Category: සුපිරි Lifestyle & Fashion

  • කොරෝනාවලින් ආරක්ෂා වෙන්න ‘දිනකට හය වරක්වත්’ හොදින් දෑත් සෝදන්න !

    කොරෝනාවලින් ආරක්ෂා වෙන්න ‘දිනකට හය වරක්වත්’ හොදින් දෑත් සෝදන්න !

    දිනකට අවම වශයෙන් හය වතාවක් හෝ උරිම වශයෙන් 10 වතාවක් අත් සේදීමෙන් කොරෝනා වැනි ආසාදන ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව එක්සත් රාජධානියේ පර්යේෂකයන්ගේ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

    පර්යේෂකයින් වත්මන් කොවිඩ්-19 වෛරසය සහ 2006-09 සිට වාර්තා වූ වෛරස් පිළිබඳ දත්ත ව්‍යුහාත්මක සසදා බැලීමකින් පසුව මෙම නිගමනයට පැමිණ ඇත.

    Coronaviruses යනු සෙම්ප්‍රතිශ්‍යාව වැනි මෘදු රෝගාබාධ ඇති කරන වෛරස් කාණ්ඩයක් / පවුලක් වශයෙන් සැලකෙන අතර පර්යේෂකයින් හදුනා ගෙන ඇති පරිදි කොවිඩ්-19 ඇතුළු වෛරස්සියල්ලන්ම සබන් හා වතුරෙන් මරා දැමිය හැකිය.

    මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ සහභාගී වූවන් 1,663 දෙනා දිනකට අවම වශයෙන් හය වතාවක්වත් අත් සෝදා ගන්නේ නම් ආසාදනය වීමේ අවදානම අඩු බවයි. කෙසේවෙතත්, දිනකට 10 වතාවකට වඩා අත් සේදීම ආසාදන අවදානම තවදුරටත් අඩු කරන බවක් නොපෙනුණි.

    ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් හි අධ්‍යයන කතුවරයා වන ආචාර්ය සාරා බීල්  Dr Sarah Beale මෙසේ පැවසුවාය:

    “ඔබ රෝග ලක්ෂණ පෙන්නුම් කළත් නැතත් සෑම විටම සනීපාරක්ෂාව පිළිබදව දැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙය ඔබව ආරක්ෂා කර ගැනීමට සහ ඔබ නොදැනුවත්වම ඔබ වටා සිටින අයට වෛරසය පැතිරීම වැළැක්වීමට උපකාරී වේ.”

    එංගලන්තයේ මහජන සෞඛ්‍ය නිලධාරියෙක් පැවසුවේ “අවම වශයෙන් තත්පර 20 ක්වත් නිතිපතා අත් සේදීම කොරෝනා වෛරසය පැතිරීම නැවැත්විය හැකි හොඳම ක්‍රමයයි. විශේෂයෙන් ඔබ නාසය, කිවිසුම් යාම හෝ කැස්ස, මෙන්ම ආහාර ගැනීමට හෝ පිසීමට පෙර තත්ත්පර 20ක් පමණ හොදින් අත් සෝදා ගත යුතයි. එසේම, ඔබ පොදු ස්ථානවල ගැවසීමෙන් පසුව හෝ පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් පසු හොදින් දෑත් සේදීමට පුරුදු වීම හොද සෞඛ්‍ය පුරුද්දක්”

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි

  • බොලිවුඩ් නිළියන්ගේ ‘පුද්ගලික රූපාලාවන්‍ය රහස්’ එළියට!

    බොලිවුඩ් නිළියන්ගේ ‘පුද්ගලික රූපාලාවන්‍ය රහස්’ එළියට!

    Covid-19 නිසා රූපාලාවන්‍ය මධ්‍යස්ථාන බොහොමයක් වසා දමලා. එහෙම නැතිනම් එහි කටයුතු සීමා කරලා. ඒ නිසා බොහෝ කාන්තාවන්ට තමන්ගේ රූපාලාවන්‍ය කටයුතු කර ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා.

    මේකට හොද පිළියමක් පසුගිය දා ලෝ ප්‍රකට ‘ෆෙමිනා කාන්තා සගරාව යෝජනා කළා. ඒ නිවසේ සිට තමන් තනියම තමන්ගේ සුන්දරත්ව රැක ගැනීමට ගත හැකි පියවර අනුගමනය කිරීම. ඔවුන් කියන ආකාරයට මෙය ලාභයි වගේම කොවිඩ්වලින් ආරක්ෂා වීමටත් හොද පියවරක්.

    ඉතිං… ලියන් සුරලියන් කරන ‘රූපලාවන්‍ය’ ගැන ‘රහස්’ වැඩියෙන්ම දන්නේ කවුද ? තර්කයක් නැහැ. ඒ බොලිවුඩ් සුරූපිනියන්ම තමයි. ඉතිං බොලිවුඩයේ සුරූපිනියන් විසින් දිනපතා අත්හදා ලබන ඒ රූපලාවන්‍ය රහස් ඔබ දැන ගන්න කැමැති ද ? එසේ නම් ආරම්භ කරමු…

    භූමි පද්නෙකර් Bhumi Pednekar

    ඔබේ සම සජලීකරණය  hydrated කර හැකිතාක් ඔබේ ශරීරය ඩෙටොක්සයිෆ් detoxify කරන්න.

    ජැකලින් ෆර්නැන්ඩස් Jacqueline Fernandez

    හොඳ හිස් අවකාශයක සිටින්න. මානසික ආතතිය යනු ඔබේ සම, හිසකෙස්, නියපොතුවලට හානි සිදුවිය හැකි නරකම දෙයකි. එය සැබවින්ම ඔබට වළක්වා ගත හැකිය. ඔබේ ආතතියට එකතු නොවන ආහාර අනුභව කර හොඳ ව්‍යායාම කරන්න. ඔබ නින්දට යාමට පෙර ඔබේ සම පිරිසිදු බවට වග බලා ගන්න. එසේම එය පිරිසිදු කරන්න. සම සම්භාහනය කර ඒ මත මෘදු ක‍්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

    හුමා කුරේෂි Huma Qureshi

    නින්ද. එය හොඳම නැවත ආරෝපණය කිරීමකි

    ක්‍රිති සනොන් Kriti Sanon

    එළිමහනට යන සෑම විටම හිරු ආවරණයක් sunscreen පැළඳගෙන යන්න. සමේ ස්වාභාවික දීප්තිය ලබා ගැනීම සඳහා ඕනෑම නිෂ්පාදනයක් භාවිත කිරීමට පෙර ඔබේ මුහුණ අයිස් වතුරෙන් සෝදා ගන්න. සමේ ඇතිවන ඕනෑම ආසාදනයක් සමනය any skin irritation කිරීමට කෝමාරිකා ජෙල් aloevera gel භාවිතා කරන්න.

    ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා Shilpa Shetty Kundra

    ප්‍රමාණවත් තරම් ජලය පානය කර ඇතුළත සිට පිරිසිදු කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න.

    Dia Mirza

    රසායනික ද්‍රව්‍ය පදනම් කරගත් හෝ හානිකර නොවන නිෂ්පාදන භාවිතා කරන්න. ඔබේ සම සජලීව තබා ගැනීමට මොයිස්චරයිසර් භාවිතා කරන්න, අව් කණ්ණාඩිය මඟ හරින්න එපා.

    පූජා හෙග්ඩේ Pooja Hegde

    නින්දට යාමට පෙර සියලු   makeup  ඉවත් කරන්න. වියළි සමට ප්‍රතිකාර කිරීම සඳහා පොල්තෙල් භාවිතා කරන්න. 

    මනුෂි චිලර් Manushi Chillar

    සෑම විටම පිරිසිදු සහ සැහැල්ලු ඇදුම් අදින්න. මනස නිරවුල් කර ගන්න. සැහැල්ලුවෙන් සිටින්න.

    නුෂ්රත් භාරුචා Nushrat Bharucha

    වතුර ගොඩක් බොන්න, හොඳ ස්පා ප්‍රතිකාරයක යෙදෙන්න, සතුටින් ඉන්න.

    Copied By Femina Magazine – India – Text by – Thushadhavi

  • ‘නාගරික ගොවිතැන’ ඉහළට ඔසවන්න හොදම කාලය පැමිණිලා !

    ‘නාගරික ගොවිතැන’ ඉහළට ඔසවන්න හොදම කාලය පැමිණිලා !

    Covid-19 වසංගතයෙන් වැඩිපුරම පහරකෑ භූමි භාගය වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ අතරිනුත් නිව්යෝර්ක් ප්‍රාන්තයයි. දිනක් ඇතුලත එහි සිදුවෙතැයි කියවෙන මරණ සංඛ්‍යාව ගැන අසද්දී පවා ඇඟ කිලිපොලා යන්නේය.

    ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නමැති විශේෂිත උපකරණයකින් පමණක් දැක බලාගත හැකි තරමේ අතිශය කුඩා ජීවියෙකුගේ පහර කෑමට ලක්ව මේ මැරී වැටෙන්නේ මදුරුවන් කැරපොත්තන් නොව ලොවක් ජයගත් මනුස්සයින්ය. පිටතට යාමේ අවසරය රජය මගින්ම අහුරා තබන ලද පසුගිය දිනෙක නිවෙස තුලට ගාල්වී, වසංගතය පිලිබඳ ඕපාදූප කියවමින් සිටිනා විටෙක නිව්යෝර්ක් නුවර ගැන ලියවුනු වෙනත් ලියවිල්ලක්ද හදිසියේ ඇස ගැටුණි. ගොවිතැන හා බැඳුනු එකක් නිසා කියවීමට තිබූ උනන්දුවද වැඩිවුනි.

    එහි දක්වා තිබුනේ නිව්යෝර්ක් නගරයේ පිහිටන ගොඩනැගිලිවල තිබෙන හිස් වහල මත එළවලු වැවුවානම්, එම නගර වැසියන් මේ වනවිට පාරිභෝජනය කරන දෛනික එළවලු ප්‍රමාණය මෙන් දෙගුණයක් වුවද නිෂ්පාදනය කරන්නට හැකි බවයි. ඒ තරම් විශාල ඉඩ ප්‍රමාණයක් ගොඩනැගිලි වහල මත තිබේ.

    ‘පියැසි උද්‍යානකරණය’ වැනි සංකල්පයන්ද මේ වනවිට ලොවපුරා උවමනාවටත් වඩා ජනනගත වී ඇති නිසා, මෙවැනි ගණන් හිලව් ඉදිරිපත් කිරීමද කාලෝචිතය.

    නාගරීකරණය හා ගෝලීයකරණය පසුපස අපටත් කලින් හඹාගිය කණ්ඩායම්, තරමක් ආපසු හැරී, මෙවන් ගණනයකිරීම් හරහා අලුත් ගමනක් යන්නට සුදානම් වෙන බව කලකට පෙර සිටම අපට දකින්නට ලැබුණු අතර ඔවුන් මේ කතාකරන්නේ නාගරික කෘෂිකර්මාන්තය ගැනය. මේ වෙනුවෙන් ඇතැම් විදේශික සරසවි තුල පාඨමාලා පවා අරඹා තිබේ.  

    ඇමරිකාවේ වර්තමාන ජනපති ට්‍රම්ප් මහතා විටෙක පවසන්නේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර වශයෙන් මැලේරියා බෙහෙත් දෙන්නටය. තවත් විටෙක සාමාන්‍ය ජනතාවගේ ප්‍රතිශක්තිකරණය ඉහල නැංවීම සඳහා විෂබීජනාශක දියර එන්නත් කරන්නටද හෙතෙම යෝජනා කරයි. තවත් විටෙක නගරාධිපතිවරයෙක් පවසන්නේ සියලු මහල්ලන් කොවිඩ් වැළඳී මැරී ගොස් තරුණ පිරිස ඉතිරිවීම රටේ අනාගතයට ප්‍රමාණවත් බවකි. වියපත් තමා වුවද මරණයට සුදානම් බව පවසන ඔහු වීර චරිතයකටද පණ පොවන්නේය.

    ආරක්‍ෂිත පියවරක් වශයෙන් ප්‍රාන්ත කීපයක් ‘ලොක්ඩවුන්’ කිරීම ඉවසාගත නොහැකි ජනතාවක් ඒ අස්සේ වීදි බැස, නිදහස ඉල්ලමින් ඇමරිකානු ජාතික කොඩි වනමින් දඟලනා අයුරු අපේ වැඩිහිටියන් රූපවාහිනියෙන් නැරඹුවේ අත්ල කම්මුලේ තබාගෙන හතර අතේ හූල්ලමිනි. ඒ ඇමරිකන් සිරිතයි.

    හෙට අනිද්දා කොවිඩ් ජයගත් රටවල් අතරට ඇමරිකාව යන්නේ මළමිනී ලක්ෂ ගණනක් මිහිදන් කල පොලොව මතින් වුවත්, එම සංඛ්‍යාවන්, ලිපිගොනු අතර හිරෙවෙන වාර්තා මිස මිනිස් ජීවිත ගැන ඉන් එහා වටිනාකමක්ද ඒවාට නැත.

    එවන් සංස්කෘතික පසුබිමක් යටතේ වුවද, මේ සංකර මිනිස්සුන්ට නගර මධ්‍යයේ ගොවිතැන් කරන්නට සිතිවිලි පහලවීම නම් ඇහි බැම ඉහලට එසවෙන පුදුමයක්මය. ඉතින් කෘෂිකාර්මික ඉතිහාසයකට උරුමකම් කියන අප වැන්නන් වෙතින් ‘සෙයිලමේ ගොවිතැන’ට තැනක් නොලැබෙන්නේ ඇයි?

    ‘පියැසි උද්‍යාන‘ සංකල්පය ලෝව පුරා ප්‍රචලිත වෙයි

    නිව්යෝර්ක් නගරයේ වහලවල් ගැන එසේ කියවෙත්දී මතකයට නැගෙන්නේ මීට වසර පහකට පෙරාතුව ප්‍රංශයේදී සම්මතවූ නීතියකි. ඒ එරට වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන්ය. අදාළ සැලැස්මට අනුමැතිය ලබාගැනීම සඳහා එක්කෝ ගොඩනැගිල්ලේ වහලය මත සූර්ය බලයෙන් විදුලිය නිපදවන තහඩු සවිකළ යුතුය. නැතහොත් වහලය මත ‘පියැසි උද්‍යානයක්’ (Rooftop Garden) ඉදිකරන බවට සැලැස්මක් තිබිය යුතුය.

    මෙම නීතිය හරහා අව්වට වැස්සට පමණක් සෙවන දෙන්නට ඉදිකර තිබූ පියැස්සට ඔවුන් අලුත් වගකීමක් ආරෝපණය කර තිබේ. ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අනුමැතිය ලැබෙන්නේ එවිටය. සපුරාලිය යුතු අවශ්‍යතා දෙකම රටෙහි ජාතික නිෂ්පාදනය දිරිගැන්වීම උදෙසා සකස් කල ඒවා බව පෙනෙන්නට ඇත.

    කොවිඩ් වසංගතයට බියවුණු නාගරිකයාත්, ඉදිරි ආහාර අහේනියක ඉවවැටී ගොවිතැනට උනන්දු වූවායයි බැලූ බැල්මට පෙනෙන්නට ඇත. ඇමරිකාවේ මිසූරි හි ව්‍යාපාරිකයෙකු වන ජෙරී ගෙට්ල් සතු උද්‍යාන බීජ සමාගම සතු එළවලු බීජ සියල්ල මේ වනවිට විකිණී අවසන් බව ඔහු ප්‍රකාශ කරයි. වසර 22 ක ව්‍යාපාරික ඉතිහාසයක් ඇති තම සමාගමට, සාමාන්‍ය ඉල්ලුමට වඩා දස ගුණයකින් වැඩි ඉල්ලුමක් යටතේ බීජ ගබඩා හිස්කර දැමීමට සිදුවීම ගැන ඔහුට ඇත්තේ සතුටට වඩා පුදුමයකි.

    එංගලන්තයේ වුවද බීජ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන, බීජ සමූපකාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඩේවිඩ් ප්‍රයිස් පවසන්නේ ඔවුන් සතු බීජ තොග අවසන් වූයේ වෙනදාට වඩා හය ගුණයකින් පමණ වැඩි ඉල්ලුමක් සහිතව බවය. මහ දවාලේ වුවත් නින්දයන තරමට විවෘත ආර්ථිකයේ නැලවිලි ගී අසමින්  සිටි අපේ සිදාදි වැසියන්ට, වසංගත හදිස්සියක් හමුවේ ගොවිතැන මතක් වුවත්, දියුණු රටවල නාගරිකයින් නම් ශක්තිමත් සෙයිලමේ ගොවිතැනක පෙර සිටම නියැලුණු බවටද  සාක්‍ෂිද තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මීට වසර 24 කට ඉහතදී, එනම් 1996 දී , පළකර ඇති වාර්තාවකින් කියවෙන්නේ ලෝකය පුරා වෙසෙනා නාගරික පවුල් 33%ක්, නගරයේ පරිභෝජනය කරන එළවලු, බිත්තර, මස් ප්‍රමාණයෙන් තුනෙන් පංගුවක් පමණ නිපදවීමට දායක වෙන බවයි.

    එසේනම් නගරයට පිටතින් ගෙනෙන්නේ ඉතිරි තුනෙන් දෙක පමණය. මේ නිෂ්පාදකයින් වැඩිදෙනා අලුතින් පැමිණි සරණාගතයින්, සංක්‍රමනිකයින්, රැකියා විරහිත පිරිස් හා වැඩිහිටියන් බවද එම වාර්තාව පෙන්වා දී තිබුණි. තවත් ඈතට යනවානම් පළමු ලෝක යුද්ධ සමයේදී ඇමරිකාවේ සිටි 28 වෙනි ජනාධිපතිවරයා වන තෝමස් විල්සන් (1913-1921) විසින් සියලු රටවාසීන්ට උපදෙස් දුන්නේ වවන්නට පුළුවන් හැම බිම් කොටසකම ආහාරයට ගතහැකි පැළයක් සිටුවන ලෙසයි. මෙහි ප්‍රතිපලයක් වශයෙන් 1919 වනවිට මිලියන පහකට වැඩි බිම්කැබලි තුලින් රාත්තල් මිලියන 500 කට (කිලෝග්‍රෑම් මිලියන 227) වැඩි අස්වැන්නක් එරට නිපදවා තිබේ.   

    ආසියාකරයේ තත්ත්වය

    බටහිර ලෝකයේ සිට ආසියාකරය දෙසට හැරුණත් පෙනෙන්නේ සෙයිලමේ ගොවිතැනට තැනක් දෙන්නට නන්දෙසින් දරනා උත්සාහයයි. වැඩි ඈතකට යා යුතු නැත. ඉන්දියාවේ ජනාකීර්ණ නගරයක් වන මුම්බායි මීට හොඳ උදාහරණයකි.

    බටහිර ලෝකයේ සිට ආසියාකරය දෙසට හැරුණත් පෙනෙන්නේ සෙයිලමේ ගොවිතැනට තැනක් දෙන්නට නන්දෙසින් දරනා උත්සාහයයි. වැඩි ඈතකට යා යුතු නැත. ඉන්දියාවේ ජනාකීර්ණ නගරයක් වන මුම්බායි මීට හොඳ උදාහරණයකි.

    පසුගියදා කොරෝනා වසංගත තත්වය හමුවේ රූපවාහිනියෙන් අප දුටුවේ ලක්ෂ සංඛ්‍යාත කම්කරු ජනතාවක් ප්‍රවාහන පහසුකම් නැති නිසා සැතපුම් දහස් ගණන් මග ගෙවමින් හට්ටි මුට්ටි පවා කර තාබගෙන පාගමනින්ම මෙවැනි නගරවල සිට තම ගම්බිම් කරා යන බවකි. මේ සියලුදෙනා ග්‍රාමීය ප්‍රදේශවල සිට රැකියා සඳහා නගරයට පැමිණියවුන්ය.

    පසුගිය සියවස තුලදී මේ හේතුවෙන් මුම්බායි ජනගහනය දොළොස් ගුණයකින් වැඩිවූ බව කියවේ. අදටත් ලංකාවේ ජනගහනයට සමාන ජනතාවක් එහි වෙසෙන්නේ වර්ග කිලෝමීටර 603 ක ප්‍රමානයකයි. එහි ඇතැම් ස්ථානවල වර්ග කිලෝමීටරයක් තුල මිනිසුන් 48,000 කට වඩා ජීවත්වේ.

    මුම්බායි නුවර ජනතාවට නාගරික කෘෂිකර්මාන්තය හඳුන්වාදෙන්නට මහත් කාර්යභාරයක් කල කෘෂි විද්‍යාඥයෙක් වන්නේ ආචාර්ය ආර්.ටී. දෝශි ය. පස් අහුරක් සොයාගන්නට නොහැකි තට්ටු නිවාසවාසීන් වෙනුවෙන්, උක්ගස් වලින් ඉවතලන රොඩ්ඩ, බඩඉරිඟු කරලේ වහල්ල පවා පැල සිටුවීමේ මාධ්‍යයය ලෙස භාවිතාකරන ආකාරය ඔහු විසින් කියාදුනි. වගා බඳුන් වූයේද අවට පරිසරයේම තිබූ අබලි ද්‍රව්‍යයයි. ප්ලාස්ටික් කෑන්, පරණ ටයර්, හිස් බෝතල් පමණක් නොව පරණ සපත්තු තුල පවා තට්ටු නිවාස වැසියෝ පැල සිටවූහ.

    මේ සියලු වගාවන් කාබනික වීම හරහා තම වගා විප්ලවයට අතිරේක වටිනාකමක් ආරෝපණය කිරීමටද හෙතෙම සමත්විය. අදටත් ඉතා ජනාකීර්ණ නිවාස සංකීර්ණයන්හි ජීවත්වෙන මුම්බායි නගරවාසීන් ආචාර්ය දෝශි ගේ සංකල්පයන් හරහා සැලකිය යුතු තරමේ ආහාර සුරක්ෂිතතාවයක් අත්කරගෙන සිටී.

    කුමක්ද මේ ආහාර සුරක්‍ෂිතතාවය?

    කියුබාවේ නාගරික කලාපවල කාබනික ගොවිතැන ජනප්‍රිය වෙමින් පවතී.

    ආසන්නව පසුකල යුගයන්හිදී පෙනුන ආකාරයට නම්, මෙය වනාහී තම දේශපාලන විශ්වාසයන්ට එකඟවෙන අයුරින් එක එක තාලයට ගායනාකල ගීතයක් බවයි. එයට ප්‍රධාන හේතුව විය හැක්කේද මෙහි තේරුම ගැන ඇති අල්ප අවබෝධයමය. වර්තමාන වසංගතය නිසා ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයත්, දුරබැහැර තිබෙන ආහාරයකට වුවද ළඟාවීමේ ඇති අපහසුවත් නිසා මේ දිනවල නම් බොහෝ දෙනා කතා කරන්නේ හැකි දෙයක් අප අවටින්ම වගාකරගෙන ලබනා සුරක්ෂිතතාවයක් පිලිබඳව වුවත්, වගාබිම් ඩෝසර් කර ගොඩනැගිලි තනා කොන්ක්‍රීට් වනාන්තර තුල වෙසෙමින්, ලෝකයේ ලාභයට තිබෙන තැනකින් ගෙන්වාගෙන කෑමේ පුරුද්ද, ආහාර සුරක්ෂිතතාවයක් ලෙස සැලකූ යුගයන්ද අප පසුකර පැමිණ ඇති බව අමතක නොකළ යුතුය. ජාත්‍යන්තර පිළිගැනීමට අනුව නම් මේ පද යුගලය තුල මීට වඩා ගැඹුරු අර්ථයක් අන්තර්ගතවේ.

    ඒ අනුව ආහාර සුරක්ෂිතතාවය යනු හදිස්සියට ආහාර ලබාගන්නා නොවන ස්ථානයකින්, ජනතාවගේ සංස්කෘතියට ගැලපෙන පෝෂණීය ආහාරයක්, අඛණ්ඩවම, ප්‍රාද්ශීයව ලබාගැනීමේ හැකියාවයි.

    එය එසේ නම් මෙතෙක් ආහාර සුරක්‍ෂිතතාවය යනුවෙන් අප ඇදහූ ධර්මය වැරදිය. රජයක් වශයෙන් හදිස්සියකට හාල් නැවක් ගෙන්වා ජනතාවගේ බඩ පිරවීමත්, අතේ මිටේ තිබෙන හැටියට හැන්දෑවට ගෙදර එන ගමන් ජංගම වෑන් එකෙන් හිතේ හැටියට රෑ කෑම වේල ඔතාගෙන ඒම හෝ ගෙදර ඇවිත් ඔන්ලයින් ක්‍රමයට හෝම් ඩිලිවරි ඕඩර් කිරීමත්, ඇතැමුන්ට ආහාර සුරක්ෂිතතාවයක් ලෙස පෙනුනත්, ඒ සියල්ල වැරදිය. ප්‍රාදේශීයව ලබාගැනීමේ හැකියාව මේ හා ගැටගැසී ඇති නිසා, නගරවාසීන් වෙනුවෙන් වූ සුරක්ෂිතතාවයක් ගැන කතා කරද්දී  නාගරික ගොවිතැනට ඉහල ස්ථානයක් හිමිවේ.

    ඉතා විශේෂිත පරිසර තත්වයන් අවශ්‍යවෙන සීමිත උඩරට බෝග කීපයක් හැරුණුවිට අප සුලභව කෑමට ගන්නා එළවලු වර්ග බොහොමයක්ම ලංකාවේ සියලු පලාත්වල වැවිය හැකිවේ. එයට නගරයද ගමද කියා භේදයක් නැත. අතේ දුරින් වගාකිරීම හරහා අඩුකරගත යුත්තේ ‘ආහාර සැතපුම්’ ගණනයි. මින් හැඳින්වෙන්නේ ගොවිපොළේ සිට බත්පත දක්වා පැමිණීමේදී, ව්‍යාංජන සෑදීමට එකතුවෙන බෝග අස්වැන්න ගෙවා දමනා දුර ප්‍රමාණය වේ. ගමනේ දුර නොහොත් ‘ආහාර සැතපුම්’ ගණන වැඩිවෙන නිසාම සමස්ත එළවලු අස්වැන්නෙන් 40% ක් දක්වා ප්‍රමාණයක්, ගොවිපොලත් පාරිභෝගිකයාත් අතර මැදදී විනාශවී යන බව මේ වනවිට සැවොම දන්නා කතාවකි.

    වෙළඳපොළෙහි ඇති දෑ නැවුම් නොවීම හේතුවෙන්, මිලදී ගත් පසුව වුවද පිසීමට පෙර ඉවත දැමීමට සිදුවේ. මෙයද එකතු කළහොත් අපතේ යන සීමාව තවත් ඉහලය.  ගෝලීයකරණය හරහා මෙම දුර බෙහෙවින් වැඩිවී තිබේ. ගෝලීයකරණ සංකල්ප කරපින්නාගත් අයවලුන් විසින් දුර වැඩිවීම හරහා බෝගයෙන් ඉවත්වෙන නැවුම්බව, පෝෂණගුණය වැනි ගුණාංග වෙනුවෙන්, හිලව්වට ආරුඪ කරගෙන ඇත්තේ කල් තබාගත හැකි ලෙස ඇසිරීම, කෘතිම ද්‍රව්‍යයන් යොදා සැකසීම හා බඳුන්ගත කිරීම, ශීතකිරීම වැනි ක්‍රමෝපායයන්ය.

    ගොවියා විසින්  ගමේ කඩේ එළවලු බක්කියට ගෙනැවිත් දමනා තම කොරටුවේ අස්වැන්න දෙස නොබලනා, සුපිරි වෙළඳසැල් සංස්කෘතියට වහ වැටුණු අර්ධ නාගරික වැසියා පවා, එහිගොස් මහත් ආඩම්බරයෙන් මිලදී ගන්නේ, උහුලන්නේ නැති තරමේ ‘ආහාර සැතපුම්’ ගණනක් ගෙවාදැමූ, ලේබලයට පමණක් නැවුම් වූ  මෙවැනි ආහාරයි. නැතහොත් සැකසූ ආහාරයි. දියවැඩියාව, ස්ථුලභාවය, අධි රුධිර පීඩනය වැනි සෞඛ්‍යය අසමානතා රැසකට තම කල්ක්‍රියාවන් හේතුවෙන බව මෙපිරිස කල්පනා කරන්නේ නැත.

    ‘ආහාර සැතපුම්’

    කියුබාවේ නාගරික කෘෂිකර්මාන්තය අද ජනප්‍රිය ප්‍රවණතාවකි

    ගොවියා විසින්  ගමේ කඩේ එළවලු බක්කියට ගෙනැවිත් දමනා තම කොරටුවේ අස්වැන්න දෙස නොබලනා, සුපිරි වෙළඳසැල් සංස්කෘතියට වහ වැටුණු අර්ධ නාගරික වැසියා පවා, එහිගොස් මහත් ආඩම්බරයෙන් මිලදී ගන්නේ, උහුලන්නේ නැති තරමේ ‘ආහාර සැතපුම්’ ගණනක් ගෙවාදැමූ, ලේබලයට පමණක් නැවුම් වූ  මෙවැනි ආහාරයි. නැතහොත් සැකසූ ආහාරයි. දියවැඩියාව, ස්ථුලභාවය, අධි රුධිර පීඩනය වැනි සෞඛ්‍යය අසමානතා රැසකට තම කල්ක්‍රියාවන් හේතුවෙන බව මෙපිරිස කල්පනා කරන්නේ නැත.

    ප්‍රවාහනය හමුවේ බෝග අස්වැන්නේ තත්වය එලෙස බාල වෙත්දී පරිසරයට සිදුවන හානියද නොසලකා හැරිය හැකි නොවේ. පිට පළාත්වලින් නගරයට රැගෙන එන ආහාර සඳහා හතර ගුණයක සිට පහළොස් ගුණයක් දක්වා වූ ඉන්ධන වැයවීමක් සිදුවෙන බව ගණන් බලා ඇති අතර, පරිසරයට සිදුවන කාබන්ඩයොක්සයිඩ් වායු මුක්තවීම 17 ගුණයක් දක්වා වුවත් වැඩිවිය හැකි බව පෙන්වාදී තිබේ. නගරාශ්‍රිතව වගා පිහිටුවීම නිසා වාතය දූෂනයවීමේ ගැටලුවෙන් මිදෙනවා පමණක් නොව, තිබෙන වාතය පිරිසිදු කර ගැනීමටද ඒ හරහා මග සැලසේ. ආහාර නිපදවීමේ ක්‍රියාවලිය සඳහා ශාක මගින් කාබන්ඩයොක්සයිඩ් උරා ගන්නා අතර, කාබන් අංශූන්ද ගහකොළ අතර රැඳේ. වර්ග මීටරයක තණකොළ වැස්මක් වහලයක් මත තිබේ නම්, වාර්ෂිකව මෝටර් රථයකින් වාතයට මුක්ත කෙරෙන අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණය, ඒ මගින් රඳවා ගන්නා බව පෙන්වා දී තිබේ.

    වායුගෝලයට කෙරෙන සාත්තුව එසේ වෙත්දී, නාගරික හිස් ඉඩම්වල වගාවක් පිහිටුවීමේ ක්‍රියාන්විතය බලගැන්වීමට දියුණු රටවල් කටයුතු කරන්නේ පස පිරිසිදුකිරීමේ ක්‍රමෝපායක්ද අරමුණු කරගෙනය. මෙය ගොවිතැනක් වෙනුවෙන් භූමිය සැකසීමේ ආරම්භක පියවරක් සේද සැලකිය හැකිවේ. ඇතැම් නාගරික හිස් ඉඩම් අපද්‍රව්‍ය බැහැරකිරීමේ ස්ථාන ලෙස අවිධිමත්ව භාවිතා කරනු ලබයි.

    නගරයේ ජනගහනය අඩු අගයක පැවති යුගයකදී අනවධානයෙන් කෙරුණු මෙම කර්තවයේ බැරෑරුම්කම පෙනෙන්නේ භූමියේ අවශ්‍යතාවය තදින් දැනෙන වර්තමානයේදීය. විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ පස පිරිසදු කිරීමට උත්සාහ දැරීමේදී, පසේ සාන්ද්‍රවී ඇති අහිතකර ද්‍රව්‍යයන් පරිසරයට කාන්දුවී, වාතයට හා ජලයට මුසුවීමෙන් ඇතිකරන පරිසර තර්ජනය සුළුපටු නොවේ.

    මෙවැනි පසක වවන ශාක මගින් පස සේදීයාම වලකා පස් අංශු බැඳ තබා ගන්නා බැවින් අවට පරිසරයට යම්කිසි ආරක්ෂාවක් සැලසෙන්නේය. මීට අමතරව බැරලෝහ වැනි දෑ වැඩිපුර උරාගන්නා ආහාර බෝග නොවන ශාක වර්ග වැවීමෙන්, පසෙහි ඇති විෂ සංඝටක ශාක දේහය තුල සංචිත කරවීම හරහාද පරිසරය ආරක්ෂා කිරීමට නාගරික බලධාරීන් කටයුතු කරමින් සිටී. මෙවැනි ක්‍රමවේදයන් ඉතා ලාභාදායකය. පරිසර මිත්‍රශීලීය. පස් ටොන් එකක් පිරිසිදු කරනට යන වියදම රුපියල් 1500 ක් වැනි පහත් අගයක් වුවද විය හැකිය.

    නගරයේ ජනගහනය අඩු අගයක පැවති යුගයකදී අනවධානයෙන් කෙරුණු මෙම කර්තවයේ බැරෑරුම්කම පෙනෙන්නේ භූමියේ අවශ්‍යතාවය තදින් දැනෙන වර්තමානයේදීය. විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ පස පිරිසදු කිරීමට උත්සාහ දැරීමේදී, පසේ සාන්ද්‍රවී ඇති අහිතකර ද්‍රව්‍යයන් පරිසරයට කාන්දුවී, වාතයට හා ජලයට මුසුවීමෙන් ඇතිකරන පරිසර තර්ජනය සුළුපටු නොවේ

    ගමේ ගොවියාට සිදුවෙන සමාජ සාධාරණත්වයක් ගැන

    නිසි මිලක් නොමැතිවීම නිසා තම මාළු මිරිස් ඇස්වැන්න විනාශ කර දමන කල්පිටියේ ගොවියෙක් – ඡායාරූපය ලංකාදීප ඇසුරිණි.

    නාගරික ගොවිතැනේ හැඩරුව මෙලෙස ඔපමට්ටම් කෙරෙන අතරතුරදී මට හමුවුයේ මේ ගැන වෙනත් මානයක් ඔස්සේ අදහස් දැක්වූ කෘෂි විද්වතෙකි. හෙතෙම හිරු නොබසින අධිරාජ්‍යයයෙන් පමණක් නොව කිසිදා හිරු නොපායන දරිද්‍ර රාජ්‍යයන් තුලින්ද ඇති පදමට අත්දැකීම් ලැබූවෙකි. රජයේ කෘෂි අංශයේ ලොකු පුටුවකද කලක් අසුන්ගෙන සිටි ඔහු දේශීය ගොවියාට ලැබිය යුතු සමාජයීය පිළිගැනීම වෙනුවෙන් කලක පටන් කතාකරනවාද මා හට මතක තිබේ. නාගරික ගොවිතැන මේ ශක්තිමත්ව මේ මොහොතේ කලඑළි බැසීම හරහා ගමේ ගොවියාට සිදුවෙන සමාජ සාධාරණත්වයක් ගැන අදහස් දක්වීමට ඔහු පසුබට වූයේ නැත. විදෙස් රටවලට කෙසේ වෙතත් මෙය අපේ රටට නම් තදින් බලපාන කරුණකි.

    “නාගරික ගොවිතැන කලකට එනවා, ආයිත් යනවා. ටවුමේ මිනිස්සු ඇට හා පැල හොයාගෙන අතට අහුවෙන හැම තැනකම හිටවනවා. හොඳ ප්‍රවනතාවයක්. මේ හැම පැලයක්ම සාර්ථක වෙන්නේ නෑ. වැඩේට අතගහන නාගරිකයෝ තේරුම් ගනීවී ඇටයක්‌ පසතුල යටකරපු මොහොතේ සිට අස්වැන්නක් ගන්න තෙක් එය රැකබලාගැනීමේ අමාරුව. ගහකොළ ඉබේම පසෙන් උඩට ඇවිත්, මල් පිපිලා, ගෙඩි හැදිලා අපිට සලකන්නේ නැති බව සමාජයට තේරුම් යාවි. ගොවිතැන කොච්චර අමාරුද කියල අවබෝධ වේවි. ඔය ටික කරන්න මහපොලොව එක්ක ඔට්ටුවෙන ගොවියයි, ඒ අයට උපදෙස් දීල නිසිමග ගෙනියන කෘෂි විද්වතුනුයි කරන සටන මොනතරම් බරපතලද කියලා, මේ මොහොතේ ගොවිතැනට අතගහන නාගරිකයෝ තේරුම් ගනීවි. ඒ හරහා තමාට ආහාර වේල සපයන ගොවියා කෙරෙහි අදට වඩා සමාජ පිළිගැනීමක් බිහිවෙනවානම්, ගොවියා වනාහී වන්දනීය පුද්ගලයෙක් බව සමාජය තේරුම් ගන්නවානම්, එය නාගරික ගොවිතැන හරහා ලබන විශාල ජයග්‍රහණයක්”

    ආහාර සුරක්ෂිතතාවය, ස්වයංපෝෂණය, ඉහල අස්වැන්න දෙන බෝග මාදිලි යනාදිය ගැන අප කෙතරම් ලිපි ලියා ඇත්ද? එහෙත් ඔහුගේ චෝදනාව වන්නේ ගොවියාගේ අනන්‍යතාවය හා අභිමානය වෙනුවෙන් නිසි ආමන්ත්‍රණයක් සමාජය තුලින් සිදුවී නැති බවයි. ඒ අතරිනුත් වී ගොවියාගේ තත්වය වඩාත් බරපතලය.

    ලංකාවේ වගාබිම් අතරින් අමාරුම තැන වන්නේ කුඹුරයි. නියර කපන දා සිට ගොයම් කපනා තෙක් මඩ තැවරුමෙන් අඩුවක් නැත. අස්වැන්න සකසා වී මල්ල ගෙට ගන්නා තෙක් දුහුවිල්ලද උවමනාවටත් වැඩියෙන්ය. රටට බත සපයනා එවන් උත්තම පුරුෂයෙක් ඇතැම්විට සිත සනහා ගන්නේ, වෙළෙන්දාගේ ගසාකෑම හෝ පොලී මුදලාලිගේ ගෝරනාඩුව ඉවසාගත නොහැකිව වස කුප්පියක් කටේ හලා ගැනීමෙන් නම්, අප ලබනා ආහාර සුරක්ෂිතතාවයේ අරුත කුමක්දැයි විමසීමටද, මේ මොහොතේ ගොවිතැනේ අමාරුව තේරුම්ගන්නා නාගරිකයා සිතට ගත යුතුය. සෙයිලමේ ගොවිතැන හරහා ලෝකයම නොලබන, අප පමණක් ලබනා අතිරේක ප්‍රතිලාභයක් වන්නේද එයයි.

  • විවාහ මංගල්‍ය සැපයුම්කරුවන්ගේ ගැටලු රැසකට පිළියම්

    විවාහ මංගල්‍ය සැපයුම්කරුවන්ගේ ගැටලු රැසකට පිළියම්

    ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය NEDA යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ව්‍යවසායකයන් ලෙස නිසි පිළිගැනීමක් ලබා දෙමින් එම වෘත්තීමය ක්ෂේත‍්‍රයේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන තිබේ.

    අද (15) අමාත්‍යාංශයේ දී විවාහ මංගල්‍ය සැපයුම්කරුවන්ගේ සංගමය සමග පැවති සාකච්ඡුාවකින් අනතුරුව අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබේ.

    දිවයින පුරා විසිරී සිටින මල් සැකසුම්කරුවන්, මංගල කාඞ්පත් සකසන්නන්, මනමාලියන් හැඩගන්වන්නන්, මංගල ඡායාරූප ශිල්පීන් ඇතුළු විවිධ අංග ගණනාවක ශිල්පීන්ගේ එකතුවෙන් මෙම විවාහ මංගල්‍ය සැපයුම්කරුවන්ගේ සංගමය බිහිව ඇති බවත් එයට මෙවැනි පිළිගැනීමක් ලබාදී රාජ්‍යයාන්ත‍්‍රණය සමග සම්බන්ධ කරවීම ඉමහත් ලෙස අගය කරන බවත් එම සංගමයේ සභාපති යොවුන්මා බණ්ඩාර මහතා පැවසී ය.

    ඉහත ශිල්පීන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කොට ඔවුන්ට තම ව්‍යවසායන් සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස්, තාක්ෂණික සහාය, ව්‍යාපාරික අවස්ථාවන් හා ණය සහන පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයාගෙන් තමාට උපදෙස් ලැබුණු බවත් ඒ කටයුතු ලබන සතිය තුළ ආරම්භ කරන බවත් එම අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා සඳහන් කළේය.

    මෙම සාකච්ඡුාව සඳහා විවාහ මංගල්ය සැපයුම්කරුවන්ගේ සංගමයේ ලේකම් නිෂී හඳුන්නෙත්ති මහත්මිය ඇතුළු එහි විධායක සභිකයෝ පිරිසක් ද එක්ව සිටියහ.

  • ක්ලියෝපැට්රා රැජිනගේ ‘රූපලාවන්‍ය රහස්’ දැන් ඔබට භාවිතා කළ හැකියි !

    ක්ලියෝපැට්රා රැජිනගේ ‘රූපලාවන්‍ය රහස්’ දැන් ඔබට භාවිතා කළ හැකියි !

    ක්ලියෝපැට්රා රැජිණ ගැන ඔබ අසා ඇති. ඇය සුන්දර මෙන්ම දරුණු පාලිකාවකි. ඇය මේ දක්වා ලෝකයට බිහි වූ රැජිනියන් අතරින් වඩාත්ම සුන්දර වූවාය. රාජකීයයකුට ගැලපෙන ඇගේ රූපලාවණ්‍ය චාරිත්‍ර, ඇගේ සම නිර්මල බව සහ ඇගේ කොණ්ඩය පරිපූර්ණ බව සහතික කළේය. ඇය සත්ත්ව ආහාර වලින් තොර වුවද ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරන අසංඛ්‍යාත චාරිත්‍ර වාරිත්‍රවල යෙදුණාය.  අපි ඇගේ රූපලාවණ්‍ය රහස් කිහිපයක් සොයා ගනිමු.

    ක්ලියෝපැට්රා

    කිරි ස්නානය

    ක්ලියෝපැට්රා රැජිණ ස්නානය කිරීමේදී රූපලාවණ්‍ය චාරිත්‍රයක් ලෙස කිරි ස්නානය කළාය. මෙම චාරිත්‍රය සඳහා බූරු කිරි භාවිතා කරන ලද අතර අමතර ප්‍රතිලාභ සඳහා කහ එකතු කරන ලදී. කිරිවල ඇති ලැක්ටික් අම්ලය සමට ප්‍රයෝජනවත් වන අතර සම ලප කැලැල්වලින් තොරව, සුපිරි මෘදු හා දීප්තිමත් ලෙස තබා ගැනීමට උපකාරී වේ.

    ක්ලියෝපැට්රා වැනි සුඛෝපභෝගී ස්නානය කිරීමේ අත්දැකීමක් ලබා ගැනීම සඳහා, ඔබේ නාන ජලයට එළු කිරි ගැලුමක් එකතු කළ හැකිය. ලැවෙන්ඩර් හෝ ගෙරානියම් වැනි මල්වල තෙල් බින්දු කිහිපයක් එකතු කර ඔබේ සංවේදීතාවන් තව දුරටත් ශක්තිමත් කර ඔබේ සම සහ හිසකෙස්වලට තව දුරටත් නීරෝගී කර ගන්න.

    ක්ලියෝපැට්රා

    මළ මුහුදේ ලුණු

    රැජිනට මළ මුහුදෙන් ලුණු ලබා ගැනීමටත් ගුහාවල ලුණු කැණීමටත් හැකියාව තිබුණාය. මළ මුහුදේ ඇති ඛනිජවලින් පොහොසත් ලුණු ඇගේ රූපලාවණ්‍ය වාරිත්‍ර සඳහා පුළුල් ලෙස භාවිතා කරන ලදි.

    එමගින් තම සමට දීප්තියක් එක් කරන බවත්, මිය ගිය සමේ සෛල ඉවත් කිරීමෙන් හා කැළැල් ඇතිවීම වළක්වා ගැනීමෙන් සම මනරම් ලෙස තබා ගැනීමට උපකාරී වන බවත් ඇය විශ්වාස කළාය. ඇය ඇගේ සම පැහැපත් කර ගැනීම සඳහා ලවණ භාවිතා කරන අතර එය ඇගේ රාජකීය ස්නානයෙහි කොටසක් බවට පත් කර ගත්තාය.

    ක්ලියෝපැට්රා

    හොඳ තත්ත්වයේ සිහින් ලුණු සමඟ ඔබට මෙම චාරිත්‍රය අත්හදා බැලිය හැකිය. හුදෙක් ලුණු මේස හැන්දක් ගෙන, ඔබේ ප්‍රියතම සුවද තෙල් බින්දු තුනක් සහ පොල් තෙල්/ ඔලිව් තෙල් වැනි තෙල් බින්දු පහක් එකතු කර ඔබේ මුහුණ සේදිය හැකිය. අමුද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කිරීමෙන් ඔබට ඔබේ මුළු සිරුරටම මෙම ස්ක්‍රබ් එක පවා සකස් කළ හැකිය.

    රාජකීය ජෙලි

    ක්ලියෝපැට්රා ඇගේ රූපලාවණ්‍ය චාරිත්‍ර වාරිත්‍ර වලදී රාජකීය ජෙලි (Royal jelly) භාවිතා කරමින් ඇගේ සම හිස සිට පාදය දක්වා තෙතමනය (moisturise) කර ගත්තාය. මෙම රාජකීය ජෙලි මී මැස්සන්ගෙන් එකතු කරනු ලැබේ.

    මෙම අමුද්‍රව්‍යය අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ ලවණවලින් සම පෝෂණය කරන අතර සමට තෙතමනය ලබා දෙයි. සමේ නම්‍යතාවය වැඩි දියුණු කරන අතර කොලජන් (collagen) නිෂ්පාදනය ඉහළ නංවන බව ද කියනු ලැබේ. රෝයල් ජෙලි මගින් සෛල පුනර්ජනනය සඳහා ඔබේ සම ඉක්මනින් සුව වන අතර සෞඛ්‍ය සම්පන්නව පවතී.

    cleoatra

    අමුද්‍රව්‍ය සමඟ රාජකීය ජෙලි හෝ ක්‍රීම් ලබා ගත නොහැකි නම්, Beeswax භාවිතා කරන්න. මී පැණිවලට සමාන ගුණ ඇති අතර විශිෂ්ට මොයිස්චරයිසරයක් (excellent moisturise ) ලෙස Beeswax ක්‍රියා කරයි. එය ඔබේ තොල් සහ නියතුඩු ක්ෂණිකව මොයිස්චරයිසින් කිරීමට හෝ diy beauty recipes සඳහා භාවිතා කළ හැකිය.

    Kohl – අදුන්

    කළු රැජින කුරුඳු පොතු හෝ දුම්මලවලින් සාදන ලද සහ ස්වාභාවික තෙල් හෝ සත්ව මේද මගින් සාදා ගත් ‘අදුන්‘ සිය දෑස් මත තවරා ගත්තාය. 

    සින්ක් ඔක්සයිඩ් ද මෙම අදුන්වල අඩංගු වන අතර එය දෑස්වලට හිරු එළියෙන් විශිෂ්ඨ ආරක්ෂාවක් සපයයි. එමෙන්ම එය ඇස් ශක්තිමත් කරන අතර කොන්ජන්ටිවිටිස් (conjunctivitis) වැනි රෝග වලින් එය ආරක්ෂාව ලබා දෙයි. ඒ සියල්ලටම වඩා වැදගත් කරුණක් මෙහි ඇති අතර එම බැල්ම වඩාත් ආකර්ෂණීය පෙනුමක් ඇති කරයි.

    ක්ලියෝපැට්රා

    ඉතින් දැන් ඔබට එම කෝල් පැන්සල (kohl pencil) වෙත ළඟා වීමට හේතුවක් තිබේ. රැජිනක් මෙන් ඔබේ ඇස් ඇඳීමට හා ආරක්ෂා කිරීමට ආයුර්වේද කජල්, සුරමා හෝ කෝල් (ayurvedic kajal, Surma, or kohl) තෝරා ගන්න.

    හෙනා

    ක්ලියෝපැට්රා ඇගේ නියපොතු පෝෂණය කිරීමට හා යථාතත්වයට පත් කිරීමට ‘හෙනා (Henna) භාවිතා කළ අතර එය නිය ආලේපණයක් ලෙස ද ක්‍රියා කළේය. නිය ආලේපන ඊජිප්තු සංස්කෘතීන්ට අයත් වන්නේ මේ නිසා ය. 

    අපි හෙනාවලට අමුත්තන් නොවේ, නමුත් නියපොතු මත ඔබේ Henna යෙදුම සමඟ ඔබට වඩාත් නිර්මාණශීලී විය හැකිය.

    Femina.in ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි 


  • අවුරුදු 100ට වැඩියෙන් කල් ජීවත් වන ජනතාවගේ ‘සෞඛ්‍ය රහස්’ හෙළි වෙයි !

    අවුරුදු 100ට වැඩියෙන් කල් ජීවත් වන ජනතාවගේ ‘සෞඛ්‍ය රහස්’ හෙළි වෙයි !

    දීර්ඝායුෂ භුක්ති විදීමට අපි කවුරුත් කැමතියි. ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමටත් කවුරුත් සූදානම්. ඒත් ඒක කිසිසේත්ම පහසු නැහැ. ඊට බලපාන හේතු රැසක් තිබෙනවා. ඒවා හදුනා ගැනීම පහසුවෙන් කළහැකි දෙයක් නොවෙයි.

    මේ ලෝකයේ දීර්ඝායුෂ භුක්ති විදිමින් සිටින රටවල් 05ක ජීවත් වන සුවිශේෂ ප්‍රජාවන් ගැන සිදුකළ දීර්ඝ විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් වූ ලිපියක්. මුළු ලිපියම කියවා ඇත්ත තත්ත්වය අවබෝධ කර ගැනීමට අප ඔබට ආරාධනා කරනවා.

    කුඩා නගර අතළොස්සක් කැපී පෙනෙන දීර්ඝායුෂ ඇත. ඔබේ ආයුෂ වසර 100 දක්වා වැඩි කළ හැකි ඔවුන්ගේ ජීවන රටාව ගැන කුමක් කිව හැකිද? එකක් නිවර්තන වනාන්තරවලින් වට වූ වෙරළ තීරයක් සහිත ජනප්‍රිය නගරයක්, දෙකක් මධ්‍යධරණී මුහුදේ දූපත් නගර දෙකක්, හතර වැන්න ජපන් දූපත් සමූහයේ කෙළවරේම පිහිටි නගරයක් වන අතර අවසාන අංකය කැලිෆෝනියාවේ කුඩා නගරයක් වන (ලස්සන කන්ද) beautiful hill” වේ.

    බැලූ බැල්මට මෙම ස්ථාන පහ සම්බන්ධ කිරීමට වැඩි යමක් නොපෙනේ.යළිත් මුලින් සදහන් කළ අංක පහ පිළිවෙළට, නිවැරදිව හදුනා ගන්නේ නම්, කොස්ටාරිකාවේ නිකෝයා, ඉතාලියේ සාඩීනියා, ග්‍රීසියේ ඉකරියා, ජපානයේ ඔකිනාවා සහ කැලිෆෝනියාවේ ලෝමා ලින්ඩා වේ. මේ නගර පහ ලෝකයේ විවිධ කොනවල් වල විසිරී ඇති අතර ඊට වඩා වෙනස් පෙනුමක් ලබා ගත නොහැකි විය.

    නමුත් දීර්ඝායුෂ හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට කැමති ඕනෑම කෙනෙකුට මෙම නගර උපත ලැබීමට හොඳම ස්ථාන පහ විය හැකිය. මේවා ‘නිල් කලාප Blue Zones‘ වන අතර, අවුරුදු 100ක් වයසැති මිනිසුන්ගේ සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදයේ සාමාන්‍යයට වඩා දස ගුණයකින් වැඩිය.

    ‘නිල් කලාපය‘ යන වචනය මුලින්ම හදුන්වා දුන්නේ සාඩීනියාවේ මරණ අනුපාතය පිළිබඳව විමර්ශනය කරමින් සිටි ඉතාලි ජාතික වසංගත රෝග විද්‍යාඥ ගියනි පෙස් සහ බෙල්ජියම් ජන විකාශනඥ මයිකල් පූලේන් (Italian epidemiologist Gianni Pes and the Belgian demographer Michel Poulain) විසිනි. 

    ලොව පුරා නිල් කලාපවල ශතවර්ෂයන් භුක්ති විඳින දීර් life ායුෂ සඳහා දිනපතා ව්‍යායාම බහුල වීම එක් යතුරක් විය හැකිය (ක්‍රෙඩිට් ඇලමි)

    ඔවුන් දෙදෙනා 2000 දශකයේ මුල් භාගයේදී නිල් පැහැයෙන් ඉහළ ආයුෂ සහිත ප්‍රදේශ සලකුණු කරමින්, දිවයිනේ නියුරෝ පළාතේ, විශේෂයෙන් ඉහළ ආයු අපේක්ෂාවන්ගෙන් යුත් පොකුරක් සොයා ගත්හ. ඇමරිකානු මාධ්‍යවේදියෙකු වන ඩෑන් බියුට්නර් සමඟ වැඩ කරමින් ඔවුන් එතැන් සිට ලොව පුරා කලාප කිහිපයක් හඳුනාගෙන ඇත.

    ලොව පුරා නිල් කලාපවල ශත වර්ෂය ඉක්මසා දීර්ඝායුෂ භුක්ති විදින බොහෝ දෙනෙක් ව්‍යයායාමවල නිරත වන දැකිය හැකිය.

    ඊළඟ වසර 12 තුළ බොහෝ විද්‍යාඥයින් නිල් කලාප පිළිබඳ සිය පර්යේෂණ දිගටම කරගෙන ගොස් ඇති අතර, මෙම කලාපවල දීර්ඝායුෂ පැහැදිලි කළ හැකි දේ පිළිබඳ කුතුහලය දනවන උපකල්පන රාශියක් ඉදිරිපත් කර ඇත.

    ආයු කාල ලොතරැයිය The lifespan lottery

    අපි මුලින්ම පොදු රටා ගවේෂණය කරමු. බියුට්නර් සිය මුල් පොතේ ගවේෂණය කළ පරිදි, නිල් කලාප හරහා මිනිසුන්ගේ ජීවන රටාවන් යම් යම් ලක්ෂණ හදුනා ගනී.

    පළමුවැන්න ආහාර වේ. විශේෂයෙන් අතීතයේ දී, නිල් කලාපයේ බොහෝ අය මධ්‍යස්ථ ආහාර ගැනීමට නැඹුරු වූහ. නිදසුනක් වශයෙන් ඔකිනාවාහි වැඩිහිටි පුද්ගලයින් “හරා හචි බු” (Hara hachi bu) හි පුරාණ නීතිය අනුගමනය කරයි. එනම් 80% ක් කුස පුරවන තුරු ආහාර ගැනීමයි. (විද්‍යාත්මක අධ්‍යයනයන්ට අනුව එය සාමාන්‍ය වැඩිහිටියෙකුගේ වර්තමාන නිර්දේශයන්ට වඩා කැලරි 10%කින් පමණ අඩු කරයි)  මෙය වයසට යාම මන්දගාමී කරන බව පෙනේ.

    විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ පරිවෘත්තීය හා වයස්ගතවීම පිළිබඳ පර්යේෂණ කරන රොසලින් ඇන්ඩර්සන් විසින් කරන ලද දිගුකාලීන සත්ව අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ සමාන “කැලරි සීමා සහිත” ආහාර අනුගමනය කරන පුද්ගලයින්ට පිළිකා, දියවැඩියාව සහ හෘද රෝග වැනි වයස්ගත රෝග සඳහා සැලකිය යුතු ලෙස අඩු අවදානමක් ඇති බවයි. ඔවුන් තුළ තරුණ පෙනුමක් පවා ඇත. ඔවුන්ගේ කෙස් සුදු වීමට (අළු පැහැ වීමට) ද සැලකිය යුතු කාලයක් ගත විය.

    කැලරි සීමා කිරීම සාමාන්‍යයෙන් අපගේ පරිවෘත්තීය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වන අපගේ සෛල වලට හානි කළ හැකි විෂ සහිත නිදහස් රැඩිකලුන් (Toxic free radicals) සෑදීම අඩු කරන බවක් පෙනෙන්නට තිබුණද, මෙම බලපෑම් පිටුපස ඇති සම්පූර්ණ යාන්ත්‍රණයන් අපට තවමත් වැටහෙන්නේ නැත. සමහර විද්‍යාඥයින් තර්ක කර ඇත්තේ ශරීරය අඩු කැලරි පරිභෝජනය ඉතා මෘදු ආතතියක් (Very mild stress) ලෙස අත්විඳින බවයි. එමඟින් සෛල නඩත්තු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා එහි සංඥ මාරු කරයි (නව පටක සෑදීමට වඩා).

    මැසචුසෙට්ස් හි බොස්ටන්හි හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාන විද්‍යාඥ දිඩාහාලි ගෝවින්දරාජු Diddahally Govindaraju පවසන පරිදි මෙය අපගේ ඩී.එන්.ඒ. තුළ හානිකර විකෘති ඇතිවීමේ අවදානම  අඩු කරන අතර එය පිළිකා වැනි රෝග වලට හේතු විය හැකිය. 

    “කැලරි සීමා කිරීම ඩීඑන්ඒ හානිය අවම කිරීමට සහ ඩීඑන්ඒ අළුත්වැඩියාව වැඩි දියුණු කිරීමට හේතු වන බව පෙනේ. ජානමය අඛණ්ඩතාව ශතවර්ෂයක් ජීවත් වීම අතර අංගයක් ලෙස පෙනේ. එමෙන්ම නිල් කලාපවල ආහාර බොහෝ දුරට ශාක පදනම් කරගත් ඒවා වන අතර ඒවා යහපත්වැ ආකාරයෙන් හෘද සෞඛ්‍යයකට දායක වේ‘‘ගෝවින්දරාජු පවසයි.

    එක් විශ්ලේෂණයක දී, ඌටා හි ප්‍රොවෝ හි බ්‍රිජ්හැම් යන්ග් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥයෙකු වන ජූලියන් හෝල්ට්-ලන්ස්ටාඩ් (Julianne Holt-Lunstad, a psychologist at Brigham Young University, in Provo, Utah) සොයා සොයා ගත්තේ අපගේ සම්බන්ධතාවල ගුණාත්මකභාවය අපගේ සෞඛ්‍යයට ව්‍යායාම හෝ ආහාර වේලට වඩා වැදගත් බවයි.

    අධ්‍යාත්මික සම්බන්ධතාවය

    ඔවුන්ගේ ආහාර පුරුදු වලට අමතරව, මෙම අවුරුදු සියයක් ආයුෂ භුක්ති විඳින සමාජ ජීවිත සමාන වැදගත්කමක් දරයි. නිල් කලාපයේ ජනතාව ඉහළ ඒකාග්‍රිත ප්‍රජාවන්හි ජීවත් වීමට නැඹුරු වෙති. සමාජ සම්බන්ධතාවය පිළිබඳ හැඟීම ආතතියේ බලපෑම් අවම කිරීමට උපකාරී වන බව දැන් පිළිගෙන ඇති අතර, එම මිත්‍රත්වයන් පවත්වාගෙන යාමේ වගකීම සමස්ත මානසික හා ශාරීරික ක්‍රියාකාරකම් සඳහා දිරි ගන්වයි. 

    එක් විශ්ලේෂණයක දී, ඌටා හි ප්‍රොවෝ හි බ්‍රිජ්හැම් යන්ග් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥයෙකු වන ජූලියන් හෝල්ට්-ලන්ස්ටාඩ් (Julianne Holt-Lunstad, a psychologist at Brigham Young University, in Provo, Utah) සොයා සොයා ගත්තේ අපගේ සම්බන්ධතාවල ගුණාත්මකභාවය අපගේ සෞඛ්‍යයට ව්‍යායාම හෝ ආහාර වේලට වඩා වැදගත් බවයි.

    ආගම නිල් කලාපයේ සමාජ සම්බන්ධතාවයේ එක් වැදගත් ප්‍රභවයක් ඉදිරිපත් කරයි. ලෝමා ලින්ඩා Loma Linda හි ජනයා බොහෝ දුරට ‘සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්වාදීන් Seventh-Day Adventists‘ වන අතර, නිකොයියානුවන් සහ සාඩීනියානුවන් කතෝලිකයන් වේ. ඉකරියානුවන් ග්‍රීක ඕතඩොක්ස් ජාතිකයන් වන අතර ඔකිනාවාහි ප්‍රදේශවාසීන් රුයුකුවාන්   ආගම (Ryukyuan religion) අනුගමනය කරති. 

    සමාජ අන්තර්ක්‍රියා සහ අධ්‍යාත්මිකභාවය යන දෙකම අවුරුදු 100 ක් වයසැති ළමයින් අතර ඔකිනාවා වැනි ස්ථානවල පොදු බව සොයා ගන්නා ලදී (ණය: ඇලමි)

    American Journal of Lifestyle Medicine සදහා ලිපියක්  ලියමින් බියුට්නර් තමා සම්මුඛ සාකච්ඡා කළ නිල් කලාපවල සිය වසකට වඩා වැඩි කාලයක් ජීවත් වන පුද්ගලයින් 263 දෙනාගෙන් 5 දෙනකු හැර අන් සියල්ලන්ම යම් ආකාරයක අධ්‍යාත්මික ප්‍රජාවක කොටසක් වූයේ කෙසේදැයි විස්තර කළේය.

    සමාජ අන්තර්ක්‍රියා සහ අධ්‍යාත්මිකභාවය යන දෙකම අවුරුදු 100 ක් වයසැති පුද්ගලයින් අතර ඔකිනාවා වැනි ස්ථානවල පොදු බව සොයා ගන්නා ලදී

    අමතරව සමාජ සම්බන්ධතා  සැපයීමට ඔවුන්ට හැකිය. ආගමික පිළිවෙත් ද එකට කල්පනා කරන කලබලයෙන් තොර ජීවිත අරමුණ පිළිබඳ හැඟීමක් ඔවුන් තුළ ඇත. ඇදහිලිවන්තයින්ගේ ආයු අපේක්ෂාව 20%කින් ඉහළ යන බව විශ්වාස කෙරේ.

    අදේවවාදීන්ට එය නරක ආරංචියකි, නමුත් ඇදහිල්ල නැති අයට එකම ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි වෙනත් ක්‍රම තිබිය හැකිය. 

    සමහර නගරවල දැනටමත් ලෞකික එක්රැස්වීම් ඇති අතර, ඒ හා සමාන අදහස් ඇති පුද්ගලයින්ගෙන් මෙනෙහි කිරීම, භාවනා කිරීම සහ සමාජ සහයෝගය ලබා දීම සඳහා කාලය ලබා දීම සිදුවේ. මීට අමතරව න්‍යායිකව, දිව්‍යමය මැදිහත්වීමකින් තොරව එකම ජීවිත වැඩි දියුණු කිරීමේ බලපෑම් ඇති කළ යුතුය. මෙම ස්වභාවික බිය අප අත්දැකීම් ද සමාන ප්‍රතිලාභ තිබිය හැකිය.

    උණුසුම් තේ – කෝපි කෝප්ප කිඑිපයක් පානය කිරීමෙන් හෘද රෝග – අඝාතය වැනි ගැටලු අවම කරගත හැකි බවට වෙනත් තැනකින් කරන ලද අධ්‍යයනයන් සමඟ මෙම සොයා ගැනීම ගැලපෙන බව පෙනේ. මෙයට හේතුව තේ සහ කෝපිවල ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන මැග්නීසියම්, පොටෑසියම්, නියාසින් සහ විටමින් ඊ වැනි ක්ෂුද්‍ර පෝෂක බොහෝමයක් අඩංගු වීමයි.

    බීර සඳහා කාලය?

    නිල් කලාප අතර ඇති මෙම පුළුල් සමානකම් වලින් ඔබ්බට, ඔවුන්ගේ සුවිශේෂී දීර්ඝායුෂ පිළිබඳ රහස් ද අපට හෙළි කළ හැකිය.

    නිදසුනක් වශයෙන්, ආහාරයේ නිශ්චිත අංගයන් දෙස බලන විට, ග්‍රීක දූපතක් වන ඉකරියා හි ජනතාව දිනකට තේ සහ කෝපි කෝප්ප කිහිපයක් පානය කරන බව දන්නා අතර මෙය දීර්ඝායුෂ සමග සම්බන්ධ වී ඇති බව පෙනේ. මෙම කලාපයේ හදවත් රෝග අවම වීම හා තේ – කෝපි පානය අතර සම්බන්ධයක් ඇතැයි විශ්වාස කෙරේ.

    උණුසුම් තේ – කෝපි කෝප්ප කිහිපයක් පානය කිරීමෙන් හෘද රෝග – අඝාතය වැනි ගැටලු අවම කරගත හැකි බවට වෙනත් තැනකින් කරන ලද අධ්‍යයනයන් සමඟ මෙම සොයා ගැනීම ගැලපෙන බව පෙනේ. මෙයට හේතුව තේ සහ කෝපිවල ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන මැග්නීසියම්, පොටෑසියම්, නියාසින් සහ විටමින් ඊ වැනි ක්ෂුද්‍ර පෝෂක බොහෝමයක් අඩංගු වීමයි.

    තේ සහ කෝපි දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානම සමග ද සම්බන්ධ වේ. විවිධ මාර්ග ඔස්සේ, ක්ලෝරොජනික් අම්ල වැනි ප්‍රති-ගිනි අවුලුවන සහ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති සංයෝග අපගේ රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කරන බව පෙනේ. ඒ අපගේ සෛලවල ශක්තිය ඉහළ යාම නියාමනය කිරීමෙන් කිරීමෙන් සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය වර්ධනය වීම වළක්වා ගැනීමෙනි. ග්‍රීසියේ ඇතන්ස් විශ්ව විද්‍යාලයේ ක්‍රිස්ටිනා ක්‍රිසොහූ (  Christina Chrysohoou at the University of Athens, Greece)පවසන්නේ “එය ග්ලූකෝස් වල ප්‍රයෝජනවත් පරිවෘත්තීය ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරන” බවයි.

    කැෆේන් සහිත බීම නිසැකවම සහතික කළ ප්‍රභවයක් නොවේ. නමුත් මධ්‍යස්ථ, අඩු කැලරි සහිත ආහාර වේලක් සමඟ සංයෝජනය කිරීමෙන් ඒවා දිගු සෞඛ්‍ය සම්පන්න පැවැත්මකට දායක විය හැකිය. 

    ඉකරියා හි ආහාර විශේෂයෙන් මස් අඩු වන අතර නැවුම් පලතුරු හා එළවළු අධිකය. “දූපතක වෙසෙන මිනිසුන් වෙතින් ඔබ බලාපොරොත්තු වන තරම් මාළු ඔවුන් කන්නේවත් නැහැ” කියා ක්‍රිසෝහූ පවසයි.

    ඔකිනාවා හි පදිංචිකරුවන්ගේ සුවිශේෂී දීර්ඝායුෂ එහි වඩාත් සුලභ අමුද්‍රව්‍ය දෙකක් කෙරෙහි වැඩි උනන්දුවක් ජනනය කර ඇත. ඒ බතල සහ කරවිල ( sweet potato and the bitter melon) ආහාරයට ගැනීමට ඇති නැඹුරුවයි.

    කටුක මිහිරි විසඳුම්

    ඒ හා සමානව, ඔකිනාවා හි පදිංචිකරුවන්ගේ සුවිශේෂී දීර්ඝායුෂ එහි වඩාත් සුලභ අමුද්‍රව්‍ය දෙකක් කෙරෙහි වැඩි උනන්දුවක් ජනනය කර ඇත. ඒ බතල සහ කරවිල ( sweet potato and the bitter melon) ආහාරයට ගැනීමට ඇති නැඹුරුවයි.

    ජපානයේ බොහෝ දෙනකුගේ ප්‍රධානතම ආහාරය සහල් වන අතර ඔකිනාව වෙත 1600 ගණන් වලදී ප්‍රථම වරට බතලහඳුන්වා දුන් දින සිට ඔහුන්ගේ ප්‍රධාන ආහාරය බවට බලත පත් විය. එය ඔවුන්ගේ ප්‍රධානතම කාබෝහයිඩ්‍රේට් ප්‍රභවය වේ. 

    සුදු පාන් වැනි ආහාර මෙන් නොව, එහි අඩු ග්ලයිසමික් ​​දර්ශකයක් (Glycaemic index) ඇත. එයින් අදහස් කරන්නේ එහි ශක්තිය සෙමෙන් රුධිරයට මුදා හරින බවයි. විටමින් ඒ, සී සහ ඊ වැනි පෝෂ්‍ය පදාර්ථ ද එහි බහුල වේ.

    ග්‍රීක කෝපි එහි අඩංගු ප්‍රති-ගිනි අවුලුවන සංයෝග නිසා මිනිස් සෞඛ්‍යයට විශේෂයෙන් හොඳ යැයි සිතනු ලැබේ (ණය: ඇලමි)

    බතලවල පොටෑසියම් අන්තර්ගතය රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ. අල වලද තන්තු අධිකය (සෞඛ්‍ය සම්පන්න බඩවැල් තන්තු සඳහා අත්‍යවශ්‍ය වේ). කොලෙස්ටරෝල් හා සංතෘප්ත මේදය අඩු බැවින් මේ සියල්ලම නිදන්ගත රෝග අවදානම අඩු කළ යුතුය.

    ග්‍රීක කෝපි එහි අඩංගු ප්‍රති-ගිනි අවුලුවන anti-inflammatory compounds සංයෝග නිසා මිනිස් සෞඛ්‍යයට විශේෂයෙන් හොඳ යැයි සිතනු ලැබේ

    කරවිල කළු තේ මෙන් රසයක් ඇත. එය විවිධ කෑම වර්ග වල භාවිතා වේ. (සලාද සහ ටෙම්පුරා සිට යුෂ බීම දක්වා) ඉකරියා හි ග්‍රීක කෝපි පානය කළ ආකාරයටම, එහි ග්ලුකෝස් වැඩිවීම හා පරිවෘත්තීය ස්ථායී කළ හැකි සංයෝග අඩංගු වන අතර ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි.

    ඉදිරි වසරවලදී තවත් බොහෝ උදාහරණ තිබිය හැකිය. මුහුදු පැලෑටි, ඇල්හී සහ කෙල්ප් වැනි පෝෂක බහුල මුහුදු ආහාර ඔකිනාවා හි ජනතාව පරිභෝජනය කරයි. නිදසුනක් ලෙස වයස්ගත රෝග වැළැක්වීම සඳහා මුහුදු ආහාරවල හැකියාව කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කරයි.

    සාඩීනියාවේ වෙසෙන සියවස් ජීවිත ගතකරන ජනයාගෙන් බහුතරයක් ගොවිපල කම්කරුවන් වූ අතර, පෙස් සහ පූලයින් අනුමාන කළේ දැඩි බෑවුම් නිසා ඔවුන්ගේ එදිනෙදා ජීවිතවල ශාරීරික ක්‍රියාකාරකම් වැඩි වූ බවයි. ඔවුන් ස්වාභාවික භූ දර්ශනයට හා සාම්ප්‍රදායික ජීවන රටාවට ස්තූතිවන්ත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන් වූ බව ඔවුහු කියති.

    ජීවිතාරක්ෂක භූ දර්ශනයක්

    ඉහත සදහන් කළ කරුණුවලට අමතරව මෙම ජනයා ජීවත්වන ස්ථානයම ඔවුන්ගේ සුවිශේෂී දීර්ඝායුෂ පිළිබඳව යම් හෝඩුවාවක් ලබා ගත හැකිය.

    නිදසුනක් ලෙස, සාඩීනියානු නිල් කලාපය පිහිටා ඇත්තේ දිවයිනේ ඇදහිය නොහැකි තරම් සුන්දර කදුකර ප්‍රදේශ වලය. (බොහෝ විට එය “සෙල්වජියෝ බ්ලූ” (නිල් කැලෑ Selvaggio Blu” (Blue Wild) ලෙස හැඳින්වේ. 

    සාඩීනියාවේ වෙසෙන සියවස් ජීවිත ගතකරන ජනයාගෙන් බහුතරයක් ගොවිපල කම්කරුවන් වූ අතර, පෙස් සහ පූලයින් අනුමාන කළේ දැඩි බෑවුම් නිසා ඔවුන්ගේ එදිනෙදා ජීවිතවල ශාරීරික ක්‍රියාකාරකම් වැඩි වූ බවයි. ඔවුන් ස්වාභාවික භූ දර්ශනයට හා සාම්ප්‍රදායික ජීවන රටාවට ස්තූතිවන්ත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන් වූ බව ඔවුහු කියති.

    මේ අතර ඒජියන් ප්‍රදේශය පුරා, ක්‍රිසෝහෝ ඉකරියා හි නිල් කලාපය තුළ සැලකිය යුතු මට්ටමේ විකිරිණශීලීතාවයක් තිබීම පර්යේෂකයින් කුතුහලයට පත් කර තිබේ . දූපත මූලික වශයෙන් භූගෝලීය වශයෙන් එකිනෙකට වෙනස් කලාප දෙකකට බෙදා ඇත. නැගෙනහිර, අවසාදිත පාෂාණයකින් සෑදී ඇති අතර බටහිරින් විකිරණශීලී (රේඩෝන් එහි ප්‍රසිද්ධ උල්පත් වලට කාන්දු වන) කළුගල් තලාවක් මත පිහිටා ඇත.

    පුදුමයට කරුණක් නම්, ජනගහනයේ දීර්ඝායුෂ තරමක් විකිරණශීලී කලාපවල ඉහළම මට්ටමක පවතින අතර නැගෙනහිර ජනයාගේ ආයු කාලය තරමක් අඩුය. (දිවයිනේ බටහිර දෙසින් පිහිටි එම උල්පත් ප්‍රදේශවාසීන් විසින් “අමරණීය ජලය” නිපදවන බව කියනු ලැබේ.) මෙය හුදු අහම්බයක් විය හැකි නමුත් ක්‍රිසොහෝ එක්සත් ජනපදයේ පර්යේෂණවලට යොමු කරයි.

    “ගල්ෆ් රාජ්‍යයන්ට සාපේක්ෂව පාෂාණ කඳුකරයේ පිළිකා මරණ අනුපාතය අඩුයි” කියා ක්‍රිසෝහූ පවසයි. එහෙත් ඉඩාහෝ, කොලරාඩෝ සහ නිව් මෙක්සිකෝවල පසුබිම් විකිරණ ලුසියානා හි ස්වාභාවික පසුබිම් විකිරණ මෙන් තුන් ගුණයක් පමණ ඉහළ අගයක් ගනී.

    ඉතා අඩු විකිරණ මාත්‍රාවක් මගින් ප්‍රති-ගිනි අවුලුවන ප්‍රතිචාරයන් සහ ඩී.එන්.ඒ අළුත්වැඩියාවක් කළ හැකි බව සත්ව අධ්‍යයන කිහිපයකින් සොයාගෙන ඇත. (සමහර විට කැලරි සීමා කිරීමේ කුඩා නමුත් වාසිදායක ආතතිය සෛල තුළ ආරක්ෂිත යාන්ත්‍රණ අවුලුවන)

    දැනට, සොයා ගැනීම කුතුහලයක් ලෙස පවතී. මෙම රටාවන් වෙනත් සාධක සහ ඒවායේ විභව යාන්ත්‍රණයන් මගින් පැහැදිලි කළ නොහැකි බව තවත් බොහෝ අධ්‍යයනවලින් තහවුරු කළ යුතුව ඇත. විකිරණශීලී බීම යෞවනයේ නොපැහැදිලි ප්‍රභවය විය හැකි බව ක්‍රිසෝහෝ නිසැකවම යෝජනා නොකරයි. “විකිරණශීලතාවය ඔබේ සෞඛ්‍යයට යහපත් යැයි අපේක්ෂා කිරීම තරමක් භයානක ය” ඇය පිළිගනී.

    පලතුරු හා එළවළු බහුල ලෙස මධ්‍යස්ථව ආහාර ගැනීම, ඕනෑ තරම් ව්‍යායාම කිරීම, කෝපි සහ තේ පානය කිරීම සහ අධ්‍යාත්මික සැනසිල්ල සඳහා ඉඩක් සොයා ගැනීම (එය පල්ලියක් හෝ දිගු කඳු පා ගමනක් වේවා) – මේවා අපගේ එදිනෙදා ජීවිතයට ගොඩනගා ගත හැකි දේවල් ය.

    මධ්‍යස්ථ කිරීමේ මූලධර්මය

    පැහැදිලිවම, නිල් කලාපවල සුවිශේෂී දීර්ඝායුෂ එක් මැජික් අමුද්‍රව්‍යයකට පමණක් සීමා කළ නොහැකි නමුත් එය බොහෝ සාධකවල එකතුවකි. ඒවායින් සමහරක් කලාප අතර බෙදාගෙන ඇති අතර සමහර ඒවා එක් එක් ස්ථානයට සුවිශේෂී වේ. ආශ්චර්යමත් වයස්ගත ප්‍රති-එලෙක්සර් හෝ සුපිරි ආහාර සොයා ගැනීම තරම් එය සිත් ඇදගන්නා සුළු නොවිය හැකි වුවත්, මෙම සොයාගැනීම් වලින් අපට ඉගෙන ගත හැකි බොහෝ ක්‍රම තිබේ.

    පලතුරු හා එළවළු බහුල ලෙස මධ්‍යස්ථව ආහාර ගැනීම, ඕනෑ තරම් ව්‍යායාම කිරීම, කෝපි සහ තේ පානය කිරීම සහ අධ්‍යාත්මික සැනසිල්ල සඳහා ඉඩක් සොයා ගැනීම (එය පල්ලියක් හෝ දිගු කඳු පා ගමනක් වේවා) – මේවා අපගේ එදිනෙදා ජීවිතයට ගොඩනගා ගත හැකි දේවල් ය.

    බී.බී.සී වෙබ් අඩවියේ පසුගිය මැයි මස 15 වැනි දින පළ වූ The ingredients for a longer life නම් ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනයකි.

    සැකසුම – තුෂාධවි

  • සාම්ප්‍රදායික වීවලට නැවත ගියහොත් ‘ආහාර සුරක්ෂිතතාවය’ නැතිවීමේ අවදානමක් !

    සාම්ප්‍රදායික වීවලට නැවත ගියහොත් ‘ආහාර සුරක්ෂිතතාවය’ නැතිවීමේ අවදානමක් !

    Covi- 19 වයිරසයේ උත්පත්තිය පිලිබඳ විවිධ කතා පැතිර යන්නේය. එක මතයකට අනුව මෙය වනගත සතුන්ගේ සිට පැමිණ මිනිසාට ආසාදනය වූවකි. චීනයට ඉහලින් ඈත අහසේදී පුපුරාගිය වල්ගා තරුවකින් නික්මී මෙහි පැමිණි බව කියවෙන පුවතක්ද කියවන්නට ලැබුණි. මේ අතර විද්‍යාගාරයක් තුලදී, පැරණි වයිරසයක තිබූ ජාන වෙනස්කර මිනිසා විසින් නිපදවූ අංශුවක් බවටද ඇතැම් පාර්ශවයන් විසින් සැක පළකර සිටී.

    ජානය යනු කුමක්දැයි හෝ ජාන ඇත්තේ කොතැනකදැයි සාමාන්‍ය ජනතාව දන්නේ නැත. පාසල් දරුවන් අතරින් පවා එය හරියට දැනගන්නට ලැබෙන්නේ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනීම ලැබුවහොත් පමණි.

    එසේ වුවත් ජාන ගැන නොදන්නා ඇත්තන් පිරිසක්, කෝවිඩයා එන්නටත් පෙරාතුව සිටම ජාන ගැන කතාකරමින් සිටින බව මෙරට ජනමාධ්‍යයන් ඔස්සේ අපට දැනගන්නට ලැබෙමින් තිබේ. ඔවුන් කතා කරන්නේ ජාන ගැන පමණක්ම නොවන අතර ජාන වෙනස් කරමින් නව ජීවීන් බිහිකරන සංසිද්ධිය ගැනද ඔවුහු  කතාකරති. එසේ බිහිවෙන කෘෂිකාර්මික බෝග ගැනද කතාකරති.

    තම සම්ප්‍රප්පලාප වලට සමාජ පිළිගැනීමක්ද ලබාදිය යුතු නිසා, ජාන ගැන දන්නා උගතුන් කීප දෙනෙක්ද තම බයිලාවේ අත්වැල් ගායනයට ඔවුන් විසින්ම එකතු කරගෙන ඇත. තමා හොඳාකාරවම දන්නා විද්‍යාවේ සරල සත්‍යයන්ට පිටුපාමින් මේ ‘උගතුන්’ එතනට හේත්තුවී ඇත්තේ කුමක් හෝ කුට්ටියක් තමාගේ ඔඩොක්කුවට දා ගැනීමේ බලාපොරොත්තුවෙන් විය හැකිය.

    එසේ නොවන්නේ නම් විභාග පාස්කර උගතුන් බවට පත්වූවත්, නූල් බෝලයේ පැටලුම් ලිහාගැනීමට තරමේ ඉවසීමක් නැති නිසාම, බුද්ධිමතුන් යන කාණ්ඩයට ඔවුන් අයත් නොවන නිසා විය හැකිය. වඩාත් අවාසනාවන්ත තත්වය නම් පිටරටින් එන සහල් නැවට කෙල හල්ලන්නේ නැතිව අපේම කියා බතක් කන්නට පින පහලකර දුන් වැඩි දියුණු කල වී ප්‍රභේදයන්ටද,  කාලකන්නි කෝවිඩයාට ඇලවූ ‘ජාන වෙනස් කල’ ලේබලයම අලවන්නට, මේ මෝඩ රැල කටයුතු කරමින් සිටීමයි.

    ජාන වෙනස් කරමින් ලෝකය පුරා මේ වනවිට නව ජීවීන් උපදිමින් සිටී. ජානයේ හැඩරුව නවීන ලෝකයට මුල්වරට විස්තරාත්මකව ඉදිරිපත් කරන ලද්දේ ඇමරිකානු ජාතික ජේම්ස් වොට්සන් හා බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රැන්සිස් ක්‍රික් යන විද්වත් දෙපල විසිනි. ඒ 1953 වසරේදීය. ඔවුන් හෙලිකල ජානයේ ව්‍යුහ සැලැස්ම ‘ක්‍රික්වොට්සන් ගේ ඩී.එන්.ඒ. අණුව’ ලෙස අද දවසේ පාසල් ළමෝ පවා හදාරති.

    මුලදී ‘H’ සංකේතය සහිත වී වර්ගත්, පසුව Bg, Bw, Ld හා At යනාදී සංකේත රැගත් නව වී ප්‍රභේදත් බිහිවුයේ මෙසේ ඇරඹුණු වී අභිජනන වැඩපිළිවෙල හරහාය. ජාන වෙනස් කිරීම කෙසේ වෙතත්, 1973 දී ඩී.එන්.ඒ. සොයාගත්තාට ක්‍රික් වොට්සන්ට නොබෙල් ත්‍යාගය හිමිවෙන විටත්, බතලගොඩ කණ්ඩායම විසින් වැඩිදියුණු කල වී වර්ග 14 ක්ම නිපදවා අවසන්කර තිබුණි.

    බොහෝ දෙනෙක් නොදන්න ‘ජාන කතාව‘

    ලාංකික විද්වතුන් වැඩි දියුණු කල වී වර්ග බිහිකරන්නට අඩිතාලම් දැමුවේ  ක්‍රික් වොට්සන් ලා ජාන සොයා ගන්නටත් කලින් බව, බොහෝ දෙනෙක් නොදන්නවා ඇත. වැඩ පටන් ගෙන ඇත්තේ 1952  දී මහාචාර්ය එම්. එෆ්. චන්ද්‍රරත්න මහතාගේ සහභාගිත්වයෙනි. ඔහු එකල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි උද්භිද විද්‍යාඥයා විය. (දැනට එවන් තනතුරක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුල නැත) මෙම කටයුතු වලට සමකාලීනව ආචාර්ය හෙක්ටර් වීරරත්නගේ ප්‍රධානත්වයෙන් බතලගොඩ වී අභිජනන ස්ථානයද ආරම්භ කරන ලදී.

    මුලදී ‘H’ සංකේතය සහිත වී වර්ගත්, පසුව Bg, Bw, Ld හා At යනාදී සංකේත රැගත් නව වී ප්‍රභේදත් බිහිවුයේ මෙසේ ඇරඹුණු වී අභිජනන වැඩපිළිවෙල හරහාය. ජාන වෙනස් කිරීම කෙසේ වෙතත්, 1973 දී ඩී.එන්.ඒ. සොයාගත්තාට ක්‍රික් වොට්සන්ට නොබෙල් ත්‍යාගය හිමිවෙන විටත්, බතලගොඩ කණ්ඩායම විසින් වැඩිදියුණු කල වී වර්ග 14 ක්ම නිපදවා අවසන්කර තිබුණි. එච්. සංකේතය යටතේ අටක්ද, බී.ජී. සංකේතය යටතේ හතරක්ද, එල්.ඩී. යටතේ එකක් හා එම්.අයි. යටතේ එකක්ද ඒ අතර විය. ඒවා හැදුවේ ස්වභාවික පර පරාගන මූලධර්මයන්ට අවනත වෙමින් මිස, සිහිනෙන්වත් දැක නොතිබුණු ජාන වෙනස්කිරීමේ හුටපටයක් පටලවාගෙන නොවේ. එම මූලධර්මයන් ඔස්සේම යමින්, මේ වනවිට වැඩි දියුණු කල වී ප්‍රභේද 80 ක් බිහිකර අවසන්ය.

    ළදරු අවධියේ සිටම මෙවන් සහලකින් කුස පුරවාගෙන කරදඬු උස් මහත් කරගත් මෙම ඊනියා ‘උගතුන්’ කෙලෙස කැලෑ පත්තර ගැසුවත්, චන්ද්‍රරත්නලාට හා වීරරත්නලාට බත්කන ජනතාව වෙතින් හිමිවෙන පුණ්‍යානුමෝදනා වලින් නම් අදටත් අඩුවක් නැත. ඒ මිල්චාඩ් සංස්කෘතියෙන් රට මුදවාගෙන දේශීය සහලෙන් ස්වයංපෝෂිත කිරීම වෙනුවෙනි.

    සාරවත් ගෝල පරපුරක්ද මේ දෙපල විසින් රටට දායාද කර තිබේ. සේනාධීර, සන්දනායක, විග්නරාජා, තිස්ස රාජපක්‍ෂ වැනි චරිත ඒ අතර විය. මේ සියලු දෙනා අද වනවිට අප හැරගොස් සිටියත්, එම කණ්ඩායමේ තවත් යෝධයෙක් වූ ආචාර්ය ධනපාල විද්වතාණන් තවමත් අප අතර සිටීම යුගයේ වාසනාවකි. එහෙත් මේ අලකලංචිය හමුවේ එතුමානන්ද වික්ෂිප්තව සිටී.

    “වීඅභිජනනයකරමින්නවප්‍රභේදනිපදවීමේඉතිහාසයශ්‍රීලංකාවේකෘෂිකර්මදෙපාර්තමේන්තුවතරමටමපැරණිකතාවක්නේ. අදවැඩිවෙලා තියෙන වී අස්වැන්න කැපවීමෙන්වැඩකළඅභිජනනවිද්වතුන්ගේමහන්සියේප්‍රතිපලයක්ඉස්සර කාලේ ගොවීන්වගාකළ අඩුඅස්වැන්නක්ලබාදුන්වීප්‍රභේද පරද්දන්න කෘෂිකර්මදෙපාර්තමේන්තුවමේ වැඩේ කෙරුවේ ඇයි? දිවයිනේපලවෙනපැරණිතමකෘෂිකර්මසඟරාවවන Tropical Agriculturist පොතේ වෙළුම් අංක 3 (ජූලි-සැප්තැම්බර්, 1945) හි පිටු අංක 191 හි ලියවිලා තියෙන දේ කියවලා බලන්න. උත්තරේ හිතාගන්න පුලුවන් වෙයි. එතැන ලියලා තියෙනවා 1940 දී ලංකාවේ සහල් අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක්ම පිටරටින් ගෙන්නුවා කියලා. ඒ කාලේ කෘෂිකර්මඅධ්‍යක්‍ෂවරයා වෙලා හිටියේ ඩී. රින්ඩ්(D. Rhind)කියල කෙනෙක්. ඔය කියන සඟරාවේම, වෙළුම් අංක 2,  (අප්‍රේල්ජුනි, 1945) හිපිටුඅංක64-68 දක්වාපළකරල තියෙනවා “ලංකාවේ වී අස්වැන්නේඅභිවෘද්ධිය”(Improvement of Paddy Yields in Ceylon)කියල ලිපියක්. මෙහෙ වවපු වී වර්ගවල සාමාන්‍ය අස්වැන්න අක්කරයකට බුසල් 13 ක් (හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 0.65 ක්) වගේ ඉතා අඩු අගයක පැවති බව එතන ලියලා තියෙනවා. ඔන්න ඔය තත්වයෙන් ගොඩ එන්න තමයි අපි අලුත් වී ජාති හැදුවේ. ඕවා හැම එකක්ම ස්වභාවික අභිජනනයෙන් උපන් ඒවා මිසක්, ලෝකයේ අද හැදෙන ජාන වෙනස්කල බෝග ගණයට වැටෙන ඒවා නෙවෙයි.”

    දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම සහල් අභිජනන විද්‍යාඥයා වන ආචාර්ය එම්.පී. ධනපාල මහතා නව වී වර්ග සෑදීමට පදනම් වූ අතීත හේතු ගෙනහැර පෑවේ එලෙසිනි.

    විද්‍යාවේ බල මහිමය හරහා කිසියම් ක්‍රමවේදයක් හරහා ජීවියෙකුට අදාළ ජාන සැලසුම වෙනස් කිරීම මින් අදහස් කෙරේ. මෙවන් ජීවියෙකුට උත්පත්තිය දුනහොත්, ඔහු ප්‍රකාශ කරනුයේ අමුතුම ආකාරයේ ලක්‍ෂණ සංයෝජනයකි. එය තම ‘වරිගයට’ හෝ පරම්පරාවට අයත් ගතිගුණ හෝ ලක්ෂණ නොවෙනු ඇත. මිනිසා එවැනි දෑ කරන්නේද තම අවශ්‍යතා වෙනුවෙන් ඔහුගේ වාසියටය.

    කුමක්ද මේ ජාන වෙනස්කිරීම කියන්නේ?

    කුමක්ද මේ ජාන වෙනස්කිරීම කියන්නේ?  විද්‍යාවේ බල මහිමය හරහා කිසියම් ක්‍රමවේදයක් හරහා ජීවියෙකුට අදාළ ජාන සැලසුම වෙනස් කිරීම මින් අදහස් කෙරේ. මෙවන් ජීවියෙකුට උත්පත්තිය දුනහොත්, ඔහු ප්‍රකාශ කරනුයේ අමුතුම ආකාරයේ ලක්‍ෂණ සංයෝජනයකි. එය තම ‘වරිගයට’ හෝ පරම්පරාවට අයත් ගතිගුණ හෝ ලක්ෂණ නොවෙනු ඇත. මිනිසා එවැනි දෑ කරන්නේද තම අවශ්‍යතා වෙනුවෙන් ඔහුගේ වාසියටය.

    බඩඉරිඟු ශාකයේ ජාන වෙනස්කිරීම එක උදාහරණයකි. ඒ හරහා විද්වතුන් විසින් ග්ලයිෆොසෙට් වැනි වල්නාෂක සමග ගැටුනාට නොමැරෙන බඩඉරිඟු නිපදවා තිබේ. දැන් මහා පරිමානයෙන් බඩඉරිඟු වවන විදේශික වගාකරුවන් හිතේ හැටියට, කිසිදු පරිස්සමකින් තොරව වල් මර්දනය සඳහා වගාවන්ට ග්ලයිෆොසෙට් යොදනු ලබන අතර, වගාවේ ඇති සියලුම පැලෑටි ග්ලයිෆොසෙට් වැදී මැරුණත්, බඩඉරිඟු මැරෙන්නේ නැත. මේ හරහා වගාකරු වඩාත් පහසුවෙන් හා අඩු වියදමකින් තම වගාවේ වල්පැල මර්දනය කරගනී.

    එහෙත් වැඩි වැඩියෙන් ඉසිනු ලබන ග්ලයිෆොසෙට් බඩඉරිඟු ශාක හා රැඳී තිබී අස්වැන්නට එකතුවීමෙන් සිදුවෙන අවදානම ගැන ඔහු සිතන්නේ නැත. ගණන් හිලව් අතරට අයත් නොවෙන එවැනි දෑ ගැන ආත්මාර්ථකාමී ගොවියා කිසිදු තැකීමක් නොකරයි. ඔහු නොසලකා හැරියත්, එම අවදානම භාරගන්නට වෙන්නේ, ජාන වෙනස්කල බඩඉරිඟු යොදා සාදන සත්ව ආහාර අනුභව කරන සතුන්ටත්, එම සතුන් මරා මස් කන මිනිසුන්ටත්ය. මේ නිසාම ඇතැම් රටවල් ජාන වෙනස්කර නිපදවන ලද බෝග අස්වැන්න ප්‍රතික්ෂේප කිරීමට නීති මගින් කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවද ඉන් එක රටකි.

    පාරම්පරික සහල් වශයෙන් ලේබල් ගසා ගිනි ගණනට අලෙවි කරන ඇතැම් හාල් පැකට් වල සඳහන් වෙන තොරතුරු සනාථ කරගත්තේ කුමන විද්‍යාගාරයකදී, කිනම් පර්යේෂණ හරහාදැයි විමසන්නට කෙනෙක් පාරිභෝගිකයින් අතර නැත. අරකට මේකට හොඳයි යනුවෙන් සඳහන් වෙන තොරතුරු වැඩි ප්‍රමාණයක් කටකතා මත පදනම් වූ ඒවා මිස පර්යේෂණ මගින් සනාථ කරගත් ඒවා නොවේ.

    දේශීය සහල්වල ගුණ ගැන කියන මිත්‍යා කතාවේ ඇත්ත – නැත්ත

    ජාන වෙනස් කල ආහාර නොහොත් ජී.එම්. ආහාර (Genetically Modified Food) මෙරටටද ගොඩ බෑම තහනම්ය. තහනම ඉවත්කර ගැනීමට අවශ්‍ය වන්නේ ආහාර තොගය ජී.එම්. නොවන බවට නිෂ්පාදකයාගෙන් ලබාගත් සහතිකයක් පමණි. ඉන් ඔබ්බට සොයා බැලීමක් ඇතැම්විට මෙහිදී සිදු නොවිය හැකිය. කුඩා ප්‍රමාණයේ අසුරුම්වලින් පවා අප වෙතට එන සැකසූ ආහාර පැකට්වල ජාන වෙනස් කල දෑ අන්තර්ගත නොවේ යන්න සඳහන් වන්නේද, ප්‍රධාන වශයෙන්ම මෙරටදී ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා සනාථ කරගත් කරුණු මත නොව, ආනයනික තොගය සමග ලැබුණු ඉහත දැක්වූ සහතිකය කෙරෙහි තැබූ විශ්වාසය මතය. ආහාර ඇසුරුමක යමක් සඳහන් කලයුතු ආකාරය දැක්වෙන නීතිරීති මෙන්ම ආචාරධර්මද තිබේ. ඒවා අපේ රටේ භාවිතා වෙන ආකාරය ගැන කතාකිරීම පවා නිෂ්පල කරුණකි.

    පාරම්පරික සහල් වශයෙන් ලේබල් ගසා ගිනි ගණනට අලෙවි කරන ඇතැම් හාල් පැකට් වල සඳහන් වෙන තොරතුරු සනාථ කරගත්තේ කුමන විද්‍යාගාරයකදී, කිනම් පර්යේෂණ හරහාදැයි විමසන්නට කෙනෙක් පාරිභෝගිකයින් අතර නැත.

    අරකට මේකට හොඳයි යනුවෙන් සඳහන් වෙන තොරතුරු වැඩි ප්‍රමාණයක් කටකතා මත පදනම් වූ ඒවා මිස පර්යේෂණ මගින් සනාථ කරගත් ඒවා නොවේ. මේ සහල් මිලට ගන්නේත්, සාමාන්‍ය පාරිභෝගිකයින් නොවන නිසා එතරම් සිත නරක් කරගන්නටද උවමනා නැත. සිල්ලරට හාල් විකුණන ගෝනි දෙස බලා මිල ගණන් විමසනවා මිස, රාක්ක වල අසුරා ඇති කිලෝව රුපියල් දෙසීයත් පන්නවන මේ සහල් පැකට් දෙස සාමාන්‍ය ජනතාව බලන්නේවත් නැත. කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සහල් පැකට් වල ලියා ඇති ගුණාගුණ ඉස් මුදුනින් පිළිගන්නා පාරිභෝගික පැලැන්තියක්, ‘ජාන වෙනස් කල ද්‍රව්‍ය අඩංගු නොවේ’ යන ලේබලය ඇස් වසාගෙන විශවාස කිරීම ගැනද පුදුම වියයුතු නොවේ.   

    ජාන වෙනස් කිරීම යනු

    ජාන වෙනස්වීම යනු ජීවීන්ගේ ප්‍රජනනයෙදී අනිවාර්යයෙන්ම පාහේ සිදුවන්නෙකි. ඒකසෛලික ඇමීබා වැනි සතෙක් හෝ ගැඩවිල් පණුවෙක් වැන්නෙක් දෙකඩ කැඩී අලුත් සතුන් දෙදෙනෙක් බිහිවෙත්දී නම් දරුවන් දෙදෙනාගේ ජාන වෙනස්වී නැත. එසේ වුවත් ගැහැණු පිරිමි පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සිදුවෙන ලිංගික ප්‍රජනනයේදී නම්, බිහිවෙන දරුවන්ගේ ජාන අනිවාර්යයෙන්ම දෙමාපියන්ගේ ජාන වලට වඩා වෙනස්වන අතර දරුවන්ගේ ඇත්තේ එම ගොනු දෙකෙහි  සංකලනයකි. එනම් මෙම දරුවන් ‘පොතේ හැටියට’ කියනවානම් ජාන වෙනස්වූ ජීවීන්ය. තවද ඒවා සිදුවන්නේද ස්වාභාවිකවය. කලයුතු හෝ සිදුවෙන වෙනස දන්නේද ස්වභාවධර්මය පමණි.

    සොබාදහමේ මෙම ලක්ෂණ මිශ්‍රවීමට ‘ඇඟිලි ගසන’ කෘෂි විදවතුන් විසින්ද තම විද්‍යාත්මක දැනුම උපයෝගී කරගනිමින් අලුත් බෝග මාදිලි නිපදවීම සිදුකරයි. එතනදී පළමුවෙන් ඔවුහු තමාට කැමති ගති ලක්ෂණ සහිත මව් හා පිය ශාක තෝරාගනී. අනතුරුව ඒවා එකිනෙක මුහුම් කරවනුයේ පර පරාගනය නමැති සංසිද්ධිය ඔස්සේය. මේ හරහා සුවිශාල දරු පරම්පරාවක් බිහිකරගන්නා ඔවුහු එම දරුවන් අතර තමාට රුචි ලක්ෂණ එකට ගාල් කරගත් දරුවන් ඇතිදැයි පරිස්සමින් සොයා බලති.

    විශාල දරු පරම්පරාවක් බිහිකර ඒවා පිරික්සීමේදී කීපදෙනෙක් හෝ සොයාගැනීමත් එතරම් අපහසු නොවේ. මුහුම සිදුකරන විද්වතාගේ ‘අත්ගුණය’ හොඳනම්  බොහෝවිට වැඩේ ඉක්මනටම හරියයි. එසේ තෝරාගන්නා දරුවන්ව තවත් පරම්පරා ගණනාවක් තිස්සේ වගාකරමින්, අදාළ ලක්‍ෂණ ගොනුව මගදී හැලෙන්නේ නැතිව විශ්වාසදායී ලෙස පරම්පරා හරහා ඉදිරියට යන්නේ යයි තහවුරු කරගත හැකිනම් පමණක් ‘නව ප්‍රභේදයක්’ ලෙස එය හඳුන්වාදෙනු ලැබේ.

    බෝගයටවත්, මිනිසාටවත්, පරිසරයටවත් මෙම ඇඟිලි ගැසීම හරහා කිසිදු අවැඩක් සිදුවී නැති බව දැන් පැහැදිලිය. වර්තමානයේදී මෙරට වගාකරන, ඉහත දැක්වූ වැඩි දියුණුකළ වී ප්‍රභේදයන් සියල්ල මේ ආකාරයට බිහිකළ ඒවා වේ. මිනිසාගේ සහභාගිත්වයෙන් සිදුව ඇත්තේ රටෙහි ආහාර සුරක්ෂිතතාවයට උරදිය හැකි දරුවා තෝරාගෙන ඉදිරියට බෝකිරීම පමණි.

    නවීන විද්‍යාවේ කියවෙන ජාන වෙනස් කල ජීවීන් යනු මේවා නොවේ. ශාකයක, සතෙකු තුල පමණක් නොව අඩු තරමින් බැක්ටීරියා වයිරස් වැනි ක්ෂුද්‍රජීවියෙකු තුල හෝ පවතින ජාන සැලැස්ම හෝ සංයුතිය, විද්‍යාගාරයක් තුලදී කෘතිමව වෙනස්කර අලුත් ජාන සැලැස්මක් සහිත ජීවියෙකු තැනුවේ නම්, එම ජීවියා ජාන වෙනස්කල ගණයට වැටේ.

    මොවුන් දරන ජාන රටාව සොබාදහමේ පවතින්නක් නොවේ. අඩු තරමින් දෙදෙනෙකුගේ සහභාගිත්වයෙන් සෑදෙන දරු පරපුරක හෝ තිබෙන සංයුතියක්ද නොවේ. විද්‍යාඥයින්ගේ මැදිහත්වීමෙන් කරන මෙම විපර්යාසය ජාන ඉංජිනේරු විද්‍යාව ලෙසද හඳුන්වන අතර ලෝකයේ මුලින්ම මේ හරහා නිපදවූයේ කැනමයිසින් නමැති ප්‍රතිජීවක ඖෂධයට ඔරොත්තු දෙන බැක්ටීරියාවක්ය. ඒ 1973 දීය. පළමු සත්වයා ලෙස බිහිවූයේ 1974 දී ජාන වෙනස්වූ මීයෙකි.

    පළමු ශාකය ප්‍රසූතිය ලැබුවේ 1982 දීය. එය වනාහී ප්‍රතිජීවක වලට ඔරොත්තු දෙන දුම්කොළ ශාකයකි. ඒ වන විට අප වැඩිදියුණු කල වී ප්‍රභේද 29 ක් සාදා අවසන්ය!!. අපේ විද්වතුන් ඒවා හැදුවේ ජාන වෙනස් කිරීමෙන් යයි කියන කණ්ඩායමට දැන් ඉතින්  ඉතිරිව ඇත්තේ ලෝක ඉතිහාසය අලුතින් ලියන්නටයි. එයටත් යම්කිසි සුදුසුකමක් අවශ්‍ය නිසා, ජාන වෙනස් කිරීමේ බාලාංශ පාඩම් උගන්වන නයිට් ක්ලාස් එකකටවත් ගොහින් එන්නේ නම් වඩාත් හොඳය.     

    පුදුමය වන්නේ ජාන වෙනස්කල ජීවීන්ගේ අගුණ දකින කිසිම කෙනෙක් මේ දක්වා මෙම සංසිද්ධිය විවේචනය කිරීමට වෛද්‍ය  ක්ෂේත්‍රය තුලින් හෝ ඉන් පරිබාහිරව හෝ ඉදිරිපත් නොවීමයි. ඔවුහු නෑසූකන්ව සිටී. එසේ සිටිමින් වී පර්යේෂකයින්ගේ සුජාත දරුවන් වූ වැඩි දියුණු කල වී ප්‍රභේදයන්ට කැලෑ පත්තර ගසති.

    ජාන වෙනස් කිරීම ගැන තව දුරටත්

    කිසියම් ප්‍රාණියෙකු ජාන වෙනස් කල තත්වයට පත්වන්නේ ඔහුට අයත් නොවන  පිටස්තරයෙන් හඳුන්වාදෙන ආගන්තුක ජාන මගින් මූලික ජාන සංයුතිය වෙනස් කලවිටදීය. මීට කදිම උදාහරණයක් වන්නේ හියුමුලීන්  (Humulin) නමැති නිෂ්පාදනය ලබාගැනීම උදෙසා ජාන වෙනස්කල බැක්ටීරියා වර්ගයක් නිපදවීමයි.  මිනිසාගේ රුධිරගත සීනි ප්‍රමාණය යාමනය කරනු ලබන්නේ අග්න්‍යාශය නමැති අවයවය මගින් නිපදවන්නා ඉන්සියුලින් නම් හෝර්මෝනය මගිනි.

    ඉන්සියුලින් නිපදවීමට අදාළ සංඥා සලකුණ සහිත ජාන මිනිස් සිරුරේ තිබේ. එම ජාන වෙන්කරගෙන එස්චරෙචියා කෝලයි නොහොත් ඊ කෝලයි නමැති බැක්ටීරියාවේ ජාන වලට  බද්ධ කරගන්නට මිනිසා සමත්වී තිබේ. දැන් මෙය ජාන වෙනස් කල බැක්ටීරියාවකි. මන්දයත් එය දරන ජාන වලින් කොටසක් ඔවුනට අයිති නැති, මිනිසාට අයත් ඒවා වීමයි. අදාළ සංඥා ජාන දරන නිසා මෙම බැක්ටීරියාවටද දැන් ඉන්සියුලින් නිපදවන්නට පුළුවන. බැක්ටීරියා වේගයෙන් ගුණනය වේ.  ඔවුන් වේගයෙන් ගුණනය වෙනවා යනු මෙම ජානද වැඩි වැඩියෙන් නිපදවීමකි. යම් වර්ධක මාධ්‍යයක මෙම බැක්ටීරියා වගා කරමින් අස්වැන්න ලෙස ඉන්සියුලින් ලබාගැනීම සිදුකරන අතර පිටතින් ඉන්සියුලින් හෝර්මෝනය දියයුතු දියවැඩියා රෝගීන්ට ලබාදෙන්නේ හියුමුලීන් වශයෙන් වාණිජව අලෙවිකරණ, බැක්ටීරියා මගින් නිපදවන මෙම ද්‍රව්‍යයයි.

    පුදුමය වන්නේ ජාන වෙනස්කල ජීවීන්ගේ අගුණ දකින කිසිම කෙනෙක් මේ දක්වා මෙම සංසිද්ධිය විවේචනය කිරීමට වෛද්‍ය  ක්ෂේත්‍රය තුලින් හෝ ඉන් පරිබාහිරව හෝ ඉදිරිපත් නොවීමයි. ඔවුහු නෑසූකන්ව සිටී. එසේ සිටිමින් වී පර්යේෂකයින්ගේ සුජාත දරුවන් වූ වැඩි දියුණු කල වී ප්‍රභේදයන්ට කැලෑ පත්තර ගසති.

    ආචාර්ය ධනපාල මහතා පෙන්වාදෙන පරිදි, සුද්දාගේ සමයේදී මෙරට වැවූ අක්කරයකට බුසල් 13 ක පමණ අඩු අස්වැන්නක් ලබාදුන් වී වර්ග ‘ඔරිජිනල් බඩු’ ලෙස ඔසවා තබන්නට මෙම කැලෑ පත්තර හරහා ඔවුහු උත්සාහ දරති. ඒවායින් අක්කරයකට බුසල් 80 ක් පමණ අස්වැන්න ලැබිය හැකි බවට සංඛ්‍යාලේඛන දත්තයන් පෙන්වති.

    තත්වය එසේ නම් 40 දශකයේදී කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ධුරයේ සිටි රින්ඩ් නමැති සුදු මහත්මයා ට්‍රොපිකල් ඇග්රිකල්චරිස්ට් සඟරාවට ලියා ඇත්තේ ගල් පැලෙන කෙප්පයක්ය. ඒ මත ක්‍රියාත්මක වෙමින් වීරරත්නලා සේනාධීරලා හා ධනපාලලා ඇතුළු වී අභිජනන විද්වත් කණ්ඩායම අව්වට කරවෙන කුඹුරු ලියැදිවලට බැස, මඩ නාගෙන සරඹ කර ඇත්තේ පෙර කල කරුමයකටය.

    රටේ කරුමය වන්නට ඇත්තේ සාම්ප්‍රදායික වී ප්‍රභේද වගාකර රට සහලින් ස්වයංපෝෂණය කරන්නටත්, ආහාර සුරක්ෂිතතාවය රඳා ගන්නටත් හැකියයි විශ්වාස කරන කණ්ඩායම, රින්ඩ් අධ්‍යක්‍ෂවරයාගේ සමයේ මෙරට ඉපදී නොසිටීමයි. කාලය දේශය දීපය බලමින් මේ යුගයේදී ඔවුන් මෙහි පහළවී ඇත්තේ, ජාන වෙනස්කල සහලින් ස්වයංපෝෂණය වී ඇති මෙරට ජනතාව විපතින් මුදාගෙන, ඔරිජිනල් ජාන තිබෙන මිල්චාඩ් හාල් පිටරටවලින් ගෙනැවිත් කවන්නට විය හැකිය.

    ඔබට ටික දෙනෙක් රැවටිය හැකිය. සෑමදෙනාම ටික කලකට රැවටිය හැකිය. එහෙත් සෑමදෙනාම හැමදාමත් රැවටිය නොහැකිය. ප්‍රස්තා පිරුලක එසේ ලියා තිබුණි.

  • මධුරි ඩික්සිත්ගේ 53 වැනි උපන් දිනය දා එළියට ආ ‘පුද්ගලික ඡායාරූප’ එකතුව මෙන්න

    මධුරි ඩික්සිත්ගේ 53 වැනි උපන් දිනය දා එළියට ආ ‘පුද්ගලික ඡායාරූප’ එකතුව මෙන්න

    සුපිරි බොලිවුඩ් නිළියක වූ මධුරි ඩික්සිත්ගේ 53 වැනි උපන් දිනය ඊයේ (15) දිනට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ප්‍රකට ෆිල්ම් ෆෙයර් වෙබ් අඩවිය මධුරි සිය පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් සමග ගත් දුර්ලභ ඡායාරූප එකතුවක් පළ කර තිබුණා.

    මේ ෆිල්ම් ෆෙයාර් මධුරි ගැන තබා තිබූ සටහන.

    ඇය සුපිරි තරුවක්, නර්තන ශිල්පිනියක්, බොලිවුඩයේ ප්‍රමුඛ වීරවරියකි. ඇය බී-ටවුන්හි සිසිල් අම්මා (coolest mom in B-town) ද වේ. මධුරි ඩික්සිත් 1999 දී වෛද්‍ය ශ්‍රීරාම් නෙනේ (Dr. Shriram Nene) සමඟ විවාහ වූයේ දකුණු කැලිෆෝනියාවේ ඇගේ සහෝදරයාගේ නිවසේ පැවති සාම්ප්‍රදායික උත්සවයකදීය. 

    ඇය 2003 දී පළමු පුත්‍රයා වන අරින් සහ 2005 දී දෙවන පුත්‍රයා වූ රයන් බිහි කළාය. ඇය 2011 දී කොලරාඩෝ සිට මුම්බායි වෙත යළි සංක්‍රමණය වූ අතර දැන් මධුරි දිවි ගෙවන්නේ මුම්බායිහිය.

    මධුරි නිරන්තරයෙන් රියැලිටි ටීවී වැඩසටහන් සහ චිත්‍රපට රූගත කිරීම්වල නිරත වුවද ඇයගේ පෞද්ගලික හා වෘත්තීය අවකාශයේ පරිපූර්ණ සමබරතාවයක් පවත්වා ගෙන යයි.  නොකරන සෑම අවස්ථාවකදීම ඇය තම දරුවන් සමඟ ප්‍රීතිමත් කාලයක් ගත කිරීමට පුරුදුව සිටින අතර වැඩිමහල් පුතා සමඟ කතක් පුහුණුවීම හෝ පවුලේ අය සමඟ නිවාඩු ගත කිරීම ඒ අතර සිදුවේ.

    ඇය අද සිය දිවි මගේ 53 වන වියට පා තබන අතර වෙන කවරදාටත් වඩා සුන්දර පෙනුමක් අද ඇය තුළින් දැකගත හැකිය.

    ඉතිං 80-90 දශකවල මධුරිට පෙම්බැදි ඔබට ඒ ආදරණීය නිළියකගේ අතිෂය දුර්ලභ ඡායාරූප රුසක් දැක බලා ගැනීමට දැන් හැකිය.

    මධුරි සිය සැමියා සමග
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත්

    Filmfare.com ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • පුරවැසියන්ට වඩා හිමි වළසුන් –  වීසා වුවමනා නැති වුණත් උපදින්න නම් නරකම රට

    පුරවැසියන්ට වඩා හිමි වළසුන් – වීසා වුවමනා නැති වුණත් උපදින්න නම් නරකම රට

    නෝර්වේ හි වීසා රහිත මෙම දූපත් සමූහය ලොව පුරා උතුරු දෙසින් ජනාවාස වන අතර එහි අගනුවර වන ලෝන්ජියර්බයින් රටවල් 50 කට වැඩි ගණනක ජනතාව වාසය කරයි.

    හිමවලින් පිරි කඳු මුදුන් යනු නෝර්වීජියානු ස්වල්පාර්ඩ් Svalbard දූපත් සමූහයට පැමිණෙන විට අමුත්තන්ට ගුවන් යානා කවුළුවලින් හඳුනාගත හැකි පළමු දෙයයි. එනම්, ඔවුන් වසරේ දීප්තිමත් කාලය තුළ පැමිණියහොත්, එනම් ජූලි මස 24 වැනි දින මධ්‍යම රාත්‍රියේ හිරු දැකගත හැකිය. එහෙත්  වර්ෂයේ අනෙක් කාලයේදී මෙම නගරය අන්ධකාරයේ ගිලී යන අතර ඔබට ‘උතුරු එළි Northern Lights  පහසුවෙන් දැකබලා ගත හැකිය.

    ආක්ටික් සාගරයේ මැද පිහිටි නෝර්වේ ප්‍රධාන භූමියේ සිට කි.මී. 800ක් දුරින් ස්වල්පාර්ඩ් දූපත් පිහිටා ඇත. ලෝකයේ උතුරු දෙසින් පිහිටි විශ්ව විද්‍යාලය, පල්ලිය සහ බීර කර්මාන්ත ශාලාවට එය හිමිකම් කියයි.

    අනෙක් අතට, එනම් වැදගත්ම දෙය නම් එය ඕනෑම කෙනෙකුට ජීවත් විය හැකි ලෝකයේ ස්ථාන කිහිපයෙන් එකකි. ඇත්ත වශයෙන්ම, ස්වෝල්බාර්ඩ් අගනුවර වන ලොන්යියර්බයින් හි වෙසෙන 2,400 කට ආසන්න පදිංචිකරුවන්ගෙන් තුනෙන් එකක් පමණ සංක්‍රමණිකයන් වන අතර ඔවුහු ලෝකයේ නන් දෙසින්, විවිධ රටවල් 50 කට වැඩි සංඛ්‍යාවකින් සංක්‍රමණය වූවෝ වෙති. ඔවුන් මේ ආකාරයෙන් මෙම නගරයට සංක්‍රමණය වීමට හේතුව නම් ඕනෑම රටක පුරවැසියකුට රැකියාවක් සහ ජීවත් වීමට ස්ථානයක් ඇති තාක් දුරට වීසා බලපත්‍රයක් නොමැතිව ස්වෝල්බාර්ඩ් හි පදිංචි වීමට ඇති හැකියාවයි.

    1596 දී චීනය වෙත ඊසානදිග මාර්ගය සොයා ගැනීමට උත්සාහ කරන අතරතුර ලේඛනගත සංචාරයක් සඳහා ලන්දේසි ගවේෂකයන් ප්‍රථම වරට ක්‍රි.ව 1200 දී පමණ මෙම දූපත් ගවේෂණය කළ බව විශ්වාස කෙරේ.

    ඊළඟ ශතවර්ෂ වලදී ඩෙන්මාර්කයෙන් සහ එංගලන්තයෙන් වොල්රස් සහ තල්මසුන් දඩයම්කරුවන් සංක්‍රමණය වූ අතර පසුව ප්‍රංශය, නෝර්වේ, ස්වීඩනය සහ රුසියානු ජාතිකයින් ද සංක්‍රමණය විය.

    1906 දී ඇමරිකානු ව්‍යාපාරික ජෝන් මුන්රෝ ලොන්යියර් විසින් මෙම දූපත් සමූහයේ පළමු ගල් අඟුරු ආකරය පිහිටුවන ලද අතර එය 20 වන සියවසේ වැඩි කාලයක් තුළ ස්වෝල්බාර්ඩ්හි එකම කර්මාන්තය ලෙස පැවතුනි. මේ දිනවල ස්වෝල්බාර්ඩ් හි ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ සංචාරක හා පාරිසරික හා පාරිසරික පර්යේෂණ යි.

    පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසුව, ස්වෝල්බාර්ඩ් සම්බන්ධයෙන් නෝර්වේ ස්වෛරීභාවය සහතික කරන ගිවිසුමක් රටවල් නවයක් විසින් අත්සන් කරන ලද අතර 1920 වන තෙක් මෙම දූපත් පාලනයෙන් තොර විය. අද රටවල් 46 ක් මෙම ගිවිසුමේ කොටස්කරුවන් වේ. 

    මෙම ගිවිසුම මගින් භූමිය මිලිටරි අරමුණු සඳහා භාවිතා කළ නොහැකි අතර දූපත් වල ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම සඳහා නෝර්වේ වගකිව යුතුය. කෙසේ වෙතත්, ගිවිසුමේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ නෝර්වීජියානු සහ නෝර්වීජියානු නොවන අයට සැලකීම අතර වෙනසක් නොතිබිය යුතු අද්විතීය වගන්තියයි.

    Longyearbyen යනු බොහෝ අය ස්වෝල්බාර්ඩ් වෙත යන විට පදිංචි වන ස්ථානයයි. දූපත් වල ඇත්තේ කිලෝමීටර 40 ක මාර්ග පද්ධතියක් පමණක් වන අතර විවිධ ජනාවාස අතර මාර්ග නොමැත. ඒවා වෙත ප්‍රවේශ විය හැක්කේ ගිම්හානයේදී බෝට්ටුවකින් හෝ ශීත ඍතුවේ හිම යානා මගින් පමණි. 

    නගර සීමාවෙන් පිටවන ඕනෑම කෙනෙකුට හිම වලසෙකු හමු වීම සාමාන්‍යෙයන් හෙයින් ඔවුන් සාමාන්‍යයෙන් රයිෆලයක් රැගෙන යයි. ඇත්ත වශයෙන්ම, මෙම දූපත් සමූහයේ දළ වශයෙන් හිම වලසුන් 3,000ක් ජීවත් වන අතර හිම වළසුන් ගණන එහි මිනිසුන් 2,926 ට වඩා වැඩිය.  

    ඕනෑම කෙනෙකුට ජීවත්වීමට විවෘත වුව ද, ස්වල්බාර්ඩ් යනු උපත ලැබීමට සුදුසුම ස්ථානයක් නම් නොවේ. එහි ගර්භනී කාන්තාවන් සඳහා රෝහල් නොමැති අතර යමෙකු මිය ගියහොත් පළාත් පාලන ආයතනයට මෘත දේහය නෝර්වේ ප්‍රධාන භූමියට ගෙනයාමට හෝ නැව්ගත කිරීමට සිදුවේ. 

    1950 දශකයේ සිට දූපත් වල මළ සිරුරු භූමදාන කිරීමට ඉඩ නොදෙනුයේ දූපත් වසර පුරාම ඝන හිම තට්ටුවකින් වැසී ඇති නිසාය. මෙහි තර්කය වන්නේ මෙම ඝන හිම තට්ටුව මළ සිරුරු ආරක්ෂා කරනවා පමණක් නොව, සමහර විට මළ සිරුරු ගැඹුරට වළලනු නොලැබුවහොත් ඒවා පිටතට තල්ලු කරනු ලැබීමයි.

    ස්වෝල්බාර්ඩ්හි අවුරුද්ද පුරා අඩු උෂ්ණත්වයක් පවතින අතර ගිම්හානයේදී සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7 ක් පමණ වේ.

    ලෝකයේ බීජ පසුම්බිය (Global Seed Vault) වන්නේ ද මෙම දූපත් සමූහයයි. ලෝන්ජියර්බයින් Longyearbyen හි ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 3 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක Global Seed Vault ස්ථාපනය කර තිබේ. 2008 වසරේ සිට එහි ලොව පුරා බීජ 980,000 කට වඩා ගබඩා කර ඇත.

    එහෙත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙම ස්ථානය වෙත ද ඍජුව බලපෑම් එල්ල කර ඇත. උෂ්ණත්වය ඉහළ යන විට, සුරක්ෂිතාගාරය පවා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නොවනු ඇති බව සනාථ කරමින් 2017 දී එහි පිවිසුම් උමග ජලයෙන් යට වූයේ ඝන හිම තට්ටුවෙන් කොටසක් දියවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. 

    ලෝන්ජියර්බයින් වැසි ජලය මනසේ තබාගෙන නිර්මාණය කර නොමැති අතර මඩ හා හිම කුණාටු මෑතකදී තර්ජනයක් වී තිබේ. 1971 සිට ස්වෝල්බාර්ඩ් හි සාමාන්‍ය උෂ්ණත්වය 4C කින් ඉහළ ගොස් ඇති අතර එය සෙසු කලාපවලට වඩා පස් ගුණයකින් වේගවත් වේ. ඔබ මතක තබා ගත යුතු වැදගත්ම දේ වන්නේ ලෝන්ජියර්බයින් ලෝකයේ වේගයෙන්ම උණුසුම් වන ස්ථාන බවයි.

    බී.බී.සී වාර්තාවක් අසුරින් සකස් කළේ – තුෂාධවි

  • Covid-19: මහාද්වීප හතරක හෙදියන් හතර දෙනෙක් ‘තම අත්දැකීම්’ හෙළි කරයි

    Covid-19: මහාද්වීප හතරක හෙදියන් හතර දෙනෙක් ‘තම අත්දැකීම්’ හෙළි කරයි

    ලොව පුරා මිලියන 4 කට කොවිඩ්රෝ-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, කොරෝනා‍ෙ වසංගය හමුවේ හෙදියන් විසින් කරන කාර්යයන් ලොව පුරා ඇගයීමටත් ප්‍රශංසාවටත් ලක්ව ඇත.

    ඊයේ (12) දිනට යෙදී තිබූ ජාත්‍යන්තර හෙද දිනය (International Nurses Day – නූතන හෙද සේවයේ නිර්මාතෘ ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ Florence Nightingale, the founder of modern nursing උපන් දිනය වන මැයි 12 වන දින හෙද දිනය සමරනු ලැබේ) සැමරීම සඳහා, බීබීසී විවිධ මහද්වීප හතරක සේවය කරන හෙදියන්ට කතා කරමින්, කොවිඩ් -19 ට එරෙහි සටනේදී ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව විස්තර විමසා සිටියේය.

    ලෙනියා

    ‘අම්මා මට කිව්වා මා වගේ පුතෙක් ලැබීම ගැන ඇයට කෘතඥ වෙනවා කියලා’

    “කොවිඩ් -19 ට එරෙහි සටනට මා සම්බන්ධ වීම මුලදී මගේ පවුලේ අයට පහසු වුණේ නැහැ. නමුත් මගේ ආරක්‍ෂිත ආම්පන්නවල පින්තූර දුටු විට ඔවුන් තේරුම් ගත්තා මා ප්‍රමාණවත් තරම් ආරක්‍ෂා වී ඇති බව” Mzwakhe Mohlaloganye පවසයි.

    Mzwakhe Mohlaloganye

    37 හැවිරිදි දෙදරු පියෙකු වන එම්ස්වාකේ වසර පහක් හෙදියක් ලෙස සේවය කර ඇති අතර මාස දෙකක සිට ජොහැන්නස්බර්ග්හි ජංගම කොවිඩ් -19 කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔවුන් දකුණු අප්‍රිකාව තුළ කොවිඩ් “වක්‍රය සමතලා කිරීම” සදහා සුවිශේෂී කාර්යයක් කර ඇති අතර බොහෝ අය පවසන්නේ ප්‍රජා පරීක්ෂාව සහ දැනුවත්භාවය එහි විශාල කොටසක් ඉටුකළ බවයි.

    වයස අවුරුදු 59 ට වැඩි අයට සහ නිදන්ගත වෛද්‍ය තත්වයන් ඇති අයට ප්‍රමුඛතාවය දෙමින් මෙම කණ්ඩායම ප්‍රාදේශීය ප්‍රජාවේ පුද්ගලයින් පරීක්‍ෂා කර පරීක්ෂා කරයි.

    Mzwakhe විසින් තම භූමිකාව විපාකදායක ලෙස සොයාගෙන ඇති අතර, එය රෝගය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාවක් ලෙසත් ඔහු සලකයි. එය ඔහුගේ රෝගීන්ගේ විවිධ තත්වයන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේද යන්නත් ඔහු දැක තිබේ. කෙසේ වෙතත්, ඔහුගේ පවුලේ අය මුලින් ඔහුගේ නව කාර්යභාරය ගැන පසුබට වූ අතර ඔහුගේ සුභසාධනය ගැන සැලකිලිමත් වූහ.

    Mzwakhe Mohlaloganye රෝගියෙකු පරීක්ෂා කිරීම

    “අම්මා මට කිව්වා මා වැනි පුතෙකු ලැබීම ගැන ඇයට කෘතඥ වන බව‘‘

    පෙරටුගාමීව තම කණ්ඩායම දැරූ උත්සාහය සහ හෙදියක් ලෙස ඔහු කළ සේවය ගැන මෙනෙහි කරන එම්ස්වාකේට හැඟෙන්නේ තමා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. එය දැනුවත් කිරීම සඳහා පමණක් නොව ප්‍රජාවන් බේරා ගැනීමට ද උපකාරී වේ.

    “මම මගේ රටේ ජීවිතාරක්ෂකයෙකු ලෙස හැඟෙන නිසා මම සුපිරි වීරයෙකු ලෙස දැනෙනවා‘‘

    වෙන කවරදාකටත් වඩා ජනතාව හෙදියන් අගය කරන බව ඔහුට හැඟේ.

    “ලොව පුරා සිටින හෙදියන් වෙ මා දෙන පණිවිඩය නම්, අත් නොහරින්න. වෛරසය පාලනය කිරීමට ඔබට හැකි සෑම දෙයක්ම කළ යුතුයි. කිසි විටෙකත් එය අසාර්ථක යැයි හැඟෙන්නේ නැහැ.”

    ලෙනියා

    ‘මෙය ඡායාරූපයකට වඩා ලොකු කතාවක්’

    එය කොවිඩ් වසංගතයට එරෙහිව ඉතාලිය ගෙන යන සටනේ සංකේතය බවට පත් විය. වෙහෙසට පත්ව සිටින හෙදියක් මුහුණු ආවරණය ද සමග පරිගණකය මත නින්දට වැටුණි.  ඉතාලිය අතිෂය දරුණු ලෙස කොවිඩ් වසංගතයට ගොදුරු වී ඇත. එලේනා පැග්ලියරිනිගේ  Elena Pagliarini මෙම ඡායාරූපය එහි විනාශයේ තරම ලොවට කියා පෑවේය.

    වාට්ටුවේ එලේනා පග්ලියරිනි

    “එය එබඳු නාටකාකාර තත්වයක්” යැයි එලේනා බීබීසීයට පැවසුවාය.

    “සමහර රෝගීන් මා ඉදිරිපිට මිය යමින් සිටිනවා. අපි මුළු රාත්‍රියේම වැඩ කළා. උදේ 6 ට මම නැවතිලා මේසය මත ටිකක් විවේක ගන්නා අතරේ වෛද්‍යවරයෙක් මෙම ඡායාරූපය අරගෙන තිබෙනවා”

    ඇය පවසන්නේ මාධ්‍යවේදීන් සහ ඇය නොදන්නා පුද්ගලයින් තමා සම්බන්ධ කර ගන්නා තුරු ඡායාරූපයේ ඇති වැදගත්කම තමා නොදැන සිටි බවයි.

    “පින්තූරය එය ගත් මොහොතට වඩා විශාල වී ඇති බව මට වැටහුණා. එය චලනය වනවා පමණක් නොව නොසන්සුන් ද වුණා”

    මාර්තු මැද භාගය වන විට, උතුරු ඉතාලියේ කොවිඩ් වසංගතය අති බිහිසුණු වී සෑම දිනකම සිය ගණනක් මිය යමින් සිටියදී, එලේනා ද කොවිඩ් ආසාදනය වී, සුවඳ සහ රසය පිළිබඳ හැඟීම නැති කර ගත්තාය. ඉතාලිය පුපුරා යාමේ උච්චතම අවස්ථාව කරා ළඟා වන විට ඇය දින 23 ක් නිවසේ නැවතී අප්‍රේල් 2 වන දින නැවත සේවයට පැමිණියාය.

    එලේනා පග්ලියරිනි

    එතැන් සිට, ආසාදන විශාල ලෙස පහත වැටී ඇති අතර දැඩි සත්කාර සේවා කළමණාකරනය කළ හැකි මට්ටමකට පැමිණ ඇත. කොවිඩ් වසංගතයෙන් දැඩිව බැට කෑ ඉතාලිය එහි අගුළු දැමීම ලිහිල් කිරීමට පටන් ගෙන තිබේ. 

    “අපි දැන් දෙවන අදියරෙහි සිටිමු” එලේනා පවසන්නේය.

    “අප වෙත තවමත් ආසාදිතයින් පැමිණෙමින් පවතින නමුත් රෝග ලක්ෂණ සැහැල්ලු යි: උගුරේ අමාරුව, විජලනය, දැඩි හිසරද ඔවුන් තුළ දැකිය හැකියි. නමුත් එය හදිසි තත්වයක් නොවේ.”

    කොවිඩ් වසංගතයට එරෙහි දුෂ්කර සටනේදී ඉතාලියේ අවම වශයෙන් සෞඛ්‍ය සේවකයින් 160 ක් මියගොස් තිබේ. රටේ වෛද්‍යවරුන් ( සෑම තැනකම මෙන්) මෙම සටනේ වීරයන් ලෙස සැලකේ.

    “මම මගේ වැඩ ගැන ආඩම්බර වෙමි”, එලේනා පවසයි. “එම ඡායාරූපය මා පමණක් පෙන්වන නමුත් එය සියලුම හෙදියන් සහ වෛද්‍යවරුන් නියෝජනය කළ යුතුයි”

    ලෙනියා

    ‘ඔවුන් 70 ට වැඩි අයයි’

    එක්සත් ජනපදයේ සේවය කරන හෙදියක් වන ගේබ්‍රියෙලා සෙරානෝට Gabriela Serrano සිය පළමු කොවිඩ් -19 රෝගියා රෝහලෙන් පිටව ගිය අයුරු දුටු දවසේ සොඳුරු මතකයන් ඇත.

    “මම ඇයව රෝහලෙන් පිටතට ගෙන යන විට ඇය බොහෝ සතුටට පත් වුණා. ඇය පැවසුවේ,” හිරු බැබළීම සහ නැවුම් වාතය ආශ්වාස කිරීම දැකීම සතුටක් බවයි “

    ආරක්ෂිත උපකරණ සහිත ගේබ්‍රියෙලා සෙරානෝ

    ගේබ්‍රියෙලා අවුරුදු හතක් තිස්සේ හෙදියක් ලෙස සේවය කරයි. වසංගතය අතරතුර ඇය සැන් ෆ්රැන්සිස්කෝ නගරයට නුදුරින් පිහිටි රෝහලක සේවය කළාය.

    “මම රැකබලා ගනිමින් සිටි කොවිඩ් -19 රෝගීන් දෙදෙනාට තවත් රෝග තත්ත්වයන් කිහිපයක් ද තිබුණා. ඔවුන් දෙදෙනාම 70 වැනි විය පසු කළ අය. එහෙත් ඔවුන් දිවි ගලවා ගැනීමට සමත් වුණා. එය මගේ බලාපොරොත්තු අලුත් කළා”

    31 හැවිරිදි ගේබ්‍රියෙලා පසුගිය මාස දෙක තුළ කොරොන නොවන මරණ තුනක් දැක තිබේ. ඇය මිය යන කාන්තාවක් රැකබලා ගත් ආකාරය විස්තර කළාය.

    “ඇය පළමු දිනයේ මඳක් ප්‍රතිචාර දැක්වූ නමුත් කතා කළේ නැහැ. මා සමඟ නැවත කතා කිරීමට ඇයට නොහැකි වුවද මම ඇයට කරන සෑම දෙයක්ම පැහැදිලි කළා”

    ගේබ්‍රියෙලා සෙරානෝ

    ඊළඟ දවසේ රෝගියා ඇස් ඇරියේවත් නැත.

    රෝගියාගේ අවසාන පැයවලදී ඥාතීන් බැලීමට රෝහල අවසර දී ඇත. අවාසනාවකට මෙන් ඇයට සමීප පවුලක් නොසිටි අතර ඇගේ හොඳම මිතුරා රෝහලෙන් ඈත්ව සිටීමට තීරණය කළේය.

    “මම ඇය සමඟ වාඩි වී, ඇගේ අත අල්ලාගෙන ඇයට පැවසුවා එය හොඳින් සිදුවන බව. ඇය සමඟ යමෙකු සිටින බව මම ඇයට පැහැදිලි කළා” ගේබ්‍රියෙලා පවසයි.

    “ඒ අවස්ථාවේදී ඇයට මට ඇහුම්කන් දිය හැකිදැයි මම දන්නේ නැහැ. නමුත් එය ඇය වෙනුවෙන් මට කළ හැකි හොඳම දේ තමයි”

    ඇය සංචාරක හෙදියක් වන අතර ඔවුන් කෙටි කාලීන කොන්ත්‍රාත්තු මත සේවය කරන අය ලෙස හැඳින්වේ. වෛරසය වැළඳෙනු ඇතැයි මිනිසුන් බිය වන අතර බොහෝ දෙනා හදිසි නොවන ප්‍රතිකාර සඳහා රෝහල්වලින් ඈත්ව සිටින බැවින් සාමාන්‍ය රෝගීන් ඇතුළත් කිරීම් අඩු වී ඇත. එබැවින් ඇය සේවය කරමින් සිටි රෝහල ඇගේ රැකියාව නතර කිරීමට තීරණය කළේය.

    “මාසයක් ඇතුළත රැකියාවක් ලබා ගැනීම ගැන මම ඉතා සුබවාදීව සිටිනවා. මට ලබා ගත හැකි දේ මම ගන්නවා‘‘

    ලෙනියා

    ‘තනි ආසාදිත පුද්ගලයෙකුට මුළු ජනතාවටම තර්ජනයක් විය හැකියි’

    “මාර්තු 24 වන දින අපගේ පළමු කෝවිඩ් -19 ධනාත්මක රෝගියා අපට හමු වුණා. වහාම මම මගේ රෝහලේ ගෝත්‍රික රෝගීන් දෙදෙනෙකු ගැන සිතුවා” යනුවෙන් ශාන්ති තෙරේසා ලක්‍ර Shanti Teresa lakra පැවසුවාය.

    ඉන්දියාවේ අන්දමන් හා නිකොබාර් දූපත් වල ජීවත් වන සුළු ගෝත්‍රික කණ්ඩායම් වෙත සෞඛ්‍ය සේවා සැපයීම සඳහා ශාන්ති නමක් දිනාගෙන ඇති අතර ඉන්දියාවේ හෙදියන් සඳහා ඉහළම වෘත්තීය පිළිගැනීම වන ෆ්ලෝරන්ස් නයිටිංගේල් සම්මානයෙන් ද ඇය පිදුම් ලබා ඇත. (The Florence Nightingale award, the highest professional recognition for nurses in India)

    ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිටගෙන සිටින ශාන්ති තෙරේසා ලක්‍ර
    ගෝත්‍රිකයන් සමඟ ශාන්ති කළ සේවය හොඳින් හඳුනාගෙන තිබේ

    ඇය නියුමෝනියාවෙන් පීඩා විඳි ජරාවා ගෝත්‍රයට Jarawa tribe අයත් පස් හැවිරිදි පිරිමි ළමයෙකු මෙන්ම ෂොම්පන් ගෝත්‍රයේ Shompen trib කාන්තාවක් ද රැකබලා ගනිමින් සිටියාය.

    ජරාවාස් ජනයා බාහිර ලෝකය සමඟ සම්බන්ධතා පැවැත්වූයේ 1997 දී පමණි. නිරුවත් දඩයම්කරුවන් වන ඔවුන් ජීවත් වන්නේ පෝර්ට් බ්ලෙයාර් සිට කි.මී. 80 (මීටර 50) ක් පමණ දුරින් පිහිටි වන රක්ෂිතයක ය.

    පිරිමි ළමයා රෝහලෙන් පිටත් කර සතියකට පසු ඇය ඔහුව පරීක්ෂා කිරීම සඳහා වනාන්තර ප්‍රදේශයට ගියාය.

    “ඔහු සම්පූර්ණ සුවය ලබා සිටියා. මට ඔවුන්ගේ භාෂාව ටිකක් කතා කළ හැකි බැවින්, වනාන්තරයේ ඈත ගොස් ජීවත් වන ලෙස මම ඔවුන්ට කියා සිටියා‘‘

    දියුණු සමාජයෙන් බොහෝ දුරස් වූ හුදකලාව වසර දහස් ගණනක් තිස්සේ මෙම ආදිවාසී කණ්ඩායම් සඳහා පලිහක් ලෙස සේවය කළ නමුත් පසුගිය ශතවර්ෂය තුළ පුළුල් වන ජනාවාස ඔවුන්ගේ ජනගහනය විනාශ කර දමා ඇත. ශාන්ති පවසන්නේ දැනට ජරාවා ගෝත්‍රයේ සාමාජිකයින් 450ක් පමණ සිටින බවයි.

    “ඔවුන්ගේ ප්‍රතිශක්තිය අඩුයි. තනි ආසාදිත පුද්ගලයෙකුට මුළු ජනතාවටම තර්ජනයක් විය හැකියි”

    ලෙනියා

    වාර්තා කිරීම ස්වාමිනාදන් නටරාජන්, මාක් ලෝවන් සහ ක්‍රිස්ටියන් පාකින්සන් විසිනි – බී.බී.සී. වාර්තාවක් ඇසුරිණ් සකස් කළේ – තුෂාධවි

  • ෂාරුක් ඛාන් සමඟ පෙම්වතියගේ චරිතය රගපෑ සියලුම බොලිවුඩ් නිළියන් මෙන්න !

    ෂාරුක් ඛාන් සමඟ පෙම්වතියගේ චරිතය රගපෑ සියලුම බොලිවුඩ් නිළියන් මෙන්න !

    ‘ෂාරුක් ඛාන්’ Shah Rukh Khan එහෙම නැති නම් ‘කිං ඛාන්’ බොලිවුඩයේ සුපිරිම තරුවයි. ඔහුට අභියෝග කළ හැකි තවත් අයෙක් වත්මන් බොලිවුඩයේ නැහැ. ඒ නිසාම ෂාරුක් සමග පෙම්වතියගේ, ප‍්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්න බොලිවුඩ් සුරූපිනියන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්.

    ඇත්තම කිව්වොත් ෂාරුක් සමග රගපාන්න ඔවුන් අතර ඇත්තේ තරගයක්. ඒක ඔවුන්ගේ සිහිනයක්. ඒත් ඒ සිහිනය සැබෑ වී තිබෙන්නේ බොලිවුඩ් නිළියන්ගෙන් කිහිප දෙනකුට පමණයි.

    ඔවුන් අතර ප්‍රීති සින්ටා සිට දීපිකා පදුකෝන් ඇතුළු තවත් සුරූපිනියන් ගැන ඔබ දැන ගන්න කැමැති ද ? එසේ නම් එන්න මේ ලිපිය කියවන්න…

    බාසිගර් හි ශිල්පා ෂෙට්ටි Shilpa Shetty in Baazigar (1993)

    ෂාරුක් ඛාන්

    කබි හාන් කබි නා හි සුචිත්‍රා ක්‍රිෂ්ණමූර්ති Suchitra Krishnamoorthy in Kabhi Haan Kabhi Na (1994)

    ෂාරුක් ඛාන්

    පර්ඩෙස්හි මහීමා චෞද්රි Mahima Choudhary in Pardes (1997)

    ෂාරුක් ඛාන්

    ප්‍රීති සින්ටා ඩිල් සේ Preity Zinta in Dil Se (1998)

    ෂාරුක් ඛාන්

    අශෝක හි රිෂිටා භට් Hrishitaa Bhatt in Asoka (2001)

    ෂාරුක් ඛාන්

    ගයාත්‍රි ජෝෂි Gayatri Joshi in Swedes (2004)

    ෂාරුක් ඛාන්

    ඕම් ශාන්ති ඕම්හි දීපිකා පදුකෝන් Deepika Padukone in Om Shanti Om (2007)

    ෂාරුක් ඛාන්

    අනුෂ්කා ෂර්මා රබ් නෙ බනා ඩි ජෝඩි Anushka Sharma in Rab Ne Bana Di Jodi (2008)

    ෂාරුක් ඛාන්

    මහීරා ඛාන් රයිස් හි Mahira Khan in Raees (2017)

    ෂාරුක් ඛාන්

    Text by filmfare.com – by – Thushadhavi

  • කෙට්ටු අයට කොරෝනා අවධානම අඩුද ?

    කෙට්ටු අයට කොරෝනා අවධානම අඩුද ?

    ස්ථූලභාව හේතුවෙන් හෘද රෝග, පිළිකා සහ දෙවන අදියරේ දියවැඩියාව ඇතුළු රෝග ගණනාවක අවදානම වැඩි වේ. මුල් කාලීන පර්යේෂණයන්ට අනුව ස්ථූලභාවය නිසා කොවිඩ් -19 ආසාදනය වූ පුද්ගලයෙකුගේ රෝගී බව වැඩි වීමේ අවදානමක් ඇත. නමුත් එය එසේ වන්නේ ඇයි?

    ස්ථූලභාවය නිසා වෛරසය ආසාදනය වීමේ අවදානමක් ඇති බවට සාක්ෂි තිබේ ද?

    මෙම ගැටලුව බොහෝ අධ්‍යයනවල මාතෘකාවක් වී ඇති බැවින් නිසි පිළිතුරු සොයා ගැනීමට විශේෂඥයෝ උත්සහ කරති.

    • එක්සත් රාජධානියේ රෝහල්ගත කර සිටින කොවිඩ් -19 රෝගීන් 17,000 කට ආසන්න සංඛ්‍යාවකින් සිදු කරන ලද අධ්‍යයනයකදී හෙළි වූයේ ස්ථූල පුද්ගලයන් එසේ නොවන අයට වඩා 33% කින් මිය යාමේ වැඩි අවදානමක් ඇති බවය.
    • එක්සත් රාජධානි සෞඛ්‍ය සේවා ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය වාර්තා අනුව සිදුකල වෙනත් අධ්‍යයනයකින් හෙළි වූයේ ස්ථූල පුද්ගලයන් කොවිඩ් -19 ආසාදනය වීමෙන් මිය යාමේ අවදානම දෙගුණ වන බවයි. ස්ථූලභාවය සම්බන්ධ වෙනත් සෞඛ්‍ය තත්ත්වයන් වන හෘද රෝග සහ දෙවන අදියරේ දියවැඩියාව ද සැලකිල්ලට ගතහොත් අවදානම ඊටත් වඩා වැඩි වනු ඇතැයි පර්යේෂකයෝ පැවසූහ.
    • එක්සත් රාජධානියේ දැඩි සත්කාර ඒකකවල බරපතළ ලෙස රෝගාතුර වූ පුද්ගලයන් පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ 34.5% කට ආසන්න ප්‍රමාණයක් අධික බරින් යුක්ත බවත්, 31.5% ක් ස්ථූලභාවයත්, 7% ක් අසාමාන්‍යය ස්ථූලභාවයෙන් පෙළෙන බවත්ය (මුළු ගණන 73%).

    ගෝලීය ස්ථූලභාවයේ ඉහළ අනුපාතයන් සැලකිල්ලට ගනිමින්, ස්ථූලත්වය සම්බන්ධයෙන් ලෝක සම්මේලනය පවසන්නේ කොරෝනාවෛරසය වැළඳෙන පුද්ගලයන්ගෙන් ඉහළ ප්‍රතිශතයක “ශරීර ස්කන්ධ දර්ශකය 25 ට වැඩි” බවය. එය වැදගත් සාධකයක් බව එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඉතාලිය සහ චීනය යන රටවල මුල් කාලීන අධ්‍යයනවලින් පෙනී යයි.

    ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කරනු ලබන්නේ යමෙකුගේ බර කිලෝග්‍රෑම්වලින් ගණනය කර එය උස වර්ග මීටරවලින් බෙදීමෙනි.

    වයසට යාම, මිනිසෙකු වීම මෙන් ම පවතින සෞඛ්‍ය ගැටලු සියල්ල ම කොවිඩ් -19 ආසාදනයෙන් වඩාත් බරපතළ ලෙස රෝගාතුර වීමේ අවදානම වැඩි කරයි.

    ස්ථූලභාවය අවදානමක් වන්නේ ඇයි?

    ස්ථූල පුද්ගලයන්ගේ සම යටි කොටසේ සහ ශරීර අවයව වටා මේද පටක වැඩි ප්‍රමාණයක් පිහිටා තිබේ
    ස්ථූල පුද්ගලයන්ගේ සම යටි කොටසේ සහ ශරීර අවයව වටා මේද පටක වැඩි ප්‍රමාණයක් පිහිටා තිබේ

    ඔබේ ශරීරය වැඩි බරකින් යුක්ත වන තරමට, වැඩි මේද ප්‍රමාණයක් රැදී තිබේ. මෙමගින් ඔබේ ශරීර ශක්තිය හීන වන අතර, පෙනහලු ධාරිතාව ද අවම කරයි. මෙයින් අදහස් වන්නේ රුධිරයට හා ශරීරයට ඔක්සිජන් ලබා ගැනීමේදී බලවත් පරිශ්‍රමයක් දැරිය යුතු බවය. මෙම තත්ත්වය හෘදයට හා රුධිර ප්‍රවාහයට ද බලපායි.

    “මිනිසුන් අධික බරකින් සිටින විට ඔවුන්ට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ ශරීර පද්ධතිය දැඩි පීඩනයකට ලක් වෙනවා,” යැයි ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවීඩ් සත්තාර් පැවසීය.

    කොරෝනාවෛරසය වැනි ආසාදන තත්ත්වයකදී මෙය බරපතළ විය හැකිය.

    “අවසානයේදී ප්‍රධාන අවයවවලට ඔක්සිජන් නොලැබීම නිසා ස්ථූල ශරීරය අක්‍රිය විය හැකියි” රේඩින්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඩයන් සෙල්ලයා පවසයි.

    දැඩි සත්කාර ඒකකයේ සිටින අධික බර සහ ස්ථූල පුද්ගලයින්ට හුස්ම ගැනීමට සහ වකුගඩු ක්‍රියාකාරිත්වයට වැඩි සහයක් අවශ්‍ය වීමට එය එක් හේතුවකි.

    මේද සෛල ඉටු කරන කාර්යභාරය කුමක් ද?

    වෛරසයට ශරීරයට ඇතුළු වීමට ප්‍රධාන ම ක්‍රමය සෛල තුළ ඇති ACE2 නම් එන්සයිමය බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ.

    මේද පටකවල මෙවැනි අණු ඉහළ ප්‍රමාණයක් ඇති බව විශ්වාස කෙරේ. ස්ථූල පුද්ගලයන්ගේ සම යටි කොටසේ සහ ශරීර අවයව වටා මේද පටක වැඩි ප්‍රමාණයක් පිහිටා තිබේ.

    ඔවුන්ට රෝගය වැළඳීමේ වැඩි අවදානමක් සහ බරපතළ ලෙස රෝගී වීමේ වැඩි අවදානමක් ඇති වීමට මෙය එක් හේතුවක් විය හැකිය.

    ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපා තිබේ ද?

    අන් සියල්ලට ම වඩා, ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය ලෙස හැඳින්වෙන, වෛරසයට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව තරබාරු පුද්ගලයින් තුළ හොඳ මට්ටමක නොමැත.

    macrophages නම් ප්‍රතිශක්තිකරණ සෛල මගින් ඇති වන ප්‍රදාහය අපගේ මේද පටක ආක්‍රමණය කිරීම මෙයට හේතු වේ. ආසාදනවලට අපගේ සෛල ප්‍රතිචාර දක්වන ක්‍රියාදාමයට මෙමගින් බාධා එල්ල වේ.

    විද්‍යාඥයන් පවසන පරිදි, මෙය ‘cytokine කුණාටුවකට’ හේතු විය හැකිය. මෙමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික ලෙස ප්‍රතික්‍රියා කර ප්‍රදාහය සහ වෙනත් බරපතළ හානි වීමට ඉඩ ඇත.

    විශේෂ වර්ගයේ මේද පටක මෙම macrophage නම් ප්‍රතිශක්තිකරණ සෛල ආක්‍රමණවලට ගොදුරු වේ. කළු, අප්‍රිකානු සහ ආසියානු පසුබිම්වල පුද්ගලයින් තුළ මෙම වර්ගයේ පටක වැඩි ප්‍රමාණයක් ඇති අතර, ඔවුන් තුළ “දියවැඩියාව ඉහළ ගොස් වෛරසයට ගොදුරු වීමේ අවදානම වැඩි වීමට හේතු වෙලා තිබෙනවා” යනුවෙන් වෛද්‍ය ඩයන් සෙල්ලයා පවසයි.

    වෙනත් සැඟවුණු ගැටලු තිබිය හැකි ද?

    ස්ථූලභාවයත් සමග දුර්වල හෘදයක් හෝ පෙනහලු, දුර්වල ලෙස ක්‍රියා කරන වකුගඩු හෝ දෙවන අදියරේ දියවැඩියාව වැනි වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති වේ.

    කොවිඩ් -19 වැනි දරුණු ආසාදනයක් වර්ධනය වන තුරු මෙවැනි රෝගී තත්ත්වයන් අනාවරණය නොවිය හැකි අතර ඒ සියල්ලෙන් ම ශරීරයට අමතර පීඩනයක් ඇති කරයි.

    රුධිර කැටි ගැසීම් වර්ධනය වීමට ද වැඩි ඉඩක් ඇති නමුත් එයට හේතුව පැහැදිලි නැත.

    රෝහලේ ප්‍රතිකාර ලැබිය හැකි ද?

    ස්ථූලභාවයෙන් පෙළෙන රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබාදීමේ දී අභියෝගවලට මුහුණ පෑමට සිදුවනු ඇත
    ස්ථූලභාවයෙන් පෙළෙන රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබාදීමේ දී අභියෝගවලට මුහුණ පෑමට සිදුවනු ඇත

    ස්ථූලභාවයෙන් පෙළෙන රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබාදීමේදී අභියෝගවලට මුහුණ පෑමට සිදුවනු ඇත. හුස්ම ගැනීම පහසු කිරීමේ යන්ත්‍ර සවි කිරීමේ දී මෙන්ම ස්කෑන් පරීක්ෂණවල දී බර සම්බන්ධයෙන් පවතින සීමා මෙහි දී ගැටලුසහගත තත්වයක් බවට පත් විය හැකිය.

    අධික බර රෝගීන් හුස්ම ගැනීමේ පහසුව සඳහා හැරවීම හෝ නැඹුරු කරවීම අපහසු කාර්යයක් විය හැකිය.

    නිරෝගීව සිටීමට කුමක් කළ හැකි ද?

    සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් අනුභව කිරීම සහ නිතිපතා ව්‍යායාම කිරීම නිරෝගීව සිටීමට හැකි හොඳ ම ක්‍රමයයි.

    සමාජ දූරස්ථභාවය පවත්වාගත යුතු වුව ද වේගයෙන් ඇවිදීම, දිවීම සහ බයිසිකල් පැදීම හොඳ විකල්ප වේ.

    එසේ නොමැති නම්, සෙමින් ආහාර ගැනීමට උත්සහ කිරීම තුළින් අධික ලෙස ආහාර ගැනීමට පෙළඹවිය හැකි තත්ත්වයන් වළක්වා ගත හැකිය.

    මෙම ලිපිය බී.බී.සී. සන්දේශය වෙතින් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලද්දකි – ඡායාරූප පමණක් වෙනස් කර ඇත. – ප්‍රධාන සංස්කාරක

  • ලෝකයේ වඩාත්ම පෝෂ්‍යදායී ආහාර 100 ගැන දැන ගනිමු ද?

    ලෝකයේ වඩාත්ම පෝෂ්‍යදායී ආහාර 100 ගැන දැන ගනිමු ද?

    බොහෝ රටවල් අගුළු ලා ඇති බැවින් ජනතාවගෙන් විශාල පිරිසක් නිවාසවලට කොටු වී සිටිනවා. ඒ අතර අනාගතයේ ආහාර අර්බුදයක් ඇතිවේ යැයි පළ වෙන අනාවැකි නිසා බොහෝ දෙනෙක් ගෙවතු වගාවට, බදුන් තුළ එළවළු වගාවට යොමු වෙලා තිබෙනවා. ලංකාවේ වගේම ඇමෙරිකාව, එක්සත් රාජධානිය තුළ එළවළු බීජ සදහා වන ඉල්ලුම අති විශාල අගයකින් ඉහළ ගිහින් තිබෙන්නේ මෙහි ප්‍රතිඵලයක් විදිහටයි.

    මේ අතර ආහාර හිගයක් ගැන බිය පළ කරන ජනතාව තමන් ලබා ගන්නා ‘සීමිත ආහාර‘ ප්‍රමාණයේ ඇති ගුණාගුණ ගැනත් දැන් දැඩි අවධානයක් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔවුන් දැන් කල්පනා කරන්නේ ‘අවම ආහාර ප්‍රමාණයකින් උපරිම පෝෂණයක් ලබා ගැනීම ගැනයි.

    පෝෂණවේදීන්ට අනුව නම් මෙය ධනාත්මක තත්ත්වයක්. එය ආහාර සදහා වන අවශ්‍ය ඉල්ලුම අවම කරන අතර අධික ලෙස ආහාර ගැනීම නිසා ඇති වන සෞඛ්‍ය ගැටලු රැසකටත් ඵලදායී විසදුමක් බවයි ඔවුන් කියන්නේ.

    මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන කෘෂි විශේෂඥයෝත් සතුටට පත්ව සිටිනවා. ඔවුන් කියන්නේ ඉදිරි මාස කිහිපයේ හෝ වසර කිහිපයක් පවා පැවැතිය හැකි ගෝලීය ආහාර අර්බුදයට වඩාත් පෝෂණීය ආහාර ගැන ජනතාව දක්වන උනන්දුවෙන් ‘යම් සහනයක් ලැබෙන බවයි.

    ඉතිං මේ තත්ත්වය තුළ පෝෂණවේදීන් සහ පර්යේෂකයින් පසුගිය දා ‘අමු ආහාර‘ (Raw food) 1,000කට වඩා විශ්ලේෂණය කිරීමෙන් පසුව, ඔබේ දෛනික පෝෂණ අවශ්‍යතාවයන්ගෙන් උපරිම කොටස ලබා දෙන ආහාර වර්ග ශ්‍රේණිගත කර ඇති අතර ඔවුහු පුදුම කරුණු කිහිපයක් ද සොයා ගත්තා.

    සිය සොයා ගැනීම් ගැන සදහන් කරමින් ඔවුන් මෙසේ ද සටහන් කළා. ‘පරිපූර්ණ ආහාරය ගැන සිතන්න. අපගේ දෛනික පෝෂක ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය නමුත් සීමාව ඉක්මවා නොයන සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගු එක් ආහාරයක් පැවතියේ නම් කොපමණ අගනේද ? එය අනුභව කිරීම මගින් වෙනත් ආහාර අනුභව නොකර අපගේ ශරීරයට ප්‍රශස්ත පෝෂණ සමතුලිතතාවයක් ලබා දෙනවා නම් කොපමණ වැදගත් ද?

    එහෙත් කනගාටුවට කරුණ වන්නේ එවැනි විස්මිත ආහාරයක් නොපැවතීමයි. 

    නමුත් අපට ඊළඟ හොඳම දේ කළ හැකිය. එහිදී කළ හැකි ප්‍රධාන දෙය නම්, අධික පෝෂණීය ආහාර සමතුලිතතාවයක් ඇති ආහාර වර්ගයක් අනුභව කිරීමයි. එකට පරිභෝජනය කරන විට, එක් පෝෂ්‍ය පදාර්ථයක් වැඩිපුර අඩංගු නොවීම, දිනපතා නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා යාම වළක්වා ගැනීම එහිදී වැදගත් වේ.

    වර්තමාන වසංගතය තුළ බොහෝ දෙනා බලහත්කාරයෙන් හුදකලා වී ඇති හෙයින් අපගේ සුපුරුදු චර්යාවන්ගෙන් අපව ඉවතට විසි කරන විට එය විශේෂයෙන් වැදගත් වේ.

    විද්‍යාඥයින් ආහාර 1,000 කට වඩා අධ්‍යයනය කළ අතර එක් එක් පෝෂණ ලකුණු ලබා දී ඇත. ලකුණු වැඩි වන තරමට, සෑම ආහාරයක්ම සපුරාලිය හැකි නමුත් අනෙක් අය සමඟ ඒකාබද්ධව ආහාරයට ගන්නා විට ඔබේ දෛනික පෝෂණ අවශ්‍යතා ඉක්මවා නොයනු ඇත‘

    විද්‍යාඥයින් විසින් ගණනය කර ශ්‍රේණිගත කර ඇති වඩාත් පෝෂ්‍යදායී ආහාර 100ක් වේ.

    කරුණාකර සටහන් කරන්න: ලැයිස්තුගත කර ඇති ආහාර වලින් කිහිපයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ වන අතර ඒවා අපි නිර්දේශ නොකරමු. සියලුම අමුද්‍රව්‍ය ඔබම මිලදී ගන්නේ නම් ඒවායේ ප්‍රභවය පිළිබඳව පර්යේෂණ කිරීමට අපි උපදෙස් දෙමු.

    100. බතල- SWEET POTATO ‍- මෙහි ග්‍රැම් 100ක 6kcal ක් අඩංගුවේ. දීප්තිමත් තැඹිලි අලයක්, මිහිරි අර්තාපල් අර්තාපල් වලට දුරස්ථව සම්බන්ධ වේ. එය බීටා-කැරොටින්වලින් (beta-carotene) පොහොසත් ය. පෝෂණ ලකුණු: 49

    අත්තික්කා ගෙඩි FIGS

    99. අත්තික්කා ගෙඩි FIGS – අත්තික්කා ගෙඩි ග්‍රෑම් 100ක 249kcalක් අඩංගුවේ. අත්තික්කා ගෙඩි පුරාණ කාලයේ සිටම වගා කර ඇත. නැවුම් හෝ වියළන ලද ඒවා මැංගනීස් ඛනිජ වලින් පොහොසත් ය. පෝෂණ ලකුණු: 49

    98. ඉගුරු  GINGER – ග්‍රෑම් 100ක 80kcal අඩංගුවේ. ඉඟුරු වල ඉහළ ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. වෛද්‍ය විද්‍යාවේදී එය ආහාර ජීර්ණ උත්තේජකයක් ලෙස සහ සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී – පෝෂණ ලකුණු: 49

    97. වට්ටක්කා –  PUMPKIN – වට්ටක්කා ග්‍රැම් 100ක 26kcalක් අඩංගුවේ. වට්ටක්කා කහ සහ තැඹිලි වර්ණක වලින් පොහොසත් ය. විශේෂයෙන් සැන්තොෆිල් එස්ටර සහ බීටා-කැරොටින්වලින් xanthophyll esters and beta-carotene පොහොසත්ය. පෝෂණ ලකුණු: 50

    බර්ඩොක් රූට් BURDOCK ROOT

    96. බර්ඩොක් රූට් BURDOCK ROOT – ග්‍රෑම් 100ක 72kcalක් අඩංගුවේ. ජන වෛද්‍ය විද්‍යාවේ (folk medicine) සහ එළවළු ලෙස භාවිතා කරන අධ්‍යයනවලින් පෙනී යන්නේ බර්ඩොක් මගින් මේදය අඩුවීමට සහ දැවිල්ල සීමා කිරීමට හැකි බවයි. පෝෂණ ලකුණු: 50

    95. බ්‍රසල්ස් ස්පෘට්ස් BRUSSELS SPROUTS -ගෝවා විශේෂයක් වන මෙහි ග්‍රෑම් 100ක 43kcalක් අඩංගුවේ. මේවා කැල්සියම් සහ විටමින් සී වලින් පොහොසත් ය. පෝෂණ ලකුණු: 50

    94. බ්‍රොකෝලි BROCCOLI – ග්‍රෑම් 100ක 34kcalක් අඩංගුවේ. බ්රොකොලි හිස් නොමේරූ මල් පොහොට්ටු සහ කඳන් වලින් සමන්විත වේ. එක්සත් ජනපද පරිභෝජනය වසර 50 ක් තුළ පස් ගුණයකින් ඉහළ ගොස් තිබේ. පෝෂණ ලකුණු: 50

    93. මල්ගෝවා –  CAULIFLOWER – මල්ගෝවා ග්‍රෑම් 100ක 31kcalක් අඩංගුවේ. පෝෂණ ලකුණු: 50

    92. ජල චෙස්නට්ස් WATER CHESTNUTS – ග්‍රෑම් 100ක 97kcalක් අඩංගුවේ. ජල චෙස්නට් කිසිසේත්ම ගෙඩියක් නොව, වගුරු බිම් තුළ දිය යට මඩ වල වැඩෙන ජලජ එළවළු වර්ගයකි. පෝෂණ ලකුණු: 50

    Water Chestnut
    ජල චෙස්නට්ස් WATER CHESTNUTS 

    91. කැන්ටලූප් මෙලන්ස් CANTALOUPE MELONS – ග්‍රෑම් 100ක 34kcalක් අන්තර්ගත වේ. විෂ වලින් සෛල ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරකයක් වන ග්ලූටතයෝන් වලින් (glutathione) පොහොසත් ආහාර වලින් එකකි. පෝෂණ ලකුණු: 50

    90. PRUNES – ග්‍රෑම් 100ක 240kcalක් අඩංගුවේ. ප්‍රතිඔක්සිකාරක සහ ඇන්තොසියානින් වැනි සෞඛ්‍යයට හිතකර පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ය. පෝෂණ ලකුණු: 50

    7 Benefits Of Prunes: The Dry Fruit Youve Ignored For Too Long ...
    PRUNES

    89. සුලභ බූවල්ලන් – COMMON OCTOPUS – ග්‍රෑම් 100ක 82kcalක් අඩංගුවේ. පෝෂ්‍යදායී වුවද මෑත කාලීන සාක්ෂි වලට අනුව බූවල්ලාට හානිකර බෙල්ලන් විෂ හා අසාත්මිකතාවන් රැගෙන යා හැකිය. පෝෂණ ලකුණු: 50

    88. කැරට් CARROTS – ග්‍රෑම් 100ක 36kcal,ක් අඩංගුවේ. කැරට් මුලින්ම ආහාරයට ගත්තේ මීට වසර 1,100 කට පෙර ඇෆ්ගනිස්ථානයේ ය. තැඹිලි පැහැ Orange carrots කැරට් 1500 ගණන්වල යුරෝපයේ වගා කරන ලදී. පෝෂණ ලකුණු: 51

    87. වින්ටර් ස්කෑෂ්  WINTER SQUASH– ග්‍රෑම් 100ක 34kcalක් අඩංගුවේ. ගිම්හාන ස්කොෂ් මෙන් නොව, ශීතඍතු ස්කොෂ් පරිණත පලතුරු අවධියේදී අනුභව කරනු ලැබේ. දෘඩ ඉඟටිය hard rind සාමාන්‍යයෙන් අනුභව නොකෙරේ. පෝෂණ ලකුණු: 51

    86. ජාලපෙනෝ පෙපර්ස් JALAPENO PEPPERS – ග්‍රෑම් 100ක 29kcalක් අඩංගුවේ. අනෙක් ගම්මිරිස් වලට සමාන විශේෂ. ඉදුණු රතු ජලාපෙනෝස් වල කැරොටිනොයිඩ් . Carotenoid මට්ටම 35 ගුණයකින් වැඩි ය. පෝෂණ ලකුණු: 51

    85. රුබාබ්  RHUBARB – ග්‍රෑම් 100ක 21kcalක් අඩංගුවේ. රුබාබ් ඛනිජ, විටමින්, තන්තු සහ ස්වාභාවික ෆයිටොකෙමිකල් වලින් පොහොසත් වන අතර එය සෞඛ්‍යය පවත්වා ගැනීමට දායක වේ. පෝෂණ ලකුණු: 51

    84. දෙළුම් – POMEGRANATES – දෙළුම් ග්‍රෑම් 100ක 83kcalක් අඩංගුවේ. ඒවායේ රතු සහ දම් පැහැය නිපදවන්නේ ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇති ඇන්තොසියානින් විසිනි. පෝෂණ ලකුණු: 51

    83. රතු මිදි – RED CURRANTS  – රතු පැහැ මිදි ග්‍රෑම් 100ක 56kcalක් අඩංගුවේ. ඇන්තොසියානින්  anthocyanins වලින් පොහොසත් ය. පෝෂණ ලකුණු: 51

    82. දොඩම් – ORANGES – දොඩම් ග්‍රෑම් 100ක 46kcal අඩංගුවේ. ලොව පුරා වගා කරන පැඟිරි පලතුරු බොහෝමයක් දොඩම් වේ. පෝෂණ ලකුණු: 51

    81. කාප් මසුන් – CARP – කාප් මළු ග්‍රෑම් 100ක 127kcalක් අඩංගුවේ. කාප් මාළු වල ඉහළ ප්‍රතිශතයක් ප්‍රෝටීන් වන අතර එය 18% ක් පමණ වේ. 6% ට අඩු මේදය වන අතර සීනි රහිත වේ. පෝෂණ ලකුණු: 51

    Hubbard Squash Information, Recipes and Facts
    හබාර්ඩ් ස්කොෂ් HUBBARD SQUASH

    80. හබාර්ඩ් ස්කොෂ් HUBBARD SQUASH– ග්‍රෑම් 100ක 40kcalක් අඩංගුවේ. බොහෝ විට වට්ටක්කා වෙනුවට පිසිනු ලැබේ. පෝෂණ ලකුණු: 52

    ඉතිරි කොටස හෙට –

    බී.පී.සී වාර්තාවක් ඇසුරිණි
    සැකසුම – තුෂාධවි

  • ගැබිණි හා  ළමුන්ගේ  ප්‍රතිශක්තිකරණ සායනවලට පැමිණීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස්

    ගැබිණි හා ළමුන්ගේ ප්‍රතිශක්තිකරණ සායනවලට පැමිණීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස්

    ගැබිණි මවුවරුන්ගේ සායන හා වයස අවුරුදු  (05) පහට අඩු දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ සායන ඇරඹීමෙන් පසුව ඒවාට සහභාගී වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇත.

    සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් නිවැරදිව පිළිපදිමින් කොවිඩ්  -19 (කොරෝනා) මර්දන සටනට ප්‍රශංසනීය දායකත්වයක් සමාජයේ බහුතරයක් දෙනා ලබාදුන් බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ සභාපති නයනි විජේවික්‍රම මෙනෙවිය පවසයි.

    රෝගය ව්‍යාප්ත වීම සාර්ථකව පාලනය කර ගැනීමට හැකිවී ඇතත් යළි දිවයිනේ කුමන හෝ ප්‍රදේශයකින් ආසාදිතයෙකු වාර්තාවීමේ අවදානම පහව ගොස් නැත. එබැවින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

    මේ අතර මාතෘ සායන සහ  වයස අවුරුදු පහට අඩු දරුවන් වෙනුවෙන් පවත්වන සායන දිවයිනේ බොහෝ ප්‍රදේශවල කෙමෙන් සිය සේවා ලබාදීම සිදුකරමින් පවතී. තවමත් ආරම්භ නොවු සායන ඉදිරි දෙසතිය තුළ සිය සේවා ලබාදීම අරඹනු ඇතැයි අපේක්ෂා කෙරේ. වයස අවුරුදු පහට අඩු දරුවන් සහ ගැබිණි කාන්තාවන් කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සදහා විශේෂයෙන්ම ඉතා සැලකිලිමත් විය යුතුය.

    එබැවින් මාතෘ හා ළමා  ප්‍රතිශක්තිකරණ සායන ආරම්භ වීමත් සමගම ඒවායේ සේවා ලබාගැනීමට පැමිණීමේදී අනුගමනය කල යුතු සෞඛ්‍යාරක්ෂිත පියවර කිහිපයක් පිළිබදවද ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. හැකි සෑම විටකම ගැබිණි කාන්තාව පමණක් එම අදාළ  සායනය  සදහා පැමිණිය යුතුය.

    ඇයගේ සහායට අන් අය කැඳවා ගැනීම නොකළ යුතුය. වයස අවුරුදු පහට අඩු දරුවන් සදහා ප්‍රතිශක්තිකරණ  සායන සඳහා  දරුවා සමග පැමිණිය  යුත්තේ මව හෝ බාරකරු පමණි. කිසිම විටෙක සායනයට  භාරකරු ලෙස වයස්ගත පුද්ගලයින් හෝ රෝගී පුද්ගලයින්  සහභාගීවීම නොකළ යුතුය. ඔවුන් කොවිඩ් -19 රෝගය සදහා අධි අවදානම් කාණ්ඩයක් ලෙස සැලකේ.

    උණ, කැස්ස, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ තිබේ නම් කිසිම අවස්ථාවක සායන සදහා පැමිණීම නොකළ යුතුය. ඔවුන් 1390 හෝ 1999 දුරකතන අංක අමතා උපදෙස් ලබා ගැනීම සහ අවශ්‍ය අවස්ථාවල 1990 අංකය අමතා ඔවුන්ගේ සහායෙන් රෝහල් ගතවීම කල යුතුය.

    කලට වේලාවට සායනයට පැමිණීම, තදබදයක් ඇති නොකර එකිනෙකා අතර මීටරයක පරතරය සහිතව සාවධානව තම වාරය එලඹෙන තුරු සිටීමද වැදගත්ය.

    සායන ගොඩනෑගිලි තුල නිකරුණේ කාලය ගත කිරීම නොකල යුතුය.කුඩා දරුවන්ද ඇතුළුව සායන සදහා සහභාගීවන සියලුම දෙනා මුඛ ආවරණ  පැලඳීම අත්‍යවශ්‍ය වෙයි.සායන ගොඩනැගිල්ලට ඇතුලුවන විට එහි  පිහිටුවා තිබෙන අත සෝදන ස්ථානයේදී සබන්  යොදා නිසි පදි තත්පර විස්සක්වත් කාලය ගෙන දෑත් සේදීම කල යුතුය. එම නිසි ක්‍රමවේදය පිලිබද අවබෝධයක් නොමැති අය දැනුවත් කිරීමද සායන කාර්‍ය මණ්ඩලය විසින් සිදු කරනු ඇත. සමහර සායන වල දෑත් පිරිසිදු කර ගැනීමට විෂබීජ නාශක දියරද සපයනු ඇත.

    සායන ක්‍රියාත්මක වන සෑම දිනකම එදිනෙදා මතුවන විශේෂිත තත්වයන්ට  අනුව ලබාදෙන උපදෙස් සහ පොදු සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් කොවිඩ් -19 ව්‍යාප්තිය අවම කරගැනීම කල  යුතුය. එසේ සිය ජාතික යුතුකම ඉටු කරමින් සෞඛ්‍ය සේවා ලබා දීමේ වැඩපිලිවෙලට සහාය වෙමින් කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනයට  දායක වන මෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ සභාපති නයනි විජේවික්‍රම මෙනෙවිය සමස්ත සේවාලාභීන්ගෙන් ඉල්ලා සිටී.

  • ගර්භනී කාන්තාවක් නම් ‘මේ නිවේදනය ගැන’ වැඩි අවධානයක් යොමු කරන්න

    ගර්භනී කාන්තාවක් නම් ‘මේ නිවේදනය ගැන’ වැඩි අවධානයක් යොමු කරන්න

    Covid- 19 වසංගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එම නිවේදනයේ දැක්වෙන්නේ පහත සදහන් අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවයි.

    උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, වලිප්පුව (Fits), පපුව / උදර වේදනාව, දරුවා දැඟලීම අඩුවීම, ශරීරයේ ඉදිමීම හෝ වෙනත් තදබල අපහසුතාවයක්.

    ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා රෝහල්වල තදබදය අවම කළ යුතු අතර සායනවලට සහභාගිවන ගර්භනී කාන්තාවන්ට කලින් වේලාවක් වෙන් කරගෙන සායන වලට යාමට උපදෙස් දෙනු ලැබේ යනුවෙන්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වෙනවා.

  • Fashion @ Home: නිය ආලේපන ගැල්වීමට පෙර මේ ගැනත් හිතන්න

    Fashion @ Home: නිය ආලේපන ගැල්වීමට පෙර මේ ගැනත් හිතන්න

    ලස්සන ලස්සන පාට වලින් පාට කරලා කැපී පෙනෙන නිය පෙලක් තියාගන්න ඕනම ගෑණු ළමයෙක් කැමතියි. ඒත් මතක කියාගන්න ඔබ යොදන වර්ණයෙන් නම් නියපොතු ලස්සන වෙන්නෙ නෑ.

    ඔබේ නියපොතු වල ස්වභාවයට අනුව තමයි වර්ණ ගැන්වීම කල යුත්තේ.ඔබට ලස්සනම පාට නෙවෙයි නිය වඩාත්ම ලස්සනට පෙනෙන පාටින් තමයි නිය වර්ණ ගැන්විය යුත්තේ.

    ඔබේ නියපොතුවල ස්වභාවය අනුව වර්ණ තෝරා ගැනීම කරන්න ඕනේ මෙහෙමයි.

    ඔබගේ නිය කෙටි නම් තද පැහැයන් භාවිත කිරීමෙන් වැළකිය යුත්තේ තද පැහැයන් නියපොතු කොට කර පෙන්වන නිසයි.ඔබ තද පැහැයක් ආලේප කරන්නේ නම් නිය කෙට්කර පෙන්වීම වළක්වාගැනීම සදහා සුදු පාට තීරැවක් නිය පැත්තකින් ඉතිරි කර නිය ආලේපන ගල්වන්න.

    නිය ආලේපන ගැල්වීම නොකර ස්වාභාවික ආකාරයටම තිබෙන නියපොතු ඔබට දිගු කර පෙන්වීමට අවශ්‍ය නම් නිය තුඩු ඇතුළු පැත්ත වයිට් නේල් පෙන්සිල් එකකින් පාට කර ගන්න.කුඩා නියපොතු විශාල කර පෙන්වීමට අවශ්‍ය නම් ද්ළිසෙන හෝ ලෝහ පැහැති නිය ආලේපන පාවිච්චි කරන්න.

    කාලය ඇති පමණ ගෙන නිය ආලේපන ගැල්වීම සිදුකිරීමට අපහසු කාර්ය බහුල කාන්තාවන් දීප්තියෙන් අඩු පැහැයන් තෝරා ගැනීම සුදුසු යි.නිය ආලේපන ආලේප කරන විටදී සිදුවන අතපසු වීම් සහ පතුරු ගැලවී යෑම් දීප්තියෙන් අඩු පැහැයේ කියුටෙක්ස් ආලේප කල විටදී පෙන්නුම් කරනුයේ ඉතා අඩු වශයෙන් බැවින් දිනපතා රැකියාවට යන යුවතියන්ට එවැන් නිය ආලේපන තෝරාගත හැකි යි.

    එක දිගට නිය ආලේපන ගල්වා තිබීම හේතුවෙන්(විශේෂයෙන් රතු වැන් තද පැහැයන්)ඔබේ නියපොතු කහ පැහැයක් ගෙන තිබේ නම් බටීන් ස්ටික් එකකින් නිය අතුල්ලා මැද ගන්න.එවිට නිය මතුපිට සෛල තට්ටුව එමගින් ඉවත්වී කහ පැහැය නැතිවී යයි.නමුත් එමගිනුත් කහ පැහැය ඉවත් නොවූයේ නම් ලෙමන් යුෂ වල විනාඩි දෙක තුනක් නිය පොතු පෙගේන්නට තබන්න.පසුව අත් හොදින් සෝදා හෑන්ඩ් ක්‍රීම් මදක් නියවල ගාගන්න.

    නියපොතු සදහා රාත්‍රී සත්කාරයක්

    ඔලිව් තෙල් ස්වල්පයක් භාජනයකට දමා ලිප තබා යන්තමට රත් කරන්න.නියපොතු සහ අත් එම තෙල් වල විනාඩි දෙක තුනක් පොගවා ගන්න.පසුව වැඩිපුර තෙල් පිසදාගෙන අත්වලට තද වන පරිදි ග්ලවුස් දමා පැයක් පමණ සිටින්න.මෙමගින් නිය ශකිත්මත් වීමත් වියලීම වළකා ගැනීමටත් හැකි වෙනවා.

     සටහන – මධුභාෂිණී උරේෂා