Category: සුපිරි Lifestyle & Fashion

  • මොකක්ද මේ ‘අධි රුධිර පීඩනය’ කියල කියන්නේ?

    මොකක්ද මේ ‘අධි රුධිර පීඩනය’ කියල කියන්නේ?

    වර්තමානයේ බොහෝ කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි මේ ප්‍රෙශර් කියන වචනය. ප්‍රෙශර් කියන්නෙ සරලවම ගත්තොත් පීඩනය. ඒත් මේ ප්‍රෙශර් කියන වචනය බොහෝ ක්ශේත්‍ර වල භාවිතා වුවත් යම් කෙනෙකුගෙන් ප්‍රෙශර් වැඩි දැයි ඔබ විමසුවහොත් එම පුද්ගලයා දන්නවා ඔබ මේ විමසන්නේ කුමන ප්‍රෙශර් එකක් ගැනද යන බව. ඒතමයි අධි රුධිර පීඩනය (High blood pressure). සාමාන්‍ය භාවිතයේ ප්‍රෙශර් එක කියා කියන්නේ මේ අධි රුධිර පීඩනයටම තමයි.

    මොකක්ද මේ අධි රුධිර පීඩනය (high blood pressure) කියල කියන්නේ?

    වර්තමානයේ සෑම නිවසකම පාහේ වතුර මෝටරයක් තිබෙනවා. මෙමගින් කරන්නේ බලයක් යොදා ජලය උස් තැනකට එනම් වතුර ටැංකියට පොම්ප කිරීමයි. මෙවැනි කාර්‍යක් අප ශරීරය තුලත් සිදු වෙනවා. එය සිදු කරන්නේ අපේ හෘදය(heart) මගිනි. එනම් අප ශරීරයේ සෑම මාංශ පේශියකටම, අවයවයකටම රුධිරය සපයනු ලබන්න්නේ හෘදය මගිනි.

    එය සිදුකරන්නේ හෘදය මගින් බලයක් යොදා රුධිරය පොම්ප කිරීම මගිනි. එම බලය නිසා රුධිරය රුධිර නාල ඔස්සේ ගමන් කරන විට, එම නාල බිත්ති මගින් රුධිරය වෙත ඇතිකරනු ලබන පීඩනයට අප රුධිර පීඩනය කියා කියනවා. මෙහි සාමාන්‍ය අගය ලෙස වර්තමානයේ පිලිගනු ලබන්නේ රසදිය මිලිමීටර් 130/80 වේ.

    මෙම අගයට වඩා ඉහල ගියවිට එයට අධි රුධිර පීඩනය කියා කියනවා.මෙහිදී බොහෝ දෙනෙකුට ඇතිවන ගැටලුවක් තමයි මෙහි අගයන් දෙකකින් දක්වා ඇත්තේ පීඩන පරාසයක්ද යන්නයි. ඇත්තෙන්ම එය පරාසයක් නොවේ.එය අගයන් දෙකකි.මෙහි මුල් අගය එනම් වැඩි අගයට systolic blood pressure හෙවත් හෘදය වැඩි බලයක් යොදා රුධිරය පොම්ප කරන පීඩනය වනවා. එතකොට අනික් අගය වන්නේ හෘදය සැහැල්ලු වනවිට රුධිර නාල මත ඇතිකරන පීඩනය හෙවත් Diastolic blood pressure වේ.

    රුධිර නාල මත ඇතිකරන අධික පීඩනය මැඩ පවත්වා ගනිමින් රුධිරය පොම්ප කිරීමට හෘදයට සෑහෙන වෙහෙසක් දැරිය යුතුවන හෙයින් හෘදයට හානි පැමිණීමට මෙහිදී බොහෝ ඉඩකඩ තිබෙනවා. සමහර රෝගීන්ට වකුගඩු ආබාධ වැනි වෙනත් රෝග නිසාද අධි රුධිර පීඩනය ඇතිවියහැකිය.

    මුල්ම අවධි වල නිවැරදි ආහාර රටාවක් සහ ජීවන රටාවක් පවත්වා ගැනීම තුලින් රෝගය පාලනය කලහැකි අතර පසු අවධි වලදී වෛද්‍ය නිර්දේශ මත ඖෂධ ලබාගැනීම අනිවාර්‍ය වෙනවා.

    මෙම රෝගය වැලදීමේ වැඩි අවදානමක් ඇත්තේ කාටද?

    • වයස අවුරුදු 55 ඉක්මවූ පිරිමි පුද්ගලයන් සහ වයස අවුරුදු 65 ඉක්මවු ස්ත්‍රීන්.
    • මානසික ආතතිය,අධි රුධිරය පීඩනය හෝ හෘදයාබාධ පිළිබඳව පවුල් ඉතිහාසයක් ඇති අය.
    • ස්ථුලතාවය,ව්‍යායාම අඩුකම,අධික සෝඩියම් ප්‍රමාණයක් අඩංගු අහාර නිතර ගැනීම.
    • දුම්වැටි,මධ්‍යසාර හෝ තහනම් ඖෂධ  හෝ රසායන ද්‍රව්‍ය භාවිතය.
    • දියවැඩියාව,වකුගඩු රෝග,තයිරොය්ඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග,අධි වෘක්ක ග්‍රන්ථිය ආශ්‍රිත රෝග ඇති අය.
    • සමහර ඖෂධ එනම් ස්ටෙරොය්ඩ කාන්ඩයට අයත් ඖෂධ,උපත්පාලන ගිලින පෙති කාලයක් තිස්සේ භාවිතා  කරන අය.

    අධි රුධිර පීඩන රෝග ලක්ශණ මොනවාද?

    බොහෝ අයට රෝග ලක්ශණ පෙන්වන්නේ නැහැ.එනිසා ඉහත අවදානම් කාන්ඩ වලට ඔබ අයත් නම් ඔබගේ රුධිර පීඩනය පරීක්ශා කරවා ගතයුතු වෙනවා.සමහර අයට රෝග ලක්ශණ පෙන්විය හැකිය.එනම්,

    • නිතර පවතින හිස කැක්කුම.
    • බොදවී පෙනීම.
    • පපුවේ කැක්කුම
    • ඇගට පන නැති ගතිය.
    • හුස්ම ගැනීමේ අපහසුතාවය.
    • නාසයෙන් රුධිරය ගැලීම.

    ඉහත රෝගලක්ෂණ ඔබටත් තිබේනම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබාගතයුතු වේ.

    රුධිර පීඩනය හදුනාගන්නේ කෙසේද?

    මෙය සුදුසුකම් ලත් වෛද්‍යවරයකු විසින් ඔබව පරීක්ශා කිරීමෙන් පසුව ඔබගේ පවුල් ඉතිහාසය, ජීවන රටාව, අහාර රටාව සහ රුධිර පීඩනය මැන බැලීම, රුධිර පරීක්ශා ආදිය සිදුකර ඔබට රුධිර පීඩනය වැලදී ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි සොයා බලනවා.

    එහිදී හදුනාගත් කාරණා අනුව ඔබට මෙම තත්වය අහාර රටාව ජීවන රටාව වෙනස් කිරීම මගින් පාලනය කල හැකිද, එසේත් නැතිනම් ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතුද යන්න තීරනය කරනු ලබනවා. එනම් වෛද්‍ය නිර්දේශය මත පමණය් ඔබ ඖෂධ ප්‍රතිකාර ලබාගතයුතු වන්නේ.

    එසේනම් මේ සදහා ලබාදෙන ඖෂධ මොනවාද?

    මෙහිදී ප්‍රධාන වශයෙන්ම රුධිර පීඩනය අඩුකරන ඖෂධ භාවිතා කරනවා.මීට අමතරව ඔබට රුධිර පීඩනය වැඩිවීමට වෙනත් රෝග තත්වයන්ද බලපාන්නේ නම් හෝ ඒවා නිසා අවදානමක් පවතින්නේ නම් ඒ සදහා ද ඖෂධ නිර්දේශ කරනු ලබනවා.එනම් කොලෙස්ටරෝල් අඩු කිරීමට ලබාදෙන ඖෂධ මෙන්ම රුධිරගත සීනි මට්ටම අඩු කරන ඖෂධ ඉන් ප්‍රධාන වේ.

    රුධිර පීඩනය අඩුකරන ඖෂධ

    මෙම ඖෂධ ක්‍රමානුකූලව ලබාගන්නා විට ඔබගේ අධික රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත්වන අතරම බොහෝ අවදානම් තත්වයන්ගෙන්ද ඔබව ආරක්ෂා කරනු ලබනවා.මේවා කාන්ඩ කීපයකට අයත් වෙනවා.එසේම එක් රෝගියා අනුව ලබාදෙන ඖෂධ වෙනස්වන අතර යම් රෝගියෙකුට මෙම ඖෂධ කාන්ඩ අතුරින් එක කාන්ඩයක හෝ කාන්ඩ කීපයක ඖෂධ නිර්දේශ කල හැකිය.

    1.මුත්‍රා කාරක ඖෂධ (diuretics)

    මේ යටතට ප්‍රධාන වශයෙන්ම Hydrochlorothiazide (හය්ඩ්‍රොක්ලෝරොතයසය්ඩ්) H.C.T.,Frusemide (ෆෘසමය්ඩ්) හෙවත් ලැසික්ස් (lasix) පෙත්ත සහ Spiranolactone( ස්පිරනොලැක්ටෝන්) වේ.මෙම ඖෂධ මගින් වකුගඩු වලින් සෝඩියම් සහ ක්ලෝරයිඩ් අයන අවශෝෂණය අඩු කරනවා. එවිට ජලය ප්‍රති අවශෝෂණය අඩුවීමෙන් මුත්‍රා ලෙස වැඩි ජල ප්‍රමාණයක් පිටවෙනවා. ශරීරය තුල ජල පරිමාව අඩුවීම නිසා රුධිර පීඩනය අඩුවන අතර හෘද අකරණිය(heart failure) රෝගීන්ගේ කකුල් ඉදිමීම් තත්වයද මෙමගින් අඩු කරනවා.මෙම ඖෂධ වලින් වැඩිපුර ජලය ඉවත් කරන නිසා වැඩිපුර වාරගනනක් මුත්‍රා පිටවීම සිදුවේ.එය බියවීමට කාරණාවක් නොවේ.spiranolactone පොටෑසියම් රදවා තබාගන්නා අතර අනික් ඖෂධ දෙක මගින් පොටෑසියම් මට්ටම අඩුවියහැක.

    2.බීටා බ්ලොකර්ස්(beta blockers) හෙවත් ලෝල් කාණ්ඩ කාණ්ඩයේ ඖෂධ

    මේවා ඖෂධ විද්‍යාත්මකව beta blocker නම් කාන්ඩයට අයත් වන අතර ලෝල් කාන්ඩය ලෙස අපගේ පහසුවට ඒවා හදුන්වන්නේ ඒ සෑම ඖෂධයක්ම lol(ලෝල්) නම් කොටසින් අවසන් වන නිසාය.එනම් atenolol(ඇටෙනොලෝල්), Bisoprolol (බිසොප්‍රොලෝල්),Metoprolol (මෙටප්‍රොලෝල්) Carvedilol (කාවෙඩිලෝල්) ආදිය වේ. මෙහිදී මෙම නම් සදහන් කර තිබෙන්නේ ඖෂධීය නාමයෙනි.

    (generic name)රජයේ රෝහල් වල මෙම නාමයන් භාවිතා වූවත් පුද්ගලික අංශයේ මේවයේ වෙලද නාම (brand names)විශාල ප්‍රමාණයක් ඇත. වෙලද නාම යටතේ මේවා ලබගත්තද එවායේ ඖෂධීය නාමයද සදහන් කර තිබෙනවා. මෙම ඖෂධ ප්‍රධාන වශයෙන්ම රුධිර පීඩනය අඩුකිරීමට භාවිතා කලත්.බය්පාස් සැත්කම් කල හෝ ස්ටෙන්ට් (stent – කිරීටක ධමනි අවහිරතාව ඉවත් කිරීමට යොදන තුනි කම්බි දැලක් වැනි ව්‍යුහයකි)යොදන ලද රෝගීන්ට හෘදයේ ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත්කිරීම ඉක්මන් කිරීමටත්, අසාමාන්‍ය හෘද ස්පන්දන (cardiac arythmia) සහිත රෝගීන්ටත්, මෙම ඖෂධ ලබා දෙනවා. නිර්දේශ කර ඇති පරිදි නිවැරදිව භාවිතා කිරීම තුලින් ඉහල ප්‍රතිඵල ලබා ගත හැක. මෙම ඖෂධ ලබාගන්නා අතතුර ඔබ වෙනත් ඖෂධ ලබාගන්නේනම් විශේෂයෙන්ම හතිය (ඇදුම) ඒබව ඔබගේ වෛද්‍යවරයාට දැන්විය යුතු වේ.

    3.ප්‍රිල් (pril) කාන්ඩයේ ඖෂධ

    ප්‍රිල් කාන්ඩය ලෙස ඇත්තටම වර්ගීකරණයක් නැහැ. එය මතක තබාගැනීමේ පහසුවට සකසන ලද්දක්. මෙම ඖෂධ අයත්වන්නේ angiotenisin converting enzyme inhibitor හෙවත් ACE inhibitor නම් කාන්ඩයටය. Captoril( කැප්ටොප්‍රිල් ), Enalapril (එනලප්‍රිල්), Ramipril (රැමිප්‍රිල්) මේ යටතට ගැනෙන ඖෂධ වෙනවා. මේවා මගින් angiotenisin 2 නම් එන්සයිමය ක්‍රියා විරහිත කරනවා. එමගින් රුධිර වාහීනි පටුවීම අඩුකර රුධිර පීඩනය අඩුකරනවා.

    මෙම ඖෂධ රුධිර පීඩනය අඩු කිරීමට අමතරව හෘදයාබාධයකට පසුව හෘදය නැවත යථා තත්වයට පත්වීම වේගවත් කිරීමටත්, වකුගඩු ආශ්‍රිතව ඇතිවන ඩයබෙටික් නෙෆ්‍රොපති (Diabetic nephropathy) නම් තත්වය ඇති රෝගීන්ටත් ලබා දෙනවා.මෙහි කැප්ටොප්‍රිල් කෑමට පැය එකකට පමණ පෙර ගතයුතු අතර අනිකුත් ඖෂධ සදහා එය එතරම් බල නොපවත්වය්.මෙම ඖෂධ භාවිතයේදි සමහර රෝගීන්ට වියලි කැස්ස ඇතිවන අතර පොටෑසියම් මට්ටමද වැඩි විය හැක. එබැවින් පොටෑසියම් වැඩිපුර අඩංගු ආහාර ගැනීම අවම කල යුතුය. එසේම වේදනා නාශක ඖෂධ ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

    4. කැල්සියම් චැනල් බ්ලොකර්ස් (calcium chanel blockers)

    රුධිර වාහිනී පලල් කිරීමෙන් රුධිර පීඩනය අඩු කිරීම මෙම ඖෂධ මගින් සිදුවේ.රුධිර පීඩනය අඩු කිරීමට අමතරව,හෘද ස්පන්දනය ක්‍රමානුකූල කිරීමත්,පපුවේ කැක්කුම ඒම වැලැක්වීමත් මෙම ඖෂධ මගින් සිදුකරන අනිකුත් කාර්‍යන් වේ.මේ යටතට නිෆිඩිපින්(Nifedipine ),ඇම්ලොඩිපින්(Amlodipine),ඩිල්ටියසම්(Diltiazem) සහ වෙරපමිල්(verapamil) අයත් වේ.බඩ වියලීම(constipation),තෙහෙට්ටු ගතියක් දැනීම,හිස කැක්කුම,කකුල් වල පහල කොටසේ ඉදිමුම මෙම ඖෂධ වල සුලභ අතුරු ආබාධ වන අතර පුද්ගලයා අනුව ඒවා වෙනස් වේ.

    5.ඇන්ජියෝටෙනිසින් රිසෙප්ටර් බ්ලොකර්ස් (angiotenisin receptor blockers)

    මෙම කාන්ඩයේ සෑම ඖෂධයකම පාහේ නාමය අවසන් වන්නේ ‘සාටන්’ යන කොටසෙනි.එනම් ලොසාටන්(losartan ), කැන්ඩසාටන්(candersartan), ටෙල්මිසාටන්(telmisartan) ආදිය වේ. මෙම ඖෂධ වල ක්‍රියාකාරිත්වය බොහෝදුරට ප්‍රිල්(pril) කාන්ඩයේ ඖෂධ වලට සමාන වේ.

    නමුත් මෙම ඖෂධ වලින් වියලි කැස්ස ඇතිනොවේ. එබැවින් ප්‍රිල් කාන්ඩයේ ඖෂධ ලබාදුන් රෝගියෙකුට වියලි කැස්ස ඇති වුව හොත් ඊලගට ලබා දෙනුයේ මෙම කාන්ඩයේ ඖෂධ වේ. එසේ නොමැතිව කෙලින්ම මෙම කාන්ඩයේ ඖෂධ ලබාදෙන අවස්ථාද තිබේ. නමුත් කිසිම විටෙක ප්‍රිල් කාන්ඩයේ ඖෂධ සමග මෙම කාන්ඩයේ ඖෂධ එකවර ලබා නොදේ. මෙම කාන්ඩයේ ඖෂධවලත් යම් ආකාරයක මුත්‍රකාරක ගති ලක්ශණ ඇති බැවින් ඇතැම් රෝගීන්ට මුත්‍රා යන වාරගනන වැඩිවියහැක.

    6. ඇල්ෆා බ්ලොකර්ස්(alfa blockers )

    මේවාද අධි රුධිර පීඩනය සදහා ලබාදෙන ඖෂධ කාන්ඩයකි. නමුත් මේවා ඉහත සදහන් අනිකුත් ඖෂධ කාන්ඩ මෙන් හෘද අකරණිය (heart failure), පපුවේ කැක්කුම(Angina) අවස්ථා වල භාවිතා කල නොහැක. මෙම ඖෂධ වැඩි මාත්‍රා වලින් ලබාදෙන අවස්ථා වල මේවා මගින් ශරීරය තුල තරල එකතුවීම සිදුවේ. එය අඩු කිරීම සදහා එවන් අවස්ථා වල මේවා සමග මුත්‍රා කාරක ඖෂධ (diuretics) බොහෝවිට නිර්දේශ කරනු ලැබේ. ප්‍රථම වරට මෙම ඖෂධය ලබාගන්නා රෝගියකුට වාඩිවීසිට මෙය ගන්නා ලෙසට උපදෙස් දෙනුයේ කරකැවිල්ල ක්ලාන්තය අවම කිරීමටය.

    මෙහිදී ඉදිරිපත්කල ඖෂධ සියල්ලම ඖෂධීය නාමයෙන් දක්වා ඇති අතර රජයේ රෝහල් වලින් ඔබට එම ඖෂධ ලැබෙන්නේ ඖෂධීය නාමයෙනි.නමුත් ඔබ ඖෂධ මිලදී ගෙන භාවිතා කරන කෙනෙකු නම් ඒවා බොහෝවිට දක්නට ලැබෙන්නේ වෙලද නාමයෙනි (brand Name).එසේ වුවත් ඒ සෑම ඖෂධයකම ඖෂධීය නාමයද ඔබ දැන සිටියයුතු වෙනවා.

    එසේම මෙම ඖෂධ ටික කලක් භාවිතා කරනවිට ඔබගේ රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත්වෙනවා.මේ අවස්ථාවේ බොහෝ රෝගීන්ගේ ආකල්පය වන්නේ ‘දැන් ප්‍රෙශර් හොඳයි ‘  යන්නයි. එවිට බොහෝ අය ඖෂධ නොගෙන සිටීම හෝ හරියට නොගැනීම සිදුකරනවා. සත්‍ය වන්නේ මේවායින් රෝගය පාලනය කර තබාගැනීම පමණයි කරනු ලබන්නේ. එනම් සුවවීමක් සිදුවන්නේ නැහැ.

    එසේ වුවත් ඒවා මගින් ඔබට ඉතා සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට අවස්ථාව සලසා දෙන අතරතුර අනිකුත් අවදානම් තත්වයන්ගෙන්ද ඔබව ආරක්ෂා කරනවා. එබැවින් ඒවායේ නියම ප්‍රතිඵල ලබාගැනීමට නියමිත මාත්‍රාව නිවැරදිව භාවිතා කලයුතු වෙනවා.

    කිසිම විටෙක ඔබගේ යහලු මිත්‍රාදීන්, අසල්වැසියන් හෝ නෑදෑයන් කියූ නිසා කිසිලෙසකින් ඒවා ලබාගන්නා ආකාරය වෙනස් නොකරන්න.  එසේම මෙම ඖෂධ ලබාගන්නා අතරතුර අයූර්වේද හෝ වෙනත් වෛද්‍ය ක්‍රම වලට අයත් ඖෂධ එකට භාවිතා කිරීමෙන් හානිකර තත්වයන් ඇතිවීමට බොහෝදුරට ඉඩඇත.එබැවින් එවන් අව්ස්ථා වලදී වෛද්‍යවරයාට ඒබව අනිවාර්යයෙන් දන්වන්න.

    මෙහිදී අප ඖෂධ  කාන්ඩ කිහිපයක් පිලිබදව විස්තර සැකෙවින් ඉදිරිපත් කල අතර මෙවන් ලිපියකින් වඩාත් සවිස්තරව කරුණු ඉදිරිපත් කිරීම අපහසු වේ. මේ පිළිබඳව ඔබට සවිස්තරව දැන ගැනීමට අවශ්‍යනම් ඔබගේ රෝහලේ ඖෂධවේදි (Pharmacist) හමුවන්න.

    එච්.එම්. අමිල කාන්චන හීන්කෙන්ද, ඖෂධවේදී, බාහිර රෝගී අංශය, ජාතික රෝහල, කොළඹ

  • 99.9%ක් සාර්ථක ‘හෝර්මෝන තැන්පතු’ ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?

    99.9%ක් සාර්ථක ‘හෝර්මෝන තැන්පතු’ ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?

    ලංකාව තුළ සිදුවන ගැබ් ගැනීම් වලින් 30%ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මේ තත්ත්වය එකී පවුල්වලට බලවත් ගැටලුවක් ඇති කරන තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි. මේ නිසා පවුල අස්ථාවර වීම වගේම ගබ්සාව වැනි හානිකර පියවර වලට යොමු වීම ද බහුලව සිදුවෙනවා.

    සැලසුම් නොකළ ගැබ් ගැනීම් පාලනය කළ හැකි විවිධ සාර්ථක හා විද්‍යාත්මක පියවර ගැන අපි මීට පෙර ලිපි මගින් කරුණු ඉදිරිපත් කළා. එහි තවත් පියවරක් ලෙස අපි මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ 99.9%ක්ම අති සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක් වන ‘හෝර්මෝන තැන්පතු‘ ගැනයි.

    අප මෙම ලිපිය උපුටා ගත්තේ ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ නිල වෙබ් අඩවියෙන්.

    හෝර්මෝන තැන්පතු

    හෝර්මෝන පුරවන ලද තුනී රබර් වැනි ද්‍රව්‍යයකින් සාදන ලද නැවෙන සුලු කරල් කීපයක් සුළු ශල්‍ය කර්මයක් මගින් කාන්තාවන්ගේ උඩු බාහුවේ සම යට තැන්පත් කරනු ලැබේ. එය හෝර්මෝන තැන්පතුව ලෙස හැදින්වේ.

    හෝර්මෝන අඩංගු කුඩා කරල් 2 මඟින් අවුරුදු 5 කට ආරක්ෂාව ලබාදේ. මෙය ඉවත් කළ වහාම නැවත ගැබ් ගැනීමේ හැකියාව ලබාගත හැකිය.

    තැන්පත් කරල් වර්ග

    වෙළද නාමයඒකකයක්‍රියාත්මක වන කාලය
    නෝර්ප්ලාන්ට්කරල් 6  අවුරුදු 5
    ජඩෙල්කරල් 2අවුරුදු 5
    ඉම්ප්‍ලනෝන්කරල් 1අවුරුදු 3

    එය කොතරම් සාර්ථක ද ? – ඉතා සාර්ථක ක්‍රමයකි. 99.9 % සාර්ථකත්වයක් ඇත.

    • ආරක‍ෂා සහිතය
    • සාර්ථක ප්‍රතිඵල අත්කර දෙයි
    • ඉක්මණින් සරුභාවයට පත්විය හැකිය

    එය ක්‍රියා කරන්නේ කෙසේද ? – ඔසප්වීම ඇරඹී දින 5ක් ඇතුළත තැන්පත් කළ‍හොත්  එහි ක්‍රියාකාරිත්වය වහා ඇතිවේ.

    • ඩිම්බ කෝෂවලින් ඩිම්බ මුදා හැරීම වැළැක්වීම
    • ගැබ් ගෙල ස්‍රාවයේ ඝනකම වැඩි කිරීම (ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළුවීම වලක්වයි).

    එය ඇතුළු කරන්නේ කෙසේද?

    කරල් තැන්පතුව වෛද්‍යවරයෙකු විසින් සිදු කරයි.

    එය තැන්පත් කරන්නේ කෙසේ ද?
    • තැන්පත් කිරීම සඳහා ගතවන්නේ විනාඩි කිහිපයක් පමණකි.
    • අදාළ ප්‍රදේශය පමණක් නිර්වින්දනය කිරීමෙන් තැන්පත් කරනු ලැබේ.
    • මෙම කරල් සමට යටින් තැන්පත් කරනු ලබන්නේ නිතර භාවිත නොවන අතේය.

    එය භාවිත කළ හැක්කේ කාටද ?

    • පළමු ගර්භනීභාවය අවුරුදු 3-5කින් ප්‍රමාද කිරීමට අවශ්‍ය නම්
    • දරු උපත් අතර පරතරයක් තබාගැනීමට අවශ්‍ය නම්
    • පවුල සම්පුර්ණ කර ඇති නම්
    • සංසර්ගයට බාධා ඇති නොවන  ක්‍රමයක් අවශ්‍ය නම්
    • සාර්ථක දිගුකාලීන ක්‍රමයක් අවශ්‍ය නම්

    තැන්පතු භාවිත කල නොහැක්කේ කාට ද?

    • ගර්භනී නම්
    • පියයුරු පිළිකා ඉතිහාසයක් ඇති කාන්තාවන්ට
    • යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනයක් ඇති කාන්තාවන්ට
    • හෘද රෝග ඇති කාන්තාවන්ට
    • අක්මා රෝග ඉතිහාසයක් ඇතිනම්
    • දියවැඩියාව, අධික රුධිරපීඩනය වැනි සංකුලතාවයන් ඇති අයට.

    මට එය ලබා ගත හැක්කේ කවදාද ?

    • ඔබට ක්‍රමවත් ඔසප්වීමේ චක්‍රයක් ඇතිනම්
      ඔසප්වීමෙන් මුල් දින 5 ඇතුලත
    • ඔබ කිරි දෙන මවක් නම් ප්‍රසූතියෙන් සති 6කට පසු
      ගර්භනීභාවයේ මුල් මාස 3 තුළ ගබ්සාවක් වූයේ නම්
      ගබ්සාවෙන් සති 1කට පසු කරල් තැන්පත් කල හැක.
    • ගර්භනී කාලයේ මාස 3කට පසු ගබ්සා වුයේ නම්
      කරල් තැන්පතුව ගබ්සාවීමෙන් සති 4කට පසු
    වාසි මොනවා ද?
    • කරල් ඉවත් කළ වහාම සරුභාවයට පත්විය හැකිය. – තැන්පතුව ඉවත් කළ පසු මෙම පවුල් සැලසුම් ක්‍රමයේ බලපෑම නැති වී යනු ඇත.
    • පහසුව – ඔබට එය තැන්පත් කරගෙන අමතක කොට සිටිය හැකිය.
    • සාර්ථකත‍වය – මෙය 99% ක් පමණ සාර්ථක තාවකාලික පවුල් සැලසුම්ක්‍ රමයකි.
    • දිගු කාලීන පවුල් සැලසුම් ක්‍රමයක් වීම – මෙය තැන්පත් කිරීමෙන් පසු අවුරුදු 5 ක් තුළ ගර්භනීභාවයෙන් වැළකෙන අතර මෙම වසර 5 ඇතුළත ඔබට ඕනෑම වෙලාවක එය ඉවත් කරගත හැකිය.

    යම් අවාසියක් සිදුවේ ද? 

    • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලින් ආරක‍ෂා නොකරයි.
    • තැන්පත් කිරීම සඳහා පුහුණු කෙනෙකු අවශ්‍යය.
    • එය ඔසප් වීමේ රටාවට සිදුකරනු ලබන බලපෑම දැනගත හැකි වන්නේ තැන්පත් කිරීමෙන් පසුව පමණකි

    අතුරු ආබාධ

    • ඔසප් චක්‍රයේ වෙනස්කම් (රුධිර වහනය සම්පූර්ණයෙන් නතරවීම, ඔසප් දින ගණන දික්වීම (වැඩිවීම), බිංදු වශයෙන් රුධිර වහනය, අක්‍රමවත්රු ධිර වහනය)
    • බර වැඩිවීම – ආහාර රුචිය වැඩිවීම නිසා
    • හිසරදය
    • කරකැව්ල්ල
    E5R67X Contraceptive implant Nexplanon ®.

    තැන්පතු පිළිබඳ මිත්‍යා මත

    1. කිරිදෙන අතර ඔබට තැන්පතු භාවිත කළ නොහැක.

    – නැත. බිළිදාගේ වර්ධනය හෝ සෞඛ්‍යය සම්බන්ධයෙන් ද මව්කිරිවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය සම්බන්ධයෙන් ද හානිකර බලපෑමක් නොමැත.

    2. තැන්පතු නිසා රුධිර වහනයක් නොමැතිවීම හානිකරය.

    – නැත. මෙම තැන්පතු භාවිත කරන විට, ඔබට ඔපස්වීමක් සිදු නොවන්නේ නම්, එය ඔබේ සෞඛ්‍යයට හෝ අනාගත සරුභාවයට හානිකර නොවේ. මෙම ක්‍රමය ඔබව ගර්භාෂ පිළිකා වලින් ආරක‍ෂා කරයි.

    3. තැන්පතු ශරීරයේ බර වැඩි කිරීමට හේතු වේ.

    – නැත. ආහාර රුචිය වැඩිවීම නිසා ඔබගේ බර වැඩිවිය හැකිය. නිරන්තරව ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් මගින් මෙම තත්ත්වය පාලනය කළ හැකිය.

    4. තැන්පතු මගින් පිලිකා අවධානම වැඩි කරනු ලබයි.

    – නැත. තැන්පතු මගින් ගර්භාෂ අභ්‍යන්තර බිත්ති (ගර්භාෂයේ බිත්තිය) තුනී කරයි. මෙම තැන්පතු මගින් ගර්භාෂ බිත්තියේ අධිවර්ධනය වැළැක්වීම නිසා ගර්භාෂ පිළිකා තත්ත්වයන් වලක්වයි. තැන්පතු මගින් ඩිම්බ කෝෂයේ උත්තේජනය අඩු කරනු ලබන නිසා ඩිම්බකෝෂ පිලිකා තත්ත්වයන් අඩු කරනු ලබයි.

    තැන්පතු වඩාත් සුදුසු වන්නේ කවුරුන් සඳහාද?

    දිගු කාලීන පවුල් සැලසුම බලාපොරොත්තුවන යුවළවල් සහ ගර්භනීභාවය කල්දමා ගැනීමට බලාපොරොත්තතුවන නව යෞවනියන් සඳහා සුදුසුය.

    සැකසුම – තුෂාධවි

  • සුපිරි නිරූපිකාවන්ගේ සුපිරිම බිකිනි සහ වෙරළ විලාසිතා 50ක්

    සුපිරි නිරූපිකාවන්ගේ සුපිරිම බිකිනි සහ වෙරළ විලාසිතා 50ක්

    බිකිනි විලාසිතා ‘සහ වෙරළ විලාසිතා ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණත් ලෝකයේ අතිෂයින් ජනප්‍රියයි. ලංකාවේ ඒවා ජනප්‍රිය නොවීමට සංස්කෘතිකමය කාරණා මෙන්ම ලංකාවේ විනෝද සංස්කෘතියක් නොවීම ද ප්‍රධාන හේතුවක් වශයෙන් සැලකිය හැකියි.

    ඒත් අපි දන්නා විදිහට සැලකිය යුතු තරුණියන් පිරිසක් බිකිනි විලාසිතා සහ වෙරළ විලාසිතා ප්‍රිය කරනවා. ඒ වගේම තවත් විශාල පිරිසක් ඒවා දකින්න කැමැත්තෙන් සිටිනවා.

    අපි අපේ විලාසිතා පිටුවට මෙදින අලුත්ම අලුත්ම බිකිනි විලාසිතා සහ වෙරළ විලාසිතා 50ක් තෝරා ගත්තා. මේවා අතිෂයින් උණුසුම් (සරාගී) ඒවා වීම විශේෂත්වයක. කොලිවුඩයේ සහ බොලිවුඩයේ සුපිරි නිරූපිකාවන් හැඩ කළ මේ විලාසිතා ඔබටත් පහසුවෙන් අනුකරණය කළ හැකියි. බලන්න ඒවා කොතරම් සරාගී ද කියා.

    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers

    Pictures by Filmbeast.com – Text by – Thushadhavi

  • ‘සීනී ගැන කතා’ කියන තරම් තිත්ත ද ?

    ‘සීනී ගැන කතා’ කියන තරම් තිත්ත ද ?

    සීනි ගැන අපි හැමෝටම සුන්දර අත්දැකීම්, මතකයන් තිබෙනවා. අන්දරේ සීනි කාපු කතාව වගේම අම්මා හංඟලා තිබ්බ සීනි බෝතලෙන් සීනි හැන්දක් හොරන් කාපු හැටි, සීනි ගේන්න කඬේට ගිහින් එන කොට සීනි ගොට්ටේ පුංචි හිලක් හදාගෙන සීනි උරා බීපු හැටි, බත් කාලා අතුරුපස විදිහට සීනි ටිකක් අල්ලට හලාගෙන කටේ දාගත් හැටි වැඩිහිටි බොහෝ දෙනකුගේ මතකයේ සදාකාලිකව තැන්පත් වෙලා ඇති.

    එත් කාලයක් ලොකු කුඩා සැමට ප්‍රනීත කෑමක් වූ සීනි පසුගිය කාලය වන විට යක්ෂයෙක් බවට පත්වෙලා. සීනි දැක්කොත් වෙවුලන මිනිසුන් පිරිසක් බිහිවෙලා. ‘අපෝ අපි සීනි තියෙන කිසිම දෙයක් කන්නේ බොන්නේ නැහැ’ කියන පිරිසක් බිහිවෙලා.

    මේ ප්‍රනීත කෑම අප්‍රියජනක ආහාරයක් වුණේ කොහොමද ? ඒ වෙන කිසිවක් නිසා නොවෙයි අද ලොකු කුඩා සියලු දෙනාම ක්‍රමික මරණයක් කරා ගෙන යන ‘දියවැඩියාව’ නිසයි.

    සීනි ගැන කතා

    ‘සීනි’ ලංකාවේ සිංහල ජනතාව පොදුවේ වහරන නම. ලංකාවේ අපි දන්නේ සීනි වර්ග දෙකක් විතරයි. ඒ ‘රතු සීනි’ සහ ‘සුදු සීනි’ කියන දෙක. ඒත් ලෝකයේ සීනි වර්ග විශාල සංඛ්‍යාවක් තිබෙනවා.

    අපි පොදු ව්‍යවහාරයේ සීනි මේ ආකාරයෙන් වර්ග කළත් වෛද්‍ය විද්‍යාත්මකව සිදුවන වර්ගීකරණය මීට වෙනස්.

    උක් හෝ බීට් යුෂ මගින් කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරන සීනි අයත් වෙන්නේ ‘සුක්රෝස් ’කියන කාණ්ඩයට. මේ සීනි ආහාරයට ගත්විට සිරුරට උරා ගැනීමේදී ‘පෘක්ටෝස්’ හා “ග්ලුකෝස් ’ යන කාණ්ඩ දෙකට බිදෙනවා.

    සීනි තිබෙන්නේ උක් ගස්වල හෝ බීට්වල විතරක් නොවෙයි. අපි කවුරුත් නොදන්නවා වුණාට අපේ රුධිරයෙත් සීනි තිබෙනවා. රුධිරගත සීනි හඳුන්වන්නේ ‘ග්ලුකෝස් ’ කියලා. රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය අපි ආහාරයට ගන්නා ආහාර සමග වෙනස් වෙනවා. ඒ කියන්නේ, ආහාරවල ඇති විවිධ කොටස්, විශේෂයෙන් ‘පිෂ්ඨය’ මගින් සිරුර තුළ ග්ලුකෝස් වර්ගයට අයත් සීනි පරිමාව වැඩි කරනවා.

    පලතුරු සීනි

    අපි සීනි කන්නේ කඩෙන් ගෙනත්නේ. ඒත් අපි තවත් ආකාර කිහිපයකින් සීනි ආහාරයට එක්කර ගන්නවා. ඒ අතර ප්‍රධාන තැනක් පලතුරුවලට හිමිවෙනවා. ‘පෘක්ටොස් ’ කියන්නේ මේ ආකාරයෙන් පලතුරු මගින් අපට ලැබෙන සීනි විශේෂයක්. පැණිරස පලතුරු වල පෘක්ටෝස් සීනි විශාල වශයෙන් දැකිය හැකියි.

    දියවැඩියා රෝගීන්ට වෛද්‍යවරු දෙන අවවාදයක් තමයි පිෂ්ඨය සහිත ආහාර දැඩිව පාලනය කළ යුතු බව. ඒකට වෛද්‍ය විද්‍යාත්මක හේතුවක් තිබෙනවා. ඒ පිෂ්ඨය සහිත ආහාර පාරිභෝජනය කිරීම මගින් ‘මෝල්ටෝස් ’ කියන ධාන්‍යමය සීනි සිරුර තුළ නිෂ්පාදනය වෙනවා. වෛද්‍යවරු කියන ආකාරයට මොල්ටෝස් සීනි බහුල වශයෙන් තිරිඟු සහ බාර්ලි වල දැකිය හැකියි.

    මවුකිරිවලත් සීනී

    මේ ලෝකයේ තිබෙන වටිනාම ආහාරය තමයි මවුකිරි. මවුකිරි ඇතුළු සියලුම කිරි හා කිරි නිෂ්පාදනවල තිබෙන සීනි හඳුන්වන්නේ ‘ලැක්ටෝස් ’ කියලා.

    අපි කියන්නේ ‘සීනි පැණි රසයි ’ කියලනේ. ඒක අත්ත. සීනි පැණි රස තමයි. ඒත් වැඩියෙන්ම පැණි රස මොන සීනිද ? වෛද්‍යවරු කියන ආකාරයට වැඩියෙන්ම පැණිරස සීනි වර්ගය තමයි ‘පෘක්ටෝස්. ’ මවුකිරි ඇතුළු කිරි වර්ග වල තිබෙන ලැක්ටෝස් අඩුවෙන්ම පැණි රස සීනි වර්ගය බව සඳහන් වෙනවා.

    මේ කොහොම වුණත් මේ සියලුම සීනි වර්ග පාරිභෝජනය කළ විට ‘ග්ලුකෝස් ’ කියන සීනි වර්ගය අවසානයේදි ශේෂ වෙනවා.

    සීනි ගැන මිත්‍යා මත

    ‘අන්දරේ සීනි කෑවා’ කියන කතාව අපි හැමෝම දන්නවා. ඉතිහාසය කියන විදිහට අන්දරේ කියන්නේ ‘කල්පිතයක් ’ එහෙම නැතිනම් හිතින් මවාගත් චරිතයක්. කොටින්ම මිත්‍යාවක් විය හැකියි. ( ලංකාවට සීනි හඳුන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයින් බවයි කියන්නේ )

    මේ ආකාරයට සීනි සම්බන්ධයෙනුත් අපි අතර මිත්‍යාවන් රැසක් තිබෙනවා. අපි මේ ගැන සියුම්ව විමර්ශනය කළ යුතුයි.

    සීනි සහ දත්

    ‘සීනි කීවොත් දත් දිරනවා’ කියන එක අපි නිතර නිතර අහන කතාවක්. මේ කතාව ඇත්ත කතාවක් බව අපි පිළිගත යුතුයි. ඒත් දත් දිරන්න සීනි විතරක් නොවෙයි සීනි අඩංගු තවත් බොහෝ දේ බලපානවා. උදාහරණයක් විදිහට ‘මී පැණි ’ වගේම පලතුරු යුෂත් දත් දිරා යාමට හේතු වෙනවා.

    දත් දිරා යාමට සීනි හේතුවක් වෙන්නේ මෙහෙමයි. දන්ත පථ තුළ විවිධාකාර බැක්ටීරියාවන් ජීවත් වෙනවා. ඔවුන් සීනි උපයෝගී කොට ගෙන දත තුළ ආම්ලික කොටස් නිෂ්පාදනය කරනවා. මේ අම්ල වලට දතෙහි ඇති ශක්තිමත් ම කොටස ලෙස සැලකෙන ‘ඉනැමලය’ විනාශ කිරීමට හැකියාව ලැබෙනවා.

    කිරි වර්ගවල ඇති සීනි අනෙකුත් සීනි වර්ගවලට සාපේක්ෂව දත්වලට කරන බලපෑම අඩුයි. ඊට හේතුව වන්නේ එහි පැණ රස අඩුවීම සහ කිරිවල අන්තර්ගත සීනිවල දත් හා ක්‍රියාකාරී වීම වළකන විශේෂ සාධකයක් තිබීම.

    සීනි හා මොළය

    ‘මොළේ තියෙන කෙනෙක් සීනි කන්නේ නැහැ’ කියලා සමහරු කියනවා. දියවැඩිවා වැනි රෝගය සම්බන්ධයෙන් මේ කතාව අදාළ විය හැකි වුණත් අපට කියන්න තියෙන්නේ ‘සීනි නොකෑවොත් මොළේ නැහැ’ කියන එකයි.

    මේකට හේතුව තමයි මොළයේ ක්‍රියාකාරීත්වය සහ ස්නායු සමායෝජනය සඳහා උපකාර කරන්නේ ‘ග්ලුකෝස්’. මේ ග්ලුකෝස් නිපදවීමට නම් අප සීනි ආහාරයට ගත යුතුමයි.

    අප ආහාරට ගන්නා සීනිවලින් කොටසක් ඒ මොහොතේම රුධිර ධාරාවට එකතු වෙලා ‘ශක්තිය’ නිපදවනවා. ඉතිරිය ‘ග්ලයිකෝජන් ’ නැමැති රසායනිකය බවට පත්වෙලා අක්මාවේ සහ මාංශ කොටස් තුළ තැන්පත් වෙනවා. සිරුරට ග්ලූකෝස් අවශ්‍ය වූ විට මේ ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් වෙනවා.

    සීනි – තෙල් සම්බන්ධයක් නෑ

    ‘සීනි සිරුර තුළ තෙල් පරිමාව වැඩි කරනවා’ කියන කතාව මිත්‍යාවක් බව කිව යුතුයි. ඒකට හේතුව තමයි කාබෝහයිඩ්‍රේට් ග්‍රෑමයක ඇති ශක්ති ප්‍රමාණය හා සීනි ග්‍රෑමයක ඇති ශක්ති ප්‍රමාණය සමාන වීම.

    මේ වන විට සිදු කරලා තිබෙන පරීක්ෂණ අනුව හඳුනා ගෙන ඇති ආකාරයට සීනිවල පිෂ්ඨිය ආහාරවලට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් නැහැ.

    වෙළෙඳපොළේ ඇති සීනි කැට උක් ගසෙන් හෝ වෙන යම් සීනි සාර පැළෑටියකින් උකහාගත් ‘සුක්රෝස්’වේ. සුදු සීනි කැටවල සුක්රෝස් ප්‍රතිශතය සියයට 99.5 ක් තරම් ඉහළ අගයක් ගන්නවා. මේ නිසා සීනි වර්ග බහුතරයක ඇත්තේ සුළු පෝෂ්‍ය ගුණයක්. නැතහොත් සීනිවල කිසිඳු ආකාරයක පෝෂණ ගුණයක් නැහැ.

    එහෙත් ශක්තිය සම්බන්ධයෙන් ගත්විට සීනි වල තත්ත්වය ඉතාමත් වැදගත් වෙනවා. චොක්ලට් කේක් හා බිස්කට් වැනි වැඩි ශක්ති ප්‍රමාණයක් ලබා දෙන ආහාර අධික සීනි ප්‍රතිශතයකින් යුක්ත වෙනවා. උදාහරණයක් වශයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ චොක්ලට් එකක ඇති ශක්ති ප්‍රමාණය කුකුල් මස් සහිත බර ආහාරයක ඇති ශක්තියට සමාන බවයි තහවුරු වෙලා තිබෙන්නේ.

    මේ තොරතුරුවලින් අදහස් වෙන්නේ සීනි භාවිතය සාධාරණීකරණය කිරීම හෝ සීනි හොඳ කෑමක් බව කීම නොවෙයි. ඔබේ ආහාර වේල පෝෂ්‍ය ගුණයෙන් සාරවත් කර ගැනීමට සහ ඔබේ බර ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගැනීමට නම් ඔබ අනිවාර්යයෙන් ම පැණිරස ආහාර අනුභවය සීමා කළ යුතුමයි.

    සීනි සහ හදවත

    ‘සීනි පාරිභෝජනය අඩු කිරීම හෘද රෝගවලට අතවනයි’ කියලා අතැමුන් අතර මතයක් තිබෙනවා. ඒක සම්පූර්ණයෙන් බොරු අදහසක්.

    පර්යේෂණවලට අනුව මේදමය ආහාර අඩු කැලරි ප්‍රමාණයක් ( ශක්තියක් ) ජනිත කරනවා. සීනි සහිත ආහාර වැඩි කැලරි ප්‍රමාණයක් ජනිත කරනවා. ඒත් හෘද රෝග අවදානමෙන් මිදීමට සීනි සහ මේදමය ආහාර දෙකම අඩු කිරීම ප්‍රායෝගික වන්නේ නැහැ. සීනි පාරිභෝජනය අඩු කිරීම මේදමය ආහාර වැඩිකර ගැනීමට පොළඹවන පසුබිමක් ඇති කරනවා. එය හෘද රෝගවලට අත වැනීමක් වශයෙන් සැලකිය හැකියි.

    එහෙත් මෙහි තවත් ඍණාත්මක පැතිකඩක් තිබෙනවා. ඒ සීනි පාරිභෝජනය අඩු කිරීම නිසා මේද වලින් ලබාගත යුතු ශක්ති ප්‍රමාණය මේද ආහාර ප්‍රමාණය නියතව පවත්වා ගනිමින් සිදු කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා හෘද රෝග අවදානමෙන් මිදීමට මේදය අඩු ආහාර ගන්නා අතරම සීනි වර්ග ආහාරයට ගැනීමේදී හැකිතාක් ස්වාභාවික සීනි ( පලතුරු ) වලින් ඉටු කර ගැනීම ඉතා වැදගත්.

    ඉස්සර තරම් සීනි කන්නේ නැදද් ?

    ‘අපි ඉස්සර කාලේ තරම් දැන් සීනි කන්නේ නැහැ ’ මේ කතාව බොහෝ දෙනකු කියන කතාවක්. ඒ කියන්නේ බොහෝ දෙනෙක් දැන්  ඉස්සර තරම් සීනි ප්‍රමාණයක් නිවසට ගේන්නේ නැහැ. ඒ නිසා තමන්ට සීනි ගැන අවදානමක් නැහැ’ කියලයි ඔවුන් හිතන්නේ.

    මේ කතාව සම්පූර්ණයෙන් බොරු එකක්. ඔබ වෙළෙඳ සැලෙන් මිලදී ගන්නා සීනි ප්‍රමාණය අද අඩුවිය හැකියි. ඒත් සීනි අන්තර්ගත, ඇතැම් විට ඉතා වැඩි සීනි ප්‍රමාණයක් සහිත බොහෝ ආහාර සහ පාන වර්ග ඔබ විසින් ආහාරයට ගන්නා බව පැහැදිලියි. ඒක සිද්ධ වෙන්නේ ඔබ ආහාරයට ගන්නා අමතර ආහාර (කේක්, පලතුරු, පලතුරු යුෂ, ටින් කළ අතුරුපස) වල අන්තර්ගත සීනි නිසයි.

    මේ තත්ත්වය තුළ ඔබ සීනි කැට වශයෙන් නොව සැඟවුණු සීනි විශාල ප්‍රමාණයක් දෛනිකව ආහාරයට එක්කර ගන්නා බව පැහැදිලියි.

    වෛද්‍ය විද්‍යාත්මක මතය අනුව නම් වැඩිහිටියෙකු සාමාන්‍යයෙන් දිනක් තුළ ආහාරයට ගතයුතු සීනි ප්‍රමාණය ග්‍රෑම් 60 ක් ( තේ හැදි 12 ක් ) නොඉක්මවිය යුතු බව පෝෂණවේදීන්ගේ මතයයි.

    සීනි කෑමෙන් ශක්තිය වඩවයිද ?

    අප සාමාන්‍යයෙන් එදිනෙදා භාවිත කරන උක් සීනි ( සුක්රෝස් සීනි ) රස කැවිලි, බිස්කට් හා කේක් වැනි කැවිල් වර්ග නිෂ්පාදනයට යොදා ගන්නවා. මෙම ආහාර ගත් සැනින් ඒවායින් කොටසක් සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා සැනෙකින් ක්‍රියාත්මක වෙනවා. සිරුරට ග්ලූකෝස් එක් කරමින් මේ සීනි වර්ගය සැනෙකින් රුධිරයට එක් වෙනවා.

    මේ ආහාර මගින් රුධිරයට එක්වන  සීනි ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුනම් වෙහෙසකර බව, ක්ලාන්තය, හිසේ රුදාව ආදි ලක්ෂණ මතු වෙනවා.

    මේ අවස්ථාවේදී ඇඞ්රිනලින් ග්‍රන්ථිය මගින් ඇඞ්රිනලින් හෝමෝනය ස්‍රාවය කර රුධිරගත සීනි ප්‍රමාණය ස්ථාවර කර ගන්නවා. මේ අවස්ථාවේදී අපත් නොදැනීම අප පැණි රස කෑම වලට පොළඹවනවා.

    ධාන්‍ය වර්ග, එළවළු වැනි සංකීර්ණ පිෂ්ඨය කොටස් සහිත සීනි සාර ආහාරවල ඇතැම් විට කෙඳිති සහිත ස්වභාවයක් ද තිබිය හැකියි. කෙඳි සහිත ආහාර සිරුරට උරා ගැනීමේ වේගය අඩු කරනවා. මේ තත්ත්වය සිරුර තුළ නැවතත් රුධිරගත සීනි ප්‍රමාණය නියග අගයක පවත්වා ගැනීම දිරි ගන්වනවා.

    මේ අනුව සඳහන් කළ හැක්කේ ඔබට ඔබගේ ශක්තිය වැඩිකර ගැනීමට අවශ්‍ය වුවහොත් පැණිරස ආහාර වෙත යොමු වෙනවාට වඩා පිෂ්ඨයසාර ආහාර වෙත යොමු වීම වඩාත් යෝග්‍ය බවයි.

    දියවැඩියා රෝගීන්ගේ සීනි වැඩිද ?

    ‘දියවැඩියාව’ කියන්නේ සිරුරේ ඉන්සියුලින් කියන හෝමෝනය නිපදවීම නිසා ඇතිවන අසාමාන්‍ය තත්ත්වයක්. ඉන්සියුලින් හෝමෝනය රුධිරයේ ඇති ග්ලූකෝස් විවිධ සෛල තුළට බෙදා හැරීමට උපකාරී වන හෝමෝන අතරින් එකක්. එසේම එය ග්ලූකෝස් නැවත ‘ග්ලයිකෝජන් ’ නමැති සංචිත සීනි බවට පෙරළීමට ද උපකාරී වෙනවා. මේ අනුව අපට පැහැදිලිව වන්නේ දියවැඩියා රෝගියෙකු තුළ වැඩි සීනි ප්‍රමාණයක් පවතින බවට වන මතය සත්‍ය බවයි.

    සීනි සහ වැඩිහිටියන්ගේ දත්

    සීනි වියපත් පුද්ගලයින්ගේ දත්වලට වැඩියෙන් හානි කරන බවට පවතින මතය සත්‍ය එකක්. එයට හේතුව වන්නේ පුද්ගලයෙකු වයසට යන විට සිරුරේ ඛේට ග්‍රන්ථිවල ස්‍රාවය ( කෙළ ) නිපදවීම අඩුවීමයි. ආරක්ෂක ආවරණයක් සේ ක්‍රියා කරන කෙළ ශ්‍රාවය වීම අඩුවීම නිසා දත්වලට අම්ලවලින් වන හානිය ද වැඩිවෙනවා.

    මේ හැරුණ විට වියපත් වන විට විදුරුමස් දියවී දන්ත මූලය වාතයට නිරාවරණය වෙනවා. මෙය ද දත් දිරාපත් වීම දිරිගන්වන තත්ත්වයක් වශයෙන් සඳහන් කළ හැකියි.  මේ අනුව අපට සඳහන් කළ හැක්කේ වියපත් පුද්ගලයින් පැණි රස කෑම අඩුකර ඒ වෙනුවට පලතුරු, එළවළු හා පිෂ්ඨය සාර ආහාර ගැනීම වඩාත් යෝග්‍ය බවයි. ■

    සැකසුම – තුෂාල් විතානගේ

    ( විශේෂඥ වෛද්‍යවරයෙකු සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි)

  • ‘කාර්තික් ආර්යන්’ නිරෝගී – කඩවසම් සිරුරක් සඳහා අත්‍යවශ්‍ය කරුණු 04ක් හෙළි කරයි

    ‘කාර්තික් ආර්යන්’ නිරෝගී – කඩවසම් සිරුරක් සඳහා අත්‍යවශ්‍ය කරුණු 04ක් හෙළි කරයි

    කොවිඩ් වසංගතය ලංකාව සේම මුළු ලෝකයම අවුල්කර ඇත. අගුළු දැමීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීමට සිදුවීම මෙන්ම පොදු ස්ථාන වසා දැමීම නිසා ද තත්ත්වය තව දුරටත් බරපතළ වෙමන් පවතී.

    මේ අතර ව්‍යායාම මධ්‍යස්ථාන වසා දැමීම ගැන බොහෝ රටවල දැඩි මැසිවිලි නැගේ. විශේෂයෙන් නාගරික තරුණ – තරුණියන් සේම මැදි වයසේ පසුවන පිරිස් ද මේ ගැන දැඩි කණස්සල්ලක් පළ කරති. ඔවුන් කියන්නේ තමන් වසර ගණනාවක් කරගෙන ආ ව්‍යායාම නතර කිරීමට සිදුවීම නිසා විවිධාකාර සෞඛ්‍ය හා මානසික ගැටලු ඇතිවන බවයි.

    මේ අතර ව්‍යායාම කිරීම, නිරෝගීව සිටීම සහ මංශපේෂි වර්ධනය කර ගැනීම ගැන ජනප්‍රිය බොලිවුඩ් නළු (අතිෂය කඩවසම් සිරුරකට හිමිකම් කියන) කාර්තික් ආර්යන් තමන් විසින් අත්හදා බලා ඇති, අත්දැක ඇති න්‍යායන් 04ක් පසුගිය දා ඉදිරිපත් කළේ.

    බොලිවුඩ් රසිකයින් අතර වෛරසයක් මෙන් පැතිර ගිය මෙම න්‍යායන් 04 ඔබ වෙනුවෙන් පරිවර්තනය කිරීමට අප පියවර ගෙන ඇත.

    නිරෝගීව සිටීම සඳහා කාර්තික් ආර්යන් අනුගමනය කරන අත්‍යවශ්‍ය කරුණු හතර පහත දැක්වේ:

    1. නිර්මාංශිකයින් මාංශ පේශි වර්ධනය කර ගැනීමට (muscles) යාම මිථ්‍යාවකි. එවැනි අවශ්‍යතාවක් තිබේ නම් ඔවුන් අනිවාර්යයෙන්ම කෘත්‍රීම විටමින් වර්ග සහ ශක්ති ජනක පාන (ස්ටෙරොයිඩ්)ගත යුතුයි. මේවා සිරුරට අතිෂය හානිකර ය.
    2. ඩයට් කිරීම මගින් සිහින් සිරුරක් ලබා ගත නොහැකියි. ඒ සදහා ව්‍යායාම කළ යුතු අතර විධිමත් ආහාර රටාවක් අනුගමනය කළ යුතුය. (නොකා සිටියා කියා කෙට්ටු නොවේ)
    3. සීනි සහිත ආහාර කෑමෙන් සහ පානය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. නමුත් ඔබේ ආහාර වේලට ලුණු ටිකක් ඇතුළත් කරන්න.
    4. ප්‍රතිඵලය පැහැදිලිව පෙනෙන්නට අවම වශයෙන් මාස හතරක්වත් සිරුරට කාලය ලබා දෙන්න. ( මොහොතකින් කිසිවක් සිදුනොවේ)

    හොඳයි, අපි නිසැකවම සෑම වචනයක් සමඟම එකඟ වෙමු. ඔයාට කොහොම ද?

    කාර්තික් ආර්යන් යෝග්‍යතාවය

    ෆිල්ම් ෆෙයාර් ඇසුරිණ් සකස් කළේ – තුෂාධවි

  • සුපිරි බොලිවුඩ් නිළි කරීනා කපූර්ගේ ‘සරාගීම ඡායාරූප’Leak වෙලා !

    සුපිරි බොලිවුඩ් නිළි කරීනා කපූර්ගේ ‘සරාගීම ඡායාරූප’Leak වෙලා !

    කරීනා කපූර් ඛාන් කියන්නේ බොලිවුඩයේ අතිෂය ජනප‍්‍රිය නිළියක්. සිනමා භාෂාවෙන් කිව්වොත් ‘සුපිරි තරුවක්‘. සිනමා විචාරකයින්ට අනුව ඇය කිසිදා කඩා වැටෙන තරුවක් නොවෙයි. දශක දෙකක් ගෙවී යන ඇගේ සිනමා ජීවිතය තව දුරටත් ඔපවත් වෙමින් බොහෝ දේ එක්කරනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    කරීනාගේ සිනමා දිවියට දශක දෙකක් ගතවීම නිමිතෙන් පසුගිය දා සුප‍්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාව ඇය සමග විශේෂ සාකච්ඡාවක් කළා. එමෙන්ම මෙවර ෆිල්ම් ෆෙයාර් කවරය වෙන් වුණෙත් කරීනා වෙනුවෙන්.

    ඉතිං, ෆිල්ම් ෆෙයාර් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී කරීනාගේ විවිධ කෝණයන්ගෙන් යුත් සුපිරි, උණුසුම් ඡායාරූප එකතුවකුත් බිහි වුණා. මේ ඒ ඡායාරූප එකතුව.

    කරීනා කපූර් ඛාන්
    කරීනා කපූර් ඛාන්
    කරීනා කපූර් ඛාන්
    කරීනා කපූර් ඛාන්
    කරීනා කපූර් ඛාන්
    කරීනා කපූර් ඛාන්
    කරීනා කපූර් ඛාන්
    කරීනා කපූර් ඛාන්
    කරීනා කපූර් ඛාන්

    Pictures by filmfare – Text by – Thushadhavi

  • හොංකොං හි අන්ධකාර කතාව “මිනීපෙට්ටි නිවාස”

    හොංකොං හි අන්ධකාර කතාව “මිනීපෙට්ටි නිවාස”

    “මිනී පෙට්ටියක පණපිටින් ජීවත් වෙන්න ලැබුණොත් මොන වගේ දැනේවිද..? ඒක මරණයට වැඩිය නරක අත්දැකීමක්.. ඒ අත්දැකීම මම වින්දේ නැති වුණත් ඒ අත්දැකීම විදින මිනිස්සු දැකපු පළවෙනි දවසේ මට ඒක ලොකු කම්පනයක් වුණා.. එදා මම ආපහු ගෙදර එනකොටත් මගේ ඇස් වලින් ගලන කදුළු නවත්තගන්න බැරි තරම්..

    හොංකොං හි “මිනී පෙට්ටි නිවාස“ ගැන “නැෂනල් ජියෝග්‍රැෆික්“ සගරාව හරහා ලොවට පෙන්වූ ඡායාරූප ශිල්පී බෙනී ලැම් තම අත්දැකීම ගැන එම සගරාවට ලියන්නට පටන් ගත්තේ ඒ අයුරිනි.
    හොංකොං ලෝකයේ ධනවත්ම ආර්ථික කලාපයකි. අහස උසට ගොඩනැංවුණු සුඛෝපභෝගී පහසුකම් සහිත ගොඩනැගිලි, නියෝන් එළියෙන් රාත්‍රියටත් දහවලක් මෙන් එළිය වුණු වීදි, දිවාරෑ විවෘතව ඇති වෙලද සැල්, ඒවායේ නිරන්තරව ගැවසෙන ධනවත් පාරිභෝගික ජනතාව ඇති හොංකොං ලෝකයේ වැදගත්ම වෙලද මධ්‍යස්ථානයකි.

    එහෙත් මේ ධනවත් නගරයේ දීප්තියට පසුපසින් සැගවී ඇතිි අන්ධකාර කතාව ගැන දන්නේ කීයෙන් කී දෙනාද.?

    හොංකොං හි ජනගහනය මිලියන 7.5 කට අධිකය. එහෙත් එහි ඉතිරිව ඇති ඉඩම් ප්‍රමාණය සීමා සහිතය. ඒ නිසා එහි ඉඩම් වල මිල ඉතා ඉහලය. නිවාස වල මිල සාමාන්‍ය වැසියන්ට දරන්නට බැරි තරම්ය. ලෝකයේ රටවල් වලින් නිවාස මිල අධිකම හොංකොං වල යැයි කියවෙයි. එබැවින් නිවාස අහිමි මිනිසුන් එහි බොහෝ ඇත. එවන් මිනිසුන්ට බොහෝ විට පිහිටට ඇත්තේ කුඩා කොටස් වලට බෙදුණු මහල් නිවාසයක කොටසක් පමණකි. මේ මහල් නිවාස කොටස් කොතරම් කුඩාද කිවහොත් ඒවා සාමාන්‍ය මිනී පෙට්ටියකට වඩා විශාල වනුයේ අගල් කිහිපයකින් පමණකි. මේ කුඩා කුටීර නිවාස හදුන්වනුයේ “මිනී පෙට්ටි නිවාස“ යනුවෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ කූඩු නිවාස හදුන්වනුයේ “මනුෂ්‍යත්වයට කරන බරපතල නිගාවක්“ වශයෙනි. එහෙත් නිවාස ගැටලුවට වෙනත් විකල්පයක් නැති කම හේතුවෙන්ම හොංකොං හි වැසියෝ 200,000 ක් පමණම මේ මිනීපෙට්ටි නිවාස වල ජීවත් වෙති. මේ 200,000 ක් වූ ජනගහනය අතර කුඩා දරුවන්ද හතලිස් දහසක් පමණ සිටින බව වාර්තා වෙයි.

    මේ මිනී පෙට්ටි නිවාස නිර්මාණය වෙන්නේ මහල් නිවාස කොටස් වලට බෙදීමෙනි. මහල් නිවාස කුඩා කොටස් වලට බෙදා කුලියට දීම එරට නීතියෙන් තහනම් වුවද මහල්නිවාස හිමියෝ තම නිවාස කොටස් වලට බෙදා අඩු ආදායම්ලාභී, නිවාස නැති මිනිසුන්ට බදුදීම තවමත් සිදු කෙරෙන කාර්යයකි. වර්ග අඩි 400 ක මහල් නිවාසයක් එහි හිමිකරුවන් විසින් අඩුම තරමේ කොටස් විස්සකටවත් බෙදනු ලබයි. හැකියාවක් ඇති නම් ඊටත් වඩා වැඩි කොටස් ප්‍රමාණයකට බෙදෙයි. මේ එක් කොටසක මාසික කුලිය හොංකොං ඩොලර් දෙදහසක් පමණ (ඇමරිකානු ඩොලර් 250ක් පමණ) වෙයි.
    එතරම් අධික මාසික කුලියක් ගෙවා ලබා ගන්නා නිවාසයක කාමරයක් බොහෝ විට දිගින් අඩි හයක් හා පළලින් අඩි දෙකහමාරක් පමණ වෙයි. හරියටම කිවහොත් මිනී පෙට්ටියකට වඩා අගල් කිහිපයක් විශාලය. මෙම නිවාසයකට ඇත්තේ අඩි දෙකහමාරේ අඩි හයේ කාමර දෙකකි. කුස්සියත් වැසිකිලියත් එක කාමරයකය. අනෙක් කාමරය ඉතිරි සියලු කටයුතු සදහාය.

    “නිදා ගැනීමේ පටන් උයා පිහා ගැනීම දක්වාම හැම දේම කරන්න ඒ මිනිස්සුන්ට තියෙන්නේ හැරෙන්නවත් ප්‍රමාණවත් නොවෙන ඉඩකඩක්.. හොංකොං වල තියෙන සෞභාග්‍යයෙන් එක දශමයක්වත් මේ මිනිස්සු අත් විදින්නෙ නෑ.. ඒ මිනිස්සු ගත කරන්නෙ සිරගත වුණ ජීවිතයක්..“ බෙනී ලැම් පවසයි.

    ලැම් නැෂනල් ජියෝග්‍රැෆික් සගරාවට ඉදිරිපත් කළ මේ එක් මිනීපෙට්ටි නිවාසයක ඡායාරූපයක් මේ සියලු කතාන්දර එකට පවසන කැඩපතක් බදු යැයි ඔහු පවසයි. එහි එක් මිනිසෙකු ඔහුගේ ඇදේ වැතිරී විවේක ගනියි. ඔහුට ඔහුගේ දෙපා දිගහැරගන්නට ඉඩ නැත. ඔහු සිටින්නේ දෙපා නවාගෙනය. එහෙත් දෙපා නවාගත් කළ ඔහුගේ දණහිස් දෙපස වූ බිත්ති වල වැදෙයි. සිටගත් විට ඔලුව හැපෙන තරමට පහත් සිවිලිමෙහි ඇදුම් එල්ලා ඇත. ලැම් කියන්නේ එරට රජයත් බලධාරිනුත් නිවාස ගැටලුවට වහ වහා විසදුම් සෙවිය යුත්තේ ඇයිදැයි තේරුම් ගන්නට මෙම ඡායාරූපයම කරුණු සපයන බවයි.

    “ඇයි අපි ඒ අය ගැන හිතන්නේ..? කෙනෙක් එහෙම අහන්න පුලුවන්.. ඒ අය අපේ ජීවිතයේ හැමදාම වගේ අපිට මුණ ගැහෙන අය.. අපට සමීප අය.. අපි කෑම කන අවන්හල් වලදි අපට සේවය කරන වේටර් වරු, අපි සතුටින් බඩු මිලදී ගන්න සාප්පු සංකීර්ණ මුරකරන ආරක්ෂක නිලධාරීන්, කාර්යාල රෝහල් පිරිසිදු කරන පිරිසිදු කිරීම් සේවකයින්, අපිට එදිනෙදා මුණ ගැහෙන කම්කරුවන්.. මේ වගේ අය තමයි මේ මිනී පෙට්ටි වල ජීවත් වෙන්නෙ.. ඔවුන්ගෙයි අපෙයි වෙනස මොකක්ද..? අපි ජීවත් වෙනවා.. ඔවුන් මැරි මැරී ජීවත්‍ වෙනවා.. මේක මනුෂ්‍යත්වයට කෙරෙන නිග්‍රහයක්..“ බෙනී ලැම් පවසයි.

    -උපුටා ගැනීමකි-

  • මවුකිරි දීම සම්බන්ධයෙන් ඔබට තිබූ නොවිසඳුණු ගැටලූ 04කට විසඳුම් මෙන්න

    මවුකිරි දීම සම්බන්ධයෙන් ඔබට තිබූ නොවිසඳුණු ගැටලූ 04කට විසඳුම් මෙන්න

    ගැබිණි කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු පන්තිවලට මම සහභාගී වුනෙමි. මව්කිරි දෙන කාලයට අඳින තනපට කිහිපයක් මිලදී ගත්තෙමි. මා දැන් දරුවාට කිරි දෙන මවක් වීමට සුදානම් ය.

    නමුත්, දරුවා ඉපිද දින දෙකකට පසුවත් මව්කිරි වෑහෙන්න ගත්තේ බිංදු කිහිපයක් පමණි. මම සම්බාහනය කර උත්සාහ කලෙමි. මේදය අධික ආහාර අධික ලෙස ගිල දැමුවෙමි. එළකිරි ගැලුම් ගණන් පානය කලෙමි.

    තුන්වැනි දිනයේ දී පවුල් සෞඛ්‍ය සේවිකාව පැමිණියාය. වහාම රෝහල් ගත වන ලෙස ඇය මට නියෝග කළාය. මගේ පුංචි පැටියා හාමත් වී සිටියාය.

    “දරා ගන්න අමාරුයි”

    A model smiles while breastfeeding a baby on a runway versus a woman sitting against a wall looking despondent while breastfeeding her baby
    ,මව්කිරි දීම: අපේක්‍ෂාවට එරෙහිව යතාර්ථය

    රෝහලට ගිය පසු මව්කිරි දොවන කුඩා පොම්පයක් යොදා ගනිමින් කිරි ලබා ගැනීමට උත්සාහ කළ ද කිරි වෙනුවට රුධිරය වෑහෙන්නට පටන් ගත්තේය.

    “මට මොනවා වෙලාද? මගේ පියයුරු මව් පදවිය ප්‍රතික්‍ෂේප කරනවද?” මට සිතුණි. මාගේ කුඩා බිළිඳා කිරි පොදක් බීමට තන පුඩුව තදින් උරන්නට වීම නිසා එය තුවාල විය.

    මවකට කිරි එරීම සවභාවිකව ම සිදු නොවන බව මම කල්තියා දැන සිටියානම් කෙතරම් අගනේ ද?

    එය පිරික්සුම් හා වැරදීම් න්‍යාය ( trial and error) මත පවත්නා ක්‍රියාවලියකි.

    පුහුණුවීම තුළින් තත්වය යහපත් අතට හරවා ගත හැකිය. ඒ සඳහා අත්හදා බැලිය හැකි උපායන් එමටය. නමුත් එය එතරම් පහසු නොවේ. විටෙක ඉතා වේදනාකාරීය.

    තනි වීම

    Newborns are not always great company: they mostly just eat, sleep and poop
    අලුත උපන් දරුවා දවසේ වැඩි වෙලාවක් කරන්නේ නිදා ගැනීමය. ඔබට තනිකමක් දැනීම අරුමයක් නොවේ.

    යතාර්ථයට මුහුණ දුන් දරුවා මව්කිරි බීම ක්‍රමයෙන් ආරම්භ කළේය. දැන් උවමනාවටත් වඩා මව්කිරි වෑහෙන්නට විය. මට සුව පහසු නින්දක් ලබන්නට කාලයක් නොමැත. තනිව නිදහසේ දිය නෑමට අවස්ථාවක් නැත. කැඩපත ඉදිරියට ගිය මොහොතක් මතක නැත.

    නිවසෙන් පිටවී ගමනක් යාමට හිතෙන්නෙම නැති තරම්ය. ” මාව දැක්කොත් අසල්වැසියෝ මොනවා හිතයිද? මගේ මිතුරියන්ට මොනවා හිතෙයිද?”

    මම ගැවසෙන්නට කැමතිම තැන්, දැන් පය ගසන්නට අකමැති ම තැන් බවට පත් වී තිබේ. ප්‍රසිද්ධ ස්ථානවල දී දරුවාට මව්කිරි ලබා දීමේදී මට අපහසුතාවයක් දැනේ.

    රෑ මැදියමේ මම නින්දෙන් අවදි වෙමි. දරුවා සමඟ තනි වෙමි. පිටස්තර ලෝකයෙන් ම තනි වී ඇති බවක් දැනේ. පශ්චාත් ප්‍රසව විශාදය මා වෙලා ගැනීමට ආසන්න ය.

    තමන්ව රැක බලා ගැනීම දරුවා රැක බලා ගැනීම තරම්ම – ඇතැම් විට ඊටත් වඩා – වැදගත් බව මම මීට පෙර දැන සිටියානම් කෙතරම් හොඳදැයි මට සිතේ.

    කාංසාවෙන් පෙළෙන, විෂාදයට ලක් වී බිඳ වැටුණු මවකට වඩා නිසි විවේකය ලද නිරෝගී මව යහපත් ය.

    වරදක් කළැයි දැනෙන හැඟීම පහව නොයයි

    A newborn being held in its mother's arms looking contented

    රෝහලේ දී ළදරු කිරිපිටි ලබා දුන් පසු දරුවා පැය කිහිපයක් නින්දට වැටුණි. මට නින්දක් අවැසිව සිටි සෑම මොහොතකම මව් කිරි ලබා දීමට උත්සහ කරමින් සිටිනවා වෙනුවට ළදරු පිටිකිරි දරුවාට ලබා දිය හැකිව තිබුනා නොවේදැයි මට පසක් විය.

    වරදක් කළ බවට දැනෙන හැඟීම මා වෙලා ගන්නට එතරම් කාලයක් ගත නොවීය. එය නොතකා සිටිය නොහැකි තරම් බලවත් වූ හැඟීමක් විය. ළදරු කිරිපිටි දීමෙන් පසු දරුවාගේ දිවේ සුදු පැහැති අවශේෂයක් ඉතිරිව තිබිණ.

    එය පිළිකුලක් දනවන දුර්ගන්ධයකින් යුක්ත විය. අස්වාභාවික දර්ශනයක් සේ දැනුණි. රසවත්, පෝෂ්‍යදායී මව්කිරි වෙනුවට ‘බාල ආහාරයක්’ මා දරුවාට ලබා දෙනවා නොවේදැයි යන හැඟීම මට ඇති විය.

    මා වරදක් කළැයි දැනෙන හැඟීම වරින් වර මතුවෙයි: “මට තව තවත් උත්සාහ කරන්න තිබුනා. මට වැඩිපුර පැයක් නිදා නොගෙන ඉන්න තිබුනා.”

    මෙම හැඟීම කිසිදා පහව නොයන එකක් බව කල් තියා දැනගෙන සිටියානම් කෙතරම් හොඳදැයි මට සිතේ. නමුත් එය ද සාධාරණ නොවේ. තමන්ට ගැලපෙන දේ තෝරා ගැනීමට හැම දෙනාම පෙළඹේ.

    කෙසේ හෝ තමන් වරදක් කළැයි දැනෙන හැඟීම ඉස්මතු වීම වළක්වාලිය නොහැකිය. එය වගකීම් සහගත මවකගේ අවලාදයක් විනා අයහපත් මවකගේ අවලාදයක් නොවේ.

    සහාය පතන්න

    Mother shopping with a baby. Did you know you can buy 'breast shields' to collect excess breast milk and give your nipples a break?
    මව්කිරි දොවා තබා ගෙන පසුව දරුවාට දිය හැකි බව ඔබ දැන සිටියා ද? ඒ සඳහා සුදුසු උපකරණ සහ නිසි ක්‍රමවේදයක් පවතී

    බිලියන ගණනක් වටිනා වෙළඳපොළක් සහ කර්මාන්තයක් මව්කිරි දීම ආශ්‍රිතව පවතී. නොගැනිය හැකි තරම් කුඩා ගැටලුවක දී පවා ඔබට සහනයක් ලබා දීම සඳහා ඉතා පිළිවෙළට ඇසුරූ විසඳුමක්, ඔබේ මුදල් ලබා ගැනීමට සුදානමින් පවතී.

    සුපිරි වෙළඳසල් තුළ මේ සඳහා ම වෙන් වූ රාක්කයක් පිරී තිබේ. තන පුඩුවට ආලේප කරන ක්‍රීම් වර්ගවල සිට පියයුරු උණුසුම්ව තබා ගැනීම සඳහා නිෂ්පාදිත ආවරණ දක්වා වූ භාණ්ඩ සහ අත් බෙහෙත් එහි නොඅඩුව පවතී.

    නමුත් මට සහනයක් ගෙන දුන් වැදගත් ම ‘අත් බෙහෙත’ වූයේ මව්කිරි දීම සම්බන්ධයෙන් පැවැත්වුණු වැඩමුළුවලට සහභාගී වීම ය. එහි දී හමු වූ, මව්කිරි දීම සම්බන්ධයෙන් වැඩි අත්දැකීම් සහිත උදවියගෙන් සහ විශේෂඥ දැනුම ඇති අයගෙන් ලබා ගත් උපදෙස් ය.

    නිසි පරිදි දරුවාට මව්කිරි දීමට නොහැකිව අරගලයක යෙදෙන එකම මව මා නොවන බව කලින් දැන සිටියේනම් කෙතරම් අගනේ ද? සහන සහ උපදේශන සේවා එමටය. ඔබ අසීරුතාවයකට පත් වූ විට කළ යුතු හොඳම දේ සහනයක් ඉල්ලා සිටීමය.

    Baby drinking milk from a bottle.

    තම දරුවාට මව්කිරි ලබා දීම හෝ නොදීම තමන් ගේ තේරීමයි. එය තීරණය කිරීමට සෑම මවකට ම අයිතියක් ඇති බව මම සිතමි. කෙසේ නමුත් මව්කිරි ලබා දීමට අසමත් වීම හෝ මව්කිරි ලබා නොදීමට තීරණය කිරීම මගින් ඔබ අයහපත් මවක් නොවනු ඇත.

    Text By – bbc sandesaya

  • පවුල් සැලසුම් එන්නත ගැන ‘ඔබේ හිතට වද දුන්’ කරුණු 10කට නිවැරදි පිළිතුරු

    පවුල් සැලසුම් එන්නත ගැන ‘ඔබේ හිතට වද දුන්’ කරුණු 10කට නිවැරදි පිළිතුරු

    ලංකාව තුළ වාර්ෂිකව සිදුවන ගැබ්ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් බව හඳුනා ගෙන තිබෙනවා. මෙය අදාළ පවුලට සේම සමාජයට ද ගැටලූවක් වුවත් ඒ කෙරෙහි තවමත් බොහෝ දෙනකුගේ අවධානය යොමු නොවීම ගැටලුවක්.

    ඊට හේතුව වන්නේ ‘සැලසුම් නොකළ හෝ අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ඇති වන සෞඛ්‍ය, ආර්ථික ගැටලූවලට අමතරව ‘ගබ්සාව’ ද බහුලව සිදුවීමයි. මේ තත්ත්වයට මුහුණ නොදී ‘සැලසුම් කළ පවුලක්’ පවත්වා ගැනීමට වඩාත් පහසුව සහ සෞඛ්‍ය විද්‍යාත්මක විසඳුම වන්නේ ‘පවුල් සැලසුම්’ ක‍්‍රම යටතේ සාකච්ඡා කරන ‘උපත් පාලනය’යි. ඒත් කනගාටුවට කරුණ වන්නේ ලංකාවේ බහුතරයක් කාන්තාව උපත් පාලනය සම්බන්ධයෙන් ද ‘නිසි‘ දැනුවත්භාවයකින් තොර වීමයි.

    අප මෙම ලිපි පෙළ මගින් බලාපොරොත්තු වන්නේ කාන්තා ඔබ වගේම පිරිමි පාර්ශ්වයත් (තනි අතින් අත්පොළසන් දිය නොහැකි නිසා) උපත් පාලනය ගැන විද්‍යාත්මකව දැනුවත් කිරීමයි.

    කිරි දෙන මවුවරුන්ට වඩාත්ම සුදුසු පවුල් සැලසුම් ක‍්‍රමය – පවුල් සැලසුම් එන්නත

    පවුල් සැලසුම් එන්නත ( ඩිපෝ මෙ‍ඩ්‍රොක්සි ප්‍රොජෙස්ටරෝන් ඇසිටේට්) DMPA යනුවෙන් හැඳින්වේ.

    ඩිපෝප්‍රොවේරා යනු කුමක් ද ? – මෙය මාස 3කට වරක් එන්නත් කර ගනු ලබන හෝර්මෝන නිෂ්පාදනයකි. (ප්‍රොජෙස්ටරෝන්)  එක් වරකට DMPA මිලිග්‍රෑම් 150ක් ඔබගේ මාංශපේශීය තුළට විදිනු ලැබේ. හෝර්මෝනය ටිකින් ටික මාංශපේශියෙන් රුධිරයට පිට කරනු ලැබේ.

    එය ක‍්‍රියාකරන්නේ කෙසේද ?

    • දරුවන් ලබන වයසේ සිටින කාන්තාවන් දින 28කට පමණ වරක් බිත්තරයක් (ඩිම්බ) ඔවුන්ගේ ඩිම්බ කෝෂ මගින් පිට කරනු ලැබේ. මෙම ඩිම්බය ශුක්‍රාණුවක් සමග එක්වීමෙන් (සංසේචනය) ගර්භිණීභාවයක් ඇතිවේ. DMPA වල ප්‍රධාන ක්‍රියාව වන්නේ මෙම බිත්තරය (ඩිම්බය) පිටවීම වැළැක්වීමයි.
    • ඊට අමතරව එමගින් ගැබ්ගෙල ස්‍රාවයන් ඝනබවට පත් කරන බැවින් ශුක්‍රාණුවක් ප්‍රජනන පද්ධතිය තුළ ගමන් කිරීම අසීරු කරයි.
    • තවද එමගින් ගර්භාෂයේ ඇතුළත බිත්තිය තුනී බවට පත් කොට සංසේචනය ඇතිවුවත් කළලය ගර්භාෂයේ තැන්පත්වීම වළක්වයි.

    එහි සාර්ථකභාවය කෙසේ ද ?

    • කාන්තාව නොකඩවා, නියම කරන ලද  දිනයට පැමින එන්නත ලබාගතහොත්, අතිශයින් සාර්ථකය. 99.97% ක් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.
    • ආර්තවයෙන් දින 5ක් ඇතුළත ලබාගත හොත් වහා ප්‍රතිඵල ලැබේ. එන්නත ලබාගෙන සතියක් කොන්ඩමයක් භාවිත කළ යුතුය.
    • ලිංගිකව බෝවන රෝගවලින් ආරක්ෂාවක් නොලැබෙන හෙයින් එම අවශ්‍යතාවය ඇති නම් කොන්ඩමයක් භාවිත කළ යුතුය.

    එය ලබාගත හැකි ස්ථාන මොනවා ද ?

    • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සායනවලින්
    • පවු‍ලේ ‍වෛද්‍යවරයාගෙන්
    • රජයේ සහ පෞද්ගලික රෝහල්වලින්
    • පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සායනයක්
    • පවුල් සංවිධාන සංගමයෙන්

    එන්නත වඩාත් සුදුසු වන්නේ කාහට ද ?

    • කිරි දෙන මව්වරුන්ට
    • ලිංගික ක්‍රියාවලියට බලපෑමක් නොමැති ක්‍රමයක් උවමනා අයට
    • දරුවන් අතර පරතරයක් අවශ්‍ය අයට
    • ඊස්ට්‍රජන් ‍හෝර්මෝනය නුසුදුසු අයට

    ඕනෑම කාන්තාවකට ඩිපෝ ප්‍රෝවේරා එන්නත ලබාගැනීම සුදුසු ද ?

    • නැත, පහත සදහන් අවස්ථාවලදී එය සුදුසු නැත.
    • ගර්භිණී නම්
    • පැහැදිලි හේතුවක් නොමැතිව යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම
    • අක්මා රෝග ඇත්නම්
    • පියයුරු පිළිකා ඇතිනම්

    එන්නත ලබාගැනීම පටන් ගත යුත්තේ කවදාද ?

    • මසකට වරක් ඔපස්වීම ඇතිනම් එන්නත දෙනු ලබන්නේ චක්‍රයේ මුල් දින 5 ඇතුළත
    • මව්කිරි දෙන්නේ නම්,
      • ප්‍රසූතියෙන් සති 6කට පසු
    • ගබ්සාවක් නම්,
      • ගබ්සාව මුල් මාස 3 තුළ සිදු වී නම් ගබ්සාව සිදු වී සතියක් ඇතුළත
      • ගබ්සාව මාස 3කට පසුව සිදු වී නම් ගබ්සාව සිදු වී සති 4කට පසුව

    එය දෙනු ලබන්නේ කෙසේ ද ?

    • මාස 3කට වරක් දෙනු ලැබේ. එන්නත දුන් ස්ථානය සම්බාහනය කිරීමෙන් වළකින්න.
    • සෑම විටම කුප්පියේ කල් ඉකුත්වන දිනය පරික්ෂා කරන්න.

    නියමිත දිනට එන්නත සදහා පැමිණීමට නොහැකි වුවහොත් ?

    • අසාර්ථකවීම වැලැක්වීම සදහා සෑම දින 90කට වරක් ලබාගත යුතුය
    • කිසියම් හේතුවක් නිසා නියමිත  දිනට පැමිණීමට නොහැකි වුවහොත් එම දිනට දින 14කට පෙර ලබාගැනීම සුදුසුය.
    • යම් හෙයකින් නියමිත දිනට නික්ෂේපනය ලබාගත නොහැකි වුවහොත් එම දිනයෙන් සති 4ක් ඇතුළත වහාම එය ලබාගත යුතුය. නමුත් ගර්භිණී තත්ත්වයක් නැති බව තහවුරු කළ යුතුය.
    • සති 4කට වඩා පමාවුවහොත් දින 7ක් සංසර්ගයේ යෙදීමෙන් වළකින්න. නැතිනම් කොන්ඩමයක් භාවිතා කරන්න.

    ඔබට ඇතිවිය හැකි අතුරු ආබාධ

    • ඔසප්වීමේ වෙනස්වීම් ඇතිවිය හැක.
    • මසකට වරක් ඔසප්වීම ඇතිවනවා වෙනුවට අක්‍රමවත් ලේ වහනයක් ඇතිවිය හැක. මෙය කරදයක් වුවද දරුණු සංකුලතාවයක් නොවේ. ‍තවත් අයකුට ඔසප්වීම එන්නත ගන්නා  කාලයේදී නතර විය හැක. මෙය කලබල විය යුතු කරුණක් නොවේ. එන්නත භාවිතය නවත්වා මාස 6-18ක් අතර කාලය තුළ නැවත ඔසප්වීම සාමාන්‍යය ලෙස ඇතිවේ.
    • බර වැඩි වීම
      ආහාර රුචිය වැඩිවීම නිසා බර වැඩි විය හැක. සෞඛ්‍යමත් ආහාර වේලක් ගැනීමෙන් සහ ව්‍යායාම කිරීමෙන් මෙය පාලනය කරගත හැක.
    • හිසරදය සහ කරකැවිල්ල
    • පියයුරුවල මද වශයෙන් වේදනාව සහ විශාලවීම

    එන්නත නැවැත් වූ පසු නැවත ගැබ් ගැනීම කොපමණ කලකින් ප්‍රමාද වේ ද?

    සාමාන්‍යයෙන් මේ සදහා නික්ෂේපන ගැනීම නවත්වා මාස 7-12 දක්වා කාලයක් ගතවේ.

    අප මෙම සම්පූර්ණම ලිපිය උපුටා ගත්තේ ශ‍්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ නිල වෙබ් අඩවියෙන්.

  • කොරෝනා වසංගත සමයේ ‘මවුකිරි දෙන මවුවරුන්ට’ විශේෂඥ උපදෙස් 04ක්

    කොරෝනා වසංගත සමයේ ‘මවුකිරි දෙන මවුවරුන්ට’ විශේෂඥ උපදෙස් 04ක්

    COVID-19 වසංගතය ලොව පුරා සෞඛ්‍ය පද්ධතියේ පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී තිබේ. COVID-19 ආසාදිතයින් රැකබලා ගැනීම සදහා පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය සේවා සම්පත් විශාල කොටසක් කැප කිරීමත් සමඟ ගෝලීය වශයෙන් අලුත උපන් හා දරුවන්ගේ මරණ සැලකිය යුතු වැඩි වීමක් සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.

    මව්කිරි දීම

    මෙම වසංගතය තුළ ළදරුවන් තුළ ඇති වන ජීවිතයට තර්ජනයක් වන ආසාදන වැලැක්වීම සඳහා මව්කිරි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. COVID-19 වසංගතය තුළ මව්කිරි දීම පිළිබඳව සමාලෝචනය කර ඇති සියලුම පර්යේෂණ හා සාක්ෂි වලින්, (WHO, යුනිසෙෆ් සහ අනෙකුත් ගෝලීය සංවිධාන) මව්කිරි දීම, මව සහ දරුවා එකම කාමරයක වාසය කිරීම, දරුවා වඩා ගැනීම ආදි සියලු සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නා ලෙස මවුවරුන්ට නිර්දේශ කර ඇත.

    මාතෘ COVID තත්ත්වය, එනම් මවට කොවිඩ් ආසාදනය වී තිබේද යන්න ගැන නොසලකා නිසි පූර්වාරක්ෂාවන් සමඟ. මව සහ දරුවා එකට ජීවත්වීම දරුවාට වඩාත් සුවපහසුවක් (දරුවාගේ වඩා හොඳ උෂ්ණත්ව පාලනයක්),මවට ඇති ආතතිය අඩු කිරීමට සහ සාර්ථක මව්කිරි දීම සඳහා උපකාරී වේ. 

    COVID-19 වසංගතය තුළ ළදරු කිරි ආදේශක සහ කෘත්‍රීම ආහාර ප්‍රවර්ධනය කිරීම හා බෙදා හැරීම හානිකර වන අතර එය හෙළා දැකිය යුතුය.

    මව්කිරි දීම

    COVID-19 සහ මව්කිරි දීම පිළිබඳව නිතර අසනු ලබන ප්‍රශ්න කිහිපයකට මගේ පිළිතුරු මෙන්න

    1. COVID-19 මව්කිරි හරහා ගමන් කළ හැකිද?
    නැත. මව්කිරි මගින් COVID වෛරසය ආසාදනය වන බව මෙතෙක් කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී නොමැත. (සීමිත සාක්ෂි කිහිපයක් සොයාගෙන ඇති අතර එය ළදරුවා තුළ ආසාදන ඇති කළ හැකි ශක්‍ය හා ආසාදිත වෛරසයක් සොයා ගැනීමට සමාන නොවේ) එබැවින් මව COVID ධනාත්මක බව අනාවරණය වුව ද මව්කිරි දීම නැවැත්වීමට හේතුවක් නැත. 

    COVID-19 හා සම්බන්ධ සම්ප්‍රේෂණය හා රෝගාබාධවල අවදානම මව්කිරි දීමේ ප්‍රතිලාභ ඉක්මවා යයි.

    2. සැක සහිත හෝ තහවුරු කරන ලද COVID-19 සහිත කාන්තාවන් ආරක්ෂිතව මව්කිරි දෙන්නේ කෙසේද?
    වෛරසය මව්කිරි හරහා ආසාදනය නොවුණ ද ශ්වසන ජල බිඳිති / ස්පර්ශය හරහා පැතිරීමේ අවස්ථාවක් තිබේ. ආසාදන වැළැක්වීම සහ පාලන පියවරයන් නිරීක්ෂණය කළ හොත් එය අවම කර ගත හැකිය:

    සබන් හා ජලය සමග නිතර අත් සෝදන්න නැතිනම් මත්පැන් මත පදනම් වූ දියරයක් භාවිතා කරන්න. දරුවා ස්පර්ශ කිරීමට පෙර අත් හොදින් සබන් ගා සෝදා ගන්න. මව්කිරි දීම ඇතුළුව ළදරුවා සමඟ පවත්වන ඕනෑම සම්බන්ධතාවයකදී වෛද්‍ය මුහුණු ආරණයක් පැළඳ ගන්න. මව ස්පර්ශ කළ පෘෂ්ඨයන් නිතරම විෂබීජහරණය කරන්න.

    3. COVID-19 වසංගතය අතරතුර මව්කිරි දීම වැදගත් වන්නේ ඇයි?
    මවට නිරාවරණය වන ආසාදනයට විශේෂිත වූ ක්ෂුද්‍ර ජීවී සාධක, සයිටොකයින මව්කිරි වල අඩංගු වේ. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ආසාදනය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ මව්වරුන්ගේ මව්කිරි තුළ COVID-19 වෛරසයට විශේෂිත ස්‍රාවය වන ප්‍රතිදේහවල ප්‍රබල ප්‍රකාශනයක් ඇති බවයි. 

    උපතින් පැයක් ඇතුළත මව්කිරි දීම ආරම්භ කිරීමට මව්වරුන්ට සහාය විය යුතු අතර, දරුවාට වයස මාස හයක් වන තුරු මව්කිරි දීම පමණක් කළ යුතුය. පසුව වයසට ගැළපෙන අනුපූරක ආහාර සැපයීම ආරම්භ කළ යුතු අතර, දරුවාට වයස අවුරුදු දෙකක් වන තුරු මව්කිරි දීම දිගටම කරගෙන යා හැකිය. .

    මව්කිරි දීම

    4. මව්කිරි දීමට මව / ළදරුවා අසනීප නම් කුමක් කළ යුතුද?
    මෙහිදී ගත හැකි හොදම පියවර වන්නේ කාමර ගත කිරීම, එනම්, ළදරුවා සහ මව එකම කාමරයක, එකිනෙකාට යාබදව, කැපවූ COVID පශ්චාත් ප්‍රසව වාට්ටුවක, විශේෂිත හා බාධාවකින් තොරව මව්කිරි දීම සහතික කිරීමයි.  COVID ධනාත්මක, නමුත් බරපතල ලෙස රෝගාතුර නොවූ මව්වරුන් සදහා මෙය ක්‍රියාත්මක කළ හැකිය. 

    කෙසේ වෙතත්, මව සහ දරුවා වෙන් කළ යුතු අවස්ථාවන්හිදී, මවට දැඩි සත්කාර අවශ්‍ය වේ නම්, ඊළඟ හොඳම විකල්පය වනුයේ ප්‍රකාශිත මව්කිරි භාවිතා කිරීමයි (මවගෙන් දොවාගත් කිරි හැන්දක ආධාරයෙන් දරුවා පෙවීම කළ යුතුය). 

    ළදරුවා වෙනත් ආකාරයකින් සෞඛ්‍ය සම්පන්න නම් සහ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍ය නොවන්නේ නම්, මවගෙන් දොවාගත් මගින් ළදරුවා පෝෂණය කළ යුතුය. මවගෙන් දොවාගත් මව්කිරි දීමට මවට නොහැකි නම් හෝ නොමැති නම්, වෙනත් මවකගෙන් ලබා ගත් මවුකිරි ලබාදීම වඩාත් සුදුසුය. 

    ළදරුවන් තුළ COVID-19 ආසාදනය වීමේ අවදානම අඩු ය. ආසාදනය සාමාන්‍යයෙන් මෘදු වන අතර ඉහත විස්තර කර ඇති පරිදි සුදුසු පූර්වාරක්ෂාවන් මගින් එය වළක්වා ගත හැකිය. 

    අනෙක් අතට, මව්කිරි ලබා නොදීමේ ප්‍රතිවිපාක දරුණු විය හැකි අතර, මව්කිරි වලින් ආරක්ෂා වන අනෙකුත් සියලුම ආසාදන වලට ළදරුවා අවදානමට ලක්විය හැකිය, විශේෂයෙන් සෞඛ්‍ය හා ප්‍රජා සේවා කඩාකප්පල් වන සහ / හෝ සීමිත කාලයක මෙය බරපතළ ගැටලුවක්, අවදානමක් විය හැකිය.

    femina.in ඇසුරිනි – සකස් කළේ – තුෂාර වල්ගම

  • නිවැරදිව මවුකිරි දීම සඳහා විශේෂඥ උපදෙස් 06ක්

    නිවැරදිව මවුකිරි දීම සඳහා විශේෂඥ උපදෙස් 06ක්

    මව්කිරි දීම කිසිසේත්ම උපත් පාලන ක්‍රමයක් නොවන බව මතක තබා ගන්න. එසේම උපත් පාලන පෙති වල කිරි නිෂ්පාදනයට බාධාවක් විය හැකි එස්ටජන් අඩංගු වේ. එමනිසා, ඔබ මව්කිරි දෙන අතරතුර, ඔබට කොන්ඩම් හෝ වෙනත් උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට යොමු විය යුතුය.

    2020 ජාතික මවුකිරි දීමේ සතිය පසුගිය අගෝස්තු 01 සිට 07 දක්වා පැවැත් වුණා. මෙවර එහි තේමාව වුණේ ‘මවුකිරි දීම ප්‍රවර්ධනය කර නිරෝගී දැයක් බිහි කරමු‘ යන්නයි.

    මවුකිරි දීමේ සතිය කොතරම් වැදගත් වුණත් මහ මැතිවරණ උණුසුම නිසා ඒ ගැන කිසිම අවධානයක් යොමු කිරීමට අපටත් හැකියාව ලැබුණේ නැහැ. ඒත් අපේ දැඩි විශ්වාසය වන්නේ මවුකිරි දීම අත්‍යවශ්‍ය බවත් එය තව දුරටත් ප්‍රවර්ධනය කළ යුතු බවයි. ඒ හා සම්බන්ධයෙන් අපට කිසිදු තර්කයක් නැහැ.

    ජාතික මවුකිරි දීමේ සතිය පසුවී දිනයකට පසුව (08) අපි මවුකිරි දීම සම්බන්ධයෙන් විශේෂඥ ලිපි දෙකක් පළ කිරීමට තීරණය කළා. විශේෂයෙන් කොවිඩ් වසංගත අවධානම සමග මේ විශේෂඥ ලිපි අතිෂයින් වැදගත් බවයි අපගේ අදහස වන්නේ.

    අපි මෙම ලිපිය උපුටා ගත්තේ ලෝකයේ අතිෂය ජනප්‍රිය වෙබ් අඩවියක් වන ඉන්දීය ‘ෆෙමිනා‘ වෙබ් අඩවියෙන්. එනිසා මෙහි යම් ආකාරයක ඉන්දීය ලක්ෂණ තිබිය හැකියි. ඒත් එය මේ ලිපියේ අන්තර්ගතයට හා දැනුමට අභියෝගයක් නොවන බව අපගේ විශ්වාසයයි.

    සාර්ථකව මවුකිරි දීම සඳහා විශේෂඥ උපදෙස්

    කොරෝනා වසංගතය මධ්‍යයේ මාතෘත්වය වැළඳ ගන්නා නව මව්වරුන්ට ආයුබෝවන් . ඔබේ දරුවාට මව්කිරි දීම ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳ මග පෙන්වීමක් ලබා දීමට අපි සූදානම්. ඒත් ඔබ බොහෝ දෙනෙක් මේ වන විට මවුකිරි දීම ගැන බොහෝ අත්දැකීම් ඇති කාන්තාවන් විය හැකියි. ඒ වගේම ඒහා සම්බන්ධයෙන් ඔබට ඔබේ මවගෙන්, නැන්දනියගෙන් හෝ ඥාතිවරියකගෙන්, පවුලේ වෛද්‍යවරයාගෙන් බොහෝ උපදෙස් ලැබී තිබිය හැකියි.

    ඒත් අපි මෙහිදී අවධානය යොමු කරන්නේ අපේ සමාජය, මවුවරුන් මීට පෙර මුහුණ නොදුන් කොවිඩ් අවධානම සමග මවුකිරි ලබාදීම සිදුකරන්නේ කෙසේද යන්න කෙරෙහි නිසා අපි කියන්න යන දේ තුළ ඔබ නොදැන සිටි අලුත් දැනුම තිබිය හැකියි.

    ඔබට මේ විශේෂඥ උපදෙස් ලබා දෙන්නේ බැංගලෝරයේ ෆෝටිස් රෝහලේ මවුකිරි දීම සම්බන්ධ විශේෂඥ උපදේශක ජොයිස් ජයසීලන්. ඔහු මවුකිරි දීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා අත්දැකීම් ලබා ඇති විශේෂඥයෙක්.

    මව්කිරි දීම

    “මව්කිරි දීම දරුවාගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට සහ නිසි පෝෂණය සඳහා අත්‍යවශ්‍ය අංගයක්. මව්කිරි දීම කැපවීමක් වන අතර, කාර්යබහුල කාලසටහනක් ඇති මව්වරුන්ට එය අභියෝගයක් විය හැකියි. දැනටමත් ඔබ ඔබේ බිළිදාට නියමිත පරිදි මවුකිරි ලබාදෙමින් ඔහු මනාව පෝෂණය කරනවා විය හැකියි. ඒත් තවත් සමහරුන්ට එය අභියෝගාත්මක, වෙහෙසකර හෝ නීරස කාර්යයක් විය හැකියි.

    ඒත් පහත සදහන් උපදෙස් නිසි පරිදි වටහා ගෙන ක්‍රියාත්මක කළහොත් ඔබට මවුකිරි දීම බොහොම තෘප්තිමත්… ආදරණීය කාර්යයක් විය හැකියි.

    1. සන්සුන් වන්න
    මව්කිරි මුදා හැරීමට ශරීරයේ ස්වාභාවික හැකියාවට මානසික ආතතිය බාධාවක් වන බව මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. එමනිසා බිළිදාට මවුකිරි ලබාදීම සඳහා නිහඩ ස්ථානයක් සොයා ගැනීම සුදුසුයි. අවශ්‍ය නම්, ඔබට ලිහිල් සංගීතයට සවන් දිය හැකි අතර, සන්සුන් යමක් වෙත (චිත්‍රයක්, පරිසරය ආදි) ඔබේ අවධානය යොමු කළ හැකිය. 

    2. ඉල්ලුමට අනුව
    ඔබේ දරුවාට මව්කිරි දෙන තරමට මවුකිරි කිරි වැඩි වන බව මතක තබා ගන්න. මේ අනුව නිතර නිතර ඔබේ දරුවාට මව්කිරි දීම උත්සාහ කිරීම සුදුසුය. සමහර අවස්ථාවල, ඔබට පෙර සැලසුම් කළ හැකි කාලසටහනක් තිබිය හැකිය‍. 

    විශේෂයෙන් ඔබ රැකියාවකට යන අතර තුර ඔබේ බිළිදා වෙනත් කිසිවෙකු විසින් බලා ගන්නේ නම් මේ තත්ත්වය ඇතිවිය හැකිය. එමනිසා, රැකබලා ගැනීමේ අවසාන පැය තුළ ඔබේ දරුවාට පෝෂණය කිරීමෙන් වළකින ලෙස ඔබේ දරුවාගේ රැකබලා ගන්නන්ගෙන් ඉල්ලා සිටීම සුදුසුය. ඔබ රැකියාවෙන් පැමිණි විගසම ඔබේ දරුවාට මව්කිරි දීමට මෙය ඔබට ඉඩ සලසයි.

    3. බොහෝ විට හා ඵලදායී ලෙස කිරි පොවන්න
    ඔබ වැඩි වැඩියෙන් මවුකිරි ලබා දෙන තරමට මවුකිරි කිරි නිපදවීමට ඉඩ ඇත. සමහර වේලාවට, ඔබට කාර්යබහුල වැඩ කාලසටහනක් තිබිය හැකිය. එවිට, කාර්යබහුල කාලසටහන තුළ සෑම පැය කිහිපයකට මිනිත්තු 15 ක් මවුකිරි පෙවීමට උත්සාහ කළ හැකිය. ඔබේ ද්විත්ව පියයුරු මගින් කිරි නිෂ්පාදනය කරන බැවින් පියයුරු දෙකම එකවර භාවිත කිරීම සුදුසුය. දොවාගත් මව්කිරි පැය 6-8 අතර කාලයක් කාමර උෂ්ණත්වයේ තබා ගත හැකිය. මෙසේ දොවාගත් මවුකිරි බිළිදාට පෙවීමේදී බෝතල් භාවිත කිරීමෙන් වළකින්න, ඒ වෙනුවට කෝප්පයක් සහ හැන්දක් භාවිතා කරන්න.

    මව්කිරි දීම

    4. දියර වර්ග බොන්න
    මවුකිරි දෙන නිසා ඔබ සජලීව තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඔබව පහසුවෙන් විජලනය කළ හැකි සෝඩා, කෝපි සහ අනෙකුත් කැෆේන් සහිත බීම සීමා කිරීමට වග බලා ගන්න. අධික ලෙස කැෆේන් පානය කිරීම ගැටලු රැසකට තුඩු දිය හැකි අතර ඔබේ දරුවාගේ නින්දට බාධා කරයි. සමහර අවස්ථාවලදී, ඔබ ඉඳහිට මත්පැන් පානය කිරීමට තෝරා ගන්නේ නම්, පැය දෙකක් ගතවන තෙක් මව්කිරි දීමෙන් වැළකී සිටීම තරයේ නිර්දේශ කෙරේ.

    5. දුම් පානය නොකරන්න
    දුම් පානයෙන් ඔබේ කිරි සැපයුම අඩු වන අතර ඔබේ කිරිවල රසයද වෙනස් වේ. එය ඔබේ දරුවාගේ නින්දට බාධා කළ හැකිය. තවද, ශ්වසන රෝග ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බැවින් දුම් පානය නොසලකා හරින්න. ඔබ දුම් පානය කරන්නේ නම්, පුරුද්දෙන් ඉවත් වීමට ඔබට උපකාරී වන ක්‍රම සඳහා ඔබේ වෛද්‍ය වෘත්තිකයාගෙන් විමසන්න. මේ අතර, දරුවාට කිරි පෙවීමට පෙර හෝ අතරතුර දුම්පානය කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම සුදුසුය.

    මව්කිරි දීම

    6. ඔබ ගැන හොඳින් සැලකිලිමත් වන්න
    නිසි ආහාර වේලක් සමස්ත යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි. එමනිසා, පලතුරු, එළවළු සහ ධාන්‍ය වර්ග අඩංගු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරන්න. මීට අමතරව, ඔබේ දෛනික චර්යාවට ශාරීරික ක්‍රියාකාරකම් ඇතුළත් කළ හැකිය. හොඳ ආහාර වේලක් සහ ව්‍යායා හැරුණු විට, ඔබේ දරුවා නිදා සිටින විට ඔබත් නිදා ගැනීමට වග බලා ගන්න.

    මවුකිරි ලබාදීම උපත් පාලනයක් නොවේ

    මේ සමග ඔබ තවත් වැදගත් කරුණක් ගැනත් අවධානය යොමු කළ යුතුය. ඒ අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීමක් වළක්වා ගැනීමයි. ඒ අනුව මවුකිරි ලබා දෙන සමයේදී ඔබ නිවැරදි හා විශ්වාසනීය උපත් පාලන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුය. එය තරයේ නිර්දේශ කෙරේ. 

    මව්කිරි දීම කිසිසේත්ම උපත් පාලන ක්‍රමයක් නොවන බව මතක තබා ගන්න. එසේම උපත් පාලන පෙති වල කිරි නිෂ්පාදනයට බාධාවක් විය හැකි එස්ටජන් අඩංගු වේ. එමනිසා, ඔබ මව්කිරි දෙන අතරතුර, ඔබට කොන්ඩම් හෝ වෙනත් උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට යොමු විය යුතුය.

    “මව්කිරි දීම අභියෝගයක් මෙන්ම කැපවීමකි. ඔබේ කිරි සැපයුම නඩත්තු කිරීමේදී ඔබට ගැටලුවක් තිබේ නම් හෝ කිරි නිෂ්පාදනයේ ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වන්නේ නම්, ඔබේ වෛද්‍ය වෘත්තිකයා හමුවී වැඩිදුර මඟ පෙන්වීම ලබා ගන්න” යනුවෙන් ජයසීලන් වැඩි දුරටත් කරයි. 

    ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාර වල්ගම

  • රජ පවුල කැළඹු ‘ඩයනා කුමරියගේ’  විලාසිතා 10ක්

    රජ පවුල කැළඹු ‘ඩයනා කුමරියගේ’ විලාසිතා 10ක්

    ‘ඩයනා කුමරිය‘ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ ඇය ගැන අපි ඕන තරම් දන්න නිසා. ඒත් ඇයගේ විලාසිතා ගැන නම් ඔබ ‘ඕන තරම්‘ නොදන්න බව අපට සහතිකයි. ඊට හේතුව වන්නේ ඩයනා කුමරිය මිය ගොස් දශක දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් අදත් විලාසිතා ලෝකයේ ‘සුපිරිම තරුවක් ‘ ලෙස ඇය සැලකීමකි.

    ‘ඇය කිසිසෙත්ම විලාසිතා නිරූපණ ශිල්පිනියක් නොවෙන බව අපි කවුරුත් දන්නවා. ඒත් මේ ලෝකේ සුපිරිම විලාසිතා නිරූපණ ශිල්නිය වන්නේ ඇයයි. ඇය කාලයට වඩා බොහෝ ඉදිරියෙන් සිටි කුමාරිකාවක්. විලාසිතාකාරියක්‘ ඩයනා කුමරියගේ විලාසිතා රුචිකත්වය ගැන තම අදහස් දක්වමින් විලාසිතා විචාරක සහ නිර්මාණ ශිල්පී ලෙවින් ඩි. ජැස්කියෝස් පවසනවා.

    ‘ මෑත යුගයේ රාජකීයයකු වන වේල්සයේ ඩයනා කුමරිය ඇගේ කාලයට වඩා ඉදිරියෙන් සිටියි. ඇගේ විලාසිතාව එකල අනෙක් කුමාරිකාවන් අනුගමනය කළ අතිෂය සම්ප්‍රදායික විලාසිතා රටාව රටාව මෙන් නොවීය. ඇයගේ විලාසිතා තේරීම් සමඟ අවදානමක් ද ගැනීමට ඇයට සිදුවිය. එවැනි අවස්ථාවලදී ඇය අතිෂය දරුණු හා අතිශය නිර්භීත තීන්දු ගත්තා‘ ඔහු වැඩි දුරටත් පවසනවා.

    චාල්ස් කුමරු තමාට වංචා කළ බව ඇය ජාතික රූපවාහිනියෙන් ලෝකයාට ප්‍රකාශ කළ දින ඇය සැරසී සිටි off-shoulder, risqué black revenge dress (උරහිස් නිරාවරණය කළ කළු පළිගැනීමේ ඇඳුම) සෑම කෙනෙකුම සිහිපත් කරයි. එය ඇගේ විලාසිතාවේ ගමනේ සුවිශේෂී අවස්ථාවක් බවට පත්විය. 

    ඇය නිර්දෝෂ රසය (impeccable taste) ඇති කාන්තාවක් වූ අතර ඇය ඇඳ සිටි ආකාරය ඒ බව මුළුමනින්ම පිළිබිඹු කරයි. එය මීට පෙර වෙනත් රාජකීයයන් මෙන් නොවීය. ඇය ඇගේ මනාපය අනුව රාජකීය විලාසිතාවන් කෙටුම්පත් සකස් කළාය. එසේම, ඇයගේ විලාසිතා සහ පෙනුම අදටත් අදාළ වන අතර ඒවා පහසුවෙන් ‘සම්භාව්‍‘ය ලෙස හැඳින්විය හැකිය.

    ඩයනා කුමරිය ආ ගිය සෑම අවස්ථාවකදීම, එය රාජකීය සංචාරයක් වේවා, ප්‍රිය සාදයක්, ක්‍රීඩා උත්සවයක්, සමාජ සත්කාරයක් වේවා ඒ සෑම අවස්ථාවකදීම ඇයගේ විලාසිතා කාගෙන් නෙත් පැහැර ගත් අතර ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාර්ය බහුල කළේය.

    ඩයනා කුමරියගේ හදිසි අභාවය (අගෝස්තු 31 වැනිදා) සිදු වූ බැවින් ලෝකය පුරා මේ සුන්දර කුමරිය ගැන සැමරුම් පැවැත්වීමට නියමිතය. ඒ නිසාම අප ද ඇය වෙනුවෙන්, ඇයගේ සදානුස්මරණීය විලාසිතා එකතුවක් වෙනුවෙන් මේ පිටුව වෙන් කළෙමු.

    ඩයනා කුමරියගේ සුපිරිම විලාසිතා එකතුව දැන් ඔබටත් රස විදිය හැකිය. යල් පැන යාමක් නොමැති නිසා පහසුවෙන් ම අනුකරණය කළ හැකිය.

    විලාසිතා
    Polka-dot dress with matching hat and a string of pearls.
    විලාසිතා
    Crisp grey blazed with a mini white skirt and a hollow hat.
    විලාසිතා
    Black polo t-shirt, paired with high-waisted jeans, layered with a varsity jacket
    විලාසිතා
    Lavender wrap jacket, styled with a vintage Chanel handbag.
    විලාසිතා
    A white shirt worn with a high-waisted washed-up blue denim and a tan belt.
    විලාසිතා
    White T-shirt layered with an oversized black blazer teamed with straight fit denim, a baseball hat and a pair of cowboy boots.
    විලාසිතා
    Off-white shift dress clutched at the waist with a dainty belt, accessorised with black pumps and a classic Dior handbag.
    විලාසිතා
    Oversized purple sweater, bicycle shorts work with chunky sneakers and sunglasses.
    විලාසිතා
    Polka dotted retro-chic pink dress with a matching customised hat.
    විලාසිතා
    Floral black and red one-off-shoulder gown.

    Text and Pictures by Femina.in – by – Thushadhavi

  • ‘උපත් පාලන පෙති’ ගන්නේ බලාගෙනයි ! ඒ ඇයි ?

    ‘උපත් පාලන පෙති’ ගන්නේ බලාගෙනයි ! ඒ ඇයි ?

    අපි පසුගිය ලිපි මගින් උපත් පාලනය සදහා භාවිත කළ හැකි කොන්ඩම් ගැන කතා කළා. අපි මෙවර අවධානය යොමු කරන්නේ කාන්තාවන් අතර වඩාත් සුලභ උපත් පාලන ක්‍රමයක් වන උපත් පාලන පෙති වෙතටයි.

    මෙය සුලභව භාවිතා වන උපත් පාලන ක්‍රමයක් වුවත් එය අසාර්ථකත්වය 10-30% අතර පවතින බවයි වෛද්‍යවරු කියන්නේ. එයින් අදහස් වන්නේ උපත් පාලන පෙති භාවිතා කරන විට සැලකිය යුතු අවධානමක් තිබෙන බවයි.

    උපත් පාලන පෙති භාවිතය

    මෙය ආර්තව චක්‍රයේ ඇති ස්වභාවික වෙනස්වීම් මත රදා පවතියි. එනම්

    • ඩිම්බ පිටවීම – සාමාන්‍යයෙන් ඔසප්වීමකට දින 14කටපෙර ඇති‍වේ.
    • ඩිම්බ පිටවීමට පෙර, පිටවන විට හා ඉන්පසු ගැබ් ගෙලෙන් ස්‍රාවය වන ශ්ලේෂ්මල වල ස්වභාවය වෙනස් වෙයි.
    • ඩිම්බයක් පිට වු පසු පැය 12-24 දක්වා කාලයක් සජීවීව පවති.
    • ශුක්‍රාණුවක් ස්ත්‍රි  ප්‍රජනක පද්ධතිය තුළ පැය 24-72 අතර කාලයක් ජීවි බව පවත්වා ගනියි.

    සාර්ථකභාවය

    නවීන ක්‍රම හා සංසන්දනය කිරිමේදී මෙය එතරම් සාර්ථක නොවන ක්‍රමයකි. එය අසාර්ථක විමේ ඉඩකඩ 10-30% ක් පමණ වේ.

    මෙය භාවිත කරන්නේ කවුද ?

    • ආගමික හා සංස්කෘතික විශ්වාසයන් නිසා
    • නවීන උපත් පාලන ක්‍රම ලබාගත හැකි සායන ආදියට ළගාවීමට අපහසු පුද්ගලයන්
    • නවීන උපත් පාලන ක්‍රම වල අනිසි ප්‍රතිවිපාක පිළිබද බිය වු පුද්ගලයන්

    මෙම ක්‍රමයේ අවාසි

    • අසාර්ථකවීමේ ඉඩකඩ වැඩිවීම

    පවුල් සැලසුම් සංගමයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

  • අධික තරබාරුව ගැන අලුත් තොරතුරු හෙළිවෙයි – පරණ මත ඉවතට ?

    අධික තරබාරුව ගැන අලුත් තොරතුරු හෙළිවෙයි – පරණ මත ඉවතට ?

    තරබාරුකම පුද්ගලයෙකුගේ සෞඛ්‍යය අනුව නිර්වචනය කළ යුතුයි. ඔවුන්ගේ බර පමණක් ඒ සදහා නොසෑහේ – කැනේඩියානු නව සායනික මාර්ගෝපදේශයක් පවසයි.

    තරබාරුකම යනු ජීවිත කාලය පුරාම කළමණාකරණය අවශ්‍ය වන සංකීර්ණ, නිදන්ගත තත්වයක් බව එය අවධාරණය කරයි.

    ‘තරබාරුකම‘ ගෝලීය සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වෙලා බොහෝ කාලයක් වෙනවා. ඒ හා නිර්මාණය වන සෞඛ්‍ය හා සමාජයීය ගැටලුවලට විසදුම් සෙවීමට දීර්ඝ කාලයක් තිස්සේ අරගල කළත් තවමත් ගැටලුව ආරම්භ වූ තැනම තිබෙනවා.

    තරබාරුකමට කඩිනම් සහ එකම විසදුම ලෙස බොහෝ විට ඉදිරිපත් වන්නේ ආහාර පාලනය සහ ව්‍යායාම කිරීමයි. ඒත් පසුගිය දා කැනේඩියානු පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් එය යල් පැනගිය අදහසක් බවට පත්ව තිබෙනවා.

    ආහාර හා ව්‍යායාම නිර්දේශ කිරීමෙන් ඔබ්බට යන ලෙස එම අධ්‍යයනය වෛද්‍යවරුන්ට උපදෙස් දෙනවා. ඔවුන් අවධාරණය කරන්නේ බර වැඩිවීමට මූලික හේතු කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර සෞඛ්‍යයට පරිපූර්ණ ප්‍රවේශයක් ගත යුතු බවයි.

    පසුගිය 04 වැනිදා ප්‍රකාශයට පත් වූ කැනේඩියානු වෛද්‍ය සංගමයේ ජර්නලයේ (Canadian Medical Association Journal) මෙම මාර්ගෝපදේශය පිළිබද සදහන් වෙනවා.

    “තරබාරුකම පිළිබඳ ප්‍රමුඛ මතවාදය වන්නේ එය පාලනය කර ගැනීමට නොහැකි වී ඇත්තේ පුද්ගලික වගකීම් විරහිතභාවය සහ අධිෂ්ඨාන ශක්තිය නොමැති වීම නිසා බවයි. මෙම අදහස මගින් ස්ථුලතාවයෙන් පෙළෙන පුද්ගලයින්ට දොස් පවරන අතර ඔවුන්ව අවමානයට පත් කරනවා” මාර්ගෝපදේශයේ සදහන් වෙනවා.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ තරබාරුකමට ප්‍රාථමික ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් විසින් ඔවුන්ගේ දෛනික භාවිතයේදී තරබාරුකම හඳුනා ගැනීමට සහ ඒ සදහා ප්‍රතිකාර කිරීමට පැරණි ආකල්ප බැහැර කළ යුතු බවයි.

    කැනඩාවේ පර්යේෂණ හා ප්‍රතිපත්ති අධ්‍යක්‍ෂක සහ මාර්ගෝපදේශයේ කතුවරයකු වන සිමෙනා රමෝස්-සලාස් පැවසුවේ ‘බොහෝ වෛද්‍යවරු තරබාරු රෝගීන්ට වෙනස් ලෙස සැලකීම් කරන බවයි‘

    ‘ එමඟින් සිදුවන්නේ තරබාරු රෝගීන් අසහනයට හා කළකිරීමට පත්වීමයි. එවිට ඔවුන්ගේ බර අඩුවීම කෙසේ වෙතත් වඩාත් අහිතකර, නරක ප්‍රතිඵල නම් හිමිවිය හැකියි‘ ඇය පවසයි.

    “බර නැඹුරුව යනු තරබාරුකම පිළිබඳ වැරදි දේ විශ්වාස කිරීම පමණක් නොවේ,” ඇය බීබීසීයට පැවසුවාය. 

    “බර නැඹුරුව ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ හැසිරීමට බලපායි.”

    කැනඩාවේ පසුගිය දශක තුන තුළ තරබාරුකම තුන් ගුණයකින් වැඩි වී ඇති අතර නවතම සංඛ්‍යාලේඛනවලට අනුව කැනේඩියානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු තරබාරු ය.

    2006 සිට මෙම මාර්ගෝපදේශය යාවත්කාලීන කර නොමැති අතර එය යාවත්කාලීන කරනු ලැබුවේ වසර 14කට පසුවය.

    ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index (BMI) සහ ඉණ වට ප්‍රමාණය වැනි රෝග විනිශ්චය නිර්ණායක භාවිතා කිරීම නවතම උපදෙස් තවමත් නිර්දේශ කළද, එය ඔවුන්ගේ සායනික සීමාවන් පිළිගන්නා අතර බර පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව වෛද්‍යවරුන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පවසයි.

    3-5% ක් පමණ බර අඩු කිරීම සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට හේතු විය හැකි අතර තරබාරු පුද්ගලයෙකුගේ “හොඳම බර – best weight ” BMI අනුව ඔවුන්ගේ “පරිපූර්ණ බර -ideal weight ” නොවිය හැකි බව මාර්ගෝපදේශය පවසයි.

    තරබාරුකම යනු ජීවිත කාලය පුරාම කළමණාකරණය අවශ්‍ය වන සංකීර්ණ, නිදන්ගත තත්වයක් බව එය අවධාරණය කරයි.

    “දීර්ඝ කාලයක් තිස්සේ අපි තරබාරුකම යනු ජීවන රටාවේ ප්‍රතිඵලයක් ලෙස සැලකුවා. එය ලැජ්ඡාවට කරුණක් වූ අතර දොස් ඇසීමට ද හේතුවක් වුණා” රමෝස්-සලාස් මහත්මිය පවසයි.

    “තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින්ට වෙනත් නිදන්ගත රෝග සමඟ ජීවත් වන අය මෙන් සහයෝගය අවශ්‍ය වේ.” ඇය අවධාරණය කළා.

    නමුත් රෝගීන්ට “අඩුවෙන් ආහාර ගන්න, වැඩිපුර ගමන් කරන්න” යනුවෙන් උපදෙස් දෙනවා වෙනුවට, මනෝ චිකිත්සාව, ඖෂධ සහ ආමාශයික බයිපාස් සැත්කම් වැනි බාර්ආට්‍රික් සැත්කම් (Bariatric surgery) සඳහා ආධාර සැපයීමට මාර්ගෝපදේශය මගින් වෛද්‍යවරුන් දිරිමත් කරන අතර සම්මත බර අඩු කර ගැනීමේ උපදෙස් සම්පූර්ණයෙන්ම ඉවත් නොකරයි.

    “ශරීරයේ ප්‍රමාණය හෝ සංයුතිය නොසලකා සියලු පුද්ගලයින්ට සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් හා නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් ප්‍රයෝජන ලැබෙනු ඇත‘ එය වැඩි දුරටත් පවසයි.

    කෙසේ වෙතත්, බර අඩු කර ගැනීම බොහෝ විට දුෂ්කර බව එහි සඳහන් වන්නේ තරබාරු පුද්ගලයින්ට නිතර නිතර ඇති වන දැඩි කුසගින්න (මෙය මොළය විසින් ඇතිකරන කෘත්‍රීම තත්ත්වයකි) මිනිසුන් වැඩිපුර ආහාර ගැනීමට උනන්දු කරවන බැවිනි.

    බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ අඩු කැලරි ප්‍රමාණයක් සහිත ආහාර වේලක් ගන්නා අය බොහෝ විට වෙනත් ක්‍රම මගින් එය නැවත ලබා ගන්නා බවයි.

    “ආහාර වැඩ කරන්නේ නැහැ” රමෝස්-සලාස් මහත්මිය පවසයි.

    ‘රෝගියෙකුගේ බර ගැන සාකච්ඡා කිරීමේදී ඔහු දෛනිකව ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණය අඩු කරන ලෙස පැවසීම වෙනුවට ඔවුන්ට වැදගත් වන සෞඛ්‍ය ඉලක්ක කෙරෙහි අවධානය යොමු කිරීමට වෛද්‍යවරුන් පියවර ගත යුතුය‘ යනුවෙන් රමෝස්-සලාස් මහත්මිය වැඩි දුරටත් සදහන් කරයි.

    2020 අගෝස්තු 04 වැනි දින බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ‘ස්ත්‍රී කොන්ඩම්’ ගැන ඔබ දැනගත යුතු වැදගත්ම කරුණු මෙන්න !

    ‘ස්ත්‍රී කොන්ඩම්’ ගැන ඔබ දැනගත යුතු වැදගත්ම කරුණු මෙන්න !

    ශ්‍රී ලංකාවේ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය, නැතහොත් සැලසුම් රහිත ගැබ් ගැනීම් බව සොයා ගෙන තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ‘පවුල් සැලසුම් ක්‍රම‘ කෙරෙහි අවධානය යොමු නොකිරීම හා විධිමත් පවුල් සැලසුම් ක්‍රම අනුගමනය නොකිරීම බවයි වෛද්‍යවරු පවසන්නේ.

    අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගත හැකි ක්‍රම කිහිපයක් ගැන ඔබ ඔබට මීට පෙර ලිපි මගින් කරුණු ඉදිරිපත් කළා. මෙහිදී අප ඔබගේ අවධානය යොමු කරන්නේ තවත් සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක් වන ‘ස්ත්‍රී කොන්ඩම්‘ පිළිබදවයි.

    ස්ත්‍රී කොන්ඩමයක් යනු කුමක් ද?
    කොන්ඩමයක් යනු රබර් හෝ ලේටෙක්ස් වලින් සාදන ලද කොපුවකි.

    මෙය ක්‍රියා කරන්නේ කෙසේ ද?
    මෙය ශුක්‍රාණු (පුරුෂ ධාතු)ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ඇතුල්වීම වලක්වන බාධකයක් ලෙස ක්‍රියා කරයි.

    මෙහි ඇති ප්‍රයෝජන මොනවා ද?
    ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාව සලසයි.
    පසු කාලීනව ඔබගේ සරු බවට කිසිදු බලපෑමක් ඇති නොකරයි.

    භාවිත කරන අන්දම
    ස්ත්‍රී කොන්ඩමය දෙපස නැවෙන සුලු වළලු 2ක් පවතී.
    කුඩා වලල්ල -මෙය ‍ෙ‍කාන්ඩමයේ වැසුනු අන්තයේ පවතී.යෝනි මාර්ගයට ඇතුල් කරන කොටසේ කෙලවරෙහි පිහිටන මෙය ගැබ්ගෙල වටා රැදි සිටියි.
    විශාල වලල්ල -මෙය යෝනි මාර්ගයෙන් පිටත රැදි සිටියි.

    සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • සුපිරි බොලිවුඩ් තරුව ‘කයාරා අද්වානිගේ ‘අලුත්ම ලෙහෙන්ගා විලාසිතා එකුතුව මෙන්න !

    සුපිරි බොලිවුඩ් තරුව ‘කයාරා අද්වානිගේ ‘අලුත්ම ලෙහෙන්ගා විලාසිතා එකුතුව මෙන්න !

    ඇය සතු වඩාත්ම ප්‍රියජනක මුහුණ සහ සිග් වසඟ කරන සුන්දර සිනහව නිසා ක්ෂණිකව ඔබ ඇයට කැමති වනු ඇත. කයාරා අද්වානි Kiara Advani යනු බොලිවුඩ් පෙම්වතියකි. ඇය ඉතා වේගවත් ආරම්භයක් ලබා ඇත.

    Lust stories, Kabir Singh, Good Newwz, Guiltyයන චිත්‍රපටවල ඇයගේ රංගනය තුළින් ඇයගේ දක්ෂතාවය සනාථ විය. 

    කයාරාට විලාසිතා පිළිබදව ද නිරවුල් අවබෝධයක් ඇත. එනිසාම ඇය අනුකරණය කිරීම ඉන්දීය යෞවනියන්ගේ සිහිනයක් වී ඇත.  එය දෛනික ගමන් බිමන් වල සිට මංගල්‍ය අවස්ථා, උත්සව පමණක් නොව විනෝද සවාරි සදහා ද එකසේ අදාළ බව කාගෙත් පිළිගැනීමයි.

    කයාරා නිතර නිතර සැරසී සිටින ඉන්දීය අනන්‍යතාව විදහා දක්වන ස්වදේශීය විලාසිතා (ලෙහෙන්ගා, සාරි වැනි) ගැන බොලිවුඩයේ පමණක් නොව සමස්ත ඉන්දියාවේ ද ඇත්තේ දැඩි අවධානයකි.

    පසුගිය ජූලි 31 වැනිදා කයාරා තමාගේ 28 වැනි උපන්දිනය ද සැමරුවාය. මේ සුන්දර… ප්‍රීතිමත් සහ මිත්‍රශීලී යෞවනියගේ උපන් දිනය වෙනුවෙන් අපට ලබාදිය හැකි අගනාම ත්‍යාගය වන්නේ ඇයගේ මිලියන සංඛ්‍යාත අනුගාමිකාවන්ට ද අනුගමනය කිරීම සදහා කරායා සැරසුණු හොදම ethnic wear ඔබ වෙත තිළිණ කිරීමයි.

    ඉන්දීය යෞවනියන්ගේ සිහින වන මෙම විලාසිතා ලංකාවේ ඔබටත් කොපමණ සුන්දර දැයි දැන් සොයා බලන්න…

    කයාරා අද්වානි
    කයාරා අද්වානි
    කයාරා අද්වානි
    කයාරා අද්වානි
    කයාරා අද්වානි
    කයාරා අද්වානි
    කයාරා අද්වානි
    කයාරා අද්වානි
    කයාරා අද්වානි
    කයාරා අද්වානි
    කයාරා අද්වානි
    කයාරා අද්වානි
    කයාරා අද්වානි
    කයාරා අද්වානි
    කයාරා අද්වානි
    කයාරා අද්වානි

    Filmfare ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි