේ.

    අදාළ ලේඛණ ඉල්ලා සිටීමට හේතුවී ඇත්තේ වසර 2012-05-10 සිට 2012-05-22 දක්වා කාලය තුළ යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ හමුදා නිලධාරීන් විසින් රාජකාරි සිදුකරනු ලබන දෛනික ලේඛනයේ කොළ කපා හෝ කඩා ඉවත් කිරීමට කටයුතුකර තිබීම නිසාය.

    කෙසේවුවද, මේ ලේඛන පාවිච්චි කරණ ලද හා ඒවායේ භාරකාරත්වය තිබූ හිටපු ජනපති ආරක්ෂක අංශයේ උසස් හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් දැරූ 22දෙනෙකුගෙන් මේ සම්බන්ධයෙන් රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශය ප්‍රශ්න කර ඇති බවද පැවසේ.

    [rns_reactions]

  • ආවේස වූ එක්නැලිගොඩ බිරිදගේ නාටකයෙන් ත්‍රිකුණාමලයේ පුංචි යුද්ධයක්……

    දින සියයක් ඉක්ම ගිය ද තම ඉල්ලිමවලට රජය පිළිතුරු ලබාදිමට අපොහොසත් වුවා යැයි කියමින් ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ යෙදි සිටින අතුරුදහන්වුවන්ගේ ඥාතින් පිරිසක් අද ඒ අසල මුහුදට පැන්න අතර තවත් පිරිසක් ඔවුන් බේරාගනු ලැබිය.

    දරුවන් නොමැතිව තමනට ජිවත් විමෙන් පලක් නැතැයි කියමින් පිරිසක් මුහුදට පනිද්දි උද්ඝෝෂණයේ යෙදි සිටි තවත් පිරිසක් ඔවුන් බේරාගත් අතර කොටසක් මුහුදට බැස හඩමින් රජයට බැන වැදුනහ.

    කොටසක් මුහුදට පනිද්දි අසල සිටි තවත් පිරිසක් කියා සිටියේ ඉතිරි දරුවන් වෙනුවෙන් තමන් ජිවත් විය යුතු බවය.

    උද්ඝෝෂණයේ යෙදිසිටි පිරිස අතර සිටි අතුරුදහන් වු ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ ද මුහුදට පැන්න අය අතර සිටිමද විශේෂත්වයකි.

    ත්‍රිකුණාමල දිස්ත්‍රික් අතුරුදහන්වුවන්ගේ ඥාතින් ගේ සංගමයේ ලේකම් නාගේන්ද්‍රන් ජෙයලක්ෂ්මි හෙවත් ආශා සිදු වු සිද්ධිය ජංගම දුරකතනයෙන් විඩියෝගත කල ආරක්ෂක බුද්ධ අංශ සමාජිකයන් කිහිපදෙනෙකුට බැණවැදිම නිසා එම පිරිස ඉවත්ව ගියේය.

    මාධ්‍යවේදින් නොවන අය මෙය විඩියෝ ගතකිරිම සම්බන්ධයෙන් ඇය එහිදි විරෝධය පල කලේය.

    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අතුරුදහන් වුවන්ගේ ඥාතින් ගේ සහයට මඩකලපු ,වව්නියාව ආදි ප්‍රදේශවලින් ද පිරිස් පැමිණ සිටියහ. උද්ඝෝෂණයේදි යෙදි සිටි සියලු දෙනා අතුරුදහන් වු හා පැහැරගත් තම ඥාතින්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කර විරෝධතාවයේ යෙදිසිටි අයුරු දැකගත හැකිවිය.

    තම ඥාතින්ට සිදුවුයේ කුමක්ද යන්න හෙලිකිරීම, ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කිරිම, දේශපාලන සිරකරුවන් නිදහස්කිරිම යන ඉල්ලිම් මුල්කරගෙන මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කර තිබුණි.මෙම අවස්ථාවේ ජයාරූප පහතින්

    [rns_reactions]

  • ලොක්කා බණ කියද්දි පොඩ්ඩො වෙරිමතින් – පොලිසියෙන් ඇහෙන කථාව මෙන්න…

    ශ්‍රී ලංකා පොලිසියට දිනෙන් දින එල්ලවන චෝදනා වල නම් කිසි අඩුවක් නැතිය. මේ ඊයේ කන්තලේ ප්‍රදේශයේ සිදුවූ සිදුවීමක්ය.

    බීමතින් සිටි බව කියන සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් දෙනෙනෙකුට කන්තලේ බෝගස්හන්දිය ප්‍රදේශවාසීන් විසින් දිගට හරහට පහර දී තිබේ.

    ගැටුමට හේතුව වී ඇතැයි ගම්වාසීන් කියන්නේ අදාල පොලිස් නිලධාරීන් විසින් ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකුට පහර දීමයි.

    [rns_reactions]

  • ගස් කැපුවේ ඇයි? ෆේස්බුකියේ විරෝධයට තෙවරප්පෙරුමගෙන් පිළිතුරක්…

    නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ගස් කපන ඡායාරූප පෙළක් ඔහුගේම ෆේස්බුක් ගිණුමට පසුගිය දා එක්කර තිබුණා.ඒ, වසර 130 ක් පැරණි බවට ප්‍රකාශ වන ගසක් කැපීම සම්බන්ධයෙන්

    බුලත්සිංහල තිබොට්ටව  නාය යෑමේ අවධානම් ඇති ප්‍රදේශයක මෙම ගස් කැපීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම විශාල ගස් නිවෙස්වලට කඩා වැටීමට ආසන්න නිසා  ඉවත් කර දෙන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ද අදාල වතු සමාගමටද දැනුම් දී ඇතත් එය ඉටු නොවූ නිසා  නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මෙලෙස ගස් කැපීම සිදුකර ඇති බවයි පැවසුණේ.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා තෙවරප්පෙරුම අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේ මෙම සියලු කරුණු ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ මෙම ගස අනිවාර්යයෙන් කපා ඉවත් කලයුතු ගසක් බවයි.

    කළුතර බුලත්සිංහල ආසනයේ තිබ්බෝට්ටාව ග්‍රාමයේ ඇති කන්දක මෙම ගස පිහිටා ඇති අතර පවතින සුළන් තත්වයෙන් මෙම ගස සෙලවීම නිසා කන්ද ඉරිතලා තිබු බව අමාත්‍යවරයා පවසා තිබෙනවා. මේ හේතුව නිසා අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නත් කිසිවෙකුත් ක්‍රියාත්මක වී නොමැති බවයි වාර්තා වන්නේ. මේ තත්වය මත එම කන්ද පාමුල සිටින ජනතාවගේ ආරක්ෂාව මත තමා මැදිහත්වී මෙම ගස කැපූ බවත් එම ගස ඇල්බීසියා වර්ගයට අයත් ගසක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    නමුත් ගස් කැපීම නීතිවිරෝධී බවත් එමෙන්ම මෙම ගස් මෙලෙස කැපීම නිසා ගංවතුර වැනි ආපදා තත්වයන් ඉතාමත් පහසුවෙන් ඇතිවන බවත් බොහෝ දෙනෙකු මේ පිළිබඳව අදහස් දක්වා තිබුණා.

    මේ ගැන අමාත්‍යවරයා පවසන්නේ තමා ජනතාවට කරන සේවය නතරකිරීම සඳහා ඇතැම් පාර්ශව වැරදි ප්‍රචාර දියත් කරන බවයි.

    මෙම ගස් කැපීම සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඡායාරූප පළ කිරීමත් සමග සමාජ ජාල මාධ්‍ය තුළ අමාත්‍යවරයාට එරෙහි කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා.

    ඒ අතර මෙම ගස් කැපුවේ ඇයිද යන්න පිළිබඳව වීඩියෝවක් මේවනවිට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

    එය පහතින් නැරඹිය හැකියි.

    [rns_reactions]

  • සිදුකළ අපරාධ වලට මහින්ද පෝරකයට යැවිය යුතුයි – ජවිපේ ප්‍රසිද්ධියේ කියයි..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මරණ දඬුවම ලබා දිය යුතු යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන වැඩසටහනේදී මේ බව කියා සිටියේ එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත‍්‍රී නලින් හේවගේ මහතායි.

    https://youtu.be/-lqliNBK4lY

    [rns_reactions]

  • දුම්රිය මාර්ගයක සෙල්ෆි ගන්න ගිය අලුත බැඳපු යුවලක් මරුට

    සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අලුත විවාහ උනු යුවලක් දුම්රියකට හසුවුනු පුවතක් අම්බන්ගොඩින් වාර්තා වනවා.

    මෙම යුලව අම්බලන්ගොඩ, කහව උඩුවරාගොඩ දුම්රිය මාර්ගයක සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී පැමිනි දුමිරියකට අවාසනාවන්ත අාකාරයට හසුව තිබෙනවා.

    අනතුරෙන් තරුණයා මියගොස් ඇති අතර තරුණිය බරපත තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

    තරුණ යුවල අවසන් වරට ගත් සෙල්ෆි ඡායාරූපය.

    සෙල්ෆි ඡායාරූප ගැනීමට යෑම තුල මිය ගිය වැඩිම පිරිසක් වාර්තා වන ස්ථානයක් ලෙස දුම්රිය මාර්ගද වාර්තා වේ..

     

     

    [rns_reactions]

  • ගංවතුර “රත්තරන් වතුර” කරගත් දිරිය දියණියන්ගේ කෙරුවාව මෙන්න…

    පසු ගිය දින කිහිපය තුළ ඇද හැලුනු ධාරානිපාත වර්ශාපතනය හේතුවෙන් ගං වතුරෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් මෙරට සතර දෙසින් ජනයා ඔවුන් හට සහනාදාර රැගෙන එමින් උදව් උපකාර කිරීමට පැමිණියේය..මේ අතරින් ෆේස් බුක් නම් සමාජ ජාල මාධ්‍ය හරහා තරුණ තරුණියන් රාශියක් අවතැන් වූ ජනතාව වෙනුවෙන් දැඩි කැපවීමකින් එකා මෙන් එකතු වී ඔවුන් හට ආධාර රැස් කරමින් විශාල ශක්තියක් වුනි…ඒ අතරින් ජනතාවට උදව් උපකාර කිරීමේ මුවාවෙන් තම දේශපාලන ප්‍රතිරූපය ෆේස් බුක් සමාජ ජාලය හරහා ගොඩ නගා ගැනීමට උත්සහ කළ පිරිසක් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතා බහකට ලක් වී ඇත…ලක්බිමේ දියණියෝ කාන්තා සංවිධානයක් පිහිටුවා ගනිමින් එහි නායිකා සසනිකා ජයලත් ජයසුන්දර ඇතුලු පිරිස අවතැන් වූ ජනතාව ප්‍රසිද්ධ්යේ අවමානයකට ලක් කර ඇත…ඔවුන් පීඩාවට පත් වූ පවුල් කිහිපයක් සොයා ප්‍රජාසත්කාරයක් කිරිමේ මුවාවෙන් ෆේස් බුක් සජීවී පටිගත කිරීමකට ඔවුන් හට ඉදිරිපත් වන ලෙස බැගෑපත්ව ඉල්ලීම් කර ඇත..එසේ ඉදිරිපත් වන පුද්ගලයන්ට පමණක් ද්‍රව්‍යම හා මූල්‍යම ආධාර ලබා දෙන බව පවසා ඇත..දින කිහිපයක් පුරා ගං වතුරෙන් බැට කෑ ඔවුන් අසරණ කම හේතුවෙන් මෙමෙ ඉල්ලීමට එකග වී ඇත..ඉන් අනතුරුව ෆේස් බුක් සජිවී පටිගත කිරීම් කිහිපයක් සමාජ ජාලා මාධ්‍යට නිකුත් කරමින් සසනිකා ඇතුලු පිරිස පවසා සිටියේ ලක්බිමේ දියණියෝ කාන්තා සංවිධානය මගින් අවතැන් වූ ජනයා වෙත විශාල ප්‍රමාණයෙන් මූලයම අධාර ලබා දෙමින් ප්‍රජා සත්කාර කරනු ලබන බවයි..ස්වභාවික විපත් අප කාටත් පොදු වන අතර ඉන් අපහසු තාවයට පත්වන පුද්ගලයන් සරණාගතයන් බව මුලු ලංකාවටම මොවුන් පෙන් වා දී ඇත…මෙවැනි සංවිධාන කිසි දීනක ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැත..ඔවුන් තමන්ගේ ප්‍රසිද්ධ්ය උදෙසා ජනතාව මුලා කරන බව පැහැදිලිව පෙනෙන්නට ඇත…තවද විපතක් වූ විට ජනතාව විකුණන් කන මේවැනි සංවිධාන වහා නැවැතීමට බලධාරීන් පියවර ගත යුතු වේ..

    [rns_reactions]

  • මුල්‍ය වංචා කල පරාජිත මහින්දගේ රියදුරුත් රිමාන්ඩ්..

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය  නියෝග කළාය.

    මෙම සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 08 අංශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

    ප්‍රකාශයක් ලබා ගැනීම සදහා  මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබූ ඔහු ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘මග නැගුම’ හිටපු සභාපති ජාලිය කුලසේකර නැමැත්තාද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පැවසේ.

    [rns_reactions]